.

.

Oct 5, 2021

පැන්ඩෝරා කැලෑ පත්තරේ


පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමාගේ නම තිබුනා කියලා, දැන් ආයේ වටයකින් රාජපක්ෂලා හොරු කියන බයිලේ ගහන්න පටන් අරගෙන. හැබයි රාජපක්ෂලාගේ නමක් මේකේ නෑ.

මීට කලින් කරපු එකම චෝදනාවක්වත් ඔප්පු කර ගන්න බැරි වෙච්චි උන් දැන් මේක උස්සගෙන නටනවා.

මාධ්‍යවේදියෝ කියන්නෙත් මාෆියාවක්. ඒක නොරටද මෙරටද කියලා නෑ. උන් කරන්නේ මේ වගේ සීන් ඇඳලා මිනිස්සු බ්ලැක් මේල් කරන එක.

මුන් ප්‍රශ්ණ සෙට් එකක් එවන්නේ උන් එක්ක සෙට් වෙයි කියලා හිතලා.  අනේ මේවා දාන්න එපා.. එන්න අපි ඩීල් එකකට එමු.. මොනවද වෙන්න ඕන කියලා.. අන්තීමට ස්ත්‍රීමාංශත් අරගෙන තමා වැඩේ ඉවර කරන්නෙ. අපි නොදන්න ගවේශණශීලී මාධ්‍යවේදය. 😜😜😜😜😜

ඒ අතින් මුන්ට උත්තර නොබැඳපු හැම එකාම ග්‍රේට් මිනිස්සු.

මෙතන මුන් මේ හෙලිකරලා තියෙන හැමෝගෙන්ම අහපු ප්‍රධානම ප්‍රශ්ණය තමයි, ඇයි Offshore Investment ගියේ ලීගල් බිස්නස්වල ඉන්වෙස්ට් කරන්නේ නැතුව කියලා. මොකද මතයක් තියෙනවා මේවයේ ආයෝජනය කරන්නේ කළු සල්ලිය කියලා.

කළු සල්ලි ගැන තියෙන්නෙත් පුහු මතයක්. හැම එකාම හිතන්නේ කළු සල්ලි කියන්නේ, කුඩු විකුණලා, පාතාල ගේම් දීලා, මාෆියා ගේම් දීලා හොයන සල්ලි කියලා.

එහෙම එකක් නෑ. ඔය ඔඩිට් ෆර්ම්වල වැඩ කරන උන්, ව්‍යාපාරිකයින්ගේ ටැක්ස් වැඩ කරන උන් දන්නවා, රෙපියුටඩ් කම්පැනි, බෑන්ක්ස්, බින්නස් කාරයෝ ගෙඩිය පිටින් ප්‍රොෆිට් පෙන්නන්නේ නෑ.. ඇනිමල් රිපෝට් වල, ඉන්කම් ටැස් රිපෝට් වල දාන්නේ බොරු ෆිගර්ස් කියලා.

මමත් කාළයක් කොම්පැනිවල වැඩ කරපු බදු ගෙවපු එකෙක් විදියට, මාත් කැමති නෑ ආන්ඩුවට ටැක්ස් ටැක්ස් ගෙවන්න. 

ඒක නිකන් ආන්ඩුව අපෙන් කප්පම් ගන්නවා වගේ වැඩක්. ඉතින් හැම එකාම බලන්නේ ටැක්ස් කන්ෂෙසන්ස් ගන්න. ඒ කියන්නේ බදු විරාම.

ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නෑ හොරා කාලාය, ඇයි බදු නොගෙවා වෙන තැන්වල දැම්මේ, ඒක හොරකමක් නෙමේද කියලා අහන හැම එකාම....

 කිසිදාක බිස්නස් නොකරපු, කොම්පැනිවල වැඩ කරත්, පඩියට විතරක් වැඩ කරන, ගොඩාක් වෙලාවට සේල්ස් ෆීල්ඩ් එකේ, මාකටින්ග් ෆීල්ඩ් එකේ නොවන, පඩිය එන්නේ කොහොමද් කියලා නොදන්න, ආන්ඩුවේ පින් පඩි ගන්න, හිඟන මානසිකත්වයක් තියෙන උන්.

මතක තියාගන්න... 

ඔය ඉන්කම් ටැක්ස් එකේ සෙට් එකක්, ටැක්ස් කන්ෂෙෂන් වල පිහිටෙන්, ලංකාවේ ඒ වෙනකොට තිබුන විශාලම මුදල් මංකොල්ලය කරලා ඔස්ට්‍රේලියාවට දිරාමාර් උනු බවත්.

මේ දිහා හොඳින් බැලුවාම පේන දෙයක් තමයි ඇමරිකන් කාරයෝ බෙරලා, ඇමරිකන් විරෝධී නායකයින්ටයි, නැගී එන ව්‍යාපාරිකයින්ටයි ගහන්න කරපු සෙට් ගේමක් කියලා. 

මොකෝ ලෝකයේ වැඩිම ඕෆ්ෂෝ බිස්නස් තියෙන්නෙත්, බිස්නස්කාරයෝ ඉන්නේත් ඇමරිකාවේ.  

ස්විස්ටර්ලන්තය, ඇමරිකාව, හොං කොං, සිංගප්පූරුව මේ බ්ලැක් මනී ඕෆ්ෂෝර් බිස්නස් වලට කප් ගගපු රටවල්. මේ අය ගැන මේකේ නෝ කතා.

ඒ ඇරෙන්න, පැනමා, ඩුබායි, වියට්නාම්, සී ෂෙල්ස් දැන් මේවට ඉඩදීලා. අපෙත් මෑතක මේකට ඉඩ දුන්නයින් පස්සෙ තමයි ආයෝජකයොත් වැල නොකැඩි එන්න පටන් අරගෙන තියෙන්නේ. 

ඕන එකෙක් කැමති නේ එකක් ගත්තාම තව එකක් නොමිලේ ගන්න.

ඒත් මේ මීඩියා කාරයෝ ඔය ස්විස්, ඇමරිකා, හොංකොං, සිංගා ඕෆ්ෂෝ කාරයෝ එකෙක් ගැන අබ මල් රේණුවක දෙයක් ලියලා නෑ නේද? 

