.

.

Jan 11, 2014

ජාතික වීරයෝ හා යුධ අපරාධකාරයෝ - National Heroes or War Criminals


අවුරුදු අටක කාලයක් කෝමවක නිදා සිටී, "ආරියෙල් ෂැරෝන්", සදාතනික නින්දක සැතපීමට වරම් ලබා ඇත. ඔහු කෝමා තත්වයකට පත් වූයේ, අගමැති දූරයෙහි සිටිනා කාලයේය. (අපේ කෙනාත් කොමා තත්වයෙන් සිටිනවාදැයි කීමට තරම් වෛද්‍ය දැණීමක් නොමැතිවීම ගැන, මා කනගාටුවෙමි.) ආරියෙල් යනු හීබෲ භාෂාවෙන් සිංහයාට කියනා නමයි. ඇත්තටම ආරියෙල් සිංහයෙක්ම විය. ඔහුගේ ශරීර ප්‍රමාණයෙන්ද, ගැඹුරු කටහඬින්ද, ඔහුගේ ක්‍රියාදාමයන්ගෙන්ද ඔහු නියම සිංහයෙක්ම විය.

මට ඔහුව එසේ පෙනුනද, ළෝකයාට ඔහු තවත් යුධ අපරාධකාරයකු පමණි. ආරියෙල් අපට වැදගත් වන්නේ ඇයි? අවුරුදු තිහක් තිස්සේ ඇදී ගිය කාළකන්නි ත්‍රස්තවාදය නිමා කල, අපේ රටේ නායකයාට එල්ල වන්නේද, මේ ආරියෙල් ෂැරෝන්ට එල්ලවන චෝදනාම මිස, වෙන කිසිවක් නොවේ. එහෙත් ඊශ්‍රායලය ඇමරිකාවේ හිතවතකු බැවින්, එම චෝදනා කිසි දිනක ඉස්මතු වූයේ නොවේ.

තම රට ජාතිය බේරාගැනීම සඳහා, ගන්නා ඕනෑම ක්‍රියාදාමයක් අනුමත කළ නොහැකි නමුදු, අවි අමෝරාගෙන, තමා නැසීමට තවත් පිරිසක් ඉදිරියට එද්දි. සාමයේ දෑත් දිගු කරද්දී, එම දෑතටත් වෙඩි තබා ආක්‍රමනයකට එන පිරිසක් හමුවේ, තව දුරටත් ආක්‍රමණිකයා වෙනුවෙන් පෙනි සිටින්නෝ, නිවටයන් මිස, කිසිදා වීරයන් වන්නේ නැත.

ඊශ්‍රායල ජනතාවට ආරියෙල් ෂැරෝන් "ඊශ්‍රාලයේ රජු" බවටත්, "දෙවියන්ගේ සිංහයා" බවටත් පත් වන්නේත්, "බුල්ඩෝසර්" නම්, සුරතල් නාමයෙන් හඳුන්වන්නේත්, ඊශ්‍රාලය වෙනුවෙන්, ඉතිහාසය තුල සිටී, හොඳම "ෆීල්ඩ් කොමාන්ඩර්", එසේ නොමැතිනම්, හොඳම අණ දෙන නිලධාරියා වූ නිසාය.

මුලු අරාබියම එකතුව ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කිරීමට සැරසෙද්දි, අති විශාල හමුදාවක් අන්ද මන්ද කොට "සූවස් යුද්ධය" ජයගත්තේ, සාම්ප්‍රදායික යුධ උපක්‍රමවලින් නොව, තමන් විසින් නිර්මාණය කරනා ලද නව සැලැසුමකට අනුවය. (අපද යුද්ධය ජයගත්තේ එම හේතුව නිසාවෙන්මය.)

ඔහුට එරෙහිව එල්ලවන යුධ අපරාධ චෝදනාවද, අප රට තුල සිඳුවූ සිද්දීන් දාමයට බොහෝ සෙයින් සමානය. ලෙබනන් යුද්ධයෙදි "සබ්‍රා" සහ "ශාටිලා" සරනාගත කඳවුරුවල තුල සිඳුව ඝාතනයන්, ඔහු සාධරණය කරනු ලබන්නේ, ලෙබනන් ගරිල්ලන් එම කඳවුරුවල සරණාගතයන් හා එක්ව සිටී බවට සඳහන් කරමිනි. කොමිසමක් මගින් ඔහු වැරදිකරු බවට තීරණය කරනා ලදුව, ආරක්ෂක අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වන්නේ, කැමත්තකින් නම් නොවේ. (මෙවැනි සිද්ධින්, අප රට තුල නම්, කිසිදා සිඳු නොවනු ඇත. ජාත්‍යන්තරයෙන් තද බල ලෙස තෙරපුම් එන්නේ ඒ නිසාවෙන්මය.)

එමෙන්ම, 1948 ජෙරුසලම දිනා ගැනීමේ සටන හා, නිදහස දිනා ගැනීමේ සටනේ සිට, ජීවත්ව උන් එකම දේශපාළඥයා වන්නේද, ආරියෙල් ෂැරෝන්ම පමණි. ඔහු ආරක්ෂක අමාත්‍යව සිටී සමයේ ලෙබනනයට එරෙහිව දියත් කරනා ලද යුද්ධයද සාර්ථකව ජයගත් අතර, ඒ සමයේදි පලස්තීනයට අයත් ජෙරුසලමේ බටහිර තීරූවේ හා ගාසා තීරයේ ඊශ්‍රායල ජනාවාස ඉඳිකිරීම වෙනුවෙන් පෙනි සිටියේය.

එසේ වූවද, ඔහු අග්‍රාමාත්‍ය දූරයට පත්වූ පසු, එම ක්‍රියාවල ඇති දඩබ්බර ස්වාභවය අවබෝධ කර ගැනීම නිසා හෝ වෙන කිසියම් හේතුවකින්, ජනාවාස ඉඳිකිරීම තව දුරටත් නොකිරීමටත්, සමහර ජනාවාස ඉවත් කිරීමටත් තීරණය කොට, සාමයේ මාවතට ගමන් කිරීම ආරම්බ කලේය.

