.

.

Nov 28, 2014

කොඩිවිනේ තනතුරද, සිස්ටම් එකද..? - Disaster is in Executive Power or it's the System


මහින්ද මහත්තයා හිතාගෙන උන්නේ, සැළුන් දොර තියෙන්නේ කොල්ලුපිටියේය කියලාය. ඒ උනාට හැම තැනම සැළුන් දොරවල් තියෙනවා කියලා තේ රෙන්නේ දැන්ය. ලංකාවේ ජනප්‍රියම පානය තේ උනාට. ජනප්‍රියම අහාරය තේ නොවන්නේය. එහෙම උනා නම්, බොහෝ දෙන්කුට තේ රෙන්න අමාරුවක් වෙන්නේ නැතිය.

අර එකෝමත් එක කාලෙක කතන්දරේක, හිඟන්නෙකුට වරමක් හම්බ වෙලා, රන් කාසි, එහෙම නැත්නම්, කැරට් 24 රන් බිස්කට් දාන්න සරම අල්ලන්න කියපු වෙලාවේ, දෙයියෝ බිස්කට් පොඩ්ඩක් දැම්මාම. අපෝ ඔය මදි, තව දාන්නෙයි කිව්වේය. තව ටිකක් දැම්මාම, අනේ තව ටිකක් කීවේය. ආයෙත් ඔහොම ඔහොම සරම පිරෙන්නම දැම්මත්, හිඟන්නාට මදි වෙලා, එක එක දාන්න කිව්වේය. ඔහොම එක එක දාන අතරේ, සරම ගැලවිලා පුක එලියේ උන නිසා, වරමට කෙලවී, සරමයි වරමයි දෙකම නැති කර ගත්තේය. තුනම නැති උනාද කියා අහගන්න, අද අපේ ආච්චි අම්මා ජීවතුන් අතර නැත්තේය.

මහින්ද මහත්තයා සසර වසන තුරු රජකම් කොරන්න විවස්ථාව වෙනස් කොලත්, මේ සැළුන් දොර වහන්න පොඩ්ඩක් වත් හිතුවේ නැත්තේ, ඕන නම් යන්නත් පුළුවන් අපේ හාන්දුරුවනේ කිව්වාට, එකෙක්වත් යන්නේ නැතෙයි කියලා හිතලාය. ඒ නිසා, හතර අතට කැපෙන චේන් සෝ එක, හතර අතේ වැනුවේය. මේ ගොබ්බ හාල් පාරුවෝ ටික, හැමදාම දෙන දේ කා වෙන දේ බලාගෙන ඉඳියි කියලා හිතපු නිසා, එනවා මිසක් යනවා කියා ජීවිතේට හිතුවේ නැතිය.

බලයෙන් මත් උනාම, අන්ධ වෙනවා කියන්නේ ඕකය. ප්‍රේමදාස ගොයියාටත්, සැටලයිට් නෝනාටත් උනේ ඕකමය. ඔක්කෝටම කලින් කරන්න තිබුනේ, අළුත්කඩේ කාපු, බඩු ගහපු අගවිනිසුරු හොරා නීතීගත කළ, සමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංගනය කරන, මේ සක්කිලි වැඩේ නවත්තන එකය. මිනිසුන් මානපය දෙන්නේ පුද්ගලයාට වගේම පක්ෂයටය.

එහෙම දෙන මනාපය, එක එක ගස් ගෙම්බන්ට ඕන විදියට වෙනස් කරන්න තියෙන අයිතිය මොකක්ද කියා, මේ රටේ ඉන්න සිවිල් පොරවල් කියනා උන්ටද, බුද්ධිමතුන්ටද, නීතිඥ්ඥ සංගම්වලටද, නීතීඥ්ඥයන්ටද, ඇන් ජී ඕ කාරයන්ටද, මානව හිමිකම් ගැන පුක ඉරාගෙන කෑ ගහන උන්ටද, එකෙකුටවත් පේන්නේ නැත්තේ ඇයි කියා, මාතලන්ට හිතා ගන්න අමාරුය.

අද ආන්ඩුවේ මෛත්‍රිපාලට බය නැති වීරයෝ, සීතලයි කියා පලා බබාලා වහලා දාන්නේ. රස්නෙයි කියා පලා බබාලා වහලා දාන්නේ. ගීතා ඇන්ටිලා, පලා බබා සුදු අලියෙක් කියන කොට වෙව්ලා උණ ගන්නේ, හිරුනිකා ඇත්ත කියන කොට බය වෙන්නේ, සැළුන් දොරෙන් පැනලා යන උන් නවතාගන්න මිස, වෙන කෙහෙල්මලකට නෙමේය. දැන් "රමණි ෆර්නෑන්ඩුගේ" සැළුන් එක වගේ තිබ්බ එක. තොරණ හන්දියේ "සැළුන් ඩි පුළුන්" වගේ වෙලාය. 

කොන්ඩේ කපා ගෙන, රැවුල කපාගෙන ඉවර උන්ටත් එලියට යන්න බැරි වෙන්න, ඔක්කෝම ටික වහලා දාලාය. හෙට අනිද්දාට නැගෙනහිරයි, කොළඹයි, විතරක් නොව, රුහුණේ සැළුන් එකත් වහලා දාන්න ඉඩ තියෙනවාය. නැත්නම් වෙන්නේ කොන්ඩේ භාගෙට කපා ගත්ත උනුත්, කොල්ලුපිටියේ අරලිය සැලුන් එකෙන් පැන පොළොන්නරුවේ අරලිය සැළුන් එකට පනිනා එකය.

සැළුන් දොර වහපු නැති එකේ චෑන්ස් එක ආවේ, අවුරුදු විස්සක් ආතක් පාතක් නැතිව නායකයෙක් නැතිව, කොටින්ම වැලේ වැල් නැතුව, වෙලේ වල් නහන, වස කුප්පියක් බී මැරිලා යන්න උන්න, විපක්ෂේ ආඬී සැට් එකටය. පොද්දාට දාන්න එකෙක් නැතුව, පොල්පිත්තක් හෝ දමාගෙන ගේම දෙන්න හිටපු උන්ට, මෛත්‍රිපාල සිරිසේන ආවා කියන්නේ, මෙතේ බුදුන් වැඩියා වාගෙය. එයත් එන්නේ පරණ බයිලේම ගහගෙනය. 

ජනාධිපති කම් නැති කිරිල්ල කෙසේ වෙතත්, එයා කියන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත් උන 80% වෙනුවට අධිකරණයෙන් කපා දැමු 60% . එයා ආපුවාම 90%  කරලා, සිකැරට් පැකට් එකේ කැන්සර් පොටෝ දානවා කියලාය. ඒ කියන්නේ එයා විවස්ථාවයි අධිකරණෙයි දෙකම පයිසෙකට ගනන් නොගෙන, එයාගේ ඇක්සැකටිව් පවර් එක යූස් කරනවා කියලාය. 

