.

.

Jun 27, 2021

පෝට්ටු බයියන්ගේ සමාජ මාධ්‍ය පිබිදීම


ජනාධිපති තුමා ජාතිය ඇමතීමෙන් බලාපොරොත්තු වූ සියුම් දේශපාලන පරමාර්ථයන් දෙකක් වූ බව මාතලන්ගේ මතයය. 

1. තම පෞද්ගලික පරමාර්ථයන් ඉටු නොවීම නිසා ආන්ඩුව ඇතුලේම සිට ජනාධිපතිතුමා හා ආන්ඩුව විවේච්නය කරනා සියලු බලවේගවලට කන හරහා දීම.

2. විශාල ආන්දෝලනයක් ඇතිවිය හැකි දුමින්ද සිල්වා නිදහස් කිරීමේ හා-හෝව යටපත් කිරීම.

මෙය ජාතිය ඇමතීමක් ලෙස නොව ඉදිරිපත් කළ හැකි ක්‍රියාත්මක කළ හැකි වෙනත් ක්‍රමෝපායන් රාශියක් තිබින. දැන් ඒවාට උත්තට බඳින්නට වෙලා තියෙන්නේත් සමාජ මාධ්‍යවල ඉන්නා පෝට්ටු බයියන්ට හා ඝෝඨාට රෙදි නැතිව කඩේ යන්නට ආ අපටය. මෙය මේ මොහොතේ සිඳු නොවුනා නම් වඩා හොඳයි යන්න මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයය. 

ඒ කෙසේ වෙතත්, එහි හරය පිළිබඳ එකෙකුටවත් විවේච්නයක් හෝ විකල්පයක් නොමති වීමත විපක්ෂයේ දේශපාලන භංකොලොත්භාවය කඳිමට පෙන්වන්නක්ය. 

මේ රටේ නොව ඕනෑම රටක රාජ්ජ නායකයා ජාතිය ඇමතීම යනු, තවත් ජනප්‍රිය බොරුවකි. ඔහු හෝ ඇය අමතන්නේ තමන්ට චන්දය ලබා දුන් පිරිසය. විරුද්ධ පාක්ෂිකයින් විසින් ජනාධිපති තුමා ජාතිය ඇමතිමටත් පෙර සිටම ඒ සඳහා එල්ල කල මඩ ප්‍රමානයෙන්, එය ගෝනා ඔනෙකුට පහසුවෙන් වටහා ගන්නට  පුලුවන්ය. කලින් එජාපයේ උන් ලක්ෂ 25 ක පමණ ප්‍රමාණයත්, ජනතා විමුක්ති පෙරමුණ සතු ලක්ෂ 2.5 ක පමණ ප්‍රමාණයකුත් මීට අයත් වෙනවාය. 

ඔය කලින් සඳහන් කළ පිරිසට අමතරව පෝට්ටු බයියන් සතුව ලක්ෂ 40 ක පමණ වහලුන් ප්‍රමාණයක් සිටි. ආන්ඩු වෙනස් කරන්නේ මේ පිරිස නොවේ. එක එකාගේ ගුණ දොස් කිරා බලා චන්දය භාවිතා කරනා බුද්ධිමත් මධ්‍යස්ත පිරිසයි. ඝෝඨා උත්සාහ කළ යුත්තේ තමා වෙනුවෙන් චන්දය භාවිතා කළ ඒ විශාල පිරිස ආරක්ෂා කර ගැනීමයි. 

මේ සියළුම පිරිස් නියෝජනය කරනා සුළු පිරිසක් සමාජ මාධ්‍යන් තුල ක්‍රියාකාරීව තම අදහස් අදහස් ප්‍රකාෂ කරමින් සිටිනාතර, ඒවාට විශාල හඬක් ඇති බවත් බොරුවක් නොවේ. ලංකාවේ සමාජ මාධ්‍ය වේදිකාව වන්නේ ෆේස්බුක් අඩවියයි. මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් යැයි කියූ යහපාලන කාළයේ බවා ෆේස්බුක් අඩවියට පිවිසීම කීප වරක් අහිමි කළද, හිට්ලර් කෙනෙක් යැයි කියූ ඝෝඨා පාලනය තුල මේ වන තෙක් ඊට කිසිඳු බාධාවක් ඇති නොවීම ගැන අප සියල්ලෝම සතුටු විය යුතුය.  

මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර කිසියම් දීමනාවක් හෝ වැටුප් ලබනා වෘත්තීය ක්‍රියාකාරීන් පිරිසක්ද සිටිනාතර ඔවුන්ටත් වඩා නිර්මාණශීලී පිරිස් කිසිඳු ගෙවීමක් හෝ දීමනාවක් නොලබන විශල පිරිසක්ද සිටි. මංගල සමරවීර විසින් යහපාලන ක්‍රියාකාරින්ට ඉතා ඉහළින් සැලකු අතර අදටත් ඔවුන් නඩත්තු කිරීම ඔහු විසින් ඉතා සාර්ථකව කරගෙන යමින් සිටී. 

