.

.

Oct 13, 2022

Badu Gaseema නිර්මාල් දේවසිරි වැනි පින් පඩි කාරයන්ට අහිතකර විය හැක.

 


Badu Gaseema
නිර්මාල් දේවසිරි වැනි
පින් පඩි කාරයන්ට
අහිතකර විය හැක.
➖➖➖➖➖➖➖

නිර්මාල් දේවසිරිට මා පෙම් කරණා හේතුන් දෙකක් ඇත්තේය. පළමුව ඔහුට විවේචන විඳ දරාගැනීමේ හා අන්මත ඉවසීමේ ශක්තිය ඉහළින්ම ඇති ප්‍රාමාණික බුද්ධිමතෙකු වීමයි.

දෙවනි කාරණය වන්නේ, ඔහු ඔහුට අවංක වීමයි. නිර්මාල් කිසිවක් හංඟා ගසන්නේ නැත. ඔහුගේ අදහස් අවංකව කිසි ලෝබකමක් නැතිව බුකියේ බෙදාහරින අතර, අනෙක් වාමාශික වටපඩයන් මෙන්, වඳුරු කුණුහබ්බ හා කුණුහබ්බ දෙසා නොබෑමත්, දායක සභා නඩත්තු නොකිරීමත්‍ය.

සමහර අම්බරු වාමාශික වටපඩයන් ඔහු වෙනුවෙන් ජනේලෙන් දෙන්න ආවද, ඔහු කිසි විටෙකත් ඒ වටපඩයන් එන්කරේජ් කරන්නේ නැතිය.

රජයේ නව බදු ප්‍රතිපත්තියේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇති අතර, අද කතා කරන්නේ හොඳ පැත්ත පමණි. ඊට දිය හැකි හොඳම උදාහරණය අද දින නිර්මාල්ගේ බුකි පොස්ටුවයි. මුලින්ම  අප එය කියවාගෙන සිටිමු.

🔴▪️// මේ බදු ප්‍රතිසංස්කරණවලට මා මුළුමනින්ම පක්ෂවන්නේ එයින් භාණ්ඩාගාරයෙන් ලබන සාපේක්ෂ ඉහළ වැටුප් මත පමණක් යැපෙන මා ද අයත් පංතියට කෙළවෙන නිසාය.

ඒ අය පසුගිය කාලයේ බැංකු ණය රැගෙන විශාල ගෙවල් සාදා විශාල වාහන මිලදී ගෙන තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් හොද මධ්‍යම පංතික ජීවිතයක් ගෙවීම ආරම්භ කළේය.

දැන් ඒ අයගේ වැඩුපෙන් 50000ක් 75000ක් අතර කොටසක් මාසිකව අහිමි වනු ඇත. එය මේ කණ්ඩායමට මරු පහරක් වන ඇත ඒ අයගෙන් කොටසක් අහසින් පොළවට වැටෙනු ඇත. යමක් කමක් කළ හැකි පිරිස පොළවෙන් අහසට (ගුවන්ගත වී පිටරට) යනු ඇත. මෙය දැවැන්ත සමාජ විප්ලවයකට මං පාදනු නියතය. // ▪️🔴

මේ රටේ ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව ඉහළ වැටුප්, වරප්‍රසාද හා දීමනා ලබා දෙමින් නඩත්තු කරනා, මූසල 1/4 කන්නි රාජ්‍ය සේවය බව දැන් හැම එකාම පිලිගෙන අවසානය.

රට ආර්ථික වශයෙන් ඇඳ වැටීමට හේතුව, දේශපාලුවන් බව කියමින්, ලේසියට පහඩුවට තම මන්දබුද්ධික භාවය හේතුවෙන්  මුව හමට තඩි බාන්නා  සේ දේශපාලුවන්ට තඩි බෑවද, මේ රට සෑම අතින්ම විනාශ කර දැමු තවත් විශාල පිරිසක් සිටිනා බව බොහෝ උන් කියන්නේ නැතිය.

ඒ අතර රාජ්‍ය නිළධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්‍ය මහාචාර්‍යවරු, අධිකරණය හා නීතිය මෙන්ම ජනමාධ්‍යයන්ද ඊටත් වැඩියෙන් වගකිව යුතු බව මාතලන්ගේ මතයයි.

ප්‍රධාන වශයෙන් අපරාධකරුවන් ඇප පිට නිදහස ලබා නැවතත් සමාජයට එකතු වීමත්, සොරකම් හ වංචාවන්ට ලක්වූවන්ට ලබා දෙන විහිළු සහගත දඬුවම් හා දඩයනුත් රටේ පරිහානියට බලපානා බව මගේ මතයයි.

විශේෂයෙන් මේ රටේ අර්ථිකයේ පරිපාලනය හා තීන්දූ තීරණ බාරව සිටිනා මහ බැංකුවේ නිළධාරින්, ඝෝඨාභය රාජපක්ෂ රවටමින් රට කාබාසිනියා කොට පාර්ලිමේන්තුවටවත් නොදන්වා, රට බංකොලොත් රටක් බවට ප්‍රකාෂයට පත් කිරීම ඊට හොඳම උදාහරණයයි.

ඇත්ත වශයෙන්ම මේ නිළධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුව කටයුතු කල යුතු වුවද, උන් සියල්ලෝම ඊට එරෙහිව කට පුප හොල්ලන්නේ නැතිය. රටේ ආර්ථිකය පිළිබඳ මෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති ගැන තීන්දූ තීරණ ගත යුත්තේ මහ බැංකුව නොව පාර්ලිමේන්තුව බව මුන් සියල්ලන්ටම අමතකව ඇත.

රට භංකොලොත් වූවා කියා මහ බැංකුවේ වැටුප් දීමනා හෝ වරප්‍රසාද මේ දක්වා කිසිවක් කපාහැර නැති අතර ඒ සියල්ල ඒ ආකාරයෙන්ම තවමත් භුක්ති විඳිමින් සිටී.

රනිල් වික්‍රමසිංහ පැමිණීමට පෙර ඒවා භුක්ති වින්දේ මුදල් අච්චු ගසමිනි. මුදල් අච්චු ගසන විට මුදලේ වටිනාකම අඩු වීම හා උද්ධමනය වැඩි වීම උන්ගේ ප්‍රශ්ණ නොවේ. එහෙත් අමණ විපක්ෂය පලු ඇරියේ බැසිල් රාජපක්ෂගේය.

බැසිල් එහෙම ඕඩර් දෙනවා නම්, ඔය නිළධාරින් ඉන්නේ ඒවා නවත්තන්නටය. අනෙක් කරුණ, විපක්ෂ දේශපාලන ගොබ්බයන් මක්කා කීවත්, මේ නිළධාරින් එකෙක්වත් ඒවා දේශපාලන බලපෑම් බව අද වෙනතෙක් ප්‍රසිද්ධියේ කියා නැත්තේ ඇයි දැයි කියා එකෙක්වත් අසන්නේ නැතිය.

එවන් රාජ්‍ය සේවය අඩු කිරීමට, කිසිම යෝජනාවක් හෝ ක්‍රියාමාර්ගයක් මහ බැංකුවේ ආර්ථික පන්ඩිතයින් විසින් මේ වන තෙක් ඉදිරිපත් කර නැත. ඒ උන්ද ඉන්නේ ආන්ඩුවේ හූනියන් කාරයන්ගේ මානසිකත්වයේම වන හේතුවෙන්ම මිස වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. උන් සියල්ලෝද රාජ්‍ය සේවකයෝමය.

