.

.

Jul 15, 2016

වලේ තොල දැමීම...!!! (23 +) - Peradeniya Lip Kiss (13 +)



නිමිත්ත - කැම්පස් එකේ උන්ට පෙන්නපු නාට්ටියක තොලක් දානවා වගේ එකක් පෙන්නුවාම සංඝයෙක් පැනලා එක විකාරයක් කරලා හූ තියලා නාට්ටිය නවත්තලා... මේ අර පොඩි උන් ඉස්සරහා නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන තොල දාන්න ඉල්ලපු අය.. මාරයි නේ... 

// වලෙන් ඔබ්බට යන්නට.....

'සිප ගැනිමේ දර්ශණයක්' නිසා කව්ශල්‍යාගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වලේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට එරෙහිව හැසිරුණ 'පහත්ම' ආකාරය විය යුතුය! //
- Dananjaya Karunarathne - 


 
වලේ තොල දැමීම...!!!

වාසිටියට පායන සඳ
තනි රවුම්ද කියන්න.
නොමිලේ දෙන නාට්ටියක්
ඔබට හැකිය බලන්න
..//

අඳුරු ලලා වහිනා කල
සරසවි "වල" තෙමෙන්න..//
කුප්පිය පැත්තකින් තියා
ඔයත් වලේ බහින්න.

ඩ්‍රාමා එකේ තොල දමාවී
එපා අහක බලන්න..//
සඟිස් කෘතිය ඇඟට අරන්

හූව තදට තියන්න..

- Maathalan -


-x-

වැඩිම සුබ පැතුම් ලංකාවෙන්..! 

 

 

එංගලන්තයේ නව අගමැතිවරිය ලෙස පත් වූ තෙරේසා මේ මැතිනියට වැඩිම සුබ පැතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අම්මට සිරි ලංකාවෙන් බව BBC සේවය වාර්ථා කරයි. 

ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේනට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කල අතර, ඔහු අනුව යමින්, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පලාත් සභා මන්ත්‍රීවරුන්ද, නාගරික හා ප්‍රාදේසිය මන්ත්‍රිවරුන්ද සුබ පැතුම් එවා ඇත. 

මීට අමතරව දැනට වැලිකඩ සිටින නාමල් රාජපක්ෂ හා මුසම්මිල් යන අය සුබ පැතුම් එවූ ආකාරය පිළිබඳව ඉස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්බ කර ඇති බවත් වාර්තා වේ.


- මාතලන් නිව්ස් -

48 comments:

  1. අපි වලට මීටර සීයකට එහා ගන්ජා හේන් කපාපු හාදයෝ හරිය?

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර නේ...
      ඉස්සර උන්නේ මල් වවපු උන්...
      දැන් ඉන්නේ...
      මල් වගේ හැදුන ඉන්දියන් මෙගා ටෙලි නාට්ටි බලන උන්..
      උන්ට මොන නාට්ටිද අනේ....

      Delete
  2. මේ සඟයො නම් පට්ට සැපක් බන් දෙන්නෙ. තව කියන්ට ගියොත් බුද්දාගමට අපහාස කොරනව කියල රෙද්ද උස්සන් එන සැට් එක ඉන්න නිසා කට වහන් ඉන්නව. 🙊😂

    ReplyDelete
    Replies
    1. රෙද්ද නෙමෙයි බං.... චී වරේ.... චී වරේ...

      Delete
  3. මේ අපේ රටේ අනාගතයලු?

    ReplyDelete
  4. ගන වේසිගෙපුතාල කොහොමත් මළවදයක් වේගෙන එන්නෙ...බනක් බාවනාවක් කොරං පැත්තකට වෙලා ඉන්නැතුව..ලොවෙත් නැති ලබ්බක් ආරක්ශා කොරන්න යනව

    ReplyDelete
    Replies
    1. හිටපු එකා උන් පයිසෙකට මායිම් කලේ නෑ.... දැන් එකා තමයි උන්ට බය...

      Delete
  5. /සංඝයෙක් පැනලා එක විකාරයක් කරලා හූ තියලා නාට්ටිය නවත්තලා/
    චී වරයක් ඇඳන් එළිපිට ඕවා කරන්න බැරි හිංද (කරොත් ආගම විකුණන් කන බිස්නස් එකට කෙලවෙනවනෙ ) නාට්‍යක හරි දකිනකොට එන ඉර්සියාව ඔය විදිහට පිටකරන එක
    අතිශයින්ම සාධාරණයි . හතර කේන්දරේ පාලුවුන එව්නුයි වදපු පලියට හදා ගන්න බැරි එව්නුයි සාසනේට දෙන රටක්නෙ මේක.

