.

.

Dec 16, 2014

ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ සහ බාලගිරි - Why JVP & Mr. Baalagiri

 

තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. ගතින් තරුණ කම මැනීමටද නොහැකිය. කෙසේ වුවත් එජාපයේ තරුණ නියෝජනය යැයි කියා ගන්න හතර දෙනෙක් සිරසේ වැඩ සටහනකට සහභාගි වී සිටිනවා දුටු විට, මාතලන්ට හිතුනේ තරුණයෝ කියන්නේ මුන්ට නම්, තරුණ පරපුරම මහා සාපයක් ලද්ද වුන් බවය. ඔවුන්ගේ කතා තුල, අදහස් තුල, කිසිම තාරුණ්‍යයක්, විප්ලවීය බවක්, පපුවට වැදීමේ කතාවක්, මාතලන් නම් දුටුවේ නැත. එම නිසා මුළු වැඩ සටහනම නැරඹුවේත් නැත. පස්සෙ එයාලාගේ තරුණ කම් ඉස්මතු වූවද කියා කීමට නොහැකි හෙයින්, මේ කතාව අසාධාරණයක්ද විය හැකිය.

කෙසේ හෝ මාතලන්ට සිතුනේ, අනේ මේ වෙනුවට ජෙප්පෝ හතර දෙනෙක් ආවා නම්, ආන්ඩුවේ උන්ගේ හතර හන්දි කැඩෙන්නම, හතරවරම් දීමක් දෙනවා නේද යකෝ කියලාය. ජෙප්පෝ වටින්නේ ඔන්න ඔය කාරණයේදීය. ඒ කියන්නේ බොක්කට කතා කොරනා කාරනටය. එහෙම දැනෙන්න කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවාය. එකක් නම් බෙරිහන් දීමය. ඔය අපේ මහින්ද මහත්තයාත්, අපවිත්‍ර නෝනාත්, රජ ගෙදර රිලවාත් කරන්නේ ඒකය. මොකෝ යකෝ මූ කෑ ගහන්නේ කියා බුද්ධිමත් ජනතාව ඒ කියනා ඒවා අහනවාය.

තව එකක් නම් පට්ට කුණු හබ්බ කියනා එකය. මේ රට කොයි තරම් රටක්ද කියනවා නම්, වැඩියෙන් කුණුහබ්බ කියන්නේ අජ්ජාපන උලා කන ඇමතිලාය. එකෙක් නැට්ට නැති බල්ලෝ සංසර්ගයේ යෙදෙන හැටි කියනවාය. තව එකෙක් තම නායිකාව අමු හෙළුවෙන් පාරේ යවන හැටි කියනවාය. තව එකෙක් ඌ ගහන බඩු ගැන කියන්වාය. තව එකෙක් තාමත් හොඳට යනවා කියා කියනවාය. ඒ එක ක්‍රමයකි. එයටත් මේ රටේ බුද්ධිමත් ජනතාව බොහෝම මනාපය. එහෙම කතා කියන උන් ඉහලම මනාපයෙන් විල මැද පිස්සන් කොටුවට යන්නේත් ඒ නිසාමය.

එහෙත් ජෙප්පෝ මේ දෙකම කරන්නේ නැත. අනික උන් බොරු කියන්නේ නැත. උන් කතා කරන්නේ මේ රටේ හිතන්නට පතන්නට පුළුවන් පිරිසටය. ජෙප්පෝ, උන්ගේ කාඩර් වරුන්ට ඇර, අපට වටින්නේ, ඒ හේතුව නිසාමය. කාඩර් වරු කියන්නේ, ජෙප්පෝ කියන එවා කිසිම විවේචනයකින් තොරව, පරම සත්‍ය ලෙස ගිලගෙන, එය දහමක් මෙන් අදහමින්, වමාරන පිරිසිය. එහෙත් ජෙප්පන්ට කැමති අනෙක් පිරිස කාඩර්වරුන් නොවේ. ඔවුන් හදවතින්ම මේ රටේ යහ පාලනයක් බලාපොරොත්තු වෙන, රටට අසීමිතව ආදරය කරන, දේශප්‍රේමි, දේශමාමක අවංක වූ බුද්ධිමත් ජනතාවයි. ඔවුන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැති වුවද, ජෙප්පන් මේ දේශපාළණ ප්‍රවාහයේ සිටිය යුතුම පිරිසක් බව පිලිගන්නා උන්ය.

අද හැම එකාම ජෙප්පෝ මරාගෙන කෑමට හේතුව වී ඇත්තේ එයයි. ජෙප්පන්ගේ දේශපාළණය නපුංසක දේශපාළණය යැයි කියන්නේ, ආන්ඩුවේ උන්ට ආතල් දෙන පසුගාමී නපුංසකයන් මිස වෙන කිසිවකුත් නොවේ. ඇත්තටම ජෙප්පෝ සිරිසේනට සහාය දිය යුතුද? ඇයි ජෙප්පෝ නැතුව එයාලට මේ වැඩේ තනියෙන් කර ගන්න බැරිද? ජෙප්පන්ගේ ක්‍රියාදාමය යුතුකම් පැහැර හැරීමක්ද? එය යුගයේ අවශ්‍යතාවය ඉටු නොකිරීමක්ද? මාතලන් නම් කියන්නේ ජෙප්පන්ගේ මතය 100% නිවැරදි බවයි. ඔවුන් සිඳු විය යුතු දේ ඉතා පැහැදිලිව කියා ඇත.

එසේ නම්, මෛත්‍රීපාලට සහාය දක්වනා උන් ජෙප්පන් කරන්නේ අසාධාරණ දෙයක් යැයි කියන්නේ ඇයි? ජෙප්පන්ට මහා ළොකු ඡන්ද ප්‍රමාණයකුත් ඇත්තේ නැතිය. ආන්ඩුවේ රිලවා හා කඩාගෙන ගිය පසුගාමී කණ්ඩායමට ගිලිහුන 150,000 ප්‍රමාණය ගත්තද, අද ඔවුන්ට ඇත්තේ නැවුම් ඡන්ද ප්‍රමාණය සමඟම 400,000 ක ප්‍රමාණයක්ය. මේ ඡන්ද ප්‍රමාණය ස්ථිර වූ ඡන්ද ප්‍රමාණයකි. එහෙත් නැවුම් ඡන්ද සෑහෙන ප්‍රමාණයක් චන්දය හිමි නාමලේඛනයට අළුතෙන් එක්ව ඇති අතර, ෆේස්බුක් තරණ තරුණියන්ගේ ජනප්‍රියම පක්ෂය වී ඇත්තේ ජෙප්පන්ය. මේ පිරිස තම ඡන්දය ප්‍රකාෂ කරන්නේ කාටදැයි යන දෙගිඩියාවකින් පෙලේ. මොවුන් යුද්ධයේ දරුවන්ය. ඔවුන් අවුරුදු ගනනක් යුද්ධ්යෙන් බැට කෑ අතර, යුද්ධය දිණූ වීරයෙක්ද දෑසින් දුටු පිරිසය. ඔවුන්ට සැටලයිට් යුග, එජාප යුග ගැන, දැණුමක් නැත. මෙය වාසියට මෙන්ම අවාසියටද බලපෑ හැකිය.

