.

.

Jul 21, 2016

අමාවකේ සඳ පායා - Moonlight under New Moon


Photo Credit - Internet

සාමනේර කල නා හිමි බර බැලු                       වා
සත්තයි පෙරදි කල පවකැයි මම සිතු                වා
බුදු හිමි නොවේ උඹ ඇවිදින් හිත නිමු              වා
ගැට කිරි රහට විඳි දුක් අමතක කෙරු               වා

දනට පිනට ලැදි අය නිව නේම ය                    තී
පෙර පින ඇතොත් පම ණෙකි ඒ උතුම් ග         තී
ගම ගිනි තියන උන්ගේ ඉරි සියා ග                   තී
මේ ළොව මෙන්ම උන් සැම නිර යෙත් දැවෙ    තී

අමා වකේ සඳ සිසිලත් නැති කල                      ට
කෝලි කුට්ටු මැල වෙයි තද ගිරිස් මෙ               ට
නිවන් යන්න සස රේ කල් තියෙන කො            ට
පැනපන් සුමන වතියේ පන් සලේ වැ                 ට

-x-

- මාතලන් -

41 comments:

  1. පින්තූරය කාගෙද??

    ReplyDelete
    Replies
    1. පින්තූරේ දැකලා තමයි කවිය ලිව්වේ... මම ඉතින් ආර්ට් පිස්සා නේ.. ඇබ්ස්ට්‍රැක්ට් ආට් බලන වෙලාවක දැක්කේ... එවෙලෙම සේව් කර ගත්තා... පොටෝ ක්‍රෙඩ්ට් එක දාන්නවත් ගත්ත තැන මතක නෑ... පට්ටයි නේ...

      Delete
    2. Photo Credit ARTHUR DOVE (1880-1946) / I want to be THE FIRST
      https://goyovigil50.wordpress.com/2011/01/

      Delete
  2. ෂාහ් බං, පිස්සු බම්ප් වෙනවා.උඹ මෙච්චර ටැලන්ට් තියෙන එකා කුණු දේශපාලනේ ලිය ලිය ඉන්න එකට නං මල පනිනවා බං.

    ReplyDelete
    Replies
    1. මම ටක්කෙටම දන්නවා උඹෙන් මේ කොමෙන්ට් එක එනවා කියලා... මේ වගේ දේ ලියන කොට බ්ලොග් කාරයන්ගේ මගේ මතකෙට් එන පළවෙනි එකා උඹ... ඒ මම හිතන්නේ දෙන්නගෙම අත්දැකීම් එක සමාන නිසා වෙන්ට ඇති..

      Delete
    2. හැලපෙ අයියේ
      ++++++++++++++++++++++++++++++++++

      Delete
  3. Replies
    1. සම්මා දිඨ්ඨී හා සම්මා වායාම....

      Delete
    2. කොච්චර වායාම කලත් සම්මා ජාතියෙදි ඇබ්ස්ට්‍රැක්ට් තේරෙන්නෙ නෑනෙ :(

      Delete
    3. ඒකත් ප්‍රා සමහර කළා නිර්මාණ වගේම තමයි... උදාහරණයකට ගීත කවි චිත්තරපටි ගන්නත් පුළුවන්... අපි ඕකේ දකින දේ නෙමෙයි වෙන්න ඇති කීයටවත් ඕක ඇඳපු එකා දකින්නේ... එකම දේ වර්ණ සංයෝජනය සාර්ථකව යොදන එක. ඒක තමයි මුළින්ම වදින්නේ... ඊට පස්සේ අපි කැමති විදියකට රස විඳින්නයි තියෙන්නේ..

      Delete
    4. ///කොච්චර වායාම කලත් සම්මා ජාතියෙදි ඇබ්ස්ට්‍රැක්ට් තේරෙන්නෙ නෑනෙ :(///

      මී ටු...

      Delete
  4. කවිය නම් අවංකෙන් ම පට්ට.......... පින්පතූරෙ තේරුමයි,පින්තූරෙයි කවියයි තියෙන සම්බන්දෙයි හොයන එක මට නම් කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්......... ඒ හින්දා අතෑරලා දැම්මා...........

    ReplyDelete
    Replies
    1. ආන් එහෙමයි ජීවත් වෙන්න ඕනා

      Delete
  5. හැම ගමකම වැට පැන්න සුමනාවතීලා හිටියා. නැතිනම් මෙලහට සාසනේට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් එක. ඇත්තටම සුමනාවතීල කල සාසනික මෙහෙවර ඇගයීමට යමක් කල යුතුයි.

