.

.

Jun 28, 2014

ටුඩේ ඉස්පැසල්, වෙනස හා ප්‍රබුද්ධයෝ - Be the change you want..


අද ඉරිදා නිසා, "රොකට් රෝහිණි කථා වස්තුව..." පැත්තක තියලා, ළඟදි දැකපු චෙන්ජ් එකක්, එහෙම නැත්නම් වෙනසක් ගැන ලියන්න හිතුනා. මේ රටේ අජ්ජාපන ක්‍රමය ඇතුලේ හදලා තියෙන, උගත් උනත්, හිස් ඇතුලේ මුකුත් නැති, අළුතෙන් යමක් හිතන්න කරන්න බැරි ඔළු ගෙඩි වලට, වෙනස කියන එක පරමණු බෝම්බෙකටත් වඩා මහා බයානක දෙයක්. කිසිම තැනක් හෝ දෙයක් වෙනසක් කරන්න ගියොත්, පිකට් කරණ, උපවාස කරණ, ගිනි තියාගෙන මැරෙණ, නොම්මර එකේ ළිං මැඩියෝ ඉන්න රටක් තමයි මේක. ඔය ගැන උදාහරන ලියන්න ගියොත් මේක හෑල්ලක් වෙනවා ඒ නිසා ඒවා අවශ්‍ය නෑ.

ලංකාවේ ගීතය ගැන උනත් එහෙමයි. කවුරු හරි ලියපු ගීයක්, ඒ ලියපු එකා කියන දේම, අපිත් විඳින්න ඕන. ඒක ඇවිල්ලා ගීතය විඳිමක් නෙමෙයි. බලෙන් ඇස්සවීමක්. බටහිර පමණක් නෙමෙයි, ඉන්දියවෙත් පැරණි ගීත හෝ අළුත්ම ගීතයක් උනත්, නොයෙකුත් තාල වලට, එහෙම නැත්නම්, නොයෙකුත් සංගීත ක්‍රම අනුව ගායනා කරනවා. හොඳම උදාහරණය තමයි "රගු පති රාවණ රාජා රාම් ගීතය...". "රාමා හරෙ ක්‍රීෂ්ණා...." කියලා, බොහෝම ජනප්‍රිය ඉන්ගිරිස් ගීතයකුත් තිය්නවා. අපේ ජිප්සීස්ලගේ ගීතයකත් ඔය හරෙ රාමා කෑල්ල තිබුන වගේ පොඩි මතකයකුත් තියෙනවා.

මට නම් අමරදේව වගේම තමයි සුනිල් අයියත්. දෙන්නම මතකයේ රැඳෙන බොහෝ නිර්මාන අපට දායාද කරපු සංගීතවේදියෝ. දෙන්නම බොහොම සරළ සුන්දර නිහතමානි මිනිස්සු. කළාකාරයකුගේ නිහතමානි කම බොහෝම වටිනවා. ඒක ජනප්‍රිය වීමේ ප්‍රධාන අංගයක්. ඔය පඬි ටෝක් දෙන කළාකාරයෝ ජනතාවට පෙන්නන්න බැරි එක හේතුවක් පුහු ආඩම්බරය. සම හරක් ප්‍රබුද්ධයි කියලා කිව්වට, පීචං උන්ටත් අන්තයි. සංගීතයේ විතරක් නෙමෙයි ඕක මේ බ්ලොග් වලටත් හොඳටම අදාලයි.

"විරුඳු" කියන්නේ ඉස්සර බොහොම ජනප්‍රිය, අපිටම ආවේනික උන ගීත සම්ප්‍රදායක්, එකේ ප්‍රධාන සංගීත මෙවලම වෙන්නේ රබාන. හොඳ විරිඳු ගයකයකුට මේ රබාන වයන එක කජු කනවා වගේ වැඩක්. අද වෙනකොට අහන්න දකින්න ලැබෙන්නේ, බොහොම කළාතුරකින්. ඔය බස් එකක, තොරණක ඇර. එහෙම කාළේක අපුරු විරිඳු ගායකයෙක් බිහි වෙනවා "සහන් ජයශාන්ත" කියලා. ඔහු අද බොහෝම ජනප්‍රියයි. ඔහුගේ ජනප්‍රියම විරිඳු පන්තියක් තමයි, "නෑනා කැමති නෑ මට..... මම කැමතියි නෑනට..." කියන විරිඳු පන්තිය. ඔය විරිඳු පන්තියේ තියෙන, එක කොටසක් මට හොඳට කට පාඩම්.

"ඔබෙන් ලැබුන තොත්තුවේ.... රසයට හද පත්තුවේ...
කිරියි පැණියි වගේ ඉන්න, එනවද මගෙ වස්තුවේ.."


 කියන කොටස. මේ වගේ අහිංසක කළාකරයකුට තැනක් දෙන්න අපේ ප්‍රවීණයෝ බොහොම බයයි. මොකෝ ප්‍රවීණයෝ උනත් උන් නොම්මර එකේ ළිං මැඩියෝ. ඒත්..., අළුත් පරපුරත් එක්කත් උරෙනුර ගැටි, හැට පැන්නත් නාකි වෙන්නෙ නැති, තාමත් කොල්ලා වගේ ඉන්න සුනිල් අයියා, කිසි බයක්, පෙරේත් කමක්, ලෝබ කමක්, කුහක කමක් නැතිව, එයාගේ ගීතයකට, මේ අපූරු විරිඳු කාරයා එකතු කර ගන්නවා.  ඒ දෙරණ ඉදිරිපත් කරණ, ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනට. මේ වැඩසටහනට අළුත් සංගීත සංස්කරණයක් එකතු කරන්නේ, අපේ රටේ සුප්‍රසිද්ද සංගීතඥයකු උන් පැට්‍රික් දෙනිපිටියගේ පුත් මහේෂ් දෙනිපිටිය.

