.

.

Feb 24, 2023

දමිතා එක්ක වම්මුන්ට මල පැන්නේ ඇයි?

 


දමිතා එක්ක වම්මුන්ට

මල පැන්නේ ඇයි?

➖➖➖➖➖🔴➖


සරළවම කියනවා නම්, වම්මුන්ට උපතෙන්ම ලැබෙන මිලේච්ඡත්වය කුහකත්වය හා අධිකාරීවාදී මානසිකත්වය නිසාමය. වම්මු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා මිනිස්සු නොවේය. උන්ට  ප්‍රජාතන්ත්‍රවාදය අරහංය. ඔය රනිල්ට මහින්දට හිට්ලර් කිව්වට, මුන් ඔක්කෝම හිට්ලර්ලාය.


එයාලාගෙ ප්‍රේමය පවතින්නේ විප්ලවය එක්කය. විප්ලවය කියන්නේ බ්ලඩ්ය. බ්ලඩ් රතු පාටය. එයාලා ඒ පාටට මාර ආසය.  බුකියේ ඉන්න නිකන් දෙකයි පනහෙ පුස් කේක් කෑලිත්, බලාගෙන හිටහන් තොපිට වෙන දේ කියාලා අපිට විප්ලවීය තර්ජනය එල්ල කරන්නේ, ඒ නිසාමය. අපි නම් ඔය සිප්පි කෑලී පුපෙන් හැලෙන මයිල් ගස් තරම් වත් ගනන් ගන්නේ නෑය.


දැන් අපි දමිතගෙ කේස්සෙකට එමුය. දමිතා කියන්නේ විප්ලවය බොක්කෙන්ම කරපු නිලියක්ය. ඔය කන්නලා, කුරුස අප්පුහාමිලා, අජිත් තිලකසිරිලා, සමනලීලා, දූලීකලා, නන්දා මාලනිලා, සංගීතලා, දිල්හානිලා, අරගලේට ඇවිත්, හොට දාලා, පොටෝ අල්ලලා, වොයිස් කට් දීලා ගියාට, අරගලේ හැමදාම හිටියේ දමිතා අබේරත්නය. 


දමිතා, අරගලයේ "යකඩ ගැහැනිය" ලෙස බෞතීස්ම කර, විහාර මහා දේවිය" ලෙස වන්දනාමාන කලෝ ඔය වම්මුන්මය. මේ වම්මූ ඔක්කෝම අර Mahesh Hapugoda සඕදරයා කියන්නැහේ දමිතගෙ රොමෑන්තික ප්‍රේමවන්තයින් වෙනවාය. ඒයා අරගලයේ පණය. බබාය, වස්තුවය, රන්කඳය. ඉතින් එයාලාගේ විප්ලවීය මනෝ ලෝකයේ කූඩාරම් තුල, දමිතා හා සෙස් පවා කරනවාය. ඒවායේ යට ලී නැති නිසා, දමිතා පූදින්නේ යකඩ කූරෙන්ය.


එයා කළේ රංඟනයක් කියා කෙනෙක් කියන්නට පුළුවනිය. සැබෑය. හැබයි එය ප්‍රබුද්ධ රංඟනයක්මය. එයා ඒ චරිතයට සාධාරණයක් උපරිමයෙන්ම කලාය.  චරිතයේ ජීවත් වුනාය. හරියට ... එයා දැන් බැඳලා එකේ සුද්දී වගේමය. අවසානයේ කල්දේරම් බතේ රසත් බලුවාය. අනික් උන් මාරු උනේය. (දමිතගෙ අරගල රංඟනය කොමඩියක් කියලා අපි නම් ඒ කාළෙත් ලිව්වාය. කොහොමත් ලංකාවේ පොලිටික්ස් කියන්නෙම පට්ට කොමඩියක්මය.)


දැන් ඔය මල පැනලා අඬන කන්නලා හා මහා පොරවල්, රියල් ගේමෙදි දිරාමාරු වෙලා, ඊට පස්සෙ වොයිස් කට් දෙන්න, මයික් ටයිසන්ලා වෙලා ආවට, එයා වැලිගම්පිටි යන්න බලාගෙනම ගේමේ හිටියාය. විප්ලව කියන්නේ මේ අතේ ෆ්‍රැක්චර් එකක් වුනාම ඒක පෙන්න පෙන්න අඬන එක නෙමෙයිය. 


