.

.

Oct 21, 2021

මාතලන්ගේ යූ බටේ

 


ටෙක්නොලජි කියන දේ මෙළෝ මළදානයක් නොදන්න මාතලන් You Tube එකේ පොඩි මොන්ටිසෝරි වැඩක් පටන් ගත්තා...


එතන කියවන පල්හෑලී බ්ලොග් එකේවත් පේස්බුක් එකේවත්  දාන්නේ නෑ...


ඒවා වෙනම ලියනවා...


එහෙනම් කස්ටිය එක්ක එතනට ගිහින් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සප් එකක් දෙන්න...

මේ අකුරු උඩ කෙටුවම එතනට යන්න පුලුවන්.null

ඉස්ධූතී... නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස්... හොඳේ !!!!!




48 comments:

  1. සුබ පැතුම් මගෙන් ජය වේවා වීඩියෝ එක බැලුවා, කමක් නැහැ ආරම්භය ඔය හොඳටම ඇති.

    ඒත් තව ටිකක් දියුණු කරලා ජනප්‍රිය කරලා ගනිමු අපි සප් එක දෙන්නම්.

    ReplyDelete
  2. මාතා උඹ තව ටිකක් හිතලා බලන්න ඕන ප්‍රධානතම කාරණාව තමයි වීඩියෝ එකේ අන්තර්ගතය සැලසුම් කිරීම. මේක විශේෂ වෙන හේතුව වෙන්නේ, එකක් ගොඩක් දෙනෙක් චැනල් එකක් පටන් ගන්නේ හරි අදහසක් නැතුව වීම. ඒ කියන්නේ ඔන්න චැනල් එක පටන් ගන්නවා ෂෙයාර් මාකට් ගැන කතා කරන්න. හැබැයි ටික දවසක් යනකොට ඔන්න බුදුදහම ගැනත් මේකේ කතා කරන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ට්‍රැවල් වීඩියෝ එකක් දෙකක් එහෙමත් එනවා. කොටින්ම කිවුවොත් යූටියුබ් අච්චාරුවක් තමයි ඉතුරු වෙන්නේ.

    අන්න ඒ නිසා අපි මුලින් හිතමු මොන වගේ අන්තර්ගතයක්ද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. වැදගත්ම දේ යූටියුබ් චැනල් එකෙන් ලබාදෙන්න ඕන තමන් හොඳටම දන්න, තමන්ට හොඳටම කරන්න පුළුවන් දෙයක්. ඔය අපි තමයි හොඳටම කළේ කියලා කියන්නේ අන්න ඒ වගේ, උදාහරණයක් විදියට ගත්තොත්, මළාට කඩදාසි මලක් හදලා නැති හාදයෙක් ආට් ඇන්ඩ් ක්‍රාෆ්ට් Vlog එකක් කරලා වැඩක් නෑ. හැබැයි එයාට ක්‍රියේටිව් රයිටින් පුළුවන් නම්, ක්‍රියේටිව් රයිටින් ගැන ආධුනිකයන්ට ටිප්ස් කියලා දුන්නත් කමක් නෑ. තව කෙනෙක්ට ඉතිහාසය ගැන දැනුමක් තියෙනවා නම්, එයාට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ දේකදී නිකම්ම කැමරාව ඉස්සරහා ඉඳන් කතා කරන එක ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ග්‍රැෆික් අනං මනං හදන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔය මොකුත්ම කරන්න බැරි නම්, නිකං ඉන්න වෙලාවක කැම් එක ඔන් කරගෙන පරණ ආගිය කතන්දර කතා කරන Vlog එකක් කළත්, ආතල් නං නැගලා යයි!

    පැහැදිලියිනේ. යූටියුබ් චැනල් එකක් කරනවා නම්, නිශ්චිත තීම් එකක් තියෙන්න ඕන. ඒක ගැන තව ටිකක් හිතලා බලපන් මචන්.

    ReplyDelete
  3. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. ජයම වේවා මාතේ අපි දිගටම ඉන්නවා

    ReplyDelete
  5. වැඩේ මරු ඈ.
    ටික දවසක් ගොහිං ඉන්ටව් කරන වැඩෙත් පටං ගන්ඩෝනැ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  6. මාතා, ලංකාවේ ගොඩාක් දෙනා ඉංග්‍රීසියෙන් යූටියුබ් හා අන්තර්ජාලයේ තියෙන දේවල්වලට කැමති නැහැ. ඒ නිසා උඹගේ යූටියුබ් චැනල් එක ප්‍රචාරය කරන්නෙ ලංකාවේ අයට නම් ඊට ආවේණික භාෂාව ගැන සැලකිලිමත් විය යුතු වේවි.

    උදාහරණයක් ලෙස Ikman.lk පිටරට ව්‍යාපාරයක් වුණාට ඔවුන් යොදාගෙන තියෙන්නේ සිංහල නමක්. කප්රුක සරල වචනයක්. හෙළකුරු ගත්තත් ශ්‍රී ලංකා ගතිය උලුප්පලා අරන් තියෙනවා. ඒ නිසා යූටියුබ් චැනල් එකක Brand name එක හදද්දි මාතලන් හොරෙක් මංකොල්ලකාරයෙක් වගේම දේශප්‍රේමි යෙක් වගේ අම්මට සිරි (ශ්‍රී) ලාංකිකයන්ගේ ඔළුවලට යන විදිහට හොඳින් නිර්මාණය කළ යුතු වෙනවා.

