.

.

Jun 23, 2021

රනිලාගමනය හා මහින්දාගමනය

 

ජනතාවට විමුක්තිය ලබා දෙනවා යැයි කියනා පෙරමුණටත් එහා, ඇපත් නැති වෙන කෑමක් කෑ එකසත් ජාතික පක්ෂයේ සදාකාලික නායක රනිල් ව්ක්‍රමසිංහයානෝ පාර්ලිමේන්තුවට පැමිනීම හෙවත් රනිලාගමනය යෙදී තිබුනේ ඊයේය. අද මහින්දාගමනය සිඳුවූ පොසොන් පෝ දිනයය. මහින්දාගමනයත් සමඟ ඇරඹුන සිංහළ බෞද්ධ ශිෂ්ඨාචාරයට මුලිකත්වය ලබා දෙන ආන්ඩුවක් බලයේ සිටියදි, ලිබරල් ධනවාදියෙක් යැයි කියූ රනිල්ගේ පාර්ලිමේන්තු පැමිනීම, උන්නැහේටත් ආන්ඩුවේ සමහරුන්ටත් ඉතා සතුටුදායක කරුණක් වී ඇති අතර, සමහරුන්ට බිය උපදවන සිඳුවීමක් බවටත්, මාතලන් වැනි අයගේ හාස්‍යයටත් හේතූ වී ඇත.

ඒ කාළේ පන්තියට අලුතෙන් එකෙක් ආවම, පන්තියේ ඉන්න චන්ඩ් හෙවත් අයියලා එයාලාගේ අයියා පාට් අර අලුත් එකාට පෙන්නලා ඌ බය කරගන්නා සිරිතක් තිබුනේය. ගෝත්‍රික කැම්පස් තුල නවක වදය ලෙසින් අදටත් ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රියාන්විතයය. ඊයෙ කුර සහිත ජීවීන්ගෙන් බහුල සජිත් ප්‍රේමදාස හා ඔහුගේ මරි මෝඩ රැල පාර්ලිමේන්තුවේ නැටුවේ එහෙම නාඩගමක්‍ය. උන් රනිල්ට පෙන්නූ නාඩගම බලා, රනිල් මෙන්ම අපිත් පට්ට ආතල් එකක් ගත්තේය. දැන් උන්ට කැඳත් නෑ කියා උන්ම කියනවා තරම් සතුටක් අපිට නම් ඇත්තේ නැතිය.

සජිත්ට කෙලවීම

සජිත් ප්‍රේමදාස යනු රාජපක්ෂලාට එදීරිව ගෙන හා හැකි නායකත්වයක් නොව එකම පිස්සු විකාරයක් බව විපක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ මතය වී තිබුනේ බොහෝ කළකට පෙර සිටය. එහෙත් එය ලෝකයට ඔප්පු කොට පෙන්වුයේ පෙරේදා දිනයේ කසිප්පු කාරයකුගේ ඇජෙන්ඩා එකකට නැටූ මොන්ටිසෝරී ප්‍රසංගයෙන්‍ය. එය එකම විකාරයක් බව කිවේ අප නොවේය. සජිත් ජලනි බලවේගයේ කිඹුලා ඇල රාජිත හා 43 බලකායෙ පාඨලීලාමය.

මෙතෙක් උන් කිසිම විපක්ෂ නායකයකු මාධ්‍යවේදීන්ගේ සම්ච්ඡලයට කිසිදා ලක්වූයේ නැතත්, පෙරේදා මුලු රටටම එයත් දැනගැනීමට ලැබුනේය. ආන්ඩු පක්ෂයේ අසමගිය ගැන කතා කරන ඔය සජබ ඇතුලේ හැමදාම වලි බව දන්නා උන් දන්නවාය. ඔය පක්ෂයේ ඉහළ තැන්වල ඉන්නා කීප දෙනාම අලි ඔළු මාන්නක්කාරයෝය. ඔය හාල්පාරුවෝ එජාපයේ සිටියදී රනිල් එපා කීවේ, රනිල් කිසිවකුටත් කන් දෙන්නේ නැති කිසිවකුත් ගනන් ගන්නේ නැති නායකයකු යැයි කියලාය. 