මෙම තීරණය ඔහුගේ "ලිකුඩ්" පක්ෂය තුලම අප්‍රසාදයට පත්වූ අතර, "කදිමා" (ඉදිරියට.) නමින් නව පක්ෂයක් ආරම්බ කොට, ජයග්‍රහණය කරමින්, තම සාම ක්‍රියාවලිය ඉදිරියටම ගෙන යමින් සිටිනා මොහොතේදී කෝමාවට පත්වීමෙන්, ඊශ්‍රායල ජනතාව අපේක්ෂා කල, ෂැරෝන් සිහින මැවූ, ඊශ්‍රායලයේ සාමයට තිත තැබිනි.

ඉතිහාසය දෙස බැලීමේදි, ඔහු තවත් "අශෝක අධිරාජ්‍යකු" මෙන් පෙනෙන්නේ නම්, ඒහි කිසිඳු වරදක් නොමැත්තේමය. ඉතිහාසය අමතක කොට දමා, සාමයේ මාවතට පිවිසීමට, අප නායකයන්ටද තවත් බොහෝ දෑ සිඳු කළ යුතුව ඇත. (බොහෝ දේ සිඳුවෙමින් පැවතියා වූවද, එය ප්‍රමානවත් නොවේ.)

එම තීරණයන්, අන්තවාදීන්ගේ ගැරහුමට ලක් වූවද, ඔවුනට බිය නොවි, අනාගතය වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීම, රටට ජාතියට ආදරය කරනා නායකයකුගේ ලක්ෂනයකි. ෂැරෝන් කරමින් සිටියේ එයයි. ඔහු එවැනී තීරණ ගැනීමට කිසිසේත් බිය වූයේ නැත. නියම සිංහයන් කිසිවකුට බිය නැත.

ඔබට සුභ ගමන් වීර සිහ රජුනි..

94 comments:

  1. Replies
    1. මලා නේන්නම් ගොයියෝ. මම ආදරය කළ චරිතයක්. මම ඊශ්‍රායලයේ ඉඳිද්දී, අපේ හිතවතියක් බස් එකක හැප්පිලා හදාසා හොස්පිට්ල් එකට අතුලත් කලා. එයගේ එහා ඇඳේ තමයි ආරියෙල් උන්නේ. තට්ටේ ගාපු පුතෙකුත් ඉන්නවා මෙළෝ රහක් නැති. තාත්තගෙ නම කන. මෙහෙත් ඉන්නේ ඒ වගේ උන්. ඊශ්‍රායලයේ නිසා මිසක්කා.. අපේ හිතවතියත් මෙලහකට ආරියෙල් ගියපු ළෝකයටම යනවා. ආරියල් ජීවත් උනෙත්, එහේ තියෙන ෆැසිලිටීස් නිසා.

      Delete
    2. වීරයෙක් තමා ඒ රටට. සුභ ගමන්

      Delete
  2. ආරියෙල් ඔබට සුභ ගමන්....!

    ReplyDelete
  3. ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා ජෙනරල් ෆොන්සේකා

    ReplyDelete
    Replies
    1. මොකෝ උනහපුලුවෝ කෑ ගහන්නේ

      - සරත් ෆොන්සේකා

      Delete
    2. කලවැද්දා නේද හරි වචනේ?

      Delete
    3. ජෑන් ගූන් ගේ කමෙන්ටුව මට නම් සිහි කෙරුවේ ප්‍රියා සූරියසේන ගේ "ආදරනීය නේරංජනා" ගීතයයි.

      Delete
    4. අම්මපා හරි වචනේ ආවෙම නෑ නේ.. ඕක තමයි වචනේ...

      Delete
    5. @ මාතලන්. සරත් ෆොන්සේකා සහ ශරෝන් ගේ හොඳ නරක පෙන්නලා ලිපියක් ලියන්න බැරිද?

      @ කකා gun 'ගන්' goon 'ගූන්' jangun

      Delete
    6. සරත් ෆොන්සේකා දේශපාළණයෙදි නා ගත්තා. ෂැරෝන් යුද්ධයේදි වගේම දේශපාළණයේදිත් සූක්ෂම උනා, ඉවසුවා, සම්ප්‍රදායෙ පිට පැන්නා. කවුරුත් හිතුවේ ෂැරෝන් වෙනම පාටියක් හදාගෙන ආවම පරදියි කියලා. ඒත් එයා උඩින්ම දින්නා. මිනිස්සු වැරදි නිවැරදි ගර ගන්නවා නම් ඒ තමයි විය යුතු හොඳම දේ.

      ඊශ්‍රායලය නිදහස ලැබුනෙත් 1948, ජාතියක් වශයෙන් හා දේශපාළණිකවත්, අධ්‍යාපනික මට්ටමෙනුත් ඔවුන් ලබා තිබෙනා දියුණුව ගැන අප ලැජ්ජාවට පත් විය යුතුයි. මෙහිදි ජනතාවගේ සිතුම් පැතුම් හා දැක්මත් විශාල ලෙස බලපානවා.

      Delete
    7. "ඊශ්‍රායලය නිදහස ලැබුනෙත් 1948, ජාතියක් වශයෙන් හා දේශපාළණිකවත්, අධ්‍යාපනික මට්ටමෙනුත් ඔවුන් ලබා තිබෙනා දියුණුව ගැන අප ලැජ්ජාවට පත් විය යුතුයි."

      Well the contexts are totally different. Israel had a strong/influential Jewish Diaspora in USA and in Europe that supported the development of the country. Jewish people who migrated to Israel were real patriots and had been subjected to strong suppression in the places where they were. As a person had spent time in Israel you should have known better.

      Delete
    8. ඔබේ තර්කය එය නම්. ඊට වඩා ආධාර හා ඩයස්පෝරාවක් සිටින්නේ පලස්තීනයටයි. එය ඔවුන්ගේ දක්ෂකම හා ඉදිරිය දැක්ම මිස වෙන කිසිවක්ම නොවේ. ඇයි අපෙත් ඉන්නේ හින්ගල ඩයස්පෝරාවක්.

