.

.

Jan 15, 2014

ඔපරේෂන් සුදු කැස්බෑවා - Missing Turtle



සුදු කැස්බෑවා කෙළබෑවා කියා පත්තර වල, ටී වී වල හැම එකාම කප්පරක් ඒවා ඇද බෑවාය. අමල් පෙරේරා කිව්වේ කැස්බෑවාට ගානක් කිව්වාට, ඌව මකබෑවා වැඩේට එයාගේ සම්බන්දයක් නැතෙයි කියාය. සම හරක් පඩත්තල වේස කොල්ලෝ කිව්වේ, මුජිත විනි, කැස්බෑවාට ගෙම දුන්නා කියාය. අන්තීමේදි, කැස්බෑවා, අයිතිකාරයාගේ දුවගේ ගෙදර ඉඳලා හම්බ උනා කියා, කවදත් සත්‍යම පමණක් කියනා පොලිස් ප්‍රකාසොක මහතා දෙසාබෑවාය.

ඒ උනාට සම හරක් කියන්නේ, මේ ඒ කැස්බෑවා නෙමේ කියාය. මේකත් හරියට.. අර මිහිඳු හාමුදුරුවෝ ඇවිත් අහපු ප්‍රශ්ණ සැට් එක වගේ වෙලා තියෙනවාය. එතකොට, මේ කැස්බෑවාත් ඒ කැස්බෑවාත් ඇර තවත් සුදු කැස්බෑවෝ ඉන්නවාද..? කියා පොලිස් ප්‍රකාසකගෙන් අහන්න එකෙක් වත් නැතිය. මේ සෙල්ලම් හරියන්නේ නැති නිසා, මාතලන් තීරනයකට පැමිණියේය.

මාතලන්, කෙලින්ම කැස්බෑවා සමඟ බ්ලොග්පත් සාඛච්ඡාවක් පැවත් වූවේය. දැන් මේක අමු කෙප්පයක් කියා සම හරක් කියන්න පුළුවන්ය. මා සතුන් එක්ක කතා කරන්න ඉගෙන ගත්තේ ඩොක්ටර් "ඩූ ලිට්ල්" ගෙන්ය. ගැටළුවක් ඇතොත්, ඒ සහතිකය ඕනෑම වෙලාවක ඉදිරිපත් කොල හැකිය. මේවා සෝබෝන් වගේ බොරු ඒවා නෙමෙය. පහත් පළවන්නේ කැස්බෑවා හා මාතලන් කළ සංවාදයය.

