.

.

Nov 27, 2014

චම්පික, විමල් හා වම(නේ) - Champika, Wimal & Left right left



බිප් බීප්..
නිව්ස් එකක්..!
මොකක්..?
ඔව් බං නිව්ස් එකක්..!
බොදු බලේ සහය මහින්දටලු.
එතකොට මහින්දගේ සහය..?
ආ...... ඒක.
බොදු බලේටලු.
එතකොට කෝ බං රාවණා.
විදේශ අමාත්‍යංසය හරහා මක්කම ගිහින්,
අල්ලාට ඇඟිල්ල දික් කරනවලු.
බය නැද්ද හැබෑට ඈ..?
මොකටද..?
ඇඟිල්ල දික්කරන්න..?
රාවණා බයියිද ඩෝ අල්ලට.
එතකොට අල්ලා..?
අල්ලා දෙවියන් වහන්සේ ගැන නම් දන්නේ නෑ..
හකීම් දෙයියන් වහන්සෙ නම් රට ගිහිල්ලාලු..
එනවලුද..?
දන්නේ නෑ.
තොන්ඩා..?
රටේ නෑ.
එනවලුද..?
දන්නේ නෑ.
අවුලක් නෑ..
ඇයි..?
ලොක්කත් රටේ නෑ නේ බං..
කෝ බං එනවා කිව්ව උං..?
දත් සැට් එකම එක පාර ගලවන්නෙ නෑ ලූ.
එක එකලු ගලවන්නේ.
පව් බං..
ඇයි බං..?
සිරා.. කිරි දත් නේ ගලවන්නේ..
එහෙම තමයි.
ඊට පස්සෙ නේ ළොකු දත් එන්නේ.
ඒ කියන්නේ..?
කෘන්තක, රදනක චාර්වක, චම්පික..
ෂොරි ඈ...
චාර්වක පුරස්චාර්වක..
නෑ නෑ උඹ චම්පික කිව්වා..
කිවද..?
එයා එනවද බං..?
ඒකත් ජේ වී පී වගේමයි.
මහින්ද පරද්දනවලු.
එහෙනම් ටැට්ටර් සාධුට දෙන්න කියයි..
පව් බං.
ඇයි..?
ප්‍රතිගාමි බලවේග වලට එරෙහිව ..
මොකක්ද බං ප්‍රථිගාමි කියන්නේ..?
ප්‍රථිගාමි කියන්නේ රනිල් වික්‍රමසිංහට කියන තවත් නමක්..
හරි හරි... එතකොට මොකක්ද කියන්න ගියෙ..?
ප්‍රතිගාමි බලවේග වලට එරෙහිව ඉදිරිපත් වෙන්න,
සිරිතුංග ජයසූරියට ඇප බඳින්න,
50,000 ක් නෑ ලූ...
පව් බං..
අපි දාමු ෆේස් බුක් එකේ..
මොකක්ද..?
චැලේන්ජ් එකක්..
මොකද චැලේන්ජ් එක.?.
එක්කෝ, දෑකැත්තක් හරි මිටියක් හරි ගිලින්න ඕන...
නැත්නම්..?
නැත්නම් සිරිතුංගට 1000 දෙන්න ඕන.
ඒක හරි යන්නේ නෑ..
එහෙනම් මෙහම කරමු.
මං ගොං පිල මහත්තයා වගේ 100 හීඟමු..
හැබයි බජට් එක ඕන කියමු..
ඇයි බං ඕවා කරන්නේ..?
එහෙනම්..?
අර ඉන්නේ බං ප්‍රතිගාමීන්ට එරෙහි බලවේග කට්ටල හතරක්ම.
කොහෙද..?
ආන්ඩුවේ.
කව්ද..?
වාසු, ඩීව්, තිස්ස, විමල්.
ඒ....... විමල් ප්‍රතිගාමීන්ට එරෙහිද? හුටා...
ඇයි..?
මම හිතුවේ අධිරාජ්‍යවාදයට එරෙහිව ගිරිය පුප්පන් කෑ ගහන නිසා,
එයා ප්‍රතිගාමී කියලා.
උඹට පිස්සු ඒ ඔක්කෝම ප්‍රගතිශීලී
හුකා..
මොකෝ..?
මොකද බං ප්‍රගතිශීලී කියන්නේ..?
ඒ කියන්නේ මහින්ද මහත්තයා වගේ අයට.
හරි හරි මට තෙරුණා..
මොකක්ද තේරුණේ..?
මහින්ද මහත්තයා ගාව ඉන්නේ......... ප්‍රගතිශීලී,
රනිල් ගාව ඉන්න අය ගගනගාමී.
ගගනගාමී නෙමෙයි බං..
ෂොරි ෂොරි ප්‍රතිගාමී.
ඒ මාර කේස් ඒක.
ඒ පාර මොකෝ..?
ඒ කියන්නේ චම්පික රණවකත් ප්‍රතිගාමීද...?
ප්‍රතිගාමී විතරක් නෙමෙයි යකෝ..
උන් ඇවිල්ලා බටහිර තානාපති කාර්යාල හා ඩයස්පෝරා ඩොලර් වලට වඳින, උන්ගේ පදේට නටන, දේශද්‍රෝහියෝ..
මරන්න එපයි බං ඕකුන්ව..
කව්ද..
ඩයස්පෝරා කියන එකා..
ඒක මිසක්..

