.

.

Jan 22, 2014

ජල විදුලි බලාගාර - Hydro Power Plants

 
අද උදෑසනම දුරකථනය නාද වන්නට විය. ඉතා දිගු සංචාරයක් නිමා කොට සුවබර නින්දක් බලා පොරොත්තුවෙන් නිදාගැනීමට ගිය බැවින්, දුරකථනය නාද වීම මා බොහෝ සෙයින් ආවේගශිලී වූ කාරනයක්ම විය. එසේ වුවද මා වැනි දැන උගත් පුදගලයකුගෙන උපදෙස් බලාපොරොත්තුව බොහෝ මැති ඇමතිවරුන් පවා මා අමතන හේතුවෙන්, කේන්තිය යටපත් කොට ගෙන, දුරක්ථනය දෙස දෑස යොමු කලෙමි. එය නම සඳහන් නොවූ අළුත්ම දුරකථන අංකයක් වීම හේතුවෙන්. කොල පැහැති බොත්තම ඔබා, ආයුබෝවන් කීවෙමි.

සුබ උදෑසනක් මාතලන්..

කටහඬ හොඳින්ම අහඳුනා ගත්තෙමි. මේ අප වැනි ජනමාධ්‍යවේදීන්ගේ මිතුරා... අප මහරජානෝය..

සුබ උදෑසනක් ජනාධිපති තුමා.. මොකෑ මේ උදේ පාන්දරම..

මාතලන් මම කතා කරපු බවක් කාටවත්ම කියන්න එපා හොඳෙයි.. බලනවකො අයිසේ.. මාර අප්සෙට් එකක් නේ වෙලා තියෙන්නේ..

ඒ මොකෝ සෑර් ඒ..?

ඊයේ... පවර් ප්ලාන්ට් හයක්ම එක පාර වැඩ කරන්නේ නැතිව ගිහිල්ලනේ.. හීතා ගන්නත් අමාරුයි.. නැතෙයි..?

ඔබ තුමා හොඳ වෙලාවට කතා කලේ.. ඕක අර ලාල් කාන්තයගෙයි, වසන්තයගෙයි වැඩක් වෙන්න බැරිද..? ඊයේ කෝච්චි දොළහකුත් නවත්තලා තිබුනා.. ඉස්පිටිතාලවලත්, කොකු අදිනවා.. ඔබ තුමාට, මේ ගැන බුද්දි අන්සවලින් හෙම කිව්වේ නැතෙයි..?

අනේ උගේ අම්මගේ බුද්ධි අන්සේ... බුද්දි අන්සේ නෙම්යි උන්.. මම කියන්නේ නෑ.. උන් දන්න රෙද්ද.. බලහන්කෝ බන්.. අර පාඨලියා විදුලි බලේ ගැන මෙළෝ දෙයක් දන්නේ නැති එකානේ..

ඒක ඇත්ත... එයැයි දන්නේ හින්ගලයගේ බලේ විතරනේ..

ඉතින් මම ඌව එලවලා දාලා, ගිගාවොට් 33,000 කටත් වඩා පවර්පුල් පවිත්‍රව ඔතෙන්ට දැම්මනේ..

ඔව් ඔව්... පවර් ප්ලාන්ට් ඔක්කෝමවල කැපෑසිටි එකට වඩා පවර්පුල්, එයයිගේ පවර් එක.. ආයේ නෑ කටෙන්ම දෙයි මෙගා වොට් 10.000 ක් උනත්, ආයේ රෙදි ගැලවිලා... අලුවෙලා... චොරවෙලා යන්න..

 ඒ උනාට අයිසේ.. මට පේන්නේ මාෆියා එක, ඒකිවත් අන්දලා වගේ..

වෙන්න බෑ සෑර්.., චීන්නු බලාගාර හැදුවට, ඉතාලියේ උන් තාම මෙහේ පවර් ප්ලාන්ට් පටන් අරගෙන නෑනේ. ඉතින් කොහෙද මාෆියාවක්.

ඒ මාෆියා නෙමෙයි බන්...., විදුලි බලේ.... මාෆියාව...., ඔය පාඨලියටත් බැරි උනානේ, උන්ට ගේමක් දෙන්න. 

ඉතින් සෑර්.... ඕකත් යුද්ධ මල්ලිටම දීලා දැම්ම නම් ඉවරයිනේ..... ඉඳගෙන..

හැම එකම එයාට දීලා බෑ නේ බං.. මේ හාල්පරුවන්ටත් මක්කා හරි දෙන්න එපැයි.. නැත්නම් කනක් ඇහිලා ඉන්න කියලය..

ඒකත් ඇත්ත.. පට්ට සැට් එකනේ.. ආයේ කියලාම වැඩක් නෑ..
 
උඹේ අතුරු ප්‍රස්න නිසා කෝල් කරපු කාරනෙත් අමතක උනා.. ඒක නෙමෙයි බන්.. බලාපන්කෝ මේ ඉංජිනේරුවොයි, චීන්නුයි මෙච්චර කල් මාවත් අන්දලා වගෙයි මට පේන්නේ..