රාජ්‍ය සේවකයින්ටද බදු ගෙවන යෝජනාව රනිල් විසින් ගෙනාවේ ඊට පිලියම් ලෙසය. දැන් මෙතෙක් කලක් අයිස් ගසමින් උන් 1/4 කන්නි රාජ්‍ය සේවකයින්ටද පෞද්ගලික අංශයේ උන් මෙන්ම බදු ගෙවීමට සිදුවනු ඇත්තේය.

ඇත්ත වශයෙන්ම මා ජනපති වූවා නම් කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ බදු ප්‍රතිශතය පෞද්ගලික අංශයේ උන්ගේ මෙන් දෙගුණයක් කරනා එකය. මන්ද යත් උන් කරනා සේවය, සේවා කාළය මෙන්ම සේවයේ ගුණාත්මක භාවයද පෞද්ගලික අංශයේ උන්ට වඩා බොහෝ පහත මට්ටමක තිබෙනා නිසාය.

දැන් උන් ගන්නා පින් පඩියට පව් නැත කියා උන්ටත් මදක් හෝ සැනසිය හැකිය...


ඒ වගත් මෙසේය....

30 comments:

  1. කෙලපි මහසෙන් රජුට පොල්ලෙන්!

    ReplyDelete
  2. උද්දික සාමවික්කමOctober 14, 2022 at 12:25 AM

    "වැහිදා ට මිදුලට විසි කරණ අලවංගුව" වගේ හැම පුකකටම නිර්මාල් වම ගාව ගන්න එපා යකෝ අනික් උන් මිනිහත් එක්ක නොරොක් වෙයි. රාජසේවය කරන අනිත් අය ගැනත් ලියූ.

    ReplyDelete
    Replies
    1. නුබලා 74 වසරක්ම රටේ අර්බුධ විසදුවේ ඔය විදිහටම තමයි. හැම ජන අරගලයක්ම කාටහරි හේත්තු කරලා මර්ධනය කලා.මිනිස්සු අමුඅමුවේ ඝාතනය කලා. දැන් ලෝකයෙන්ම කුජීත වෙච්චි රට බවට පත්වෙලා තියෙද්දිත් නුබලා වගේ හාල් පාරුවෝ කටමැත දොඩවනවා. නුබලා මිනිස්සු නෙමෙයි සොම්බි.

      Delete
  3. Okkotoma mula afika beemath kamane. Me akara salli godak viyadam karanne

    ReplyDelete
  4. අරක්කු ටිකක් බොන්ට නියම ක්ලයිමෙට් එක.

    ReplyDelete
  5. කළු සල්ලි තියෙන්නෙ කවුරු ළඟද කියලා තිලිනි දන්නවා. ඒ නිසා එහෙම අයව තමයි එයා මේ විදියට බාගන්නෙ. දමිතා අබේරත්න යෙහාලි සංගක්කාර සිරිලිය නාකිච්චි ඇතුළු හොර නඩේට ඔය කඩේට එන්න කියලා ඔය දේ කලේ නිකං නෙමෙයි. ඔය ඉන්වයිට් කරලා තියෙන කල්ලියට කළු සල්ලි එන්නෙ කොහොමද කියලා හොයලා බලාපල්ලා. සල්ලි වලට තමුන්ගෙ රටයි, අම්මයි, ගැණියි උනත් පාවා දෙන මහලොකු දේශප්‍රේමී කලාකාරයො. නෙද්දකිං කාලකණ්නි.

    හොද වෑඩෙ පේශල මනොජ් කියන අමු සක්කිලි අපතයට උනේ. රටට පේන්න ලොකු එක දෙනව. හෑබෑයි උගෙ නිරුවත එලිවෙනකල් ඒ පොන්න කැරියා දන්නෙත් නෑ. හිකෙන් පුනා...

    ReplyDelete
  6. කිරි කෑ කෙන්ජි.

    අපි මහින්ද මහත්තයගේ මිනිස්සු අරිද.

    ආර් දුමින්ද සිල්වා මහත්තයගේ බොඩි ගාර්ඩ්ස්ලා.

    ReplyDelete
  7. ඇත්තටම මාතලන් අර සජිත් ප්‍රේමදාස සහ හොරට ආචාර්ය උපාධි ගත්තත් ඕලෙවෙල් වත් පාස් නැති හර්ෂ ද සිල්වා කියන වාචාල පිස්සා වගේ හරිහමන් ප්‍රතිපත්තියක් නැතී බදු අඩු කරද්දී අඩු කරන්න එපා කියලා සාප කරමින් බනින, ආයේ ආණ්ඩුව වෙනස් වුණාම ආපහු තමන්ගේම හිටපු ලොක්කා බලයට ඇවිත් උන් කියපු දේවල්ම කරමින් බදු වැඩි කරද්දී බුදු අම්මෝ බදු බදු බදු... බදු වැඩියෝ කියලා තප්පුලන ටෙලිපෝන් වහල්ලූ වන මන්ද බුද්ධික මීගව රැල පවසන පරිදි ලංකාවේ 74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකත් තවත් ලෝක බොරුවක්.

    මේ ගැන ජවිපෙ ජාතික බලවේගයේ නායකත්වය සමග බුද්ධිමය තලයේ කටයුතු කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා පැහැදිලිව පවසන දේවල් ඇත්ත මේ ගැන ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පක්ෂයේ විද්වතුන් විසින් පෙන්වා දී ඇති පරිදිම ලංකාවේ ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ ලංකාවේ ආර්ථිකය හා සෞඛ්‍ය ආදී භෞතික අංශවල හැම පැත්තකින්ම සංවර්ධනය වුණා කියලා ජාතික ජන බලවේගය පිළිගන්නා අතර නලින්ද ජයතිස්ස සහෝදරයා පැහැදිලිව පැවසුවේ උපතේදී ආයු අපේක්ෂාව වැඩිවුණා. පෝෂණය වර්ධනය වුණා. සාක්ෂරතාව, අධ්‍යාපනය දියුණු වුණා. අපේ නිවාස, මං මාවත්, යාන වාහන ආදී හැම දෙයක්ම නවීන වුණා. කොටින්ම තිස් බඹේ එළිබැස්ස ග්‍රාමීය සමාජයේ පවා කාමරවලට ඇටෑච් කරපු නානකාමර හැදුණා කියලා.

    ලංකාවේ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙමෙයි ජනතාව කියන එවුනුත් පොදු දේපල හොරා කෑවා. උදාහරණයක් විදියට තීරු බදු රහිත කාර් පර්මිට් අරගත්ත එවුන් විශාල ප්‍රමාණයක් ඒවා විකුණලා අයථා විදියට මුදල් හම්බ කළා. ගම් මට්ටමේදි ගොවියො සහනාධාරෙට දුන්න පෝර නාස්ති කළා. හැම මට්ටමකම දූෂණ ගැන ඕනැ තරම් කියන්න පුළුවන්. දේශපාලකයන් විතරක් නෙමෙයි හොරු.

