.

.

Apr 23, 2022

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්.. විමල්ගේ ඝෝඨා ජනපති විමල් අගමති, ඩලස් පොදු අපේක්ෂක සිහිණය

 

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්..

විමල්ගේ ඝෝඨා ජනපති

විමල් අගමති,

ඩලස් පොදු අපේක්ෂක සිහිණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖

ලබන සතිය දේශපාලනයේ මෙන්ම ජෝතීෂ්‍යයේද තීරණාත්ම සතියක් වනු නොඅනුමානය. ඒ සෙනසුරු මාරුව නිසාය.

එය රාජපක්ෂ පවුලේ අනාගතය මෙන්ම රටේ අනාගතයද තීරණය කරන්නාවූ අති විශේෂ සතියක් වන්නේය.

තව දුරටත්, විමල්, ඩලස්, ගොම්මන්පිල  වැනි තුප්පහි ගුණමකුවන්ගේ ගුලි කා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වී ඉල්ලාගෙනම කනවාද?

නැතිනම්, දැනටමත් ආර්ථිකය ගොඩ දැමීමට තෝරාගෙන ඇති, උගත් බුද්ධිමත් ජාත්‍යන්තරයේ කීර්තියක් අත්පත් කරගෙන ඇති, දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති, උසස් වැදගත් පිරිස සමඟ ගමන් කොට අර්බුදයෙන් ගොඩ එනවාද යන තීරණය ඇත්තේ ඝෝඨාගේ අතේය.

ඇත්තටම රට ගොඩ දැමීමට කප්පරක් ඇමතිවරු ඕනෑ නැතිය. මීට වඩා විශේෂඥ සුපිරි පිරිසක් එකෙකුටවත් ඇත්තේත් නැතිය. මේ පිරිස සමඟ.., ඉඳිරියේදී සේවය ලබා ගැනීමට නියමිත ජාත්‍යන්තර විශේෂඥයින්ගේ හා ආයතන ටික ඒ වැඩේට හොඳටෝම ඇතිය. 

අවශ්‍ය වන්නේ ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කළ හැකි නිර්භීත නායකත්වයක් පමණි.

තව දුරටත් රනිල්ලාගේවත්, විමල්ලාගේ ලණු කෑමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේම නැතිය. උන් දන්නේ රට කෑම පමණමය.

විමල්ගේ උත්සාහය රට විනාශ කිරීම පමණක් නොව, රාජපක්ෂ පවුලද විනාශ කිරීමය. මෙය මෙතුවක් නොතේරී, උන් රෙද්ද අස්සේ දමාගෙන කිරි පෙවූ මහින්ද මේ සියල්ලටම වග කිව යුතුය.

මා හිතවත්, මව්‍ රට පත්තරයේ උපුල් ජෝසප් ප්‍රනාන්දු ආඩම්බරයෙන් කියා ඇත්තේ, විමල්ලාගේ මේ ගේම එයා මේ අවුරුද්දේ මාර්තු වල කිව්වා කියලාය.

එහෙත් විමල්ලාගේ ගේම මාතලන් ලියූවේ ආන්ඩුව පත් වී මාසයක් දෙකක් යාමට ප්‍රථමය

බැසිල් විරෝධි ෆේස්බුක් බයියන් කිහිප දෙනෙකුගෙන් මාතලන්ට ආරාධනා ලැබුනේ..., 

2025 ඝෝඨා ජනපති

විමල් අගමැති 

වැඩක් යන බවත්, 

මටද ඔවුන් හා එක්වන ලෙසත්‍ය. එහෙත් මා කීවේ විමල් දේශපාලන ගල් ආඳෙකු මෙන්ම කපටියකු වූවත්, ඔහු ගුණමකුවකු බවත්, මූණේ හිනාවක් නැති වමේ මුඩුමයකු කිසිදා විශ්වාස නොකරන ලෙසත්‍ය.

(බුකි බයියන් විමල්ගේ මේ සෙට්ටෙක දන්නවාය, උන් අදටත් මාගේ මිතුරන්මය)

එදා මා කියූ අනාවැකිය අද එලෙසින්ම සැබෑ වී අවසානය. දැන් අරින්නේ බැසිල්ට පමණක් නොවේ. පියකු මෙන් තමන් මිනිසකු බවට පත්කල, මහින්දටත් බටර් නැතිව ඇරලා අවසානය.

එපමණක් නොව, ඩලස් බුවා මීළඟ පොද්දා බව කියූ විට පොහිට්ටුවේ මා දන්නා හිතවතුන්ද මාතලන්ට කින්ඩිය දැම්මේය.

අද ඔය ජනාධිපතිට පෙම් හසුන් ලියන්නේ ඩලස් නොව විමල් බව බොහෝ දෙනෙකුට නොතේරීම කරුමයය.

විමල් වගේ උන්ට නොමිනේෂන් වත් දෙන්න එපා කියලා අපි කියන්නේ මේ නිසාවෙන්මය.

ඒ මීළඟ ජනපතිවරණයේ අපේක්ෂයින් දෙදෙනාය. දෙදෙනාම විමල්ගෙන්‍ය්... පෝට්ටුවෙන් ඝෝඨා ජනපති විමල් අගමැති වනාතර. විපක්ෂයේ පොද්දා ඩලස්‍ අලහප්පෙරුමය.

