.

.

Dec 9, 2014

නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...


මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.

මේ එම සටහනයි "මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය."

කෙනෙක් එය නිෂ්ප්‍රභා කරණුයේ, මේ අවස්ථාවෙදී යක්ෂයා සමග හෝ එකතුව, මහින්ද රාජපක්ෂ ගෙදර යැවිය යුතුය යන තර්කනයේ සිටය. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ විය හැකි වූවද, නිර්මාල්ලාගෙන් පැත්තෙන් එය කිසි සේත්ම සාධාරණීකරණය කළ නොහැක. සෝභිත හිමියන් හා නිර්මාල් වැනි සිවිල් සමාජය නියෝජනය කළ පිරිස බලාපොරොත්තු වූයේ මෙය නොවේ. ඔවුනට මෙම සම්පූර්ණ ක්‍රමය පිළිබඳවම විවේචනයක් තිබුන අතර. ආන්ඩුවේ කිසිවකුගේ සහයෝගයක් ඔවුන් බලාපොරොත්තු වූයේද නැත.

මහින්ද රාජපක්ෂ මෙන්ම, ආන්ඩුවේ සියළු දෙනාම සොරකම දූෂණය හා නාස්තිය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරනා පිරිසක් බව, ඔවුන්ගේ මතය විය. ඔවුනගේ සතුරා වූයේ සමස්ත පොදු ජන එක්සත් පෙරමුණ මිස. එක පුද්ගලයකු නොවේ. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්, රතන හිමියන් පැමිණිමේන් පසු, එම සටන සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන්, පැහැර ගන්නා ලදි. 

ඉන් පසුව, පොදුජන එකසත් පෙරමුණ තුලින්ම පොදු අපේක්ෂයා සම්ප්‍රාප්ත වීමත් සමඟ, එම සටන, නිර්මාණය කළ වුන්ගෙන් තනිකරම පැහැර ගන්නා ලදි. අද ඔවුන්ගේ වේදිකාවේ සෝභිත හිමියන්වත්, නිර්මාල්වත් නැත. මේ මජර පාළණ ක්‍රමය තුලින්ම බිහිවූ චෞර රාජිණියන් හා අවුරුදු දහයක් තිස්සේ ආන්ඩුව තුල සිට, සියළුම සැප සම්පත් විඳිමින්, එයට ආවැඩිමෙන් පමණක් නොනැවති, දිවි හිමියෙන් එය ආරක්ෂා කල වුන්, සියළු අසුන් අරා වැජඹෙති. එබැවින් පැත්තකට විසිවූ නිර්මාල්ලාට, තම ෆේස්බුක් අඩවිය තුලින් හෝ එවැනි අදහසක් නැගිය හැකි අතර. එය 100% නිවැරදිය.

මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටින මාතලන්, මෙවන් තර්කයක් නගන්නේ කෙසේද යන්න සම හරක්ට විශාළ ගැටළුවක් විය හැක. මාතලන් මර්වින් වෙනුවෙන් පෙනි සිටින්නේ ඔහුගේ අවංක භාවය වෙනුවෙනි. මාතලන්ට අනුව දේශපාළණයේ සිටිනා සියල්ලන්ම අඩු වැඩි වශයෙන් මර්වින්ලාමය. එහෙත් මර්වින්ගේ මා දකිනා යහපත් ලක්ෂණය නම්, අනෙක් උන් මෙන් හොර රහසේ මදාවිකම් නොකොට, ප්‍රසිද්දියේ, වීඩියෝ කැමරා ඉදිරිපිටදීම සියල්ල සිඳු කිරීමයි.

අනෙක් උන් ගෝල බාලයන් ලවා කරනා වැඩ, මර්වින් කෙලින්ම තමන් ඉදිරිපත්ව කරයි. අනෙක් උන් ජනයාට හොඳ මුහුණු පෙන්වා, අනෙක් අවස්ථාවල කුණුහරුප වපුරද්දි, මර්වින් ප්‍රසිද්ධියේම කුණුහබ්බ කියයි. අනෙක් උන් හොර රහසෙ හොරකම් කරද්දි, මර්වින් තමන්ට රටවල් පහක නිවෙස් ඇති බව ප්‍රසිද්දියේම පවසයි. තමන්ගේ වාහන පිළිබඳව පමණක් නොව, තම ආදරණිය පුත්‍ර රත්නයේ වාහනය පිළිබඳව, නිවැරදි කරුණු ප්‍රසිද්ධියේ පවසයි. එබැවින් මර්වින් සිල්වා වැනි කෙනෙකුගේ වත්කම් බැරකම් ඉල්ලිමේ අවශ්‍යතාවයක්, මැතිවරණ කොමසාරිස්ට හෝ ඇතයි කියා මාතලන් සිතන්නේ නෑත

සොරුන් අතරත් හොඳ සොරුන් අතීතයේද සිට ඇත, රොබින් හුඩ් මෙන්ම සූර වීර සරදියෙල්ද, එවන් වූ හිත හොඳ සොරුන්ය. කැළණියේ ජනතාව මර්වින් සිල්වා ඉහලින්ම ඔසවා තබන්නේ එහෙයිනි. සම හරක්ට එය විශාල ප්‍රශ්ණයක් වූවද, මාතලන්ට එය විශාල ගැටළුවක් නොවන්නේ එහෙයිනි. මන්ද අන් පළාත් තුලද, බොහෝ විට මනාප වලින් ඉදිරියෙන් සිටින්නේ මර්වින් සිල්වලාමය

මෛත්‍රිපාළ පිළේ කෙනකුගේ කෝණයෙන් බැලුවද, මර්වින් සිල්වා, පමණක් නොව, චන්ද්‍රකා වැනි පට්ට ෆේල් නායිකාවන්ද, සෝමරතනලා වැනි අවස්ථාවාදියෝද, ඔවුන් වටා එක්වීමෙන්, ඔවුනට ලැබෙනා වාසියක් නැත. සිඳුවන්නේ අවාසියකි. ඔවුන් මතක තබා ගත යුතු කාරණය නම්, ඔවුන් ඉලක්ක කරනුයේ පාවෙන චන්ද දායකයන් නොව, එජාපයේ චන්ද කුට්ටිය බවයි. එහි ලක්ෂ 25 ක පමණ චන්ද ගොඩක් පවති. 

මේ ක්‍රියාදාමයන් තුලින් සිඳුවන්නේ, එම පිරිසගේ මනාපය ඔවුනට අහිමිව යාමයි. ඔවුන්ගෙන් බහුතරයක් චන්දය ප්‍රතික්ෂේප කිරීමේ කන්ඩායමට එක් වුවහොත්, එහි අවාසිය සිඳු වන්නේ මෛත්‍රී පිලට මිස වෙන කිසිවකුටත් නොවේ. එබැවින් දේශපාළණයේ කට්ට කයිරාටික නායකයකු වන මහින්ද, ආන්ඩුවේ ජන අප්‍රිය චරිත බලෙන් හෝ මෛත්‍රි පිලට එක් කිර්‍රිමේ අවදානමක්ද ඇත.