ඒ මොකෝ දන්නවද? මේ මීඩියා කාරයෝ එයාලගෙ හුරතල්ලු, අපේ ගංජාකාරයෝ වගේම තමයි, ලන්ඩන් සේනාධීර වගේම තමයි. උන්ගේ ගවේශණශීලී මාධ්‍යවේදයට ලොකුම ඒවා පේන්නේ නෑ. 

මේ නම් අතරේ එක මීඩියා ජයන්ට් කෙනෙක්ගේ නමක් නෑ නේද? ඒ අර හේතුව නිසා.

හොදින් මතක තියාගන්න ඔය ළොකු රටවල් නෙමේ, මහා ලොකු සංවිධාන වල ඉන්න උනුත් කරන්නේ බ්ලැක් මනී බිස්නස් තමා. ඒ එයාලගෙ මූණේ දැලි ගෑවෙන නිසා.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොක්කා වෙච්චි කොෆී අනන්, පුතාගේ නමින් සංවිධානයේ සල්ලි වලින්, බිස්නස් කරලා මාට්ටු උනාට, අදත් යහතින් ඉන්නේ, ඔය ඔක්කෝම ෂෝ ඕෆ් වගේම ඕෆ්ෂෝ කාරයෝ නිසා..

දැන් මුන් නිරූපමාගෙන් අහන්නේ.... ඇයි ඔයාගේ නමින් මේ සල්ලි දාලා තියෙන්නේ කියලා. 

යකෝ ගෑණිගේ නමින් ඩිපොසිට් දාන්න ඉන්වෙස්ට් කරන්න තහනම් කියලා කොහේද තියෙන්නේ. ඔය ත්‍රී වීල් වලත්, අයිති එකාට වඩා තියෙන්නේ,  දුව පුතාගේ නම්, අම්මා තාත්තා නම්.

 මම එකම එකක් දැක්කා, "රට ඉඳන් මැරිලා මැරිලා නෝනා එවපු සල්ලි" කියලා. ඌට පිස්සුද කොහෙද? එහෙම ගහන්න ඌ මේ මාධ්‍ය සංගමෙන් අවසර ගත්තද දන්නේ නෑ.

මේකට මෙහේ ඉන්න රාජපක්ෂ විරෝධී සෙට්ටෙකත් හොඳ සප් එකක් දීලා තියෙනවා.

එහෙම නැත්නම් ලංකාවේ එකෙක්ටවත් මතක නැති, කැපී පෙනෙන පොලිටිකල් කැරක්ටර් එකක් නොවුන නිරූපමාගේ මේන් මේ  ප්‍රකාෂය උඩ මේ ප්‍රශ්ණය එන්නේ නෑ. 

// In a 2014 interview, you said “As women, we have better qualities than men and are more honest and are less vulnerable to bribes and corruption.” Can you elaborate on that please? //

මේ ගැන ඉස්සෙලම ලියන්නේ ලසන්තගෙ පිහිටෙන් ලන්ඩන් පැනපු බන්ඩා කෙනෙක්. එයාගේ වෙබ් එකේ. එයා නොම්මර එකේ රාජපක්ෂ විරෝධියෙක්. එයාට එහෙම නොවී බෑ. එයා නඩත්තු වෙන්නේ රාජපක්ෂ විරෝධී සල්ලිවලින්. ලන්ඩන් ඉන්න උන්, ඒකට සාක්කි.

අනික මේ චෝදනා කරන්නේ 2010 ට පෙර කේස් වගේක. ඒ කාළේ තිරු නඩේසන් සිරිස මාධ්‍ය ජාලයත් අයිති මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙක්. ගෲප් ඩිරෙක්ටර්. ඒ හැර නඩේසන්ගේ සමාගම් ලෝකය පුරාම තියෙනවා. මුන් ඒවත් දන්නවා. 

මේ උන් දන්න සමහරක්

Rosetti Ltd, 

Sri Nithi Trust, 

Pacific Trust, 

Pacific commodities, 

Pallene, 

Chalan Oil,

Red Ruth Investments.

මීට අමතරව තව සමාගම් රාශියක ඔහු අධ්‍යක්ෂවරයෙක්, උපදේශකවරයෙක්.

ඉතින් එහෙම මනුස්සයෙක් ගාව තියෙන..

ඩොලර් මිලියන 51 ක ආර්ට් කලෙක්ෂන් එකකුයි. ඩොලර් මිලියන 4 කට ගත්ත පේන්ටින්ග්ස් වගේකුයි, ඩොලර් මිලියන 4 කට ලන්ඩන් වලින් ගත්ත ගෙයක් ගැනයි අහනවා.

යකෝ ඇමරිකාවේ සුපිරි ධනවතුන් ඉන්න මැන්ෂන් එකක් ඩොලර් මිලියන 100 ක් විතර වෙනවා.

මේවා ලියපු සුද්දොත් මෙහෙම කැළණි හිඟන්නෝ නම්,

ලෝක ආර්ථිකය, මහා පරිමාණ ගණුදෙනු, ලෝකේ ළොකුම සල්ලි කාරයෝ, බිස්නස්කාරයෝ තියා අපේ ආර්ථිකය, ගණුදෙනු තියා, නඩේසන්වත් නොදන්න හැඳළ හිගන්නෝ එක්ක මොන කතාද?

එකෙක් කියලා තිබුනා... මේ නඩේසන් අර මැරිච්ච ප්‍රභාගේ පොලීසියේ නඩේසන් කියලා...

මුන් එක්ක මේවා කතා කරන අපි, අපිටම ගහගන්න ඕන මෙයා...


ඒ වගත් මෙසේය......

