.

.

Oct 3, 2022

ඇඩම් ස්මිත්ගෙන් කොපි කර, අපේ උන් ඇට පිටින් ගසා ආතල් ගන්නා, මාක්ස්ගේ දාස් කැපිටල්.




ඇඩම් ස්මිත්ගෙන් කොපි කර,

අපේ උන් ඇට පිටින් ගසා ආතල් ගන්නා,

මාක්ස්ගේ දාස් කැපිටල්.

➖➖➖➖➖➖➖➖▪️▪️

By - Rohan Cooray

 ගොඩක් උන් කල්පනා කරන්නෙ නෑ...ඇඩම් ස්මිත්ගෙ wealth of nations කියන ආර්ථික දේශපාලන විග්‍රහය නැත්නම් ....කාල් මාක්ස් das capital අවුරුදු 150 කට විතර පස්සේ ලියන්නෙත් නෑ කියලා ....පල්ලිය සහ ප්‍රභුන් කිහිප දෙනෙක්ගෙ පාලනයෙ තිබුන ආර්ථිකය ඇඩම් ස්මිත් නිදහස් කරගෙන ඒක මිනිස්සුන්ට දුන්නම මාක්ස් ඇවිත් ඒක කම්කරැවන්ට දුන්න.

Workers ability, division of labor and machine කියන ඇඩම් ස්මිත්ගෙ දේශපාලන ආර්ථික narration එක මාක්ස් කියවල තියෙන්නෙ තමන්ගෙ කාලෙට සාපේක්ෂව මිසක් 18 වන සියවසේ හිටපු ඇඩම් ස්මිත්ගෙ කාලයට සාපේක්ෂව නෙවි කියලා ගොඩක් උන් අමතක කරනවා.

Wealth of nation and Das Capital කියන්නේ කොහොමත් political economics narrative එකක්නෙ... Financial economics නෙවිනේ. Adam smith කරපු narration එක කාල් මාක්ස් පැහැදිලි කරන්නෙ දේශපාලනිකව නේ.

ඇඩම් ස්මිත් මුලිකවම පැහැදිලි කරන්නෙ 

1) පුද්ගල අභිමතාර්ථ සමාජීය අවශ්‍යතා සපුරාලියයුතු බව, 

2) මේ පුද්ගල අභිමතාර්ථ සෑමවිටම මෙහෙයවන්නෙ නොපෙනෙන වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම විසින් කියනඑක සහ එමඟින් ආර්ථික දියුනුව සහ සෞභාග්‍යය ලඟාකරගත හැකිබව;

3)  ශ්‍රම විභේදනය සහ පුද්ගල අභිමතාර්ථ අතර අන්තර් යැපිමක් සිදුවනබව එමඟින් වෙලඳ්පොල යාන්ත්‍රනය පණගැන්වෙනබව;

4) ඉල්ලුම සහ සැපයුම් කියන වෙළෙඳපොළ යාන්ත්‍රනය සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදුනොවියයුතු බව එය නිදහසේ පැවත්වීමෙන් පුද්ගල අභිමතාර්ථ සාක්ශාත් වීමෙන් සමාජීය අවශ්‍යතා සාක්ශාත් වෙනබව;

5) රාජ්‍ය මැදිහත්වීම සිදුකලයුතු වන්නෙ රටේ ආරක්ෂාව, නිතිය ක්‍රියාත්මක කිරිම සහ පොදු සේවා ක්‍රියාත්මක කිරිම සඳහා පමනක්බවත් (අධ්‍යාපන සහ සෞඛ්‍ය....)

මේ දවස්වල NPP එක වැඩිපුරම කියන්නෙත් ඔයවගෙ කතාවක් නේද?.

ඔව්. NPP එක wealth of Nation එකේ පිටු ඉරාගෙන ගිහින් මොනාද බයිලයක් කියවනව...

ඇත්තටම ඇඩම් ස්මිත්ගෙ බලවත්ම උපකල්පනය වගේම යථාර්ථය තමයි අපේ පුද්ගල අභිමතාර්ථ පවත්වාගෙන ‍යන්න නම් අපිට සමාජීය අවශ්‍යතා සමඟ බද්ධවෙන්න වෙනව කියන එක. ස්මිත් මේක 18 වන් සියවසෙ උදාහරණයක් අරගෙන පැහැදිලි කරනවා... 

ඔහු කියනව...ඔබ පාන් හදන බේකරි හිමියෙක් නම් ඔබට ඔබගෙ ඇඳුම් අවශ්‍යතා සඳහා tailor කෙනෙක්ගෙ සේවාවත් අවශ්‍ය වෙනව කියන එක. මොකද ඔබ ඇඳුම් මැසිම පිලිබඳ විශේඥයෙක් නොවන නිසා.  මං ඔන්න ඔය කාරනය නිසා තමයි ස ගෙ කාලෙදි පෝච්චියෙ ඇට පැලකරන්න අකමැති වුනෙ.

