.

.

Feb 27, 2023

තියන්න චන්දයක් නෑ

 


තියන්න චන්දයක් නෑ
(උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට, ජනාධිපති රනිල් දැකලා තිබ්බේ නෑ නේද? )
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

( දෙවන කොටස)
(මෙහි පළමු කොටස, පළවන කොමෙන්ටුවේ.)

පුංචි මැතිවරණය තියා කිසිම මැතිවරණයක් නැති බව හරීන් ඊයේ කීවේය. මේවා හරීන්ටත්, රනිල්ටත් කලින් මාතලන් දැනගෙන උන්නේය. ඒ ලාංකීය දේශපාලනය නොව ගෝලිය දේශපාලනයත් කියවා ගත හැකි නිසාය. මාතලන් පුදුම වෙන්නේ චන්දයක් තිබ්බා නම්ය.

චන්දයක් තියන්නේ නෑ කියා රනිල්ට බනින්නේ, ජාත්‍යන්තර දේශපාලනය නොදන්නා උන්ය. ඇත්තටම රනිල්ටත් ඕනෑ වුනේ චන්දයක් තියන්නටය. ඒ පොලිටිකල් ගේම්ය. ඒ ගැන විස්තරාත්මකව මෙහි පළමු කොටසේ ලිව්වේය. 

හැබයි චන්ද නොතියන්න හේතුව ලෙස විපක්ෂය කියන කතන්දරය නම් 100% ක් ඇත්ත කතාවක්ය. ඒ කියන්නේ චන්දේ නොතිබ්බේ සල්ලි නැති නිසා නොව, චන්ද නැති නිසයෙයි කියනා එකය. හැබයි මේ චන්ද නැති එක බලපෑවේ රනිල්ට නොව ඉන්දියාවට හා ඇමරිකාවටය. චන්දය කල් දමන ලෙස බලපෑම ආවේ ඒ දෙරටෙන්ය.

අපේ දෙකයි පනහේ දේශපාලුවන් තබා රනිල්වත් නොදැන උන් කාරනය නම්, තමන් ඇක්ඩැකටිව් ප්‍රසිඩන්ට් වුනත්, රට පාලනය කරන්නේ, විධායක ජනාධිපතිවරයා නොව විදෙස් බලවේගයක් බවය. ඇත්තටම මාතලන්ට විචිකිච්චාවක්ව තිබුනේ, එහිදි වඩා බලවත් චීනාද ඇමරිකාවද යන ප්‍රශ්ණය පමණක්මය. 

ඊට හේතුව වී තිබුනේ මහ බැංකුවේ ගවනර්ගේ පත්කිරීම හා ඒ යකා පත්වෙච්චි ගමන් රට බංකොලොත් කරපු එකය. පොර චීනාගේ ප්ලාන්ට් එකක් බව අදත් මාතලන්ගේ මතයය. චීනා හැදුවේ අපේ ණය වලින් 10% පෙන්නා අපිව බ්ලැක් මේල් කරන්නටය.  උන් අදටත් කරන්නේ ඒකය.

අද රනිල් උඩ දමනා බොහෝ උන් හිතන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව කෙලින්ම ඇක්සෙස් කරන තරමට සබඳතා ගොඩනගාගත්තේ එයාය කියලාය. හැබයි සිඳු වූයේ වෙන දෙයක්ය. 

ඇමරිකාව උන්නේ රනිල් එක්ක මල පැනලාය. ඒ යහපාලන කාළේ චීනා එක්ක හැමිනෙන්න ගිය නිසාය. එම සබඳතා නැවත ගොඩ නඟා ඝෝඨා එලවා රනිල් ජනපති කරන්නේ ඇමරිකන් ඇම්බැසිඩර් ජූලී චන්ග් සුදු නෝනාය.

එහෙත් රනිල් කියන්නේ කිසිවකු ගනන් නොගන්නා උඩඟු පුගලයෙකි. ජනපති වූ පසු තනතුරින් ඔලුව උදුම්මවාගත් උන්නැහේ, මේ රටේ වැඩ වලට හොට දාන්න එපා කියා ජූලී චන්ග් මෙන්ම ඇමරිකාවද තරහා කර ගන්නේ මේ මරිමෝඩ උඩඟු කම නිසාමය.