40 comments:

  1. Superb laundry �� work..

    ReplyDelete
  2. mathalan gu kana ponnaya salli denawa nam one pukak lowan ponna balla

    ReplyDelete
    Replies
    1. සුවහසක් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා හිතේ පුරවාගෙන ඉඳීමෙන් තමයි අනාගතය ගැන බයක් ඇතිවෙන්නෙ. බලාපොරොත්තු අඩු වුන තරමට හිත සැහැල්ලුයි. අතීතයේ මතක අතර සැරිසැරීම නම් නිතැතින්ම සිදුවෙනවා. අද දවස ගැන හිතා ජීවත්වෙනවා නම් හිතට කිසිම බරක් නෑ. මේ ගැන බය වෙන්න එපා මේ රාජපක්ෂ පාදඩ ආණ්ඩුව දවසක පැරදිලා කොළපාට නැත්නම් ලා කොළපාට හරි සමගි ජන එක්සත් ජාතික ජනතා විමුක්ති දෙමල ජාතික ලංකා මුස්ලිම් ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රටේ පහළ වෙනවාමයි, සැඩ සුළන්ං හමාවි, හිම කුණාටු, කරදර කාලය ගතවේවි ඒත් දවසක වසන්තය එනවා සත්තයි.

      Delete
  3. කුප්‍රකට තවත් මාධ්‍ය ජිල්මාට් එකක් වන පැන්ඩෝරා පත්‍රිකා නමැති මාධ්‍ය මඩපත්තරය මගින් හෙළිදරව් වී ඇති වත්කම් පිළිබඳව එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මාධ්‍ය විමසීම් වලට ප්‍රතිචාර දක්වා තිබේ.

    ඒ අනුව, තමන් කිසිදු වංචනික ක්‍රියාවක් සිදු නොකළ බවත් නීත්‍යානුකූලව ඇති වත්කම් ගැන නිසි ලෙස කරුණු නොදන්නා ආධුනික මාධ්‍ය කරුවන් කිහිප දෙනෙක් ක්ෂණික සහ ලාභ ජනප්‍රියත්වය්ය වෙනුවෙන් කළ "බොළඳ වැඩක්" බව ඔවුන් නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.

    ඇතැම් තෝරාගත් රටවල රාජ්‍ය නායකයන්, හිටපු නායකයන්, රාජකීයයන්, සුපිරි ක්‍රීඩකයින් සහ කලාකරුවන් ඇතුළු ලෝක බලවතුන් රැසකගේ රහසිගත වත්කම් හා ගණුදෙනුවලට අදාළ ලියකියවිලි තොගයක් පැන්ඩෝරා පත්‍රිකා නමින් මේ වනවිට හෙළිදරව් කර ඇති අතර මේ සැම දෙනාම පාහේ පහුගිය කාලයේ බටහිර මාධ්‍ය වල යම් යම් විවේචනයට ලක්වූ අය වන අතර සෝ කෝල්ඩ් "බටහිර" බලවත් රටවල නායකයන් හා ව්‍යාපාර දැවැන්තයන් ගැන කිසිත් නොකීමට ඔවුන් වග බලාගේන ඇති බව පෙනේ.

    නිබඳ ඇමරිකන් හිතවාදී මාධ්‍ය වෙළෙඳුන්ගේ කටගැස්මක් වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, කටාර් එමීර්වරයා සහ මෑතකදී බිරින්ඳෑවරුන් සිර කර තබන බවට චෙදනා එල්ල කළ ඩුබායි අගමැති ශෙයික් මුහම්මද් වැනි ප්‍රබල නායකයන් කිහිප දෙනෙක් සහ තවත් ඇමරිකන් ගැති නොවන කුඩා රටවල දේශපාලකයන් රැසකගේද නම් එහි ඇතුළත්ය.

    මේ ගැන ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුට නිල වශයෙන්ම අයත්ව ඇති අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඇති පවුම් මිලියන ගණනක් වටිනා දේපළ රහසිගත ඒවා නොවන බවත් පෞද්ගලික මුදලින් ලබාගත් ඒවා ගැන හැමෝම හොඳින් දන්නා බවත් මෙය විසුළු පුවතක් බවත් ජෝර්දාන් රාජකීය මාලිගය නිවේදනය කර තිබේ.

    කෙසේ නමුත් පෞද්ගලිකත්වය රැකගැනීමට සහ ආරක්ෂක හේතූන් මත ඒවා මාධ්‍යවේදීන්ට හිතු පරිදි යාමට නොදී ආරක්ෂක අංශ මගින් රැකවල් කරන බව එම නිවේදනයේ දක්වා ඇත. එමෙන්ම රජුට අයත් මහල් නිවාස සහ නිවාස අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ තිබීම අසාමාන්‍ය හෝ නුසුදුසු දෙයක් නොවන බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබුණි. එම දේපළ රජුගේ පෞද්ගලික හා නිල සංචාරවලදී නිතරම පාහේ භාවිත කරන ඒවා බව රාජකීය මාලිගය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම කාන්තාවක් සතුව මොනාකෝ රාජ්‍යයේ ඇති දේපළ පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණ කර ඇති අතර එම කාන්තාවට සහ පුටින්ට දියණියක් සිටින බවද ඉන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් පැන්ඩෝරා පත්‍රිකා එල්ල කරන මෙම හාස්‍යජනක චෝදනා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව මොස්කව් ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබේ. එමෙන්ම ව්ළදිමීර් පුටින්ගේ රුසියාවෙන් පිටත සැඟවූ වත්කම් නොමැති බවත් එසේ ඇති බව ඔප්පු කළොත් ඒ අයට එම දේපල පවරා දීමට කැමති බවටත් එම නිවේදනයේ සඳහන්ය.

    මේ අතර ජනප්‍රියත්වය වෙනුවෙන් වාචාල කතා කියවන්නකු වන මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් රට වැසියන් පිළිබඳව විමර්ශන සිදුකරන බව ප්‍රකාශ කිරීම Mexico සමාජ ජාලා වල දැඩි ලෙස විනෝදය්ටත් දැඩි මීම්ස් සහ හාස්‍ය පෝස්ට් වලට හේතු වුණා. කෙසේ වෙතත් මෙක්සිකානු ජාතිකයන් 3,000කගේ පමණ නම් එහි ඇතුළත් බව විදෙස් වාර්තා වල සඳහන්.