හොහෙද මචෝ උඹ ගියේ....?
ගියා මචං... කීප තැනකටම ගියා... ඒත් වැඩක් උනේ නෑ. අන්තීමට මෙහාට ආවා....
දැන් සම හරක් කියනවනේ, නැති උන එකා උඹ නෙමෙයි කියලා...
සම හරක් නම් එහෙම කියනවා තමයි, ඒත් ඉතින් මම දන්නවනේ ඒ මමම තමයි කියලා....
දැන් ඔය උඹ උස්සපු කතාව ඇත්තද...?
පට්ට බොරුවක්නේ මාතේ. මාව උස්සන්න මම බබාද..?
එහෙනම් මොකක්ද උනේ...? මොකක්ද ඇත්ත කතාව....?
උඹ මෙහේ ආපු එක හොඳයි.. නැත්නම් මේ එක එකා නිකන් අමාරුවේ වැටෙනවා, මේක දැක්කහමවත් කස්ටිය තේරුම ගනියි මක්කද උනේ කියලා..
ඉතින් බයිලා නැතුව කියහන්කෝ කතාව...
උඹ දන්නවනේ මගේ වටිනාකම කීයද කියලා.?
ඔව් දන්නවා..
ඒත් ඉතින් දන්නේ දැන් නේ.....?
ඒක ඇත්ත..
උඹ කලින් දැනගෙන උන්න නම්..., එහෙනම් උඹ උනත්, මට ගේමක් දෙන්න ඉඩ තියෙනවා....
ඒක ඇත්ත....,කවුද බන් දන්නේ ඈලි පොරවල් මෙච්චර වටිනවා කියලා...., අපේ ගෙවල් ගාවත් ඈලි පොරක් ඉන්නවා....., ඌත් දැන් හෙන ගනන් උස්සලා ඉන්නේ.. බොඩි ගාඩ් කෙනෙකුත් දාගෙන එහෙ මෙහෙ යන්නේ..
මේක අස්සටම වෙලා ඉන්නවට වඩා මටත් හිතුනා පොඩි ආතල් එකක් ගන්න ඕන කියලා. අර කොල්ලුපිටියේ නයි නංගිගේ නයා වගේ..
ඉතින්..
ඉතින් මම ඉස්සෙල්ලම ගියේ කවුරුත් යන කොල්ලුපිටියේ මහ රජා හම්බ වෙන්න..මහ රෑම මම ගිහින් ලොක්කා හම්බ උනා.. එයා පොඩ්ඩක් බය උනා..
අර මොකෝ....?
පස්සෙ කියන්නම්කෝ..., අහගෙන ඉදහන්කෝ කළබල වෙන්නේ නැතිව.. ..
ඉතින්..
එයා කිව්වා.. උඹ නිකන් මට දෙයියෝ එව්වා වගේ, මට පොඩි උදව්වක් කරහන් කියලා..
ඉතින්..
එහෙම කියලා.. එයා මට රහසක් කිව්වා....
ඒ මොකක්ද ඒ...?
රහස් කියන ඒවා එහෙම කියනවද බන්..
ඉතින් ඉතින්..
ඉතින් මම කලේ ඊට පස්සේ අමල් පෙරේරගෙ ගෙදර ගියා...
අම්මට හුඩු එහෙනම් කතාව ඇත්ත..
මොන කතාවද..?
අමල් තමයි උඹට ගේම දුන්නේ කියලා..
මොන පිස්සුද බන්.. පොර මාව බලන්න කීප සැරයක් ආපු නිසා, මට හිතුනා පොර බලන්න යන්න ඕන කියලා..
ඉතින් ඊට පස්සේ..?
"ඉතින් ඊට පස්සේ..." කියන්නේ, චිත්‍ර කතාවක් නේද....?
ඔව්.. ඔව්... උඹ කතාව කියහන්කෝ..
අමල් කිව්වා... "විගහට පලයන්, මම මාර අමාරුවක වැටිලා ඉන්නේ.., උඹ මෙහේ උන්නොත් හෙම, මට වැලිකඩ තමයි සින්දු කියන්න වෙන්නේ...." කියලා..
අම්මට හුඩු, පව් ඔයි ඌ..
කව්ද..?
අමල්..
ඊට පස්සේ මම ගියා මගේ මොල්ඩිව්ස් යාළුවෙක් ගාවට..ඌ කිව්වා, "පැත්ත පලාතේ එන්න එපා...., මට මෙහේ ක්ලබ් ගානේ ගිහින් ආතල් ගන්නවත් බැරි වෙනවා.... උඹ හදන්නේ මගේ වීසා එකට කෙලින්නද....?" කියලා..
හරි හරි..
පොලිස් කාරයන්ගේ ගෙවල් වලත් ගියා.. උන් කිව්වෙත් ඔය කතාවමයි.. "ඇමරිකාව හොයන ත්‍රස්තවාදියෙක් තියාගෙන උන්නත්.., උඹව නම් තියා ගන්න බෑ.... ආපු අතක් බලාගෙන පලයන් යකෝ....", කියලා..
ඉති.......................න්...?
පස්සේ මම මහන්සි කියලා බලන්නේ නැතුව ගියා මොණරාගල..
අප්පට හුඩු මොණරු බලන්න වෙන්න ඇති.. මොණරු බලන්න එහේ යන්න ඕන නෑ.... දැන් මොණරු බලන්න හුඟක් අය යන්නේ මත්තල.. මොකෝ, සුද්දොන්ට යාල කැලේ දූවිලි නාගෙන යන්න ඕන නෑ කියලා, උන් එනවා ප්ලේන් එක ගාවටම..
අප්ප්ට සිරි ඒකත් එහෙමද..?
ඔව් බන්.. එහෙම ඇවිත් පොඩි අනතුරක් උනාම.. මේ පඩත්තල කොල්ලෝ, වලත්ත කතා කියලා, ෆෙස් බුක් එකයි, ගොසිප් සයිටුයි පුරවනවා..
මම ගියේ නම් මොණරු බලන්න නෙමෙයි.
එහෙනම්....?
මුජිත විනි හම්බ වෙන්න.. එයා වන ජීවීන්ට, දුර්ලබ සත්තුන්ට මාර ආදරේලු නේ....?
ඒක ඇත්ත.. මමත් අහලා තියෙනවා.. නැති වෙච්ච අලි පොත හොයා ගත්තෙත් පොරනේ....
එයත් කිව්වේ අමල්ගේ සින්දුවම තමයි.. "අපොයි ගොයියෝ.... මාවා ඝාතනය කොලත්, පොඩි කාලේ ඉඳන් අමාරුවෙන්... මහ ඇමති කමත් පූජා කරලා හදා ගත්තු, මගේ කීර්ති නාමෙද මක්කද එකක් නැති කරන්නේ නැතිව ආපු තැනකට වහන් වෙයන්....." කියලා..
හිතා ගන්නත් බෑ....... ඔච්චර වටින පොරක්, ඇමති කෙනෙක් එහෙම ලේසියෙන් අත අරියි කියලා..
සමහර වෙලාවට මට වඩා වටින් උන් එයාට ඇති..
සමහර වෙලාවට එහෙම වෙන්න ඇති..
දැන් ඉතින් මට හොඳටම මහන්සියි.. බඩත් ගිනියි.. ඒ පාර මම කලේ මාව හදාගත්ත එකා ගාවටම ආපු එක..
අප්ප්ට බොල....
ඌ කියාපි, "යකෝ තෝ නැති උනානේ... දැන් ඉතින් මෙහේ ඉන්න බෑ.... මම පොලිසියේ විතරක් නෙමෙයි, ඉන්ටපෝල් එකෙත් ඇන්ට්‍රි දාලා තියෙන්නේ... උඹ ගිහින් දූලගේ ගෙදර නැවතියන්...." කියලා..
මාර රවුමක්නේ..?
ඉතින් අන්තීමට මම දුවගේ ගෙදර ගියා....එහේ ඉඳන් පොලීසියට කෝල් එකක් දුන්නා මගේ වැඩේ ඉවරයි.. මම දැන් මෙහේ ඉන්නේ කියලා..
වැඩේ කිව්වේ...?
ලොක්කා කිව්ව වැඩේ..
ලොක්කා මොනවද උබට කිව්වේ..?
"බන්දුලලා, ඇස් බීලා, විමලෙලා, මර්වියලා ගහන බයිලා දැන් නැගලා යන්නේ නෑ.. අර මහ බැංකුවේ කබර රාල, කෙප්ප ගනන් හිලව් දීලා, එක තැනකින් වත් ණයක් දෙන්නේත් නෑ.. බඩු මිල ජොනියට තියා, වයිමටවත් කොන්ට්‍රොල් කර ගන්න බෑ.. ඒ නිසා, පලාත් සභාවක් විසුරවනකන් පොඩි ආතල් එකක් දියන්.. ටික කලකට දන්න තැනකට ගිහින්, වහන් වෙලා හිටහන්, එතකොට අපේ ගොන් හරක්ට වගේ වගක්  මතක නැතුව.. ඔක්කෝම උන් උඹ ගැන කතා කොරයි... මට මේ උදව්ව කරහන්.. මම උඹට ඕන දෙයක් කොරලා දෙන්නම්..." කියලා
ඉතින්...?
ඉතින්... මමත් අමල් වගේම බුලත් කොලේට මනාප නිසා, කොහොමෙයි බන් ලොක්කගෙ කීමක් අහක දාන්නේ..????? 