41 comments:

  1. මටනම් නිකන් පික්සු වගේ. දේශප්‍රේමියෝ දේශද්‍රෝහියෝ ප්‍රතිගාමියෝ ප්‍රගතිශීලියෝ ඔක්කොම ටැපලිලා. මම මොකෙද්ද කියල මටවත් හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා.. ඇයි මම..

      Delete
    2. මාතලන් මම සින්ඩි වලට රික්වෙස්ට් එකක් දැම්මා. පුළුවන් වෙලාවක මගේ බ්ලොග් එක ඇඩ් කරල දාන්න හොඳේ.

      Delete
    3. සිරිසේන, 28, බෝත්... සරාට මතකද මන්දා ඇනස්ලි බර්ටී සැමුවෙල්ගේ ඒ ජෝක් එක..

      Delete
    4. එතන මෙළෝ දෙයක් නෑ නේ..

      Delete
  2. ///////අපි දාමු ෆේස් බුක් එකේ..
    මොකක්ද..?
    චැලේන්ජ් එකක්..
    මොකද චැලේන්ජ් එක.?.
    එක්කෝ, දෑකැත්තක් හරි මිටියක් හරි ගිලින්න ඕන...
    නැත්නම්..?
    නැත්නම් සිරිතුංගට 1000 දෙන්න ඕන./////////////////

    මේ චැලෙන්ජ් එක දැකලා පිස්සු බාබත් වුනා බං...දුමින්ද නාගමුවට කොහොමද සප් එකක් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ෆේස් නුක් එකේ දාමු. ඒකේ අනුර කුමාරත් මීළඟ ජනපති කරලා තිබුනා.. ඉල්ලන්නෙත් නැතුව..

      Delete
    2. රනිල් ඉල්ලුවෙ නැත්තෙ වෙලාවට … හැක්

      නැත්තං ගිලපංකෝ අලියෙක් :D

      Delete
    3. රනිල්ට කෑ ගහගන්න පුළුවන් එකෙක් නෑ.. රාජිතලා අලි 100 ක් කවර් කරනවා..

      Delete
  3. මේ ලඟක් වෙනකම්ම රනිල් ගාව නම් හිටියේ ගගනගාමී සැට් එකක් තමයි..

    විල මැද මඩ බංගලාවේ ම බර ගානක් ගගනගාමීන් ඉඳල තියෙනවා..
    -------------------------
    වාසු, ඩීව්, තිස්ස, විමල් වම පාවිච්චි කරන්නේ කක්කුස්සි යන කොට විතරය කියල කාටුන් එකක් මම දැක්ක මේ ළඟදී...
    --------------------
    හම්මේ මාතලන් බොස්...

    වැඩේ නම් පට්ට සුපිරි යි ඈ...

    ReplyDelete
    Replies
    1. දැන් ගගනගාමිත් මාරු වෙලා බං

      Delete
  4. මුං මොක්කුද මාතලන් අන්න කුරුටුගාමී කට්ටිය අපේ අනාගත ජනාධිපතිතුමා නම් කරල.දුමින්ද නාගමුව ! මහින්ද ලොක්ක විතරක් නෙමෙයි මෛත්‍රීත් පුල් අවුලෙන් වෙන්නැති ! පක්ෂ කීපෙක සන්ධානයක්ලුනෙ. කට්ටියම ත්‍රීවිල් එහෙක දාන් කැම්පේන් යතහැකි ! ඇයි අයිසේ අර මොකද්ද පෙරමුණක සීලරතන හාමුදුරුවෝ දෙන විදිහේ ආතල් දේශපාලනේ ගැන විශාරද ටෝක් වපුරන මුන් වගේ උනුත් දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාතලන් ටැට්ටර් සාධු කියන්නේ සීලරතනට තමයි. අන්න සාධුලා..