    ReplyDelete
    Replies
    1. බුදු දහමට අනුව නම් උන්ට නාට්ටි බලන්න බෑ...

      Delete
  6. ඩේවිඩ් කැමරන් අගමැතිකමෙන් අයින් වෙලා ගෙදර යන පින්තුර ටිකම ඇති අපිට අපි ගැන තේරුම් ගන්න රටක් විදිහට අපි තාම කොච්චර පසුගාමීද කියල.වැරැද්ද පාලකයන්ගේ නෙමෙයි උන්ව පත් කරන ජනතාවගෙ.කැම්පස් වල ඉන්නෙත් ඒ ජනතාවගෙම එක නියැදියක්.කැම්පස් උන්ට එලියෙ ඉන්න උන් හිනා වෙනව.කැම්පස් ඇතුලේ ඉන්න උන් එලියෙ ඉන්න උන්ට හිනා වෙනව.හැබැයි දෙගොල්ලන්ගෙම පුක එලියෙ .මොකද දෙගොල්ලොම එක වල්ලෙ පොල්!

    ReplyDelete
    Replies
    1. // ඩේවිඩ් කැමරන් අගමැතිකමෙන් අයින් වෙලා ගෙදර යන පින්තුර ටිකම ඇති අපිට අපි ගැන තේරුම් ගන්න රටක් විදිහට අපි තාම කොච්චර පසුගාමීද කියල//

      අර පෙට්ටි උස්සන් යන පොටෝ නේද?

      ඔහෙ රැවටිලා...
      ඒවා බොහොම කාලෙකට කලින් ගත්තු පොටෝ

      Delete
    2. ඒ උනාට 8 පාස් කේස් එකක් තියෙනවා නේද...

      කැමරන්ගේ පොටෝ නම් පරණ ඒවා...

      Delete
  7. අපේ සඟිස්කුරුතේ, සබ්බත්තේ, වලමත්තේ, ගස්අත්තේ, මළ ..ත්තේ, රැකගැනීම වෙනුවෙන් හටං කොරන, මේ චී....වර දාරියා, වහාම සංග නායකයකු කොරනු.

    ReplyDelete
    Replies
    1. ඔහේ අනම් මනම් කියන්න ආවොත් නෙලනවා මඩකලපුවේ මුල් ගලට කෙලියා වගේ හොඳෙයි...

      Delete
  8. ලවර්ස් ලේන්එකේ ඔය නාට්ටිය පෙන්නුවනම් අහවරයිනේ !

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරිවලට මොන නාට්ටිද අනේ...

      Delete
  9. සංඝාරාමයේ ( හාමුදුරුගොල්ලගේ හෙස්ටල්එක) රැට උයන එකත් ඔය සගිස්කුරිතියේ අංගයක් !

    ReplyDelete
    Replies
    1. උපාසිකාවන්ට වෙන්ට ඇති...

      Delete
  10. කැම්පස් එකේ ගස් අස්සේ පදුරු අස්සේ තොල දාන උන්ටත් මුන් හූ කිය කියා යනවද දන්නේ නෑ.ඉස්සර නයිට් රයිඩර් එකේ මයිකල් තොල දාද්දීත් මේ අයියලා ටීවී එකට හු තියන්න ඇති :)
    අනික කැම්පස් ඇතුලේ ඉන්න බහුතරයක් හාමුදුරුවරු සංස්කෘතික ප්‍රශ්න ගැන කතා කලාට ඒ ගොල්ලෝ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මය පිළිපදින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හාන්දුරුගොල්ලෝ මක්කටෙයි විසූක දස්සන බලන්න වඩින්නේ...

      Delete
    2. සහතිකවම!! බණක් භාවනාවක් කරන් හිටියනම් හරි නෙ

      Delete
  11. ඕකට තියෙන හොඳම විසඳුම තමයි. හාමුදුරුවන්ට බනක් භාවනාවක් කරගෙන පැත්තකට වී සිටීමට කියා.
    ගිහියන් සඳහා වෙනම ශරියා නීතියක් ක්‍රියාත්මක කිරීම. එම නීතිය තුල තොල දැමිය යුතු සහ නොයුතු අවස්ථා පැහැදිලිව දැක්විය යුතුයි.
    එසේම යම් පුද්ගලයෙක් බෞද්ධයෙක් ද නැද්ද යනවග රජයේ ලියාපදිංචි කල යුතුයි. එසේම බෞද්ධයන් ලෙස ලියාපදිංචි වී ඇති සිංහල/ දෙමල පුද්ගලයන්ට එසේ නොවන්නන්ට නැති විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල,දෙමළ, ඉංග්‍රිසි භාෂාවලින් පැහැදිලිව දක්වා ඇති පරිදි මෙවැන්නකට අවසර තිබෙනවා.
    මෙතනදී භික්ෂුව වගේම භික්ෂුව විවේචනය කරන අයත් කරන්නේ වරදක්.