(කාළෙකට කලින් සුනිල් අයියා ගැන පට්ට ළිපියක් ලිව්වා අපේ ඉන්දික උපශාන්ත නොහොත් සිංහයා.. මට ඒක අමතක උනා මෙතන ලින්ක් එකක් දාන්න. ඒක මතක් කරේ අර ඉතාලියේ ඉන්න පත්තරේ නම් නෙමෙයි ඕන්. ඇත්තමයි හොඳේ.. )

මෙතනින් බලන්න.. සුනිල් අයියගේ දුන් තෙල් බත් දන්සල...

මම ජිප්සීස්ලගේ බොහොම ආස ගීතයක් තමයි, "තාත්තා මට ඇනපු ටොක්ක...." කියන ගීතය. අපේ තාත්තා, මට ජීවිතේට ටොක්කක් ඇනලා නෑ. පුදුම නිදහස් විදියට අපි හැදුනේ. ඒ නිසා විවෘත මනසකින් ළෝකය දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. එයා කියන දෙයක් තමයි, ඕනම දෙයක් දිහා විවිධ පැත්තෙන් බලන්න කියන එක. යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවනම්, ඒ මනුස්සයගේ සපත්තුවට බැහැලා ඒ ගැටළුව දිහා බලන්න කියන එක. නැතුව මම හිතන දේ ඒ ගැටළුවට පිළිතුර නොවෙන්න පුළුවන්.  මේ වගේ චේන්ජ් වලට, මම නම් බොහෝම කැමතියි. බලන්න ඔබත් කැමතිද කියලා.

තාත්තාගේ ආදරේ..... වාගෙයි මහ සාගරේ...

87 comments:

  1. මම කැමතියි නෑනට විරිදු ගීතය මාත් ඒ දවස්වල ඉඳලාම කැමති එකක්.

    සමහර දවසට ඒක මං කියන්නේ
    මං කැමතියි නෝනට
    නෝන කැමති නෑ මට

    කියලයි.

    ReplyDelete
    Replies
    1. නරකද කතන්දර උන්නෑහේ අර සාහිත්ත මාසෙට විරිඳු පන්තියකුත් ලීවොත් හෙම...

      Delete
  2. වෙනස දකින්න වෙනස අත්විදින්න ප්‍රවීණයෝ ගොඩ දෙනෙක් බය වෙන්නේ තම තමන්ගේ ඔලු ඇතුලේ තියාගෙන ඉන්න අහංකාරකම සහ කුහක කම හින්ද මිසක් වෙන මොකක් හින්ද වත් නෙමේ. එත් සුනිල් පෙරේරා කියන පුද්ගලයා තුල නැත්තෙත් ඔය කියන අහන්කාරකමයි කුහක කමයි . ඒ එක්කම ලිඳ කියන්නේ එකම දේ නොවෙයි කියල හිතන ඇති සුලුතරයකින් කෙනෙක් තමයි සුනිල් පෙරේරා.

    ReplyDelete
    Replies
    1. කාළයත් සම්ඟ වෙනස් වෙන්න පුළුවන් පිරිස අපේ රටේ අල්පයි. එහෙම වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් තමයි සුනිල් අය්යා.. සුනිල් අයියා මැරෙණකල්ම තරුණ ගායකයෙක්.

      Delete
  3. කතාවෙන් හින් ටොක්කකුත් ඇනල නේද මාතලන්...

    ReplyDelete
    Replies
    1. මටම ලැජ්ජයි මචෝ... ඔය වැදගත් මහත්තයා, එයාගේ එකේ මම කොමෙන්ට් කරන්නෙ නෑ කියලා, බුකියෙන් ඇවිත් අඬලා කිව්වා කොමෙන්ට් නොකර ඉන්න එපාය කියලා. කොමෙන්ට් කලාම ඇනෝ ඇවිත් සක්කිලි කොමෙන්ට්ස් දානවා. මේ වගේ උන් එක්කද අපි යහපත් රටක් ගොඩ නගන්නේ. සක්කිලි වේසිගේ පුතාලා. මම බුකියේ කිව්වා. අපිත් හොඳට කුණුහබ්බ දන්නවා මේවා යින් කරපන් පුළුවන්නම් කියලා. ඔන් ලයින් හිටපු එකා ටක් ගාලා වැනිෂ් උනා. පොන්න බ්ලොග් කාරයෝ.

      Delete
    2. කවුද බං ඔය කියන පො.... (වැරදුණා) වැදගත් මහත්මයා? නාහෙන් පෙන්නන්න බැරිද?

      Delete
    3. ටොකු කතාව වැටහුනේ දැන් ය. :O

      Delete
    4. PM, මේ මොකක්ද?