      Delete
    2. සුමනාවතිලා විතරක් නෙමේ බං අගය කරන්න ඕනෙ. පන්සල් ආගිය සරත්ලා, සුනිල්ලා, නිමල්ලා වගේ ආදරණීය කොල්ලොත් අගය කරන්න ඕන. ඕවා පවතින්න ඕන. නැත්නම් සංඝ සමාජය විතරක් නෙමේ උපාසක, උපාසික සමාජයත් අමු ගොම තමයි ()කොහොමත් ගොමනේ.

      Delete
    3. සහතික ඇත්ත පැරා... නැහ්නන් හැම පන්සලම රාග ගින්නෙන් දැවිලා අළු වෙලා ගිහින් ගොඩක් කල්...

      Delete
  6. නිවන් යන්න සසරේ කල් තියෙනකොට
    පැනපන් සුමනවතියේ පන්සලේ වැට..

    කෝලිකුට්ටු වේලෙන්නෙ ගිරිස්මෙටම නෙවෙයි වගේ....

    එදත් කිව්වා, අදත් කියනෝ...මෙන්න මේවා ලියහං...
    ලොකුසාධූ කියල ඉටිපන්දංයෑ මාතේ...!

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේ කෝලීකුටු වගේ බොහෝම වටිනා දේ විනාශ වෙන්න දෙන්නේ...

      Delete
  7. හැමිනේෂන් :D
    අඩේ ඉරිසියයි මාතයියෙ..පපුව පැලෙන්න වාගෙ.හැක්

    ReplyDelete
    Replies
    1. ඔය හාන්දුරුවරු එහෙම ඉරිසියාව අත ඇරලා නේ ඉන්නේ...

      Delete
  8. අමාවකට නැතිනම් තව දිනෙක වෙන
    රඹ මෝරන මොහොතක පින් සුවය ගෙන
    සිල් ඇදුමට ඉඩ දී වැට කඩුලු පැන
    දාන පාරමී පුරනට එමි ලබා පින....
    ------සුමනාවතී-------

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපූරූ පිළිතුරු කයිය...

      Delete
  9. පිස්සු හැදිලා හොඳවෙලා ආයෙ හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්තීමටම හොඳ වෙන්න කියලා පතනවා

      Delete
  10. කවිය පට්ටයි මාතා....

    ReplyDelete
  11. කාමයේ වරදවා හෝ හරියාකාරව හැසිරීම වරදක් නොවේ යන්නයි මගේ අදහස. කාම ක්‍රියා වල තිබෙන සතුටේ තාවකාලික බව, ආකර්ශණය වන පුද්ගලයාගේ තිබෙන 'ලස්සනෙ' තාවකාලික බව ඒවගේ දේවල් වටහාගෙන ඒවා කලාට පවක් සිද්ද වෙන්නේ නැහැ කියන එක මගේ පෞද්ගලික මතය. කෙනෙකුගේ අකමැත්තෙන් එම ක්‍රියාවට පොලඹවා ගැනීම, ඒ ගැන දැනුම් තේරුම් නොමැති ළමයින් අපයෝජනය කිරීම, ලිංගික අල්ලස් ලබා ගැනීම වගේ දේවල් නම් පව් ගණයට වැටෙනවා. එසේ නොමැතිව දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන ක්‍රියා වල පවක් මට පෙනෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි.... බුදුන්ගේ කාළෙත් මෙහෙම්මම වෙලා තියෙනවා...

      Delete
  12. ගොඩ දෙනෙකුට මඟ ඇරිච්ච ලස්සන කවියක් තියෙනවා මෙතන

    ReplyDelete
    Replies
    1. ඇඩ් ගොඩකට ගෙවන්න තියෙනවා හොඳේ...

      Delete
  13. යාපනය සරසවියේ සිංහල සිසුන්ට කල අමානුශික පහරදීම ගැන ලිපියක් නොලියා. මෙවැනි මාතෘකාවක් ඇද ගැනීම මඟින් ඔබතුල යටපත්වී තිබූ කොමියුනිස්ට් හැදියාවයි කියන එක නැවති මතුවී ඇතැයි සිතේ.

    ReplyDelete
  14. කොමියුනිස්ට් මාතලන්ගේ අදේවවාදී කයියක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න