.

.

Feb 6, 2023

පශ්චාත් අරගල ෆැන්ටසිය,


 

පශ්චාත් අරගල ෆැන්ටසිය,
පෙරටුගාමී හා ජජබය
➖➖➖➖➖➖🔴➖

අරගල ජයග්‍රහණයෙන් සුරතාන්තයට පත් පිරිසට, ඒ ෆැන්ටසිය තුල තව දුරටත් රැඳීමේ අවස්ථාවක් ලබා දී තියෙන්නේ ජජබය පමණයි..

මැයි 9 භීතියට පත් පිරිස් එයින් මුදවාලීමට ආන්ඩුවට මෙන්ම පෝට්ටුවට හැකි වුනේ නෑ. එයාලා කතා කලේ එයාලගෙ ගෙවල් 70 ක් ගැන විතරයි.. පාක්ෂිකයන්ගේ නිවාස 700 ක් පමණ කුඩු කලා, බස් 50 ක් විතර කන්ඩෙම්, ඒවා උන්ට ගානක්වත් නෑ.

අරගලයේ ජයග්‍රහණයේ නියමුවන් පෙරටුගාමී වුනාට, එයාලට ඉන් එහා දැක්මක් නෑ. පාරට ඇවිත් නාලා යන එක හැර. ජනතාව දැන් නාන්න එන්නේ නෑ.

පෙබ 3 සහ 4 එයාලගෙ විරෝධතා සහ එයාලා... පීචංම වෙලා ගියා...

දැන් ඔක්කෝම පක්ෂ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ...

ඒ නිසා ජජබය ගමන ස්ථාවරයි...
ඔවුන්ටත් මේ රට හදන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ..

මේකට ඒකාධිපති යකෙක් අවශ්‍යයි..
ඒ කියන්නේ අධිකරණයේ පටන් ශුද්ධ පවිත්‍ර කරන්න පුලුවන් යකෙක්...
හැබයි අපි යකෙක් කියලා හිතාගෙන ගෙනාවේ නිවට විකටයෙක්....
ඌ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයත්, පක්ෂ සියල්ලත් විනාශ කරලා ගියේ...

මේ හේතූන් මත...
ආන්ඩුව නෙමේ ඉන්දියාව හා ඇමරිකාවත් බය වෙලා ඉන්නේ...

හැබයි ඉතින් ජජබයත්, ජේ ආර් වගේ පොලීසියට සතියක් නිවාඩූ දීලා 2010 - 15 රාජ්‍ය පාතාල පාලනයකට ගියොත්.. ඒකත් ජනතාවට එපා වෙලා යයි... 

එයාලගෙ පෙර වැරදි අනුව එක ජෙනරේෂන් එකකට ඒ භීතිය තියෙනවා... ඒක රාජ්‍ය භීෂණයට වඩා එහා එකක්....

ඒ නිසා... මේ රට අපේ ජීවිත කාළය තුල ගොඩ යයි කියන විශ්වාසය නම් සුන් වෙලා ඉවරයි..

රනිලුත් 2048 ක් ගැන බයිලා ගහන්නේ ඒකයි..

ඕයේ ඔජායේ... ////
ඕ.... ජායේ...//
.

51 comments:

  1. රට රකිනා සම්දිටු දෙවියන් පිහිට
    ලැබිලා නුවණ අත් වේවා රටුන්හට!

    ReplyDelete
    Replies
    1. ගූ කන හැත්ත

      Delete
    2. නිදිමත පංච තන්ත්‍රය

      මහා කවි විලියම් ෂෙක්ශ්පියර් සිංහලයෙක් ද?
      සිහලයේ අන්තිම සිංහල රජුවන කිර්ති ශ්‍රි නරෙන්ද්‍රසිංහ රජුගේ කවිකාර මඩුවේ සෙක්කුපේරුගේ සුන්දරා නමින් කවියෙක් සේවය කලේය. මෙම කවියාට ඉතා රුමත් බරිඳක් සිටි අතර මේ දෙපලට සෙක්කුපේරුගේ විල්ලියා නමින් 10 හැවිරිදි පුතෙකුත් සිටියේය.
      සෙල්ලම් නිරිඳු නමින් හැඳුන්වු මේ රජු ස්ත්‍රි ලොලියෙකු වන අතර සුන්දරාගේ රුමත් බිරිඳ තම අන්තක්පුරයට ගැනිමට මාන බැලිය.
      මෙබව දැනගත් සුන්දරා තම බිරිඳත් දරුවාත් රැගෙන පහත රට වැලිගමට පලා ගියත් රජුගෙන් බිරිඳ බෙරාගැනිමට නොහැකිවිය.
      දරුවා වැලිගම පන්සලක නතර කල සුන්දරා ටික කලකින් පහතරටන් විවාහයක් කරගෙන එහි පදිංචි විය. ඔහුගෙන් පැවත එන සෙක්කුපේරුගේ පරම්පරාවට අයත් අය වැලිගම ප්‍රදෙශයේසිටි
      මේ අතර එංගලංතයේ නැවක් කුඹ ගස අබලන් විම නිසා එය අලුත්වැඩියා කරගරනිමට වැලිගම තොටට පැමිණ පන්සල නුදුරු ඇටඹ ගසකින් අත්තක් කපාගෙන කුඹේ අලුත්වැඩියා කරගත් අතර මේ කටයුතුවලට අසල සිටි 12 හැවරිදි සෙක්කුපේරුගේ විල්ලියාගෙද සහය ලබාගති.
      විල්ලියා ගැන පැහැදුණු නැවේ අයිතිකරු පන්සලෙ අවසරය ඇතුව විල්ලියා ව එංගලංතයට කැඳවාගෙන ගොස් ඔහුගෙ පහසුව පිණිස විල්ලියා යන නම විළියම් ලෙසත් සෙක්කුපේරුගේ යන්න ෂෙක්ශ්පියර් ලෙසත් වෙනස් කලේය.කුදිර කරුවෙකු ලෙස මුලින් රැකයාව කල විළියම් ෂෙක්ශ්පියර්
      ඉංග්‍රීසි සාහඅධ්‍යපනය ලබා එම සාහිත්‍යය හදාරා මනා කවියෙකු වුයේ සහජයෙන් ලත් කවිත්වය හේතුවෙන් ය.
      එංගලංතයේ ෂෙක්ශ්පියර් ගේ වයස 12වනතුරු සිටියේ කොයිද ඔහුගෙ උපත කෙසෙද යන තොරතුරු කිසිවක් නැත්තෙවිළයම් වු විල්ලියා උපත ලැබු වේ ශ්‍රිලකාවේ නිසාය ඔහුගෙ ලමාකාලය පිළිබඳ තොරතුරු එරට බලධාරීන් සඟවා ඇත නමුත් ඔහුග් නාට්‍ය වල හුනු කල්ලොටය බුලත් හෙප්පුව වටාපත සේසත් ගැන සඳහන් වන්නෙ මහාකවි විළියම් ෂෙක්ශ්පියර් සිංහලයෙකු නිසා නොවේද?

      Delete
    3. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

      රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
      අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

      රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
      මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

      රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
      අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
      ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

      ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

      Delete
  2. මේ ගංසබා චන්දෙට මේ තරම් උඩ පන්නින්නේ ඇයි? රට පාලනය කරන්න තව කොපමණ දුරද?

    ReplyDelete
    Replies
    1. පිළිතුරවික්ටෝරියා නියුලන්ඩ්

      Delete
    2. ඔයාගෙන් පිළිතුරු අනවශ්‍යයි අජිත්.

      Delete
  3. අපිට ඉතින් කරන්නයි කියලා දෙයක් නෑනේ මාතලන් අයියේ.... ඔක්කොම කෙලවෙන පැත්තටමයි වෙන්නේ අරුන් රටම කාල මාරු වුණා දැන් මුන් ඇවිත් යන්තම් තියෙන ටිකත් නැති කරලා ඉස්සර කාලේ සෝමාලියා බුරුණ්ඩි වගේ තත්ත්වයක් කරා ගෙන යන බවයි පේන්නේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බන් 8.23, එළියක් කියලා දෙයක් පේනා තෙක් මානයේ නෑ, සදා සොත්ථි වෙන්න යනවා වගේ තමයි පේන්නෙ

      Delete
  4. "හැබයි ඉතින් ජජබයත්, ජේ ආර් වගේ පොලීසියට සතියක් නිවාඩූ දීලා 2010 - 15 රාජ්‍ය පාතාල පාලනයකට ගියොත්.."
    චන්දෙ දෙන්න බෑ කියපු චන්ද දායකයෙක්ට පහර දීපු කතාවක් අහන්න ලැබුනා. මැයි නමය රඟපු රැඟිල්ල දැක්කම මේක මෙහෙම නොවෙන්න තියන සම්භාවිතාව ඉතාම අල්පයි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා ලංකාවේ බීම් මට්ටමේ තත්ත්වය අනුව වත්මන් ආණ්ඩුව වන පොහොට්ටුව 50 % ක් ගන්නේ නෑ. NPP එක 10% ක් ගන්නෙ නෑ. එක පක්ෂෙකට වත් 50% එන්නේ නෑ

      ඊටත් වඩා බරපතල ප්‍රශ්නය තමයි මොකා ඡන්දෙට ආවත්, මොකා ඡන්දේ දිනුවත් දැනට තියෙන පලාත් පාලන ව්‍යුහය අනුව වැඩේ ලේසි වෙන්නේ නැති එක

      පසුගිය 2018 පලාත්පාලන මැතිවරණය පැවැත්වුනේ අලුත් පලාත්පාලන මැතිවරණ ක්‍රමය වන 60% : 40% අනුපාතය යටතේයි. ඒ ක්‍රමය යටතේ ඇතුල් කෝට්ටේ කොට්ටාශය අයිති කෝට්ටේ මහ නගර සභාවට සිදු වූ දේ සොයාබලමු!

      කෝට්ටේ මහ නගර සභාවට කොට්ටාශ 18 ක් ඇත. එනම්;

      01 ඔබේසෙකරපුර

      02 මොරගස්මුල්ල

      03 මැද වැලිකඩ

      04 රාජගිරිය

      05 බන්ඩාරනයකපුර

      06 නාවල බටහිර

      07 කොස්වත්ත

      08 ඇතුල්කෝට්ටෙ

      09 පිටකෝට්ටෙ නැගෙනහිර

      10 පිටකොට්ටෙ

      11 පිටකෝට්ටෙ බටහිර

      12 නවල නැගෙනහිර

      13 නුගේගොඩ බටහිර

      14 පාගොඩ උතුර

      15 ගන්ගොඩවිල නැගෙනහිර

      16 පාගොඩ දකුණ

      17 නුගෙගොඩ නැගෙනහිර

      18 ගන්ගොඩවිල බටහිර යන කොට්ඨාශයි.

      2018 පලාත්පාලන මැතිවරණයේදී ඒම කොට්ඨාශ ජයගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා ඔවුන් ට මුල් වටයේ හිමි වන ආස්න ගනන වන 18න් 18 ම හිමි විය. ඊලඟ දෙවන වටයේ ආසන බෙදිල්ලේදී පරාජය වූ පක්ශ වෙනුවෙන් එජාපය ට ආසන 12ක් ද, ශ්‍රිලනිප ප්‍රමුඛ සංදානයට ආසන 5ක් ද, ජවිපෙ ට ආසන 3ද ලැබුනේය. මහ නගරසභාවේ සියලු ආසන ගනණ 38 කි. පලාත්පාලන මැතිවරණ ක්‍රමය කොපමන ගොං පාට් එකක් ද යනු, සියලු කොට්ඨාශ දිනූ පක්ස්යට ආස්න 18ක් හිමි වෙද්දී, පරාජය වූ පක්ශ වලට ආසන 20ක් ලැබුනි!!