      ආගම සංවර්ධනය හා විද්‍යාව සමග පටලවා නොගැනීම. සියළුම අයට සම අවස්ථාවන් ලබා දීම. දැක්මක් හා ඉලක්කයන් ඇතුව වැඩ කිරීම. ජාතියක් ලෙස එක්වීම හා තවත් බොහෝ දේ ඔවුන්ගේ දියුණුවට හේතුවයි. අපේ උන් බලාගෙන ඉන්නේ වෙන කවුරු හරි ඇවිත් මේක දියුණු කරලා දෙනකන්. ඔඹේ අදහසෙත් තිබෙන්නේ එයම මිස වෙන කිසිවක් නොවේ.

      Delete
    9. ශරෝන් යුද සෙනෙවියකු ලෙස දැක්වූ දක්ෂතාවය නිසා රටේ ජනතාව ඔහුට ඉඩ දුන්න. සරත් ෆොන්සේකාටත් ජනතාව ඉඩ දුන්න නමුත් ප්‍රතිඵල අගට බින්දු දාලා තමාගේ ගොඩ වැඩි කරගත්ත අය දිනුව. සරත් ෆොසේකාගේ මූලෝපාය න්‍යාය මෙතෙක් කිසිම තැනක හරියට විස්තර කෙරී නැහැ.

      Delete
    10. ඒ ගැන කතා දෙකක් නෑ.. ඒ නිසානේ යුද්දේ දිනුවේ.. පහළ නිල වල හිටපු සුපිරි බඩු උඩට අරගෙන ගේම දුන්නේ.. කොහොමත් ජයග්‍රහණයට උරුමකම් කියන අය වැඩියිලු නේ..

      යුද්ධයේදි සරත් ෆොන්සේකා චරිතය ගැන විවාදයක් නෑ.. යුද්දේ කලේ එයා.. කලමණාකාරිත්වය ඝෝඨා.. නොසැලුනු, නොනැමුනු නායකත්වය ලොක්කා..

      Delete
    11. ඇයි සින්දුව සම්පූර්නෙන්ම download කරගන්න බැරි වුනා නේද?

      Delete
  4. ***** සයිලන්ට් සහන් ගේ ටොප් සීක්‍රට් චන්ද්‍රිකාවේ සංස්කරණය නොකළ දර්ශන *****

    http://anduravinivida.wordpress.com/2014/01/11/skeletons-silentsahan/

    ReplyDelete
    Replies
    1. මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නෝනේ ඕවා කරාට.. බ්ලොග් වලින් ගන්න කිසිම දෙයක් මට නැහැ...අනේ මචන් ඔයිට වඩා දේවල් මට කිව්වා ඉස්සර කට්ටිය.. මට වයස 50 යි කිව්වා ..මම මුස්ලිම් කිව්වා.. ඕවා ඉතින් මේ බ්ලොග් අවකාශයේ අයට නුහුරු දේවල් නෙවේ... කකාට ගැහුවා පවුලේ අයගේ පින්තූර පවා දාලා... මාරයට ගැහුවා ... මාතලන්ට ගැහුවා ... කෝ ඔය ඉන්නේ යස අගේට තාම... :P

      Delete
    2. කකා / මාරයා / මාතලන් අනුන්ගේ මූලාශ්‍ර හොරකම් කර තමන්ගේ කියා පොර ටෝක් දුන්නේ වත්, තමන්ට එරෙහිව කමෙන්ට් කරන උන්ට චන්ඩි පාට් දැම්මේවත් නැත. ඒක නිසා ඒ අය ගෙ ගොඩට පැනල බේරෙන්න හදන්න එපා!

      ඔයාට "ගහල" නෑ ඔයා කියපු බොරු ටිකක් කුනු හරුප නැතිව මඩ නැතිව හෙළිදරව් කරල විතරයි. ඔයාගෙ ෆෑන් ල ට සාදාරනයක් වෙන්න නම් ඒවට මහත්තයෙක් වගෙ උත්තර දෙන්න. නැත්නම් නිකන් ඉන්න. නැතුව මට "නෝනේ" කියල සියපාරක් කිව්වත් මාව අරුණි කියල අරන් මිනිස්සු ආයෙ ඔයාගෙ සපෝට් එකට එන්නෙ නෑ ඒකට යකා අහු උනාට.

      http://anduravinivida.wordpress.com/faq/#immediateReason

      http://anduravinivida.wordpress.com/faq/#aruni

      Delete
    3. තව මාස කීයක් සහන් බොරු කාරයෙක් කියලා ලින්ක් දදා යනවද මෙහෙම ... :P ඔය දරුවටම ඇති වෙන දවසක් ඒවිනෙ ... එතකම් හිතේ දුකට මෙහෙම කරන්න.....හොඳ වැදගත් පෝස්ට් ටිකකුත් හෙමීට දාන්න ... එතකොට මඩ බ්ලොග් එකක් කියලා පේන්නේ නැහැ බලන අයට ... :Dඔයා කුණුහරප කියන්නේ නැති නිසා ඒ වාසියත් ඔයාටමයි.. :P

      ඔහොම යමුකෝ යමුකෝ නෝනේ ... ( අරුණි නෙවේ කියලා නම් දන්නවා..මොකද අරුණි මේ වගේ පොඩි ළමයි කරන දේවල් කරන්නේ නැහැ කාලය කාගෙන )

      Delete
    4. ඔයා ඔය නොකිය කියන්නේ සති කීපයක් යන කොට මිනිස්සුන්ට ඔයා කියපු බොරු අමතකයි, අපිට ඇති වෙලා නැවැත්තුවහම ඔයා ගොඩ කියන එක ද?

      ඊට කලින් අපි නවත්තනවා කොහොමත්, මොකද මෙච්චර කිව්වහම තේරෙන්නෙ නැති උන්ට ස්පූන්ෆීඩ් කරන්න අපිට වෙලා නෑ. ඔයා හොඃදට බය්යං කාල ඉක්මනට ලොකු බබෙක් වෙලා, බ්ලොග් එකේ ටෝක් දීගෙන, ගෙදරින් සපෝට් හම්බ උනොත් LED ලයිට් එකක් හදාගෙන, ආතල් එකේ ඉන්න.