-x-

140 comments:

  1. සුදු කැස්බෑවා ගීතා ව හම්බුවුනේ නෑත්ද?

    ReplyDelete
    Replies
    1. ගීතව විතරක් හම්බ උනා නම් තව කී දෙනෙක්ගේ හිත් රිදෙනවද...?

      Delete
  2. ඌත් නොවන වෙනකෙනෙකුත් නොවන උගෙත් නොවන වෙන කෙනෙකුගෙත් නොවන සුදු කැස්බෑවා......

    ReplyDelete
    Replies
    1. මොළේ අවුල් වෙන කතා කියන්න එපා වෙද මහත්තයෝ..

      Delete
  3. ඔයා හරි නරකයි. මට දැන් 'සමහරක්' කියන එක ලියන්ටම බෑ ලියවෙන්නෙම 'සම හරක් ' කියලා...:(

    ReplyDelete
    Replies
    1. ඒක හරි බං එහෙමම ලියපං සහෝදරී !!

      වැඩිහරියක් ඉන්නෙ උන් තමා !!

      Delete
    2. අවුලක් නෑ.. එහෙම ලියන එක කෝකටත් හොඳා... මෙතනත් එහෙම එකෙක් කොමෙන්ට් එකක් දාලා තිබ්බේ..

      Delete
  4. [ එතකොට අපේ ගොන් හරක්ට වගේ වගක් මතක නැතුව.. ඔක්කෝම උන් උඹ ගැන කතා කොරයි...]
    ලොක්කගෙ මේ කතාව නම් හරියටම හරි වගේ

    ReplyDelete
    Replies
    1. ලොක්කා කවදත් හරි කතාම තමයි කිව්වේ..

      Delete
  5. නෙද්දකින් මේ කැස්බෑවා වටේ ගිහිල්ලනේ ..., කෝටි තුනහමාරක් දීලා අරගෙන මේකව කන්න හිතෙනවා මට ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්කම් ටැස් එකෙන් ගෙදර ඒයි..

      Delete
  6. යකෝ මම දැනගෙන හිටියේ නැනේ අපේ ලොක්කා මේ ගෙම දුන්නෙ කියලා ...හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කා හෙන වැඩ කාරයා කියලා නැවතත් ඔප්පු උනා ,අර පොලොන්නරුවේ පොඩි එකාට වැරදුනා වර්ත්ද ?අවු :18 ක් නෙවි මේ රජ සැප අවු :28ක්ම ඕන ...

      Delete
    2. ආයිබෝවේවා...... මහ රජානනේ..

      Delete
  7. තුන් මසක් ඔබ අප පිනවූ 'සුදු කැස්බෑවා" ටෙලි නාටකය මෙසේ නිමාවට පත්විය. දෙවෙනි මාලාව (2nd series) ලඟදීම බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. සුදු කෑස්බෑවා යලි එන්නේ නැත. ඒ වෙනුවට සුදු නංගිලා පිරිසක් ඉදිරියට පැමිණ ඇත.

      Delete
  8. අපේ රටේ ප්‍රධාන ජනමාධ්‍ය බොහෝ විට කොරන්නේ කටට හැපෙන කුණු රසය වැහෙන නිව්ස් ටික රටේ ප්‍රධාන නිව්ස් කිරීමය. මිනිස්සුන්ට බලපාන වැදගත් ප්‍රශ්ණ පැත්තක තියෙද්දී , නිව්ස් වල වැඩියෙන් කාලය ගතවෙන්නේ මෙවන් නිව්ස් රස කර ඉදිරිපත් කිරීමටය.මිනිස්සු මේ කුණු නිව්ස් රටේ නිවුස් කර ගනිද්දී, රටේ තක්කඩි ටික තමන්ගේ මඩි තර කර ගනිති...ආයතනගත නීතීය බිද වැටීම, මිහින් ලංකා, හෙජින් සුදු අලියෝ අමතක කර අනාගත නයි නලගන සුදු කැස්බෑවා පහල වෙන තෙක් වර්ථමාන සුදු කැස්බෑවා අනූමෝදන් වී ආසියාවේ ආශ්චර්‍ය පහල වන තුරු බලා හිදිති. ,

    නයි නළගනලා, සුදු කැස්බෑවලා යලි යලිත් මතක් කරන්නේ රටේ ප්‍රධාන මාධ්‍යයනේගේ නිරුවතයි...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මයියා!!

      Delete
    2. ලොක්කා මාධ්‍ය කරයෝ බා ගත්තේ විපක්ෂයේ සිටිද්දීය. ඒ තින් ඔහුගේ ඉදිරි දැක්ම ගැන, අද ඉන්න හාල්පාරුවෝ බොහෝ දෑ ඉගෙන ගත යුතුය. මහා ළොකු වික්ටර් අයිවන් පවා මහින්ද මහත්තයාට වච්නයක් හෝ නොකියා මිය ගිය ජේ ආර්ම පට්ට ගසන්නේ, කොරන්නට වෙන දෙයක් නැති නිසාය.

      Delete
  9. වටේ ගියපු එකෙක් මොකට වද්දගත්තද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඒක නේ කරුමේ.. මේ කොමෙන්ට් එකේ යටි අරුතට මම බොහොම මනාපයි..

      Delete
  10. සුදු කැස්බෑවෝ උබට ගිය කලක්...

    ReplyDelete
    Replies
    1. එකෙක් නම් මරලාඅ දැම්මා.. අනික් උන්ටත් ඒ සැන්තෑසියම තමා

      Delete
  11. ඈත්තටම එහෙමද දන්නෑ වුනේ නේද?

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින්..... මගුලක් කතා කරනවා... ඉඳගෙන...

      Delete
  12. Replies
    1. උඹ ඉතින් කොටුව ඇතුලේ හිර වෙලා ඉන්න බුවා බව කවුරුත් දන්නවා නොවැ..

      Delete
    2. නලින්ලයි ගෙවල් පැත්තේ කැස්බෑවෝ නම් එන එකක් නෑ.. ඒත් බ්ලොග් කාරයෝ නම් වැහි වැහැලා එනවා කියලා ආරංචියි....