      සජබේ හා ජාජබේ ජයග්‍රාහකයන් ඇපත් නැති කරනවා කියලා කියුවාට ඡන්දෙට පස්සෙ ඔය කියන පොහොට්ටුවේ හා හෙලිකොප්ටරේ ප්‍රාණ ඇපකරුවන් බවට ඔවුන්ව පත් වීම වැලැක්විය නොහැකි බවත් තේරුම් ගන්න ඕනේ.

      දැණ් ජයග්‍රහනය නියත යැයි කෑකෝ ගසන උදවිය මෙම තත්වය සිතා බැළිය යුතුය. ඔය පක්ෂ වල දින්නත් පලාත් පාලන ආයතනයේ පාලන බලය පැරදුනු පක්ශයකට යැමේ හැකියාව ඉතාම ඉහල බවත් සිහිපත් කරමි.

      Delete
  5. @ මාතලන්, අජිත් සහ සෙන්නා,

    රට ඉඳන් ලංකාව හදන පිස්සුව අපි කාටත් තියෙනවානේ, නමුත් මට පහුගිය 2015 දී විතර ඉඳන් කාලයක් තිස්සේ කියාගන්න ඕන වෙච්ච ඒත් වචන ගලපගන්න බැරි වෙච්ච අදහසක් මෙතැනදී කෙටියෙන් කිව්වොත් ඔය මාතලන් කියන විදියටම අද මාලිමාව වටා විශාල ජන බලයක් එකතු වෙලා කියන එක බොරුවක් නෙවෙයි කියලා අපටත් ලංකාවේ ඉඳලා එන තොරතුරු වලින් පැහැදිලි වෙනවා, නමුත් ඔතන ඔය විශේෂත්වය තමයි මේ පිරිස සාම්ප්‍රදායික ජවිපෙ හෝ විපක්ෂ පාක්ෂිකයො නෙවෙයි.

    අද මාලිමාවේ ජයග්‍රහනය උදෙසා හදවතින්ම වැඩ කරන බහුතරය 2019 දී ගෝඨාභය දිනවීමට ඉතා මහන්සි වී කටයුතු කළ පිරිස. ඔවුන් බොහෝමයක් අපේ වයසෙ තිස් ගණන් වල නැත්නම් අපටත් වඩා බාල දහ අටේ විස්සේ තරුණයො.

    මේ තරුණයො තමයි ගෝඨා බලයට ගේන්න සෝෂල් මීඩියා වල පෝස්ට් ලිව්වේ.

    "මචන් ගෝඨා සුද්ද කරගෙන යන්නේ උරුලෑවො ගියපු පාරක්" කියලා කිව්වේ.

    වියත්මග වටා එකතු වුනේ.

    කැම්පේන් එක කාලේ "විශ්වය පුරා විහිදි ගියා" සිංදුව දාගෙන නැටුවේ.

    ඊටත් පස්සේ ගෝඨාභය දින්නම පාරවල් වලට ගිහිල්ලා, නාම පුවරු වල රාජ්‍ය ලාංඡන ඇලෙව්වේ මොවුන්.

    තාප්ප වල චිත්‍ර ඇන්දේ මොවුන්.

    ඊටත් පස්සේ තත්ත්වය අවුල් සහගත වීමත් සමගම අරගලයට ආවේත් මොවුන්.

    තමන්ගේ ගමේ "ගෝඨා ගෝ ගම්" ගහලා බොක්කෙන්ම අරගලයට සපොර්ට් කරලා, පාරට බැහැලා ගෙවල් පවා කුඩු කළේ මොවුන්.

    ඊටත් කලින් අතීතයට ගියොත් අපේ නාඹර තරුණ වයසේදී 2015 වෙනසක් ඉල්ලලා මෛත්‍රීපාල වෙනුවෙන් පෝස්ට් ශෙයා කළේ අපේ පරපුරේ මොවුන්ගේ පූර්වජයන් වූ අපි

    මෛත්‍රී වෙනුවෙන් ඡන්දය දාන්න කියලා, දෙමාපියන්ට බල කළේ ඔවුන්.

    අති විශාල වශයෙන් මෛත්‍රීපාල වටේ එක්වුනු තරුණ පිරිස මොවුන්.

    එදා ඔවුන් කිව්වා මෛත්‍රී දිනෙව්වේ නැත්නම් රට ඉවරයි කියලා.

    ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුනේ නැහැ කොටින්ම කිව්වොත් සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත් වුණා

    පස්සෙ ඔවුන් කිව්වා ගෝඨාභය දිනවීම රට විනාශයෙන් ගලවන අවසන් අවස්තාව කියලා.

    ඒ අතීතය...

    අතීතය සිහිනයක් පමණයි කියලා සැබෑ ප්‍රශ්නය මීට වඩා ගොඩාක් සීරියස් විදියට හිතන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. දැන් අපි වර්තමානයේ පවතින තත්වය ගැන කතා කරමු

      එම තරුණ තරුණියන්ම සහ ඔවුන්ගේ බාල සහෝදර සහෝදරියන් අදත් ඒ විදියටම මාලිමාවට ඡන්දය දාන්න කියලා දෙමාපියන්ට බල කරනවා.

      අද ඔවුන් කියනවා මාලිමාව දිනෙව්වෙ නැත්නම් රට ඉවරයි කියලා. මේක අන්තිම ෆයිනල් අවස්ථාවලු...

      මේ කණ්ඩායම තමයි පුංචි අපේ මව් බිම තුල වඩාත් සක්‍රීය මානව සම්පත වූ තාරුණ්‍යය..

      මොවුන් ලොව ඕනෑම රටක තරුණයන්ට වඩා වෙනස්.

      අපේ මව් රටේ තාරුණ්‍යය "අධික වශයෙන් දේශපාලනිකව සක්‍රීයයි". වෙනත් කිසිම රටක එහෙම නැහැ.

      සාමාන්‍යයෙන් ලොව දුප්පත්, පොහොසත්, ආසියා, අප්‍රිකා, යුරෝපා ඕනෑම රටක තාරුණ්‍යය බොහෝ දුරට දේශපාලනිකව නිෂ්ක්‍රීයයි.

      ඔවුන් ෆිල්ම් බලනවා, සිංදු අහනවා, ෆිල්ම් හදනවා, සිංදු හදනවා, කඳු නගිනවා, බිස්නස් පටන් ගන්නවා, ලිංගිකත්වය ආදරය වගේ දේවල් ඩිස්කවර් කරනවා, තමන් ආස දේවල් ඉගෙන ගන්නවා.

      ලොව වෙනත් බොහෝ රටවල දේශපාලනිකව සක්‍රීය වැඩිහිටියන්.

      ලංකාවට සහ අරාබි වසන්ත වසංගතය පැතිරී ගිය රටවල තත්ත්වය ඉතාමත් ශෝචනීයයි, ලංකාවේ මේ විනාශය කළේ 2015 සමනල් විප්ලවයෙන්.

      ඒ විප්ලවය ප්ලෑන් කරපු පිරිස් මාකටින් වලින් ලොකු බලපෑමක් එල්ල කරලා සමාජ ජාල වල සහ විවිධ වර්ගයේ දාර්ශනික කණ්ඩායම් වගේම දක්ෂ නිර්මාණ ශිල්පීන් යොදාගනිමින් ලංකාවේ තාරුණ්‍ය අතර මේ අධි දේශපාලන සක්‍රීයත්වය ප්ලාන්ට් කරලා තිබුනා. හැබැයි ඒ 2015 රෙජීමය මාරු කරලා තමන්ට ඕනෑ අය පත් කිරීමට පමණයි

      ඒ උපක්‍රමය අතිශය සාර්ථක වුනා.

      අධි දේශපාලනික සක්‍රීය අපේ ලංකාවේ තාරුණ්‍ය දේශපාලනිකව මෙහෙම කියවා ගන්න පුලුවන්

      * මොවුන්ට නිශ්චිත මතවාදයක් නැහැ. ඔවුන් ඒ ගැන ආඩම්බර වෙනවා.

      * ඔවුන් නිශ්චිත දේශපාලනික මත දරන්නන් හඳුන්වන්නේ "වහලුන්" යන නමින්.

      * මොවුන් දේශපාලනික මතයෙන් සහ සක්‍රීයත්වයෙන් බලාපොරොත්තු වෙන්නේ "ස්ටේටස්" (තත්ත්වය)

      * ඔවුන්ට එලිපිට තමන්ගේ මතය ගැන කතා කරලා ආඩම්බර වීමට අවශ්‍යයයි.

      * ඔවුන් තමන් "වහලෙක්" නොවන බව කියා ආඩම්බර වෙනවා.

      * මොවුන් මේ මොහොතේ ජනප්‍රිය දේශපාලනය වටා පොදි ගැහෙනවා.

      * ඔවුන් ඉතාම පහසුවෙන් රැලි වලට ගහන් යනවා.

      * ඔවුන් කිසිසේත්ම තාර්කික නැහැ.

      * ඔවුන් විශාල පිංතූරය big picture දිහා බලන්නෙ නැහැ. පටු කෙටිදුර දකිනවා විතරයි

      * රටක් ගොඩනැගීමට අවශ්‍ය දැක්මක් හෝ ඉවසීමක් ඔවුන්ට නැහැ.

      * ස්වකීය මතයක් නැහැ. සමාජමාද්‍ය ඔස්සේ පොම්ප කෙරෙන මතයක් වැළඳ ගන්නවා.

      * ඔවුන් ලෝකේ කොහේවත් නැති ඉතාම පරිපූර්ණ රාජ්‍යයක් සහ පරිපූර්ණ නායකත්වයක් බලාපොරොත්තු වෙනවා.

      * ඔවුන් වැඳගන්නා නායකයා, පක්ෂය හෝ මතවාදය අදහනවා. ඔහු පරිපූර්ණ, තමන් ගොඩදාන්න ආපු දෙවියෙක් කියලා හිතනවා.

      * ඒ වගේම වඩාත් භයානක දේ තමයි ඔවුන් පහසුවෙන් කලකිරෙනවා.

      * ඉතාමත් කෙටි කලකින් ඔවුන්ට අදාල "ස්ටේටස්" එක වැළඳගත් නායකයාගෙන් හෝ පක්ෂයෙන් ඒ මනෝරාජික ලෙස බලාපොරොත්තු වූ utopian world නොලැබෙන විටම ඒ පක්ෂය, මතවාදය සහ නායකයා ඉතා පහසුවෙන් සහ ඉතාමත් ඉක්මනින් අත්හරිනවා.

      මම කියව ගත්තු විදියට මේ කණ්ඩායම කිසිම පක්ෂයක්, නායකයෙක්, වැඩපිළිවෙලක් එක්ක වසර දෙකකට වඩා කාලයක් ඉන්නේ නැහැ.

      ඔවුන් වැළදගෙන, සිංහාසනයෙන් තියපු නායකයට ඔවුන් මුලින්ම හිනාවෙනවා.

      ඉන්පසුව ඔවුන්ම ගල් ගහනවා. ඊට පස්සෙ ඔහුව මරාගෙන මැරෙන තරම් ඔහු හෝ ඇය අමුවෙන් කන්න තරම් වෛර කරන තත්වයක් ඇති වෙනවා

      ඊටත් පස්සේ ඔවුන් කොහෙන් හරි කොහොම හරි තව මොකෙක් හරි සිහින කුමාරයෙක් හොයාගෙන ඔහුව කරෙන් තියාගන්නවා.

