.

.

Nov 23, 2014

පොදු අපේක්ෂක, අල් ජසීරා, ඩොලර් හා රුපියල් - Common Candidate, Al Jaseera, $ and Rs.



මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන්නේ, අපිට ආදරේට නෙමේය. මෛත්‍රිපාල මහත්තයා රජ සැප හැරදා පැමිණ සිටින්නේත්, අපට ආදරේට නෙමේය. මහින්ද මහත්තයාට ඕනා, බලේ තවත් වැඩි කර ගන්නය. මහින්ද මහත්තයා මේ සැරෙත් දින්නොත්, ඒකේ ඉන්න උන්ට වෙන්නේ, දැන් ඉන්නවාටත් වඩා බලු කුක්කන් වෙන්නය. දැන් වෙලා තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නය. හැබයි ඡන්දෙන් පස්සේ වෙන්නේ කන්නත් නැතිව බකං නිලාගෙන ඉන්නටය. එයා හිතන්නේ රාජ පක්ෂයට ඕනම දෙයක් කොර ගන්න පුළුවන් කියලාය. දින්නොත් වෙන්නේ ඒ මතය තහවුරු වීමය.

මෛත්‍රිපාල මහත්තයාට ඕනා රටේ රජ්ජුරුවෝ වෙන්නය. ඔය ජනපතිකම් අහෝසි කිරීම්, දින්නාට පස්සේ හැම එකාටම අමතක වෙනවාය. එහෙම උන් අය අදටත් ජීවත් වෙලා ඉන්න නිසා, එකෙක්ටවත් බොරුය කියලා කියන්න බැරිය. එයා රනිල්ට ඇගමැති කම දෙනවා කියන්නේ දැනටමත් ඇක්සෙකටිව් පවර් හිතට අරගෙන ඉන්න නිසාය.

ඔය මොකා ආවත්, සාමාන්‍ය ජනතාවට ලැබෙන ලබ්බක් නැතිය. ජීවන මට්ටම උසස් කියා බැලූ බැල්මට පේනවාය. හැබයි ඒවා ඔක්කෝම, අර ඉස්සර, ගමට නයිස් බොම්බයි මුටයි අරන් එන, බොරු කකුල් කාරයා වාගේය. පොර බොහෝම අමාරුවෙන් යන්නේ බොරු කකුල් දෙකකින්ය. මේක මහා පුදුම වේදනාවක්ය. ඒකේ අමාරුව දන්නේ ගමේ පන්සලේ කඨින පෙරහරේ හරි, බොරු කකුල් දෙකක් දාගෙන ගිය එකාය. පොර සෙනඟ ඉන්න තැන්වල පොඩි ඩාන්ස් එකකුත් දානවාය. ඊට පස්සේ, නයිස් ටිකයි බොම්බයි මොටයි ටිකයි විකුණා ගන්න පට්ට ගේමක් දෙනවාය. ඩාන්ස් බලපු හැම එකාම බොම්බයි මොටයි කන්නේත් නැතිය. ඒ කාළේ, බොම්බයි මොටයි තියා, බත් ඩිංගක් කෑවේත් බොහෝම අමාරුවෙන්ය.

අද ඉන්න කොල්ලෝ ,කෙල්ලෝ ඩෙනිම් ටී ෂර්ට් ගහලා, ජෙල් දාලා, පුක ළොකු වෙන්න වොලට් දාගෙන ගියාට, අත්තම්මා පොලේ ගෙනිච්ච වේවැල් කූඩෙටත් වඩා ළොකු හෑන්ඩ් බෑග් කරේ දාගෙන ගියාට, ඒවායේ ඇති හුල්ලියක් නැත. කන්න හොයන්නේ අඩුම ගානට තියෙන තැනක්ය. ෆෝන් එකෙන් පෝන් කරාට. ඇපල් පෝන් වගේ පෙනුනාට, ඕවා ඔක්කෝම චීනාගේ දෙකයි පණහේ සෙල්ලම් බඩුය. උපරිම මාස දෙකයි තුනනයි. ඉතින් අතේ තියෙන සබ්බ සකල මනාවමයි, ලෝනුයි බෝනුයි ඔක්කෝම ගහලා තව එකක් ගන්නවාය.

ඉතින් සෙල්ලම් බඩු විකුණන උන්ටත් පට්ටම ආතල්ය. ණය උන උන්ටත් ආතල්ය. අජිත් නෙවාඩ් කබ්‍රාල්ටත් මාරම ආතල්ය. තියෙන්නේ පට්ට ආර්ථිකයක් කියා. මහා බැංකු වාර්ථවා කියා, පච කන්දරාවක් ලියා, ජනාධිපති තුමාට දීලා, රස්සාව බේරා ගන්නවාය. රජතුමා හිතන්නේත් ජනතාව සුඛිත මුදිත වෙලා, තව්තිසා දිවිය ළෝකේ, අම්මට සිරි ලංකාවේ පහළ වෙලා කියලාය. සපත්තු, සෙරෙප්පු, ඩෙනිම්, ටී ෂර්ට් වල තත්වයත් එහෙමය. නියම බොරු කකුල් කාරයෝය. දකින එකා හිතන්නේ, අම්මට බොල රටකට ගිය කළ කියලාය. ඉතින් නාකී ලොන්ත බඩු එක්ක බෙඩ් රගර් ගහන, සරත් අමුණුගමලාත් මේවා දැකලා අමන කතා කියනවාය.

මෛත්‍රීපාල උන්නැහේ එක්ක එනවාය කියපු සම හරක් උන්, ඊයේ ලොක්කා එක්ක ධාතු නිදන් කොරන්නයි, පාරවල් ඕපන් කොරන්නයි, මෙහෙයුම් කාර්යාල ඕපන් කොරන්නයි, ගිහිල්ලා ඉන්නවා දැක්කේය. මුන් බම්බු ගහනවාද යකෝ කියා අපිට හිතෙන්නේ, ඒ වෙලාවටය. 20 ක් එනවාය කිව්වාට ආවේ 9 ක්ය. 9 නපුරුය. කොහොම හරි, ඔය ආපු සෙට් එකත් එක්ක ගේමක් දෙන එකනම් අමාරුය. අනික තව ආවේ නැත්නම්. සිරිසේන, අයියෝ සිරිසේනම වෙනවාය.

මොකෝ..., අර පවර් එක එන්නේ නැති නිසාය. හරි නම් කොරන්න තිබුනේ, සප්‍රයිස් පෙන්නිල්ල පැත්තකින් තියලා, එන උන් රොත්ත බුරුත්තම අරගෙන ඇවිල්ලා, රජ්ජුරුවෝ සප්‍රයිස් කොරනා එකය. දැන් වෙලා තියෙන්නේ බාලගිරි යකාට වෙච්ච වැඩේය. අද බජට් එකේ එහෙම මොකක්ද ගේමක් දෙනවා කියා ගොසිප් එකකුත් යනවාය. හැබයි පුතේ, අද මුකුත් උනේ නැත්නම් වෙන්නේ, බම්බු ගහගන්නමය. මොකෝ ලොක්කාගේ සප්‍රයිස් එන්නේ ඩොලර් වලින් නිසාය.

ඔතන ඉන්න කැම එකාම ඔතන ඉන්නේ, රටට ආදරේටවත් අපිට ආදරේටවත් නෙමය. හැම එකාම ඉන්නේ හම්බ කොර ගන්නය. එහෙම කෙලින්ම කියන උන් ග්‍රේට් පොරවල්ය. ඉතින් රට හදනවා කියන එවා ඔක්කෝම වැල් බයිලාය. ආන්ඩුවේ උන් කියන්නේ, තානාපති කාර්යාලවල ඩොලර් නිසා, මෛත්‍රිපලලා මහ රජ්ජුරුවන්ට ගේම දෙන්න යනවා කියලාය.

අනික් උන් කියන්නේ, අපිට කෝටි 500 දීලා ඒ පැත්තට ගන්න යනවා කියලාය. අපි ඉතින් මුන් මාකට් වෙන ගනන් දැකලා, හූල්ල හූල්ල ටැලිවිසොන් දිහා බලාගෙන ඉන්නවාය. කෝටී 500 කියන්නේ, ඇමතිකම් කොරලාත් හම්බ කොරන්න බැරි ගානක්ය. ඒ නිසා අපිට දැන් බලාගෙන ඉන්න වෙන්නේ, දිනන්නේ කෝටී 500 ද, මෛත්‍රිපාල උන්නෑහේද කියලාය. මොකෝ ඕන එකෙක් විකිනෙන ගානක් තියෙන නිසාය.

අපි හිතාගෙන උන්නේ රජීව විජේසිංහ, හර්ෂ ද සිල්වායි කියන්නේ මොළේ තියෙන උන් කියලාය. බලාගෙන ගියාම උන් දෙන්නාටම, ආචාර්ය මර්වින් සිල්වාට තියෙන තරම් වත් මොළයක් නැති උන්ය. දෙන්නා එක්ක "අල් ජසීරා" එකේ ඉන්ටවීව් එකකට ගියේ, එන අනිත් එකා මොකාද කියලා නොදැන වෙන්න බැරිය. මහින්ද මහත්තයා හා සෙට් එක යුද්දේ විකුනන් කන බව දැන දැනත්, මේ වාගේ ඉන්ටවීව් වලට යන්නේ දේශපාළණේ කියන දේ අබ මල් රෙණුවක් වත් නොදන්නා නිසාය.

අනික මේ තීරණාත්මක ඡන්දයක් කටේ තියාගෙන, කොටියෙක් එන සාකඡ්චාවකට යන්න දෙසරයක් කල්පනා කරන්නම ඕනාය. දැන් මහින්ද මහත්තයා සහ එයාගේ වාචාලයෝ සෙට් එකටයි, මාළු වට්ටි අම්මාටයි, ඡන්දේ දිනන්න ඔය ඉන්ටර්වීව් එක ඇතිය. මොකෝ, ආන්ඩුව ඉන්ටර්වීව් එකේ උන ඇත්ත කතාව රූපවාහිනියේ වත්, නයි ටී ඇන් එකේවත් කියන්නේ නැතිය. උන් කියන්නේ හර්ෂයි රජීවී දෙන්නා කොටිත් එක්ක එකතු වෙලා, මහින්ද මහත්තයා, "හේග්" වලදි ,එල්ලා මරන්න යනවා කියලාය. ඡන්දේ දිනන්න ඕය කතාව හොඳටෝම ඇතිය.