සරත් ෆොන්සේකාත් කෙල ගත්තේ, මේ වගේ ගොන් කතා කියන්න ගිය හන්දා නිසා, කතා කරන්න එනකොට කතාව ගල් ආඳෙකුට කියා ලියාගෙන ආවා නම් වඩා හොඳයි කියා හිතෙන්නේ, මේ වෙලාවටය. එන්නත් කලින් පොර ටෝක් දෙන්නේ මෙහම නම්, ආවයින් පස්සේ වෙන්නේ මොකක්ද කියා, ඔහේලාට හිතා ගන්නට පුළුවන්ය.

මොකා ආවත් මේන් මේ සක්කිලි වැඩේ නම් නැවැත් විය යුතුමය. එපමණක් නොව හාල්පාරු දෙකයි පණහේ පක්ෂ හා ජාතිවාදි පක්ෂ ගැන නොසිතා, කේවල ඡන්ද ක්‍රමයට ආපසු රට ගෙන යා යුතුමය. මාතලන් නම් කියන්නේ වැරද්ද තියෙන්නේ මේ තනතුරේ නොව, විවස්ථාව නොහොත් සිස්ටම් එකේ කියලාය. මහින්දට තුන් පාරක් බෑ කියා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ඉල්ලන උන් නොදන්න කාරණාව නම්, වෙස්ට්මිනිස්ටර් පාලනය යටතේත්, අයන් ලේඩි නොහොත් මාගරට් නෝනාත්. ටෝනි බ්ලෙයාර් අයියාත් තුන් සැරයක්ම අගමැති කම් කලා කියනා එකය. 

එපමනක් නොව චන්ද්‍රිකාගේ අම්මා, ඔය එක පවර් එකක් වත් නොමැතිව, ආන්ඩු බලය අවුරුදු දෙකක් හිතුමතේ දික්කර ගත්තා කියාය. ඒ නිසා අවශ්‍ය වන්නේ, මහ එකාගේ සිට පොඩි මිනිහා දක්වා එකම නීතිය ක්‍රියාතමක වන, මහා එකා හෝ එකී වුව පිස්සු කෙලිනා විට, මුල්ලේරියාවට නොව, වැලිකඩ එපාර්ට්මන්ට්ස් යවනා අළුත්ම අළුත් සිස්ටම් එකක් විනා, කුණුවී ඕජස් ගලන බහුබූත විවස්තාවේ පැලැස්තර කෑලී අලවා, මගුල් ගෙදර එක්කගෙන යාම නම් නොවනා බව කිව යුතුම වන්නේය.

ළිපිය දීර්ඝ වැඩි නිසා.. ඉතිරිය පස්සට..

60 comments:

  1. දැන් මේ ගැන උඹලා තරමටම නැතත් තැන තැන ටික ටික හෝ කතා කර එපා වී ඇත...

    කෙසේ වෙතත් උඹ කියා ඇති කතා සියල්ලම පෙරාපු ඇත්ත බව මගේද අදහසයි. කොයිකා ආවත් හොඳ ටික ඉතිරි කර නරක දුරු කරනවානම් එය අප සියල්ලගේම පැතුම වනු ඇත.

    මේ කාලකන්ණි ක්‍රමයට වඩා කේවළ ජන්ද ක්‍රමය හොඳ බව මම සිතන්නේ උඹ සිතනා කෝණය අනුව නොවේ.
    එක එකා නරින්ගේ බාර්ගේනින් පවර් එක හමුවේ හැමදාම කොන්ද නමාගෙන සිටිය යුතු වන ක්‍රමයක් නිසා මම මෙයට විරුද්ධය.
    කොයි එකා ආවත් අපි හැමදාම අසරණ නිසා විරුද්ධය.

    ඔය කවුරු මොනවා කිව්වත් මේ යන ක්‍රමය අනුවත්, මෛත්‍රී හෝ වෙනයම් අයෙක් ජනපති හෝ අගමැති වුවත් රටට කෙළවෙන්නේ නැත.
    කෙළ වෙන්නේ අපටය... බහුතරයක් වූ දුප්පත් සිංහල මිනිහාටය.
    ඒ උඹලා දකින සහ සිතන කෝණය අනුව නොවීම තවත් කේදාන්තයකි.
    දේශපාලනය කරන උන්ට සහ ඒ ගැන උනන්දු බහුතරයකට ඒ ගැන හැඟීමක් හෝ අදහසක්වත් නොමැත...

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද සිංහළ මිනිහා විතරය දුක් විඳින්නේ කියලා. උන්ට අඩු ගානේ සිංහලයන් වීමේ ශ්‍රේෂ්ඨ ගැන දේශනා ටොපි දෙන විමල්ලා නානසාරලා නිසා ඒ ගුලි කාලා හරි බඩ පුරව ගන්න පුළුවන්.. ඊට අසරණයි උතුරේ දෙමළ මිනිස්සු. ඊටත් අසරණයි, වතුකරයේ දෙමළ ජනතාව. ඊටත් අසරණ පට්ට හිඟන්නෝ ටිකක් ඉන්නේ නැගෙනහිර. පට්ටම හිඟන්නෝ. ඒ මදිවට උන් දැන් මූලධර්මවාදයටත් අහුවෙලා ඉන්නේ. මම ගිහින් තියෙනවා අර බෙල්ල කපලා මරලා දාපු රිසානා දුවගේ ගෙදර. අපි පොඩි කාලේ හදපු සෙල්ලම් ගෙවල් ඊට වඩා ලස්සනයි.

      Delete
    2. රිසානාගේ බෙල්ල කැපුවේ අල්ලගෙ කැමැත්තට. උඹ කවුද අල්ලාහ් ගේ කැමැත්ත විවේචනය කරන්න ?

      Delete
    3. මාතේ, උඹල තේරුම් නොගන්න දෙයක් ගැන තමයි මම කිව්වේ...
      අසරණ වෙලා ඉන්නේ සිංහලය විතරක් නෙමෙයි කියලත් මම දන්නවා... නමුත් මම බලන කෝණයෙන් බැලුවම වැඩිපුර අසරණ වෙලා තියෙන්නේ සිංහලයා...
      එකක් ආර්ථික වශයෙන්, අනිත් පැත්තෙන් වඳ වී යාමේ හැකියාව පැත්තෙන්...

      නමුත් උඹේ කෝණය අනුව බලන අසරණ කමේ ප්‍රමාණය අනුව බැලුවම උතුරේ, නැගෙනහිර සහ වතුකරේ මිනිස්සු අසරණ වැඩියි.

      මම කියන්නේ ජාතියක් විදිහට අපි පත්වෙලා තියෙන අසරණකම ගැන...
      ඒ වගේම උඹ දන්න කියන "ඇත්ත කියන" ඩොකාල එහෙම ඉන්නවනම් මෙන්න මේ ගැන උන්ගෙන් අහල බලපන්...
      සිංහල ගෑනියෙක් ළමයි හම්බ වෙන්න ගියාම අවශ්‍ය නැතත් බොරු කියල හරි සිසේරියන් කරවන හැටි, ඒ ගමන්ම ටියුබ් දෙක තලලා දාන හැටි ගැන ඒ වගේ ඩොකෙක්ගෙන් අහල බලපන්...
      අඩු ගානේ දැන් දන්නවට වඩා යමක් දැන ගන්න පුළුවන් වේවි.

