.

.

Jul 28, 2016

කළ කර්‍මය ඵල දෙනවා.... රජු මාවත බැස යනවා ... - King of the Road



රජ කම් කෙරුවත් කළ කම් ඵල දේ කියා, අම්මට සිරි ලංකාවේ කතාවක් ඇත්තේය. ඇත්තටම සුද්දා මේ රටෙන් නිදහස් වීමෙන් පසුවත්, මේ පිස්සු පීකුදු රට අල්ලාගෙන, ඉල්ලාගෙන කන්න පටන් ගත් දිනයට පෙර උන් රජවරුන්ගේ ජීවීත් ගැන සොයා බැලුවොත්, ඔක්කෝම උන් වගේ මේ පරිප්පුව කාපු උන්ය. ඒක එදාද අදද කියලා වෙනසක් නැතිය.

සමාන්නියෙන් අම්මට සිරි ලංකාව කියනා රට ළෝකයේ අනෙක් රට වලට වඩා බොහෝ වෙනස් කියා කතාවකුත් තියෙනවාය. ඒකත් සහතික ඇත්තය. මෙතුවක් ලෝකයේ සිටි එකඳු එකාධිපතියෙකුවත් බලයෙන් චුත වූවාට පසු ආයෙත් ගේමට ආවේ නැතිය. ගොඩක් උන් අන්තරස්දාන උනේය. සම හරක් පලා ගියේය. එහෙම නැහ්නන් ජීවීත කාලෙටම හිර ගෙවල් වල ගියේය. 

ඒත් මේ රටේ ජනතාව එපා කියලා ගෙදර යවපු එකා පොරක් කරගෙන ඉන්නේ ගොබ්බ පාලකයෝය. මහින්දට අත තියන්නේවත් නෑ කියලා, ඒ ගොබ්බ නායකයෝ අදටත් සපත් කර කියනවාය. ඉදින් මහින්ද මහත්තයා හමුදා කුමන්ත්‍රණයක් හෝ එජාපයේ උන් සල්ලිවලට අරගෙන හෝ මොකක් හෝ කුප්ප වැඩක් කර නැවත් බලයට පත් උනොත් ඒකත් ළෝක වාර්ථාවක්ම වෙනවාය.

මෙ ගොබ්බ ආන්ඩුවට හා ජනාධිපති තුමාට උපදෙස් දෙන උන් එක්කෝ අමු හරක් වෙන්න ඕනාය. එහෙම නැහ්නන් මහින්ද මහත්තයා වාගෙම මුන්නැහෙත් උපදේසකයෝ පයිසෙකට මායිම් නොකර තමන්ට හිතෙනා දේ කොරනා එක්කෙනෙක් වෙන්න ඕනාය. එකාබද්ධ මලබද්ධයේ උන්ගේ පාද යාත්‍රාවක් කටේ තියාගෙන උන් එක්ක සාඛච්ඡාවකට යන්නේ ඒ නිසාය. මේකෙන් වෙන්නේ හවුල් ආන්ඩුවට ආවඩන උන්ට සංසාරෙත් එක්ක එපා වෙන එකය. අනික් දේ පාද යාත්‍රාවේ යන උන් ෆෝම් වෙන එකය. 

එහෙම ෆෝම් වෙලා, උන් පත්තරවලට කිසි අවුලක් නෑ මචෝ කියා නිව්ස් දෙනවාය. ලොක්කාගේ ඉහ මොළ රත් වෙන්නේ එයා අරුන් එක්ක කතා කරපු ඒවා, ඊළඟ දවසේ උදේ පත්තරේ තියෙනවා දැක්කාමය. එතකොට පෙරහර ගිහිල්ලා ඉවරය. මහා පතංගර අකුරුවලින් පත්තර පිටු භාගයක් පුරා දාපු හෙඩිම බොරුය කියලා, හෙට පත්තරේ දාන්න කියලා ඊළඟට නාහෙන් අඬන්වාය. මහින්දගෙන් ලැප් ටොප් අරගෙන මෝට බයික් අරගෙන, දැනටත් මහින්ද මහත්තයාගෙන් අඩියක් ගහගෙන ඉන්නා මාද්දියකාරයෝ කරන්නේ, "ලොක්කා එහෙම දෙයක් නෙමේ අනේ කියා තියෙන්නේ..." කියා වෙනත් මොකක්දෝ අපබ්‍රංසොයක් ඇතුළු පිටුවක් පොඩියට දානා එකය. උන් මේ ආන්ඩුවේ උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය.

පාද යාත්‍රාව යන්නේ ආන්ඩුවට විරුද්ධවය. ආන්ඩුවේ ලොක්කා රනිල් නොව මෛත්‍රිපාල උන්නැහේය. එතකොට මේ ගමන යන්නේ මෛත්‍රිට විරුද්ධව මිස රනිල්ට විරුද්ධව නෙවේය. මේ සිම්පල් දේ මොන ගොනා තේරුම් නොගත්තත් තේරුම් ගන්නා එක සෙට් එකක් ඉන්නවාය. ඒ බටහිර රටවල් හා ඉන්වැස්ටස්ලාය. මේක හාල්පාරු ආන්ඩුවක් කියා උන් දන්නවාය. ඒ නිසා අතේ තියෙන සල්ලි දාලා ඉල්ලගෙන කන්න උන් කැමති නැතිය. චීනා ඉන්වෙස්ට් කරන්න එන්නේ මහින්ද මහත්තයා එක්ක චීනාට අවුලක් නැති නිසාය.

අවුරුදු දෙකකට ආසන්න වෙන්න ආවත්, බටහිර රටවල් මෙහේ එක පයිසයක් ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ඒ නිසාය. ඉන්න උනුත් මේ මළදානේ දමලා ගහලා යනවාය. මොකෝ මුන්ට වඩා මේ රටවලට එකාධිපතියන් ගැලපෙන නිසාය.

අප මුල ඉඳන්ම කියූ දේ දැන් දැන් යහපාලන හාල්පාරුවන්ට තේරිගෙන එනවාය. මාතලන් මුල ඉඳන්ම කිව්වේ මේ රටට අවශ්‍ය ඝෝඨාභය වාගේ පාලකයෝ කියලාය. කොන්ද පන ඇති ශක්තිමත් නායකයෝ කියලාය. ප්‍රජාතන්තරවාදේ මේ වගේ රටවලට හරි යන්නේ නැතෙයි කියලාය. මහා ළොකුවට දෙනවා කිව් මාධ්‍ය නිදහසටත් දැන් නීතී ගෙන එන්න යනවාය. ඒ මහින්දට ෆුල් ටොස් දාන මාද්දියවෙදියෝ මුන්ගේ පුක නැති වෙන්නම යෝකර් දානා නිසාය. 