කොටියා එහෙම කතාවක් කිව්ව එක ඇත්තය. ඒත්, රජීව කොටියාට බඩ යන්නම දුන්නේය. ඒක දන්නේ ඉන්ටවීව් එක බලපු එකෙක් විතරය. අපේ රටේ සාමාන්‍ය ජනතාව, "අල් ජසීරා" බලන්නේ නැතිය. උන් බලන්නේ රූපවාහිණියයි, නයි ටී ඇන් එකයිය. අල් ජසීරා අයිති කටාර් වල ඉන්න අරාබි කාරයන්ට උනත්, දැන් වැඩේ යන්නේ, බටහිර කුමන්ත්‍රණ කියාය. මොකෝ ඉන්ටවීව් එක කලේ සුද්දියෙක් නිසාය.

මෙහෙම එක එක තැනින් අහුලා ගත් ගෙම්බෝ දාගෙන කරන ඡන්ද කෙරුවාව කොහෙන් නවතියිද කියලා බලා ගන්න වෙන්නේ, ජනවාරි 8 වෙනිදාටය. විපක්ෂේ උන්ව එක තැනකින් මෙහෙයවා ගන්න හම්බ උනේ නැත්නම්, අපේ අහිංසක මෛත්‍රිපාලටත් වෙන්නේ, අර සරත් ෆොන්සේකා කියපු දේමය. මොකෝ අර නැගෙනහිර පලා බබාවත් දිනාගන්න බැරි, සීනී පැක්ටරියට කෙල උන වෙලාවේ, හොටු පෙරාගෙන අඬාපු දයා ගමගේ කියන බිස්නස් කරයාත්, පොදු අපේක්ෂකයා විදියට එයා එනවා කියා කියලා තියෙන නිසාය. ඒ බයිලා ඇහෙනකොට අපිට හිතෙන්නේ, මේක නියම මළ විකාරයක්ය කියලාය. කෙසේ වෙතත් අනාවැකි කියන්නට තවම කල් වැඩිය..

ඒ වගත් මෙසේය...

99 comments:

  1. රජීව් විජේසිංහ විය යුතුයි. අල් ජසිරා සින් එකට ගියේ..

    මොකක් උනත් බං මේ අඩන්නෝ කියන්නෙත් එකම බයිලේ.. තාම රටට වෙනසක් කල හැකි අයෙක් නැහැ.. ජේවිපි මතය මේ මොහොතේ හරි.. මෛත්‍රි කියනවනං එයා දිනුවම එයාගේ පුතාට බලපාන නීතියම මගේ පුතාටත් බලපාන්නේ කියලා. අන්න එහෙනං මාත් චන්දේ දෙනවා. රට තුල ව්‍යුහය, නීතිය, ස්වාදීනත්වය ස්ථාපනය කරන්න බෑ ඔය කියන කතා වලින්. අපි බලමු.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ නේ එයාලට. මතකනේ එයාගේ පුතත් වලියක් දා ගත්ත වෙලාවේ වෙච්චි දේ. අනික එකෙක් කියනවද, පෙන්ෂන් එක නැති කරනවා. බැකප් වෙහිකල් නැති කරනවා කියලා. මේ ළඟදි ලොක්කා නෙමෙයි වෙන මොකෙක්ද එකෙක් පාරේ ගියා මෝරට් සයිකල් එක්ක ඌටම විතරක් වාහන 10 ක් ගියා. ඇයි යකෝ මේ අපේ සල්ලි නේද. මොකෝ උන්ට ඔක්කෝම ෆ්‍රී නේ. හෙනම ගහපිය කිව්වලු.

      Delete
  2. මංගල සැලසුම් කර ඇත්තේ මල්ටි බැරල් ප්‍රහාරයක්ලු
    පලමු වෙඩි මුරය සාර්ථකයිලු
    මීලඟ පිම්ම පලාත් සභා තුන පෙරලීම
    බස්, ඌව හා මධ්‍යම
    පලා බබෙකුගේ මාර්කට් රේට් එක සාමාන්‍යයෙන් රු මිලියන 10යිලු
    හත්තිලව්වෙ දැන් කස්ටිය 25ක් ඉල්ලනවලු
    මොකද ? ඩිමාන්ඩ් එක වැඩි නිසා
    ඉතින් බජට් අප්සෙට් වෙලාලු

    තොරතුරු LANKAPAGE ආශ්‍රයෙනි

    ReplyDelete
    Replies
    1. බලමු තව් පැය කීපයයි නේ තියෙන්නේ.. ඒ අස්සේ ආන්ඩුවත් ප්‍රාදේශිය වල ඉන්න උන් නගර සභාවල ඉන්න උන් පලා බබාලා ඉතරක් නෙමෙයි මහ පක්ෂ වල ලේඛම්ලත් බාන්නයි හදන්නේ කෝටි ගනන් දීලා.. බලමු ඒකෙත් කව්ද දිනන්නේ කියලා.. ඊට පස්සෙ බැරිය මහ එක ගැන කතා කරන්න..

      Delete
  3. මොකෙක් හරි කමක් නෑ නිද්‍රාවෙන් ඉන්න ජහමනයා ඇහැරවන්ට පුළුවන්නං ..පෙරේත ගොටුව දිහා බලා ඉන්න දේශපාලන පෙරේතයෝ ටික එලවන්ට පුළුවන්නං ඌට තමයි මේ රට නැවත හදන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ රට හදන්න නම් මේ සිස්ටම් එක මකන්න පුළුවන් එකෙක් එන්න ඕන.. ඒත්

      මැකුවොත් හිරේ...

      Delete
  4. Oya podi apekshakaa wade hari yanne na.
    munta eka gana ekagathawak na.
    eka ekaa eka eka dewal kiyanwa.

    Ranil lokka Matripalawa paraddanwa katha dekak na.

    ReplyDelete
  5. මේ ලිපියෙත් සම හරක් තැන්වල, අර උදිත කිව්වා වගේ "මාතලන් තුල අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින ලාංකික පොදුජන විඤ්ඤාණය" එලියට පැනලා .

    //අනික මේ තීරණාත්මක ඡන්දයක් කටේ තියාගෙන, කොටියෙක් එන සාකඡ්චාවකට යන්න දෙසරයක් කල්පනා කරන්නම ඕනාය. දැන් මහින්ද මහත්තයා සහ එයාගේ වාචාලයෝ සෙට් එකටයි, මාළු වට්ටි අම්මාටයි, ඡන්දේ දිනන්න ඔය ඉන්ටර්වීව් එක ඇතිය. //
    "අම්මට සිරි ලංකාවේ" ටිපිකල් ඡන්දදායකයො ගැන දන්න නිසා මේ කතාවට නම් එක පයින්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. උදිත එයාගේ සිහිණ ළෝකයක ඉඳන් ලියපු ළිපිය ප්‍රශ්ණ කලාම. උදිතටයි, එතන සීනී කිරන්න ආව රාජ්ටයි දෙන්නටම උත්තර නැතිව ගියා. දෙන්නටම උනේ රොහාන් සමරජීවට වෙච්ච දේමයි. ලියපු දේ කියවන්නේ නැතිව උත්තර බඳින්න ගියාම, එහෙම නාගන්න වෙනවා.

      මහාචාර්යවරුත් නාන රටක.. උදිතලා රාජ්ලා මක්කුද...?

      හිතට දුකයි තමයි.. හැබයි ඒක ඇත්ත තමයි..

      Delete
    2. පල යන්ට ...තෝ ඊළඟ පාර අහු උනාම මලක් කනේ ගහල පුනීලයක් කටේ ගහල ගල් බාගයක් හලනවා කටේ. රාජ් මල්ලි අනිවාර්යයෙන් සෙට් කරගන්න ඕන මචෝ.

      Delete
    3. //උදිතටයි, එතන සීනී කිරන්න ආව රාජ්ටයි දෙන්නටම උත්තර නැතිව ගියා.//
      දැං මොකද්ද නැතිවුන උත්තරේ. පට්ට ලිබරල්වාදීයගෙ භූමිකාවයි සරදියෙල්ගෙ භූමිකාවයි රඟදක්වනව කිව්වම කේන්තිද? උදිතයි මායි සිංහලෙන් පැහැදිලි කරල තියනව එතන. මොලය කියන අවයවය තියනව නං තේරුම් ගන්න පුළුවන් මොකද්ද මාතලන්ගෙ අවුල කියල.
      මාතලන් හැම විටම ප්‍රමෝට් කරන්නෙ රනිල්ගෙ ලිබරල්වාදය. රාජ්‍ය සේවය ගැන පෞද්ගලික අංශය ගැන කලින් ලියපු සටහන් බලන්න. ඊට පස්සෙ ඔය රොහාන් පිළිතුරු ලිව්ව මාතලන්ගෙම ලිපිය බලන්න. ඒකෙ කර්මාන්ත ඇතිකිරීම ගැන කියන ටිකත් බලන්න. බලල තේරුම්ගන්න අපි කියන්නෙ මොකද්ද කියල.

      වතුර මල යට ඉඳගෙන නාන එකාට පේන්නෙ අනිත් එවුනුත් නානව වගේ. මොකෝ ඇස් ඉස්සරහ තියෙන්නෙ වතුර නෙව. ඉස්සෙල්ල කරාමෙ වහගන්න, ඊට පස්සෙ වාද කරමු!

      Delete
    4. http://udithame.blogspot.com/2014/11/blog-post.html
      මෙන්න ලිපිය. නාන්නෙ කවුද කියල බලාගත්තැකි.

      Delete
    5. ඔව් එතන ඔය තුන් දෙනාම නාන්නේ මම ආන්ඩුවෙන් කර්මාණ්ත කරන්න කිව්වය කියලනේ. කෝ එහෙම කියලා තියෙන තැන් අද වෙනකන් පෙන්නන්න බැරු උනා තුන් දෙනාටම.. ළිපි වැඩක් නෑ.. තැන පෙන්වන්න..

      Delete
    6. //මොකක් හරි එක ගමකට එක කර්මාන්ත ශාලාවක් පටන් ගත්තාම හරි. එතකොට කර්මාන්ත 33000 ක් ඉබේම ඇතිවෙනවා. මේ ඇති මුළු රටටම. මොකෝ, ඇමති තුමා කරන එක තමයි, (දැන් ජනතා සේවකයෝ කියලා පිරිසක් නෑ නේ. ඉන්නේ බිස්නස් කාරයෝ සෙට් එකක් නිසා.) වටේ ඉන්න උනුත් කරන්නේ//
      http://maathalan.blogspot.com/2014/10/who-needs-economic-policy.html

      මේ තියෙන්නෙ බැබලි බැබලි!