      දුක තියෙන්නේ එහෙම කරන උන් අතරේ "සල්ලි වලට එහෙම කරන" අපේ සිංහල ඩොකාල, ඩොකීලම බහුතරයක් ඉන්න එකයි...

      ඒ එක්කම තමන් දන්න වටපිටාව හොයල බලපන්, එක එක සංකුලතා නිසා ගැබ් ගන්න බැරි, ගැබ් ගත්තත් ඒක ඉබේම ගබ්සා වෙලා යන තරුණ සිංහල ගෑණු කී දෙනෙක් ඉන්නවද කියලා.

      ඒවා එහෙම වෙන්නේ කොහොමද කියලවත් අපි හරියට දන්නේ නැහැ බං... ඒකත් හරියට අර වකුගඩු ප්‍රශ්නේ වගේ...
      උඹ අසරණ බව ගැන හිතන්නේ මුල්‍යමය පැත්තෙන් විතරයි.
      නමුත් සිංහලයා ජාතියක් විදිහට ඊට වඩා අසරණ වෙලා තියෙනවා.
      කවුරුවත් ඒවට හේතු හරියකට හොයන්නේ නැහැ, එහෙන් මෙහෙන් ඇහෙන දේවල් ටිකක් විතරයි තියෙන්නේ...

      මැදපෙරදිග ගෑණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් ඔය ගෑණු ගන්න පඩිය වගේ සහ ඊටත් වඩා පඩි ගන්න පුළුවන් කම්කරු මට්ටමේ රැකියා සහ වෙනත් ක්‍රම තියෙනවා.
      නමුත් අපේ පිරිමි ගෑණුන්ව රට යවල උන් ගෙදර නතර වෙනවා ළමයි බලා ගන්න...
      ඒක ජාති බේධයක් නැතුව අපේ රටේ ඉන්න පිරිමින්ගේ කොඳු නාරටි සම්බන්ධ ප්‍රශ්නයක්.

      රිසානා ගැන කතා කරද්දීත් ඒක අදාලයි. මමත් ඒ ගෙදර දැක්කා ෆොටෝ වලින්.
      ඒ ගෙදර සෑහෙන හොඳ මානව සම්පතක් ඉන්නවා. අපේ දුප්පත් සිංහල මිනිස්සු කරනවා වගේ අඩු ගානේ කෝටු ටිකක් බැඳලා කටුමැටි ටිකක් ගහගන්න බැරි මට්ටමක අබල දුබල පිරිසක් නෙමෙයි ඒ ගෙදර ඉන්නේ...

      Delete
  2. වෙන්න ඕනි ඕක තමයි. ඒත් දෙපැත්තෙන් කොයි පැත්තද ඕක කරන්නේ?

    ReplyDelete
    Replies
    1. එක්කෙනක් නම් බෑ කියලමයි කියන්නේ. අනිකා නම් කියන්නේ වෙනසක් කොරනවය කියලා. දැන් කී දෙනෙක් නම් ඔහොම කිව්වද අප්පා.

      Delete
  3. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔය විධායකේ තිබුනත් නැතත් එකය. තමන් හම්බ කරගත් දෙයින් කාලා ඇදලා ඉන්න තියනවානම් එච්චරය. දැන් වෙලා තියෙන්නේ ඒකත් නැති එකය.

    http://www.youtube.com/watch?v=EyqZc54Ot3k

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. දැන තමයි චම්පිකලා කියන්නේ මහ බැංකුව වට කරන්න කියන්නේ. අවුරුදූ ගානක් එයයි එයාගේ පක්ෂෙ ඔක්කොම උනුයි අපි හම්බ කරන එකෙන් කාලා. මුන්ට අඩු ගානේ අත්‍යාවශ්‍යම භාන්ඩ ටිකවත් බදු නැතිව දෙන්න බැරිද?

      Delete
  4. හතර පෝයට සිල් ගන්නා හීනෙන් වත් පවු නොකරන උපාසක මහත්තයෙක් ගෙනත් ජනාධිපතිබිස්නස් පුටුවේ වාඩිකලත් අවුරුද්දක් දෙකක් යන විට උන්නැහෙත් බලයෙන් මත් වී පිස්සු කෙළිනු ඇත.ඇමරිකාවටත් එහා ගිය අපේ ජනාධිපති තනතුර එහෙව් බලගතු තනතුරක් නිසා මේකේ අප්පොච්චා මේකට කිව්වේ ගෑනියෙකු පිරිමියෙකු කරනු හැර අනික් ඕනෑම අටමගලක් කල හැකි තනතුරක් කියාය.මහින්ද ලොක්කා නම් මේ තනතුරෙන් ඒකත් කල නිසා මේක ලෝකේ බලගතුම තනතුර කීවට වරදක් නැත.හීනෙනුත් රජෙක් පතන අපේ රට වැස්සාගේ සිහින ෆැන්ටසියට හරියටම හරියන මේ තනතුර නැති කරන්නට දේශපාලුවන්ට වගේම වැස්සාටද සැබෑ උවමනාවක් නැත.මොකද උඩු හිතිං මොනවා හිතුවත් මුං දෙගොල්ලන්ම යටි හිතින් මේ සිස්ටම් එකට ලවුය.මේ මජර සිස්ටම් එකේ මුල හඳුනා ගන්නට දේශපාලන විද්‍යා පන්ති යන්නට උවමනා නැත.අද පිටිසර ප්‍රාදේශීය සභාවකට ඉල්ලන්නත් එලෙක්ස්ෂන් කැම්පේන් එකට අඩුම ගානේ ලක්ෂ පනහක්වත් උවමනාය.මෙහෙම වියදම් කරන්නට හැකි එකා එක්කෝ බිස්නස්කාරයෙකි නැත්නම් කුඩු කාරයෙකි නැත්නම් බිස්නස් කාරයෙකු හෝ දේශපාලුවෙකුගේ ඉත්තෙකි.ගමේ යොවුන් සමිති නායකයාට, ගුරුවරයෙකුට මාසික වැටුප් ලබන රැකියාවක් කරන්නෙකුට තබා දොස්තර කෙනෙකුට හෝ ගමේ කඩේ මුදලාලිටවත් මේ ක්‍රමය තුල ජනතා නියෝජිතයෙකු වීම සිහිනයකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කොයි අගු පිලක කවුරු හම්බු උනත් කතාව පොලිටික්ස්.රෑට කෑම දිරවනකන් බලන්න්නෙත් පොලිටිකල් ප්‍රෝග්‍රෑම්.ලක්ෂ ගානක් උසස් පෙළ ළමෝ දාස් ගානක් ටියුෂන් මඩුවල මැකියාවෙලි ඉඳන් කාල් මාක්ස් දක්වා පොලිටිකල් සයන්ස් වනපොත් කරනව.එහෙම පොලිටිකල් රටක තමුන්ගේ ජනතා නියොජිතය පත් කර ගනිද්දී සලකා බලන්නෙ උඩු රැවුල,ළමයි ගාන,බුදුන් වඳිනකොට දෑත නලලෙද වගේ කාරණා.ඉතිං සෙතක් වෙයිද මෙහෙවු රටකට ඕයි!