      Delete
    5. ප්‍රා .. කැකුණ ඕඩරයක් මචෝ .. :.D

      Delete
    6. "බොරුව තිත්තයි තිත්තමයි
      ඇත්ත පැනීම පැණි රසයි .......

      http://www.youtube.com/watch?v=ess96Bb5BX0 - "සහන් ජයශාන්ත"

      Delete
  4. මෑත කාලයේ ජනප්‍රිය වෙච්ච මේතරම් විරිඳුවක් තවත් නැතිතරම්. ඇත්තටම මේක නම් මාරම රහයි. ආයි ඇදක් කුදක් අපුලක් නෑ කොහෙවත්. පර්ෆෙක්ට්. ඒ කලාකරුවට හිමි වටිනාකම ලබල දීපු එක ගැනනම්, ඇත්තමයි ගොඩක් සතුටුයි. ඒත් තාමත් ඔහුට ලැබිය යුතු නියම ගෞරවයම ලැබිලා නෑ. ඒකට මේ රටේ මාතලන් කියන ප්‍රබුද්ධයොයි, ජනමාධ්‍ය කාරයොයි, සේරම වගකියන්නෝනි.

    ජිප්සීස් කියන්නෙ රටේ සංගීත ක්ශේත්‍රයේ විප්ලවයක් කල කණ්ඩායමක්. අද ඔවුන්ගෙ නිහඬ බව රටට ලොකු පාඩුවක්. මිනිස්සුන්ගෙ පපුවලටම දැනෙන්න ඔවුන් රටේ ප්‍රශ්න ගැන ඔවුන්ගේ ගීතය තුලින් කතාකලා. මිත්‍යාදෘෂ්ඨික ලෙස වන්දනාවට පත් කරන්න තරම් සුදුසු රටක් නෙවෙයි මේ ලංකාව කියල ඔවුන් ඇත්ත ස්වරූපය බය නැතිව එලියට ගෙනාවා.

    ReplyDelete
    Replies
    1. ජිප්සීස්ලා සමාජයට කරන මෙහෙවර. ඔය මෙහෙවරක් කරනවයි කියලා ලේවල් අලවගෙන් ඉන්න උන්ට වඩා බොහොම වැඩියි.

      Delete
  5. අපේ රටේ තරුණ ගායකයන්ගේ තියෙන වැරැද්දක් තමයි ජාත්‍යන්තරයට නිර්මාන කිරීම මම කියන්නේ
    ජාත්‍යන්තර නිර්මාණ කරන්න එපා සිංහලයන්ට හොඳ නිර්මාන කරන්න මයිකල් ජැක්සන් වුනත් ජාත්‍යන්තර නිර්මාන කලේ නෑ හොඳ ඇමරිකානු නිර්මාන කලා මිසක් උදාහරණයක් හැටියට ඉරාජ් ගේ සින්දු ගත්තම එයා කරන්නේ දෙමල සින්දු සිංහල බාශාවෙන් කීමයි (ජෝතිපාලට වඩා නම් ඉරාජ් දියුනුයි) හරිනම් වෙන්න ඕනෙ සිංහල සිංදු දෙමලෙන් කීමයි

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තරුණ සංගීතකාරයන්ගේ මහා වරදක් මම නම් දකින්නේ නෑ. පොන්නයෝ වගේ හොටු පෙරාගෙන අඬන එක ඇර. ඒක නම් පිරිමි කමටත් නින්දාවක්. ඉස්සර නම් ලව් එක කචල් උනාම අඬන්නේ කෙල්ලෝ. දැන් හොටු පෙරාගෙන පොළොවේ පෙරලි පෙරලි අඬන්නේ කොල්ලෝ.

      Delete
  6. මේ වගේ විරිදු වලට මමනම් කියන්නේ තොරන් විරිදු කියලා. මේ වගේ ටකරං හඬින් අර තොරනකට කීයක් හරි දුන්නම කියන්නේ අගක් මුලක්, පද ගැලපීමක්, නැති විරිදු. මේ ගායකයාගේ තියෙන්නේ උච්ඡ ස්වරය පමණයි. හඬ පාලනය තුළින් ඇති කරගතයුතු ගායන මාධූර්යය ඔහු තුළ නැහැ. ඔහු ඒ පිළිබඳව උනන්දුවී අභ්‍යාසයේ යෙදුනොත් දියුණුවක් ලබන්නට හැකියාව තිබෙන බව පෙනෙනවා.

    බොහොමයක් පැරණි කලාකරුවන් ඉවත්ව සිටින්නේ අහංකාරකම නිසා නොවෙයි. සාකච්ඡාවට සංවාදයට ගියාම ප්‍රස්තුතයෙන් පිට පැන අපහාසයට කතා කරන අම්බරුවන් තමන්ට තරම් නොවන බව පැහැදිලිවම පෙනීයන නිසා. ගීත සාහිත්‍යය ගැන කතා කිරීමේදී එහි යම් යම් සම්ප්‍රදායයන් පිලිබඳ දැණුම නමැති පදනම නැත්නම් එතනින් එහාට සාකච්ඡාවක් නෙවෙයි සිදුවන්නේ නිකම් බැන අඬගසා ගැනීමක් පමණයි. එවිට සුදුසුතම ක්‍රියාමාර්ගය වන්නේ නිහඬව සිටීම. බුදු හාමුදුරුවොත් අනුගමනය කලේ ඒ පිළිවෙත.

    සෑම දෙනාටම තමන් රුචි කරන තමන් සංගීතය ලෙස පිළිගන්නා දේ වින්දනය කිරීමට තහංචි දමන්න බැහැ. කෙසේ වෙතත් සංසන්දනාත්මකව කතා කරනවානම් තමන් අරුචි අයගේ පෞද්ගලික ලක්ෂණ නොව ප්‍රතිපත්ති තමයි විවේචනය කලයුත්තේ.