රනිල් හෙන මොළයක් කියාවත්, එයාට ජාත්‍යන්තර සබඳතා තියෙනවා කියාවත්, එයාට ආර්ථිකය ගොඩ දැමීමට වැඩපිලිවෙලක් ඇතයි කියාවත්, මාතලන් කිසි විටෙකත් විශ්වාස කරන්නේ නැතිය. 

එයා එහෙම කෙනෙක් නම්, කිසි දිනෙකවත්, පෝට් සිටියේ මුල්ගල ගලවා මුහුදට විසි කරන්නේවත්, හම්බන්තොට චීනාට විකුණන්නේවත් නැතිය. අද රට පරිප්පු කන්නේ මේ තකතීරූ වැඩ නිසාමය.

එහෙත් මාතලන් රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියා කෙනෙකුට හිතෙන්න පුලුවනිය. ඒ වෙන කිසිවක් නිසා නොව, මාතලන් ප්‍රචන්ඩත්වය හා මිලේච්ඡත්වය පිලිකුල් කරනා නිසාත්, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරනා නිසාත්ය. හෙට රටේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා අනුර නම්, මාතලන් ඔහු වෙනුවෙන් විවේචනාත්මකව  පෙනී සිටිනේනේය. 

රනිල්ට හා බැසිල්ට චන්ද නැති නිසාත්, රැල්ල ජෙප්පන්ට නිසාත් වඩාත් කලබල වූයේ රනිල් නොව, ඉන්දියාව හා ඇමරිකාවය. රනිල්ට දැන් ඕන පුපක් ප්‍රීතී වෙසක්‍ය. එයා ජනරජ පෙරහර තියන්නේ, ඇම්බැසිඩර්ලාට මහනුවර ටුවර් දෙන්නේ ඒ නිසාය. 

බඩට නැති වුනත් ලුණු කැඳ
ඇඟට ඕනමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ...කියා 
අපේ ජාතික ගීයේ තියෙන්නේ මේ නිසාය.

ඉන්දියාව හා ඇමරිකාව මෙසේ කළබල වූයේ, රෝ හා CIA ඔත්තු සේවාවන් ඔස්සේ ලද විශ්වාසවන්ත තොරතුරු මතය. ඔවුන් ලංකාවේ ඔත්තු සේවා හා ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නැතිය. දැන් රනිල්ටත් උන්ව විශ්වාස නැතිය. ඒ නිසා ඔහු විශ්වාසය තබා ඇත්තේ ඇමරිකාව වෙතය. ඉන්දියාවේ සප් එක ඇත්තේ බැසිල්ටය.

ඇමරිකාවෙ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් හදිසියේ ලංකාවේ සංචාරය කරන්නේත්, ඉන් දින කිහිපයකට පසු ඇමරිකන් හමුදාවේ අති විශේෂ කණ්ඩායමක් ආරක්ෂක නිළධාරීන් පිරිසක් රහසේම පැමිණ පිටව යන්නේත්, ඒ පිලිබඳව රාජ්‍යන් දෙකම නිහඬව ඉන්නේත් මේ හේතු මතය. 

මන්ද අම්මට සිරි ලංකාව තුල චීනාට හිතවත් ආන්ඩුවක් පත් වීම, ඉන්දියාවට මෙන්ම ඇමරිකාවටද කිසි ලෙසකින් හෝ යහපත් දෙයක් නොවනා නිසාය. 

මේ හේතුවෙන් IMF මුදල් කඩිනමින් ලැබීමටත්, MCC වැනි ගිවිසුම් නැවත පැමිණීමටත්, බැසිල්ගේ ආයෝජකයින් නැවත ගොඩබෑමත් සිඳුවිය හැකි අතර, ඒවා චීනාට මෙන්ම චීනාගේ මුදලින් යැපෙනා පක්ෂ වලටත්, ජාතිකත්වය කරේම තබාගෙන යන පක්ෂලටත් කිසිසේත් දිරවා ගත නොහැකි දේ හේතුවෙන්, වර්ජන, උද්ඝෝෂණ හර්තාල් පමණක් නොව ලේ වැගිරීම් වුවත් සිඳු වීමට ඇති ඉඩ කඩ බොහෝමය.

