.

.

May 14, 2013

උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Tea


සිරිමගේ කාළේ පාන් කාපු හැටියි, ඉස්කෝලේ කාළේ, "අල පාන්" කාපු හැටියි, කලින් ඒවල ලිව්වනේ. "පාන් කතා", පොතක් ලියන්න පුළුවන් උනත්, අද ලියන පාන් කතාවෙන් මේක නවත්තලා දානවා. මොකෝ සමහර උන්ට මල පැනලා තියෙන්නේ මේ වැඩේට. ඕන එකෙක්ගේ හොඳම කාළේ තමයි ඉළංදාරි කාළේ. ඒක මොන වයසෙ ඉඳලා මොන වයසටද කියන්න මම නම් දන්නෙ නෑ. හැබයි වයසට ගියත් ඉළංදාරියෙක් වගේ ජීවත් වෙන එක තමයි මගේ එකම පැතුම නම්.

ඔය ඉළංදාරි විසේ ඔළුවට එන්නේ කූර කෙලින් වෙන කොට. නමෝ විත්තියෙන් හස්ත කර්මාන්තයක් ආරම්බ කරන්නේ ඔය කාළේ, ඉතින් බොහෝ දෙනෙක් ඒකෙන් සැනසීමට පත් වෙන්නේ නෑ, ඒ සාර්ථක ව්‍යාපාරිකයින්ගේ ලක්ෂණයක්.

ඊට පස්සෙ, ගල් ලෝඩ් බාන කර්මාන්තයට යොමු වෙනවා. මිනිහෙක් උනාම එහෙමනේ පොඩ්ඩ පොඩ්ඩ තමයි දියුණු වෙන්න ඕන. හිත් හොඳ නැන්දලගේ, ආයලගෙ, සාදර අණුග්‍රහය මත, හස්ත කර්මාණ්තය, ගල් ළෝඩ් බාන, ව්‍යාපරවලින් ඈත් වෙලා, මහා පරිමාණ ගනු දෙනු වල පවා නිරත උන අයත් නැතිවමත් නෙමෙයි.

එහෙම කාළේට ඉස්සර දෙමව්පියන්නම් කොල්ලන්ට "කැළේ පනින්න" දෙනවා, කෙල්ල නම් "ගෙට ගන්නවා". ජම්බු ගහෙන් වැටුන කෙල්ලන්ට, ගෙට වෙලාම තමයි ඉන්න වෙන්නේ. අද නම් තත්වේ වෙනස්. අපිවත් ඉතින් හැදුවේ, තාත්තලා සීයලා හැදුන විදියට තමයි. මහ රෑ වෙලා ආවත් මුකුත් කිව්වේ නැති උනාට. ගෙදර එනකන් දෙන්නම නිදි නෑ. අම්ම නම් ඉස්සරහ පුටුවේ නිදා ගන්නේ.

මෙහෙම අත ඇරලා දැම්මට, කියන්නේ කරන්නේ මොනවද කියලා දැන ගන්න, අදටත් වඩා දියුණු සංනිවේදන ක්‍රම ඕන තරම් තිබුනා ඒ කාළේ. එහෙම ජංගම සංනිවේද ආයතන කීපයක්ම තිබුනා අපේ ගමේ. ඒවල නම් "රස කතා" ගොඩයි. ඒත් ඒවා ඕන නෑ මෙතනට.

ඔය රෑ ගමනට, හොඳ එක්ස්කියුස් එකක් තමයි, ගමේ හරි අහල පහල ගමක හරි මළ ගෙයක් සිද්ද වෙන එක. ඉතින් අපි මිනී පෙට්ටි කඩේ මුදලාලි, උදේට බුදුන් වැඳලා, "අනේ කවුරු හරි නිවන් දකීවා..!!!" කියලා ප්‍රාර්ථනා කරනවා වගේ, ප්‍රාර්ථනා නොකලට, බලාගෙන ඉන්නෙම මළ ගෙයක් එනකන්. මොකෝ එකක් ආවම, හතක් කෙසේ වෙතත්, තුන හතරක් නම් වරදින්නෙම නෑ. ඉතින් නයිට් සෆාරි යන්න තව එක්ස්කියුස් එකක් ඕන නෑනේ.

ඔය නයිට් ගහන්නේ, හේතු ගොඩාක් ඇතිව, නමුත් පාන් කතන්දරේ විතරක් කියලා නවත්තලා දාන්නම්, ඔය මළ ගෙවල්වල නයිට් ගහන උන්ට, පාන් සංග්‍රහයක් එනවමයි. සමහර ගෙවල් වල සැන්විච් වගේ දෙනවා. සමහර ගෙවල් වල නම් කාල කපලා මැද්දට දාන දේවල් දාලා දෙනවා. ගොඩක් තැන්වල දාන්නේ, බී ළුණුයි, අවු මිරිසුයි, සැමනුයි දාලා හදන සැමන් සම්බෝලේ.

අනිවාරයයෙන්, එකෙක් කොහොමත් පාන් ගෙඩියකට වඩා වග කියනවා. අනික ඉතින් ඕවල නිකන් ඉන්නේ නෑනේ. ගොක් කොල අදින්න තියෙනවා. වල කපන්න තියෙනවා. එක්කෝ චිතකේ ගහන්න ඕන. පෝස්ටර් අලවන්න ඕන, වැඩ රාජකාරි බොහෝමයයි. එහෙම කැපවීමෙන් වැඩ කරන හින්දම, අලි තඩි පාන් බේසමක්ම එනවා, ඉලංදාරි සෙට් එකට.

