.

.

Oct 13, 2011

අලි රාළ "අනේ එපෝ" කියයි. - Elephant said "No..!"


මේක බලපු ගමන් හිතයි, මුසම්මිල් මහත්තයා ඇදුන ස්වීප් එකට පයින් ගැහැව්වද්ද කියලා. එහෙම එකක් නොවන නිසා අපේ මව් පාර්ශවයත් මතක් කොරයි. මේවට කියන්නේ මාර්කටින් ට්‍රික්ස්. පුරුදු උනේ, ප්‍රථමයෙන් බ්ලොග් ගුරු වන කශූ ගෙන්. පසුව ඔටාරා නෝනගෙන්. ඒ නිසා තරහ වෙන්නේ නැතුව කියවලම බලන්න. මම හිතන්නේ හිතට අල්ලයි.

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැහැල්ලුනේ. අපේ අය විතරක් නෙමෙයි පිටරට අයත් එනවා හෝ ගාලා පින්නවෙල අලි බලන්න. කැලැවේ ඉන්න අලි බලන්නනම් යන්න ඕන මින්නෙරියේ කැළේ, අලි, අලි රංචුවක් ඉන්නව එහේ. අලියා, බත් වගේම අපේ සංස්කෘතියේ එක අංගයක්නේ. පෙරහරේ යන අලි, කොටන් අදින අලි, පනින අලි. අඬන අලි, නාන අලි, නාකී අලි, වල් අලි, වන අලි, හිඟන අලි ( උඩවළවේ වැට ලඟ ඉන්න අලි ) ආදී වශයෙන්, අලි ගොඩක් අලි වැහි වැහැලා.

එතකොට ඔයාලා දැකලා ඇති සර්කස් වල ඉන්න අලි, අඩුගානේ රූපවතිගේ මැජික් පෙට්ටියෙන් වත්. අලි සයිස් ඔක්කොම ඉවරයි. බල්ලා වගේ කියන ඕක්කොම කරණවා. වටේ දුවනවා, විහිළු කරණවා, ඉස්සරහ කකුල් දෙකෙන් ඉන්නවා, ඉඳගන්නවා, හිටගන්නවා, බෝලේ ගෝල් එකට ගහනවා, ඇත්ගොව්වගේ බඩ උඩ කකුල තියනවා. ඇත්ගොව්වව කටේ දාගන්නවා. පිටේ තියාගන්නවා, පැන පැන යනවා කියන ඕන දෙයක් කරනවා. දෙහිවල සත්තු වත්තට ගියාම මේ සෙල්ලම් ගොඩක් බලන්න පුළුවන්. දියවන්නාවේ අලි නම් මීටත් වඩා වැඩ දානවා. අලි මුදලාලී කියන ඕන දෙයක් කරනවා.

මාතලන්ගේ "බෑන්ක් මැනේජර්" පෝස්ට් එක බලපු ඇත් ගොව්වෙක් කල්පනා කලාලු, ඉක්මනටම ධනවත් වෙන්න අලියත් එක්ක පොඩි සෙල්ලමක් කලොත් හොඳයි කියල. අලියා කකුල් තුනෙන් ඉන්නවා, දෙකෙන් ඉන්නවා, එකෙනුත් තත්පරයක් දෙකක් ඉන්නවා හැබයි කකුල් හතරම උඩ තියාගෙන ඉන්න බෑනේ කීයටවත්... අයිතිකාරයගෙනුත් අවසර අරගෙන දැම්මලු පත්තරේ ඇඩ් එකක්. අරවලින් මේවලින් උස්සන්නේ නැතුව අලියාගේ කකුල් හතරම එකවර පොලොවෙන් උඩට ගන්න ඕන කෙනෙකුට ලස්සයක්ම දෙනවයි කියලා. 