    ReplyDelete
  4. අයිසේ ළමාතන්,

    //පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමාගේ නම තිබුනා කියලා, දැන් ආයේ වටයකින් රාජපක්ෂලා හොරු කියන බයිලේ ගහන්න පටන් අරගෙන. හැබයි රාජපක්ෂලාගේ නමක් මේකේ නෑ.

    මීට කලින් කරපු එකම චෝදනාවක්වත් ඔප්පු කර ගන්න බැරි වෙච්චි උන් දැන් මේක උස්සගෙන නටනවා.

    මාධ්‍යවේදියෝ කියන්නෙත් මාෆියාවක්. ඒක නොරටද මෙරටද කියලා නෑ. උන් කරන්නේ මේ වගේ සීන් ඇඳලා මිනිස්සු බ්ලැක් මේල් කරන එක.//

    නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන්ගේ නම පැන්ඩෝරා පේපර්ස් වලින් සඳහන් වීම ගැන ඔය කියවන උදවිය සම්පූර්ණයෙන්ම පැන්ඩෝරා පත්‍රිකා වල ඒ කොටස කියෙව්වද?

    ඒ පේපර් එකට අනුව තිරුකුමාර් නඩේෂන් ඔය ධනය උපයා තියෙන්නේ කොයිකාලේද කියලා කියපන් බලන්න ඔය යක්කුන්ට?

    Source of Funds (E කොටස)

    මේකේ කියන විදිහට සැක කටුයුතු වන ඒ මුදල් සියල්ල ඔහු උපයලා තියෙන්නේ 1991 වසරේ ඉදලා 1994 වසර දක්වා කළ ගණුදෙණු වලදී. විශේෂයෙන්ම ජනපති රණසිංහ ප්‍රේමදාස සහ එජාප රජය තුල, මේක වෙන්නේ කොහොමද?

    රාජපක්ෂ පවුල සම්බන්ධව කියනවා නම් නිරූපමා රාජපක්ෂ යනු මහින්ද/ ගෝඨාභය රාජපක්ෂ පවුලේ සමාජිකාවක් නොවේ. ඩී.ඒ. රාජපක්ෂගේ දරුවෙක්ද නොවේ. ඇය මැදමුලන රාජපක්ෂ පවුලට සම්බන්ධ නැත.

    නිරූපමා අතීතයේ දේශපාලනය කළ බුද්ධියගම ජෝර්ජ් රාජපක්ෂගේ දියණියයි. ඇය මැදමුලන රාජපක්ෂ පවුලට සම්බන්ධ නොවන වෙනත් ඤාතිවරියක් නේද?

    මැදමුලන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නම් ඔය ලේඛන වල සඳහන්ව නෑ නේද? හැබැයි පැන්ඩෝරා පත්‍රිකාහි පෙර සංස්කරණයක් වූ පැනමා පේපර්ස් වල කාලෙකට කලින් පාඨලී චම්පික රණවක විශාල මුදල් මංකොල්ලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල කර තිබුණා. නමුත් එයත් මෙවැනිම විගඩමක් විය හැකියි.

    මාතලන් ලඟ තියෙනවනම් සම්පූර්ණ ප්පේපර් එක දාන්න. එතකොට හරියටම බලාගන්න පුලුවන් කොයි කාලෙද හොරකම් කරපු බවට චෝදනා කරල තියෙන්නේ කියලා.

    ReplyDelete
  5. ඇත්තටම පැන්ඩොරා පත්‍රිකා ගැන හැමෝම මේ දවස් වල කතා වෙන නමුත් කවුද දන්නේ මේ පැන්ඩෝරා කියන්නේ කවුද කියලා?

    පැන්⁣ඩෝරා කියන්නනෙ ග්‍රීක කතා වල එන චරිතයක්, ග්‍රීක ජනප්‍රවාදයේ සඳහන් ඇය තමයි පෘථිවියට ආ පළමු කාන්තාව.

    ඇයව නිර්මානය කළේ ග්‍රීක දේව ප්‍රධානී Zeus, ඇය Aphrodite වගේ ලස්සනටත් නිරෝගිවත්, බුද්ධිමත් වත් ඇයව මවල තිබුනා.

    ඇයව පෘථිවියට එව්වෙ Epimetheus ට බන්දල දීලා. Epimetheus ගෙ සහෝදරයා, Prometheus ගින්දර හොරකම් කර මිනිස්සුන්ට දුන්න නිසා Zeus මිනිසුන්ගෙන් පළිගන්න හිතුව.

    පැන්ඩෝරා කසාද බැදල පොලවට එනකොට Zeus මඟුල් තැග්ගක් දුන්න. ඒක jar එකක්. පස්සෙ කාලෙක ඒක box එකක් කියල වැරදියට පරිවර්තනය කරල.

    Jar එක දීල නිකම් හිටියෙ නෑ, තදබල අවවාදයකුත් දුන්න, කිසිම හේතුවකට මේ jar එක ඇර බලන්න එපා කියල.

    පැන්ඩෝරා බොහොම සුන්දර කාන්තාවක්
    හැබයි එයා බොහොම කලබලයි. කුතුහලය පිරිලා.

    එයාට ලොකු කුතුහලයක් මේක ඇතුලෙ මොනවද තියෙන්න කියල බලන්න. ඒත් එයා ආමාරුවෙන් ඉවසුවා.

    ඉවසල ඉවසල බැරිම තැන දවසක් එයා jar එක ඇරියා.

    මොනවද දන්නවද එකෙ තිබුනෙ.

    ඒක ඇරියට පස්සෙ තමයි පැන්ඩෝරාට තේරුනෙ එයා කරපු මෝඩකම.

    එයා කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල. එතෙක් මේ ලෝකෙ ⁣නොතිබුන නරක දේවල් රැසක් ඒ jar එකෙන් එලියට ආවා.

    දුක, ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම, ලෙඩ රෝග, මරණය වගේ සියලුම දුර්ගුණ ලෝකයට එකතු වුනේ ඒ jar එකෙන් එළීයට ඇවිත් .

    පැන්ඩෝරා ගොඩක් දුක්වුනා. එයා වහාම jar එක වැහුවා.