උන් විතරක් නෙමෙයි ඉතින් සැන්ට්‍රල් බෑන්ක් එකේ උනුත් කරන්නේ එකනේ..

ඇයි බන්.. මම හිතාගෙන උන්නේ, නොරොච්චෝලේ හැදුවේ ගල් අඟුරු බලාගාරයක්ය කියලනේ..

ඔව් ඉතින් ඒක කවුරුත් දන්නවනේ.. ගිනි කසයා වැගේ වැඩනේ ආයිබෝවන්ඩ.. තමිල්නාඩුවට ලයිට් දෙන්නෙත් ඕකෙන්නේ..

ඒක නේ.. බලහන්කෝ ඉතින්.. උන්ට ලයිට් නැති උනොත් හෙම. අනිවාර්යයෙන් ජිනීවා වලදි ගෙම අදිනවා.. ඒ අස්සේ ඩීසල් වලින් ලයිට් දෙනවයි කියපු, කැළණිතිස්සත් වතුර නැත්නම් අප්සට් යනවලු. එහෙම උනොත් හෙම බස්නාහිර දිනනවා බොරු..

හ්ම්... ඒක හරි.. ඉතින් සෑර් මම මොකද කරන්න ඕනෑ..?

උඹ ඉතින් ඕන දෙයක් දන්න එකා නේ..... පොඩ්ඩක් හොයලා බලහන්.... මුන් කියන්නේ ඇත්තද බොරුද කියලා.. මොකෝ.. මම ඕක අහන්න ගියොත්.. මාත් අර පවිත්‍රා පච උනා වගේම පච වෙලා යනවා.... හරිය....

හරි සෑර්..... මම හොයලා බලලා කෝල් එකක් දෙන්නම්..ඔබ තුමාට ට්‍රිපල් ජෙම් එකේම සරනයි..!!!!

ජනාධිපති තුමාගේ කේස් එකක් නිසා, වහාම බලාගාර දෙකටම ගොඩවී, මේ ගැන වාර්ථාවක් ජනාධිපති තුමාට හැරෙන තැපෑලෙන්ම වාර්ථා කරන ලදි..

එහිදි.. විදුලි බල ඉන්ජිනේරු විජ්ජාව පිළිබඳ විසේසක්නයෙක් වන මා විසින් සොයා ගත් කරුණු අනුව,

නොරොච්චෝලේ "කරච්චලේ" ජල විදුලි බලාගාරය -

නොරොච්චෝලේ බලාගාරය ඉඳි කොට ඇත්තේ, ඉතා ශුෂ්ක කළාපයකය. මේ ප්‍රදේශයට වැසි ලැබෙනුයේ ඉතා කළාතුරකිනි. ගල් අඟුරු වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයක් වන අතර, එය විදුලි ජනනය සඳහා කිසිසේත්ම සුදුසු නොවේ. වැසි නොලැබුනු කල, ඒවායේ ක්‍රියා කාරීත්වය තවත් දැඩි වන අතර, ඒ හේතුවෙන් ටර්බයිනයන්ට සිඳුවිය හැකි හානීන් හී ප්‍රමානය ඉතා ඉහල අගයක් ගනී.

එම නිසා එම බලාගාරය, වටවල හෝ, පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය යට හෝ ප්‍රති ඉස්තාපනය කල යුතුය.  පරාක්‍රම සමුද්‍රය යට ඉඳිකිරීම මගින්, අතීතයේ පවා, "හොට් වෝටර් ස්විමින් පූල්" තිබූ බව විදේසිකයන්ට පෙන්වා, විදෙසිකයන් ෆූල් කොට, තවත් අමතර මුදලක්, සන්චාරක සේස්ත්‍රයෙන් ලබා ගත හැක.

ඔරුගොඩවත්තේ "කැළණිතිස්ස" ජල විදුලි බලාගාරය -

කැළණිතිස්ස බලාගාරය දුවන්නේ ඩීසල් වලින් නොවනා අතර, එහි ටර්බයිනයන් ක්‍රියා කරණුයේ කැළණි ගඟේ ජලයෙනි. මෙම කාරණය ජනතාවගෙන් වසන් කොට ඇත්තේ, එම ගඟේ ජලය පානීය ජලය ලෙස කොළඹ ජනතාවට ලබා දෙන බැවිනි. එම නිසා එම පානිය තව දුරටත් පවත්වා ගෙන යා යුතු බැවින්, ඉන්ජිනේරුවන් විසින්, මෙය ඩීසල් බලාගාරයක් යැයි විහිළුවට පවසා ඇත. කඳුකරයට වැසි ලැබීම අඩු වූ කල, කැළණි ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් අඩුවන බව, විජ්ජාක්නයින් විසින් නාගලගම් හන්දියේදි සොයාගෙන ඇත.