ඒ අතර කටකතා තුලින් කියවෙනා පරිදි, බුද්ධික, ජෝන් හා හරීන් මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට එකතු වුවහොත්. යූ ඇන් පී ඡන්ද සුළි කුණාටුවකට අසූ වූවාක් මෙන් හතර අතේ පාවී යාමේ අවදානමක්ද ඇත. එබැවින්, මෛත්‍රිපාල සිරිසේන තම දෑත පමනක් පිරිසිඳු යයි කීමෙන් පලක් නැත.

සමාජය විසින් කළු බැටළුවන් ලෙස නම් කල පිරිස්, තම පිලට එකතු වූවද, ඔවුන් පෙරහරේ ඉදිරෙයෙන්ම ගෙනයාම විශාල අවදානමක් පවතින බව නොකියා සිටිය නොහැක. ඔවුන් ගමන් කල යුත්තේ, පෙරහර පිටුපසින් එන පොලීසිය හා මහජනතාවටත් පිටු පසිනි. වෙනසක් සිඳු වුවහොත්, මොවුන්ටද එම ආන්ඩුවේ මැති ඇමති කම් ලබා දෙනවාද යන්නත්, කලින්ම සඳහන් කරන්නේ නම්, එය මහජනතාව වෙනුවෙන් කරන්නා වූ යුතු කමකි. 

මන්ද මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවනවා මෙන්, දෙශපාලුවෝ පිල් මාරු කරන්නේ රජුන් තැනීමට පමණක් නොව, තම හත්මුතු පරම්පරාවම ගොඩ දා ගැනීමට බව අප වන් ගොන් හරක් ජනතාව මෙන්ම, මේ රටේ අති මහත් බහුතර බුද්ධිමත් ජනතාවද හොඳින්ම දන්නා නිසාය.

එහෙත් නිර්මාල්ලා බලාපොරොත්තු වූයේ එවන් පිරිසක් නොවේ, ඔවුන් පෙනි උන්නේ යහ පාළණයක් වෙනුවෙනි. එම නිසා නැවතත් කිව යුතුව ඇත්තේ නිර්මාල්ගේ සටහන 100% නිවැරදි බවයි. නිර්මාල් ඔබට එය ප්‍රශ්ණ කිරීමේ සම්පූර්ණ හිමිකමක් ඇත. මේ සුළු කාළය තුල ඔවුනට ඔබව අමතක වූයේ නම්. බලයට පැමිණියහොත් සිඳුවනා දේ අප වන් හරකුන්ට දැන් සිටම "හරි පැහැදිලිය".

94 comments:

  1. නිර්මාල් සමඟ සපුරා එකඟ වෙමි. ඔබේ සටහන සමඟත් එසේමයි. කිනම් වාසියකට හෝ මර්වින් වැන්නවුන් එකතුකරගැනීමෙන් සිදුවන්නේ, පමණක් වෙනස් වී පවතින පාලනයම යළිත් මහජනායට ලැබීමයි. නමුත් කරුමය නම් රටේ ජහමනයා නිර්මාල්ලා තේරුම් නොගැනීමයි. මේ මහා වෑයම ජනමතයක් වෙන්ස කිරීමටයි. එය ස්වභාවිකවම වන්නේ නම්...

    ReplyDelete
    Replies
    1. \\.......එකතුකරගැනීමෙන් සිදුවන්නේ, "නම" පමණක් වෙනස් වී...//

      Delete
    2. මොළයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා බං වෙන්න යන්නෙ මොකක්ද කියලා..

      Delete
  2. මර්විය ලොක්කලු එවන්නේ බං ඔත්තු හොයන්න ඩබල් ඒජන්ට්... මර්වින් එනවටත් වඩා මට අප්සට් බයිස්කෝප් සෝමරත්න දිසානායක ආපු එකට.

    ReplyDelete
    Replies
    1. ඌ මචං කළාකාරයෙක් නෙමෙයි සක්කිලියෙක්. ධර්මසිරි බන්ඩාරණායකලටත් ලැජ්ජා නෑ උන් එක්ක එකට ඉඳගන්න. තමන්ගේ චිත්‍රපටයේ පිටපත් මුළු ලංකාවෙම හෝල් වල දාන්න ඕන කියන එකාධිපතියෙක් මූ. මූ ඇවිල්ලා අනිත් ෆිල්ම් හදන උන් බල්ලට දාලා කතා කළේ. එහෙම සක්කිලිත් ගන්නවා කියන්නේ.. යන ගමන තේරුම් ගන්න පුළුවන්නේ.. දුමින්ද සිල්වලා, ලක්ෂ්මන් වසන්ත පෙරේරලා හෙට ආවොත් උඹ කළබල වෙන්න එපා..

      Delete
    2. මාත, ඔතන සෝමෙව ගත්තෙ නෑනෙ, ඌ ආව කිව්ව මිසක. මොකද ඒ සාකච්ඡාවෙ විපක්ෂ සන්ධානෙ කවුරුත් ලොක්කො හිටියෙ නෑ. සෝමෙ කිව්ව මට ඌ එපා, මූට සහයෝගය දෙනව කියල. එච්චරයි. ඒක උගෙ අයිතිය, අපිට නවත්තන්න බෑනෙ ( නමුත් මමත් සෝමෙගෙ චිත්‍රපටි වලට කැමති තරමටම උගෙ දේශපාළන භාවිතාවට අකමැතියි ). ධර්මසිරි කිව්ව වටින කතාවක්. මිනිහ මතක් කලා සයිමන් ඒ කාලෙ ප්‍රෙමෙට සහය දෙත්දි කියපු දෙයක්. මම හිතන්නෙ ඒකටයි සෝමෙගෙ කතාවට වඩා පබ්ලිසිටි දෙන්න ඕන.

      Delete
    3. දැන් උඹේ කොමෙන්ට් එකේම තියෙනවා නේ වෙන්නේ මොකක්ද කියලා.. අර සක්කිලියගෙ කතාව තමයි හැම තැන්ම පෙන්වන්නේ. ධර්මසිරිලත් මම හිතන්නේ ලැජ්ජාව කියලා දෙයක් නෑ.. මම ධර්මසිරි නම්.. මම ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් නැගිටලා යනවා..

      Delete
  3. මගෝඩි දේශපාලනයේ දී අංක එක මර්වින් නෙමෙයි. ඔහු පිළිබඳ බෙහෙවින් දන්නා පුද්ගලයෙක් වශයෙන් ඔහු ගැන මෙහෙම ලියන්නම්. අන්ත අසරණ අහිංසකයෙක්. වෙන අය ඔහුව පාවිච්චි කළා අද ඊයේ සිට නෙමෙයි 1960 ගණන්වල අගහරියේ සිටම. කොට කලිසමක් ඇදන් රොස්මිඩ් වලව්වට ආව කොලු ගැටයා. ඔහු ආවේ ඔහුගේ ප්‍රධානියා එක්ක. ඒ මහින්ද මහත්තයා. අනුර ඔහුව පාවිච්චි කළා, විජය, චන්ද්‍රිකා, මහින්ද, මේ සියල්ලන්ම ඔහුව පාවිච්චි කළා. ඔහු නිර්භය අයෙක් නෙමෙයි. ඔහුට මැරයෙක් වෙන්න වුනේ ඒවට හරියන මිනිස්සුන්ට ඔහුව පාවිච්චි කරන්න ඉඩ දුන්න නිසයි. ඔබ දන්නව ද ඔහු නූගතෙක් වීම පිළිබඳ බොහොම පශ්චාත්තාප වෙන කෙනෙක්.
    මේ පාදඩ දේශපාලනයේ එක් ගොදුරක්. ඉවත් කළ යුත්තේ ඔහු නෙමෙයි. ඔහුව මේ තත්ත්වෙට ඇදදාපු, ඔහුව පාවිච්චි කළ අය. ඒත් මෛත්‍රී ඔහුව තම පැත්තට ගැනීම කිසිම අර්ථයක් ඇති වැඩක් නෙමෙයි. අපි මෛත්‍රීගෙන් බලාපොරොත්තු වෙන දේ ඊට එහාට ගිය දෙයක්. ඒ නිසා කාව එක් කරගත්තත් එක් කරගත යුතු නැති අය ගැන මෛත්‍රී සහ සඟයන් මීට වඩා පරිස්සම් විය යුතුයි.
    නැත්නම් අපිට මේකත් ඒ කාසියෙම අනිත් පැත්ත වෙන්න පුළුවන්. අපි බලා සිටිමු............