එහෙත් මාතලන් අද කතා කරන්න යන්නේ පෝට්ටු බයියන් ගැනය. පෝට්ටුව බලයට ගෙන ඒමට ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍ය තුල පෙලහර පෑ පිරිස අති විශාලය. මොවුන්ට එජාපයේ පිරිස මෙන් කිසිඳු ගෙවීමක් හෝ දීමනාවක් දීමට කවුරුත් උන්නේ නැතිය. ඔවුන් ආවේ අතින් කයිට් කරගෙන තමන්ගේ ඩේටා වලිනි. ඔවුන් ඉතා තියුණු දේශපාලන ඉවක් සහිත කිහිප දෙනෙකු විසින් මෙහෙය වූ බව පැහැදිලිව දකින්නට ලැබිනි. 

මේ පිරිස පිළිබඳව හිටපු ජනපතිගේ මාධ්‍ය අංශය යැයි කියන බලකාය දන්නේවත් නැතිය. හැබයි පට්ටම ආතල් එක උනේ.., ඒ පිරිස බුකියේ පොටෝ එකක්ද එල්ලමින් ජයග්‍රහණය සැමරීමට පැමිනීමය. මෙය පෝට්ටු බයියන්ගේ පමණක් නොව, විරුද්ධවාදින්ගේද සමච්ඡ්ලයට ලක් වූයේ සිඳු විය යුතු ආකාරයෙන්මය.  

මේ අතර පෝට්ටුවේ ජයග්‍රහණයෙන් ඒ වෙනුවෙන් වඩාත් කැපවූයේ කවුරුන්ද යන්න පෙන්වන අපූරූ සිඳුවීමක් බේරුවල පිහිටි හෝටලයකදි මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදි සියල්ලන්ටම දැකගත හැකි විය. 

එයද ලකුණු දමා ගැනීමට කල උත්සවයක් පමණක්ම වූ අතර, අර සමාජ ජාලා පොරවල් එහිදීද දක්නට උන්නේ නැතිය. එහි පැමිණ උන්නේ අතින් කයිට් කරගෙන පෝට්ටුවට කඩේ ගිය පිරිස පමණි.  පසුව කෙමෙන් කෙමෙන් මේ පිරිස සමාජ මාධ්‍ය තුලින් හැලී ගිය අතර, ඊට ප්‍රධාන හේතුව පොහොට්ටුව විසින් මේ පිරිස අමතක කර දැමීමය. සුළු පිරිසක් එක එකාගේ ගුලි කමින් ත්‍රීවීල් පක්ෂවලට කඩේ යන්නන් බවට පත් වී අද බැසිලාගමනයත් සමඟ අඤ්ඤකොරොස් වී සිටින්නේය. 

තවත් කිහිප දෙනෙක් ආන්ඩුවෙ තනතුරු රැගෙන ලොකු ලොකු තැන්වලට හේත්තු වූ අතර, පොඩි එකා පයිසෙකට මායිම් නොකර හලා දැම්මේය. මගේ අදහස නම් සෑම පක්ෂයකම සමාජ මාධ්‍ය ඒකකය නමින් වෙනම සංවිධානයක් පිහිටවිය යුතු අතර, එය එම පක්ෂයේ ප්‍රභල පුද්ගලයකුගේ නායකත්වයෙන් නිතිපතා අධීක්ෂණය විය යුතු බවයි.  

එහෙත් වාසනාවකට ආන්ඩුවට මෑතක එල්ල වූ විවිධ චෝදනා හමුවේ මේ පිරිස නැවතත් සමාජ මාධ්‍ය තුලට එකතු වීමක් දක්නට ලැබීම බුකිවාසින් ලෙස අපටත්, ආන්ඩුවටත් ඉතා හොඳ දෙයකි. වසර පහක් තිස්සේ සෑම ක්ෂේශ්ත්‍රයකින්ම කඩා බිඳ දමා ගිය රටක්, වසරක් දෙකක් ඇතුලත ගොඩ ගන්නට බැරි බව අද ඔවුන් තේරුම් ගෙන ඇති බව පෙනේ. එමෙන්ම කොරෝනා ඉවර කරන දවස කියන්නැයි කියනා සුනිල් හඳුන්නෙත්ති වැනි අමනයන් සිටිනා රටක, එය ගෝලිය වසංගතයක් බව ඔවුන් වටහාගෙන ඇති බව පෙනේ.  

