.

.

Feb 15, 2023

චන්දය කල් යයිද? (උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට ජනපති රනිල් දැකලා තිබුනේ නෑ නේද?)

 


චන්දය කල් යයිද?
(උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට
ජනපති රනිල් දැකලා තිබුනේ නෑ නේද?)
➖➖➖➖➖➖➖➖➖➖🟥➖➖➖

▪️පළමු කොටස

මාතලන් යකා ඔය වරහන් ඇතුලේ තියෙන ටික ලිව්වේ, රනිල් ජනපති ලෙස දිවුරුම් දුන් මොහෙතේම වගේය... ඒ... අරගලයේ දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබුන උන් හා සංවිධාන අරගල භූමියෙන් ඉවත් වූවද...

අරගල ජයග්‍රහණයෙන් ගිනි කන වැටී හුන් පෙරටුගාමී එකේ අත දරුවෝ සමඟ එකතුවූ හුජ්ජා කෙල්ලෝ කොල්ලෝ හා උන් සමඟ උන් කොළඹ වතු ජනතාව හා පාදඩ පන්තිය... රනිල්වත් එලවන්නේ ඝෝඨා වගේමයි කියා අරඟල භූමියේ සිට රනිල් එලවන්න දින වකවානුද සමඟ රඹ ටෝක් ඉෂූ කළ මොහොතේමය.

කීවාක් මෙන්ම එදින රාත්තිරියේ රනිල් ඩිනර් එක දුන්නේ මෙතෙක් කෑ බුරියානී වලට වඩා නොමිළේ දෙන පරිප්පු කෝමද ඩෝ කියන්නටය... උන් ඝෝඨාගේ ගුණ වයමින් හඬ හඬා පුප අත ගගා දිව්වේ, එතෙක් මාර පොරවල් කියා හිතාගෙන උන් හාල්පාරුවන්ට රාජ්‍යයේ මර්ධනය උන්ගේ තර්ජන ගර්ජන ළඟ හූනූ පුපක් බව උන්ට වටහා දෙමින්‍ය. (මේ කිරිකජු කොල්ලෝ 88/89 ක් තබා කොළඹ පුපුරපු බෝම්බවත් දැකලා තියා අහලාවත් තිබුනේ නැතිය)

රණසිංහ ප්‍රේමදාස ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය පසු, යූ ඇන් පී යේ නායකයකු යැයි බයක් කැතක් නැතිව කිව හැකි එකෙක් රටේ ජනාධිපති කමට එන්නේ, ඝෝඨාභට රාජපක්ෂ නම් තකතීරූ ජනාධිපතිවරයාට පින් සිඳු වන්නටය. රනිල් යනු වෙනින් කවුරුවත් නොව ජේ ආර් ජයවර්ධන හෙවත් වත්මන් ව්‍යවාස්ථාවේ නිර්මාණකරුගේ බෑනාය..

ඔහු 72, 83, 88/89, 2009 මෙන්ම සියල්ල දැක ඇති, ඒවායෙන් සමහරක් තුල උන් කෙනෙක් බව බොහෝ උන් දන්නේද නැත.

ඔහුට ලෝක දේශපාලනයේ හා ලාංකිය දේශපාලනය පිළිබඳ ඇති දැණුම හා පරිචය සතු වෙනත් දේශපාලකයකු මේ රටේ මේ මොහොතේ ඇත්තේ නැතිය. එහෙත් මාතලන් ඔහු හඳුන්වනේ අවාසනාවන්ත නායකයකු ලෙසය. 

මින් පෙර කිහිප අවස්ථාවකම පක්ෂය හා ඔහුගේ සහාය ලද සන්ධානවලට බලය ලැබුනද, විධයක බලය නොලැබුනාක් මෙන්ම ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කිසිඳු ඉඩ ප්‍රස්තාවක් ලබා දුන්නේ නැතිය. 

