.

.

Jan 14, 2014

මාතලන්ගේ පන්ති...! - Maathalan - Private Tuter



මාතලන් විසින් ආරම්භ කරන ලද අලුත්ම සෙල්ලම...

 
පන්ති ආරම්භ කලා..!!!

බොගක් දමන්නේ කෙසේද...?

තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීම..., මුල සිටම උගන්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි, සම්මාණ ලද..

මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

"බොග දැමිමේ පන්තිය..."

පළමු පන්තියේ සිට අවසාන පන්තිය දක්වාම සම්පූර්ණයෙන් නොමිලේ..

ගම්පහ - මොන්ටානා, නුගේගොඩ - රොටරියේ නොවේ..

අලුතෙන්ම ඉඳිකරන ළද "පැම්පස් සින්ඩියේ"..

ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.. පහත සඳහන් ලින්කුවට කොටන්න..


ගල් යුගයෙන්, සැටලයිට් යුගයට...

.o0O0o.

65 comments:

  1. අලුතෙන්ම ඉඳිකරන ළද "පැම්පස් සින්ඩියේ"..
    මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

    "බොග දැමිමේ පන්තිය..."
    ඔන්න අවා

    ReplyDelete
    Replies
    1. ආවා නම් සද්ද නැතිව ඉඳගනින් ඔය ඉඩ කඩ තියෙන තැනකින්..

      Delete
  2. ආවා ආවා ආවා......!!! මෙතෙක් ඔබ පුල පුලා වක පුට පුටා බලා සිටි පංතිය ආවා....අසුන් අසීමිතයි.....දිනක් පැමින වෙනස වටහාගන්න.......

    ReplyDelete
  3. ලොක්කා

    පිටිපස්සෙම පේලිය අපිට ඔනේ !!

    ඔබතුමාල වැඩේ කරන් යන්ඩ. අපිත් ඉන්නවා !

    ඉන්ටවල් එකේ පාවිච්චියට බ්ඩු හැංගුවා දොර මුල්ලේ..!!

    ReplyDelete
    Replies
    1. ගහන වෙලාවට බටත් ඇබිත්තක් දියන්...

      Delete
  4. වැඩේ හරි ගිය පසු ගාස්තු ගෙවීමේ ක්‍රමයක්ද සකස් කර ඇත...

    මට ෆ්‍රෙඩීගෙ සිංදුවක් මතක් වෙනවා මේ විදියට

    දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා
    කෙලින් යන්න කියාදීමෙ පන්තියකට ගියා
    මාස හයක් තැපෑලෙන්ම පාඩම් වැඩ කලා
    කෙලින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා........

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කොමෙන්ට් කියන්නේ මේවාටය..

      කකුළුවා මාගේ ප්‍රියතම සත්වයෙක්ය. සත්ව ලෝලියකු ලෙසද, මාන්ස බක්සකයකු ලෙසද, මාතලන් කකුළුවාට ප්‍රේම කරන්නේය. කකුළු හොද්ද සමඟ පාන් ටිකක්, ඉඳියප්පන් ටිකක් කන්නට ඇත්නම්, අමෘතය නොලැබුනාට කම් නැතිය.

      ප්‍රෙඩී සිල්වා ගැයූ, ප්‍රේමකීර්තී ලියූ සියළුම ගීත, අද දවසේ උදේ හවා ප්‍රචාරය කරන්නේ නම් බණ කියනවාට වඩා සේවයක් සිඳුවනවාය.

      කකුළුවා ගමන් කරන්නේ හරහටය, මාතලන් ගමන් කරන්නේද එසේය. කකුළුවා ළෝකයේ අනෙක් සතුන්ට වඩා වෙනස්ය. අපද ළෝකයේ අනෙක් අයට වඩා වෙනස් ජාතියක්ය. ඒ නිසා කකුළුවා ජාතික සත්වයා කොට, සින්හයා වෙනුවට කොඩියේ දැම්මද කිසිම අවුලක් නැත්තෙය.

      Delete
    2. මට ෆ්‍රෙඩී ගේ මේ සින්දුව මතක් වූයේ ඇයිද කියා කියන්නට තේරෙන්නේ නැතිය.

      "පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි..
      පාන්කිරිත්ති රබාන අරගෙන කරබාගෙන වයතෙයි...
      උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි..
      ඒවා බල බල තනී කෑදත්තෙක් කීචී බීචී කියතෙයි.."

      අහන්න ඔහු ගයන්නේය..

      http://www.youtube.com/watch?v=gvQV4tqoCz8

      Delete
    3. ඒ තොප්පියනං කකාට නියමෙට ගැලපෙනවා මහාචාර්ය මාතලන් තුමෝ

      Delete
    4. අන්තිමට එකෙ කියනව "මු අන්ග විකල කකුලුවෙකුයි සැවොම විහිලු කලා" කියල

      Delete
  5. හරි සෑර්...මටත් තියන්ඩ සීට් එකක්...නැගිටලා ප්‍රශ්න අහන්ඩ මොකක්ද මොකක්ද වගේ...චිට් එවුවාම බලනවා නේද සෑර්?.

