.

.

Mar 4, 2023

ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

 


ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට

මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


(මාතලන්ගෙන් අති සරළ ඉකොනමික්ස්)

.

දැන් නන්දලාල් වීරසිංහ කියනවා ඩොලර් එක තවත් පහළට යන්න දෙන්නේ නැතිව නවත්තනවලු..


ඇත්තටම මහ බැංකුව මේක නැවැත්තුවේ නැත්නම්, ඩොලර් එක අර ඝෝඨා කියන ටයිල් බාස් එනකොට තිබුන ගානටම යන්න ඉඩ තියෙනවා..


මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව වුනේ ආනයන අපනයන වෙළඳාම මත දුවපු රටක,එක අංශයක්, එනම් ආනයන.. ඒ කියන්නේ පිටරටින් බඩු ගෙන එක, එකපාරටම නවත්තලා දාපු එක.


එහෙන නැවැත්තුවේ.... ටයිල් බාස් එකපාරටම යනවා 1970 -77 සංවෘත ආර්ථික ක්‍රමයට. ඒ කියන්නේ කාර් එක පවා මෙහේ හදනවා, ඇපල් මෙහේ හදනවා, හැම් බේකන් චීස් බටර් මෙහේ හදනවා.. හැබයි මේ පන් ගොකයට ඒ සඳහා කිසි වැඩපිලිවෙලක් තිබ්බේ නෑ.


පාදෙනියයි, පීබීයයි, රතනයයි, දිලිතයයි, ගොඩහෑවයි දුන්න ළණුව අඹරගෙනම කෑවා. ඌ දන්න ඉකොනමියක් තියෙයිය. ඕකට හරියට වෙඩි තියන්නවත් පුලුවන්ද මන්දා.


මූ කෘෂිකර්මාන්තයෙන් රට ගොඩගන්න යන්නේ කාබනික පෝර දාලා. ඒවා හොඳ වැඩ. ඒ කියලා රසායනික පෝරයි කෘමිනාශකයි ගේනෙකත් එක පාරම නවත්තනවා. හැබයි වවන්න පෝරත් නෑ මැස්සන්ට ගහන්න බේතුත් නෑ. මූ රෙණ ගොම දාන්නත් බෑ.


එතකොට සමහර මිනිස්සු ස්වයං රැකියාවක් ලෙස කරලා හොඳට කාලා බීලා ජීවත් වෙච්චී..., වාහනයක් ගෙනත් විකුණන, දීපව්‍යාප්ත බිස්නස් එකක් වෙච්චි, කාර් සේල් එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. මුන් දන්නේ නෑ ඒකත් එක්කයි සමස්ත බිස්නස් ජාලයම සම්බන්ධ වෙලා තිබ්බේ කියලා.


මූ මේවා පී බී කියන ආර්ථික ඝාතකයා එක්ක එකතුවෙලා කරන්නේ, ඒ මදිවට, උන් තීරණය කරණවා මින් පස්සේ ණය ගන්නේ නෑ කියලා.


මේ මූසලයෝ දෙන්නා දන්නේ නෑ, අද මුලු ලෝකයම දුවන්නේ රෝලෙන් කියලා. හැබයි උන්ට ඒ තීරණය ගන්න ඊට හේතුවකුත් තිබුනා. ඊට කලින් උන්න ආන්ඩුවේ ගොබ්බයෝ ණය අරගෙන මෙලෝ මඟුලක් නොකර, කරපු එකම දේ කන බොන එක විතරක් නිසා.


ඒක නිකං අර වඳුරෝ ගෙවල් හදන්නේ නෑ වගේ කේස් එකක්. උන් වැස්ස නැති කාළෙට කකා බිබි හැමිනිලා ආතල් අරන්, වැස්ස කාලෙට හාල්පාරුවෝ වගේ තෙමි තෙමී ඉන්නවා. දැක්කාම දුකේ බෑ.


එතන අමු ගොබ්බ තීරණ එකක් නෙමේ දෙකක්ම ගන්නවා. ඒ ආනයන වෙළදාම තහනම හා ණය නොගැනීමේ තීරණය. ඒකෙන් රටේ බිස්නස් ජාලය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ණය ගෙවන්න නෙමේ, ඉන්ධන, ගෑස්, බෙහෙත් ගේන්නවත් සල්ලි නැති වෙනවා. 


හේතුව ණයක් එන්නෙත් නෑ. වාහනවලට හා රටින් ගේන බඩුවලට ගහපු කන පැලෙන බදු ආදායම එන්නෙත් නෑ. භාන්ඩාගාරේ හිස් වෙනවා. ආන්ඩුවේ හිඟන්නන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. ඒ පාර සල්ලි අලුතෙන් අච්චු ගහනවා. ඒකෙන් රුපියලේ වටිනාකමක් නැතුව ගිහින් රුපියල බාල්දු වෙනවා. 