    මෙන්න මේ විරිදුව ගැන මොකද හිතන්නේ?

    https://www.youtube.com/watch?v=rdgdo2-Ofk8

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ විචාරක තුමා විරිඳුව සහ විරිඳු ගායනය කියන දෙක ටපලන් තියෙනවා. විරිඳු කියන්නේ ඇත්තටම එකම ස්වරයෙන් කියන දෙයක්. ඒවා සින්දු කරන්න ගියාම තමයි හඬ උස් පහත් කරලා ගායනා කරන්නේ. නැතිනම් ඔරිජිනල් විරිඳුව ගායනා කරන්නේ ඔය විදියට.

      බුදු හාමුදුරුවෝ උනත් නිහන්ඩව උන්නේ අහන ප්‍රශ්ණ වලට උත්තර නැති නිසා මිසක්ක වෙන හේතුවක් නිසා නෙමෙයි. එයා සියල්ල දත් කිව්වට. අනන්තවත් අංජ බජල් තැන් ඕන තරම් තියෙනවා. අම්බරුවන් අහන ප්‍රශ්ණ එයාලට තරම් නොවන්න. මොකෝ එයාලා සංගීතයේ මිනිවරුද. මේ ඉන්දියානු සංගීතයේ පොඩ්ඩක් ඉගෙන ගෙන ඇවිත් මහා පොරවල් වෙන්න හදන පිරිසක්නේ ඔය බක පන්ඩිතයෝ. උන් හිතන්නේ සංගීතය කියන්නේ බාත්කන්ඩෙ කියලා. ඒක ඊට වඩා බොහෝම විශාල සබ්ජෙක්ට් එකක් ලොක්කා.

      විරිඳුව නම් පංකාදු පහයි..

      Delete
    2. /බුදු හාමුදුරුවෝ උනත් නිහන්ඩව උන්නේ අහන ප්‍රශ්ණ වලට උත්තර නැති නිසා මිසක්ක වෙන හේතුවක් නිසා නෙමෙයි. එයා සියල්ල දත් කිව්වට. අනන්තවත් අංජ බජල් තැන් ඕන තරම් තියෙනවා./

      50% ක් විතර මේ කියමනට එකඟයි. උදාහරණයක් හැටියට ලෝකය පටන් ගත්තෙ කොහොමද කියලා අහන කොට ඒවා හොයන්න එපා කිව්වෙ නොදන්නකම නිසා බව උපකල්පනය කළ හැකියි. හැබැයි තව නිදර්ශන තියෙනවා ප්‍රශ්නය අහන එකා අහන්නෙ ගේමක් ඉල්ලන්න බව හිතුණාම උත්තර නොදීපු. උදාහරණ සච්චකයගෙ කේස් එක වගේ.

      Delete
  7. කියවගෙන ආවෙ සුනිල් එදිරිසිංහ කියලා හිතාගෙන.. මේ සුනිල් පෙරේරානෙ.. ළඟදි හොඳ සිංදු ටිකක් ආවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. විරිදුවට නම් හිත ගියේ නෑ.. අදයි මුල ඉඳන්ම ඇහුවෙ..

      Delete
    2. හැම දේම විඳින්න පුළුවන් පිරිස බොහොම අල්පයි..

      Delete
  8. indiayanu raga thala oya prbudda hama sinduwakama wage thiyenwa .... olu nelala mala gothala wage ewaye na.

    ReplyDelete
    Replies
    1. නමුත් ඒව දේශීය සංගීතය ලෙස පිලිගන්න කැමති නෑ. මොකෝ සංගීටහ් බුදු වරුන්ට කෙල වෙනවනේ..

      Delete
  9. මමත් ඔය විරිදුව ඇහුව මාතෙ . මට නං ඌ පට්ට !! "වෙනස" ප්‍රෝග්‍රෑම් එකෙන් කරපු හොඳවැඩක්..රබං ගැහිල්ල තමා මරු.. රබාන ඔක්ටපෑඩ් එකක් කරනවා :D

    සුනිල් ඇවිල්ලා මමත් කැමති මිනිහෙක්..බිකෝස් වංගු නෑ !!! ඔය ප්‍රබුද්ධ දෙබිඩි ගායකයන්ට වඩා මිනිහගෙ කොන්ද කෙලින්.. මටත් ඔය ප්‍රබුද්ධ ගායකයන්ගෙන් හිත හොඳ මිනිස්සු කියල හිතට දැනෙන්නෙ කපුගේයි තව තුන් හතර දෙනෙකුයි විතරයි බං.

    මෙහෙම සීන් එක්ක් තියනවා.උත්තර භාරතීය සංගීත කලාව අති විශිශ්ටයි ..ඒත් ඒක එක කොටසක් විතරයි.ඒ වගේම ඒක අපිට අන්න්‍ය නෑ අනුංගේ දෙයක් අපේ කරගන්න දඟලනවා මිසක්. ලයනල් රංවල / රෝහණ බැද්දගේ ලා ඒ අතින් වෙනසක් කරා !!!

    ReplyDelete
    Replies
    1. උඹලා අහලා නැතිව ඇති. ඒ කාළේ ගුවන් විදුලියේ ගියා බොහෝම ඉස්තරන් ඉන්දීය සාශ්ත්‍රීය සංගීත වැඩ සටහන්. රූපවාහිනි පටන් ගත්ත අළුතත් රෑට රෑට බොහොම කන්කළු ඉන්දියානු රාගධාරි වැඩසටහන් ගියා. අද ඒවත් නෑ.