      චක්‍රය ඔහොම යනවා.
      මේ රටත් මෙහෙමම යනවා. ඔය රට ගොඩ යන පාටක් පෙනෙන්නට නැහැ ඔහොම ගිහින් නම්

      කොතනින් හරි ඔය චක්‍රය කඩා බිඳ දමා අලුතින් සාමුහිකව රටේ දියුණුව වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනේ ඉක්මනටම

      Delete
  6. එක්සත් ජනපදය (+ බටහිර යුරෝපය) සහ භාරතීයයන් තමයි මේකට වගකිව යුත්තේ, නන්දසේනට කරන්න පුළුවන් එකම දේ වුණත් 2022 මුලදී ජනපති ධුරයෙන් ඉල්ලා අස් වෙලා ඉවත් වී එය රනිල් වික්‍රමසිංහට බාර දී එක්සත් ජනපදය සමග සංහිඳියාවක් ඇති කර ගැනීම එහෙම නම් මේ අරගලය කියලා මගුලක් ඇවිත් ම්ලේච්ඡත්වය රජ කරන කොහොමටත් අවුලක් වෙල තිබූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තවත් බරපතල ලෙස අවුල් වී වියවුල් ගොඩක් ඇති නොවී බේරා ගැනීම කරන්න ඉඩ තිබුණු බව හිතන්න පුළුවන් නමුත් ඒ වෙලාවේ එහෙම හිතන්නේ නැතුව ඇති

    කොහොම උනත් රාජපක්ෂ පවුල් කල්ලියේ මාධ්‍ය ප්‍රචාරකයන් යුද්ධය අවසන් වී ඇති පසුබිමක 2010 දෙශයේ අවසන් බලපො‌රො‌ත්තුව වශයෙන් බ්‍රෑන්ඩ් කලේ මැදමුලනේ නාකි මයිනා ලෙස අභිෂේක ලත් මහින්දරාජපක්ෂ උන්නැහේ තමයි. 2015ත් දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් මහින්දව බ්‍රෑන්ඩ් කල අතර මහින්දගෙන රට බේර ගන්න අනිත් පැත්තෙන් කට්ටිය සිරිසේනව බ්‍රෑන්ඩ් කළා

    සිරිසේන හීනමානයෙන් පෙලෙන හෙයින් කලේම ගො‌බ්බ වැඩ. එබැවින් 2019 ගේඨාභය දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් බ්‍රෑන්ඩ් කිරීම ඉතාමත්ම පහසු විය. ඊට පස්සෙ ගො‌ඨාභයගෙන් දේශය බේර ගන්න ජනතාව පාරට බැස්ස නමුත් එම පෙල ගැසීම ජවිපෙ සහ පෙරෙට්ටන් තම කණ්ඩායම් හී දේශපාලන සිතියම වෙනස් කර ගැනීමේ අරමුණින් අවස්ථාවාදී ලෙස පැහැර ගත් අතර දේශපාලනික දැනුම සංයමයකින් තොර වූ පෙරටුගාමී කල්ලිය හැලී ගිය නිසා පොහොට්ටු පක්ෂයේ ද පිරිස් බලය සහ මුදල් බලය සමග මාලිමාව නමින් හැඳින්වෙන ජවිපෙ ජාතික ජන බලවේගය පමණක් පලාත් පාලන ඡන්දෙට ඉතිරි වී ඇත

    වර්තමානයේ දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් අකුදිව බ්‍රෑන්ඩ් කරමින් සිටිති. තවත් සම(හරක්) ආ‌සයිබයයි සමග ඔහුගේ කැඳ හැලිය වන සජබයි කණ්ඩායම බ්‍රෑන්ඩ් කරමින් සිටිති. අපට වැරදුණු තැන මේ බ්‍රෑන්ඩ් කිරීම බව වටහා ගැනීමට අති බහුතරයකට හැකියාවක් නැත. එය ලෝව පුරාම බො‌හේ කඩා වැටුණු දේශයන්හී බහුතරයකගේ ලක්ෂණයකි.

    තමන් නො‌දන්නා බව නො‌දන්නා නමුත් සියල්ල දත් චරිත රඟපාන මිනිසුන් අති බහුතරයක් වු රටක දේශපාලන හැසිරීම එසේ වීම අරුමයක් නො‌වේ.

    මෙම අවස්ථාව දේශයක් ලෙස නැගී සිටින්නට ලැබුණු මහඟු අවස්ථාවක් වුවත් එය දකින්නට නො‌හැකි වූ මිනිසුන් සො‌යනුයේ කරේ තබා ගෙන යාමට එකෙකි. කර උඩ එකෙක් නො‌සිටියො‌ත් උන් හට එය ලො‌කු අවුලකි.

    රැලි සාදා එම රැලි වලට හසුවී හැඳ සිටි ඇ‌ඳිවතත් නැනිවූ මිනිසුන් නැවත නැවතත් සාදන්නේ රැලිමය.

    අප දේශය දිගු ගමනකින් පසු පැමිණ ඇ‌ත්තේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ඉසව්වක සිට පිළිතුරු සෙවීම කල යුතු තැනකටය. එය දකින්නට නො‌හැකි බහුතරයක් අතරින් සමහරක් මුන්ටවත් දීල බලමු යන සිතුවිල්ල මත අප දේශයේ එරී තිබෙන නාරා වලේම තබා ගැනීමට සැරසෙන බව එම මිනිසුන්හට වැටහෙන්නේ නැත.

    රැල්ලක් නො‌මැතිව ජීවතයක් නැති කර උඩ එකෙක් නැතිව අවුල් කො‌ටසක් මේ සැරසෙන්නෙ ඉතිහාසයේ 1956 කල වැරද්දම ආ‌පසු කිරීමටය. ඉතිහාසයේ එකම වැරැද්ද නැවත නැවත කරන බව බහුතරයකට වැටහෙන්නේ වැරද්ද කල පසු වීම අභාග්‍යකි.

    සමහරෙක් දෛවයක් ඇ‌ති බව විශ්වාස කරන අතරම දෛවය වෙනස් කිරීමට හැකි බවද විශ්වාස කරති. කණගාටුව නම් එවැනි මිනිසුන් සිටින්නේ ඉතාමත්ම අතලො‌ස්සක් වීමය.

    දේශයක් වශයෙන් යලි හිස ඔසවන්නට ලැබුණු පළමු අවස්ථාවේම දේශපාලනය පසෙක තැබූ ජපානය ආ‌දර්ශයක් කර ගෙන දේශපාලනය පසෙකට ලා හිස ඔසවන්නට ලැබුණු මහඟු අවස්ථව පසෙකට ලා අකුදි සහ අකුදිගේ කණ්ඩායම කර තබා ගැනීම විසඳුම වශයෙන් දකින වහල් මනස් ඇ‌ති මිනිසුන් සිටින රටකට හිස එසවීම යනු ඉතාමත්ම අසීරු කරුණක් වීම අරුමයක් නො‌වේ.

    චිරං ජයතු ශ්‍රී ලංකා

    ReplyDelete
  7. ඇට දෙක පයිය ලංකට් එක

    ReplyDelete
  8. @ අජිත් ධර්මකීර්ති

    ඔය ඔබ සඳහන් කරන වික්ටෝරියා න්යූඩ්ලන්ඩ් කියලා කියන්නේ ඒජන්ට් තනතුර දරන කෙනෙක් විතරයි නමුත් ඔය වගේ කට්ටිය ගණනාවක් යොදවා ලෝකයේ රටවල් වලට කරපු දේවල් හොයලා බලපන් නිකම් ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ පෞද්ගලික වාසිය විතරක්ම බලන එක නෙවෙයි මේක ලොව බිලියන ගණනක්, ලංකාවේ විතරක් නම් මිලියන විසි තුනක් වන ජනතාවගේ සමස්ත ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් ඒ මිනිස්සුන්ට මුලු ජීවිතේම අඳුරු කරන්න විඳවන්න වෙන බවත් තේරුම් ගනින් නරුමයෙක් නොවී බටහිර රටවල් කීපයක් තමා ලන්කාව ඇතුලත් ව ලොව පුරා රටවල් ගණනාවක ඉරණම විනාශ කරන්නේ. මේ විදිහට ඇෆ්ගනිස්ථානය, මුලු උතුරු අප්‍රිකානු අරාබි රාජ්‍ය සියල්ලම පාහේ විනාශ කරා. දැන් රුසියාව ඉවර කිරීමට යුක්‍රේනය සතු සියලුම සම්පත් යොදවා යුක්‍රේනය පවා විනාශ කරා. මුන් කිසිදිනෙක ලන්කාවෙ සාමය හෝ සංවර්ධනය ඇතිකිරීමට ඉඩ දෙන්නේ නැහැ. මුන්ගේ එක්සත් පෙඩරල් රටවල් සහ රාජ්‍යයන් එකතු වෙලා හදාගත් සංගම් ඉතා කුඩා ස්වාධීන රාජ්‍ය වලට කැඩී යුදමය වශයෙන් ඉතා දුර්වලවී ගිය දවසක ලෝක සාමය ඇති වනු නියතයි.

    ReplyDelete
    Replies
    1. දැන් මම මොකක්ද වික්ටෝරියා නියුලන්ඩ් කියල කීමෙන් අදහස් කලේ. ඕකම තමයි . යුක්රේනයට වෙන දේ ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් ලියන්න විධිහක් නැහැ. අපේ ගෙදර යුක්රේන වයසක අම්ම්ම කෙනෙක් තියා ගත්තා දින කිහිපයක්. වෙන තැනක් හොයා දෙනකන්. ඒ ගෑනි කියනවා සෙලෙන්ස්කි හොඳටම අහුවුනා කියල. බ්‍රිතාන්‍යය නිල නොවන යුද්ධයක ඉන්න නිසා නිදහසේ බ්ලොග් ලිපියක් ලියල පල කරන්නවත් බැහැ. මේ වගේ වෙලාවක් නිදහසේ ලිවිම කියන එක ධනවාදය තුලත් ඇහිරිලා තියෙන්නේ.

      Delete
    2. අනේ බං අජිත් උබ වගේ දෙබිඩි පාහරයෙක් ලොවෙත් නෑ.

      ලන්ඩනයේ ඉන්න ගමන් මාලිමාවට පුක දෙනවා.

      උබට හරිහමන් ප්‍රතිපත්තියක් වත් තියෙනවද

      Delete
    3. මාලිමාවේ වැරැද්ද මොකක්ද? ලන්ඩනයේ ඉඳල උන්ට හෝ වෙන කාටවත් සහයෝගය දෙන්න අකැපද? මම හැබැයි සහයෝගය දීල නැහැ, දීප්ති කුමාර හා ටිල්වින් ගෙන් ප්‍රශ්න වගයක් අහල යු ටියුබ් දැම්මා . ඒවා මට වැදගත් නිසා. මාලිමාවේ රැස්වීමකට ගියා. නිදහස් බ්ලොග් කාරයෙකු වශයෙන්. මොකද්ද ප්‍රශ්නේ. මගේ ප්‍රතිපත්ති 1983 ඉඳන්ම වෙනස් වෙලා නැහැ. යුද්ධයට විරුද්දයි. ප්‍රේමදාස ගාමන්ට් දාපු එකට පක්ෂයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පක්ෂයි. 2005 රනිල් දිනුව නම් හොඳයි කියල හිතනවා මහින්ද නැතිව. අද තියෙන ප්‍රශ්න එන්නේ නැහැ. මාලිමාව අපේ ස්ථාවරය වලට ඇවිත් තියනව මිස අපි ඒ ස්ථාවර වවලට ගියේ නැහැ.