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඇත්තටම ඔළුව ඉදිමිච්ච කාළකන්නි දේශපාළකයන්ට වඩා මර්වින් ගාව මනුස්සකම තියෙනවා. නූගත් එකත් එහෙම වෙන්න හේතුවක් වෙන්න ඇති. මේ වෙලාවෙ මෛත්‍රීපාලලා වචනයක පිට කරණ කොටත් දෙසරයක් හිතන්න ඕන. දිණලා ඉවරයි කියලා මෝඩ චූන් දාලා ජෙනරාල් කෙනෙකුට උන දේ අමතක වෙලාද? මහින්ද කියන්නේ ලේසියෙන් සටන අත්හරින් කෙනෙක් නෙමෙයි. ඒ නිසා උත්සාහ කරන්න ඕන, අපි ඉන්නේ බින්දුවේ කියන තැන ඉඳලා. සෙනග දැකලවත්, බුකිය දැකලවත් ආතල ගන්න නරකයි, තීරණාත්මක සාධකය ඔය එකක් වත් නෙවෙයි. මොහෝම නිහඬව ඉන්න ජනතාව.

      Delete
    2. \\තීරණාත්මක සාධකය ඔය එකක් වත් නෙවෙයි. මොහෝම නිහඬව ඉන්න ජනතාව.//

      +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මාතලන් මම නම් කිසිම විදියකින් පක්ෂ මාරුව හරි දෙයක් විදියට දකින්නෙ නැහැ. අවස්ථා කීපයක් පමණයි නියම පක්ෂ මාරු සිදු වුනේ. ඒකෙත් අවසාන ඵලය රටට බොහොම අහිතකරයි. මම දන්න විදියට අවංක චේතනාවෙන් මේ රටේ පක්ෂ මාරු වී නැහැ. බන්ඩගෙ පැනිල්ල, එතකොට මෛත්‍රිගේ පැනිල්ල දෙකේම ලක්ෂණ සමානයි. මූලික කාරණාව අගමැතිකම. හැබැයි මම මෛත්‍රීගේ පිල් මාරුව හොද දෙයක් විදියට දකිනවා. ඒ විය යුතුම දෙයක්. එහෙම නොවුනනම් ජහමනයා කවදාවත් තේරුම් ගන්නෙ නැහැ මේක බිදින්න කෙනෙක්ට පුළුවන් කියලා. හැබැයි මට තියන සැකේ ඒ මනුස්සය අන්තිමට තව අභිමන්‍යු කෙනෙක් වෙයි කියලා. මොකද අපේ කට්ටිය ගැන මගේ එච්චර විශ්වාස නැහැ. මෛත්‍රිගේ පැනිල්ල හැර අනික් අයගෙන් බහුතරය යන්නෙ යටි අරමුනින්. ඒ නිසා නිර්මාල් හිතන දේ හරියටම හරි. මම මේක දැක්ක චන්ද්‍රිකා 1994 එද්දිත්. නමුත් මම සැක කළ විදියටම එදායින් පසු ප්‍රතිගාමීන් නැවත බලය අල්ලා ගත්තා. මෛත්‍රීට එකෙන් බෙරෙන්න සෑහෙන පෞරුෂයක් අවශ්‍යයි. බලමු ඔහු ගැන තාම කල් වැඩී.

      Delete
    4. මෛත්‍රී දින්නොත් ඔය ආන්ඩුවේ රිලව් කියන බටහිර බලවේගයි, පවාදීමුයි අරවයි මේවයි නම් වෙන්නේ නෑ. මොකෝ මහින්දට වඩා දේශප්‍රේමී පිරිසක්, මෛත්‍රී, චම්පික හා ෆොන්සේකා කියන්නේ. නමුත් අනිවාර්ය ගැටුම් ඇති වෙනවා 13 ගැන. මොකෝ රාජිත, රනිල් හා ටී ඇන් ඒ ඉන්නේ ඒකට පක්ෂව නිසා. ඉතින් ඔය කියන තරම් ස්මූත්ලී අළුත් ව්‍යවස්තාවක් වත්, විධායකේ අහෝසි කිරීමක් කිසි සේත්ම සිද්ද වෙන්නේ නෑ. මගේ නම් එහෙම බලාපොරොත්තුවකුත් නෑ. මෙතනදි මෛත්‍රිගේ අළුත් පක්ෂ කතාව නැගලා යනවා. මොකෝ මෛත්‍රී දින්න ගමන්, වත්මන් ආන්ඩුවේ ඔක්කෝම උන් මෛත්‍රි ගාවට එනවා. බැසිල්, චමල් හා නාමල් ඇර. නාමල් ඇර අනිත් දෙන්නා උනත් ෂුවර් නෑ. ආන් එතනදි තමයි රනිල් කළ ගොන් කම රනිල්ට වැටහෙන්නේ. අපි බලමු.

      Delete
    5. My3 ට මහින්ද ලොක්කව පරාද කරන්න පුලුවන් කියලා wishful thinking ලෙස හිතන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා.

      හැබැයි සැබෑවටම My3 ට මහින්ද ලොක්කව පරාද කරන්න පුලුවන් කියලා කියන තැනැත්තා නම් මෙ ලන්කාවේ සාමන්ය මහජනතාව ගැන අබ මල් රේනුවක් වත් දන්නෙ නැති ලාමක ටින් ටින් කෙනෙක්...

      ම රා 60%

      සිලිසේන 28%

      Delete
  4. මගේ ලිපියෙන් කියන්න තියන ටික කිව්ව. ඊට අමතර කාරණා කිහිපයක්.

    1.කවුරු හරි හිතනව නං මර්වින් ඒම තුලින් ඡන්ද කැඩෙනව කියල ඒක නොදැනුවත් කමින් සිදුවන දෙයක්. ඔහොම කියනව නං මර්වින්ලා මහින්දානන්දලා රත්තරංලා දුමින්දලා ඉහලම මනාප ගනීද? (කුමන හෝ පක්ෂයකින්). ඒ නිසා ඕන නිර්මාල්ලාගෙ බයිලා.(මම කියන්නෙ ඡන්ද කැඩීම පැත්තෙන්, යම් ඡන්ද ප්‍රමාණයක් කැඩෙද්දි තව ප්‍රමාණයක් එනව.)