ජනාධිපති මාධ්‍ය ඒකකය මෙන්ම අගමැති මාධ්‍ය ඒකකයද කිසිවක්ම නොකරන හා කරනා දෙයිනුත් ඇදගෙන නා ගන්නා මෙවන් සමයක, මොවුන් එහි රඳවා ගැනීම ආන්ඩුවේ වගකිව යුතු අයගේ විශාල වගකීමකි. එවිට ඔය විපක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සාර්ථකව පවත්වාගෙන යන බොට් ෆාම් (ලැයික් ෆාම් හෙවත් හ හා ෆාම්) වලටත් වඩා ක්‍රියාන්විත කණ්ඩායමක් ආන්ඩුව තුල පිහිටුවා ගැනීම ඉතා පහසු කටයුත්තක් වනු ඇත්තේය. 

මන්ද සියළු මාධ්‍යන්ටම වඩා සමාජ මාධ්‍ය ලොව වඩාත්ම බලවත් මාධ්‍ය ඒකකය බව ඔප්පු වී අවසාන නිසාය. 

19 comments:

  1. හොඳ පෝස්ට් එකක් මාතලන්,

    ඇත්තටම ආණ්ඩුවට වැරදි හදාගෙන ගොඩ දාගන්න පුළුවන් තව කල් තියෙනවා. දැන්ම යලිත් වරක් ප්‍රතිසංවිධානය වෙන්න පුළුවන්. හතරවන ඊළාම් යුද්ධයේ මුලදී හොඳින් ආරම්භ කළත් ඊට පස්සෙ උතුරු යුද බිමේ අපි පැරදුනා. මාවිල් ආරු වාකරේ තොප්පිගල සටන් වලින් පස්සෙ උතුරේ කරපු මුහමාලේ දරුණු විදියට පරාදයි සෙබලු සිය ගණනක් නැතිවුණා. මුලතිව් ඒ 9 සහ මන්නාරම Task force 01 එකට දරුණු විදියට හානි සිදු වුණා. ඒ කාලේ තමයි අර තොප්පිගල විසාල කැලෑවක් කියලා, ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් බව, කිළිනොච්චි මැදවච්චිය, අලිමංකඩ පාමංකඩ, මංගල සමරවීර පොන්සේකා කියන්නේ දාර පොන්නයෙක් කියලා අපහාස කරපු කාලේ. ඒත් බය නැතුව ආණ්ඩුව හරි කියලා හිතෙන දේ කෙළින්ම කරගෙන ගියා. අන්තිමට මොකද වුණේ?

    අන්න ඒ වගේ තමයි හරිදේ සද්භාවයෙන් යුතුව අවංකව කරනවා නම් කවදාවත් වරදින්නේ නැහැ. ඒක ආණ්ඩුව පැත්තෙන් තදින්ම හිතට ගෙන කරන හැම මගුලක්ම කරන්න ඕන. මේක එක අතකින් වෙස්වලාගත් ආශිර්වාදයක් වීමටත් පුළුවන්.

    ReplyDelete
  2. මාතේ,

    අප විසින් 2024 එජාපයේ නායකත්වය යටතේ සජබ, ජවිපෙ ජාතික ජන බලවේගය, ටී එන් ඒ, මු. කොන්ග්‍රසයේ, ඒසීඑම්ඒ ඇතුළු සියලුම පක්ෂ වල පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒමට මැදිහත් වී ඇති ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයේ විස්තර විචාරය සදහා එංගලන්තයට පැමිණි සිටි අතර මේ අතර වාරයේ ඔහුට එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ විස්තර විචාර වගකීමද සිදු කිරීමට ලැබෙනවා

    එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග තුන අතරතුරදී, සෙසු විචාරකයින් සමඟ සංගක්කාර එතරම සතුටකින් සිටියේ නැති බව පැහැදිලි කරුණක්. ඒ විස්තර විචාරකයෙකු ලෙස සංගාගේ දැනුම හෝ අත්දැකීම් නොමැතිකම නිසා නොව, ඔහුද නියෝජනය කරන ශ්‍රී ලංකාවෙන් පැමිනි ක්‍රිකට් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ පැහැදිලි කළ නොහැකි තරම් දුර්වල ක්‍රීඩා විලාසය නිසයි

    ශ්‍රේණි ගත කිරීම්හි අංක එකට රැඳී සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියේ පාසල් කණ්ඩායමකටත් වඩා පහලින් ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය නිසාම එංගලන්ත විස්තර විචාරකයින්ගේ පවා එටහරම් උද්යෝගයක් තිබුනේ නැත.

    එය ප්‍රේක්ෂකයන්ට පවා තදින්ම දැනුනු කාරණයකි

    එංගලන්ත විස්තර විචාරකයින් තරඟය අතරතුර ප්‍රකාශ කලේ

    “ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් අරමුණ පැහැදිලි නෑ , ක්‍රීඩා කරන ආකාරය කිසිසේත් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ නූතන ප්‍රමිතීන්ට ගලපෙනෙත් නෑ” ලෙසයි

    එංගලන්තය සමග පැවති 3 වන සහ අවසාන විස්සයි විස්ස තරගය අතරතුර හිටපු එංගලන්ත නායක සහ ජනප්‍රිය විචාරක මයිකල් ආතර්ටන් සංගාගෙන් මෙසේ පැණයක් ඇසුවේය.