      Delete
    4. මේ අජිත් ධර්මකීර්ති නමැති මඩකරියා වගේ මඩ Post දාන අය තමයි දැන් අලුතෙන් ජාතික ජන බලවේගයට නැත්නම් මාලිමාවට (ජවිපෙ) එකතු වෙලා ඉන්නෙ.
      JVPයට තියෙන එකම අභයෝගය සජිත්. ඉතිං මඩ කප්පරක් ගහනවා. හොඳට හොයල බලන්න, ඔය කැම්පස්වල, කාර්යාලවල, ගම්වල ඉන්න අනුන්ට මඩගහන අය ගැන. එයාලගෙ මොළේ මොනාහරි පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා. අනුන්ට මඩගහන අය, කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව මානසික විශේෂඥ වෛද්‍යවරැන් පවා කියනවා. ඒනිසාම තමයි පහුගිය වතාවෙ කොළඹ මහනගර සභාවට JVP නගරාධිපති අපේක්ෂකයා හැටියට තරඟකරල පත්උන, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මෙයාලත් එක්ක බෑ කියල, ඉතාමත් කෙටි කාලයකින්ම ඉල්ලා අස්උනේ. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය 2020 මහමැතිවරණයේදී මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ඉල්ලපු නිරූපා සේරසිංහ කීවේ මොකක්ද? ඇයත් ඉවත් වුණා. කොහොමටත් ලබන ඡන්දෙන් සජබෙ JVP එකට වඩා දහගුණයකටත් වැඩියෙන් ඡන්ද ලබාගන්න බව දැනටමත් පැහැදිළිවම පේන්න තියෙනවා. සමාජ මාධ්‍ය වලින්ම ධර්මකීර්ති වැනි මඩකරියන් සජිත්ට විරුද්ධව හදලා දෙන මඩ පෝස්ට් ෂෙයාර් කරන ජවිපෙ ජාතික ජන බලවේගයේ කට්ටිය ඉතාමත් අශිෂ්ඨ ලෙස මෙලෙස සෝෂල් මීඩියා පාවිච්චි කිරීමෙන් ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවේවි.

      ඒ වගේම තමයි අජිත් ඔබලා ඔය අනුන්ට මඩ ගහන්න පුළුවන් විදියට මඩ පෝස්ට් හදලා ඒවායින් හම්බ කරන සල්ලි යාදෙන්නේ නැති බව මතක තියාගන්න හරිද? තොපිට සාප වේවා සාප වේවා සාප වේවා

      තොපිට සහගහනවා යකෝ

      Delete
    5. අයිසේ ධර්මකීර්ති අංකල්

      ඔබතුමා තරම් අත්දැකීම් නැති ඔබතුමාට වඩා බොහෝ වයස අඩු නමුත් මට තේරෙන හැටියට කියන්න තියෙන්නේ ඔය මැදමුලනේ නාකි මයින කියන ගස් බල්ලගේ මැදමුලන හොර පවුලත් එක්ක අපි පොඩි කාලේ 2004/5 කාලේ ඉඳන් දීග කාලා වැඩේ චොර වෙලා 2008 දී විතර යුද්දේ උච්ඡතම අවස්ථා වලදී හිරේ ඇරුණාම යන්න ගිහින් ජවිපෙ කට්ටිය බොලාගේ හාම්පුතා රනිල් වික්‍රමසිංහ එක්ක දීග කෑවෙ අනුර ඇතුලු ජවිපෙ ජාතික ජන බලවේගයේ කණ්ඩායම.

      දැනට රනිල්ට මැදමුලන හොරු සෙට් එක යකඩ දෝලිනම්, ජෙපි සෙට් එක රිදීදෝලි වගේ. 2015- රනිල් – සිරිසේන – අනුර ආප්ප හවුලෙන් පස්සෙ අනුර කුමාර බින්න බැහල හිටියෙ රනිල්ගෙ අරලිය ගහ මැදුර ඇතුලෙ.

      අනික අජිත් ධර්මකීර්ති නමැති අංකල් 13 කියන්නෙ කොහෙවත් යන ප්‍රශ්ණයක් නෙමෙයි. මම දන්න තරමින් 1988 – 89 කාලෙදි ජවිපෙ දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය උතුරේ දමිළ සටන් කාමී සංවිධාන වලින් ආයුධ පහුණුවකුත් අරන් හමුදාවටයි පොලිසියටයි ගැහුවෙ, ට්‍රාන්ස්ෆෝමර්, බස්, කෝච්චි ගිනි තිබ්බෙ, රටේ වටිනා දේපල විනාශ කළේ, රටේ ආර්තිකය විනාශ කළේ, ‘පලාත් සභා අපිට එපා’ කිය කිය. එහෙම කිය කිය තරුණයො 60,000 ක් විතර වලපල්ලට යවපු ජෙප්පන්ට දැන් 13 හොඳයි කියලා කියන්නේ කටේ ඩොලර් හිරවෙලා නිසාද?
      අනුර දිසානායක කියන්නෙත් අනික් තක්කඩි දේසපාලුවො වගේම අවස්තාවාදී දුෂ්ඨ දේසපාලුවෙක්. මාලිමාව කියන්නේ පොහොට්ටු සජබ වගේම තවත් එක් අවස්ථා වාදී කපටි දේශපාලන තක්කඩි කණ්ඩායමක් විතරයි. දැන් උන් හෙට උදේ පාන්දරම අපි 13ට සම්පූර්ණයෙන්ම විරුද්ධව සටන් කිරීමට තීරණය කරා කියලා කිවුවොත් ධර්මකීර්ති අංකල් කොහොම ද ඒකට ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔයා කියපු නිසා ඡන්දෙ දාන්න තීරණය කරපු අයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඡන්දය දෙන්න එපා කියනවා ද?

      Delete
    6. https://www.youtube.com/watch?v=9gOXQeoT6Ac

      Delete
    7. //සමාජ මාධ්‍ය වලින්ම ධර්මකීර්ති වැනි මඩකරියන් සජිත්ට විරුද්ධව හදලා දෙන මඩ පෝස්ට් ෂෙයාර් කරන ජවිපෙ ජාතික ජන බලවේගයේ කට්ටිය ඉතාමත් අශිෂ්ඨ ලෙස මෙලෙස සෝෂල් මීඩියා පාවිච්චි කිරීමෙන් ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවේවි.// ඔප්පු කරන්න. මම ජජබේ ට වැඩ කරන කෙනෙක් නෙමේ මෝඩයෝ. ගොන් කතා

      Delete
    8. https://www.youtube.com/watch?v=goUjH2_h4YQ&t=2046s

      Delete
    9. @ Ajit D & the rest of the Annos,

      Guys, be cool & take it easy, it's useless to fight against bloody political campaigns, these goons all are interconnected with each other, RW + MR + SP + AKD & the compass company even the frontliners all are interconnected and show off some dramas to cheat innocent civilians and citizens both residing SL and overseas to develop their businesses and earn substantial amounts of money through political business ventures

      ඒ නිසා මට කියන්න තියෙන්නේ මේකයි ඔය ගැන ඔය සහොදරවරුන්ට වැරදිලා, අනුර සහොදරයා ප්‍රාදේශීය සබා චන්දෙ දිනලා ඔහු දැන් ශ්‍රී ලංකා රටේ ජනාධිපති!

      ඔහු තිස්සහමහරාමය සංවර්ධන කරපු ආකාරයට මුලු ලංකාවම සංවර්ධන කරලා ඉවරයි!

      බයියෝ ටොයියෝ කියලා ජාතියක් නෑ ඔක්කොම සහොදර සහොදරියෝ!
      එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා...හොව් හොව් සොරි වෙන්න ඕන!

      මාලි මාවට ජය, අපි මාලි මාවට!
      කොහාටද, මයිනාට නෙමේ
      මාලි මාවට!

      Delete
    10. @ 4.56 AM

      අජ්ජා කියලා කියන්නේ තවත් එක් ලජ්ජා නැති අවස්ථා වාදී සටකපට තක්කඩි පොරවල් වලින් කෙනෙක් විතරයි, ඔය ජාතියේ කට්ටිය සෑහෙන පිරිසක් ඉන්නවා නේද? ඒ නිසා ඔහුට පමණක් නොව පොදුවේ එම සමස්ත කුලකයටමයි අප මේ විරෝධය පළ කළ යුත්තේ, ඊළඟට ඔහු ඔය මාලිමාවට සහාය දක්වන බව පේන්නේ මාලිමාව කියලා කියන්නේ රනිල් රාජපක්ෂ විසින් මෙහෙයවන තවත් බළල් අතක් නිසා පමණයි නැත්නම් ඔහුට කිසිම විදිහකින් ප්‍රතිපත්තියක් ඇති නිසා නෙවෙයි.

      Delete
    11. මචන්ලා බොරුවට රංඩු වෙන්න ඕන නෑ ගියපාර නන්දෙගේ පොහොට්ටුවට පිස්සුවෙන් වගේ ඡන්දේ දාපු ගෝතකරුම ටික මේ පාරත් පිස්සෝ රැලක් වගේ ගිහින් මාලිමාවට කතිරේ ගහයි ඊට වඩා වැඩි දෙයක් වෙන්නේ නෑනේ හැබැයි තව දෙයක් ඔයාල හැමෝටම කාලයක් එයි..
      මම නම් මාලිමාවට නෙමෙයි දුන්නේ කියන..👀😌 එතකොට අජිත්ලා කියයි මම නිකමට වගේ ගිහින් වොයිස් කට් එකක් ගත්තා විතරයි මම ඕකුන්ට සපෝට් කළේ නෑ කියලා

      උදාහරණයක් විදියට දැන් බලන්න පහුගිය අවුරුද්දේ මැද ගෙවල්🔥 තියෙන එකට උල්පන්දම් දිදී පෝස්ට් දාපු අය ඊට,පහුවෙනිද ඉදල ධර්ම දේශනා wall එකේ දැම්මා...