    2.'නිර්මාල්ලාගෙන් සෝභිත හාමුදුරුවන්ගෙන් සටන පැහැරගැනීම' කියන එකටත් එකඟ නෑ. මේක අර "කෙල්ලො හදල පිටට දීග දෙනව වගේ" කියන අම්මලගෙ කතාව වගේ තමයි. මොකක් හෝ නිර් දේශපාලනික ව්‍යාපාරයක් මහපොලවෙ හිටවන්නෙ දේශපාලනික කණ්ඩායමක් විසින්. මාතලන් දන්න එහෙම නොවෙන තැනක් තියනවද/තිබුනද කොහේහරි?

    3.මේකෙ තියන වැදගත්ම කතාව තමයි යම් දෙයක් පරමාර්ථ වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් දෙවිදියක පැවැත්ම. උදාහරණයක් විදියට අපි කැමතියි මර්වින්ලා එන්නෙ නැත්තං. මෛත්‍රීත් නැතිව නිර්මාල්ලාට සෝභිතලාට ගේම ගහන්න පුළුවන් නං තවත් හොඳයි නමුත් කොහොමද කරන්නෙ? තේරුම් ගන්න පහසු වෙන්න තවත් උදාහරණයක් දෙන්නං. පක්ෂයේ අදහස මොකක් උනත් මහජන නියෝජිතයෙකුට වෙනත් මතයක් දරන්න පුළුවන්. ඒ මතය වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න පුළුවන්. එහෙම වෙලාවක විපක්ෂයට යාමේ අයිතිය එයාට තිබියයුතුයි. ඕක න්‍යායාත්මකව වියයුත්ත. සැබෑ ප්‍රජාතන්ත්‍රීය සමාජයක් ඇතුලෙ වෙන්න ඕන ඒක. නමුත් ඔය අයිතිය අද පාවිච්චි වෙන්නෙ කෝටි ගණන් වලට අලෙවි වෙන්න. එතනදි අපිට සිද්ධ වෙනවපරමාර්ථ පැත්තකට දාල ප්‍රායෝගිකව දැන් තියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න.

    මං හිතන්නෙ පැහැදිලි ඇති!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම කවුරු ආවත් නිර් දේශපාලනික කොටස්වල කාර්යභාරය අමතක කරල බෑ. ඔවුන් පිටුපස සිටිමින් බලපෑම් කල යුතුයි උපරිම වශයෙන්.

      Delete
    2. මට කියන්න තියෙන්නේ අනේ උඹලගේ පට්ට ප්‍රජාතන්ත්‍රවාදේ කියලා විතරයි. ඕකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ නෙමෙයි, කඹරයා තලගොයා කර ගැනීම කියලා..

      Delete
    3. හෑ? ඒ මොකක් ගැනද උඹ කියන්නෙ? මගේ කමෙන්ටුව කියෙව්වද?

      Delete
    4. හරියටම හරි..! මර්වින් ආවොත් නිර්මාල්ලා එකෙක් දෙන්නෙක් විරුද්ධ වෙද්දී රාජ්ලා දහස් ගානක් ඉන්නවා ඡන්දේ දෙන්න..

      Delete
    5. අර අන්තීමට තුන් වෙනි එකේ කියලා තියෙන්නේ විපක්ෂයට යන එක ප්‍රජාතන්ත්‍රවාදය කියලා.. ආන් ඒක ගැන.. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්.. අර කාලකන්නි අගවිනිසුරු හොරා මේ රටේ මිනිස්සුන්ට කරපු හෙන හත ගහන අපරාදේ ඕක තමයි..

      Delete
    6. //විපක්ෂයට යාමේ අයිතිය එයාට තිබියයුතුයි. ඕක න්‍යායාත්මකව වියයුත්ත. සැබෑ ප්‍රජාතන්ත්‍රීය සමාජයක් ඇතුලෙ වෙන්න ඕන ඒක //

      ඕකට උත්තරේ
      //නමුත් ඔය අයිතිය අද පාවිච්චි වෙන්නෙ කෝටි ගණන් වලට අලෙවි වෙන්න. එතනදි අපිට සිද්ධ වෙනවපරමාර්ථ පැත්තකට දාල ප්‍රායෝගිකව දැන් තියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න//

      මෙහෙම දුන්නමත් ඉතිං තේරෙන්නෙ නැත්තං "කණගාටුයි!"

      Delete
    7. කෝටි ගානට යන්න මාර්ගය හැදුවේ මොකාද? ඒක නීතිගත කලේ මොකාද? උනුත් එකයි.. ඒක සාධාරණිකරනය උනුත් එකයි...

      Delete
    8. ඒක තමයි බං කිව්වෙ. වැඩේ න්‍යායාත්මකව හොඳයි. ඕක හොදයි සුපිරියට ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවලට. මෙහාට ආවම සිදුවන දේ තමයි මේ. ඒක සාධාරණීකරණය කලේ නෑ. වරද්දගන්න එපා.

      Delete
    9. එතනදි සාධාරණීකරණය කරලා තියෙනවා.. ඒක කියවන අය තේරුම් ගනීවී..

      Delete
    10. බොලේ හැබෑට.... මේ මර්වින් ලොක්කා අප්සෙට් ජොකියා වෙලා තියෙන්නේ මහින්ද මාම ලඟ ඉන්න නිසයි....

      සිලිසේන ලඟට ආව ගමන් මර්වින් ගේ පරන පවු අහෝසි කම්ම වෙලා මැන්ස් සෝවාන් වෙනවා.... රාජ් මහත්තෙයාගෙ තියරියට ජය වේ වා!!!!!!!!!!

      Delete
    11. ඕනෑම පුද්ගලයෙකුට තම දේශපාලන අදහස් වෙනස් කිරීමේ අයිතිය ඇත. නමුත් පිල් මාරුව නිසා කර ඇති හොරමැරකම් වලින් බේරී යාමට ඉඩ ලැබෙයි නම් වරද එතැනය.

      Delete
    12. පුදගලයෙකුට අයිතිය තිබුනත්, ජනතා ඡන්දයෙන් පත්වෙච්ච ජනතා නියෝජිතයෙක්ට ඒ අයිතිය නෑ. එහෙම යන්න ඕනි නම්, අදාල නියෝජනයෙන් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙකු සේ යා යුතුයි.

      Delete
  5. නිර්මාල් මහත්මයාගේ මම ඡනාධිපති වුවහෙත් කියලා ලිපියක් තිරැ ලිපියක් කියෙව්වා ඒ මහත්මයාගේ අදහස් ගැන මම කැමති

    ReplyDelete
    Replies
    1. කරුමෙ එහෙම එකෙක් කල්පයක් යනකන් වත් එන්නේ නැති එකනේ..