      Delete
    7. දැන් මොකක්ද ඒකේ තියෙන වරද? දැන් කොතනද ඕකේ කියලා තියෙන්නේ ඒ කර්මාණ්ත ආන්ඩුවෙන් කරන්නය කියලා? මම උඩින් කියලා ඇති මුන් කරන්නේ බිස්නස්ය, ඒවා ඔක්කෝම පාදඩ බිස්නස්ය. ඒ වෙනුවට අර ප්‍රේමදාස මහත්තයගේ කාළේ වගේ මොකක් හරි නිශ්පාදන කර්මාණ්තයක් පටන් ගන්නය කියලා. මොකෝ දැන් ඔය මැති අමතිවරු දාලා තියෙන, බාර්, ගොන් ඉස්පොට්, රෙස්ටුරන්ට් ආන්ඩුවේ නෙමෙනේ ඒවා ඔක්කෝම මැති ඇමතිලගේ ඔක්කෝම ආන්ඩුවේ හරි විපක්ෂෙ හරි උන්. ඕක තමයි මහාචාර්ය තුමාත් පටල ගත්තේ. ළිපිය සම්පූර්ණයෙන් නොකියවා තැනින් තැන කියෙව්වාම වෙන්නේ ඕකයි. ආයෙත් ළිපිය කීප සැරයක් කියවන්න. මුළු ළිපියම. ආන්ඩුවෙන් ෆැක්ටරි කරන්න කියන්නේ මගේ මොළේ කචල් කියලා හිතුවද..?

      Delete
    8. හැක් හැක්. මාතලං උඹ හොදයි මේ දේශපාලන වලටම දාන්න..

      Delete
    9. එතකොට ගමකට එක ගානෙ 33000ක් දාන්නෙ පොලිසියද? එහෙම නැත්තං ව්‍යාපාරිකයන්ගෙ බෙල්ලට කටපුංච තියල කියනවද උඹ අහවල් තැන ෆැක්ටරියද් දාපං කියල?

      Delete
    10. ආන්න එහෙම එන්න. ව්‍යවසායකයෝ. දැන් ව්‍යවසායකයෝ ඉන්නේ පාර්ලිමේන්තුවෙයි. අනිත් හොර ගුහා වලයි. මේන් මේ දේ නම් උඹලට නොතේරුනාට ප්‍රොෆෙසර්ට තෙරුනා. මම කිව්වේ ආසනේක මන්ත්‍රි හරි ඇමති හරි මොකා හරි මෙහෙම කර්මාන්තයක් පටන් ගත්තාම, ඌගේ ගෝලයෝ කරන්නෙත් ඒක. එතකොට හැම ගමකටම කර්මාන්තයක් එනවා. ඉබේම. හැබයි ඒවත් මේ දැන් තියනවා වගේ එතනෝල් ෆැක්ටරි, කසිප්පු ෆැක්ටරි, නෙමෙයි කියලත් ඒ ළිපියෙම තියෙනවා..

      ළිපිය කියවන්න හෙමීට..

      නැට්ගුව අර රූපවාහිනියෙයි, නයි ටී එන් එකේ ඉන්න පට්ට එඩිටර්ලා වගේ තැනින් තැන කෑලි අරගෙන පට්ට ආතල ගන්න යන්න එපා..

      Delete
    11. එතකොට මන්ත්‍රීල තමුන්ගෙ ආසනේ ෆැක්ටරි පටන් ගන්නව. ඒවට සල්ලි? මේව කරන්න ගන්න තීරණ? මාර ලිබරල් ංඈ! :-)
      මෙහෙම කතා කිව්වට කමක් නෑ, ඉස්සෙල්ල ඔය ලිබරල් අමුඩෙ ගලවල සමාජවාදී අමු‍ඩයක් ඇඳගන්න. ලඟ නැත්තං ඔය කිට්ටුව ඉන්න සමාජවාදී සහෝදරයෙකුගෙන් ඉල්ලගන්න :-)

      Delete
    12. නාන්න.. තව හොඳට නාන්න. ප්‍රේමදාසගේ ෆැක්ටරි පටන් ගත්තෙ ප්‍රේමදාසද? ඔය කාලකන්නි බාර් දැම්මේ උන්ගෙ සල්ලි වලින්ද නෑ. ගමේ ඉන්න දළ කාරයෙක් අල්ලා ගත්තා. ඒ වෙනුවට ෆැක්ටරි දැම්මා නම් කොච්චර වටිනවද? තියෙන ටිකත් වහලා දැම්මා. සල්ලි තියෙන එකා උනත් අද සල්ලි දාන්න බයයි පොෆෙසර් කිව්වා වගේ. මොකෝ මුන් කම්බ හොරු නිසා. ඊශ්‍රායලයේ තියෙනවා කිබුට්ස් කියලා කොන්සෙප්ට් එකක්. ඒක නියම විදියට ගෙනිච්ච කෙනෙක් ප්‍රේමදාස. ළිපි ලියපු උන්වත් මෙච්චර නෑවේ නෑ. ඔහොම තමයි අනුන්ගේ සීනී කිරන්න ගියාම. නාන්න. හොඳට නාන්න. නාලා, ආයෙත් ළිපිය කියවන්න.

      මාතලන් සමාජවාදෙට ගිය දවසට මහින්ද විධායකෙත් දාලා යයි..

      Delete
    13. මාතලන් මාත් ආව සීනි කිරන්න.
      1. ගමකට එක ගානේ කර්මාන්ත ආරම්භ කිරීම කිසිසේත්ම ප්‍රයෝගික නැහැ. ඒකත් බේබද්දෝ එක්කහු වෙලා බොන ගමන් රටේ දේශපාලනය , රට හැදීම , සංවර්ධන ක්‍රියා ගැන හර බර සාකච්චා යන අතරේ නැගෙන තවත් එක්තරා ෆැන්ටසි සංකල්පයක් විතරයි.

      2. ප්‍රේමදාස මහත්තය ගං ගානේ ආරම්භ කරපු ගාමන්ට් උදාහරණයට ගෙන දැක්වීමෙන්ම ඒ ගැන ඔබගේ අනවබෝධය පැහැදිලි වෙනවා. ඔහු ඒ කලේ දේශපාලන උප්පරවැට්ටියක්. ට්‍රයිස්ට්ටාර් එක ආරම්භ කල බොහොමයක් ඒ වගේ කර්මාන්ත ශාලා අවුරුද්ද යන්න ඉස්සෙල්ල වැහුනා. ගිය මාසේ මැරිච්ච කුමාර දේවපුර ට ප්‍ර්රේමදාස ආණ්ඩුවෙන් දුන්න සහන (ජනතාවගේ බදු සල්ලි ) වලින් මුනිච්චාවට ඒවා මාස කීපයක් ඇදගෙන ගිහිල්ල පස්සේ වහල දැම්ම. එකට හේතුව ඉතා පැහැදිලියි.

      a . ගම් ගානේ දාන කර්මාන්ත ශාලා වලට ශ්‍රමය හිඟයි. ලංකාවේ ගං චීනෙ ගං වගේ මිනිස්සු දස දහස් ගනං ඉන්න ඒවා නෙමෙයි.
      b . ශ්‍රමය මිල අධිකයි. නිෂ්පාදන ධාරිතාව කුඩායි. එම නිසා කුඩා කර්මාන්ත ශාලා වලින් වැඩි කාර්යක්ෂමතාවයක් උකහා ගන්න බැහැ. ඒකට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කල යුතුයි. නැත්නම් නිෂ්පාදනයේ මිල අධිකයි. ඒවා ගන්නේ නැහැ කවුරුවත්.
      c . හැම ගමකම කර්මාන්තයට උචිත පුහුණු ශ්‍රමය නැහැ. පුහුණු කරලා රස්සාව දෙන්න ව්‍යාපාරිකයන්ට පිස්සු නැහැ.
      d . ලංකාවේ ගමකට ලඟදි ගිහිල්ල නැහැ වගේ ඔබ. ගං වල බොහොමයක් ගෙවල් වල ගැහැනුන් රට. මිනිස්සු ළමයි බලනවා. කෝ කර්මාන්ත වලට ශ්‍රම බලකාය ?
      e . කර්මාන්ත වලින් පිටවෙන අපද්‍රව්‍ය සුරක්ෂිත ලෙස පරිසරයට මුදා හරින්න විශාල මුදලක් වය වෙනවා. මහා පරිමාන කර්මාන්ත වලට මේකට මුදල් යොදවන්න පුළුවන් උනාට ගං වල හැදෙන ඔබ කියන ආකාරයේ ඇඹිටිල්ලන් කර්මාන්ත වලින් වෙන්නේ අපද්‍රව්‍ය හෙමිට ඇලකට මුදා හරින එක. නැත්නම් පුච්චන එක. මේක අන්තිමේදී මහා පරිසර ව්‍යසනයක් වෙලා නවතින එකක්. ඒ ඔක්කොම හරියට කරගෙන කර්මාන්තය කරගෙන යන්න ගියොත් වියදම අධිකයි. ටික දවසකින් බංකොලොත්.


      පොඩ්ඩක් ඉකොනොමික්ස් ඉගෙනගෙන ඉන්න ප්ලීස්. බීපු වෙලාවට කතා කරන ඉකොනොමික්ස් වලින් රටවල් හදන්න නං බැහැ.

      ඔබගේ අනිකුත් කරුණු සමග නම් එකඟයි

      Delete
    14. ළිපිය කියවා කොමෙන්ට් කරන්න. එතකොට නාන්න වෙන්නේ නෑ. ගාර්මන්ට් ෆැක්ටරි ගැන විතරක් නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒ උදාහරණයක් පමණ්යි. මම ඔබට වඩා ගම්වල කරක් ගහන් මනුස්සයෙක්. දැණුත් ඉන්නේ පට්ට ගමක තියෙන බුටීක් හෝටලේක. මට ගෙදර එන්න පුළුවන් උනත් මම ඒ ගමේ ඉන්නේ. මම හැමදාම ඉගෙන ගන්න කෙනෙක් නිසා.

      මට ඉකොනමි ගැන උගන්වන්න කලින්. ඔයා ඉගෙන ගන්න. ඒ වගේම රටේ හැමතැනම යන්න. මිනිස්සු එක්ක කතා බහ කරන්න. එතකොට ඔය ප්‍රොෆෙසර්ලා උගන්වන දේට වඩා දේ ඉගෙන ගන්න පුළුවන්.

      Delete
    15. අනික් ප්‍රධානම දේ මිනිස්සුන්ගේ පෞදගලිකත්වයට පහර නොදි. ලියලා තියෙන දේ ගැන විවාද කරන්න ඉගෙන ගන්න. ඒක ඔය ඔක්කෝටම වඩා වටිනවා.