ආන්ඩුවේ උන්ව ප්‍රශ්ණ කරන්නේ උසාවියෙන් වගේය. ඒත් මහින්ද මහත්තයාගෙන්, ගෝඨාගෙන අහන්නේ, කටට උත්තරේ දීලාය. හරියට පොඩි උන් "ටාට්ටේ අර හඳද ටාට්ටේ... කියා, හඳටම ඇඟිල්ල දික් කොරලා අහනවා වාගේය. සම හරක් විට පට්ට නිදහස් මාද්දියක් වෙන සමාජ ජාලවලටත් නීතී රීතී එන්න ඉඩ තියෙනවාය.

මේවා අනිවාර්යයෙන් විය යුතු දේවල්ය. අද සතියේ එකම දිනකවත් කොළඹ නගරයේ නිදහසේ ගමන් කිරීමට සමාන්නිය ජනතාවට ඉඩක් නැත. හැමදාම උද්ඝෝෂණය, විරෝධතාය, පෙලපාලිය. පාරවල් වහලාය. එදා වේල හොයාගන්න රැකියාව සඳහා එන බඩ දරු අම්මලාත්, කාන්තාවත් අර කාලකන්නින්ට ගහන කඳුළු ගෑස් කන්න ඕනාය. ගෙවල් වලට යන්න බස් නැත. කොච්චි මිස් උනාම කට්ට කන්න වෙන්නේත් සාමාන්‍ය ජනතාවටය.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් සියල්ලම තියෙන ප්‍රදේශයේ හැමදාම රෝඩ් බැරියර්ය. ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන්ද කියා බ්ලන්න එන උන් ඉන්නේ මේවාලය. මේ මළ විකාර දැක්කම උන්ට සංසාරේත් එක්ක එපා වෙනවාය. එක්කෝ ඔය තරමටම ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නම්. ඔය ජන ශූන්‍ය පැත්තක තියෙනා පිට්ටනියක් දීලා, මහින්දගේ බත් ගොටු මාද්දිය වේදියෝත් එක්ක එතන ඕන මළදානයක් කර ගන්න කිව්වාම අහවරය.

ඇත්තටම මහින්ද මහත්තයා වෙලහකටත් මේ හාල්පාරුවෝ ටික එලවලා දාලා ආයෙත් බලය අරගෙන ඉවරය. මොකෝ දැන් යහපාලනයට ඡන්දය දුන්න එකෙක්වත් නැතිය. ජනතාව ඉන්නේ මහින්ද හා හොරු කියා බොරු කියා අප රැවටූ අහිංසකයන් පිරිස සම්ඟය. හමුදාවද පොලීසියද එයාලාට සපෝට්ය. ආන්ඩුවේ නිළධාරින් මේ ආන්ඩුවේ උන් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. ගේම ගහගන්න බැරි එකම හේතුව. පිටරට තානාපති කාර්යාල ටික හා සිවිල් පොරවල් ටිකය. බිස්වාල් නෝනා බය වෙලා පබිලිස් එක්ක පොලොස් කරි හදන්න එන්නේ ඒ නිසාය.

මෑතකදි, "ඔබට සතුටුයිද දැන්..." කියා, මහින්ද මහත්තයා අපෙන් ඇසුවේය. ඇත්තටම අපට සතුටුය. ඒ මොකෝ කියනවා නම් අපි කියන ඒවා අහන්නේ නැතිව ඉල්ලාගෙන කාපු නිසාය. ඒ විතරක් නොව රජා පමණක් නොව යුව රජවරුන්ද කුමාරවරුද අද පාරට වැටිලා තියෙන නිසාය. මැරෙනකන් රජකන් කරන්න උන් මහ රජා හා ඇමතිවරු මහ පාරටම වැටුනු එකටය. එහෙම වෙලා තියෙන්නේ අපිට තියෙනා මහා බලය නිසාය. ඒක රජ කමටත් වඩා බලවත්ය. ඒ බැලට් එකය. ඒ නිසා බැලට් එක තියෙන තුරා අපට සතුටුය.

හේතුව ඔබලා මහ මගට වැටීම ඉතරක්ම නම් නෙමේය. මේ හාල් පාරුවන්ද මහ පාරට ඇදලා දාන්න තරම් ශක්තියක් ඒ බැලට් එකට තියෙනා නිසාය.

හැබයි ළෝකයේ කිසිම රජෙක් මේ තරම් පීචං වෙලා නැති බවත් කිව යුතුමය..

2015 ජනවාරි 18 ඉස්සෙල්ලාම ඉල්ලාගෙන කෑවේය..

ඊළඟට අගමැති කම අරගෙන සිරිසේනට කෙලලා ආයෙත් රජවෙන්න ගහපු ගේම 2015 අගෝස්තු වල දෙවන පාර කෑවේය..

ඊළඟට හයිඩ් පාක් කෝනර් එකෙන් ආන්ඩුව පෙරලන්න ගොහිල්ලා ඉල්ලාගෙන කෑවේය..

එයිට පස්සෙ මැයි පළවෙනිදා හුන්ඩුවට ගුල්ලෝ ගොඩක් දාගෙන හතර අතේ නෝන්ඩි උනේය..

දැන් පාද යාත්‍රාවක් ඇවිල්ලා ආන්ඩුව පෙරලන්න යනවාය...

මේවා ගොන් ජෝක්ය... ආන්ඩුවක් විපක්ෂයයි දෙකම කරන්නේ ජනතාවට ගොන් ආතල් එක දෙන එක විතරමය. රට එතනමය.. මුන් ඔක්කෝම එක වල්ලේ පොල්ය.. රටත් ජනතාවත් කබලෙන් ලිපටය

හිටපු රජා අමු හෙළුවෙන් මහා පාරේය... ඉන්න රජාගේත් කිසි වෙන්සක් ඇත්තේ නැතිය.. එකම වෙනස තාමත් මන්දිරේ ඉන්නා එක විතරය.