ආරන්චිය ගියාලූ පිටරටවලටත් ඔන්න ඉතින් පිටරටවල ඉන්න සර්කස් කාරයෝ, මැජික් කාරයෝ, ඉන්ද්‍රජාලිකයෝ, මන්තරකාරයෝ එනවලු වැහි වැහැලා එකෙක්ටවත් බැහැලු. ඔක්කෝම පරාදලු. දැන් බෙට් එක තවත් උස්සලලු මිලියනයක්ම කරලලු. ඔන්න අපේ කස්ටියත් එනවලු. ගාල්තැන්නේ ගුරා, ගාල්ලේ රත්තරන්, නාවල සාමී, සෝභිත මහතා, මාතර කට්ටඩි. සෝමා ගුරු මෑනියෝ, සුදර්මා ගුරු මෑනියෝ, ජයශක්ති ගුරුසාමී, පොඩිරත්න වල්ලි, ජිනදාස විල්ලියා, ශාකිලි බිස්වාන්, නීචකුල වශී ගුරුකම් කරන අය, මළයාලී කට්ටඩියෝ විතරක් නෙමෙයි පිටිදූවේ සිරිධම්මත් ආවලු ෂොරි වැඩියලු ඒත් හ්ම්ම් එකෙක්ටවත් බැහැලු.

ආවලු අපේ බෑන්ක් කස්ටමර්, වැඩි කරගත්තලු බෙට් එක මිලීයන දහයකට. ඇග්‍රීඩ්ලූ. දැන් කස්ටිය වට වෙලාලූ සූ ගාලලු.  පොර හෙමිහිට අලියගේ වටේ යනවලු. වට දෙක තුනක් ගියාලූ. වලිගේ ගාව නැවතුනාලූ. හොඳට දකුණු අත කරකවලා කරකවලා දුන්නලු අලියගේ ඇටේට, අලිය උඩලු, පොර දිණුම්ලූ. සල්ලිත් අරන් පොර ගියාලූ.

දිනපූ ඒවයින් සෑහෙන ගානක් ගිය නිසා අලියගේ කස්ටියට අප්ෂෙට්ලූ. ඇත් ගොව්වත් එක්ක කතා වෙලා අලියට කොරන්න බැරි දෙයක් හොයාගෙන බෙට් එකක් අල්ලමු කිව්වලු. ඇත් ගොව්වට ආවලු අයිඩියා එක අලියා සිරස් අතට ඔලුව උඩ පහළ කලාට තිරස් අතට ඇඟ හොල්ලන්නේ නැතුව ඔලුව වැනිලි බොරුලු. දැම්මලු පත්තරේ ඇඩ් එක. අර සෙට් එකම ආයෙත් ආවලු. ඔක්කොම චොරලු. නෝන්ඩිලු. ආවලු අපේ බෑන්ක් කස්ටමර්. වැඩි කලාලු බෙට් එක. ඇග්‍රීඩ්ලූ.

ආවලු දවස සෙනග සූ ගාලලු. කැමරාකාරයෝ, පත්තරකාරයෝ, ටී වී කාරයෝ, රේඩියෝ කාරයෝ විතරක් නෙමෙයි බ්ලොග්කාරයොත් වැහි වැහැලලු. පොර දැක්කා විතරයිලූ අලියා උඩ ගියාලූ, මයිල් කෙලින් උනාලූ. දැන් අලියා වෙව්ලනවලු. පොර එදා වගේම හෙමිහිට වටේට යනවලු. වට තුනක් හතරක් ගියාලූ, ඔලුව ගාව නැවතුනාලූ, කන ඉස්සුවාලූ, අර එදා කරපු දේ අදත් කරන්නද කියල ඇහුවලු, අලියා දෙපැත්තට ඔලුව වැනුවලු, "අනේ එපෝ" කිව්වලු, කුංච නාදයක් දීපූ අලියා පැත්ත පලාතෙවත් නොයිද පැනලා දිව්වලු.

සටහන - පරිවර්ථනයක්, අපිට ඕන විදියට ලිව්වා.....