      Delete
    16. //දැණුත් ඉන්නේ පට්ට ගමක තියෙන බුටීක් හෝටලේක//
      එතකොට ගම්වල තියෙන බුටික් හොටලෙන්ද අය්යෙ උඹ ගම ගැන ඉගෙනගන්නෙ. මාත් වැල්ලෙ කොල්ලෙක් විදියට ඔය බුටික් හොටෙවල ඉන්න එවුන් ගමේ ගොඩේ ඇවිදිනව දැකලා නැහැ

      Delete
  6. හර්ෂ සහ රජීව කියන අය හොඳයි ශාස්ත්‍රීය මට්ටමේ දේශපාලනයට. ගැලරියට හරියන්නෙ නෑ. මේක වර්තමාන එජාපයේ කිහිප දෙනෙකුටම තියන අවුලක්. මම කියන්නෙ දැං ඉතිං ගියදේ ගියා, ඉස්සරහට ජනාධිපතිවරණට එජාප කථිකයන් තෝරද්දි පරෙස්සමින් වැඩ කරන්න වෙනව. ගොන් කතා කියන්නන් අත්හැරල දාල ඔය අජිත් පීපී, රංජිත් මද්දු, හැරිසන් වගේ බුවාල දාන එක හොඳයි. ජවිපෙ ස්ටේජ් නොනැඟීමේ පාඩුව මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙත් එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ අර දියවන්නාවෙ බඩු ගහපු එකාගේ දිරච්ච කඹ කාලා.. ගොඩක් වෙලාවට මෛත්‍රිපාලගේ සරම අස්සේ රිංගයි.. උන්ගේ කටවල් නැතුව එජාපේ ඉන්න බබාලා එක්ක ලොක්කා එක්ක හැරෙන්නත් බෑ..

      Delete
    2. ජවිපෙ කාපු ලණුවක් නෑ. උන් දන්නව කොහොමත් උන්ට දිනන්න බෑ කියල. ඉතං අඬන්න ඉන්න එකාටයි සරත් එන් අැඟීල්ලෙන් ඇන්නෙ. උන් ඒකෙ ප්‍රයෝජනය ගන්නව එක පැත්තකින්.
      අනිත් පැත්තෙන් චන්ද්‍රිකයි මරායි කලින් පොරොන්දු ඉටු නොකල නිසා මේ සැරෙත් වැඩේ ගැස්සුනොත් මිනිස්සු අතරට යන්න බැරි වෙනව. ඒකත් ප්‍රභල හේතුවක්.
      හැම එකාම තමන්ගෙ දේශපාලනය ගැන බලලයි සහයෝගෙ දෙන්නෙ. ඒ අතින් එජාපයට තමයි අවුලක් නැත්තෙම. මෛත්‍රී ආවොත් උන්ට කොහොමත් වාසියි. නැති වෙන්න දේකුත් නෑනෙ

      Delete
    3. රනිල් කියන්නෙත් මහින්ද වගේම ගල් ආඳෙක්. ඒත් හිටපු ගමන් නාන්නෙ නැත්තෙත් නෑ..

      Delete
    4. මට තේරෙන්නේ නැහැ ජවිපෙ කාපු ලණුව මොකක්ද කියලා. ජවිපෙ ගත්ත උත්සාහය වැරදි කොතනද? ඒ නිසා නේද මරාට උසාවියෙන් මතය විමසන තැනට වෙනකම් යන්න වුනේ. මතයත් තාම අබිරහසක්.
      අනිත් එක ...අනිත් පක්ෂවලට වගේම ජවිපෙටත් පක්ෂය තුල න්‍යාය පත්‍රයක් තියෙනවානේ. මේ ජනාධිපතිවරනයෙන් මරා පරදවමු කියන්නේ මෛත්‍රී දිනව්මු කියන එක මිස, ට්‍රැක්ටර් සාදුව දිනවමු කියන එක නෙමෙයිනේ. එතනින් පස්සේ මහ මැතිවරනයකට ජවිපෙ සුදානම තමයි, දැනට තියෙන වැඩපිලිවෙල තුල තියෙන්නේ. එතන්දි ජවිපෙට පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍ය නිසා, උන් ස්වාධීනව තම මතය ජනතාව අතරට ගෙනියනවා. පක්ෂයක් හැටියට ඒකේ ඇති වරදක් නැහැනේ. පොදු අව්ශ්‍යතාවයට එකඟයිනේ.

      Delete
    5. 18 වෙනි සන්සෝදනේ ගේන්න ප්‍රධාන හේතුව මොකක්ද? මහින්ද මහත්තයට මැරෙණකම් රජකම් කිරීම. වෙන මක්කත් නෙමෙයිනේ. ඒ ඉන්න අතරෙ තමයි දියවන්නාවේ බඩු ගහලා මාට්ටු වෙච්චි එකා මේ දිරච්ච කඹේ දෙන්නේ. මේක නික් උන් නොකෑවට, ජෙප්පෝ කෑවේ සෝසුත් දාගෙන.

      හරි දැන් ලොක්කා කරේ මත විමසුමක් නේ. ඒක තීන්දුවක්වත්, නියෝගයක්වත් නෙමෙයි නේ. දැන් තියෙන්නේ මේ මාසේ 8 වෙනිදා මහින්ද නොමිනේසොන් දුන්නාම. එදාම සුප්‍රීම්කෝට් එකේ නඩුවක් දාන්න බොරු බයිලා නොගහා. ඇයි කරනවා කිව්වේ ඒකනේ.

      දැන් දන්නවා එතෙනට ගියත් වැඩක් නෑ කියලා. දැන් ඕන කාගේ හරි සරම අස්සේ රිංගන්න. ඒක අද තූරණය කරනවලු නේ. කාපුවා දිරව ගන්න බැරුව තමයි, එදා සිරසෙ සටනෙදි. කෙලින් උත්තරයක් දී ගන්න බැරුව තැටමුවේ.

      Delete
    6. නඩු දාන නොදාන එක ජෙප්පන්ගේ වැඩක්. ඒත් එතනින් ආපු මතය???? ඕක නම් එතන නඩු තීන්දුවත් ඔය විය හැකියි. නමුත් නීතිය ගැන දන්න එවුන් නම් නඩුවක් දාන්න වටිනවා ඉතිහාසයට එකතුවෙන නඩු නිමිත්තක් හැටියට හරි. නීතිය ගැන දන්නේ නැති නිසා ඒවගේ හරි වැරදි කියන්න යන්නේ නැහැ.

      Delete
  7. මුල් ඡේද කිහිපය ගැන එකඟ වෙන්න පුළුවන් යම් තත්වයන් යටතේ පමණයි.
    සරළව කිව්වොත් මේකයි. ඔන්න අපේක්ෂකයෙක් ඉන්නව. එයාගෙන් වැඩක් නෑ. කලින් හිටිය වැඩක් නැති අයටත් වඩා වැඩක් නැති කෙනෙක් එයා. එයා පරද්දන්න එන කෙනාගෙත් මහලොකු හොඳක් නෑ. නමුත් අපිට ට්‍රයි එකක් දෙන්න පුළුවන් එයාව යම් හිරකිරීමකට ලක් කරල. මොකද එයා එන්නෙම අපිට ඕන වැඩේ කරනව කියල. තෝරාගැනීම ඡන්ද දායකයාට භාරයි.
    මම නං සියළු තර්ක එහෙමම තියාගෙන මෛත්‍රීට දෙනව. එයාට දුන්න කියල නැතිවෙන්න දෙයක් නෑ. හැබැයි මෛත්‍රී පැරදුනොත් අර මාතලන් කියනව වගේ 'මගේ ඡන්දයේ වටිනාකම' නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. මම නම් දෙන්නේ දිනන එකාට. ඒක දැන්ම තීරණය කරන්න බෑ. මොකෝ මගේ ඡන්දයට වටිනාකමක් අවශ්‍යමයි ජනවාරි 9 උදේ වෙනකොට...

      Delete
    2. ඔබට කිසිදා දිනන කෙනාට චන්දය දිය නොහැකිය මන්ද ඔහු දිනන්නේ ඔබේ චන්දයෙන් බැවිනි. ඔබගේ මේ අවස්ථාවාදී කතාවෙන් මට සෑහෙන්න කලකිරීමක් ඇතිවිය.

      Delete
    3. කලකිරුනා නම් මහණ වෙන්න. ගිහි ගෙය හැර යන්න.

      Delete
    4. මාතලං සමඟ එකගයි. පරදින බව දැන දැන ඦන්දය ඔහු වෙනුවෙන් භාවිතාකිරීම හිතට අසහනයක්. අපි ඉන්ඩිවිජුඅල් පොරවල්. අරූ අපට ඇරලා ජනාදිපතිවුනා කියලා හිතනවට වඩා.අපේ චන්දෙන් තමා අරූ දිනුවෙ කියලා පොසිටිව් ෆීලිං එකක් එනවා.

      Delete
  8. මී වද කඩනවද බංස්ලා අත ලෙවකන්න.. අවුරුදු ගානක් තිස්සේ අච්චර අමාරු තැනක ඉදන් පටන් අරං.. අඩියෙන් අඩිය ඇවිල්ලා... බොහෝම අමාරුවෙන් පක්ෂයේ මහ ලේකම් වෙලා.. ජනාධිපති වෙන්න හීන දැකලා “මෛත්‍රී යුගයක්“ කියලා උදාන වාක්කියකුත් මුද්‍රණය කරලා බොහෝ අමාරුවෙන් බෙල්ල බේරගෙන කල් මර මර හිටලා.. දැන් මේ එක පාරටම අර කාලයක් තිස්සේ ගොඩ නගපු හැම දේම දන් දීලා.. හැම දේම අතෑරලා.. තමන්ගේ හීනය තව කෙනෙකුට සින්නක්කර ලියා දෙන්න මෛත්‍රීට පිස්සු කියලා හිතනවද..?
    මෛත්‍රී මේ කරන්නේ තමන්ට හම්බ උන උපරිම අවස්ථාව ගැනීම... මේකත් නොගත්තොත් කවදාවත් එයාගේ හීනෙට යන්න වෙන්නේ නැහැ.. මේක අරගෙන වැරදුනොත් සමහර විට හීනය බොදම වෙලා යයි.. ඒත් අඩුම ගානේ අවස්ථාවක් හම්බ උනා කියලවත් හිතුවැකි. (අර ළමයි කිව්වා කිව්වේ තාත්තට ඕනම තීරණයක් ගන්න කියලා.. ආන්න ඒකයි )

    මෙතන ඉන්න කවුරු හරි මට හරියට හොයලා බලලා කියනවද නීතිමය පැත්තෙන් ගත්තොත්... මේ වෙලාවේ මෛත්‍රී විධායකය අහෝසි කරනවා හෝ.. බලය රනිල්ට මාරු කරනවා හෝ කියලා ලියවිල්ලක් අත්සන් කලොත්... ඒ ලියවිල්ලේ ඇති බලයෙන් මෛත්‍රී ජනාදිපති උනොත් සහ එහෙම ජනාධිපති වීමෙන් පස්සේ මේ ලියවිල්ල නොසලකා හැරියොත්.. මෛත්‍රී බලයේ ඉන්න කාලය ඇතුලතදී.. රනිල්ට හෝ වෙන යම් කාට හරි ඒ ලියවිල්ල වෙනුවෙන් “විධායක ජනාධිපති මෛත්‍රිට“ විරුද්ධව නඩු කියන්න පුළුවන්ද කියලා... නඩු කියලා මෛත්‍රීව ඉවත් කරන්න පුළුවන්ද කියලා... මේකයි මුලින්ම කට්ටිය සාකච්ඡා කරන්න ඕන.. මං කියන්නං ඒක එහෙම කරන්න බැරිනං ඊළගට වෙන දේ...