එහෙත් සජිත් යනූ පට්ට කුහක උද්දච්ඡ් මාන්නක්කාරයෙක් බව මේ වන විට රනිල්ට ගේම් ඇද්ද සියල්ලන්ටම වැටහී අවසානය. උන් පරිප්පු කන්නේ සජිත්ගෙන් විතරක් නොවේ. පක්ෂය හා සජිත් මෙන්ම හේමාත් පාලනය කරනා ජලනි ප්‍රේමදාස ආර්‍යාවගේ පුරුෂ හිංසනයටත් ලක්වන වින්දිතයෝ වී අවසානය. සියල්ලන්ම කියන්නේ මෙවන් එකෙක් නායකයා උනොත් හෙම අප හැමට සම්මා සම්බුදු සරණයි කියලාය. 

මාධ්‍යවේදීන් හා සහජීවනයක් පවත්වා ගැනීමට නොහැකි කිසිම දේශපාලුවකට ජනප්‍රිය දේශපාලකයකු විය නොහැකිය. සජිත් හා ජලනි පමණක් නොව සජිත්ගේ නැගනිය වන දුලාංජලිද ජනාධිපතිවරණ සමයේ නැටූ නාඩගම් බොහෝ අයට අමතක වූවාට, රණසිංහ ප්‍රේමදාස යුගයේ හේමා ප්‍රේමදාස මැඩම්ගේ විසූක දස්සන නාඩගම් බැලූ අපට නම් කිසිදා අමතක වන්නේ නැතිය. 

විකල්ප නායකත්වයක් නොමැති විපක්ෂය

කරුමයකට සජබේ නායකත්වයට අභියෝග ලෙස ඉන්නේද එවැනිම මාන්නක්කාරයන් පිරිසක් වීම රාජපක්ෂලාගේ වාසනාවය. පාඨලී, ෆොන්සේකා හා රාජිත කියන්නෙත් ඒ ජාතියේම බඩුය. ඔය එකෙක්ටවත් එක තැනක ඉන්නට බැරිය. කොටින්ම තම පක්ෂයේ උන් එක්කවත් ඉන්නට බැරිය. ඒ ඔවුන්ගේ අධි මාන්නය නිසාමය. මේ හේතුවෙන්ම මේ කිසිවකුත් නොවෙනා නායකත්වයක් සෙවීමේ කටයුතු ඇමරිකන් එම්බසිය, ජිනීවා මානව හිමිකම් කමිටුව, යුරෝපා සංගමය, දෙමළ ඩයස්පෝරාව, ශ්‍රී ලංකා අයිසිස් බලකාය, සමස්ත ලංකා බෝනගේන් පෙරමුණ ප්‍රමුඛ කොළඹ සිවිල් සමාජය කටයුතු ආරම්බ කර ඇත.

කවුරුන් මක්කා හිතුවත් රනිල් පාර්ලිමේන්තුවට එන්නේ මේ වැඩේටය. ඒ නිසා ඔය ආතල් ගන්නා අයගේ ආතල් ටික දිනකින්ම කුඩු වී යනු ඇත්තේය. රනිල්ගේ ආතල් එක ඒකය. රනිල්ගේ මූලික පර්මාර්තය වන්නේ සජිත්ට කෙලීමය. එය මේ වන විටත් ආරම්බ වී අවසානය. ඒ පිළිබඳව වෙනම ලියන්නට ඕනෑ මාතෘකාවකි. 

මාතලන්ට අනුව නම් රනිල් යනු අපේ කාළයේ ජීවත්වන පට්ටම ෆේල් දේශපාලුවාය. ඔය රනිල්ගේ නම ඉදිරියේ වැටෙන කිසිවක්ම රනිල්ගේ වැඩ නොව ජේ ආර්ගේ වැඩ බව දේශපාලනය දන්නා උන් දන්නවාය. ඔහු පක්ෂ නායකත්වයට පත් වීමෙන් පසු කළ කිසිවක්ම ඇත්තේ නැතිය. ලංකාවේ දැවැන්තම පක්ෂය වූ එජාපයේ එකෙක්ටවත් ඇපත් නැතිවෙන්නම කෙලියේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මාමන්ඩිය මේ කරුමය දැනගෙනම ජාතික ලැයිස්තුව ඉන්ට්‍රඩියුස් කලා වෙන්නත් ඇහැකිය. 