ඕවා හදන ගැටිස්සියොත් මේවා අරගෙන එන්නේ සමහර උන්ගේ සිහින කුමාරයෝත් මේ අස්සේ ඉන්න නිසා. අව කැපෙන කතා එකසිය ගානට. කෙල්ලෝ බැනුම් අහන වෙලාවලුත් අනන්තයි. මොකෝ තරුණ උන්ට මල පනිනවා මේවට. උන් ගිහින් ඔත්තුව දෙනවා වයසක උන්ට.

මල ගෙයක් උන ගමන්, අපේ ජයසේනයගේ ඉහේ, මාර විදියට මල් පිපෙනවා. ඉතින් ඌ ඒ මලුත් අරගෙන තමයි එන්නේ මල ගෙදරට. සංවේගප්ප්‍රාප්ත පිරිස පොඩ්ඩක් අඩු උන ගමන්, අරූ යෝජනාව ගෙනවා. ඒ කියන්නේ, මල් වල පහස විඳිමුයි කියන යෝජනාව.

මල් සුවඳ එහෙම ලේසියෙන් විඳින්න බෑ. මොකෝ ෆෝමලින් පාරත් කපාගෙන මල් සුවඳ හමන කොට. දන්න උන් දන්නවා, කැළේට ගිනි ඇවිලිලා තමයි කියලා. ඒ නිසා මල් වට්ටියත් අරගෙන, මළ ගෙයින් පොඩ්ඩක් ඈතට යනවා. මෙහෙම වැඩියෙන්ම යන තැනක් තමයි, ධර්මාළෝකේ ඉස්සරහ වෙදමුල්ල මාවත. පොලීසියෙන් තියා මහසෝනවත් දන්නෙ නැති තැන් අපි දන්නවා. මල් දෙක තුනක පහස විඳින කොට, මල් සුවඳ පරදා මේන එනවා... මොකක්ද..????

බේකරියේ පාන් බාන සුවඳ.. ඔහෙලට කියන්න ආයුබෝවන්ඩ, ඔය සමහර අය හඳට ගියාට, මට නම් ඒ වෙලාවට, යකෙක් උනත් කන්න පුළුවන්, මල් සුවඳ වින්දම. සෙට් එකම යන්නේ බේකරියට. මේ බෙකරියත්, ඔය රජ්ජුරුවන්ට හකුරු හදපු පූජනීය තැන වගේ තමයි. තනිකර ටකරන් මඩුව, කෙලවරේ පෝරණුව, මැද්දේ මෝලිය අනන මේසෙ.

ඔය මෝලිය හදන්නෙත් බොහෝම පිරිසිඳුවට. ෆයිෆ් ඉස්ටාර් චෙෆ්ලගේ, කිරි කොකා වගේ සුදු කිට් නෑ. දුම වැදිලා, දුම වැදිලා කළු ගැහිච්ච සරොන්, උඩට මුකුත් නෑ. පෝරණු පාන් වල ලුණු රහ වැඩි හේතුවත් ඕකයි. ඔතන පාන් හදනවා දැකපු එකෙක් අද වෙනකන් පාන් කන්නේ නෑ. ඌ දැක්කලු දවසක් බක්කරේ හෙම්බිරිසාව හැදිලා ඉන්නවා.

හොටු එහෙම අගුන දෙයක්යෑ, පොඩි කාළේ අපිත් කන්නේ. ඌට පිස්සු, අනික සාද්‍රණ්යක් හැටියට ගත්තත් කොච්චර ස්වල්ප ප්‍රමණයක්ද.

ඔය රෑ දෙකට තුනට බාන පාන් ගෙඩිය මාරම සොෆ්ට්. අද කාළේ විදියට කියනවනම් පට්ට සොෆ්ට්. සාමාන්‍යයෙන් එකෙක් පාන් ගෙඩි දෙකක් වත් කනවා. එහෙම වැඩියෙන් ඉල්ලපු දාට, බක්කරේ ලෙඩේ අදිනවා. එතකොට ඉස්සරහට දාන්නේ ගාමිණි. මූ අල්ගම පවුලේ එකෙක්. ඒ කාළේ වරාගොඩ පාරේ උන්න නොමබර එකේ චන්ඩි පවුල. අද නම් ගේ තිබුන තැනත් නෑ. කරපු මරුමූස් වැඩවල හැටියට එහෙම ඉතුරුවෙන්නත් බෑ.


උණු උණු පාන්, "බුරි උල් වෙන්න"ම ඇඳලා ඇරියයින් පස්සේ ආයෙත් මල් දෙක තුනක සුවඳ විදිනවා. ඊට පස්සෙ ආයෙත් මල ගෙදර ගියාම තමයි, මළ ගෙදර උන්ට මල පනින්නේ. ඇයි වදේ ජෑම් ගාපු සැන්විචුයි, වැඩි සීනී ප්ලේන්ටියි හදන්න එපයි එලි වෙනකන්....