ඒ කියන්නේ රුපියල හරියට ඔය ඩෙනිම් වගේ වෙනවා. ඉස්සර ඩෙනිමක් හොයා ගන්න තිබ්බේ නැතත්, දැන් බාල ඒවා හරි හිඟන්නොත් ගහනවා. ඉස්සර සුදු කෑල්ලක් දකින්න කොළඹ හෝ නුවර යන්න වුනාට, දැන් සිරිපුරත් සුදු කෑලී ඉන්නවා වගේ.


ඒ කරලා විදෙස් සංචිත රැස්කරන්න පෞද්ගලික බැංකුවල තියෙන ඩොලර් ටික ඔක්කොම මහ බැංකුවට ගන්නවා.


එතකොට මොකද වෙන්නේ. මිනිස්සුන්ට ගෙන්නන්න පුලුවන් බඩුවක් හරි රටින් ගෙන්නගන්න ප්‍රයිවට් බැන්කුවලත් ඩොලර් නෑ. "එල් සී" ඕපන් කරන්න බෑ. ඒ කියන්නේ ණයවර ලිපි. අජ්ජාපනේ සඳහා පිටරට ගිහින් ඉන්න දරුවෙකුට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නෑ.


ඔන්න දැන් මහ බැංකුවේ ගොබ්සන්ස්ලට තේරෙනවා මෙහෙම හිරකරගෙන උන්නොත් මැරෙන්නයි වෙන්නේ කියලා. පෞද්ගලික බැංකුවලට එන ඩොලර් ප්‍රමාණය බලෙන් ගත්තු කොටස කෙමෙන් කෙමෙන් අඩු කරනවා.


දැන් බිස්නස් කාරයන්ට බිස්නස් කරන්න බඩු ගෙන්න ගන්න ණයවර ලිපි ඕපන් කර ගන්න ඩොලර් තියෙනවා. දරුවන්ට රට යවන්න ඩොලර් තියෙනවා. පොඩි බිස්නස් එකක් කරන එකෙකුට රට අරගෙන යන්න ඩොලර් තියෙනවා. කොටින්ම ක්‍රෙඩ්ට් කාඩ් එකේ වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙලා. 


එතකොට දැන් ඒ ඩොලර් එක්ක ගණුදෙණු වෙන්නේ මිනිස්සු ගාව තිබුන මුදල්. ඒවා මිනිස්සු හරිහම්බ කරගත්ත මුදල් මිසක් අච්චු ගගපුවා නෙමෙයි. එතකොට දැන් නියම මුදල් සංසරණයක් සිද්ද වෙනවා. ආර්ථිකය සුපුරුදු පැවති තත්වයට කෙමෙන් කෙමෙන් එනවා.


දැන් මහබැංකුවේ ගොබ්සන්ලා මෙහෙම සල්ලි අච්චු ගහ ගහා ගත්ත ඩොලර් ගැනීමේ ප්‍රතිශතය 25% දක්වා අඩු කරලා තියෙනවා . ඒ කියන්නේ 75% නියම ගණුදෙණු වලට යොමු වෙනවා.


හරි නම් මහබැංකුව කරන්න ඕන බිස්නස් වලට කෙලින්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක.


මේ රට හිඟන රටක් නෙමෙයි. මිනිස්සු ජපනගෙ වාහනේ මෙහේ පාරට දැම්මේ 200% - 300% බදු ගෙවලා. ත්‍රී විලර් එක මෝටර් සයිකලේ ගත්තෙත්, භාන්ඩාගාරයට පත බදු ගෙවලා. ඇපල් ඉඳලා, හැම් බේකන් චීස් බටර් උඩින් පුඩින්,  කිරි පිටි, හාල්මැස්සගෙ ඉඳලා කෑවේ බිව්වේ හෙන ගහන බදු ගෙවලා.


මෙහේ ගල් බෝතලයක් බොන ගානෙන් වෙන රටක හොඳ ජොනි වෝකර් විස්කි එකක් ගහන්න පුලුවන්. ඒ තරම් සහගහන බදු ගහලත් තොපි මේ රට බංකොලොත් කරේ, පාඩු ලබන රාජ්‍ය ආයතනයි, ඒවයෙ කම්බා හොරුයි,  අරක්ගත් මාෆියාවලුයි මේන්ටේන් කරන්න ගිහිල්ලා.


දැන්වත් මිනිස්සුන්ට බිස්නස් කරන්න දීලා, පැත්තකට වෙලා හිටහල්ලා. උන් උඹලටත් කන්න දෙයි.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ......!!!


.

18 comments:

  1. ලංකාවේ මිනිස්සු විශේෂයෙන් සිංහල අය ජාතියක් වශයෙන් මේ දවස් වල මනෝ ව්‍යාධියකින් පෙළෙන බව පිළිගන්න අවශ්‍යයි.

    ඒක බය වෙන, සැක කරන, සතුටු වීමට නොතේරෙන, ඕනම දෙයක අඳුරු පැත්ත දකිනා, දුකෙන් සිටීමට කැමති පැරනොයිඩ් මනෝභාවයක්.

    ආසන්නතම උදාහරණය විදියට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ සිදුවීම දිහා ශ්‍රී ලාංකිකයො දැකපු විදිය බලන්න.