එම නිසා කල යුතු වන්නේ. කොළඹට ජල සැපයුම සීම කොට. ලබුගම ජලාසයෙන් හැකි තාක් කැළණිතිස්ස විදුලි බලාගාරයට ජල සැපයුම නොනවත්වා ලබා දීමයි..

එමෙන්ම එම බලාගාරය අධීක්ෂණය, කැළණිය ප්‍රදේශය බාර. ගරු ආචාර්ය මර්වින් සිල්වා වැනි උගත් බුද්ධිමත් නයකත්වයක් වෙත පැවරිමෙන්, එහි පවතින විවිධාකාර මාෆියාවන්හී ක්‍රියාකාරීත්වය අඩ පන කළ හැකි බවටද යෝජනා කරමි.

මේ වාර්ථා හෙතුවෙන් කොළඹ ජනතාවට විදුලි බලය අකන්ඩව ලැබීමට වරම් ලැබෙනා අතර, ජල සැපයුමේ අඩු පාඩුවක් වුවහොත, දිනේස් ඇමතිතුමාගේ මැනීය ඇමතිම බලවත් වරදක් වන අතර, මාතලන්ගේ මව ඇම්තීමද සුදුසු දෙයක් නොවේ. එබැවින් කරුණාකර. විදුලිය නිවා දමා අඳුරේම කාළය ගත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ජලයද.....? විදුලියද.....?

කොළඹ ජනතාවනි.. තීරණය ඔබ සතුයි..

විශේෂ අවධානය පිණිස -

ඉන්දික උපශාන්ත හා විශ්ව රංගනාත් වැන්නන් විසින් මෙම වාර්ථා, කිසිම විජ්ජාත්මක පදනම නොමැති, විසය බද්දානුකූල නොවන කරුණු අනුව පදනම් වූ වාර්ථාවන් බවට තර්කයන් ගොඩ නැගිය හැකි බැවින්. ඒ පිළිබඳව ඔබේ විශේස අවධානය යොමු කරනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

91 comments:

  1. කෝ අනිත් දෙක ගැන වාර්තාව. මට පේන්නේ ඔහෙත් මහ නැහැදිචිච කතා කියනව වගේයි. අනික චමිපිකයට මොකක් ලොකු ඩිගිරියක් තිබ්බ කිව්ව නෙවද විදුලි බලය දෙන්න ඇහැකි වෙන. මං දන්නෑ ඕවා. කෝම හරි අපේ සනත් ජයසුරිය ලොක්කට හෙම කල්ල මරේ දැං..

    අර යට රතු පාටින් දාපු එකට මට හිනා ගියා හොදේ..

    ReplyDelete
    Replies
    1. සනත් ජයසූරියද...? අර්ජුන රණතුංගද....?

      Delete
    2. සනත් ජයසුරිය තමා මිනිහට කුඩා ප්‍රමාණයේ තාප බලාගාර තුනක්ද කොහේද තියෙනවා නෙව. බාග විට ඊට වැඩිත් ඇති..

      Delete
    3. සනත් ජයසූරියට නම් ඇති තමයි හි හි

      Delete
    4. ඒකනං නොගැලෙපෙන කුනුහබ්බයක් ද කොහේද?? හැක්

      Delete
    5. එතකොට සනත් ජයසූරියට තියෙන්නේ කුඩා ප්‍රමාණයේ තාප බලාගාර තුනක් ද?

      Delete
    6. දේශය..
      දන්නේ නැති රෙද්දවල් කතා නොකර ඉදහන් මචෝඕ...
      අර්ජුන එකා ට තමයි ගොඩක් තියෙන්නේ..
      සනා ගේ රෙද්දවල් ගැන වෙන ම මම දාන්නම් පෙප්සි වෙසිගේ පුතා කියල..

      Delete
    7. එයා විපස්සේ නේ බං. මෙයා ආන්ඩුවේ කක්කුස්සියේ ඇමති නෙව

      Delete
    8. දැන් ඉතින් ප්‍රශ්ණේ තියෙන්නේ කොයි බකයගේ පලාගාරේද හොඳ කියලානේ. පවිත්‍රා කියයි කොයි එකේද රස්නේ වැඩි කියලා.

      Delete
    9. විදුලි බල මණ්ඩලේ උන් බුදුන්ට පාන තියන්නේ "අනේ වහින්න නම් එපා මයෙ දෙයියෝ...." කියලලු..

      Delete
    10. අනේ බං මාතලන්. උඹයි මායි දන්න ජල විදුලි බලාගාර. නොදන්න දේ ඉගෙන ගන්න අන්න මගෙ අලුත් පෝස්ට් එක බලලවත් වරෙන්. එතකොටවත් තේරෙයි මින් පස්සෙ මේ දෙකේ වෙනස.