      Delete


    5. තව මාස 6ක් විතර තරහ නිවෙනකම් ඔයා පෝස්ට් දාන්න...ලින්ක් දාන්න...හෙහ්හ් හෙහ්හ්හ් ඇගේ වෛරය... 02 මම මුස්ලිම් , මට වයස 50 යි ..ඒවත් කියන්න... :P

      Delete
    6. අපේ ප්‍රබුද්ධ පොරවලුත් අම්බානක ඇරගෙන තියෙනවා පුවත්පත් වල. නමුත් ඒවට කියන්නේ විවාද කියන නම්බුකාර වචනේ. පත්තරවල කුණුහබ්බ ලියන්න දෙනවනම්, ඔය ප්‍රබුද්ධ අයගේ හෙළුවත් අගේට බලාගන්න තිබුනා. එහෙම සංවාදයක් තමයි සිරිසුමන ගොඩගේයි, සරත් විජේසූරියයි අතර ගියෙත්.

      මේන නිදහස් මාධ්‍යයක් නේ. හැබයි මේකේ මරාගන්න ඒවට, සංවාද, විවාද කියන්නේ නෑ. මඩ සහ කුණුහබ්බ කියලා තමයි කියන්නේ. ඉතින් ඇති වෙනකන් මරාගන්නයි තියෙන්නේ..

      Delete
    7. සයිලන්ට් සහන් කියන්නේ මානසික රෝගියෙක් කියල මම දැන ගත්තේ බ්ලොග් නොලිය කොමෙන්ටු විතරක් දාන කාලෙදිමයි.පොර වීමේ උවමනාව නිසාම කොහෙන් හරි කොපි පේස්ට් කරපු මාගල් මෙතන ගෙනත් අත ඇරියම අපේ සමහර කට්ටියත් මේ ලෙඩාව ෆෝම් කලා.මේ වගේ මානසික රෝගීන් කීප දෙනෙක්ම බ්ලොග් අවකාශේ ඉන්නවා.අර කුණු හරුප වපුරන අන්කලුත් ඒ වගේ.අනේ නලීන් මහත්තයෝ පත්තරේ බ්ලොග් ගැන විස්තර දානවා වගේම පුළුවන් නම් මේ වගේ බ්ලොග් කරුවන්ට මනෝ වෛද්‍ය සායනයක් සංවිධානය කරන්න ප්ලීස් !

      Delete
    8. සහන් මොනවා කරලා හරි අපිට විස්තර සහිතව ලිපියකින් දැනුවත් කිරීම අගය කලයුතුයි.
      යමක් හොරකම් කරලා තියෙනවනම් අදාළ ආයතන ඔහුට විරුද්ධව කටයුතු කරාවි.
      යාං හෑලි ලිය ලියා කාල කන්නෙ නැතිව වෙන මොනවා හරි වැදගත් දෙයක් ලියහල්ල බන් අපිට කියවන්න.
      ඌව කන්න හදන්නේ නැතිව ඉදිල්ල.
      අපි කොහොමත් ඒකා එක්ක ඉන්නවා තොපි මොනවා කිව්වත්.

      Delete
  5. මේක 16 පිටුවට හොඳ වැඩියි. මං හිතන්නේ දිනමිණ කතුවැකිය සඳහා වුවත් සුදුසුයි.

    :-p

    ReplyDelete
    Replies
    1. බන්දුල පද්මකුමාරත් ගෙදර යවන්නෙයි ඔහේ වලි කන්නේ..

      Delete
  6. මෙන්න නලින් අයියට තට්ටෙ බේරගෙන දිනමිනේ පලකරන්න පුලුවන් ලිපියක්!!!

    ReplyDelete
    Replies
    1. ඔහේ හදන්නේ ඒ මනුස්සයගේ රස්සාවට කෙලලා අරින්නෙයි පටන් ගත්ත ගමන්ම.

      Delete
  7. //As a Jew, it is my historic responsibility to defend the Jewish people. I feel this responsibility for the survival of the Jewish people. We're not going to accept any decision by anybody else about security of the State of Israel. It is our role and only our role.//

    එයා මෙහෙම කීවලුනේ. ඇත්තටම තමන්ගේ රට, ජාතියට ආදරේ කල කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. අපේ එක්කෙනත් ඔය වගේ කතා, යුද්දේ කාලේදි ඒක නවත්තන්නෙයි කියාපු උන්ට කියන්න ගිය එක නේ මේ කරුමේ වෙලා තියෙන්නේ..

      Delete
    2. ඒකම නෙමේ බන්......යුද්ධෙන් පස්සේ මොළය පුකට බැහැලා, මොළේ තිබුන තැනට් උඩින් ඔටුන්නක් වැටීම...ඒ ඔටුන්නම පසු කාලයකදි අං දෙකක් වීම.

      Delete
  8. පංකාදුයි මචෝ මේ ලිපිය. මිය ගිය ඔහු ගැන සවිස්තරාත්මක පළමු ලිපිය මෙය විය හැකියි සිංහල බසින් ලියැවෙන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලියෝ... ඒ ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ.. මම කාළයක් ඒ රටේ උන් නිසා එහේ දෙශපාළණය ගැනත් බොහෝම උනන්දුයි.. ඒ වගේම තමයි සංගීතයත්..

      Delete
    2. ඔයා තට්ටේ පච්චේ ගහලා ඉන්න ඉයල් ගුලාන් ට ආසද ? හි හි මාත් ආසයි එයාට ..

      Delete
    3. මං නං ඒ දවස්වලත් කැමති මොෂේ ද‍යාන් ට.

      Delete
    4. @ අපූර්වී
      එයාගේ නම "අල් ගොලාන්" පුදුමේ කියන්නේ මගේ ඊළඟ පෝස්ට් එකත් ඔහු ගැනමයි.. එයා අපිට බොහොම සමීපයි නේද...?