මෛත්‍රීපාලණය වෙනුවෙන් පෙල ගැසෙනා උන් කළ යුත්තේ මොවුන් තම පිලට ආකර්ෂණය කර ගැනීමයි. එය පහසුවෙන් කර ගත හැකි ජෙප්පන් අද ඔවුන්ගේ වේදීකාවේ නැත. අනෙක් පිරිස අප වන් පාවෙන් ඡන්ද දායකයන්ය, ඔවුන්ගේ බොක්කට කතා කිරීමට අද ජෙප්පෝ වේදිකාවේ නැතිය. ජෙප්පන්ගේ අඩු පාඩුව මෙන්න මේකය. එනම් ජෙප්පන් පොද්දාගේ ඉස්ටේජ් එකේ නැති වීමය. ඒ කියා දණ ගසා වැන්දත් ජෙප්පෝ ඒ වේදීකාවට තියා, මහින්ද මහත්තයාගේ වේදිකාවටත් ගොඩ වෙන්නේ නැතිය.

මොකෝ ලාල් කාන්ත උන්නැහේ කිව්වා වාගේ, එයාලා දෙසරයක්ම නාලා තියෙන නිසාය. සිරිසේන ලොක්කාත් ඔය විධායකේ අත අරින්නේ නෑ කියා මාතලන් මෙන්ම, ජෙප්පෝත් "ඉතා පැහැදිලිව" දන්නවාය. එයාර්පෝට් වහනා කතාවලින් ඒවා බොහෝම හොඳට පේනවාය. සිරිසේන කියන්නේ, මහින්දටත් අන්ත කිසිම වැඩ පිලිවෙලක් නැති පුද්ගලයෙක්ය. හෙට මාතලන් ගිවුසුමක් අරගෙන ගියත්, ඒකත් අත්සන් කොරලා පිලිගන්නා කෙනෙක්ය. ඇමතිවරු 25 දැන් 30 වෙලා තියෙන්නේ ඒ නිසාය. බලේට ආවොත්, ඔක්කෝටම දුන්නත් පුදුම වෙන්නත් ඕනා නැතිය.

එයාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඇති වැඩක් නැතිය. දැන් කරන්න තියෙන්නේ ජෙප්පෝ නැති නිසා, ජෙප්පන්ගේ සිස්ටම්, ඉන්න උන් ලවා කර ගන්න එකය. ඒ සඳහා එජාපයේ ඉන්නා උන් ඉදිරියට ගන්නා එකය, එහම නැතුව ආන්ඩුවෙ හොරුන් එනකන් බකං නිලාගෙන සිටීම නොවේය. චන්දයට තව මාසයක් වත් නැතිය. දූෂණ විමර්ශණ කොමිසමේ මේ ආන්ඩුවේ ඇමතිවරුන්ගේ කේස් 35 ක් තියෙනවාය. දවස ගානේ එකක් ඇද්දත්, ඒක අළුත් නිව්ස් එකක් වෙනවාමය.

මෙයාලා ගහපු ගැහිලි ගැන අපිට ඉන්ෆෝමේසොන් එනවා කිව්වාට, මේසොන් බාස්ලා වැඩ නවත්තන්නේ නැතිය. හරියට නම ගම එක්ක කිව්වෝත් මේසන් බාස්ලා විතරක් නොව අනෙක් උන්ද මට්ටම් ලෑලී අතට ගන්නවාමය. අද වෙනකන් එකෙක්ගේ නමක් ගමක් කියන්නේ නැතිය. එහෙම නොකියන නිසා අපිට හිතෙන්නේ ඒවා ඔක්කෝම වැල් බයිලා කියලාය. අපි හෙට අනිදා මේවා කියනවා කිව්වාට අර බාලගිරි දෝසේ වගේ හෙට එන්නේ කවදාද කියා බාලගිරිලා බලාගෙන ඉන්නවාය.

තියෙන තුරුම්පු ඔක්කෝම ඇදලා, කැට ටික මේ පැත්තට ගන්නම ඕනය. තුරුම්පු අන්තීමේදී අදින්න බලාගෙන ඉඳලා වෙන්නේ, හාවා රේස් එකෙන් දිණනා එක විතරය. එදාට ඉතින් මෛත්‍රීපාළණේ උදා කරන්න පුක ඉරාගෙන දඟලපු උන්ට වෙන්නේ, හිතේ අමාරුවට වෙලේ ඉන්න ඉබ්බෙක් වත් අල්ලගෙන මරාගෙන කන ගමන්, හැමදාම කෙලින ගල් බෝතලයෙන් ටිකක් උගුරුට හලාගෙන,කැන්සොර් පීන්තූර නැති ගෝලිප් පෙට්ටියෙන් දුමක් දමාගෙන, සැනසෙන්න නැලවෙන්න සුදෝ කියා,  හිතේ දුකට කයියක් කියාගෙන අවුරුදු අටක් හූල්ල හූල්ලා ඉන්න එකය. (සම හරක් විට එය කිසි දිනෙක පැමිණිමටත් නොකැකි විය හැකි වීමටත් පුළුවන්ය.)

- මාතලන් -

86 comments:

  1. ඔන්න මමත් ඇවිත් ගියා..
    ඡනවාරි 9න් පස්සේවත් මතායියන්ඩි ගේ ලිපියකට කමෙන්ටුවක් දාන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඔය දැණුත් දාලා තියෙන්නේ...

      Delete
  2. sanjeewa mendisDecember 16, 2014 at 4:07 AM

    අයියන්ඩි උඔගේ කවි හැකියාව එල ද බ්‍රා ඩබල් පුෂප්
    ReplyDelete
    Replies

    Maathalan - Priyantha HewageDecember 16, 2014 at 7:46 PM

    ඒ කියන්නේ සෑහෙන ළොකු ඇති නේ...

    නෑ බන් අයියන්ඩි..ඩබල් පුෂප් කියන්නේ නැති දේ උඩට උස්සලා ලොකු කරලා ලස්සනට පෙන්නනවා දකින එකාට ගිනිකන වැටෙන්න.

    ReplyDelete
    Replies
    1. දන්නවා මචෝ.. විහිළුවට කිව්වේ.. උබ මගේ එළද බ්‍රා පෝස්ට් කියවලා ඇති නේ...

      Delete
    2. නැතුව..නැතුව මම ඒ පෝස්ට් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
      ඔයාගේ කවි හැකියාවත් කියවන එකාට ගිනි කන වැටෙනවා ඒ තරම් එල ද බ්‍රා

      Delete
  3. ඔය ජෙප්පෝ ජිල්මාට් කතාව මේ සැරෙත් කියාවිද?

    ඔන්න මාතාලන්
    අපි තමයි මෙවරත් එක. එක පිට සිවු වරක්. ආසියාවේ ආශ්චර්යය.

    මගේ බ්ලොගය ඔබගේ සින්ඩියෙන් ඉවත්ව ඇත. අවුල කුමක්ක්ද කියා බලන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක එවපන්, මෙතනට. මාස දෙකකට වඩා නොලීවොත් බඩුම තමයි..

      Delete
    2. එහෙමත් සිද්දියක්ද?

      Delete
    3. ඡන්ද ජිල්මාට් කතාවක් පවිපේ කියුවාද? මම නම් දන්නේ නෑ. තිස්ස අත්තනායකගෙන් තමයි අහන්න වෙන්නේ.

      මගේ බ්ලොගයද ඔබගේ සින්ඩියෙන් ඉවත්ව ඇත. අපොයි.......

