.

.

Mar 13, 2024

ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ.

 



ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕

අවුරුදු 17ක් එක දිගට විපක්ෂයේ සිට,තම නායිකාව වන සිරිමාවෝ මැතිනියවත් රැකගෙන 1994 දි තම පක්ෂයයෙන් රටේ නායකයව බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබූ ඉවසීම UNP මන්ත්‍රීවරුන්ට තිබුනි නම් අද UNP පාක්ෂිකයින් මේ තරම් අසරණ වන්නේ නැත. 

ඒ ඉවසීමෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණය කොතෙක්ද යත් 1994 සිට මේ දක්වා මේ රටේ ජනාධිපතිවරයා බිහිවී ඇත්තේ ශ්‍රී.ල.නි.ප හෝ ඔවුන්ගෙන් බිඳුනු පාර්ශවයෙන් පමණි. එය රනිල් වෙත ලැබුනේ දෛවයේ සරදමකිනි.

නායිකාව ගේ පුතා පක්ෂය හැර යද්දී පමණක් නොව ඉන්පසු චන්ද්‍රිකා ගේ අපමණ කෙනෙහිලිකම් ඉවසා පක්ෂය හැර නොයා සිටි මහින්ද රාජපක්ෂ චරිතයෙන් සජිත් ප්‍රේමදාස ඉගෙන ගත යුතු දේ බොහෝය.

UNP ය ඉතිහාසයේ කිසිම දිනක අවුරුදු 17 ක් එක දිගට විපක්ෂයේ සිට නැත. 1994 දී පැරදුනු එය අවුරුදු 7කින් පසු 2001 දී නැවත බලය ලබා ගත්තේය. නැවතත් 2004 දී පැරදී අවුරුදු 11කින් පසු නැවත 2015 දී බලය ලබා ගත්තේය. නමුත් විධායකය තිනුනේ ශ්‍රීලනිපයේ ලේකම් ළඟය.

ඉතින් UNP ට මෙසේ වෙන්නට හේතුව කුමක්ද ?
හේතුව නම් එකමුතු කමක් නැති කමයි. එය ආරම්බ වූයේද පියානෝගේ පදවිප්‍රාප්තිය  වෙනුවෙනි. දේශපාලනයේදී කෙටි මාර්ග නැත.පරිනත බව ලබා ගතයුත්තේ කාලයත් සමගය. 1948 පළමු කැබිනට් එකේ මුදල් ඇමති වූ JR රටේ නායකයා වෙන්නේ 1977 දීය. දේශපාලන පරිනත බව නැති නායකයෙක් රටේ නායකයා වුවහොත් රටට වෙන සැන්තෑසිය 2019 සිට 2022 තෙක් අප අත්වින්දෙමු.

UNP එකේ රනිල් නායකයා වූ දින සිට සිටියේ හදිස්සි කාරයන්‍ පමණි. තම නායකයා රැකගෙන එක්ව ගමනක් යනවා වෙනුවට ඔවුන් හැසිරුනේ මම පොර මානසිකත්වයෙනි. ඔවුන්ගේ මේ හැසිරීම නිසා අගාධයට ගියේ පක්ෂය පමණක් නොවේ. රටටද අත්වූයේ එම ඉරණමමය.

අද කාලය ඉස්සර වගේ නොව.ඕනම මන්ත්‍රී කෙනෙක්ට සල්ලි තිබේ නම් රටේ ජනප්‍රිය චරිතයක් විය හැක. ජනප්‍රිය වීම රට පාලනය සඳහා සුදුසුකමක් නොව. එසේ ජනප්‍රිය වූ පසු ඔවුන් සිතනුයේ ඔවුන්ට ඇමතිකමක් ලැබිය යුතු බවයි. 

UNP ය හැර ගිය සියලුම මන්ත්‍රීවරු පක්ෂය හැර ගියේ මෙන්න මේ ඇමති තනතුරක් නොලැබීමෙන්ය.