      @ කතා
      මගෙත් ප්‍රියතමයෙක්

      Delete
  9. අපේ ලොක්ක ඒ රටට පය ගහල ආව විතරයි අප්පා.........

    ReplyDelete
    Replies
    1. ඒ රටට විතරය අනිත් රටටත් ගියේ.. එහේ නම් අපේ මෑන් වීරයෙක්.. ඊශ්‍රායලය යුද්ධයෙදී අපිට බොහෝ සෙයින් උපකාර කල රටක්..

      Delete
  10. නියමයි ලිපිය. අපි ඊයේ රෑ ඉදන් tv එකේ බලනවා ප්‍රෝග්‍රෑම් එක..එයා ඇත්තටම සිංහයෙක් වගේ තමයි වැඩ කරලා තියෙන්නේ ,, ඒ වගේම ගමන බිමන පවා..සමහර එයා මෙහෙයවපු සටන් වලින් සිවිල් ජනතාව අනන්ත මරුනලු,ඒත් යුද්ධ මතින් දේශය දිනාගනිමින් ඉන්න ඊශ්‍රායලිතයන්ට ඒ ගැන හිතන්න හෝ විවේච්ච්නය කරන්න උවමනාවක් නැහැ..සමහර මිනිස්සු එයාට ආදරේ කරන තරම් හිතාගන්න බැහැ,,,ඒ එයාගේ එඩිතර කම් නිසා. ශාරෝන් කියන්නෙත් holy land කියන අදහස එන නමක් ..ඔවුන්ගේ ටෝරා එකේ තියෙනවා දෙවියන් වහන්සේ ශාරෝන් හි පිපෙන රෝස වලට විශේෂයක් දැක්වූ බව..
    සමහර tv එකේ යන එයාගේ යුද්ධ දකිද්දී නම් පුදුම කනගාටුවක් එනවා ,ලෙබනන් ,පල්ස්තින් මිනිස්සු විලාප තියන ඒවා,විශාල බිල්ඩින් නගර පිටින් ගිනිබත් වෙන ඒවා...
    මොනා නමුත් ඔහු ඉතාම ප්‍රතාපවත් ශුද්ධ භුමියේ බිහිවූ සිංහයෙක්

    ReplyDelete
    Replies
    1. ඔහේ තියෙනවා කොමඩි ෂෝ එකක්. පොරගෙ නම ඒලී යැට්ස්ෆාන්. අනිවාර්යයෙන් තවමත් යනවා ඇති. පොර ඕනම චරිතයක් ඒ විදියටම අනුකරණය කරනවා. මගේ සිත් ගත්තේ "යසර් අර්ෆත් ගේ හා මේ ආරියෙල් ෂරෝන්" ගේ චරිත නිරූපන. කැමති නම් මේ ලින්ක් වලින් බලන්න.

      http://www.youtube.com/watch?v=hNDEMpi6MWE

      http://www.youtube.com/watch?v=Li8GNK680IE

      Delete
    2. තැන්කු මං බලන්නම්.. අර ගායකයාට මෙහෙ කියන්නේ එහෙම. අල් කියන එක මෙයාලා එහෙම කියනවා වෙන්ට ඇති.. ඊයේ පෙරේදා හෙන අපචාර සෙට් එකකට සම්බන්ධයි කියලා තාත්තවයි පුතාවයි උසාවි ගෙනිච්චා දැන් ඔය ඉන්නේ අපුරුවට... එයා මත්ද්‍රව ගන්නවා ....

      ආරියෙල් ෂැරෝන්ගේ අවසන් කටයුතු හෙට උදේ 10 ට පටන් අරන් 2 ට අවසන් කරනවා.. ඔබදියා යෝශේප් කියන ප්‍රධානම රබ්බි වරයාගේ මරනේදීත් උදේ නැතිවෙලා හවස අවසන් කටයුතු කළා. ඒත් යුදෙවු සම්ප්‍රධාය මදක් ලිහිල් කරලා තියෙනවා මේ වගේ විශේෂ කෙනෙක් වෙනුවෙන්..

      Delete
    3. අනිවාර්යයෙන් ඉට්ෂාක් රබීන් කියන ශ්‍රේෂ්ඨ නායකයා වෙඩි තියලා මරපු වෙලාවෙත්, විශේෂයෙන් ඇමරිකානූ නායකයින් ඔක්කෝම වගේ ආවා. බටහිර නායකත්වය කොහොමත් සහභාගි වෙයි. ඒ නිසා තමයි පරක්කු කරන්නේ.. නැත්නම් ඉතින් රෙද්දේ එතුවා. වලට දැම්මා ගෙදර ආවා.. ගෙදරටවත් ගේන්නේ නෑ නේ.

      Delete
    4. චැහ් මාතලන් .. ඒව්ත් මලගෙවල්ද !

      කැරම් බෝඩ් එකක් නෑ කාඩ් කුට්ටමක් කෝපි එකක් මාරි එකක් නෑ රෑට තැඹිලි වල්ලක් බාන්න නෑ !!
      සෙමෙට්‍රියෙ වල කපන උන්ට බොන්නත් නෑ !!
      එන්න කියපියව් ලංකාවට මලගෙවල් පෙන්නන්න !!

      Delete
    5. ආයේ අහලා මඟුල් ගෙවල් වලට එහා අව මගුල් ගෙවල්.. මම ආසම බැනර් එක තමයි.. ගෙදර උන් එල්ලන... "මිය ගියේ ඔබ නොව අපය.." කියන බැනර් එකට..