      Delete
    4. හුටා මට තාම මාස දෙකක් වුනේ නෑ හිටං

      Delete
    5. එතකොට ඉතිහාසය,වර්ගපූර්ණිකාව,පද්‍ය කවි ඒ වගේ ඒවා,අපේ කෝච්චිය වගෙ බ්ලොග් අවුරුද්දකකින්වත් අප්ඩේට් වෙලා නෑනෙ.ඔය යස අගේට තියන් ඉන්නෙ

      Delete
    6. ඔන්න පුරුපුරුස්.. මාධයාවේදියාටග් සජාචාරය. අපේ ඒවා මාස දෙකෙන් අයින් කරන්නයි කතාව..හැක්

      Delete
  4. "එහෙත් ජෙප්පෝ ............... බොරු කියන්නේ නැත. උන් කතා කරන්නේ මේ රටේ හිතන්නට පතන්නට පුළුවන් පිරිසටය. එහෙත් ජෙප්පන්ට කැමති අනෙක් පිරිස ........... හදවතින්ම මේ රටේ යහ පාලනයක් බලාපොරොත්තු වෙන, රටට අසීමිතව ආදරය කරන, දේශප්‍රේමි, දේශමාමක අවංක වූ බුද්ධිමත් ජනතාවයි. ඔවුන් ජෙප්පන්ට ඡන්දය දෙන්නේ නැති වුවද........"

    බොරු නොකියන ජෙප්පො කතා කරන රටේ හිතන්න පතන්න පුලුවන් ඔය ඔක්කොම තියෙන බුද්ධිමත් ජනතාව ඇයි ජෙප්පන්ට චන්දෙ නොදෙන්නෙ...?

    ReplyDelete
    Replies
    1. පෙර වැරදි... පෙර වැරදි... වෙන කිසිවක් නොවෙයි..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පෙර වැරැදි නොව. ඔලුගොඩිවල කිදා බැස ඇති අයුරු. අපි බුද්ධිමත් ජනතාවක් කියලා කියුවද අපිට ඉන්න‍ේ බහුතරයක් බුද්ධිමත්ද?
      හෙට සොමාවතිරේ රැස් විහිදෙනවා කියුවෝත් බලන්නයන්න පොලිමේ ඉන්නවා.
      නමුත් පර්සි මහේද්‍ර රාජපක්ෂගේ සොරකමක් තොරතුරුත් සමඟ එළිකලත් කී දෙනාද පිලිගන්නේ.
      ඒ දේශපාලන වහල් මානසිකත්වය මිදුනදා අපි ඔහුන්ට කියමු බුද්ධිමත් ජනතාව කියලා.

      Delete
    4. අෆ්ෆා මාර සරල උත්තරේ....ඒ කියන්නෙ ජෙප්පොංගෙ විතරයි පෙර වැරදි තියෙන්නෙ...උං තනි අතින් තමයි අප්පුඩි ගැහුවෙ

      Delete
    5. පේර වැරදි නෙමේ බං.උන්ගෙ නියාය වැඩිවුනහම අපි වගෙ හිටංලට දිරවන්නෙ නෑ.නියාය පොඩ්ඩක් පැත්තකින් තිබ්බ 2004 දි දැක්කද රීලනිපේ පරසිද්ද එවුන් හැම ඉස්තිරික්කෙකදිම හතරවැනි තැනට දැම්ම.
      උන්ට ඒක ඔරොත්තු දුන්නෙ නෑ.අන්න අරූගෙ පොතේ අහවල් තැන අරක තිබ්බ කියාගෙන ආව.කට්ටියක් කුරුටුගාමි වුනෙත් ඒකනෙ.ජෙප්ප තවම ඉන්නෙ 18 වැනි සියවසේ කාර්මික විප්ලවේ පටන්ගත්ත යුරෝපෙ බං

      Delete
    6. ඉතින් බං අපි චන්දේ දීලා බස්නාහිර පලාත් සභාවට තුන් දෙනෙක්ම යැව්වේ. ආයේ මොන මගුලක්ද කතා කොරන්නේ. අනිත් උන් නොදෙන්නෙ ඇයි කියන එකට නම් හේතු ගොඩාක් තියෙනවා. ඔය කිව්වේ එකම එකක්. හැබයි උන්ගේ පෙර වැරදි, අනික් උන්ගේ ඒවට වඩා දරුණුයි.

      Delete
    7. ගොත්‍රික යුගයකට වඩා කාර්මික යුගය හොඳයි නේද?

      Delete
    8. \\පෙර වැරදි... පෙර වැරදි... "වෙන කිසිවක් නොවෙයි"..//

      \\අනිත් උන් නොදෙන්නෙ ඇයි කියන එකට නම් "හේතු ගොඩාක් තියෙනවා". ඔය කිව්වේ එකම එකක්//

      ශෝක් පැහැදිලිකිරීම. හරි පැහැදිලි උත්තරේ!!

      Delete
    9. උන් ඇත්ත කියන්නෙ ඒත් උන්ට මේ කියන මාර බුද්දිමත් ජනතාව චන්දෙ දෙන්නෑ.. ඒ උංගෙ පෙර වැරදිනිසා... අද ඉන්න උන්ට වඩා ජෙප්පො වැරදිකරල තියෙනව... ඒත් අද ජෙප්පො කියන ඒව අම්මප පට්ට ඇත්ත... එතකොට අද පට්ට ඇත්ත කතා කරන උන්ට චන්දේ දෙන්නෑ.... අද අම්බානක බයිල කියන රටම නන්නත්තාර කරන උන්ගෙ පෙර වැරදි සාපේක්ශව අඩුයි ඒ නිසා අද මුං පට්ට වැරදි උනත් උන්ට චන්දෙ දෙනව .ඒ ක්යන්නෙ ඇත්ත කතා කරන උන්ට ඇත්ත එලිකරන උන්ට වඩා දේශපාලන වංචාකාරයොන්ට තමයි අර එකී ජාත්‍යාලෙන් පිරිපුන් පට්ට බුද්දිමත් ජනතාව චන්දෙ දෙන්නෙ.හේතුව පෙර වැරදි නිසා... අර උදිත කියපු දේශපාලන ගොරකයො කවුද..? ( මේ ජෙප්පො ප්‍රමෝට් කරනව නෙමෙයි අන්තර් ජාලෙ අරක් අරන් ඉන්න පහල මධ්යම පාන්තික දේශපාලන ගොරකයො ප්‍රශ්න කිරීමක්)

      Delete
  5. බුජ්ජිමච් ජනචාව ද නූගච් ජනචාවජ ජෙප්පන්ට කැමති වෙන්නේ වත් පොත ඇතුලේදීය
    පස්සෙං යන්නේද කතිරෙ ගහන්නේද මහින්ද මාමිටය
    ඔය මං හෙන අහවලෙක්ය කියනා උං කතිරෙ ගහද්දීත්
    ගමේ චන්ද වැඩ වලට පස්සෙන් යද්දීත් උං ඉස්සරහ තියෙන්නේ නිල්පාට කොඩිය
    මොකද කියනවා නං
    ඔහොම කෑ ගහන උං ගොඩකට ජොබ්ද මොකද්ද එ්වා නැත උං බුකියට ෙවාල බොරුවට පොර වෙමින් ගමේ නිල් පාට වෙයාි
    ඒ හැටිය....