      Delete
    2. මේ රටට යහ පාළණයක් අවශ්‍යයි.. අනිවාර්යයෙන්ම..

      Delete
  5. මට හිතෙන විදිහට වැරැද්ද තියෙන්නේ තනතුරේයි සිස්ටම් එකෙයි පුද්ගලයගෙයි තුනේම. අඩුම තරමේ ඔය තුන් දෙකක්වත් හරියට තියනවනම් ඉතුරු එකත් කන්ට්‍රෝල් කරගෙන වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ///වැරැද්ද තියෙන්නේ තනතුරේයි සිස්ටම් එකෙයි පුද්ගලයගෙයි තුනේම. අඩුම තරමේ ඔය තුන් දෙකක්වත් හරියට තියනවනම් ඉතුරු එකත් කන්ට්‍රෝල් ///////

      වැදගත් ප්‍රවිශ්ඨයක්.....ඔන්න ඕක සිවිල් සංවිධාන තුල සාකච්ඡාවට භාජනය වෙන්න ඕන. ව්‍යවස්ථාවම අපුල්ල අපුල්ල ඉන්න පුළුවන්. ඒත් අනිත් පැතිවලිනුත් ඕන තරම් පාලකයෝ රෙද්ද කිළුටු කරනවා.

      Delete
    2. වැදගත් කතාවක්. පුද්ගලයා අවුල් වීම තමයි දැන් තියන මූලික අවුල

      Delete
    3. මේ ව්‍යවස්ථාවට පැච් 18 ක් දාලා. තියෙනවා. එකම එකයි යහ පාළණයක් වෙනුවෙන් දාලා තියෙන්නේ. ඒ 17. අනික් එවා ඔක්කෝම තම තමන්ගේ වාසියට හදා ගත්ත ඒවා. ඒ අතර අති භයානක එකකුත් තියෙනවා. ඒතමයි පලාත් සභා කියනා ජාතික ධනය අමු අමුවේ විනාශ කරන ඉන්දියාව බලෙන් පටවපු 13. මම නම් කියන්නේ මේක ගිනි තියලා. අළුත්ම අළුත් එකක් හදන්නම ඕන. එකයි මම ගොඩක් කලින් කිව්වේ. අවුරුදු ගානක් විපක්ෂෙට වෙලා සංගිත පුටු තරඟ තියනවට වඩා. අළුත් ව්‍යවස්ථාවක් හදලා. තමන්ට දෙන ඡන්දය ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අළුත් ව්‍යවස්ථාවට දෙන ඡන්දයක් කියලා, ජනතාවට ඉදිරිපත් කරන්නය කියලා. ඒත් එකෙකුට උවමනාවක් නෑ. හැම එකාම බලාගෙන ඉන්නේ රජා වැටෙනකම් හරි මැරෙණකම් හරි, තමන්ට රජ කම ගන්න. ව්‍යවස්ථාව කියන්නේ රටේ නීතිය. නීතිය බල්ලට ගියාම. රටම ගඳ ගහනවා. මොකෝ බල්ලෝ තැන නොතැන බලලා රෙන නිසා. අද වෙලා තියෙන්නේ ඒක. මහින්ද නරකයි තමයි. ඒත් කලින් හිටපු උනුත් හොඳ නෑ නේ. එතකොට පුදගලයගෙද, තනතුරේද ගේම තියෙන්නේ නෑ. ව්‍යවස්ථාවේ.

      Delete
  6. //සරත් ෆොන්සේකාත් කෙල ගත්තේ, මේ වගේ ගොන් කතා කියන්න ගිය හන්දා නිසා, කතා කරන්න එනකොට කතාව ගල් ආඳෙකුට කියා ලියාගෙන ආවා නම් වඩා හොඳයි කියා හිතෙන්නේ, මේ වෙලාවටය.//
    ඔන්න ඕක...ඕක තමයි කෙලිය. ආණ්ඩුව පැත්තෙ උන් මොනවා කිව්වත් මිනිස්සුන්ගෙ ඡන්ද එහෙමට කැඩෙන්නෑ. ඒ කතා එළියට එන්නෙත් නෑ. මේ සෙට් එක දැනගංට ඕනෑ කට පරිස්සං කරගංට. මුං එකෙක් කට වරද්දගත්තොත් පට්ට ගහංට බලා ඉන්නව හෙන රොත්තක්ම. මොකද, සැකයේ වාසිය විත්තියට! ඕං තිස්සයත් පිස්සු කෙළිනවා, කළකිරිලලු.

    ReplyDelete
    Replies
    1. ///////ඕං තිස්සයත් පිස්සු කෙළිනවා/////////

      කවද්ද විසිටරයෝ මේ හාදයා පිස්සු නොකෙළියේ....හැබැයි ඔන්න දැන් කියනවා එයා එහෙම නැහැලු. මට නම් වඩා වටින්නේ, මෛත්‍රීගේ කලකිරීමවත්, තිස්සගේ කලකිරීමවත් නෙමේ. රටක් හැටියට ජනතාවට (පිටරටක හිටියත්, ලංකාවේ හිටියත් )ඇති කලකිරීම පිලිබඳ ගැටලුවයි. ඔය මොන හාල්පාරුවාගේවත් කලකිරීම්වල සැබෑ අර්තය, අපේ කලකිරීම නෙමෙයි. හැබැයි මේ වෙනස අවශ්‍යයි. එතනින් පසු යමක් පාදා ගැනීම උඹ, අප, පොලිටික්කෝ සතු වගකීමක්. ඒක අපේ වගකීමක්. ආණ්ඩු බලය යනු පාලකයගේ ආවරනය නම්, මහජන බලය යනු අපේ ආවරනයයි. අපි අන්න එතනයි හිටගන්න ඕන. අපි කවදාවත් ඒකට හරි තක්සේරුවක් දීලා නැහැ. ඒ අපි වහල් චින්තකයෝ හින්දා. ඒකනේ අපි හොරකම් කරා...ඇයි අපිට මොනවා කරන්නද මොඩ්ල් එකේ අදහස් සමාජගත කරලා තියෙන්නේ. අපි වෙනස් වෙන්න ඕන!!!!

      Delete
    2. කලකිරෙන්නේ ලේකම්කම නොලැබුනාම, පුතාට ඇප නැතිවාම, සූරාකන්න විදිහක් නැතිවාම. ඔන්න මං කෙල්ලෙක් පස්සෙ යනවා, ඒකි මා දිහා බලන්නෙවත් නෑ, ඉතිං මං කළකිරෙනවා. මං කියන්නෙ අරූ, මුං කට වරද්දාගත්තම ඒක තමා මාධ්‍ය ලොකුවට පෙන්නන්නෙ. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනි. දුර්වල ලින්ක් එකනෙ ඉක්මනට කැඩෙන්නෙ.

      Delete
    3. මේ වෙලාවේ වෙනසක් කරන්න ආපු එකාට විරුද්ධ වෙන මොකා උනත්, යනවනම් යන්න දෙන්න ඕන. හැබයි කට පරෙස්සම් කර ගැනීම නම් අනිවාර්යයෙන් කරන්න ඕන.