එතකොට ඩලස් දින්නාම විමල් අගමැති වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන්‍ය. එය බැසිල් මෙතඩ් එකකි.

ඩලස් ජනාධිපතිගේ ඉල්ලීම මත ආන්ඩුවට එකතුවන විමල්, අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සිරි ලංකා ජනරජයේ අගමැති ලෙස දිවුරුම් දෙන්නේය. 

මේ සියල්ල සිඳුවන්නේ චිනයේ අනුග්‍රහයෙන් බවත්, විමල් 1988/89 සිටම ඉන්දියාණු හා ඇමරිකාණූ විරෝධියකු වීම ඊට හේතුව බවත් මාතලන් ලියා බොහෝ කල්‍ය.

දැන් ඝෝඨාට ආරම්බ කිරීමට ඇත්තේ බින්දුවේ සිටය. මේ අවසන් අවස්ථාවයි..

ඒ ගමන එක කුස උපන් උන් සමඟ යනවාද,

නැත්නම් කෙලෙහිගුණ නොදත් ගුණමකු අපතයන් පිරිසක් සමග යනවාද යන්න තීරණය කිරීම ඔහු සතුය.

අප්පමාදෝ අමත මචං

පමාදෝ මච්චුනෝ මචං


ඒ වගත් මෙසේය...


.

22 comments:

  1. //තව දුරටත් රනිල්ලාගේවත්, විමල්ලාගේ ලණු කෑමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේම නැතිය. උන් දන්නේ රට කෑම පමණමය.//

    මේ කියමනට මාත් එකඟ වෙනවා.

    ඒ උනාට ඒ කියමනේ පොඩි අඩුපාඩුවක් තියනවා.

    ඒ තමයි, රනිල්ලා විමල්ලා කාලා ඉතුරු කරපු රට, ගෝඨා කාලා ඉවර ම කළා කියන එක.

    ReplyDelete
  2. බැසිල් සහ නන්දේ පෝට් සිටි එක, හම්බන්තොට කර්මාන්ත පුරය වගේ චීන ආයෝජන ගැන තිබුණ ප්ලෑන් එකට විරුද්දව ඇමරිකානු ඩිමොක්‍රටික් පාටියේ සමන්තා පවර්ලා ඉන්දියානු බුද්ධි අංශ වල සහයෙන් මංගල සමරවීර/ කීලී මහාරාජා සහ උන්ගේ හෙංචයි රැල යොදාගෙන මංගලලා හරහා ලංකාවේ ක්‍රියාත්මක කරපු පරිසර ආරක්ෂණ කෝලම් නැටුම්, සිංගප්පූරුවේ සාදර අනුග්‍රහයෙන් නටපු එක්ස්ප්‍රස් පර්ල් නැව් නාඩගම වගේ දේවල් වලට බයවෙලා රෙද්දේ රෙවිච්ච නන්දෙයි බැසිලයි ඇමරිකාවට පුප දෙන්න ගියාම උන් ලංකාවට ලෙසටම ඇරියා, ඉන්දියාව කලාවට ලාවට පොඩි ආතල් එකක් දෙනවා ඒත් ඒක මදි, මම ඒ දවස්වලම කමෙන්ට් කරලා කියුවේ ඕක තමයි ඇමරිකන් කාරයෝ ඔහොම්මමයි, උංගේ රට ඇරුණහම ගිය ගිය තැන විතරක් නෙමෙයි පය ගහපු තැනක් ඇත්නම් එතැනත් විනාසයි. ඇමරිකන් කාරයෝ පකිස්ථානය රූකඩයක් වගේ නැටෙව්වා සෝවියට් රුසියාව, සහ වමට බරවී හිටපු ඉන්දියාවට එදිරිව අවුරුදු හැට හැත්තෑවක කාලයක් අන්තිමට දැන් පකිස්ථානය විනාස වෙලා නන්නත්තාර වෙලා අනාථ වෙලා තියෙනවා. හොඳට තිබ්බ නේපාලයට එම් සී සී ගිවිසුමක් බලෙන් ඇඟේ ගහලා ජල විදුලි ව්‍යාපෘතියක් කියලා අටමගලක් ආරම්භ කළේ දැන් නේපාලයේ ආසියාවේ තිබ්බ විශිෂ්ට පරිසර පද්ධතිය විනාශ වී පරිසර සහ වනසතුන් නැරඹීමට පැමිණි සංචාරක ව්‍යාපාරය හරහා ලැබුණ ආදායම් බාගයකට වඩා අඩු වෙලා, ගම්මාන ගණන් නියඟයෙන් වැනසිලා නේපාලය විශාල ආර්ථික අර්බුදයක ලංකාවට හපන්, ඇමරිකන් කාරයෝ පය ගහලා බලෙන් ඩිමොක්‍රසි දීපු ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් සදා සොත්ථි. ඉරාකය ලිබියාව ලංකාවේ වාර්ෂික ශුද්ධ අපනයන ආදායමට කිට්ටු ගණනක් එක මාසේකට තෙල් අපනයනයෙන් විතරක් හොයනවා ඇමරිකානු තෙල් සමාගම් යටතේ ඒත් ඒ රටවල් තාම අනාථයි. කචල් ගොඩක්. ලංකාවත් 2019 ට කලින් හොඳින් තිබුණා ඊට පස්සෙ ඇමරිකන් කාරයෝ ඉන්දියාවේ සපෝට් එක ඇතුව 2019 පාස්කු කේස් එක කරලා ලංකාවට කෙළවලා ඒක පිට දාල ඇමරිකන් රූකඩ ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු ලංකාවේ පාලනයට පත් කරලා රට විනාශ කරලා තියෙන්නේ දැන් මේක ගොඩ දාගන්න බැරි තරමට කෙළවිලා තියෙන්නේ. චීනය කොහොමත් උන්ගේ ජොකියෙක් ලංකාවට දායි 2024, දැනට ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ ඇතුලු පිරිස වගේම සජිත් ප්‍රේමදාස සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සෙට් එක චීනයේ සාක්කුවේ ඉන්නේ. ජෙප්පන් වැල යන අතට මැස්ස ගැසීම සහ ආසන ගාන වැඩි කරගෙන කම්ෆර්ට් සෝන් එකේ ඉඳන් හොරා හොරා කිය කියා බැන බැන ඉඳීවි. ලංකාවට අබ සරණයි දැන් නම්. හැබැයි ඩලස්ව පෙන්නලා පස්සෙ වෙන ජොකියෙක් දායි කියලා මට හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
  3. මාතා, සමගි ජන බලවේගය චීන රජය සමග ඉතා හොඳ සම්බන්ධයක් ඇති එක ඇත්ත ඒත් ඒක කුමන්ත්‍රණයක් කියලා කියන්නේ ගොන් තර්කයක්.