මාක්ස් division of labor කියවල තියෙන්නෙ trade union කාරයෙක් විදියටද කොහෙද. 

පොරට එක්කො ස්මිත්ගෙ division of labor කියන එක තේරිල නෑ. නැත්නම් ඕනෑකමින් එහි ඇත්ත කතාව නොකියා ඉන්නව..මාක්ස් ඕක පැහැදිලි කරන්න හදන්නෙ ඉංදියාවෙ තිබුන කුලවාදයත් එක්ක කියලා මට නම් හිතෙන්නෙ....එතනදි තමයි ස්මිත්ගෙ original ideology එක වෙනස් වෙන්නෙ.

ස්මිත් තව කියනවා thrift එක එහෙම නැත්නම් ණය දිමෙ/ගැනිමෙ අනයොන්‍ය උපකාරකිරිම, මහන්සි වී වැඩකිරිම සහ එමඟින් සෞභාග්‍යය සහ පුද්ගල අභිමතාර්ථ ලඟා කරගැනීම ගැන. ලංකාවෙත් thrift society තිබුනනෙ...එහි හරය අරගෙන තමයි ඔය "සමූහ ගොවිපොලවල් විදියට මාක්ස් කතාකරේ...

ස්මිත්ගෙ බොහොම ජනප්‍රිය උදාහරණයක් තමයි...මස් කඩේ කරන මනුස්සය මස් විකුණන්නෙ සමාජ සේවයක් ලෙස නොව, කිසියම් ලාබයක් ලැබිමේ චේතනාවෙන් සහ එම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන ‍යාමෙ අභිප්‍රායෙන් කියන එක. එතනදි පාරිභෝගිකයන් කිසියම් මිලකට ඒක මිලදි ගන්නව නමුත් එය සමාජීය අවශ්‍යතා වලට සහ බැඳීම්වලට හානිවෙනව නම්, අන්න එතනදි රාජ්‍ය මැදිහත් වෙලා එය නියාමනය කරන්න ඕනෙ කියන එක. ඒ කියන්නේ මස් සඳහා සතුන් මැරිම, එම මස්වල ගුනාත්මක් බව, අපද්‍රව්‍ය බැහැර කිරිම, අසීමිත මිල පාලනය වගේ කරැනුවලට රජයට මැදිහත්විය හැකියි කියන එක.

අනිත් උදාහරණය තමයි ස්කොට්ලන්තයේ වයින් නිශ්පාදනය. ඔහු කියන්නේ ස්කොට්ලන්තයේ මිදි වයින් හදන එකට වඩා ලාබයි ස්කොට්ලන්තයට ප්‍රංශයෙන් වයින් මිලදි ගන්න එක. මොකද ස්කොට්ලන්තයේ කාලගුණයට ඔබින්නෙ කොට්න් නිශ්පාදනය මිස මිදි වගාව නෙවි කියන එක. මොකද මිදි වයින් හදන්න ස්කොට්ලන්තයට මිදි වගාකරන්න යන වියදම ප්‍රංශයෙ මිදි වගාකරන්න යන වියදමට වඩා අධිකයි. මේ කියන්නේ competitive advantage නැත්නම් තරඟකාරි සාපේක්ෂ වාසිය...

මේ දේවල් කිව්වෙ ඇඩම් ස්මිත් මීට වසර 246 කට පමණ පෙර කියන එක අමතක කරන්නත් එපා...එවිට කාර්මික විප්ලවයෙ එලිපත්තෙ තමයි යුරෝපය සහ ඇමරිකාව හිටියෙ...මාක්ස් කිව්වෙ කාර්මික විප්ලවය තදින්ම ක්‍රියාත්මක වෙන අවධියක. ඔහු කතාකරේ labor exploitation ගැන ස්මිත්ගෙ division of labor කියන සංකල්පය ඔස්සෙ ඔහු සිටින වටපිටාවෙන් .

මොකද කුලය කියන්නේ උපතින්ම එනදෙයක් කියලා මාක්ස්ට අමතකවෙලා..නමුත් ස්මිත් කිව්වෙ කුලයක් ගැන නෙවි..ඔහු කිව්වෙ කෙනෙකුට හැකියාව තියෙනව නම් ඔහුට කිසියම් භාන්ඩයක් පුද්ගල අභිමතාර්ථය සඳහා නිශ්පාදනය කරලා ඒකෙ අතිරික්තය වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් ඔහුටත් සමාජයටත් ඉන් ප්‍රථිපලදායක බව.


ඇත්තටම ලංකාව වගේ යටත්විජිත රටවල පැවති කුලය අනුව සිදුවු රාජකාරි ක්‍රමයට පවා influence වුනෙ 1776 ඇඩම් ස්මිත්ගෙ කියවීම...සහ යුරෝපයෙ ඇතිවුන කාර්මික විප්ලවයෙ ආරම්භක අවධිය...කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙන්නෙම ලංකාවෙ තිබුන division of labor based on caste කියන එක නැති කරන්න. මේව ලොකු සාකච්ඡා..පොඩ්ඩක් කෙටියෙන් කිව්වෙ 😊 ඒවා නැති වුනේ නැත්නම් මං තාම බිලි කොක්කක් ගහං මාලු බාන්න මුදු යනවා 🤣





15 comments:

  1. කැපිටල් සිම්පල් වැඩක් නෑ. අපි දන්නේ විල් ස්මිත්.