      Delete
  6. ලිපිය කියෙව්වටත් වඩා සතුටුයි මොකක් හරි කාරණේකදි මාතලනුත් මනෝශ් සඳුමලුත් එකට හිටගන්නව දකින එක.. :)))

    මම දකින්නෙත් මෙතනදි නිර්මාල්ලගේ මතයම (හෝ එහි හරය ) රතන හාමුදුරුවෝ, M‍Y3 වගේ චරිත හරහා දේශපාලණීකරණය වීමක් කියලයි.. හැබැයි මේ එහෙට මෙහෙට පැනිල්ල හැර.. විය යුතුව තිබුණේ හෝ විය යුතු වන්නේ ජන මතය පැන්නවීමයි.. ඒ සඳහා නිර්දේශ කල හැකි වැඩ පිළිවෙලක් තවම පොදු විපක්ශයෙන් පෙන්නුම් කරන්නේ නෑ.. ඒ වෙනුවට කරන මේ පැනිල්ලෙදි උනත් පුද්ගල චරිතවලට වඩා රැල්ල හැරවිය හැකි බලවේග තමයි ඉදිරියට ආ යුත්තේ. මගේ පුද්ගලික මතය නම් මේ පැනිලි දේශපාලණය ජනාධිපතිවරණයේ ජය තීන්දු කරන සාධකය උනොත් එය M‍Y3 ගේ අවසානය.. මොකද ඒ සම්භන්දයෙන් M‍Y3 ට මහින්ද එක්ක හැරෙන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. හොඳම යාළුවෝ එහෙම තමයි කළණ මිත්‍ර...

      මිනිස්සු බලාපොරොත්තුවෙන් උන්නේ වෙනසක්.. ඒත් මෙතන වෙනසක් නෑ.. එකම වෙනස එක මහින්ද කෙනෙක් වෙනුවට, දැන් මහින්දලා දෙන්නෙක් ඉන්නවා.. එච්චරයි.. ළකුණකින් විතරක් දෙන්නා වෙනස්...

      Delete
    2. \\ලිපිය කියෙව්වටත් වඩා සතුටුයි මොකක් හරි කාරණේකදි මාතලනුත් මනෝශ් සඳුමලුත් එකට හිටගන්නව දකින එක.//

      හුටා!!! කේස් එක එච්චර දුර ගිහින්ද!!

      මාතලන්ගෙ උත්තරේම තමයි කලණයෝ මටත් දෙන්න තියෙන්නේ.. මාතලන්ව හරියට තේරුම්ගන්න ඕනි. ඒ විවාදේ ඒ වෙලාව සඳහාම පමණයි. මටත් ඕක තේරුනේ ටිකක් පහුවෙලා! (හැක්..හැක්!)

      Delete
    3. උඹලා සමගි වෙනවා දකින එක මගේ එකම සතුටයි.මොකද මම ගොඩක් අසරණ වෙනවා මාතලන් සහ මනෝෂ් අතර. අනේ ඉතිං අපිව බලාගන්න කවුුත් නෑනේ!!!!

      Delete
    4. සම හරක් පොන්නයෝ වගේ ඇනෝ එන්නේ නැතිව කෙලින් එන මනෝෂ්.. ඔය පරිනතයි කියන් බ්ලොග් කාරයන්ට වඩා දාහක් වටිනවා.. මත ගැටුම් කියන්නේ ඒකයි.. කවදාවත් මගේ මතය නිවැරදියි කියලා මම කියන්නේ නෑ.. ඒත් මෙහෙම වැදගත් විදියට සංවාද කරන එකෙක් එක්ක සංවාද කරන එකත් ඉදිරියේදිත් නැතිවන එකක් නෑ.. ඒ තමයි මේ ළෝකේ හැටි.. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..

      Delete
    5. අනිවාර්යයෙන්ම, අපි ඒ සංවාදයන් ඉදිරියටම කරගෙන යමු, ඉවසීමෙන්, සමඟියෙන්, හරවත්ව. එයයි වැදගත්. හැමෝම එකතුවෙමු, කතාකරමු, අදහස් බෙදාගමු උදහස් නොවී.

      Delete
    6. ආ.. කහගනිල්ලා එහෙනං පිටවල්... ඇත්තටම මගේ ඇස් පින් කරලා තියෙනවා!

      Delete
    7. කාතාවෙන් කතාවෙන් මම දාන්න හිටි එක අමතක වුනා.
      //සමාජය විසින් කළු බැටළුවන් ලෙස නම් කල පිරිස්, තම පිලට එකතු වූවද, ඔවුන් පෙරහරේ ඉදිරෙයෙන්ම ගෙනයාම විශාල අවදානමක් පවතින බව නොකියා සිටිය නොහැක. ඔවුන් ගමන් කල යුත්තේ, පෙරහර පිටුපසින් එන පොලීසිය හා මහජනතාවටත් පිටු පසිනි. // මම මේක රාජ්ගෙ පිටුවෙ මතු කලා නේද මාතලන්?

      Delete
    8. මතු කලා නම් බොහෝම අගෙයි....

      Delete
  7. //ඔවුනට මෙම සම්පූර්ණ ක්‍රමය පිළිබඳවම විවේචනයක් තිබුන අතර. ආන්ඩුවේ කිසිවකුගේ සහයෝගයක් ඔවුන් බලාපොරොත්තු වූයේද නැත//

    එතකොට හැමදාම විවේචනය විතරයි හැබැයි

    ReplyDelete
    Replies
    1. නෑ නේ ප්‍රා.. අවංකවම එහෙම තත්වයක් තිබුනේ නෑ නේ. රනිල් එජාපයෙන් එන්න හිටියේ.. එහෙම් ආවනම් තිබුන කතිකාව අනුව, රනිල්‍ර අනික් උන්ගේ සහායත් ලැබෙනවා.. අන්තීමට උනේ.. අපි ආදරය කරන එජාපය සුනු විසුනු වෙච්ච එක.. ඔය යන උන් ටිකත් ගියොත් එහෙම.. එජාපය ගොඩ ගැනිලි බොරු කාළෙකට.. නමුත් එක කෙනෙක් දිණුම්.. ඒ සජිත්..

      Delete
    2. MS දිණුවොත් වෙන ගොඩාක් දෙවල් තියෙනවා.. ඒ වගේ පෝස්ට් එකක් අන්තිම හරියෙදි දාමු නේ..

      Delete
    3. //රනිල් එජාපයෙන් එන්න හිටියේ.. එහෙම් ආවනම් තිබුන කතිකාව අනුව, රනිල්‍ර අනික් උන්ගේ සහායත් ලැබෙනවා//

      හහා.... ලැබෙයි #&^$*#ක්!

      Delete
    4. හරි අපි හිතමු ලැබෙන්නේ නෑ කියලා. නමුත් ඒ සටන මීට වඩා මානුෂිකයි.. අද මේක මළ විකාරයක්..

      Delete
    5. ඒ සටන දිනීමේ චාන්ස් එක කොහොමද?
      (සමාවන්න, මා වාද කරනවාට වඩා සංවාදයට කැමති නිසා ප්‍රශ්න අහනවා විවිධමත දැනගන්න)

      Delete
    6. //අපි ආදරය කරන එජාපය සුනු විසුනු වෙච්ච එක.. ඔය යන උන් ටිකත් ගියොත් එහෙම.. එජාපය ගොඩ ගැනිලි බොරු කාළෙකට.. නමුත් එක කෙනෙක් දිණුම්.. ඒ සජිත්..//

      එජාපයට තේරාගන්න තිබුනෙ පාරවල් දෙකයි.
      1.රනිල් හරි සජිත් හරි ඉල්ලල පරදින එක.(තිස්ස අත්තනායකගෙ කැමැත්තට). රනිල් පැරදුනොත් නං සජියට වාසිසි.

      2. I.සාර්ථක පොද්දෙකුට සහය දීල දිනුවොත් එහි වාසිය ලබාගැනීම. මෛත්‍රී දිනුවොත් දැනට තියන තත්වය යටතේ වැඩිම වාසි අත්වන්නෙ එජාපයට.