    කීදෙනෙක් මේකේ නරක පැත්ත විතරක් දැකලා තිබුනද..? කීදෙනෙක් බැනලා තිබුනද.. මේක ආර්ථිකයට නරකක් වෙන හැටි ගැන හෑලි ලියවිලා තිබුනද.. ඒවා කොච්චර ශෙයා වෙලා තිබුනද ..

    දැන් ආයෙම රුපියල පහළ වැටුනොත් ඒකටත් කීදෙනෙක් බනිවීද ? නරකයි කියාවිද..

    අපිට රුපියල ශක්තිමත් වුනත් බයයි, සැකයි. රුපියල දුර්වල වුනත් බයයි, සැකයි.

    ඒ එක උදාහරණයක් විතරයි.

    මුළු ලෝකෙම ගත්තොත් ලංකාවේ ව්‍යාපාර ගෝලීය වශයෙන් ලෝකේ තරග කරන්නේ අතිශය බුද්ධිමත්, තාර්කික, හැඟීම් වලට වහල් නොවෙන, ඉවසන ජාතීන් එක්ක..

    ඉතින් අපි පරදින එක අරුමයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ලේසියට රට දාලා ගිහින් පිටරටක සිට ලංකාවේ දේශපාලනය කලයුතු විදිහ කියාදෙන අය ගැන මට හිනා යනවා.

      Delete
  2. tile bass wa market kele thoo ne yako. Ata nathi diwa.

    ReplyDelete
  3. මිල LKR 356.73 ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) වාර්තා කළේ 2022 මැයි මාසයෙන් පසු USD ට සාපේක්ෂව අඩුම රුපියල් අගය මෙය බවයි.
    පසුගිය සතියේ සිට LKR 2.2%කට ආසන්න අගයක් ලැබීමට හේතු මෙන්න:

    💰2022 පෙබරවාරි මාසයේ දී විදේශ වත්කම් වාර්තා වූයේ රුපියල් බිලියන 2.6ක් ලෙස පමණක් වන පෙර සතියට සාපේක්ෂව රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ වත්කම් LKR බිලියන 7.0 කින් LKR 32.5bn දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය.

    💰2022 මාර්තු මාසයේදී වාර්තා වූ LKR බිලියන 3.2 YTD ශුද්ධ විදේශ ගලායාම හා සසඳන විට, කොටස් වෙළඳපොලේ ඇති පෙනෙන විදේශීය උනන්දුව නිසා වසරක් දක්වා (YTD) ශුද්ධ විදේශ ගලා ඒම LKR 3.3Bn දක්වා ගෙන ගොස් ඇත.

    💰ආනයන සීමාකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයනයන්හි සැලකිය යුතු පහත වැටීමක් මධ්‍යයේ 2022 ජනවාරි මාසයේදී (USD 447.0Mn ඉතිරියක්) USD 857.0Mn ට සාපේක්ෂව 2023 ජනවාරි සඳහා වෙළඳ හිඟය USD 410.0Mn දක්වා අඩකින් අඩුවී ඇත.

    💰2023 ජනවාරි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයීම් සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ USD 162.0Mn (+6.7%YoY) සහ USD 437.0Mn (+68.8%) දක්වා ඉහළ යාම හේතුවෙන් රටට සැලකිය යුතු විදේශ ගලා ඒමක් සිදුවී ඇත.

    💰IFC හි USD 400.0Mn වෙළඳ මූල්‍ය හුවමාරුව කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට පහසුකම් සැලසීම, රටෙහි විදේශ විනිමය ද්‍රවශීලතාව තවදුරටත් ඉහළ නංවයි.

    ReplyDelete
    Replies
    1. It seems to be extremely optimistic & ssimplya boasted hype to be honest Ian, I don’t think such comparatively smaller amount of USD 400 mn in disbursements to three privately owned banks of SL could make such substantial impact on SL economy. First of all, you must notice that it was a just cross currency swap. Therefore, in order to utilize the same, that you need to have other currencies in your disposition and accordingly the short term liquidity gain is not sorted by commercial banks as they already have enough USD without any available option to dispose. In fact, I would rather say be more realistic when you're boasting, IMO.

      Delete
    2. නැහැ ඉයන් you grabbed it on the tail, ඩොලර් මිලියන 400 අවුරුද්දකින් ගෙවන්න ගත්ත ස්වැප් එකක් විතරයි, ඒ නිසා මේක ආපහු reverse වෙයි මොකද ප්‍රේෂණ වගේ දේවල් වල සුලු වැඩිවීම ඇරුනම රටේ විදේශ විනිමය ලැබීම ලොකුවට වැඩිවෙලා නෑ නේද? Trade balance එක තාමත් සෘණ නෙහ්? රනිල්ට කවදාවත් නොතිබුණු දීර්ඝ කාලීන සැලැස්මක් මේපාරවත් පේන්න තියෙනවද? නෑනේ