    ඒත් එයා පස්සෙ දැන ගත්තා එකේ එකම එක දෙයක් තාමත් ඉතිරි වෙලා තිබෙන බව ඒ (hope)බලාපොරත්තු, නැත්නම් අභිලාශයන් (expectation).

    අපේ ජීවිතත් පැන්ඩෝරා ගෙ jar එක වගේ තමයි. දුක, ඉරිසියාව, ලෙඩ රෝග හා වෙනත් අකරතැබ්බ වලින් පිරිලා. එහෙම වුනේ එදා පැන්ඩෝරා jar එක ඇරපු නිසාද කියල නම් දනනෙ නැ. ඒත් ඒ පීඩන නිසා හැමෝම වගේ දුක් විදිනව වරින් වර හරි.

    මේ කතාවෙ කුතුහලය අපිට හානිකර දෙයක් කියල පෙන්නුවට කුතුහලය මානව සංහතියේ පැවත්මට සාධනීය ලෙස බල පාපු දෙයක්. ඒත් සමහර මිනිස්සු වැඩිපුර තීරණ ගන්නෙ කුතුහලය මත මිස මොළෙන් කල්පනා කරල නම් නෙවෙයි.

    කොයි තරම් පැන්ඩොරා ලෝකෙට කරදර ගෙනාවත් ඒ jar එකේ බලපොරොත්තුව හා අභිලාශයන් තාමත් තිබෙන බව
    අමතක කරන්න එපා. අපි ජීවත් කරවන්නෙ ඒ බලාපොරොත්තු හා අභිලාශයන් තමයි.

    විශාදය වගේ ලෙඩක් හැදුනාම මේ බලාපොරොත්තු බොඳ වෙලා වගේ පේන්න පුලුවන්. ඒත් ඒ ඒ වෙලාවට පැහැදිලිව හිතන්න පතන්න බැරි නිසා.

    ඉතින් හොදට jar එකේ පතුල කියල හිතල, හිත ඇතුලට බැහැල බලන්න. බලාපොරොත්තු
    හොයා ගන්න පුලුවන් වෙයි.

    මේ අනුව මේ පැන්ඩෝරා එක හරහා එළියට ආවේ ලංකාවේ විපක්ෂයේ සිටින සජබ, ජවිපෙ, එජාපයේ බහුතර අනුගාමිකයන්ගේ දුක, ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම, ලෙඩ රෝග, මරණය වගේ සියලුම දුර්ගුණ වගේම කවදාක හරි දැනට බලයේ ඉන්න දූෂිත රාජ පක්ස කල්ලිය පරද්දන්න පුළුවන් වේවි කියන අහිංසක බලාපොරොත්තු. ඒ නිසා ඒවාට හිනා වෙන්න එපා පවු.

    ReplyDelete
  6. Replies
    1. @නිදිගෙ පංච තන්තරේ

      මේ සේරම කරන උන්නැහේලා, ඒවා කටින් බතල විතරයි කියා දන්නා නිසයි ප්‍රශ්න දැනුම් දීම සඳහා කිසිම දුරකථන අංකයක් දෙන්නේ නැත්තේ.

      කාර්ය සාදක මළකායේ මොකෙක්වත් තවම මහරගම පමුණුව පාරට ආවේ නැහැ.
      නීති නොතකන එව්වෝ හිටු කියලා මහ පාරේ. මාවත් අත් අඩංගුවට ගන්න, ගෙදරට ඕනේ දේවල් හොයන්න මමත් ඊයේ හවස එලියට බැස්සා.

      පරිප්පු කිලෝව රුපියල් දෙසීයට ගෙනාවේ. වෙන විස්තර ඕනේ නැහැනේ. xකිල්ලේ රජ්ජුරුවෝ දිගු කල් දිනේවා!

      අනේ දෙයියනේ, ඔබ වහන්සේලා කියා කොට්ඨාශයක් ඉන්නවා නම් මේ xකිල්ලේ රජ්ජුරුවෝටයි, උපදේශක රොත්තටයි- ලොකුම ඇත්තන් කිහිප දෙනෙකුටයි කොරෝනා සාදවා දෙන්න. සුවර්, බුදු වෙන්න ඒ පින ඇති!

      Delete
    2. කලබල වෙන්න එපා නිමල් මහත්තයෝ,

      අපේ ජානවලම තියෙනවානේ පුරුද්දක්. මතකයි නේද එක-එක රටවල අය එක-එක දේවල් ඉල්ලාගන්න දෙවියන් හමුවුණු දවස. ඒ මිනිස්සු එක-එක ජාති ඉල්ලුවා. දෙයියොත් දුන්නා. අපේ වාරේ ආවා.

      උඹලා මොනවා ඉල්ලන්නද ආවේ? දෙයියෝ ඇහුවා.

      අපේ රට නියෝජනය කළ මොට්ට වාහේ කිව්වා 'නිකං ආවේ' කියලා.

      "එහෙනම් නිකම්ම යනු!" දෙවියෝ තීන්දුව දුන්නාලු. ඒකයි අපි තවම නිකම්ම නිකං!

      Delete
  7. මාතා මොකද හිතන්නේ ඕස්ට්‍රේලියාවේ 400 දෙනෙක් මේ පැන්ඩෝරා එකේ කියන විදිහට සල්ලි හංගන්න හේතුව මොකක්ද?

    මොකද රටක් සංවර්ධිත නම් වත්කම් හංගන්න ඕනේ නෑනේ බන්. කෙලින්ම ඩික්ලෙයා කරල බදු ගෙවල සැපට ඉන්න පුළුවන් නේද? මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද? ��

    මූලාශ්‍රය: "About 400 Australian names are contained in the papers, a cache of 11.9m files from companies hired by wealthy clients to create offshore structures and trusts in tax havens such as Panama, Dubai, Monaco, Switzerland, the Cayman Islands and Samoa."

    https://www.theguardian.com/australia-news/2021/oct/04/no-stone-is-left-unturned-australian-links-in-pandora-papers-will-be-investigated-ato-says

    ReplyDelete
  8. අඩෝ ළමාතං මෝලෝ,

    මේ කියන කෙහෙල් මල් පේපර් එකත් හරියට අර අපි ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ පන්තියේ ක්ලාස් එකේ කොල්ලෝ වට කරගෙන ඇම්ඩාගේ කතා කියපු කාලේ වගේ නේද මචන්?