    අදාල නැති ෙකාෙමන්ටුවකි නොසලකා නොහරින්න

    ReplyDelete
    Replies
    1. අජාල නැච්චේ ඤෑ.. ඕක චමයි ඇඤ්ඤ...

      Delete
  6. මාත් කියන්නේ ජෙප්පෝ හරි. මෛත්‍රි ජෙප්පෝ දාන සද්දේ එකෝ කරල තමන්ගේ පැත්තට ගන්න ඕන වේදිකා වලදී..

    ReplyDelete
    Replies
    1. කොහේද බං ගිහිං උන්නේ.. කටවුට් ගහන්න වත් ගියාද...?

      Delete
    2. ලැයිට් කණු වල දාපු ඒවා බිමට වඩම්මන කොන්තරාත් එකක් ලැබුනා.. හැක්..

      Delete
  7. මාරාගේ හොරාවටද මීට සමාන කොමන්ටුවක් දැමීය.

    ජවිපෙට ඡන්ද ලක්ෂ 4 හෝ කීයක් තිබුණද එහි ඇති විශේෂත්වය එය නොවේ. ජවිපෙට විරුද්ධවාදියාගේ දූෂණ, වංචා, ගොන්කම්, බඩජාරිකම්, සැබෑ පුතිපත්තිය...... ආදිය ජනතාවට සිතට කාවාදින ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. ඒ අනුව, තම ඡන්ද පදනමට වඩා වැඩි ප්‍රමාණයක ඡන්ද විරුද්ධවාදියාට වැටීමට ඇති ඉඩ අසුරාලීමේ හැකියාවක් ඇත. ඒ අනුව ජවිපේ ඡන්ද ලක්ෂ 10 කට වඩා හසුරුවන බව මට පැහැදිලිය. මා හිතන්නේ මේ ඡන්දයේදීත් ලක්ෂ 7 කට වඩා ප්‍රමාණයක් ජවිපේ නිසා මෛත්‍රීගේ ගොනුවට වැටේවි.
    නමුත්, මෛත්‍රී පිළිබඳව විශ්වාසයක් නැත. එබැවින් ඉදිරි පාර්ලිමේන්තු බලය ජවිපේ තහවුරුකර ගත යුතුය. ඒ සඳහාත්, මෛත්‍රී හෝ මහින්ද වැට පැනීමේදී සාර්තක ප්‍රහාරයක් එල්ළ කිරීමට ජවිපෙට බලය තිබිය යුතුය. තනිවම පැමිණ දිනන්න බැරි ජනාධිපතිවරණයකට ඇඟිලි ගසා මහින්දව වෙනස් කිරීමට ඇති එකම මඟ අසුරා නොදමා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දැන්ම සුදානම් වීම වඩා ගැලපේ යැයි කියා සිතයි.
    මහින්දව පරාජය කිරීමට තව හේතුවක්නම්, එකාධිපතියෙකු පරාජය කිරීමට අසීරුයි කියන ජන මතය ජන විඥ්ඥානයේ පැලපදියම් වීම නවතා දැමිය හැකියි. නැතිනම්, ඉදිරියේදී ජනතාව අකර්මණ්‍ය වීම අළුතින් කියන්න දෙයක් නොවේ.

    (කාඩර්වරු ලොක්කන් කියන දේ ඒ අයුරින් තෙප්පුලන්නේ නැත. ජවිපේ යනු එක් අයෙක් ගන්නා තනි තීරණ මත දුවන පක්ෂයක් නොව. මෛ තීරණය ගැනීමට පෙර සියලුම දිස්ත්‍රික්කවල කාඩර්වරු සමඟ සාකච්චා කිරීම කරුණු දැක්වීම අදහස් විමසිම සිදුවිය.)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම පත අට එකට හිඳුවා තීරණ ගන්නවා තමයි. හැබයි ඔය ගෙවල් ගානේ යන උන්ටයි කැට හොල්ලන උන්ටයි, පෝස්ටර් ගහන උන්ටයි, ඔක්කෝටම දෙන්නේ අර වෙද පප්පගේ කල්දේරමෙන් දෙනවා වගේ එකම කසාය. ඉති ලංකාවේ කොහේදි ඇහුවත්, පිරටකදි ඇහුවත් පෙත්තප්පුලා වගේ කියන්නේ මැක්කගෙම කතාව තමයි. සමහරු ඉන්නවා ජිම් පප්පා වගේ කල්දේරමට වැටිච්ච උනුත්.

      Delete
    2. ජෙප්පො කියන්නෙත් ආගමිකයන් පිරිසක්.ඒ අය ඉස්සරහිටපු සීයල ලියපු පොත් වල තියන අච්චුවලට ලෝකෙ දාන්න හදනව.ක්‍රිස්තියානි අය බයිබලේ වචනානුසාරයෙන් අදහනව වගෙ මුස්ලිම් අය කුරානෙ වචනානුසාරයෙන් අදහනව වගෙ ජෙපොත් (කුරුට්ටො,පරණ වම ඔක්කොම ) සීයල ලියපු පොත් වල වචන අදහනව.ඒ විදියට හිතන්න යනකොට ඒක බිම් මට්ටමත් එක්ක ගැලපෙන්නෙ නෑ.19 වැනි සියවසේ මුල් හරියෙ මිනිස්සු දකින්න ඕන නම් ජේවීපී රැස්වීමක් බලන්න යන්න.කාල යන්ත්‍ර ඕන නෑ අතීතයට යන්නට.

      ඊටත් එහා ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව යුගයෙ මිනිහෙක් දකින්න ඕන නම් එල්ලාවල හාමුදුරුවො බලන්න යන්න.බ්ලොග් මොකටද රජකාලෙ ඕව තිබ්බෙ නෑනෙ කියයි.

      Delete
    3. //ජේවීපී රැස්වීමක් බලන්න යන්න.කාල යන්ත්‍ර ඕන නෑ අතීතයට යන්නට.//
      සංගීතයක්, විකාර රූපී රංගනයක්.......... බේබදු කණ්ඩායමක්. ඔව් නූතන දේශපාලන වේදීකාවේ තියන ඒවනම් දකින්න නෑ.

      Delete
    4. පුරුපුරුස්...

      විවේචනයක් කිරීමට පෙර සාර්ථක සොයාබැලීමක් කර සිටින්න. එය ඔබේ ප්‍රතිභාව ඉහල නංවනු ඇත. ඔබ ක්‍රිස්තියානි ආගම විවේචනය කිරීමටනම් ඒ පිළිබඳ හොඳින් හදාරා තිබිය යුතුය. ඒ උදාහරණය සිහියට අරන් ජවිපේ රැස්වීමක් මුල සිට අහන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය මුල සිට අගට හොඳින් කියවා තේරුම් ගන්න. මූලික පදනම් සමාජවාදය තමයි. එය ඕනෑම පක්ෂයක තිබිය යුතු ලක්ෂණයක්. තම්න්ට කියල මූලික හරයක්, ප්‍රතුපත්තියක් මතවාදයක් තියෙන්න ඕනි. නමුත් ජවිපෙ තරම් කාලය සමඟ යාවත්කාලීන වන පක්ෂයක් තවත් නෑ.