    එයින් පස්සේ මෛත්‍රීට තියෙන එකම අභියෝගය තමයි පාර්ලිමේන්තුවේ බලය තමාගේ අතට ගැනීම... එතනදී මෛත්‍රීට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රීලංකා එකේ සහය හිමි වෙනවා දෙකක් නැතිව.. මොකද අන්තිම මොහොත දක්වාම උනත් මහින්ද එක්ක ඉන්න අයත් මහින්ද පැරදුනොත් එයින් පස්සේ එකතු වෙන්නේ මෛත්‍රීට මිසක් වෙන කාටද.. විධායක ජනාධිපතිව අතෑරලා කට්ටිය යයිද විපක්ෂ නායකකමක්වත් නැති මහින්ද ගාවට..?
    එහෙමත් නැත්තං ආයෙම වතාවක් ඉතිහාසයේ හොඳම රැවටීමට ලක් උන රනිල් ගාවට පනිද..?

    වෙන්න පුළුවන් එකම දේ තමා මහින්ද වෙනුවට මෛත්‍රී ආදේශ වෙන එක... එච්චරයි.. ආයෙම කට්ටියට පුළුවන් මුල ඉදලම මෛත්‍රී එක්ක කලින් නැවැත්තුව තැන ඉදලා වැඩ කරං යන්න... බැසිල්ලා ගෝඨලා වෙනුවට ඔය මෛත්‍රීටත් ළගින් තියාගෙන වැඩ කරන්න විශ්වාසවන්ත සහෝදරයෝ ටිකකුත් ඉන්නේ...

    මං මේ කියන දේ නොවෙන්න හේතුවන එකම කාරණාවයි තියෙන්නේ.. ඒ තමා අර ලියවිල්ල හෝ ගිවිසුම නිසා නඩු කියලා මෛත්‍රීව වැරදි කාරයා කරලා ඔහුගෙන් ජනාධිපතිකම අහක් කරන්න පුළුවන් වීම.. එහෙම දෙයක් බැරිනං ඉතිං කියන්න තියෙන්නේ...
    “සොරි ඩොට් කොම් රනිල්“ කියලා තමා...


    (ආන්න ඒකයි අපිත් මෛත්‍රීට විරුද්ධ නැත්තේ.. )

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් කොහෙද බං කරන්නේ. 94 සැටලයිට් නෝනා බලේට් ආවෙත් මාස 6 න් විධායකේ නැති කරනවය බහුබූත විවස්තාවා ගිනි තියලා එජාපේ උන් ගෝල්ෆේස් ගෙනත් හම ගහනවය කියලා ජෙප්පොත් එක්ක ගිවිසුමක් ගහලා. අන්තීමෙදි සැටලයිට් නෝනා එයාගේ යාළුවෝ එක්ක එක්කාසු වෙලා වමේ සිග්නල් පත්තු වෙද්දිම දකුණුට හරවලා ජෙප්පන්ට පුක පෙන්නලා යන්න ගියා. ජෙප්පො ටික ශුක්‍රාණූ කාපු රිලව් වගේ බකං නිලාගෙන හිටියා.

      මෛත්‍රී ආවත් ඔච්චරයි. දැන් එයාලම නේ කියන්නේ මහින්දට මේක නැති කරන්න ඕනය, සහෝදරයොයි ඉඩ දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඩඩ්ලි මල්ලිලා, වැලි රාජුලා මෛත්‍රී අයියට පිස්සු කෙලින්න ඉඩ දෙයිද...?

      Delete
    2. මාරයා මල්ලී... :)

      Delete
    3. //ඩඩ්ලි මල්ලිලා, වැලි රාජුලා මෛත්‍රී අයියට පිස්සු කෙලින්න ඉඩ දෙයිද...?//
      කරෙක්ට්.
      නිවැරදිව කිව්වොත් මම තව කොහේ හරි කිව්වාවගේ "සංතෘප්ත වීගෙන එන කොටසකින් අසංතෘප්ත(සංතෘප්ත වීමට කැමති) පිරිසකට බලය මාරුවීම" සිද්ධවුනොත් රට ආපස්සට යාමක් තමා විය හැක්කෙ

      Delete
  9. අර සර්ප්‍රයිස් කියන ගොබ්බ වැඩෙන් අනාගත්තොත් තමා. මෙච්චර ලොකු මිෂන් එකක් අන්තිම මොහොත වෙනකල් මරාගෙන් හංගගෙන කරල අන්තිම මොහොතෙ කෑවා. මෙලහකටත් පිදේනි තට්ටු පිටින් තියල ඇති. එන්න හිටපු එවුනුත් හිතනවද දන්නෑ තව ඩිංගෙන් කරගන්න ගිය ගොං කමක් කියලා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි රැස්වීමට එන්න ඕන මිනිස්සුත් එක්ක නෙමෙයි ආවේ. ඒ තරම් තදියම. කිසිම දැක්මක් නෑ. දැක්මක් නැති එකෙක්ට පැවැත්මකුත් නෑ..

      Delete
  10. රජීවයි,හර්ශයි මේ තරම් ගොන්නුද කියල හිතුනෙ ඊයේ news බලන කොටමයි.රජීව ඒ කතාව පතුරු ඇරියත් මහින්දානන්ද රැස්වීමකදි උන් දෙන්නව පතුරු ගැහීම පටන් ගත්තා.තව ඉස්සරහට මුන් ඔක්කොගෙම කටේ ඔය කතාව තියෙයි.
    කොහොම කලත් මේපාර ඡන්දේ චීනෙයි.ඉන්දියාවෙයි ඡන්දයක් මිස අපේ ඡන්දයක් වෙන එකක් නෑ.අපි චීන කොළණියක්ද,ඉන්දියන් කොළණියක්ද කියන එක මෙපාර තීරණය වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය මොකා සෙල්ලම් දැම්මත් සාමාන්‍ය ජනතාව අතේ තමයි ගේම තියෙන්නේ. උන්ව බාගන්න පුළුවන් එකා දිණුම්. කවුරු හරි හිතනවා නම්. බුකියේ හරි බ්ලොග් වල හරි පේන දේ තමයි ජන මතය කියලා. ඒ හැම එකාම නොම්මර එකේ ගොන්නු..

      Delete
    2. අන්න හරි දෙයක් කියවුනා, මාතා ඔබ මෙතෙන අන් අය වගේ නොවේ , රාජපක්ස වෛරයක් නැති ලන්කාවේ පයගහල ඉන්න යථාර්ථවාදී පුද්ගලයෙක්, ඔබට සහ ජනමතයට ජය

      Delete
    3. @ Ano....වැරැද්දට වැරැද්දක් යැයි කීමට සිංහලෙන් කියන්නේ වෛරයද?

      Delete
    4. වැරැද්දට වැරැද්ද කීම සාධාරණ වන්නේ එය සැමට පොදුවේ කරන විටයි. එක පුද්ගලයෙක් හෝ එක පවුලක් (රාජපක්ස) ඉලක්ක කරගෙන ගෙනයන පහර ගැසීම් වැනි ඔබ වැන්නවුන් විසින් වෛරයෙන් කරන ක්‍රියා එහෙම සාධාරණය කරන්න බැ. සියලු දේශපාලකයන් වැරදි හෝ දූෂිත තැන් වල වැරදියි කියා ඔබා කියනවනම්, ඒවා ගැන ලියනවනම් මම ඔබෙන් සමාවගන්නම්. අවශ්‍යනම් මෙන්න ලින්කුවක්

      http://www.google.co.uk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&ved=0CCEQFjAA&url=http%3A%2F%2Fcourtofappeal.lk%2Findex.php%3Foption%3Dcom_phocadownload%26view%3Dcategory%26download%3D842%3Aca-writ-1522012-nagananda-kodituwakku-vs-neville-goonewardena%26id%3D18%3Ajune%26Itemid%3D113%26start%3D40&ei=fBN3VKrZDsXT7QbyrIF4&usg=AFQjCNGu_IbRHKaxV8O5JuUebMZ6sf6ALA&bvm=bv.80642063,d.ZWU

      Delete
  11. ඔන්න අයවැය විවාදෙට මෛත්‍රිත් නෑලු. උරුමෙ කලින්ම කීවනෙ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. එයාලා නම දෙනාම ආවේ නැති උනත් වැඩක් නෑ. ඒත් දිණුම්..

      Delete
  12. හැම වෙලාවේම සර්ව අශුභවාදී වීමත් මහින්දට වාසියක් වෙනවා. අපේ රටේ අලුත් දෙයක් හඳුන්වාදීම හරි අමාරුයි. මීට පෙර මේ විදිහට ආණ්ඩුවෙන් කඩාගෙන ඇවිත් යූඑන්පී එකත් බැලන්ස් කරගෙන වැඩේට බැහීමක් සිදුවුණේ නැහැනේ. ඒ නිසා මේපාර මිනිස්සු බලන්න ඕනෙ මේ දිහා සුබවාදීවයි. එහෙම නැතිවුනොත් අපි නවතින්නේ ආපහු ගිනිගත්ත රටක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්...

      Delete
    2. මිනිස්සු සුභවාදීව බැලුවා පැයක් විතර. නව නගරශාලාවෙ කතාකරපු ගමන් කරකවලා අතාඇරියාවගේ වුනා. මොකද මම අයින්වෙලා රනිල්ට පාර දෙනවා කියන කතා.අනික තමන්ට වෙච්ච අසාදාරණ කියලා වැඩිපුර කියන්නෙ මට දූෂණ කරන්න දුන්නෙ නෑ ඒ ගොල්ලො කලාවගේ කතාවක්. ඒ කියන්නෙ මට කුට්ටිය එන්න ඕන තැනවලට එයාලා පැන්නාවගේ කතා.