    එතකොට රජය ගත්ත ණයවලට මොකක්ද වුණේ කියල අහන අය ඉන්නවනෙ. මාටියා ගහපු එවුන් ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වාම ඉන්නවා. පොදුවේ ගත්තොත්, වැඩි මිලට ආනයනය කළ ඉන්ධන අඩු මිලට ගහගත්ත, වැඩි නිෂ්පාදන වියදමක් දරමින් අඩු මිලට විකිණූ විදුලිය පරිභෝජනය කළ, විදේශ ණයවලින් පෙග් කරලා අඩු මිලට තියාගත්ත ඩොලර්වලින් කාර් ගත්ත, ගෙවල් හදාගත්ත, ජොලි කරපු, වැඩි මිලට ගෙනත් නිකං දුන්න පෝර පාවිච්චි කරපු හැමෝම කළේ ඒ ඩොලර් වියදම් කරපු එක තමයි. ඒ ක්‍රමය උඩ දාගෙන අගය කරමින් ඒ දේශපාලකයන්ට ඡන්දය දුන්න ජනතාවම තමයි උන්ටත්, නිලධාරීන්ටත් හොරකම් කරන්නට දිරිගැන්වූවෙත්.

    දේශපාලකයන් කරන දූෂණ වගේම තමයි ජනතාව කරන දූෂණත්. දේශපාලකයකුට කැන්වසිං ගිහින්, පෝස්ටර් ගහලා රජයේ ආයතනයකට හොර පාරෙන් රිංගගන්න ජනතාව එදා සිට වැඩ ඇතත්, නැතත් වැටුප්, මැරෙනකල්ම විශ්‍රාම වැටුප් හෝ ඊපීඑෆ්, බෝනස් වැනි වරප්‍රසාද, වැඩ ඇතුව හෝ නැතුව අතිකාල, පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදී බොහෝ දේ ලබාගන්නවා.

    රට කඩා වැටුණෙ එහෙමයි. දැන් ඉතින්වත් තමන්ගෙ වගකීම භාරගන්න. නැතිනම් පුළුවන් වෙන්නෙ විනාශ කරන්න විතරයි. අපි කවුරුත් වගකීම දේශපාලකයන්ට විතරක් පටවමින් මේ රට හදන්න බැහැ.

    ජවිපෙ ජාතික ජන බලවේගය සමග එක්වන්න රාජපක්ෂ දූෂිත හොර පවුල සමඟ සජබ වැනි කාලකන්නි අමන ජඩ දේසපාලු විහිලු විගඩම් ද එක මිටටම තබා පරදවමින් නව දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් එක්ව සටනට බසිමින් දේශපාලන අවස්ථාවාදීන් පරදවමු.

    ReplyDelete
  8. මේ සිද්ධිය උනේ දැනට ටික කාලෙකට කලින්.. දවසක් මගෙ ගාවට කවුන්සලින් ආවා ගෑනු කෙනෙක්.. ඇය කීව විදිහට ඇය ගුරුවරියක්.. ඇයගේ සැමියා බැංකුවක වැඩ කලේ... ඔවුන්ට දරුවන් හිටියෙ නෑ...සැමියා දෙන මානසික හා කායික වද වේදනා ඉවසන්න බෑ කියලා තමයි ඇය කවුන්සලින් වලට ආවෙ.. මම ඒ දෙන්නව සමගි කරන්න මුලින් උත්සාහ කලා.. මම ඇගේ සැමියට කෝල් කලාම ඔහු මට කීවෙ ඔයා ගෑනු දැකලා නැති උනාට මට ගෑනු ලොකු නෑ .. මගෙ ගෑනි ගැන මම බලාගන්නම් කියලා... එතනින් එහාට මම ඔහු එක්ක කතාවට ගියේ නෑ ඇයට මම උපදෙස් දුන්නත් ඇයට සැමියාගෙන් වෙන වද හිංසා ඉවරයක් උනේ නෑ... කවුන්සලර් කෙනෙක් හැටියට මම කරන්නෙ මගෙ සේවා දායකයාට සමාජ සම්මත හොඳ ක්‍රමයට බැරිනම් තෝරාගන්නා අනිත් විකල්ප ක්‍රමයට හෝ අවශ්‍ය මානසික සනසීම ලබා දෙන එක... උදාහරණයක් විදිහට සැමියයි බිරිඳයි සමගි වෙලා වගේම දික්කසාදයක් වෙලා උනත් සැනසීමක් ලබාගන්න පුලුවන් නම් ඒ දෙකම මම එයාලට යෝජනා කරනව කැමති එක තෝරගන්න...ඉතින් මමත් ඔවුන්ව සමගි කරලා සැනසීම දෙන්න උත්සාහ කරලා බැරිම තැන ඇයට යෝජනා කලා කැමති නම් ඔයාට දික්කසාද වෙලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන් කියලා... ඒ ගමන ඇය කියනව අනේ මට ඒක කරන්න බෑ.. මම ජීවිතේ ඉස්සරලම ආදරේ කලේ එයාට.. අදටත් එයා එනකන් මම කන්නෙ නෑ මම දික්කසාද උනොත් එයාට බලන්න කෙනෙක් නෑ ... කියලා..

    මගෙ රස්සාව අනුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න කියලා බල කරන්න බෑ ඒක කවුන්සලින් වල නීතියක්... ඒ නිසා මම ඇයට සැමියගෙ හිරිහැර ඉවසගෙන ඉන්න ඕනෙ විදිහ කියලා දුන්නා ඒක අසාර්තක ක්‍රමයක් බවත් කියලා... ඇය ආයෙ කවුන්සලින් ආවෙත් නෑ.. කවුන්සලින් ඇවිත් යන අය ගැන මම පසු විපරම් කරන්නෙත් නෑ ඔවුන් නිහඬයි නම්.. ගිය සතියෙ මට වට්සැප් එකෙන් කෝල් එකක් එනව අර කාන්තාවගෙන්...

    සර් මම ඉතාලියට ආවා අපේ ෆැමිලි වල අය ඉන්නෙ මෙහෙ.. ලංකාවෙ හිටියෙ හස්බන්ඩ් නිසානෙ ...

    දෙන්නම ආවද...

    අනේ නෑ සර් මම තනියම ආවෙ...

    එතකොට හස්බන්ඩ්...

    ඒක මට අදාල නෑ සර් එයා උන්නත් එකයි මැරුනත් එකයි මට.. මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා එයා... මට දැන් එයා වැඩක් නෑ.. දැන් අඬ අඬා වීඩියෝ එවනව මට... මම සතේකට ගනන් ගන්නෙ නෑ සර් මම කලින් හිටපු ගෑනි නෙවේ ....මාව යකඩ ගෑනියක් කලේ එයාමයි.. එයා දන්නෙ නෑ සර් අහිංසක ගෑනියෙක්ගෙ හයිය...

    ReplyDelete
    Replies
    1. මට මේ කතාව එක්ක මතක් උනා කතාවක් මේ කතාව මට කීවෙ ප්‍රවීන මාධ්‍යවේදිනියක් සහ නිවේදිකාවක් වන තිලිනි අතුකෝරාල...

      ධනුෂ්ක උඹ දන්නෙ නෑ ගෑනියෙකුට තියන ශක්තිය .. අපේ තාත්තා මැරෙනකොට මට අවුරුදු හතරයි මල්ලිට දෙකයි.... තාත්තා මැරිලා මිනිය ඉස්පිරිතාලේ තියලා ගෙදර එන ගමන් අම්මා මල්ලිටයි මටයි වෙනදා වගේම ලොලිපොප් දෙකක් අරන් ආවා...