      Delete
  13. දැන් ආපහු කැස්බෑවගෙං ෆිලුම් එකක් කොරයිද මන්ද මේක මරු ස්ක්‍රිප්ට් එක කියල...
    අපිට තියෙන්නෙ කැමති නමක් හිතාගන්න තමා.. හිහ් හී..
    කැස්බෑවටත් එක තැන ඉන්න බැරිව කොරගත්තු විජ්ජුම්බරේ.. මට අනිවා එකක් කියන්න පුළුවන.. ඒ මේ සිද්දවූ ලහුටු සීන් කෝන් එකට කැස්බෑවාගේ වීසා කැංසල් කොර ඌටම වැරදි පටවා උටම සොට් එක දීමට හැකියාවක් ඇද්දැයි ලොකු ඇත්තන් හිතනවා ඇත කියාය. පහුගිය දවස් වල සිද්ද වූ සීන් කෝන් එක්ක බලද්දී එය නොවෙන්නත් බැරි කමක් නැත්තේය

    ReplyDelete
    Replies
    1. කැස්බෑවා දැන් කියන්නේ... "මට මතක නෑ...." කියාය...

      Delete
  14. යකෝ, ඇත්තටම මූ කොහේ කොහේ ගියාද දන්නෑ නේ....මරු දෙබස....:v

    ReplyDelete
    Replies
    1. කතා කරපු ඔක්කෝම ලිව්වා නම්.. මටත් වෙන්නේ සුදු කැස්බෑවට වෙච්චි දේම තමා..

      Delete
  15. ඔබතුමාට පින්සිද්ද වෙන්න අපිත් ඇත්තටම උනේ මොකක්ද කියල දැනගත්ත :D

    ReplyDelete
    Replies
    1. ඔවි ඉතින්... අපි ඉන්න හින්දම හොඳා....

      Delete
  16. ඔය එකෙකුටවත් ඕකව මරාගෙන මස් කන්න හිතුනෙ නැති එකනෙ පුදුමෙ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කන එකත් ඇලි වෙයි කියලා පොඩි බයක් ඇති..

      Delete
  17. හනේ අනිච්චං කැස්බැට ගිය කල.ලබන පාර මූත් චන්දෙට එයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හහහා... සිරාවට බං! :))

      Delete
    2. කැස්බෑවට නෝ චාන්ස්.. ඊට වඩා ඉස්ටාර්ලා වැහි වැහැලා...

      Delete
  18. වහන් වෙලා ඉන්න මාතලන් අයියා ඊලගට ඔය කැස්බෑ නඩුවාරවලටත් උස්සන් යයි ඔයාව :D

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචෝ උපදේසෙට.. උඹලා වගේ උන් තමා අපිව රැක ගන්නේ...

      Delete
  19. එහෙමයි උනෙ ඈ.........

    ReplyDelete
  20. මාතලන් ලොක්ක අපිල දන්න ඒවලින් භාගේ නොවැ ලියල තියෙන්නේ...
    හැක්.. හැක්.. දිනමිණට දාගන්න වගේ හැම ලිපියක්ම.....
    අද ලිපියේ අඩු පාඩු ගොඩයි මචෝ.....

    ReplyDelete
    Replies
    1. කැස්බෑ කේස් එකේදී මටනම් සැක කෙන්ජයියව...:D

      Delete
    2. ඔක්කෝම ඒක්ක ලිව්වා නම්.. බලධාරියා විසින් කපා හරිනවා.. හරියට අර පාර්ලිමන්ට් ජෝක්ස් ලයිව් ටෙලිකාස්ට් එක වගේ...

      Delete
  21. වෙන මොනවා කියන්නද!
    කතාන්දරයට ලයික් එකක් දාන්නේ නැතිව....!!

    මේ කතාන්දරය මුලින් ඇවිස්සෙනකොටම, ඔළුවට ආවේ පළාත් සභා විසුරුවීම ගැනයි. කුඩු කාරයෙක්, තනියම අධිආරෂිත බිඳ කටුගේ හිස් කරයිනම් සුදු කැස්බෑවෑ ගැන කුමක් කියමුද. නමුත්, කටුගේ වූයේ සොරකමක් සමඟ ධවල නාටකයකි. මේ පළාත් සභා ධවල නාටකයකි.

    ReplyDelete
    Replies
    1. සිඳුවන සිඳුවීම් අනුව නම් පෙනෙන්නේ.. මේ තවත් එවැනිම පිටපතක් බවකි..

      Delete
  22. ජාන වෙනස් කරගෙන හරි මටත් ඇලි වෙලා ඉපදුනානම් කියලා හිතෙනවා.

    මේ ඒක නෙමේ මාත් ඔය පඩත්තල කොල්ලෙක් කියලා හිතන්න එපා. කැස්බාවා කතා කොරේ හින්ගලෙන්ද?? හි…… හි………

    එළ දෙබස ආ මාතලන් අයියෙ. මට මතක් උනේ ගිය සතියෙ පිටිදූවේ හාමුදුරුවන්ගෙ මවුබිම පත්තරේ ගිය ලිපිය.

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු සාඛච්චාව.. අන්තීමට හාමුදුරුවෝ තමයි ප්‍රශ්ණ අහන්නේ...

      Delete
  23. කාටූන් එකකට මරු... හි හි... බෙරළුයි ගලයයි ඉන්න එකට එහෙම...

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම... බොරළුගොඩ නම් පට්ට ඩයල් එක...

      Delete
  24. ඇයි කැස්බෑවා සහ මාතලං දෙන්නා එකිනෙකාට මචං කියා ගන්නේ?

    ReplyDelete
    Replies
    1. දෙන්නම සුදු නිසා...

      Delete
    2. කට්ට නිසා නෙමෙයිද?

      Delete
    3. ඒ කියන්නේ අර ගණන් උස්සලා බොඩි ගාඩ් කෙනෙක් එහෙම දාගෙන ඉන්නේ මාතලන්ද?