ඒ හේතුවෙන්ම, ඔහු ඔහුගේම පාක්ෂිකයන් අතර මෙන්ම රටේ ජනතාව අතරද ජන අප්‍රසාදයට පත් නායකයෙක් විය. එහි ප්‍රතිපලය වූයේ, පක්ෂයේ තවත් උරුමක්කාරයකු රනිල්ට ඇපත් නොලැබෙන සේ පක්ෂය කඩාගෙන යාම හා රටේ දැවැන්න්තම පක්ෂය වූ එජාපය ජවිපෙටත් පරාද වෙමින්, පාර්ලිමේන්තුවේ එක අසුනක් හෝ නොමැති පක්ෂයක් බවට පත් වීමය.

එහෙත් කොහේ හෝ ඇති වාසනාවකට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට වාසනාව ගෙන ආවේ ඔහු විධායක ජනාධිපති කරමිනි. අවාසනාවකට ඔහු එසේ පත්වන්නේ තම පක්ෂයේ අයගේ චන්දයකින් නොව, පොහොට්ටුවේ උන්ගේ චන්ද 134 ක පිහිටෙනි. 

එතැන් පටන් රනිල් මෙන්ම බැසිල් ගෙන ගියේද පොලිටිකල් ගේමකී. බැසිල්ට අවශ්‍ය වූයේ තම පක්ෂයේ බලය සමඟ රනිල් පාලනය කිරීමටය. 

එමෙන්ම රනිල් පොහොට්ටුවේ දෙවන පෙල පිරිසක් හා ගෙන ගියේ, පොහිට්ටුවේ විශාල කණ්ඩායමක් තමන් වෙත තබාගෙන බැසිල් මට්ටු කිරීමටය. 

බැසිල් නම් කරනා පිරිසට ඇමතිකම් නොදි, ඉන් පරිභාහිරව ආධුනිකයින් හා මෙලෝ රහක් නැති සෙට්ටෙකකට රනිල් විසින් ඇමතිකම් ලබා දෙනුයේ, මම දැන් තමුසේ ගනන් ගන්නේ නෑ ඕයි කියා කෙලින්ම කිව නොහැකි නිසාවෙන්මය.

කළකිරුනු බැසිල් නවතිනුයේ ඇමරිකාවේය. ඔහු නැවත එන්නේද පලාත් පාලන චන්දයෙන් රනිල්ට පාඩමක් ඉගැන්වීමටය. ඇත්තටම බැසිල්ට අවශ්‍ය මේ චන්දය පොහිට්ටුව පරාජය වනු දැකීමය. ඒ 2019 නැවත බලයට පැමිණියා සේ මතු දිනෙක ජනතාව ඔවුන්ට යලි බලය ලබා දේ යැයි යන මතයේ සිටය. 

රනිල්ට අවශ්‍ය වන්නේද එයමය. එහෙත් තමන්ගේ "තග් ලයිෆ්" රාජාසන කතාවෙන් පසු ඔහු වෙනුවෙන් කතා කරන්නට උන්නේ ලන්සා හා ඩයනා පමණය.. රනිල්ගේ කට්ට කයිරාටික කම් දැන් හරියන්නේ නැති බව පක්ෂයේ අලි පුටුවලට දැන් අවබෝධ වී ඇත. ඒ ගැන වෙනම කතා කල යුතුව ඇත.

රනිල් දැන් ගහන්නේ වානා වා පෝ නම් පෝ ගෙමකි. ඔහුට ජනප්‍රිය නායකයකු වන්නට කිසිම අවශ්‍යතාවයක් නැති බව ඔහු කෙලින්ම කීවේය. දැන් ඔහුට අවශ්‍ය වන්නේ හොඳින් හෝ නරකින්, 2024 දක්වා විධායක ජනාධිපති කම් කිරීම පමණකි.

ඒ නිසා කවුරුන් හෝ රනිල් එක්ක ගේමට යනවා නම්... ඒ අයට මට කීමට ඇත්තේ ඔයාලට අදහන ආගමක දහමක සරණම පමණය කියලාය. ඒ අප රනිල් කව්දැයි කියා දන්නා නිසාවෙන්මය.

පලාත් පාලන මැතිවරණය ගැන වඩාත්ම කලබල‍යට පත් වී ඇත්තේ රනිල් හෝ බැසිල් යයි කියා කෙනෙකු ලියන්නේ හෝ සිතන්නේ නම්, ඔවුන් ජාත්‍යන්තර භූ දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නැති අයය. මෙහිදී මේ මොහොතේ ඇත්තටම බය වී ඇත්තේ ඉන්දියාව හා ඇමරිකාවය.