      මට ඒ කතාව ඇත්තටම දැනුනා.. ගෑනුන්ගෙ ශක්තියත් හරියට වාහන වල එයා බෑග් එක වගේ.. එයා බෑග් එකේ ක්‍රියාකාරීත්වය අපට දකින්න වෙන්නෙ අනතුරකදි විතරයි... එතකන් අපට ඒක දකින්න වෙන්නෙ නෑ.. ගෑනුන්ගෙ ශක්තියත් ඒ වගේමයි .. උන් ඉන්නෙ හරි සුකොමල විදිහට .. එදිනෙදා ජීවිතේදි කඩියෙක් කෑවත් හූ තියලා දුවගෙන මිනිහා ගාවට ඇවිත් ඌට කියලා එතන අතගාලා බාම් ටිකක් ගාවගන්න ආසා කරන බොලඳ ගෑනු තමන්ගෙ ම්නිහා ඒක නොකරන බව දැනුනම දෙයක් තේරුම් ගන්නවා තමන්ගෙ ජීවිතේටම ඇති වෙන්න.. ඊට පස්සෙ කඩියෙක් නෙවෙයි නයෙක් කෑවත් නයාවත් අල්ලලා මල්ලක දාගෙන තනියම ඉස්පිරිතාලෙට යන්නත් ඒ බොලඳ ගෑනිට පුලුවන්.. ගෑනු පිට යන්නෙ වල් කමට නෙවෙයි උඹට වටින්නෙ නැතිවට මාව පිට එවුන්ට වටිනව බොල කියලා මිනිහට ද්‍රෝහි වෙලා ලබන සතුට ලබන්නයි උන් පිට යන්නෙ.. . මාලුවන්ට ජීවත් වෙන්න වතුර ඕනෙ වගේ ගෑනුන්ටත් ආදරේ ඕනෙ.. ඒ ගෑනුන්ගෙ විදිහ.... එහෙම ගෑනුන්ට ආදරේ නැති උනාමයි උන් පිට යන්නෙ ආදරේ හොයාගෙන... ගෑනු ආදරේට පට්ට ආදරෙයි .. උන් ආදරේ කරන එකාගෙ දුක් එක සීමාවක් දක්වා ආදරෙන් උහුලනවා... වද දෙනකොට වැලපි වැලපි දුක් වෙනව හරියට බටර් වගේ.. බටර් ගින්දරට ලං කලාම උනුවෙලා වැක්කෙරෙනව.. හැබැයි ඒ දුක් ඉවසන්ඩ බැරි සීමාවෙන් එහාට ඒ ගෑනිව ගෙනිච්චොත් ඒ ගෑනි බිත්තර වගේ වෙනව... බිත්තර ගින්දරට ලං වෙනකොට ගල් වෙනව හයි වෙනව ....

      ගෑනියෙකුට නොපෙනෙන ශක්තියක් තියනව තමන් ආදරේ කරන මිනිහෙක්ව අනතුරකින් ගලවගන්න ඕනෙ උනාම ඌව වහගෙන යකඩ තාප්පයක් වගේ වෙන්න.. හරියට වාහනේක සීට් බෙල්ට් එකක් වගේ.. සීට් බෙල්ට් එක දාගෙන අපි ගමන යනකොට අපිට ඕනෙ තරම් එහා මෙහා වෙන්න අපිට සීට් බෙල්ට් එක ඉඩ දෙනව එයා එහා මෙහා වෙවී අපිට නිදහසේ ඉන්න දෙනව.. ඒත් එක පාරටම අපිට අනතුරක් වෙන්න යනකොට සීට් බෙල්ට් එක අපිට හෙල්ලෙන්න වත් බැරි විදිහට අපිව සීට් එකට අල්ලලා බැඳගන්නවා... ඒ අපිව බේරගන්න.. තමන්ගෙ මිනිහට ගහන්න ආව මිනිස්සු හතරපස් දෙනෙක්ට පොලුපාර දීලා එලවලා මිනිහව බේරගත්ත ගෑනු ඉන්නව .. හැබැයි උන් වෙනදට පොඩි දේටත් අඬන ගෑනු...

      ගෑනු තමන් ගාව කකුල් ලෙවකකා ඉන්න බව තේරුම් ගත්තම ඒ ගෑනිව ඕනෙවට වඩා පෙලන මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් හෙන පොරක් කියලා සහ ඒ ගෑනු හරි දුර්වලයි ඒ ගෑනිට තමන් නැතිව ජීවත් වෙන්ඩ බෑ කියලා.. ඊට පස්සෙ ඌ උගෙ ආතල් එක කරගන්නෙ ගෑනිට අපහාස කරන එක සහ බැන බැන වද දෙන එක ගහන එක.. ඌට තේරෙන්නෙ නෑ තමන් ගහන ගල් වලින් ඒ ගෑනිගෙ හදවතේ ඉස්සරහින් කොංක්‍රීට් තාප්පයක් හැදෙන බව.. ඊට පස්සෙ එක වෙලාවක් එනව ඒ ගෑනි අරූව අතාරිනවා ආයෙ ඌට අම්මගෙන් බීව කිරි මතක් වෙන්නම.. වෙනදා බැල්ලියෙක් වගේ මුල්ලට වෙලා අඬන ගෑනි ගාව ඌ දන ගෑවත් ආයෙ ඒ ගෑනි හැරිලවත් බලන්නෙ නෑ.. ඒක නිසා ගෑනු එක්ක වැඩ කරන්නෙ පරිස්සමෙන් ... ගෑනු ගොඩක් දුර්වලයි.. ඒ උන් ගෑනු නිසා.... ගෑනු ගොඩාක් ශක්තිමත්.. ඒ උන් ගෑනු නිසා...

      Delete
  9. සික්යුරිටි ජොබ් කරපු චතුෂ කුමාර කැකුලාවල වගේ නුගත් එකෙකුත් නලිනි චන්දිමා කියන නාකි ගෑනිව අල්ලං ස්කොට්ලන්තේ පැන්නා.

    ReplyDelete
  10. ඔය එක බල්ලෙක්වත් ඕන නෑ…..එක පක්ෂයක්වත් ඕනෙ නෑ දැනට ඉන්න……මහ මැතිවරණයකට පලයල්ලා….ඊට පස්සේ මිනිස්සු මිනිස්සුන්ට ඕන අය පත් කර ගනී…..අරගලය කියන්නේ නිර්පාක්ෂික දෙයක්…දැන් එකේක බල්ලො ලේබල් අලවන්න හැදුවට….මුලින්ම පාරට බැස්සේ අහිංසක මිනිස්සු…..ඊට පස්සේ ඒකට අයිතිවාසිකම් කියන්න ජෙප්පො බොරුවට ආවා….ඊට පස්සේ බූරු පුතාණෝ කියන පඩි රිළවා ආවා…. ඇවිත් කණ පැලෙන්න කාලා කුජීත වෙලා පැනලා ගියපු ඒ පඩි රිළවා දැන් ආයේ යටි ගිරියෙන් තප්පු ලනවා

    රටේ බහුතරයක් මිනිස්සු කියන්නේ අපට ඔය කාලකන්නි සක්කිලි බල්ලො එකෙක්වත් ඕනෙ නෑ….පොදු ජනතාව හැටියට අපිට ඕනේ…රටම වෙනස් කරන්න…..බලයට එන්න හදන එකෙකුටවත් නිසියාකාර වැඩපිළිවෙළක් නැහැ…රට දියුණු කරන්න ඕනේ මේ විදිහට කියලා…ඒක හින්දා ඔය හොර එක බල්ලෙක්වත් එපා…..