    ReplyDelete
    Replies
    1. මේල් ඇඩ්ඩස් එකට එවාපන්.. ගොඩක් අය ඒකටත් එවනවා. වැඩියෙන් එවන්නේ මට නෙමෙයි අපේ අම්මට.

      Delete
  6. ඒ ගමන කෝලමක් නටනවා වගේ.. :D

    ReplyDelete
    Replies
    1. නෑ පුතේ... මේ කොලමක් ලියන හැටි උගන්වනවා...

      Delete
  7. ඔන්න මමත් ගිහින් බැලුවා. ඕවා අපිට නොවේ. නවකයින්ට නේ

    ReplyDelete
    Replies
    1. මේකට ආදරේ කරන ඒත් මක්කත් නොදන්න උන්ට.

      Delete
  8. ඉස්කෝලේ 10 වසරෙදි මං මැත්ස් ක්ලාස් එකකට ගියා ඒ සර් ෂෝයි කතා කියන නිසා..උගන්නනවට වඩා කතා ටික මරු..,,
    ඉදිරි පාඩම් සදහා ඔබ තෝරාගන්න චායාරූප ගැන හිතන්න බයයි ...

    ReplyDelete
    Replies
    1. බන්දුල සර්ගේ පන්තියේ උන්න නරකම ළමයි ටික තමයි අපි ටික. අන්තිමට කන්ට්‍රොල් කර ගන්න බැරුව අපිව එලවලා දැම්මා බල්ලෝ කියලා. අපි එයාගේ බයිලා වලට එදා ඉඳන්ම "සූස්" එක දාපු උන්. අද පේනවනේ රටටම කරන විනාසේ..

      Delete
  9. මං දන්න කෙල්ලෙක් හිටියා කොමස් කලත් රොටරියෙ සන්නස්ගලගෙ ක්ලාස් එකට ගියා බං උගන්නනව බලං ඉන්න ආසයි කියල.. !!!!

    පොටෝ එකේ ඉන්න අක්කටම දිගටම ක්ලාස් එක කොරන්ඩ කියන්න අපි එනවා නිවාඩු දාගෙන හරි !!!!

    නෑ නෑ ඉගනගන්න තියන ආසාවටමයි බොල වෙන දේකට නෙවෙයි..

    කීයක් ගියත් කාරි නෑ !!

    ReplyDelete
    Replies
    1. සන්නස්ගලගේ කතාවට මාත පුදුම මනාපයි.. ඒ වගේම තමයි ඒ අදහස්..

      Delete
  10. පැම්පස් දාලා ඉද්දි බොග දාන්න අමුතුවෙන් ඉගෙන ගන්නෝනිද මාතලන් අයියා..

    මේක දැකල මටත් ආස හිතුන බොගක් ලියන්න.. :))

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ දාන බොග මදි වෙලාද...?

      Delete
  11. /* ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි */

    ඇයි කාලා නිධි, B.A., L.L.A., උපාධි නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ තියෙනවා... බී ඒ කල්කටා (B.A. Kalkata) හැබයි ඒවා දැක්කාම වල් කොල්ලෝ බකල් කටා (BAKal kata) කියන්න ගත්තෝතින් කියා දැම්මේ නැතිය.. මා ලද තවත් සම්මාණයන්ද ලොප් කොට දැමූයේ, පෝදා මිනිසුන් ඊරිසියාවෙන් මුසපත් කිරිම අකුසල කර්මයක්ම බැවින්ය. ඒවා අතර, දේසමාන්න. දේසසක්ති, සාහිත්ත සූරී, බූමී පුත්‍ර, සඩ් බාසා විකාරද, යන නාමයන්ද වේ...

      Delete
  12. ජෝඩු වලට ඉන්න වෙනම තැනක් තීනවනම් ඔය ක්ලාස් එකේ මාත් එන්නම්..

    ReplyDelete
    Replies
    1. වෙනම තැනක් නම් නෑ.. ඕන නම් ළඟින් උන්නට අවුලක් නෑ.. හැබයි ඉතින් බොග දාන්න ඉගෙන ගනීද, වෙන මක්කා හරි දාන්න ඉගෙන ගනීද කියන එක ගැන ගැරන්ටියක් දෙන්න බෑ.

      Delete
  13. ශෝයි හලේ මමත් එනව ටියුට් ක්ලාස් රිවිශන් එහෙමත් තියනව නේ

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතින් ඒක ටියුසොන් ක්ලාස් එකක්ය..

      Delete
  14. ඊයෙම ආවනෙ.

    විභාගෙට කලින් ප්‍රශ්ණ පත්තරෙත් බෙදනවද?? :-D

    ReplyDelete
    Replies
    1. මට ඕන ඔක්කෝම උන් ටික පාස් කොරගන්න. ඊට පස්සේ මේන් මගේ උන් කියලා පත්තරේ වෙනම ඇඩි එකක් දාන්න පුළුවන්නේ..