40 comments:

  1. මම නම් මේක අහල තියෙන්නෙ වෙන ක්‍රමේකට මාතලන් අයිය.. ඒක ප්‍රසිද්ධියෙ දාන්න නම් බෑ... ;)

    ReplyDelete
  2. @ සාතන්
    එහෙම් ගෙඩිය පිටින් දාන්න බෑනේ බන්... දැක්කනේ ඔබා මාමා එකක් දාලා අයින් කලා..

    ReplyDelete
  3. අපොයි අලියා!

    ReplyDelete
  4. මෙන්න මගෙන් අලි කතාවක්.

    අලින්ට ආස පොරකට ඕනෑ වුනා අලි පැටියක් ගන්න. දවසක් බ්‍රෝකර් කෙනෙක් කිව්වා හොඳ ගාණකට අලි බිත්තරයක් නං අරං දෙන්නං හැබැයි තමන්ම රකින්න ඕනෑ කියලා පැය පහ හයක් එක දිගටම.

    පනස් දාහක් දීලා ගත්තා බිත්තරේ.

    මේක රකින්න ඕනෑ සේරම ඇඳුම් ගලෝලා බිත්තරේ උඩ ඉඳගෙනයි, අර කෙකර ගාන රකින කිකිළි වගේ!

    පොර කලේ ළමයින්වයි, වයිෆ්වයි කඩේ යවලා බිත්තරේ ඒ විදියට රකින්න ගත්තා. හැබැයි කට්ටිය කලින්ම ගෙදර ආවා.

    තාත්තා කාමරේ බිත්තරේ රකිනවා.

    පුතා දුවගෙන ආවා කාමරේට.

    අනේ තාත්තේ ඔයි මොකද කරන්නේ?

    පුතා, කෑ ගාන්ණ එපා මං මේ අලි බිත්තරයක් රකිනවා පැටියෙක් ගන්න.

    කොල්ලා හොඳට බැලුවා.

    ආන්න තාත්තේ පැටියා ගේ හොඬවැල එලියට ඇවිල්ලා!

    එදා රාත්‍රියේ වයිෆ් හීනයක් දැක්කා කළු ඇත් පැටියෙක් දුඹුරු නෙළුම්මලක් අරගෙන.....

    ReplyDelete
  5. අලින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අලි අතවර!!!! :( :( :( :O :O :O :O

    ReplyDelete
  6. අනේ දෙයියනේ අලියා....

    ReplyDelete
  7. උඹේ පෝස්ට් එක සුන්නත් කරල හින්ද ගතිය මදි. ඒටකත් එක්ක කකාගෙ එක. උපරිමයි!

    ReplyDelete
  8. මගේ කතාව!
    අලියෙක් ඉන්නවලු!මු හිනාවෙන්නෙම නෑ ලු!පස්සේ කස්ටිය බැලුවලු කරන්නම දෙයක් නැති තැන පත්තරේ දැම්මලු ඇඩ් එකක් අලියව හිනැස්සුවොත් ලක්ශ 10ක් දෙනව කියල..නානාවිද ජෝකර්ලා ආවලු!වැඩේ හරියන්නෙ නැල්ලු!
    පස්සෙ බාවා අවලු!
    ඇවිත් කනට කරල අලියට මොනද කිව්වලු!අලිය උඩ පැන පැන හිනා වෙනවලු!නිකන් ඉන්න වෙලාවටත් හිත හිත හිනා වෙනවලු!
    දැන් මේක හරියන්නෙත් නැති නිසා ආයි පත්තරේ ඇඩ් දාල බැලුවලු එකෙක්ට වත් නවත්තගන්න බැරිලු මුගේ හිනාව!ආයි බාව අවලු!ඇවිත් කලිසම බුරුල් කරල ගැජමැටික්ස් එක පෙන්නුවලු!අලිය මෙන්න හූ තිය තිය අඬනවලු!
    පස්සෙ සංවිධායක මංඩලේ ඩයල් එකක් ඇහුවලු මොනාද උඹ කිව්වෙ කියල!
    බාව කිව්වලු අලියව හිනස්සන්න මං කිව්ව උඹේ එකට වඩා මගේ එක ලොකුයි කියල!ඒ පාර තම උ හිනා වෙන්න ගත්තෙ!
    අද ඉතින් මං ඒක පෙන්නුවා!ඒ පාර තමා ඌ අඬන්නේ කියල!