      Delete
    11. අපරාදේ ඒක ලියන්න තිබුනේ සරල බාසාවෙං

      Delete
    12. උම්මග්ග ජාතකේ වගේ... ආයේ නෑ ඉස්පිල්ලක්, පාපිල්ලක් ගානේ හොඳටෝම තේරුනා..

      Delete
  2. ආයේ මොකටැයි කොළඹට ලයිට්!!! හිරුණිකා නංගීයි අනිත් නංගීලා සෙට් ඒක තෝරලා යැව්වාම අයේ බෂ්නාහිරට හඳ පෑව්වා වාගේ නොවැ!

    ReplyDelete
    Replies
    1. ආසාවේ බෑ බං... ඇයි ජින්ජර්.. මීට පස්සෙ ඉඟුරු නොදා තේ බිව්වැහැකි..

      Delete
  3. Replies
    1. මොකක්ද....? ලයිට් නැතුව ඉන්න එකද....?

      Delete
  4. ඔය නාගලම් වීදියේ ඉන්නවා ලිංගික මනෝ වෙයිද්‍ය මුදියන්සේ කියලා පොරක් ලොක්කට මිනිහව හම්බ වෙලා බලන්න කීවානම් ඔය ගැටළු වලට උත්තරේ ලැබෙයි. අනික ඔය තියෙන කරන්ට් එකෙන් රතුපාට නයිට් බල්බ් එකක් දාගන්න පුළුවන් නම් හොඳට ඇති මොකද එතකොට අර ජාතිය වඳවීමේ ප්‍රශ්නෙටත් උත්තර ලැබෙනවානේ. මොකද දවසම අද අඳුරේ නිසා. අනික ගෙදර ගෑනිව හැම ගහන්න තරම් පොයින්ට් පළාත්සභා පෝස්ටර් වලින්ම නොමිලේ ලැබෙන්න යනකොට .
    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි මේ සැරේ මනාප පහක් ඕනේමයි ඡන්දෙදි නැත්තම් රුවන්ති මන්ගලාටයි, ගයේෂා ටයි ,මල්ෂා කුමාරතුන්ගටයි, හිරුනිකාටයි, ජින්ජර් අක්කිටයි සමානව සලකන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. පට්ට යෝජනාව මචෝ... මම මේ මාර අප්ෂට් එකේ උන්නේ කාටද දෙන්නේ කියලා.. ඇයි මයේ අප්පේ ඔක්කෝම කිරි ටොයියෝ නේ.. ඡන්ද කොමසාරිස්ට කියලා වැඩක් නෑ.. දැන් ඒ ජොබ් එකත් කරන ලොක්කටම වෙලාවක කියන්නම්.. අරූ නිකන් නමට කොමසාරිස්..

      Delete
    2. adaganna switer
      mawbimata winter
      ascharyaye tharama
      chande illane gingr rrrrrrrr

      Delete
  5. ඔව්වා මොනාද බං,2500න් ජීවත්වෙන එකාලට තව මොකටද ලයිට්?කලුවරේ ඉන්නවට අර ලමයි හදන්න කියන සේනාව නම් කැමති ඇති.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒ උනාට තැන හොයාගන්න එක අප්සට් නේ.. එක ළඟ දෙකක් තියෙනවනේ... අන්තීමට ජාතිය හැදිල්ල කෙසේ වෙතත්, ගෑණුන්ගෙන් ගුටි කන්නයි වෙන්නේ.. වනචරයෝ කියලා..

      Delete
  6. අර "රාවණා බලය" කියල දේශ,ජාති,ආගම් etc ප්‍රේමී සහ අදිරාජ්ය, බටහිර etc විරෝදී බලවත් අය ඉන්නව නේ. ඒගොල්ල ගාව දඩු මොනරෙ බල ශක්ති ප්‍රබවය ඈතිනේ? ඒගොල්ල සහ ඒවගෙ තව ගොඩක් තියන ඒ වගෙ බල වේග දාල පූර්ණ දේශීය, දේශ (සහ අනෙකුත් ඔක්කොම) ප්‍රේමී බලාගාර හදන්න බෑරිද?

    ReplyDelete
    Replies
    1. මේ රාවණා පරපුරට විතරක් බනින්න එපා ඉදගෙන ඈ ,,, මං ඒ පරම්පරාවේ අන්තිම උණ පුරුක

      Delete
    2. උණ බටෙන් බලය පිටකරලද දඩු මොණරෙ ගියේ?
      :-)

      Delete
    3. ඉතා හොඳ යෝජනාවක්.. මෙය ජනාධිපති තුමා වෙත යොමු කරමි..

      Delete
  7. අපි ඉස්කෝලේ යද්දී ගිරව් වගේ පාඩම් කලානේ කැලණිතිස්ස ඩිසල් බලාගාරයක් කියලා..


    ///ඉතින් සෑර්.... ඕකත් යුද්ධ මල්ලිටම දීලා දැම්ම නම් ඉවරයිනේ..... ඉඳගෙන../// කතෘ අයිතිය සුරකින්න මාතලන්

    ReplyDelete
    Replies
    1. පිස්සූ.. ඒ විහිළුවට කියලා තියෙන්නේ..