ඒ වගත් මෙසේය...

සංසාරේ භවේ දුකා

සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
රජ වරු පාරේ පෙරලේ - රිය සක ලෙස ලෝ කුහරේ..

පෙර රජ කළ මහ නරයා... බල යෙන් මුස පත් වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

නව දේශයේනී ගලනා වු ඕජස්... අද මහ පාර පුරා...
කොළඹට හෙළුවෙන් එනවා - මේ මඤ්ඤං රටය ලොවේ...

82 comments:

  1. //සතියේ එකම දිනකවත් කොළඹ නගරයේ නිදහසේ ගමන් කිරීමට සමාන්නිය ජනතාවට ඉඩක් නැත.//

    වැඩ ඇරිල හවසට ගෙදර යන එවුන් තමයි අන්තර්ජාතික කුමන්ත්‍රන, වැට් දැමීම, දීමනා අඩු කිරීම, ජොබ් නොදීම, විවස්තා හැදීම, ඔය ඔක්කොම කරන්නෙ. සොරි, මතක නැති වුනා.. අර නිදහස් අජ්ජාපන විනාස කිරීම, වයිල්ඩ් බෝ පැල වගේ අහිංසක සිසුන්ව මර්දනය කිරීම කරන්නෙත් උන්ම තමා.

    ReplyDelete
    Replies
    1. ඉන්වෙස්ටර්ස්ලා එයිද බං.... ඩෙලිගට්ස්ලට වෙලාවකට මීටීන් එකකට යන්න බැරි රටකට... උන් කෙලින්ම ලීඩර්ස්ලට අම්මා මතක කරලා දෙන්නේ... උන්ගේ රටවල නම් මේවට වෙනම තැන් තියෙනවලු.... ඒක ඇත්ත මමත් දකලා තියෙනවා...

      Delete
  2. හොරුසම හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. අළුත් හොරෙක් ඕනෑකර තිබේ !

      Delete
  3. දැන් මොකක්ද කරන්න කියන්නේ මාතේ...?
    ඔය මලබද්ධෙට ඕන කුජීතයක් ගහගන්ඩ කියල අහක බලන් ඉන්නද නැත්තං අර මංගලගේ කුරුඳු පොලු බස්නේ දෙන්නද...?
    කොහොමෙන් කොහොමහරි අවුරුදු පහම මෙහෙම ගෙවෙයි වගේ...සැක්...!

    ReplyDelete
    Replies
    1. මේක චන්ද්‍රිකාගේ එකටත් වඩා චාටර් වෙයි වගේ...

      ඒ කාළේ ආතල් එකක් දෙන්න ප්‍රභා හරි හිටියා...

      එයත් අවුරුදු 11 ක්ම මෙළෝ දෙයක් නොකලට රට ඔහේ ගියා නේ...

      Delete
  4. රනිල් තුමාත් මීට වඩා කස්ටිය පාරට බස්සනවා කීවේ ඕන්...

    ReplyDelete
    Replies
    1. මහින්දයි මෛත්‍රියි එකතු වෙලා එයාව පාරට දානකන් එයා දන්නෙත් නෑ...

      Delete
  5. අම්මප ඇත්ත මාතෙ. ජනාදිපතිතුමා ඔක්කොම දේවල් පත්තරෙන් බලනවානම් පය්හ්තරේම එයාට බැනල කියල තියෙන දේවල් බලල හරි හැදෙන්ට ඕනි. එකට උපදේශකයො ඕනි නැහැ. එත් රටක ජනාදිපති ටත් අගමැතිටත් කොන්ට්‍රෝල් කරන්ට බැරි ඇමති මණ්ඩලයකින්, උන්ට ඕනි ඕනි වෙලාවට ප්‍රෙස් කොන්ෆරන්ස් තියල තමන්ට ඕනි එකක් කියන්ට දීල එයාල තප්පුලන් ඉන්නවනම් මේ ආණ්ඩුවටත් අබ සරණයි. ඝෝට මොන වැඩක් කලත් මිනිහගේ පර්සනලිටි එක බොහොම ඉහළ තත්වෙක තිබ්බ. කරන්ට ඕන දේ කරලම දැම්ම. එත් රටේ නායකයෝ දෙන්නට අය වැයක් හදල එකේ අඩු පාඩු හදාගන්නවත් බැ. වැට් මගුලක් ගෙනල්ල නාගන්නවා හෝසෙට. කොන්ද කෙලින් තියන් තීරණයක් ගන්ට බැහැ. මොකක්ද බන් මේ කුනුහරුපෙ? කියන දේ නෙමෙයි කරන්නෙ කරන දේ නෙමෙයි කියන්නේ. මේ ඩබලම මොන කතාවක් පැවැත්වුවත් වචන දහයකින් 5ක්‌ මහින්ද හරි රාජපක්ෂ රෙජීමය ගැන. හරි මහින්ද රට වනසල කොහොම හරි ගෙදර යැව්ව කියමුකො. එත් මුන් අවුරුදු දෙකකට කොරපු ලබ්බකුත් නෑ අල්ලපු හොරෙකුත් නෑ. මේවයෙන් ලකුණු මහින්දට වගේම අකුණු ලැබෙන්නේ මයිත්‍රී රනිල් කියන දෙපලට කියන දේ තේරුම් ගන්ට බැරි මේ ඩබල ඉල්ලන් කන දවස වැඩි ඈතක නම් නැහැ මාතේ. මුන්ගේ ප්‍රගතිය හොඳටම මනින්ට පුළුවන් මේ ජනාදිපති තුමා බලයට ගේන්න චන්දෙ දුන්නුම අවුන්ටම අද කථා කලොත් නම් මාතෙ උබ කිව්වා වගේම මුන්ට චන්දෙ දුන්න එකෙක් හොයාගන්ට නෑ. බඩුම තමයි හිටන්.. 🙃

    ReplyDelete
    Replies
    1. මුන් කරන ගොන් වැඩ වලින්...,
      ළකුණු ලැබෙන්නේ මහින්දට
      අකුණු ලැබෙන්නේ මෛත්‍රී රනිල්ට..