    එක දවසක් අපේ කොලේජ් එකේ ක්ලාස් එකේ ඒම කතා කට්ටිය කතා වුණා පොඩි ඕෆ් පීරියඩ් එකකදී, ඔහොම යනකොට එක එකා එකිනෙකට වෙනස් කතා කියාගෙන යද්දි එකෙක් හිටියා "පොර ටෝක්ස්" කියලා කාඩ් එකක් වැදුණ එකෙක් අපේ ක්ලාස් එකේ, මේ ගෝතයා කතාව කියන්නේ උත්තම පුරුෂයෙන් උගේ අත්දැකීම් වගේ ලොකු ටෝක්ස් කෝටියක් දුන්නා අලි වංසෙන්, මූ ඔය වගේ කයිය ගගහ ඉන්නකොට දවසක් සද්ද නැතිව මැඩම් කෙනෙක් නොදැනීම වගේ ඇවිත් අහගෙන හිටියා පිටිපස්සට වෙලා, කතාව කිය කිය හිටපු අරූට මුකුත් පෙනුණේ නැහැ ඒක, ගල් කපටි ලෝකෝත්තර අපි සෙට් එක මැඩම්ව දැක්කත් අපිත් සද්ද නැතුව හිටියා. එතකොටම එවෙලෙ ඌට කිය වුනා අපෙ ඉස්කොලෙ මැඩම්ලා දෙතුන්දෙනෙකුත් ඉන්නවා මම සෙට් කරන් ගහනවා කියලා... එතකොටම මළ පැනපු මැඩම් හනිකට කඩා පැනලා අපි සේරටම හතර අතේ බැනලා, ඊට පස්සෙ අර පොර ටෝක්ස්ගේ කණෙන් අල්ලගෙන ඇදන් ගියා සෙක්ෂනල් හෙඩාගේ ඔපිස් එකට ස්කොලෙ ඉවර වෙන වෙලාවට තමයි ඌ ඔපිස් එකෙන් ආවෙ අපිට මොකුත් කිව්වෙ නෑ ඔපිස් එකෙ උනේ මොකද කියලා එදා ඉදන් පන්තියෙ වැඩිය කතා කරෙත්නෑ, හැබැයි අපරාදේ තව පොර ටෝක්ස් ගොඩක් අපට මිස් වුණා කියලා දැන් තමයි ඉතින් හිතෙන්නේ.

    ReplyDelete
  9. ඔය සීන් එක රන් කරලා තියෙන්නේ සිංගප්පූරුවේ බ්‍රෝකර් සමාගමක් නේද?

    මේක බලන්න;

    "A Singapore-based offshore services provider has come under the spotlight amid the biggest trove of leaked offshore data on the world's richest and most powerful people."
    https://www.businesstimes.com.sg/banking-finance/singapores-asiaciti-trust-under-spotlight-in-pandora-papers-offshore-data-leak

    ඇත්තටම ඔය සංවර්ධිත යැයි හඳුන්වා ගන්නා රටවල් ඔහොම තමයි අනෙක් රටවල්වලින් ධනය උලා කන්නෙ. මේ ගැන මම සෑහෙන කාලෙක ඉඳන් කියනවා. නමුත් තේරුම් ගන්නෙ ඉතාම අතළොස්සයි. ලංකාවේ නම් හැමෝම වගේ දන්නෙත් නිකම් මතුපිටින් බලලා බැන වදින්න විතරයි. ඔහොම තමයි ඉතින්... මොනවා කරන්නද...?

    ReplyDelete
  10. Using offshore tax havens to buy properties are not illegal, thing illegal could be the way the money is earned (if you can follow the trail).

    Obviously this money is belongs to Thirukumr Nadeson who is well known wealthy business man who is more connected to UNP than Rajapaksa. Wealthy doesn't automatically mean money by corruption, Maharaja Org is very a big business.

    Nirupama is probably the least corrupt out of the lot cos Nadeson is wealthy.

    ReplyDelete
    Replies
    1. Wije sar, vat meen 'havens'. ples eksplain t.
      thankiv.
      i com yuvar clas.

      Delete
    2. මේ ගැන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, "පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු පාකිස්තානුවන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන බවය." ඔබ තමන් උපන් මව්බිමට අවංකවම ආදරය කරන නායකයෙක්. "ඔබටවත්" ඔබ වටා සිටින අවංක යයි කියාගන්නා තක්කඩින්ට නිසි දඬුවම් ලබාදී මුළු ලෝකයටම ආදර්ශමත් දේශපාලඥයකු ලෙස ලෝක ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවීමට හැකි වේවා....මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව දියවනාව පට්ටියේ "226 ටම" කියවීමට හැකි වේවා...!!!

      - එල්. අයි. ප්‍රනාන්දු

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  11. hi Wije
    is belongs is rong
    business man is one werd

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තටත් වැඩිහිටි දීමනාව 2000ක් දෙනවා. තව පොඩ්ඩෙන් අහු වෙනවා.

      Delete
  12. පැන්ඩෝරා පේපර්ස් පුතේ ,

    As the civil war escalated in May 1991, Rajapaksa and Nadesan set up Rosetti Ltd., another shell company, on the Channel Island of Jersey. It would provide consulting services “mainly in relation to inward investment into Sri Lanka,” according to confidential documents

    මේකෙ රාජපක්ශ කියන්නේ නිරුපමා රාජපක්ශ ගැන. ඒකට ඔක්කොම රාජපක්ශලා දැම්මේ කොහොමද කිරි පුතේ?