නමුත් රනිල් සතුව එක් දක්ෂතාවයක් ඇත්තේය. ඒ මා කලින් සඳහන් කළ එයාගේ එකම විනෝදය වන දේශපාලන කෛරාටිකත්වයයි. මේ කිසිවක් සාර්ථක ඒවා නොවූවත්, රටේ කරුමයට ඒවා කීප වරක් ජයග්‍රහණය කරලාත් තියෙනවාය. ඒ වෙනුවෙන් රනිල්ගේ සහායට මා කළින් සඳහන් කළ පිරිසට අමතරව, ලාංකිය ඉහළ සමාජයේ, සිංහළ, දෙමළ, මුස්ලිම්, සිවිල් බලධාරීන් පිරිසක්ද චන්ද්‍රිකා කුමාරණතුංගද ඔහු හා එක පෙලට සිටී.

රනිල් පැමිණිමෙන් ගීනිකන වැටුන ආන්ඩුවේ මෝඩයෝ

ආන්ඩුව අවබෝධ කර ගත යුත්තේ මෙයයි. ඔවුන් විසින් මේ වන විට අභයරාමයේ නාහිමි ලොක්කා හා ඇල්ලේ වට හිමි ඩැහැගෙන අවසානය. හැමදාම ගංඟාරාමයට ගිය රනිල්, පාර්ලිමේන්තුව සිට කෙලින්ම අභයාරාමයට යන්නේ බුදුන් වඳින්නට නොවේ. ඒ තමන්ගේ වැඩ ඇමරිකාවට, ජිනීවාවලට හා යුරෝපයට පෙන්වන්නටය. රනිල්ගේ ටීම් එකට ඩොලර් ගලාගෙන එන්නේ මේ ආතල් පෙන්නුවාමය.  

ඒ නිසා රනිල්ගේ ආගමනයෙන් ගිනිකන වැටී ආතල් ගන්නා ආන්ඩුවේ උන්ට කියන්නට ඇත්තේ, ගිය සැරේ වගේම මේ සැරෙත් ඔය පිලේම එකෙක් උස්සනකම් ඔහේලාගේ ආතල් එක ඔහේලා ගන්නෙයි කියලාය. මේ වන විටත් පොද්දා ලෙස විමල් වීරවංශ ගෙන ඒමේ කටයුතු අවසන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට ආසන්න මොහොතේ ඔහු ඉදිරියට ගෙන ඒන බවටත් තොරතුරු එන්නේ ඒ අතරේය. 

වට් ඒ ග්‍රේට් ඉස්පීච්

ඊයේ රනිල් ලොක්කා මාර කතාවක් කලා යැයි කියා බොහෝ දෙනෙක් කතා උනේය. කොහොමත් තොප්පිගල කැළෑවක්ය, කිලිනොච්චි කියා මැදවච්චි යනවාය කියූ, පිරිභාහරන් හා සාම ගිවිසුම් ගසා බුද්දි අංශයේ සුපිරිම බඩු මරා දැමූ, මිලේනියම් සිටිය පාවා දුන්, GSP ගන්න හමුදාවේ උන් පාවා දුන්, අදටත් පොලීසිය හමුදාව පාවා දෙන එකෙකුට ශවේන්ද්‍ර සිල්වා දිරවන්නේ නැති වීම මහා දෙයක් නොවේ. 

මෙයාලා ආන්ඩු කරා නම් කොවිඩ් වලින් නාගන්නා හැටි, ඊයේ කදිමට ඔප්පු කලේය. ඒ කියන්නේ එයාලා බලයේ උන්නා නම් හමුදාව කොරෝනා මැඩීමේ කටයුත්තට කිසි සේත් සහභාගී නොකර ගන්නා බවට ඔහුගේ කතාවෙන් කදිමට ඔප්පු විය. එයා කියන්නේ අමාත්‍යංශ ලේකම් වරුන්ට නියෝග දීමේ අයිතියක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වෙන ශවේන්ද්‍රට නැතැයි කියාය. 