      මහින්දට සරමේ චූ ගියාලු, පෙරටුගාමි එනවයි කිව්වාම. මාර චන්ද ටිකක් ගන්නවා උන්..

      Delete
  5. මම දැක්කා කවුද අහලා තිබ්බා විමල්ගෙන් "ඔය කුමන්ත්‍රණ කරන රට කියපන් අපිවත් ගිහින් ගහලා එන්න " කියලා

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කා නම් උදේට රූපවාහිනියේ ලිබියාව ගැන ප්‍රසාද් දොඩංගොඩයි, සුජීව දිසානායකයි දෙන ටෝක් ටික.. විලි ලැජ්ජාවේ පන ගිහිල්ලා.. ආයෙත් යනවා.. ළොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ..

      Delete
  6. //සිරා.. කිරි දත් නේ ගලවන්නේ..........
    කෘන්තක, රදනක චාර්වක, චම්පික..//
    පිස්සු නැත්තං ෂෝක්!
    දත් දොස්තර ඉන්නවනෙ ගලවන්න බැරියැ ඇඳි දෙකම.

    ReplyDelete
    Replies
    1. එයා තමයි කිව්වේ.. එක එකය ගලවන්නේ කියලා..

      Delete
  7. බොරු බලු සේනාවේ අගමුල, අක්මුල් සියල්ල ඊයෙ ඔය හරි අගේට පැහැදිලි උනේ. එක අතකට ඉතින් වදපු අම්මටයි ජාතකේ දුන්න අප්පටයි, අම්මයි අප්පයි කියන්නැතිව වෙන මොකාට කියන්නද.

    ReplyDelete
    Replies
    1. මාර නිව්ස් එක නේ.. මාව ගැස්සිලා ගියා..

      Delete
  8. මහරජා බෞද්ධ ඡන්ද වලට හදාගත්ත සෙකන්ඩ් ප්ලෑන් එක කෝමද මාතේ?? ජාතික හෙළ උරුමේ හිතං හිටියේ ඒ අය විතරයි බෞද්ධයන්ට අයිති කියලා. අන්තිමට රාවණා, බේබදු සේනාව ඒ පාට් එක කරා.. හැක්..

    ReplyDelete
    Replies
    1. මම ඕක බොහෝම කලින් කිව්වා. බොදු බලේ සීන් එකට එන්ටර් උන වෙලාවෙම. රතන සාධුලා, චම්පිකලා ගේම අදින කොට ප්‍රසිද්ධ පොරක් මගෙන් ඇහුවා මොකෑ දැන් වෙන්නේ කියලා. මම කිව්වේ. චම්පිකලා නෙමෙයි දැන් බුද්ධාගමේ අයිතිකාරයෝ නානසාරයි කියලා. දැන් හරිනේ බඩු. හැබයි මේ රටේ ඉන්නේ පට්ට ජාතිවාදියොද. එහෙම නැත්නම් මොළයක් තියෙන උන්ද කියලා බලාගන්න වෙන්නේ. ජනවාරි 9 උදේ. මොකෝ ආන්ඩුවට ඉතුරු වෙලා තියෙන එකම තුරුම්පුව ජාතිවාදය පමණයි.

      Delete
    2. නැහැ බං.. .තාම ජනතාවගේ මොල කන වැඩ පටන් ගත්තේ නැහැ..

      Delete
    3. වෙන කිසි දෙයක් නෑ.. මේ සැරේ ගහන්නේ අල් ජසීරා කේස් එක..

      Delete
    4. //මම කිව්වේ. චම්පිකලා නෙමෙයි දැන් බුද්ධාගමේ අයිතිකාරයෝ නානසාරලයි කියලා.//
      අම්මපා..
      හැබැයි නානෙගෙ කටේ සද්දෙ ටිකාාක් අඩු වෙලා. මොකද පොදු අපේක්ෂක මෛත්‍රී නිසා. රනිල් එහෙම ආවනම් වසලා හමාරයි...