    ReplyDelete
  11. අයිසේ මාතලන්

    නිර්මාල් රංජිත් වගේ වාමාංශික දේශපාලනය කරන සමාජවාදී අදහස් වලින් පිරුණු න්‍යායාචාර්ය වරු පවා මේ වගේ වෙලාවක රටේ ආර්ථිකය පවතින සැබෑ අර්බුදය තේරුම් අරගෙන ඒකට පිළිතුරු හොයන්න සුබවාදීව හිතන පතන එකත් ලොකු ජයග්‍රහණයක් ලංකාවේ ජනතාවට ලැබෙන

    ජවිපෙ විශේෂයෙන්ම NPP සෙට් එක හරිනි වගේ අය මේ වෙලාවේ නුවණින් විමසා අවබෝධ කරගෙන බුද්ධිමත් ලෙස කල්පනා කරලා දේශපාලනය කළ යුතුයි බාල ලාබ සටන් පාඨ කියමින් රටම කුජීත නොකර, අනිත් පැත්තෙන් නමට විතරක් විපක්ෂ නායක වෙච්ච මෙලොවින් මෙලෝ හසරක් දන්නේ නැති බොලාගේ මන්ද බුද්ධිමත් සිහිවිකල බූරු පුතාණෝ කියන ගොනා ඌට රට බාරදෙන්න කියල දකින දකින හැම මයික් එකටම හොම්බ දදා බයිල කියවනවා. උගේ බූරු රැලේ කර උඩ තියාගෙන හරි රජයට මුදල් හොයලා පඩි වැඩි කරලා රජයේ ආයතන වල සේවය කරන කට්ටියට සියලුම පහසුකම් ලබාදෙනවා කියල තමයි කියන්නෙ. බදු වැඩි කරන්නේ නැතුව ඌට හතර මහා නිධාන පහළ වෙනවාද මන්දා කොහෙද යන පල් හොරෙක් සහ තවත් ගොන් ආතල් දෙන පිස්සු ගොබිලෙක් ඕකව ඊළඟ සැරේ කවුන්සලෙන් එළවලා දාන්න පුළුවන් වුණොත් යන්තම් හරි රටට වැඩක් වෙයි රාජපක්ෂ හොර පවුල සහ ඔය ටෙලිපෝන් කම්බා හොර හැත්ත එළවලා දාන්න ඕන සේරටම ඉස්සර වෙලා

    ReplyDelete
  12. චන්දයක් තිබ්බත් ආපහු මේ කලකණ්නිම පත් වෙනව විතරයි. වෙන මොකෙක්වත් ඉස්සරහට ඇවිල්ල තියෙනවයැ අලුතින් බලයට ගේන්න.

    රට ගොඩ ගන්න ඕනෙනම් මිනිස්සු කරන්න ඕනෙ එක එකාගෙ පස්සෙ යන්නෙ නැතිව රටේ ජාතික අවශ්‍යතා හදුනගෙන ඒව ක්‍රියාත්මක කරන්න පුලුවන් වැඩපිලිවෙලවල් හදාගෙන ඒ වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නිර්පාක්ෂිකව ශක්තිමත්ව තමන්ගේ අනාගතය සහ රටේ අනාගතය වෙනුවෙන් කාටවත්ම ගැති නොවී සංවිදානය වෙන එක. ඊට පස්සෙ පොල්පිත්තකකින් උනත් ජාතික නායකයෙක් හදාගන්න පුලුවන්, මිනිස්සු ශක්තිමත් බලවත් සහ අරමුණු වෙනුවෙන් දැඩිව කැප වෙනවා නම්....

    ReplyDelete
  13. කක්කුස්සියේ රජවරු.
    ගාඩ් මංචරියේ රජවරු.

    කුස්සියේ රජවරු

    දිවංගත බණ්ඩාරනායක. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇට දෙක.

    රසික සූරියආරච්චි මැතිතුමාගේ පුක.

    ReplyDelete
  14. රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

    “අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

    “හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
    හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
    “මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
    කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
    “අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.
    ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.
    “ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
    “අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”
    පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
    අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.
    “උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
    කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”
    මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

    ‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
    කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
    Replies
    1. කුමාරතුන්ග මුණිදාස නාන ගමන් මෙහෙම කියනවා
      සබද හෙ ලුවෙන් බණුව! ශුද්ධ සින්හලෙන් පවසන්න. රැපියල් තෙන්නකෝන් අමුඩෙ කඩාදාලා පොකුණට බහිනවා!

      Delete
  15. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete
  16. හහ් හහ් හා රනිල් ගැන තවත් බයිලාවක්, ඒ පාර අලුත් එකක් බයිල නැව් ගණන්, හැබැයි දැන් නාකි මයින කියන මහින්ද ජරාපස්සගෙන් ඇහැව්වත් රනිල් තමයි කලේ ගෝටාබය පස්සට ඇද්ද කියන්නත් බැරි නැහැ

    ඔය වගේ 2014/15 ගහපු තව බයිලාවක් තමයි කරුණා කඩල එල් ටී ටී එක දෙකඩ කළේ රනිල් කියන බයිලාව, ඒත් සෝ කෝල්ඩ් එල් ටී ටී එක සූක්ෂමව කඩා වෙන්කරපු රනිල්ට තමන් නායකයා වුන පක්ශය කඩා වෙන්වෙලා මිනිහා විතරක් ඉතුරු වීම නවත්වා ගන්න බැරි වුනානේ 😂

    ඒ කියන්නේ , ඒ කාලේ තව දුරටත් රටේ නායකයා ලෙස හිටියා නම්. රට කඩා වෙන්වීමත් නවත්වා ගන්න බැරිවෙනවා.

    රනිල්ගේ මීඩියා චරිත මඩවලට බැහැලා මූන් ලන්කාවෙ මිනිස්සු එදත් රැවැට්ටුවා අදත් රවට්ටනවා මූ දන්නවා මී හරක් ගව සම්පතට හොද වෙලකට බස්සලා ගත්තම ඕන තරම් උම්බෑ කියාගෙන උන්ගෙ පස්සෙ එනව කියල..ඒ තරම් බහුතරයක් ඉන්නෙ කියලා මූ අත්දැකීමෙන් දන්නව ඇති .. හැබැයි ඉතින් සජිත් ප්‍රේමදාස හර්ෂ ද සිල්වා වගේ මෙලෝ හසරක් නොතේරෙන ලාමක චරිත වලට සහ කවදාවත් රටේ පාලන බලය අත්පත් කරගෙන වැඩක් කරන්න හැකියාව නැති අනුරලා වගේ ජවිපෙ කට්ටිය එක්ක බලද්දි සහ දූෂිත ගෝත්‍රික නාමල්ඩා ඇතුළු පොහොට්ටු මෝඩරැල එක්ක බලද්දි සාපේක්ෂව නම් රනිල් වික්‍රමසිංහ හොඳයි කියලා මට හිතෙනවා ඒ නිසා කතාව ඇත්ත නොවුණත් රනිල් සාපේක්ෂව වඩාත් සුදුසු නායකයෙක් කියලා කියන්න පුළුවන් වෙලාවේ හැටියට