      නියම කියමන බං

      Delete
  6. Replies
    1. සද්ධර්‍මරත්නාවලියේ, උම්මඃග්ග ජාතකේ භාෂාවෙන් ලියූ විට සම්පේට පැමිණෙන අහිංසක දුප්පත් පාරිභෝගියාට නොවැටහේ... මේ බස සරලැය.. සව්ම්යය.. තේරුම් යන සුළුය.. මම එයට මනාපය... ලෝකය වෙගයෙන් වෙනස් වේ... අපද වෙනස් විය යුතුය...

      පැරණි චිත්‍රපටවල දෙබස් අද චිත්‍රපටවල නොමැත..

      හිඟන කොල්ලා පුස්තකයෙයි ඇති බස මොහාන් රාජ් මඩවලගේ ලොවිනා හී නැත..

      Delete
  7. (lankaenews) ඩලස් කියන්නේ ජනතාව මිලියනයක් තමන් පා ගමන සමග කොළඹ ට රැගෙන එන බවයි. ලංකාවේ සමස්ත ජනගහනයද මිලියන විස්සකි. ඩලස් ගේ ගණන් අනුව මුළු රටේම උතුරු නැගෙනහිර ඇතුළුව දරුවා ගේ සිට මහල්ලා දක්වා සෑම මිනිසුන් විස්සකින් එකෙක් පා ගමනට එක් වන්නේය. මෙවැනි ජනතාවක් පැමිණය හොත් එක පේලියට දහ දෙනා ලෙස පා ගමනට එක් වූවොත්, වෙනත් සංදර්ශන ඇතුලත් නොකර ගත්තද එය කි.මි. 90 ක් තරම්වත් දිගු විය යුතුය. එනම් පා ගමන මුල පෑලියගොඩ පාලම අසලට එන විට කෙලවර තිබිය යුත්තේ පේරාදෙණියේය. මෙවැනි ජනතාවකට ප්‍ර‍වාහන පහසුකම් දීමට අවම වශයෙන් බස් විසි පන් දහසක් වත් අවශ්‍ය වන අතර එය සමස්ත රටේ පෞද්ගලික බස් ප්‍ර‍මාණය ඉක්මවනවා ඇත. එවන් බස් ප්‍ර‍මාණයක් කොළඹට ඒමට උත්සාහ කළහොත් එය කි.මී. 200 ක පමණ දිග වාහන පෝලිමක් වනු ඇත

    1988 මහින්ද හතලිස් තුන් වන තරුණ වියේ සිටි ජවාධිසම්පන්න රැඩිකල් මෙන්ම වාමවාදී දේශපාලඥයෙකි. දකුණේ තරුණයින් අතුරුදහන් කිරීමට එරෙහිව ජිනීවා හරහා මැදිහත් වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකි. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී භීෂණයට එරෙහිව සටන් කළ සටන්කාමියෙකි. ජනාධිපති තනතුරක් නොව ඇමති කමක් හෝ නොකළ දූෂණයට ගොදුරු නොවූ චරිතයකි. විපක්ෂයේ දේශපාලනඥයින්, වාම ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින් අතර ‘මහින්ද අයියා‘ යැයි ජනප්‍රියව සිටි චරිතයකි. ඔහු ගේ සටන්කාමී මැදිහත් වීම එවකට විපක්ෂයට නැවුම් ආශ්වාදයක් විය. ඔහු සමග සිටි අනෙක් අය අතර බාහු, සිරිතුංග, වාසු වැනි වමේ සටන්කරුවන් ද අනුර බණ්ඩාරනායක වැනි කෘතහස්ත දේශපාලඥයින්ද, රාජිත, දේව බණ්ඩාර වැනි සටන් කරුවන් ද විය.

    අද සිටින්නේ ඒ මහින්ද නොවේ. මේ ඉන්නේ හැත්තෑ තුන් වියට පැමිණි, මහළු, දුර්වල, වේලකට පෙති අල්ලක් බොන, ඩයි පප්පෙකි. දෙවරක් ජනතාව විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපතිවරයෙකි. ලංකා ඉතිහාසයේ වඩාත් දූෂණ චෝදනා වලට ලක් වූ, බිරිඳ, දරුවන් සහ සහෝදරවරුන්ට එකවිට චෝදනා එල්ල වී පවුල පිටින් අවමානයට ලක් වූ, යුද අපරාධ, දේශපාලන ඝාතන, මානව හිමිකම් නැති කිරීමේ චෝදනාවට ලක් වූ මහින්ද කෙනෙකි. කරන ලද අපරාධ වලට එක පිට එක පවුල් පිටින් නඩු වැටුනු මහින්ද කෙනෙකි. මානව හිමිකම් කෙලෙසීම නිසා ජ්‍යාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් වූ, ඉඩි අමීන් පන්නයේ ඒකාධිපතියෙකි. ජාතිවාදියෙක් ලෙස නාමකරණයට ලක් වී සුළු ජාතික ප්‍ර‍ජාව ගෙන් කොන් වූ කඩප්පුලියෙකි.

    ReplyDelete
    Replies
    1. සමස්තයේම සාරාංශය. නිවැරදි දැක්මක්.


      Delete
    2. ඩයි පප්පලා තවත් ඕසෙට ඇත.

      මං නං ඕවට නැත.

      Delete
    3. ඉයන් ගේ කමෙන්ටුවේ කතෘත්වය පිළිබඳ වැරදි වැටහීමක් ඇති වී තිබෙන නිසා මූලාශ්‍රය පහත දක්වමි.

      http://www.lankaenews.com/news/4331/si

      Delete
    4. බොහොම ස්තූතියි රසික. මේක lankaenews පළවූ ලිපියක කොටසක්. ඒක නිසා lankaenews කියා මුලින්ම දැම්මා.

      Delete
    5. ///දෙවරක් ජනතාව විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපතිවරයෙකි.///
      දෙවරක්...
      ඒ කියන්නේ එක් වරක් එක දෙකයි චක්කරේ අනුවද...?

      Delete
  8. දැන් මොකක්ද කරන්න කියන්නේ මාතේ...?
    ඔය මලබද්ධෙට ඕන කුජීතයක් ගහගන්ඩ කියල අහක බලන් ඉන්නද නැත්තං අර මංගලගේ කුරුඳු පොලු බස්නේ දෙන්නද...?
    කොහොමෙන් කොහොමහරි අවුරුදු පහම මෙහෙම ගෙවෙයි වගේ...සැක්...!

