පසු ගිය දින කීපයේම සව් බාගේ දැක්ම හොඳින් දකිමින් සිටියද, පොලීසියෙන් කනට ගැහුවා වගේ දැනුනේ ඊයේ රාත්‍රියේය. ඒ මාතලන්ගේ අසල්වැසියා වන ඉක්බාල් නානා දොරට තට්ටු කරමින්, ආන් ලොක්කා පැස්ටෝල් රුපියල් විස්සකින් වැඩි කරලා කියන පනිවිඩය දුන් නිසාය, ගං කබර ටොයියන් මෙන් නොව සුරංගනාවියන් හැත්තෑවක් ගත්තත්, රනිල්ට ඇපේ නැති උනත් එජාපයට චන්දය දෙන ඉක්බාල් නානාත් ඉන් මහත් උද්දාමයට පත් වී සිටියේය.
ඒ ස්වයං රැකියාවක් හෙවත් වාහනයක් හයර් කරන් ජීවත් වෙන එයා මේ දිනවල රජයෙන් ලබා දී ඇති දීර්ඝ සති අන්තය සමඟම මේ ආතල්ලෙකත් ලැබුන නිසාය. එයා ඇහුවේ පෝට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා නම් කියන්න ලොක්කා කියලාය. මම පොරට කිව්වේ 21 වෙනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලාය.
ඇත්තටම මේ තෙල් ඇමති ඉතාම බුද්ධිමත් බවත්, එතුමා මිළ වැඩි කලේත් විජ්ජාත්මක ක්‍රමයකට බවත් ඔබට වැටහෙනවා ඇතිය. එතුමා වැඩි වන මිළක් හෝ දිනයක් හරියට නොකීවේ. සවු භාගයෙන් ධනවත් වී ඇති පිරිස කලින්ම ගොස් පැස්ටෝල් ෂෙඩ් කාරයන්ට වැඩි කළ මුදල් ලබාදෙමින් ඔවුන්ද කූට වියාපාරකියින් ඝනයට පත් කරනා නිසාය.
මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය සඳහා පත් කර ඇති අජිත් නෙවාඩ් කබරාල නම් ආර්ථික විජ්ජාග්නයා භාන්ඩාගාරයේ මුදල් ඕනා තරම් තියෙනවා කීවාට, මේ යක්කු අහන්නේ නැතිය. ගම්මන්පිලලා බලන්නේ ගෙවුම් ශේෂයේ අතිරික්තය තවත් වැඩි කර ජනාධිපතිතුමාගෙන් ළකුණු දමාගන්නටය. බංගලාදේශය දැන් ජීවත් වන්නේත් අප සතු මේ අතිරික්ත විදෙස් සංචිත මතය.
මීටාමතරව සවු භාගයේ දැක්ම තුලින් අපේ රටට ලැබී ඇති තවත් විශේෂිත කරුණු කීපයක් ලියා තැබීම මාතලන්ගේ යුතුකමය.
එන්නත්කරණය -
මේ වන විට තෙවන මාත්‍රාවද ලබා දී අවසාන බවට කොට, මාත්‍රා තුනල් ලබාදුන් ලෝකයේ පළමුවන රට බවට පත් වී අවසානය. සිව්වන මාත්‍රාව නිවසටම පැමිණ ලබා දීමට මේ වන විටත් සියල්ල සංවිධානය කර අවසන් අතර. විපක්ෂ නායක තුමා පමණක් තම එන්නත කුර සහිත ජීවීයකුට ලබා දීමට තීරණය කිරීමෙන් පසු, වෛද්‍ය සංගමය එම තීරණය අනුව යමින්, සියළු කුර සහිත ජිවීන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට තීරණය කර ඇත.
සහල් මිළ -
ඩේටා බේස් එකක් බගින් සහල් මිළ සම්පූර්ණයෙන්ම අඩු කල අතර, සම්බා හා කීරී සම්බා, බා බා කියා කුකුලන්ට දමනාතර, නාඩූ පාඩුවට දුන්නත් ගන්නේ නැතිය. ජනතාව බාස්මති වලට හුරුව ඇත. දිනපතා කිරිබත් කැමට හුරු වූ බයි ජනතාව දැන් කිරිබත් කන්නේත් බාස්මති වලිනි.
එළවළු මිළ -
ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි විමත් සමඟ හෙට්ටු කර වෙළඳුන් මට්ටු කරන ජනතාව වෙනස් වී ඇති අතර. කීර මිටියක් රුපියල් 70 කට අසූවකට පමණ මිළකට අළෙවි කරනා කීර ගොවියා දැන් එන්නේ, බයිසිකල්වල, ලී රෝද පෙට්ටි කරත්තවල නොව, මර්සඩේස් බෙන්ස් ලොරි වලිනි. මාළු, එළවලු හා පළතුරු ලංකාව පුරා විසිරි සිටිනා පාරිභෝකික ජනතාව වෙත ඉතා සාධාරණ මිළකට ලබා දිමට ක්‍රමවත් විජ්ජාත්මක වැඩපිලිවලක් සකසා ඇති අතර, වෙළඳුන් හා ජනතාව බුදුන් වඳින දැතීන් අහසට වැද බන්ධුල ගුණවර්ධන මැතිතුමාගේ හා අළුත්ගමගේ මැතිතුමාගේ මැණීවරුන්ට දිනපතා පින් දී තම කෘතග්නතාවය පලකර සිටි.