    ReplyDelete
  13. මෙහෙමයි මාතලන්,

    මගේ නම් අදහස මම උපයන සල්ලි මට කැමති රටක තියා ගන්න පුළුවන්. දැනට උනත් අපේ ඩොලර අපිට අවශ්‍ය වෙලාවක පිටට ගන්න බැරිනම් අපි උපයන ඩොලර් ඉයුරෝ ලංකාවට එවන්නේ නැහැ. මම එවන සල්ලි වලින් ලංකාවේ ඉන්න මෙලො රහක් නැති නිකමෙක් එයාගේ පුද්ගලික ප්‍රයෝජනයට අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එල් සී 300 (ලෑන්ඩ්කෲසර්) හරි රේන්ජ් රෝවර් නැත්නම් මර්ක් මේබැක් එස් 600 කාර් ගෙන්වනවා, හරි එහෙම නැත්නම් ඒවායෙන් ආණ්ඩුවේ කන්තෝරුවල පුටු රත්කරන ගමන් පගා ගහන අයිස් පප්පලා, දවසක් පොත අස්සන් කරලා අඉත් දවස් වල ආණ්ඩුවෙන් දෙන මොටර් සයිකලෙන් රස්තියාදු ගගහ පින් පඩි ගන්න කාලකණ්ණින්ව හුරතල් කරනවා මට බලන් ඉන්න පුලුවන්ද?

    ReplyDelete
  14. මේක ඇත්ත ද දන්නේ නැහැ නේද?

    https://www.facebook.com/MawathaSL/videos/885635272379040/

    ReplyDelete
  15. මේකා පූක කසන්නේක්....බැදූමි ඛරේ ගැන එදා කිවිවෙත් මෙහෙම

    ReplyDelete
  16. I trust Australian journalists who unwail this scandal.

    ReplyDelete
  17. මාතේ,

    //ඇනිමල් රිපෝට්// නෙමෙයි යකෝ ඇනුවල් රිපෝර්ට්

    මන් දැක්ක රාජපක්ෂට හොරා කිව්වත් එකෙයි හොරාට රාජපක්ෂ කිව්වත් එකයි කියල බුකියේ කියල තිබුන.
    මිට හේතුව මේ මිනිසුන් කල එකම හොද දේ යුද්දේ දිනපු එක පමණක් වීමත් අනෙක් කරපු හැම දෙම කොටි ගණන් හොරකම් කල එකෙත්, කියන්නේ සියල්ල දන්නා ඇත්ත. හැබැයි හොරු රාජපක්ෂල විතරද ? ජීවිතේට රැකියාවක් නොකළ ඒවගේම කිසිම සමාගමක් අයිති නොවූ පියෙකුගේ පුතෙක් වන සජිත් ප්‍රේමදාස දහස් ගණන් වලින් පහුගිය චන්දෙදි වියදම් කලේ කාගේ සල්ලිද ?

    මේ රටේ මිනිසුන් කැමති නෑ හොරකම් කරනවට, හැබැයි ඒ අනුන් හොරකම් කරනවට තමයි අකමැති නමුත් තමුන්ට ඕනේ හොරකමක් හොදයි. මේක තමයි සුද්ද යථාර්ථය.

    උබ පසුගිය කාලයේ කොටස් වෙළදපොල ගැන බැලුවනම් පෙනෙයි වත්කම් වල අගයට (Asset value) සමාගම් විදෙසිකයන්ට විකිනෙනවා. කාලාන්තරයක් වියාපාර කරලා පාරිභෝගිකයන් හිමි මේ සමාගම් මේ තත්වයට වැටුනේ ඔවුන් කලේ එදා වෙල හොයාගැනිම නිසයි ඔවුන්ට සංචිත තිබුනේ නෑ අපහසු කාලයට ,මුහුණ දෙන්න, අනෙක් අතට ඔවුන්ට අවදානමක් ගන්න බයයි මොකද ඔවුන් දන්නවා රටේ පාලකයන් විහ්ස්වාස කල නොහැකි බව.

    මගේ මිතුරකු ලගදි මට කීවේ දැන් මේ රට අතහරින්න හොද කාලය බවයි ඔහු ඇමරිකාව තුල ජීවිතය ගොඩනැගීම ගැන සිතනවා ඔහු කියනවා ඒ රටේ ඇති අවස්තාව පිලිබදව.

    මම තවම මේ රට ගැන සුභ වාදීව දකිනවා මට හිතෙනවා නිර්මාණශීලිව යමක් කල හැකිනම් අද ඇති තාක්ෂනය සහ පහසුකම් මත හොද ජිවිතයක් ඇතිකරගැනීමට හැකියි කියල, ඒ අතරම මේ රටේ මිනිසුන් මේ ගැන අවබෝද කර ගනිවියයි මම හිතන්නේ නෑ දිව්නුව තනි තනි මිනිසුන්ගේ නිර්මාණශීලි හැකියාව මතයි.

    ReplyDelete
  18. මාතා, දන්නවා නේද අතිගෞරවනීය මුහම්මුද් නබිතුමාගේ හිස සිරුරකට යොදා නිර්මාණශීලි චිත්‍රයකට නැගූ ස්වීඩන් කලාකරු ලාර්ස් විල්ක්ස් රිය අනතුරකින් මියගොස් ඇති බව?

    ලාර්ස් විල්ක්ස් සිවිල් පොලිස් වාහනයක ගමන් කරමින් සිටියදි දකුණු ස්වීඩනයේ මාකරිඩ් නගරය අසලදී සැක කටයුතු ලෙස අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මියගිය අතර, ලොරි රථයේ රියදුරු සයීඩ් අහ්මද් නැමැති තිස් අට වියැති අයෙක් තුවාල ලැබීය.

    මෙම කාටූනය නිසා 75 හැවිරිදි කලාකරුවාට මරණ තර්ජන එල්ල වී තිබූ අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දිවි ගෙවීය.

    2007 දී මෙම කාටූනය පළ කිරීමත් සමග එය අවමන් කිරීමක් වශයෙන් සිතූ අතිගෞරවනීය නබිතුමාගේ දෘශ්‍ය රූපය අදහන බොහෝ මුස්ලිම්වරුන්ගේ සිත් රිදවීමට හේතු විය. මෙය පළ වූයේ ඩෙන්මාර්ක පුවත්පතක නබිතුමාගේ කාටූනයක් පළ කර වසරකට පසුවය.