      Delete
  7. "ඔක්කෝටම කලින් කරන්න තිබුනේ, අළුත්කඩේ කාපු, බඩු ගහපු අගවිනිසුරු හොරා නීතීගත කළ, සමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංගනය කරන, මේ සක්කිලි වැඩේ නවත්තන එකය. මිනිසුන් මානපය දෙන්නේ පුද්ගලයාට වගේම පක්ෂයටය."

    අම්මපා මාතෝ මේකයි ,අර චිට්ටේකෙන් පත් කොරන ක්රෝමෙයි කොහොම හරි නැති කරන ක්‍රමයක් අනිවර්යෙන්ම තිබුනොත් ඔය පඩ වැඩ ඔක්කොම ලොස් . මැරී කෑන්ස්

    ReplyDelete
    Replies
    1. ඔය චිට් එකෙන් බලාපොරොත්තු උනේ මේ මජර මනාප සිස්ටම් එකේ බැහැල නාගන්න අකමැති රටට වැඩක් කල හැකි උගතුන් වුර්තිකයන්ව පාර්ලිමේන්තුවට ගේන්න ඒත් සර්ව බලධාරී ජනාධිපතිවරු කලේ තමුන්ගේ කුණු වැඩ ටික කරන එකාව යන්තර මන්ත්‍ර වැඩ කරන එකාව මේකෙන් පාර්ලිමේන්තු ගේන එක .සිස්ටම් එක නෙමෙයි ලොක්ක පාවිච්චි කරන විදිහෙයි වැරැද්ද.

      Delete
    2. ඇත්ත ඒ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඕක හොඳයි බුද්ධිමතුන් ඉන්න රටකට. මේ වගේ උගත් උනත් ගෝත්‍රිකයෝ ඉන්න සමාජයකට ඔය සිස්ටම් වැඩක් නෑ. අර අස්වර් කියන්නේ බුද්ධිමතෙක්ද? මාලනී කියන්නේ මොකෙක්ද, නිකං පුයර බබෙක්. උගත්තු කියන උන් දාලත් මොකක්ද උන සෙතේ. ඉස්සර කේවල ක්‍රමය යටතෙ වැදගත් උගත් මිනිස්සු ඡන්දේ ඉල්ලලා දින්නා. සමහර අය පැරදුනා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, බඩු කරායෝ, හොරු, ස්ත්‍රී දූෂකයෝ දානවා වෙනුවට. වැදගත් උගත් මිනිස්සු දාන්න පුලුවන් නේ මේ සිස්ටම් එක යටතේ උනත්. චිට් එකෙන් එන උන්ගේ මානසිකත්වය ඇවිල්ලා උන් දෙවිවරුය කියලා හිතාගෙන ඉන්නේ. ඒ තරම් ඔළුව ඉඳිමිලා ඉන්න සෙට් එකක් උන්. ඇයි කාටවත් වගකීමක් නෑ නේ. වගකීම මහ එකාට විතරයි.

      Delete
    3. ඔය සීන් එක කියන්නෙ දැන් යහපාලනේට ඇවිල්ලා ඉන්න ඇන්ටි තමා පටන්ගත්තෙ.තමන්ගෙ සාරය අහවල් තැනින් උරා බීපු අජන්ත සොය්සත් පාර්ලිමේන්තුවට ගත්තා. ඌට මොන සුදුසුකමක්ද චිට් එකෙන් එන්න. මර්වින් චන්ද දෙදාහක් ගත්තාම ගත්තා

      Delete
  8. ලිපිය කියෙව්වා..ඇවිත් ගියා.

    ReplyDelete
  9. කවුරුවත් කියන්නේ නෑ මේ පැත්තෙන් අර පැත්තට හෝ අර පැත්තෙන් මේ පැත්තට පැන්නොත් මන්තිරිකොම ගහලා යන නීති ගේනවා කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ, එහෙම කරන්න බෑ... එතකොට රජයේ පාර්ශවයේ වරදක් නිසා හර්ධ සාක්ශියට අනුව විපක්ෂෙට් යන්න හදන කෙනෙකුට මොකද වෙන්නේ?

      Delete
    2. ඒකෙන් පේන්නේ දේශපළණය කරන සියල්ලන්ගේ කුහක කම. මේ ඇනෝ කියලා තියෙන දේ පේනවනේ. ඕකට කියන්නේ ගිලෙන නැවෙන් පනිනවා කියලා. එතකොට උන් ආන්ඩුවේ ඉන්න කියලා ඡන්දේ දීපු මිනිස්සුන්ට් කරන අසාධාරණයක් නෙමෙයිද ඒක. පක්ෂ මාරු කිරීම වහාම නවත්තන්න ඕන. මුන් කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීම. ප්‍රජාතන්ත්‍රවාදය වේස කමේ යෙදවීම.

      Delete
  10. යන් යන් යන් යන් ....අපි සැනසිල්ලේ...
    යන් යන් යන් යන් ....අපි නැළවිල් ලේ.....

    තාමත් එහෙමයි..කිසි වෙනසක් නෑ...

    -------------------

    කවුරු කොහොම දෙඩෙව්වත් හැමදාම ඔච්චර තමයි..
    කවුද අකමැති ඔයවගේ චාන්ස් එකක් අත අරින්න...

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ජෙප්පොත් අපේ මතයට ආපු එක. ඒ කියන්නේ මේ ක්‍රමේ නැති කරනවා කියන බයිලෙට නොරැවටීම.

      Delete
  11. පොඩ්ඩක් ඉවසපන් සුද්ද.......
    දසය ගෙ ලිපියත් යොමු කලා ...... සිරාට..... ( අර නස්කුනි කැ රියට නෙමේ...)
    මට සැටී ගැන සැකයි......විමුක්තිව ඉස්සරහට දාල යන්න හදන ගමන......
    8 එයාල ට වාසියි කියන මතේ.....
    B නායකල කිව්වම .....මගෙ මාළු නටනව ගෙදර ටැංකියේ......

    ReplyDelete
    Replies
    1. #දසය ගෙ ලිපියත් යොමු කලා ...... සිරාට..... ( අර නස්කුනි කැ රියට නෙමේ...)#
      මෙයයි අපගේ බ්ලොග් අවකාශයේ නිරුවත සහ අනාගතය.අහෝ

      Delete
    2. කැරියට, කැරියා නොකියා වෙන මොනවද කියන්නේ.. මහත්තයා කියන්නද...?

      බ්ලොක් ළෝකේ නෙමෙයි කොයි ළෝකෙත් ඉන්නවා කැරියෝ.. උන්ට දීලා අඳින කොට උන්ට කඩේ යන උන්ටත් බොහෝම අමාරුයි.. ඒවට කරන්න දෙයක් නෑ..

      Delete
    3. ඔය සිරා කිව්වම ...කැක පුස්ම එන .....තුන් දෙනා ගැන ලගදීම කියමි....,
      පව්...උයාල ....අර දෙමවු පියො නය වෙලා .....රට එවපු .....
      තව නොකියමි....