    අරිනවා පුකේ

    ReplyDelete
  2. අපේ රට බේරාගත්තු හමුදාවේ මාමලාට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  3. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න බෑ හේවගේ

    ReplyDelete
  4. Nice post, but only few in the parliament understand such stuff. Despite the ruling party opposition SJB & it's leader is just a joke.

    In my opinion, Sajith Premadasa's kind of brain damaged people should be in a mental hospital under medical treatments, unfortunately they are holding extremely powerful leading positions in the parliament, this reveals what actually happened to Sri Lanka. Even Nandasena seems to be much better than such immature freaks in the opposition. Lucky we escaped from our motherland decades ago. I request all the Sri Lankans whom with a brain to either change the leadership or escape & migrate into some developed countries even Ethiopia doing better than SL now, Maldives is much better options

    ReplyDelete
  5. මාතලන්,

    ලංකාවේ ආර්ථිකය ඒකපුද්ගල ආදායම මත වූ ශ්‍රේණිගත කිරීම පහත හෙලීමක් සලකා බලන ලෙස පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම පරිදි රජය විසින් ලෝක බැංකුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය හරහා ප්‍රචාරය කරන කතාව ඇත්තක් ද?

    දැනටමත් ලංකාවේ රජය මේ වන විට ලෝක බැංකුවේ සහ ශ්‍රේණිගත කිරීමේ නියෝජිතයන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද ඊට ධනාත්මක ප්‍රතිචාරයක් ලෝක බැංකුවේ පැත්තෙන් සහ ශ්‍රේණිගත කිරීමේ නිලධාරීන් වෙතින් ලැබෙමින් පවතීන බවත් රංජිත් සියඹලාපිටිය පවසයි. ලංකාවට විදේශ ණය දෙන ආයතන වන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් ණය ආධාර හා අඩු පොලී ණය ලබා ගැනීමේදී වර්ගීකරණයේ වෙනසක් සිදුකිරීම වැදගත් බවද ඇමති රංජිත් විස්තර කළා.

    සාමාන්‍යයෙන් ලෝක බැංකුව විසින් පහළ ආදායම් කණ්ඩායම යටතේ වර්ගීකරණය කර ඇති රටවලට ජාත්‍යන්තරයෙන් නැවත නොගෙවන ප්‍රදාන යටතේ ආධාර මෙන්ම සෑහෙන අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමේ හැකියාවක් පවතී.

    ලංකාව අතීතයේ සිට 2017 වසර දක්වාම එම කාණ්ඩයේ සිටි අතර 2012 පමණ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3500 - 4000 අතර ගණනක් දක්වා ඉහළ ගිය නමුත් ඒ බවක් නොපෙන්වා රජය 2016 පමණ වන තුරු මෙමගින් සහන පොළියට ණය ලබා ගත්තා

    ඩොලර් 4000 ඒක පුද්ගල ආදායම් සීමාව ඉක්මවා නොගිය නමුත් එවකට පැවති රජයේ දේශපාලනික උවමනාව මත අනවශ්‍ය ලෙස ප්‍රචාරාත්මක කටයුතු වෙනුවෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා සහ මංගල සමරවීර විදේශ ඇමතිවරයා මැදිහත් වී 2017 වසරේ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකු වර්ගීකරණයට එකතු කළා. ලංකාවේ රජයේ මාධ්‍ය මගින් මේකට විශාල වශයෙන් ප්‍රචාරයක්ද ලබා දුන්නා, මැතිවරණ වෙනුවෙන් මේකත් යොදා ගත්තේ 2018 මුල පළාත් පාලන ආයතන මැතිවරණයේදී

    එනමුත් ඊට පෙර ශ්‍රී ලංකාව පැවතියේ දුගී රටවලට ණය ආධාර ලබා දීම සඳහා පවත්වාගෙන යනු ලබන කාණ්ඩය යටතේ බැවින් රජයට සහන පොළියට ණය ලබා ගැනීමට පුළුවන් වූ බැවින් නැවතත් ලංකාව යළිත් උත්සාහ කරන්නේ එම කාණ්ඩයට ඇතුලත් වීම සඳහා බවයි ඔහු පෙන්වා දෙන්නේ මේක ඇත්ත ද?

    මේ ගැන රොහාන් කුරේ ගේ ද සහය ඇතුව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  6. ලැට්ටෙකට යාමේදී පහත කරුණු තරයේ සිහියේ තබා ගන්න.එහි දැක්වෙන්නේ සමාජවාදයට අනුව වර්චස් කිරීමේ(කක්කා කිරීමේ/ රීමේ) ක්‍රමයයි.