    මාතලන් කියන Brand name එක හදන්න අදහස් ගන්න අන්තර්ජාලයෙනුත් ඕනතරම් උදව් ගන්න පුළුවන්කම තියෙනවා.

    ඒ වගේම මුලින්ම Google එකට ගිහින් Brand name generator කියලා Search කරන්න. ඒ හරහා Brand name එක තව දුරටත් මාකට් කර ගන්න මේ ක්‍රමය ප්‍රයෝජනයක් වේවි. එතනදි Namelix කියන එකට ගිහින් keywords කියන තැන උඹගෙ චැනල් එක හරහා කරන්න යන අංශය ඒ කියන්නේ, සංචාර ද, සංචාරක කර්මාන්තය, ලංකාවේ විවිධ ආහාරපාන ද, බේකරි නිෂ්පාදන ද, සම්මුඛ සාකච්ඡා ද, සංගීත සංදර්ශන ද, ටීටර් නාට්ටි කාරයන් ගැන ද, ක්‍රීඩා ද වගේ ඕ.පු. එකක් Keywords එකේ Type කරන්න. උදාහරණයක් විදිහට Travel චැනල් එකක් නම් අපි හදන්නේ Keywords එකේ Travel කියලා Type කරාම Name style, නමට අවශ්‍ය අකුරු ප්‍රමාණයන්, Travel නම් හදාගන්න Brand ගොඩක නම් දෙනවා. අපිට ඒ නම් භාවිත කරන්න බැහැ. නමුත් යූටියුබ් චැනල් එකට අපිට අන්තර්ජාල ව්‍යාපාරයට brand නමක් දාගන්න අදහස් ඕනැ තරම් ඒ හරහා ලබාගන්න පුළුවන්. ඒ වගේම Brand Logo design වලට අදහස් ගන්නත් අන්තර්ජාලයෙන් උදව් ගන්න පුළුවන්.

    ඔය වගේම තව දෙයක් තමයි යූටියුබ් චැනල්වලට, ඔන්ලයින් ව්‍යාපාරවලට සිංහලෙන් නම විතරක්ම භාවිත කරන්න එපා. මොකද අන්තර්ජාලයේ සිංහල භාවිත කරන පිරිස ඉතාම අඩුයි. සිංහල නමක් දාන්නම අවශ්‍ය නම් සිංහල නම ඉංග්‍රීසි අකුරුවලින් දාගන්නත් පුළුවන්. තව මේකට පැරලල් තව ඉංග්‍රීසි ජර්මන් වගේ වෙන භාෂා වලින් චැනල් සහ සබ්ටයිටල් දාගන්න පුළුවන් වෙයි.

    මේ වගේම වැදගත් අනිත් කාරණය තමයි චැනල් එකට නම යොදා ගනිද්දි ජනප්‍රිය වුණ යූටියුබ් චැනල් අරගෙන, උදාහරණයක් විදිහට ලංකාවේ පහුගිය කාලේ ජනප්‍රිය වෙච්ච ජනයි ප්‍රියයි, ලකයි සිකයි වගේ ජනප්‍රිය වෙන්න නම් දෙන්නෙක් එක්ක එකතු වෙන්න ඕන කියලා ගොඩක් අය හිතනවා. ඒ වගේම දක්ෂතා තියෙන දෙන්නෙක් නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි යූටියුබ් හරහා ජනප්‍රිය වෙන්න තනියම වුණත් කෙනකුට පුළුවන්. පොල් කරු, රජා, චනුක්ස් වගේ උදාහරණ ඕනතරම් දැකලා ඇති නේද?

    ඒ වගේම ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල් එකට අලුත් දේවල් කරන්න ආස නම් කවුරුත් කරලා නැති දේවල් ඔයාට කරන්න ඕනැ නම් මුලින්ම කොහේවත් නැති Brand name එකක් හදාගන්න. විශේෂයෙන් ඔබේ පෞරූර්ෂය වගේම ඔබව මිනිස්සු අතරට යන්නේ ඔබ චැනල් එක Brand කරන විදිය කියන එකත් එක්ක. යූටියුබ් චැනල් එක brand කරගන්න ප්‍රවීණයන්ගෙන් අදහස් ගන්න. යූටියුබ් කරන අයගෙන් උපදෙස් ගන්න. අනෙක් කාරණය මාතා යූටියුබ් හරහා ගෙන එන අංශය ඉස්මතු වෙන විදිහටත් මේ නම යොදා ගැනීම සාර්ථකත්වයට බොහෝ ඉවහල් වෙනවා. යූටියුබ් චැනල් එකට නමක් දාන්න හදිසි වෙන්න එපා. මොකද ඔයාගේ චැනල් එකේ අත්තිවාරම තමයි චැනල් එකට දාන Brand name එක. ඒ නිසා යූටියුබ් චැනල් එකට නමක් තෝරගනිද්දි කාලය කොච්චර ගියත් ඔබ හොඳට හිතන්න. යොදන නමට තේරුමක් අත්‍යවශ්‍ය නැහැ. උදාහරණයක් විදියට සන්නාගේ අපේ සිංහල පන්තිය, මීම් ටීවී, කොළඹ කතාව ඔය වගේ හිතලා බලලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ඔය කතා කරපු දේවල් වලටම අදාල තවත් දෙයක් තමයි යූටියුබ් එකට යොදන නම වගේම චැනල් එක සාර්ථක කරගන්න යූටියුබ් හරහා මිනිස්සු වැඩිපුරම බලන වීඩියෝ මොනවද කියලත් දැනුවත් වීම අනිවාර්යයි. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා වක්.