      II.පොද්ද පැරදුනා කියල ලොකු අවුලක් එජාපයට නෑ. රනිල තවත් වටයකින් දිනුම්.

      Delete
    7. (ඉහත කමෙන්ටුව ප්‍රා සහ මාතගෙ කමෙන්ටු වලට කලින් දාපු කමෙන්ටුවක්)

      ප්‍රා,
      මානුශිකයි. දෙකක් නෑ. නමුත් පරදිනව. මානුෂික වෙන්නෙ කලින්ම පරදින නිසා. අසමානයන් දෙදෙනෙකුගෙ සටනක් ගැන උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙව.

      Delete
    8. මේ එන රිසල්ට් එක තමයි ඒත් එන්නේ... මෛත්‍රිට දිනන්න පුළුවන් නම් රනිල්ටත් පුළුවන්. මෛත්‍රිට බැරිනම් රනිල්ටත් බෑ.. මොකෝ කැපුවත් නිල් උන් මෙතනදි චන්දය දෙන්නේ මහින්දටම නිසා..

      Delete
    9. "මෙත ට තිත" ද එතකොට?

      Delete
    10. ඒක නම් තවම කියන්න බෑ.. 12 වෙනිදට ආන්ඩුවේ පදාසයක එනවය කියලා රාජිත කියලා තියෙනවනේ.. එතකොට කලින් කිව්වා වගේ.. මහින්ද එජාපයේ නායක. රනිල් ශ්‍රී ලංකා එකේ නායක.. කෝපි කෝප්පයක් බීලා, ආප්පයක් කාලා, පක්ෂ ලකුණුත් මාරු කර ගත්තාම. වැඩේ හමාරයි.

      Delete
    11. පදාසෙ ගේන්න කලින් සුජාතයි මහිලුයි (රාජිතගෙ ගෑනියි මල්ලියි ) My3 ගේ පැත්තට ගෙන්න ගත්තොත් නේද හොඳ???

      Delete
    12. //මේ එන රිසල්ට් එක තමයි ඒත් එන්නේ... මෛත්‍රිට දිනන්න පුළුවන් නම් රනිල්ටත් පුළුවන්. මෛත්‍රිට බැරිනම් රනිල්ටත් බෑ.. මොකෝ කැපුවත් නිල් උන් මෙතනදි චන්දය දෙන්නේ මහින්දටම නිසා//
      මාර තියරි නෙව මාතලන්ට තියෙන්නෙ. මේවගේ අදහසක් ගත්තෙ කොහෙන්ද කියන්න පුළුවන්ද? නිකං රහත් වෙලා වගේ දැනෙනවද?

      මෛත්‍රී වෙනුවෙන් (මේක මෛත්‍රී ගැන තියන විශ්වාසයට වැඩිය ඔහු වටා ඉන්න නිර්මාල්ලා සෝභිතලා‍ නිසා ඇතිවූ දෙයක්) ඡන්දෙ දනව. හැබැයි රනිල ආව නං දෙන්නෙ නෑ. ඒකෙන්ම මාතගෙ තර්කය බොරු වෙනව. මගේ මතයේ ඉන්න ඕන තරම් උදවිය මුන ගැහිල තියනව. උදාහරණයක් විදියට ජවිපෙ ඡන්ද වලින් 50000ක් වත් රනිල්ට ගන්න බෑ

      Delete
    13. ඒ 50,000 වගේද යූ ඇන් පී එකේ 2,500,000 ක්. උන්ට ප්‍රශ්ණයක් තියෙනවා චන්ද්‍රිකා එක්ක.. ඒ වගේම සිරි ලංකා කාරයකුට දෙන එක..

      රාජ් ඔයා මෝහෙන් මුලාවෙලා ඉන්නේ.. 2010 දිත් ඔහොම එක්කෙනෙක් උන්නා. අන්තීමෙදි අවුරුදු 2.5 කූරූ ගනන් කරලා ආවේ..

      බලන් කබ කඩා හැර දෑසේ.. මම අදටත් කියන්නේ ඉල්ලන්න තිබුනේ රනිල්.. ඒක ඔයාලට අවුලක් වෙන්න ඇති.. ඒත් එජාපය අවශ්‍යයි කියලා හිතන මිනිස්සුන්ට ඒක වටිනවා..

      Delete
    14. මෙහෙමයි මා‍ත, 50000ට වඩා මිලියන විසිපහ ලොකුයි. ඒක ගැන විවාදයක් නෑ. නමුත් ඔය පනස්දාහටත් මිලියනයටත් වැඩිය එක ඡන්දය ලොකුවෙන අවස්ථාවක් එන්න පුළුවන්.

      මම කොතැනකවත් කියන්නෙ නෑ එජාප ඡන්ද නොවටින කතාවක්. මම කියන්නෙ තනිවම එජාපයට ගේම ගහන්න බෑ කියන එකත්, අනිත් අය ඔක්කොම එකතු කරගන්න එජාපයට බෑ කියන එකත්.
      එච්චරයි. බොහොම සරළ කතාවක්.

      Delete
    15. එජාපය ආවා නම් අනිත් අයට එන්න වෙනවා. ජෙප්පන්ට ඔය කියන කතාවම කියන්නත් වෙනවා. නැත්නම් කට වහගෙනම ඉන්න වෙනවා. එහෙනම් රතනලාටත් එල්ලෙන්න වෙනවා. නැත්නම් මහින්ද ගාව ඉන්න වෙනවා. දැන් රාජ් දිණලත් ඉවරයි ඒකනේ මිලියන් 25 ක් ගැන කතා කරන්නේ. මිලියන් 25 රටෙත් නෑ.. ගිනිකණ වැටුනම මිනිස්සුන්ට ඔහොම වෙනවා..

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ගෙදර ගෑනිව මහින්ද මාම ලඟ security deposit එකක් විදියට තියලා රජ ගෙදරින් එලියට ඇවිත් අපිව දිවියලෝකෙ එක්කයන්න හදන ප්‍රජාත්නත්‍රවාදෙයේ දැවැන්ත කනු.......

    ReplyDelete
    Replies
    1. කව්ද මචං.... මොනවා කලත් උඹත් මහින්ද මහත්තයා වගේම පට්ට ආතල දෙන පොරක්...

      Delete
    2. කවුද ඉතින්.... අර ආන්ඩුවෙන් පදාසයක් ගේනවා කියන රාජිත ලොක්ක තමා... සුජාතව රජ ගෙදර security deposit විදියට තියලා අපිව සුර පුර ගෙන යන්න හදනවා....


      අපි ඉතින් කවදත් කලේ කවටය ගෙ චරිතේ නේ මාතලන් මහත්තයා...

      Delete
    3. ඈ ළමයෝ,අර අගේට ලියාගෙන ආපු කතාවත් බාගෙට නවත්තල දාල ඇවිත් දැන් දේශපාලනේ කතා කොර කොර ඉන්නෙ කතාවෙ ඉතුරු ටික ලියන්නෙ කවදද?

      Delete
    4. මොන කතාද හැලපේ.. මිට වඩා හොඳ කතා කොහෙද තියෙන්නේ.. මේ ටික කාලේ.... තව මාසයයිනේ..

      Delete
    5. පිස්සු කියනවද හැලප මහත්තයා??