ඕන් ඔහොම රසවත් පාන් වලට තමයි, වීරවංශ උන්නැහේ "අධිරාජ්‍යවාදීන්ගේ කෑමක්" කියන්නේ. ඇත්ත තමයි පුරුතුගීසී කාරයා තමයි ගෙනාවේ. ඒත් ඉතින් පාන් දැන් අපේනේ. එහෙනම් ඉතින් උන්දැ කියන විදියට බුද්දාගම අදහන්නත් බෑ. මොකෝ ඒක එව්වේ අශෝක අධිරාජයනේ.

ඒක නෙමෙයි හේතුව.. මුන් කන්නේ, අපි කන පාන් ගෙඩියෙන්, ළුණු බිකෙන්, අල ගෙඩියෙන් නිසා. අපි නොකෑවොත් මුන් ඔක්කෝම කාලා හමාරයි. මුන්ට කන්න නැති වෙනකොට ඒවල මිලට කෙලිනවා. ඊට පස්සෙ කියනවා පාන් කන්න එපා. සුදු සීනී බොන්න එපා, කිරි පිටි බොන්න එපා කියලා.

අපිට කියන්නේ... අම්මගේ වස්තරේ.... හාබර් එකට එන එක නැවත්තුවම, අපි බෝට්ටුවෙන් ගිහින් ඔස්ට්‍රේලියාවෙන් ගේන්නද ආයිබෝවන්ඩ..??? ඕන් මගේ මලත් පැන්න... මම යනවා මල් සුවඳ විඳින්න. අද සුද්දෝ ජෝඩුවත් එනවා කිව්වා මල් සුවඳ විඳින්න..


එහෙනම් පාන් කතා අවසානයි හොඳේ....

88 comments:

  1. හුරේ මම එක.....
    ජයවේවා...
    මම මෙන්ඩිස්...

    ReplyDelete
  2. //එහෙම කාළේට ඉස්සර දෙමව්පියන්නම් කොල්ලන්ට "කැළේ පනින්න" දෙනවා, කෙල්ල නම් "ගෙට ගන්නවා". ජම්බු ගහෙන් වැටුන කෙල්ලන්ට, ගෙට වෙලාම තමයි ඉන්න වෙන්නේ. අද නම් තත්වේ වෙනස්.//

    කැලේ පනිද්දි කෙන්ජියට අහු වුනොත්.... බඩුම තමා.... ඇලට ගිහින් තමයි හෝද ගන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කෙනජි කැලෙත් ඉන්නවද මචං

      Delete
  3. මෙන්ඩිස් නම් භාගෙකුත් අරගෙන වර....

    ReplyDelete
    Replies
    1. භාගයක් අරගෙන මම කවුරුවත් ලඟට යන්නේ මොකද? මම ඒක බොනවා.

      Delete
    2. අනේද කියන්නේ බාගේ මොනවකරන්නද දෙන්නෙකුට

      Delete
  4. මරණෙ තියෙන ගෙදර කෙලි රූනකුත් ඉන්නවා නම් ගමේ කොල්ලො ඉතිං ගිණි කසේට වැඩ...උණූවෙන්ම මාලු පාන් තමා සුපිරිම කෑම...

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් සැමන් පාන්ම තමයි

      Delete
  5. විමල් මහත්තයාට අල්ලන්නේ නැති ඔක්කොම ඉතින් අධිරාජ්‍යවාදී තමා.අට නැති දිවවල් ලංකාවේ තිබ්බ මෙහෙම එකක් නම් මේ තේකට පහල වෙලා නෑ...

    ReplyDelete
    Replies
    1. බොබසේ එක්ක හැපෙන්න ගිහින් පුක බිම ඇනගෙන ඉන්නේ....

      Delete
  6. මලුයි ෆෝමලින් අතර නම සම්භන්දයක් තියෙනවා...මොකද සමහර අහේනි කාල වලට මල් වලට පොඩ්ඩක් ෆෝමලිනුත් දාන හින්දා.....ඒත් ගල් ලෝඩ් එකක් භා ගන්න එකෙයි පාන් වලයි තියෙන් සම්භන්දේ මොකක්ද?
    මලක අසිරිය: Power of Weeds

    ReplyDelete
    Replies
    1. පාන් වලින් පිහදා ගන්න පුලුවන්......

      Delete
    2. මටත් හිතා ගන්න බැරුව හිටියේ. ඔය ඇනෝ දීලා තියෙන්නේ උත්තරේ....

      Delete
  7. මතක් කරන්න එපා මල් ගහල පාන් කන එව්වා... අනේ මන්ද බන් ඒ කන එව්වා කොහෙට යනවද කියල... පාන් එනව විතරයි පේන්නෙ...

    ReplyDelete
    Replies
    1. පානුත් මචෝ හඳටම යනවා ඇති.... ඇයි ඉතින් බඩත් ආතල්නේ...

      Delete
  8. අඩේ මම හිටපු නැති කාලේ මාර දේවල් නේ වෙලා තියෙන්නේ..පාන් පොස්ට් ම 3යි නයි කයි ද රෝස් පාන් කිව්වලු ඈ බං කොහොමද මේ අපේ කෙන්ජි ව සිංහල බ්ලොග් අවකාශයේ Sexiest Man Alive කිරුල හිමි කරගෙන යකෝ වැඩ කෝටියයි.

    ReplyDelete
    Replies
    1. උදිත දැන් ඇනෝලා හා කෙන්ජි අතර සාම සාකච්ඡාවක් පටන් ගන්න වෙනවා...