      Delete
    5. චන්දය නොදෙන්නට හේතුව පෙර වැරදි නොවේ, පවසන මතවාදය අපේ රටට ගැලපෙන්නක් නොවන නිසා. තවත් පැහැදිලි කලොත් ලාල් කාන්තගේ වචනයෙන් කිව්වොත් "අපිට ඕන කරන්නේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න නෙවෙයි ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න" ඔන්න ඕක තමයි හේතුව. නැතුව මුන්ගේ පෙර වැරදි දන්නවා ඇයි දැන් ඉන්න එවුන්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. //"අපිට ඕන කරන්නේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න නෙවෙයි ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න"//

      "අපිට ඕන කරන්නේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න නෙවෙයි, සමාජවාදී දේශපාලනයක් ගොඩනගන්න." යි. එතනදී මිනිසුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලැබේවේ. මනුෂ්‍යත්වයට ගරුත්වයක් ලැබේවි. පඩි වැඩි කරනවා යනු සමාජ ගැටලුවලට පැලැස්තරයක් පමණී.

      Delete
  8. පිවිතුරු හෙටක් සමතැන් රටක් හරිත ලොවක් පැතුවා .....හිටං
    ඇමති තිහක් දුෂණ තිතක් සිකරට් පෙට්ටි හැදුවා............ හිටං
    එක අහසක් තනි යායක් තනිකර අල වෙලා ..................හිටං
    පැරදුනොතින් හත් හවුලට කන්න වෙන්නේ රට ..........රඹුටං

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ මේකා හිටං කාලෙකින්.. හැක්

      Delete
    2. රට රඹුටං නෙමෙයි කවයි උන්ගෙම රඹුටං නැවිය කියලා...

      Delete
    3. හොඳ වෙලාවට රඹුටං ගෙනාවෙ .. දූරියං ගෙනාවනං බඩු බනිස් .. ඕ යේස් :D

      -ඇම්ඩා-

      Delete
    4. රට රඹුටන් කිව්වේ මැලේසියන් රඹුටන් ද බන් ?

      Delete
  9. හැමදා හැමෝම කලේ ජවිපෙ හඬින් ගොඩ යාමයි , මහා ඡන්ද පදනමක් නොමැති වුවද ? ජවිපෙ කථිකයන්ගේ හඬ සැම අපේක්ෂය්කයෙකුටම තීරනාත්මක වෙයි . නමුත් රෑ දෙවරක්ම වැටුණු වලේ දවල් නොවැටීමට ජවිපෙ තීරණය කර තිබේ .

    ReplyDelete
  10. මෙන්න මේ වගෙ ගෙමක් යන්නෙ හිටන් .....

    සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින්
    සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
    පුල්ලි කොළ වලින් සෙල්ලං නෑනෙ වැඩ කෙලිං
    මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම ගනින්
    ආසි හේර පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
    පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ..!
    බෙට් එක රුපියල් දාහයි -තෝමට සීයට විස්සයි කොයි කාටත් නිතිය මේකයි...
    කට් එක දෙන්නෙ එක්කෙනයි-රවුමට ඔට්ටු පෝලිමයි
    කයිවාරුව වටේ මුරකරයි...
    හිප් එක දෙන්න ට්‍රයි කරයි-කොළ ටික දෙපැත්තට බෙදයි
    කොයි කාගෙත් පපු දැන් ගැහෙයි...
    සෙට් එක හුඟ දෙනෙක් වඳයි-සමහරු වටේටම නයයි
    හයි ෆයි කම් එතන බාල්දුයි...
    ඉල්ලුවා කලාබර හත-කරුමෙට පෙරලුනේ නැත
    ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත...
    ඇල්ලුවා පොරව හාරත-නියමෙට පෙරලිලා ඇත
    සංතෝසයි දිනාපු පැත්ත
    දන්නවා ගේමෙ වත ගොත-හරියට ජෙමා හිතනත කවදාවත් පැදිලා නැත..
    බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත
    ඔය ගහන එවුන්ටයි හතේ හත...!

    ගායනය - නිහල් නෙල්සන්

    ReplyDelete
  11. ජෙප්පන්ගෙ තීරණය ගැන මට නං හරි අදහසක් නෑ. අදහස් කිහිපයක්ම තියනව. මේවායෙන් හරියන්නෙ මොකක්ද වරදින්නෙ මොකක්ද කියන එක අනාගතේ තීරණය වන දෙයක්.

    1.ජෙප්පන් මෛත්‍රීට සපෝට් කලා නම් මෛත්‍රීට සෑහෙන්න වාසියි. මොකද දැනට ගොන් කතා ටිකක් අඩුවෙන් කියන්නෙ හෙලයො දෙන්න විතරයි. අනිත් උන් (යූ ඇන් පී සහ සන්ධානෙන් පැන්න ගෙම්බෝ හා මෛත්‍රීත් ඇතුළුව) කියන කතා‍‍ වලින් ඡන්ද කැඩෙනව.

    2.ජෙප්පන්ට මෛත්‍රීටත් ගැරන්ටි දෙන්න බෑ. මොකද එයත් මහින්ද වගේ වුනොත් ආයෙ වලේ වැටුන කියල කියන්නෙත් අපේ බත්කන හරක්මයි. සම හරක් බ්ලොග් කාරයොත් එහෙම කියනව. මොකද චන්ද්‍රිකාට මහින්දට බනින්න තරම් අවබෝධයක් මේ හරකුන්ට නෑ. එහෙම එකේ එයාලගෙ තීන්දුව ගැන අපිට දොසක් කියන්නත් බෑ.

    3.හැබැයි ජවිපෙ තීරණ‍යෙන් ඔවුන්ට/රටට අත්වන වාසිය කුමක්ද කියල පැහැදිලි නෑ. වෙන්නෙ මේකයි.

    I.මෛත්‍රී දිනුවොත් ඡන්දයේදී මෛත්‍රී සමඟ එකතු නොවීම කියන කාරණාව උඩ ජවිපෙ හුදෙකලා වෙන්න පුළුවන්. ඡන්දෙට නොහිටි උඹල දැන් මොකටද කියල මෛත්‍රී කිව්වොත් කරන්න දෙයක් නෑ. අනිත් පැත්තට මෙතනින් පස්සෙ එන මහ ඡන්දෙකටත් මේ තීරණය නිසා වාසියක් නෑ.

    II.මහින්ද දිනුවොත් කොහොමත් මේ යන විදියටම යන්න පුළුවන්. කිසිම දේක වෙනසක් වෙන එකක් නෑ. ඔලුගෙඩි ටිකක් වෙනස් වෙයි(දැනට ආපු අය වෙනුවට අලුත් අය එයි)

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී දිනුවත් මහින්ද දිනුවත් මහමැතිවරණයේදී දැන් ජවිපෙට කතාකරන්න ඕනෑතරම් දේ තිබේ. වමනෙයි, අසූචියි මිශ්‍ර වෙලා වෙන්කරගන්න බැරුව වගේ දැන් තියෙන ශ්‍රීලංකා යූ එන්පී පක්ෂ දෙකේ අච්චාරුවම ජවිපෙට මහත්වූ ඡන්ද සංඛ්යාවකට හේතුවිය හැකිය. කෙසේ වුවත් මහින්දගේ දිනුම මහමැතිවරණයකදී ජවිපෙට වඩා වාසිදායක විය හැකිය.