      Delete
    4. කෙන්ජි තමුන් තමා මම දැකපු ගොන්ම පකයා

      Delete
  12. Thamange boodhaleata saloon eka athule inna porawal kelewwa nam ae FILES pettagame daagena baaber nidi wadinawada ? Muntika gahala thiyenne mahajana boodaleta nisaa ohee yang kiyala balan hitiya welaawak aawoth BLAKMAIL karanna.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් ඔප්පු වෙන්නේ විරුද්ධ පක්ෂෙ උන් කියන ඒවා ඇත්ත කියන එක. ඒ කියන්නේ මේක හොරු ඉන්න, හොරු රකින, දූෂිත ආන්ඩුවක්. තවත් සාක්කි ඕන නෑ.

      Delete
  13. කලකිනි රජ කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි ඉහලම තැන ලැබ ගන්නේ
    මෙදෙකිනි පරපුර දුක් දුර ලන්නේ
    නිකමුනි කිම වීරිය නොකරන්නේ

    ReplyDelete
    Replies
    1. 12 වන සියවසෙන් පස්සේ රජරටින් රජ කෙනෙක් පත් වෙන්නේ සිරිසේන ලොක්කා දිණුවොත්..

      Delete
  14. කේවල ක්‍රමයට රට ගෙනයෑමම සාර්ථක නෑ.. එතකොට යූඑන්පී, ජේවීපී තට්ටු මාරුවක් සදහටම තියෙනවා විනා 3 වෙනි දේෂපාලන බලවේගයක් හැදෙන්නෑ...

    මේ මනාප ක්‍රමය ටිකක් වෙනස් වොය යුතුයි, හැබැයි සම්පූර්නයෙන්ම නෙමේ..
    වෙන්න ඔනෑ රටේ නිශ්චිත ඇමති තනතුරු ගනනක් ඇතිකරලා පනින උන්ට අලුතෙන් ඇමති කම් දෙන්න බැරිවෙන විදිහට නීති සම්පාධනය කිරීම.. මොකද ගොඩක් උන් පනින්නෙ ඇමතිකම් වලට..

    ඊලගට අල්ලස හා දූශන කොමිසම ශක්තිමත් කිරීම, හොද anti curruption network එකක් ඇති කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සදහා පනතක් ගෙන ඒම..

    ReplyDelete
    Replies
    1. මොකටද තුන් වෙනි බලවේගයක්. එහෙම බලවේගයක් ඕන නම් මිනිස්සු පත් කර ගනීවී. කේවට ක්‍රමේ තිබ්බා කියලා. එක ආසනේකට කීප දෙනෙකුට තරඟ කරන්න බැරි කමක් නෑ. ඒ කාළේ ස්වාධීනව ඉල්ලපු අවංක මිනිස්සුත් පත් උනා. ඒ ක්‍රමය යටතේ. අනික තමන්ට ශක්තියක් නැත්නම් සංධාන ගතවෙයි. ගත යුත්තක් තියෙන පක්ෂයක් නම් ප්‍රධාන පක්ෂත් කැමති වෙයි. එහෙම උනා කලින්. මොකෝ ශ්‍රී ලංකා එක කවදාවත් තනියෙන් ආන්ඩු පිහිටුවලා නෑ.

      පනින එක වහාම නවත්තන්න ඕන. එක ඡන්ද දායකයගේ මානව අයිතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක්. ඇමතිකම් 20 ක් හොඳටෝම ඇති මේ රටට.

      අන්තීම කොටසට නම් එකඟයි. කොහොමත් මගේ මී ළඟ ළිපිය ඒ පිළිබඳව තමයි.

      Delete
  15. [කොටින්ම වැලේ වැල් නැතුව, වෙලේ වල් නහන, වස කුප්පියක් බී මැරිලා යන්න උන්න, විපක්ෂේ ආඬී සැට් එකටය.]

    අනේ ගොනෝ... මෛත්‍රී අහසෙන් පාත්වුනේ නෑ, ඔය කියා ආඩි විපක්ෂයේ රනිල්, මංගල, චන්ද්‍රිකා අවුරුද්දක් විතර මහන්සිවෙලා එයාව බෑව..

    අපි දන්නව, යුද්ධෙ, හුද්දෙ, හුද්දෙ කියකියා මරා/ගෝටා කරේතියාගෙන ගිය මාතලන්ට දැන් රිදෙනව කියල...

    ReplyDelete
    Replies
    1. දන්න රෙද්දක් කතා කරහන් ගොනෝ. අවුරුද්දක් කතා කලා රෙද්ද? අවුරුද්දකට කලින් ඡන්දයක් තියන හුළඟක්වත් තිබුනේ නෑ. මුන් රෙඩි වෙලා උන්නේ. තව අවුරුදු දෙකකින් තියෙන ඡන්දයකට. එතකොට ලොක්කා තවත් නෝන්ඩි වෙනවා. එහෙම උනාම නිකන්ම පුටුවේ ඉඳගන්න රනිල් බලාගෙන උන්නේ.ඕන්න මෙන්න පනින්න ගිය මංගල බේරගත්තෙත් හෙන අමාරුවෙන්. මෛත්‍රි එනවා කියලා තියෙන්නේ සුමාන දෙකකට කලින්. ඒත් පොදු අපේක්ෂක කම දෙනවා නම් විතරයි. එහෙම නැත්නම් උන්නැහෙත් තාම එතන. දන්න මගුලක් කතා කරහන්. ඇඟේ ලේ පුච්ච ගන්නේ නැතිව.

      Delete
    2. මෛත්‍රී පොදු අපේක්ෂක කිරීමේ සම්පූර්ණ මෙහෙයුම රතන හාන්දුරුවන්ගේ.

      Delete
    3. [ඕන්න මෙන්න පනින්න ගිය මංගල බේරගත්තෙත් හෙන අමාරුවෙන්.]
      අනේ හුකේ.. දේෂපාලනේ කියන්නෙ සීනිවුස් එකේ දකින රෙද්ද නෙමෙ...
      මංගල යන කථාවම decoy එකක්...

      මෛත්‍රී සුමාන දෙකකට කලින් එනවා කියල කිව්වේ මාතලන්ගේ කනට කොරලද දන්නෑ...

      Delete
    4. සී නිව්ස් උඹ බලනවා ඇති. ඊට වඩා හොඳයි. චේතිය රජ්ජුරුවන්ගේ කතා අහන එක. මංගලම කියන්න ඕන නෑ නේ. මංගලටත් ටීම් එකක් ඉන්නවනේ. ඇත්තටම මංගලට ප්‍රෙෂර් එක තිබුනේ ටීම් එකෙන්. සී නිව්ස් කොඳ බලලා, හොඳට පඩ ඇර ඇර හිනාවෙන්න.