විප්ලවයට එන්න ඕනා... චේලා .... විජේවීරලා... ප්‍රභාලා... වගේ බාබෙකිව් වෙන්න, වෙඩි කන්න, වැලිගම්පිටි යන්න බලාගෙනය. එය අඬන තරඟයක් නෙමේය. ඩූ ඕ ඩයි ගේමක්‍ය. ගියොත් ගියාය. බේරුනොත්, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, විමල්, ටින් ටින්, අනුර, විජිත වාගේ ගොඩේ ගොඩය. 


පොඩ්ඩක් ඌව්වා උනාම ඔච්චර අඬනවා නම්, මෙයාලා වැලිගම්පිටි යවපු අමරකීර්තී අතුකෝරාල කොහොම වේදනාවක් විඳින්න ඇතිද කියා මතක් වෙන්නේ නම්, බොහෝම හොඳය. අපරාදේ කියන්නේ, දමිතා මේ මිලේච්ඡ ක්‍රියා පසුපස උන්නේත් නැතිය.


අරගලයේ ජයග්‍රහණයෙන් පස්සේ ඉන් ඉවත්ව, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ යන්නට තරම් දේශපාලන දැණීමක් හා බුද්ධියක් දමිතාට තිබුනාට, ඒ මොළය වමේ කුර හා අං  සහිත ජීවින්ට අදත් ඇත්තේ නැතිය. උන් ඉන්නේ අරගලයෙන් ගිනිකන වැටිලාය. මේ ඉන්නේ ඝෝඨා නොව රනිල් බව වැටහෙන විට. බොහෝ දේ සිඳු වී තිබෙන්නට පුලුවනිය.


දමිතා සජබය හා එක්වූයේ, බොහෝ කළෙකට පෙරය. ඒ ප්‍රසිද්ධියේමය. එදා නොතිබූ අවුලක් මෙදා ඇති වූයේ කෙසේද? ඒ... දමිතා පොලොන්නරුවේ කළ කතාව නිසාය. මල හොඳ එකෙන්ම පනින්නේ, දමිතා කිව්වේ සහතික ඇත්ත නිසාය.


ඇය කිව්වේ රණසිංහ ප්‍රේමදාස නොසිටින්නට 88/89 මේ රට සෝමාලියාවක් වෙන බවය. ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනා රන්ජන් විජේරත්න වෙතය. මේ වම්මුන්ගේ මිලේච්ඡත්වයට එල්ල කළ ප්‍රහාරයත් සමඟම, තමන්ගේ පෙම්වතිය වූ දමිතා එක මොහොතින් ද්‍රෝහියෙක් වුනේය.


පෝස්ට් පුරා, කොමෙන්ට්ස් පුරා, බුකිය හරහා දෝරේ ගලන්නේ, ඒ මිලේච්ඡත්වයමය. එය කෙතරම් දරුණුද යත්, කැම්පස් එකා සිය පෙම්වතිය වැලිගම්පිටි ඇරියේ, ඇස් වසා, සප්‍රයිස් කරමින් වුවත්, මුන් දමිතා වැලිගම්පිටි යවන්නේ අමරකීර්තී අතුකෝරාල යැවූ විදියටමය.


කිසිවකුත් කිසි සේත් පුදුම විය යුත්තේ නැතිය. ඒ වම්මුය. 88/89 හෝ 22/23 කියා උන්ට වෙනසක් ඇත්තේ නැතිය. උන් සැමදා මිලේච්ඡයින්මය.


දමිතා මල්ල ලිහුවේය

වම්මුන්ගේ ෆැන්ටසි වල්ල බිම වැටුනේය....


ඒ වගත් මෙසේය.


.

15 comments:

  1. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණවලට සම්බන්ධවන අයට බලපාන සාපයක් තියෙනවා.
    දමිතටත් කෙලවෙන්න නියමිතයි.

    ReplyDelete
  2. චන්දත් නැති එකේ ළඟ එන දවසකදී
    පැන්නොත් මොකද ජනපති උකුලට ලඟදී

    ReplyDelete
  3. උඹ එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි බන්, තව දෙයක් නාකි මයිනාගේ පවුල් වාදය, මහා පරිමාණයෙන් විශාල වශයෙන් එජාපයේ සහ චෝර රැජිණ චබකුගේ වංචා දූෂණ තවත් බරපතල ලෙස රටපුරා ක්‍රියාත්මක කළ එක වගේ මොන වැරදි තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් වශයෙන් මහින්ද මැතිවරණ කල් දැම්මේ නෑ.

