.

.

Sep 28, 2021

හිඟන්නන් හා රමණය නිමාවන්නේ, ඛේදාන්තයකිනි. (රාජපක්ෂලා සිරිසේනලාට පැරදීම)


ඔය පිටරට සෝ බලන අය දැකලා ඇති, පාරේ ඉන්න හිඟන ගෑණු අයට ලව් කරලා බැඳලා පස්සෙ ඉල්ලගෙනම කන සෝ.


ඒ වගේ සෝ ඉස්සර මෙහෙත් හරියට හැදුනා. එක්කෝ කෙල්ල දුප්පත්, එක්කෝ කොල්ලා දුප්පත්, කොටින්ම "හිඟන කොල්ලා" කියන W A සිල්වා ශූරීන් (ශූරින් කියන්නේ නමේ කෑල්ලක්ද දන්නේ නෑ. ඒ කාළේ ගොඩාක් අයගෙ වාසගම ශූරීන්) ලියූ නවකතාවකුත් ෂෝ එකක් ලෙස ආවා.


මේ ගොඩක් ඒවල පෙන්නන්නේ හිඟන්නන්ට සප් එක දෙන්න ගිහින්, ඉල්ලගෙනම කාපුවා. මේ ඊයේ පෙරේදත් සොයාගත් කෝටිපතියකුගේ අභිරහස් මරණයක් පිටිපස්සෙ ඉන්නෙ අරන් හදා ගත්ත එකෙක්.


උන් කන්න දුන්න අත හපා කාලා නිකං ඉන්නේ නෑ. ගතත් අප්‍රාණික කරලා තමා නවතින්නේ. ඒ නිසා හිඟන්නෝ එක්ක ආස්සරේ තියාගන්න ඕන බොහෝම දුරින්.


මේ ආන්ඩුව එන්නත් කලින්ම අපි කිව්වා මේ හිඟණ වී වගාව නවත්තලා දාලා, ඒ මිනිස්සුන්ට වෙනත් ආර්ථික භෝග වවන්න යොමු කරලා උනුයි පාරිභෝකයොයි දෙගොල්ලම ගොඩ දාන්න කියලා.


මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා සුද්දෙක් කිව්වට, හැමදාම රජ වුනේ වෙනත් උන්..


දැන් ඉන්නේ රජවරු නෙමේ මාෆියාවක්, උන් අරුන්ගේ අන්තේවාසිකයෝ, වහල්ලු. උන් පුප ඉරාගෙන ගන්න අස්වැන්න කුණු කොල්ලෙට අරගෙන අරුන් ප්‍රකෝටිපතියෝ වෙනවා.


මතක තියාගන්න, ඔය ආන්ඩුව එක්ක ගේමට මාෆියාව වෙනුවෙන් වැඩ්ඩ සංඝයෝ එන්නේ, සඟිස්කුරුතියවත් ෂිට්ටාතාරේ රකින්නවත් නෙමේ, කුඹුරු කරන මහා ඉඩම්වල අයිතිකාරයෝ උන්නාන්සෙලා. 


උන් කොහොමත් නිකං කන්න උපන් පිරිසනේ. උනුත් ඔය මාෆියාවෙම කොටසක්.


ආන්ඩුව පුරන් කුඹුරු අස්වද්දනයි, හාල් වලට ඉහළ මිළක් දෙන්නයි ගිය එකෙන් ගොයියන්ට ඉහළ මිළක් ලැබුනමයි කියලා හිතමු.


ඒත් උන්ගේ ජීවිත ගොඩ යනවද?


කිසි දවසක වෙන්නේ නෑ.


මොකෝ හාල් වැඩි උන ගමන් ඊට සාපේක්ෂව අනිත් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිලත් ඉබේම වැඩි වෙනවා. 


අඩේ.... 35 ට ගත්ත වී වලට 65 ලැබිලා ගොයියගෙ කරල පැහිලා තියෙන්නේ කියලා.... බුලත් විඩ විකුණන එකත් 25 ට තිබ්බ විඩේ කෙලින්ම 50 කරනවා. 


මුන් 50 ක් දීලා විඩ කනවනවා නම්...., හිටපිය දෙන්නම් වැඩේ කියලා, ආන්ඩුව ගල් බෝතලේටයි සිකැරට්ටෙකටයි කෙලිනවා. එතකොට බීඩියත් ඉබේම වැඩි වෙනවා.


ඊට සාපේක්ෂව ෂැන්ග්‍රිලා එකේ මාළූ පාන් එකයි, කකුළු අමාත්‍යංශයේ (Ministry of Crabs) කකුළුවයි ඔක්කොම ගනන් යනවා.


ඉතින් ඉකොනොමිස්ට්ලා ටයි කෝට් ඇඳගෙන ඇවිත් කකුලක් පිට කකුලක් දාගෙන කියනවා කොරෝනා මැදත් "අවර් ඉකොනොමි ඉස් ඩුයින්ග් වෙල්... අපි මෙච්චර ලාබ ගත්තා අච්චර ලාබ ගත්තා කියලා"


බොරු. ... අමු බොරු... පට්ට පල් ගල් පැලෙන බොරු... එමවුන්ට් එක ළොකු උනාට, රුපියල බාල්දුයි...  ඩොලර් නෑ.. ක්‍රය ශක්තිය අඩු වෙලා... ආර්ථිකේ අඤ්ඤ කොරොස් වෙලා චප්ප චොහොරු වෙලා මුඛ පුට්ටූ වෙලා රෙවිලා ඉන්නේ...


ආන්ඩුව කියන්නේ උද්ධමනය 13% කියලා ඒත් මම දැක්කා මොකක්ද සංවිධානයක් කියලා තියෙනවා අපේ උද්ධමනය 71% කියලා...


ඒක තමයි සහතික ඇත්ත.


ආන්ඩුව නා ගත්තේ ආර්ථිකය හැන්ඩ්ල් කරන්න ගිහින්, මහ බැංකුව, රජය, රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන කියන්නේ පට්ට ෆේල් ගල් යුගයේ තියරි ඇප්ලයි කරන බංකොලොත් කාළකන්නි පද්දතියක්.


ඒවයේ උන්න නාකී හැත්ත කියපු උපදෙස් අහලා මේක සංවෘත ආර්ථිකයක් කරලා, වී මිළ වැඩි කරලා, ආනයන තහංචි දැම්මයින් රේගුවේ ආදායම කොච්චර අඩු උනාද කියලා කියලා ඔය එකෙක්වත් හෙව්වද?


දේශිය කහ හැදුවා. දැන් කිරි හොද්ද සුදු පාටයි. කහ වල ගාන ඇහුවාම, මතක් වෙන්නේ එක එකාගේ අම්මලා.


පෞද්ගලික අංශය නිසා ඉබේ දුවන ආර්ථිකයක් තිබුන නිසාත්, ඒකට පැලැස්තර නීතී රීතී සීමා නොදාන්න ගිය නිසා තමා, යුද්ධයක් තිබෙද්දිත් මෙලෝ රහක් නැති චන්ද්‍රිකාගේ කාලෙත්, පට්ට ෆේල් පඹයෙකුයි සමනල්ලුයි උන්න යහපාලන කාළෙයි මෙච්චර ප්‍රශ්ණ තිබුනේ නැත්තේ.


මාෆියාවට කෙලින්න ගිහින් අන්තිමට ගොඩ ගියෙත් මාෆියාව, ඇත්තටම මේවයින් බන්ධුලලට, මහින්දානන්දලට, අලගියවන්නලටත් ගානක් එනවද, උනුත් මාෆියාවේ කොටසක්මද කියන සැකය තහවුරු වෙන්නේ, උන් රටින් හාල් ගෙනත් දෙනවා කියලා කටින් බතල කොල විතරක් හිටවපු නිසා.


ඝෝඨා ඇවිල්ලත් තාම සුළු කාළයක් නිසා දැන් උනත් ඔහුට චේන්ජ් වෙන්න පුලුවන්. 


ඔහු හොයන්න ඕන, දෙසැම්බරයේ වාහන ආනයන නීතී ඉවත් කරන්න යනවා කියලා කබ්‍රාල් කියපු ප්‍රකාෂය අකුල ගන්න බලපෑම් ආවේ කොහෙන්ද කියලා.


කවුරු මොකා මොනවා කිව්වත්, මහින්දගේ කාළේ තමා මේ රට මොඩර්න් වෙන්න පටන් ගත්තේ ඉකොනොමි එජේ ග්‍රෝව්ත් එකක් තිබ්බේ...


කබ්බා වැඩේ හරියට කරලා උනුත් ගොඩගියා.


මාතලන් තාමත් ස' ෆේල් නොකියන්නෙ, ස' දන්න ආර්ථිකයක් නෑ නේ. ස' දන්නේ යුද්ධ කරන්න. 


එතකොට සර්ගේ වම් පැත්තේ ඉඳගෙන ස' ට ආර්ථික උපදෙස් දෙන උන් ෆේල්, ෆේල් නෙමේ පට්ට ෆේල්. 


උන් එක්ක නම් සව් භාගේ නෙමේ රාජපක්ෂලත් ඉවර වෙන සයිසෙකක් දැන් තියෙන්නේ.


ඇත්තම කතාව මෙතනදි රාජපක්ෂලා සිරිසේනලාට පරාදයි නේ.


කබ්බට දෙන්නෙයි කියන කොට, එතකොට ගොබ්බ ගං කබර බයියෝ කියයි ණයට අරගෙනද වං ගෝහේ රටවල් දියුණු කරන්නේ කියලා..


මට උන්ට කියන්න තියෙන්නේ ඩුබායි හා සිංගප්පූරුවේ විදෙස් ණය ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයා ගනිල්ලා කියලා.


ඒ ගනන්ම යුගදනවි විකුණගෙන කනවෝ කියලා කෑ ගහන කුර හා අං සහිත ජීවීන්ට කියන්න තියෙන්නේ ඒ රටවල විදෙස් ආයෝජනවල වටිනා කමත් සොයා ගනිල්ලා කියලා...


ජේ ආර්ලා, ප්‍රේමේලා, මහින්දලා දන්න අර්ථ සාත්තරයක් නෑ නේ...


හැබයි උන්දලට උන්නා සුපිරි ආර්ථික උස්තාද්ලා...


ජේ ආර්ට උන්නා රොනී, ඇතුලත්මුදලි හා ඇන් යූ ජයවර්ධන 


ප්‍රේමෙට උන්නා පාස්කරලිංගම්


මහින්දට උන්නා කබ්‍රාල්....


එතකොට ඝෝඨට...


ඝෝඨට ඉන්නවා චන්ද්‍රිකාටයි රනිල්ටයි වගේ සෙට් එකක්....


ඒ වගත් මෙසේය...


.

35 comments:

  1. කබ්රාල් ආයෙත් මහ බැංකුවට එනවා නේද? මෑන් මොකක් හරි ගේමක් ගහල වැඩේ ගොඩ දායි තව ටික දවසකින් බලන්න ඕන.

    ඒ වගේම හාල් සීන් එකේදී මගේ අදහස හැමෝම සාධාරණ ලාභ ගන්න ඕනේ. 10% pforift එක අවුලක් වෙන්නේ නැහැ.

    ගණන් හිලවු හරියට ප්‍රසිද්ධ කරා නම් ඉවරයි . හැබැයි ඩඩ්ලි 225 තිබ්බ කිලෝව් 165ට අඩු කලේ රටින් ගෙන්වනවා කියපු නිසා මයි .ඌ ඒ බලු වැඩේ කරලා ඉවරයි දැන්.ලංකාවේ එකෙක්.අපේ එකෙක් කියල හිතුවට මු අපිටම අරිනවා. ඒ නිසා ආණ්ඩුවට තියෙන්නේ ආනයන තහනම් නොකර නිදහස් වෙළද පොලට ඉඩ දීම. එතකොට එකෙක්ගෙවත් ගෑස් බලන්න ඕන නෑ රනිල් වගේ ඩෝන්ට් කෙයාර් ඉන්න තියෙන්නේ නේද බන්?

    ReplyDelete
  2. හාල් ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙනවා කියන්නෙ පවතින රජය සෑහෙන්න බැනුම් අහන වැඩක්. ඒනිසා ආණ්ඩුවේ පැත්තෙන් වැඩි වෙන බඩු මිලට එක එක හේතු පැහැදිලි කරනවා. ඒ වගෙම නිවැරැදිව රටක ආර්ථිකය, වෙළඳ කටයුතු සිදු වෙන ආකාරය ගැන අවබෝධයක් නැති ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බඩු මිල වැඩි වෙන්නේ වෙළෙඳුන් බඩු හංගගෙන වැඩි ලාභ උපයාගන්න කරන උප්පරවැටියක් නිසා කියල. වෙළෙඳුන් විතරක් නෙවෙයි, බොහෝ වෙලාවට පවතින ආණ්ඩුව කියන්නෙත් මේක රජය අපහසුතාවට පත් කරන මහා කුමන්ත්‍රණයක්, මේකට විරුද්ධ පක්ෂයත් සම්බන්ධයි කියල.