    ReplyDelete
    Replies
    1. කුරුදු පොලු බස්නෙ නොදී ඉමු.මරා ජනබල මෙහෙයුමට එහෙම කලෙත් නෑනෙ. අනික ප්‍රජාතන්තවාදී රටක්ලුනෙ.
      ආයෙ මෙරිල් ,සිරිල් ,පෝල් යුගයට යන්නත් බෑනෙ.

      මහින්දටත් ඉස්සර කාලෙ යටගිය දවස පැවති ජනබල මෙහෙයුමකට වෙඩි තැබීමක් සිදුවූ බවත් එහිදී කොටහේන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් මිය ගිය බවත් දැන් හැමෝටම අමතකයි.

      Delete
  9. මොකුත්ම නොකරත් ආණ්ඩු කරන්න පුලුවන් නේ.. හැක් .

    ReplyDelete
    Replies
    1. සිරිමාවොයි චන්ද්‍රිකයි දෙන්නම කලේ...

      Delete
  10. සුපිරියට ලියල තියන කතාවෙ තියනව එකඟ වෙන්න බැරි තැනුත්. යහපාලනය ගෙනාපු අපිටත් කලකිරීම් නැත්තෙමත් නෑ. නමුත් සමාජයක් එක තැන තියෙන්නෙ නෑ.සුද්ද මේ පිස්සු පීකුදු රටෙන් නිදහස ලබන කාලෙ තිබුන සමාජය නෙමෙයි දැන් තියෙන්නෙ. 77 දි විවෘත ආර්ථිකය ආවට පස්සෙ සිතුම් පැතුම් වල මොනතරම් වෙනසක් වුනාද.
    මර්ධන නීති ගෙන ඒමට කරන යෝජනාවට එකඟ වෙන්න බෑ. අපි කල යුත්තේ යහපාලනයෙන් යහපාලනයට යාමයි . අපටත් මරාගෙ මට්ටමට වැටෙන්න බෑ නේද

    කාලය සියළු ප්‍රශ්න විසදාවි. මොන යාත්‍රා ගියත් ආයෙ මහින්දට ගොඩ ඒමක් නෑ. සුළු ජාතික ඡන්ද කොහොමත් නෑනෙ. මහින්දට ඡන්දෙ දීපු අයත් දැන් දෙකට දෙවාරෙ ඉන්නෙ. බලයෙ ඉන්නකොට තිබුන රැල්ලට එන ඡන්ද දැන් නෑ.ජනවාරි 8 ට පෙර තිබුන අනභිභවනීය ප්‍රතිරූපය දැන් නෑ.

    පාද යාත්‍රාවට බයවෙලා ආණ්ඩුව කරපු දේවල් අනවශ්‍ය දේවල්.ගනන් ගන්නෙ නැතිව ඉන්න තිබුනෙ.
    මාතලන් ඍනාත්මකව හිතුවට මටනම් පේන්නෙ අපි ඉන්නෙ සංක්‍රාන්ති සමයක බව.නමුත් කිසියම් මන්දගාමී බවක් තියනව හරියට වහින්නෙත් නෑ වහින්නත් එනව වගෙ මන්දාරම් ගතියක්.

    ReplyDelete
    Replies
    1. මේ හැම දේටම හේතුව හරිහමන් විපක්ෂයක් නැති එක. විපක්ෂයෙ කාර්යභාරය ඒකාබද්ධ කන්ඩායමට ඔටෝ පැවරිලා.
      ටී එන් ඒ එකයි ජේවීපියයි ඉන්නෙ ආන්ඩුව එක්කනෙ. බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අවශ්‍යයි.
      දුක මේ රික්තයට මරා ආදේශ වෙන එක.

      Delete
    2. යහපාලනයෙන් යහපාලනයට යන්න බෑ කියන දේ දැන් මෙයාලට තේරෙනවා... ඒක නේ මාධ්‍ය නිදහස ගැන පොර ටෝක් දීපූ කරුණාරත්න පරණවිතානලා දැන් නීතී රීතී ගේන්න ඕන කියන්නේ.. වල් බූරූ මාද්දිය නිදහසක් ගැන කතා කරන්නේ... මහින්ද අමරවීරලාට මල පනින්නේ.. සත පහක් හම්බ වෙන්නේ නැති නිසා නේ ජාත්‍යන්තරය රවට්ටන්න අවුරුදු පහම මෙහෙමම යනවා කියන්නේ.. තව කොච්චර ගියත් අපි කියන ඒවා නොකර මේ ආන්ඩුවට පැවත්මක් නැත. මාතලන් කියූ දෙයක් වැරදිලා නැත. (බොහෝ විට.)

      Delete
  11. Deamawade kiyanne tamil ewuntath dan me anduwayi... TNA ekayi epa weal. Unuth dan MR ge patte

    ReplyDelete
    Replies
    1. වෙනත් ළෝකයක ඉන්න ටැමිල් සෙට් එකක් වෙන්න ඇති...

      Delete
  12. හිට්ලර් ගියා - චැප්ලින් ආවා

    - ඇඩ්‍රස් නෑ -

    ReplyDelete
    Replies
    1. ඒ ඇඩ් එකෙන් ඔක්කෝටම රිදුනේ ඒක නේ.... හැබයි ජැකාටත් ඇඩ්‍රස් නෑ...

      Delete
  13. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බව මාත් පිලිගන්නව...තව සියවසකින් පස්සෙ වගේ නම් අවුලක් නැැතිවෙයි

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕන දියුණු සමාජයකට... ගෝත්‍රිකයින්ට නෙමෙයි...

      Delete
  14. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බව මාත් පිලිගන්නව...තව සියවසකින් පස්සෙ වගේ නම් අවුලක් නැැතිවෙයි

    ReplyDelete
  15. හරි ෂෝයි අනේ ඒ පාද(ඩ) යාත්‍රාව. ගාත්‍රා අස්සේ යාත්‍රා කරනවා, අම්මපා.

    ReplyDelete
    Replies
    1. හඳ මාමා උඩින් යතේ... ගොන් බයියන් බිමින් යතේ...
      හඳ මාමා උඩින් යතේ... ගොන් වහළුන් බිමින් යතේ....

      Delete
  16. හොරු සමග හොරු

    ReplyDelete
    Replies
    1. හොරු වෙනුවෙන් හොරු

      Delete
    2. මුන් ඔක්කොම පල් හොරු
      ඔක්කොම අලි හොරු
      හැම පාටියකම නෑදෑයෝ...