      Delete
  13. මේ පාර සිද්ධාලේප මුදලාලි ඉල්ලන්නෙ නැද්ද දන්නෑ නේහ්?

    ReplyDelete
    Replies
    1. නෑ අර ටැට්ටර් සාධු නම් ඉල්ලනවලු. අර අපේ සීලරතන සාධු.. මම හිතුනොත් මගේ මනාපේ උන්නාන්සෙට පූජා කොරනවා. අනික් උන්ට කෙලවෙලාම පල කියලා..

      Delete
    2. අය්යෙ උඹත් නිකංමුහුද වගේ. උඩ කියනවා දිනන එකාට කියලා මෙතන කියනවා සාදුට කියලා

      Delete
  14. අල් ජසීරා විවාදය හැමෝම බලන්නේ නැතිනිසා වාචාල දේශපාලනයෙදි ඇතිවෙන කාලකන්නි වාසිය ආණ්ඩුව ගනියි. වගකිව යුතු දේශපාලකයෝ හැටියට රජීවලා, හර්ෂලා සාකච්ඡාවලට සහභාගි නොවී කොහොමද. මම කියන්නේ එහෙම සහභාගී නොවී සිටීම වැරදි බවයි.

    කොටි ඩයස්පෝරා එක ඉන්නේ ආණ්ඩුව එක්කද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. තීරනාත්මක අවස්තාවක මරාගේ යුධ අධිකරන ලොලිපොප් එක මරාගේ අතට පත්කරේ ඒ සාකච්ඡාවේ හිටිය ද්‍රවිඩයා නෙමෙයිද? ඇයි ඒ ගැන සංවාද නොකරන්නේ. ඇත්ත යට යවන, බොරුව උඩට අරන් සරුංගල් යවන්න දායක වෙන මීඩියා සංසර්ගයෝ ඉන්න රටකනේ අපිත් ජීවත් වෙන්නේ. මාතා උඹ කරන්නෙත් ඒ වගේ දෙයක්ද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ අරූ කොල පාට කන්නාඩි දෙකක් දාගෙන ඉන්න උඹට ඔක්කෝම පේන්නේ ඒ විදියට. ඉතින් ඒ නිසා මම උඹගෙ එකට උත්තර දෙන්නේ නෑ. මම මැදිහත් මාධ්‍යවේදියෙක් වෙන්න හදනවා මිසක්. පාක්ෂිකයෙක් නෙමෙයි. මම හිතන්නේ කොතන හිටියත් මාධ්‍යවේදියා කියන එකාගේ යුතුකම ස්වාධීනව අදහස් දැක්වීමයි. එහෙම නැතිව උඹලා ඔක්කෝම බලාපොරොත්තු වෙනවා වගේ මෛත්‍රීපාල සිරිසේන උන්නෑහේට විතරක් කඩේ යන්න මට බෑ. විශේෂයෙන් මෙවන් වෙලාවක. උඹලාම තමයි ආන්ඩුවේ මාධ්‍යවලට දොස් කිය කියා. ස්වාධීන මාධ්‍යක් ඉල්ලන්නේ. ඒත් උඹලා ස්වාධීන නෑ. එහෙම නැතුව උඹ අහපු දේට උත්තරයක් නැතිව නෙමෙයි. උඹලා බලා ගනින් මේ කැම්පේන් එකට මේකෙන් වෙන ඩැමේජ් එක. දේෂපාළණය කරන්න උපාධී තිබුනට බෑ. කට්ට වෙට්ට පිත්තල වෙන්නත් ඕන. මේ රටේ ඉන්නේ මක්කුද කියලා දැන ගන්නත් ඕන. අර පැරාගේ පින්තුරෙ යට ලියලා තියෙන දේ දැක්කද. කොහොමත් ඉහල ම්ධ්‍යම පන්තියේ හැඳුන වැඩුන උඹ වගේ කෙනෙකුට. ලාංකිය ජන විඥාඥ්ය තේරුම් ගන්න අපහසුයි. මොකෝ උඹේ ලියවිලිවලත් මම දැක්කේ නෑ උඹ තාම ගමේ ඉන්නවා.

      Delete
    2. මාතා......ෂුවර් එකටම කියන්නම්,,,,,කන්නාඩි දාලා බලනවා වගේ උඹට පේනවා ඇති. හැබැයි කොළ පාට නම් නෙමෙයි.

      ඉහළ මධ්‍යම පංතිය....පිස්සුද මචං....දන්න කාලේ ඉඳන් හිටියේ අනුන්ගේ තැන්වල ඉස්කෝලේ යන කාලේ.

      Delete
    3. හැහ් හැක්... පිස්සු පීකුදු සමග පුහුල් දෝසී දීසී පිටින් කිව්වලු.. මම හිතුවා තාත්තා සමාජවාද කාරයා හින්දා පන්ති අරගලය දන්නවා ඇති කියලා. උඹ ගෙදරින් පිට නෙමෙයි, එංගලන්තෙ නෙමෙයි, දඹානේ හිටියත් උඹේ පවුල මචෝ ඉහළ මධ්‍යම පංතිය. ඒක මම කියන්නේ උඹේ වත්මන් යුගාන්තය කියවලා..

      Delete
    4. මාතේ...ස්වාධීන මාධ්‍ය කියන සංකල්පය ලාංකිකයන්ට නිව්ස් එකක්. ඒ තරමට මාධ්‍යවේදීන් කඩේ ගිහින් හමාරයි මොන පැත්තකට හරි. ඉතින් උඹ නිදහසේ උඹේ ආකල්පය එලියට දැම්මාම එක එක පෝස්ට් එක, එක එක විදියට තමයි කියවෙන්නේ..මමනම් ඒකේ කිසිම වැරැද්දක් දකින්නේ නැහැ...මොකද උඹ නිදහස් මාධ්‍යවේදියෙක්...
      මට හිතෙන්නේ, ගොඩාක් අය කියන්නේ උඹටත් කඩේම පලයන්ය කියලා...නිදහස් මිනිහෙක් කාටවත් කඩේ යන්න ඕනි නැහැ...ඉවසිල්ලෙන් ලියපන්...අපි මේ තියෙන එකම නිදහස් ප්‍රකාශන ක්‍රමවේදය කා ගත්තොත් මොනවවත් කියාගන්න හම්බවෙන්නෙ නැහැ..දැක්කනේ සටනට කරපු පොන්න වැඩේ...
      දෙපැත්ත ගැනම...හැමපැත්ත ගැනම උඹට හිතෙන පෙනෙන දේ ලියන එක තමයි 8 වෙනිදා වෙනකන් කරන්න ඕනි...
      ඔහොම යං සත්තරනේ..

      Delete
    5. මාතා......මචං උඹට ෂුවර්ද.....මම හිතන් ඉන්නේ අපි පහල මධ්‍යම පංතියේ පොරවල් කියලා. එහෙම ඉහළ පහළ කියලා දෙකක් දැන් තියෙනවද මන්දා.

      Delete
    6. දැන් නම් පන්ති ගොඩක් තියෙනවා මචෝ.. මම කිව්වේ ඉස්සර ක්‍රමයට. අපි නාකි සිපයි නේ.. දැන් නම් ම්ධ්‍යම පන්තියේ කැටගරි ගොඩාක් තියෙනවා.. ඒක ලියන්න ඕන පොතක් වගේ.. නිදහස් වෙලාවක ලියන්න හිතාගෙන ඉන්නේ..

      @ චෙෆාකී....

      තැන්කූ මචෝ.. දේශා ඇරුනාම.. උඹත් මාව තේරුම් ගත්ත එකෙක්..

      අයි රිපෝට්.. යූ ඩිසයිඩ්.... හික්ස්..

      Delete
    7. ////ඒක ලියන්න ඕන පොතක් වගේ/////
      ලියපන්...ලියපන්....ඒත් කෝ වෙලාව නේද?

      උඹෙන් හරි හමන් දෙකක් අහගන්න කං මටත් නිකන් මොකක්ද මොකක්ද වගේ,,D //////අයි රිපෝට්.. යූ ඩිසයිඩ් /////// මේ කිව්වේ සිරස වගේද :D ඒකේ නම් ස්වාධීනකම දෙපැත්තෙන් බේරෙනවා.

      Delete
  15. Sunday Times එකේ තිබ්බ ඇනලයිස් එක බලමු. මේක සියයට සියයක් ඇත්ත නොවුනත් බොහෝ දුරට විය හැකි දෙයක්.

    මේ ජනාධිපතිවරණයට ලංකාවේ මිලියන 11 විතර ජන්ධය දිමේ හැකියාව තියෙනවා. මේ අයනේ මිලියන 3.1 විතර ඉන්නේ සුළු ජන කොටස්. මේ අය අතර මහින්ද මහත්තයා ජනප්‍රිය නැහැ. ඒ වගේම ලාංකීය මුස්ලිම් අය මිලියන 1.6 සහ මුස්ලිම් මිලියන් 1.3 ඉන්නවා. ඒ වගේම උතුරේ ජනතාව අතරත් තියෙන මතය අනුව මහින්දට අවාසියි. පහුගිය කාලේ ජන්දය දීපු දෙමල ප්‍රතිශතය අඩුයි. සියයට 60 විතර. මේ අයගෙන් එජාපයේ ශක්තිය නිසා පොදු අපේක්ෂකයාට 735,000 විතර ලැබෙන්න ඉඩ තියෙනවා. මේ අයගෙන් මහින්දට තියෙන කොටස 235,000 විතර. දෙමල ජනයාගේ හිත දිනා ගන්න අතිශයින් ලොකු දෙයක් නොවුනොත් මිසක් මහින්දට මෙතනින් පාඩුයි.

    ඒ වගේම මුස්ලිම් ජනතාවගෙන් මිලියන 1 විතර ඡන්දය දෙයි. එතනින් පොදු අපේක්ෂකයාට එජාප සහයත් එක්ක ඡන්ද 700.000 විතර ලැබෙයි. මහින්දට ලැබෙන්නේ බොහෝ විට ඉතුරු 300,000.

    නමුත් තොන්ඩමන් සාධකය නිසා වතු දෙමල ජනයාගේ 450,000 විතර වෙන ඡන්ද කාට ලැබෙයිද කියන එක හිතන්න ටිකක් අමාරු දෙයක්. ඒ වගේම සිංහල ක්‍රිස්තියානි ඡන්ද 540,000 ත් මේ වගේම අනුමාන කරන්න අමාරුයි. අපි හිතුවොත් එතන සියයට 50 ගානේ දෙපැත්තටම ලැබෙයි කියලා. ඒ කියන්නේ එක්කෙනෙකුට 500,000 විතර.