සෞඛ්‍ය අංශයේ උන් වැක්සීන්කරණය හත්පොලේ ගාගත් හැටි මුලු ලෝකයම දැක්කේය. ගොම සංගමේ උන්ගේ බල්ලන්ටත් වැක්සීන් ටික ගහගත්තේය. මරණ ටික අද වෙනකන් හරියට කියා ගන්න බැරි උන් හැමදාම මිනී කන්දක් ගැන නම් කියන්නේය. මේ වසංගතයක් මැද්දේ වැඩ වර්ජනය කරපු සවුක්ක සේවකයන් උන් ලෝකයේ එකම රටත් මේ රටම වූයේය. 

ශවේන්ද්‍ර ලේඛම්වරුන්ට අණ දෙන්න ගියා කියා මේ වන තෙක් කිසිම කෙනෙක් චෝදනා නොකලාතර කොරෝනා මර්ධන ක්‍රියාන්විතයේ යෙදී සිටිනා සියළුම නිළධාරීන්ගේ ගෞරවාදරාට පත් වූ චරිතයක් බවට ශවේන්ද්‍ර මේ වන විට පත් වී අවසානය. රනිල්ලාට ඇත්තේ මේ ඉරිසියාවයි. 

රනිල් නොදන්නා දේ නම්, ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානියා වන්නේ කොරෝනා මර්ධන "ක්‍රියාකාරී" කමිටුවේ මිස, කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ නොවනා බවයි. එහි ප්‍රධානියා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් බලතල ලබාගත් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂයි.. 

ඒ අනුව ඊයේත් රනිල් වික්‍රමසිංහ පිට පොට පටලවාගෙන උන් බව කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඉතා හොඳය තවත් විශේෂිත කරුණක් පමණක් ලියා තබමින් මේ පල් හෑල්ල නවතා දැමිය යුතුය. 

මහරාජාගේ පෝස්ටරේ

ඒ ගැනත් වචනයක් නොලිව්වොත් පොටෝ එක එල්ලපු එකෙන් වැඩක් ඇත්තේ නැති වෙනවාය. මෙයින් කරුණු දෙකක් මහරාජා බලාපොරොත්තු වේ..

1. සජිත් හා රනිල් සමඟි කොට, සජිත්ට රනිල් අභියෝගයක් වීම වැලැක්වීම.
2. බිලියන 400 ක් වන වෂ විස පිරි තෙල් බෙහෙත් වෙනුවෙන් කෑ ගසනා මිනීමරුවන්ගේ ගොඩට රනිල් එක් කර ගැනීම.


ඒ වගත් මෙසේය.......

20 comments:

  1. මාතා කතාව ඇත්ත තමයි ඉතින්,

    මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් නම් හොඳයි,

    https://youtu.be/2ZQcdO00SYM

    මේක බලලා මේ ගැන ඊළඟ පෝස්ට් එකෙන් සාකච්ඡා කිරීමට පුළුවන් වෙයි.

    අද දුමින්ද සිල්වාගේ දුමින්දාගමනය සීන් එක, ඊයේ රනිලාගමනය... දෙකම එක වගේ සුවිශේෂී දේවල් මේවා අතර සම්බන්ධය පැහැදිලියි නේද?

    රංජාත් තව ටික දවසකින් ඔය වගේම ෂේප් වෙලා ෂේප් එකේ එළියට එයි නේද? උන් ඔක්කොම එකයි සේරම හොඳ යාලුවෝ සෙට් එකක් නේද බන්? රංජන් රාමනායකට රාජපක්ෂලා හිරගේ ඇතුලේ පට්ට විදියට සැප සම්පත් සපයා ඇති බවත් ආරංචි නේද? රංජාත් මොකක් හරි ගේම් එකක් සඳහා ඉස්සරහට යොදා ගන්නවා බළල් අතක් විදියට ��

    ReplyDelete
    Replies
    1. Nodakin witharak.. mama Dunna chande..