    “ශ්‍රී ලංකා කන්ඩායමට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ? ඔවුන් මීට වඩා සැලසුම් සහගතව ක්‍රිඩා කරන්න ඕනේ. අතීතයේ අපි දැකපු ශ්‍රී ලංකා පිල නෙවෙයි දැන් ඉන්නේ. ඉතා ඉහළ තැනක තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විදියට දකින්න ලැබෙන එක ඇත්තටම කණගාටුයි. අපි දැකපු සනත්ලා අර්ජුනලා වගේ අය එක්ක හැදුන ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් කෝ? ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉන්න හොදම ක්‍රිඩකයන්ද මේ සෙල්ලම් කරන්නේ? ”

    මෙහිදී ඔහු බොහෝ දුරට දැඩි පීඩනයට සහ අපහසුතාවයට පත්වී සිටි නමුත් කෙසේ හෝ එයට පිළිතුරු දෙමින් සංගා පැවසුවේ

    “මම හිතන්නේ මේක තමයි ශ්‍රී ලංකාවට සිටින හොඳම සංචිතය” සංගක්කාර එහෙම කියන ගමන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ . “මේ වන විට තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවට ඉන්නවා චන්දිමාල්, තිසර පෙරේරා(දැන් විශ්‍රාම ගොස් සිටින) ඇන්ජලෝ මැතිව්ස්, තිරිමාන්න සහ කරුණරත්න කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොදින් පන්දුවට පහර දුන් අය, නමුත් මම සිතන්නේ 2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදානම් වන ශ්‍රී ලංකාව ඔවුන්ට අවශ්‍ය තවත් තරුණ ක්‍රීඩකයන්ව අත්හදා බලනවා .”

    සංගක්කාර එසේ පැවසුවේ ආතර්ටන්ගේ අපහසු ප්‍රශ්නය දියාරු කර වෙනත් ආකාරයකින් පිළිතුරු වශයෙනි. මේ වගේ කෙනෙක් ලංකාවේ ආණ්ඩුවේ නායකත්වය සඳහා සුදුසු බව පේනවා නේද?

    ReplyDelete
  3. මාතා මචෝ,

    මේකයි වැඩේ. ගෝඨාභය කියන්නේ ලංකාවේ විශාලතම පිරිසක් විශේෂයෙන් රටට ආදරය කරන සිංහල බෞද්ධයන් විශාල පිරිසක් දැඩි බලාපොරොත්තු සහගත ලෙස පත්කරපු ජනාධිපතියි. මේ තරම් ලංකාවේ කිසිම ජනපති කෙනෙක් ගැන ජනතා බලාපොරොත්තු තිබුණේ නෑ.

    හැබැයි ඔහු සිටියාට පාලනයේදී රටේ සමාජ ආර්ථික දේශපාලනික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නේ බැසිල්, නමුත් ඔහුට ජනමතයක් නෑ. ඒත් ඔහුට ජනතා නියෝජිතයන්ගෙ මතයක් තියෙනවා. ඔහු ඒක පක්ෂය සහ අනෙක් රාජපක්ෂවරුන්ට විකුණනවා සහ ගෝඨා සහ මහින්දගේ බලය අර ඔහුට සහාය දෙන එහෙයියන්ට විකුණනවා.

    ඒක විදිහකින් බැලුවොත් මේක තමයි දේශපාලනය කියන්නේ.

    ප්‍රශ්නය තියෙන්නේ මේ ක්‍රමයෙන් එයා නිර්මාණය කරන අර දොළ පිදේනි පස්සේ යන සත්ව කොට්ඨාශය. රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වෙන්න දෙන්නේ නැත්තේ මේ සෙට් එක. මොකද අලුත් ක්‍රමයක් ඇතුලේ ඔවුන්ට survive වෙන්න බෑ. කොටින්ම කිව්වොත් කවුරුත් ඔවුන්ව ගනන් ගන්නේ වත් නෑ. ඉතින් මේ අය මේ fight කරන්නේ survival එකට මිසක් රට ගැන හිතලා නෙමේ. කොටින්ම බැසිල් අවුල් අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙන අයට.