      අරක කගෙද කියලා හැම එකාම දන්නවනේ.. ආයේ මක්කට කියන්නද... ඉඳගෙන..

      Delete
  8. යකෝ මිනිස්සු අන්දනව කියල මොහෙමත් අන්දනවද. මාත් හිතාන හිටියෙ කැළණිතිස්ස කියන්නෙ ඩීසල් තාප බලාගාරයක්ය, නොරොච්චෝලෙ කියන්නෙ ගල් අඟුරු තාප බලාගාරයක්ය කියලනෙ. දැන්නෙ මේ ඔක්කොම ජල විදුලි බලාගාර කියල දන්නෙ.

    අර නොරොච්චෝලෙ එක පරා අයියගෙ සමුද්දරේ යට අටවල හොට් වෝටර් ස්විමිං පූල් එක හදන අයිඩියා එකනං මරු ඈ..

    ReplyDelete
    Replies
    1. පට්ට කෙබර නේ බන් කෙලලා තියෙන්නේ මෙතුවක් කල්.. මමම ගිය නිසා හොඳා.. වෙන එකෙක් ගියා නම් මාෆියාවට මාට්ටු වෙනවා..

      තව කොච්චර නම් අයිඩියා තියෙනවද බන්.. කෝ ලොක්කා අපි ගැන සලකන්නේ නෑ නේ..

      Delete
  9. ඕන් මාතලන්තුමා විදුලි බලය සම්බන්ධ ජනධිපති උපදේශක කමකට පත් කොරෝනවයි ජනධිපති මාමා කිනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් ආස නැද්ද බන්, පොලෝසියට කින්ඩියක් දාගෙන. ජීප් වලින් හයි ඉස්පීඩ් පිඹින්න..

      Delete
  10. බස්නාහිරට 'තරු' ද මොක්කුද ඡන්දෙට බැහැලා හින්දා ලයිට් ඕනවෙන එකක් නෑ.

    ගිගාවොට් කතාකරලා වාර්තාවක් ඉල්ලුවොත් මාතලන් මොනවා ලියයිද කියලා කල්පනා කොලේ :-)

    ReplyDelete
    Replies
    1. එයාලා කව්ද බන්.. ලොක්කම කතා කරන කොට...

      Delete
  11. අපේ රටේ විදුලිය අතිරික්තයක් තියෙන්නෙ එකනේ මේ තවකාලිකව බලාගාර වැඩ නැවැත්තුවේ ,මාතලන් දන්නෙ නෑ නොවෑ පර විත්ත්‍රා දේවි මේ දවස් වල ඔය බලාගාර වල ඉදලා ඉන්දියාවට නුල් අදිනවා ,ඔය වැඩෙ ඉවර වුණ ගමන් අපි පැ 24ම ලයිට් දා ගෙන තමා ...


    එකේ පෙරහුරුවක් විදිහට නේ ඔය බයික් වල ඉදිරිපස ලම්පු දල්වන්න කිව්වෙ ,ඉතිරි ටිකත් කොට උඩ ගියොත් ඔක තමා අපේ පෑලෑන ...

    ReplyDelete
    Replies
    1. නිකන් ලයිට් නෙමෙයි හෙඩ් ලයිට් ගහගෙන යන්න කියලා කියන්නේ.. අනේ මෙහෙම ගොන් පොලීසියක්.. පොලෝසියට ජරාව දීලා කන පැලෙන්න පාරේ ද්කුණු පැත්තේ යන ප්‍රයිවට් බස් කාරයෝ ගැන නෝ කතා..

      Delete
  12. මගේ පැලේ අදුර නසන්න හිතෙනවා මටත් හිරුණිකාව ගෙන්න
    (සැ.යු :- රැට ලයිට් නැති වෙලාවට :D :D )

    ReplyDelete
    Replies
    1. කන්න වගේ යන්නේ.. උඹ දන්නෙ නැතිව බබාගේ සයිස් එක.. (හිරුනිකාට බජාර් එකේ කියන්නේ බබා කියලාය.)

      Delete
    2. බජාර් එකේ බබාලා
      බයිස්කොප්වල සේක්ෂි අක්කලා ඇන්ටිලා
      අපේ ගෙවල් වලට එන වෙලාවට තව තවත් බලාගාර කැඩියන්......

      Delete
    3. පබාලා බබාලා කොබාලා ඔක්කොම දේශෙපාලනේට ආවම ????????

      Delete
  13. ඇයි යකෝ රන්දෙනිගල රන්ටැඹේ ද මොනවද එව්වා නැවතිලා තියෙන්නේ ඒ පැත්තේ වල්ලා පට්ටා ගැහුවා........ හුටා, වැරදුනා. වල්ලා පට්ටා ශාක කැපීම නිසා බව අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... එහෙමත් කෙලියක්ද.. මම හිතාගෙන හිටියේ වැහි වහින්නේ.. වැස්ස වලාහක දෙයියෝ හුජ්ජා කොරන කොට කියාලා..