    ReplyDelete
  7. මේක ගැන මොනවා ද සිතන්නේ මාතලී?

    https://youtu.be/6tikEylaSlE

    ReplyDelete
  8. අයි.එම්.එෆ් පුරෝකථන
    අපේ රටට හරියාවිද?
    සැප්තැම්බර් පහුකරලා
    ඊළඟ මාසෙට එනකොට
    අපමණදේ වෙනස් වෙලා

    ReplyDelete
  9. මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවක් නැහැ. සදාකාලිකව දේශපාලනයට පමණක් චෝදනා කරකර ඉන්නයි අවශ්‍ය. �� පොඩි වෙනසක් හෝ කරන්න අවශ්‍ය සහයෝගය ලැබේවා ��

    ReplyDelete
  10. අපේ දේ youtube නාලිකාව ඉදිරිපත් කළ "කොහු කෙන්දෙන් බැදි ජිවිත (A life on coir)

    කොහු කර්මාන්තය පිළිබඳ කෙටි වාර්තා වැඩසටහන "london international web and shot film festival " සම්මාන උළෙලේ වාර්තා වැඩසටහන් අංශය නියෝජනයට තෝරාගෙන
    තිබේ .
    (Congratulations! A life on Coir has been officially selected at London International Web & Shorts Film Festival.)

    "කොහු කෙන්දෙන් බැදි ජිවිත"
    නිෂ්පාදනය :canoe production
    විධායක නිෂ්පාදනය :විරාජ් කරුණානන්ද
    අධ්‍යක්ෂණය :පරාක්‍රම ඒකනායක
    කැමරා අධ්‍යක්ෂණය :ජිවක ක්‍රිෂාන්ත
    සංස්කරණය :අරුණ බණ්ඩාර
    සම්බන්ධිකරණ :සංජිවන් ගුණතිලක
    උපසිරැසි :තිළිණ ආතාවුද

    https://www.youtube.com/channel/UCIJWL3ZylsA5rKlHFpKAj-Q

    ReplyDelete
  11. ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකි.පළමුවැන්න යුධ ජයග්‍රහණය සඳහා ඔහුගේ දායකත්වය.දෙවැන්න ලංකාවට දැඩි පාළකයෙකු අවශ්‍ය බව පුරවැසියන් විශ්වාස කිරීම.යුද්ධය ජය ගැනීම නිසාම ගෝඨාභය රටේ පාළකයා බවට පත් විය යුතු යැයි සිතීම අනුවන සිතිවිල්ලක්.යුද්ධය යනු තනි ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම ඉගිලෙන කුරුල්ලන් රැසකට වෙඩි තැබිම වැනි ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණයන් වෙත ලඟා වීමයි.යුද්ධය දිනීම අසීරු කරුණක්.රටක් සංවර්ධනය කරා රැගෙන යාම ඊටත් වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයක්.වැදගත්ම කාරණය වන්නේ ලංකාවේ ඇති බරපතලම ගැටළු මෙම අපේක්ෂකයන් හඳුනාගෙන ඇත්ද සහ එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කර ඇත් ද යන්නයි.පාළකයෙකුට දැඩි බව අවශ්‍යයයි.නමුත් දැඩි බව යනු පළමු අවශ්‍යතාව නොව දෙවෙනි අවශ්‍යතාවයයි.පළමු අවශ්‍යතාව වන්නේ ගැටළු හඳුනා ගැනීම වන අතර දැඩි බව අවශ්‍ය වන්නේ ඊට පිළියම යෙදීමේදීයි.එසේ නොවේ නම් උතුරු කොරියාව ලොව සංවර්ධිතම රාජ්‍යයක් විය යුතුය.ධම්මික පෙරේරා හෝ හැරී ජයවර්ධන සාර්ථක ව්‍යපාරිකයින් බවට පත් වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික දැනුම නිසා මිස දැඩි බව නිසා නොවේ.දැඩි බව ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමේදීයි.