රටේ පත්කල හැකි ඇමති තනතුරු ගණන ව්‍යවස්ථාව මගින් ම තිහකට සීමා කරපු රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන මෙරට ජනතාව තමන්ගේ පුද්ගලික වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය හැර ගිය හදිසි කාරයන් සමග සිට ගැනීම පුදුමයට කරුණකි .

එහෙත් දැන් ඒ සියල්ලෝම පක්ෂයේ මුල් පුටුවලින් ගැල වීසිවෙමින් සිටිනාතර, ගෝටා විනාශය කරා රැගෙන ගිය වැඩ බැරි ගොඩහෑවුන් හා ගොඩ පෙරකදෝරුවෝ හා ඇපත් නැති පෝට්ටු හාල්පාරුවෝ අගසව් හා පිරිවර ලෙස පත් වී අවසානය.

දිඨ්ඨධම්මවේදනීය කර්මය ඇස් පනා පිට පලදෙමින් තිබීම ස්වභාවධර්මයේ සරදමක් ලෙසදෝයී සිතෙනා තරමට, එය මාර ලොල් සහගත ප්‍රහසනයක් වී අවසානය.

නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී.....

#NK380
.

14 comments:

  1. තෝ අංජනම් දේවිගේ රෙද්ද උස්සල බලල ඇනෝ අල්ලන හෙන රහස් පරීක්ෂක නේද? ඉතින් වරෙන් ඩො පලයන් ඩො කියා කියා ඉන්නේ නැතිව මම කවුද කියල අංජනමක් බලල කියපන්කො

    ReplyDelete
  2. උද්දික පුතාත් ඔය වගේ ගේමක් ගැහුවේ.ඌ දැන් කැනඩා 😀
    මට නම් හිතෙන්නේ මහේසි බේසික දුයි ගොන්ජන් ගොන් මෝලා වගේ උන් දැන් මේ මරන තර්ජන ගගා අවදානේ අරන් නිව්ස් හදාගන්න කරන වැඩක්.

    හරි ප්‍රොසීඩියස් වලට අඩුම වෙලාවකින් නිවැරදිව වැඩේ වෙනවනම් අයියා මල්ලි නෙමේ මොකක් කියල එයාල එයාල කතාකරගත්තත් මොකද? එහෙම කතා කරන එක අපේ කල්ච එකේ කොටසක්. ආසියාවෙ අපිට ටීම් ස්පිරිට් එක හොඳටම දැනෙන්නෙ ඔය විදිහට කතාකරාම. ඒක අපි ඉස්කෝල කැම්පස්වල ඉඳන්ම nurture කරගෙන එන දෙයක්. එහෙම නෑ කියනවනම් ඒ හෙන කල්චරල් කන්ෆ්ලික්ට් එකක අතරමං වුන කෙනෙක් විතරයි. ඔය වගේ පසුබිමක නිකං බොරු ආටෝප එල්ලුව කියල වෙන්නෙ අන්තිමේ එකෙක්ට එකෙක් නැති ටීම් එකක් හැදෙන එක විතරයි.(ඒකෙ ගේන්ස් තියෙනව ඕනෙවට වඩා ටීම් බොන්ඩ් එක භයානකයි වගේ පේන මැනේජ්මන්ට් එකකට නම්😁). ටීම් එකේ ස්මෝකස්ලට ස්මෝකින් රූම්ස් හදල දීල උන්ගෙ එෆිශන්සි එක වැඩිකරගන්නව වගේ තමා ටීම් එකේ උන්ගෙ කල්චරල් කන්ෆ්ලික්ට්ස් අවම කරලත් උන්ගෙ එෆිශන්සි වැඩි කරගත්තැකි. මම ටීම් මෙම්බ කෙනෙක් විදිහට ඒක අත්දැකල තියෙනව. ඒ හින්ද දැන් මැනේජ කෙනෙක් විදිහට ඒක ප්‍රමෝට් කරනව. කස්ටමස්ල විදිහට අපිට වැදගත් වෙන්නෙ අර මුල්ම කිවුව ටික. (ඔන්න කස්ටම කෙනෙක්ට අයියා මල්ලි කිවුව නම් වැරදියි කිවුවැහකි). අපේ වැඩේ වෙනවනම් අනිත් ඕගනයිසේශන්ස් වල මැනේජ්මන්ට් ස්ට්‍රැටජි විචාරය කරන්නැතුව පාඩුවේ යන එක තමා හොඳම.

