.

.

Oct 7, 2011

අළුත්ම ටෙලිය - Now Showing



කාටූන් ගිෆ් එක දිසා ගේ බ්ලොග් එකෙන්.

මේක මගේ වෙන බොගක දැම්මා. ඒකට විසිට්ස් අඩුයි. පොඩි සංස්කරණයකුත් එක්ක විප්ලවවාදීන්ගේ හිත සුව පිණිස මෙහි පළකලා.

හැත්තැ දෙකේ ඇදන් නාපූ
අසූ නමෙ ඉල්ලන්ම කාපු
රතු වන් පස්සයක් තිබෙනවා
පප්පා තහනම් කොරාපූ
වැටි වැටි නැගිටලා ආපු
ඒකට ජේ වී පී එකයි කියනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

මැඩම් එක්ක එකතු වෙතේ
ඒත් වැඩක් බැහැනේ පුතේ
ඇමති කමට පයින් ගහනවා
වලියට වැඩි බරක් ඇතේ
ඒවට විප්ලව කියතේ
කොයි වේලේත් මලත් පනිනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

ළොක්ක ගිවිසුමක් ගසතේ
සප් එක බොක්කෙන්ම දෙතේ
ජාමෙන් ඒ පාර දිනනවා
පඬි කම අඩු වන්නේ නැතේ
සර් ට උගන්නන්න යතේ
පුකට පයින් දීලා අදිනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

එකෙක් පොරක් වී එනකොට
කපල දමයි කුණූ කූඩෙට
සමහර උන් අඬලා පනිනවා
වලියක් යයි දැන් නියමෙට
පොඩි සාකා ඡ්චාවක් හෙමිහිට
ටෙලිය සහෝ නැගලම යනවා

ඒ පක්ෂෙ මිනිස්සූ
තනිකර කෙලින්නේ පිස්සු //

31 comments:

  1. මාතලන් ටත් නිකං ඉන්නම බැහැ, ඇදගෙන නාන්නමය් ඕනෙ.....හික්ස්....

    ReplyDelete
  2. මෙව්වට කමෙන්ට් කරන්නේ කොහොමද ඕයි....

    මේ අයියේ මේක පොඩියට පත්තරේකට ලියලා බලහංකෝ බං. මට නිකංමට හිතෙනවා හෙන ප්‍රතිචාර ගොඩක් හම්බුවෙයි කියලා...

    ReplyDelete
  3. මෙව්වට මොනා කියන්නද ඉතිං...

    ඒ පක්ෂෙ මිනිස්සූ
    තනිකර කෙලින්නේ පිස්සු // :)

    ReplyDelete
  4. @ ඔබා
    නිකම්ම ලියවෙනවා. මොන කරුමයක්ද මන්දා..

    ReplyDelete
  5. @ ප්‍රසන්න86කේ
    ප්‍රතිචාර කෙසේ වෙතත් මරු වැඩක් නම් වෙනවා. නිර්මාණ යොමු කලාම ෆේමස් කස්ටියගේ නමින් වචන වෙනස් කරලා එම අදහසම තියෙන නිර්මාණයක් ඒ සතියෙම පළවෙනවා. ඒවට අරක් ගත්ත බූතයෝ ඉන්නවා වෙනම. බ්ලොග් වගේ මමම පත්තරයක් පටන් ගත්ත දවසට උඹලට මගේ නිර්මාණ රස විඳින්න පුළුවන්.

    ReplyDelete
  6. @ සාතන්
    කොහෙදෑ වහන් උනේ. පෝස්ට් ගොඩකට කොමෙන්ට්ස් තිබුනේ නෑ. පෝස්ට් එකෙනුත් වැඩක් නෑ. නිකන් පරිප්පු නැති හෝටෙල් ඩි පැපොල් වගේ.

    ReplyDelete
  7. කාලීන සිදුවිමි අලලා තවත් ලියන්න සුභ පතනවා

    ReplyDelete
  8. @ සමීර
    තෑන්ක්ස් සහෝ..