      අයි එම් එෆ් එක කෙලින්ම මැදිහත් වී ලංකාවේ මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කරලා කියලා මහ බැංකුවේ අධිපති නන්දෙ පවා ඍජුව ප්‍රකාශ කළේ, රනිල් කියන්නේ පිනට පත්වෙච්ච තවත් එක පඹයෙක් විතරයි එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ අවශ්‍යතා මත නැටවෙන

      @ ඇනෝ 3.09

      ඔවු ඒක හරි ඒ වගේම තමයි මේක නිසා ආනයන ආයේ දිරි ගැන්වෙන්න ඉඩක් තියනවා $ rate අඩු වීමත් එක්ක. IMF Conditions වල restrictions අයින් නොකරම යන බව පේනවා ආර්ථිකය හැකිලී ණය ගෙවන්න ණය හිමියන්ගේ අවශ්‍යතා දිගුකාලීනව ඉටු වන බව පේනවා කොහොමත් ලබන මාසෙ අවුරුදුනෙ. මේක සමග සෑහෙන ආනයන ඉල්ලුමක් ඇතිවෙයි විශේෂයෙන්ම ආහාර පාන වලට. ඒත් විනිමය වෙලඳ්පොල තරඟකාරීත්වය අඩුවීම නිසා එම ඉල්ලුම සපුරාගෙන ආනයනයත් balance කරගන්න පුලුවන් වුණොත් හොඳයි. අනික මේ මස 13 වෙනිදයින් පසු දිනයක් ලැබෙයි IMF එකේ board එකෙන් ලංකාවට. 😊 අපිත් ලංකාවට සල්ලි එවන එක තව ටිකක් හෝල්ඩ් කරනවානේ මේ ක්ෂණිකව රේට් අඩුවෙච්ච නිසා,

      සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම මූල්‍ය වෙළෙඳ පොළෙන් තමයි දැනුත් තීරණය වෙන්නේ ඒකට Margin එකක් දාල bounce tunnel එකක. දැන් තියෙන්නේ අඩු ඉල්ලුමක් නිසා Margin එක අයින් කලොත් ලොකු ගනන් වලින් අඩු වෙන්න පුලුවන් ඉස්සරහට හරි ගානක් තීරනය වෙනකම්. එහෙම වෙන්න දෙන එකත් භයානකයි මොකද ආයේ වැඩි වෙන්න ගත්තොත් ඉල්ලුම වැඩි වෙලා rate එක උඩ යන්න අරන් රුපියලේ තියන ස්ථාවරත්වය සම්පූර්ණයෙන් නැති වෙලා රුපියලේ අගය මස්තබාල්දු වෙලා ආයේ කලුකඩ එලියට එන්න පුලුවන්.. මේ ගැන ලංකාවේ මහ බැංකුවට කරන්න පුලුවන් දෙයක් තියනවද margins නැතුව?

      Delete
    3. මාත සහ ඉයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මැදිහත් වීමෙන් රුපියල් මිලියන 334ක මුදලක් වියදම් කර 2010 වසරේ නිෂ්පාදිත එම්.ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් මහරගම අපේක්‍ෂා රෝහලට මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම රෝහලට හා හම්බන්තොට රෝහලට එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය බැගින් මිලදී ගැනීම සඳහා එධකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජිත සේනාරත්න ඇතුළු තවත් පිරිසක් මැදිහත් වී 2018 වසරේදී එවකටත් වසර අටකට වඩා පැරණි භාවිතා කරන ලද යන්ත්‍රයක් රජයේ අරමුදල් යොදවා මීලදී ගැනීමට ටෙන්ඩර් කැඳවූ බවත්, මේ අනුව අදාළ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සමාගම් තෝරගැනීම සිදුකළ බවත් එම සංගමය පෙන්වා දෙයි. හම්බන්තොට රෝහලට 2018 වසරේදී අදාළ යන්ත්‍රය මිලදී ගැනීමට යාමේදී ඇති වූ ගැටලුවක් මත එම ටෙන්ඩරය අවලංගු කළ බවත්, අපේක්‍ෂා රෝහලට අදාළ යන්ත්‍රය නැවතත් අනුමත වී ඇති බවත් එම සංගමය සඳහන් කරයි.

      එහෙත් 2018 වසරේ සිදුකළ සහ පසුගිය රජය මගින් අත්හිටුවා තිබූ එම ප්‍රශ්නකාරී ටෙන්ඩර කැඳවීම නැවතත් අනුමතිය ලබාදීම අනුව කඩිමුඩියේ මෙම යන්ත්‍රය මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ගෙවීගිය වසර 13 තුළදී නවීන තාක්‍ෂණයෙන් යුත් එම්.ආර්.අයි. යන්ත්‍ර වෙළෙඳ පොළට පැමිණි තිබෙන බැව්න් මෙම ටෙන්ඩරය වහාම අවලංගු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි. මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කළ පසු අදාළ සමාගම් අමතර කොටස් සැපයීම සිදුකරනු ලබන්නේ, වසර 10ත් 15ත් අතර කාලයක් තුළදී පමණක් බවත්, මේ අනුව මෙම යන්ත්‍රය මිලදී ගැනීමට කටයුතු කළහොත් ඉතාමත් කෙටි කලකින් ඉදිරියේදී අමතර කොටස් නොමැතිවීමේ බරපතල ගැටලුවකට මුහුණදීමටද සිදුවන බවත් එම නිසා යන්ත්‍රය අහක දැමිමට සිදුවන බව එම සංගමය පෙන්වා දෙයි. මේ ගැන මාලිමාවේ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ද විශාල විවේචනයක් ඉදිරිපත් කළා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මේ දූෂිත ක්‍රමය ගැන.