මන්ත්‍රී වාහන -
මුදල් අමාත්‍යශයේ කාර්යක්ෂමතාවය හා දේශීය ආර්ථිකයේ ශක්තිමත් බව මොනවට පෙන්වමින්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැන්මටත් පෙර පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන් සඳහා අති සුඛෝපභෝගී වාහන 227 ක් ඇනවුම් කර ඇති අතර, ඒ සෑම වාහනයක් සඳහාම මන්ත්‍රී වරප්රසාදයන් වන කුඩයක් හා විදුලි පන්දමක් හෙවත් ටෝච් එකක්ද අග්‍රාමාත්‍යවරයා අතින් වාහනය ලබා ගන්නා දිනයේදී ලබා දීමට නියමිතය.
සුපුරුදු පරිදි රටේ ගෞරවය ඉහළටම ඔසවා තබන මෙවන් යෝජනාක්‍රම වලට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ මේ වාහන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට කැප්ටන් බැස ගිය නැව් තුනක් පක්ෂයට ලබා දෙන මෙන් මාතර තිහගොඩ පදිංචි සුනිල් හන්දුන්නෙත්ති මහතා ඉදිරිපත් කල පෙස්සමක්, පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගරු කතානායක තුමා වෙත ඉදිරිපත් කර ඇත.
වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවක් ලබා දීම -
ගාල්ල, මොරටුව, නුගේගොඩ යන ප්‍රදේශවල එන්නත්කරණය විජ්ජාත්මක ක්‍රමයකට ලබා දීම හා කොරෝනා මරණ හා රෝගීන් පිළිබඳ නිවැරදි දත්ත සපයමින් කරනා සේවය වෙනුවෙන් වයිජ්ජවරුන්ගේ වැටුප විශාල මුදලකින් වැඩිකර ඇති අතර, ඊට සමගාමීව නඩුකාර හාමුදුරුවරුන්ගේ වැටුප්ද වැඩිවීමට නියමිතය. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් හා දීමනාද වැඩි වීමට නියමිතය. ඒ අනුව කම්කරුවාගේ වැටුප්ද වැඩි වීම අනිවාර්යය. ඉතා සුළු කළෙකින් ලොව වැඩිම වැටුප් ගන්නා ජනතාව ජිවත් වන රට බවට පත් වීමට නියමිතාතර, පෝට් සිටියේ වැටුප් හා දීමනාද වැඩි කිරීමට චීන රජය මේ වන විටත් තීරණය කර ඇත.
ඇත්ත වශයෙන්ම වසර දෙකක් යාමටත් මත්තෙන් සවු භාගයක් නොව ෆුල් එකම ලැබී ඇති බව මේ දිනවල පාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට බලාගත හැකිය. ජනතාව ලෝකයේ දියුණු රටවල මෙන් සමර් වැකේසොන් විඳමින් සිටී. වෙන රටවල උන්ට ලැබෙන්නේ එක වැකේසොන් එකක් වුවද, වසරක් තුල ලබා දුන් දෙවන සමර් වැකේසොන් එකද ලබා ගනිමින් ජනතාව ප්‍රීතියෙන් නිවෙස් තුලට වී අන්තර්ජාලයේ සර්ෆින් කරමින් සිටි.
සවුභාගේ දැක්ම රටට උදාකිරීමට දායක වූ පිරිස ගැන අපට ඇති දුක නම්, දැන් සැපද කියලා අහන්න අපේ අප්පච්ච්ට එලියට පහලියට බහින්න බැරි එකය. එතුමා පාරේ ගියත් ඔය පාරේ යන උන්ගෙන් නම් එහෙම අහන්නට එපාය, මොකෝ ඔය පාරේ යන්නේ සංචරණ සීමා පවා පයිසෙකට මායිම් නොකරනා ආන්ඩු විරෝධී ජාතිද්‍රෝහී පිරිසය. උන්ගෙන් වොයිස් කට් අරගෙන දිලිත් ජයවීරගේ අද ද රෙණ එකේ පෙන්නුවත් ඒවා විශ්වාස කරන්නනෙපා කියා අපි එතුමාට කියනවාය.
ඇත්ත කතාව ඒක නෙමේය
අපි ඉන්නේ පට්ට සැපෙන් ය.
අපි අපේ යුතුකම ඉටු කලෙමු
ඔබ ඔබේ යුතුකම ඉටු කලේය
ඉස්ධූතී.... නන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ....!!!!