    මේ මෝඩ දේශපාලන කතා නිසා අන්තිමට කෙළවෙන්නේ කියන එකාටමයි. උදා: වර්තමාන වෙළෙඳ ඇමති බන්දුල ලොක්කා විපක්ෂයේ ඉද්දි පැවැති යහපාලන රජයේ භාණ්ඩවල මිල වැඩිවීම සහ මිල පාලනය දැඩිව විවේචනය කළා. මහින්ද ලොක්කා දැන් සැපද කියලා කිණ්ඩිය දැම්මා. වීරවංස පචායුදේ "ඔබට සතුටුයිද දැන් කියලා බයිල කියුවා. (දැන් විපක්ෂයේ සජබ/ ජවිපෙ විතරක් නෙවෙයි රනිල් පවා කරන්නෙත් ඒ රෝලම තමයි අඩුගානේ පාඩමක් ඉගෙන ගෙන නෑ තාමත්)

    ඒ වගේම් පහුගිය කාලේ එවකට පැවති යහපාලන ආණ්ඩුව ප්‍රකාශ කළෙත් බඩු මිල ඉහළ යාම එවක විපක්ෂයේ රාජපක්ෂ හොර කල්ලිය ජාවාරම්කාර ගජමිතුරු වෙළෙඳුන් සමග එක්වී රජය අපහසුතාවට පත් කිරීමට කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. වසර කිහිපයකට පසුව ආණ්ඩුව සහ විපක්ෂය දැන් මාරු වී එම තර්කයම දෙපැත්තේ සිට බෙදා ගැනීමෙන් සහ ජනතාව කාලෙන් කාලෙට එම තර්කයම පිළිගැනීමෙන් පෙනෙන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක්ට තවමත් බදු මිල ඉහළ යාම ගැන අවබෝධය ඉතාම අඩුයි කියල. ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. දැන් එක පාරටම භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගිහිල්ලා. හැමෝටම ප්‍රශ්නයක් මොකක්ද මේ වෙන්නේ කියල. අපි මේක ගැන මුලින්ම පැහැදිලි කරගෙන ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දැන් මේ බඩු මිල ඉහළ යාම කියන කාරණයට සමාජ ජාල වල විපක්ෂයේ කට්ටිය උඩ පනින ගොන් පාට් වලට ක්ෂ්ණික ප්‍රතිචාරයක් විදියට රජය විශාල මිල පාලනයක් යොදවමින් පාරිභෝගික අධිකාරිය හරහා රජය නියම කරන ලද මිලකට භාණ්ඩ විකිණීමට ව්‍යාපාරිකයන්ට බල කිරීමත් නව නීති තත්ත්වයන් ක්‍රියාත්මක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ විකීණීම සහ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවවාන් කිරීමත් දැක ගත හැකියි. ඒ වගෙම ලංකාවේ කිසිම වගකීමක් නැති මෙලවින් මෙලව රහක් නැති ගොබ්බ විපක්ෂයත් යෝජනා කරන්නේ අඩු මිලට රජය භාණ්ඩ පාලන මිල යටතේ ලබා දිය යුතු බවයි.

      මේ නිසා මැදහත්ව බලන කොට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මෙම ප්‍රකාශවලින් පෙනෙන්නේ ඔවුන් දෙපාර්ශ්වයටම මෙම ප්‍රශ්නය ගැන හරිහමන් අවබෝධයක් සහ මේ පිටුපස තිබෙන ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආණ්ඩුව සහ බොහෝ දෙනා පුදුම වී බලා සිටින්නේ ආණ්ඩුවේ ආදාඅයමටත් අම්බානකට කෙළවගෙන වැට් බද්ද සහ තවත් බදු වර්ග රැසක් මෙතරම් අඩු කරත් බඩු මිල අඩු වන්නේ නැත්තේ කුමන හේතුව නිසාද කියලයි.

      ඒ නිසා ටසිරි ලංකාවේ බොහෝ දෙනෙක්ට නොතේරෙන කරුණ තමයි භාණ්ඩ වල මිල වැඩිවීම යනු ප්‍රතිඵලය මිස හේතුව නොවෙයි. එම නිසා ප්‍රතිඵලයට බලපෑම් කිරීමට උත්සහ කිරීමෙන් හේතුවට කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා එකම ප්‍රතිඵලය නැවත නැවත සිදුවීම වැළැක්විය නොහැකියි.

      මේ ගැන බොඋද්ධ සංකල්ප වලින් උනත ඔය පක්ෂ දෙක තුනටම කඩේ යන ඉඩම් හිමි වැවිලිකරු සිවුරුකාරයින්ටත් තේරෙන්න පැහැදිලි කරන්න පුළුවන්, මොකද බුදු දහමේ මූලිකම හරය තමයි හේතුඵල දහම. සරලව කියනවනම් ප්‍රතිඵලයට බලපෑමක් ඇති කිරීමට නම් අප ප්‍රතිඵලය ඇතිවන හේතුවලට බලපෑමක් ඇති කළ යුතුයි.

      ඔන්න ඔය නිසා මුලින්ම අපි තේරුම් ගන්න ඕන ඇයි එහෙනම් භාණ්ඩ මිල වැඩි වෙන්නේ කියල. මේ ගැන මැදහත් ආර්ථික නිරීක්ෂකයන් කියන විතිහට ආහාර භාණ්ඩවල මිල පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී දළ වශයෙන් 45% කින් විතර වැඩිවී තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 30%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිකුත් කර ඇති උද්ධමනය 6% ඉක්මවා මේ මිල ගණන් වර්ධනය වෙමින් පවතිනවා.

      ලෝකයේ මිල ගණන් ගැනත් හොයා බලපු දැනුම් තේරුම් ඇති පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ වල මිල මේ දිනවල ඉහළ යන නිසා එම භාණ්ඩවල මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට බලපාන බවයි. එහි යම් සත්‍යතාවක් තිබුණත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. මේ දිනවල මුළු ලෝකයේම විවිධ හේතු නිසා භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව සත්‍යයක්. විවිධ භූ දේශපාලන ඝට්ටන, කොවිඩ් තත්ත්වය, නැව් ගාස්තු වල ඉහළයාම, බොරතෙල් මිල ඉහළ යාම ආදී විවිධ හේතු ඒ සඳහා බලපානු ලබනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල නිතරම ඉහළ පහළ යනු ලබනවා සහ එලෙස භාණ්ඩ මිල ඉහළ ගිය ප්‍රථම අවස්ථාව වගේම අවසාන අවස්ථාවත් මේක නොවේවි.

      Delete
    2. සාමාන්‍යයෙන් මාකට් එක ගැන හොඳට දන්න අපි වගේ ව්‍යාපාර වල නිරත වෙන අය දන්න කාරණයක් තමයි ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම බලපාන්නේ සුළු වශයෙන්, ඒත් ඇත්තටම ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යාමට තවත් හේතු ගණනාවක් බලපානවා.

      මේවායින් මේ දවස්වලත් තදටම බලපාන ප්‍රධාන හේතුව විදේශ විනිමය අර්බුදය නැතහොත් අවශ්‍ය තරමට විදෙස් මුදල් (ඩොලර්) නැති වීම. අවශ්‍ය ඩොලර් නැතිනිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ආනයන ව්‍යාපාරිකයන්ට බැංකුවෙන් ඩොලර් ලබා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඩොලර් ලබා ගත්තත් ඔවුන් මිලදී ගන්නේ සෑහෙන ඉහළ අගයකටයි. ඩොලර් දැන් මිලදී ගැනීමත් පහසු නෑ.

      අපේ අත්දැකීම් අනුව බැංකුවේ සෑහෙන රස්තියාදු වීමෙන් තමයි එලෙස ඩොලර් මිලදී ගත හැක්කේ. එම නිසා ආනනයනකරුවන්ට දැන් යන වියදම සහ කාලය වැඩියි. එමනිසා ඔවුන් ආනයනය කරන භාණ්ඩවල මිලත් ඉතා වැඩියි. අවිධිමත් වෙළෙඳපොළේ ඩොලරය රුපියල් 250ට වැඩි මිලකට අලෙවි වුණා පහුගිය කාලයේ. ඒ වගේම බැංකුවලින් ඉදිරියේදී ඩොලර් මිලදී ගැනීම අපහසු වන නිසා ආනයනකරුවන් ඉදිරි කාලයේදී සිදුවන අපහසුතාද සැලකිල්ලට ගෙන තමයි මිල ගණන් නියම කරන්නේ. ඒ වගේම මිල ගණන් නිතරම ඉහළ යන නිසා භාණ්ඩ අද විකුණුවාට වඩා හෙට විකිණීමෙන් වැඩි ලාභයක් ඉපැයීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භාණ්ඩවල හිඟයක් නිතරම ඇතිවනවා වගේම සැපයුම අඩුවී ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩවල මිල ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ භාණ්ඩවල මිල ඉහළ යන මොහොතක විනිමය අර්බුදයක් ඇතිවීම තරම් භාණ්ඩ මිල ඉහළ යාමට දරුණු ලෙස බලපාන තවත් සංකලනයක් නොමැති තරම්. ලංකාවේ භාණ්ඩවල මිල ඉහළ යෑමට එය එක හේතුවක්. ඒ වගේම රුපියලේ විනිමය අනුපාත දිගටම පහළ වැටෙනකොට ඉදිරියේදී තවත් තෙල් මිල ගෑස් මිල සහ කිරිපිටි ඇතුළු ආනයනික භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි.

      හාල් ගබඩා වගේම මෑතකදී දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් තමයි සීනි සහ සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩාවලින් රජය අත්අඩංගුවට ගැනීම සහ ඒවා රාජසන්තක කිරීම. මෙහිදීත් විනිමය අනුපාතවලින් එල්ලවන බලපෑම සහ වෙළෙඳුන් එසේ කිරීමට බලපාන හේතුව අවබෝධ කර ගැනීම වැදගත්.

      ලංකවේ බොහෝ ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගෙනඑන්නේ ඩොලර්වලින් ලබා ගත් ණයටයි. ඒ අනුව බොහෝ ආයතන මාස 6ක ණය යටතේ තමයි සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනු ලබන්නේ. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීමට මාස 6කට කලින් ඔවුන්ට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය තීරණය කිරීමට හැකියාවක් නෑ. කලින් එහෙම හැකියාවක් තිබුණත් දැන් මහබැංකුව පවතින විදේශ විනිමය ගැටලුව නිසා එම හැකියාව නැති කරල (Forward Market/ Forward Booking) නිසා සමහර භාණ්ඩ ආනයනය කර තොග ලංකාවට පැමිණි අවස්ථාවේ ඩොලරයේ අගය පැවතුණේ රු.190ටයි. එම තොග ලංකාවේ වෙළෙඳපොළේ එම මිලට ගණනය කිරීමෙන් අනතුරුව දැන් ආනයන නෞකාව විකුණාත් අවසන්. නමුත් මාස 6 කල් පිරීමේදි දැන් ඔවුන්ට ඩොලරයට රු. 225ක් ගෙවීමට සිදුවෙනවා. එම පාඩුව මකා ගැනීමටත් ඉදිරියට භාණ්ඩ අවශ්‍යවෙයි යන චේතනාවෙන් මෙන්ම වෙළෙඳපොළ විකෘති කිරීමේ චේතනාවෙනුත් යන කරුණුවල සියලු සංකලනයක් ලෙස භාණ්ඩ ගබඩා කර තබා ගැනීම කරනවා.

      Delete
    3. මේකට හේතුවක් නම් කොවිඩ් නිසා රජයේ වියදම් අධික ලෙස වැඩි වෙලා ඒ වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීම හෙවත් මූල්‍ය පද්ධතියට වැඩිපුර මුදල් සැපයීමෙන් සිදුවන්නේ රටේ තිබෙන ඩොලර් අඩු වීමයි. උද්ධමනය ඇතිවීමට පෙර සිදුවන්නේ ඩොලර් අඩුවීම සහ විනිමය අනුපාත වැඩිවීමයි. උද්ධමනයට බලපාන්නේ එයින් එන බලපෑමයි (ඩොමිනෝ ඉම්පැක්ට් එක), හේතුව වැඩිපුර එකතුකරන මුදල් අපි කරන ආනයන එක්ක ඩොලර් ලෙස රටින් ඉවත් වීමයි. අප උදාහරණයකට මේ දිනවල කොවිඩ් තත්ත්වය නිසා රජය ලබාදෙන රු. 2,000ක දීමනාව සැලකුවොත් එම මුදල් බොහෝ වෙලාවට ලබාදෙන්නේ මහ බැංකුවට මහා භාණ්ඩාගාරය විකුණන භාණ්ඩාගාර බිල්පත්වලින් හෙවත් සාමාන්‍ය භාෂාවේ එන මුදල් මුද්‍රණය තුළින්. එසේ කිරීමට සිදුවී තිබෙන්නේ රජය සතුව මුදල් නොමැති නිසයි. (රජයට එලෙස නිතරම මුදල් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසයි.) දැන් රු.2000ක දීමනාවක් ලැබෙන පවුලක් මේ මුදල් වියදම් කරන්නේ කෙසේදැයි අපි බලමු. ඔවුන් ආහාර පිසීමට එල් පී ගෑස් මිලදී ගන්නවා. පරිප්පු මිලදී ගනු ලබනවා. සැමන් ටින් එකක් සහ හාල්මැස්සන් මිලදී ගනු ලබනවා. දැන් බැලූබැල්මට ඔය සියල්ලම රුපියල්වලින් මිලදී ගත්තාව වගේ පෙනුණට ඔය සියල්ලම අපි ආනයනය කළ යුතුයි. එසේ ආනයනය කිරීම කියන්නේම ඩොලර් මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමයි. පළමු අවස්ථාවේදී කිසියම් කෙනෙකු දේශීයව නිපදවන සහල් මිලදී ගත්තෑයයි අපි උපකල්පනය කළත් එයිනුත් කොටසක් වක්‍රාකාරයෙන් ඇදී යන්නේ සහල් මෝල්වල දහනයට අවශ්‍ය ඉන්ධන සඳහා සහ වෙනත් ආනයන සඳහායි.