      Delete
  14. මේක මාතලං මල්ලිට සල්ලි දීල පල කරපු දැන්වීමක්.. ගාස්තු වැඩිකරන්න කලිං ..නිකම් මුට්ටියක් දාල බලපං මා‍තෝ කියල කිව්වයි කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. තව මක්කා වැඩි කරන්නද බන්.. රෙන්නෙත් ලයිට් නිවාගෙන.. මුලු ගෙදරටම එක ලයිට් එකයි දාන්නේ..

      Delete
  15. නරකද ලොක්කට කියල පවිත්‍රාව පන්නල ඒ පට්ටම ඔබතුමා ගත්තනම් :D

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි පන්නනේ....? ඔන්න ඔහේ පවිත්‍රාත් එක්කම ගන්න මාතලන්

      Delete
    2. හොඳ යෝජනාවක්.. ඒත් ඉතින් චිට් එකෙන් හරි පිස්සන් කොටුවට පැනගන්න එපාය..

      අනේ ඉවාන් උඹ මගේ මිත්තරයෙක් කියලා මම හිතාන උන්නේ.. තුඃ නොදෝමකින් උඹලා වගේ යාලුවෝ...

      Delete
  16. අතේ ගැසීම ප්‍රගුන කරමු. ගයේෂාගේ flying fish එකේ සීන් එක මතක් කර කර අෙත් ගසමු.

    ReplyDelete
    Replies
    1. මේකට සම්බන්ද කරුණක් නෙමෙයි නේද...?

      Delete
    2. මොකැ නැත්තෙ, තාම බැදල නැති නිසා අපිටත් ලයිට් නැති වෙලාවට කොරන්ඩ දෙයක් තියෙන්න එපැයි අප්ප

      Delete
  17. සයිලන්ට් සහන් කෝ ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ... පොලීසියට කියහන් බලන්න..

      Delete
  18. අපිටනම් වතුරත් එපා කරන්ට් එකත් එපා ඕනේ හිරුනිකා ඇන්ටි විතරයි.

    ආවොත් කරු…
    පායයි හිරු…
    ඒ ඉස්සර

    දිනුවොත් හිරු…
    පෙන්නයි තරු…
    ඒ දැන්.

    ReplyDelete
    Replies
    1. මම නම් ඉවාන් එක්ක මනාප පහක් ඉල්ලලා විරෝධතා ව්‍යාපාරයක් ගෙනියනවා..

      Delete
  19. විදුලි බල ඉන්ජිනේරු විජ්ජාව පිළිබඳ විසේසක් නයෙක් වසයෙන් කරපු යෝජනා ටික නම් මරු. උඹලා හිරුනිකාට අපි නදිශාට. :*

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ හිරුනිකාට දාන්න.. ඒත් දැන් කීප දෙනෙකුටම දාන්න වෙලා තියෙන්නේ.... නෑ නෑ බන්... ඒක නෙමෙයි ....... මනාප..

      Delete
  20. රට්ටුනං කියන්නෙ ඔය චීන්නු එහේ පාවිච්චි කරලා අයින් කරන එකක් මෙහෙ ගෙනල්ලා ඇටෙව්වා ඒ හංදා හැමදාම නොරොච්චෝලෙ කචල් කියලා..මහාචාර්ය මාතලං දරන මතේ මොකක්ද ඒ ගැන??

    ReplyDelete
    Replies
    1. රට්ටු කියන ඒවා කව්ද බන් විශ්වාස කොරන්නේ.. උඹලයි ගෙදරට නයි ටී ඇන් පේන්නේ නැතෙයි.. ඒක බලහන්... ඒකේ යනවා තනිකර ඇත්ත..

      Delete
  21. මම ඥානාර්ථ ප්‍රදීපය පත්තරයක දැක්කා නොරොච්වචා්ලෙ ලෙඩ දෙන්න හේතුව කතෝලික සභාවේ විරෝධය මත ඔක ගොඩනඟපු නිසා දේව ශාපයක් වැදිලලු

    ReplyDelete
    Replies
    1. දෙයියෝ පල් වෙලා වෙන්ට ඇති..

      Delete
  22. නියම වාර්ථාව මාතලන්! ඔය වගේම එළ ලිපි දෙකක් පව්ලූෂා මලයා හා සෑම් මලයා දාලා තිබුනා. ජයම වේවා උඹලගේ ලිවීම දියුණු වේවා!!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම සතුටක් තියෙන්නේ ඉවානුත් මේ වගේ ඒවා ලියන්න පටන් ගත්ත එක ගැන.. සැමා ඉතින් ජනරාලලයි කස්ටියනේ..

      Delete
  23. ලකෙන් පුයිට් තියෙන රටේ ලත්තෙන් හුයිට් දුන්නාම උඹට මොකෝ?