    උදාහරණයක් විදියට 2014 දී ජනාධිපතිවරණෙ වසර 2ක් කලින් තියලා තමයි ඔහුට ජනාධිපතිකම නැති වුනේ. මහින්ද හැමදාම බලයට ආවේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් විතරයි. මිනිස්සු බලය නොදුන්නු වෙලාවල ඔහු බලය අතහැරලා ගියා. ඔහුගේ වටිනකම මිනිස්සුන්ට තේරෙන්නේ කවදක හරි ඔහු නැති වුණ දවසක

    ReplyDelete
  4. මාතලන් ලංකාවේ යූටියුබ් සහ Facebook ගියහම දකින පට්ටපල් බොරු දිහා දැක්කම නම් හිතෙන්නෙ අන්තර්ජාල නිදහස ඕනෑවටත් වඩා වැඩියි කියල. ඉස්සර කාලෙ මිනිස්සු අපහාස කරන්න කැලෑ පත්තර භාවිතා කරා වගේ වර්තමාන පරපුර මිනිස්සුන්ට අසික්කිත විදිහට අපහාස කරන්න ෆේස්බුක් එක භාවිතා කරනව. ලෝකෙ සමාජ මාධ්‍ය භාවිතා කරන මිනිස්සුන්ගෙ කිසිම විනයක් හැදියාවක් නැතුව සදාචාරයක් රකින්නෙ නැතුව සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ ලංකාවෙ මිනිස්සු වෙන්න ඇති. අඩුම කෙල්ලෙක්ට පාරක ඇවිදින්නවත් බෑ. කොහේ හරි ඉන්න අපතයෙක් හොරෙන් වීඩියෝ කරල කිසිම අවසරයක් නැතුව ෆේස්බුක් යූ ටියුබ් දානව. 48% ක නිදහසක් තිබිල ඔහොම නම් 100% ක නිදහසක් තිබුනොත් කොහොම හිටීද. නිදහස උනත් ඕනෑවට වැඩිය ඕනෙ නෑ. එහෙම උනොත් ඒකෙනුත් වෙන්නෙ මහා විනාශයක්ම තමයි.

    දේශපාලනය ගැන කතා කරනවා නම් ස්පොන්සර් කරලා බොරු බයිලා වපුරන්නේ ඇමරිකන් ඇජෙන්ඩා එකේ සහය ඇතුව ඕවා ඒකේ අතුරු ඵල විතරයි නේද?

    ReplyDelete
  5. මාතයියේ සමහර අපත කාලකන්නි ඉන්නවා තමන් try කරන කෙල්ලගෙන් හොඳට ගරලා ඒකට නොසලකා හැරලා ඊට පස්සෙ ඒකි වෙන එකෙක් එක්ක යාලු උනාම බඩුවක් කියලා කතා හදන.

    ඔය මාලිමා වහල් ජෙප්පෝ දමිතාටත් try කරලා දාගන්න බැරි උනාම දැන් හෙන බඩුවලු. අපරාදේ දමිතාටත් ඇරිස්ටෝටල් ගේ දියණිය වෙන්න තිබ්බා මාලිමා ජවිපෙට ගියා නම්. දැනුත් පුළුවන් ඒ පැත්තට සෙට් වුණොත් එක රැයින් නැවතත් නයිටිංගේල් කෙල්ල වගේ මහා වීරවරියක් කියලා ආපහු මුරුංගා අත්තේ තියන්න පුළුවන් ඔය මාලිමාවේ කාලකන්නි සක්කිලි හැත්ත ඕකුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැති මීහරක් හැත්තක්නේ