    දැන් බලපන් මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ලගට ගියේ සජිත් ප්‍රේමදාසයි,

    මුලින්ම මිරිහානට ගියේ සජබයේ හිරුණිකායි,

    මුලින්ම විජේරාමේ අගමැති නිවස සොයා ගියේ අන්තරෙයි,

    පක්ෂේ කොල්ලන්ව බිලී බෝයිස්ලා කරලා ජනාධිපති ලේ.කා. ලගට යවලා කිසිවෙකු නැති නුගේගොඩ හුණ්ඩු ටවුමට ගියේ බොලාගේ ලොක්කා අනුර කුමාරයි, ඒක අමතක නොකළ යුතුයි නැතුව මේ වගේ උඩ පනින එකෙන් ඇති වැඩේ මොකක්ද කියලා උඹම හිතලා බලපන්, ස්තුතියි!

    ReplyDelete
  4. මාතා ඔය කෙහෙල් මල් දේශපාලනික නාඩගම් නෙවෙයි ලංකාවේ මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදය ගැන ඇත්තටම අපේ වටිනා කාලය වැය කර අපි කතා කළ යුතු දේ මේවා:

    * පසුගිය වසර 10 තුළ අපගේ ගෙවුම් තුලනයේ ස්වභාවය

    * ගෙවුම් තුලනය ඊළග වසර 10 ඇතුළත අප වෙනස් කළ යුත්තේ කෙසේද?

    * මේ මොහොතේ තව එක ඩොලරයක් හෝ වැඩිපුර ගෙන්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

    * අපගේ සමස්ත ප්‍රවාහනය සදහා වැයවන තෙල් ප්‍රමාණය අවම කර ගැනීමට කළ යුත්තේ කුමක්ද?

    * පසු ගිය වසර 10 තුළ පාපැදි භාවිතය කොපමණ අඩු වී ඇතිද? පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?

    * ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ සහ සේවා නිපැයීමේ හැකියාව (ව්‍යාපාර කිරීමේ පහසුව) ඉහළ දමන්නේ කෙසේද?

    * පොදු ප්‍රවාහන සේවා වල තත්ත්වය දියුණු කීරීම සහ බයික් ත්‍රී රෝද රථ වෙනුවට හැකි තරම් පොදු ප්‍රවාහන සේවා ජනප්‍රිය කිරීම, විදුලි දුම්රිය සහ විදුලි ට්‍රෑම් රථ සේවා ආරම්භ කර ත්‍රී රෝද රථ හැකි තරම් අඩු කිරීම.

    * පෙඩල් සහ කුඩා විදුලි මෝටර් සහිත battery assisted රෝද තුනේ හතරේ සැහැල්ලු කාගෝ වාහන ගම්වල සහ නගර වල භාවිතා කිරීම, විශේෂයෙන් චූන් පාන් සහ අයිස්ක්‍රීම් විකිණීමට වැනි දේට

    * භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා ලංකාවේ මානව සම්පත සදහා ශිල්පමය, ආකල්පමය සහ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරන්නේ කෙසේද?

    * පසුගිය යහපාලන රජය ඩොලර් බිලියන 12 ක අයි එස් බී ණය අරන් කළේ මොනවාද?

    * ඉන් පෙර පැවති රජයන් ලබා ගත් ණය මගින් සිදු කළ ආයෝජන ඒ ආයෝජන සදහා ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට සමත් වී ඇතිද? නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, අධිවේගී මාර්ග වල ආදායම් සතුටුදායක බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මාධ්‍ය මගින් පැවසුව නමුත් අනිත් ආයෝජන වල තත්ත්වය ගැන ස්වාධීනව පසු විපරමක් කළ යුතුයි.