    ReplyDelete
  9. අපොයි අලියට උන දෙයක්..

    "දියවන්නාවේ අලි නම් මීටත් වඩා වැඩ දානවා" ඒකනම් නියම කතාව...:)

    ReplyDelete
  10. ඌ මාර අලියෙක්නේ අයියේ....

    ReplyDelete
  11. මාතලන් සොරි වෙන්න ඕනෙ. දැන් ඔය පිටිදූවේ උන්නාන්සේ නැහැ නොවැ චුත වෙලා. දැන් ඉන්නේ සමන්තභද්‍ර උන්නාන්සේ. ගනින්නාන්සෙ නෙමේ ඈ.

    අලියට අර මිරිකපු එක තිබ්බද මට නම් සැකයි මේ වෙන දේවල හැටියට.

    ReplyDelete
  12. අම්මප ඕයි බයිට් එකකටවත් කියල දාන්න අලි කතාවක් ඉතුරු කරල නෑනෙ මේ යක්කුටික මට

    ReplyDelete
  13. @ කතන්දර
    ඉතිං..... ඊට පස්සේ....!!!
    විජේගේ කතාවත් මතක් උනා....

    ReplyDelete
  14. @ තනි අලියා
    ඒකනේ බලන්නකෝ මහ "වන" කොල්ළො මුන්...

    ReplyDelete
  15. @ දිල්
    අද කාළේ අලින්ට වෙන ඒවල හැටියට ඕවා සුළු දේවල්...

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත
    ගෙඩිය පිටින් අත අරින්න බෑ නේ. ස්වයං වාරණයක් දාගෙන කොරන්නේ..

    ReplyDelete
  17. @ දිනේෂ්
    අලි කෙළියනේ....?

    ReplyDelete
  18. @ ප්‍රසන්න
    මමත් ඉස්සරනම් විශ්වාස කොලේ නෑ.. නමුත් අදත්....

    ReplyDelete
  19. @ වෙද මහත්තයා
    මට මැරෙන්න හිනා ඒ කතාවට.. අම්මප හැබෑව...

    ReplyDelete
  20. @ ඕනයා
    ඇයි බන් ලියහන්කෝ. "ඔයාට සිදුනයි රත්තරන් කතාව....'

    ReplyDelete
  21. @ විසිතුරු
    මාර දුකයි තමයි, ඒ වගේද සල්ලි...

    ReplyDelete
  22. කවුද ඩෝ මෙතන අලි ?

    ReplyDelete
  23. අලිනම් මතක් කරන්න එපා බුදු මාතලන් අලි එපා

    ReplyDelete
  24. මෙන්න මගෙනුත් අලි හා සම්බන්ද කතාවක්...

    මිනිහෙක් ඉදියලු.. මිනිහ මිනිහගෙ පවුද්ගලික අවයව ගැන සෑහිමකට පත් වෙලා නෑලු.. දවසක් ඩොකෙක් ගාවට ගිහින් කිවුවලු දොස්තර මහතයෝ ගෑනි කියනව දැනෙන්නෙවත් නෑ කියල.. වස ලැජාව මොනවහරි කරල දෙන්න් කියල..

    ඩොකා කිවුවලු එකක බද්ද කරමු කියල..

    මිනිහ කැමති උනාලු

    එක එක සයිස් එකේ ඩමි පෙන්නුවලු මිනිහට ඒක මදිලු...

    අන්තිමට ඩොකා මැරිච්ච අලි පැටියෙක්ගෙ හොඩ වැලක් පෙන්නුවලු මිනිහ ඒකට කැමති උනාලු

    වැඩේ උනායින් පස්සෙ පේශන්ට් ගෙ තත්වෙ බලන්න ඩොකා ගත්තලු කෝල් එකක.. අරගෙන අහුවලු මෙහෙමම

    " ආ කොහොමද... වැඩේ හරි නේ.. මොකද පවුල කියන්නෙ.. "

    " කියල වැඩක නෑ දොස්තර මහතයො පවුල මාර සතුටුයි..හැබැයි පොඩි ප්‍රස්නයක් තියෙනවනෙ..."