      Delete
    2. Kenji @ JapanMay 14, 2013 at 11:37 PM

      හෙහ්.... ග්‍රීන්ලන්ඩ් මතක් කරන්න එපා.ඉස්සර මගේ ෆේවරීට් තැන.
      මල් පාරේ හතරැස් කොටු කර සුදු ගවුම අදින ළමයි කීප දෙනෙක් හිටිය මගේ යාළුවෝ.ඒ ළමයි එක එක්කෙනා සලාක ක්‍රමේට මම එක්කන් යනව ගල්කිස්සෙ වෙරළෙ වැටකය පදුරු අස්සෙ මැලේරිය මදුරු කීටයෝ ඉන්නවද බලන්න.පදුරේ පිට කර්කෂක පෙනුම උනාට ඇතුල දෙදෙනකුට ඕනෑම පර්යේෂණයක් කිරීමට හැකි අයුරින් සෑදී තිබුන.පොඩි ආබාදයක්ට තියෙන්නෙ නහය පසාරු කරගෙන යන වියෙලමින් පවතින "අමු ගූ බෙටි"සුවද පමණි.
      ඇතුලට ගිය සැනින්,ඇතුල් වෙද්දී ගෑනු දරුවගේ තොල් සගලේ දැවටුන කොකු වැටිච්ච වැටකය කටු තොලට තොල තබා,V.JE.MU උගන්නල තිබුන දේශීය වෙද ක්‍රමේට තොලට තොල තබා කටු ගන්න වෙර දරද්දී,වැටකය පදුරේ පිටින් ඉදං ගංජා චමින්දල සරම උස්සන් තමන්ගෙ මදුරුවා එහාට මෙහාට එලවන එක.
      කීට පරීක්ෂාවෙන් පස්සෙ ළමයත් එක්ක ඇවිල්ල පපඩම් දෙක තුනකුත් කොටා බාල කිරි තේ දෙකකුත් බිල තමයි ඔතනින් යන්නෙ.

      Delete
    3. මෙය මම මාතලන්ගේ>> අල පාන්,පරිප්පු පාන් ලිපියට<< දැමු කොමන්ටුවකි.
      මගේ සහෝදර ඇනෝලගේ ස්වයං වින්දනය සදහා පලකරන බව සලකන්න.
      මගේ ආදරණිය බොක්කෙ ඇනෝල අප්ෂට් නොවන්න.

      Delete
    4. පල යන්න කෙනජි මේ උබේ ස්වයං වින්දනේ. අපි නොදන්න කෙනජි ආතල්. අනිත් වින්දනෙන් අපේ සමාජිකයෝ බේරා ගන්න තමා අපි මේ ට්‍රයි කරන්නේ.

      Delete
    5. මේ උදිත පොඩි පොඩිවට කඩල දුන්නොත් නයි නොකයිද රෝස් පාන්.
      පොඩ්ඩක් පරිස්සම් වෙයන්. කෙනජි අංකල් මේ දවස්වල පායන්න + අල්නයන්න = පාන් කියා ගන්න බැරුව ඉන්නේ. දැන් පතෝල විතරක් නොවේ වැඩකුළුවලට උනත් කැමැත්තෙන් ඉන්නේ.

      Delete
    6. උදිත/නලින් මචංලා කෙනජි කතා කළොත් එහෙම ප්‍රවේසමෙන්. මේ හද මෝරණ කාලෙනෙ. මොල් වැඩියි ද මන්දා. හැබැයි වෙරළු මල් සුවදක් වගේ එනවා. උදිතට හරි නලින්ට හරි වැරදුනාද?

      Delete
    7. කෙන්ජි කොල්ලන්ට පට්ට ආතල් එකක් දෙන්නේ.. බොග දාන උන්ටත් වඩා ජනප්‍රියයි කෙන්ජියා....

      Delete
    8. ඇනෝ සහෝ කෙන්ජි කරන්නේ බ්ලොග් ලියන එවුන්ට හිං ආතල් එකක් දෙන ගමන් උන්ව දිරිමත් කිරිම කියලයි...

      Delete
  9. ලස්සනට ලියල තියෙනව මාතලන් කොලුවෝ.... මල් ගහල නැති උනාට උණුවෙන්නම් පාන්, මාලු පාන්, කිබුල බනිස් කාල තීනව.. හොරෙනුත් කාල තියෙනව....

    ReplyDelete
    Replies
    1. හොරෙන් කාල තියෙනවනම් උබෙ ජීවිතේ සුන්දරයි. දිගටම හොරකම් කරපං මගේ පුතේ....

      Delete
    2. ගහල බලන්න එපාය... එක සැරයක් හරි....

      Delete
  10. පාන් ගෙඩියක් ළුණු බිකෙන් කාලා තිබුනට පත්තරේ බිකෙන් කාලා නෑ නේ.
    අන්න කෑම !!

    ReplyDelete
  11. මන් මේ කල්පනා කරේ පාන් ගෙඩියක් ගේනවද පොළොස් ගෙඩියක් තම්බනවද කියලා.හිතා ගන්න බැහැ.උපදෙසක් දීපන්.

    ReplyDelete
    Replies
    1. දීපානි ඉස්කෝලෙ ඉස්සරහ සමන්ත අයියගෙන් මලක් අරන් හැන්ඩ්ල් එකේ බටේ අස්සෙ ඒක දාගෙන විජයපුර පැත්තෙන් මල්වතු ඔයට මිසින් උනා බන් අපි. අන්න ආතල් .