ආර්ථිකය ගොඩ යන තෙක් රනිල්ගෙන් චන්ද ඉල්ලීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවාටත් වඩා ආතල් එකක් වන්නේ...
රනිල්ගේ භාෂාවෙන්ම කියනවා නම්.
චන්ද තියන්න රටක් තියෙන්න ඕන...
රටක් නැතුව චන්දත් නෑ ඕයි..
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් කියලාය.

අප කැමති වුනත්, අකමැති වුනත් දැන් රට පාලනය කරන්නේ....
ජූලී චන්ග් සුදු නෝනා වනාතර...
මහ බැංකුව පාලනය කරන්නේ IMF එකය...
විපක්ෂය චීනාය...
ජනාධිපතිගේ සිට පක්ෂ විපක්ෂ සියල්ලෝම රූකඩ ඉතරක්මය...
අපි රූකඩ ඩාන්ස් බලනා ප්‍රේක්ෂයෝය.

මේ ඩ්‍රාමා එකට ඔබත් සම්බන්ද වීමට කැමති නම්, 
කපා කපා කෑලී කපා 
අප නවතනු සිතනු එපා 
සෙට්ටෙකකට සෙට් වී... සහභාගී විය හැකි අතර....

එසේ පැමිනෙන විට සබන් කෑල්ලක් හා තුවායක්‍ රැගෙන පැමිණීමට අමතක නොකල යුතුය...

ඇමරිකානූ ආධාර යටතේ කොළඹ කාණූ වතුර නොමිළේ ලැබෙනු ඇත..

ආදී සීහලුන්
පිට දීප දේස ජයගත්තා...
අමු කෙප්ප ඕයි මේවා....
.

8 comments:

  1. කෑගහන්නේ පුරුද්දට මාතේ.. තමන් අදහන දේශපාලන නායකයා ජනාධිපති නොවුන විට, තමන් වහල්කම් කරන ගැතිකම් කරන දේශපාලන පක්ශය රාජ්‍ය බලය අහිමිව සිටින විට විකල්ප අවශ්‍ය නෑ කෑ ගහන්න ..අල කරන්න.. ඒකනේ අපි තාමත් මෙහෙම.. අනිත් කියන දේවල් සත්‍යයෙන් තොර නොවුනත් අවම සත්‍යයනේ...

    ReplyDelete
  2. අඩෝ මාතලන් මෙච්චර කල් අවුරුදු තිස් ගානක් තිස්සේ උද්ඝෝෂණ වලට ගහපූ කඳුලු ගෑස් වලට කෙල්ලෙක් වත් මැරෙන්නේ නෑ. නමුත් ජවිපෙ අපේක්ෂකයො කඳුලු ගෑස් කාපු ගමන් මැරෙනවා. පුදුම තරුණ ජවයක්… තවමත් අවුරුදු හැට ගානක ලාබාල තරුණ වයසේ මාලිමාවේ නාඹර තරුණ ක්‍රියාකාරී සාමාජිකයෙක් අද අපවත් වෙලා නේද? හරිම පවු... රහසින් වත් පවු නොකල උතුමෙක්... නිවන් සුව අත්වේවා පතමු එතුමාට

    ReplyDelete
  3. මම ආසයි GTRZ රංග තේනුවරට කියලා පුකේ ඇරගන්න.

    ඊට පස්සේ කැරි ටික බොන්න ආසයි ජී ටී ගේ.

    ජීටී ගේ ටොපාගේ සුවද මතක් වෙද්දී ඉවසන්න බැහැ මට.

    ReplyDelete
  4. රනිලා රට කපටියානේ මාතලන් ඇමරිකන් කාරයෝ බෙර වාදනය කළත් වෙනසක් නෑ බෙර ගහන අයගේ පදේට නෙවේ මෙයා නටන්නේ.මෙයා නටන විදියට තමා බෙර ගහන උන්ට අන්තිමට ගහන්න වෙන්නේ hmmm.😌