      අරගලයට හෑලි ලියපු අය ඒ පෝස්ට් මකල උයන පිහන Post. Travel post Share කරනවා අරගල post මකලා...
      ඇනොනිමස් ට හෑෂ් ටෑග් ගහලා ලංකාව බෙරගන්න කියලා පෝස්ට් දාපු අය,දැන් වගා පෝස්ට් මැහුම් ගෙතුම් පෝස්ට් එක,දිගට දානවා වෝල් වල හැශ් ටෑග් පෝස්ට් පේන්නවත් නෑ
      ලංකාවේ මිනිස්සු රැල්ලට පිස්සු තදවෙලා ආවේගශීලී වෙලා එක එක බහුබූත දේවල් කරනවා.. පස්සේ වගකීමක් නොගෙන ෂේප් එකේ හැංගෙනවා ... ඒක සාමාන්‍යයි

      Delete
    12. //මම නම් මාලිමාවට නෙමෙයි දුන්නේ කියන..👀😌 එතකොට අජිත්ලා කියයි මම නිකමට වගේ ගිහින් වොයිස් කට් එකක් ගත්තා විතරයි මම ඕකුන්ට සපෝට් කළේ නෑ කියලා// එතකොට කියන්න ඕනේ නැහැ, මම දැනුත් කියනවනේ. 😀 මම දෙන්නෙකුගේ වොයිස් කට් ගත්ත. දීප්ති ගේ සහ ටිල්වින් ගේ. තව කට්ටියගේ ගන්න හිතන් ඉන්නවා. ජාජබේ අපි හිටිය මතයට ඇවිත් ඉන්නව මිසක් මම එයාලගේ මතයට ගිහින් නැහැනේ. ඒ ප්‍රතිපත්ති වලට මම සපෝර්ට්. මේකෙම ඇනෝ කෙනක් චෝදනා කරලා ප්‍රතිපත්තියක් නැති දෙබිඩ්ඩෙක් කියල. මේ අය ප්‍රතිපත්තියක් කියල කියන්නේ දේශපාලන පක්ෂයකට වහල් වෙන එකට. මම එහෙම නැහැ. 1983 ඉඳන් මම ජාතිවාදයට විරුද්ධයි. ජාතිවාදයට විරුද්ධ ඕන කෙනෙක් එක්ක පක්ෂයි. රනිල් ද හරිනිද කියන එක දල නැහැ.,. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවන්න පක්ෂයි 1987-88 දීත්. එතැනදී ආණ්ඩුව සහ ජවිපෙ දෙකම වැරදියි. ආණ්ඩුව වඩා වැරදියි කරපු ඝාතන වලට.. අපට ලැබෙන්න තියන ඩොලර් නැති වුනා. අද ජාජබේ එතැන් ඉන්නවා ගාමන්ට් පිහිටුවනවට පක්ෂයි. ආයෝජකයෝ එනවට පක්ෂයි. උන්ගෙන් පගා ඉල්ලනවට විරුද්දයි. IMF ණය ගනන්වට් පක්ෂයි. රාජ්‍ය සේවය ක්‍රමවත් කරලා අනවශ්‍ය සේවකයෝ ඉවත් කරනවට ට පක්ෂයි. සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් පිහිටුවනවට පක්ෂයි. ඒ වගේ ප්‍රතිපත්ති වෙනස් කලේ නැහැ. ඒවා ජාජබේ හරි කරනවනම් එයාලට පක්ෂයි.

      Delete
    13. මම කිව්වෙ මාතලන්, ප්‍රධාන පක්ෂ වල උන් jvp npp page වල, jvp npp උන් ප්‍රධාන පක්ෂ වල පේජ් වල.. උඹත් පලයන් බං වෙන රටකට ඕකෙ ඉන්න බහුතරේ පල් හොරු උන් චන්දෙ දීලා පාර්ලිමේන්තු අරින්නෙ උන්ගෙ අතරින්ම හොරෙක් තමයි විජේ කුමාරයා කියන පල් හොරා එක්ක ආවෙත් පල් හොරු 500 ක් මිසක හොඳ උන් නෙමෙයිනෙ.. ඒ පරපුරවල් වලින් පැවත එන උන් තමා වැඩිපුරම තාමත් ඉන්නෙ.. ඔය රටින් පැනල ගිහින් එංගලන්තයේ වගේ රටවල හිටියත් එහේ ඉඳන්ම ලංකාවේ දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට කඩේ යන ගමන් හොඳටම හම්බ කර ගන්නවා මේ අඡිත්ලා වගේ පිටරටවල ඉන්න ලංකාවේ පල් හොරු ඒ නිසා ඕක හැදෙන දූපතක් නෙමෙයි ලොක්කොන්ටයි සොක්කොන්ටයි රට කාගන්න කියල වෙන රටකට පනින්න ඇත්තන් කියල හිතෙන වාර අනන්ත ඇති උඹටත්.. jvp එකේ උන්ටත් පිස්සු, උන්ට තියෙන සුදුසු කම් අනුව සුපිරි පඩියක් එක්ක හොඳ රස්සාවක් කරන්න පුලුවන් ද වෙන රටකට පැන්නනම්..? හොරුන්ට බන කියනව

      අජිත් ජාතික ජන බලවේගයේ නායකයෝ අනිත් දරුවො අරගලේටයි කැට හොල්ලන්නයි පාරට බස්සල එයාලගෙ දරුවො පිටරටවල විශ්ව විද්‍යාල වලට දාල ඒ ඒ රටවල ශේප් එකේ සෙට්ල් කරල දාපු ඒවා එහෙම මදිද පහුගිය අවුරුදු 25 ට .. ?

      දැන් යකෝ මැදමුලනේ නාකි මයින කියන ගස් බල්ලත් බලය බෙදීමට සම්පූර්ණයෙන්ම පක්ෂයි කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ඊට කලිනුත් ඌ 2010- 14 කාලේ 13+ දෙන්න ඉන්දියන් රජයට පොරොන්දු වුණා ඌ තමයි අවුරුදු 25 කට පසුව පළවෙනි වතාවට උතුරු නැගෙනහිර පළාත් සභා නැවත සක්‍රිය කළේ දැන් එතකොට ඌ තමයි සයිටම් සහ කොතලාවල පටන් අරන් පෞද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාල අවුරුදු තිහකට විතර පස්සේ පළවෙනි වතාවට නැවත සක්‍රීය කළේ, එතකොට විදේශ ආයෝජන ලංකාවට ගෙනාවේ සහ 2010 අයි එම් එෆ් එකේ ලංකාවේ ඉතිහාසය පුරා ලොකුම ආධාර වැඩපිළිවෙළ ඩොලර් බිලියන 2.5 ගත්තේ කබරයා සහ නාකි මයින කියන ගස් බල්ලා දැන් ඒ කියන්නේ උඹ මැදමුලනේ නාකි මයිනාටත් පක්ෂයි කියන එක නේද බන් ගොන් අජිත් 😁😁😁

      අනික බන් දෙබිඩි අජිත් ඔය බැසිල්ලා මලික් සමරවික්‍රමල රනිල්ලා අර්ජුන්ලා ආයෝජකයින්ගෙන් පගාව ගත්තේ ලංකාවේ පවතින ක්‍රමය අනුව යම් ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතිය ගන්න සාමාන්‍යයෙන් අවම අවුරුදු හයක් වත් යනවා, ඒ නිසා ඒක එහෙන් මෙහෙන් වංගු ගහලා ඉක්මනට අරන් දෙන්න, සියලුම අදාල රජයේ නිලධාරීන් කට්ටියටම කමිෂන් දීලා, ඒකටයි උන් ඔය ආයෝජකයිනගෙන් ගාන කපා ගත්තේ ඒක දෙපැත්තටම win win situation එකක්, ඇත්තටම ඒකෙන් වෙන්නේ ආයෝජකයින්ට වාසියක් ලංකාවේ විතරක් නෙවෙයි වියට්නාම් වලත් එහෙම තමයි, එහෙම තමයි වියට්නාම් ලෝකෙ ප්‍රධානතම විදේශ ආයෝජන කරන්න පුළුවන් රටක් බවටත් පත් වෙලා තියෙන්නේ පොඩ්ඩක් ලෝකේ ගැන හොයල බලන්න නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව තමුන්ගේ නායක සහෝදරයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ කට උල් කරගෙන කෙබර කෙළින්නේ ඇයි බන් අඡිත් මේ?

      Delete
    14. අයියෝ අජිත් මේක තරහට කියපු දෙයක් නෙවෙයි ඔහොම කේන්ති ගත්තොත් ඉක්මනට ලෙඩ වෙලා දුක් විඳින්න වෙයි ඒ නිසා මීට වඩා ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

      පළමුව මම උඩ ඇනෝ වගේ ඇරියස් වාමාංශික ගෝතයෙක් නෙවෙයි හුදෙක් මගේ අවංක අදහස් අවංකවම කෙලින්ම පැවසූයේ ඔබ මිතුරෙකු ලෙස සලකා බව තේරුම් ගන්න.

      මම ඉංග්‍රීසි භාෂාව දන්නේ නෑ ඒ නිසා ඉංග්‍රීසියෙන් දාන්න බෑ ඔය උඩ ඇනෝ 12.15 කමෙන්ට් එක මගේ ඒක කියවලා බලලා මට පලු යන්න බැන වැදී ඔබගේ දැඩි වෛරය පාලනය කරගන්න නැත්නම් එය ඔබේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට අජිත්

      නමින් එන්න බැරි එහෙම ආවොත් මගේ කමෙන්ට් තුලින් විවේචනයට ලක් වන කට්ටිය වෛරයෙන් කුපිතව පළිගැනීමට දිව්රා මගේ පෞද්ගලික විස්තර හොයාගෙන මගේ සේවාදායකයන්ට මා පිළිබඳ මඩ ප්‍රචාර යවා මගේ ව්‍යාපාර කටයුතු බරපතල ලෙස අඩාල කිරීමට ඉඩ තියෙනවා සෑහෙන්න දුරට ඒ නිසා මට සමාවෙන්න ඒක නම් කරන්න පුළුවන් කමක් නැහැ.

      මේ ඔබේ කමෙන්ට් එක

      //Thank you, Ian. It looks like he cannot fathom that there are friendships that transcend his small mind.//

      මේකේ ස්තුතියි කියන තැනට කමාවක් සහ beyond යන අනවශ්‍ය මගුල් වචනය ඉවත් කළොත් ඔබේ අදහස් වඩා පැහැදිලියි නේද?

      ඔබ අවුරුදු 30 ක් තිස්සේ බී අයි ක්ෂේත්‍රයේ (Business Intelligence) උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ බව අසා මා විස්මයට පත් වුණා. ඒ කියන්නේ ඔබ අනූ ගණන් වල මුලදී හොවාර්ඩ් ඩ්‍රෙස්නර් වැනි අයටත් බී අයි පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දුන් විශේෂඥ ඥානයක් ඇති ඉතා විශිෂ්ට බුද්ධිමත් බී අයි ක්ෂේත්‍රයේ විශිෂ්ට pioneer කෙනෙක් එහෙම නැත්නම් පෙරගමන් කරුවෙක් බව පේනවා මට සමාවෙන්න මම ඒ ගැන දැන සිටියේ නැත.

      එක්සත් ජනපදයේ නම් බී අයි ක්ෂේත්‍රය පුළුල් වූයේ අඩුම තරමින් අනූ ගණන් වල අග භාගයේදී පමණ, සහ මම හිතාගෙන හිටියේ බ්‍රිතාන්‍ය ඊටත් පස්සේ බව, නමුත් මා වැරදි බව පේනවා ඔබට බොහොම ස්තූතියි අජිත් ඔවු වැනි වසර තිහකට අධික කාලයක් බී අයි ක්ෂේත්‍රයේ විශේෂඥයින් මම හිතන්නේ ලෝකයේ ඉන්නේ ඉතාමත් අතලොස්සක්, ඇතැම් විටක ඔබම පමණක් විය හැකියි මොකද ඔබ 1993 දීත් කන්සල්ටන් විදියට වැඩ කරලා තියෙනවා ඒ නිසා මම හිතන්නේ. ගොඩක් සතුටුයි මේ ගැන.

      Delete
  9. Hope this helps someone ☺️☺️

    VISA ගන්න තක්සේරු වාර්ථාවක් ඉල්ලුවද?

    ඔබ නොසිතන වත්කමක් 💎 ඔබ ළඟ තිබෙන බව ඔබ නොදන්නවා ඇති.

    පිලිගත් විදේශ රැකියාවකට හරි, උසස් අධ්‍යාපන හරි , ශිෂ්‍යත්වයකට හරි, ස්ථිර පදිංචියට (PR) හරි ඔබ විදේශ ගතවීම දැන් ඉතා සීඝ්‍රයෙන් ඉහල ගිහින්. ඉතින් VISA ලබාගැනීමේදී ඔබට ඔබේ වත්කම් තක්සේරු කරගැනීම අත්‍යාවශ්‍යම කාරනයක්. ඒ ඒ රට අනුව එම තක්සේරු වටිනාකම් වෙනස් වෙනවා. ඉඩම් හෝ දේපල ඔබේ නමට නැතිනම් ඒක ලොකු ගැටලුවක්.