      Delete
    2. ඇයි බොල ගල් වල.:D

      Delete
    3. මචන් අපි ඉස්සර ඕවගේ වල බැස්සා.මන් දැන් ඉන්නේ සෞදි.සමහර විට අපි දන්නවත් ඇති.පුළුවන් වෙලාවක එකට මේල් එකක් දාපන් මචන්.දවසක් ඩි සිල්වාගේ බ්ලොග් එකේ ඔයා කමෙන්ට් එකක් දාල තියෙනවා දැක්කා බඩු ගන්න එතනට ආව කියලා.මම යු සි ක්වාර්ටර්ස් shayif76@yahoo.com

      Delete
    4. සහන් අයියා ගල් වල ට ෆුල් සෙට් වගේ.දන්නවනෙ සැප.මොකක්මහරි තියනවා..ඔව් බන් ම්ම ඩ් සිල්වගෙ එකේ ඇනෝ ම තමයි..දන්නවත් ඇති.අපි ජොශප් එකේ පොඩි කබ්‍රාල් ලට පහල පන්තියෙ ..uc qartes wala ටිරෝන් අයියගෙ.මල්ලි කනිශ්කයා අපි එක්ක හිටියෙ.

      Delete
    5. ඉස්සර අපි පොසොන් එකට ආවම ඔය ප්‍රාන්තෙට එනවා මචන්.නිළ සැපයුම්කරු ඉතින් ඔයා කිව්ව කෙනා තමයි.දැන් රාජගුරුගේ මල්ලි එහෙම හරි දියුණුයි නේද?පරණ අය දැන් එහෙ මෙහෙ වෙලා.සමහරු යන්නම ගිහින්.කාලෙකින් ආවේ නැහැ බන්.මන් හිතන්නේ ඒ ගෙවපු කාලේ ඉවරෙටම ඉවරයි.දැන් දැක්කත් අඳුනගන්න බැහැ තරමට මිනිස්සු වෙනස් වෙලා.සමහර විට අපි එකට බැහැලත් ඇති.සතුටුයි අඳුනගන්න ලැබීම . ඕන් බලහන් මලක තියෙන වටිනාකම.කොහෙන් හරි දන්න කියන භාණ්ඩයක් ඉන්නවා.ආව දාක කියපන්.

      Delete
    6. @ මාතලන්

      එක්කෝ ඕනේ නැහැ බන්.දන්න කියන එහෙකුත් හම්බ උන එකේ මලක්ම ගහනවා....

      Delete
    7. පොලොස් මාලුවත් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන් කිසි අවුලක් නැතුව....

      Delete
    8. සහන් අයියා. ශමිකයා නම් ඒ දවස් වලම සුරාබදු එකට ගියා.රාජගුරුලව දකපු කාලයක් මතක නෑ. අපි පුලස්ති ගෙස්ට් එකක් කරනව.මයිලගස් හන්දියෙ සවුන්ඩ් එකයි නලින් බබාගෙ ගැරිජ් එකයි තමා අපේ පොට් එක.දැන් පුරේ එහෙම්පිටින්ම වෙනස් වෙලාබන්.අපිත් පිට උන් වගේ. තව විජේපුර හිටිය පොරක් ප්‍රොෆෙසර් කියන්නෙ අපි. ඇස් පේනව අඩුයි.ඒ උනාට අතගාල සල්ලි හොයගන්නව සුපිරියට. සමන්ත අයිය නැත්තන් තමා එහෙ යන්නෙ .අපි එක සප්ලයර්ගෙ කස්ටොනෙ බැලුවම..ඇඩෙනව බන්

      Delete
    9. හරි හරි මතකයි මතකයි ශමික සුරාබදු ගියපු කාලේ කට්ටිය විහිලු කරා ගැළපෙනම ජොබ් එක කියලා.මට මේ ලඟදි සංජීව අයියා හම්බුණා.( අකුසල ) සමන්ත අයියා නම් තාම සබ්ජෙක්ට් එකේ ඉන්නවා මන් දන්න විදිහට.හැබැයි දැන් ඔය පැත්තේ අවුරුදු 5 වගේ ඇවිත් නැහැ..දන්න කියන කිසිම කෙනෙක් නැහැ.ඩි සිල්වත් කාගේ කව්ද කියන්න නම් මීටර් නැහැ බන්.උබල ජෝශප් නෙහ් ..? වරෙන් මචන් මගේ බ්ලොග් එක පැත්තේ.මේ ටිකේ නම් ෆන් නැහැ . ආතල් කප්පාදු කර තිබේ...

      එක නෙවේ ප්‍රොෆයිල් එකක් හදා ගනින්කෝ බන් අපි වගේ..

      "එදිනෙදා ජීවිතය | : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !".

      Delete
    10. මම උබේ බලොග් එක බලනව බන්..දැන් එකට ගියාම කමන්ට් කරද්දි ලෝඩ් වෙන් නෑ මොබයිල් එකෙන් නිසා වෙන්නැති.මාතලන් සමාවෙයන් උබේ අවුලක් නෑනෙ. ගෙස්ට් එක කරන්නෙ අපි පුලස්ති නෙමේ ඌ විතරයි අමාරුවෙන් ෆෝන් එකෙන් කොටද්දි වරදිනව සහන් අයියා.අපි ජෝශප් සහන් අයියා. ශමිකය අපිට උඩ පන්තියෙ. Tzr නාලකලගෙ සෙට් එකේ.ආව කාලෙක බලල යන්න එන්නම් .ජය වේවා.