      Delete
    4. එමෙන්ම මෙම සිදුවීම ගැන කථා කිරීමේදී ටෙන්ඩර කැඳවන අවස්ථාවේදී ගෙවීගිය වසර 05ක් ඇතුලත පමණක් නිෂ්පාදිත යන්ත්‍ර ඉතාමත් හොඳ තත්ත්වයේ පැවතීම මත පමණක් used machines විදියට මිලදී ගැනීම සාමාන්‍යයෙන් සිදුවන බවත්, එහෙත් පසුගිය යහපාලන රජය පැවති වසර පහකට වඩා වැඩි එතරම්ම නොදැනෙන කෙටි කාලයේදී ඊට වඩා වැඩි නිෂ්පාදිත කාලයක් සහිත විවිධ පරීක්‍ෂණ යන්ත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මිලදී ගෙන තිබෙන බවත් එම සංගමය පවසා සිටියි. මේ ආකාරයට මිලදී ගත් යන්ත්‍රවලින් සෑහෙන ප්‍රමාණයක් කාර්මික දෝෂවලට ලක් වී තිබෙන බවත්, එහෙත් සමහර යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට අමතර කොටස් නොමැති බවත් එම සංගමය සඳහන් කරයි.

      Delete
    5. @ Anos

      This is Rajitha effect, RW also extremely corrupted like Rajapakse rascals but he pretends to be like Mr Clean, in addition Fonseka is a bloody fool who never learned to be a politician. He deserves hoots from the general public as he experienced it recently. Wherever he goes he wants the top job. I am not sure why SJB is tolerating this idiot. SJB is better of without these ego centric fools like Fonseka, champika and of course rogues like Rajitha and welgama.

      @ Ian, please deliver our suggestions to your SJB leaders for the betterment of the party. Thanks.

      Delete
    6. @ Ano 6.32,

      This kind of trashing of a decedent doesn't happen very often, but of course there is nothing illegal about what was published.

      But, but, but.... my suggestion for you is,

      Consider, firstly, if the criticism is true, and secondly, if it’s likely to generate any measurable change in the world. Consider the scale of wrongdoing, your own motivation for speaking out, who will benefit, and who will be harmed. We need to filter those through to consider what is morally acceptable. Thanks.

      @ ඉයන්

      No-one is a saint, in death or in life, and we need to articulate our grievances in order to heal. No-one should be silenced about their pain because their abuser has died. The dead can continue to harm us long after they’re gone. මේ අදහසට ඔබ එකඟයි ද? නැත්නම් ඔබට විවේචනය කරන්න පුළුවන් මම සංවාදයට විවෘත කෙනෙක්.

      හැබැයි ඒ වගේම ඉයන් මේ පුද්ගලයා ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ බව කියන්න පුළුවන් අජිත් ධර්මකීර්ති වගේ අයට සාපේක්ෂව. අජිත් අවුරුදු ගණනාවක් යුරෝපයේ විශේෂයෙන් එංගලන්තයේඉඳලා ඔහුගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේ ටිකක් පිටිසරබද පාසල් වල පවා ඉගෙන ගෙන ඕලෙවෙල් ඉංග්‍රීසි වලට A එකක් ගත්ත කෙනෙක් තරමටවත් නැති බව පේනවා නේද? මේක අජිත්ට කරන අපහාසයක් නෙවෙයි. නමුත් සත්‍යය එයයි. මම දන්න IELTS කරලා ලකුණු හය වගේ අරන් ෆේල් වෙන නිසා migrate කරන්න බැරි වෙන අය ගොඩක් ඉන්නවා ඒ අයගේ ඉංග්‍රීසි භාෂා දැනුම විතරක් නෙවෙයි වෘත්තීය කුසලතා සහ වෙනත් ස්කිල්ස් අතින් බලද්දී අපිත් වගේ අය ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් වගේ, අන්න ඒ වගේ වෙලාවට මට හිතෙනව ඇයි මේ අජිත් වගේ අය එංගලන්තය වගේ රට වල ඕනතරම් ඉන්න එකේ ලංකාවේ කොච්චර දක්ෂ අයට මේ මෝඩ අසාර්ථක filters නිසා අසාධාරණයක් සිදු වන බව. මේ මගේ අවංක අදහස් මිසක් අපහාසයක් කිරීමේ අදහසක් නැති බව අවධාරණය කරමි.