      Delete
    6. හොද පහසු තැනකින් මිනීවල වෙන්කරගන්නේ අවුරුදු 15 කට 20 කට කලින්,, ප්‍රසිද්ද පුද්ගලයන්ට කනත්තේ හොද තනක් සල්ලි දීලා කලින් ගන්න පුළුවන්,. අපේ සියා දැනට 16 අවුරුද්දකට කලින් කපල් එකටම වල් දෙකක් සල්ලි වලට අරන් තියෙන්නේ .. ආච්චි නම් ගිය අවුරුද්දේ දිව්‍ය ලෝකේ ගියා ,සීයා එයාගේ නම ගහපු වලට යන්න ඉන්නේ මැරුණම ..ආච්චි උදේ 6 ට නැති උනේ 10 වෙද්දී රෙද්දේ ඔතලා වලට දාලා කට්ටිය ඇවිත් කාලා බිලා ගියා ... මරුන හැටිය ඇදගෙන හිටපු ඇදුම් ඉරාගත්තා ,,දවස් 7 ම ඒවා ඇදගෙන හිටියා ,,එච්චරයි ,ආයේ මාස 11ක් යනකල් එයා ගැන නෝ කතා...

      Delete
    7. නියම ජොලිය තියෙන්නෙ මලගෙවල් වල මචං !!
      මගුල් ගෙදර ගියා හට් එකක් යටට උනා #රි කාපු රිලව් වගේ වට පිට බලබල ඉන්නෙපැයි !!

      ෂහ් !!!! මලගෙවල් එහෙමද !!කෝපි එනවා නංගිල මාරි අල්ලනවා සැනවිච් එනවා බැනර් ගහන්න ලයිට් කනුවල බඩගානවා කොඩි වැල් එල්ලනවා පුහ් !!!
      අන්න වැඩ නං වැඩ !!!
      මොන මගුලක්ද මැරුන ගමං වලදානව කියන්නෙ මැරිච්ච එකාටවත් ජොලියක් නෑනෙ !!

      තව මැරියං !!!

      Delete
    8. @ අපූර්වී
      ඇයි දවස් හතේම ගෙදර කන්න බොන්න දෙනවා ඇති පදං. හත්වෙනි දවසේ දානේ වගේ පට්ට කෑමක් දෙනවා හතර වරිගෙටම.. බරුකතා අදුනායි කියලා හෙම.. මේසේ උඩ කෑම බීම කොයි වෙලාවෙවත් අස් කරන්නේ නෑ දවස් හත් යනකන්..

      @ ප: ම:
      ඇයි හක්කේ හිරවෙන මාරි ඇඟිල්ල දාලා අරගෙන ආයෙත් කන එක. එතකොට මල් වඩම් අනවශ්‍යයි කිව්වත්, පඩත්තල කොල්ලෝ අරගෙන එන තනමල්විල මල් වඩම්..

      Delete
    9. සියා මැරුණම ලියන්න ඉන්නේ පෝස්ට් එකක් යුදෙවු අවමංගල්‍ය චාරිත්‍ර ගැන පෝස්ට් එකක් .. :D

      Delete
    10. හුහ් !! කාගෙ හරි මෝටසයිකල් කබලක් වෑන් කටුවක් ඉල්ලගෙන මලගෙදර වැඩට ඉගිලෙන ඒවා , මොකෝ පැස්ටෝල් දෙන්නෙ නිකං නොවැ !! රෑට කෙල්ලංගෙ ගෙවල් වල බිත්ති වලට චීන පටස් ගහලා හොරෙන් කොටු පනින ඒවා බලලා ,ගෙවල් වල මල්පෝච්චි මාරු කොරලා, රෑට ගෙවල් වල බෙල් ගහලා බුදු සංතෝ ඒ පිනම ඇති මැරිච්ච මනුස්සයා නිවං යන්ට !!!!
      මල් කියන්නෙ මල ගෙදර උප සංස්කුතිය නොවැ මාතේ !!! මල් නැතුව මොන මලගෙවල්ද ?
      මෙදා පාර ලංකාවට ගෙහුං වටේම ස්කෑන් කරලා බැලුවා බං ආසාවකට දන්න මලගෙයක් නෑ අහල ගමක .
      ආච්චිල සීයල අපි එක්ක තරහක්ද කොහේද බං !!

      අපි ඉන්නකොට මැරෙන්නෙත් නෑ !!!

      Delete
    11. මම නම් කියන්නේ ෆියුන්‍රල් පාටියකට යනවා කියලා..

      Delete
    12. ආ නෑ නෑ කෙල්ලන්ගෙ ගෙවල් වලට චීන පටස් ගැහුවේ නෑ .. අනිත් ඒව විතරයි කොලේ . අම්මෝ !!!! හැක්

      ෆියුනරල් පාටිය .. ඒකත් මරු බං !!

      Delete
    13. ඔව්... සමහරු ෆියුනරල් පාටි ගිහිල්ලා අම්බානට ගහලත් එන්නෙ.... හොඳ වෙලාවට කාර් එකේ ස්ප්‍රයිට් බෝතල් ස්ටොක් කරගෙන ඉන්න යාළුවො සෙට් වෙන්නෙ... නැත්තං ඉතිං කසිප්පුයි වතුරයි තමයි.... නැද්ද මං අහන්නෙ ?

      ඒක නෙවෙයි... ලොක්කා ඊශ්‍රායල් ගියපු එකෙයි මේ මරණෙයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද ?

      Delete
    14. ඒ සැන්ඩි බෝතලේ, ෂිවාස් එකකටත් වඩා වටිනවා ඒ වෙලාවේ..

      සම්බන්ධයක් තියේද නැද්ද කියන්න පුළුවන් ඔහේලා වගේ විජ්ජා කාරයන්ටම තමයි.. රසායන විජ්ජාවේ ඒ ගැන තියරියක් නැද්ද ආයිබෝවන්ඩ.. මම දැක්කා වාමාංශිකයෙක් ලියලා තියෙනවා ආනන්තරීය පාපකර්ම ගැන නම්.. (ෂැරෝන්ට අදාලව.)

      Delete
  11. සුභ ගමන් සිංහයෝ.........!!!!

    ReplyDelete
  12. දිනමිනටම ගැලපෙන ලෙස මාතලන් හීලෑ වී ඇති තරම!!!

    ReplyDelete
    Replies
    1. මාතලන් ළඟදි කියවන කෙනෙක් වෙන්ටෑ..

      Delete
    2. අපොයි නැහැ!! ඔබේ බ්ලොග ආරම්භයේ සිට කියවන්නෙක්.