      ආනයන ප්‍රශ්නය නම් අපි ආනයන තහනම් කරන්න ඕන කියන සරල පිළිතුරත් වැරදියි, හේතුව ඛනිජ තෙල්, පරිප්පු, ගෑස් වැනි දේවල් අපට රට තුළ නිෂ්පාදනය කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ආනයන කිරීමට සිදුවීමයි. අනෙක් පැත්තෙන් ආනයන නැවැත්වීමෙන් භාණ්ඩ අඩුවීමෙන් තවත් ඉල්ලුම වැඩිවී භාණ්ඩවල මිල ඉහළ යා හැකියි. එම නිසා ප්‍රශ්නය ආනයන නොවෙයි. ප්‍රශ්නය වන්නේ අපට ප්‍රමාණවත් තරම් ඩොලර් ඉපැයීමට අපගේ අපනය ලෝක වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකි වීමයි. අප ප්‍රමාණවත් තරම් ඩොලර් උපයනවානම් අපට විනිමය ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අප බැලිය යුත්තේ එමගින් අපනයන තවත් අඩු වෙනවද තියෙන මට්ටමේම ති‍බෙනවාද යන සරල ආකාරයට වඩා වසර ගණනාවක් ඉදන් අපේ අඩුවන අපනයන අප වැඩි කර ගත හැක්කේ කෙසේද යන ආකාරයෙනුයි.

      අන්තිමට කියන්න තියෙන්නේ නීති දැමීමෙන් සහ මෙම භාණ්ඩවල මිල පාලනය කිරීමෙන් සහ විවිධ ලෙස හමුදා සහ පොලිස් බලය යෙදවීමෙන්, මේක පාලනය කරන්න ගිහින් ආනයනකරුවන් ආනයන සම්පූර්ණයෙන් නැවැත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පූර්ණයෙන් වෙළෙඳපොළෙන් ඉවත් වීම, කළු කඩ වෙළෙඳපොළක් ඇතිවීම, ආනයනකරුවන් බාල භාණ්ඩ ගෙන්වීම වැනි නොසිතන තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකියි. පෘථිවිය සූර්යා වටා ගමන් කිරීම නිසා රාත්‍රිය සහ දහවල උදාවීම සාමාන්‍ය සොභාවික ක්‍රියාවලියක්. අපට රාත්‍රිය උදාවීම තහනම් කරමින් නීතියක් දැමූ පමණින් රාත්‍රිය උදාවීම නතර වන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රමයත් සොභාවික ක්‍රියාවලියක්. ප්‍රශ්නයේ හේතුවට ප්‍රතිකාර කිරීම වෙනුවට ප්‍රශ්නයේ ප්‍රතිඵලයට නීති දැමීමෙන් භාණ්ඩ මිල පාලනය කිරීම අපහසුයි. ඒ සඳහා වෙළෙඳපොළ ක්‍රමයට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුයි. රජය උපක්ක්‍රමශීලීව වක්‍රව මිල පාලනය කර්මින් කුඩා/ මධ්යම ප්‍රමාණයේ හාල්මෝල් කාරයින් වෙනම සංවිධානය කර දැඩි තරඟකාරීත්වයක් ඇතිකිරීමෙන් ප්‍රමාණයේ හාල් මිල උනත් පාලනය කල හැකි. ආන්ඩුව නිතරම හාල් ටොන් ලක්ෂයක විතර බෆරින් ස්ටොක් එකක් තියාගෙන ඒකෙන් මාකට් එක ස්ටැබිලයිස් කරන්න පුළුවන්.

      Delete
  3. මාතා,

    මූලික වශයෙන් පෝස්ට් එකේ කරුණු හොඳයි,

    ඒත් පොඩි වෙනස්කමක් කරන්න මන් යෝජනා කරනවා,

    //සුපිරි ආර්ථික උස්තාද්ලා...

    ජේ ආර්ට උන්නා රොනී, ඇතුලත්මුදලි හා ඇන් යූ ජයවර්ධන

    ප්‍රේමෙට උන්නා පාස්කරලිංගම්

    මහින්දට උන්නා කබ්‍රාල්.... (ඇයි පී බී ජයේ?)

    ඇඩ් - රනිල් සහ සිරාට උන්නා - අර්ජුන් මහේන්ද්‍රන් සහ කුමාරස්වාමි (තව මදිපාඩුවට ඇලෝසියස් කොල්ලා)

    එතකොට ඝෝඨට...

    ඇඩ් - දැන් ගෝටාට ආයෙ ඉන්නවා පී බී ජයේ සහ කබ්‍රාල් ආයෙත්//

    එහෙම නේද?

    චන්ද්‍රිකාටත් හිටියා ජී එල් පීරිස්, රොනී පීරිස් සහ සනත් ගුණතිලක වගේ සුපිරි වැඩ්ඩෝ ටිකක්

    තව ජවිපේට ඉන්නවා හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ දුඉසෙං විද්‍යාරත්නල වගේ ආතල් සෙට් එකක්, රට හදල ගනී මේන් කියලා

    මොකෝ හොඳ සෙට් එකක් නේද බන්?

    ReplyDelete
  4. අයිසේ ළමාතං,

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෑතකදී රේන්ජ් රෝවර් රථයක් මිලදී ගෙන ඇති බව ලංකාවේ ලොකුම බොරුකාරයා ලෙස රෙකෝඩ් තැබූ සහ පහුගිය යහපාලන රජය සමයේ එජාපයේ අනිත් ඇමතිවරුන් සමගත් එක්වී බෙහෙත් වලින් බිලියන ගනන් සොරකම් කළ බවටත් ප්‍රධාන චූදිත ලෙස චිරප්‍රසිද්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

    පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ අධිකරණයේ අභියෝග කල නොහැකි හෙයින් මේ ආකාරයේ රේන්ජ් රෝවර් රථයක් තමාට හෝ තම පවුලේ කවරකුට හෝ ඇතැයි කිසියම් කෙනකු සොයා දෙනවානම් පසු දිනම එය පවරා දෙන බව ඊට පිළිතුරු ලෙස චන්න ජයසුමන ප්‍රකාශ කළා.

    ඊයේ මේ සම්බන්ධයෙන් කුප්‍රකට ඊ නිවුන් කෙබර පඩංගුව වැනි තවත් සමගි ජන බලවේගයේ මඩ වෙබ් අඩවියක පල වුයේ තලවතුගොඩ ප්‍රදේශයේ චිත්‍රසුමන මෝටර්ස් නම් ආයතනයකට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ බිරිද ගොස් රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීමට සොයනු CCTV කැමරා දර්ශන ඇති බවයි. ඊයේම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එම වෙබ් පුවත පාදක කරගෙන මාධ්‍ය සාකච්චාවක් පවත්වා මෙම චෝදනාවම එල්ල කළා.

    කෙසේ නමුත් චිත්‍රසුමන මෝටර්ස් ආයතනය අද පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් හෙළි කර ඇත්තේ ආයතනයේ කිසිදු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා නොමැති බවත්, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හෝ බිරිද එම ආයතනයෙන් මේ වන තෙක් රේන්ජ් රෝවර් හෝ කිසිදු වහනයක් මිලදී ගෙන නොමැති බවත්, ඔවුන් කෙදිනක හෝ චිත්‍රසුමන මෝටර්ස් ආයතනය පැමිණ නැති බවත්, එවැනි CCTV සටහන් ඇති බව සිදු කරන ප්‍රකාශය මුළුමුනින්ම අසත්‍ය බවත්ය. මේ කෙබර පප්පාගේ ගජබින්න අහලා හොඳටම හිනා, මේ ගැන මොකෝ හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. //පසුගිය රාජපක්ෂ රෙජීමයේ ඇමති වරයෙකු ලෙස සිටියදීත් අති විශාල ලෙස මහාපරිමාණ බරපතල වංචා දූෂණ රාශියකට සම්බන්ධ බවට චෝදනා සමගම පසුගිය යහපාලන රෙජීමයට සම්බන්ධ වී එම රෙජීමයේද අතිවිශාල බරපතල මූල්‍ය වංචා විශාල සංඛ්‍යාවක් කළ බවට දැනනටමත් චෝදබා ලැබ සිටින රාජිත සේනාරත්න හා රජයට බෙහෙත් ගෙන්වීමේදී බිලියනන් ගණනින් මහත් විශාල හොරකම් කිරීමේ මහ මොළකරු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් හාෂිම් මොහොමඞ් රූමි යන අන්ත දූශිත සොරුන්ට එරෙහිව අධිචෝදනා 14 ක් යටතේ පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම පිණිස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කරණු ලැබුවේ ඔක්. 06 වැනිදා කැඳවීම් කරණු ලබන බවටයි.
      //

      කිඹුල් රාජිත වගේ කාලකන්නි අමු පෙරේත ගූ හොරුන්ටත් කඩේ යන අමු සක්කිලි ඉන්නවා ද බන්? කුජීතයි නේද හෙණ ගහන වැඩ කරන පෙරේතයන්ට කඩේ යන උනුත් මකබෑවිලාම පලයන්, දුප්පත් අසරණ හිඟන්නන්ගේ බෙහෙත් පෙත්තෙනුත් ගසා කන අමු සක්කිලි හැත්ත.

      Delete
  5. අඳුරු වළා මැද රිදී රේඛාවක් වගේ දෙයක් කියන්න පුලුවන් දෙයක් තියෙනවා බන් මාතලනෝ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තොබර් 20 ආරම්භ වන “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට රජය තීරණය කර තිබේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඊට සහභාගි වන බව රජය පවසයි.

    මෙම ප්‍රදර්ශනය ලබන වසරේ අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සහභාගීවීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ.

    මෙම “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා මාස හයක කාලයක් සහභාගි වීම වෙනුවෙන් වන මුදල් වෙන් කර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යගේ ප්‍රධානත්වයෙන් ලංකාව එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සහභාගි වීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

    මෙම හමුව සඳහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාතා පතිරණ, සංචාරක ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් මරීනා මොහොමඩ්, සංචාරක සංවර්ධන අධිකාරියේ කිමාලි ප්‍රනාන්දු, අපනයන සංවරධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන එක්ව තිබේ.

    වසර පහකට වරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස සංවිධායකයන් විසින් ලංකාව වෙත ආරාධනා කර ලංකාව වෙත ප්‍රදර්ශන කුටියක් ලබා දී තිබූ අතර එය කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොර බවට අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිනිය වූ ඉන්දිරා මල්වත්ත මහත්මිය පවසා සිටියාය. එම කුටියක සාමාන්‍ය වටිනාකම රුපියල් මිලියන 600 කි.

    රටවල් 190ක ප්‍රදර්ශකයන් සහභාගි වන, ලක්ෂ 250කට අධික නරඹන්නන් පැමිණෙන මෙම අවස්ථාව හරහා ඍජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණ අනුව “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනයට සහභාගි වන බවට වන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ඩුබායිහිදී සිදුවිය.

    ඊට සහභාගි වූ ශ්‍රී ලාංකික නියෝජිතයන් ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිවෙන පරිශ්‍රය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියද නරඹා තිබුණි. එසේම www.expo2020srilanka.lk ලෙස මෙම ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් නව වෙබ් අඩවියක්ද දියත් කෙරිණි. ලංකාවේ ප්‍රදර්ශන කුටිය “ජලය” තේමා කරගනිමින් නිර්මාණයට යෝජනා වී තිබුණු අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊට දායක විය. එහිදීද මෙම ප්‍රදර්ශනයේ සංවිධායකයන් පැවැත්වූ තරගයක් ජයගැනීම නිසා එම කණ්ඩායමට රුපියල් මිලියන 700ක මුදල් ත්‍යාගයක් හිමිව තිබුණි.

    එසේම ප්‍රවීණ සූපවේදී පීටර් කුරුවිට සහ ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එහි සන්නාම තානාපතිවරුන් ලෙස ප්‍රවර්ධන කටයුතු සඳහාද එක් කර ගැනීමට මෙරට සංවිධායකයන් පියවර ගත්තේය.

    මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා ආයෝජන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහභාගිත්වය සහිතව උපකමිටු හයක් පිහිටුවීමත් සිදුවිය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම ප්‍රදර්ශන කලාපයේ ඉඩ පවා වෙන් කර ගෙන තිබුණි. එසේම පෞද්ගලික අංශයේ නියෝජනය ලෙස අපනයකරුවන්ගේ ජාතික මණ්ඩලය අපනයනකරුවන් 20 දෙනෙකු ඊට සහභාගි කරවීම ස්ථිර කර තිබුණි. කෙසේ වෙතත් පසුගියදා පැවැති මෙම සාකච්ඡාව යටතේ “එක්ස්පෝ ඩුබායි 2020” ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන සියලු වැඩසටහන් රජයේ වැඩසටහන් ලෙස ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, කාර්මික අපනයන හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කරන සේම ඒ සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරයි. ලංකාවට මේ එක්සිබිෂන් එකෙන් වාසියක් ගන්න පුළුවන් වෙයි නේද? අපනයන සඳහා අලුත් ඕඩර් සහ අලුත්ම ආයෝජන අවස්ථා ලඟා කරගත හැකිනම් ගොඩක් වටිනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ප්‍රවනතාවක්... මහත්තයෝ. නොදන්නාකමට අහන්නේ.... ඔය ප්‍රදර්ශනේට රටෙන් බාගයක් විතර යයිද දන්නෑ වැඩවලට කියලා, අපේ සල්ලිවලින්?