    ReplyDelete
  12. මාතා, අලුත් යූ බට නාලිකාවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා, නුඹට විස්තර කරන්න දේවල් ටිකක් කියන්නම්, ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් Sudden YouTube Sensation යොහානි ද සිල්වා තෝරාගෙන ඇත, මොකද ඒ සින්දුව මුලින්ම අහනකොට මම යොහානි කියලා චරිතයක් ගැන දන්නෙත් නෑ. නමුත් මේක ඇහිච්ච ගමන් ම මාර විදිහට hit වුණා. දහ 15 පහළොස් ගමනක් ඇහුවා යොහානිගේ ඔක්කොම සින්දු ටික බැලුවා.. මම හිතනවා ලෝකෙ අනිත් මිනිස්සුන්ටත් ඒක එහෙම වෙන්න ඇති කියලා… නමුත් වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා සඳහන් කරයි. ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් යොහානි ද සිල්වා තෝරාගෙන ඇති බව ද නලින්ද සිල්වා පවසයි, මෙතුමා කියන දේ හෙට ඇත්ත වුනොත් ඒ ගැන අපි පුදුම විය යුතු නෑ. ලෝකයේ බලවත් රටවල් බල අරගලය වෙනුවෙන් මීට වඩා දේවල් කරනවා. ඒ ගැන අපිවත් යොහානිවත් දන්නෙ නෑ. අපි chess board එකේ ඉන්න ඉත්තො වගේ. අපේ රටවල් පාලනය කරන මිනිසුන්ට එච්චර තියුණු තුන් කල් දක්නා නුවණක් නෑ හරි මෝඩයි.. ඉතින් මෙහෙම කෙනෙක් යම් මතයක් ඉදිරිපත් කලහම ඒ මිනිහට ගරහලා කමෙන්ට් දාලා බනින්න එපා, මතයට අකමැති නම් ඒක හේතුවක් ඇතුව ඉදිරිපත් කරන්න. මේ දෙකයි පනහේ කමෙන්ට් දාන බහුතරයක් ඉන්න රටක හොරු පාර්ලිමේන්තුවට යන එක අහන්න වැඩක්ද?

    චීනය ලංකාවට ලං වීම ඉන්දියාව අකමැතියි, දැන් අපේ රටේ මෝඩයෝ හිතන්නේ ඉන්දියාව අපේ රටට රටේ ජනතාවට ඉතා ආදරය බවයි, යෝහානි ඉන්දියාවේ දේශපාලන ඉත්තෙක් කිරීමෙන් දැන් අපේ රටේ ජනතාව ඉන්දියාව ගැන තිබු වෛරය ක්‍රමක් ක්‍රමයන් ඉවත් වෙමින් පවතී.. මෙය දේශපාලන propaganda බව මිනිසුනේ තේරුම් ගනිව් LTTE ත්‍රස්තවාදීන්ට යුද පුහුනුව ලබා දුන්නෙත් , සාමගිවිසුම් කියමින් උතුරේ දමිලයිනට උදව් කරමින් 13 ගෙනත් අපේ රටේ පළාත් පාලන ජන්දක්‍රමයෙන් රට අගාදයට ගෙනයන වැඩ සියල්ල සිදු කලේ ඉන්දියාවයි ..ඉන්දියාවේ දහස් ගණන් ජනතාව ඉඩම් ගෙවල් වැසිකිලි නැතුව දුක් විදිද්දී අපේ රටේ කදු රටේ සිටින දෙමළ
    ඉන්දියන් ජාතිකයින්ට අපේ රටේ ඉඩම් වල ගෙවල් සෑදීමට මුදල් ලබා දෙන්නේ කුමක් සදහාද ? අපේ රටේ ඉඩම් තේවතු දෙමල ජාතිකයින්ට නොමිලේ සින්නක්කර ලබා දෙන්නේ කුමක් සදහාද ? ඒ ගැන අපේ රටේ පාලකයින් නොසිතන්නේ මන්ද ?අපේ රටේ 69 ලක්ෂයක් න්දෙන් පත්කරපු ගෝඨාභය මහතා , මේ සම්බන්ධව නොසිතීම කනගාටුවකි …මෙතෙක් කල් රටපාලනය කල දේශපාලුවෝ හිතුවේ රට ජාතිය ආගම ගැන නොවේ ..ඔවුන්ගේ ජන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීම පමණි …ජනතාව පත්කළ නායකයාවූ ගෝඨාභය මහතා ,අනුරාධපුරේදී දුටුගැමුණු පිළිරුව ඉදිරියේදී දිවුරා පොරොන්දු වී දැන් රට පාලනය කරන්නේ කොන්දපන පන නැති විදේශීය වහලෙක් ලෙස යි අපට පෙන්නේ ..කරුණාකර ජනපතිතුමෙනි ,රට ජාතිය ආගම රැකගැනීමට පියවර ගන්න ..කෝ ජනපතිගේ ජන්ද පොරොන්දු? පවුල් පාලනය ඉවතලා රට වෙනුවෙන් සේවයක් කරන්න ..චීනයේ ඇමරිකාවේ ඉන්දියාවේ වහලුන් බවට රට පත් නොකරන්න, මාතලන් You Tube එකේ, ඔබේ අදහස්/ මේ වගේ අදහස් සමාජගත කරන්න හොඳ තෝතැන්නක් වේවි.