      Delete
  17. මරා බැරිවෙලාහරි බලයට ආවොත් . පජාචන්ත්‍රවාදෙ නියමට කොරයි පොරි හැලෙන්න හිටං !

    ReplyDelete
    Replies
    1. නෑ මචං... මහින්දට මුකුත් කරන්නේ නෑ කිව්වා වගේ...
      මහින්දත් කියා.. අපි සිරිසේනට මුකුත් කරන්නේ නෑ.. ඒත් එයා එක එක ඒවා කරගන්නවට මං මක්කා කොරන්නෙයි කියලා...

      Delete
  18. බලේ තිබුන කට්ටියට බලේ නැතුව ඉන්න කොයිතරං අමාරුද කියල දඟලන දැඟලිල්ලෙන් පේනව. බලේ නැතුව හිටපු කට්ටියට බලේ හම්බු උනාම ඒ කාලේ කොච්චර හාමත් වෙලා උන්නද කියල කන්න පටං අරං තීන විදිහෙන් පේනව.වැඩේ කියන්නෙ දෙගොල්ලො මාරුවෙන් මාරුවට කන්නෙ අපේ රීරි මාංසේ!

    ReplyDelete
    Replies
    1. ඔතන බලයට වඩා තියෙන්නේ හොරා කෑම... බලය එහෙමම තියෙනවා... තාමත් මේ රටේ ජනාධිපති මහින්දම තමයි.. හැම තැනකම තියෙන්නේ එයාගේ පාලනය..

      Delete
  19. \\2015 ජනවාරි 18 ඉස්සෙල්ලාම ඉල්ලාගෙන කෑවේය..//

    මම හිතන්නේ 2015 ජනවාරි 08 වෙන්ට ඕනේ කියලා...

    පට්ට කතාව... මේ ආණ්ඩුවෙන් සෙතක් නැතත් කලින් එක වෙනස් වෙච්ච දෙයම මදැයි සතුටු වෙන්ට...

    ආආආ... මම දැක්කා වාහනයක නැගලා "පාද යාත්‍රාවේ" ගියපු විදිහත්...

    ReplyDelete
    Replies
    1. හඳ මාමා උඩින් යතේ... ගොන් වහළුන් බිමින් යතේ....

      Delete
  20. ෙමෙහම තමා ලියන්න ඔිෙන මාතයිාය.....
    ඉයන්ෙග ෙකාෙමන්ටුවටත් MY ප්‍රනාමය

    ReplyDelete
    Replies
    1. ඉයන් ගේ කමෙන්ටුවේ කතෘත්වය පිළිබඳ වැරදි වැටහීමක් ඇති වී තිබෙන නිසා මූලාශ්‍රය පහත දක්වමි.

      http://www.lankaenews.com/news/4331/si

      Delete
    2. මෙහෙම ලිව්වාම තමා තේරෙන්නේ...

      Delete
  21. පෝස්ට් එකත් හරි ෆොටෝ එකත් හරි.

    පාද යාතා දැන් වාහනේ එල්ලිලා යනවා කියලා මම අදමයි දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. මට මහළු වයසේ.... බැරිය වෙණ ගායනා පෙර සේ....

      Delete
  22. ලංකාවේ දේශපාලකයෝ මෙන්ම බොහෝ මිනිසුන් සිතන්නේ පෙළපාලියකට, දේශපාලන රැස්වීමකට එන මිනිස්සු මහා ජන බලවේගයක් ලෙසය. නමුත් එය එසේ නොවන බව පසුගිය මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කලවිට පෙනීයයි. ඕවාට එන ඔළුගෙඩි ගණන් කරානම් සරත් ෆොන්සේකා ලංකාවේ ජනාධිපති වන්නට තිබුණි. එසේම ජේවීපිය ආණ්ඩු හදන්නට ඉඩ තිබුණි. පිච්චමල් පුජාවට ගිය මිනිසුන් සිල් රෙදි පිටින්ම තැබෑරුම් පෝලිම්වල සිටිබව ලංකාවේ පත්තරවල දුටුවෙමි. මේ ලංකාවේ මිනිස්සුය.

    ReplyDelete
    Replies
    1. ඔතන ඉන්න ඔක්කෝම හොරු... ඉනටර්නැෂනල් උන්ගේ ඉඳන් ප්‍රාදේශීය එකා දක්වා...

      Delete
  23. මාතගේ හා ඉයන්ගේ කරුණු එකට කලතලා පොඩි අඩියකට සිඳලා, විචාරකගේ ශැන්ඩියක් දාලා මධ්යස්තව හා කළ්යානගෙ අයිස් කෑලි දාල ගත්තම ශෝක්..
    තව ටිකක් කික් එක එන්න අනෙක් කොමෙන්ට් කරුවන්ගේන් පොඩ්ඩ පොඩ්ඩ දාලා කොක්ටේල් එකක් හදල ගත්තම ජාති..

    ReplyDelete
    Replies
    1. ඉයන් ගේ කමෙන්ටුවේ කතෘත්වය පිළිබඳ වැරදි වැටහීමක් ඇති වී තිබෙන නිසා මූලාශ්‍රය පහත දක්වමි.

      http://www.lankaenews.com/news/4331/si

      Delete
    2. ඒ උනාට ඉතින් ආන්ඩුව නම් අර මහින්ද මහත්තයා ඇඩ් එකේ කිව්වා වගේම කැඳ හැලියක්...

      Delete
  24. මාතෙගෙ සමහර ඒව හරි. ඒත් හයිඩ් පාර්ක් මීටිං එකෙනුයි මැයි රැලියෙනුයි මහින්ද ඉල්ලගෙන කෑවා කියන එක වැරදි.මහින්ද ඒකෙන් ආණ්ඩු පෙරලන්න බැලුවෙ නෑ බලේ පෙන්නන්න මිසක්. චන්දයක් අත ළඟ නැතුව රැළියකින් ආණ්ඩු පෙරලන්න බැරි බව මාතලන්ටයි මටයි කලින් පොලිටික්ස් කරපු මහින්ද දන්න බවයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ උඹ හිතාගෙන ඉන්න හැටි... ඇතුලෙන් හෙන කුමන්ත්‍රණ තොගයක් යනවා... බලාගෙන හිටහන්.. සමහර විට තුර්කියේ උන් දේ වගේ ඒවා වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් ඩීල් එකකට ඇවිල්ලා FCID එක වහලා දාන්නත් පුළුවන්...