      Delete
    2. ඉතාම පරන නෙව්ස් එකක්.
      ඔය කියන අමත්යන්ශ නිලදාරින් ඔය කියන අයාතන වලින් ඉවත් වී හො පෙන්ශන් ගිහින් අවුරුදු දෙකකට වෙඩිය්.
      ඩුබය් කියන්නෙ ගුවනින් එරෙන්නෙ වෙන කිසිම අවට රටකින් / ප්‍රදේශයකින් මිනිස්සුන්ට පෙමිනෙන්න පුලුවන් රටක් නොවෙ. වටෙටම යුද්ද.
      එxපො කියන්නෙ බිස්නේස් ප්‍රද්‍රශනයක් නොවෙ. රටක් විඩිහට යන්න අනිවර්ය වුනාට බිස්නෙස්ස් ගන්න පුලුවන් තෙනක් නොවෙ විශෙශයෙන් ඩුබඉ මෙ ප්‍රදර්ශනය. සල්ලි කෙමක් විතරය්. ප්‍රයොජන ගන්න තිබ්බෙ එxපො මිලන් වලින් (2015) . එඋ එතුලු ලොකෙ පුරාම රටවල් වලින් අති විශාල ජනතවක් එxපො මිලන් වලට ආව. බිස්නෙස් නෙතිවුනත් ප්‍රචරනයට වෙඩගත් වුනා එය.

      Delete
    3. නිමල්,

      ඔබ මේ කියන්නේ ලංකාවේ කුප්‍රකට විශාල දූත පිරිසක් සමග කරන නාස්තිකාර දේශපාලන සංචාර ගැන නේද? මේක 2005 - 2014 රාජපක්ෂ රෙජීමය සමයේ හිටපු ජනපතිට එල්ල වූ විශාල චෝදනාවක්, විශේෂයෙන්ම ඔහුගේ ඥාති මිතුරන් රැසක් උපදේශක වැනි තනතුරුවලට පත්කරගෙන ඔවුන් ලොව වටා, විශේෂයෙන්ම චීනයට ගෙනයෑම විහිළුවක් වුණා.

      නමුත් මම හිතන්නේ මේ වන විට එය බොහෝ දුරට අඩු වී ඇති බවයි, මේ වගේ සංචාරයකට එවන් අනවශ්‍ය විශාල පිරිසක් යන එකක් නැති වෙයි.

      මේ වගේ ප්‍රදර්ශනයකින් අප උපරිම ප්‍රයෝජන ගත යුතුයි. එය අපේ රටට ලෝකයට ලබා දිය හැකි හොඳම දේ විදහා දක්වන ප්‍ර‍ර්ශන මණ්ඩපයක් කරන්න පුළුවන් බුද්ධිමත්ව වැඩ කළොත්, මොකද ලංකාව එහි තේමාව ලෙස “ජලය” තෝරාගෙන ඇත්තේ ජීවිතයට මෙන්ම අපේ ආර්ථිකයට ද ඇති වැදගත්කම නිසා. ලංකාව දූපත් රාජ්‍යයක් වන නිසා ජලයෙන් වටවී ඇති බැවින් ගංගාවලින් ද ප්‍රයෝජන ලබන අතර අපේ අතීත සාරය වශයෙන් වාරිමාර්ග මගින් රටට ධනය ගෙන එන ශිෂ්ටාචාරයක් පැවති බවත් අනාගතයේදීත් සංවර්ධනය සඳහා අපගේ කැපවීම මෙමගින් පිළිබිඹු කරනවා. ලංකාවේ මණ්ඩපයට පැමිණෙන අමුත්තන් දිවයිනේ සුන්දරත්වය, එහි සංස්කෘතියේ පොහොසත්කම මෙන්ම සංචාරක, වෙළඳාම සහ ආයෝජන වැනි ක්ෂේත්‍රවල අවස්ථා ද නිරීක්ෂණය කරන්නට සලස්වා රට බ්‍රෑන්ඩ් එකක් ලෙස මාකට් කරන්න පුළුවන්.

      මේ වගේම වෙළඳ, සංචාරක සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රට පිළිබඳව සැලකිය යුතු දැනුමක් ඇති කිරීම සඳහා එක්ස්පෝ 2020 ඩුබායි ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවන් විවර කරන අවස්ථාවක් වගේම ලංකාව යනු දූපත් රටක් නමුත් ඒ ප්‍රමාණයෙන් ඔබ්බට විහිදෙන අතර උපායමාර්ගික පිහිටීම, සුන්දරත්වය සහ උසස් ජීවන තත්වයක් සඳහා ප්‍රසිද්ධ වූ ස්ථාවර ආර්ථික වර්ධනයක් භුක්ති විඳින ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස අපි ලෝකය පුරා බ්‍රැන්ඩ් කිරීම අවශ්‍යයි අපිට ගොඩ යන්න ඕනෙ නම්. මොකද වැදගත් ධනවත් බලවත් කවුරුත් හිඟන ගුබ්බෑයම් අස්සේ රින්ගන්න එන්නේ නැහැනේ? ඒ නිසා අපි හොද වැදගත් ශක්තිමත් රටක් විදිහට රටේ ව්‍යාපාරික වාතාවරණය, එහි යටිතල පහසුකම් සහ සැපයුම්වල ඉහළ ප්‍රමිතිය, ශ්‍රී ලාංකිකයින්ට ලබා දිය හැකි දැනුම සහ නැගී එන කර්මාන්ත, බුද්ධිමත් ශ්‍රම බලකාය ආදී සියල්ල අත්විඳීමට හැකි රටක් බවට ශ්‍රී ලාංකික මණ්ඩපයට පිවිසෙන ජාත්‍යන්තර නියෝජිතයින්ට කන්වින්ස් කරන්න ඕන.

      මීට අමතරව ලොව පුරා අනෙක් රටවල අපනයන ප්‍රවර්ධන කටයුතු බලල ඒවයින් ඉගෙන ගන්න පුළුවන්, තව අපටත් එම ව්යාපරවලට අවශ්‍ය කොටස්, උප කොන්ත්‍රාත්, අමුද්‍රව්‍ය වගේ දේවල් දෙන්න පුළුවන් අවස්ථා හැකි පමණින් සොයා බලා අපේ ආදායම් වැඩි කරගැනීමට, අපනයන වර්ධනය කර ගැනීමට මහත් කැපවීමෙන් අධිෂ්ඨානශීලීව උත්සාහ කළොත් පුළුවන්. එය රජයේ වගකීමක් මේ වෙලාවේ විශේෂයෙන්ම.

      Delete
    4. එක්ස්පෝ -2020 ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරේට්ස් කියන රටේ ඩුබායි නමැති ෆෙඩරල් හා සමාන බලතල ඇති එමිරේටයක් නමැති ප්‍රාන්තයේ අගනුවර වන ඩුබායි නගරය තුලයි.

      එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ 2020 වර්ෂයේ ඔක්තොම්බර් මස 20 වනදා සිට 2021 වර්ෂයේ අප්‍රේල් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Exපො -2020 ප්‍රදර්ශනය පැවති Cඔවිඩ් -19 තත්ත්වය හමුවේ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් 2021 ඔක්තොමබර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා.

      එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුන 77,700 km2 ක් තරම්, මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි.

      ඩුබායි යනු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇති එමිරේට හතෙන් එකකි. එය අරාබි අර්ධද්වීපයේ අරාබි බොක්කට දකුණට වන්නට පිහිටා ඇත. විශාලතම ජනගහනය ජිවත් වන්නේ ඩුබායි හි වන අතර එය අබුඩාබි වලට පසුව භුමි ප්‍රදේශ ප්‍රමාණය අනුව දෙවන විශාලතම එමිරේටයයි. රටෙහි ෆෙඩරල් ජාතික කවුන්සිලයෙහිදී ජාතික වැදගත්කමක් ඇති කාරණා වලදී නිෂේධ බලය භාවිතා කල හැක්කේ බුබායි හා අබුඩාබි යන ඒමිරේට් දෙකට පමණි.

      සාපේක්ෂව ඩුබායි ඉතාමත් බටහිරකරණය වූ බහු සංස්කෘතික වඩාත් නිදහස් ලිබරල් ආර්ථිකයක් ඇති රටක්. ඩුබායි අවට ඇති ඕමාන් සහ සෞදි අරාබියද ශක්තිමත් ආර්ථික හිමි රටවල්. විශේෂයෙන්ම ඩුබාඉ වල දේපල, නිවාස කුලී ඉහළ නිසා ඕමාන් (Oman) වල සොහාර් (Sohar) වගේ නගර වල ඉඳලා border crossings හරහා හයිවේවල එන අයත් ඉන්නවා. ශාජා සහ අබුදාබි වගේ අනෙක් එමිරේට් පළාත් වල වියදම් අඩු ප්‍රදේශ වල සිට ඩුබායි නගරයේ සේවයට එන අය වඩාත් වැඩියි. ධනවත් අයට නම් ඩුබායි වලම සැපට වැඩ කරගෙන යන්න පුළුවන්. සෞදි අයත් විනොදාස්වාදය සහ ආයෝජන සඳහා නිතර මාර්ග හරහා මෙන්ම ගුවනින් ද ඩුබායි නුවරට එනවා.

      මේ ප්‍රදර්ශනය ගැන කෙටි විස්තරයක් මෙතනින් බලාගන්න පුළුවන්.

      https://www.helakuru.lk/uat/modules/news/index.php/news/get/si/78867

      Delete
    5. මම කියන්නෙ එවගෙ දුත ගමන් ගෑන නොවෙය්. රජ්ය නායකයන් යන දුත ගමන් වලිනුත් ප්‍රයොජන තියනව. පිටරටවල ලොකු බිස්නෙස් කරයො අපේ බිස්නස් කාරයො හම්බවෙන්න එන්න එතකොට වෙඩි උනන්ඩුවක් ගන්නව. එ රටවල රජ්ය ආයතන , වෙලන්ද මන්ඩල එවා සන්විදානය කරන්න වෑඩි යෙන් උනන්දු වෙනව.
      එxපො ප්‍රඩර්ශන කියන්නෙ භාන්ඩ එනවුම් කරන සමාගම් එන තෙනක් නොවෙය්. ඒවා සාමාන්ය මිනිසුන් ඉලක්ක කර තියන ප්‍රදර්ශන. එවායින් අපනයන එනවුම් ලබා ගත නොහෙකිය්. එ සන්දහා ලොකයෙ ප්‍රදාන ගෙනුම් කාර රටවල් වල ප්‍රදර්ශන තියනවා. ලන්කාව එවෙනි අපනයන ඉලක්කගත ප්‍රදර්ශන වලට සහබාගී විය යොඋතුය්. එxපො ප්‍රදර්ශන රටවල් වල සන්ස්කෘතිය , වෙනත් හෙකියාවන් මහජනයාට ප්‍රදර්ශනය කරන තෙනක්. මෙකට 6 මාසයක් සන්දහා යන වියදමෙන් , හොන්ඩ ප්‍රදාන මිලදී ගෙනුම් රටවල පවත්වන මිලදී ගන්නන් පමනක් එන පෙදර්ශන ගනනාවකට සහබාගී වී අපනයන ප්‍රතිපල ගෙන්න පුලුවන්. මම මිලන් එxපො සහ ඩුබඉ එxපො දෙකටම සම්බන්ද එ ගෙන හොන්දට ඩෙනුවත් කෙනෙක්.

      Delete
    6. ගොඩක් ස්තුතියි පිළිතුරුවලට. අපි වගේ මැට්ටන්ට හිතෙන්නෙම අපේ සල්ලි කනවා කියලයි ඔය ගමන්-බිමන්වලට. ප්‍රහ්නය වෙන්නේ ඒවාට අවශ්‍ය අයමද යන්නේ කියන එක. දැක්කනේ ඔලිමිපික් වලට ගිය කට්ටිය හාඑකට නිදහසට කියැවුණු පරස්පර කතන්දර...

      මම ආසාවෙන් බලා ඉන්නවා නොවැම්බරයේ අර පොකුරු මැණික වෙන්දේසි කරලා අපේ මව්බිම ධනවත් වෙනකල්! ඒකත් ඔය ප්‍රදර්ශනේට තියවිද දන්නෑ!

      Delete
    7. නිදී, රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.
      මහින්දට කඩේ යන එකාද එලෙසමය. අනුරට සජිත්ට කඩේ යන වහල්ලුන්ද අනිත් උන් වහල්ලු කිය කියා වැලපෙති.

      මහින්දගේ වුනත් රනිල්ගේ වුනත් සජිත් ගේ අනුරගේ වුනත් වරද දැකිය හැකි එකාට දෙගොල්ලෝම බනිති.

      සාපේක්ශව අප තුල එක් පාර්ශවයකට බරවීමක් තිබිය හැක ඒත් ඒ නිසා තමන් පක්ෂ කණ්ඩායමේ හෝ වරද වරද ලෙස දැකීමට බාධා විය යුතු නැත.

      Delete
    8. @නිදිගෙ පංච තන්තරේ September 30, 2021 at 6:20 PM

      ඔය වගේම 130 වැනි චීන ආනයන - අපනයන ප්‍රදර්ශනය හෙවත් 'කැන්ටන්' ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 15 වැනිදා චීනයේ ග්වෑංඩ්ශූ (ඝුඅන්ග්zහොඌ නගරයේ දී ආරම්භ වීමට නියමිතයි.