      Delete
    4. අත් දෙකත් පපුවට තද කරගන කද උඩින් ඔලුව කෙලින් තියාගන බලනකොට කැස්බෑවෙක් වාගේ තමා

      Delete
  25. හැබැව හැබැව.දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙ කැස්බැව.හැබැයි අයිති පොර පව් මට පේන විදියට.මෙයාගෙන් තමයි මම හිතන්නෙ අර නවදැලියත් මුහුදට දාන්න අරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ ඉතින්... කවුද දන්නේ හැබෑට...

      Delete
  26. කැස්බෑව ගියේ නැද්ද දන්නෑ නදීශා හේමමාලි හම්බෙන්න??

    ReplyDelete
    Replies
    1. නෑ.. කැස්බෑවා පොදු පෙරමුණේ එකෙක් නේ..

      Delete
  27. උඩ කමෙන්ට් එකේ තියන ප්‍රශ්නෙම ඇවිත් තමා මමත් පහලට ආවේ කමෙන්ට් කරන්න.. එහෙ විතරද කොහෙද මිස් වෙලා තියන්නේ..

    ReplyDelete
    Replies
    1. එහේ ගිහින් නෑ.. මොකෝ එයා තාම යූ ඇන් පී නේ.. අනාගතේ කියන්න බෑ..

      Delete
  28. හි හි අනේ මෙහෙමත් මිනිස්සු.. 21 සියවසේද කියලත් හිතෙනවා. ගණ දෙවියෝ ගැන උණත් මට සැකයි, අත් වැඩිපුර ,මුණු වැඩිපුර තියෙන දෙවිවරු ඔක්කොම ගැන මට සැකයි..

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබට අත් වැඩිපුර නැති(අත් දෙකක් ඇති) මුහුණු වැඩිපුර නැති(මුහුණු එකක් ඇති) දෙවියෝ ගැන විශ්වාසයි. එහෙම දෙවියෝ 21 සියවසේද අයද?

      Delete
    2. මගේ ප්‍රකාශයෙන් ඔබට ගම්‍ය වුණේ එසේද?

      Delete
    3. එසේය අපුර්වී. ඕවා මගේ වචන.
      අපුර්වී මේකත් බලලා ඔබට ගම්‍ය වෙන අදහස් දක්වන්න.
      http://upashantha.blogspot.com/2014/01/blog-post_1391.html

      Delete
    4. අනේ සොරි විශ්ව මං ඔය දිගට දිගට කොමෙන්ට් දදා වෙන කෙනෙක්ගේ දෙයක් අවුස්සා අවුස්ස පිටු ගණන් ගණන් හදන එවුවා කියවන්නේ නැහැ.. බ්ලොග් එහෙක මනුස්සයෙක්ට ගානක් වැරදුනාම සෑහෙන්ඩ මහන්සි වෙලා බ්ලොග් හදාගෙන ගණන් හද හදා ඒ මනුස්සයව අපහසුතාවට පත් කරනවා...මේ රටේ ඔයිට වැඩිය කොච්චර දේවල් සිද්ද වෙනවද...මට හිතාගන්නවත් බැහැ ඔයාලට ඔච්චර කාලේ කොහෙන්ද කියලා ,,ඒ වගේම මේ කොමෙන්ට් ඒකත් ලින්ක් එකකින් අනාගතේ කොහෙට හරි දායි..මෙන්න ඔමායා කියපු කතාව කියලා....සතුටු වෙන්න ඕනේ තරම් ක්‍රම මේ ලෝකේ තියෙනවා ,,, කෙනෙක්ව පහත් නොකර


      ඒ වගේම ඔයා මෙතනත් ඇදලා ගන්න හදන්නේ මගේ ආගම ගැන..මං අදහස් කලේ ඒක නෙමේ,, සුදු කැස්බෑවා කියන්නේ ඇලි සතෙක්නෙ.. ඒක නිලීන ජාන ප්‍රමුඛ වෙලා ඇතිවෙන යම් ආකාරයක විකුර්තියක්... ඉතින් ඒ කත් මිනිස්සු ඔය විදියට බලයක් තියෙන දෙයක් විදියට සලකනවා වගේ ඉස්සර විවිධ විකුර්ති සහිතව ඉපදිච්ච ළමයින්වත් ඔය විදියට දෙවිවරු විදියට සලකන්න ඇති.... මොකද ඕනේ තරම් දැනුත් ඉපදෙනවනේ බහු අවයවික ළමයි ඒකයි මං එහෙම කීවේ..

      Delete
    5. //බ්ලොග් එහෙක මනුස්සයෙක්ට ගානක් වැරදුනාම සෑහෙන්ඩ මහන්සි වෙලා බ්ලොග් හදාගෙන ගණන් හද හදා ඒ මනුස්සයව අපහසුතාවට පත් කරනවා...// ඔබ කියන්නේ ඔමායා තර්කානුකුලව වැරද්දක් පෙන්වූ විට වැරැද්ද නිවැරදි කරගන්නේ නැතිව වරද පෙන්වූ කෙනාට ගොනා බුරුවා කියලා අපහාස කරන එක හරිද? මෙතන කරන්නේ සත්‍ය පෙන්වීමක් මිස කෙනෙක් පහත්කර් ගන්නා ආතල් එකක් නොවේ.

      //ඔයා මෙතනත් ඇදලා ගන්න හදන්නේ මගේ ආගම ගැන// ඔබේ ආගම හින්දු දෙවියන් ඇදහීම නොවේ නේද? ඔබේ ආගමේ දේව රුප මම දැක නැත. ඔබේ ආගමේ දේව රුප වලට වදින්නේ නැහැ නේද? ඔබේ ආගම මට ගැටළුවක් නොවේ.