    තව දුරටත් විස්තර කරනවා නම් දැන් ඔය කට්ටිය කියනවනේ බැසිල් මාර සංවිධායකයෙක්. අලුත් පක්ෂයක් හදලා මෙච්චර මෙච්චර වැඩ කළා. මාර සන්විධාන ශක්තියක් තියෙනවා කියලා. ඉතින් කවුරුත් හිතුවද බැසිල් මේක කොහොමද කරන්නේ කියලා. මේ රටේ මිනිස්සු කිසිම දෙයක් නිකන් කරන්නේ නෑ. අනිවාර්යෙන් දොළ පිදේනි, වාසි, බලය බලාපොරොත්තු වෙනවා. ඉතින් බැසිල් බලවන්තයෙක් වෙන්නේ මෙන්න මේ කරන ඉල්ලුමට සරිලන සැපයීම නිසා. බැසිල්ට පුළුවන් දැන් කතා කරලා හෙට ගෝල් ෆෙස් එක පිරෙන්න සෙනග ගෙන්න. කොහොමද. බැසිල් ගැන තියෙන ගෞරවය මතද ඒ මිනිස්සු එන්නේ? නෑ. බැසිල් ඒ මිනිස්සු තමන්ගේ payroll එකේ තියාගෙන ඉන්නේ. ඒකයි.

    ලංකාවේ දේශපාලන බලය මනින්නේ රැස්වීම් වල ඉන්න සෙනග මත. ඔව්. මිනිස්සු තමන්ගේ කැමැත්තෙන් එනවා නම් එහෙම තමයි, ඒත් මේ තැන් වල වෙන්නේ අර බැසිල් ලබාදෙන loyalty package වලට ගිජු මිනිස්සු එන්නේ.

    මේක බැසිල් ගේ නෙමේ අනිත් හැම ප්‍රධාන පක්ෂේකම තියෙන දෙයක්.

    මේකේ දී ඒ කාලේ අපි පුංචිම කාලේ හිටපු අපට වැඩි මතකයක් නැති R. ප්‍රේමදාස කියන ජනාධිපති කියන්නේ මන් දන්න විදිහට මේ දොළ පිදේනි ක්‍රමයේ නිර්මාතෘ. රස්සා, තනතුරු, බලය මුලින්ම ඡන්ද දායකයාට දුන්නේ ප්‍රේමදාස. දැන් ඒකේ සක්විති රජ බැසිල්. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  4. මාතලං බොට මේක මතකයි ද?

    //නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර මත වැල්ලේ දමා තිබු ප්‍රභාකරන්ගේ මල සිරුර බැලීමට දස දහස් ගණනක් අපගේ සෙබළුන් වල නොකැඩී පැමිණියහ. මේ අතර සිටි එක සෙබළෙකුගේ අරුම පුදුම ක්‍රියාවක් නිරීක්ෂණය කල මාගේ නිලධාරීන් ඉන් ස්වල්ප වේළාවකට පසුව එය මා හට දන්වනු ලැබීය.

    ප්‍රභාකරන්ගේ හිසෙන් සහ කන්වලින් ගලා ආ රුධිරය ඔහුගේ සිරුර දමා තිබු වැල්ලේ තැවරී තිබෙනු දුටු එම සෙබලා කුඩා පොලිතින් උරයක් රැගෙන එම ස්ථානයට පැමිණ ප්‍රභාකරන්ගේ ලේ සහිත එම වැලි තමන් රැගෙන ආ පොලිතින් උරයට දමනු දුටු එක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "අයිසේ, මොනවද මේ ළමයා තමුන් ඔය කරන්නේ? තමුන්ට පිස්සුද?" යනුවෙන් ප්‍රශ්න කර ඇත. එය කණ වැකුණු වහාම මාරාවේශ වුවෙකු මෙන් ප්‍රභාකරන්ගේ සිරුර අසලින් නැගිට්ට එම සෙබළා එක අතකින් ලේ තැවරුණු වැලි සහිත පොලිතින් බෑගය අල්ලා ගෙන අනෙක් අතින් ප්‍රභාකරන්ගේ මළ සිරුර පෙන්වමින් "සර් දන්නවද මගේ පුංචි කාලෙ අනුරාධපුරයේ බෝඩරේ අපේ ගමට පැනලා අපේ තාත්තාව කැති ගාල කණවැන්දුම් කරල අනාථ වුණ මගේ අම්මගේ බඩෙන් ඉපදුණු මගේම අයියල තුන් දෙනෙක් මේ යුද්ධ හමුදාවේ හිටියා. මූ ඒ තුන් දෙනාවම මරා දැම්මා. මගේ වයසක අම්ම සිහි විකල් වෙලා තවම ජීවත් වෙනව සර්. මම මේ ලේ ගත්තේ අයියල තුන්දෙනා මරපු පළිය අපි ගත්තයි කියලා මගේ අම්මට පෙන්වන්න, එතකොට හරි උන්දැට හොඳ සිහිය පහළ වෙයි" යයි කියමින් එම පොලිතින් බෑගයද රැගෙන අනෙක් සෙබළුන් අතරේ අතුරුදහන් වී ඇත.//

    -රණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියෙන්.
    මේජර් ජෙනරාල් කමල් කරුණාරත්න

    ඉවරයි.

    ඒනිසා ඇත්තටම ප්‍රභාකරන් නමැති උන්මන්තකයා ඝාතනය නොවුණා නම් ඉවර වෙන යුද්ධයක් නැහැ.