      Delete
    2. @ AnonymousJune 24, 2021 at 1:35 AM

      රාජපක්ෂ පවුල් ගහ නමැති කම්බා හොර, අන්ත අශික්ෂිත දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත කල්ලිය මංගල සමරවීරලා, රාජිත සේනාරත්නලා එක්ක වගේම ප්‍රධාන විපක්ෂයේ ප්‍රේමදාස කල්ලියේ චම්පික රණවක, රනිල්ගේ උප කොන්ත්‍රාත් සමාගමක් වන ජාතික ජන බලවේග ව්‍යාපාරික සමාගමේ සභාපති අනුර කුමාර සහ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කල්ලිය එක්කත් එකට එකතු වෙලා ගහන ගේම් එකක්. මේකේ මහ මොළකරුවන් ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්නවා. නන්දසේන අන්දරේ, බැසිල්, වික්‍රමසිංහ සහ සජිත් ඇතුළු පිරිස, ඔවුන්ගේ උප කොන්ත්‍රාත් සමාගමක් ලෙස ජවිපෙ ජාතික ජන බලවේගයේ අනුර කුමාර ඇතුළු කල්ලියේ සෙට් එක මේ සේරම එකම කල්ලියක්. බොරුවට සෝෂල් මීඩියා වල මඩ ප්‍රහාර එල්ල කරනවා හැබැයි ඔක්කොම යටින් සපෝට් එකම කල්ලියක් සේරම නටවන්නේ පිටින්. ඒ නිසා රන්ජා කියන්නේ ඒ දහස් ගණනක් වූ සෙට් එකක එක ඉත්තෙක් විතරයි, සියල්ල මුදල් මත පදනම්ව ගොඩනැගී ඇති සමාජයක එකෙක් දෙන්නෙක් ගේ පතිවත හොයන එක තේරුමක් නැති වැඩක් නේද?

      Delete
  2. mi gud englis rytin sar wijebahu ples cam kwikly ryt gud thins.
    thankiv yu

    ReplyDelete
  3. අඩෝ ළමාතං, තොපි වගේ හාල් කෑලි ඔය මොන ස්ථාවර දැරුවත් වැඩක් නැහැ. ලංකාවේ නීතිය යනු නන්ද සීනි ගෝඨාභය රාජපක්ෂ ය. කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. එයා රට අරින්න කිව්වොත් ඇරිය යුතූ ය. එයා වැඩිකරන්න කිව්වොත් වැඩිකල යුතූය. එයා එපා කිව්වොත් එපාය. එයා හා කිව්වොත් හා ය. නැවත ජන්දයක් එනතෙක් ලොක්කා එයාය. එයා තමයි හොදටම කරන්නේ. ජන්දය දුන් බහුතරයත් කඩේ ගිය අයත් අගූපිල් වලට විසිවී ගොස්ය. ඒ නිසා මෑන් හරියට කරොත් හරි නැත්නම් ඉතින් රටටම සොරි.

    ReplyDelete
  4. මාතා මේක තමයි වෙනස කට පාඩම් පොතේ උගත්තුයි, වැඩ කරන (Practical) මිනිස්සු අතර වෙනස.