      //මං අදහස් කලේ ඒක නෙමේ,, සුදු කැස්බෑවා කියන්නේ ඇලි සතෙක්නෙ.. ඒක නිලීන ජාන ප්‍රමුඛ වෙලා ඇතිවෙන යම් ආකාරයක විකුර්තියක්... ඉතින් ඒ කත් මිනිස්සු ඔය විදියට බලයක් තියෙන දෙයක් විදියට සලකනවා වගේ ඉස්සර විවිධ විකුර්ති සහිතව ඉපදිච්ච ළමයින්වත් ඔය විදියට දෙවිවරු විදියට සලකන්න ඇති.... මොකද ඕනේ තරම් දැනුත් ඉපදෙනවනේ බහු අවයවික ළමයි ඒකයි මං එහෙම කීවේ// හොඳ අදහසක් ඇලි බව සහිත ළමයෙක් ලැබුනොත් දෙමවුපියන් සතුටු වෙයිද? නැහැ නේ. නමුත් සුදු අලියෙක් කියන්නේ ශුද්ධ වස්තුවක්.

      Delete
    6. \\හි හි අනේ මෙහෙමත් මිනිස්සු.. 21 සියවසේද කියලත් හිතෙනවා.\\

      ඔමායා ...දෙවියෙක් ඉන්නවා කියලා හිතාගෙන අහසට වදින, පිළිම වලට වදින කවුරු දැක්කත් මට නම් මේ 21 සියවසේද කියල හිතෙනව. ඒක බුද්ධාගමේද, ක්‍රිස්තියානිද, හින්දුද, මුස්ලිම් ද කියලා වෙනසක් නැහැ. දෙවියන් ගෙන් යමක් ඉල්ලන්නෙ, තමන්ට තමන්ගැන විශ්වාසයක් නැති වුනාම නේද?

      Delete
    7. සහන් ගේ කාරණේ ගැන කතා කරන්නේ නැහැ මං ඔය විදියටම සත්‍ය සොයාම යන්නකෝ අන්තිමට මොනාද ලැබෙන්නේ කියලා බලමු අපි ඔක්කොම... විහිළු හෝ උපහාසයක් නෙමේ ,,වෙන මොනාකරන්නද ඒකයි..

      /// හොඳ අදහසක් ඇලි බව සහිත ළමයෙක් ලැබුනොත් දෙමවුපියන් සතුටු වෙයිද? නැහැ නේ. නමුත් සුදු අලියෙක් කියන්නේ ශුද්ධ වස්තුවක්./// මිනිස්සු වෙච්ච අපි සතුටු නොවෙන්නේ එයා දුර්වල ජනිතයෙක් නිසා.ඒ වගේම ඉස්සර පෘතුගීසි කාලේ එහෙම දරුවෙක් ඉපදුනාම අම්මා කොච්චර කතා අහන්න ඇද්ද මිනිස්සුන්ගෙන් හි හි ..... ඉතින් අලියා නෙමේ ඕනේ සතෙක් සුදු කියන්නේ උගේ අමුතු බලයක් නෙමේ දුර්වල කමක් විතරයි මෝඩ මිනිස්සු ඔවුවා ශුද්ධ වස්තු කීවට ,,,..

      සුදු අලියෝ අපේ රටේ නම් ඕනේ තරම් ,,,විදුලිබල මණ්ඩලේ වගේ (පාඩුවක් ඇති කරවන නඩත්තු කරවීම අපහසු තත්වයකි)

      Delete
    8. DR @//දෙවියන් ගෙන් යමක් ඉල්ලන්නෙ, තමන්ට තමන්ගැන විශ්වාසයක් නැති වුනාම නේද?// ඔව් ඒක ඇත්ත මට හිතෙන විදියටත්.අපි නොදන්නා සහ නොසිතන පැති තියෙන්නත් පුළුවන්

      Delete
    9. මැක්කාගේ තතාව වගේ..

      Delete
    10. එහෙම අප්ෂට් අයගේ ගාන හා වටිනාකම වැඩියි.. ඒකනේ ඔය අප්ෂට් අලි උනත් ලොක්කා ගෙන ගානක් ගෙවලා ගන්නේ..

      Delete
  29. අම්මප මෙහෙමත් කැස්බෑවො...මෙහෙම අහිංසක මිනිස්සුන්ගෙ නම් කතා කොරන කැස්බෑවන්ට හොදක් වෙන්න නරකයි...හි හි

    ReplyDelete
    Replies
    1. උඹලා වැඩියේ හෙන ඉල්ලන්න එපා.. ආන් එකෙක් දැනටමත් මරලා දාලා...

      Delete
  30. දැන් ඔය හොයාගත්ත කෝටි තුනේ කැස්බෑවා කියන සතාට මොකද වෙන්නේ... නඩු භාණ්ඩයක් කරයිද? සත්තුවත්තට දෙයිද? ආපහු මූදට දායිද? නැත්නම් ගල් කරයිද?කියල මම මේ කල්පනා කරන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ටික (හතර දෙනාම.) දෙහිවල සත්තු වත්තට දෙන්න කියලා නඩු කාර හාමුදුරුවෝ කියලා.. හතර දෙනාටම බඩු තමයි.. කන්ගැට්ටා ඔතෙන්ටත් පයිනවට මේන් කැට.

      Delete
    2. දෙහිවල සත්තු වත්තෙ සත්තු හොරකන් කරන්නෙ නම් නෑ තාම (සත්තුන්ගෙ කෑම විතරයී) හෑබෑයි ජීවිතකාලෙ නම් අඩුයි.

      Delete
    3. @ ප්‍රා.......ඒ කාලෙනම් සුදු නයෙක්ව ඉස්සුවා. මාතාගේ යාළු කැස්බෑවාත් සුදු නිසා මොනවා වෙයිද කියන්න බැහැ. මුන් ආසම සුදු එව්වාට තමයි. සුදු වෑන්, සුදු නයි, සුදු කැස්බෑවෝ, ශුදු ගෑණු. මාතලන් පරිස්සම් වෙයන් උඹත් සුදුයි කිව්වා නේද?

      හැබැයි සුකැව මහජන ප්‍රදර්ශණයට තියන්නේ නැහැ කියලා නිව්ස් වලට කිව්වා.