    Link - A view of a scene after an accident between a car and a lorry in which three people died, including Swedish artist Lars Vilks, outside the town Markaryd in Sweden on 3 October 2021

    (ඡායාරූප මූලාශ්‍රය REUTERS)

    අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් අපැහැදිලිය, අනතුර සිදුවූයේ කෙසේද යන්න තවමත් අපැහැදිලි අතර, "අනතුර සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියාවක් ඇතැයි සැකයක් මත වෙනත් ඕනෑම මාර්ග අනතුරක් මෙන් මෙය ද විමර්ශනය කෙරෙමින් පවතිනවා. පොලිස් භටයින් දෙදෙනෙක් ද මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන නිසා රජයේ නීතිපති කාර්යාලයේ විශේෂ අංශයකට පරීක්ෂණය පවරා තිබේ," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා AFP පුවත් සේවයට පැවසීය.

    ලාර්ස් විල්ක්ස් ගමන් කරමින් තිබුණු පොලිස් රථය ඇසින් දුටු එක් සාක්ෂිකරුවෙක් ඇෆ්ටොන්බ්ලැඩෙට් (Aftonbladet) පුවත්පතට පැවසුවේ, ලාර්ස් විල්ක්ස් සිටි රථය දෙසට පාලනයෙන් ගිලිහුණු ලෙස අධික වේගයෙන් ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයට අනතුර වළක්වා ගැනීමට වෙලාවක් නොතිබූ අතර පසුව "ඇදහිය නොහැකි වේගයකින්" මහා හඬක් නඟමින් ඔවුන්ගේ රථ ගැටුණු බව තවදුරටත් පැවසීය.

    අනතුරෙන් පසු විශාල ගින්නක් හට ගත් අතර හදිසි ආපදා රථ ගණනාවක් එම ස්ථානයට පැමිණ තිබේ.

    2007 දී නිර්මාණය කළ මෙම කාටූනය මුස්ලිම් ජනතාවගේ කෝපයට හේතු වීමත් සමග ලාර්ස් විල්ක්ස් ලොව පුරා මාතෘකාව බවට පත් විය. එම තත්ත්වය සමනය කිරීමේ උත්සාහයක් ලෙස එවක ස්වීඩනයේ අගමැති ෆ්‍රෙඩ්රික් රයින්ෆෙල්ඩ්ට මුස්ලිම් රටවල් 22 ක තානාපතිවරුන් හමුවීමට ද සිදු විය.

    ටික කලකට පසු, ඉරාකයේ අල් ඛයිඩා සංවිධානය ලාර්ස් විල්ක්ස්ගේ ඝාතනය සඳහා ඩොලර් 100,000ක ත්‍යාගයක් පිරිනමන බවට නිවේදනය කළේය.

    2015 දී කෝපන්හේගන්හිදී ලාර්ස් විල්ක්ස් සහභාගී වූ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ විවාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මිය ගිය අතර ලාර්ස් විල්ක්ස් කියා සිටියේ ප්‍රහාරයේ ඉලක්කය ඔහු විය හැකි බවය. නබිතුමා කාටූනයට නැගීම හේතුවෙන් වඩාත් ප්‍රසිද්ධ වුවද, ලාර්ස් විල්ක්ස් සායම් හා තීන්ත යොදාගෙන චිත්‍ර සහ නිර්මාණ තනන කලාකරුවෙකු හා ක්‍රියාකාරිකයෙකි.

    මේ අතරම ෆේස්බුක් සටහනකට විරෝධය පළ කළ පිරිසකට ඉන්දීය පොලීසිය වෙඩි තියලා - ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ බව සැලකෙන ෆේස්බුක් සටහනකට විරෝධය පළ කරමින් සිටි පිරිසකට පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඉන්දීය බැංගලෝරයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ඥාතියෙකු මුහම්මද් නබිතුමා ගැන "අපහාසාත්මක" ෆේස්බුක් සටහනක් පළ කළ බවට චෝදනා නඟමින් අදාළ දේශපාලඥයාගේ නිවස ඉදිරිපිට විශාල පිරිසක් විරෝධතාවක නිරත වී තිබුණි. ඔවුන් වාහනවලට ගිනි තබා, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්වලින්, සයිකල් චේන් සහ පෙට්‍රල් බෝම්බ වලින් පහර දුන් බව පොලිසිය බීබීසී හින්දි සේවයට පැවසීය.

    Up Next

    -මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීමේ චෝදනා ලද කථිකාචාර්යවරයකුට මරණ දඬුවම

    -ආගම නිසා රටක් අහිමි වූ පාකිස්තාන් ගැහැණිය

    ReplyDelete
    Replies
    1. මේක මට හිතෙන දෙයක් පමණයි. එනිසා නොබනිතැයි බලාපොරොත්තුවෙනවා.

      ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝදෙනෙකුට වඩා ලංකාවේ මුස්ලිම් බහුතරය හොඳයි. ඔවුන් තමන්ගේ බිස්නස්වලට පාඩුවෙන දේ කිරීමට අකමැතියි. අල්ලාට වඩා සල්ලිවලට ලැදියි. ප්‍රචණ්ඩ ආගම්වාදී අන්තවාදී ක්‍රියා බිස්නස්වලට හොඳ නැතිනිසා ඒවාට අනුබලදීම අඩුයි. මැදපෙරදිග ඉන්ෆ්ලුවන්ස් නිසා අනන්‍යතාවය පෙන්නන්න ඇඳුම්වගේ දේවල් කලාට බිස්නස්වලට ලොකු පාඩු කරගෙන ආගම මත්තෙ නැහෙන්නෙ නෑ. දුප්පත් බිස්නස් නැති සමහරෙක් හා සිංහල බෞද්ධ අන්තවාදය නිසා තල්ලුවුන සමහරෙක් හා ඇත්ත ආගම් පිස්සන් සමහරෙක් මුස්ලිම් අන්තවාදය අල්ලගෙන හිටියට බහුතරයේ ප්‍රමුඛතාවය සල්ලි ! එනිසා ඔවුන් සමග සිටීම ලෙහෙසියි

      Delete
  19. මාතා මේක ගැන හිතන්නේ මොකද කියලා කියපන් බලන්න?

    https://www.facebook.com/salakuna/videos/582061269893830/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න