ඇමරිකාවෙන් අති විශේෂ දූතයින් පිරිසක් හදිසියේ කොළඹ එන්නේත්, ඒ පිළිබඳ කිසිත් එලියට නොඑන්නේත් මේ හේතු මතය.

මේ චන්දයක් අස්සේ මේ යකා මෙතනට ඉන්දියාවක් හා ඇමරිකාවක් ඇද ගත්තේ මක්කටෙයි කියා කෙනෙකුට සිතෙනු ඇතිය. 

ලිපිය දිග වැඩි වන හේතුවෙන්, ඒ කොටස විවේකයක් ලද සැනින් ලියනවාමය....

ඒ වගත් මෙසේය....

.

19 comments:

  1. //කළකිරුනු රනිල් නවතිනුයේ ඇමරිකාවේය.// රනිල් ඇමෙරිකාවට පැනල ගියේ නැහැනෙ?

    ReplyDelete
    Replies
    1. මාතලන් සහ ඉයන්,

      මාතලන් ටයිපිං මිස්ටේක් එක හදපු නිසා මම වෙනත් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? ආණ්ඩුවට සල්ලි නැති හින්දනේ ඡන්දෙත් කල් දාමු කියන්නේ ඉයන්? දැන් ඉයන්ලාගේ සමගි ජන බලවේගයේ කට්ටිය අනිවාර්යයෙන්ම මොන ජාතියෙන් හරි පළාත් පාලන ඡන්දය තියන්නම ඕනෑ නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව සටන් කරලා අමතක නොවන හොඳ පාඩමක් උගන්වනවා කිය කියා ජිනීවා මානව හිමිකම් එකටත් පැමිණිලි කරමින් මහත්සේ ගර්ජනා කරමින් ජනයා කුපිත කරමින් සිටින බව මේ දවස් වල ලංකාවේ තත්ත්වය දිහා බලන කොට පේනවා, පෙරටුගාමී සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ මාලිමා සහෝදරවරු කොළඹට මිලියන ගණනක් ජනයා ගෙනැවිත් රනිල්ව බෙල්ලෙන් අල්ලලා ගඩාෆි වගේ මහපාරේ අමු හෙළුවෙන් උඩු අතට හරවා බල්ලෙක් වගේ මරලා දාලා බලය අත්පත් කරගන්නවා කියලා ප්‍රසිද්ධියේ වහසි බස් පවසනවා, එතකොට අනිත් පැත්තෙන් රාජපක්ෂ පවුලේ ව්‍යාපාරය වූ පොහොට්ටු කල්ලියේ සහ ඉන් කැඩී වෙනම අටවාගත් හෙළුකොප්ටර් අටමගලේ උනුත් සිරිසේන ගමරාලගේ සෙට්එකත් අපිනම් ඉතින් ඡන්දෙට කැමතියි දිනුවත් පැරදුනත් අනිවාර්යයෙන්ම ඡන්දය තියලා ජනමතය උරගා බලමු අපි පැරදුනත් කමක් නෑ ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කියලා පොරටෝක් ඉෂූ කරනවා.

      ඔය විපක්ෂ දේශපාලනික කණ්ඩායම් සහ ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂයේ සෙට් එකත් ඇතුළුව පොදුවේ මිනිස්සු දහදුරාවේ ආණ්ඩුවට කුණුහරුප වලින් බැන්නට ඇත්තටම සල්ලි නැත්තං ආණ්ඩුව මොනවා කරන්නද?

      ආණ්ඩුවත් පව්. අපිත් පව්.

      සල්ලි තිබ්බනං ආණ්ඩුව නොදී ඉන්නේ නැති බවයි පේන්නේ.

