.

.

Oct 29, 2011

කුමන්ත්‍රණ - rackets


සිකැරට් වලට කෙලිය නිසා හිතේ අමාරුවට දෙකක් දාගන්න ගිය වෙලේ ඒකටත් 60 කින්ම කෙලලාය. වහ බීලා මැරෙන්න හිතාගෙන බූමීතෙල් ගන්න ගියහම ඒකටත් කෙලලාය. ඒ නිසා ආයෙත් මම බොනවාය. මොළේ පුල් අබ්ලික්ය. මෙව්වා මහා කැත වැඩය. ආන්ඩුව රජය සහ ලොක්කා අපහසු තාවයට පත් කිරීම සඳහා කරණ කුමන්ත්‍රණය. ලොක්කා රට යනකන් ඉඳලා මුන් උන්නැහේ අමාරුවේ දාන්න කරන කැතම කැත වැඩය. ලොක්කාට අතින් පයින් ගහන්න බැරිය. මොකෝ ලොක්කා එක්සයිස් කොරලා ෆිට් එකේ ඉන්න පොරය.

කටෙන් ගහන්නත් බැරිය. ලොක්කා ඒවයෙත් හොඳම එකෙන් දන්නවාය. කොළඹ තියෙන වතු වලත් ඒ කාලේ කරක් ගහපු වග මේ ලඟදිත් කීව්වාය. කොඩිවින කරලාද වැඩක් නැත. මොකෝ උන්නැහෙත් ඒ පැත්තේය. අනික් පැත්ත  සුන්නද්දූලී වෙන්න කපන හැටි උන්දෑ දන්නවාය. ඒ නිසා ලොක්කා නැති වෙලාවේ මුන් මේ ක්‍රමේට ගහනවාය. උන්නෑහේ ඔට්ටේලියාවේ ඉන්නා තැනක් හරියටම දන්නේ නැතිය, ඒ නිසා ජූලීයාට මේ ගැන දන්වා කේලාම් ෆැක්ස් එකක් ඇරියාය. ලැබුනු ගමන් මේවට ඇක්සොන් ගනීය. එ නිසා ඔබලා මල පන්නවා ගන්නවා හෙම නොවේය.

බෝතලේ ගෙනල්ලා, මූඩීය ගලවා                ලා
බයිට් ගෙනැල්ලා, වටෙන් තියපල්                 ලා
සැන්ඩි දමාලා, සැර අඩු කොර                        ලා
හලාගනිල්ලා, ගේමට නොගිහිල්                    ලා

සිකැරට් වැඩි කොරලා, මලක් ඔතා ගනිල්       ලා
ගල් වැඩි කොරලා, කසියා පෙරා ගනිල්          ලා
පැට්‍රෝල් වැඩිවෙලා, ටැන්කියේ මුත්‍රා පුරෝ   ලා
වේගයෙන් යමල්ලා, අයිස්චර්යා හොයා         ලා

දෙන දේ කකා වෙන දේවල් බලාගෙන
ඉමු අපි ඉතින් සත් කුලු පව් විලාසෙන
ගල් ගිල්ල ඉබ්බෝ වගේ
ඇටි කෙහෙල් කෑ රිලව් වගේ..
ගලේ රීපූ පූචෝ වගේ.......

ඊළඟ ෂෆල් එකෙන් මේ කැත වැඩ කොරන උන්ට කෙලවෙනවාය..
මන්නාරමෙන් ලැබුන ගමන් බඩු අඩු වෙනවාය...

41 comments:

  1. අනේ මන්දා මේවා කවදා අඩු වෙයිද කියලා . මේ ගනං බහිනකම් බලාන ඉන්නවා අනික් පැත්තට බලද්දි නංගලා !! අපි ඉතින් කාට කියන්නද මේ දුක ..

    දැන්ම ඉඳන් පිං කරපල්ලා රුසියාවේ වත් ඉපදෙන්න

    ReplyDelete
  2. @ හිස් අහස
    ඇයි බන් ලිබියාව හොඳ නැතෙයි..

    ReplyDelete
  3. අපොයි මන්නාරමෙං බඩු හම්බවෙච්චි ගමං බස්සයි බං. දැනට බීඩියක් ඇදලා කෂ්ටා පාරක් ගහගෙන ඉඳිං...

    ReplyDelete
  4. ආශ්චර්යෙට ජය වෙවා!
    හෙට ITN ප්‍රවෘත්ති:ලිබියාවේ පවතින අස්ථාවර බව නිසා ලෝක වෙලඳ පොලේ තෙල් මිල වැඩි වේ! අනේ හුකේ කිව්වලු!