    ඉතින් ඔබ නොසිතන වත්කමක් ඔබ ලගම තියනවා. ඒ මොකක්ද ඒ. 💰 💰 රත්තරන් 🎖️🎖️️️රත්තරන් මිල පසුගිය මාස 4 ක කාලයක්තුල වටිනාකම 70% කින් පමන ඉහල ගිහින් තියනවා. ඉතින් ඔබට ලෙහෙසියෙන්ම ලක්ෂ 20 වගේ වටිනාකමක් සහිත වත්කමක් පෙන්නන්න අවශ්‍ය වෙන්නේ රත්තරන් පවුම් 10-12 අතර ප්‍රමානයක්. මේක ඔබේ මවගේ හෝ සහෝදර සහොදරියන්ගේ රත්තරන් භාණ්ඩ එකතුකර ගැනීමෙන් පහසුවෙන් සිදුකල හැක.

    💎ඉතින් කොහෙන්ද තක්සේරුවක් කරන්නේ?
    රත්තරන් වල තක්සේරුවක් කරනන්න පුලුවන් පිළිගත් එකම රාජ්‍ය ආයතනය තමයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය. එහි පිහිටා ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය මගින් ඔබට එම කාර්‍ය පහසුවෙන් කරගත හැක. එම කාර්‍යංශය අධිකරණ, රක්ෂණ , මහබැංකු - බැංකු , රේගු හා රාජසන්තක කිරීම් යන අංශ යටතේ රත්තරන් හා අනිකුත් වටිනා ලෝහ සදහා පිලිගත් තක්සේරු වාර්තා නිකුත් කරන එකම රාජ්‍ය ආයතනයයි.

    තක්සේරු වාර්තා අනිවාර්යයෙන්ම VISA කාර්යාල පිලිගත් ආයතයකින් නිකුත් කල යුතුයි. ඔබ ස්වර්ණාභරණ අලෙවිසැලකින් හෝ වෙනත් මාර්ගයකින් තක්සේරු වාර්තා ඉදිරිපත්කිරීම ඔබේ VISA ප්‍රතික්ෂේපවීමට මුලීක කරුණක් විය හැක.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි වටිනා වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය, අන්තර්ජාතික වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර ආභරණ මුද්‍රා තැබීම පිළිබද ජ්‍යාත්යන්තර වියානා සම්මුතියෙහි නිරීක්ෂණ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් එම වාර්තා සදහා ජ්‍යාත්යන්තර ලෙස පිලිගැනීමක් ඇත. අනික් කාරණය
    තක්සේරු කිරීම සදහා නියුක්ත කාර්‍ය මංඩලයද ජාත්‍යන්තර සුදුසුකම් සහිත පිරිසකි. (LONDON ASSAY OFFICE AND AMERICAN SOCITY OF APPRAISAL )

    ඉතින් කොහොමද තක්සේරුවක් කරගන්නේ?

    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලය හරහා පමනයි තක්සේරු වාර්තා නිකුත් කරන්නේ. මේ දිනවල තක්සේරු වාර්තා ලබාගැනීම සදහා සීඝු වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් කලින් වේලාවක් වෙන්කරගැනීම අනිවාර්යයි. මේ සදහා ඔබ 0112390652 ඔස්සේ සතියේ දිනවල 8.30-4.15 දක්වා අමතා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් තක්සේරු වා‍ර්ථාවක් නිකුත් කිරීම සදහා අදාල අයිතම ප්‍රමානය මත පැය 3-4 කාලයක් ගතවනු ඇත. ඔබට ස්වර්ණාභරණ භාරදී රිසිට්පත ලබාගෙන ඔබට අවශ්‍ය වෙනත් කටයුතු කරගැනීමට පිටත්ව යා හැකි අතර එසේ අවශ්‍ය නැතිනම් එම ස්ථානයේ රැදීසිටීමට පහසුමක් සලසා ඇත. වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි.

    රැගෙන ඒමට අවශ්‍ය දේ මොනවාද?
    1. විදේශ ගමන් බලපත්‍රය
    2. ජාතික හැදුනුම්පත
    3. ස්වර්ණාභරණ (රත්තරන් , රිදී හා ප්ලැටිනම් පමනි)
    4. VISA අයදුම් කරන රට පිලිබද ලියවිල්ලක් (OFFERING LETTER - ජායාරූපයක් ප්‍රමාණවත්)

    කොතනින්ද කරගන්නේ?

    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,
    වටිනාලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්‍යංශය (ASSAY OFFICE), අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ‍්‍රඞ් හවුස් උද්‍යාන පාර, කොළඹ 03. (දුරකථන අංක 0112390652)

    ගාස්තු
    අනුමත ගාස්තුලෙස තක්සේරු වටිනාකමින් 2% ලෙස අයකරයි. එය ඔබට DEBIT/ CREDIT CARD මගින් හෝ CASH මගින් ගෙවීමට පහසුමක් සලසා ඇත.

    ඔබට සුහදශීලී, කඩිනම් හා විශ්වාසවන්ත සේවාවක් සපයා දීමට අපි බැදී සිටින්නෙමු.

    ස්තුති

    ඉන්දික බණ්ඩාර
    සහකාර අධ්‍යක්ෂ ( වටිනාලෝහ විශ්ලේෂණය කිරීම)
    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය
    Admin GOLDCeylon E Magazine..

    ReplyDelete
  10. Saumyage huththata diwa dala juice urala bonna thibba nam

    ReplyDelete
  11. ඇට දෙකයි පුකයි ටොක් ටොක් ගානවා

    ReplyDelete
  12. මාගේ මනාපය සජබෙට, හෙලිකොප්ටර් එකට හෝ පොහොට්ටුවට නොවේ. ඔවුන් පාලනයේ හෝ පරිපාලනයේ සුදුස්සෝ නොවන බව මාගේ හැගීමයි.. නමුත් ඔවුන්ටද දේශපාලනය කිරීමට අයිතියක් ඇත... මාගේ මතයේ නැති සැවොම මෝඩයෝ යැයි කීමට මට ඇති සුදුසුකමක් හෝ අයිතියක් ගැන මා නොදනිමි... අනුන් විවේචනයට වඩා තමාගේ හෝ තම කණ්ඩායමේ හැකියාවන්, අතීත භාවිතයන් හා පිලිගත හැකි අනාගත සැලසුම් ගෙනහැර පෑම වටී.... නමුත් ඔබ මේ පෝස්ට් එකේ මාලිමාව ගැන කතා කරනවා නම් ඇත්තටම මාලිමාව නොකරන්නේ ද එයයි.

    ReplyDelete
  13. අපගේ පුකවල් රසිකට. ඔබගේ පුකවල් කාටද?

    ReplyDelete
  14. අඩෝ ළමාතං අපට ලංකාවෙන් එන ආරංචි වලට අනුව බැසිල් දාහකටත් වැඩි තම හෙන්චයියන් ප්‍රමාණයක් නාම යෝජනා දී සජබය සහ NPPය ඇතුලට රිංගවා ඇත.

    ඡන්දයෙන් පසු ටික කලක් ගියාට පස්සේ මිනිස්සු හිතන පතන විදිය ටිකෙන් ටික වෙනස් කරලා නියම වෙලාව ආවට පස්සේ මොවුන් දෑත් ශක්තිමත් කරන සුපුරුදු තේමාව යටතේ බැසිල් රනිල් බලසන්ධානය සමග එකතු වීමට නියමිත බවයි පේන්නේ එහෙම නේද?

    අනිත් පැත්තෙන් ලංකාවේ විපක්ෂ කණ්ඩායම් වලට නායකත්වය දෙන සජිත් ජලනි කණ්ඩායම සහ මාලිමාව මෙහෙයවන ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය ලංකාවේ මේ දවස් වල තියෙන ආර්ථිකය එක්ක දැඩි ආර්ථික අර්බුදය නිසා පාලනය බාර ගෙන ඉල්ලං කන්න ලෑස්ති නෑ කොච්චර කොහොම කයිවාරුව ගහලා පොර ටෝක්ස් දුන්නත්, මේ අනුව ලංකාවේ බහුතරයක් දෙනා වුණ ජනතාව ඉතාමත් ලාභ උපක්‍රමයකට රැවටී අසුවන්නටයි යන්නේ...

    ReplyDelete
  15. ලංකාවේ පවත්වන්න හදන්නේ පළාත් පාලන මැතිවරණයක් මිසක් මහ මැතිවරණයක්වත් ජනාධිපතිවරණයක් වත් නෙවෙයි ඒ නිසා මේ මොහොතේ කොයිතරම් දැඟලුවත් තව අවුරුදු දෙකක විතර කාලයක් යනකම්ම ආණ්ඩුවේ බලය වෙනස් කරන්න ලැබෙන එකක් නැහැ මොකද ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉන්දියාව යන රාජ්‍යයන් වගේම යුරෝපයේ ද සහාය ඇතුවයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ පවතින වර්තමාන දුෂිත රෙජීමය පවත්වාගෙන යන්නේ

    මෙවරත් 2018 කළ මෝඩකම වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා ඊළඟ පළාත් පාලන මැතිවරණයේදීත්, ගියපාර වගේම පොල් ලෙලිවලට රැල්ලක් පවත්වන බවත් පේනවා

    නමුත් මේ මොහොතේ ලංකාවේ ඡන්ද දායකයන්ට මීට වඩා වෙනස් වගකීමක් තියෙනවා ඒ තමයි
    පළාත් පාලන ආයතනයක් සතු ප්‍රධාන කාර්යන් පිළිබඳ කරුණු නිසි පරිදි අවබෝධයක් සහිතව අදාළ සභිකයන් පත් කර ගැනීමට, ඒ කරුණු කීපයක් ගැන කතා කරමු

    1). පොදු වැසිකිළි / කැසිකිළි පවත්වාගෙන යෑම සහ කළමනාකරණය.

    2). නගරය පිරිසිදුව තබා ගැනීම සහ කසළ කළමනාකරණය.

    3). අපද්‍රව්‍ය බැහැර කිරීමේ කානු පද්ධති පිරිසුදු කිරීමේ කළමනාකරණය.

    4). ප්‍රදේශයට ජලය සැපයීමේ කළමනාකරණය.

    5). විදුලි ආලෝකය සැපයීම./විදුලි පහන් නඩත්තු කිරීම්

    6).ක්‍රීඩා පිටි / ක්‍රීඩාගාර පවත්වාගෙන යෑම

    7). ප්‍රජා ශාලා ඇති කිරීම.

    8). පුස්තකාල පහසුකම් ඇති කිරීම.

    9). නිවාස යෝජනා ක්‍රම සකස් කිරීම.

    10). පොදු ළිං / පොදු නාන ස්ථාන පවත්වාගෙන යෑම.

    11). කිරුම් මිනුම් කටයුතු පාලනය.

    12). ළමා උද්‍යාන නිර්මාණය කිරීම.

    13). නගර අලංකාර කිරීම.

    14). විනෝද ස්ථාන නිර්මාණය කිරීම.

    15). පොදු සුසාන භූමි සහ ආදාහනාගාර නිර්මාණය කිරීම.හා නඩත්තු කිරීම

    16) සභාව සතු මාර්ග /නඩත්තු කිරීම්/පිරිසිදු කිරීම් /නව මාර්ග ඉදිකිරීම්

    17) සභා බලතල යන්ට අදාල මහජන පැමිණිලි නිරාකරණය කිරීම

    18) බිම් හා ඉඩම් සැලසුම් අනුමත කිරීම /අදාල අංශයන්හි අවසර පත්‍ර ලබා දීම

    ප්‍රධාන ආදායම් මාර්ග .