      Delete
  25. මට හිතුන විදියට මේ ආණ්ඩුව අනාගත්තේ 2015 මාර්තුවේ දී ම ය.

    මේ එදා මා කේන්තියට ලියූ කවියකි.

    සුබ අනාගත්තක් වේවා!
    ================

    ගොම රිටි උඩ එති
    මිණි කැට යට යති
    දෙපයට හිරිකිත
    බලු බෙටි පෑගෙති

    උදයෙත් රැවටෙති
    දහවල රැවටෙති
    පුරහඳ නැති රෑ
    ඔළුවෙන් සිටවෙති

    නයු අජ වෙස ගති
    හොරු යළි රජවෙති
    මරුමුස් පරපුර
    තරුපටි පළඳිති

    සොඳුරු මිනිස් ගති
    බේතට හිඟවෙති
    වඳුරු සුනඛ ගති
    සදහට පවතිති!

    https://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

    ReplyDelete
    Replies
    1. ඊටත් කලින්.... මේ තියෙන්නේ ...

      http://maathalan.blogspot.com/2015/01/sirisena-having-bath.html

      Delete
  26. ටීවී එකේ යහපාලනය හොඳා...යි කියලා වියදම් කරලා හෝ නොකර ඇඩ් වැපිරුවාට මිනිස්සු අතරට යන්න බෑ කියලා මෙයැයිල තේරුම් ගන්න බවක් පෙනෙන්න නෑ.. යහපාලන ප්‍රතිපත්ති ගැන වගකිවයුතු ප්‍රකාශ කරන මට්ටමේ ඉන්න කිරි ඇල්ල ලා ගෙන් කෙරෙන කාර්යභාරයේ හොඳකම කොච්චරක්ද කියන්නෙ සංතෝසෙ බේරේවා හත්පොලේම... ඒ මදිවට තව ඇමතිකම් තියනවා කියලා අගමැටි ම කියනවා.. එයැයිගෙ සාක්කුවෙන් දෙනවා වගේ.. කිසි වෙනසක් නෑ... අවුරුදු 9ක් තිස්සේ හෙමින් හෙමින් ගිය තැනට අවුරුදු 2ක් යනකොට යනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කිරිඇල්ලගෙ එක නම් හැම එකාම කරන එකක්... එකම දේ උන්ට ඒක කියා ගන්න බැරි වීම.. කොටින්ම ප්‍රශ්ණ කරන ජෙප්පොත් කලේ එච්චරයි... ඒ මක්කා උනත් ආන්ඩුව ජනතාව අතර ජනප්‍රිය නම් නෑ... ඒ කියලා හිටපු හොරා ගේන්න කැමතිත් නෑ...

      Delete
  27. මාත් එක්ක හිටපු උන් හුඟක් ඡන්දය දුන්නේ යහපාලනයටය. මේ වනවිට උන් අතරින් එකේවත් යහපාලනයට ඡන්දය දුන් බවක් නිකමටවත් කියන්නේ නැතිය. ඒකට හේතුව සරළය. පැහැදිලිය. සාමාන්‍ය ජනතාවගේ සහ පාවෙන ඡන්ද ඇති අයගේ අදහස් දෙස බලනවිට හෙට ඡන්දයක් තිබ්බොත් වෙන්නේ මොකක්ද කියා ඉරහඳ වගේ ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. යහපාලන රජයේ සමහර වැඩ කටයුතු වල වේගය ගැන සහ විනිවිදභාවය ගැන හැමෝටම ප්‍රශ්ණ තියෙනවා. ජනාධිපති බලතල අඩු කිරීම, ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු පණත වගේ කලින් පාලනය උඩු යටි කුරු කරපු ඒවා ටික වෙනස්වෙලා තියෙනවා. ඒවගේ අවස්ථාවක මීට වඩා හොඳට පෙනෙන කෙනෙක් ආවොත් අවස්ථාවක් තිබුණත් පරණ පාලනය වෙනස් කරන්න ඡන්දෙ දුන්න අය ආයිමත් ඒ ගොල්ලො ගේන්න ඡන්දෙ පාවිච්චි කරයි කියල හිතන්න පුළුවන්ද?

      Delete
    2. ගොඩක් මිනිස්සු කොච්චර කලකිරීමකින් ඉන්නවද කියනවා නම් මීළඟට තියෙන ඡන්දයට ධන්දය ප්‍රකාශ කරන පිරිස නම් විශාල වශයෙන් අඩු වෙනවා..

      ඒත් ඉතින් යහපාලනේ රැක ගැනීමත් අපේ යුතුකමක්.. මොකෝ අර ප්‍රා කියනවා වගේ අපිට තෝරගන්න වෙන්නේ නරක් අයගෙන හොඳ කෙනා නිසා..

      Delete
    3. මාතලන් හරියටම හරි. අද තිබෙන තත්ත්වය මේවගේ එකක්. 30% ප්‍රමාණයකට එකෙක්වත් එපා, 30% යන්තම් වැඩි ප්‍රමාණයක් මෛත්‍රීට, 20% වැඩි ප්‍රමාණයක් රනිල්ට, තුන්වන තැන මහින්දට 20% ට ටිකක් අඩුවෙන්. ඒකියන්නේ මෛත්‍රී සහ රනිල් එකට සිටිනතාක් කල් හිටපු ආණ්ඩුව ගෙන්න බැහැ. පාලනයක් ගෙනයා හැක්කේ මෛත්‍රී ඉන්න පැත්තට. මේ නිසා තමයි අවුරුදු 2 ඉවර වෙනකොට සන්ධාන ආණ්ඩුවක් ගේන්න පාද යාත්‍රා ආරම්භ කලේ. ඒකම නිසා තමයි අනික් පැත්ත සම්මුති ආණ්ඩුව අවුරුදු 5 දක්වා දීර්ඝ කලේ. අවුරුදු 2 ඉවරවීමට කිට්ටුව අනික් පැත්ත ගැසිය හැකි ආණ්ඩුවේ ඉන්න ශ්‍රිලනිප කට්ටිය එසේ යාම නවතාලන්න. දැන් ගේම් එක ඉවරයි. නිකන් ඇවිදල අර හතර වටේ තිබ්බ රැස්වීම් වගේ ඉවරයක් වෙයි.