    ReplyDelete
  9. @ ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
    :-) (-:

    ReplyDelete
  10. මොනව උනත් ඇත්තම තමයි

    ReplyDelete
  11. අපි මෙව්වා දාලා ගහමු පත්තරයක්..එතකොට ඉතින් මෙයිට වැඩිය දේවලුත් ලියන්න පුළුවන් නේ.. ඊටත් පස්සේ කට්ටියත් එක්කම සුදු වෑන් එකක සවාරියක් යන්නත් ඉතින් බැරිකමක් නැහැ නේ ;)

    ReplyDelete
  12. අද වෙද්දි ලංකාටෲත් හොයාගන්නත් නෑ. රතු පක්ෂය කොයිතරම් පොරටෝක් දුන්නත් ප්‍රශ්නයකදී හැසිරෙන්නේ දෙකේ පන්තියේ ගානට.

    එහෙන් යූඇන්පිය පිස්සු කෙළිනවා.
    අලි මුදලාලිගේ ගෝලයෝ ටිකත් පිස්සු කෙළිනවා.
    දැන් රතු සහෝදරයොත් (කෝලිකුට්ටු සහෝදරයෝ හොදයි වගේ)

    ‍කෙළිමුද අපිත් පිස්සුවක්?

    ReplyDelete
  13. @ ලොකු ජෝන්
    ඒකනේ කියන්නේ..

    ReplyDelete
  14. @ චම්මා
    ඒකනේ ස්වයං වාරණයක් දාගෙන ලියන්නේ.
    අනික මම ඉන්නේ බොස් ඉස් ඕල්වේස් රයිට් කියන ප්‍රතිපත්තියේ.
    මොකෝ අපේ බොස්නේ.
    පේන තෙක් මානෙක වෙන බොසෙක් නෑනේ.

    ReplyDelete
  15. @ තිසර
    මේ කෙලින පිස්සු මදිද බන්...

    ReplyDelete
  16. වෙලාවකට හිතෙනව අර කාලෙකට කලිං ඇට්ටි හැලෙන්න ලියපු ගොයිය වගේ උඹත් අතුරුදන් වෙයි කියල එක පාරම සයිබර් අවකාශෙං

    ReplyDelete
  17. @ ඕනයා
    එව්වා කියන්න බෑ.
    ජීතිතං අනියතං
    මරණං නියතං
    එතකං ජීවිතං
    ජොලියෙන් ගතකරං

    මම ඕමාර් කයියාම් ගේ හොඳ අනුගාමිකයෙක්

    ReplyDelete
  18. @ ඉන්දික දිසානායක
    ප්‍රශ්නයක්..
    පින්තූරෙද..
    කවියද...?
    හෙහ්.... හෙහ්....

    ReplyDelete
  19. අපූරු කවි පෙලක්... ඔන්න සුදු වෑන් එහෙම එයිද දන්නෑ....

    ReplyDelete
  20. @ දිනේශ්
    සුදු වෑන් නෙවෙයි. අයි.ටී.ඇන්. එකට දැනටමත් කැඬ්හ්වීමක් ලැබිලා තියෙන්නේ. බුවා ත් ජොබ් එකක් බලනවයි කිව්වා.

    ReplyDelete
  21. අඩේ මේකත් සිරාවට ලියලා තියෙනවා බන් . . .

    ReplyDelete
  22. @ දුකා
    තෑන්ක්ස් දුකෝ...

    ReplyDelete
  23. මේ රටේ මිනිස්සු ----
    අපි සේරම අයිතියි!

    ReplyDelete
  24. @ කතන්දර

    අනිවා.... අනිවා...
    පිස්සු හොඳම එක...

    ReplyDelete
  25. හැමෝම පිස්සු කෙලින එකේ අපිත් පොඩි පිස්සුවක් කෙලියහම මොකද ඉතින් නේද අය්යේ...

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    ReplyDelete
  26. ලොක්කගෙ ගෝලය ලොක්කගෙ උපදේශකව මරල. පිස්සු අපිටද මුන්ව හුරතල් කරන ලොක්කොන්ටද?

    ReplyDelete
  27. @ දේවා ගේ අඩවිය

    මේ මොන පිස්සුද බන්. ඔය කෙලින්නේ නියම පිස්සූ..

    ReplyDelete
  28. @ ඉන්දික උපශාන්ත
    ඔය වගේ දෙයක් වෙයි කියල මම අනාවැකියක් ලිව්වා දව්ස් දෙකකට උඩදී කාගේ හරි පෝස්ට් එකක. මම මේ දාගෙන හොයන්නෙ ඒක.

    ReplyDelete
  29. @ ඉන්දික උපශාන්ත
    ගරි හම්බ උනා මෙතනින් බලන්න..

    http://w3lanka.blogspot.com/2011/10/what-is-difference-between-killers-and.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න