      Delete
    2. කියන්ඩ අමතක උනා බොස්.. විරිදුවයි සිංදුවයි ටොපට මික්ස් වෙන්වා..ආසාවෙ බැ !! ඕ යේස්.

      Delete
    3. කපුගේ හිත හොඳ මිනිහෙක් කියන්නෙ කපුගේ ගැන නොදන්නා එවුන්. එයා අනෙක් අයට වඩා අන්තයි.

      Delete
  10. උඹට කමෙන්ට් කරන්න තුන් හතර සැරයක් ඇවිත් නිකං ගියා.සුනිල් පෙරේරා නං හැත්තෑ ගණන්වල කටහඬ ඉස්සෙල්ලම අහපුදා ඉඳන් අද මේ වෙනතෙක් එක වගේ ප්‍රියකරන ගායකයෙක්.වෙස් මුණු දාල නැති පොරක්නෙ එළිපිට එකයි හැංගිලා එකයි කතා නෑ කරන දේ කිව්වා කිව්ව දේ කළා.

    ReplyDelete
    Replies
    1. සුනිල් අයියා කියන්නේ අරක තියාගෙන ඇට දෙකෙන් කෙලින හොරෙක් නෙමෙයි මචෝ...

      Delete
  11. // මේ වගේ අහිංසක කළාකරයකුට තැනක් දෙන්න අපේ ප්‍රවීණයෝ බොහොම බයයි.//

    +++++++++++++++++++++++

    ReplyDelete
  12. මං නං ඉතිං සින්දු ඇහිල්ල අඩුනෙ... හැබැයි මට ඔය බස් වල දාන සින්දු නං අල්ලන්නෙ නෑ... ඒ මදිවට දැං ටීවී එකකුත් හයි කරලා මෙලෝ රහක් නැති මියුසිකල් ෂෝස් දානවා ඔලුවත් රිදෙන්න ගන්නවා ටික වෙලාවක් යනකොට... අවුරුද්දෙ දෙකේ පොඩි උනුත් කටවල් ඇරන් අර බාගෙට ඇඳගෙන ඉන්න කෙල්ලන්නෙ කකුල් දෙක අස්සෙන් කැමරාව රිංගවල ගත්ත වීඩියො බලං ඉන්නව... බලං ඉන්න බැරිකම මිසක් ඒවයෙත් ලස්සන සින්දු යනව.. සති දෙකකට විතර කලින් ගෙදර යද්දි ඔහොම යන වෙලාවක ලස්සන සින්දුවක් ඇහුවා.. ඒක සිරාවට ගති... ඒක දෙතුන් පාරකුත් අහලා තියෙනව.. ඒත් දැං මට ඒකෙ එක වචනයක් වත් මතක නෑ... ( ඒක තමයි මං හිතන්නෙ පරණ සින්දුයි අලුත් ඒවයෙයි තියෙන කේස් එක.. මතක හිටින්න තරං දෙයක් නෑ.. එවෙලෙට ඇහුවා.. මාර ගති කිව්වා... අමතක කරලා දැම්මා... දැං කාලේ ලවුත් එහෙම නිසා ගානකුත් නෑ ඉතිං.. හි හි)

    ReplyDelete
    Replies
    1. ඒකේ හේතුව සින්දුවල රහක් නැති වීමක්වත්, ජරාවක් වත් වීමත් නෙමෙයි. හෝ ගාලා සින්දු පෝලිමේ එන එක. එතකොට කොයි දේත් මතක හිටින්නේ නෑ. අපේ ගීත විතරක් නෙමෙයි. ඉන්ගිරිසි, හින්දි ගීතවලටත් වෙලා තියෙන්නේ එකයි. එහෙම නැතිව සුපිරි ගීත නැති කමක් නෙමෙයි. ඒත් අද පරපුරට මේ ගීත කට පාඩම්. අනාගතේදි එයාලා මේවා කියයි. අපි කියන්නේ අපේ අම්මලා කියපු ගීත නෙමෙයි නේ.

      Delete
  13. එදා ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනියටම ගිය සින්දුව ඔජායේ ඇහුවද..ඒක තමයි මං ජිප්සීස් ලගෙ ආසම සින්දුව.. ඒ සින්දුවත් එදා සුපිරියටම කිව්වා..

    ReplyDelete
    Replies
    1. මම ආස ගොඩාක් ගීත තියෙනවා එකක් කියලා කියන්න බෑ. ඔජායේ ඔරිජිනල් එකේ රූකාන්තයි චන්ද්‍රලේඛයිත් ඉන්නවා..

      Delete
  14. මං හිතන් හිටියෙ "මම කැමතියි නෑනට" එක සිරිසේන ගමගේගෙ එකක් කියල. සහන් කොපිකරල කියල. ඒක සිරිසේන ගමගේත් කියනව නේද? කව්ද මුලින්ම කිව්වෙ? ඒ මොනා උණත් සහන් ජයශාන්තත් නියමයි.

    ReplyDelete
    Replies
    1. මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස කියලා තමයි කියන්නෙ

      Delete
    2. මම දන්නේ නෑ මොකාගෙද කියලා. ඒත් මේ කියන එකා නම් වල්ලා පට්ට.