    ඒ වගේම මං උදාහරණයක් කියන්නම්.. මං ලංකාවේ හිටපු කාලේ වැඩ කරපු එක පුද්ගලික කම්පැනි එකක ලොක්කගෙ යාලුවෙක් හිටියා රජයේ උසස් ආයතනයක තනතුරක් දරපු.. මේ මනුස්සයා එකෙන් රිටයර් වුණ නිසා අපේ එක සෙක්ෂන් එකක සීනියර් මැනේජර් කරලා ලොක්කා ගත්තා අපේ කම්පැනි එකට... මිනිහා තමන්ගේ රූම් එකේ fan එක දැම්මොත් ඔෆ් කරන්න අමතකයි ඔහේ fan වැඩ.. උදේ දහයට විතර නිදිමතක් එනවා මිනිහා ෆයිල් අතෙ තියන් නිදි.. ආයෙ 1ට 2 ට කාලා පත්තරේ අතෙ තියන් නිදි.. හවස ඇවිත් ඒ සෙක්ෂන් එකේ සේරම උදේ ඉදන් මොකද උනේ කියලා ප්‍රශ්ණ අහනවා අපෙන්.. මළ පණිනවා එතකොට.. අර ගොන් හිවලාට මේ ලෝකෙ සිහියක් නෑ මොකද උනේ කියලා... අන්න ඒ වගෙ කට්ටිය තමයි ලංකාවේ රාජ්‍ය අංශයේ කියලා ඉන්න අති බහුතරයක් ගෝත තකතීරු ගොන් මෝඩ මීහරක් වහන්සේලා. ඇත්තටම පුද්ගලික අංශයේ වැඩ කරලා පුරුදු දක්ෂ කාර්යශූර ලොක්කන් පත්කලා නම් මේ රාජ්‍ය අංශවලට ඌ නිකන් ඉන්නෑ සේරටම කෙළවලා ගන්නවා.. මොකද උන්ට වැඩකරලාමයි පුරුදු..

    ආණ්ඩුවේ ටිකක් ආමි එකේ උන් සාපේක්ෂව බැහැල වැඩ කරනව ඒත් උන්ට සිවිල් සමාජයේ වැඩ යන විදිහ, ආර්ථිකය (general economics), සීමිත සම්පත් වලින් කළමනාකරණය කරගෙන අරපිරිමැස්මෙන් වැඩ කරන්න එහෙම වැඩි තේරුමක් නෑ, නාස්තිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැනත් හිතලා බලන්න ඕන.

    ඔය රනිල් වික්‍රමසිංහ ගහන බයිලා නම් තනිකර පොතේ ගුරු වාද බයිලා, ලංකාව දියුණු කරන්න නම් පොතෙන් පිට හිතන නිර්මාණශීලී පුද්ගලයෝ අවශ්‍යයි තීන්දු තීරණ ගැනීම සඳහා... ජනතා විමුක්ති පෙරමුණ හැමදාටම ප්‍රශ්න ලොකු කර කර වාද බයිලා ගහනවා ගිරිය කඩාගෙන ඒත් ඒවාට පිළිතුරු හොයා ගන්න ඕන කොහොමද කියලා හරි ඒකට කරන්න පුළුවන් මොකද කියලා අහනකොට පිළිතුරු ලබා දී නෑ හොරකම් නවත්වල දෙනවලු. ලංකාවේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය එක්ක බලද්දි සුළු පිරිසක් හොරකම් කල මුදල් ඒ පිරිසට විශාල මුදලක් වුණාට ඒක සමස්ත ආර්ථිකයට සාපේක්ෂව බලද්දි ඉතා සුළු මුදලක්. උදාහරණයක් විදියට ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 16,000 කට අධිකයි, ඒත් ඒකට සාපේක්ෂ වශයෙන් ලංකාවේ මැති ඇමතිවරු සහ රජයේ ඉහළ නිලධාරීන් සියල්ල හොරකම් කරන බවට අනුමාන කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය උපරිම බිලියන 100 ක් හෝ බොහෝ දුරට ඊට වඩා ගොඩාක් අඩුයි. යම් හෙයකින් හොරකම් සියල්ල නවතා දැමුවත් ඒකෙන් කළ හැකි ලබ්බක් නෑ. ඊට වඩා අවශ්‍ය වන්නේ අකාර්යක්ෂමතාව සහ වැරදි තීරණ නවතා දමා රටේ ආයතන දියුණු කිරීම සඳහා අවශ්‍ය සාධක සහ කරුණු (facts) තේරුම් ගෙන රටේ ආර්ථිකයේ ගැටලු වලට වඩාත් ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීමට අත්‍යවශ්‍ය කටයුතු කිරීමයි.