      Delete
  16. මාතෙ, මම සමීක්සනයක් කොලා බං.
    පැරා පෝස්ට් 2800 ක් අවුරුදු 6 කදි ලියල හිට්ස් ලක්ස 26 ක් විතර අරං. උඹ පෝස්ට් 600 ක් විතර ලියලා හිට්ස් ලක්ස 11 හමාරක් විතර අරං. එතකොට පැරාගෙ ඇවරේජ් එක 900 ක් විතර. උඔ 1900 ක් විතර. (අපිට පාටියක් දියං ඈ...) අර නලු නිලියන්ගෙ ඕපාදූප කියෝන උන්ගෙ ඒවා හිට්ස් දෙකෝටි ගණන් පැනලා. පේනවනෙ කරුමෙක මහත!
    මට කියන්න ඕනි ඒක නෙමෙයි. ලංකාවෙ මිනිස්සු ලක්ස 22 කින් කීයෙන් කීයටද උඹලා දෙන මේ පණිඩිවය යන්නෙ? පවුලෙ උන් සහ හිතවත්තු එක්ක එකා සීයකට කිව්වත් මුලු ජනගහනයෙන් 100 න් පංගුවකට යන්නෑනෙ. මමනං ඉස්කෝලවල ඒ ලෙවෙල් කරන උන්ටත් ප්‍රසිද්දියේ කියනවා සිංහල බොග් බලන්න කියලා. අපි මේක ජනතාව අතරට ගෙනියන්න හොඳ ක්‍රමයක් හොයන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මේක මුල කාළේ බැලුවේ කී දෙනාද කියලා. මේක හෙමීට යයි. මම දැක්කා ඔය ගොසිප් සයිට් එකක කොමෙන්ට් එකක් දාපු එකෙක් අහලා තියෙනවා බ්ලොග් කියන්නේ මොනවද කියලා. වැදගත්ම දේ බලන්න ඕන මිනිස්සු මේක බලනවා. ඒකයි මම හැමදාම කියන්නේ. ඔය ෆෝන්, අයි පෑ, ලැප් ටොප් තිබුනට, ටයි බයි දැම්මට, මේකප් දාලා හීල්ස් දාගෙන කාර් බාර් වල ගියාට ඒ ඔක්කෝම ගල් වැද්දෝ කියලා. ඒ මේ බ්ලොග් නොබලන නිසා නෙමෙයි. පොඩ්ඩක් කතා කරලා බලපන්කෝ සාමාන්‍ය දැණීම. ලැජ්ජාවේ පණ යනවා.

      Delete
    2. මෙන්න දෙන්නටම සැලියුට් කලා ,

      Delete
  17. කවුරු මොනව කිව්වත් මෛත්‍රී දිනනව....

    දිනන්නෙ මෙහෙමයි....

    ලියාපදිංචි චන්ද ලක්ෂ 140න් 79-80% වලංගු චන්ද වෙනව කියල උපකල්පනය කලොත් එතන චන්ද ලක්ෂ 110යි. ජනාධිපති වෙන්න නම් චන්ද ලක්ෂ 55 පමන අවෂ්‍යයි..

    අර චන්ද ලක්ෂ 110න් 26-27% පමන සුලු ජාතික (දෙමල මුස්ලිම් ) චන්ද.. ඒකියන්නේ චන්ද ලක්ෂ 28-29ක්...
    ඔතැනින් අඩුම තරමේ 75% චන්දෙ දෙන්නේ මෛත්‍රීට.. ඒ කියන්නේ අවම චන්ද ලක්ෂ 22ක්..

    එජාපය පල්ලෙහාටම වැටිච්ච කාලවලදී පවා දකුනේ සිංහල බෞද්ධ චන්ද වලින් 32-33% විතර යූඑන්පියට තිබ්බා.. ඒවා සම්මජ්ජාතියට මරාට යන්නෑ
    එතැන චන්ද ලක්ෂ 25 විතර...

    එකතුව චන්ද ලක්ෂ 47 යි...

    ඉතුරු චන්ද ලක්ෂ 8 ජවිපෙ (දකුනේ ලක්ෂ 2ක පමන සිංහල චන්ද පදනමක් ) + ෆොන්සේකා (බස්නාහිරෙන් හා දකුනෙන් චන්ද ලක්ෂ 3ක් ගත්ත, බහුතර සිංහල චන්ද ) + හෙල උරුමය (තනිකර සිංහල චන්ද ) + මෛත්‍රීට එකතුවෙන දකුනේ ශ්‍රී ලංකා කාරයින්ගේ චන්ද ආදියෙන් කවර් කරන්න පුලුවන්

    එකග නැතිනම් මාතලන් එහෙම නොවෙන්නේ ඇයි කියල කියන්න බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔයා මේ ලංකාවේ ජනගහනය අනුව ප්‍රතිශත හදාගෙන. එහෙම බලාපොරොත්තු තියා ගන්න එක හොඳයි. හැබයි ඔයාගේ ගනන් කිරීම් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ගැන මම විග්‍රහ කරන්න ඕන නෑ. මැතිවරණ දෙපාර්තමේන්තමේන්තුවේ වෙබ් අඩවිය පරිශීළණය කරන්න.

      Delete
    2. මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද තමයි ප්‍රතික්ෂේපිත සහ ප්‍රකාශිත නොවන ඡන්ද සියල්ල සිංහල ඡන්ද ලෙස පමණක් ගණන් ගැනීම. එහෙම වෙන්න විදියක් නැති නිසා ඔය අප්‍රකාශිත ප්‍රමාණයට සුළු ජාතික ඡන්දත් එකතු කලාම එකී සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 28-29 ක් වන්නේ නැත. විශේෂයෙන්ම උතුරේ ඡන්ද වැටීම ඒ තරම්ම සාර්තක නොවන නිසාත් මේ දේ සිදු වේ. එම තත්වයද මත ගිය වර ජනාධිපතිවරණය තුලදී ප්‍රකාශිත ඡන්ද වලට අනුව කල දළ ගණනය කිරීම් වලට අනුව ප්‍රකාශිත ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 19 ක් පමණ සුළු ජාතික ඡන්ද විය. එම නිසා නැවත එකී දත්තය ඇතුලත් කොට මෙම ගණන සාදා බලන්න.

      එසේම සුළු ජාතික ඡන්ද අතුරින් බහුතරය මරාට විරුද්ධ බව සැබෑය. එහෙත් මරාට විරුද්ධ පාර්ශවයට සුළු ජාතික ඡන්ද වලින් 75%ක ප්‍රතිශතයක් ලබා ගැනීම අසිරුය. එය උපරිම සියයට 65-70 ත් අතර පවතී. කැමතිනම් මෙම සාධකයත් සලකා බලා නැවත ගණන් සාදන්න.

      (ඉහත කරුණු දෙකටම අනුව අප විසින් කර ඇති ගණනය කිරීම් වලට අනුව මරාට විරුද්ධව ගිය වර ප්‍රකාශය තිබූ උපරිම සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ ලක්ෂ 12 ත් 14 ත් අතර ප්‍රමාණයකි.)

      එජාපයේ ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම නිවැරදි වන මුත් ඇතැම් විට මෛත්‍රී/චන්ද්‍රිකා/මංගල යන ත්‍රිත්වය පිළිබඳව ඇති සාධාරණ සැකය මත ඔය ඡන්ද ලක්ෂ 25න් සැලකිය යුතු ප්‍රමාණයක් නොවැටීමට ඉඩ ඇත. එසේ අඩු වීම විය හැකිම තත්වයක් වූවද සැකයේ වාසිය මෛත්‍රීට ලබා දී අප එම ලක්ෂ 25 එසේම ඉතිරි කරමු.