    ReplyDelete
  6. මට නම් දමිතාගෙන් ඉල්ලන්න තියෙන්නේ එක පාරටම 360% හැරෙන්න එපා ටික ටික වෙනස් වෙන්න ඕන කියලා. මෝකද දැන් සජිත්ට කියන්නේ "මහත්තයා ", දිනුවොත්, "සර්", දැන් සජිත්ගෙ නෝන "අක්කි", දිනුවෝත් මැඩම්. මෙිව තමයි ඇත්ත. අපි බලාගන ඉදිමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  7. ඔව්වා ඔහොම තමයි මාතලන්, මතකයි නේද ඒ කාලේ ආපු "බමරු ඇවිත්” චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙදි දූපතට පොලීසියෙන් එනවා. බේබි මහත්තයාගේ යාලුවෙක් විදියට දූපතට නගරයෙන් ආපු දාර්ශනිකයෙක් විදියට සියලුම දේවල් ප්‍රශ්න දිහා බලන පුද්ගලයා කොස්ත (විමල් කුමාර ද කොස්තා) එතනදි උඩකට නැඟල මෙහෙම කියනවා. “ඔහේලට මොනවද මගෙන් දැනගන්න ඕන. වුණේ මොකක්ද කියල? මං දැක්කේ මොකක්ද කියල?; ඒහෙමද? ; මංදැක්කා මං දැක්කා; මට පෙණුනා; ඔයාල විඳන නිදහස; ශක්තිය. මුහුදත් ගොඩබිමත් තනියම අයිති කරගෙන; බෙදාගෙන ඔයාල ඉන්න හැටි. ඔයාලගෙ මතය තමයි නීතිය; තමන්ගෙම නිදහස් ආණ්ඩුවක්. හරියටම ශිෂ්ටාචාරය පටන්ගත්තා වගේ. ප්‍රකෘති කමියුනිස්ට්වාදය. ඒහෙම නේද?; මං දැක්කා වෙන මිනිස්සු ඇවිත් ඔහේලව සූරගෙන කන හැටි; ඔහේලගෙ ශ්‍රමය; අයිතිය; භුක්තිය; ඔහේලගෙම ලේ. ඔහේලට තේරෙන්නෙ නැහැ; ඔහේලට උගන්නල නැහැ මේව තේරුම් ගන්න; ඔහේලව තනිකරලා; අනික් වුන් වෙන ලෝකෙක. ඔහේලව කොන් කරලා. හාහා... හා ..හා හා හු... හු.. හූ.. හා.. මීට පස්සෙ තමුන්නාන්සෙල තනිවෙන් නැහැ; තමුසෙලට ආණ්ඩුවේ ආරක්ෂාව හොඳට ලැබෙයි. ...තමුසෙලගෙ ශක්තිය; නිකං මිනිස්සු කපල කොටල මරන්න; තවමිනිහෙකුට හූරගෙන කන්න ඉඩදෙන්න නෙමෙයි. මොන විදියෙන් හරි සූරා කෑමට විරුද්ධ වෙන්නට”.

    එහෙම කියල බලද්දි වටේ හිටිය මිනිස්සු කවුරුවත් පේන්න නැහැ. ගොං කරත්තයක් දක්කගෙන ඒන මනුස්සයෙක් පේනවා. අදත් ඒ මිනිස්සු කටයුතු කරන්නේ ඒ වගේ; මිනිස්සුන්ට ඇත්ත තිත්තයි. ඒ නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා වීරවංසලා ෆොන්සේකාලා ප්‍රේමදාසලාගේ සිට අනුර කුමාරලා හර්ෂ ද සිල්වලා දමිතලා පබාලා හිරුනිකර්ලා දක්වා එක එක කයිවාරුකාර බොරුකාර කාලකන්නි හැත්ත මිනිස්සු රවටමින් චක්‍රය කරකවමින් මාරුවෙන් මාරුවට බලය අත් පත් කරගෙන තම තමන්ගේ ස්වාර්ථය පමණක් හදාගෙන ලක්ෂරි ජීවිත ගතකරනවා අපිත් එතනමයි රටත් එතනමයි

    ReplyDelete
  8. මාතලන් අර තිස්ස වර්ණසූරිය කියලා ජවිපෙ ජාතික ජන බලවේගයේ පොරක් හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා අමු කෙබර සමාජගත කළා නේද?

    මෙතනදී මාතලන් ඇත්ත පෙන්වා දීම අනවශ්‍ය දෙයක් නොවේ. එය නිෂ්පාදන ආර්ථිකයට පමණක් නොව අවංක සමාජයකට ද අවශ්‍ය වේ. එය කුමක් වුවත්, අන් අය කියන දේ අන්ධ ලෙස පිළිගත යුතු නැත. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මම පැහැදිලි කිරීමට උත්සාහ කළේ එම පුද්ගලයාගේ ප්‍රකාශය වැරදි වන්නේ මන්දැයි යන්නයි. මම මතු කළ කාරණය දෙස නොබලා, ජවිපෙ සපෝටර්ලා මට සමාජ ජාල වල අධික ලෙස දැඩි අපහාස කළා. ඒක දැක්කම මට ඔවුන් ගැන දුක හිතුනා.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ ආකාරයේ ලේකම්වරු සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් තම දේශපාලන ලොක්කන් නොමග යැවීමට අනුගමනය කළේ එකම පිළිවෙතයි. මෙතනදි වෙන්නෙත් එයමයි.