      Delete
  12. methenta adala nethi deyak ahanne. Nuwara eliya area eke town eken tikak ethata venna thiyena patta view ekak ehema thiyena, gana tikak adu hotel eka dekak kiyannako.Mathalan ayya aniva meva gena danna nisa ahanne.

    ReplyDelete
    Replies
    1. ටවුන් එකෙන් එහා නම් පට්ට වීව් තියෙන ගාන අඩු හෝටල් නෑ. නුවර එලියෙම තියෙන, Single Tree Hotel, Mount View Cottage, Misty View වල නම් ගාන අඩුයි. හැටන් පාරේ පොඩ්ඩක් දුර යනකොට තියෙනවා Hotel Silver Falls ඒකේ වීව් එක නම් පට්ට නෑ. ගාන ෂේප්. ඔය ග්‍රෙගරි වැව ඉස්සරහ, රේස් කෝස් එක ඉස්සරහ කන්ද නගින් ලේන් වලත් හොඳ හොටෙල් තියෙනවා ගාන අඩු. ගියාම හොයා ගන්නත් පුළුවන්. ඊළඟට අඩුවට හොඳ වීව් එකක් තියෙන හොටල් තියෙන්නේ බන්ඩාරවෙලට පොඩ්ඩක් එහා ඇල්ල වැල්ලවායේ පාරේ ඇල්ල සානුවේ. එහේ තියෙනවා පුංචි සිරිපාදේ, කි.මී. 2 විතර නගින්න තියෙන්නේ, හරිම අපූරු තැනක්. රාවණා ඇල්ලත් බොහොම ළන්නගයි, බන්ඩාරවෙලටත් කිට්ටුයි. ටවුමේ රෙස්ටුරන්ට්වල කෑමත් එච්චරම ගනන් නෑ..

      Delete
    2. mama town ekata eha ekak hevve, hodata nidahase inna puluwan hinda.kamak ne me visthara tikath hodatama ethi.mathalan ayyage patta choice ekak nam aye gihin balanna deyak ne. JAYAVEVA !!!!!!

      Delete
  13. ගූ විමලය ගැන ලියන්න ගිහින් මේ ලිපියේ වටිනාකම නැති කරන්න එපා.
    ඔය හැම විදියටම අපිත් පාන් කාල තියනවා. ඇත්තමයි මළ ගෙදර එලි වෙනකන් සැරින් සැරේ දෙන පාන් තමයි පාන්. දැන් ඒ කෙලි බැහැනෙ. මොන පාන් ද දැන් මල ගෙවල් වල ගියම වැදගත් විදියට ඉන්න එපෑ. මට නම් අකමැතිම වැඩේ. මොනව කරන්න ද.
    ඒත් පාන් කෑල්ලක් නොකා නම් එන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.... කෝ කෙන්ජි.... මාතලන්.... එන්න පිට කසා ගනිමු....

      Delete
    2. පුදුම කරුමයක් තමයි... එච්චරම හිතවත් නැති තැනකනම් ඉතින් කෙල ගිල ගිල ඉන්න එක තමයි මමත් කරන්නේ...

      Delete
  14. එහෙම්පිටින්ම මාව කොලු කාලෙට අරං ගියා මේ පෝස්ටුව නං... දැන්නං මල් සුවදක් හැමුව කාලයක් මතක නෑ.. අද හරියට හැලපයියගේ කතාවක් වගේ ලියල තියෙන්නේ..රසවත් පෝස්ටුව අස්සේ රසය නොමරා කිය යුත්තත් බොහොම අගේට කියල තියෙන්නේ.. ඔන්න ලියැවිලි.

    ReplyDelete
    Replies
    1. එහෙමද? කොළු කාලෙට අරං ගියාද? එහෙනම් පරිස්සමෙන් කොල්ලො පෙනනන් බැරි අංකල් උඩ ඉන්නවා.

      Delete
    2. වෙරලු මල් සුවද හමපු කාලයක් මතක නෑ කියලා නේද කියුවේ? අමතන්න කෙන්ජිව.... නොමිලේ ජපානයට සන්චාරයක් සමගින් සිරා සැපක්...

      Delete
    3. රසය මැරෙන්නේ විදියක් නෑනේ.. පාන් කොච්චර රහද.....

      Delete
  15. හම්මේ කිව්වත් වගේ පාං නං ඇති තමා. දැං බඩ පිරිලා...

    ReplyDelete
    Replies
    1. අනේ පිං සිද්ධවෙයි මෙතනනම් රෙන්න එපා.

      Delete
    2. පාන් ඉවරයි. ආයෙත් නෝ පාන්...

      Delete
  16. ඉස්සර නම් නිතර කෑවා. සීනි මට්ටම 110 පැන්නුවාට පස්සේ පාන් කඩේ ගාවින් එන්නේ රවලා බලාගෙන. පොහ්......ඉඳලා හිටලා දොස්තර මහත්තයා කියලා තියන විදිහට එක පාන් පෙත්තක් කනවා. පාන් ගෙඩිය දෙකට කපපුවම පෙති දෙකයිනේ.