    ඔය ෆෝම් කරන අවුස්සන එවුන් එකෙක් වත් නෑ කෙළවිලා ගියාම අන්තිමට මළගෙදර ඇවිත් ටෝක්ස් ටිකක් දීලා මිනියත් විකුණන් කාවි උන්ගේ වාසියට.. ඊට පස්සෙ බල්ලෙක් වත් නෑ පවුලේ කට්ටියට විතරයි දුක, ඒ නිසා ඒ ගැන හිතලා හැමෝම මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනම දේශපාලනික කණ්ඩායමක ගේමකට සෙට් වෙනවා නම්

    ලඟපාත කඩයක්වත් තිබ්බා නම් ඒ වයසක මනුස්සයාට රිංගගන්න.. අද ජීවතුන් අතර... පවු😢

    ReplyDelete
  5. එහෙම නෙවෙයි මාතලනා ලංකාවේ පවතින සැබෑ ප්‍රශ්ණය තමයි දැනට ලංකාවේ දේශපාලනය තුලත් පිටතත් ඉන්න කිසිදු දේශපාලකයෙකුට තබා දේශපාලන ආර්ථික සමාජ ක්‍රියාකාරිකයකුටවත් ලංකාව කියන රටේ ඇති සැබෑ ප්‍රශ්න ආර්ථික ගැටළු සහ ඒවා විසදන ආකාරය ගැන හරිහැටි අවබෝදයක් දැක්මක් නොමැති කමයි.

    ඒ නිසා පඹගාලක පැටලී ඉමක් කොනක් නොපෙනෙන අන්දමින්
    ඔවුන් එකිනෙකාට ඇගිල්ල දික් කරගනිමින් ඌ හොරා මූ හොරා කියමින් මාරුවෙන් මාරුවට බලයට එනවා. ජවිපෙත් ඔය අස්සෙ ඒ සටන් පාඨයම කියමින් ඒ හොරුම වන මහ පක්ශ වලට සැරින් සැරේට සක්ක ගහමින් තමන්ගෙ නායකයන්ගේ එදා වේල සහ පෞද්ගලික යහපැවැත්ම රැක ගන්නවා…

    ලංකාවේ ඉන්න පල්ම පල් මරි මෝඩ ජනතාවත් හොරාකාපු මුදල් නැවත ගෙනල්ල තමන්ටම පිනට කන්ඩ දෙනකම් උඩ බලාගෙන කිසි ඵලදායී දෙයක් නොකර ඔහේ ඉන්නවා
    කබලෙන් ලිපට රට අවුලෙන් අවුලට තමයි ඉතිං !

    ReplyDelete
  6. තලං හූරෝ ඔය හැම හූරම කුරුමානම් පොජ්ජ මන්දො කරන්නේ අල්ලන්නෙ බලය පොජ්ජට රටෙ ජනතාවට ඇති ආදර පොජ්ජකට නෙමෙ මෙතනදි හැම පක්ෂෙම එකයි.

    කඩෙ යන සෙට් එක බලන් ඉන්නෙ තමන් රෙදි නැතුව කඩේ යන එකාව මොන ජාතියෙං හරි දිනවල උගේ පිහිටෙන් තමන්ට හොරකන් කරන්න අවස්ථාවක් එනකන්

    ReplyDelete
  7. ඡන්දෙ තියෙනවා ද නැද්ද කියන එක හරහා බොරු නාඩගමක් නටලා රනිල් විපක්ෂයේ කණ්ඩායම් සමග යටින් සපෝට් එකක් අරගෙන ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න බව (උදාහරණයක් විදියට අධික ලෙස විදුලි බිල වැඩි කිරීම, බදු වැඩිකිරීම, සහනාධාර කප්පාදුව කඩදාසි වල සිට රජයේ ආයතන වල සියලුම වියදම් දැඩිව කප්පාදු කිරීම)දකින්න පුළුවන්.

    නමුත් මාතලන් අපි පුද්ගලයෝ මුල් කරගෙන දේශපාලනය කරලා වැඩක් නෑ. ඒ වගේ ම, ප්‍රතිපත්ති මුල් කරගත්ත දේශපාලනයක් ගැනත් වදවෙන්නේ නෑ. මම පුද්ගලිකව කැමැති මතවාද මුල් කරගත්ත දේශපාලනයකට.