    ReplyDelete
  13. ඉදිරි කාලය පුරා නිශ්චිතව මාතලන් You Tube සංවාද මණ්ඩපයට එන, ඔබගේ සිතීමේ හැකියාව වැඩි දියුණු කරන ප්‍රකාශනයක් ලෙසයි මෙම මාතලන් You Tube කෙටි වාර්තා වැඩසටහන එළි දක්වනු ලබන්නේ. මේ අවස්ථාවේ මෙම YouTube වාර්තා වැඩසටහන එළි දැක්වීම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ මාතලන් සහෝදරයා ඇතුළු පිරිසට මගේ කෘතවේදීත්වය පළ කළ යුතුව තිබෙනවා.

    ලෝක පරිමාණයෙන් ගත්තත් අපේ රට ගැන සිතුවත් අද අපි ඉන්නේ අවුල් වියවුල් වටපිටාවකයි. මේ වෙලාවේ ලෝකය, අපේ ජීවිත කාලය තුළ සිදු වූ බරපතළම වසංගතයට ගොදුරු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථිකය බිඳ වැටී තිබෙනවා. දියුණු රටවල පවා ආර්ථිකයන් ඍණ මට්ටමට පත්වී තිබෙනවා. අපේ රටට ඩොලර් ආදායම ලැබෙන බොහෝ මාර්ග අවහිර වී තිබෙනවා. මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්. මේක ලංකාවේ අපට පමණක් නොවෙයි මුළුමහත් ලෝකවාසීන්ගේ පැත්තෙන් බැලුවත් හැමෝටම හිතන්න බල කරලා, සාමූහික විඥානය පාදාගන්නත් බල කෙරුණු වේලාවක්.

    ඒ නිසා අපි මේ පසුකරමින් සිටින කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මකයි, මෙම කාල පරිච්ඡේදය තුළ තමයි අපි සුදුසු තීරණ ගැනීමට ඉඩ තියෙන්නේ. ඇතැම් විට සුදුසු යැයි සිතමින් නුසුදුසු තීරණ ගැනීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපට යම්කිසි සංවාදයක්, අපේ මාවත පිළිබඳ එකිනෙකා අතර ගැඹුරු හැදෑරීමක් උවමනා වන්නේ. එහෙම වුණොත් පමණයි අපි සොයාගන්නා උත්තරය ‘කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්’ වන්නේ.

    ඇමෙරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා ලිබියානු සමාජයේ පැවති පීඩනයන් පාවිච්චි කරලා වත්මන් ලිබියාව නොවෙයි නූතන ලිබියාව නිර්මාණය කළ මුවම්මර් ගඩාෆි පාරෙදි මැරයෙකුට අත්වන ඉරණමට සමාන ඉරණමකට ලක් වන විදියට මරා දමන්න. එතැනදී සිදුවුණේ ලිබියානු සමාජය පැවැති තැනින් තවත් පහළට ඇද වැටීම. අද ලිබියාව කියා රාජ්‍යයක් නැහැ, ඇත්තේ ලිබියාව කියා රටක් පමණයි. අද ලිබියානුවන් ලොව පුරා යුරෝපය ඇතුළු බොහෝ රටවල හිඳිමින් හිඟාකනවා.

    ඒ විතරක් නෙවෙයි ඉරාකය වැනි රටක් සම්බන්ධයෙන් ගත්තත් පෙනෙන්නේ නුසුදුසු උත්තර සොයා ගත්තොත් ඉන්න තත්ත්වයටත් වඩා නරක තත්වයකට ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩි බවයි. මේක අපේ සමාජය, තමන් විසින්ම නිවැරදි යැයි විශ්වාස කරපු උත්තර, ‘සැබෑ උත්තරයක් වෙලා නැහැ නේද?’ කියා හිතන වෙලාවක්. ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා.

    ඒ නිසා ලැබුණු උත්තරය ගැන සෑහීමකට පත් නොවන ජන සමාජයක් ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ උත්තරයක් කරා රැගෙන යාමට අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ වගකීම අද අපේ දෙවුර මත පැටවී තිබෙනවා. ඒ වගකීමෙන් අපට අත්මිදෙන්න බැහැ. මේ රටේ ජාතික බලවේග ඒ වගකීම දෙවුර මත දරා සිටිනවා. ඒ නිසා තමයි අපි මේ ‘මාතලන් You Tube එක’ මගින් උත්සාහ කරන්නේ ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්ව, ‘හරි උත්තරයක් හොයන්න ඕනේ’ කියලා හිතන ජන සමාජයට ‘ඒ උත්තරය කුමක් විය යුතුද?’ යන සාකච්ඡාවට සංවාද මණ්ඩපයක් සැකසීමට. ඒ සංවාද මණ්ඩපයට පණදීම තමයි මාතලන් You Tube එකේ ප්‍රමුඛතම සහ එකම අපේක්ෂාව වන්නේ.