      “ජාත්‍යන්තර හා දේශීය සංසරණය” යන තේමාව යටතේ මාර්ගගත හා මාර්ගගත නොවන ලෙස පැවැත්වෙන ප්‍රදර්ශනයේ කාණ්ඩ 16ක් සඳහා ප්‍රදර්ශන කලාප 51ක් ස්ථාපිතව ඇති අතර දෙස් - විදෙස් උසස් තත්ත්වයේ සැපයුම්කරුවන් 25,000කට අධික සංඛ්‍යාවක් සහ විශාල ගැනුම්කරුවන් පිරිසක්ද ඊට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

      මෙවර කැන්ටන් ප්‍රදර්ශනය දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ද්විත්ව උපායන්ගෙන් සමන්විත වෙයි. ඒ අනුව රටවල් හා ප්‍රදේශ 40ක "මාර්‍ගගත ප්‍රවර්ධන" 52ක් ක්‍රියාත්මක කෙරේ.

      විදේශීය අරමුදල් සපයන ව්‍යවසායන් සහ දේශීය ගැණුම්කරුවන් ඇතුළු ප්‍රසම්පාදන නියෝජිතයන්ට මාර්‍ගගත ක්‍රමයෙන් බැහැරව ඊට සහභාගී වීමට ආරාධනා කර තිබේ.

      Delete
    9. විස්තරවලට ගොඩාක් ස්තුතියි.
      ඔබතුමා මහන්සිවී දිගු පිළිතුරක් දීම අගය කරනවා. (තරහ නැහැනෙ මට හිතෙන දේ කිව්වට). මගේ ගොන්කමටද මදා, මේ උත්තරයේ තියෙන ද්විත්ව උපාය- මාර්ගගත ක්‍රම වගේ විදග්ධ යෙදුම් එහෙම දකිනකොටම මගේ හිතේ උපදින්නේ සැක සංකා.

      Delete
    10. නිදී, ඒකෙ කිසි ගැටලුවක් නැහැ, මොකද ඕනෑම ක්‍රමවේදයක් පිළිබඳව අවබෝධය අඩුවුණාම එය කුමන්ත්‍රණයක් ලෙස දැකීම සාමාන්‍ය දෙයක්. ලංකාවේ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් විවිධ රජයන් විසින් අත්සන් තබා ඇති සියලු විදේශ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කළ යුතු බව මුදල් අමාත්‍යාංශය දැන් තීරණය කරල තියෙන්නේ.

      අපනයන වැඩි කර ගැනීමට වඩාත් ඵලදායි ලෙස විදේශ නිදහස් වෙළෙඳ ගිවිසුම් උපයෝගී කොට ගත යුතු බවත්, ඒවා කාලීන අවශ්‍යතා මත යාවත්කාලීන විය යුතු බවත් වෙළෙඳ ගිවිසුම්වලින් උපරිම වාසිදායක තත්වයක් අප රටට ලබා ගැනීමේ අරමුණින් මෙම ගිවිසුම් අප්ඩේට් කරන්න ඕනෑ;

      ලංකාව 1995 සිට ක්‍රියාත්මක කරන සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA), 2006 සිට ක්‍රියාත්මක දකුණු ආසියානු වෙළෙඳ වරණය (SAFTA), 2000 සිට ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA), 1975 සිට ක්‍රියාත්මක ආසියා - ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) හා තවත් ගිවිසුම් ගණනාවක් මේ අනුව Update කෙරේ.

      මීට අමතරව පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA), වෙළෙඳ වරණයක් පිළිබඳ පොදු ක්‍රමය (G.S.P.+), ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජපානයේ හා වෙනත් ජී.එස්.පී. යෝජනා ක්‍රමවල ද වෙනසක් අවශ්‍ය වී තිබේ.

      මේ වෙලාවේ මෙම ගිවිසුම් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආනයන අපනයන වෙළෙඳාමට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සියල්ල ඒකාබද්ධ කොට උසස් නිලධාරීන්ගෙන් සමන්විත විද්වත් තාක්ෂණික කමිටු ක්‍රියාත්මක කෙරේ.

      ලංකාවේ නිෂ්පාදන විවිධාංගීකරණය නොවීම, වරින් වර සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්කම්, කාර්ය පටිපාටි ප්‍රමාදයන්, බදු බාධා වැනි දේ නිසා ද්විපාර්ශ්වික හා කලාපීය නිදහස් වෙළෙඳ ගිවිසුම් මඟින් පරිපූර්ණ ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ අවස්ථා මඟහැරී ගොස් ඇත.

      ලංකාව එළැඹ ඇති ගිවිසුම්වල සඳහන් ඇතැම් කොන්දේසි දේශීය ව්‍යාපාර හා ව්‍යවසායකයින්ට අහිතකර නොවිය යුතු බව පොදු පිළිගැනීම වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන අපනයන ආදායම් වැඩි කරගත හැකි ලෙස මේ ගිවිසුම් යාවත්කාලීන කිරීමට ප්‍රථම ජාතික මට්ටමේ පිළිගත් අන්තර්ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට 2020 මුල ඉඳන්ම දැනටමත් කටයුතු රැසක් ක්‍රියාත්මකයි.

      ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ඔසොවා තැබූ ලංකාවේ ප්‍රමුඛතම කාබනික ආහාර සැකසුම් හා අපනයන ආයතනයක් වන CBL නැචුරල් ෆුඩ්ස් (පෞද්ගලික) සමාගම, සේවක අත්දැකීම් හා සේවා ස්ථාන සංස්කෘති ඇගයීම් කටයුතු කරන ගෝලීය ප්‍රමුඛයා වන Great Place to Work® මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ආසියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ, විශිෂ්ටතම සේවා ස්ථාන 100 අතරට එක්විමේ ඇගයීමේදී ආසියාතික රටවල් 16කට වැඩි ප්‍රමාණයකට අයත් ලක්ෂ පහක පමණ සේවක පිරිසකගේ අදහස් සැලකිල්ලට ගෙන තිබිණි. මේ ඇගයීම කර තිබුණේ ආසියානු කලාපයේ අදාළ රට තුළ විශිෂ්ටතම සේවා ස්ථාන ලෙස ජාතික මට්ටමේ ලැයිස්තුගත කිරීම්වලදී වසර දෙකක් පුරාවට ඉහළින්ම ශ්‍රේණිගත වීමට සමත් වූ ආයතන 200ක් සැලකිල්ලට ගනිමිනි. ඇගයීම අතරතුරදී විශ්වාසය, නවෝත්පාදනය, ආයතනික වටිනාකම් හා නායකත්වය යන අංශ කෙරෙහි සේවක අත්දැකීම්වලට මුල් තැනක් හිමිවිය. තවද ආයතන මඟින් සිය සේවා සංස්කෘතිය තුළ කිසිදු තරාතිරමක් නොබලා සියලු සේවකයන්ට සමානව සලකන, සමාන අවස්ථා හිමි කර දෙන For All™ සංකල්පය කොතෙක් දුරට භාවිත කර ඇතිද යන්නද ඇගයීමට ලක්විය. මේ ඇගයීම අවසානයේදී නිරූපණය වූ විශේෂ කරුණක් වූයේ, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 100 අතරට පැමිණි සමාගම්, තම තමන්ගේ රටවල් තුළ එම ලැයිස්තුවේ පෙරමුණේ සිටින සමාගම්වලට වඩා 10%ක පමණ වැඩි ඇගයුම් ලකුණු ප්‍රමාණයක් දිනාගෙන තිබීමය.

      Delete
  6. ආර්ථිකය සංවෘතද, විවෘතද නෙමේ ප්‍රශ්නෙ. කළමනාකරණයක්, විනිවිධ භාවයක් නැතිකම. ස' තනිකර පිස්සු කෙලිනවා. එකට හාමුදුරුවරු මක් කරන්නද?. හාමුදුරුවරු නැත්තන් සිංහලයට මෙහෙම රටකවත් ඉතුරු නෑ. එක හුඟ දෙනෙක්ට නොතේරෙන එකයි පුදුමේ

    ReplyDelete
    Replies
    1. නැහැ ඉයන් ඔය කියන ලබ්බේ දේශපාලනික හාමුදුරු සෙට් එක පහුගිය කාලේ රාජපක්ෂ කල්ලියේ දේශපාලන කටයුතු වෙනුවෙන් එදා වේල හම්බ කරගන්න කුලී වැඩ කළා. බැසිලා මුන් සෙට් එකට හොඳින් ගෙවීමට කටයුතු කළා. දැන් රාජපක්ෂ කල්ලියට උන්ගෙන් වැඩක් නැහැ. ලබ්බේ දේස ප්‍රේමේ ඡන්ද ගන්න විතරයි නේ. දැන් සමාජයේ දේස ප්‍රේමේ සිංහල ජාතිය, බෞද්ධ ජාතික ආගමික සංකල්ප මාකට් නෑ. ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාස ගේ ටෙලිපෝන් කබ්බෝ සෙට් එක සහ මාලිමා වහල් බයියො දේස ප්‍රේමේ අල්ලගෙන ඉන්නවා. චීවර ධාරී කාලකන්නි හොර හාල්පාරුවෝ හැත්ත දැන් ඒ පැත්තට සෙට් වෙලා එහෙන් ගාන කපා ගන්නවා. දැන් අලුත් තරුණ තරුණියන් අතර සහ මැද වයසේ මධ්‍යම පන්තියේ අයත් බොහෝ දෙනෙක් අතර මාකට් එක තියෙන්නේ ව්‍යාපාර හිතවාදී ව්‍යවසායකත්ව සංවර්ධනයට දායක වන ධනවාදී සමාජ ක්‍රමයකට. ඒක රාජපක්ෂ හොර රැල තේරුම් අරන් ඒ පැත්තේ මාකට් එක අල්ලන්න හදන්නේ. වියත් මග වගේ අලුත් කල්ලියක් ආයේ වෙනම සෙට් එකක් දාල ක්‍රියාත්මක කරයි තව ටික දවසකින්. අනිත් පැත්තෙන් ලංකාවේ සජිත් සහ ජෙප්පන්ගේ බලවේගයේ අය හැමදාම වැරදි නිලය අල්ලලා කෙළවගන්නව. ඒ ගැන කතා කරල වැඩක් නෑ.

      රනිල් වික්‍රමසිංහ මේ නවීන ප්‍රවණතාව ගැන සංවේදී බව පේනවා. නමුත් මෑන්ට හොඳින් සන්නිවේදන කුසලතාව තියෙන දක්ෂ ලෙස මාකටින් කළ හැකි ටීම් එකක් නෑ වටේ ඉන්න පැපොල් ඇට ලොන්ත මීහරක් වහන්සේලා එක්ක එක්සත් ජාතික පක්ෂයට ගමනක් යන්න බෑ. අලුතින් ප්‍රතිසංවිධානය කරල අලුත්ම ආකර්ෂණීය තරුණ තරුණියන් ටීම් එකක් එක්ක ආවොත් චාන්ස් එකක් තියෙනවා හැබැයි.

      Delete
  7. පෝස්ටුවට හපන් මාගල් කොමෙන්ට්

    ReplyDelete
  8. මේ අවුරුද්දේ අගෝස්තු 31 තෙක් තෙල් සංස්ථාවට රු. බිලියන හැත්තෑවක අලාභයක් සිදුව ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල කියන්නෑ ඩොලරයේ අගය ඉහල යාම සමගම ලෝක වෙළඳපොළෙන් ඉන්ධන ආනයන වියදම දිගින් දිගටම ඉහළ යෑම මහත් ව්‍යසනයක් බවත් මෙය තවදුරටත් දරා ගත නොහැකි නිසා එය ජනතාවට භාර දීමට සිදුවන බවක්.

    මේ ගැන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙහෙම කියනන්වා;

    "යමක් 108 වතාවක් ජප කලොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත්‍රිවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයයෙන් බවයි පේන්නේ. විපක්ෂයට අවංකවම ප්‍රශ්ණයක් තියෙනවා. රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධන. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිගයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිටනම් පේන්නේ.

    ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත්, ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත්, මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත්, පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පල කලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාසේලාගේම මාධ්‍ය වල පරන ප්‍රවෘත්ති වලට ගිහින් බැලුවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉදලයි. එහෙම එකක් වුනේ නැහැ. එහෙම නොවෙන තත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

    ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැම්මේ ඉන්ධන හිඟය ඇති වීම මග හැරීමට බවටත් සමහරු කියනවා.ඔක්තෝම්බර් 1 දා දක්වා රට වහන්න කියන ඉල්ලීම කලේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වෛද්‍ය විද්‍යාත්මකව කරුණු දක්වමින්. ඒ පිළිබදව කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගැඹුරින් සලකා බලලා ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දැමිය යුතුයැයි තීන්දු කලා. ඔක්තෝම්බර් 1 දා දක්වා රට වසා දමන්නැයි ඉල්ලීමක් කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මම කිසිම බලපෑමක් කලේ නෑ කියලා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රට වහන්නට කලින් විපක්ෂයේ ප්‍රධානතම සටන් පාඨය වුනෙත් රට වහන්න කියන එකයි. විපක්ෂය විසින් දිගින් දිගටම රට වසා දමන්නැයි ආණ්ඩුවට බලපෑම් කලෙත් ඉන්ධන හිඟය ඇතිවීම වැලැක්වීමට දැයි අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා රට වැසීම පිලිබඳ කාකතාලිය න්‍යායෙන් බොරු ඇද බාන්න එපා කියා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා."