      Delete
    2. මහින්ද දින්නත් පැරදුනත් එක දෙයක් නම් වෙනවා. ජෙප්පන්ගේ එස්ටැබ්ලිෂ් වෙච්ච චන්ද ටික අඩු වෙනවා. ජෙප්පට දෙන එකත් හිතනවා මොන මළදානෙටද මුන්ට දෙන්නේ ගිය සැරේ අපි දුන්නෙත් අරුන්ට නේ කියලා. (සිරා සහ චම්පික පක්ෂයක් හැදුවොත් ඒකට දෙනවා, එහෙම නැති උනොත් යූ ඇන් පී එකට දෙනවා, මහින්ද දින්නොත් උන් ආයේ ඡන්දෙ දාන්නේ නෑ මහින්ද ඉන්නකන් මේ කළ වැඩේට පලිගන්න.) හැබයි සංධාන ගත් උනොත්, අලි දෙන්නෙත් මුන්ට. මම හිතන්නේ නෑ රතු කමීස ඇඳගෙන ජෙප්පෝ ආයෙත් මහින්ද ළඟට යයි කියලා. එහෙම නොයන්නත් හේතුවක් නෑ. ගියොත් පුදුම වෙන්න දේකුත් නෑ. එහම නැත්නම්, ඔය තුන් හතර දෙනෙක් මේ වගේම පාර්ලිමේන්තු එයි.

      Delete
    3. කොහොමත් පැරදුනත් මෛත්‍රීට ෆොන්සේකට අත්වෙච්ච ඉරණම නම් අත්වෙන්නෙ නැතිවෙයි. නමුත් පාඨලීල සහ මෛත්‍රී දීගයක් ආවත් ඒක වැඩිකල් තියෙන්නෙ නෑ. කොහොම උනත් මෛත්‍රී පැරදුනොත් උන්දට ආයෙ ගොඩ එන්නනම් සෑහෙන කාලයක් යනවා. එහෙම නැතිවුනොත් හිරිකිතක් නැතිව කෙලින්ම යූ එන් පී සාමාජිකත්වය ගන්න වෙනවා. අපි බලමුකෝ.

      කොහොම උනත් ඕං බලහන් අයියණ්ඩී මේ මහ මැතිවරණෙ තමයි ජවිපෙ සාර්ථකම මහමැතිවරණෙ වෙන්නේ.

      Delete
    4. //"කොහොම උනත් ඕං බලහන් අයියණ්ඩී මේ මහ මැතිවරණෙ තමයි ජවිපෙ සාර්ථකම මහමැතිවරණෙ වෙන්නේ"//

      feel sorry for you

      Delete
  12. උගුරට හොරා බෙහෙත් බොන්නෙපා බං. පොදු අපේක්ශක කරලියේ මුලදිම මාතලන් කිව්ව, ජවිපෙ තවදුරටත් කිසිදු බලපෑමක් කල නොහැකි ගනන් නොගත යුතු සාධකයක් කියලා. දැන් මොනවද මේ ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. කොහොමත් මහා සාධකයක් නෙමෙයි. එයාලගෙන ගන්න ඕන දේත් පැහැදිලිව ලියලා තියෙනවා නේද. ඒ වගේම එයාලා නැතිව කරන්න පුළුවන් හැටිත් ලියලා තියෙනවා නේද? එයාලගෙ තත්වෙ එයාලටම් බලා ගන්න පුළුවන් තනියෙම ඉල්ලුවම. එයාලට විතරක් නෙමෙයි. අනෙක් පක්ෂ හැම එකටම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ජනාධිපතිවරණයේදී ජනතාව රැස් වෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු වටා බව ඔබ හොඳින්ම දන්නවා.

      හෙල උරුමයට ලොකු ඡන්ද පදනමක් නැහැ. අවම වශයෙන් සංවිධානගත දිස්ත්‍රික් කමිටුද නැත. පහලට ගලන සංවිධාන ව්‍යුහයක්ද නැත‍. නමුත්, ඔහුන්ට මහින්දට වැටෙන ඡන්ද බ්ලොක් කිරීමේ හැකියාව ඇත. ජනතාවට ඇමතීමේ හැකියාව ඇත.

      නමුත්, ජවිපෙට හොඳ සංවිධාන ව්‍යුහයක් ඇත. එය අන් කවර පක්ෂයකටවත් වඩා පක්ෂයක, තීන්දු තීරණ, ක්‍රියාකාරකම් හා බද්ධ වූ සංවිධාන හැකියාවකි. එමෙන්ම, ජවිපේ ප්‍රභලයාගේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා ප්‍රතිවාදියාට මුහුණ දීමේ හැකියාව, ප්‍රතිවාදියාගේ ඡන්ද කැඩීමේ හැකියාව ඇත. එබැවින් ජවිපේ තීරණාත්මක සාධකය නොවේයැයි කියනවානම්, මා දන්නේ නෑ ඒ ඇයි කියා.............
      මෙම ඡන්දයේදී ද එසේමය.
      අද එජාපයේ නායක පෙළ හැරුණවිට බිම් මට්ටමින් ඡන්ද හැදීම මන්දගාමීය. ඔවුන් ඡන්දය දෙයි. නමුත්, බිම් මට්ටමේ ක්‍රියාකාරකම් වලින් බොහෝ දුරස් වී ඇත.

      මහින්ද, තිස්ස, කැටගොඩ ගත්තේ ඔවුන්ට ඇති ඡන්ද පදනම නිසාද. නැහැ. ඔහුන් භාවිත කරමින් මෛත්‍රීට වැටෙන ඡන්ද බ්ලොක් කිරීමට නොවේද?

      මන්ත්‍රී කෙනෙක් මුදලට පැන්නා කියා ඔහු පසුපස ඡන්දය දාපු සමාන්‍ය ජනතාව පනින්නේ නැත. නමුත් බොහෝ ජනතාවගේ අවබෝදය මොටය

      Delete
    4. \\එබැවින් ජවිපේ තීරණාත්මක සාධකය නොවේයැයි කියනවානම්, මා දන්නේ නෑ ඒ ඇයි කියා...........//

      රටේ ඉන්න කිසිම දේශපාලන විචාරකයෙක් ඔය කතාව කියන්නෙ නෑ. මෙතන මාතලන් ඕක කියන්නෙ කේන්චියටයි, කුහක කමටයි, උපතින්ම එන කොල පාට ලේ නිසයි.

      Delete
    5. ජවිපේ තීරණාත්මක සාධකයනම්. සිරිසේනලා, චන්ද්‍රිකාලා, සෝභිතලා එජාපය තෝරගන්නේ නෑ නේ නිර්මලා. පොළොව මහ පවතින යථාර්තය තේරුම් ගන්න බැරි ඇයි නිර්මලා. ඔබ කියන දේවල් ජවිපේ තුල නැහැ කියා මා කොතනක හෝ කිය තිබෙනවාද? ජෙප්පන් වෙනුවෙන් මෙහෙම වත් ලිපිට්යක් ලිව්වේ මාතලන් විතරයි නේද? එහෙම ලියන්න පුළුවන් ඇත්ත ඇති සැටියෙන දකින්න පුළුවන් කම නිසා. ඒ මාධ්‍යකරණය මට වටිනවා.

      Delete
    6. ජවිපෙ වීරාභිවන්දනා කීපයක් කියවීමෙන් පසු මට මේ කතාව ලියන්න හිතුනා.