    ReplyDelete
    Replies
    1. SARS Covid 19 වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම අනිවාර්ය වී තිබෙන අභියෝගවලට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහාම නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

      අපි හැමදාම කියනවා, ‘අපේ රට උපායමාර්ගිකව ඉතා වැදගත් තැනක පිහිටි රටක්’ කියා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක් වන රට මෙයයි. ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසඳූ විට අපේ රටේ ජනතාවගේ බුද්ධිමය හැකියාවන් යහපත් තත්ත්වයක තිබෙනවා. එවැනි මානව සම්පතක් සමඟ ස්වභාවධර්මයා විසින් ලබා දී ඇති සම්පත්වලින් ද මේ රට අනූනයි. ස්වභාවධර්මයා විසින්ම දේශසීමාව නිර්මාණය කොට දී තිබීම ද දැකගත හැකියි. එවැනි රාජ්‍යයක් 2021 වන විට තිබිය යුතු තැන ද මේ තිබෙන්නේ? මානව සම්පත, ස්වභාවධර්මයා විසින් ලබාදී ඇති සම්පත්, දේශසීමා ආදී මේ සියලු ඉහළ විභවයන් සැලකූ විට මේ රාජ්‍යය තිබෙන්නේ, තිබෙන්න ඕනේ තැනට වඩා ගොඩක් පහළ ස්ථානයක. මේ රටට ඒ වැරැද්ද සිදුවීම සඳහා බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතු ගැන පමණක් කථා කරමින් ඉන්නවා වෙනුවට අපේ රාජ්‍යයට සිදුව ඇති ඓතිහාසික වැරැද්දෙන් එය එළියට ගැනීමේ පොටයි අපි පාදාගත යුත්තේ. මම හිතන්නේ, මේ ඉතිහාසය සෙමින් ‘විළිරුදාවෙන්’ පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි ‘දරු ප්‍රසූතියක්’ සඳහා කියලයි.

      ඉතිහාසය නිර්මාණය කරන ඇතැම් අවස්ථා අපට පෙනෙන්නේ ‘නරක අවාසනාවන්ත’ අවස්ථා ලෙසයි. නමුත් ඉතිහාසය විසින් සමහර විසඳුම් බිහි කරන්නෙත් එවැනි අවස්ථාවලයි. සාමාන්‍ය තත්වයකදී පරිභෝජනය නොකරන දේවල් විශේෂ තත්ත්වයකදී පරිභෝජනය කරන්න වෙනවා. නිදසුනක් ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි අපේ ගීතදේව නම් හමුදා විරුවෙක් දින විස්සකට වැඩි කාලයක් මහ මුහුදේ බෝට්ටුවක පාවෙමින් තායිලන්තය වෙත යනවා. එම ගමනේ දින පහළොවක් පමණ යන විට කන්න බොන්න කිසිවක් නැති වෙනවා. එහිදී ඒ බෝට්ටුවේ සිටි නිරාහාරව මියගිය තමන්ගේ සඟයාගේ ලේ ටික බීපු අවස්ථා, මාළු අල්ලාගෙන අමුවෙන් කාපු අවස්ථා, තමන්ගේ මූත්‍රා ටික බීපු අවස්ථා තිබෙනවා. ඒක විශේෂිත අවස්ථාවක්. ඒ විශේෂිත අවස්ථාවට හරියන උත්තරවලට යමෙකු ඒ අවස්ථාවේ යනවා. සාමාන්‍ය අවස්ථාවලදී අපි එවැනි උත්තරවලට යන්නේ නැහැ. අපි මේ ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා. ඒ නිසා දැන් අපට තෝරාගන්න වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක තෝරාගැනීම් නොවෙයි. මේ විශේෂිත තත්ත්වය දකින්න පුළුවන්, එය අබිබවන්න පුළුවන්, රාජ්‍යයට සිදුවන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්, අපේ නූතන තරුණ පරම්පරාව අපේක්ෂා කරන පරමාදර්ශී අනාගතය නිර්මාණය කරන්න පුළුවන් උත්තර අප විසින් සපයාගත යුතුව තිබෙනවා.

      අප මෙතෙක් දේශපාලනයේ ඉටු කරන ලද කාර්යභාරයේ, තීරණාත්මක පිළිතුරු සැපයීම කරා ගමන් කරමින් සිටිනවා. ඉන් අපට ගැළවෙන්න බැහැ. අපි මේ රටේ ජාතික බලවේග, වාමවාදී බලවේග හැටියට තමන්ගේ හෘදසාක්ෂිය පැත්තක තියලා දේශපාලනය කරන බලවේගයක් නොවෙයි. අපි තීරණාත්මක අවස්ථාවක තමන්ගේ හෘදසාක්ෂිය සමග හිටගන්න බලවේගයක්. හෘදසාක්ෂියත් සමඟ ගනුදෙනු නැති – ඩොලර් මිටි සමඟ ගනුදෙනු ඇති අයට මේවා තේරෙන්නේ නැති වුණාට හෘදසාක්ෂියත් සමග ගනුදෙනු ඇති මේ රටේ ජාතිකවාදී වාමවාදී බලවේගවලට ඒ කාරණය හොඳහැටි තේරෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා, අද ජනගත වන මේ ‘මාතලන් You Tube එක’ මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක වශයෙන්ම පත්වේවි, කියා. ඒ සංවාද මණ්ඩපය වර්ණවත්ව බබලවන්න ඔබ සියලුදෙනාට හැකි වේවා’යි ප්‍රාර්ථනය කරනවා.