    ReplyDelete
  17. අඩෝ බූරුතන් ලංකාවේ රනිල් රාජපක්ෂ ඒකාධිපති දූෂිත ආණ්ඩුවේ දැඩි මර්දනය හමුවේ සන්නද්ද අරගලයක් ඇති වන බවත් එම අරගලයේ අඩිතාලම තමන් සකසන බවත් පවසන ගොන් ෂේකා වෙලේ විදානේ මල හොල්මන හනිකට අංගොඩ දක්කපල්ලා… තවත් මොලේ කචල් වෙච්ච පිස්සු නාකියෙක්... සිහි කල්පනාව නැතුව බූරුවෙක් වගේ ලේ පිපාසාවෙන් කොල්ලෝ අවූස්සනවා… රනිලවත් අවුස්සා රට පුරාම ටෑර් ලයිට් කණූ තරුණ තරුණියන් ගේ සිරුරු වලින් සරසන්නයි මූ මේ පිස්සු බහුබූත දොඩවමින් විකාරෙන් දගලන්නේ. භාෂණයේ නිදහස් පාර්ලිමේන්තූ වරප්‍රසාද යටතේ අවභාවිතා කරනව. රටම විනාශ කර තවත් තරුණ පරපුරක් වල පල්ලට යවන්ට හදනවා. කෝ. ..නීතිය. ඤෑණසාරට එකක් ගොන්ෂේකාට යෙකාක්. මොකද මේකේ තේරුම?

    ReplyDelete
  18. මාත මචෝ ලංකාවට අන්තර්ජාලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විදියට හිටපු කාලෙ බව අනිත් බූරු පුතාණෝ නාමල් රාජපක්ෂ පොලොන්නරුවේදී පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් කියලා තියෙනවා නේද?

    https://facebook.com/NRMediaUnit/videos/%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A-%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE%E0%B7%92%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80-%E0%B6%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F/1175252023345456/

    කතාවේ ඇත්තයි නැත්තයි දෙකම තියෙනවා. ලංකාවට ඉන්ටනෙට් ගෙනාවේ එවකට මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීම් ආරම්භ කිරීමට 1970 ගණන් වල ඇමරිකන් එක්සත් ජනපදයේ සිට නැවත ලංකාවට ආපු මහාචාර්ය සෑම් කරුණාරත්න වගේම මහාචාර්ය වී කේ සමරනායක වගේ අයගේ මැදිහත් වීමෙන් මහින්දට ගොඩක් කලින්… එත් නැණසල ආයතන රට පුරා දාල ගමට පරිගණක සහ අන්තර්ජාලය ලංකාවේ ගම්බද පළාත් වලට ගෙනිච්චේ මහින්ද. 1996 දී පවා පාසලේදී අපි ඉන්ටෙර්නෙට් ඊමේල් පාවිච්චි කළා. මගේ මුල්ම ඊමේල් ලිපිනය හැදුවේ අනූ හයේ ලෝක කුසලාන දිනපු කාලේ අට වසරේ ඉන්දෙද්දී... මේ නාමලය අමු හරකෙක්. ඌ ඒ කාලේ ඉස්කොලේවත් යන්නේ නැ බුරුව..
    හැම මගුලම කලේ මහින්ද කියන්න ගිහින් ඇත්තටම මහින්ද රටට කරපු සේවයට ලැබිය යුතු ගෞරවය නැති කරන්නේ මේ නාමලය වගේ ගොබ්බ මුසලයෝ

    ReplyDelete
  19. ආවෙමි කියෙව්වෙමි උණ මරගාතෙ මැද
    මොනවා ලියන්නද ඔළුවට නොඑයි අද!

    ReplyDelete
    Replies
    1. අඩෝ නිදී මාර සීන් එකක් මේ දවස් වල ලංකාවේ හිටියා නම් බලන්න තිබුණා, ආපහු මැදමුලනේ ජඩ පවුල ගේම ගහනවා රනිල් එක්ක ඩීල් දාගෙන එන්න එන්න උන්ගේ ජනප්‍රසාදය ආපහු ටිකෙන් ටික වැඩි කරගෙන යන බව දැන් නම් සෑහෙන දුරට පැහැදිලියි

      ඒත් අරගලය හරහා හරි හමන් ආකර්ෂණයක් ඇති ශක්තිමත් බලවත් නායකත්වයක් හොයා ගන්න බැරි වුණ නිසා ලංකාවේ තත්ත්වය නැවතත් අවාසනාවන්ත ආකාරයට මැදමුලනේ නාකි මයිනගේ පවුලේ භුක්තියට යන ලයින් එකක් තියෙන්නේ නේද බන්?

      අද නාවලපිටියේ සීන් එක ආරංචි ද? ලංකාවේ නිව්ස් බලන්න පොඩ්ඩක් පේන විදියට නම් මන්ද මානසික බූරු පුතානෝගෙ ප්‍රාදේශිය බූරු ගෝලයො පරාජය දැකල වියරු වැටිල. ඒක තවත් අරුන්ගේ වාසියට හරවා ගන්න මැදමුලනේ කපටි හොර රැලට පුළුවන් වෙයි අපරාදෙ අපේ මහන්සිය වතුරේ ගිය එක ගැන මටනම් ගොඩක් දුකයි

      Delete
  20. ළමාතන් අද වන විට ප‍්‍රංශයටද ඉන්ධන අර්බුදයක් බලපා ඇත්තේ රාජපක්ෂ කල්ලිය ලංකාවෙ ආර්ථිකය විනාශ කර ඊට පසු ප්‍රංසයේ භාණ්ඩාගාරයත් බිඳ එහි තිබූ රන් රිදී මුතු මැණික් ආභරණ හොරකම් කරලා තියෙන නිසා වස ස්ථිර වශයෙන්ම සොයාගත් බව ලංකාවේ සමගි ජන බලවේග නීතිඥ සංගමයේ නීතිඥ මණ්ඩලය සමග සමගි ජන බුද්ධිමතුන්ගේ විද්වත් කමිටුව ආචාර්ය හර්ෂ සහ සජිත් ප්‍රේමදාස සමග අද සාමූහිකව ලංකාවේ මාධ්‍ය හරහා පෙන්වා දුන්නා.

    මේ දවස්වල යුරෝපයේ පවතින දැඩි ඉන්ධන හිඟය යටතේ capped price ලෙස පාලනය කරන ලද මිලකට ප‍්‍රංශයේ සලාක ක්‍රමයට ඉන්ධන ලබා දෙමින් ඇත්තේ රාජපක්ෂවරුන් ප‍්‍රංශ මහා භාණ්ඩාගාරය කොල්ල කෑ නිසා බව ද සමගි ජන බලවේගයේ විද්වත් කමිටුව නියෝජනය කරන බුද්ධිමතුන් වන ආචාර්ය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආචාර්ය හර්ෂ ද සිල්වා, අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ නායක මහාචාර්ය සජිත් ප්‍රේමදාස විද්වතා වැනි ලංකාවේ සුපිරිම සුපිරි බුද්ධිමතුන් පිරිස විසින් සිදු කරනු ලැබූ විශිෂ්ට පර්යේෂණයක් මගින් මේ වටිනා කියන අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බවත් සඳහන් කර තිබෙනවා මේ ගැන පෝස්ට් එකක් දාල පැහැදිලි කිරීමක් කරන්න

    ReplyDelete

  21. මාතලං 2010 ජනපතිවරණයේ දී සහ 2015 මහ මැතිවරණයට පස්සේ එජාපයේ ලැයිස්තුවෙන් පත් කිරීමට සහය දක්වපු පීල්ඩ් මාසල් ෆොන්සේකා මාධ්‍ය හරහා මෙහෙම කියනවා.