    * නිදහස් වෙළද ගිවිසුම්/ කලාප ආදිය සදහා අපගේ සූදානම (භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ආදිය) කෙබදුද? චීනය, ඉන්දියාව වැනි යෝජිත වෙළද ගිවිසුම් මගින් අපේ රටට එන ඩොලර් ප්‍රමාණය අපේ රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණයට වඩා අඩු වේවිද? වැඩිවේවිද?

    මේ වගේ දේවල් වෙනුවට මේ දවස් වල ලංකාවේ අරගල කරන අය රටේ තියෙන ඇත්ත ප්‍රශ්නය වෙනුවට වෙනත් තේරුමක් නැති වැඩ ගැන අවධානය යොමු කරමින් කාලය නාස්ති කරමින් මේ ඩොලර් අර්බුදය හමුවේ කතා කරන්නේ:

    * රාජපක්ෂලා හොරකම් කළ සල්ලි කෝ (මේවා නැවත අයකර ගැනීමේ අරමුණින් යුතුව කරනවා නම් මම එකඟයි ඒත් එහෙම කරන්න තවමත් පැහැදිලි සැලැස්මක් හරි ක්‍රමවේදයක් නෑ ඒ නිසා මේක ගැන මට නම් විශ්වාස නෑ)

    * ගෝටා යන්න ඕනද? ඉන්න ඕනද? (මොකා ගියත් නැත්නම් හිටියත් රටේ අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහිත නීත්‍යානුකූල යාන්ත්‍රණයක් තිබිය යුතුයි.)

    * ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කොහොමද?

    * ප්ලේන් එකේ උගන්ඩාවට ගියේ මොනවාද?

    * අරගලකරුවන් කන්නේ බුරියානිද?

    * පාස්කු ප්‍රහාරය එල්ල කළේ චන්දෙ ගන්නද?

    * විගණනය කරන්නේ කොහමද?

    * ඊළග ජනාධිපති කවුද?

    * මේක ලියපු එකා බයියෙක්ද? නිර්පාක්ෂිකයෙක්ද? නැත්නම් ඇන්ටි බයියෙක් ද ආදී වශයෙන් අනවශ්‍ය දේවල්

    මේ නිසා මට තේරෙන විදිහට ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. මමත් මේ අදහසට එකගයි.

      Delete
    2. අපිට අපේ සල්ලි වලින් solar power ගන්න දුන්නෙත් නෑ. Private diesel plants වලින් එන කොමිස් කුට්ටි නිසා සාමාන්‍ය ජනතාවට කොටස් ගෙවීමේ ක්‍රමයට හරි alternative energy sources වලට යොමු වෙන එක නැවැත්තුවා.
      පෙට්‍රල් ඩීසල් කියන්නෙ වාහන වලට ගහන්න ඕනෙ තෙල් ටිකම විතරක් නෙමේ.
      විදුලි උත්පාදනයටත් මේක බලපානවා.
      විකල්ප බලශක්ති ප්‍රභව වලට ගිහින්, දරුවො ඉස්කෝලෙ දාන්න, වැඩට යන්න carpool කරන එක හෝ පොදු ප්‍රවාහන සේවා දියුනු කරන එක කරනකන් ගැලවීමක් නෑ.
      අනිත් එක තමා මේ කම්මැලි සහනාධාර මානසිකත්වයෙන් මිනිස්සු ගලවාගන්න එක. අපිට ඉස්සර ඉඳන් එක එක ප්‍රශ්න ඉස්සරහට දාගෙන වැඩ නොකර සහනාධාර බලාපොරොත්තු වෙන්න හුරු වෙච්ච මානසිකත්වයක් තියෙන්නෙ. මහන්සි වෙලා වැඩ කරන්න කැමැත්තක් නෑ. ගෑණු අයත් බහුතරයක් මිනිහගෙන් කන්න තමා බලාගෙන ඉන්නෙ.
      අපිට ගොඩ යන්න කාර්මික පිබිදීමක් අත්‍යාවශ්‍යයි.

      Delete
  5. මාතලන් අපෙ අයියට කඩයක් තියෙනවා. එහෙම වෙලත් චූටිම බබාලා දෙන්නෙක් ඉඳලත් මම බේබි සබන් එක කැටයක් වත් ගත්තෙ නෑ. රෑ කෝල් කරපුවම එයා කිව්වා කඩේ සබන් තියෙනවා කියලා. මම කිව්වා අඩුවුනොත් විතරක් සබන් කැට දෙක තුනක් තියන්න කියලා. අනේ මන්දා මිනිස්සුන්ට මේ ජරා තින්කින් පැටන් ආවෙ කොහෙන්ද කියලා. පහුගිය දවස්වල තෙල් වලට වුනෙත් ඔය ටිකමයි. බූලි පුරවගෙන ගිහින් ගෙවල් වල ගොඩගහගත්තා.ශෙඩ් වල වාහන පෝලිමේ ඉස්සරහින් ඉන්න මිනිස්සු බූලි වලට පුරවන් ගිහින් පෝලිමේ පිටිපස්සෙ මිනිස්සුන්ට වැඩිගානට විකිණුවා. අපේ ගෙවල් ලඟ ශෙඩ් එකේ ඩීසල් ත්‍රීවීල් එකක බිල බලනකොට 26,000/=ක් ලු. අන්තිමට වලියකුත් ගිහින් නතර වුනේ. ඉතින් කොහොමද මාතේ අපි රටවල් හදන්නෙ?