      අනික ඉයන් සහ මාතලන් සල්ලිද වටින්නේ මනුස්සකම ද වටින්නේ. සල්ලි මේ තිබ්බා, මේ නෑ. මනුස්සකම එහෙම නෙමෙයි. හැමදාම තියෙනවා.
      මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete
  2. // කළකිරුනු රනිල් නවතිනුයේ ඇමරිකාවේය. // බැසිල් කියල වෙනස් වෙන්න ඕන නේද ? කොහොම උනත් රනිල් ගැන හරි තක්සේරුවකින් ලියල තියෙනවා. ඉතුරු කොටස් ටිකත් ඉක්මණින්ම පල කරන්න. ස්තුතියි

    ReplyDelete
  3. 'ඇමරිකාවෙන් අති විශේෂ දූතයින් පිරිසක් හදිසියේ කොළඹ එන්නේත්, ඒ පිළිබඳ කිසිත් එලියට නොඑන්නේත් මේ හේතු මතය'

    මේ එන්නේ පිටසක්වල යානා පැමිණි බවට දැනුම් දෙන්න පිරිසක්.

    ඔවුන් ග්‍රීසියේ සිට ආවේ.

    ලංකාවේ තිබුණු රහසිගත උපකරණයක් අරං ගියා.

    ReplyDelete
  4. යූඑන්පී කාරයෝ පරඩලක් වෙලා

    ReplyDelete
  5. මාතා මේක වැරදියි නේද?

    //එහෙත් කොහේ හෝ ඇති වාසනාවකට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට වාසනාව ගෙන ආවේ ඔහු විධායක ජනාධිපති කරමිනි. අවාසනාවකට ඔහු එසේ පත්වන්නේ තම පක්ෂයේ අයගේ චන්දයකින් නොව, පොහොට්ටුවේ උන්ගේ චන්ද 134 ක පිහිටෙනි. //

    ලංකාවේ රෙජීමය වෙනස් කිරීම වෙනුවෙන් ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ අරගලය හරහා රනිල්ව බලයට පත් කර ගත්තේ භාරතය සහ එක්සත් ජනපදයේ ලිබරල් ඩිමොක්‍රටික් බෛඩන් පරිපාලනය විසින් බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා පොහොට්ටු පක්ෂයේ සෙට් එකක් ඡන්දෙ දුන්නේ අර කූඹියෝ කතාවේ ජෙහාන් කළා වගේ ගේමකට අහුවෙලා පණ කෙන්ද බේරා ගැනීමට බවත් ලියපන් අනිවාර්යයෙන්ම

    අතීතය පොඩ්ඩක් මතක් කරගමූ. අරගලය කාලයේ ගෝටාභය මරන්න හෙව්වා, මහින්ද මරන්න හෙව්වා. ගෝටාභයගේ ගෙදර වට කලා. මහින්ද හිටිය තිරිකුනාමලේ නාවික හමුදා කදවුර වට කලා. ගෝටාභය පස්සේ මිනිස්සු පැන්නුවා, කටුනායක ගුවන් තොටුපල වට කලා, මාලදිවයින් ගුවන් තොටුපල වට කලා. ගෝටාභය බයේ පැනලා දුවන දර්ශන රටටම පෙන්නුවා. මහින්ද හැංගිලා නැවක ජීවත් වෙනවා කීවා. ගෝටාභයගේ බඩු භාන්ඩ නැව් වලින් ගෙනියනවා පෙන්නුවා. රටපුරා චන්ඩි සද්ද දැම්මා. ගෝටා මරනවා, මයිනා මරනවා කීවා. හැබැයි ගෝටාභය ආයෙමත් රටට ආවා. මහින්ද සුවසේ එහෙ මෙහෙ යනවා. අද කිසිම චන්ඩියෙක් පේන්න නෑ. සමාජ මාධය වල , රූපවාහිනිවල නම් ඕන තරම් චන්ඩි වැහි වැහැලා. බොරු වොයිස් කට්. පඩ ෂෝ. හැබැයි හැමෝගෙම කට පුක මූට්ටුවෙලා. හැබැයි කොතරම් ජනතා අප්‍රසාදයට ලක් වුණත් කොතරම් තර්ජන එල්ල වූණත්, ගෝඨාවත් මහින්දවත් ඒ වගේ හෙලවුනේ නෑ. ඒකටත් හේතු තියනවා ඩීල් වැඩ කරනවා ඔවුන් දන්නවා රනිල් වික්‍රමසිංහ ඔවුන් උපරිම වශයෙන් ආරක්ෂා කරමින් ගේම් එක ප්ලේ කරන බව, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැත්නම් එයත් අඩුවක්