      Delete
    5. මාතලන් වැරදියි. එකම තුරුම්පුව ජාතිවාදය නෙවේ. ජාතිවාදය කියන්නෙ එකක් විතරයි. ජාතිවාදයට වැඩිය ආණ්ඩුව බර දෙන්නෙ සංවර්ධන වැඩ වලට. ඒ වගේම අලුතෙන් මතු වෙච්ච සහනාධාර වැඩ වලට. දැන් බිත්තර වී වෙනුවෙන් සල්ලි දෙනව. ඔව්. අපි හරහා චෙක් ලියල අතටම දෙනව. මේවගේ දේවල් වලින් පුළුවන් මිනිස්සු එක්රැස් කරගන්න.
      ඒ වගේම කවුරු මොනව කිව්වත් හෙලයන්ගේ මට්ටමට එන්න ඥානෙලාට බෑ. බොරු නං බලපං මෙදා පාර බස්නාහිර පලාතෙ ඡන්ද ප්‍රතිපල ආවම. යොන් මරන්න එකතු වෙන සිංහලයන් ඡන්දෙට එකතු වෙන්නෙ නෑ. ඒ වගේම හෙල උරුමයෙ තියන ජනප්‍රියත්වය ඥානෙලාට නෑ.

      Delete
    6. ඔයිට වඩා දේවලුත් ආන්ඩුව කරනවා. ඒවා සිල්ලර දේවල්. නමුත් මේන් ටොපික් එක අල් ජසීරා.. නානසාර ගැන උඹ හිතන විදියට මමත් හිතනවා. ඒ උනාට අම්මට සිරි ලංකාවේ බුද්ධිමත් ජනතාව මට ෂුවර් නෑ.

      Delete
  9. යකෝ කෝටියක් විතර කාරණා මෙතෙන්ට ඇතෑරියම අපි මොකක් ගැනද කොමෙන්ටු දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔය එක දවසක දෙකක ඒවා.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හිටං...

      Delete
  10. (බෙ)බොබාල නං ඉතිං හිතපු විදියටම මහින්දට දුන්න. හැබැයි බොබාල වේලාසන හිතං හිටියෙ රනිල් හරි කවුරුහරි එයි කියල. එහෙම උනානං හොඳ නැටිල්ලක් නටනව.

    ReplyDelete
    Replies
    1. සිරිකොත කුඩු කරනවා එහෙනම්.. දැන් කියන්න දෙයක් නැතුව ඉන්නේ..

      Delete
  11. Replies
    1. කියෙව්වා අයියන්ඩි එල ද බ්‍රා කිව්වේ උපහසය පිරැනු ඔයාගේ ලියවිල්ල

      Delete
  12. මේක මහ පොතක් වගේ බං...
    මටත් ඔය බරසාර වචන ඇහිල ඇහිලම දැන් කන් දෙක ඇතුලේ හෝ හෝ ගානවා වගේ ඇහෙනවා...
    දත් ගලවන්නේ හිරි වට්ටලද දන්නේ නැහැ...
    අමුවෙන්නම් ගලවන්න ලේසි වෙන එකක් නැහැ, ඔය දත් ඔක්කොම හෙලවෙන්නේ හරි බෙහෙත ගැහුවම විතරයි... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ මේ ඇති. හොඳටෝම.. මොකෝ එන්න ඉන්නේ ෆයිල් තියෙන උන් නිසා.. ඒ නිසා තව දත් ගලවන්න ඕන නෑ. දින්නයින් පස්සේ නම්. ඕකුන්ට ඡන්දේ දීපු උන්ම දත් ගලවයි මයෙ හිතේ.

      Delete
  13. බෙබේ සේනා සහාය දෙනවා කියපු එකම ඇති තියෙන චන්ද ටිකකටත් කෙලෝගංට. රට වටේ යනවලු. ගියේ එකපාරක්. සංස්කෘතික ඌරුමීය රකිංට, කුඩු මාපියාව දූරිංබූත කරංට. කොලොන්නාවෙ කුඩු නැත්තටම නැතිකොලානෙ ඔය සේනාව. යහපතක්ම වේවා පිංවත!

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවොත් විනාශ කරන බල සේනාවක්. මේවා තමයි මහින්ද නැති කරන්නේ දවසක. චන්ද්‍රිකා ලඟින්ම තියාගෙන හිටපු උන් තමයි දැන් චන්ද්‍රිකාව මරාගෙන කන්න යන්නේ. මේවා බලලවත් ලොක්කට තවමත් හැදෙන්න පුළුවන්.

      Delete
  14. මෙකෙක් කල් සැගවී සගවී වෙස් බැදි බොබසෙ එලිපිට නැටීමට පටන් ගෙන ඇත... හෙක්..
    දැන් හකීම්ලාගේ හලාල් නානේට හොද ඇති.. හෙක්..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ආන්ඩුවේ ඇන් ජී ඕ එකක් කියලා එදත් මිනිස්සු දන්නවා. හරක් නම් ඕවා නොදන්නවා ඇති.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න