    ///
    'ලංකාවේ වර්තමාන රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින අතිබිහිසුණු මර්දනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි.

    පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.

    ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය'

    // දැන් මාතලං මොකද කරන්නේ එතකොට. පෙරටුගාමී පක්ෂය වෙල් විදානේ ෆන් සේකා එක්ක එකතු වෙලා දියත් කරන සන්නද්ධ අරගලයට සහය දක්වනවද? ඒ වෙනුවෙන් ආයුධ අතට ගෙන දිවි පරදුවට තබා රජයේ හමුදා වලට එරෙහිව මාරාන්තික දේශප්‍රේමී යුද්ධයක් කිරීමට පෙරමුණට යනවාද?

    ReplyDelete
  22. මී හරකෝ රටට ආදරයක් තියෙනවා නම් මේ රටේ දරු පරම් පරාවේ අධ්‍යාපනය කාබාසිනියා කරලා රටට මොට්ටොයෝ ඇති කරන ක්රිකට් ගැන කතා කරන්නේ නෑ.රටේ පදුරකට පයින් ගෙහුවම සියක් දෙසීයක් විසිවෙන මෙලෝ රහක් නැති cima කාරයො mba කාරයො හැරුනාම රටට විදේශ විනිමය ගෙන්න පුළුවන් නිෂ්පාදන වලට අවශ්‍ය වන තාක්ෂණික විෂයන් උගත්තු නෑ .මන්ද බුද්දිකයෝ තාමත් පාසල් වල ක්රිකට් ප්‍රවර්ධනය කරනවා .දේශප්‍රේමය කියන්නේ ක්රිකට් නෙවෙයි හරකෝ

    ReplyDelete
  23. රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් අපි ඉතා විවෘතවම සහ දැඩි ලෙස රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා.

    මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බවත් මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි නැතුව රාජපක්ෂලාගේ හොරකම් සම්බන්ධයෙන් කියන ගණන් හිලව් ප්‍රබන්ධ මං විශ්වාස කරන්නෙ නැහැ.

    රාජපක්ෂලා වගේම එක්සත් ජාතික පක්ෂය/ සමගි ජන බලවේගයත් හොරකම් කළා. මහබැංකු වංචාව ඔප්පු කරන්නට බැරිවුණත්, ඒක සිදුවුණා.

    හොරුන් නොමැති සබන් වගේ පිරිසිදු පක්ෂ බව කියන ජවිපෙ/ ජාජබ, පෙසප වැනි පක්ෂවලට ඍජු හොරකම් ගැන චෝදනා අඩුයි. ඔවුන් කරන්නෙ හොරකම් කරන අයගෙ ෆයිල් පෙන්නලා ඔවුන්ගෙන් කප්පම් ගැනීම. එහෙම නැතිනම් විවිධ දේශපාලන කොන්ත්‍රාත්. මේවා හැඳින්වෙන්නෙ ආධාර කියලා. ඒත්, තමන්ට ආධාර කරනවාය කියන අයගෙ නම් ඔවුන් ප්‍රසිද්ධ කරනවාද? නැහැ. ප්‍රසිද්ධ කරන්න බැහැ.

    දේශපාලන පක්ෂවලට හා දේශපාලකයන්ට හොරකම් කරන්නට සිදුවෙලා තියෙන ප්‍රධාන හේතුව මොකක්ද? එ තමයි පවතින මැතිවරණ ක්‍රමය. ඒ යටතේ පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණ ජයගන්නට අතිවිශාල ධනස්කන්ධයක් වැය කළ යුතුයි. කොච්චර දක්ෂ වුණත්, සල්ලි නැතුව ඡන්දෙ ඉල්ලන්න ජවිපෙන්වත් අවස්ථාවක් දෙන්නෙ නැහැ.

    රාජපක්ෂලා තමයි තමන් හොරකම් කරපු හා ඉන්පසු ආයෝජනය කළ සල්ලිවලින් වැඩිපුරම මැතිවරණවලට හා දේශපාලනයට වියදම් කරන්නෙ. ඔවුන්ගෙ කරේ එල්ලිලා බලයට ඒම පහසුයි. ඩලස්, ජීඑල්, විමල්, උදය, වාසු, ගොඩහේවා, චරිත හේරත් වගේ දැන් රාජපක්ෂලාට අරින්න වෙහෙසෙන දේශපාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන් හැදුණේ වැඩුණේ රාජපක්ෂලාගේ සෙවණේ වීම. ඔවුන්ට තනිව පැවැත්මක් තිබෙනවාද යන්න ඔවුන් ඔප්පු කර පෙන්විය යුතුයි.

    දේශපාලකයන් හම්බ කරන්නේ මැතිවරණ වෙනුවෙන් වියදම් කරන්නට විතරක් නෙමෙයි. හොරකමට යොමුවුණාම ඒක වෙනම ලෝකයක් විවෘත කරනවා. රාජපක්ෂලා මුළු රටම හොරුන් බවට පත්කළා. වැඩකට නැති රජයේ රැකියා ඒ සඳහා ප්‍රධානතම ක්‍රමයයි. රජයේ පාසල් කම්කරු තනතුරකට යන පන්දම්කාරයකු දේශපාලකයාට වඩා හොඳ යයි ඔබ හිතනවාද? නැහැ. එම පුද්ගලයා බොහෝ විට හරිහමන් වැඩක් නොකර අවුරුදු 20-25 වැටුප් අරගෙන තව අවුරුදු 20-25 විශ්‍රාම වැටුප් ද ගන්නවා. රජයේ කොන්ත්‍රාත්, සැපයුම් ආදියත් එහෙමයි. ආර්ථිකය දිව්වෙ මේ ක්‍රියාවලිය පදනම් කරගෙන. දේශපාලනය හැඩගැසුණෙ ඒක පවත්වාගෙන යන්න. සමාජය පිළිගත්තෙ ඒ ක්‍රමය. ඒකට තමයි රාජපක්ෂවාදය කිව්වෙ.

    දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.

    රනිල් ව්‍යාපෘතිය රටේ විප්ලවීය වෙනස්කම් රැසකට දැනටම මුලපුරලා තියෙනවා.

    1. සහනාධාර වෙනුවට ආනයන/ නිෂ්පාදන පිරිවැය අනුව ඉන්ධන, විදුලිය, ජලය, පොහොර, ආහාර ද්‍රව්‍ය ආදිය මිල කිරීම.

    2. ඍජු බදු වැඩිකිරීම. වක්‍ර බදු ද ඇතුළුව රජයේ බදු ආදායම් වර්ධනය කිරීම.

    3. රජය පවත්වාගැනීම සඳහා ණය මත රඳාපැවතීම අඩුකිරීම. රාජ්‍ය ආදායම් හා වියදම් අතර තුලනයක් නිර්මාණය කිරීමට මුලපිරීම.

    4. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය හා පෞද්ගලික අංශයට, වෙළඳපොළට ප්‍රමුඛතාව ලබාදෙන ප්‍රතිපත්ති.

    5. රජය නියාමන භූමිකාව නැවත සොයාගැනීමට උත්සාහ කිරීම

    මේ වෙනස්කම් වාමාංශිකයන්ගෙ ඊනියා විප්ලවීය සටන් පාඨවලට වඩා ගැඹුරු සමාජ වෙනස්කම්වලට හේතු වෙනවා. මේ සියල්ල සිදුවන්නෙ දරුණු ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදයක් මැද.