    අපි බොහොම පුංචි කාලේ බේකරියක් තියෙන්නේ ඇත්තේ හැතැම්ම 25 කට එකක් වෙන්න ඇති. ඒ කාලේ අපේ වගේ ඈත ගමක ගෙදරට එන නෑදෑයෙක්, ඒ කාලේ අපි කියපු නම වන 'සුදුපාන්' ගෙඩි දෙකක් ගෙනාවොත්, හම්මෝ.........අපි කන්නේ මල පෙරේතයෝ වගේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇනෝ අරිනවා කිව්වට තාම වහලනෙ බොස්....

      Delete
    2. ඇරලා තියෙන්නේ ට්‍රයි කරලා බලන්න.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නෑ බොස්... ඊ මේල් ඇඩ්‍රස් එක ඉල්ලනවා.... කාරි නෑ.... මම හැමදාම ලිපි කියවනවා.... ජයවේවා..... ( මම මෙන්ඩිස් නෙවෙයි )

      Delete
    4. ඉතිං අනේ ඔය මොකක්හරි බොරු ඊ මේල් එකක් ගහලා බලන්නකෝ. ඇත්තටම ඒ විදිහට පුළුවන්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. ඇයි සත්තරනේ පරළු පාන් තියෙන්නේ. ඉස්සර අපේ මාමන්ඩිට පරළු පාන් ගෙඩියක් හොයාගන්න මාර කට්ටක් කෑවේ. ඒකට දැන්. හැමතැනම තියෙනවා.

      Delete
  17. අපි එක සැරයක් පාන් කෑවෙ වතුරෙ පොඟවගෙන..මයෙ හිතේ පාන් ගෙඩි 10ක් විතර කෑවා..පස් දෙනෙක් එක්ක..චෙහ් පිස්සුද මල් ගහලා හිටියෙ නෑහ් ! අපි එච්චර නෝටි නෑ..හැබැයි මල ගෙදර දීපු ප්ලේන්ටියෙන් පස්සෙ තමයි එකෙකුට හිනාව නවත්ත ගන්න බැරුව ගිහින් ආපු ත්‍රීවීල් එකත් තල්ලු කරගෙන - මොකද ත්‍රීවීල් එක පැද ගෙන ආපු එකා බයයි කිව්වා ත්‍රීවීල් එක අච්චර ලොකු පාරේ කාණුවකට වැටෙයි කියලා- ..ආපහු එක යාළුවෙකුගේ ගෙදරට ගියා..මීටර් 100 ක් විතර දුර ඇති..පැය තුනක් විතර ගියා බන් ඒ ගෙදරට යන්න..හම්මේ...එහෙම පාන් කාපු කාලයක්..පිස්සුද මල් ගැහැව්වෙ නෑහ්...

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් කළා මැදිරෙයෙක් ඇල්ලුවා කම්බි වැටකින් වෙන් කරපු එහා වත්තේ ඉන්න....

      Delete
  18. //මෙහෙම අත ඇරලා දැම්මට, කියන්නේ කරන්නේ මොනවද කියලා දැන ගන්න, අදටත් වඩා දියුණු සංනිවේදන ක්‍රම ඕන තරම් තිබුනා ඒ කාළේ. එහෙම ජංගම සංනිවේද ආයතන කීපයක්ම තිබුනා අපේ ගමේ. ඒවල නම් "රස කතා" ගොඩයි. ඒත් ඒවා ඕන නෑ මෙතනට.//

    ඇයි ඕනි නැත්තේ...ඒ රස කතා ගැනත් ලියන්න.

    බුරි උල් වෙන්න.බඩ ටිං ගාන්න පාන් කාලා ..ආයෙත් මල් වල සුවඳ උරල.ආයෙත් සැන්විච් පාන් කාලා, තොල් ඇලෙන තරමට සීනි දාපු තේ බීලා... මාතලන් අයියේ ඔය බඩක් දෑ...

    ReplyDelete
  19. //මෙහෙම අත ඇරලා දැම්මට, කියන්නේ කරන්නේ මොනවද කියලා දැන ගන්න, අදටත් වඩා දියුණු සංනිවේදන ක්‍රම ඕන තරම් තිබුනා ඒ කාළේ. එහෙම ජංගම සංනිවේද ආයතන කීපයක්ම තිබුනා අපේ ගමේ. ඒවල නම් "රස කතා" ගොඩයි. ඒත් ඒවා ඕන නෑ මෙතනට.//

    ඇයි ඕනි නැත්තේ...ඒ රස කතා ගැනත් ලියන්න.

    බුරි උල් වෙන්න.බඩ ටිං ගාන්න පාන් කාලා ..ආයෙත් මල් වල සුවඳ උරල.ආයෙත් සැන්විච් පාන් කාලා, තොල් ඇලෙන තරමට සීනි දාපු තේ බීලා... මාතලන් අයියේ ඔය බඩක් දෑ...

    ReplyDelete
    Replies
    1. මම නම් දන්න තරමට ඔය වයසෙදි ඕන කොල්ලෙකුට හොඳට කන්න පුළුවන්. බිත්තර දෙක දෙක දෙන්නෙත් ඔය කාළේනේ... මොකෝ කර්මාන්ත කටයුතු වලත් යෙදෙනවනේ...

      Delete
  20. //පුරුතුගීසී කාරයා තමයි ගෙනාවේ. ඒත් ඉතින් පාන් දැන් අපේනේ. එහෙනම් ඉතින් උන්දැ කියන විදියට බුද්දාගම අදහන්නත් බෑ. මොකෝ ඒක එව්වේ අශෝක අධිරාජයනේ.//

    ඔලුව අතගා කන පැලීම!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොරුද.. ඒකට කලිසමත් ගලවලා තමයි ඉන්න වෙන්නේ...