      Delete
  15. සුනිල් පෙරේරා නියම මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. හැමදාමත් එළ කොල්ලෙක්...

      Delete
  16. සුනිල් පෙරේරා කියන ගායකයට විතරක් කැමැති ....විරිදුවයි සිංදුවයි එකට ඇහුවා දැනුනා සුපිරියටම ...



    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද පත්තරේ ඇස් දෙක පියන් හෙමිට අහන්න ඕන,රබන් සද්දෙයි බටනලා සද්දෙයි එක්ක නියමෙට යනවා ..
      අපේ ජඩවැඩ දෙක තුනක් මතක් වුණාම මේ එක්කම අපේ තාත්තාලා ගැන හිතෙන දේ කොම කියන්නද ????

      Delete
    2. සුනිල්ට අකමැති වෙන්නේ ඇත්ත කතා කරන නිසා. ඇත්ත හරි තිත්තයි බන්...

      Delete
    3. සහෝදර අන්න ඒ මික්ස් කරන එක මට අල්ලල ගියා බං. විරිදුවට දෙන බැක් එකත් මරේ මරු.. ඒකනං ඇත්ත තාත්තල ගැන.

      පිය සෙනෙහසට කවි ගී - ලියැවුනා මදී !!

      Delete
    4. මාතලන් ඇත්ත කියන එකයි වාචාල කමයි මට පෙන්නෙ දෙකක් විදියට ,මගේ කිසිම පෞද්ගලික කැමැත්තක් නෑ එහෙම කතා කරන මිනිස්සුන්ට ...ඇත්ත තිත්ත එක වෙනම දෙයක්

      Delete
    5. ඇත්ත කතා කිරීම සමහර අයට පේන්නේ වාචාල කම කියලා. සමහරුන්ට දිරවන්නෙම නෑ. ඔය බ්ලොග් ලියන මහ්ත්තුරුත් අමු කුණුහබ්බ කියන්නේ ඒකනේ..

      Delete
  17. සම්මාන නොලැබුනාට ඔවුන්ට ජනතා සම්මානය ඉහළින්ම ලැබෙනවා මාතලන් අංකල් ඔය සමහර නාමික ප්‍රබුද්ධයන්ට වඩා. ට්‍රිපක් ගියත්, බජව්වක් දැම්මත්, නිකම් ජොලියක් ගිය වෙලාවක උනත් කියවෙන අපූරු විරිදුවක් නෙව ඕක.

    සුනිල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ඉන්න බොරු පොර ටෝක් නැති කෙලින් කතා කරන, පොළවෙ පය ගහපු "මනුස්සයෙක්".

    ReplyDelete
    Replies
    1. මම නම් උසස් වින්දනය කියලා හිතන්නේ පොඩි උන් විඳින දේ. මොකෝ උන්ගේ රසේ කුරුවල් වෙලා නෑ. හරි පිරිසිඳුයි..

      Delete
  18. ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය. අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය.

    ReplyDelete
    Replies
    1. අයිවර් ජෙනින්ග්ස් 100% නිවැරදියි. අඩුම ගණනේ ඔහු culture කියන වචනයෙන් අදහස් කළේ කුමක්දැයි ලාංකිකයෝ කිසි දිනෙක තේරුම් නොගත්තෝය.

      Delete
    2. ඕවා කතා කළාම අපේ අයට මල පනිනවා. ඕක මම හැමදාම කියන දෙයක්. මේකේ කොහෙද සංස්කෘතියක්. සුද්දා නාවනම්, බොට්ස්වානාවලටත් වඩා එහා ගොබ්බ රටක්.

      Delete
  19. මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත. අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. මේ රටේ කසල ඉවත් කිරීමේ සංස්කෘතියක් නැත. මානව ගනුදෙනු වලදී සංස්කෘතියක් නැත. එසේම මේ රටේ මහා මාර්ගයේ වාහන ධාවනයේ දී කිසිම සංස්කෘතියක් නැත. ලංකාවේ අධ්‍යාපනික ආයතන වල පවා මේ නුගත් අසංස්කෘතික බව තිබේ. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොහැක. ලංකාවේ උගත් මිනිසුන් තුල පවා අශිෂ්ඨත්වය තිබේ. එම නිසා ලාංකිකයාට සාක්ෂරතාවය තිබුනද ශිෂ්ඨත්වය නොමැත. මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත. සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත. එම නිසා මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද ගුවන් තොටුපොළවල් ද කියා යලි සලකා බැලීමේ කාලය එළඹ තිබේ. අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොළවල් වලට වියදම් කරන මුදලට ලාංකිකයාට නවීන සංස්කෘතිය ශිෂ්ඨත්වය ඉගැන්වීම සඳහා සංවර්ධිත ශිෂ්ඨ රට වලින් උපදේශකයන් ගෙන්වන්නේ නම් අඩුම ගන්නේ අපගේ අනාගත පරපුරවත් මේ කාලකන්නි සාපයෙන් මිදෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ආයෙත් වැඩවසම් පාළණ ක්‍රමයකට ගෙනියන්න තමයි හැම එකාම දත කන්නේ.

      Delete
  20. ප්‍රබුද්ධයෝ.... කවදත් අළුත් අයට බයයි.......

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධයෝ නෙමෙයි පරණ උන් 99% ක්ම එහෙම තමයි...