      Delete
    3. එහෙනම් හරියට කියවලා නෑ.. වැල කතා විතරක් කියවන එකෙක් වෙන්න ඕන..

      Delete
    4. හැක්..හැක්...එල...

      Delete
    5. කනේ පාරක් කෑවට පස්සෙ හිමීට මාරුවෙන්නෙ නැතිව ඉල්ලගෙනම හොම්බට එකක් ඇනගෙන නේද.... ....

      Delete
  13. අගමැතියට නම් තියන්නේ වෙනම් ලෙඩක් ඒකට කියන්නේ {Senile Dementia - A progressive, abnormally accelerated deterioration of mental faculties and emotional stability in old age, occurring especially in Alzheimer's disease.} කියලා.
    අපේ බොහෝ දේශපාලුවන්ට ඔය ලෙඩේ හැදුනා. ජේ. ආර්. ඉන් එක්කෙනෙක්. නමුත් එතුමා ඊට කලින් දේශපාලනයෙන් සමුගත්තා. ඒක වෙනම කතාවක්.
    ෂැරෝන් ලොක්කට සුභ ගමන්. අගය කළ යුතු නායකයෙක්. අපේ රටේ මෙතනට එන්න ඇහැකි නායක මට්ටමට කිට්ටු කීපදෙනෙක් ඉන්නවා. ඒත් අනේ මන්ද මේ කපේ දී එහෙම වෙන්න තියන ඉඩ අඩුයි.
    නියම නායකයෙක් ට සුභ ගමන්!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනික් උන්ගේ බල කිරීම් එනකන් නොඉඳ.. සැමටම සාධාරණ සමාජයක් හදන එක අපේ එකෙක්වත් කරයි කියලා හිතන්න බෑ වෙද මහත්තයා.. අපේ උන් සංඝයටයි, අන්තවාදින්ටයි ගූ බයයි. එහෙම බය නැති එක්කෙනයි ඉන්නේ. එයාත් අර අන්තවාදීන්ගේ ගොඩේ ඉන්න එක තමයි කරුමේ..

      Delete
  14. ඔබගේ වටිනාම වටිනා සටහනට ස්තූතියි සහෝදරයා! එතුමා ඇත්තම ජාතික වීරයෙක්!
    අපේ රට සම්බන්ධයෙන් ඔබගේ අදහස් හා පැතුම් සමඟින් මමද එක්වෙමි. ඒත් සිංහ රජකු විය නොහැක. සිංහ රජුගේ මඟ පෙන්වීමෙන් සිංහයන් වූ සිංහ පැටවුන් සිංහ පැටවුන්මය. ඒ සඳහා බොහෝ කාරණා එකට එකතු විය යුතුය. වැඳගත්ම දේ උපතින්ම ඒ භාග්‍ය හිසේ කොටා තිබිය යුතුය.
    උඹට ජය මාතලං සහෝදරයා! සමාවෙයං අධික වැඩ හේතුවෙන් උඹේ පෝස්ටු රාශියක් මඟ හැරැනා...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ... ඉඩ ඇති වෙලාවට කියවපන්.. මම දැන් ලියනවත් බොහොම අඩුයි..

      Delete
  15. ෂැරෝන් !! ඔබට සුභ ගමන් !!!!

    ReplyDelete
  16. ශරෝන්ගේ භූමිකාව! -
    http://www.vikalpa.org/?p=19198

    ReplyDelete
  17. මහින්ද වෙනුවෙන් ගොඩ නැගී ඇති තත්වයම ශැරෝන් වෙනුවෙනුත් ඇති.. යුද්ධය නිමා කිරීම ගැන පිරිසක් සතුටු වෙද්දී තව පිරිසක් යුද්ධය නිමා කිරීමට විරුද්ධව කතා කරනවා... ශැරෝන් ඔබට සුබ ගමන්... ලිපිය සහ කමෙන්ට් ටික සෑහෙන වටිනවා ...

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ චරිතයයි, ෂැරෝන්ගේ චරිතයයි අහසට පොළොව වගේ වෙනස්.. ඒ ගැන ඉඟියක් පෝස්ට් එකේම තියෙනවා..

      Delete
  18. මාතලන් වෙනස් වෙලා. දිනමිණේ පිටුව නිසා බ්ලොග් ටිකත් රජයේ පත්තර වගේ වෙයිද? නලින් මහතාට උසස්වීමක් ෂුවර්. මෙයින් පසු දාන්න බුද්ධ ධර්මය ගැන හොඳ ලිපියක් ලබන සතියේ පෝය නිසා පිටුවට එයත් දාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔහේටත් කියන්න තියෙන්නේ අර උඩ ඇනෝට කියාපු කතන්දරේම තමයි.. වැල කතා වලට පුරුදු උනාම එහෙම තමයි..

      Delete
  19. හිරුනිකා මැද කොළඹට දාලා... මාතලන් හොයා ගන්න බැරි උනොත් කලබල වෙන්න එපා හොඳේ...

    ReplyDelete
  20. ඊශ්‍රායලය අරාබීන් සමඟ යුධ වැදීමේදී අනුගමනය කල පිළිවෙත් හා අරාබීන්ගේ මුග්ධ කම් සය දින යුද්ධය වැනි යුද්ධ වලදී දැකිය හැකියි.ඇත්තෙන්ම අරියෙල් වැනි කද බඩ මොලය ඇති ස්වල්ප පිරිසක් අරාබීන් ගේ විශාල හමුදා පරාජය කල ආකාරය පුදුම සහගතයි.ඇමරිකාවේ පසුබිම් සහාය වෙනම කතාවක්.ඊශ්‍රායල්වරුන්ගේ සැලසුම් සහගත බව හා දුර බැලීම විශ්මය ජනකයි.ඔවුන්ට වෙනත් මොන චෝදනා තිබුනත් ඔවුන්ගෙ මේ දේවල් නම් හරියට වටිනවා.යුද්දෙට විතරක් නොවෙයි සාමාන්‍ය ජීවිතයටත්.නමුත් ඔවුන් අමානුෂිකයි ඒක ඇත්ත හැබැයි චින්තනය 100% ක් විද්‍යාත්මකයි.