      Delete
  21. පෘතිගීසි කාරයෝ ගෙනාවේ තැටිපාන් වත් රෝස් පාන් වත් වෙන්න බෑ කීයටවත්.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එහෙනං අච්චු පාං

      Delete
    2. මාත් හිතන්නේ අර හැලපේ, ගෑල්ලමයගෙ කඩෙන් ගන්න පාන් වෙන්න ඕන...

      Delete
  22. ලුණු/සැමන් මැදට තියල හදන පාන් මාර සුවදකුත් එක්ක පුදුම රසයක් තිබුන.
    සමහර වල් කොල්ලෝ නම් පාන් අරන් එන ගැටිස්සියන්ව කලුවරට අරන් ගිහිල්ල පොල් ගස් මුල් ලග ගඩොල් ලෝඩ් බාන වෙලාවලුත් නැතිව නෙමේ.හැබැයි කොල්ලගෙ මුවින් හමන අරක්කු/මල්/සැමන් සුවද නිසා ගැටිස්සියන්ට වෙනද ත්‍රිල නම් නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. එක තැනක වාඩි වෙලා රීපන්කෝ. වටේට රිරී යන්නේ නැතුව !!

      Delete
    2. කජු ගස් යට රීපු මට තොගේ කට දෙපැත්තෙ ගඩොල් භාග දෙකක් තියන් කටට රෙන එක සිම්පල්නෙ.

      Delete
    3. ආ ඔය කියන්නේ. හිටියෙ පැලේ, රීවෙ කැලේ, එහෙනම් යකෝ අංකල් උබ ජපන් ගියේ ජපනෙකුට ** දීලද?

      Delete
    4. මමයි ජෝ මහත්තෙයයි උඩවලවේ ගම ගෙදරක නිදා ගෙන උදේ කහට කෝප්පේ බීල දෙන්න කජු ගහක් යට බොග දාන ගමන් තමයි කිව්වෙ තොපිල වගේ කඩප්පුලි/වාචාල/අසංවර එව්වන්ගේ කටේ ගඩොල් භාග දෙකක් තියල රෙන්න ඕන කියල.
      උඩවලව ගෙස්ට් හවුස් එක මගෙ ගෙදර වගේ.
      කුහක කම උබලගෙ ඇගෙන් ගලවල දාපල්ලා.

      Delete
    5. රෙන්න පුකේ ගූ නෑ.
      ඒ උනාට හාල් සේරුවක් රෙන්න පුලුවන් සයිස් ටෝක් දෙන්නෙ !

      Delete
    6. ඉතින් අනේ එදාට විතරක් ආදරයට පිටුපාලා ලෝඩ් බාන්න පුලුවන්නේ...

      Delete
    7. අංකල් කෙනජි උඩවලව ගෙස්ට් හවුස් එකේ රෙන්න තියෙන්නේ කජු ගහක් යටද?

      Delete
  23. අද්ද්කිමෙන්ම රස ගුණ හොදට දනිමි

    ReplyDelete
    Replies
    1. මොනවා වලද...? මල් වලද...

      Delete
  24. ඔය මල් ඔය හැටි තියෙනවද? එක පාරක් අපේ මාමා කාරය මල් දෙකතුනක් හොයාගන්න පට්ට කට්ටක් කෑවා

    ReplyDelete
    Replies
    1. කැළණියට නම් එදත් අදත් මල් වලින් නම් කිසිම අඩුවක් නෑ. ඒ කාළේ මල් විකුණපු උන් අද නගර සභාවේ...

      Delete
  25. මාතලන්,පොස්ටුව නම් හරිම රහයි...උණු පාන් වගේමයි...ව්‍යංගාර්ථයද ද්වනිථාර්ථයද උපහාසයද මැනැවින් මුසුකර තියෙනවා.ඔබ ලියා තියෙන්නේ අපි බොහෝ දෙනෙකුගේ ජීවිත අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඒ ජීවීතය කොහොමත් රහයි.. මේ ඉතින් ඔහේ නිසා තමයි...

      Delete
  26. සිරාවට පෝස්ට් එක මලක් ගහලද ලිව්වේ? මට නම් ඒ තරමට රහක් දැනුනා ලිපියේ! අයි මීන් වෙනදට වැඩිය ඈ :D

    අනේ ඉතින් ඕවා කියද්දී මටත් ඔය මල ගෙවල් වල සීන් හරි හරියට මතක් වුනා!ඒත් මම නම් මල් වලට සම්බන්ධ නැහැ අපි කලෙක්ෂන් දාලා දියරමය දේවල් තමා :)

    ReplyDelete
    Replies
    1. ලියලා ඉවර වෙලා නම් මල් සුවඳ වින්දා. මේ ටිකේ ආතල් එකේ ඉන්නේ... කවදත් එහෙම තමයි...

      Delete
  27. මල් සුවඳ විඳිනකොට මාර බඩගින්නක් එනවා..

    සිරා කතාව..

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගෙඩි ඇවරියක් උනත් කන්න පුළුවන්....

      Delete
  28. පාන් බැරිනම් කේක් කාපින් කිව්වලු නේද කවුද මන්දා ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න