      Delete
  21. Ranjan.(Düsseldorf.)June 29, 2014 at 10:59 AM

    Obata sthuthi Mathalan mulinma,OYA sunil perera lankawe inna awankama,eawagema kelin kathakarana gayakaya, wagema kalakaruwa,napunsaka kalasaha nala karayo 1000 medde eaka kepila penawa,1989 kalayedi Sunil Aiyagen sakachawakadee (puwathpath)ehuwa obage ayakireem itha wedineda? kiyala,Sunil kiwwa ow ow wedithmai,namuth api geegayanne podu wedikawe,nagarameda.eawata mudalgewanne ea nagarawala viyaparikayo,onama Duppathkenekuta nomile balannapuluwan.mathakathiyaganna Ape show nisa annasi,kadala wikunana minihath jeewathwenawa.sunilAiya thwakiyanawa oya den,balannamlli,api ehema unata"OYA DUPPATHUN WENUWEN" sindu kiyanawi kiyana samahara Gaikawange show thiyanne hallwala eawai ticket ekaka ganakeeyda ,ARA duppathekuta ewabalathekida kiyala.ea mata mathka 1989 withara kiyalai.Annaewage manussayo ada inna giraw athara innawda?THawa sunilek hitiya hitapu viplawawaadi lekakayek eya den nikamma sunilama thmai. hitapu

    ReplyDelete
    Replies
    1. සුනිල් කියන්නෙත් ජෝති වගේම හදවත රත්තරන් සුන්දර මනුස්සයෙක්...

      Delete
  22. >>සංගීතයේ විතරක් නෙමෙයි ඕක මේ බ්ලොග් වලටත් හොඳටම අදාලයි.<<
    හෙක්.....හෙක්..... හෙක්......හෙක්......
    සිංඩියත් කියවල .... හිනාව නවත්ත ගන්න බැහැ මචෝ......

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් හෝ ගාලා ගලාගෙන එනවා.. ගොඩක් උන්ට කියා ගන්න බැරිව හිටපු දෙයක්...

      Delete
  23. thnx මචෝ..... මේක බුක් මාක් දාගත්ත.......
    තාත්ත ආවම දෙන්න එක්ක ෂොට් එකක් දාන ගමන් පෙන්වන්න/අහන්න.......

    ReplyDelete
    Replies
    1. එළකිරි... උඹ වගේම තාත්තත් ආතල් ඩයල් එකක් වෙන්න ඇති. හැපි බෝත් ඩේ මචෝ...

      Delete
  24. සහන් ඕ කියන සිංදුව කීවෙ දැනට අවුරුද්දකට විතර කලිං මගෙ මතක හැටියට...
    ආපු දවස් වල නැගලම ගියා...
    ඒත් මය මතක විදියට විරිදුව ආවෙ නං ඊට සෑහෙන කාලෙකට කලිං වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ටොක්ක නං පට්ට විදියට රි මේක් කරල තියෙන්නෙ...
      සහන් ගෙ රබන් පාර නං නැගලම යනව...
      සුපිරි කියන්නෙ උපරිම...

      දෙරණ දන්නව මොකද්ද හොදටම විකුණ ගන්න පුළූවං ඒ මොන විදියටද කියල... උංගෙ කොමර්ෂල් ආර්ට් එක ඇතුලෙ නැගලම යන අයිටම් එක තමා ඩෙල් ස්ටුඩියෝ...

      ඒ වුණාට වෙලාවකට එක එක අයගෙ රෙදි හෝදන්න යන එක තමා අවුල

      Delete
    2. අර උදේට බයිලා ගහන එකා රෙදි නැතුව කඩේ යන්නේ. නොයා කොහොමද අමුණුගමයට ලයිසන් දෙන්න ඇත්තේ ඒකට නෙව.

      Delete
  25. ඔය විරිදුව උඹම තමා ඒ දවස් වල මුණුපොතේ දාලා තිබිල මං ඇහුවේ. හොද එකක් නං ඕන දෙයක් ඒකේ අරක ලොකුද නැද්ද කියල මාත් බලන්නෑ බං...

    ReplyDelete
  26. දෙල් ස්ටුඩියෝ එදා මම කැපවීමෙන් බැලුවා..

    විරිදු අයියාට සප් එකක් දීපු සුනිලා.. සේම සුනිලාගේ පුතාත් අවුලක් නැති ඩෑල් එකක් කියල තමා මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඌත් කළබල නෑ... ගහන් ගහන එක හිට් වෙනවා.. තාත්තලගේ සින්දු කියන පුත්තුන්ට නියම ආදර්ෂයක්...

      Delete
  27. මාත් ඔය විරිඳුව මුලින්ම ඇහුවෙ වෙනසෙන්. මරු.

    දක්ෂකම තියෙන සහන්ලා වගේ උන්ට අතදෙන්න හරි ඉන්නෙත් සුනිල්ලා වගේ ගායකයො විතරයි. ඔය මහා ගායකයො කියලා හිතන් ඉන්න බහුත‍රයක් උන් වෙන එකෙක් නැගලා එනවට කැමති නෑ.

    කොටින්ම තමන්ගෙ බෑන්ඩ් එකක ඉන්න ඥාති පුතෙක් තමන්ගෙ වාසගම භාවිත කරනවා කියලා නඩු දාන්න හදන, ඒ විතරක්ය මූ ස්ටේජ් එකේ ඉන්නවා නම් මම සිංදු කියන්නෑ කියන මහා ගායකයොත් ඉන්නවනෙ මේ රටේ.