    ReplyDelete
    Replies
    1. Baby soap කැට 3ක් අරගන්න. එකක් මාතල්ගෙ පස්සෙන් ගහන්න. තව එකක් ගෝතයගෙ පස්සෙ ඔබන්න. ඉතිරි එක ....!

      Delete
    2. ගෝටා ගෝ ගම ගෝපයියෝ කියන්නේ ඉතාම සොදුරු මිනිස්සු හීනියට ගංජා සුරුට්ටුවක් ඇදගෙන රෑට කූඩාරමට තමුන්ගේ ජාතියේම ගෝපයියාවියක් ගෙන්නාගෙන බැක්සයිඩ් මසාඡ් දීලා උදේට බුද්ධාගම එපා දාලදාමලිගාව සමතලා කරන්න ඕනා වගේ කතා කියනසර්වසාධාරණ මිනිස්සු අන්න ඔය ගොපයියාවියෝ තමා පොලිසියට මල් දෙන්නේ

      Delete
  6. අඩු වේවා අපේ තිබෙනා කුම්මැහිකම්
    වැඩි වේවා අනුන් වෙනුවෙන් සිතන හැඟුම්
    දුරු වේවා බදාගෙන කන කෑදරකම්
    තරුණ පෙලට හිමි වේවා නායකකම්

    ReplyDelete
    Replies
    1. තරුණ පෙලට හිමි වේවා නායකකම්;

      මේ තියෙන්නේ ඕනෑ තරම් අවස්ථාව, මේ අපේ පා ගමනට සෙට් වෙන්න:

      https://www.youtube.com/watch?v=LZh495Dhrsk

      අනේ මන්ද, මාරාන්තික උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි කියල. ඔය වැඩේට පොඩි, පොඩි සොච්චන් හාමුදුරුවරු බැහැල වැඩක් නෑ. අර ඕමල්පේ සෝභිත හිමි හරි, අගලකඩ සිරිසුමන හිමි වගේ නායක හාමුදුරු නමක් අධිස්ඨානයක් කරල ඔය ඇඳේ සැතපුනානම් එක දවසින් වැඩේ ගොඩ. ඕමල්පේ සෝභිත හාමුදුරුවො කාදිනල්තුමා එක්ක වතිකාණුවට වැඩමකර එහි අවශ්‍ය වැඩ කටයුතු කරනවා මේ වන විට ආණ්ඩු විරෝධී අරගලයට පාප්වහණ්සේගෙ ආශිර්වදය ලබාගන එන්න.

      Delete
    2. //මාරාන්තික උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි කියල.//
      ඒ ටික දැක්කම මොකුත් නොලියා ඉන්නවා කියලයි ඊයෙ හිතුවේ. ලිව්වම මගේ පම්පෝරිය මමම කියා ගත්ත වගේ වෙන නිසා. ඒත් ලියන්නම හිතුනා.
      ඕනෑම කෙනෙකු යම් වැඩකට බහින්න ඕනි හොයලා බලලා. නිසි තක්සේරුවක් කරලා. නැත්තන් ඒ වැඩේ අල වෙන්න තියෙන ඉඩ වැඩියි.
      මට දැන් 68ක් 2013 මට මල්ටිපල් මයෙලෝමා පිළිකා රෝගය වැලඳුනේ. එහෙම තියාගෙනත් මමත් 'ගෝඨා ගෝ ගමේ' අරගලයට ශක්තියක් වෙන්න පැය 68 ක උපවාසයක් සාර්ථකව කළා. වතුර විතරයි බිව්වේ.
      මම හිටි තැනට ඉදිරිපිටින් තමයි හාමුදුරුවන් වහන්සේලා උපවාස කළේ. මට යාබදවත් (රාජාන්ගනේ හාමුදුරුවන් වහන්සේගෙ හිතවතෙක්) උපවාසයක් කළා. ඒ හැමෝම රෝහල්ගත කළා; අරගල බිමේ වෛද්‍ය කඳවුරුවල අයගේ දැඩි බලපෑම මත.) දෙවෙනි දවසේ රෑ මාවත් චෙක් කරලා කිව්වේ 'දැන් උපවාසය නවත්තන්න , ඔයාව කෝමා ත්ත්ත්වයට වැටෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්' කියලා.මගේ මුරණ්ඩුකම නිසාම ඒ පිරිස මට කිව්වා, ඉස්පිරිතාලෙකට ගිහින්- චෙක් කරගෙනවත් එමුයි කියලා. ඇම්බියුලන්ස් එකෙන්ම මාව ආපහු ගෝඨා ගෝ ගමට ගෙනත් දානවා කියලත් පොරොන්දු වුණා. නමුත් මට තියෙන හිතවත්කමට වෙන්නැති, එයාලා මාව මහ රෝහලට ඇතුල් කරලා ගිහින්, මටත් නොකියා.
      රෝහලේ දොස්තර මහත්තයාත් කාරුණිකව උපදෙස් දුන්නේ උපවාසය නවත්තන්නයි. බැරිම නම් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවදා උදේ වෙනතෙක්වත් එහෙ ඉන්නයි.
      ග්ලුකෝස් දැමූ වතුර බොන එකටත් බැහැයි කිව්වාම, එතුමා කිව්වා බෙහෙතක් එන්නත් කරන්නං- හැබැයි ටිකට් කපන්න බෑ, ඔයා යනවා නං කැමැත්තෙන් ගිය බවට අත්සන් කරලා යන්නයි වෙන්නේ කියලා. මං එහෙම කළා. රෑ 10.15 සිට 11 වෙනතුරු විතරයි මම අරගල බිමේ නොහිටියේ. සිකුරාදා උදේ 9 සිට ඉරිදා උදේ 5 වෙනතුරු පැය 68 ක උපවාසය කර ගන්න මට හැකි වුණේ දැනගෙන; දැඩි අදිටනකින් යුතුව; මම මටම අවංකව වැඩේට බැහැපු නිසයි. මගේ දුටු- නොදුටු- හඳුනන- නාඳුනන හිතවතුන් නිබඳවම මට දිරි දුන් නිසයි! (ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා තවමත්- කකුල් දෙකම ඉදිමිලා අමාරුවෙන් ඇවිදින ගමන්!)
      https://nidigepanchathanthare.blogspot.com/2022/04/68.html