    ReplyDelete
    Replies
    1. "පසුගිය මාස වල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ පෑවාත් සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කල නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ. සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් අපට ලබා දීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛණිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදුවන්නේ නෑ කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

      ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මම පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ ඛනිජතෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අපේ රටේ තිබෙන විදේශ විණිමය අර්බූදය නිසා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ස්ථාවර ණය පහසුකමක් ඉල්ලුවා. ඉන්දියාව ඒක අනුමත කලා. අපේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක අනුමත කලාම දෙසැම්බර් මාසයේ සිට ඩිසල් ගේන්න ඒ පහසුකම භාවිතා කරන්න පුළුවන්.

      ඛනිජතෙල් සංස්ථාව දිගු කාලයක් තිස්සේ එකම සැපයුම්කරුවන් පිරිසකගෙන් ඛනිජතෙල් මිල දී ගන්නවා කියා චෝදනාවක් තිබුණු නිසා අපි කොන්දේසි ලිහිල් කරලා අළුත් සැපයුම්කරුවන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාව සැලැස්සුවා. එහෙම ආපු අළුත් සැපයුම්කරුවෙකු බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය දිනා ගෙන නිසි දිනට ලබා දීමේ දුෂ්කරතාවයක් තිබෙන බව දැනුම් දුන්නා. අපි ඒකට විකල්ප වැඩපිලිවෙලක් යෙදුවා. බොරතෙල් වල එකම පාරිභෝගිකයා ඛනිජ තෙල් සංස්ථාව නිසා බොර තෙල් හිඟයක් ඇති වුනත් එයට ජනතාව කලබල විය යුතු නෑ. එමෙන්ම එවැනි හිඟයක් ඇති නොවන බවට අප වගබලා ගෙන තියෙනවා.

      මේ දිනවල එංගලන්තයේ නම් පෙට්‍රල් හිඟයක් තිබෙනවා. ඒ වගේම ඩීසල් හිඟය නිසා දින ගණනාවක් ලෙබනනයේ වාහන ගමනාගමනය නැවතුණා විතරක් නොවේ, රටම අඳුරේ ඉන්න සිදුවුණා විදුලිය නිපදාවා ගන්න බැරුව. මෑතකදී ස්වර්ගස්ත වූ සුනිල් පෙරේරා මැතිතුමා ජීවතුන් අතර සිටියා නම් කියයි “එංගලන්තේ එංගලන්තේ.. එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ” කියා.

      පසුගිය දිනවල මමත් අමාත්‍යාංශ ලේකම් තුමියත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාත් විදේශ සංචාරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අසර්බයිජාන් සහ ඉරානය යන රටවල බලශක්ති ඇමතිවරු හමුවෙලා අපේ රටේ තෙල් ගවේශනයට පැමිණෙන මෙන් ආරාධනා කලා. ඒ වගේම ගෑස් ටෙක් සමුළුවේදී අපි අදහස් දක්වලා ඛනිජතෙල් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන එක්සොන් මොබිල් වැනි සමාගම් සමගත් ලංකාවේ තෙල් ගවේශනය පිලිබඳ සාකච්ඡා කලා. ඒ නිසා මේ වසර අග දී අප බලාපොරොත්තු වෙන ඛනිජතෙල් ගවේශනයට ලංසු කැඳවීමේ දී සාර්ථක ප්‍රතිඵල දකින්නට පුළුවන් වේවි කියලා අපට දැන් විශ්වාසයක් තියෙනවා."

      මූ මේ කියන කතා ඇත්තද?

      Delete
  9. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන සිටින සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේද සමීප හිතවතෙක් වන රිෂාඩ් බදුයුදීන් කේරලයෙ අන්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව කේරළ පොලිසිය සහ බුද්ධි කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව The New Indian Express පුවත් පත අනාවරණය කර තිබේ.

    ජවිපෙ ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රාහකයෙක් වන ඊබ්‍රාහීම් හජ්ජියාර් සමග 2009 වසරේදි කේරළයේ Kasaragod ප්‍රදේශයේ සංචාරය කර ඇති රීෂාඩ් එහිදි ආගමික නායකයන් සමග සබඳතාවයන් පවත්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි නෑ. පසුව 2015 වසරේදි රීෂාඩ් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටියදී චෙන්නායි හි ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ කේරළයේ Kasaragod ප්‍රදේශයේද සංචාරයක නිරත වි ඇති අතර රීෂාඩ්ගේ පියාද කසරාගොඩ පද්නා (Padna)හී පදිංචිකරුවෙකු වේ.

    රීෂාඩ්ගේ පියාද එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ 2016 - 2018 කාලයේ සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේන අතර බුද්ධි කාර්යාංශය සහ ජාතික විමර්ශන ඒජන්සිය (එන්.අයි.ඒ) 2019 ජුනි මාසයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග සබඳතාවයන් පවත්වා තිබේන බව අනාවරණය කරගෙන තිබේ.

    අයී එස්ස් සංවිධානයට බැඳීම සඳහා 2016 දී සිරියාව බලා පිටත්ව ගිය පද්නා නුවර සිට පැමිණි තරුණ මුස්ලිම් පවුල් 175 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණයක් සහ රීෂාඩ් බදුයුදීන් සමඟ කසරගොඩ් ප්‍රදේශයේ සම්බන්ධතාවය සවිස්තරාත්මකව සොයා බලන බව ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් පවසයි. සිරියාව බලා පිටත්ව ගිය කණ්ඩායමේ 313 දෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික තව්හීඩ් ජමාත් වෙත ගොස් ඇති අතර එහිදී ඔවුන් සිරියාවට යාමට පෙර ලංකාවේ ආගමික පුහුණුව ලබා ඇති බවද අනාවරණය වී තිබේ.

    කේරළ ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ලොක්නාත් බෙහෙරා අදාළ විමර්ශන සම්බන්ධයෙන් කියා සිටියේ

    “Kerala police will be looking into the links of arrested Sri Lankan political leader in Kerala to confirm the reports,” යනුවෙනි.

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා සහඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන මේ වනවිට ප්‍රශ්ණ කරමින් සිටි. බදුයුදීන් සහෝදරයන්ගෙන් ජාතික ආරක්ෂාවට වු හානිය පිළිබඳව දැනගත යුතු කරුණු රැසක් තිබේ.එම කරුණු දැනගත යුත්තේ 2019 අප්‍රියෙල් 21 ප්‍රහාරයේ තොරතුරු අනාවරණය කර ගැනිම සදහාම පමණක් නොවේ අනාගත ප්‍රහාරයන් වලක්වා ගැනිම සදහාත් ය.

    මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ, ජවිපෙ දේශපාලන ක්‍රියාකාරීන් සහ ආගමික කණ්ඩායම් රැසක් අද දහවල් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා, ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ නායකත්වයෙන්.

    සුදු වෑන්,කිඹුලන් වැනි අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සහ බිලියන ගණනක අති විශාල බෙහෙත් මිලදී ගැනීමේදී කල බරපතල මූල්‍ය වංචාවක් සදහා මේ වනවිට අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දි සිටින රාජිත සේනාරත්න මහතා අල්ලාගෙන සිටි සටන් පාඨයේ සදහන්ව තිබුනේ. “සුළුජාතින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිමු” යනුවෙනි.

    "රීෂඩ් අත් අඩංගුවට ගෙන ඇත්තේ සාක්ෂි මත පදනම්වය. දැන් කෙරෙමින් ඇත්තේ එම සාක්ෂී හරහා විමර්ෂණ සිදු කිරිමය. එය පොතේ ඇති නීතියට අනුව සිදුවෙමින් තිබේ.අ නිත් අතට අත් අඩංගුවට ගැනිමට හෝ විමර්ශනය කිරිමට සුළු හෝ මහ යන ජාතියක් අවශ්‍ය නොවන බව රාජිතට කියා දිය යුතු" බව රජයේ අදහසයි.

    "එදා අප්‍රියෙල් 21 පල්ලියට ආ මිනිසුන් මේ රටේ කොටසක් ඉල්ලා සිටියේ නැත. ඇමතිකම් ඉල්ලා සිටියේ නැත.දේශපාලනය කිරිමට නිදහස් ඉල්ලා සිටියේ නැත. ඔහුන් පල්ලියට ආවේ තමන්ගේ අපේක්ෂාවන් ඉටු කිරිමටය.නමුත් ඔහුන් ඝාතනයට ලක්විය. දැන් වසර දෙකක් ගතවි තිබේ. පරික්ෂණ උපරිමයට යමින් තිබේ. වැරදිකරුවන් එකා දෙන්නා හසුවෙමින් තිබේ. ඔහුන් ඇත්තටම වැරදිකරුවන් බව හරින්, සජිත් රාජිත දගලන තරම අනුව තෙරුම් ගැනිමද අපහසු නැති බව" ද මේ ගැන රජයේ පාර්ශ්වයේ අදහසයි.

    ReplyDelete
  10. මාතා, 2005 සිට 2014 දක්වා පැවති ත්‍රාඩපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ ලොවෙත් නැති ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන ලබ්බවල් නිසාවත් හොරකම හා දූෂණය නිසාවත් නොව, එදිනෙදා ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසා පමනකි. අර බහුබූත විපක්ෂයට කඩේ ගිය අමු කාලකණ්ණින්ගේ වැල් බයිලා පමණකි. ත්‍රාඩපක්ෂ ගජ මිතුරු ලුම්පන් මෝරුන්ගේ කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙළවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැස්වන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. 2014 විතර 6% සරසවි ගුරු හොර හැත්ත සමග පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස සිරාගෙන් බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව බිලියන ගණනින් ඉහගෙනම හොරා කන්නට බව අද ඔප්පු වෙලා අහවරයී)

    2015 රට හදන්නට කියලා අපව අන්දලා බලයට ආ මීහරක් ආ හැත්ත 2015 - 2019 කාලයේ කළේ කුමක්ද කියා අද වන විටත් නොතේරෙන ගොනෙක් ඉන්නවා නම්, ඌ අමුම අමු මැටි මී හරකෙක් විනා වෙන මොකෙක්වත් නොවන්නේය. රනිල් හා සැටලයිට් නෝනා නටන්න ගිය සෙල්ලම හොඳින්ම අවබෝධ කොට ගත් සිරිසේන, මේ ගේම අත ඇරියේ නැතිය. ගේමට මුහුණ දීම සඳහා රනිල්/සැටලයිට් පන්තිය හා සිවිල් බුවාලාට එදිරි සෑම කෙනෙක්ම සිරිසේන ඉතා ආසාවෙන් වැළඳ ගත්තේය.

    දැන් සිඳු වූ සිද්ධි දාමයවත් වැඩක් නැත, නමුත් 2015 ජනපතිවරණ දේශපාලන වේදිකාවේත් නොගැසූ පරිදි, 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රනය වෙලාවේ සිරිසේන වෙත දමා ගැසූ මඩ කන්දරාව මතක නම් එපමණක් වුව ප්‍රමාණවත්.

    2015 වේදීකාවේ සිරිසේනට මඩ ගැසූ උන්ගේ ප්‍රධාන ප්‍රහාරයන් වලින් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ, සිරිසේන පෙන්දෙකු මෙන්ම රාජ්‍ය නායකත්වයට නුසුදුසු, පෞර්ෂයක් නොමැති පුද්ගලයකු යැයි කියනා එකය. ඒ හැර ඔහුගේ පෞද්ගලිකත්වයට එල්ලවූ චෝදනවා වන් වූයේ හොර අඹුවක් පිළිබඳ ගොසිප් එක පමණය.

    එහෙත් 2018 ඔක්තෝබර් විප්ලවයෙන් පසු මෙන් ඔහුගේ ජන්මය ගැනවත්, ඔහුගේ පවුල් පසුබිම පිළිබඳවත්, ඔහුගේ හැසිරීම පිළිබඳවත්, ඔහුගේ ඉන්ගිලිස් නොලේජ් එක පිළිබඳවවත්, ඔහුගේ උගත් කම පිළිබදවවත්, ඔහු කළ රැකියාවන් පිළිබඳවවත්, ඔහුගේ දරුවන් කෙරේවත් කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට, එජාපයේ ගොබ්බ අලීන්ට වඩා මුඛරි බවෙන් අනූන ත්‍රාඩපක්ෂ කල්ලියේ මඩ කරියන් වත් එදා පෙලඹුනේ නැතිය. එදා ඔය මඩ ගසනා මේ සියල්ලන්ගේම සුපර් මෑන්ද, ඉස්පයිඩර් මෑන්ද, මෑන් ඔෆ් ද මැච්ද වූයේ පොලොන්නරුවේ ගමරාළය.

    එහෙත් අවුරුදු හතරකට කිට්ටු කාළයක් කිසිවක්ම රටට නොකොට, "රාජපක්ෂ ජීවිත" ගත කරන්නට ගිය ගොබ්බ අලින්ට කෙළ වූවාට පසු, වැදගත් දේශපාලකයෙක් යැයි තමන්ම තමු හඳුන්වාගත් මංගල නමැති අභාවප්‍රාප්ත මඩ කැප්ටන් රටේ නායකයා හැඳින්වූයේ "පර බල්ලෙකු" ලෙසය. ඒ තමන්ගේ ආතල් කුඩු වූ නිසාවෙන්මය.