    1). වරි පනම්
    2). පොල කාසි
    3). බදු මුදල්
    4). දඩ මුදල්
    5). රථ ගාල නඩත්තු මුදල්
    6). වෙළඳ කඩ බදු මුදල්
    7). ටෙන්ඩර් ආදායම්( වැසිකිලි/ supermarket/ කඩ/තොග පොළ ආදායම් )
    8). ආදාහනාගාර මුදල්.
    9) සභාව සතු යන්ත්‍රසූත්‍ර කුලියට ලබා දීමෙන් ලබාගන්නා ගාස්තු

    මේ සදහන් කරපු දේවල්වලට අමතරව නිර්මාණශීලීව පළාත් පාලන බලතල අනුව නව ක්‍රමවේදයන් සැලසුම් කළ හැක.

    මේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් තමන් කරන්න යන කාර්යයන් වත් නොදනී...

    ජනතාවද ගමේ මැතිවරණයේ ගමේ අපේක්ෂකයාගේන් බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තු කාර්යන්.. ?????? බලය බෙදීම ජනතා පරමාධිපත්‍යය භෞමික අඛණ්ඩතාවය වගේ දේවල්

    ගමේ මැතිවරණයේදී ගමේ වෙනසක් මිසක් රටේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක.

    2023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියළුම පක්ෂ වල අපේක්ෂක අපේක්ෂිකාවන්ට තමන්ගේ ගමට සේවය කිරීමට ශක්තිය ලැබේවා ..👇👇👇👇

    ReplyDelete
  16. Saumya huththata diwa danna denna manika

    ReplyDelete
  17. මාතේ මම ආර්ථික විද්‍යාව ගැන දන්න කෙන්ගෙඩියක් නැතත් ඒ ගැන කෙන්ගෙඩියක් වත් නොදන්න මට තේරෙන දේ තමයි මේ අහන්නේ.

    වාහන පාවිච්චි කරන මිනිස්සු එම වාහන විකිණීමෙන් ලැබෙන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලියෙන් කුලී රථ වලින් ගමන් කර අමතර මුදලකුත් අතේ ඉතුරු වෙනවනම් වාහනේ දුවයිද නැත්නම් ඒක විකුණලා ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    වාහන මිල අඩුවෙන්නේ සහ ඒවා විකිනෙන්නේ නැත්තේ මේ නිසා නොවේද ?

    අද ලංකාවේ 5kW ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් සහිතව සුර්ය විදුලිබල පද්ධතියක් සවි කිරීමට සාමාන්‍යයෙන් අවමය රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් වැය වේ. ලක්ෂ 18 ක් බැංකුවේ තැන්පත් කලවිට ස්ථාවර තැන්පතුවකට මසකට රුපියල් 30,000ක් පමණ ලබා ගත හැක. මසකට 5kW සුර්ය විදුලිබල පද්ධතියකින් ලැබෙන අදායම දවස් 30ම හොඳින් සුර්යාලෝකය ඇත්නම් උපරිම මසකට රුපියල් 16,000කි. ඉතින් මිනිස්සු සුර්ය විදුලිබල පද්ධතියක් සවි කරයිද ? නැත්නම් එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ? මේ හේතුවෙන් මිනිසුන් සුර්ය විදුලිබල පද්ධති සවි කිරීමට මැලි වීමෙන් නැති වන්නේ නොමිලේ ලැබෙන සුනිත්‍ය බලශක්තිය නොවේද? ඩීසල් බලාගාර තාප විදුලි බලාගාර වලට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැතිව විදුලිය කැපීම් නැවැත්විය හැකිද?

    මේ වගේම ලංකාවේ මේ දවස් වල
    වර්ග අඩි 1000ක වගා හරිත නිවසක් green house farming සැදීමට යන වියදම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. ඒ සඳහා භාවිතා කරන දියර පොහොර දිලිර නාශක සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය වල අධික මිල නිසා ලබා ගත හැකි අදායම කුමන භෝගය වැවුවත් මසකට රුපියල් 20000 නොඉක්මවනු ඇත . මිනිස්සු මේවට මහන්සි වෙයිද ? නැත්නම් ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    ළුණු අර්තාපල් එළවළු පලතුරු වවන ගොවින් ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම වැඩි නම් ඒවා වවයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    කුරුඳු ගම්මිරිස් එනසාල් වවන්න ඉන්න මිනිස්සු ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම වැඩි නම් ඒවා වවයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    ලංකාවේ නිෂ්පාදනය කරන භෝග වල මිල දිනපතා ඉහල යන්නේ ඒවා කරන මිනිස්සු වවන එක අඩු කරලා ඒ මුදල් බැංකුවේ තැන්පත් කරන හින්දද ?

    අනාගතේ කුමක් හෝ නිෂ්පාදනයක් කිරීමට අදහස් කරගෙන සිටින කෙනෙකු එයට ආයෝජනය කරන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය වැඩි නම් නිෂ්පාදනය පටන් ගනීද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    අනාගතයේ තමන්ගේ ඉඩමේ කඩ කාමර කිහිපයක් සාදා බදු දීමට අදහස් කරගෙන සිටින අයෙකු එම බදු අදායමට වඩා අදායමක් එම මුදල බැංකුවේ තැන්පත් කලවිට ලැබුනොත් කඩ ටික හදයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන මුදල එම ව්‍යාපාරය වැඩි දියුණු කල පසු ලැබෙන අදායමට වඩා වැඩි අදායමක් බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබුනොත් ව්‍යාපාරය දියුණු කරයිද ? එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ?

    අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන සහ නිෂ්පාදනය කරන මිනිසුන් එයින් ලැබෙන ඩොලර් අදායමට වඩා එම මුදල බැංකු වල තැන්පත් කිරීමෙන් ලැබෙන රුපියල් අදායම වැඩි නම් ඔවුන් එම මුදල්ද බැංකු වල තැන්පත් කරනු ඇත .

    මේ විදිහට රටක් දුවන්න පුලුවන්ද ?රටේ නිෂ්පාදනය අඩු වෙලා භෝග වගාව අඩු වෙලා මිනිස්සු ඔක්කොම මුදල් බැංකුවේ දැම්මම වෙන්නෙ මොකක්ද ? නිෂ්පාදනය අඩු වෙලා ඉල්ලුම වැඩි වෙලා සියළු පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහල යාම නොවේද ? උද්ධමනය අඩු කරන්න බැංකු වල පොලී අනුපාත ඉහල දැමීමෙන් වෙලා තියෙන්නෙ උද්ධමනය වැඩි වීම නේද ?

    අනිත් පැත්තෙන් බැංකු වලින් ගන්න ණය වලට ගෙවන්න වෙන අධික පොලිය නිසා කිසිම ව්‍යාපාරිකයෙක් මේ වෙලාවේ බැංකු වලින් ණය ගන්න පෙළඹෙන්නේ නෑ. එතකොට බැංකු ටික දුවන්නේ කොහොමද ?

    මේ දවස් වල බැංකු ටික දුවන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලට අරන් ඒකට ලැබෙන පොලියෙන් .බැංකු විසින් මේ දිනවල තැන්පත් කරුවන්ට අධික පොලියක් ගෙවනවා .ආණ්ඩුව ඊට වඩා වැඩි පොලියක් භාණ්ඩාගාර බිල්පත් වලට බැංකු වලට ගෙවනවා ආණ්ඩුවට මේක කරන්න සල්ලි කොයින්ද ? සල්ලි අච්චු ගහනව . මෙහෙම දිගටම ගියොත් කුමකින් කුමක් වෙයිද ?මේක බලන ආර්ථික විද්‍යාව ගැන දන්න විද්වතුන් ඉන්නවනම් පැහැදිලි කරන්න මේ ක්‍රමය හරිද වැරදිද කියල.

    ReplyDelete
    Replies
    1. @ 4.11, ඔවු ඉතින් කතාව ඇත්ත තමයි ඒ වගේම ලංකාවේ වාහන සේල් කාරයෝ බන්කොලොත් වෙලා, කෙලවෙලාම පලයන්. අසාදාරන ලාබ ගත්ත කාලකන්නි 🤮🤮🤮🤮

      Delete
  18. මේ පෝස්ට් එක දැකලා මතක් වුණේ මිල්ටන් මල්ලවආරච්චි ගයපු ගී පද මාලාවක්...

    සිනහව අතරින්
    කඳුලක් උපන්නා...
    ඒබැව් නොදැකම
    සිනහවක්ම පෑවා.

    ඇත්තටම මාතලන් ඉතිහාසය කියන්නෙ පරාජිතයාගේ කතාව නොව ජයග්‍රාහකයාගේ කතාව කියන කාරණය ඔබ ඉතාම හොඳින් දන්නා බව සිතමි. පෘතුගීසීන් සමගින් ඉතා කුළුපග වී රාජසිංහ රජු පැරදවීමට දක්ෂ ලෙස සටන් කළ කොණප්පුබංඩාර පසුකලෙකක කන්ද උඩරට වීරයා ලෙස විමළධර්මසූරිය නමින් රජවීම ඒ එක් ජයග්‍රාහී ඉතිහාස කතාවකි. ඒ හා සමාන මට්ටමේ ප්ලෑන් එකක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් කොනප්පුගේ එම ජයග්‍රාහි ඓතිහාසික මොහොත ඇහැළේපොලට අහිමිවීම ඉතිහාස පොත්වල ලියැවී ඇත්තේ පාවාදීමක් ලෙසිනි. සැබැවින්ම ඇහැළේපොලගේ සටන පරාජය වීම ඔහුගේ අසමත්කමද, ජෝන් ඩොයිලිලාගේ ශූරකමද කියල කියන්නට නිසි ඉතිහාස පර්යේෂණ වගේ දේවල් සිදු නොවන තරම් රටක් වූ ලංකාවේ ඉතිහාසය තනිවම හදාල අපි හරියටම නොදනිමු. එහෙත් ජෝන් ඩොයිලිලාගේ අවතාර වර්තමාන දේශපාලනයේද අඩුවක් නැතිව හොල්මන් කරන බවත්, අද අපේ රටේ දේශපාලනය මෙහෙයවෙන්නේ ඒ ඇජෙන්ඩා මූලික කරගත් අපේක්ෂා ඉටුකරදීම වෙනුවෙන් බවත්, වර්තමානයේ ජීවත්වන අප ඉතා හොඳින් දනිමු.

    අපේ මවු රට වූ ලංකාවට හරිහමන් නිදහස් සටනක් නොතිබූ බවත් අපට නිදහස ලැබුනේ ඉන්දියානු නිදහසට සමගාමීව තෑග්ගක් ලෙස බවත් උජාරුවෙන් කියන සමහර ඉතිහාස විශ්ලේෂකයන්ට මගහැරුනු කරුණු කාරණා රාශියක් තිබෙනවා අපේ මවු රටේ නිදහස වෙනුවෙන් දිවිපුදා සටන්කල ජාතික විරුවන් රැසකගේ සැබෑ කතා රාශියක් අපේ ඉතිහාස පොත්වල ලියැවී නැති බවත්පෙන්වා දිය යුතුයි.

    ඉතින් මාතලන්, ඔයාගෙ සටන වුණත් කවදහරි ඉතිහාස පොත්වල ලියවෙන්නෙ ඒක ජයග්‍රාහීව අවසන් වුවහොත් පමණයි. ඒ නිසා ලැබූ වසර හැත්තෑ පහක් වූ නිදහස නිහතමානීව සමරමු,.. ඒත් සුරක්ෂිත ‍රටක්, සාධාරණ සමාජයක් ෆැක්ට් මත පදනම්ව වගකීමක් සහිතව කටයුතු කරන දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් සහිත රටක් වෙනුවෙන් වූ සටනක් විදියට අලුත් වටයකින් පටන්ගමු.