    ReplyDelete
  5. මචෝ . . . ඔපෙක් එකේ ෆෝන් නොම්මරේ හොයාගන්න විදියක් නැද්ද ???? මට පොඩි කෝල් එකක් ගන්න තියනව

    ReplyDelete
  6. අනේ අපොයි තමයි ඉතින් කියන්ට තියෙන්නේ...:D

    ReplyDelete
  7. අනේ ඉතින් මක් කරන්නද පනේ. අපි ඔය මැච් එක අහගෙන බ්ලොගයක් බලාගෙන ඉමු...

    ReplyDelete
  8. මළා ...ආයෙත් කෙළලද?

    ReplyDelete
  9. තොපිට තේරෙන්නෙ නැද්ද යකුනේ මේ දේශීය "ඇතිහිටියා" පානය සහ තමන්ම ඔතාගෙන ගහන "දේශීය ශාක පත්‍ර" නඟා සිටුවීමේ වැඩපිලිවෙලක්ය කියල . බටහිරින් එන හැම මඟුලක් බාර ගන්න අධිරාජ්‍ය වාදී ගැත්තො , තොපිට තේරෙන්නෙ නැ පෙට්‍රල් ඩීසල් වැඩි කලේ දේශීය ප්‍රවාහන මාධ්‍ය වෙච්ච "ගොන් කරත්ත" නඟා " සිටුවීමට කියල

    ReplyDelete
  10. මළා,... ආයෙමත් මේවාට කෙලියද? වෙනදාට නම් කලින් කියනවනේ අද ‍රැ ඉදන් කියලා... දැන් නොකියමද?? හිකිස්... මොනවා කරන්නද අෆ්ෆා

    ReplyDelete
  11. මත්පැන්, දුම්වැටි මිල තව තවත් වැඩි වේවා! පාරිභෝජනය අධෛර්යමත් වේවා! මතට තිත තැබේවා!

    යකෝ ඕවා නවත්තලා ගහපන් කුඩු! ගංජා කසියා ගහන් නැතුව

    ReplyDelete
  12. @විසිතුරු,

    උද්ධමනය, කුඩු වලට බලපාන්නේ නැත්ද?(නොදන්නකමටයි අහන්නේ)

    ReplyDelete
  13. දෙන දේ කකා වෙන දේවල් බලාගෙන
    ඉමු අපි ඉතින් සත් කුලු පව් විලාසෙන
    ගල් ගිල්ල ඉබ්බෝ වගේ
    ඇටි කෙහෙල් කෑ රිලව් වගේ..
    ගලේ රීපූ පූචෝ වගේ.......

    ඔන්න අපි නම් මෙහෙමයි. තව නගුටක් තිබුනනම් ඒකත් දෙපරැන්දෙ ගහ ගන්නවාය. අපි ඕවට නැත. අපිට ඕවා ඇහෙන්නෙත් නැත. "අපිට මොකද අපි දසසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට"

    ReplyDelete
  14. අරක්කු,සිකරට්,පෙට්‍රල්,ඩීසල්, බූමිතෙල් මේව ඔක්කොම විෂ දේවල්. උඹල කියන්නෙ විෂත් ලාභෙට දෙන්න කියලද? හිතක් පපුවක් තියෙන එවුන්ට පුඵවන්ද විෂ දන්සල් දෙනව වගේ දෙන්න.

    ReplyDelete
  15. රනිල් මහත්තයා ඉන්නකං ......
    මහින්ද මහත්තයට රජ මඟුල්ය .....
    මහින්ද මහත්තයා ඉන්නකං ......
    රනිල් මහත්තයට රජ මඟුල්ය .....
    අපිට හෙන හෙන හතය .....

    තව වැඩි වෙයන් හැම දෙයක්ම ......

    ReplyDelete
  16. ඇත්තට බලපන් බන් අයියෙ... දුමක් දාගන්න බැරිවෙන්න ඒකට කෙලල මුන් කෙලියනෙ බෝතලේටත්... මුන් අපිට ලාබෙට ලෙඩක් වත් ගන්න දෙන්නෙ නෑ බන්...

    ReplyDelete
  17. මල තමයි දැන් තියෙන එකම විසඳුම.. කසියනම් ගහන්න බෑ... රාපොට් එකක් හොයා ගන්න ඕන...

    ReplyDelete
  18. කලින්නම් නග්ගනවා කියලා කිවුවා.. දැන් කියන්නෙම නැතුව නග්ගනවා...

    ReplyDelete
  19. @ චාමී
    පොඩ්ඩක් හිටහං ලොක්කා එනකන්

    ReplyDelete
  20. @ සබිත්
    අම්මපා ඒකමද දන්නේ නෑ හේතුව..

    ReplyDelete
  21. @ ඕනයා
    පොඩ්ඩක් හිටහන් මම මේ සුසිල් ගේ නොම්මරේ හොයනවා.. කැත වැඩ කරන්න එපා කියලා කියන්න..

    ReplyDelete
  22. @ පොඩි කුමාරීහාමී
    වෙන මක්කා කියන්නෙයි..