      Delete
    4. යූ එන් පී එකේ අපිට තිබෙන ප්‍රශ්ණය තමයි මහින්දගේ බාධක නැතුව මෛත්‍රී නායකත්වයෙන් තිබෙන ශ්‍රිලනිපයකට එජාපය අත උඩින් පරාද වීමට ඇති ඉඩ. එම නිසා මහින්දගේ කෝලම එජාපෙට වාසියි. මොකද ඒක තියෙනකම් මෛත්‍රී පාර්ශවය එජාපය අතහරින්නේ නැහැ.

      Delete
    5. දැන් මෛත්‍රිපාල රනිල් ජෝඩුවට වෙලා තියෙන්නේ ගෙදර ගියත් අඹුයි තෝයි නසියි.. මග හිටියත් අඹුයි තෝයි නසියි කේස් එකක්...

      Delete
  28. පාද යාත්‍රා නෙමේ ඔලුවෙන් යාත්‍රා කරත් හොරුන්ට නැවත ගොඩ ඒමක් නැත. ඔලුවෙන් යාත්‍රා කර බැලුවොත් මොලේට පොඩි එක්සයිස් එකක්වත් ලැබේ.

    ReplyDelete
    Replies
    1. පුතන්ඩියගේ ගුලි කාලා ඔය යකා එහෙම හිටපු ෆොටෝ එකකුත් තිබුනා...

      Delete
  29. රනිල්ගේ රැකියා දශලක්ශයේ පළමු පියවර.

    ගිලන් රථය තුල රැකියා - 2 යි
    ගිලන් රථය තල්ලු කිරීමට රැකියා - 10 යි
    ගිලන් රථය දිනපතා අලුත්වැඩියා කිරීමට රැකියා - 3 යි
    මුළු ගිලන් රථ ගණන 100

    හිමිවන මුළු රැකියා සංඛ්යාව - 1500

    ReplyDelete
    Replies
    1. එතන 1500 යි.. කිරි ඇල්ලගේ 60 = 1560

      Delete
  30. මැයි පළවෙනිදායින් පස්සේ ගත්ත දැඩි තීරණයක් හොයාදුන් කෙනෙකුට ලස්සයක් තෑගි කරමි.

    ReplyDelete
    Replies
    1. පුකෙන් හිනා යන කොමෙන්ට් දාන්න එපා අනේ....

      Delete
  31. මොකක් හරි හේතුවකට අපේ අයට පාරේ , පිටකොටුවේ අරහේ මෙහෙ සද්ද නොකර තමන්ගේ පාඩුවේ වැඩ කරලා රට හදන්න හිතන එක අමාරුයි වගේ .. සද්දයක් නැතුවම බෑ වගේ හැමෝටම.. මේකත් ඔහොමම යටපත් වෙලා යයි .. ඒ වගේම ඊළඟ චන්දෙත් එනකන් කට්ටිය සද්ද දදා ඉඳියි .. හැබයි මේවා බල බලා විනෝද වෙන ජනතාවට ඉතිං අබසරණයි තමයි මෙහෙම ගියොත් ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ජනතාව ඉතරක්... සමස්ත ජනතාවටම අබ සරණ තමයි....

      Delete
    2. ඔව් ..ඔව් පිල් දෙකකට තුනකට බෙදිලා එක එක පැත්තට බෙදිලා ඉන්න "සමස්ත ජන්තාවටමටම" තමයි මම කිව්වේ.

      Delete
  32. //ඉන්වෙස්ටර්ස්ලා එයිද බං.... ඩෙලිගට්ස්ලට වෙලාවකට මීටීන් එකකට යන්න බැරි රටකට... උන් කෙලින්ම ලීඩර්ස්ලට අම්මා මතක කරලා දෙන්නේ... උන්ගේ රටවල නම් මේවට වෙනම තැන් තියෙනවලු.... ඒක ඇත්ත මමත් දකලා තියෙනවා...//

    ල๐කාවේ එහෙම තැනක් තියෙනවා පුලුවන්නම් කියපල්ලා බලන්න. ගොඩක් එවුන් දන්නේ නැහැ. මම ටක්කෙටම කියන්නේ නිදහසේ ඕනෑම දෙයක් ඕනෑම එකෙක්ට කියන්න (බනින්න) නිතියෙනුත් අවසර තියෙන තැනක් ල๐කාවේත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕනම එකෙක්ට කියන්න බෑ පත්වෙලා එන උන්ට නම් පුළුවන් පාර්ලිමේන්තුවේදී... අපි වගේ උන්ට නම් කක්කුස්සියේදී...

      Delete
    2. හා හා.... ඒ කතාව සහසුද්දෙන්ම ඇත්ත. යකෝ අපිට පොඩි කාලේ ඉඳන්ම කවදාවත් ප්‍රශ්න අහන්න අයිතියක් ගෙදරත් තිබ්බේ නෙති එකේ අනිත් රටේ හු**වල් ගැන මොන කතාද. එත් මාතේ අයියා මේ තැන ලංකාවේ සුද්දාගේ කලේ ඉඳන්ම තියෙනවා. ඔය තැන තියෙන්නේ ගාලු මුවදොර එහෙමත් නැත්තන් අපි ඔක්කොම දන්නා විදිහට ගෝල්ෆේස් එකේ. දැන් කල්පනා කරපල්ලා කොහෙද හු*තෝ එක තියෙන්නේ කියල. තියෙන්නේ හරියටම ගෝල්ෆේස් හෝටලේ ගාව තියෙන පොදු වැසිකිළිය ගාව. උඹ කිව්වා හරි මාතේ අයියේ අපිට හරි තැන තමි දීල තියෙන්නේ. "කක්කුස්සිය" හා හා.

      ඔන්න ලින්කුවක් තියෙනවා බලපන්. අපි නොදන්නා එත් සුද්දෝ දන්නා තැන් ගොඩක් ලංකාවේ හැංගිලා වැළලිලා තියෙනවා.

      http://leeharper.photoshelter.com/image/I0000V16KwK7ermc

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  34. ඔය කියලා තියෙන්නේ රෙදි ගැලවෙන්නම. එල එල මාතේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න