      Delete
    3. ඔබගේ නෙසැලෙන අධිෂ්ඨානයට දිරියට ගරුකරනවා.. අරගලයට ජයවේවා..

      Delete
    4. @ Ano 2.36 AM, ඔය නිමල්ලාගේ ඉඳලා පැතුම් කර්නර් දක්වා හාදයන් රැල්ලට ඇවිත් ගොන් ආතල් දීපු එක ඇත්ත, අර කුරුස නාඩගමක් නටපු පිස්සු හාල්පාරුවන්ටත් ඕක අදාළයි. මේ අරගලේට ඔය එක පොල් බූරු මීහරක් වහල් මීහරක් හැත්ත අලුතින් එකතු කරපු දෙයක් නෑ. හරිනම් අරගලේට ක්‍රෙඩිට් දෙන්න ඕනෙ අපි ගෝ හෝම් කියලා බනින නන්දසේන පර බල්ලට .මොකද ඒ පිස්ස පිස්සු කෙලියෙ නැත්තන් තාමත් තමන්ට කෙල වෙන බවවත් නොදැන ලෝකයේ විවිධ රට රටවලින් අනාගත පරපුර උකස් තියලා ණය අරගෙන ඒවායින් පිස්සු කෙළිමින් දෙන ගොන් සහනාධාර වලින් සැපට ඉඳලා ඊට පස්සෙ දවසක ණය ගෙවන්න පුදුමාකාර ලෙස දුක් විදින් ජනතාවක් තාමත් ඉන්නෙ. මේක පොදුවේ ජනතාවගෙ අරගලයක් මිසක් ඔය කවුරුත් පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඔය එක බල්ලෙක්ටවත් ආවඩන්න එපා ඒකෙන් තමයි මේ අවුල වෙලා තියෙන්නෙ. හැමෝම කැමති ප
      නම් උපවාස කරපු දෙන්, හැමෝටම සමානව අරගලය හිමියි, කවුරුත් ලොකු පොරවල් මේකේ නැහැ හරිද?

      Delete
    5. ඔබෙ අදහසත් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය!

      Delete
    6. @ ඇනෝ 3.39

      ඔබේ අදහස් සමග එකඟයි ඔවු ඉතින් කවුරු කවුරුත් තැටිය රත් වෙලා තියෙන වෙලාවට රොටී පුච්චගන්නවා විතරයි අපි ඔය කියන ගොන් පාට් හරහා කරන්නෙ කට්ටිය ට අරගලය එපා නොවී දිගටම කරගෙන යන්න උත්තේජනයක් දීම ,හරියට අර මළගෙවල් වල බූරුවා ගහන එක ඕමි ගහන එක කෙබර කතන්දර කයිවාරු ගහන එක වගේ දෙයක් මෙතන වෙන්නේ ජෙහාන් කියන එකා බාල ලී වලින් හදාපු සැහැල්ලු කුරුසයක් කර තියන් ගිහින් ටොන් ගානක් බර කුරුසයක් හැතැම්ම දාස් ගාණක් උස්සන් ගියා වගේ අධිතාත්වික ආතල් එකක් දුන්න එතකොට ඔය කියන හාමුදුරුවරු නිමල් වගේ අය බොරුවට පැයක් විතර ඇවිත් වාඩි වෙලා ඉඳලා අති භයංකාර මාරාන්තික උපවාස හරියට මාරක ළිඳේ මෝටර් සයිකල් පදින එකක් වගේ මාකට් කරන එක මගින් මේක හරියට සැණකෙළියක් වගේ පවත්වාගෙන යන බව ඇත්ත ඒත් අවශ්‍ය වන්නේ මොන විදිහකට හරි මේ කොස් එක දිගටම පවත්වාගෙන යාමට යොදන මොකක් හරි ජල්තරයක් , ඒ හරහා ආණ්ඩුවට බල කළ යුතුයි හරි දේ කිරීමට...