      @ අජිත්

      In fact, මේ කමෙන්ට් එකෙන් ඔබව අපහසුතාවයට පත් කිරීමට හෝ රිදවීමට කිසිදු හේතුවක් නැති බව අවධාරණයෙන් සඳහන් කරමි. මගේ අවංක අධ්‍යාශය පමණක් විවරණය කළෙමි, නුඹම ප්‍රත්‍යාවලෝකනය කොට එඩියෙන් එදිරියක් නිකුත් කරනු ඇතැයි සිතමි. ස්තූතියි අජිත්.

      Delete
  4. ලංකාවේ අපි ඉතාමත් වෙහෙස මහන්සි වී උද්ඝෝෂණ කර ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමින් නන්දසේන වල් පරයාව එලවා දැමීමෙන් පසු ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස බලය අත්පත් කරගෙන සිටින පින් ජනපති රනිල් වික්‍රමසිංහ පිම්පියා යටතේ ගෝලීය ශ්‍රේණිගත කිරිම් වලට අනුව ලොව රටවල් අතුරින් ලංකාව 115 තැනට පසු බැස ඇති බව නවතම පුවත් පත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති මගින් වාර්තා කර තිබෙනවා.

    ලොව රටවල් ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර දර්ශකයක් වන Brand Finance ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2023 වසර සඳහා ශ්‍රී ලංකාව 115 වන ස්ථානයට පසු බැස තිබෙනවා.එම දර්ශකයට අනුව පසුගිය 2022 වසරේ මුලදී ලංකාවේ තත්ත්වය පුරෝකථනයන් අනුව 73 වන ස්ථානය ලෙස ශ්‍රේණිගත කිරීමේ රැදී සිටි ශ්‍රී ලංකාව නව 2023 වසර සඳහා පුරෝකථනය කිරීමේදී රටවල් 42 කට පසුබසුමින් මෙම ස්ථානයට පත් වී තිබේ.මෙම කරුනු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව Brand Finance ආයතනය පසුගියදා (2023 මාර්තු 02 )එළි දැක්වූ නවතම වාර්තාවට අනුවයි.එම වාර්තාව පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපලතම ආර්ථික අර්බුදයට එළඹෙන වසර තුනක් හතරක් විතර කාලයක් 2023 වසරේ සිට වර්තමානයේදීත් මුහුණ දෙමින් සිටින බවයි.එමෙන් මෙම ගෝලීය දර්ශකයට අනුව ව මෙම වසරේ පසුබෑම අතින් ඉහලම තත්වයක් වාර්තා කරන රට ද ශ්‍රී ලංකාව වනවා.
    මෙම දර්ශකයට අනුව බරපතල ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව,මියන්මාරය යන රටවල් පිලිවෙලින් 113,සහ 114 යන ස්ථාන වල පසුවන අතර ඉරාකය 116 වන තැනද ලාඕසය 117 ස්ථානයේ සහ උගන්ඩාව 118 වන ස්ථානයේ පසුවනවා.

    ලංකාවේ තාවකාලිකව ඉහළ ගොස් ඇති මූල්‍ය අනුපාතික ඉතා ඉක්මනින් වෙනස් වී නැවත පහළට යන බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂඥ උපදේශක ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්‍යා විශේෂඥ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මාධ්‍ය මගින් පෙන්වා දී ඇත. මේ ගැන වැඩි විස්තර නියමුවා පුවත්පතේ විශේෂාංගයක් ලෙසින් දීර්ඝව පැහැදිලි කරමින් වාර්තා කර තිබෙනවා.

    ReplyDelete
  5. ගෝඨාභය ඡන්දෙ ඉල්ලද්දිත් ඇමරිකානු පුරවැසියෙක් කියලා බොරු ප්‍රචාරයක් ගියා.නමුත් ඔහුට අද ඇමරිකාවට යන්න සංචාරක වීසා වත් ගන්න බෑ. චතුර අල්විස් කැනඩාවේ පදිංචියට ගියා කියනා ලඟදි බොරු ප්‍රචාරයක් ගියා. දැන් නාමල් රට දාල යනවා කියන තව බොරු ප්‍රචාරයක් යනවා. මේ බොරු ප්‍රචාර යවන පිරිස්ම තමයි මාලිමාව දිනවන්න ඡන්දෙ දෙන්න කියන්නේ. මේ වගේ බොරුවෙන් මිනිස්සු රවට්ටන මාලිමාකාරයන්ට බලය ගියොත් රටට වෙන දේ හිතා ගන්න පුලුවන්

    ReplyDelete
  6. හොඳට බලන්න EXජෙප්පන් වන රෙනවක සහ ගුදය ෂේප් එකේ මාලිමාවට පුප දෙනවා.
    මොකද මුන්ව මෙහෙයවන UKUS+යුදෙව් මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් මුන්ට නියෝග ඇවිත් ඊලඟ වැඩපිළිවෙළ සමග අනුගත වෙන්න කියලා. රනිල් ඉන්නෙත් එතැන.
    බටහිර පොදු න්‍යායපත්‍රය ඉන්දු-චීන විරෝධය.