    වැසිකිළියට පිවිසිම සදහා වතුර බකට්ටුවත් ඇතිව එය අසලට එන සමාජවාදියා විසින් ඇතුලෙහි අනිකෙකු ඇති නැති බව දැන ගැනීම සදහා පිටත සිට මහා හඩින් කැකෑරීම කල යුතුය. එවිට ඇතුලෙහි සමාජවාදියෙකුකු ඇත්තම් ඒ බව පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියාට දැන්වීම පිණිස මහා හඩින් තැටමිය යුතුය. පඩ ඇරිය යුතුය.

    ඇතුලේ සිටිනා සමාජවාදියා එසේ කිරීමෙන් පසුව පිටත සිටිනා සමාජවාදියා වර්චස් බර තදකරගෙන කාල්ස් මාක්ස්ගේ ශ්ලෝකයක් මුමුනමින් සිටිය යුතුය. එය ඇතුලේ සිටිනා සමාජවාදියාටද හොදින් වර්චස් කිරීමට උදව්වක් වේ.

    කෙසේවෙතත් පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියා කාල් මාක්ස්ගේ ශ්ලෝක නොකියා නොනවත්වාම කකාරන්නේ නම් එයින් කියා පාන්නේ ඔහුට කාල් මාක්ස්ගේ අම්මා මුත්තා මතක් වෙන අන්දමේ කක්කා බරක් සැදී ඇති බවයි. එහිදී ඇතුලේ සිටිනා සමාජවාදියා වතුර බකට්ටෙක සොලවමින් වතුර වැටෙන සද්දය ඇති කරමින් සිටිය යුතුය. එවිට පිටත සිටිනා සමාජවාදියා, ඇතුලේ සිටිනා සමාජවාදියා ඉක්මනට එලියට එනබව සිතා සතුටින් සිටි.

    කෙසේවෙතත් වර්චස් කිරීමට වැසිකිලියට ගොස් ඇනතියගනිමෙන් පසු හදිසියේම වර්චස් බර අන්තරස්දාන උනොත් කළහැකි ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් අජිත් පැරකුම්ගේ ඩබ්ලිව්ත්‍රිලංකා බ්ලොගය සිහි කිරීමයි. අවිට ආලෝකයේ වේගය පරදවමින් වර්චස් පිටවනු ඇත.

    වර්චස් කිරීමෙන් පසු අදාල උපාංග හොදින් සේදිය යුතුය. එහිදී පුක සේදීමේදීද කලයුතු ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් පුක සේදීමට වතුර වක් කිරීමේදී තාලයට පුක සොලවමින්, 'කා....ල්' කියමින් පුක එක් පත්තකටද, 'මා....ක්ස්' කියමින් පුක අනික් පැත්තටද පැද්දිය යුතුය. අවශ්‍ය අයෙක්ට පුක නිශ්චලව තබා වම් අත ඒ මේ දෙසට ගෙන යමින් තාලයට පුක සේදිය හැක.

    ReplyDelete
  7. රාජපක්ෂ රෙජිමයාධිපති
    රෙජිමයාධිපති රාජපක්ෂ
    රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාව
    රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාව එරෙහිව

    රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාව එරෙහිව බ්ලොක් එක අටවන් පහර දෙන ඇමරිකාවේ වැඩ වාසි ඉකොනොමැට්ටා (වීජීත) මහතාට නිවන් සැප.

    ReplyDelete
  8. 'ඊළඟ මොහොතේ ඉඳුල් සියල්ල එකතු කොට ඔහු බලු කපුටු දානයකට බල්ලන් කැඳවීය!
    "වටේ ඉන්න බල්ලන්ට දෙන්න ඉස්සෙල්ලා ළඟ ඉන්න එකාගෙන අහන්න ඉගෙන ගනිං මල්ලී!" මම හිතේ තිබුනු තරහව සඟවාගෙන පැවසීය.'

    ඉදුල් කමින් මෙලෙස දුක් විදින ඔබ ගෙවන්නේ පෙර කල අකුසල කරුමයක්මැයි...

    ReplyDelete
  9. ගොන් වහංසේ කෙනෙක් පංසීයක් දීලා නෙලුම් කණුවට බඩගෑවා. අම්මට සොල්ලම්. තප්පුලංන පටං ගත්තා. හරිම සැනසුමක් දැනෙනවා. තවුතිසාවට - අකණිටා බ්රහ්ම ලෝකය ලගටම ගියා වගේනෙ ආයිබෝන්. ඉතින් ටික වේලාවකට පස්සෙ ආපසෝ පහලට රූටාගෙන ආවා. ඉතින් ගොන් වහංසෙ තෝ පහලට බැස්සෙ ඇයි, එතනටම වෙලා ඉන්න තිබුණනෙ. මට බඩගිනි උනා ඒනිසා මම පල්ලං බැස්සා ගොන් වහංසෙ දෙසාපි. ඇයි උන්නාන්සෙ උඩ ආපන ශාලාවක් තියෙන්නෙ.මී හරකො එතන මට වලදන්න තණ කොල හරි පිදුරු හරි තිබුණෙ නැහැනෙ. ඉතින් මොකේදැයි දං වලදන්නේ!