    ReplyDelete
  5. ඒක දවසෙන් උඹේ වචන කල් ඉකුත් වෙනවා
    බලන් හිටපන්

    ප.ලි
    (පුකෙන් හිනාවෙන රියැක්ටි බ්ලොග් වලටත් තිබුනනමි)

    ReplyDelete
  6. සෞම්යාගේ රෝස පාට කිරි කිම්ඹට දිව දාන්න තිබ්බා නං. ම්ම්.. පයියා නැග්ගා. පුකේ හිලටත් දිව දානවා ඒකිගේ.

    ReplyDelete
  7. ඔය සම්පූර්ණ හැසිරීම මහින්ද රාජපක්ෂගේ (හෝ ඊට උඩින් ඉන්න නොපෙනෙන ස්වාමිවරුන්ගේ) න්‍යායපත්‍රයට අනුව සිදුවන්නක් නොවේ ද මාතලන්?

    I mean all of a sudden, Ranil is back. Basil is back. Then Duminda S is pardoned & Shani Abey & some religious prisoners arrested in relation to the Easter affairs are gonna be released.

    RW is becoming close with Abhayarama instead of Gangarama and Weerawansa (and Gamma too) and the clan seems to be involved with RW's secret operations backed by western powers. So called Sinhalese patriotic movements too leaving the current Regime and showcase much neutral stance in media and eben social media as well. Something unexpected and unusual seems to be happening in the background and what is it? Can't believe that these might be plots of mastermind con artists whom expertise in such stuff worldwide. Just wait and see. Majority Sinhalese people seems blinded except very few smart people. That's the worst part within this scenario I've observed regarding these issues.

    ReplyDelete
  8. මාතා අපි ඉතාමත් ආදරය කළ ගෞරව කළ පක්ෂය තුලත් කාලෙකට ඉහත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසද රටේ ජනතාව අතර කතාබහට ලක්වූ.
    එයට පාදක වූ මූලික කරුණ. (1994 යේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව අරලියගහ මන්දිරය චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියට භාරදී යෑම තුලින්) පෙන්නුම් කල, අපගේ දේශපාලන වීරයා වන ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර රටට හදුන්වා දුන් තවත් එක් වැරදි පූර්වාදර්ශයක්ම නොවේද මෙයත්?

    ඇත්තටම 2020 අගෝස්තු මස 05 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සහ එතුමා එවකට රටේ විපක්ෂනායකවරයා වශයෙන් සිටිමින් පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය එතෙක් මෙතෙක් අප රටේ ලබුවාවූ අන්තම අන්ත පාරාජයෙන් පසු වසරකට ආසන්න කාලයක් යන්නට ඉඩ හැරදී එම පක්ෂය සදහා ලැබී ඇති ප්‍රසාද මන්ත්‍රී දුරය වෙනුවෙන් පක්ෂ නායකත්වය පවා අතහැර ගොස් ඇති බවට දැනුම් දී ඇති එතුමා සමස්ත රටේම ජනතාව එතුමාගේ පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර ඇති තත්වය අනුවමත් එතුමාගේ නායකත්වය යටතේ එතුමා තරග කළ මැතිවරණ කොට්ඨාශය (කොලඹ දිස්ත්‍රික්කයෙන්) පවා ප්‍රතික්ෂේප වු කෙනෙකු නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස පැමිණීම එතුමාගේ දෛවයේ සරදමක්ම නොවේද?

    අලියා නොයැන මගේ් නායකයා යෑමක් නොවේද මෙයත්.? වෛරය ද්වේශය පිණිස නොව ආදරයෙන් ගෞරවනීය ලෙස සිතීමට යමක්...???.