    ReplyDelete
    Replies
    1. හුටා

      //කොටින්ම තමන්ගෙ බෑන්ඩ් එකක ඉන්න ඥාති පුතෙක්// = කොටින්ම බෑන්ඩ් එකක ඉන්න තමන්ගෙ ඥාති පුතෙක්.

      :) :D

      Delete
    2. මම නම් නයි ටී එන් බලන්නෙම නෑ. ඔය කවුරු හරි කිව්වොත් පස්සෙ තමයි වීඩියෝ එක බලන්නේ.

      Delete
  28. තාත්තාගේ ආදරේ..... වාගෙයි මහ සාගරේ...

    ReplyDelete
  29. සුනිල් පෙරේරා ගැන කියා ඇති දේ සමගම එකගයි.
    ඒත් අමරදේවට වගෙම අපි ඔහුට 100% ඉමේජ් එකක් දීලා අන්තිමේදි ගල් ගහන්න ගනියිද දවසක බය හිතුනා. මේ සින්දුවෙදී රොක් විරිදු ස්ලෝ බයිලා අබිබවා යනවා කියලයි මට හිතුනේ.

    ReplyDelete
    Replies
    1. විරිඳු කාරයා තවත් ගීයකට දායක කර ගත්තා. පහසුවටත් වාසියටත් කියන එකට. ඒකෙදි බලාගන්න පුළුවන් සුනිල් කියන්නේ කොතරම් නිහතමානි මනුස්සයෙක්ද කියලා..

      Delete
  30. සුනිල් පෙරේරා,ජිප්සීස්ලා කියන්නේ මේ සංගීත කලාවේ පෙරළි කරපු කට්ටියක්.මම නම් පට්ට ලයික් වුන්ට.

    දෙරණ ඩෙල් ස්ටුඩියෝ කියන්නෙත් ඒ වගේම පෙරළිකාර සංගීත වැඩ සටහනක්.හැමදාම එකම රාමුවේ හිර වෙලා නැතිව වෙනසක් කරන,වෙනසක් ප්‍රිය කරන අයට කියපු වැඩ සටහනක් තමයි ඩෙල් ස්ටුඩියෝ...

    ReplyDelete
    Replies
    1. සුපිරිම වැඩ සටහනක්. ගොඩාක් ගීත වල නව සංගීත සංස්කරණය සාර්ථකයි..

      Delete
  31. සුනිල් පෙරේරා කියන්නේ ඉතින් කොමත් කියන්න ඕන දේ ඔහේ කියලා දාන මනුස්සයෙක්නේ.. ඔය විරිදු සෙට් එක මාත් ආව කාලෙම එක දිගටම ඇහුවා.. ඒකේ අමුතු රහක් තියෙනව..

    ReplyDelete
    Replies
    1. රියල් විරිඳු... ඒකයි ඒක දැනෙන්නේ...

      Delete
  32. ඔය විරිඳුව වෙනසෙන් තමයි මුලින්ම මම ඇහුවේ....හරිම රහ විරිඳු පන්තියක්....
    සුනිල් පෙරේරාට ලොකුම කැමැත්තක් නෑ ...නමුත් සමහර ගීත හොඳයි....

    සිනමාව ,සංගීත ,ටෙලි හැම ක්ෂේශ්ත්‍රයකටම ඔය වෙනස් නොවෙන පුරුද්ද නම් එකයි නේද..

    ReplyDelete
    Replies
    1. වෙනස් දේකට. අළුත් දේකට මාකට් එක වැඩියි.

      Delete
  33. සුනිල් කියන්නෙ ලාබ ප්‍රයෝජන බලා ගෙන තමන්ව එඩිට් කර ගන්නෙ නැති කෙළින් මිනිහෙක් ඒ මනුස්සය වටින්නෙ ඒකයි

    ඒ වගෙම තමයි උදව් කරන්න ගියහම බ්රේක් නැහැ.බොරුත් නැහැ.අන්දන්න ආපු එකෙක් ඉස්සරහ අදින්නෙ නැතිව ඒ ගෙනාපු ඇදුම් උටම අන්දල අරින්නත් සුනිල්ට තියෙන හැකියාව දුං තෙල් කතාවෙන් පැහැදිළියි.

    විරිදු මල්ලිත් හොද ගමණක් යන්න පුළුවන් හඩක් තියෙන එකෙක්.විරිදු තාලය පදනම් කරගත් අලුත් ගීත සංස්කෘතියක් සුනිල් මේ කොල්ලට හදල දෙන්න ඉඩ තියෙනවා.බලමු!

    ReplyDelete
    Replies
    1. මේකෙන් රැල්ලක් බිහිවෙලා ඌ ගොඩ යනවා නම්.... මගේ පරම පැතුම එයයි..

      Delete
  34. මේ නෑනාගේ විරිදුව මුලින් අහපු දවසේ ඉඳන් මාසයක් විතර යනකම් දවසේ සිංදුව වෙලා තිබ්බ. සිරා පොරක්

    අර මහත්මා ගාන්ධි ගේ කතාව තමයි මාතලන් අයියේ අපි මේ බ්ලොග් අවකාශේ ඉන්න අයට වත් උගනන්න ඕනේ.. රට හැදීමේ පළමු පියවර වෙන්න ඕනේ ඔන්න ඕක මිනිස්සුන්ට උගන්නන එක..

    පුළුවන් නම් තව පෝස්ට් එකක් ලියන්න ඒ ගැන..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න