    ReplyDelete
  10. අඩෝ මාතලනෝ ඇත්ත කතාව තමයි ලංකාවේ බහුතරයක් මුග්ධ ජනතාව බලං ඉන්නව ආන්ඩුව කොරනකං. නැත්තං අරගලයක් කොරල අලුත් එවුන් ගෙනැත් ඒ ගේන එවුන් මැජික් පෙන්නලා රන් රිදී මුතු මැණික් මවලා ඒවායින් රට සුරපුරයක් කොරනකං.

    ඒ අතරෙ රට කොරන උන් සුපුරුදු ගේමෙ යහමින් හම්බකරං වැදි බන දෙසමින් සැපේ ඉන්නවා. ඔය මෝඩ මිනිසුන්ට තේරෙන්නෙ නෑ තමං ගොඩයනගේම තමන්ම ගහන්න ඕනෑ බව.රට නිදහස් ලබල අව්75ක් උනත් කෙලවිලා ඉන්නෙ ඒකයි. බුදුනුත් කියලා තියෙන්නෙ අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා කියලාවත් දන්නෙ නැහැ නේද කවුරුවත් මහලොකුවට බෞද්ධ රටක් කියලා ලේබල් ගහගෙන ඉන්නවා එච්චරයි හොඳම දේ තමයි අපි වගේ පිටරටකට යන එක

    ReplyDelete
  11. මාතලං

    ලංකාවේ මහ බැංකු වාර්තා වල විදියට පසුගිය අගෝස්තු මාසයේ උද්ධමනය 70.2% ක්. ඒ කියන්නේ මීට පෙර වසරේ අගෝස්තු මාසයේ තිබුන භාන්ඩ හා සේවා වල මිලට වඩා අද මිල 70% කට වඩා වැඩියි.

    මේක පටලවාගෙන හර්ෂ ද සිල්වා ගොන් වාහේ කියන්නේ කලින් රුපියල් 100 කට ගත්ත බඩු වලින් රුපියල් 70 ක් වටින බඩු දැන් ගන්න බැරිද මොකක්ද බයිලාවක් ඒ ගොනා කියන විදිහට ලංකාවේ උද්ධමනය 100% ක් වුණොත් මිනිස්සුන්ට බඩු ගන්නම බැරි වෙනවා මෙහෙම ගොන්නු තමයි ලංකාවේ ආර්ථික විශේෂඥයින් කියලා පෙන්නගෙන ඉන්නේ ඉතින් රටේ ආර්ථිකය මෙහෙම නොවී තියේවිද?

    ලංකාවේ ආහාර , ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වල මිල ගණන් වෙන වෙනම ගත්තහම මිල ඊටත් වඩා වැඩිවෙලා. මේ මෑතදී හඳුන්වාදුන් අධික විදුලි මිල ඉහල දැමීම් හා සමාජ අරක්ෂක බද්ද වැනි අළුත් බදු වල බලපෑම නැතුව. ඒවත් එකතු උනාම සැප්තැම්බර්, ඔක්තෝබර් උද්ධමනය ඊටත් වඩා වැඩි වෙනවා.

    රටේම අධික ලෙස මිල ඉහල ගියාට ජනතාවගේ ආදායම වැඩි වෙලා නෑ. පවුලට වෙනදා ගත් ආහාර ප්‍රමාණයවත් ගන්න නැතුව දරුවන්ට පාසැල් යන්න ඇඳුම් පොත්පත් සපත්තු අරන්දෙන්න බැරුව ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ මේ නිසායි.

    ඒ නිසා උද්ධමන ප්‍රශ්නෙට විසඳුම් හොයන්න නම් අපි මුලින්ම උද්ධමනයට හේතුව වටහා ගන්න ඕනේ. පහුගිය කාලේ සමහර ආර්ථික විශේෂඥයෝ උත්සාහ කලා අර්ථකතනය කරන්න මේ උද්ධමනය ඇතිවෙලා තිබෙන්නේ මුදල් සංසරණය වැඩිවෙලා ඉල්ලුම හා සැපයුම අතර සමතුලනය නැතිවෙලා කියලා. ඒකට පිළිතුරක් ලෙස මහ බැංකුව පොලී අනුපාතයන් අධික ලෙස ඉහල දැම්මා. නමුත් එය ප්‍රශ්ණය හරියාකාරව හඳුනාගෙන දුන් විසඳුමක් නොවන නිසා ඒ තීන්දුව පවා අද උද්ධමනයට වක්‍රාකාරව බලපාලා තිබෙනවා.