    ReplyDelete
    Replies
    1. "...හැබැයි චින්තනය 100% ක් විද්‍යාත්මකයි." That way of thinking applies to we Sri Lanks!

      Delete
    2. යුද්ධයේදී ඕනෑම කෙනෙක් අමානුෂිකයි. මානුෂික යුද්ධ කියන්නේ නිකන් ඇස් බැන්දුම්. එහෙම නැතුව මිනිස්කමට ගරු කරනා මිනිසුන්ගෙන් අඩුවක් නෑ ඒ රටෙත්..

      Delete
  21. අපේ රටෙනම් අවුරුදු පහෙන් පහට කොමාවකට පත්වෙලා චන්දෙ දෙන්න විතරක් ඇහැරෙන කෝටියක් දෙකක් ඉන්නවනේ . ආරියෙල් ෂැරෝන් ගැන මේ වගේ හොඳ විග්‍රහයක් අපට කියවන්න සැලැස්සුවාට ස්තුතියි මචන්.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම කොමා වලට පත් වෙන්න අමාරුයි.. හැමදාම ඡන්දෙ නේ..

      Delete
  22. මාතලන් අයියේ blogger වල ලියන ලිපි comments වල rating දාන්න පුළුවන් gadjet එකක් දාගත්තොත් හොඳයි නේද?(යෝජනාවක් පමණයි)
    ඔයාගෙ ලිපි වලින් මම කියවපු හොඳම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බන්... "හික් හික්" "පට්ට" "චොර" කියලා කොටුව ක්ලික් කරන්න දාලා.. ඒක ක්ලික් කරන්නෙත් කී දෙනාද...?

      Delete
    2. මේ කියන්නෙ මාතලන් "කමෙන්‍ට්" ගැන. වර්ඩ්ප්‍රෙස් වල වගේ!

      Delete
    3. එහෙම එකක් තියෙනවද..?

      Delete
  23. A stone for Ariel Sharon.

    (මේකෙන් අදහස් කලේ ෂැරොන්ට ගලකින් ගහනවා කියලා හෙම කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා. සොහොන් කොත මත ගෞරවය දැක්වීමට ගල් කැටයක් තැන්පත් කිරීමේ යුදෙව් චාරිත්‍රයයි මම අදහස් කලේ.)

    ReplyDelete
    Replies
    1. අපෙත් තියෙනවා නේද පස් අහුරක් විසි කරන සිරිතක්..

      Delete
  24. උඹේ ලිපිය සාරවත්.

    යුදෙව්වන්ගේ වීරයා.....පලස්තීනුවන්ගේ මාරයා

    හැම වීරයෙක්ම තව කාට හරි මාරයෙක්..

    සරත් ෆොන්සේකාත් එහෙමයි....ප්‍රභාකරනුත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. නමුත් විශේෂත්වය, තමන් ලද ජයග්‍රයනයෙන් උද්දාම නොවී, සතුරාටත් සාධාරණයක් ඉටු කිරීමට ක්‍රියාවෙන්ම දායක වීමයි..

      Delete
  25. හ්ම්ම්ම්ම් ,, ඒකනම් ඇත්ත..

    ReplyDelete
  26. ෂැරොන් ගැන ඒ හැටි නොදනී. යුද්ධය පැත්තෙන් නං මහින්ද ලොක්ක වගේ කියල අසා ඇත.

    ReplyDelete
    Replies
    1. යුද්දේටම උපන් මිනිස්සු ඉන්නවා.. අපේ පිරභාහරනුත් එහෙම එකෙක් නේ..

      Delete
  27. හෑම දේමවගේ සාපෙක්ශයි නේද? ඊශ්‍රායල් state එක පටන් ගන්න කාලයේ බ්‍රිතාන්ය පාලකයන් යුදෙව් nationalists හෑදින්නුවෙ ත්‍රස්තවාදීන් ලෙස. ඔවුන් ඈත්තටමත් ත්‍රස්තවාදී ක්‍රියා කලා. ඔවුන්ගෙන් සමහරක් දෑන් ඊශ්‍රායල් ජාතික වීරයන්.
    මෑන්ඩෙලාත් මුලදී ත්‍රස්තවාදී ක්‍රියා නිදහස සදහා යොදා ගත්තවුන් සමග හිටිය.

    කාසියේ අනිත් පෑත්ත. UNHRC, Amnesty International වගේ සන්විදාන Apartheid පාලනයට විරුද්දව ක්‍රියා කලහම Apartheid අය ඒවා ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දෙන්නන් ලෙස හෑදින්නුවා.
    හෑමදේම වෙනස් වන සුලු වගේම හෑමදෙයෙහිම දෙපෑත්තක් (සමහරවිට 3, 4 ක්)ඈත. කෙසේ වෙතත් දේශපාලකයන් කියන දේ එලෙසම විශ්වාස කිරීම අපේ දුර්වල කමකි.

    ReplyDelete
    Replies
    1. කව්ද බන් එහෙම පිලිගන්නේ. මුන්නැහේ කියව කියවා උන්නේ නෑ. කෙලින්ම ක්‍රියාත්මක උනා.. ඒවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා.

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මාතලන්ගේ වයස දන්නේ නෑහෑ මම පොඩි කාලේ චිත්‍රකතාවක් කියවල තියනව ලයිලා නම් පලස්තීන "වීරවරියක්" පිලිබදව. එයා ඊශ්‍රායල මගී ගුවන්යානා hijack කරනව. මට ඒ කාලෙත් හිතුනා civiliansලා ප්‍රාණ ඈපේට ගන්න එක වීර කමක් නෙමේ කියලා. අපේ ගොඩක් අයට ඒ අදහස ආවෙ LTTE නිසා. දෑනටත් සමහරුන්ට Hamas freedom fightersල !

    ReplyDelete
    Replies
    1. පලස්තීනූවන් වගේ කම්මැලි ජාතියක් ළෝවේ තවත් නැතිව ඇති. ඉන්නවානම් ඒ ශ්‍රී ලංකාවෙම පමණය.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න