    ReplyDelete
    Replies
    1. උන්ට නාට්ටි බලන්න බෑ කොහොමත්... එහම නම් දස සිල් අරගෙනත් සෝ බලන්න යන්න ඇහැකි නේ...

      Delete
  12. මෙතන ටෝක් දෙන එකෙක් වත් ඔය වලේ නාට්‍යය බලන්න නොගිහිපු, තමන්ගේ හිතළු ගහන අය.

    මේ නාට්‍යය මම බලලා නෑ. නමුත් වලේ වෙනත් නාට්‍ය අවුරුදු 20ක් තිස්සේ බලලා තියෙනවා. එළිපිට කුණුහරුප කියම "මරසාද්" ට, දෙපැත්ත කැපෙන කුණුහරුප කියන"රෝමය ගිනි ගනී" ට හෝ, ඔයිට වඩා දිගට තොලක් දාන "ග්ලැඩියේටර් ප්‍රේමය" ට මොකුත් ප්‍රතිචාර වලේ ආවේ නෑ. රෝම කාරයාට නාට්‍යය ඉවර වෙලා දුවන්න හූවක් හම්බ වුණේ ඒක චොර නාට්‍යයක් නිසා.

    ඒ නිසා චොර නාට්‍ය වලට හූ කීම සාමාන්‍ය දෙයක්. නමුත් ගල් ගහලා තියෙනවා නම් ඒක වැරදියි. හැබැයි ඔය කතා ඔක්කොම "ලු" එක්ක එන්නේ. ගල් ගහනවා, වතුර බෝතල් ගහනවා වීඩියෝ එකක් නැතිවෙන්න පුළුවන්ද? ඒ නිසා ඔක්කොම දේවල් එළියට එනකම් හිටිය නම් තමයි හොඳ ටෝක් ඉෂූ නොකර.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ තියෙන්නේ මාර තියරි... මම මේ ගැන කලිනුත් කිව්වා...

      මෙයා විතරයි ඇම් බී බී ඇස් කාරෙයෙකුට ඉන්නේ... මෙයා ඉතරයි පේරා ගිහින් තියෙන්නේ.. මෙයා ඉතරයි වලේ නාට්ටි බලලා තියෙන්නේ...

      මෙයාගේ තියරි අනුව පාර්ලිමේන්තුවවත්, ඒකේ ඉන්න කවුරුවත් විවේචනය කරන්න බෑ... මොකක්ද වෙලා තියෙන්නේ කියලා... නාට්ටියේ හිටපු උන්ගෙන් අහලා දැනගන්න බඩා මාමේ...

      මොකාද එකා නැති වලේ මොකෙක්ද එකෙක් පන්ඩිතයෙක් "ලූ" කියලා කතාවකුත් තියෙනවා නේ...

      Delete
    2. නාට්‍යයේ කට්ටියගෙන් ඇහුවට වැඩක් නෑ. මොකද හූව කාපු නිසා උන් කියන්නේ ගල් ගැහුවාමයි කියල. ශිෂ්‍යයන්ගෙන් අහල වැඩක් නෑ උන් කියන්නේ ගල් ගැහුවෙම නෑ කියල. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ඕකේ වීඩියෝ එකක් නෑ කියන එක තමයි පුදුමේ.

      අනික ඔය "මෙයාගේ තියරි අනුව පාර්ලිමේන්තුවවත්, ඒකේ ඉන්න කවුරුවත් විවේචනය කරන්න බෑ..." වගේ අදාල නැති, එහෙම නැත්නම්, ගොං වදන්, ටුවරිස් ගයිඩ් ලෙවල් එකෙන් එන ඒවා.

      මම කියල තියෙන්නේ සාමාන්‍යයෙන් වෙන දෙය. ඊට වෙනස් දෙයක් වුණා කියල පිළිගන්න හෝ නොපිළිගන්න සාක්ෂි තියෙන්න ඕන. මමට්, මාතලන්ට හරි මෙතන කොටපු ඔක්කොටම ඒ සාක්ෂි නෑ. ඒවා එළියට ආවම කතා කරමු.

      Delete
    3. ඔයා බලාගෙන ඉන්න කොට ඔක්කොම එලියට ඇවිල්ලා පෙරහර ගිහිල්ලා පොලිස් කාරෙකත් ගිහින් ඉවරයි... ටටා ගුඩ් බායි බඩා මාමේ... චූ කරලා දොයිය ගන්න...