    ReplyDelete
  3. කොහොමත් ගෝල්පීස් අරගලේ කැටයම් දාපු ගොඩක් අයට මොලේ කොලොප්පන් .😀
    ගොඩක් අය දැන් වටේම යනවා .. ආතල් ගොඩයි ..😀😀

    ReplyDelete
    Replies
    1. රනිල් ලොක්කා සාගලත් එක්ක කලවා සංසර්ගයේ යෙදෙන හැටි බල බලා ස්වයං වින්දනයේ යෙදෙන ඔබතුමා වගේ නිර්වින්දිත පුරවැසියොන්ගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ නෙ කොහොමත්...🤣🤣

      Delete
  4. මේ කියල තියෙන කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ මාතලන්, මාර්තු මාසේ මුල් දවස් දහතුනට වුණ සිදුවීම්.

    අන්තරේට නදුළු ගෑස්, බැටන් ප්‍රහාර 02යි. 😀

    විශ්ව විද්‍යාල අනධ්‍යයන / සෞඛ්‍ය සුළු සේවක /තැපල් ස්ට්‍රයික් 03 යි.😀

    ගුරු,වෘත්තීය සමිති / ඒකාබද්ධ සෞඛ්‍ය සේවා/ විරෝධතා 02යි.🔥🔥

    පාතාලය විසින් කරන ලද ඝාතන 08යි.😪

    පොලීසියට ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කෑම් 01.🤣

    රිය ධාවන අනතුරු 07 මරණ 11 යි තුවාල ලැබීම් 56යි.🔺

    ජනාධිපති,පාර්ලිමේන්තුව ඇමතීම් (පැමිණීම් ) 01යි.🤣🤣

    ක්‍රිකට්,කරගාවලි ජයග්‍රහණ 01යි.🙏🙏

    බැසිල් පැමිණීම් 01🤣🤣

    සජිත්,ප්‍රේමදාස පියෙක් ලෙස නිළ වශයෙන්,වාර්තා කිරීම් 01යි. .❤

    ගරු හරක් කටා සහ කුඩු සලිදු යන මහත්තුරු CID යෙන් බන්ධනාගාර ගතකිරීම් ආරම්භ විය.‼️

    බී ළුණු මිළ රුපියල් 700යේ සීමාවට පැමිණි බව වාර්ථා වීම.👍👍

    යල කන්නයේ අවසානයේ රජය කෘෂිකර්ම ඇමතිගේ දිස්ත්‍රික්කය වන හම්බන්තොටින් රජය වී මිළට ගැනීම ආරම්භ කරන බව දැන්වන විට අනුරාධපඅර පොලොන්නරුව අම්පාර මඩකලපුව වී ගොවියාගේ වී ටික පෞද්ගලික වෙලෙන්දා මිළට ගෙන අවසන් බවට නිළ වශයෙන් වාර්ථා වීම .🤣🤣

    බිත්තරයක මිළ මේ,වසරට නැවත ඉහල යෑමආරම්භ වු බව නිළවශයෙන් වාර්තා වීම සහ රජය පාලන මිළ නම් අමුඩය නැවතත් ගසන බව නිවේදනය වීම.🤣

    ETCA හරහා ලංකාවට කෙලවීම ඇර⁣ෙඔන බවට ජාතික සංවිධාන වේදිකා ගසා ජනතාවට කියන්න ආරම්භ වීම.🇮🇳🇮🇳🇮🇳

    NIBM සරසවියට වෛද්‍ය පීඨයක් එකතු වීමට යොජනා වීම සමග නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ පුවත්පත් සාකජ්චා ආරම්භ වීම.🔥

    රනිල්තුමා ජනාධිපතිවරණයට එන්නට දත කන බව පලමුවරට කුළියාපිටියෙන් රටට තහවුරු වීම ඇරඹීම.