      Delete
    7. ඇත්තක් වුවත් බලෙන් ඒත්තු ගැන්විය නොහැකිය. ඒ බව දැන-දැනම වුවද මෙය ලියන්නෙ මගේ ගෞරවය හා අභිමානය වෙනුවෙනි.
      මට කිව හැක්කේ අරගල බිමේදී සිකුරාදා උදේ 9 සිට ඉරිදා පාන්දර 5 වන තෙක් පැය හැට අටක කාලය තුලදී කිසිදු ආහාරයක්; පෝෂණීය පානයක් වැනි දෙයක්වත් නොගත් බවයි. මා පානය කලේ වතුර පමණකි. ඒ මට මා අවංක බැවිනි- මා කටයුතු කරන්නේ මගේ හෘදය සාක්ෂියට අවනතව බැවිනි.

      Delete
    8. ඔය උඩ ඇනො ගෝතයින් කියන දෙවල් ගණන් ගන්න එපා නිදී මොකද මේක බහු පාක්ෂික අරගලයක් නිසා සර්වපාක්ෂික සර්වාගමික අදහස් ඔතන තියෙනවා, මමත් ලංකාවේ විසඳුමක් නැති ප්‍රශ්න වලට විසඳුමක් සොයා මගේ හෘදය සාක්ෂියට 200% අවනතව උපවාසයක් සාර්ථකව කළා, ඔබත් නරක නෑ නිදී නමුත් මම නම් මීටත් වඩා හොඳට උපවාස කළා, කොටිනම් මම අප්‍රේල් 03 වෙනිදා උදේ පාන්දර පෙ.ව. 6.01 සිට ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 28 දවල් 12.45 තෙක් මේ දක්වා එක දිගට දවස් 25 ක් කෑම බීම විතරක් නෙවෙයි වතුරවත් නොබී දැඩි ලෙස මාරාන්තික උපවාසයක නිරත වෙනවා, මම නම් වතුර පොදක් තබා කෙළ වත් ගිලින්නේ නෑ, මේ වගේ ඔබත් අනික් අයටත් සැබැවින්ම මාරාන්තික උපවාස කිරීමට සහ දැඩි අධිෂ්ඨානයක් කිරීමට යෝජනා කරමි, මගේ අධිෂ්ඨානය කම්බා හොර රාජපක්ෂ හොර පෞලම සම්පූර්ණයෙන්ම රටින් හැඳි ගෑවිලා පලයන් කියන එකත්, දෙසිය විසිපහ වෙනුවට අලුත් තරුණ පිරිසක් අපි වගේ වයස විසි තිස් ගණන් වල තරුණයන්ට මේ රට පාලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි, මෙය අනිවාර්යය්යෙන්ම ඉටුවෙන බව මට විස්වාසයි, එතකම් මා උපවාසයේ යෙදේනවා, විසඳුමක් නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ ? තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ නැත්තෙ ? තීන්දු තීරණ ගන්න බැරි නම් අපට දෙන්න, අපි ගන්නම් ! ජ්‍යේෂ්ඨ තනතුරු – අගමැතිකම හරි කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ – අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ, ආසන ඕනෙ නෑ, මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න.

      Delete
  7. ළෝකය වෙනස් වෙනවා මාතලන්, ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ ඒමට මහජන චීන සමූහාණ්ඩුව ලංකාවට උදව් කරනවා යනුවෙන් චීනය ප්‍රකාශයක් කරඇති පසුබිමක අනිත් පැත්තෙන් චීන තානාපති ආපහු පාරක් විපක්ෂ නායක සජිත්ව හමුවුනා. එය වත්මන් ඇමරිකන් ඉන්දියන් ගැති රූකඩ අසාර්ථක ආණ්ඩුව පෙරලා බලය ගැනීමට ලොව නූතන මහ බලවතා වන දැවැන්ත චීනය විපක්ෂයට නිකුත් කල කොල එලියක් හෙවත් ග්‍රීන් ලයිට් එකකි.

    වහ වහාම මින් කලබලයට පත්ව ඇති බටහිර තානාපති කාර්යාල, රාජපක්ෂලා, රනිල්ලා, ජවිපෙ හා වතිකානුවට ඊට එරෙහි ප්‍රතිප්‍රහාර හා ක්‍රියාන්විත අරඹා ඇත.කලබලකාරීන්ගෙන් හා කලහකාරීන්ගෙන් වීදී පුරවා සමගි ජන බලවේගයේ අප්‍රේල් 26 පා ගමනත්, එලඹෙන මැයි දිනයේත් සැර බාල කර පොදුජන බලය දියාරු කිරීම ඔවුන්ගේ මූලික උපායයි.

    මහජන චීන සමූහාණ්ඩුවේ සාදර මූල්‍ය අනුග්‍රහය සහිතව සමඟි ජන බලවේග තරුණ බලමුළුවෙන් ආණ්ඩුවට විරෝධය පළකරමින් අප්‍රේල් 26 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා මෙම දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇති අතරම මහනුවර සිට කොළඹ දක්වා එය සංවිධානය කර තිබෙන අතර මැයි 01 වැනිදා කොළඹදී නිදහස් මැයි දින රැළිය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. දැනටමත් ගාලුමුවදොර පවත්වාගෙන යන රාජපක්ෂ විරෝධී ඇමරිකන් ඉන්දියන් ගැති රූකඩ අමන පාලනය එලවීමේ සද්දන්ත විරෝධතාවට ශක්තියක් දීමට මෙම පා ගමන සංවිධානය කර තිබෙන බව සමගි ජන බලවේගය පවත්වන “සමගි බල පා ගමන” ප්‍රධාන සංවිධායක මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වලට පැවසූවා.