    ReplyDelete
  7. මාතේ ජනාධිපති රනිල්, මහබැංකුවේ නන්දලාල් සහ ලංකාවේ පාලනය මෙහෙයවන විදේශීය නියෝජිතයන් ඔවුන්ට අවශ්‍ය විදිහට ලංකාවේ රුපියල අවශ්‍ය පමණට වඩා පහුගිය කාලෙ පහළින් තියාගෙන හිටපු නිසා අවසානයේ ජනප්‍රිය නොවන තීන්දු තීරණ රාශියක් අරන් දැන් නැවතත් තාවකාලිකව රුපියල ශක්තිමත් කර තියෙනවා, ඒක ඔච්චර තදට උඩ පනින්න තරම් වැදගත් දෙයක් නෙවෙයි නේද?

    නමුත් මේ කවියෙන් මම කෙටියෙන් කියන්නම්;

    පලුවක් ගැලවුණ බෙරයක් අරගෙන
    කො‍‍හොමද පදේ වයන්නේ
    ගවුමක් ලෙලදෙන ලතාව නැති තැන
    කො‍‍හොමද රටා මැවෙන්නේ

    ‍බොලං පොඩි නංගි ටිකක් හිටපං
    කුමක් උඹ කිව්වේ ඇවිත් කියපං....

    තව දෙයක් ඒ වගේම ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සියේ ලොක්කා රොකට් යවන්න කලින් ආශිර්වාද ගන්න කෝවිලට යනවා.

    රුසියාවේ මිසයිල , යුද ගුවන් යානා වලට ඔර්තඩොක්ස් පල්ලියේ පුජකතුමා ඇවිල්ලා ආශිර්වාද කරනවා.

    ඒ රටවල විද්‍යාඥයො ඉංජිනේරුවො බහුතරය හොඳ ආගමිකයො. නැත්නම් තමන්ගේ පාඩුවෙ ජීවත්වෙන ආගමක් අදහන්නේ නැති මිනිස්සු.

    ලංකාවෙත් රටට යමක් කරපු විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවීණයො පන්සල් යන හොඳ බෞද්ධයො.

    ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයො කතරගම දේවාලෙට පළතුරු වට්ටි අරන් යන බැතිමත්තු.

    හැබැයි මෙහෙ ඉන්නවා හිඟන නිරාගමික රැඩිකල් හිපාටුවො ටිකක්. උන් බහුතරයක් යන්තම් ඕලෙවල් විද්‍යාව කරපු උන්. හැබැයි හිනාවෙන්නෙ නලින් ද සිල්වට.

    වාහනේක ඔයිල් මාරු කරගන්න දන්නෙ නෑ. හැබැයි හිනාවෙන්නේ වේගා කාර් එකට.

    ඉන්දියාවේ රොකට් එකකුයි ලංකාවෙ පන්සලක හඳුන්කූරකුයි කම්පෙයා කරනවා. මේ ගව රැල හිතන් ඉන්නේ පන්සල් තියෙන්නෙ රොකට් හදන්න කියලා 🤣

    ලංකාවේ විද්‍යාඥයො බිහිවෙන්නෙ නැත්තේ බටහිර විද්‍යාවේ චින්තනය අපට නුහුරු හින්දා

    ඉංජිනේරු වෛද්‍ය වගේ තාක්ෂණ ක්ෂේත්‍රවල නව නිපැයුම් අඩු ඒවට ආයෝජනය කරන්න විශාල ධනයක් රටේ නැති නිසා. ඒ මට්ටමේ ව්‍යාපාරිකයෝ නැති නිසා. ඉන්වෙස්ට් කරත් ලාබ ලබන්න ලොකු මාකට් එකක් නැති නිසා.

    හැබැයි තියන සම්පත්වලින් රටට යමක් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා.

    රටේ තාක්ෂණ දියුණුවක් නැත්තේ ආගමිකයොයි පන්සලුයි හින්ද නම් උන්ට කුද ගහගන්න කියල ඔය නිරාගමික හැත්තට පුලුවන්නෙ රොකට් හදන්න. ප්ලේන් හදන්න.

    මුන් රොකට් නෙමේ හරියට සරුංගලයක් වත් හදන්න දන්න උන් නෙමේ. විද්‍යාව විද්‍යාව ගගා වැලලෙන බහුතරයක් අඩු ගානෙ AL physics වත් දන්න උන් නෙමෙයි. බුකියේ හෑලි ලිය ලිය කුඩාකල නොලැබුණු අවධානෙ හොයන හීනමාන ඇරියස් බෞද්ධ විරෝධියො ටිකක්. මේ ගැන ලියන්න බැරිද?

    ReplyDelete
  8. මාතලන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමැත්තා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අයිඑම්එෆ් ණය මේ මාසයේ ලැබෙන බවට මහා ආඩම්බරයෙකින් ප්‍රකාශ කළා. උගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට ඉතාම පැහැදිලි ලෙස තේරෙන්නේ ලංකාවේ දූෂිත ආණ්ඩුව නැවත නැවතත් වැරදි පාරේ යන බවයි. ඔබ ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියා. අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. ආණ්ඩුවට ඇහෙන් නැති එකයි ප්‍රශ්ණය. අපි සූදානම් රනිල් යන ගමන වැරදි වන්නේ ඇයි කියන එකත් ඊට පසු හරි පාර මොකක්ද කියන එකත් කියා දෙන්න.