    මේ අනුව පොදු අපේක්සකයාට මේ ඡන්ද වලින් මිලියන 1.9 විතර ලැබෙයි. මහින්දට ලැබෙන්නේ මිලියන 1.2 විතර.

    සටන තියෙන්නේ මිලියන 7.9 විතර වෙන සිංහල බෞද්ධ ඡන්ද වල. දිනන්න නම් මොන අපේක්සකයා වුනත් මේ අතරින් මිලියන 5.51 විතර ගන්න ඕනේ. මහින්ම මුලින් කිව්ව විදිහට සිංහල බෞද්ධ නොවන ඡන්ද මිලියන 1.2 ගත්තොත් එයාට තව ඕනේ වෙන්නේ මේ ඡන්ද වලින් 54.5%. නමුත් පොදු අපේක්සකයාට ඕනේ වෙන්නේ 45.7%.

    ඉතින් පහුගිය ඌව ඡන්දේ ප්‍රතිපලත්, චන්ද්‍රිකා සාධකයත්, ගම්පහ ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්න දිස්ත්‍රික්කය වීමත්, හෙල උරුමය සහ ජවිපෙ ගන්නා ස්ථාවරයත්, ඒ වගේම සන්ධානයෙන් එන යන අයගේ හැකියාවත් මත පොදු අපේක්ෂකයාට හොද අවස්ථාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔතන ගනන් හැදීම මට සසඳන්න පුළුවන් සිස්සත්තේ ගනන් වලට. ඒ උනාට ලංකාවේ ඡන්දෙට ගනන් හදන කොට ඔහොම ලේසියට හදන්න බෑ. ගොඩාක් සාධක ඔතන නෑ. මේක මේ සරළ සමීකරණ. රියල් ගණිතය ඔයිට ගොඩාක් එහා.

      උදාහරණයකට. ඒ කාළේ කොළඹින් උතුරේ මූද අයිනේ තිබුන ක්‍රිස්තියානී සීට් ඔක්කෝම යූ ඇන් පි ගහන්නේ උඩින්. අද ඒ අයම ඡන්දේ දෙන්නේ සංධානෙට. ආසාවටවත් සුළු ජන කොටස් ඉඳලත් වත්තල ජා ඇලවත් දිනා ගන්න බෑ.

      කොහොමත් අර වසානයට සඳහන් කරපු සාධක සියල්ලම බලපානවා. ඒක නම් හරි.

      Delete
    2. චන්ද්‍රිකා ගම්පහ අත්තනගල්ලට තීරණාත්මක සාධකයක් වුණේ ඉස්සර නේද?දැන් උන්දැට එහෙම පිළිගැනීමක් ඇතිබව නම් මම විශ්වාස කරන්නේ නෑ.බණ්ඩා පවුල දැන් වලට ගොහිං ඉවරයිනේ.. :D

      Delete
    3. බන්ඩාරණායක වරුන්ට නම් මම කොහොමත් කැමති නෑ. බන්ඩාරණායකවරු තුන් දෙනාම මේ රට කෑවා. පට්ට ෆේලියර්ස්..

      Delete
  16. //////පොදු ‍අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පසුගිය 18 වනදා ලබා දුන් පත්වීම් සියල්ල අවලංගු කර ඇතැයි වාර්තා වේ.

    එම පත්වීම් ලාභීන් 2,000ක පිරිසක් පත්වීම් ලැබ දින පහක කලායක් මේ වනවිට රට පුරා සේවයේ නිරත වී ඇති අතර සිය සේවා පත්වීම් අවලංගු කළ බවට ලිඛිතව දන්වමින් ඔවුන්ව අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැඳවා ඇත./////////////////

    උපුටාගත්තේ ලංකා ටෘත් එකෙන්. මේක මෙතනට දැම්මේ දන්න කෙනෙක්ගෙන් අහගන්න ඇත්ත කතාව.

    ReplyDelete
  17. මේක මාතලන් හිතන තරම් රාජපක්ෂට වාසියට ගන්න බෑ.. බලන උන්ගෙන් එක කොටසක් මේක මෛත්‍රීගේ හෝ විපක්ෂයේ මතය නොව කොහේද ඉන්න කොටියෙකුගේ මතය කියල දන්නවා...
    (ඔන්න ෆොන්සේකගෙ සුදුකොඩි සීන් එක වගේ තමන්ම කියපු එකක් නම් වැඩේ දරුනුයි )
    තව කොටසක් (දෙමල හා මුස්ලිම් ) මරා එල්ලනවනම් "අනේ වාසනාවන්" කියල මෛත්‍රීටම කතිරෙ ගහන්න පුලුවන්...
    (මරා චන්දෙන් පස්සෙ හිරේ දුක්විදලා මැරෙනව දකින්න මමත් කැමතියි )

    අනික මාතලන් හිතන තරම් ලංකාවෙ මිනිස්සු අතර ඔය 'බටහිර කුමංත්‍රන/ යුධ අපරාධ ' ටේප් එක දැන් මාකට් කරන්න බෑ..
    ඒ ටේප් එකට තාම සංවේදී මිනිස්සු කොහොමත් කතිරෙ ගහන්න මරාට..( ඉන්ටවිව් එකක් උනත් නැතත් )
    අනිත් පැත්තෙන් පොදු අපේක්ෂකය රනිල් වගේ ලේසියෙන් කොටි ලේබලය ඇලවිය හැකි කෙනෙකුත් නෙමේ

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ නෑ රාජපක්ෂට වාසියි කියලා. නමුත් අද වෙනවා කියපු දේ උනේ නැති උනාම. මිනිස්සු කඩාගෙන වැටෙනවා. කරන්න බැරි දේවල් කියන්න නරකයි. අනික මේ ටික දෙනාගෙන් නම් මහින්දට දන්නන්නවත් බෑ. අපි කතා කරන්න ඕන ඇත්ත. මනෝ ළෝකවල ජීවත් වෙලා වැඩක් නෑ..

      Delete
  18. [ මම හිතන්නේ කොතන හිටියත් මාධ්‍යවේදියා කියන එකාගේ යුතුකම ස්වාධීනව අදහස් දැක්වීමයි. එහෙම නැතිව උඹලා ඔක්කෝම බලාපොරොත්තු වෙනවා වගේ මෛත්‍රීපාල සිරිසේන උන්නෑහේට විතරක් කඩේ යන්න මට බෑ. ]

    ඔන්න මාතලනය වරද්ද ගන්න තැන... එක පැත්තකින් රාජ්‍ය මාධ්‍ය තියාගෙන ඉන්න මහා ඒකාධිපතියෙකුයි, අනිප්පැත්තෙන් ඌව එලවන්න හදන මිනිස්සුයි ඉන්නකොට 'ස්වාධීන වෙනවා" කියන්නේ දෙකටම සමව බෙදන එක නෙමේ...
    ඒකාධිපතියට එරෙහිව කතාකරන එක...
    මේ මාසෙවත් මෛත්‍රීට ෆුල් සපෝට් එක දීපන්...
    ඊටපස්සෙ බාගවිට ඒකාධිපතියෙක්ගෙ රට බේරගන්න අංශු මාත්‍රයක හරි ට්‍රයි එකක් දැම්ම කියල මාතලන්ට මැරෙන මොහොතෙදිවත් සතුටුවෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බෑ ස්වාධීන මධ්‍යවේදියකුට. මම දෙපැත්තෙම අඩු පාඩු වගේම හොඳ දේවල් ලියන්නම්.. අනික මැරෙණ මොහොත අවශ්‍ය නෑ මම කොයි වෙලාවෙත් පට්ට ආතල් එකේ ඉන්නේ.. බ්ලොග් වලට මම කල මේ ටිකම ඇති මට සතුටු වෙන්න. අද පට්ට ටැලන්ට් සෙට් එකක් ඉන්නවා, මම නැති උනත් ලියන්න. මම උපරිම තෘප්තිමත්.

      Delete
    2. අනික එහෙම මෛත්‍රීට සපෝට් කරන්න අවශ්‍යම නම්, ඔයා බ්ලොග් එකක් හදාගෙන ඒක කරන්න. බ්ලොග් එකක් මුල ඉඳලා පටන් ගන්න හැටි. ඔය සිංහළ බ්ලොග්කරණය කියන එක ප්‍රෙස් කලාම බොහෝම පැහැදිලිව තියෙනවා.

      Delete
  19. මෙන්න මේ කතාව මෙතනට ඍජුවම අදාළ නොවුණත් අදාළයි..ඕන කෙනෙක්ට මේ ගැන ස්වාධීනව හොයලා තීරණය කරන්න පුළුවන්..

    SFගේ භාණ්ඩාගරික තැනගේ වැඩිමල් පුත්‍රයා ඇමරිකාවේ ගියේ යුද්ධේ තියෙන කාලෙදිමයි.පළවෙනි වතාවෙ ඉන්ටවීව් එක කෙළවුණේ නයෙක් අරින්න ගිහිං.දෙවෙනි පාර ඉන්ට්වීව් එකට කලින් SF එක කෝල් එකයි දුන්නේ එම්බසියට.මේ එයා හමුදා ජනරාල් කාලේ.
    මේක ඕන කෙනෙක්ට හිතෙනවා නම් මඩක් කියලා අභියෝගයක් තියෙනවා හොයල බලන්න..වගකීමෙන් යුතුව දුන්න ඔත්තුවක්..තව දන්න දේවල් තියෙනව පෞද්ගලිකවම.

    ඔය හිතන තරම් හැමෝගෙම රෙදි සුදු නෑ.'මගේ තුන' රජයේ ආරක්ෂක ඇමති SF කියලා මම දැක්ක කොහෙද තියෙනවා..එහෙම වුණොත් වෙච්ච දවසට වෙන දේවල් ඒ පාක්ෂිකයන්ටමවත් හිතාගන්න බැරිවෙයි..මේ කියන්නේ පෞද්ගලිකවම දන්න දෙයක්..හරිය? :)

    ReplyDelete
    Replies
    1. ඕවා එස් එෆ් නෙමෙයි හැමෝම කරණවා.. මිනිස්සු පක්ෂ අටව ගන්නේ, එන් ජී ඕ අටව ගන්නේ නිකං සොමියට නෙමෙයි. ඔය ඔක්කෝටම වඩා ඒ දෙවල් කරන්න පුළුවන් රජීව විජේසිංහට. දේශපාළණයේදී ඕවා බොහෝම සුළු කාරණා..