      මහින්ද ලොක්ක මෙන්න කියල මිලියන් දෙක තුනක් අපි දිහාට විසි කලේ මෙ සුපිරිසිඳු, අති නිර්මල, අනාගාමී, පුර පස සඳ මෙන් වැඩෙනා සින්හල බොග් අවකාසේ වැඩ වාසය කරන්නාවූ දෙවි දේවතා, බූමාටු, කුම්භාන්ඩ, බූත, අත්බූත, සින්හල බොල් ලියන කියවන කස්ටියට එතුමා ගැන වචන සුවල්පයක් පවසමින් ෆූඩ් සිට්ය් යන්න නොවැ?

      ඉතින් අර ලිය ලිය හිටි කතා ලිය ලිය ඉන්නෙ කොහොමද?

      නොදන්න පොලිටික්ස් කැන පොර ටෝක් දෙන එක ඊට වඩා කොතරම් සුන්දරද?

      Delete
  10. |ගෘහ මූලිකයා බුද්ධිමත් නම් පිස්සුබල්ලෙක් බඳිනවා කියන්නේ ලේසියෙන් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්. දම්වැල් කඩාගත්ත පිස්සුබල්ලන්ට බයවෙලා 'ලොකු පින්තූරය' මඟහරවගන්නේ නැතුව අවසාන ඉලක්කය ලඟා කරගන්න කරන්න ඕන දේ කොන්ද පණ ඇතුව කරන්නත්, ඒ කරන්න වෙන දේවල් ප්‍රායෝගිකව දරා ගන්න හැකියාවත් නැත්නම් බලය අල්ලගත්තත් ඒකෙන් පස්සේ ඔය කරනවයි කියන ඒවා කරන්න නම් පුලුවන් වෙන්නේ නෑ.

    පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න නම් දැනට සිටින මර්වින් වගේ දේශපාලන චරිත එක්කත් ගනුදෙනු කරන්න සිද්දවෙනවා කියන ඇත්තට මූණ දෙන්න බැයි නම් ඒ අයට ලංකාවේ දේශපාලනය තුල ස්ථාවර වෙන්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා මර්වින්වගේ එකෙක්ගෙන් හරි වාසියක් වෙනවා නම් ඒ වාසිය ගන්න එක වැදගත්. ගන්න තියෙන වාසි අරන් ජයග්‍රහණයෙන් පස්සේ අවශ්‍ය දේ කරන එක හොඳයි, සුදු කලු තෝර තෝර ඉන්න ගිහින් පැරදිලා ඔක්කෝම හීන උපන්ගෙයි මියැදෙන්න අරිනවට වඩා. මර්වින් විතරක් නෙමේ, ඒවගේම තවත් අය එක්ක කටයුතු කරන්න පුලුවන් ඇති කරන්න බලාපොරොත්තු වෙන වෙනස තුල. නව පාලන ක්‍රමයක් තුළ අල්ලස් හා දූෂණ පිළිබඳ නීති හරිහැටි ක්‍රියාත්මක කිරීම වගේ දෙයකින්ම මර්වින් වගේ ලේසි ප්‍රශ්න විසඳගන්න පුලුවන්, එහෙමත් නැත්නම් දීර්ඝ කාලීනව කොටු කරන්න පුළුවන්.|

    සම්පූර්ණ ලිපියට ලින්ක් එක http://silverline-chamara.blogspot.com/2014/12/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. ඉතින් මර්වින් ගන්න ඕන නෑ නේ.. එයා එහෙමම ඉඳිද්දි බැරිද ඒ දේ එහෙන්ම කර ගන්න. මොකෝ මර්වින්ලා ගොඩාක් එහේ ඉන්නවනේ. ඔය මර්වින් සිල්වා විතරක් අරගෙන හරියන්නෙ නෑ එහෙනම්.

      Delete
  11. මෙම ලිපිය මාතලන් මැතිතුමා තුල අවිඤ්ඤානිකව හෝ ඇති ප්‍රෝ මහින්ද සෙන්තිමේන්තුව (pro-Mahinda sentiment) මැනැවින් පෙන්නුම් කරන තවත් එක් ලිපියක් ලෙස හඳුන්වා දිය හැක. ඒ මක් නිසාද යත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් "ලද" සමාජ බලවේගයක සටනක් පිළිබඳව මාතලන් මැතිතුමා කිසි දිනෙක කතා කිරීම අප අසා නැති බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදාත් ලිව්වා... සිරිසේනගේ කන්නඩි දෙක ගලවලා, වෙන කන්නාඩි දෙකක් දාගෙන බලන්න.. නැත්නම් සිංහල දන්න කෙන්ක්ට කියලා.. පසුගිය බ්ලොග් දහයක් පහළොවක් කියව ගන්න. ඒත් බැරිනම් චූ කරලා නිදා ගන්න..

      Delete
  12. ජනරළ පත්තරේ දාපු ලිපි සුමිත් චමින්දත් , රාමචන්ද්‍රත් මේක මෙහෙම වෙනවා කියල නිර්මල්ට කිව. මම ඉඔට පස්සේ දාපු මගේ බ්ලොග් ලිපියක (ඒක ත්‍රිමානයේ හා ජනරලේ පසුව පළවුනා) මම එහිදී කිව්වේ නිර්මාල්ට තමන්ගේ අරගලය මේ පොදු අපේක්ෂක කතිකාවට උඩින් තියාගන්න කියල. එයට ගමක බලවේගය වෙන්න කියල. නමුත් දැන් මන් හිතනවා නිර්මාල් හැලිලා ඉවරයි. දැන් තියෙන්නේ පෙසප line එකට එකතු වෙන්න. නැත්නම් විවේචනාත්මක සහයක් දෙනවා කියල පැත්තකට වෙන්න. නැත්නම් ජවිපෙ වේදිකාවට නැගගත් කමක් නැහැ. මාතලන් කිව්වා වගේ ඔක්කොම හොරු ටික පනිනවා දැන් අනිත් පැත්තට.

    ReplyDelete
    Replies
    1. ඕවා අපිත් කිව්වා නේ අජිත්.. අපි කිව්වම සම හරක් කියන්නේ අපි මහින්දට කඩේ යනවා කියලා.. දැන් සටනේ ඉන්නේ මහින්දලා දෙන්නෙක්.. ලකුණ විතරක් වෙනස්.. සිරිසේනලාට.. මේ ටිකට, සෝභිතලා, නිර්මාල්ලා අමතක උනා නම්.. දින්නොත් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ..