    " ඈ වෙන්න බෑ... ඒ මොකක්ද ??"

    "වෙන්න බැරි මොකද දොස්තර මහත්තයෝ.. පාරෙ යන්න බෑ.. ගස් වල කොල කඩල පුකේ ගහගන්නවනෙ..... "

    @!#$%^%&*(&ඨ්^^%$%$#@%^&

    ReplyDelete
  25. @පොඩි මෑන්:
    ඔයා ඔය කියන්නෙ 1981දි ලංකාවෙ ටාසන්, ද ඒප් මෑන් ‍ෆිල්ම් එකේ රඟපාන්න ආපු වෙලාවෙ ටාසන්ට වෙච්චි ඇබැද්දියක් . . . . (උඩවත්ත කැලේ වැල් අප්‍රිකාවෙ වනාන්තරවල වැල් තරං හයිය නැති විත්තියක් ටාසන් දැනං හිටියෙ නැද්ද කොහෙද)

    ReplyDelete
  26. මාතලන් ගේ අලි කථාව ද රසවත්ය... කමෙන්ට් ටිකේ ඇති අලි කථා ටික ඊටත් හොඳය ...!

    ReplyDelete
  27. මාතලන්, අලින්ගෙ ඔය අස්ථි පේන්න තියෙනව කියල ඇහුවමය්....හික්Z
    හරි.....හරි......ඔරිජිනල් කතාවෙ තියෙන්නෙ වෙන විදියකටනෙ

    ReplyDelete
  28. අපට ෂෑහෙන්න පරිස්සං වෙන්න වෙනව නේ! :(

    ReplyDelete
  29. අලින්ගේ මොකෝ අපේ මොකෝ....

    @ඕනයා
    Tarzan the Ape Man රගපාන්න ආපු බෝ ඩෙරෙක් නිසා උඩවත්ත කැලේ සත්තුත් හරියට නරක්උනාළු...

    ReplyDelete
  30. ලිපියත් මරු.. කමෙන්ට් ටිකත් මරු....

    ReplyDelete
  31. ඇම්ඩා මල කතාව මතක් වෙනෝ.....

    ReplyDelete
  32. @ සඳරූ
    ඇයි බන් ඒ එච්චරටම එපා වෙලයි...?

    ReplyDelete
  33. @ පොඩි මෑන්
    මමත් අහල තිබුනට නියමෙට ලියල තියෙනවා...
    මැ.හි.

    ReplyDelete
  34. @ චතුරංග පෙරේරා
    ඔක්කොම වෙනුවෙන් තෑන්කූ

    ReplyDelete
  35. @ ඔබා
    මේකනේ මචෝ. පොඩි උනුත් බලනවනේ...

    ReplyDelete
  36. @ තිසර
    ඒකට පස්සෙලුනේ ඔය වන අලි වල් උනේ..
    දැන්නම් ආයෙත් හරි හරක් හොරාට පින් සිද්ධ වෙන්න..

    ReplyDelete
  37. @ පිස්සා පළාමල්ල
    ස්තූතියි...අලි ගොඩක්

    ReplyDelete
  38. @ ගීතීක දිල්.රුක්
    ලියල අපිටත් කියහන් කොලුවෝ..

    ReplyDelete
  39. @ඔබ්සර්වර්:
    //Observer said...
    මාතලන්, අලින්ගෙ ඔය "අස්ථි" පේන්න තියෙනව කියල ඇහුවමය්....හික්Z //

    අයිය හිතන්නෙ අයියගෙ වගේ වැඩක් ගන්නෙ නැතුව නිකං තිබිල ඝනීභවනය වෙලා කියලද අලියගෙ . . . .???

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න