    ReplyDelete
  9. රනිල් ආවත් හරි පාර්ලිමේන්තුවට අලුත් එළියක් වැටිලා, ඇත්තටම විපක්ෂයට නම් සුපිරියි... මේ වෙනකන් විපක්ෂයයක් තිබ්බෙ නෑ වගේනේ... කරුණු මොනවද අදාල නෑ මේ වෙලාවේ කතාව තමයි වැදගත්.... ලංකාවේ ගොඩක් මිනිස්සු ගැඹුරින් අධ්‍යයනය කරන්නේ නෑ කිසිම දෙයක්, ඒ නිසා ඇත්ත වගේ ලස්සනට ගලපලා හොඳට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හෙම බලලා අප්ඩේට් වෙලා ඒ විස්තර අනුව කතා කරනවා නම් හොඳයි. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැලත් එතකොට සරෙන්ඩර්.. කොලෙන් බල්න්නෙ නැතුව මතකයෙන් ලස්සනට වචන ටික ගැලපුවා.. ඕවනේ අප්පා කතා... ඔහොම තමයි ඉතින් ඉන්න ඕනි. ආණ්ඩුව තව ටික දවසකින් රංජන් රාමනායක නිදහස් කරනවා... එතකොට රංජන් ඇතුළු සමගි ජන බලවේගයේ සෙට් එකක් රනිල් සමග එකතු කරගන්න පුළුවන්, ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වයත් රනිල්ට නිතැතින්ම හිමිවන නිසා බොහොම ලේසියෙන් බදියුදීන් සහ ටී එන් ඒ එකත් එක්ක එකතු වෙලා ලොකු ගේම් එකක් ප්ලේ කරගන්න පුලුවන් වෙයි... ජය නියතයි

    ReplyDelete
  10. මාතේ,

    අද උදේ පාන්දරම හිට් වුණ දුමින්ද සිල්වා නිදහස් වීමේ පුවත ගැන කිසිවෙක් පුදුම වනවා කියා මා සිතන්නේ නැහැ. නමුත් මට නම් වැදගත් වන්නේ මෙහිදී ඔහු සමග මරණ දණ්ඩනය හිමි වූ අනෙක් මිනිසුන්ගේ දෛවයයි. මෙහි නෛතික කොන්දේසි මොනවාද කියා මට අවබෝධයක් නැතත් එකම අපරාධයකට වරදකරුවන් වූ සැලකිය යුතු පිරිසකගෙන් එක් අයෙකුට පමණක් නිදහස ලැබීමේ හැකියාව කුමක්ද කියා මා නොදනිමි. මට කිව හැකි එකම දේ වන්නේ එලෙස දඬුවම් ලැබූ අනෙක් මිනිසුන්නම් අපට විශාල පාඩමක් කියා දෙන බවයි. පාලන තන්ත්‍රයේ ප්‍රභූන්ට කඩේ යාමේ දී මෙම පාඩම මතක තබා ගැනීම වැදගත් ය. සියල්ල කෙළ වී පසුපස බිම ඇනී නන්නත්තාර වී ෆුල් අඥ්ඥකොරොස් වූ පසු පවා ඔවුන් කෙසේ හෝ ගැලවෙනු ඇති වුවත් ඔවුන්ගේ එම ජඩ වැඩ ටික කරගෙන යන්න උල්පන්දම් දෙමින් ඔවුන් සමග සිටි සාමාන්‍ය මිනිසුන් ගැන කිසිවෙක් සිතන්නේ නැත. තමන්ගේ ඉහළ පන්තියේ මිනිසා පමණක් නිදහස් කර අනෙක් මිනිසුන් කෑම පිඟානේ ඉතිරි වන කරපිංචා කොළයක්, මාළු කට්ටක් සේ ඉවත දමනු ඇත. යතාර්ථය එයයි. රාජපක්ෂ පවුල සරම බැනියම් නැෂනල් එක හා සාටකය දැම්මාට රනිල් ටයිකෝට් ඇන්දාට නන්දේ කලිසම සහ සුදු කමිසය ගැසූවාට රතු පාටියේ පෑන්ටි සෙට් එක බාල රතු දුඹුරු වර්ණය සහිත කලිසම් කමිස ඇඳ හඩ්ඩන් මෙන් සිටියාට තොප්පි දාන හජ්ජියාර් සෙට් එක සහ යාල්පාන මාවට්ටත්තිළ් අයියර් කුරුක්කල්ලා සෙට් එක වෙනම කුල්ටූර් වගේ පෙන්නුවාට ඔය සේරම දැන් එකම පන්තියේ ක්ලාස් මේට්ලා බව අමතක නොකළ යුතුයි. ⚖️������

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න