    නිහඩ බව බිදිමින් මට කෙලවුනේ,ඇයි යන්න ගෝඨාභය රාජපක්ෂ කියන්න පටන්,ගැනීම ඇරඹීම. 📍

    වැටුප්,වැඩි,කරගැනීමට එරෙහිව මහ බැංකුට සහ නිළධාරීන්ට එරෙහි සංග්‍රාමය ඇරඹීම.

    දැනට මතක මෙච්චරයි, හැබැයි මේ වෙනකොට අවුරුදු 16-25 අතර වයස් මට්ටමේ ඉන්න ගෑනු ළමයි , පිරිමි ළමයි දෙගොල්ලන්ම යන්නෙ හරි track එකක නෙමෙයි කියන එකයි මගේ මතය...

    පිරිමි ළමයින්ගෙත් දැනුම අඩුයි...

    ගෑනු ළමයි වුණත් එහෙමයි....

    ගෑනු ළමයි ගොඩක් ටික් ටොක් පැත්තට නැඹුරු වෙලා...

    අනවශ්‍ය විදියට photoshoot කරගෙන , ඇග පෙන්නගෙන සමාජ අවධානය ගන්න හදනවා වැඩියි ....

    මේ smart phone එක නිසා ගොඩක් අය යන්නෙ වෙනම පැත්තකට....

    දැන් ගෑනු ළමයින්ගේ මොඩ්ලින් පිස්සුව ගැන Prof. Wasana Maithri හොඳ අදහස් ටිකක් කියල තිබුණා මේ ළඟදි....

    ඇත්තටම කිවුවොත් දැන් ඉන්න කොල්ලො, කෙල්ලො දෙගොල්ලන්ගෙම අඩුපාඩු තියෙනවා....

    ඒ නිසාම ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ව පේන්න බැරි තත්ත්වයක් සහ පිරිමි ළමයින්ට ගෑනු ළමයින්ව පේන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා....

    ReplyDelete
  5. ඉන්දීය මහකොමසාරිස් කපුටු කාක්කා හම්බ වෙලා නේද?

    ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ හමුවී
    ඊයේ දිනය පුරාම පැවැති මෙම දීර්ඝ සාකච්ඡාවලදී ද්විපාර්ශක සබඳතා, දේශපාලන තත්වයන් ඇතුළු වැදගත් කාරණා රාශියක්ම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන දෙපාර්ශ්වය විශේෂ ඉදිරි සැලසුමක් සකස් කරගැනීමට තීරණය කර ඇතැයි ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ජාල වල වාර්තා කර තිබේ. නැවතත් වරින් වර හමුවී ඔහු සමග සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වය විසින්ම එකඟ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වෙත ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක පාල්කී ෂර්මා විසින් වාර්තා කර ඇත.

    ReplyDelete
  6. සල්ලි දීලා කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්

    කකා බිබී නටන අතර – හම්බ කරන් කන නරුමයන්

    පුක ගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්

    පුංචම්මට කෙලපු කරුණ – වරදක් දැයි මට කියන්...!





    මේ පාර මුළු රටම මාලිමාවට !