    ReplyDelete
  24. අයවැයෙන් අමාත්‍යාංශවලට මුදල් වෙන් වන්නේ මෙහෙමයි

    (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

    ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ.

    මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවයි. වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන මුදලරුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇත.

    ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහක් වෙයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හතළිස් එක් දහසක් ද වෙන් කෙරේ.

    එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න ය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද වෙන් කර ඇත.

    රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.
    ...
    ළමා දිනය හා ගුරු දිනය මහජන මුදල් රුපියල් බිලියනයක නාස්තියක්

    අජිත් පැරකුම් ජයසිංහ

    බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ ගැටලු රැසක් මතුවෙනවා. ඒක ගැන ආඩපාලි කියන එක වාමාංශිකයන්ගෙන් එන කුහකකමක්. කාලා බීලා පුරුදු මිනිසුන්ට ඔය බත්එක සුළු දෙයක්. එන්ජීඕ ඉවන්ට්වලදි ඔයිට වඩා හොඳට කන්න දෙනවා.

    බදු මුදල් නාස්තිය නැතිකරන්න ඕනැ ඔය වගේ දේවලින් නෙමෙයි. උදාහරණයක් විදියට, පහුගිය දවස්වල ළමා දිනයේත්, ගුරු දිනයේත් වැඩකට නැති චොකා බයිලා නැටීම වෙනුවෙන් රට පුරා පාසල්වල අධ්‍යාපන කාලය නාස්ති කළා. බොහෝ පාසල්වල ඒ දවස් දෙකම හරියට ඉගැන්නුවේ නැහැ. ඊට කලින් ඔය ගුරු නැටුම් පුරුදු වුණෙත් දරුවන්ගෙ පන්තිවලට උගන්නන්නැතුව පාසල් වෙලාවෙමයි.

    පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක ගුරුවරුන් 250,000කට ආසන්න ගණනක හා ලක්ෂ 40ක දරුවන්ගෙ අධ්‍යාපන කාලය මේ විදියට නාස්ති වුණා නම්, දවසක ගුරු පඩිය විතරක් සාමාන්‍යය රු. 2,000 ගානෙ ගණන් හදලා බලන්න. එතන රු. 500,000,000. රු. මිලියන 500ක්. දවස් දෙකට රු. බිලියනයක්.

    බදු සල්ලි නාස්ති වෙන ප්‍රධාන විදි තමයි ඒ. මේක ගත්තෙ ජනප්‍රිය උදාහරණයක් නිසා. ඇතැම් රජයේ නිලධාරීන් රැකියා කරන විදිය ගැන ඔබ හොඳින් දන්නවා. සමහරුන් ගන්නා පඩියට වැඩි වටිනාකමක් දෙන බවත් කිව යුතුමයි.

    සංස්ථා, මණ්ඩල, අධිකාරි, විශ්වවිද්‍යාල ආදියත් ඇතුළුව ලක්ෂ 16ක් රාජ්‍ය නිලධාරීන් දවසකට එක ඒෆෝ කොලයක් නාස්ති කළත් එතන ඒෆෝ බන්ඩල 32,000ක්. ලක්ෂ 16ක් කියන්නෙ විශාල සංඛ්‍යාවක්.

    මැති ඇමතිවරුන් කරන නාස්තිය ගැන වගේම මේ ගැනත් හිතන්න. රට වෙනුවෙන් වැඩ කරන්න.
    .......
    ඉකොනෝ,

    රජයේ පාසල් වල සේවය කරන ගුරුවරුන්ගේ පඩි සදහා එන වසරේ රුපියල් කෝටි දහඅට දහසක් අවශ්‍යයි. අධ්‍යාපනය අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ කෝටි රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක්. පඩි ගෙව්වම ඉතිරි සොච්චමක් නේද ඉකොනෝ පාසල් ළමුන් ලක්ෂ 40 ට මෙන්ම පාසල් 10,000 ට හිමි වන්නේ?

    එහෙම නැත්තන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ අදාළ අමාත්‍යාංශයට වසරේ වෙන් කරන මුදලෙන් නෙමෙයිද? වෙනමද ?

    ජනාධිපතිට වෙන්වෙන මුදල් වැය ශීර්ෂය යටතේද ජනාධිපති මාධ්‍ය අංශය ක්‍රියාත්මක වන්නේ ?

    මහාබැංකුවට මුදල් මැවිය හැකි නිසා එම ආයතනය ඇතුලත් වන අමාත්‍යාංශය කොහොමද නිශ්චිතවම මුදලක් වෙන් කරන්නේ? අවශ්‍ය නම් මුදල් මවා ගන්න පුළුවන්නේ.

    ReplyDelete
  25. මම කොලු කාරයෙක් කියලා හිතුවද දන්නේ නැහැ.

    දැන් ටිකට කලින් මායි අල්ලපු ගෙදර නංගියි ටවුන් ගියා නංගිට ෆෝන් එකක් බලන්න. ඉතිං බස් එකේ වල් පල් කතා කර කර යන ගමන් එයාලගේ උන පොඩි කතාවක් ඇදිලා ආවා. එයාලගේ ලොකු අම්මගේ පුතා කොල්ලෙක් එක්ක ඇදේ ඉද්දි ඊයේ ලොකු අම්මගේ අතටම අහු වෙලා. කොල්ලා මේ සැරේ ඕ ලෙවල් කරන්නේ. නිතරම පාඩම් කරන්න කියලා කොල්ලෙක් ගෙදරට එනවලු. ඊයේ ලොකු අම්මා වැඩට ගිහිං ඇවිත් දොර අරිද්දි අරුයි මුයි ඇදෙලු. මොනවා කර කර හිටියද කියලා නම් කියලා නැහැ.

    ලොකු අම්මා අද උදේ මේ නංගිව හම්බෙලා මේ විස්තරේ කියලා. නිතරම කොල්ලෙක් ගේ ඇතුලේ දාගද්දී ලොකු අම්මට සැකත් හිතුනලු. කෙල්ලෙක් නම් කමක් නැහැ දුවේ අපි කොහොමද මුණ දෙන්නේ කියල. ඕවා ඉතිං සාමාන්‍ය දේවල් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලෙත් කොල්ලෝ කාරයෝ කියක් හිටියද. මම උනත් කොල්ලෝ කී දෙනෙකේගේ කටටත් අරං තියෙනවාද.

    මාත් ඉතින් කතාව අහගෙන ඉදලා පොර වෙන්න කිවුවා "අයියෝ ඕවා මොනාද නංගි අපිත් ඒ කාලේ ඔහොම තමා කියලා". ඉබේටම කියවුනේ. මට අදහස් කරන්න ඕනේ උනේ අපි ඉස්කෝලේ යන කාලෙත් ඕවා තිබ්බා කියලා. නැතුව මම ඕවා කරා කියලා නෙවේ. ඒක ඇහුන ගමන් එකී ගේ මුණ කළු වෙලා ගියා. එතනින් එහාට කතා කරෙත් නැහැ. ටවුන් ගියා ආවා. අද කෑවෙත් නැහැ. මට තේරුනා මලෙන් ඉන්නේ කියලා. තාම ගෙදර ගියා කියලා මැසේජ් එකක් එවුවෙත් නැහැ. බලපන්කො පට්ට චාටර් එක. මම කොල්ලු කාරයෙක් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.

    හේෂාන් දමින්ද

    ReplyDelete
  26. Don't worry.... un okkoma yaluwo malli...:)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න