    ReplyDelete
    Replies
    1. ඒ කොටස තමා ඊළඟට එන්නේ

      Delete
  6. මාතා මොකද හිතන්නේ මේ ගැන මේක බලන්න

    https://fb.watch/iKI5RSGzHV/

    ReplyDelete
  7. මගෙ මතය මේකයි මාතලන්.
    රනිල් අවාසනාවන්ත වුණත් ඉතා ශූර සටකපට නායකයෙක්. අන්තරේ වසන්තව මාස ගාණක් හිරකරගෙන හිටීමම මට දැනෙන්නේ 'අනුනුත් නසාගෙන තමනුත් මරා ගැනිල්ලක් 'විදිහටයි. උඩින් මිතුරු බව පෙන්වමින් ඉන්න ගමන්ම; අනාගත නායකත්වයට කෙළ හලන ගොඩ දෙනෙකුට ශක්තිමත් විරුද්ධවාදියෙක් තනා දීමක් උන්නැහේ දැනුවත්වම කළා කියලයි මං හිතන්නේ. මම වැරදි වෙන්නත් ඉඩ තියෙනවා. කාලය විසින් තමයි උත්තර දෙනවා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. වසන්ත මුදලිගේ කියලා කියන්නේ පල් මෝඩයෙක්... එහෙම එකෙක්ට ලොකු අනාගතයක් තියෙයි කියල හිතන්නත් අමාරුයි ඒත් රන්ජන් රාමනායක පොහොට්ටු පක්ෂයේ මිරිස් කුඩු ප්‍රසන්නලා ගීතා කුමාරසිංහලා වගේ ගොඩක් කට්ටිය, එතකොට සමගි ජන බලවේගයේ නායකත්වය දරන සජිත් ප්‍රේමදාස වගේ උන් ඉහළට ආපු රටක ඊළඟ පරපුරේ මෝඩාභිමානය විදියට ඌටත් එන්න බැරි වෙන එකක් නෑ ඒත් ඉතින් ඌ දන්නේ පාරේ විලාප තිය තිය උද්ඝෝෂණ කරලා නාල ගෙදර යන ටිපිකල් ලංකාවේ කලා උපාධිකාරයින්ගේ ලයින් එක විතරයි ඉදිරියට ලොකු පෞරුෂයක් ඇති කරගන්න බැරි වුණොත් ඌටත් ලොකු දෙයක් කරන්න බැරි වෙයි කිසිම දැක්මක් නැති බයිලා කාරයෙක් අඩු තරමින් ජවිපෙ ප්‍රධාන පෙලේ නායකයන් කිහිප දෙනා වගේ කටින් ගහල ෂේප් වෙන්න වත් බෑ ඒකත් නාගන්න ගෝතයෙක් නිසා

      Delete
    2. අයිසේ ඇනෝ, වසන්ත මුදලිගේ පරපුරෙ එවුන් (දඹානේ ගල් වැද්දෝ) මීට ශතවර්ෂ දෙක තුනක් විතර ඉස්සර කාලෙක කැලේ හිටපු නිට්ටෑවන් නමැති පිරිස බලහත්කාරයෙන් වටකර ගල්ගුහාවලට කොටුකර ඔවුන්ට පණ පිටින් ගිනිතබා සමූලඝාතනයක් ලෙස (genocide) කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු සියලුම දෙනාව මරා දැම්මා යැයි ජනප්‍රවාදයේ සඳහන් ජනශ්‍රැති විද්‍යාවට අනුව පිළිගන්නා මතයක් පවතී. ඒ නිසාදෝ කොහේදෝ ඌ තාම හිතන් ඉන්නේ අදත් පවතින්නේ වනගත නීතියක් කියලා බවයි උගේ ගොන් පාට් වලින් පේන්නේ.

      Delete
  8. රටක් සංවර්දනය කෙරීමේදී තියෙන ලොකුම හේනේ තමයි මෙවැනි බොරු විරෝදතා කරුවන්. වහාම මෙවැනි ගෙරි බල්ලන් මර්දනය කල යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න