      එසේ උපරිම වාසිය දුන්නත් මෛත්‍රීට ඒ වන විට ලැබී ඇත්තේ ඡන්ද ලක්ෂ (14+25) 37 කි.

      ගිය වර වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 104 ක් පමණ වේ. ඒ අනුව සියයට 50 ක් ලබා ගැනීමට සඳහාත් තව ඡන්ද ලක්ෂ (52-37) 15ක අඩුවක් පවතී. මෙය ලබා ගත හැකි ක්‍රමය අපැහැදිලිය. ගිය වර ජනාධිපතිවරණය තුල ප්‍රකාශිත ඡන්ද ඇතුලේ ජවිපේ ඡන්ද තිබීම නිසා එම ඡන්ද මෙවර අමුතුවෙන් එකතු කිරීම කල නොහැකි අතරම බොහෝ විට ජවිපේ ඡන්දය වර්ජනය කිරීම හරහා ගියවරටත් වඩා ඡන්ද ප්‍රමාණයක් අඩුවීමට හැකියාව ඇත. හෙළ උරුමය එකතු වීම තුලින් එම ප්‍රමාණය නැවත ආවරණය වනවා යැයි සිතුවත් ඡන්ද ලක්ෂ 15ක් අමුතුවෙන් එකතු කර ගැනීම යනු පහසු කටයුත්තක් නොවනු ඇත. චන්ද්‍රිකා සහ මෛත්‍රී නිසා වෙනස් විය හැකි ඡන්ද ප්‍රමාණය ඉතාම අල්පය. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 3 ක් පමණ යැයි උපරිම ලෙස ගණනය කල හැක. (පොලොන්නරුව අනුරාධ පුරය සහ අත්තනගල්ල) එය ලක්ෂ 3ක් ලෙස නොව තවත් වැඩි වාසියක් දී ලක්ෂ 5ක් කලද තවත් ලක්ෂ 10ක හිඟයක් පවතී.
      ගිය වර මරා සහ සරත් ෆොන්සේකා මහත්මා අතර ඡන්ද පරතරය ලක්ෂ 19 ක් පමණ වූ බවත් මතක් කල යුතුය. එම පරතරය පියවා ගැනීමට නම් මෙයට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ. මගේ පෞද්ගලික අදහස නම් එය මේ වාතාවරණය තුල සිදු කල නොහැකි බවය. සමස්ථ ප්‍රතිඵලය ෆොන්සේකා සහ මරා අතර තිබූ තරමටවත් සාර්ථක විය නොහැක.

      (පුධාන මුලාශ්‍රය - http://www.slelections.gov.lk/presidential2010/AIVOT.html )

      Delete
  18. චන්ද්‍රිකා ගැන සිද්ධියක් සඳහන් කරන්නම්
    මාලිනී බුලත්සිංහල මැරුණු අලුත චන්ද්‍රිකා දේශනයක් කරද්දී මාලිනී බුලත්සිංහල ගැන මොනවාහරි කිව්වා (මම රූපවාහිනියෙන් බැලුවෙ) මෙතනදී චන්ද්‍රිකාට බුලත් සිංහල කියන්න ගිහින් හිරවුනා
    එයා කිව්වේ "මාලිනී බුලත්ත්ත් .. සිංහල" කියලා එතනදී සිංහල කියන වචනෙ කිව්වෙ බොහොම හොරෙන් වගේ
    ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා හාමුදුරුවන්ට වඳින්නෙත් අමුතු විදියට එයා වඳින්න නැමෙන්නෙ බොහොම අමාරුවෙන් වැන්ද හැටියෙමු දුන්න වගේ නැගිටිනවා
    දැන් පෙනෙන හැටියට චන්ද්‍රිකා නැවත බලය ගන්න උත්සාහ කරනවා වගේ
    සිංහල බෞද්ධයෙක් හැටියට මේ වගේ කෙනෙක් වෙනුවට ඕනෙ මල යකෙක් පත්කරගන්න මම කැමතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තද? ඒ උනාට චන්ද්‍රිකා හාමුදුරුවරුන්ට පස්සෙ ඇරියේ නෑ මේ වගේ. මෙයාලා මාහා නායක, අනු නායක් විතරක් නෙමෙයි ඔක්කෝටම ඇරලා. බුදු හාමුදුරුවන්ටත් ඇරලා ඉවරයි.

      Delete
  19. JR lokka anthima kale, Ravayatada koheda deepu interviw ekakadi, kiyala thibuna oya putuwe wadi wechcha kenek.wiyavasthawa wenas karanna kemathi wenne ne kiyala.thawa kiwwa wiyavasthawa bayanakawenne duraya darana kenata anuwaya kiyala.(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. මේක අයින් කරන්නේ නෑ එකෙක්වත්. ඒවා ඔක්කෝම බයිලා. ඒත් දැන යන ක්‍රමය නම් අන්තීමයි. මට ප්‍රශ්ණය තියෙන්නේ එකාධිපතිත්වයට වඩා. හැමතැනම අරක් ගෙන ඉන්න කුඩු කාරයෝ, මිනීමරුවෝ, එතනෝල් කාරයෝ, පිම්පියෝ, චන්ඩි, ස්ත්‍රී දූෂ්කයෝ. කම්බ හොරු ගැන. අද ප්‍රාදේශීය සභා වල 100% ඉන්නේ මුන්. තව ටික දවසකින් මුළු පාර්ලිමේන්තුවත් එහෙම වෙයි. ඊට කලින් මේවට ආවඩන අය එලවන්න ඕන.

      Delete
  20. Maathalan,Meka mathrukawata adala nethiwata samawenna ona,me kathawa dekkama noliyabe,liyanna thenakuth ne,Ada(30) Irida Divaine, Meril perera "Sihina Lowak dutuwa Mathakai"namin clarance wijewardana gena lipiyak (Clara pothen patan aran)liyala thibila kiyewwa,Balapuwama Eke Bagayakata wediya Patha Nayek yawala..Clarance gena kiwwama asawen balanna gaththa.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මෙරිල් මගේ හොඳ යාළුවෙක්. මට කාළයක් දිවයින් හම්බ උනේ නොමිළේ. ඒත් කවදාවත් කියවන්නෙ නම් නෑ. ඒක පත්තරක්ද බං..

      Delete
  21. umbawage minissu hari adui.ewage connection thibilath meka dapueka.meril ekka connection thiyena wenathenaka demmanam connection katha nethuwama,comment eka vanish,Thanks.(Ranjan)

    ReplyDelete
  22. මාතලන්ගේ සරම ටිකක් ගැලවී පුක එලියේ ඇත. මිනිස්සු ඡන්දේ දෙන්නේ මිනිහාට වගේම පක්ෂයටත් කියලා ආයෙත් කියනවා ලොක්කා කරන්න තිබ්බේ මේ ජරා පනින එක නීතියෙන් නවත්තන්න කියලයි. එතකොට අන්ත පැත්තේ ඉදලා ලොක්කා ලගට පැන්න අයට ඡන්දේ දුන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ. මේක තනිකරම ලොක්කා පරාද වෙන එක නවත්තන්න කරන්න කියන දෙයක් වගේ නේද..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න