    ඇත්තෙන්ම කියනවා නම් ලංකාවෙ මේ දවස්වල උද්ධමනය වැඩිවෙලා තිබෙන්නේ මූලිකවම නිශ්පාදන පිරිවැය වැඩි වෙලා නිසායි. නිශ්පාදන පිරිවැය වැඩි වෙලා තිබෙන්නේ මූලිකවම ආනයනික භාන්ඩ වල මිල ඉහල යාම හා අධික පොලී අනුපාත නිසා ව්‍යාපාර කර ගෙන යාමේ වියදම වැඩි වීම වැනි කරුණු නිසායි.

    ඒ වගේම මේ කියපු කරුණු වලට හේතුව වෙලා තිබෙන්නේ රුපියල අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වන්නට හේතුව නන්දසේන රාජපක්ෂ රෙජීමය පසුගිය කාලයේ අයවැය පරතරය පියවන්නට විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමයි.

    ඒ විදියට එම රජය මුදල් අච්චු ගසන්නට හේතුව 2019 පමණ වනවිට රටේ විදේශ ණයබර ඩොලර් බිලියන පණස් හය දක්වා අධික ලෙස ඉහල ගොස් තව දුරටත් ලංකාවට විදේශ ණය ගැනීම අපහසු වීමයි. ඒ වගේම 2019 පාස්කු කේස් එක සහ 2020/21 කොවිඩ් වසංගතය කාලේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම සමග ඉතාමත් බරපතල විදිහට විදේශ මුදල් සංචිතය සිඳී යාමත් කබ්රාල් වැනි අයගේ මුග්ධ තීරණ අනුව රුපියල බලෙන් පාලනය කිරීමට උත්සාහ කල සමයේ රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවී විදේශ සංචිත ක්ෂය වීමයි.

    ඔන්න ඔය නිසා ආර්ථික විද්‍යත්මකව මේ ගැන කල්පනාවෙන් බැලුවාම මේ සියල්ල එකිනෙකට බැඳුණු ආර්ථික ගැටලු බවත් මෙය සමස්ථයක් ලෙස සලකා විසඳුම් සෙව්වේ නැත්නම් මේ අර්බූදයෙන් ගොඩ එන්නට බෑ කියලා පැහැදිලියි. එහෙනම් රජය මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ අයවැය පරතරය අඩු කර ගැනීමට හා විදේශ ආදායම් වැඩි කර ගැනීමටයි.

    නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ රජයේ හෝ විපක්ෂයේ කිසිවෙකුට එවැනි පැහැදිලි ආර්ථික වැඩ පිලිවෙලක් තිබෙනා බවක් අපට පෙනෙන්නට නෑ. යම් තරමකින් හෝ ධම්මික පෙරේරලා වැනි අය ඩොලර් ගේන්න ඕන කියලා අදහසක් තියෙනවා රනිල්ට ඒකවත් තේරෙන්නේ නැහැ ඒකයි අවුල තියෙන්නෙ.

    මේ වෙලාවේ රජයේ වියදම අඩුකරගැනීමට ප්‍රමුඛතාව දිය යුතු වුනත් ආන්ඩුව කරන්නේ තවත් රජයේ වියදම් වැඩි කරගැනීමයි. නිශ්චිත වගකීම් නැති රාජ්‍ය ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් පත් කරලා. තව කැබිනට් ඇමති වරුත් පත් කරනවාලු. මේකද මේ වෙලාවේ රජය කල යුත්තේ.

    ජනතාවට ඕන කුඩා කැබිනට් මන්ඩලයකින් සමන්විත අන්තර් කාලීන රජයක් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් පිහිටුවල ආර්ථිකය හසුරවන්න වුනත් අද වෙලා තියෙන්නේ ඇමති වරු විශාල ප්‍රමාණයක් පත් කරගෙන කිසිදු සැලස්මක් නැතුව කාලය කා දැමීමයි. ඒ වගේම ලංකාවේ විපක්ෂ කණ්ඩායම් සජබ ජවිපෙ ඇතුළු පිරිස ඇඟබේර ගෙන මාරු වෙලා ගිහින් බොරුවට විවේචනය කරමින් බැන බැන ඉන්නව විතරයි කිසිම දෙයක් තේරුම් අරන් නෑ. කිසිම වගකීමක් ගන්න හැකියාවකුත් නෑ.

    ගිය අගෝස්තු 30 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අතුරු අයවැයෙන් අපි බලාපොරොත්තු වුනා වියදම් පාලනයට යම් ආදර්ශයක් දෙයි කියලා. නමුත් සිද්ධ වුනේ 2022 ට මුලින් ඇස්තමේන්තු කරලා තිබුන රුපියල් බිලියන 3,851 ක වියදම අතුරු අයවැයෙන් රුපියල් බිලියන 4,427 කින් වැඩි කර ගැනීමයි. රුපියල් බිලියන 576 කින් වියදම වැඩි වෙලා මේ ඇසතමේන්තුවේ. මේකද ආන්ඩුවේ විසඳුම?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වර්තමාන වික්‍රමසිංහ ආන්ඩුව ගන්නා තීන්දු තීරණ වලිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි. දැන් බලන්න පොලී අනුපාත වැඩි වුනාම එක පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඔවුන්ගේ වැඩි වෙන පිරිවැයත් ජනතාවට පැටවෙනවා. ණයට බඩු ගත්තොත් අධික පොලියක් ගෙවන්න වෙනවා.