    මේ දවස්වල දේශපාලුවෝ කියන පකයන්ගෙන් රට බේරාගන්න ඉදිරිපත් වෙන, විප්ලව කරන එකෙක්වත් එදා මරණය සහතික වූ ඒ සටනට අබමල් රේණුවක හෝ දායක වීමට කොන්දක් තිබුණා දැයි මා දන්නේ නැහැ.

    තවකෙක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබන මිනිසෙක් තරම් උතුම් ගරු කළ යුතු පුද්ගලයෙක් ගැන මට නම් සිතා ගත නොහැකියි. අට පාස් උනත් නැතත් ලෝකයේ මිනිසෙක් සේ ඉපද කළ හැකි උතුම්ම ක්‍රියාව නම් එයයි.

    මේ දේශය ගොඩ නැගී ඇත්තේ මේ වීරයන්ගේ ජීවිත පරිත්‍යාග සහ ඔවුන් හැලු ලේ වලින් මිසක අන් කිසිවකුගේ පුහු කතා මතින් නොවන බව පමණක් මා හොදින් දනිමි.

    ReplyDelete
  5. මචන් බොලාගේ ලොක්කා ළඟට ගත්තෙත් කිංස්ලි සුදේව වගේ සීනී බෝල ඩෑල්ස්නේ බං. අර ගඩොල් මූණා (ෆිල්ටී) වගේ එකෙක් ගත්තනම් ලොක්කත් ජොයින්ට් කාරයෙක්, බඩු කාරයෙක්, කුඩු කාරයෙක් වෙලා එනවා.

    ඒ වගේම මට කියන්න තියෙන්නේ දැන් බැසිල් රාජපක්ෂ නීති විරෝධීව පාර්ලිමේන්තුවට වැරදිකරු කිරීමට ජවිපෙ හතර දෙනාගේ කල්ලිය තම දූෂිත කල්ලියේ දේශපාලන වහලුන් සහ අනෙකුත් සියලුම දේශපාලන වහලුන් සහ කුහකයන් විසින්, රටේ මිනිසුන්ට සත්‍ය පැහැදිළි කට්ට කඩා තිත්ත ඇත්ත හෙළි කරන, මහජන අයිතිය බලගැන්වීමට ඕනෑම අයකුට එරෙහිව සෘජුව පෙනී සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතායි. දූෂිත ආණ්ඩුවක් වන නූතන රෙජීමයේ අගමැති මහින්ද රාජපක්ෂ V8 වාහන 225 ක් ඇනවුම් කලේ 225 දෙනාගේ කට වැසීමට බව ප්‍රඥාව කලඳක් ඇති මේ රටේ පුරවැසියෝ දනිති. ජවිපෙ සභාපති ටිල්වින් සිල්වා තම පක්ෂයේ තුන්දෙනාට ලැබෙන වාහන 3 තමන් ප්‍රතික්ෂේප නොකරන බව දැනටමත් මාධ්‍ය මගින් රටටම ප්‍රකාශ කර ඇත. මේ මොහොත වන විට, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට පාර කැපීමේ වගකීම පැවරී ඇත්තේ තම පුද්ගලික වාසියට ඕනෑම ජරා වැඩක් කිරීමට නොපැකිලෙන 225 දෙනාටය. හැබැයි කට්ටිය කථා කරන්නේ මහජනයා වෙනුවෙන් තමන්ට පැවරී ඇති වගකීම ගැනය. උගත් බවට වැල් බයිලා කියන හරිනි නමැති හොරාචාර්ය මුග්ධ කාන්තාවගෙත් ප්‍රඥාව බින්දුවයි. හරිනිත් මෙහෙම බැසිල්ට ඇමතියෙක් හැටියට පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් එන්න පුලුවන් කියා ජනමතයක් ගොඩනැගීමට දායක වීමට තරම් තුට්ටු දෙකට වැටුනා නම්, 225 ගැන කියන්න කථාවක් ඇත්තේම නැත. ජවිපේ යනු රනිල් මලික් මංගල විතරක් නෙවෙයි බැසිල්ටද ෂෙයාර්ස් සහිත පුද්ගලික ව්‍යාපාරික සමාගමක් බවට පත්ව ඇති බැවින් පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර අද හිටියා නම් තුන්දෙනාවම ඇහේ ඉඳලා පට්ට ගසනු ඇත.

    මේ නිසා ඉදිරිකාලයේදී ලංකාවේ දූෂණ වංචා වලට විරුද්ධ සියලුම පුරවැසියන් සම්පූර්ණයෙන්ම සිය ඡන්දය නාගානන්ද කොඩිතුවක්කු මහතාට සහ ඔහු සමග සිටින අවංක නීතිගරුක කණ්ඩායමච ලබා දිය යුතුමය.