      Delete
    4. //මාතලන් පරිස්සම් වෙයන් උඹත් සුදුයි කිව්වා නේද?//
      රනිල් රජකරන යූ ඇන් පී ආණ්ඩුවක් ආවොත් විතරයි මාතලං ඔය ප්‍රස්නෙට හැංගෙන්න ඕනෙ

      Delete
  31. ඔය කැස්බෑවාව දකුණු පළාත් සභාවට ඡන්දේ ඉල්ලන්න ඉදිරිපත් කරනවා සන්ධානෙන්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ.. නඩුකාරයා පිස්සු කෙලියනේ..

      Delete
  32. ආහ් එහෙමද වෙලා තියෙන්නෙ එතකොට ? මම හිතුවෙ ඌවත් අර චන්දනයව වගේ පිටසක්වලයො උස්සලා කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඌට මොකක්ද වෙලා තියෙන්නේ..

      Delete
  33. අම්මෝ මාතලං, මටත් හිතෙන්නෙ මේකම තමා වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් අලුතෙන් මක්කා හිතන්නය. මේ කැස්බෑවාගෙම කතාව නේ..

      Delete
  34. ඔය කැස්බෑ නාඩගමෙන්උනේ කිරි ඉබ්බන්ගෙ ගාන ලක්ශ පහ දහයෙන් නැගපු එක

    ReplyDelete
    Replies
    1. කිරි ඉබ්බා උනත්.. පැඩ්ඩාම නම් පැත්ත පලාතේ ඉන්න බැරිය.. ඒ වෙලාවට උන්ගේ මස් තියා.. උන්ගේ හතර වරිගයම එපා වෙනවාය..

      Delete
  35. කැස්බෑවන් ඇතිකිරීම නීති විරෝදී නේ. මුලින්ම හොරකම කියන්න පොලීසියට පැමිණිලි කරා කියන එකම තහනම් සතෙක් ඇතිකළා කියලා සාක්ෂියක් වෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වුනානම් වෙන්න ඕන. පැමිණිලි කල වහාම තහනම් සතෙක් ඇතිකිරීමට චෝදනා කරලා අයිතිකරු අත්අඩංගුවට ගැනීම.

    ReplyDelete
    Replies
    1. අතඩංගුවට ගන්න අමාරු ඇති... මොකෝ.. ඔය කැස්බෑ සන් රක්ෂන මද්යස්ථානේ තියෙන්නේ පොලීසියට එහා වැටේ..

      Delete
  36. මටනම් කැස්බෑවා මෙච්චර දෙයක් මාතලන් එක්ක කියපු එක ගැනත් සැකයි.. මේ හොරෙක් මංකොල්ල කාරයෙක් කියන මනුස්සයා එක්ක මේ කැස්බෑවගේ තියෙන සම්බණ්ඳේ හොයන්නම වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. කැස්බෑවා මොකද බන්.. ඔය මහ ළොකු බුද්ධිමත් ජනතාවා මනාප ලොට් ගනන් දීලා මහ තැන්වලට යවන්නෙත්, හොරු මංකොල්ලකාරයෝ වෙන කොට..

      Delete
  37. බලාගෙන ගියාම සත්තුන් එක්ක කතා කරන රහස දොස්තර කියලා තියෙන්නේ මෙයාටනේ. දියරකුස්ට කියන්න ඕනේ.
    කොස්ගොඩ ඔර්ගනයිසර් පට්ටමක්වත් ලැබෙයිද? මම කිව්වේ කැස්බාට

    ReplyDelete
    Replies
    1. කොස්ගොඩින් දෙහිවලට එවලා... එහෙන නොමිනේසොන් හම්බ වෙයිද දන්නේ නෑ..

      Delete
  38. මාතේ ..

    ඔය කතාකොර කොර ඉන්න අතරෙ හීංසැරේ කැස්බෑවගෙ පස්සෙ ගාතයක් කපාගෙන ආවනං හොඳ නැද්ද !!!!

    ගල් බාගෙට කැස්බෑ බයිට් !!! පුහ් !!

    ස්ව්‍ර්ගස්ත උනා වාගෙ හිටී බොල !!

    ReplyDelete
  39. කැස්බෑවා ආතල් එකක් අරන් එතකොට..

    ඇත්ත තමා ප්‍රශ්න වැහෙන්න කොරන ඒව නොවැ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා තමා කියන්නේ...

      Delete
  40. අන්න එහෙම උගෙන්ම සිද්ධිය අහ ගත්තම අහවරයි නෙ.. :)

    ReplyDelete
    Replies
    1. මේ පඩත්තල වේස කොල්ලෝ කියන ඒවා සත පහකට විස්වාස් නෑ බන්...

      Delete
  41. මචං අර අමල්ගේ යාළුවා මේ ළගදි මෝල්ඩිව්ස් වල ඉදල ඇවිල්ල ආයි ගියපු අර කසඩ ඩෙනිම් කාරයද??

    ReplyDelete
    Replies
    1. ඒක නම් කැස්බෑවගෙන අහගන්න බැරි උනා... ආයෙම හම්බ උනොත් අහගන්නම්

      Delete
  42. දැන් වත් ඔය කැස්බෑවාට කෙල්ලක් සෙට් කරලා පිළිවෙළක් කරලා දැම්මොත් හොඳයි. එතකොට ඔය කරදර ඉවරයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඌට කෙල්ලෝ වැහි වැහැලලු... සුදුයිනේ..

      Delete
  43. "ඇලි කැස්බෑ නෙත බලා හිඳිනවා අහස දකින්නට විය සිදුරෙන්
    පෙරුම් පුරාගෙන ටැංකිය බැලුවිට කැස්බෑවා නෑ අතුරුදහන් .."

    මාව උස්සපු එකා මමවත් දන්නේ නෑ යකෝ....මම කැස්බෑවා

    ReplyDelete
    Replies
    1. කැස්බෑවට වෙච්චි දේ උඹටත් උනාය කියලා බයේ මම නලියටත් කතා කොලා.. තරහ නැතිව පෝන් නම්බරේ ඊයක ගහලා විදහන්.. හදිසියකටවත් කතා කොරන්න...