      බොහෝ සින්හල බොග් උතුමන් උත්ත්තමාවියන් කියන්නේ ජවිපෙ වනාහී බොහොම බලගතු බොහොම අවන්ක බොහොම තර්කානුකූල බොහොම යාවත්කාලීන වන බොහොම අහවල් එක කියලාය.

      විශ්ව විද්යාලවලදී, කාර්මික විද්යාල වලදී, පලමු වැඩබිමේදී කොක්ක ගැසීමට බලා සිටිනා ජවිපේ කුක්කෙකු අතින් තම දේශපාලන කන්යාභාවය නැති කරගත් උදවියට නම් ජවිපේ කියන්නේ පරමාදර්ශයයි.... එහෙත් ඇත්ත තත්වය කෙසේද?

      ගම් මට්ටමේ දී ගම් සභාවකට, නගර සබාවකට නාමයෝජනාවක් දීමට තරම් සුදුසු කෙනෙකු සොය ගැනීම ජවිපෙට ඇති මහත් අභියෝගයකි.

      ඒ මන්දයත් ජවිපෙ පෙර වැරදි වලට වඩා එසේ තොරාගත් අපේක්ශකයා ගේ අඩු ලුහුඬු කම් පිලිබඳ ප්‍රශ්නයයි. මුලු ගමේ ම අපවාදයට ලක් වූ හෝ සමජයේ කිසිම පිලිගැනීමක් නැති උගුඩුවෙකුට චන්දය දීමට මිනිසුන් අකමැති නිසාය.මද්යම කරක සබාවෙන් ගන්නා තීරන පෝස්ටර් වලට පෙරලී ගම පුරා රට පුරා ඇලවෙද්දී එම පොස්ටර් ගැසූ අය ගේ පැටිකිරිය බොහෝ දෙනා මායිම් කරන්නේ නැත.

      එහෙත් එම පෝස්ටර් මරුවන් චන්දය ඉල්ලද්දී ඔවුන් ගේ සුවහසක් නුහු ගුන මුලු ගමේ ම කතාවට ලක් වෙයි... එතැනින් ම ගොඩ ඒම හබක් ය. සියලු දහම් ගැට ගසා දිනූ තිස්සමහරාම ප්‍රාදේශීය සබාවෙන් එගොඩට යන්නට ජවිපෙට නොහැකි වූයේ ඒ නිසාය.

      ප ලි: සමහ සරසවියේ අන්තිම ප්‍රගතිශීලී නිර්භීත ජවිපෙ නායකයන් ගේ ගෙදර ගිය කල උන්ගේ අප්පලා කැපුවත් කොල වල් අලි ය!

      this is my two cents worth....

      Delete
  13. මටනම් තේරෙන්නේ නැහැ මේ වෙන දේවල්. ලොක්කට රට ආයෙත් යනවට අකැමැති අයගෙන් එක්කෙනෙක් මම. ඒත් මම හිතුවා විපක්ෂය බුද්ධිමත් විදිහට ජනතාව ආමන්ත්‍රණය කරයි කියලා නිකං ගැලරියේ කතායි, එදා වේල කතායි නොකියා. ඒත් මේ දවස්වල මීටින් වල ඇහෙන කතා බැලුවම මෛත්‍රිෙග් කැම්පේන් එකත් නිකං අයාලේ ගිහිං වගේ....

    රනිල්ට හොඳ ප්‍රතිපත්ති තියෙනවා ඒත් මිනිහා කට ඇරියාම ඡන්ද කැඩෙනවා කියන එක ඇත්ත. මෙයාට ඇත්තටම හොඳට බුද්ධිමත් විදිහට කතා කරන්න පුළුවන් ඒත් මම දන්නේ නැහැ මොන කරුමෙකටද කියලා ලංකාවේ මීටින් වලදි රනිල් කෙලින්නෙම පිස්සු.

    ReplyDelete
    Replies
    1. රනිල් බැල්කනියට කතා කරන්න දන්නවා. ඒත් රනිල්ට ගැලරියට කතා කරන්න බෑ, කොටින්ම විශාල පිරිසකට සැමටම ගැලපෙන විදියට කතා කරන්න බෑ. ඒක විශාල දුර්වල කමක්. ජේ ආර් ටත් මේකම තිබුනා. ඒ නිසා 77 රැස්වීම් වල ප්‍රධාන කතිකයන් කරේ වෙනත් පිරිස්. දැනට අලි පාටියේ ඉන්නේ දෙන්නයි එහෙම කතා කරන්න පුළුවන්. සිජීව සේනසිංහයි, හරීන් ප්‍රනාන්දුයි විතරයි. ආපු උන්ගෙන් ඉන්නේ රාජිත විතරයි.

      Delete
    2. අජිත් පෙරේරා,රංජන් රාමනායක ගැන මොකද හිතන්නේ ?

      Delete
    3. අජිත් පෙරේරා කියන්නේ තවත් රනිල් කෙනෙක්.. රන්ජන් කියන්නේ නිකං කෑ ගහන කෙනෙක්.. ආතල් ගන්න නම් හොඳයි..

      Delete
  14. ඊයෙ තේරවිල්ලකුත් කියල අපිට බැන්නනෙ හොඳටම මට ඇහුනෙ නිකම් " අපි කාව පරද්දන්නද කිව්ව, අපේ අපේක්ශකයෙක් දාන්නෙත් නෑ, එතකොට කාට චන්දෙ දෙන්නද කියලත් තොපිට කියන්න ඕනැද? හුහ්, අපිට වෙන වැඩ නෑ කියල හිතුවද " වගේ එකක්.

    ඉතින් මාතලන් ඒවගේ ඇසූ පිරූ තැන් ඇති ප්‍රගතිශීලී මහත්තුරු අපි වගේ හරක්ට ඒක නොකිය ඉන්නෙ ඇයි? අපිව ටැස්ට් කොරල බලන්නද?

    ReplyDelete
    Replies
    1. ජෙප්පො කියන දේ "හරි පැහැදිලියි" නේද ප්‍රා.. ඒක තේරුම් ගන්න බැරි තරම් උන් කොහොමත් ජෙප්පන්ට කන් දෙන්නේ නෑ..

      Delete
  15. methane JVP eka nodakin deyak thiyenawa maathalan. JV ekata puluwani My3 ta hethu wela eyalage parliament seat gana wadi kara ganna. e wage wada piliwelak hadagena my3 ta support kara nam hondai. UNP aya unatha mulinma JVP ekata manapa deela ithuru ewa UNP ayata dewee.\
    JVP eka e wage deyak gana me welawedi hithanna oneee;.

    ReplyDelete
    Replies
    1. රන්සකු මේ ඒ ඡන්දේ නෙමෙයි නේ.. මේක ජෙප්පන්ට පක්ෂයක් වශයෙන් කිසි සේත් වැදගත් නෑ. නමුත් ඊළඟ ගේමට මේක වාසියක් වෙන්නත් පුළුවන්. අවාසියක් වෙන්නත් පුළුවන්.