    ReplyDelete
  7. ඔය හැම දේම තමන් ඉන්න රට අනුව සාපේක්ශයි. හැම රටකම අඩු වැඩි වශයෙන් අසාධාරණය, අවිනීතිය තියෙනව. ඒක අඩුවෙන් තියෙන රටවල (ස්විට්සර්ලන්තේ, තව ෆින්ලන්තේ වගේ ස්කැන්ඩිනේවියානු රටවල) ඉන්න අය හිතනව ලන්කාව, ඉන්දියාව වගේ අසාදාරනය, අවිනීතිය වැඩි රටවල ඉන්න අය පවු කියල, ඒකට දැඩිව ගොදුරු වෙල කියල. පහුගිය 2022 වසරේ ඇමරිකාව යුරෝපය සහ භාරතය විසින් මෙහෙයවූ ලංකාවේ රෙජීම මාරුකිරීමේ අරගලය කාලේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සහ ශ්‍රී ලංකාව ගැන ලංකාවේ තරුණ පිරිස අතර විවිධ මිථ්‍යා කතා තිබුණා.

    ඉන් එකක් තමයි ඇමෙරිකාවේ නම් ජනාධිපතිවරු ඡන්දෙකින් පැරදිලා ගියාම ආයේ දේශපාලනයට එන්නැතුව තමන්ගේ වැඩක් බලාගන්නවා කියන වැල් බයිලාව.

    මේක ගොඩක් සෝෂල්මීඩියා වල ශෙයා වෙච්ච බොරු හෑල්ලක්. ෆාර්ම් එකක වැඩ කරන බිල් ක්ලින්ටන්ගේ ඡායාරූප, කෝෆි එකක් බොන ඔබාමාගේ ෆොටො එහෙම ශෙයා වුණා.

    හැබැයි ඇමෙරිකාවේ ඇත්තටම එහෙම දේශපාලනයෙන් සමුගන්න චරිත ලොවෙත් නැහැ.

    හිටපු ජනාධිපති බරක් ඔබාමා මේ වෙද්දි තමන්ගේ බිරිඳ මිශෙල්ව තම ඩිමොක්රටික පක්‍ෂ නායකත්වයට පත් කරන්නට දේශපාලනයට ගේන්න මාර ගේමක් දීලා පුදුම කට්ටක් කනවා.

    බිල් ක්ලිංටන් තමන්ගේ බිරිඳ හිලරි ක්ලිංටන් ජනාධිපතිවරණයට දැම්මා. ඒ ගෑනි කැතට පැරදුණා. ඒත් ඇරියේ නෑ ක්ලින්ටන් ආයේ සෑහෙන නටලා ඉන්පසුව ඇය රටේ ඉහළම තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුරට ගෙනාවා.

    ඒ විතරක් නෙවෙයි, ඡන්දෙන් පැරදිලා ගියපු හිටපු ජනාධිපති ට්‍රම්ප් ඊළග ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා බවට පත් වෙලා ඉවරයි.

    ඔහුව තෝරාගත්තෙත් බහුතර ඇමෙරිකානු ජනතාවමයි.

    ට්‍රම්ප්වත්, ඔබාමාවත් පැරදිලා හෝ තමන්ගේ ධූර කාල ඉවර වෙලා දේශපාලනයෙන් සමුගත්තේ නැහැ.

    අනෙක් අතට රටක් පාලනය කළ යුත්තේ තරුණයෙක් යැයි අරගලය කාලේ බොරු මතයක් හැදුවා.

    වෙන රටවල නම් එහෙමයි වගේ බොරු කතාවක් එතන තිබුණා.

    මේ වෙද්දි 2024 නොවෙම්බර් මාසෙ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරාගෙන ඉවරයි.

    පාලක ඩිමොක්‍රටික් පක්ෂයෙන් වත්මන් ජනපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙනවා.

    ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ජෝ බයිඩන් ගේ වයස අවුරුදු 82 යි. ඔහු දැනටමත් බොහෝ ශාරීරික අපහසුතා තිබෙන පණ පිටින් සිටින මළසිරුරක් වගේ ඉතාම වයස්ගත අබල දුබල මුත්තා කෙනෙක් වුණත් ඒ සියල්ල අමතක කර ඔහුගේ වහල් අනුගාමිකයන් වන ඩිමොක්රටික පාක්ෂිකයන් ජනපතිවරණයට තෝරාගත්තේ ඔහු වගේ මළ හොල්මනක්.

