හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Dec 11, 2014
Dec 9, 2014
නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...
මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන තර්කයන් තුල අපට දැක ගැනීමට පුළුවන.
Dec 8, 2014
තිස්ස, මුවාට විද්දේය - Honorable Secretary
ජනාධිපති තුමාට ඊයේ රෑ නින්ද නොයන්න, හේතු දෙකක් තිබුනේය. ඒකත් හරියට අර, ගුඩ් නිව්ස් බෑඩ් නිව්ස් ගේම් එක වගේය. ගුඩ් නිව්ස් එක, තුන් වෙනි පාරටත් රාජ්ජේ පාලනේ කොරන්න නොමිනේසින් දෙන්න යන එකය. එලියට ගිහින් සෙනග අස්සේ රිංගනවා තරම් ආතල් එකක් හොහේද බන් තියෙන්නේ කියලා හිතපු ජනාධිපති තුමා කල්පනා කළේ අදත් මුන් පොඩි උන් උස්සන්න ලෑස්ති කරලා තිබ්බොත් නම් පොඩ්ඩක් අවුල් වේවී නේද කියලාය. මොකෝ වඩා ගන්න උන්ට ඡන්දේ දාන්න මැකෝ ඉඩ නොදෙන නිසාය. අම්මපා එහෙම දුන්නා නම් මම ගොඩේ ගොඩනේ යකෝ කියලා හිතපු ජනාධිපති තුමාට ආයෙත් තනි ආතල් එකක් ගියේය.
Dec 7, 2014
අපායේ ක්‍රිස්මස් - Christmas in Hell
කවදා හරි යන්න වෙන තැන හින්දා, අපාය පැත්තේ විසිට් එකක් දාලා එන එක මාතලන්ගේ පුරුද්දක්, ටික කලකින් ඒ පැත්තේ ගොහින් ආවේ නැති නිසාත්, නිතරම ඇවිල්ලා පලයන් මාතේ කියලා, අතිගරු යම රජුගෙන් නිතර නිතර කෝල් එන නිසාත්, පෝය දවසේ ඒ පැත්තේ ගිහින් එන්න කියලා, උදේම පිටත් උනා. කොහොමත් නිවාඩු දවසක, එතුමා අල්ල ගන්න එක ලේසියි.
Dec 5, 2014
Dec 4, 2014
මෛත්‍රී පැරදුනොත්....? - Plan B
සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ අගමැති කම් බලාපොරොත්තු වෙන එකේ වරදකුත් නෑ.
Dec 3, 2014
Dec 2, 2014
ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් - Paala Aiyaa, Frogs, Election Games & The And Co.
හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම, ඕවා මහා වියදමුත් නෙමේය.
Nov 30, 2014
Nov 25, 2014
ජනාධිපති තුමා කැමතිම ගීතය.. - President's most favourite song
ඊයේ රෑ මලක් ගහලා, හඳට යන්න ලෑස්ති වෙන කොටම, මගේ සන්සුන් ඇස් ෆයිව් එක, බීප් බීප් ගාන්න පටන් ගත්තා. ඒ වෙලාවට පෙන්නේ වෙන වෙන ඒවා නිසා, ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා, ඔළුවෙ තිබුන ඉස්පෙක්ස් දෙක, ඇහට බස්සලා, පෝන් එකට ඉබිලා බැලුවාම, දන්නේ නැති නොම්බරයක්. මළදානේ ඔහේ වැදියන්, මට පාන්ද යකෝ, මගේ ආතල් මටම ආතල් කියලා, ඇස් දෙක පියා ගත්තා විතරයි, ඇස් පහ ආයේ බීප් බීප් ගෑවා. ඒ පාර තව නොම්බරයක්. ඕන මලදානයක් කියලා ආන්සර් කලා.
Nov 23, 2014
පොදු අපේක්ෂක, අල් ජසීරා, ඩොලර් හා රුපියල් - Common Candidate, Al Jaseera, $ and Rs.
මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන්නේ, අපිට ආදරේට නෙමේය. මෛත්‍රිපාල මහත්තයා රජ සැප හැරදා පැමිණ සිටින්නේත්, අපට ආදරේට නෙමේය. මහින්ද මහත්තයාට ඕනා, බලේ තවත් වැඩි කර ගන්නය. මහින්ද මහත්තයා මේ සැරෙත් දින්නොත්, ඒකේ ඉන්න උන්ට වෙන්නේ, දැන් ඉන්නවාටත් වඩා බලු කුක්කන් වෙන්නය. දැන් වෙලා තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නය. හැබයි ඡන්දෙන් පස්සේ වෙන්නේ කන්නත් නැතිව බකං නිලාගෙන ඉන්නටය. එයා හිතන්නේ රාජ පක්ෂයට ඕනම දෙයක් කොර ගන්න පුළුවන් කියලාය. දින්නොත් වෙන්නේ ඒ මතය තහවුරු වීමය.
Subscribe to:
Posts (Atom)