      Delete
  16. ජවිපෙ ශ්‍රී ලංකා දේශපාලනයේ සිටිය යුතුම පක්‍ෂයක්.සමහරවිට මෙවර මෛත්‍රී දින්නොත් ඊලග මහා මැතිවරණයෙදී ඉහල ජන්ද ප්‍රතිශතයක් අනිවර්යෙන්ම දිනා ගන්න ජවිපෙට හැකි වේවි.කොහොම වෙතත් මෛත්‍රීගේ වේදිකාවේ ජවිපෙ හඬ නැති එක ලොකු අඩුවක් කියන එක පැහැදිලියි.ජවිපෙ ඇතුලේ ඉන්නේ පාට් ටයිම් පොලිටික්ස් කරන අය නෙමේ.එක ජවිපෙ ශක්තියක්.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට සමුපූර්ණ සහය ලබා දී මෛත්‍රී දිනුවා කියන්නකෝ. නමුත්, ඉන් පසු ජනතාව ජන්දය දෙන්නේ මෛත්‍රීට පමණී. මෛත්‍රී සමඟ සිටිනකම් ජවිපෙටද ජන්දය (මනාප) දෙයි. නමුත්, ජවිපේ ගමන මෛත්‍රී සමඟ යන්න බැරිනම්............ සන්ධාන ඇතුලේ ප්‍රධාන පක්ෂය හැර අනෙක් පක්ෂ දියවී යයි. නැතිනම් දිය කරහරියි. ජවිපේ ගමන මෛත්‍රීගේ ගමන නොවේ.........

      Delete
    2. පක්ෂයක් ලෙස හොඳම සුදුසුම දේ තනිව ගමන් කිරීම තමයි. මොකද දෙපාරක් ලබපු අත්දැකීම තුන්වෙනි වරටත් විඳගන්නෙ ඇයි. නමුත් නිර්මලා මෙහෙම දෙයකුත් හොඳයි. කලින් වතාවෙ වගේ ඇමති දූර පවා අත්හැර නොගොස් කෙසේ හෝ, එල්ලී රැඳී ඉඳ ජන්තාව අතර පදනමක් ගොඩනඟාගෙන චම්පිකලා සේ ගලවාගෙන ඒමත් නරකම නෑ. එතකොට ජන පදනමක් හරි තියෙනවා.

      Delete
    3. ඒත් මම හිතන්නේ නෑ, චම්පිකලාගෙන් ඉගෙනගත් පාඩම ආයේ මෛත්‍රී හෝ, මහින්ද හෝ ඉගෙනගනීවී කියලා.

      Delete
    4. මම නම් හිතන්නේ නෑ මේ වැඩේ නිසා ජේවීපී චන්ද වැඩි වෙයි කියා. වෙන්නෙ අඩු වෙන එක විතරයි. ඒත් සංධානගත උනොත් නම් ආයෙත් 35 විතර ඇතුලට දාගන්න බැරි කමක් නෑ. තනියෙන් ආවොත් නම්, උපරිම 6-7 ක් එයි. එච්චරයි. එතකොට ළොකු බලපෑම් කරන්න බෑ.

      Delete
  17. /* මේ රට කොයි තරම් රටක්ද කියනවා නම්, වැඩියෙන් කුණුහබ්බ කියන්නේ අජ්ජාපන උලා කන ඇමතිලාය. එකෙක් නැට්ට නැති බල්ලෝ සංසර්ගයේ යෙදෙන හැටි කියනවාය. තව එකෙක් තම නායිකාව අමු හෙළුවෙන් පාරේ යවන හැටි කියනවාය. තව එකෙක් ඌ ගහන බඩු ගැන කියන්වාය. තව එකෙක් තාමත් හොඳට යනවා කියා කියනවාය. */

    තාම දැක්කේ නෑ මේ කියන වීඩියෝ නම්! ටීවී එකේ ගිය ඒවාද? රැස්වීම්බල කරපු කතාද?

    ReplyDelete
    Replies
    1. දෙකම වේදිකවක වගේ මගේ මතකය නම්.

      Delete
  18. /* තරුණයෝ කියන්නේ කුමණ වයස් කාන්ඩයටද යන්න සාපේස්ස පුරස්නයක්ය. */

    මං හිතන්නේ 2015 දී තමයි තරුණ බවේ උපරිම ස්ථානය උදා වෙන්නේ!
    ;-)

    ReplyDelete
  19. තනිකරම අච්චාරුවක්.. දැන් දැන් ජවිපෙත් ඒකෙම මිරිස් කරලක් ලූණු කෑල්ලක් වගේ..

    ReplyDelete
    Replies
    1. ජේවීපීය මාර පසුබැස්මක් ලබලා තියෙන්නේ. ඒ ලැජ්ජාව සහ වේදනාවම තමයි මේ තීරණයට හේතුවත්..

      Delete
  20. ප්‍රධාන පක්ෂෙක්ට මුක්කු ගැහුවම ජෙප්පන්ටත් හිටු කියලා මනාප. ඒ කියන්නෙ පළමු මනාපෙ නෙමෙයි මයෙහිතේ. දෙක,තුන වගේ. අහක යන එකේ ඒක මුන්ගෙ කටටවත් ගහනවා කියලා මිනිස්සු ගහනවා ඇති. හැබැයි පළමු එක හැමදාම තමන්ගෙ හදවතේ ඉන්න දේශපාලඥයාට. ජෙප්පො මිනිස්සුන්ගෙ හදවතට කතාකලාට තාම හදවත් වල උන් කෙරේ තියෙන බිය සහමුලින් පහ කරලා නෑ. උන් දෙපාරක් කල ඓතිහාසක වරද නොකල එකත් දූෂිත ගොඩට නොවැටි සිටීමත් මම නම් අගය කරනවා. හැබැයි රෙදි ගලවන්නනං එහෙම කටවල් ටිකක් ආයි නෑ.
    (ඒයි... කුණුහරුප කියනවට බනින්නෙපා අප්පා... අපිටත් වදිනවා. අපි ලියන්නෙත් එහෙම කවිනෙ.) :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේම... පොද්දා ගමට යනවානම් ජෙප්පො නැතිව රනිල්/චම්පිකලා එක්ක ගියොත් ඉල්ලංකා තමා.

      Delete
    2. ගමට යන්න ජෙප්පෝ ඕන කියන කතාව නම් විහිළුවක්. ජෙප්පෝ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙත් ගමේ. මධ්‍යම පාන්තිකයෝ වැඩි වශයෙන් ඉන්න පැතිවල තමයි ජෙප්පෝ ටික බේරිලා ඉන්නේ. ඒවා මැතිවරණ ප්‍රථිපල වලින් බොහෝම පැහැදිලිව පේනවා.

      Delete
  21. ජෙප්පෝ කෙසේ වෙතත්, රනිලා නම් එලෙක්සොන් එක ගැන ෆුල් සීරියස් වගේ.. පොර අගමැති වෙනකොට අඳින්න අළුතෙන් සූට් එකකුත් මහගත්තා කියලයි ආරංචිය..

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි කිට් එකක් මහ ගන්නවා වගේ නෙමෙයි. එයාලා කොහොමත් එක එක විදියේ කිට් මහගෙන ඇඳගන්නවා. දැණුත් පට්ට කිට් එකක් ඇඳගෙන ඉන්නේ.

      Delete
  22. මේ පනින හැටියට කොහොමද බං හිතක් ඇතුව මනුස්සයෙකුට සහය දෙන්නේ? 8 වෙනිදට මහින්ද හංසයාගෙන් ඉල්ලලා මයිත්‍රී බුලත් කොලෙන් ඉල්ලුවත් මම පුදුම වෙන්නේ නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න