    ReplyDelete
    Replies
    1. ලත්තෙන් බැරි නම් ලම්බෙන් හරි දෙනවනම් එච්චරයි.. ලයිට් නැතිව වින්ද දුක දන්නේ, සැටලයිට්ගේ කාලේ කලුවරේ උන්න උන් විතරමයි..

      Delete
  24. කැලණිතිස්ස කේස් එක ඇත්තද මචෝ..
    අදමයි දැනගත්තේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවද බං

      Delete
  25. ගීතට,අනාට,ගයේසට,ජින්ජට ජන්දෙ දෙන්න රටටම විදුලිය දෙන නියම බලාගාර ඒවා

    ReplyDelete
    Replies
    1. ඇයි ඊට වඩා පවර්ෆුල් උන් පාර්ලිමෙන්තුවේ දැණුත් ඉන්නේ..

      Delete
  26. ඔය අළුතින් එන ලස්සන කෙල්ලෙක්ට දුන්නම් ඔය ප්‍රශ්ණේ ලේසියෙන්ම විසදගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් මාෆියාව හෙල්ලිලි බොරු..

      Delete
  27. කැළනිතිස්සේ සිසිලන කටයුතු සඳහා ප්‍රධන වශයෙන් ජලය භාවිතා කරනව. ඒත් ඒක චක්‍රීය ක්‍රියාදාමයක්. සිසිලනයේදී වාශ්ප ලෙස පිටවන ප්‍රමානය තමයි ගන්නේ... ඒක ඕනම තාප බලාගාරයක වෙන දෙයක්.. නොරොච්චොලේ ගැන කියනවනම් ජපන්නු අපිට දෙන්න හිටපු එක රජයේ මැදිහත්වීම්, ක්‍රියාකලාප නිසා ජපන්නු ඒක දාල ගියා..චීන්නු දීපු එක බාල කොලිටි තමයි. හැබැයි විදුලි බල මණ්ඩලේට තනි තීරන ගන්න බෑ ඔය සම්භන්දව.. පවතින ආණ්ඩුවේ තීරන..
    ගිවිසුම් අනුව 01 කොටසට ලංකා ඉන්ජිනේරුවන්ගේ මැදිහත් වීමකින් තොරව තමයි කටයුතු සිද්දවෙලා තියෙන්නේ, නමුත් දැන් 02 හා 03 කොටස් ජාතික පද්දටිය හා සම්බන්ද කිරීම පරක්කු වෙන්නේ ලාංකික ඉන්ජිනේරු මැදිහත් වීම නිසා තත්වයෙන් උසස් නිමාවක් ලබා ගන්න...
    නිකන් එක එක්කේන කියන පලියට බාහිර දේ ගැන පමණක් බලල තීරන ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට බෝලේ පාස් කරලා අත හෝද ගන්න එක තමයි හැමදාම නිළධාරි කලේ. ජනතාවගේ සල්ලිවලින් පඩි කකා. මේවා බලන්න, අනුමත කරන්න, කොටින්ම ෆියසිබිලිටි ඉස්ටඩී කොරන්න යන්නේ දේශපාළඥයෝ නෙමේනේ, මේ ගැන දැණුවත් අය. එහෙම අය ජරාවට යට උනාම රටටම හෙනේ. අද ආරංචියි, තවත් බලාගාර දෙකක් අළුත්වැඩියාවට වහන්න යනවා කියලා. මේ රටේ ජනතාව හරක් උනාට. ඔක්කෝම එහෙමයි කියලා හිතන්න එපා. ඇතුලේ වෙන ජිල්මාට් ඔක්කෝම අපිත් දන්නවා. පොඩි පොඩි පවර් ප්ලාන්ට් වලින් එන ජරාවට ඔක්කෝම යටයි.

      Delete
    2. ෆියසිබිලිටි ඉස්ටඩී කොරන්න යන්නේ දේශපාළඥයෝ නෙමේ වුනාට ඒ යන කෙනා දේශපාලනයට සහ ජරාවට යට වුනාම ඔහුගෙන් නිකුත් වෙන්නේ නිවැරදි තීරණය නොවෙයි නේ. අන්තිමට තීරණය ගැනීමට වැදගත් වූ ක්‍රිටිකල් ෆැක්ටර් එක තාක්ෂණික සහ ආර්ථික කරුණු නොවේ. යාන්ත්‍රික ඉංජිනේරුවන් ගන්න ඕන තීරණ විදුලි ඉංජිනේරුවන්ට ගන්න දුන්නම ප්‍රශ්න ඇතිවන එක අහන්න දෙයක්ද?