    ඔහු දින්නොත් වයස අවුරුදු 86 දීත් ඔහු ජනාධිපති.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වයස අවුරුදු 78යි. ඔහු දින්නොත් වයස අවුරුදු 82 දීත් ඔහු ජනාධිපති.

    J.R ජයවර්ධනගෙන් පසුව වයස අවුරුදු 75 ඉක්මවූ පාලකයෙක් ශ්‍රී ලංකාවේ ජනපති ධූරයේ කිසිදා සිට නැහැ. රනිල්ට මේ වසරේදී 74 ක් ලබන අතර ඔහුයි දෙවෙනියා ලංකාවේ වයසක ජනපතිවරුන්ගෙන්

    එහෙම බැලුවම ශ්‍රී ලංකාව ඇමෙරිකාව මෙන් දියුණු නොවීමට හේතුව වයස සමග ඉතාම පරිණත මිනිසුන් බලයට පත් නොකිරීම යැයිද අපිට තර්ක කළ හැකියි නේද?

    ReplyDelete
  8. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වලට සම්බන්ධවන අයට ටූටන් කාමන් සාපය වගේ එකක් වදිනවා.
    උද්දික, දමිතා එහි බිල්ලක්

    ReplyDelete
    Replies
    1. අප පිලිගැනීමට අකමැති වුවද.... ලාංකීය ථේරවාදී බුදු දහම තුලද කුහක දේශපාලනය අතු පතර විහිදා වැඩී අවසානය.

      ගමේ..., යූ ඇන් පී පන්සල් ශ්‍රී ලංකා පන්සල් කියා..., දායකයින් විසින් හැඳින්වූ පන්සල් මෙන්ම නායක හාමුදුරුවරුන්ද වැඩ සිටියත්... භික්ෂූන්ගේ දේශපාලන තුල අංඟම්පොර ඇල්ලීමට පටන් ගන්නේ 1956 දී රට අගාදයට ඇද දැමූ සඟ වෙද ගුරු ගොවි කම්කරු විප්ලවයත් සමඟය.

      එහිදි භික්ෂුන්ගේ පදයට පිටුපා ක්‍රියා කළ බන්ඩාරනායක මරා දමන්නේද..., එම බලවේගයේම භික්ෂුවක් වීම මාර ලොල් සහගතය. ආගමික සංස්ථාවට අවශ්‍ය වූයේ තමන්ගේ විධානයන්ට අනුව ක්‍රියාකරනා රූකඩ පාලකයෙකි.

      බලයට පැමිනීමට ආගම විකුණාගෙන කෑ එකා..., එම බලවේගයකින්ම මිය ගියද "එම පක්ෂයට" අදාල පිරිස භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකිරීමේ පාපය අදටද ගෙවමින් සිටී.

      චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංග කාළයේදි..., ඇයත් ජේ ආර් මෙන්ම භික්ෂූන් දේශපාලනයෙන් ඈත් කර තැබූවද...,

      ඔවුන් නැවතත් කරලියට එන්නේ..., චන්ද්‍රිකා පාලනය තුලදීම..., මහින්ද රාජපක්ෂයන් හට ජනරංජන මනරංජන උපාසක පට්ටම් ලබා දී...,

      තමුසේ නැති උනාට අපිට එකෙක් ඉස්සරහට ඉන්නවා හලෝ..., ලෙස චන්ද්‍රිකාටද පෙන්වමිනි. එහෙත් එකම චරිත හා ගතිගුණ ඇති චන්ද්‍රිකාවෝ විස්කි මැඩම් වී බෞද්ධයන්ගේ පිලිකුලට ලක්වෙමින් චෞර රැජිණක් වන අතරේ...., මහින්ද මහත්තයා බෞද්ධයන්ගේ මහා උපාසක වන්නේ අපූරු ලෙසය.