      Delete
  14. මාතලන් බ්රෝ මොකද හිතන්නේ මේක ගැන?

    The Governor of the Central Bank of Qatar and the CBSL Governor recently discussed collaborations that can be entered into to strengthen Sri Lanka – Qatar economic ties.

    This was discussed when the Central Bank Governor, Ajith Nivard Cabraal recently met with the Governor of the Qatar Central Bank, His Excellency Sheikh Abdulla Bin Saoud Al-Thani recently.

    The two Governors also discussed measures to mitigate the impact of COVID-19 pandemic on the two economies as well.

    His Excellency Sheikh Abdulla Bin Saoud Al-Thani was appointed Governor of Qatar Central Bank in May 2006, having started his career in the Bank in 1981.

    He was Deputy Governor from 1990 to 2001 and subsequently left to serve as Chairman of the State Audit Bureau from 2001 to 2006, before assuming his current position.

    His Excellency was appointed as Chairman of the Board of Directors of the QFC Regulatory Authority in March 2012 and subsequently as Chairman of Qatar Financial Markets Authority later in 2012.

    His Excellency is also Chairman of Qatar’s Financial Stability & Risk Control Committee.

    He was appointed as the Chairman of the Islamic Financial Services Board (2013) as well as Chairman of the International Islamic Liquidity Management Corporation until December 2013 and is currently a member of both institutions.

    He also serves as the Chairman of the Board of Directors of Qatar Development Bank and is a member of the Board of Directors of the Supreme Council for Economic Affairs & Investment.

    He served as the Chairman of the Board of Directors of the Gulf Monetary Council for 2014. He is a Board member at Qatar Investment Authority and the Chairman of the Governors of GCC Monetary Agencies and Central Banks Committee.

    // https://cutt.ly/fRQD0yV //

    ReplyDelete
  15. දැනට ලංකාවේ තියෙන සියලුම වර්ගයේ දේශපාලන ව්‍යාපාර අතරින් රට ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය රනිල් වික්‍රමසිංහ අද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ අලුත්ම දීපව්‍යාප්ත ඩිජිටල් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අමතමින් පවසන හරවත් කතාවක් අද මාධ්‍ය හරහා ලංකාවේ ජනතාව තුළ මහත් සේ ප්‍රබෝධයක් ඇති කළා.

    ඒ වගේම මෙතනදී ඔහු දැනට ලංකාවේ ජනතාවට බලාපොරොත්තුවත් අනාගතයක් අහිමි වූ රට බාර ගෙන නැවත රටට හෙටක් ලබාදීමට සූදානම් බවද පොදු මහජනයා වෙත ඍජුව දැනුම් දුන්නා.

    එමෙන්ම මේ වගේ කිසිම ආකාරයකින් කිසිම නායකයෙක්ට අවුරුදු පහෙන් පහට රට හදනවා කියා එකක් ලොවෙත් නැති බව ද අවුරුදු විසි පහක්වත් එක මාර්ගයේ යා යුතු බවද ආචාර්ය රනිල් වික්‍රමසිංහගේ පැහැදිලි පිළිතුරයි.

    ලංකාවේ පහුගිය කාලයේ වගේ පක්‍ෂ මාරු වුණාට ප්‍රතිපත්ති මාරු විය යුතු නැති බවද පැවසූ ඔහු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට නීතිමය රාමුවක් ඇති කළ යුතු බව තව දුරටත් සඳහන් කළා, මේ හරහා ලංකාවේ ආර්ථිකය ඉතා වේගයෙන් සංවර්ධනය කර ගැනීමට ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාටම පමණක් පුළුවන් බවයි බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ.

    ReplyDelete
  16. ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India) ඇතුළු ඉන්දීය පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත් මුදල් වංචා කර ඇතැයි ඉන්දීය චිත්‍රපට නිළියක වන සංජනා ගල්රාණි ඉන්දියාවේ පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර කන්නඩා චිත්‍රපට නිළියක වන සංජනා ගල්රාණි සිය හොඳම මිතුරා වන රාහුල් තොන්සේ සහ තවත් දෙදෙනකුට එරෙහිව චෝදනා කර ඇත්තේ කොළඹ සහ ගෝවාහි පිහිටි කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව හඟවමින් තමාගෙන් මුදල් ලබාගත් බව පවසමින්, මේක ඇත්ත ද?

    සංජනා ගල්රාණි සහ රාහුල් තොන්සේ 2020 සැප්තැම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව ඇය ඇප මත මුදාහැර තිබේ. පොලිස් පැමිණිල්ලේ සංජනා ගල්රාණ සඳහන් කර ඇත්තේ ලංකාවේ කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව පවසමින් රාහුල් මුදල් ලබාගත් නමුත් තමාට එම මුදල්වල ලාභ ගෙවීම පැහැර හැර ඇති බව පවසමිනි.