      මේ වගේම ඊලගට රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ විශාල වශයෙන් බදු අය කිරීමට බදු වැඩි කලා. මේ බදු වලින් බහුතරය වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් දැරිය යුතු බදු. එයිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි.
      ලංකාවේ වර්තමාන වික්‍රමසිංහ ආන්ඩුව ගන්නා තීන්දු තීරණ වලිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි. දැන් බලන්න පොලී අනුපාත වැඩි වුනාම එක පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඔවුන්ගේ වැඩි වෙන පිරිවැයත් ජනතාවට පැටවෙනවා. ණයට බඩු ගත්තොත් අධික පොලියක් ගෙවන්න වෙනවා.

      මේ වගේම ඊලගට රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ විශාල වශයෙන් බදු අය කිරීමට බදු වැඩි කලා. මේ බදු වලින් බහුතරය වක්‍ර බදු ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් දැරිය යුතු බදු. එයිනුත් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමයි.

      රජයේ මුදල්වලින් වෙන නාස්තිය අඩු කරගෙන ආදායම් වැඩි කරගන්න ක්‍රම හොයන්නේ නැතුව ආන්ඩුව උදේ ඉදන් රෑ වෙනකන් කතා කරන්නේ අලුතින් ණය ගන්න එක ගැනයි.

      මේ දවස්වල IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ලැබෙනවලු . හැබැයි ඒකට අවුරුදු 4 ක් ගත වෙනවා. මේ අය උත්සාහ කරන්නේ ඒ ණය පෙන්නලා ජපානය වැනි රටවලින් තවත් ණය ගන්නටයි. හැබැයි ඔය ගන්න ණය ගෙවන්න හෝ ආදායම් වැඩි කර ගැනීම සඳහා කිසිම සැලස්මක් රටට කියන්නේ නෑ. එහෙම එකක් නෑ වගේ පේන්නේ හැමෝටම.

      ඒ වගේම මෙතන තියන භයානක කම මේකයි අද ලංකාවේ ආර්ථිකය කලමණාකරනය කරන්නේ 2015-2019 කාලේ ලංකාවේ ආර්ථිකය කලමණාකරනය කරපු අයමයි. ඒ අය තමයි අද මේ රටට ගෙවා ගන්න බැරුව දඟලන ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 අයි එස් බී වගේම SLDB ඩිවෙලප්මන්ට් බොන්ඩ් ආදී බැඳුම්කර වැඩිම ප්‍රමාණයක් ගත්තේ.

      ලංකාවේ වර්තමාන විදේශ ණය ගැන වාර්තාවක් මෑතදී එලියට ඇවිල්ලා තිබුනා ඒ අනුව අපිට ගෙවන්න තිබෙනවා ඇමෙරිකාණු ඩොලර් බිලියන 46.6 ක් ණය. ඉන් ඩොලර් බිලියන 37.9 ඍජුවම මධ්‍යම රජය ගත් ණය,ඩොලර් බිලියන 5.5 ක් රාජ්‍ය ආයතන විසින් ගත් ගෙවීමට රජය බැඳී සිටින ණය, ඩොලර් බිලියන 3.2 ක් මහ බංකුව ගත් ණය. එතකොට ඩොලර් බිලියන 12.5 ක ISB ස්වෛරී බැඳුමකර කියන්නේ ආන්ඩුව ගත් ණය වලින් 32% පමන ඇරන් තිබෙන්නේ යහපාලන ආන්ඩුව කාලේ. ඒකෙත් වැදගත්ම කාරනය තමයි ඉන් බිලියන 6.5 ක් ම ලබාගෙන තිබෙන්නේ. ආන්ඩුවේ අවසාන අවුරුදු දෙකේ. ඒ කියන්නේ 2018,2019 කාලේ. එහෙනම් අපි අද මේ දුක් විඳින්නේ මේ අය ගත් ණය ගෙවා ගන්න බැරුව.

      ඒ වගේම දැන් ඒ මුග්ධ ආර්ථික තීන්දු ගත් අය ආයෙත් බලයට ඇවිත් තවත් රට ණය කරන්න කතා කරනවා. අද වන විට ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලෝකයට ණයයි.

      ලංකාවේ ජනතාව තවදුරටත් ණය කරුවන් කරනා හැටි කියවන්නේ නැතුව ඒ ණය බරින් මුදවන හැටි දැන් වත් කල්පනා කරන්න ඕන නැද්ද? රටේ භාණ්ඩ හා සේවා අපනයන ආදී විදේශ ආදායම් තව විශාල වශයෙන් වැඩි කර ගැනීම සඳහා සහ නව නිපැයුම් හරහා අපනයන විවිධාංගීකරණය වගේ දේවල් සහ ඒ වගේ තවත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නිර්මාණාත්මක විසඳුම් යෝජනා හොයා ගන්න ඕන නේද?