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම දැනටමත් ඇති ඩොලර් බිලියන පණහක් විතර වන දැවැන්ත විදේශ ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණයහිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊ ලඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊ ලඟට?

    ඔන්න එතකොට මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් අර පහුගිය යහපාලන රජයේ කාලයේ දී වගේ ණය පිට ණය අරන් නැවත නැවතත් රට ණය උගුලක සිර කිරීමයි.

    ඉදිරි වසර තුනට ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9යි. අයි බී ආර් ඩී ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.5යි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයයි. අලුතෙන් අයි එස් බී බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4යි. මේ හැම ශතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕනි. ඒ කියන්නේ තවත් වසර පහකින් මීට වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක ලංකාව යළි සිර වෙනවා කියන එකයි. රනිල් වික්‍රමසිංහ මේ හදන්නනේ ලංකාවේ ආර්ථිකය පහුගිය යහපාලන රජය සමයේ සිර වුණු අර්බූදයට වඩා ලොකු අර්බූදයක ඊ ලඟ පරම්පරාව හිර කරලා දැනට තාවකාලිකව ගොඩ යන්නයි.

    ReplyDelete
    Replies
    1. තව වසර පහකින් මම බලයේ නෑනෙ කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් හිතනවා ඇති. 2015-2019 යුගයේ වත්මන් ජනාධිපති රනිල් අගමැති ධූරයේ සිට ලබාගත් දැවැන්ත ණය තොගයෙන් හදපු බෝම්බය තමයි නන්දසේන ගෝඨාභයගේ අතේ පත්තු වුණේ. මේ හදන්නේ ඊ ලඟ ජනාධිපතිටත් ඒ වගේම බෝම්බයක් හදලා තියලා දේශපාලනයෙන් ෂේප් එකේ සමු ගන්නයි.

      ලංකාව ආර්ථික අර්බූදයක සිර වුණේ ණය ගැනීම නිසා නම් විසඳුම තව දුරටත් ණය ගැනීම වෙන්නේ කොහොමද? හේතුව සහ විසඳුම දෙකම එකක් වෙන්න බැහැ. ඒක හරියට සීනි වැඩිපුර කාලා දියවැඩියාව හැදුනු කෙනෙකුට බෙහෙත් විධියටත් සීනිම දුන්නා වගේ වැඩක්නෙ.

      අර්බූදයට විසඳුම දේශීය ආර්ථිකය සවිමත් කිරීමයි

      ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 22ක් වැය කරනවා. ඒ වගේම අපනයන වලින් ඩොලර් බිලියන 12ක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 4ක් වශයෙන් ඩොලර් බිලියන 23ක් සොයා ගන්නවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1ක් වැඩිපුරත් තිබෙනවා. පහුගිය දූෂිත රාජපක්ෂ වනචර දශකයේ දී ගත් ණය අනුව ලංකාවේ ණය වාරික වසරකට ඩොලර් බිලියන දෙකක් විතර තිබුණා නමුත් ඊට පස්සෙ 2015 න් පසු යහපාලන රජය විසින් ගත්ත අධික අති එස් බී ණය නිසා ඇතිවූ ප්‍රශ්නය තිබෙන්නේ සෑම වසරකම ඩොලර් බිලියන 5ක් ණය ගෙවන්න ඕනෑ. ඒකට ඩොලර් නෑ. ඉතින් අපේ අර්බූදය විසඳෙන්නේ ගෙවන ණය ප්‍රමාණය අඩු කලොත් ද? වැඩි කලොත්ද? ජනාධිපති රනිල් හිතන්නේ ණය තව වැඩි කර ගන්න ඕනෑ කියලා. නමුත් ණය වැඩි වුණාම ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඒ වගේම ගත්ත ණය නොගෙවා ඉන්න බෑ. එහෙම නම් කරන්න තිබෙන්නේ අපනයන වැඩි කරන එකයි. එය ක්ෂණිකව කරන්න බෑ. අපනයන වැඩි වන තුරු ආනයන අඩු කරන එකයි. ඒකට හදන්න පුළුවන් හැමදේම ඔය රට ලංකාවේ හදන්න ඕනි. වවන්න පුළුවන් හැමදේම ලංකාවේ වවන්න ඕනෑ. සිරිලක දේ සිරි සැප දේ කියලා තම රටේ නිෂ්පාදන මිල දී ගන්න ජනතාව පොලොඹවන වැඩපිලිවෙලක් ආණ්ඩුවෙන් දියත් වෙන්න ඕනි. විශේෂ ප්‍රාගුණ්‍ය පිලිබඳ ආර්ථික විද්‍යාවේ න්‍යාය විදේශ විනිමය අර්බූදයක දී අදාල නෑ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න