      Delete
  13. මාතලන් හිතනවද අපේ මහජනයා නිර්මාල්ලගෙ සෝභිත හාමුදුරුවන්ගෙ ප්‍රතිපත්ති පිලි අරගෙන ආණ්ඩුව පෙරලන්න උදවු වෙයි කියල. එහෙම පරමාදර්ශී දේශපාලනයක් මේ සිස්ටම් එක ඇතුලේ මැතිවරණ හරහා පාර්ලිමේන්තුව හරහා කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ. මෛත්‍රීපාල සහ මහින්ද අතරෙ පුද්ගලයන් වශයෙන් මහ ලොකු වෙනසක් නැහැ කියල ඔය වැඩේට එකතුවෙලා ඉන්න හැමෝම දන්නවා. එත් හැමෝම හිතනවා මෛත්‍රී පිටිපස්සේ ලොකු සෙනෙගක් නැති නිසා තමන්ට නම්ම ගන්හිතානව න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. නමුත් කරුමේ තියෙන්නේ විධයකයේ. ඔතන සෝභිත ඉඳගත්තත් වෙන්නේ, සෝභිතත් මහින්ද කෙනෙක් වෙනවා.. වෙන්න යන්නේ මොකක්ද කියලා, සහෝදරයොයි, පුතයි අරගෙන යන සීන් වලින් බොහෝම පැහැදිලිව පේනවා.. දැන් ප්‍රතිපත්ති නෑ.. පනින ගෙම්බෝ ගැන තමයි ජහ මනයගෙත් උනන්දුව.. පනින උන් වැඩක් නෑ.. කරන්නේ මොනවද කියලා පැහැදිලි යමක් අද වෙනකන් නෑ.. පොදු හතුරා ගැන නම් අළුතෙන් ඉගෙන ගන්න දෙයක් නෑ නේ..

      Delete
  14. මේ දවස් වල උඹල ලියන ඒවා කියවන එක ඇරෙන්න අදහස් දක්වලා කමෙන්ට් කරන්න වෙලාව අඩුයි...
    දේශපාලන ලිපි සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා අහුවෙන විදිහට කියවලා යන්න යනවා...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... කවුරුත් බිසි මිනිස්සුනේ...

      Delete
  15. http://www.119gossiplanka.com/403/2014/12/naveen-lies.html

    ReplyDelete
  16. http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/

    ReplyDelete
  17. දැන් එතොකට කැපුවත් නිල් උන් චන්දේ දෙන්නේ මහින්දට , චන්ද්‍රිකා නිසා UNP උන් ම්යිත්‍රීට චන්දෙ දෙන්නේ නැහැ , එතොකට අර නුවරට අච්චර සෙනගක් අවේ JVP කට්ටිය නේද ? මේ සැරේ මිනිස්සු දන්නවා මහින්දව එලවන්න කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා , අනික මේවාගේ මිත්‍යා දුස්ටිකයෙකුට රට තවත් බර දෙන්න පුලුවන්ද ? ලංකාවේ නුඋගත් ගැහැණු තමා ඔය දේවාල ගැනේ වැඩියෙන් යන්නේ පිරිමි එත් යන්නේ නැහැ , තව මුදලාලිලා ටිකක් හා දේස පාලුවෝ ටිකක් යනවා , නමුත් බුද්ධිමත් දෙසපලකයෝ ඕවට ඇබ්බැහි නැහැ , මහින්දට අන්දබක්තිය හැර දෙයක් නැහැ මේක විහිළුවක් පන්සලේදී පුටුව ඕනේ , දේවාලේදී හිගන්නෙක් වගේ පැදුරේ ලැගලා .

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද ප්‍රනාන්දු සුරෙන්ද්‍ර....

      අපි නම් ඔයා කියන මිත්යා දෘස්ටික මහින්ද මාමට තම මේ පාරත් දෙන්නේ....

      අපි වගේ අන්දබක්තිකයන්ට ජය වේවා!!

      ම රා 60%

      සිලිපාල 28%

      වරහන් ඇතුලේ: මෙ ගොන් පාර්ට් ප්‍රතිශත නැවත නැවත මාතලන් ගෙ බොග් පිටුවේ පල කිරීම ගැන එතුමාගෙන් සමාදිය බාජනය කරමු...

      Delete
    2. ඔහොම ස්වයං වින්දනේ යෙදුන කෙනෙක් අන්තීමෙදි නැවතුනේ වැලිකඩ.. ගිනිකණ වැටුනම් ඔළුව අවුල් වෙනවා ගොඩක් අයගේ.

      Delete
  18. මර්වින්ගෙයි උදය ගම්මන්පිලගෙයි වෙනස මොකක්ද මාතලන් ?

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල 100 ගන්නේ... මර්වින් ටිකක් වැඩියෙන් ගන්නවා..

      Delete
  19. මහින්දට නීච භංග රාජ යෝගයක් තියෙනවා.
    මෛත්‍රීපාලට මේ දිනවල සෙනසුරු ඒරාශ්ඨකේ ලබලා
    මෛත්‍රීපාල ගිවිසුම් ගහලා තියෙන්නේ අධෝමුඛ නැකැත් වලින්

    ReplyDelete
    Replies
    1. මගේ එක බලාගන්න බැරිද මචං

      Delete
  20. වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇහැව්වලු. සෝමරත්නව ගත්තු එකා මර්වින්ව නොගෙන ඉඳීවිද?

    ReplyDelete
    Replies
    1. මට බය මහින්ද ඒ පැත්තට ගිහින් රනිල් මේ පැත්තට එයිද කියලා...

      Delete
    2. මම නම් කියන්නේ මුලින්ම මහින්දයි රනිලුයි මාරු වුනානම් වැඩේ අහවරයි.

      Delete
  21. ගම්මන්පිල අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් එතුමා අපේ ඉස්කෝලෙ ආදර්ශ පාඨයට අනුව කටයුතු කලා
    මම එතුමට සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ආදර්ශ පාටය : එහෙන් අරන් එහෙට පැනපන්.... හිරුනිකාත් ඒ පැත්තට පැන්නාම ඒ ගෑනිට බයේ..ආයිත් හොඳ ගානක් කපා ගෙන මේ පැත්තට පැනපන්...

      අපිත් එතුමාට දෙකොනින් ම සුබ පතනවා... හිකිස්

      Delete
    2. වයිවර්ණ පාට ආදර්ශයට ගත යුතුය

      Delete
    3. අප්පමාදෝ අමත පදං

      Delete
    4. "තමන්ට පෙරාගත් රට"

      Delete
  22. ම්ම්ම්............අපි මෙතැන මොන සෙද්ද කතා කොලත්......
    ගම්මුන්ට හරි පණිවිඩයක් දෙන්න සමත් වෙලා නැහැ පොදු විපක්ෂය......
    මංගල ල වැනි ගමේ හදවත් වලට පණිවිඩ යවපු උන් මෙහෙම නිහඩව සිටීම ගැටලුවක්....
    මර්විය උඹට ශුරයෙක් වුනාට ....රට්ටුම දන්නව ...පඩ ෂෝ කාරයෙක් කියල මචෝ.....
    කොහොමත් ලොක්ක දිනන බව තහවුරු කොරල ......තිරුපති වලදී දෙයියෝ....

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි බං මර්වින් ගැන මමත් කියන්නේ.. ඒකයි ගන්න එපා කියන්නේ.. නිර්මාල් කියන්නෙත් ඒ දේ.. ෆේස්බුක් ජනපතිලා මෙතුවක් කාළෙකට දිණලා නම් නෑ තමයි..

      Delete
  23. අනේ මඤ්ඤොක්කා. මටනං මේ යන විදිය සුවර් නෑ. මදි...මදි...හොඳටෝම මදි රැල්ල.

    ReplyDelete
  24. මම නම් හිතන්නේ මර්වින්ට MY3 අංකල් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මහින්ද මාමගේ පැත්තේ ඉන්න එක. ඉඳල ඔය තම මොන මොනවහරි කිව්වනං ටක්කෙටම තව චන්ද කීයක් හරි මහින්ද මාමගේ ගොඩෙන් අඩු කරන්න තිබ්බ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න