    අනේ මන්දා අවුරුදු 75ක් නෙමේ 3,000 ක් ගියත් අපේ මිනිසුන්ගේ වහල කම නැති වෙයිද කියලා. කවුරු හරි තමන් කඩේ යන පක්ෂයේ හිතවාදී කෙනෙක් මොනවා හරි කියනවා, ඒක 100% හිස් මුදුනින් පිලිගන්නවා, ඔහේ හරක් වගේ ෂෙයාර් කරනවා, මම හිතන්නේ මොන පක්සේ හිටියත්. විචාර සිලි වෙන්න ඕනි කියන එක ඔවුන් දන්නේ නැහැ. අඩු වැඩි තරමට හැම කෙනාම බොරු කියනවා, කඩේ යනවා.

    ප්‍රති කමෙන්ට් ගැන කන ගාටුයි. මොනා කරන්නද, ඕක තමයි පටු දේශපාලන චින්තනයේ තරම ලංකාවේ බහුතරයක් දෙනාගේ. ඔය වගේ තමයි ඉස්සර කාලේ සඳෙන් හාල් ගෙනත් දෙනවට, ඇටඅටක් දෙනවට එහෙම ඡන්දෙ පාවිච්චි කරා කියලා කියන්නේ. ඒ නිසා දිගටම ඔය විදිහටම කඩේ යමු.

    මම තවත් ඔයාලගෙත් එක්ක වාද කරන නැහැ. මෙන්න අදාල ලංකාවේ ජන හා සංඛ්යා ලේඛන දෙපාරතමේන්තුවේ දිගුව. ගිහින් බලන්න. ඔයාලා කොච්චර රැවටෙනවද කියලා.

    http://www.statistics.gov.lk/Agriculture/StaticalInformation/PaddyStatistics/Production1976-2015#F1999T2003

    ReplyDelete
  9. දමිතලා අනුරලා සජ්ජා ඇතුලත් සියලුම දෙනා කොච්චර බොරුවට ස්ටේජ් වල බැන මරාගත්තාට සේරම එකම තැනකින් මෙහෙයවෙන ඉත්තෝ ටිකක් විතරයි. එකම නූලකින් නැටවෙන වෙනස් පාට පාට වෙනස් විදිහේ රූකඩ ගොඩක් විතරයි

    අරගල නායකයන් ගෝල්ෆේස්වල ආයෙත් අරගල කූඩාරම් 10,000ක් හදන්න පුලුවන්…රනිල් ගහන එකයි ප්‍රශ්නෙ කියන්නෙ ඇත්ත. රනිල් කිව්වොත් විතරයි අරගලේට ආයෙ ජීවය එන්නෙ. 13 දෙන්න යනකොට රනිල් ඒ ජීවය දේවි. එහෙම නැතිව රනිල්ට හොරෙන් එක කුඩාරමක්වත් හැදුවොත් රෙස්ට් ඉන් පීස් තමා කාට කාටත්….!

    ReplyDelete
  10. මම කියවමි ඔබේ ලියවිලි හැමදාම
    එයින් මම කරමි අන් මත දැනගැනුම
    රුචිකර නැතත් මට ඒ මත සියල්ලම
    ඉවසමි, තවත් ලියැවේවා පතමි මම

    ReplyDelete
  11. සුද්ද පුළුවන්තරම් අවට ඉඩ තියල අනාගතය ගැන හිතල Fort ස්ටේෂම හැදුව, ලොකුවට. ලංකාවේ පාලනය ස්වදේශීය නායකත්වයට පැවරූ පසු ලාංකීය අපි ගිහිං හතරවටේ පෙට්ටිකඩ ඇටෙව්ව 🤣

    තාම වෙන්නේ ඒකමයි, අලුතෙන් පාරක් හදපු ගමන් ඒක දිගේ ලොකු පොඩි කඩ 🤣🤣

    තව අද්විතීය ලක්ෂණයක්, සුද්දො පාරවල් හදද්දී අනිවාරෙන් බයිසිකල් වලට සහ පයින් යන්න වෙනම ලේන් දෙකකුත් දානව. අපි එක ලේන් එකක් කාර් පාක් කරන්න ගන්නවා 🤣🤣🤣

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න