    ReplyDelete
  23. @ ගිම්හානී
    මැච් ගහන උන්ට පඩි ගෙවලා නෑ. උන් නම් පැරදිලා හරි විරුද්ධත්වය ප්‍රකාෂ කොරා....

    ReplyDelete
  24. @ ඔබා
    කෙලියා මාමේ කෙළ වෙන්නම

    ReplyDelete
  25. @ බුවා
    හිත රිදුනනම් සමා වෙනඩ ඕන. මේ අපි වගේ සම හරක්ට ඕවගේ දේවල් තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ...

    ReplyDelete
  26. @ දේවා ගේ අඩවිය
    එහෙම කියලා හරියනවද වදේ..

    ReplyDelete
  27. @ විසිතුරු
    එතකොට පැස්ටෝල්..
    කුඩු හොයාගන්න අමාරුයි මේ දවස්වල

    ReplyDelete
  28. @ ජය ශ්‍රී
    නැතුව ඇති මයේ ඉතේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක්නේ...

    ReplyDelete
  29. @ වෙද මහත්තයා
    අපි නම් ඕවාට නැතිය.. ඉවසලා ඉවසලා දැන් නිකන් බෙල්ල කැපුවත් ඉවසිය හැකිය..

    ReplyDelete
  30. @ අවුට්සයිඩර්
    අම්මපා හැබෑව.. බර කරත්ත එලියට ගනිව්.. කියයිද දන්නේ නෑ. පචවංශලා

    ReplyDelete
  31. @ පන්සල් හංදිය
    සාර්ථක හවුල් ව්‍යාපාරයක හැටි එහෙමය...

    ReplyDelete
  32. @ සාතන්
    මලේ පිහිට තමා මලේ..

    ReplyDelete
  33. @ දිනේශ්
    කලින් කියන්නේ නැති එක නම් හොඳයි. මොකෝ බඩු නැති වෙනවනේ එතකොට..

    ReplyDelete
  34. පහුගිය අවුරුද්දටම තෙල් නැග්ගට වඩා බැහැලයි තිබ්බෙ හිතාගතෑකිනේද එහෙව් එකේ මේ නැග්ගිල්ලත් එකතුකලාම උන්දැල හොයන ලාබෙ. මෙව්ව ඉතින් රට දියුනු කරන්න විතරක් නෙමෙයි බාල තෙල්වල අලාභ ගෙවන්නත් වියදම් වෙනවනෙ බං, ඒකනෙ.
    ඒක නෙමෙයි, මොකද්ද අර "ඔබල මල පන්නගන්න එපා"යි කියන කතාව. දැන් එතකොට ඒකටත් තහන්චිද?

    ReplyDelete
  35. @ ඉන්දික උපශාන්ත
    ඔව් ඔව් ඔව් අපි තොරතුරු දැන ගැනිමේ අයිතිය වගේම.. මල පැනීමේ අයිතියත් කරුණු කාරණාවලට යටත් කොට තහනම් කොරලයි තියෙන්නේ.. දැන් ඔය බටහිටර විරුද්ධව පන්න ගත්තට අවුලක් නෑ..

    ReplyDelete
  36. @මාතලන් - බටහිරට , ජවිපෙට , යූඇන්පියට . සහ විශේෂයෙන්ම සරත් ෆොන්සේකට විරුද්ධව මල පන්නා ගැනීමේ අයිතිය ඕනි කෙනෙකුට තියනව

    ReplyDelete
  37. ඇත්තටම මට නං දැන් හිතා ගන්න බැහැ කොහොමද කන්නෙ බොන්නෙ කියලා, මුන් මොන මඟුලක් කරන්න හදනවද මන්ද ...

    ඔය විදියට ගියොත් නං වැඩි කාලයක් යන්න කලිං ඉතියෝපියාව, සෝමාලියාවත් අපිට වඩා ඉස්සරහට එනවා .......

    ReplyDelete
  38. @ බුවා
    අම්මපා අමතක උනා ඒ ටික...

    ReplyDelete
  39. @ පන්සල් හංදිය
    ඇයි බන් ලෙව කන්න පුලුවන්නේ..

    ReplyDelete
  40. හිතපන්... අරක්කු වැඩියි... සිගරට් වැඩියි... අහ්... ගංජා හේන් පිටින් ගිනි ලනවා... කසිප්පු බෙහෙතකට වත් දෙන්න දෙන්නෙ නෑ... ඇයි බන් ඒ... ඇයි... ඒකට විසදුම කුඩු හින්දද....

    අන්න අරහෙ ලොකුම තැනකගේ කුඩු සල්ලි සුදු කරන්න කොටස් කඩේ නග්ගල කියල කතාවක් යනවා.. අනේ මන්ද...

    ReplyDelete
  41. @ පිස්සා පලාමල්ල
    ස්......... කවුද කියන්නේ.. පට්ට පල් බොරුනේ..
    මඩ බන් මඩ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න