      Delete
    2. //ඒ විදියට එම රජය මුදල් අච්චු ගසන්නට හේතුව 2019 පමණ වනවිට රටේ විදේශ ණයබර ඩොලර් බිලියන පණස් හය දක්වා අධික ලෙස ඉහල ගොස් තව දුරටත් ලංකාවට විදේශ ණය ගැනීම අපහසු වීමයි.// විදේශ ණය ගන්න බැරි නිසා මුදල් අච්චු ගැහුවනම් අච්චු ගහන්න ඕන ඩොලර්. අච්චු ගැහුවේ රුපියල්. ඒකට හේතුව නන්දසේන ආපු ගමන් විශාල ලෙස බදු කපා හැරීම. වැට් බද්ද 15% සිට 8% ක් කලා. පෞද්ගලික අංශයේ පඩියෙන් කපාගෙන ගෙවූ උපයන විට ගෙවීමේ බද්ද නවත්වලා බදු ගෙවන අයට වසර අන්තිමේ ගෙවන්න කිව්ව. කීදෙනෙක් ගෙවන්න ඇත්ද? බදු ලිපිගොණු නොතිබිච්ච අය නොගෙවා ඉන්න ඇති. ආදයම් බදු අනුපාත විශාල ලෙස අදු කලා. මේවයින් අහිමි වුණේ රුපියල්. ගාණ බිලිය 600ක්. ඊට පස්සේ ඒවට මුදල් අච්චු ගහන්න පටන් ගත්තා. ඊට අමතරව චන්ද දිනාගන්න එක ග්‍රාම සේවක වසමකට රුපියල් මිලියන තුන ගානෙ ගෙව්වා. ග්‍රාම සේවක වසම් 12,000 ක් තියෙනවා. සල්ලි අච්චු ගහන ගමන් ඩොලරය රු 200ට අල්ලගෙන හිටියා. රුපියල් අච්චු ගහනවනම් ඒ අනුව ඩොලරයට යන්න දෙන්න ඕන. 200ට අල්ලගෙන ඉන්නකොට උන්ඩියල් අය රුපියල් 30-40 වැඩිපුර ගෙවන්න පටන් ගත්තා. ඒ නිසා අවුරුදු ගාණක් හැම මාසෙකම ඩොලර් මිලියන 800 ක් වූ විදේශ ශ්‍රමික ප්‍රේශණ ඩොලර් මිලියන 200 ට බැස්සා. ඊට පස්සේ ඩොලරය 360 කලත් අදත් වැඩි දෙනෙක් සල්ලි එවන්නේ උන්ඩියල් හරහා දැන් උන්ඩියල් අය ඩොලරයට රුපියල් 380 ක් ගෙවනවා. ඔන්න ඕකයි උනේ අපේ හමුදුරුවනේ.

      Delete
    3. රටේ ප්‍රශ්ණය විසඳන්න නම් කරපු වැරැද්ද හරි ගස්සන්න වෙනවා. ඒ නිසා ඔක්තෝබර් සිට වැට් නැවත 15% වුනා. සමාගම් වලින් සහ පුද්ගල බදු ගෙවන්නන් ගෙවිය යුතු බදු වැඩිකලා. ඉහල පොලී අනුපාත පවත්වාගෙන යන්නේ පාරිභෝජනය අඩු කරලා ඉතිරි කිරීම වැඩි කරන්න. පරිභෝජනය අඩු කිරීම (එනම් ඉල්ලුම සීමා කිරීම ) තමයි උද්ධමනය පහල හෙලන ක්‍රමය. අනික් බඩු ගණන් වැඩිවුනේ ඒවා ආනයන නිසා. ඩොලරය වැඩි වීම නිසා. ඒ වැඩි වුණේ අර කිව්ව නන්දසේන කබ්‍රාල් ගෙ වැඩ නිසා.

      Delete
  12. ලෝක බැංකු (IBRD) වාර්තා අනුව ලංකාවේ තෙල් මිල ගණන් වැඩි වීම බලපාන්නේ 70% ක්ම ධනවත් ඉහළ මධ්‍යම පාන්තික ආදායම් ඇති පවුල් වලට බවත් දිළිඳු සහ පහළ මධ්‍යම පන්තික ආදායම් ලබන ජනයාට එහි බලපෑම 30% ක් පමණයි

    ඩීසල්, පෙට්‍රල් සහ ගෑස් පෝලිම් නිසා සල්ලිකාරයන් වෙනුවෙන් අරගල කළාට දුප්පතුන්ගේ අහාර, පාසල් උපකරණ, භූමිතෙල්, ඇදුම්, පාවහන් මිල අසීමිත ලෙස වැඩි වුණා කියා අරගල නෑ හොඳේ….! කෝ ඒවටත් අරගලයක්?

    - කළු කබා ගිනි කන්නන්ගේ කල්ලියේ පණිවිඩයක්ය ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න