    මතවාද මුල් කරගත්ත දේශපාලනයක් කරන්නත් පුද්ගලයෝ (නායකයෝ) ඕන වෙනවා. ඒක මම පිළිගන්නවා. හැබැයි එතෙන්දිත් මම මුල් තැන දෙන්නේ මතවාදයට.

    මම පොදුවේ නව ලිබරල්වාදයට විරුද්ධ කෙනෙක්. ඉතින් ඒ මතවාදය ඉස්සර කරගත්ත නායකයන්ටත් මම කැමැති නෑ. මම රනිල්ට අකැමැති ඒ හින්දා. මේ අකැමැත්ත මම නිතර නිතර ප්‍රකාශ කරලා තියෙනවා.

    මහින්ද රාජපක්ෂ ජාතිකවාදී අදහස්වලට මුල් තැනක් දෙන බව උඩින් මවා පෙන්නනවා. ඒත් ඉස්සරහින් ඉන්නේ මහින්ද කියන පුද්ගලයා මිසක් මතවාදය නෙවෙයි. ඉතින් පුද්ගලවාද, පවුල්වාද කල්ලිවාද හැදෙන එක වළක්වන්න අමාරුයි.

    මහින්ද නායකත්වය දෙන පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඒක මහින්දම තවත් විදිහකට නිරූපණය කිරීමක්. ඉතින් පක්ෂ සංවිධාන, මධ්‍යම කාරක සභා, දේශපාලන මණ්ඩල තියා හරි හමන් ලේකම් කෙනෙක්වත් නැති ඒ "පක්ෂය" වැඩි කල් පවතින්නේ නෑ.

    සජිත් වටේ හැදිලා තියෙන්නෙත් පුද්ගලවාදයක්. මෑන් නියෝජනය කරන්නේ මොන මතවාදය ද කියලා හිතාගන්න අමාරුයි. කොහොම වුනත් සජිත් මධ්‍යම පංතිය උඩ දාන්නේ නෑ. ඒක නම් අගය කළ යුතු වැඩක්. නමුත් ඔහු දිගටම දිළිඳු ජනයාට හැම දෙයක්ම නිකන් දෙනවා කියන මානසිකත්වයකින් කෑදර නිකමුන් බෝ කරන්න උත්සාහ කරනවා වගේ පේනවා.

    අනුර කුමාර ඇතුළු මාලිමාවට දේශපාලනික වශයෙන් බලද්දි කිසිම පැහැදිලි දේශපාලන මතවාදයක් නෑ. දැන් දැන් ලිබරල් පැත්තට කිට්ටු බවක් තමයි පෙන්නන්නේ. මාලිමාවට අනුරලා එකතු කරන්නේ තමන්ට පක්ෂ තම මතවාදය වෙනුවෙන් පෙනී සිටින අයගේ ඡන්ද නෙවෙයි, අනුන්ට විරුද්ධ ඡන්ද. හුදු විරෝධය වෛරය පලිගැනීම වගේ සිල්ලර හැඟීම් මත ගොඩ නැගෙන මෙහෙම දේශපාලනයක් කල් පවතින්නේ නෑ.

    අනුර කුමාර මේ දවස්වල ලංකාවේ මධ්‍යම පංතියේ හුරතලෙක් බවටත් පත්වෙලා. මේක මහ භයානක දේශපාලන සූදුවක්. ලංකාවේ කෑදර මධ්‍යම පංතිය සතුටු කරන්න යකෙක්ටවත් බෑ. උන් බිත්තරෙත් ඉල්ලනවා, කුකුළත් ඉල්ලනවා. ඉතින් මේ සූදුව මැද්දේ අනුර කුමාරලට විපක්ෂයේ මිසක් ආණ්ඩුවක පාලන බලතල ඇති තැනක, රටේ තීන්දු තීරණ ගන්න තනතුරක පවතින්න අමාරුයි.

    ReplyDelete
  8. අයිසේ මාතලන් ජෙප්පො කියන මීහරක් පැය ගානක් කාලේ කාලා තටමලා තටමලා මහන්සි වෙලා මහන තොප්පි දෙපැත්තටම වැටෙනවා... බුකියේ හැමදාම කවුරු හරි දාගෙන ආතල් එකක් දෙනවා ඕයි පට්ට ආතල් එකක් ගන්න පුළුවන් රස කතා 😁😁😁

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න