    ReplyDelete
  8. වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සියලු ම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදී අනාවරණය වී තිබේ.
    එම මත විමසුමේදී ආණ්ඩුවේ මෙන් ම විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි ඇති මහජන කැමැත්ත පහළ ම මට්ටමට වැටී ඇති බව තහවුරු වී ඇත.
    ඉන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව අදාළ මත විමසුම සම්බන්ධයෙන් නිකුත් කර වාර්තාව පෙන්වා දී ඇත.

    ඒ අනුව, 2021 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා රට වසා දමා තිබූ කාල සීමාවේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය +50 සිට 2022 අප්‍රේල් මාසයේදී -80 දක්වා පහත වැටී තිබේ.

    අදාළ මත විමසුම දේශපාලනඥයින්ගේ සහ තෝරා ගත් ආයතන සම්බන්ධයෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිදු කර ඇත.

    එතැන් සිට 2022 ජනවාරි මාසය දක්වා ජනාධිපතිවරයා ඉහළ ජනප්‍රියත්වක් පවත්වා ගෙන ගොස් තිබේ.

    ඊට වෙනස්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය බොහෝ විට සෘණාත්මක වී ඇත.

    කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ ඒ සියල්ල වෙනස් වී ඇති බව ත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය බරපතළ ලෙස පහත වැටී ඇති බව ඇත අදාළ මත විමසුමේදී අනාවරණය වී තිබේ.

    එම වාර්තාව පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පෙබරවාරි මාසයේදී +20 සිට අප්‍රේල් පළමු සති තුන තුළ -80 දක්වා පහත වැටී ඇති බව ය.

    මාර්තු-අප්‍රේල් කාලය තුළ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය (-40) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (-33) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (-26) යන දෙදෙනාට ම වඩා පහත වැටී ඇත.

    ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ විශාලතම අඩුවීමක් සිදුව ඇත්තේ දිළිඳු, කාන්තාවන්, නාගරික සහ සිංහල වැඩිහිටියන් අතර බව එම මත විමසීමේදී තහවුරු වී තිබේ.

    මීට පෙර ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් දැරූ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතාගේ ද ජනප්‍රියත්වය පහත වැටී ඇත.

    ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවිධානවල ජනප්‍රියත්වය සුළු වශයෙන් පහත වැටී ඇති අතර මහජන අප්‍රසාදය ඉහළ ගොස් ඇත්තේ විශේෂයෙන් ම දේශපාලනඥයින්ගේ බව පෙන්නුම් කරන බව අදාළ මත විමසුමේදී වැඩිදුරට ත් තහවුරු වී තිබේ.

    සම්පූර්ණ වාර්තාව - මව්බිම පුවත්පත බලන්න

    ReplyDelete
  9. නාමලයෝ නාමලයෝ මට මයින පෙන්නපන්
    සාටකයෙන් එල්ලන්නට මයින මාහට දීපන්!

    ReplyDelete
  10. අපි මෙහෙම හිතමුකො මාතෝ, අපි මඟුල් ගෙයක් ජයට අරගෙන ණය වෙලා හොඳටම අපහසුවට පත්වුණ කියමුකෝ... එතකොට අලුත ගෙනා මලමාලිව එලවලා ගේ කුඩු පට්ටම් කරලා පුතාට තව ගෑනියෙක් ගේන්න කියන්නේ නෑනේ. මොකද අලුතෙන් ගෑනියෙක් ගෙනවා කියලා ණය ගෙවන්නේ කොහෙන්ද? ඒ වගේ මෙය හරිම සංකීර්ණයි. නමුත් මේ තියෙන යල් පැනගිය අකාර්යක්ෂම සිස්ටම් එක නම් වඩා ඵලදායී චේන්ජ් එකකට යන්න ඕනේ බව මම තරයේ විශ්වාස කරනවා.

    දේශපාලකයන්, මම ඇමැති, මම මන්ත්‍රී කියලා ලොකුවට ඔටුන්න දාගෙන කරන සියලු වියදම් කපා හරින්න ඕනේ. ජනතාවගේ රුපියලක්වත් වංක චේතනාවෙන් අල්ලන්න බෑ. හැම පුරවැසියෙක්ම තමන්ගේ වත්කම් බැරකම් සියල්ල හදලා දේශීය ආදායම් එකට බාර දීම අනිවාර්ය කරලා නීති සැකසිය යුතුයි, එතකොට කාටවත් හොර කරන්න බැරි ක්‍රිබ් එක වගේ සිස්ටම් එකක් හදන්න ඕනේ, අපි මේ රටේ වැඩ කරලා මට අවුරුදු තිහ හතළිහක් තිස්සේ තිබුණ දේවල් ලංකාවට යවල තියෙනවා, නිදහස් අධ්‍යාපනය හා සුළු සෞඛ්‍ය පහසුකම් පොඩ්ඩක් හැර අපට නම් අලුතෙන් ලැබුණු කිසිදෙයක් නෑ. ඒ වගේ දේසහපාලුවන් වගේම එසේ නොවන රාජ්‍ය පුද්ගලික සෑම කෙනෙක්ම අවකංව ජනතාවට වැඩ කළ යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න