      පුෂ්පකුමාර (රණසිංහ ප්‍රේමදාස.) තියරිය අනුව යමින් අරලිය ගහ මන්දීරයේ සෑම පෝයකම මහින්ද හා ඔහුගේ ගෝලබාලයෝ බණ අසන්නේ බයියන් යනු ඇන්දිය හැකි නොම්මර එකේ මෝඩයින් බව දන්නා නිසාවෙන්මය.

      Delete
    2. අපේ පැත්තේ හාමුදුරු කෙනෙක් කිව්වලු අපට සිවු පසේ නම් ලැබෙනවා හොදට දෙනවනං උපාසක අම්මේ එක දානයයි අඩු කියලා

      Delete
  9. දිවංගත බණ්ඩාරනායක

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇට දෙක. ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ලංකට් එක.
    රසික සුරියආරච්චි මැතිතුමාගේ පුක.
    මාතලන්ගේ පෑන්ටිය.

    ReplyDelete
  10. ලංකාවට තරම් විදුලිය කපන තෙල් නැති පරණ වාහන දුවන ලංකාවට වැඩිය කුජීත පහසුව නැති රටක් වෙන කියුබාවටත් ලංකාවට වැඩිය සංචාරකයෝ යනවා, ඒත් ලංකාවට ගිය වසරේ මිලියන දෙකයි, ඇත්තටම ලංකාවට හරි හමං tourists ල එන්නැති ලොකුම හේතුවක් කිසි කොලිටියක්, සැප පහසුවක්, කාල කළමනාකරණයක් නැති පොදු ප්‍රවාහනය නේද මාතලන්

    දැන් ලංකාවට වැඩිපුර එන්නේ කුණු කොල්ලෙට බස් කෝච්චිවල යන්න පුළුවන් හන්දා කට්ට කාගෙන ලාභ ප්‍රවාහනේ වාසිය ගන්න යන අඩු ආර්ථික මට්ටම්වල අය, ඔලු ගෙඩි ගාන විතරයි!

    2023 සංචාරකයෝ 2 million ඒම නටන්න දෙයක් නෑ, 2018 ත් 2.5 ආව. අනික ආසියාතික රටවල් පවා ගිය අවුරුද්දේ පට්ට ග්‍රෝත් එකක් ගත්තා. පුංචි සිංගප්පූරුවත් 13 million කළා.

    දැන් කියනවා හෝටල් කාමර මදිලු, අනේ මන්දා කොහෙන්ද දන්නෑ මේ දත්ත ගත්තේ. 2018 ත් ලෝං වීක් එන්ඩ් නෙමෙයි නං ලංකාවේ අපිටත් කාමරයක් ගන්න ලේසියෙන් පුළුවන්කම තිබුණා 2.5 M ඇවිල්ලත්. ලංකාවේ තිබ්බ හෝටල් වහලා ගොඩක් උන් රට ගිහින්, ඊලඟට ලංකාවට මදි වෙන්නේ කොලිටි සේවකයෝ. උං රට ගියපු නිසා. අලුතෙන් එන උන්ටත් හරි පුහුණුවක් දෙන්නෙත් නැති නිසා ඒක වර්ධනය වෙන්නේ නෑනේ.

    ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදලා ඒ යටතේ පොදු ප්‍රවාහනය හැදීම රටේ ආර්ථිකයත් ගොඩදායි! බඩ වඩා ගන්න ගේන අර LRT වගේ ඩොලර් බිලියන ගණනක සුදු අලි බහුබූත වැඩකට නැති ප්‍රොජෙක්ට් නම් යෝජනා කරන්න එපා.

    ReplyDelete
  11. දිගට දිගේ අදෝනා හෑලි ලිවීම කලාවක්නම්, ජෙප්පෝ එහි පිකාසෝලා වෙති. 🙈

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න