      Delete
    2. ඔව් ඒක ඇත්ත.හැමෝම ඕවා කරනවා..ඒත් මාතේ ඕක එක දෙයක් විතරයි..තව තියෙනව..ඒ ගැන මම දවසක ලියන්නම් වෙනමම..දන්න සේරම ටික.. :)
      මිනිස්සු තේරුම් ගන්න ඕන..දැන් බුකිය බැලුවත් බ්ලොගේ බැරුවත් කට්ටියම කඩේ යනවයි කාකොටාගන්නවායි විතරයි පේන්නේ..හැමෝම කියන්නේ අරූට වඩා මූ හොඳයි මූට වඩා අරූ හොඳයි කියලා..ඒකයි මට කියන්න ඕන..සමහරුන්ට පොදු අපේක්ෂකයා පොල් පිත්තක් වුණත් කමක් නෑ මරාට ගහනවා නම්..ඒ මාර බොලඳ කතා..කොටින්ම කිව්වොත් ඒකෙන් පේන්නේ මරා ගැන තියෙන වියරු වෛරයක් මිස දේශපාලන මතයක් නෙවෙයි..හැබැයි ඒක ලොකු ටෝක්ස් ටිකකින් සාධාරණය කරගන්න හදනවා..SFවත්, රනිල්වත්, චන්ද්‍රිකාවත්, සජිත්වත් ජවිපෙවත් ලංකාව ගැන බොක්කෙන් හිතන්නේ නෑ..මරාත් එහෙම වෙන්න පුළුවන්..ඒත් දැන දැන ඒ වගේ ගොන් බඩු ටිකක් ඉස්සරකරගන්නවද නැද්ද කියන එක ජනතාවගේ ප්‍රශ්නයක්..නමුත් ස්වාධීනව හිතල තමුන් දන්න ඇත්ත කියන එක ඒ ජනතාවගෙන් එකෙක් විදියට මගේ යුතුකම.

      Delete
    3. [SFවත්, රනිල්වත්, චන්ද්‍රිකාවත්, සජිත්වත් ජවිපෙවත් ලංකාව ගැන බොක්කෙන් හිතන්නේ නෑ..මරාත් එහෙම වෙන්න පුළුවන්..]

      ඔය කියන සුපිරිසිදු දේශපාලඥයො අකනිටා බ්‍රහ්මලෝකෙන් ගේන්න වෙයි..

      ප්‍රායෝගික ලෝකයේ සාපේක්ෂකත්වය කියල දෙයක් තියෙනවා අහල තියෙනවද?
      මදමූලන වනචාරියා සහ උගේ පවුලට වඩා "සාපේක්ෂව" රනිල්, චන්ද්‍රිකා, ජේවීපී, ෆොන්සේකා රටට කල හානිය අඩුයි...

      අනිත් අතට රාජපක්ෂ ඒකාධිපති කමේ අන්තිම පියවර තියන්න යන වෙලාවෙ ඒකට අභියෝග කරන (වැරදි සහිත ) මිනිස්සුන්ගෙ දේෂපාලන කන්‍යාභාවය හොයන්න යෑම මරාට වක්‍රාකාරව කඩෙ යෑමක්...

      Delete
    4. සහතික ඇත්ත ඇනෝ!!!!

      Delete
    5. මරාට බනින උන් ඇවිල්ලා මරාට වඩා දරුණුයි. එතකොට මරා වැරදිනම් උනුත් වැරදියි. ඒ කියන්නේ ඔක්කෝම එක බෝට්ටුවේ. මේක තනිකර වෛරී දේශපාළණයක්. ඒක කොයි දේශපාළඥයටත් පොදුයි. දේශපාළඥයට වඩා මෝඩ ජනයාට පට්ටෙට ගැලපෙනවා. මොකෝ උන් තේ බොන්නේ කන්නේ එකට. මුන් මෙහේ නිකං නානවා..

      Delete
    6. අරූ උඹ ඇදලා ඉන්නෙ කොලපාට කන්නාඩියක් නොවෙයි.කොලපාට ජොකෙක් :)

      Delete
    7. ////.කොලපාට ජොකෙක් :)/////

      ඩිලාන්...කොළ පාට ජොකෙක් හින්දා කමක් නැහැ බන්. කාටවත් පේන්නේ නැහැනේ. :D ඇත්තටම ඩිලාන් මම කොළපාට සමාජයක් ගැන කවදාවත් හිතුවේ නැති කෙනෙක්. හැබැයි රනිල්, සජිත්ගෙන් පස්සේ පහලින් ඉන්න යුඇන්පී තරුණ නායකයින් ගැන නම් යම් පැහැදීමක් තියෙනවා. කොළපාට නිසා පෞද්ගලිකව අපිට වෙච්ච හානිවලට තාම පරිප්පු කනවා.

      Delete
  20. මාතා ස්වාධීනව අදහාස පල කරපන්. ඒක තමා වැදගත්. මයිත්‍රී වුනත් සුවර්නෑ කරනකන්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං.. මිනිස්සුන්ට බත් ඩිංගක් කන්න නැත්තේ, ගොවියට සහල් වලට මිලක් නැත්තේ මෙයයි සිරිපාල ගම්ලතුයි නිසා. මෙයා කව්ද කියලා පොළොන්නරුවේ කාගෙන් හරි ඇහුවා නම් කියයි. ඔක්කෝම එකම ජාතිය.

      Delete
  21. කොහොමත් යමක් කියන්න තාම කල් වැඩියි මචෝ.......
    අපි කවුරුත් නොහිතපු විදියට ....පොද්ද ට MY3 ය ආව..... ඔය වැඩ සටහනේ තව ගොඩක් ඇති...
    ලොක්කත් සිතුවෙ නැති දෙයක් වුනේ......
    ලංකාවෙ ඉන්න කෙල්ලෙක් එක්ක චැටක් දාද්දි MY3 ගැන කථා කරද්දී ඒකි කියපි..... "හොස්පිටිතාල ඔල බේත් ටිකක් ගන්න නැති කරපු ඔය හුත්තට කවුද චන්දෙ දෙන්නෙ ..... අනී"
    අනිත් එක සැටී සෙට් වෙලා ඉන්න එක ගොඩක් අයට සැකයක් තියෙනව ......
    මම නම් හිතන්නෙ මෙවර රනිල් ලග ලොකු ප්ලෑනක් තිබෙනව ....

    ReplyDelete
    Replies
    1. බලමු මචෝ පර්සනැලටි ප්‍රශ්ණෙකුත් තියෙනවා..

      Delete
    2. //පර්සනැලටි ප්‍රශ්ණෙකුත් තියෙනවා..//
      මට හිතෙන දේම උඹටත් හිතිලා තියෙනවා අය්යෙ.

      Delete
    3. //ලංකාවෙ ඉන්න කෙල්ලෙක් එක්ක චැටක් දාද්දි MY3 ගැන කථා කරද්දී ඒකි කියපි..... "හොස්පිටිතාල ඔල බේත් ටිකක් ගන්න නැති කරපු ඔය හුත්තට කවුද චන්දෙ දෙන්නෙ ..... අනී"//
      බොරුවක් කියද්දි තාත්විකව කියන්න මාරයගෙන් ඉගෙනගන්න හුටින් කකන්නා.

      Delete
  22. ගම්වල තත්වය දැන් වෙනස්. නෙට් එකේ නැති මිනිස්සු ගොඩකට රාජපක්‍ෂ එපා වෙලා. මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්නය අංක 1. රාජපක්ස පවුල ගැන මිනිස්සු දන්නවා. අඩුම වසයෙන් පෝස්ටරයක් ගහන්න අය නෑ ලැජ්ජාවට. බිම් මට්ටම වෙනස් කරන්න ඉන්න මන්ත්‍රීලට බෑ. ලොකු පෙරලීමක් බලගන්න, ගමට ඇවිත් බලන්න මාතලන්. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මහින්ද නෙමේ. චන්ද්‍රිකාව අව තක්සේරු කරන්න එපා. මේක රාජ්‍යත්වය නාය යන 1956 වගේ චන්දයක්!

    මිනිස්සු දැන් චන්දය දෙන කෙනා තීරණය කරලා ඉවරයි. පොස්ටර් සහ කටවුට් වලට ගිය නුවණ අද්දන්න දැන් බෑ.
    රටට හොඳ දෙයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන ගම කොහේද තියෙන්නේ මහත්තයෝ. මමත් උදේ හවස දැදිගම ඉදන් වැඩට එන කෙනෙක්. අපේ ගම්වලනං එහෙම තත්වයක් නැහැ පැරණි යූඇන්පී ගම් උනත්.

      Delete
    2. ලංකාවේ ගමක් නම් වෙන්න බෑ. ගැබයි ගොරගොල්ල වලව්ව ගාව ගමක්ද දන්නෙ නෑ. ඡන්ද්‍රිකාට දෙන්න, චන්ද්‍රිකා ඉල්ලන්න එපාය. අපි දන්න ගම් වල, පොඩි ප්‍රේමදාසට නම් හොඳ ඉල්ලුමක් තියෙනවා.

      Delete
  23. ලියලා තියන විදිහ එල ද බ්‍රා..
    ඇවිත් ගියා

    ReplyDelete
  24. ඕකනං කොටියෙක් කියපු දෙයක්ය කියමුකො, මාතෙ.
    චන්දෙට දවසක් හරි තියලා රනිල් ලොක්ක අමු ගොබ්බ කතාවක් අතඅරින්නැද්ද බලහංකො තියෙන චන්දත් කැඩිල යංට.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි හංගලා ඉන්නෙ මයෙ හිතේ...

      Delete
  25. මෙන්න මෙතෙන්ට ගිහින් e vote එකක් දාල බලමුද :)

    http://www.voteonline.somee.com

    ReplyDelete
  26. hadisiye Mara peradunoth,Bala kollage,Galaguruwalin setalite yawana Project ekata Manawa Weida?(sorry,Galaguru wala commis salli walin kiya niweradi wiyauthui)(Ranjan)

    ReplyDelete
  27. "අනික් ප්‍රධානම දේ මිනිස්සුන්ගේ පෞදගලිකත්වයට පහර නොදි. ලියලා තියෙන දේ ගැන විවාද කරන්න ඉගෙන ගන්න. ඒක ඔය ඔක්කෝටම වඩා වටිනවා."

    "ජවිපෙත් එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ අර දියවන්නාවෙ බඩු ගහපු එකාගේ දිරච්ච කඹ කාලා.. ගොඩක් වෙලාවට මෛත්‍රිපාලගේ සරම අස්සේ රිංගයි.."

    ජවිපෙත් එල්ලෙන්න වැල් නැතුව ඉන්නේ අර දියවන්නාවෙ බඩු ගහපු එකාගේ දිරච්ච කඹ කාලා.. ගොඩක් වෙලාවට මෛත්‍රිපාලගේ සරම අස්සේ රිංගයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න