    ReplyDelete
  6. 1. තම පෞද්ගලික පරමාර්ථයන් ඉටු නොවීම නිසා ආන්ඩුව ඇතුලේම සිට ජනාධිපතිතුමා හා ආන්ඩුව විවේච්නය කරනා සියලු බලවේගවලට කන හරහා දීම. - අහවල් එක තමයි!

    මාතලන් සියල්ල සක් සුදක්සේ දන්නා නිසාත් අප නොදන්නා නිසාත් කරුණාකර කියනවාද ඔය සියළු බලවේග කෙසේ වෙතත් එකෙකුටවත් කන හරහා දීමට ස' ඔතරම් බිය ඇයිද කියා. අනේ මාතලන්, 69 ලස්සයක් චන්දෙත් දීල, තුනෙන් දෙකත් දීල, 20ත් අගේට පාස් කරලා දීල තව මොකෑ දෙන්න ඉතුරුවෙලා තියෙන්නේ.
    දැන් ඔය මහා කතාව TV එකේ දාල අපිටද ඔය බලවේගවලට කනේ සොට් එක දෙන්න කියන්නේ. ස' අස්සයොන්ට කියල ගස් නගින්න උගන්නවගන්න බෑ කියල හිතුනු දාට නං ස'ටයි රටටයි හොඳ කලක් යාවි මාතලන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම රනිල් යනු අපේ සදාදරණීය හිටපු නායක J. R. මැතිතුමා විසින් පැලන්තියෙන්, නිරායාසයෙන් පාර්ලිමේන්තු වට ගෙනත් තැබූ චරිතයක්, පැලන්තියෙන්ම මද්‍යමගින් පුම්බා නායකත්වය සඳහා කරපු නිර්මාණයක්. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කියලා කියන්නේ කැපිලි කෙටිලි අතරේ රාජපක්ෂ කඳවුරේ මහගෙදර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් සංවිධානය කර තරඟ කර පාර්ලිමේන්තු ඇවිත්, පැලැන්තියේ කැපිලි කෙටිලි තුලින්ම පන්නරය ලබමින් පක්ෂ නියෝජ්‍ය නායකත්වය දක්වා පැමිණි චරිතයක්, රනිල් තමාට බාරදුන් විශාල ජනපදනම සහිත පක්ෂය විනාශ කර ගනිද්දී, රනිල් විසින් නිර්මාණයකර බාරදුන්, තමාව පක්ෂයෙන් ඉවත් කිරීමට සැකසූ පක්ෂය ගොඩනංවා, නොයෙක් කෙනෙහිලි කම් තුල එම අළුත් පක්ෂය කෙටි කලකින්, විපක්ෂ බලය ගැනීමට තරම් බලයක් ඒකරාශී කල ජනතාවතුලින් මතුවුන ජනතා නායකයෙක්. කොටින්ම රනිලුයි
      සෑරුයි දෙන්නම එකම කාසියක දෙපැත්ත.. පිටින් දෙකයි, ඇතුලෙන් එකයි.

      දැන් බුද්ධිමත් ජනතාව තීරණය කල යුත්තේ, බුද්ධිමත්, දක්ෂ, අවංක, චරිතවත්, කිනම් පුද්ගලයාද ඔහු නූතන නායකත්වය සඳහා සුදුසුද නැද්ද යන්න පමණි. ජනතා විමසුමට.

      Delete
  7. අයිසේ මාතලන්, ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව ගෝඨා පව් කියල හිතෙනවා නේද? ඒ මිනිහ සහනාධාර මල්ල බෙදන එක බලන්නත් ඕන, 5,000 බෙදන එක බලන්නත් ඕන, වැක්සීන් එක ගහන එක බලන්නත් ඕන, ආයෝජන ගේන්නත් ඕන, සල්ලි හොයන්නත් ඕන, වටේ ඉන්න අමන මෝඩ එව්ං කරන රටේ නැති විකාර බහුබූත ඒවට බැනුම් අහන්නත් ඕන, කතාවක් හදාගෙන ජාතිය අමතන්නත් ඕන. සවේන්ද්‍ර නැත්තං ඉතිං නිරෝධායනෙං පැනල යන උං අල්ලන්නත් මෑන්ටම යන්න වෙයි. මේක පොඩ්ඩක් බලන්න සවේන්ද්‍ර. ������

    ඇත්තටම මේ වැඩ ටික වගකීමෙන් යුතුව හරියට කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ටිකක් දාගන්න පුළුවන් නම් මිනිහට විවේකයෙන් වෙනම සෙට් එකක් එක්ක මේ ප්‍රශ්න වලට නිර්මාණශීලී ලෙස කල්පනා කරලා විසඳුම් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. මොකා ගියත් ලොකු-ලොකු තැන්වල වැඩට
    ඉන්න වෙන්නෙ තටු හකුළාගෙන ළඟට
    කොන්ද පණ තියෙන බව පෙන්නුව දාට
    යන්න වෙනව දාලා- පට්ටම පට්ට

    ReplyDelete
  9. අඩෝ ළමාතං, කරැණු සලකලා බැලුවම, මේක පට්ට ගේම් එකක් කියලයි මට හිතෙන්නේ. අපි එකින් එක බලමු.