      Delete
  15. මෙන්න පිං අතේ වැඩ. හැබැයි අර ගැටිස්සියොන්ගේ පින්තූරදාල ළමයි අමාරුවේ දාන නරක ගුරුවරෙයෙක් වෙන්න එපා හරිද?? හැක්..

    ReplyDelete
    Replies
    1. මට ඕන පොඩි ළමයි මේවටත් හුරු කරන්න. එතකොට කකුලක් දැක්කම හැදෙන ක්ෂනික මෝචන ලෙඩේ නවතිනවා. හැමදාම දකින් කුකුලගෙ කරමල සුදුයි කියනවනේ..

      Delete
  16. ඔය පින්තූරෙ දාල ඉන්නව වගේ ගැටිස්සියො ටිකක් පන්තියෙ වැඩ කරන්න ගන්නවනම් අපිත් එනවා ^_^

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ එන්නේ බොග දාන්නද..? බඩු බලන්නද...?

      Delete
  17. බහුමාධ්‍ය පහසුකම් සමගින් ටියුටුත් නොමිලේ දෙනවද?
    අර පින්තූරෙ ඉන්නව වගේ කෙල්ලගෙන් සපෝට් එකකුත් ගන්න බැරිවෙයිද දන්නෑ ඉගෙනගන්න :D

    සිංහයාගේ අඩවිය

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම නොමිලේම තමා දෙන්නේ..

      Delete
  18. හොඳයි. මාත් එන්න ඕනේ බොගක් දාන හැටි මුල සිට සරලව ඉමර්ෂන් මෙතඩ් එකට ඉගෙනගන්න.

    ReplyDelete
    Replies
    1. ඉමර්ෂන් එකට මීනින්ග් දෙකක් තියෙනවා නේද...? උඹට් ඕන මොන එකද..?

      Delete
  19. මමත් මේ හදලා දීපු තැනක බොග දානවා මිසක් මම හදාගත්ත බොග් කාමරයක් නෙමේනේ. හෙමිහිට කියවලා බොගට චෙරි ගෙඩියක් මිදි ගෙඩියක් ගහලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මක්කත් කොරන්න ඕන නෑ. මට නම් උඹගේ බොග තමා දැනට නම්බර් වන්..

      Delete
  20. ජය වේවා!!1

    ReplyDelete
    Replies
    1. තාම පන්ති පටන් ගත්තා විතරයි.. දේශපාළණේට ආවේ නෑ..

      Delete
  21. හයියෝ........................ මෙහෙමත් රටක්.........යකෝ..........

    ReplyDelete
  22. මෙහෙම පන්ති තියනවා නම් යන්න බැරියැ කොච්චර වැඩ තිබුනත්.. :)

    ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් වැඩක් මාතලන් අයියා..

    ReplyDelete
    Replies
    1. උඹ කොහේද ගොහින් උන්නේ.. අර ඉවාන් පවුලූෂාත් ටික දවසකින් දැක්කේ නෑ..

      Delete
    2. සුට්ටි සුට්ටි අලකලංචි වගයක් වුනා.. ඒකයි. :)

      Delete
  23. මමත් ලියනව බොගක්...

    මාතලං අයිය උගන්වනවනෙ... හී...

    ReplyDelete
    Replies
    1. ඕනම වෙලාවක.. අපි දෙනවා සප් එක..

      Delete
  24. Replies
    1. ගෑණු ළමයිට ඉස්සරහම සීට්..

      Delete
    2. ඈය් එගොල්ලන්ගෙ බොග සුවද හින්දද?

      Delete
  25. ගුරා හිටගෙන කරන දෙය ගෝලයෝ දුව දුවා කරනවයි කියනවනෙ . දැන් ඉතින් බ්ලොග් කලාවට කලක් යයි මයෙ හිතේ ..

    ReplyDelete
    Replies
    1. මම ආස ගුරාලත් පහු කොරන් යන ගෝලයන්ට..

      Delete
  26. ගම්පහ මොන්ටාන් මට බොහොම සමීප තැනක්...එතැන කාඩ් ලකුණු කරන වැඩේ මට දීහං ලොකු මාමෙ...

    ReplyDelete
    Replies
    1. අපි ගියේ ටවුන් හෝල් ඇලෙක්සැන්ඩ්‍රා.. බන්දුලලා, රෙජිනෝල්ඩ්ලා, ග්‍රේරෝලා ජනප්‍රිය කාළේ.

      Delete
  27. ප්‍රශ්න එක්ක උත්තරත් දෙන නිසා එනෝ..

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි.. නැත්නම් කොහොමෙයි සිස්සයෝ ගොඩ යන්නේ..

      Delete
  28. මාතෝ උඹ නම් දෙය්යෙක්

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.. උඹලා වගේම ජීවීයෙක් පමණයි..

      Delete
  29. මචන්... වාඩි වෙන්න තියෙන්නෙ කකුසි කටක්ද\?? නැත්තම් කොමෝඩ් එකක්ද??
    නැත්තම් බකට් එකක්ද??

    ReplyDelete
    Replies
    1. දම්‍රෝ ඇක්සැකටිව් චෙයාර්ස්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න