      Delete
  13. //මෙතන ටෝක් දෙන එකෙක් වත් ඔය වලේ නාට්‍යය බලන්න නොගිහිපු, තමන්ගේ හිතළු ගහන අය. //

    සුවර් ද?

    ReplyDelete
    Replies
    1. සුවර්, ඇයි අවුල්ද?

      Delete
    2. මේ බ්ලොග් ලියන හාල්පාරුවෝ වගේ නෙමෙයි... මෙයා විතරයි පේරා ගිහින් තියෙන්නේ... මෙයාට ඉතරයි ලංකාවේ ඇම් බී බී ඇස් තියෙන්නේ.. ඔහේලා අහනවා සුවර්ද කියලා...

      Delete
    3. ඉතිං ඕයි, මං ඔය නාට්‍යය බලන්න ගියේ නෑ කියල ලියලම තියෙනවනෙ. වල්ගේ අරන් පෑගෙන්නේ නැති තැනකින් තියා ගන්නවා.

      Delete
  14. හරි හමං වලක තොලක් දැම්මා නම් ඉවරයිනේ.....

    එන්නකෝ කජු කැලේට....

    ReplyDelete
    Replies
    1. ලවර්ස් ලේස්න් එකට හරි කිසින් බෙන්ට් එකට ගියා නම් හරි නේ...

      Delete
  15. සමහර අය හිතන්නෙ ඒ අය නල බබ්බු කියල. ඒකනෙ ඕවට විරුද්ධ. මෙච්චර අනර්ඝ ධර්මයක් වටහල දීල හික්මවන්න බැරුව නීතිවලින් සිල් රක්කවන රට

    ReplyDelete
    Replies
    1. එක්කෝ දැන් ඉන්න උන්ට පාලි තේරෙන්නේ නැති ගතියක් ඇති....

      Delete
  16. අහෝ මට නම් සිතා ගැනීමට නොහැකිය සබඳ මාතලන්. මේ සිදුවීම සැබවින්ම විය හැක්කක්ද මේ පප්‍රගතිශීලිමනස් පුතුන් වෙසෙනා සොඳුරු විදු පියසේ. මෙය තනිකරමගංජා වැනි දුර්ලභ අවුසදයක් භාවිතා කර නිද්‍රාවට පත්වීමෙන් දුටු සිහිනයක් විය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ගංජා ගැහුවා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ.... අයියෝ ඔච්චරද පෙන්නන්නේ කියලා හූ තියයි...

      Delete
  17. නාට්‍ය ගැන නෙමේ මගේ කොමෙන්ටුව නම්.

    ඇත්තෙන්ම ප්‍රසිද්දියේ කිස් කරන සීන් වලට විරුද්ධව රෙදි උස්සන් එන්නේ මාර සදාචාරසම්පන්න උන් කියලා සමාජෙට පෙන්නගෙන උන්න උන් කියන එක මම අත්දැකීමෙන් දන්නවා.

    අවුරුදු 20දි විතර අපේ ගෙවල් පැත්තේ පාර්ටියකදී සිදුවෙච්චි ඒ වගේ දේකට රෙදි උස්සගෙන නැටුවේ ඒ කාලේ මට පෙන්න බැරුව හිටි ගමන් ඉස්සෙල්ලාම කැම්පස් ගිය ගමේම ආදරයට ලක්වෙලා උන්නු කොල්ලෙක්.

    යාලුවෙක් පස්සේ කාලෙක ඌ මගේ හොඳම යාලුවෙක් උනා.

    උගෙන් ඇහුවාම "ඇයි උඹ අර අහවල් සීන් එකේදි පිස්සෙක් වගේ හැසිරිලා කරපු උන් දෙන්නව එල්ලලා මරන්න ඕන වගේ හැඟීමකින් වැඩ කලේ" කියලා.

    උගේ උත්තරේ උනේ "යකෝ අපි ඒවා කලේ හොරෙන්. කිසි කෙනෙක්ට නොදැනෙන්න. අරුන් ඒක ප්‍රසිද්ඩියේ කලාම හොරෙන් කරන ඇපේ ඇඟවල් හිරිවැටෙනවා. අපි කරන එකක් එහෙමත් මාට්ටු උනොත් ගෙවල් වල උනුයි අනිත් උනුයි හැබෑව මොකද්ද කියලා දැනගන්නවනේ"

    ඔන්න ඔහොමයි ඔය වගේ සීන් වල හැබෑ තත්වය

    ReplyDelete
  18. සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්නකම් ඉදිරියක් නෑ..

    ReplyDelete
  19. සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්නකම් ඉදිරියක් නෑ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න