    (1): ලක්ෂ 69ක ජනතා වරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා.

    (2): 2/3ක ආණ්ඩු බලයක් ලබාගන්නවා.

    (3): ජාතික ලැයිස්තුවට තමන්ගේ හෙන්චයියෙක් පත්කර, අවශ්‍ය වෙලාවට ඔහුව ඉවත්කර තමන්ට පාර්ලිමේන්තු ඒමට හැකි ආකාරයට අවස්ථාව හදාගන්නවා.

    (3): 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරගන්නවා. එහිදි ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ආ හැකියි කියන වගන්තිය ඇතුලත් කරනවා. එය ඉවත්කරන්න කියලා සමහර පාර්ලිමේන්තු මංත්‍රීවරු කිවුවත්, එම වගන්තිය එලෙසම තියන්න කියලා ජනාධිපතිවරයා බැගෑපත් වූ බව කියනවා.

    (4): සුබ මොහොතින් පාර්ලිමේන්තු එනවා.

    (5): තමාගේ පාර්ලිමේන්තු මංත්‍රීධූරය ආරක්ෂා කිරිමට, තිබෙන පාර්ලිමේන්තු 2/3 බලය තමන් විසින්ම නැතිකිරිමට සහෝදර පක්ෂවල මංත්‍රීවරැ අතර ප්‍රශ්ණ ඇතිකර ඔවුන්ව ආණ්ඩුවෙන් නෙරපීමට කටයුතු කරනවා.

    (6): පොරොන්දු වූ පරිදි අලුත් ව්‍යවස්ථා සංශෝධනය කිරිමට නොහැකි වූවේ බලයට කෑදර මංත්‍රීවරැ නිසා කියලා අලුත් මතයක් සමාජගත කරනවා.

    (7): ඉන්පසු තමන්ගේ අගමැති සිහිනය ඉටුකරගැනිමට හා එයට අවශ්‍ය ජනතා මතය ලබාගැනීමට කටයුතු කරනවා.

    (8): පහුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂව අසාර්ථ කරලා, කොටින්ම “ස ෆේල්“ කියන මට්ටමටම ගෙනල්ලා, මෙතැන් පටන් ඔහුගේ විදියට රට සංවර්ධනය කිරිමට කටයුතු කරලා, රටේ සංවර්ධනය කලේ ගෝඨා නොව, තමන් විසින් බව, ඒ කියන්නේ “බැසිල් තමයි හොදටම කලේ“ කියන මතය රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්වනවා.

    (9): අවසානයේදි 2024දි ජනාධිපති විය යුත්තේ තමන් බව ප්‍රකාශ කරනවා.

    මේ සිද්ධින් එකින් එක බලනකොට මට පේන්නේ මෙන්න මේ දෙයයි. මේක ජෙහාන් පන්නයේ ගේම් එකක්. මේ ගේම් එක පට්ට ඉන්ටරෙස්ටින්. අවසානයේදි ගෝඨා කියන්නේ ජෙහාන්ගේ ගේම් එකේ මැද හිරවුණු ප්‍රියන්ත බවට පත්වෙනවා. මෙහි මහින්දගේ භූමීකාව මොකක්ද කියලා මට හිතාගන්න බැහැ. මේ කතාව මීට වඩා සම්පුර්ණයෙන් වෙනස් වෙන්නත් පුළුවන්. මහින්ද, නාමල් වෙනුවෙන් වෙනම ගේම් එකක් ගහනවා වෙන්නත් පුළුවන්. හැබැයි දැනට කතාව මේකයි.

    ReplyDelete
    Replies
    1. Ano 12.48,

      //අවසානයේදි ගෝඨා කියන්නේ ජෙහාන්ගේ ගේම් එකේ මැද හිරවුණු ප්‍රියන්ත බවට පත්වෙනවා.//


      ප්‍රියන්ත ගේමට මැදි උනේ නොදැන. ඌ අසරණයා, ඒත් අප මිත්‍ර මහ-ආචාර්ය මාතලන්ලගේ ස' ගේමට බහින්නේ දැනගෙන. ඔය බබා පාට් දාගෙන ගැරඬියා වගේ හිටියට ස' ගේ condition ටික, එයාගේ හා හොඳම යාළුවන්ගේ නඩු ටික clear කරගෙන වසර පහ අවසානේ තම දරු මුණුබුරන් සමඟ එයාගේ රට වන ඇමරිකානු එක්සත් ජනපදයට ගිහින් පුල් ආතල් එකේ ජීවත් වෙන එක. මේක සැක නම් S S කරලා තියා ගන්න, අපි අනාගතේ දවසක මේ ගැන ආයෙමත් කතා කරමු ඕනේ නම්.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න