    ඒ වගේම තමාගේ චරිතය අපකීර්තියට පත් කරමින්, තමාගෙන් ලබාගත් මුදල් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇතැයි ද ඇය රාහුල්ට චෝදනා කර තිබේ. ඉන්ද්‍රානගර් පොලිසිය විසින් ඇයගේ මෙම චෝදනාව මත පදනම් වෙමින් රාහුල්ට සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩුවක්ද පවරා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා, හැබැයි ඉතින් ඔය කියන විදිහට නම් ගල්රාණි ඔය කියන රාහුල් තොන්සේ ද මොකාද කියල කියන යෝදයා එක්ක ගල් බෝරත් ගහල ඇති කියලත් හිතෙනවා නේද?

    - ගල්වඩුවෙක්

    ReplyDelete
    Replies
    1. සංජනා ගල්රාණි - එහෙම නමක් ඇත්තටම තියේද හේ හේ :)

      Delete
    2. කවුද මේ?

      https://en.m.wikipedia.org/wiki/Sanjjanaa_Galrani

      මේක ඇත්ත ද දන්නේ නැහැ නේද?

      https://www.thehindu.com/news/cities/bangalore/sanjjanaa-galrani-files-cheating-complaint-against-her-friend/article37074846.ece/amp/

      Delete
    3. හේ හේ ස්තූතියි

      Delete
  17. බැලුවෙමි,
    බලා හිඳිමි.
    ජයම වෙන්නැයි
    සුබ පතන්නෙමි!

    ReplyDelete
  18. මාතලන් මේක ඇත්ත ද?

    https://www.bbc.com/sinhala/sri-lanka-58902808

    ReplyDelete
  19. නලින් ද සිල්වා කරාව මිනිහෙක් වෙලත්
    යොහානි ද සිල්වා කියන කරාව කෙල්ලට බාල්දියක් පෙරලුවනේ.

    ReplyDelete
  20. දැන් ඔය නිවේදන කලාවට කටහඬ බලපාන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මගේ ආතල් එකට හැමදේම කරන්නේ

      Delete
  21. කොල්ලුරේ මගේ කොල්ලුරේ
    මොකද බං උනේ කොල්ලුරේ
    දෑකැතී මිටි ගනිව් කියූ කොල්ලුරේ මගේ
    හොරිකඩයෙක් නේද කොල්ලුරේ

    ReplyDelete
    Replies
    1. සමාජවාදේ තියෙන වෙන රටක් මට කියපන්කො ..තියෙන එවුනුත් එතනින් එලියට ගිහින් ගොඩක් කල්. යල් පැනපු සමාජවාදේ ට කැමති නම් උඹේ මහා උන්ට කියපන් පඩි වැඩි කරලා දෙන්න කියල, වී මිල වැඩි කරන්න කියල , ඩොලර් එක උඩ යන එක ගැන කියල ,කාර් ආනයනය නවත්තපු එක වැරදී කියල කරන උදෝෂණ නවත්වන්න කියල.

      පුද්ගලික අංශයේ පස්ස බිම අනිල තියෙන වෙලාවක එක හබ්බ ගොනෙක් කියනවා 40% න් පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න කියල………..මෝඩ තර්ක ගෙනෙන්න කලින් හිතල බලල , කරන්න පුළුවන් දේවල් කියපල්ලා.

      මෝඩයා වගේ පන්ති පහේ ගොන්නු බෙදන තෙල් ටික අහගෙන ඇවිත් මෙතන තප්පු ලන්න එපා.

      තොපිල සමාජවාදෙන් ඉඳගෙන ධනවාදයෙන් ජීවත් වෙන සමාජ දුෂකයෝ ..

      Delete
  22. මාතලන් උන්නැහේගේ දේශපාලන දැක්ම කාලෙන් කාලෙට අහේතුකව වෙනස් වෙන එකක් නිසා දේශපාලන කෑල්ල ගැන මොකවත් ලියන එකේ තේරුමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මම ළිං මැඩියෙක් නෙමේ

      Delete
  23. රාජපක්ෂවරු ගැන අනුර කුමාර කියපු විනාඩි 6 කතාව;

    මාධ්‍යවේදියා රෝහිතගෙන් අහනවා ‘ඔයා දාන සපත්තු ‌මොනවාද’ කියලා..රෝහිත රාජපක්ෂ කියනවා එයා දාන සපත්තු ලුවිටෝන් සපත්තු කියලා. ලුවිටෝන් සපත්තු ජෝඩුවක් කීයද? ලක්ෂ එකහාමාරයි. ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන.

    ඊට පස්සේ මාධ්‍යවේදියා අනුර සහෝදරයගෙන් අහනවා ඔයාගේ පුතා කසුන් දිසානායක ඉගෙන ගන්නේ කොහේද කියලා. එතකොට අනුර සහෝදරයා කියනවා විදේශ රටක කියලා.

    එතකොට මාධ්‍යවේදියා අහනවා එතකොට එයා දාන සපත්තු කීයද කියලා. අනුර සහෝදරය කියනවා ආ එයා දාන සපත්තු රු 30ස් දාහක් විතර වෙන ක්ලාක්ස් සපත්තු කියලා (ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන)

    Cow ද මේවට වගකියන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න