      Delete
  28. මාතලන් මහතානෙනි.ඔබට මතකද ස්ත්‍රීවාදය නමින් බ්ලොග් එකක් තිබුනා.ඉතින් ඒ බ්ලොග් එක වසා දැමුනා.නමුත් අන්තර්ජාලයේ අතිභයානක ලෙස ස්ත්‍රීවාදය හිස ඔසවමින් අති නිසා එය යළි පටන් ගන්නට තීරනය කළා.මෙය වසා දමා මම පාඩුවේ ඉන්න් උත්සාහ කලත් ඊට ඉඩක් නැති බවයි පේන්නේ.සමාජයට හානිකර දේවල් දෙස බලා ඇස කන පියාගෙන සිටීම ඔබේත් මගේත් පිළිවෙත නොවේ.එනිසයි මේ යළි ආවේ

    ReplyDelete
    Replies
    1. අපිට අඩු වෙලා තිබුනේ ඔයා වගේ කෙනෙක් තමයි,දැන් ඒකත් හරි.දුටුගැමුණු කුමාරයා පහල වුනා වගේ.

      Delete
    2. නියමයි... කියලා වැඩක් නෑ.. අඩු වෙලා තිබුනේ එච්චරයි...

      Delete
  29. යකෝ මුන් ඔක්කොමටම ඒ සැරේ කසකාරයව අමතක වෙලානේ. හිරුනිකර්, ඉගුරුකෑල්ල, පියාඹන මාලුකෑලී ගැන කතාකලාට අපේ නදීශා නන්ගී ගැන ඉවාන්ටත් අමතක වෙලානේ. මම නම් ජන්ද කොමසාරිස් තුමාගෙන් ඉල්ලන්නෙ, ජන්ද ක්‍රමය වෙනස් කරලා පක්ශ බේදයකින් තොරව අපි කැමති කෑල්ලකට මනාපෙ දෙන්න පුලුවන් විදිහට මනාප හයක් වත් දෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. කෑලී ටිකට මාට මාකට් එකක් නෑ තියෙන්නේ..

      Delete
  30. ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා, හිරුනිකාටත් එකක් දෙනවා පලිය ගන්න බලේ ඕන නිසා, මං මේ කල්පනා කොලේ අනිත් එක කාට දෙන්නද කියලා ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඕන් ඔය කාට හරි දීලා දාහන් බන්.. අපරාදේ නේ නොදා ඉන්න එක..

      Delete
    2. //ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා//

      හෑ....සුදීකත් ගයේෂගෙ ඉගිලෙන මාලුවා දැකලා තියෙනවද?

      Delete
  31. මාර කේස් එකක් නේ...එතකොට අප්පා කාලෙකට ඉස්සර තඩි ඩීසල් ජෙනරේටර් කැලණි ගඟ දිගේ ගෙනාවා නේද පාරෙන් ගේන්න බර වැඩි කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ බොරුවට කියන්නෙ.. නැත්නම් මිනිස්සු වතුර බොන්නේ නැතුව යනවනේ, රතුපස්වල වගේ..

      Delete
  32. මේවනෙ කතා හපොයි දෙකක් නෑ ලොක්ක එහෙම මේක දැක්කොත් දිව හපාගෙන වල කජ්ජ ගහනවාය... දෙකක් නැත...
    හැබෑටම අර රගපාංඩ ගිහිං අමාරුවෙ වැටුණ ඇන්ටිලාට කීව නං එයාල ඕකට විසදුමක් දෙන්නැතිවෙයිද ඈ.. එයාල නං ඉතිං තැනේ හැටියට ඕන ඇනේ අල්ල ගන්න දස්සයිනෙ ආයිබංඩ
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. එයාලා නම් ඒවට දස්සයි කියලා හැමෝම කියනවනම් තමා...

      Delete
  33. මේ ලිපිය ලියන විට කොහෙවත් ඉන්න මමත් මතක් වෙලා තියෙන්නේ. පාලිමන්ට් ජෝක් වල මොකටද ටෙක්නිකල් කරුණු හොයන්නේ. කැළණිතිස්ස බලාගාරය දුවන්නේ ජලයෙන්ද නැද්ද කියා විදුලි බල ඇමති කම් දරපු අයවත් දන්නවාද සැකයි. ගන්නා තීරණ දෙස බැලුවම.

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ ආමාත්‍යංශයක් බාර දුන්නාමවත් ඒ ගැන හොයා බලන්න එපයි.. ඒකට නේ ඇමතියෙක් කියලා එකෙක් ඉන්නේ. උන් ඉන්නෙ වාහන වල නැගලා ගාඩ් දාගෙන මිනිස්සුන්ට පුස් පාට් පෙන්නන්න විතරයි..

      Delete
  34. නොරොච්චෝලේ වටේට තඩි ඒසි මැෂින් ටිකක් හයි කරොත් වැඩේ ගොඩ දාගන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. එකට කරන්ට් එක ගන්නෙ කොයිබින්ද....

      Delete
  35. මමත් රෑට ලයිට් ගියහම පබාවයි ශලනී තාරුකාවයි ගයේෂවයි මතක් කර කර අතේ ගහලා කැරි ටික යවලා සතුටු වෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න