      Delete
  44. පුදුමයි කැස්බෑවා නොකිව්වා...මට මොකවත් මතක නෑ ඕයී... කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් ඌත් එක්ක ඉන්ටවීව් වලට යන උන්ට ඌ කියන්නේ එහෙමලු.. හොඳ වෙලාවට මම මුලින්ම ගියේ...

      Delete
  45. අන්තිමට කැස්බෑව විකුනගෙන කන්න ගිහින් අතේ උන්නු එකත් නෑ, උස්සපු එකත් නෑ..කොටිම්ම බබිත් සුන් බබියගෙ අච්චිත් සුන්. මොකද අන්න ක්ලෝරීන් වැඩිවෙලා මාලු මැරිලලු සූ එකේ සූ ගාල. එහෙව් තැනට කැස්බැව දීල වක්කඩේ හකුරු එක්ක හංගන්න.

    ReplyDelete
    Replies
    1. උඹ කියපු වැඩේ වෙලා ඉවරයි අද වෙන කොට.. අනික් එකත් පණ අදිනවලු..

      Delete
  46. ඒ කියන්නෙ අන්තිමට කැස්බෑවම තමයි තනියෙන් ඉස්සිලා තියෙන්නෙ...කවුරුවත් උස්සලා නෑ...ආසියාවේ ආශ්චර්යය දැන්නම් හොදට දැනෙන ගානයි....

    ReplyDelete
    Replies
    1. ආස්චරය කියන්නේ ඒවට නේ බන්.. අනික් ඒවා සාමාන්ය...

      Delete
  47. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසනයේ සම සංවිධායක ලෙස සුදු කැස්බෑවා පත් කර ඇත. ගාමිණි ලොකුගේ මහත්තයාත් එක්ක බෙදාගෙන වැඩ කරන්න කියා උපදෙස් දෙන ලදී. හිරුනිකා වගේ බෙදාගෙන හෝ බදාගෙන වැඩේ කරගනියි. සම සංවිධායකලා පත් කරන්නේ එහෙමය.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට නාග මානික්‍ය වගේ එවුව කැස්බෑවන්ගෙ නැත්තෙ

      Delete
    2. කැස්බෑ මාණික්‍යය

      Delete
    3. කොහොමත් කැස්බෑව ආසනේ ඉන්නවා.. සියළු වැරදිවලින් නිදොස් කොට නිදහස් කරපු එකෙකුත්..

      Delete
    4. චන්දන ඇඟගැලා නේද ඉන්නේ?

      Delete
  48. නියමෙට ලියලා මාතලන් ගොයියෝ. මං මේ කථාව දැනගෙන හිටියේ නෑ. උඹේ කථාවෙන් ඒක දැන ගත්තා. මට දුක මම ආදරය කරන දක්ෂතාපිරි කළා කාරයෙකුගේ නමත් මේකට ඈඳුනු එකට. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. එයාට ගොඩාක් දක්සතා තියෙනවා කියලා සම හරක් කියන්නේ බොරු වෙන්න ඇති නේ බන්...

      Delete
  49. නියමෙට ලියලා මාතලන් ගොයියෝ. මං මේ කථාව දැනගෙන හිටියේ නෑ. උඹේ කථාවෙන් ඒක දැන ගත්තා. මට දුක මම ආදරය කරන දක්ෂතාපිරි කළා කාරයෙකුගේ නමත් මේකට ඈඳුනු එකට. උඹට ජය!!

    ReplyDelete
  50. තාරාවෝ ඉගිලෙති
    කැස්බෑවෝ පැනයති...

    ReplyDelete
    Replies
    1. රට වැසියා සූරා කති
      ජනතාව හූල්ලති....

      Delete
    2. හොඳම කොමෙන්ට් එක...

      Delete
  51. අර කොල්ලුපිටියේ නයා දැන් කොහෙද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එයා.. ආයේත් නයි හාමිට දුන්නා නේද... මට මතක නෑ ඕයි....

      Delete
  52. ඇති යන්තම් ඇත්ත කතාව දැන ගත්ත. සිරි ලංකාවේ මෙතෙක් පහල වුණු ලොකුම ප්‍රශ්නය විසදන්න ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වුණු මාතලන් නම් වූ දේශප්‍රේමී පුරවැසියාට මගේ බලවත් ප්‍රමාණය. බුද්ධිමත් ජහමනතාවට සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් පුදුම කැපවීමක් කරන්නේ.. උඹලා වෙනුවෙන්...

      Delete
  53. කැස්බෑවා අන්න බැන බැන ඉන්නවාලු මට ස්ප්‍රේ පේන්ට් ගහපු පොලිස් කාරයා අහු වුනොත් කනවා උගේ කැවුත්ත කියලා

    ReplyDelete
    Replies
    1. කොස්ගොඩ පොලීසියෙන් කැස්බෑවා එල්ලලා ගැහුවලු.. මේ නැති උන එකාම කියලා කියන්න කියලා...

      Delete
  54. කාලෙකට කලවැද්දෝ
    තව කාලෙකට කැස්බෑවෝ
    රට බල්ලාට ගියාම
    ඔහෝම තමයිලු ගොයියෝ.....

    ReplyDelete
    Replies
    1. රට බල්ලාට ගොහින්.. බල්ලෝ රජ වී ඇත...

      Delete
  55. චික් විතරක් මුනම් මහා එපාකරපු කැස්බෑවෙක්... මේකා රහස එලි කරලා...

    ReplyDelete
    Replies
    1. සත්තුන්ගේ කතා කරන රහස දන්න නිසා හොඳා...

      Delete
  56. ඕං අර කැස්බෑවෝ හතරදෙනාගෙන් පුංචිම එකා සත්තු වත්තෙදි මරාදාල....

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බ.. පරෙස්ස්මට තියාපු දේ ඈලීයාවට ගියා කිව්වලු..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න