    ඔවුන් සිතුවේ සිරිසේන නොම්මර එකේ මෝඩයෙක් යැයි කියලාය. ඔවුන් උත්සාහ කළේ සිරිසේනගේ තටු කපා දමමින්, අප රටට කිසිඳු උදව්වක් උපකාරයක් නොකරන, බටහිර බලවේග හා දෙමළ දේශපාලුවන්ට අවශ්‍යව තිබෙනා, න්‍යායපත්‍රය ටිකෙන් ටික ක්‍රියාත්මක කිරීමය.

    කිසියම්ම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදි කැටගරියට නොවැටෙනා දූෂිත හොර උගුලක් වූ 19 වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ගෙන එන අවුරුදු 4 ක් හා මාස 6 ක් යන තෙක් ආන්ඩුව විසිරුවා හැරීමේ බලය, ජනපතිගෙන ඉවත් කිරීමේ යෝජනවා සම්මත කර ගත්තේ, සිරිසේනට කෙලීමටත්, තමන්ට ආතල් ගැනීමටත් බව හොඳින්ම වැටහෙන්නේ, තමන් බලයට පැමිණි දිනක අවශ්‍ය නම් එහෙම එකක් නැතයි කියා ඔප්පු කිරීමටද ව්‍යවස්ථාවේම තුලම ඉඩ කඩ සලසා දී තිබෙනා නිසාවෙන්මය.

    සිරිසේනගේ සදාචාරය ප්‍රශ්ණ කළ අමු මී හරකුන්ගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ, මේන් මේ වගන්තිය කැඩුවේ කොහොමද කියනා එකය. මහ මැතිවරණ වලට මුදල් නාස්ති කරන්නේ කෙසේද කියනා එකය. එහෙම නම් හැමදාම මැතිවරණ තියන්න් ඕනාද කියනා එකය. රටට ජනතාවට මෙලෝ හසරක් නොකර තමන්ගේ ආතල් වලට පමණක් සියළු මුදල් භාවිතා කරමින් රාජපක්ෂ පන්නයේ පාලනයක්ම ගෙන යන්නේ නම්, උන් රාජපක්ෂලා නොව වික්‍රමසිංහලා වූවත් අනිවාර්යයෙන් එලවා දැමිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණයෙන් දමා ගසනා, ලෝකය ගැන අබ මල් රේනුවක දැණීමක් නැති සියල්ල දත් කියා සිතා රඹ ටෝක් ඉෂූ කරනා පොල් බූරුවන්ට කීමට ඇත්තේ, මෑත ඉතිහාසයේ ජපානය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තයේම මැතිවරණ ගැන විපරමක් කරපල්ලා කියනා එකය. අනෙක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය.

      එයට ව්‍යවස්ථාව ප්‍රතිපාදන නැත්නම්, අලුතෙන් නීතී පනවා හෝ ඔවුන් එලවා දැමිය යුතුමය. තමන්ට වසර දෙකක් තිබෙද්දි මහින්ද ජනපතිවරණයකට යන්නේත් මේ නිසාමය. තම රජය ජනතාව අතර අප්පිරිය වී ඇති බව තමන්ට හොඳින් වැටහුන නිසාවෙන්මය. ඒ අනුව ජනාධිපති වරයා කර ඇත්තේ සධාචාර නොවූවත් ඉතාම නිවැරදි ක්‍රියාවක්ය.

      ප්‍රජාතන්ත්‍රවාදය ගැන රඹ ටෝක් දෙන ජෙප්පෝ, 2018 ඔක්තෝබර් 23 වනදා පක්ෂයේ සියල්ලෝම කොටුව ඉට්ටේසම ඉදිරයට ගෙනවිත් සිරිසේනට කිව්වේ, කිසිවක්ම නොකරන, රට විකුණන, පට්ට ෆේල් ආන්ඩුව ගෙදර අරින්නෙයි කියලාය. එහෙම කියපු උන් ගෙන් 2018 ඔක්තෝබර් 28න් පසුව කතා කළේ පුකෙන්ද කියා ජෙප්පන්ගෙන් අහන්න වෙන්නේ, බොහෝම කනගාටුවෙන්ය.

      සමාජයේ ඉහළම ස්ථරයේ සිට පාදඩම පන්තිය දක්වා පිරිස් අතරින් සිරිසේනගේ පෞද්ගලිකත්වයට පහර ගහන පිරිස හොඳින් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ, මේ පිරිසම ප්‍රේමදාස මහතාටත් මෙලෙසම පහර ගැසූ පුද්ගලයන් බවත්, ඔවුන් සමාජයේ නියෝජනය කරන්නේ සිරිසේනගේ හා ප්‍රේමදාසගේ පන්තිය බවත්ය.

      මහා ළොකු සභ්‍යත්වයක් සදාචාරයක් කතා කරනා මිනිසුන් කිසි දිනෙක තවත් මිනිසෙකුට ගරහන්නේ නැතිය. පරිභව කරන්නේ නැතිය. එය සිරිසේන පර බල්ලෙකුට උපමා කිරීමේ සිට අනෝමා ජනාදරීගේ නිරුවත ගැනත්, ප්‍රේමදාස අඩු කුළේ ලැවරියා කාරයෙක් බවටත්, සිරිසේන නූගත් ඉන්ගිලිසි බැරි ග්‍රාමසේවකයකු දක්වාත් විහිදි යන්නේය.

      මහින්ද යටතේ ජීවත් වීම වැඩවසම් පාලනයක් ලෙස හඳුන්වනා මොවුන්, රනිල්ලා යටතේ ජීවත් වීම සලකන්නේ ආඩම්බරයක් ලෙසය. එයට හේතුව ටොයි මානසිකත්වය හැර වෙන කිසිවක් නොවේය. උන් හිතන්නේ, ටයි කෝට් ඇද, රෙස්ටුරන්ට් වල කා, තමන්ට ඕනෑම දෙයක් කර, ඉහළ පන්තියේ උන් ගැවසෙන තැන්වල බඩට නොකා, වින්ඩෝ ෂොපින් කර, එය පොතක් මගින් හෝ චිත්තරපටියක් මගින් හෝ නාට්ටියක් මගින් හෝ අඩුම තරම ෆේස් බුක් එකේ හෝ දමා, අපි මාර රැඩිකල් ඩෝ අපි ඇවිල්ලා ටොයියෝ කියා පෙන්වීමය.

      මුන්ට රනිල්ලාට සැටලයිට්ලාට වාගේ ඉන්ගිරිසියෙන් හිතා නියමාකාරයෙන් කඩ්ඩ වැනීමටත් බැරිය. ඒ නිසා සිරිසේනගේ දෙපැත්ත කැපෙන කඩුවෙන් වැනුවාම, මුන් කෑළී කෑළී වලට කැපිලා යනවාය.

      ඇත්තම කතාව නම් රනිල්/සැටලයිට් සමාජයට ගොඩ වීමට, රටේ ජනපතිවරුන් වූ සිරිසේන හා ප්‍රේමදාසලාටවත් නොහැකි බවය. එය ඈත අතීතයේ සිට පැවතෙනා උරුමයක්ම පමණි. ඇත්තටම මාතලන් මුන් හඳුන්වන්නේ "පුකේ රැඩිකල්" කාරයෝ කියලාය. උන්ට කොල්ලෙක් පුක එලියේ දමා බුකියේ පොටෝ දැමීමත් මාරම රැඩිකල්ය. උන් දෙන්නාගේ පුක නැති වෙන කොට අර රැඩිකල් කස්ටියගේ පුකත් නැතිය. උන් පැත්ත පලාතේත් නැතිය.

      සිරිසේනට ඉතාම තුච්ඡ ලෙස මඩ ප්‍රහාර එල්ල කරන්නේ, මෙන්න මේ ටොයි ෆැන්ටසියේ ජීවත් වූ නොම්මර එකේ අලි බයියන්ය. උන්, උන්ගේ වෙඩින් දවසේ හෝ හතර අතේ ණයවී, තරු පහේ හෝටලයකින් කා, කුලී ලිමෝසියෙන් හනිමූන් ගොස්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් රට සවාරි ගසා, අපි ඇවිල්ලා මාර ටොයියෝ කියා කියනා නොම්මර එකේ බයි හිඟන්නන්ය. සිරිසේන හා පවුල ඉහළ සමාජයේ කිසියම්ම හෝ දෙයක් ලබා ගැනීම, මේ අලි බයියන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනා කාරණයක් බවට පත් වෙලා තියෙනවාය.

      අනෙක් පිරිස ආර්ථික වශයෙන් ශක්තිමත් වූවත්, තමා කුඩා කළ විඳි දුක්බර කර්කෂ දරිද්‍රතාවයෙන් පිරි කාළකන්නි ජීවිත වලට වෛර කරනා, මානසික අර්බුධවලින් හෙබි පුද්ගලයෝය. සිරිසේනගේ එදා ජීවිතය යලි ඉස්මතු කරමින් පහර ගසන පිරිස අතර මොවුන්ද ඉදිරියෙන්ම ඉන්නේය. අනෙක් පිරිස මක්කුන්ද කියා ගාමිනි වියන්ගොඩ, සරත් විජේසූරිය හා දඹර අමිල හිමි දීලා තිබෙන ගේම් වලින් යස අගට පෙනෙන්නේය.

      සිරිසේන පිස්සෙක් කියනා මුන් සියල්ලන්ටම පුකේ ඉදන් පිස්සුය.

      මේ සියල්ලන්ටම මළ පැන ඇත්තේ තමන්ගේ ෆැන්ටසි කුඩු වූ නිසාය.

      සිරිසේන සාමාන්‍ය පන්තියේ මිනිසෙකි. මහා විප්ලව තුලින් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීමය. ඉදින් සිරිසෙන වැනි පුද්ගලයකුට විධායක බලය හෙවත් රජකම ලැබීම ගැන 2015 දී සේම අදටත් අප ආදම්බර විය යුතු දෙයක්මය.

      ඔහු පිස්සු කෙලියේ නම් දේශපාලන වශයෙන් ගත හැකිව තිබූ හොඳම තීරණය වූයේ, විපක්ෂයේද සහාය ලබා ගෙන දෝශාභියෝගයක් තුලින් ඔහු ඉවත් කිරීමය. එහෙත් දේශපාලන නූල් සූත්තර වල ජේ ආර් ප්‍රේමදාස හා මහින්දටත් එහා ගිය මෛත්‍රිපාල සිරිසේන, අර සුපිරි පන්තිය පරදා ජග ගත්තේය.

      Delete
  11. ගොන් බූරුතන්,

    නන්දසේනයා කබරරාලය සහ විපත් මග (පස්සෙ ගස් කපපු කියත් මග හහ් හහ් හා) වගේ කබ්බන් සමග එකතුවෙලා 2019 ඡන්දේ කාලේ ටෝක්ස් ඉශූ කළා නේද බන්?

    සව් බාගේ කයිය සහ පඩ ගඳ එක්ක දාපු මොකද මේවාට වුණේ?

    //සෞභාග්‍යයේ දැක්ම තුළින් නව ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යාංශයක් හරහා කර්මාන්තවලින් පොහොසත් රටක්

    'අපනයන ඉහළ නැංවීම, නව තාක්ෂණ සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර භාවිතයන් වැඩිදියුණු මගින් දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය වටිනාකම් දාමයන්හී ප්‍රධාන අංශ සමග සම්බන්ධ කිරීමට ඉවහල් වේ.'

    ඉදිරි පස් වසර තුළ 2020 -25 ඉලක්ක:

    01. වසර 2020 සිට 2025 දක්වා නව ආයෝජන තුළින් වාර්ෂිකව නව රැකියා 200,000 ක් උත්පාදනය. (පස් වසරක් තුළ රැකියා ලක්ෂ දහයක්)

    02. වසර 2025 වන විට වාර්ෂික දේශීය ආයෝජන ප්‍රමාණය US$ බිලියන 7 ක් බවට පත්කිරීම

    03. වසර 2025 වන විට වාර්ෂික විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය US$ බිලියන 7 ක් බවට පත්කිරීම.

    04. වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය (Ease of doing Business Index) පිළිබඳ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.

    05. වසර 2022 වන විට ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ (Global Competitiveness Index) ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාවේ ස්ථානය 85 සිට 45 දක්වා ඉහළ නැංවීම.//

    මේවාට දැන් මොකෝ වෙන්නේ? ඔරකල් ඩේටා බේස් එකෙන් බලල වත් කියපිය බලන්න.

    ReplyDelete
  12. ත්‍රාඩ පක්ෂ බ්‍රෝකර් සමාගමේ හොර බැසිලයි නන්දෙයි එකසිය ගානට රට විකුණනවා නේද? අදත් ඔන්න අල්ලපු රටේ ජාවාරම්කාර ආදානිට කොළඹ වරායේ බටහිර ජැටිය විකුණලා ඩොලර් මිලියන් 700 ක් අරගෙන, කොමිස් එක ඩොලර් මිලියන් 300 ක් වත් ඇති නේද? නොදකින් ලංකාවේ මිනිස්සුන්ට පය ගහන්නවත් ඉඩක් තියන එකක් නෑ මුලු රටම විකුණල තමයි පස්ස බලන්නේ මුන් නම්?

    https://www.thehindu.com/business/adani-signs-700-mn-deal-for-lanka-port/article36764414.ece

    ReplyDelete
  13. ලංකාවේ ආර්ථික අභිවෘද්ධි සැලැස්ම නිවාඩ් කබ්රාල් විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් පළවෙනිදා ඉදිරිපත් කළා.