    ReplyDelete
  19. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්විම ගැන සිය දූත වික්ටෝරියා නුර්ලන්ඩ් හරහා නියෝග නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙතරම් උනන්දුවක් සහ තැකීමක් ගන්නේ ඇයි?

    පලාත් පාලනය යනු මේ සිස්ටම් එකට අවශ්‍ය බිමේ අත්තිවාරම අතුරා එය ජනතාවගේ බදු මුදල් වලින් පවත්වාගෙන යාමේ වෙස්මුහුණයි.
    මේ වන විටත් පලාත් පාලන පදනම (අත්තිවාරම) දෙදරා තිබීම ඇන්ග්ලෝ-ඇමෙරිකන් G7 සහ IMF සංයුක්ත පාලනයට තම Commonwealth යටත් විජිතය හැසිරවීම සහ රැක ගැනීම අභියෝගයක් වී ඇත.

    මේ රාජ්‍යය, එහී ව්‍යූහය සහ රාජ්‍ය යාන්ත්‍රණය සකසා ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වහල් යටත්විජිතයක් ආකාරයට ලංකාව පවත්වාගෙන යාමට හැකිවන පරිදිය.
    ඔවුන් විසින් සිය සේවය සඳහා යොදවා ඇති 225+1 දරාගෙන සිටින පදනම හෙවත් බවුන්ඩේසම පලාත් පාලනය මුවාවෙන් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙමින් සිටින 8400ක පමණ වූ බිම් මට්ටමේ පලාත් පාලන සභික බලකායයි. මතුපිටින් ඔවුන් විවිධ පක්‍ෂ වලට අයත් සහ විවිධ දේශපාලන ධාරාවන් නියෝජනය කරන බවක් පෙනෙන්නට පින්තාරු කර තිබුනාට යථාර්ථයේදී සහ භාවිතයේදී මේ “බිම්ගල් 8400” යෙදෙවෙන්නේ 225+1 සැකසුම සහ එහී නියම පාලකයන් වන බාහිරි විදේශිය බලවේගයේ අවශ්‍යතා සහ මෙහෙයවීම මතය.

    එබැවින් මොවූන්ව විවිධ වර්ණ ගන්වා කෘත්‍රිමව පක්‍ෂ වලට බෙදා ඇති හස්තයටම අවශ්‍ය ඕනෑම විටක මේ බිම්ගල් 8,400න් බහුතරයක් එකම අරමුණක් සඳහා මෙහෙයවීම සහ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. එය අවුරුදු 74ක් තිස්සේ සිදුකරනු ලැබුන අතර තවදුරටත් කරගෙන යාම ඇන්ග්ලෝ-ඇමෙරිකන් G7 පාලකයන්ගේ උත්සාහයයි.
    මේ නිසා ලංකාව තුල සිය පාලන බලය පවත්වාගැනීමට සහ සිය අභිමතාර්ථයන් පරදි කටයුතු හැසිරවීම සඳහා එහී නියම පාලකයාට පලාත් පාලන බිම්ගල් 8,400 සහ පලාත් පාලන ආයතන අතිශයින් තීරණාත්මක වේ.

    ReplyDelete
  20. ඉකොනෝමැට්ටා රෂිනිගේ පෑන්ටි එකක් උස්සලා මාට්ටු වේලා නේද

    ReplyDelete
    Replies
    1. Rashinita diwa dala puke arinna asayi

      Delete
  21. මාතලං NPP එක සහ JVP එකට වාසියක් ලබාදෙන්න ලංකාවේ දේශපාලන මැච් ෆික්සර්ලා වන භාරත + US + UK+ වතිකානු හවුල විසින් මවන අතිශයෝක්තියක්..
    ගිය පාර ඇමෙරිකන් ගෝටා බලයට ගන්නත් මේ යුදෙව් + භාරත + US+ UK+ වතිකානු හවුල ආගම ධනාත්මකව යොදාගත්තා. මේ පාර ඔවුන් බුද්ධාගම අරගෙන එය සෘණාත්මකව පාවිච්චි කරනවා.

    ඒ වගේම ලෝකයේ Geopolitical හැසිරවීම තම අත නිරතුරුව තබා ගැනීමට ඔවුන් ලෝකයේ හැම මුල්ලකම වෙන දේවල් වලට අත සහ හොට ඔබනවා.

    ඒ වගේම මේ කලාපයේ චීන රුසියන් සහ ඉන්දියන් විරෝධයට යොදාගැනීමට දැලිපිහිය අතට දිය යුතු ලංකාවේ “හොඳම වදුරන් සෙට් එක” NPP ජවිපෙ නඩේ වශයෙන් ඔවුන් හඳුනාගෙන ඇති බවයි මින් ගම්‍ය වන්නේ.

    ReplyDelete
  22. මාතලන් මහතාණෙනි ,
    ජවිපේ සමාජ මාධ්‍ය තුල ඉදිරියෙන් සිටිනවා, එනිසා සමගි ජන බලවේග ක්‍රියාකාරීන් වන අප ඒ පැත්තෙන් ඉතාමත්ම පසුගාමී බැවින් දැන් කළයුත්තේ වහාම අපේ සමාජ මාධ්‍යත් වහ වහා බලවත් ලෙස දියුණු කර අපේ ප්‍රචාරණයේ බලය දෙගුණ තෙගුණ දෙගුණ කිරීමයි.
    එහි විශාල අඩුවක් ඇති බව මා අත්දැකීමෙන්ම දනී. මොකද අප ස්වෙිචිචාවෙන් ඉදිරිපත් වෙලා Post එකක් හදලා අපේ සජබෙ විවිධාකාරයේ group හරහා ජනගත කලත් ඔවුන් අඩුගානේ like එකක්වත් දාලා ප්‍රතිචාර දක්වන්නේ නෑ. නමුත් ජවිපේ ඉන්න සමාජ ජාලා ක්‍රියාධරයෝ එහෙම නෙමෙයි. ඔවුන්ගේ කෙනෙක් මොකක් හෝ Post එකක් දැමිමොත් ඉන්නේ ටිකදෙනක් වුණත් ඒ සියල්ලම එකතුවී එයට like ,comment දානවා. ඔබතුමා ජාතික සංවිධායකතුමා වන තිස්ස අත්තනායක මහතා ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද දැනුවත් කරන්න අප කියන කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකි වූ ඔවුන් අප කියන දේවල් ගණන් ගන්නේ නැහැ ඒ නිසා ඔබ වැනි අයෙක් කරුණාකර මීට මැදිහත් වීම අනිවාර්ය වෙනවා. මෙි ගැන දැන්වත් කඩිනමි පියවරක් ගන්න. එවිට සමාජමාධ්‍ය ජාලා සමගත් අපිට හැප්පෙන්න හැකියි. අනෙක් පැත්තෙන් පොහොට්ටුව ගත්තාම එයාලගේ දේශපාලනය උඩින් පල්ලෙන් බලද්දී පිටතින් බිඳී ගොස් ඇති බව පෙනුනත් ඔවුන්ගේ යටිබිම්ගත අතිවිශාල ඡන්ද පදනමක් තියෙනවා කියලා ගමේ රටේ ඇවිදලා බැලුවොත් පේනවා ඒ කට්ටිය මාලිමාවට යන පාටක් නෑ, ඒත් ඒ අය සජබයට හැරවීමට අවශ්‍ය නමුත් ඊටත් කිසිම විදිහකින් උත්සාහ කරන්නේ නෑ සජබ අපේ කට්ටිය නමුත් අපි එය අනිවාර්යයෙන්ම කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. @ ජසෝ

      මචන් ඔය ඔක්කොටම කලින් සජිත්ට හොද කතාවක් ලියල දෙන්න කෙනෙක් සෙට් කරපන් කොලේ බලන් හරි කියවන්න, නැත්නම් ඔය යකා රටේ නැති අමු ගොන් කතා කියල තියන චන්ද ටිකත් නැති කරගන්නව. මමත් පිට කට්ටිය එක්ක ඉන්න වෙලාවට එහෙම බොරුවට මාලිමාවට වගේ පෙන්නගෙන ඉන්නේ නැත්නම් විළිලැජ්ජයි අපේ ලොක්කා ගැන ප්‍රසිද්ධියේ කියන්න පවා ඔය යකා රැස්වීම් වලට ඇවිත් දොඩවන අමු ගොන් කතා නිසා

      Delete
    2. අයිසේ ජාසිං, කොච්චර කෑ ගහුවත් NPP එක නම් දිනන්නේ නෑ. උපරිම වශයෙන් 3% තව 6% ක් විතර දක්වා ඉහළ යයි, හැමදාම වගේ චන්දේ කිට්ටු වුනාම රටම හෙල්ලෙන්න බෙරිහන් දිදී විලාප හඬ දීල උගුරේ පොට යන කන් කෑ ගහලා කෑ ගහලා අන්තිමට චන්දෙ ප්‍රතිපල ආවම මළ කරේ තියාගෙන ඡන්දෙ දීපු සහ නොදීපු රටේ සියලුම මිනිස්සු මීහරක් හැත්තක් කියලා අමු අමුවේ අමුම අමු තිත්ත කුණුහරුප කියලා බැනලා හිත හදාගෙන ආයේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන හැන්ඟිල ඉඳල ආපහු චන්දයක් කිට්ටු වුනාම ආපහු එලි බහින එකයි ජෙප්පො හැමදාම කරන්නේ. මේ සැරෙත් වෙන්නෙ ඒකම තමයි ඒ නිසා බය නැතුව හිටු... හැබැයි සජ්ජාගේ පක්ෂයට පොඩි චාන්ස් එකක් තියෙනවා මේ සැරේ

      Delete
  23. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

    රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
    අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

    රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
    මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

    රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
    අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
    ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

    ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ,

      වසර 2000 වෙද්දී ලංකාවේ ආර්ථිකේ සෘණ වෙලා තිබ්බේ රනිල් හෝ මහින්ද මුලින්ම අගමැති වෙන්න කලිනුත්. එහෙම වුනේ කොහොමද?

      1977 වෙද්දී ලංකාවට විශාල විදෙස් ණය බරක් තිබිල නැහැ. එතකොට මේ අවුරුදු 75ක් ගැන කිව්වත් ඇත්තටම කතා කරන්න ඕන 1977න් පස්සේ අවුරුදු 45 ගැන.

      ඔය දේශපාලකයන්ගේ දූෂණ වලටත් වඩා 1977 ඉඳන් ලංකාවේ ආර්ථිකය කඩා වැටිල ආර්ථිකයට මරුපහරක් වදින්න ප්‍රධාන වශයෙන් හේතු වුනා 1983 කලු ජූලිය, 1988-90 ජවිපෙ කැරල්ල සහ 1980 වගේ ඉඳන් 2009 වෙනකන් දරුණු විදියට තිබුනු තිබුණු උතුරේ LTTE යුද්ධය. ඒ වගේම අද ලංකාවේ ආර්ථිකයට විශාල බරක් වෙලා තිබෙන රාජ්ය සේවයේ වරප්‍රසාද කප්පාදු කිරීමට සහ අලාබ ලබන ආයතන ප්‍රතිවියුහගතකරණයට පහු ගිය අවුරුදු 45 දී ප්‍රධාන බාධකයක් වුනේ ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති බවත් අමතක කරන්න එපා ඉතින්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න