    CBSL එකේදී එළිදැක්වීම සිදුකළ අතර අත්‍යාවශ්‍ය නොවන ආනයන සඳහා පනවා තිබූ සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය වහාම අහෝසි කිරීම, ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩු කිරීම, දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රකාශ කළා.

    මූලික වශයෙන්ම මේවායි.

    1. ලංකාව බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ද්‍රවශීලතාවය වැඩි කිරීම.

    2. විනිමය අනුපාතිකය පිළිබඳ සහතිකයක් ලබා දී රුපියල් වටිනාකම මගින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජනය ප්‍රවර්ධනය කිරීම.

    3. අත්‍යාවශ්‍ය ලෙස රුපියල් බවට පරිවර්තනය කිරීමට සිදුවන ඒ ක්‍රියාමාර්ගය දියත් කිරීම.

    4. අපනයන සඳහා බදු සහන – “රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත්වෙන්නේ ඒ අපනයනය අන්තිමටම රැපියල් බවට පත් වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දීම, සාමාන්‍යෙන් බදු ගෙවන්නේ සියයට 28 නම් එය සියයට 14 බවට පත්කරන්නේ ඒ පදනම මත.“

    5. දැනට ලබා දී තිබෙන ණය පමා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ඉදිරිපත් වීම.

    6. Parate execution වලින් දේපළ පවරා ගැනීම සහ වාහන පවරා ගැනීම ඊළඟ මාස 06 තුළ දී නැවැත්වීමට බැංකු සහා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග ලබා දීම.

    7. වසංගතය ඔස්සේ ව්‍යාපාරවලට වී ඇති හානිය දුරුකිරීම සඳහා ණය වැඩිපුර ගෙවීමට ඇති තැන්වල දී, ණය ගෙවීමට අපහසු වෙන තැන්වල දී, ණය ප්‍රමාද කිරීම වෙනුවෙන් සහනයක් ලබා දීමට රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීම.

    CONT'D

    ReplyDelete
    Replies
    1. 8. දැනට පිටරටවල්වලට යන අයට තමන්ගේ මුදල් ගෙනයාමට දී තිබෙන සහන ජනවාරි 01 සිට දිගටම ලබා දීම. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මුදල් ලබා දීම.

      අත්‍යාවශ්‍ය නොවන, හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

      2022 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් ස්ථාපිත කිරීම.

      සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම් අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම සහ පරිවර්තනය කිරීම සහතික කිරීම.

      කල්පිරෙන ණය ගැනීම සහ සෑම අවස්ථාවක දීම ණය නොවන මූලාශ්‍ර හරහා ලැබෙන නව ලැබීම් මගින් පියවීම.

      වෙළෙඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරයන් හි සමස්ත නිකුතුව ආපසු මිල දී ගැනීම සඳහා සලකා බැලීම.

      ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයකට අඩුකිරීම.

      ස්වෛරීය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගැනීම.

      නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම.

      මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර 27 ක් අද සිට නැවත ලබා දීම.

      Delete
  14. අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන පැවති සාකච්ඡාවකදී මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා බරපතල ලෙස මෙතරම් කඩා වැටීමකට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා නොව නූතන රාජපක්ෂ රෙජීමයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මීට කලින් 2015 - 2019 කාලයේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන පැමිණි ඉතාමත්ම ශක්තිමත් බලවත් වේගවත් ආර්ථික සංවර්ධනයක් සහිත ප්‍රබල ආර්ථික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ගේ නොමේරු නොතේරුම්කම් නිසා මෝඩ තීන්දු තීරණ ගැනීමත් නිසා වෙනස් කරපු නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විස්තර කළා.

    මේ ආකාරයටම කටයුතු කළහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න තරමට මුදල් නොමැති තරමට රටේ ආර්ථිකය ඉතාමත් බරපතළ ලෙස කඩාවැටෙනු ඇතැයිද ඔහු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළා.

    වර්තමානයේ ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙර සිට බවත් එය ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

    ලෝකයේ වෙනත් රටවලට ඇත්තේ කොරෝනා නිසා ඇතිවුණු අර්බුදය පමණක්වත් අපේ රටට කොරෝනා නිසා පැමිණි අර්බුදය සහ ඊටත් වඩා භයානක විදියට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කරගත් බරපතල ආර්ථික අර්බුදය යන දෙකම ඇතැයිද ඔහු එහිදී පැවැසීය.

    කොරෝනා වසංගතය නිසා ලෝකයේ කිසිදු රටක විදේශ සංචිත පහළ වැටී නැති නමුත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නේපාලයටත් වඩා පහළ බැස ඇතැයි ද ඉදිරියේදී සිම්බාබ්වේ ඉතියෝපියා වැනි බරපතල ආර්ථික ව්‍යසනයක් අතළඟ බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි අයි එම් එෆ් ආයතනයේ අධීක්ෂණය යටතේ ණය මුදලක් ලබා ගෙන එම ආයතනයේ ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් පමණක් ඉතා අසීරුවෙන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව මේ ගැන රනිල් වික්‍රමසිංහගේ අදහසයි. ඔබ මීට එකඟ වෙනවාද?

    ReplyDelete
  15. ළමාතං,

    මේ නිව්ස් එක දැක්කාද?

    https://economynext.com/sri-lanka-gets-800000-free-pfizer-vaccines-from-us-for-kids-86670/

    ලංකාවේ පොඩි ළමයින්ට ඇමරිකන් පෛයිසර වැක්සීන් ලක්ෂ අටක් දෙන්න ඇමරිකන් එක්සත් ජනපදය තීරණය කරල තියෙන්නේ මොකද? හැබැයි මේ ගැන ලංකාවේ විපක්ෂ කණ්ඩායම් කියන්නේ ආණ්ඩුව යුග දනව් ඇතුළු වටිනා රජයේ දේපල ඇමරිකන් කාරයින්ට විකුණලා ඩොලර් මිලියන හත්සිය පණහකට අක්කර හත්සීයක් එක්ක කොතලාවවල ඇමරිකන් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ කුමන්ත්‍රණය වැනි දේශ්ද්‍රෝහී වැඩ සඳහා ආණ්ඩුවට ඡන්දය දුන් කිසිම සාමාන්‍ය දැනීමක් හෝ සරල බුද්ධියක්වත් නැති මැටි මෝල් හැට නව ලක්ෂයක් උන්මාද බයියන් කියන මී ගව රැල අන්දවීමට දාන පොඩි ජිල්මාට් එකක් බවයි. මේක ඇත්තද බන් ළමාතං?

    ReplyDelete
  16. ඇත්තටම ලංකාවේ වී වගාකරුවන්, පාරිභෝගිකයන් සහ හාල්මෝල් ව්‍යාපාරිකයන් කියන හැමෝම ඉතාමත් සංවේදී වන හාල් මිල සහ පොහොර කියන ප්‍රධාන සාධක දෙක ලංකාවේ ආණ්ඩු බලයට පත්කළ එසේම බලයෙන් නෙරපා දැමූ ප්‍රධාන සාධක අතරට ගැනෙයි. වෙළෙඳ පොළේ සහල් මිල ගණන් ඉහළ යනවිට ඕනෑම රජයක ඉහමොළ රත්වෙන්නේ මේ හේතුවෙනි. ඉහළ මිල ගණන් යටතේ හෝ වෙළෙඳපොළේ සහල් මිලට ගත නොහැකි තත්ත්වයකට රට පත්වුවහොත් එය දරාගත නොහැකි අර්බුදයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ නිසා මිල කුමක් වුව ද වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වීම වැළැක්වීමට ඕනෑම රජයක් කටයුතු කරයි. සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමට රජය පෙළඹුණේ ඒ හේතුවෙන් බව සිතා ගැනීම අපහසු නැත.

    ඩඩ්ලි ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කළ මිල ගණන් අනුව ඉදිරියේදී සහල් මිල ඉහළ යන බව පැහැදිලියි. කෙසේ වුවද පාරිභෝගිකයන් සහ ගොවීන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන අයුරින් තමන් කටයුතු කරන බව ද සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට කිසිදු ඉඩක් නොතබන බවද එම සහල් මෝල් හිමියන්ගේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉදිරියේ දී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන් තීන්දු කරන මිලට සහල් මිලදී ගැනීමට සිදුවන බව යථාර්ථයයි.

    පහු ගිය කාලේ සති ගණනාවක් තිස්සේ ඇදීගිය සහල් මිල ප්‍රශ්නය එතැනින් අවසන් වනු ඇතැයි අපි විශ්වාස කරමු. සහල් නිෂ්පාදකයන්ගේ පාර්ශ්වයේ අදහස් සහ වුවමනා එපාකම් නොසලකා හරිමින් දේශපාලන වශයෙන් පමණක් තීන්දු ගැනීමේ ආදීනව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. සහල් මෝල් හිමියන්ට තම නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳපොළේ මිල තීරණය කිරීමට තිබෙන අයිතියට රජය අත්තනෝමතික ලෙස අභියෝග කිරීම අනවශ්‍ය ගැටලු‍වකට මග පෑදුවේය. රටක සියලු‍ නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමේ වගකීම රජය භාරගන්නේ නම් එවැනි රටක කිසිදු කර්මාන්තයක් වර්ධනය කර ගැනීමට ඉඩක් තිබිය නොහැක. රජය කළ යුත්තේ මිල පාලනය වැනි යල් පැනගිය ආර්ථික පරඬැල්වල එල්ලී සිටිම නොව වෙළෙඳුන් අයුතු ලාබ ලබා ගැනීමක් සිදුකරනවා නම් එය වළක්වා ගැනීමට මැදිහත් වීමය. වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇතිකිරීම මගින් ඕනෑම රජයකට පහසුවෙන් වෙළෙඳපොළ පාලනය කළ හැක.

    තමන් සිටිනතුරු හාල් ඇටයක් හෝ පිටරටින් ගෙන්වීමට ඉඩ නොතබන වැනි කතා කියමින් ඇතැම් ඇමැතිවරුන් පාර්ලිමේන්තුව තුළදීත් මාධ්‍ය ඔස්සේත් සිදුකළ ප්‍රකාශ හරසුන් බොල් ප්‍රකාශ බවට පත්ව තිබේ. මහපොළොවේ යථාර්ථය අමතක කර පාරිභෝගික ජනතාවගේ වීරයන් බවට පත්වීමට වෙර දරන එවැනි දේශපාලනඥයන් සරල ප්‍රශ්න පවා සංකීර්ණ ගැටලු‍ බවට පත්කරන බවට ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ. එහෙත් ලොකුම කරුමය වී ඇත්තේ ඒ ඉතිහාසය වෙනස් කොට නව පාලන ක්‍රමයකට යන බවට ශපථ කර ආණ්ඩුබලය ලබාගැනීමෙන් පසුවද ඇතැම් ඇමැතිවරුන් ඒ පරණ පාරේම යාමට උත්සාහ දැරීමය. වෙනස මෙයදැයි ප්‍රශ්න කරන තරමට මේ ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවද පෙන්වාදීම අවශ්‍යය.

    මේ වෙනකොට රාජපක්ෂ රජය තමන් යා යුතු ගමන්මග මුලින්ම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුකර ඇත්නම් ඒ මග ඔස්සේ යනවා හැර රජයේ මැති ඇමැතීන්ට වෙනත් විකල්පයක් නැත.

    ලංකාවේ ආණ්ඩුව සේරටම කලින් රටේ පැවැතිය යුත්තේ විවෘත ආර්ථික ක්‍රමයද?, සංවෘත ආර්ථික ක්‍රමයද? යන්න මුලින්ම හඳුනාගත යුතුය. යම් තාක් මිශ්‍ර ක්‍රමයක් යා හැකි වුවත් පූර්ණ වශෙයෙන් විවෘත, සංවෘත ක්‍රම දෙකට එක මගක යා නොහැක. රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය විවෘත වෙළෙඳපොළ ක්‍රමය නම් මිල පාලන ගැසට් නිකුත් කිරීම ඊට පටහැනි ක්‍රියාවකි. විවෘත ක්‍රමය යටතේ වෙළෙඳුන්ට කතා කර භාණ්ඩ මිල ගණන් අඩුකිරීම කළ නොහැකිය. මේ කිසිවක් පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව කට වචනයෙන් වෙළෙඳපොළ හැසිරවීමට තැත් කිරීම විහිලු‍වකි.

    මේ කුමන තත්ත්වයක් යටතේ වුවද වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙන්නේ බහුතර පාරිභෝගික පොදු මහජනතාවය. මෙහිදී තමන්ගේ නිෂ්පාදනවලින් මහජනතාව ගසා කමින් විශාල ලෙස ලාබ ගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ යුතුකමය. එය ඔවුන් අතින් ඉටු නොවන්නේ නම්වෙලඳ පොළ තවත් විවෘත කර තරන්ග්ගකාරීත්වය තුළින් අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමකි. සහල් වෙළෙඳුන් මාෆියාවක් ඇතිකර රටේ ජනතාව ගසා කන බවට චෝදනා නැගීමෙන් පමණක් ගැටලු‍ විසඳෙන්නේ නැත. සහල් මිල ප්‍රශ්නය විසඳී ගිය ආකාරය පෙන්වා දෙන්නේ එම කටුක යථාර්ථයයි.

    සැ.යු. - මේක එක රජයකට විතරක් නෙවෙයි සියළුම ආණ්ඩු සහ විපක්ෂයේ කිසිම සැලැස්මක් නැතුව බැන බැන ඉන්න අවස්ථාවාදීන්ටත් අදාළයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න