.

.

Feb 2, 2023

13+ රිදී බන්දේසියක තබා පිලිගැන්විය යුතුමය.

 



13+  රිදී බන්දේසියක තබා

පිලිගැන්විය යුතුමය.

➖➖➖➖➖➖➖🔴


ඊයේ හරිනි අමරසූරිය මේක දෙන්න ඕන කිව්වාම මම පෝස්ට් එකක් දැම්මේ හේතූ කීපයක් උඩ..


⭕ 88/89 පලා බබා අපට එපා කියලා ඉන්දීය විරෝධයකුත් සමඟ මුලු රටම ගිනි තිබ්බේ ජෙප්පෝ.. (දේශහිතයිශී කොල්ලෝ කෙල්ලෝ 60,000 ක් ඒ වෙනුවෙන් ජීවිත පූජා කරනවා)


⭕ රනිල් ප්‍රභා එක්ක හැමිනෙන්නයි යන්නෙ කියලා මහින්දට බැක් කරලා මහින්ද බලේට ගේන්නෙත් ජෙප්පෝ.. 


⭕ එතකොට මැදමුලන මයිනා, යුද්දේ නිකං කිරි හොද්ද වගේ අත ගගා ඉඳිද්දී, බව්වෙක් නාවන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින් යුද්දේ ඉවර කලේ ජෙප්පෝ... (ඇත්තද දන්නේ නෑ.. එහෙම කියනවා)


⭕ ඊළඟට යුද්දේ ඉවර කරන්න ඔය සුළු අවිවලින්  බෑ ඕයි, කෙලිනවා හෙවි වෙපන් හෙවත් බර අවි වලින් කියලා යුධ උපදෙස් දුන්නේ ජෙප්පෝ.. (ෆොන්සේකා යුද්දේ කලාලූ.. ආච්චිගෙ රෙද්ද)..


⭕ එයාලා උතුරු නැගෙනහිර එක් කිරීමට එක හෙලා විරුද්ධයි .. (උසාවී ගිහින් තීන්දු ගත්තේ එයාලා)


⭕ අපේ වෙන්ට ජනපති අන්‍රයියා රනිල්ගේ රට බෙදන සර්වපාක්ෂික බඩකඩුත්තුව පැත්ත පලාතේ නොගිහින්, සයින්දමරුදු, වාලච්චනෙයි, කොකඩිචෝලෙයි යන්නේ රට බෙදන්න නෙමේ.. ඒවයෙ උන්ටත් රටේ ජනපති කව්ද කියලා පෙන්නන්න....


ඉතින් එහෙව් එකේ.. හරිනි ලන්ඩන් ගිහින් මෙහෙම කිව්වාම අවුල් යන්නැත්තේ මොකාදෝයි..


ඒ අස්සේ කුල භේදය ගැන විශේෂඥයෙක් වෙන හිතවත් Nandana Weerarathne   , මාතලන් යකා ගෙන් අහනවා ... ඇයි මොකක්ද ඒකේ අවුල.. ඒක අලුත් දෙයක්ද කියලා...


එක ජෙප්පන්ට නම් අනිවාර්යයෙන් අලුත් දෙයක්... ඔය උතුරු නැගෙනහිර බලයා බෙදිල්ල ගැන මම ඉන්න මතය තමා පහලින් තියෙන්නේ..


මම නම් කියන්නේ බලයා නෙමේ ... කෙලවෙලාම යන්න කෙලවල්ලොත් බෙදන්න ඕනය කියලා...


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


ෆෙඩරල් ලබා දිය යුතුමය. එවිට ද්‍රවිඩ රදලයන්ටද, දකුණේ උන්ට

අත් වූ ඉරණමම, උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖❤️➖


පිටරට ඩොලර් යුරෝ වලින් ජීවත් වන හැම ජාතිකයෙක්ම කියන කතාවක් තමා, උතුරු නැගෙනහිර ජනතාවට විශේෂිත වූ ප්‍රශ්ණයක් තියෙනවය කියන එක.


ඒ එයාලටම විතරක් තියෙන ප්‍රශ්ණය මොකක්ද කියලා ඇහුවම, එකෙකුටවත් උත්තරයක් නෑ.


හැබයි උතුර නැගෙනහිර නෙමෙයි, සමස්ත රටේම ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි රැකියාවක් නොකර සියල්ල නොමිළේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන පිරිස හෙවත් හිඟන ප්‍රජාව. මුන් කම්මැලිකමක් නැතිව කරන එකම දේ හැමිනෙන එකයි, බොන එකයි විතරමයි. 


ඒ වගේම උන් එසේ නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතුය කියන දේශපාලන පක්ෂ හා හිඟන දේශපාලන ක්‍රමය.


මේ හිඟන ප්‍රජාව කරන්නේ, කූර කෙලින් වෙච්චි ගමන් ඩිම්බ මෝචනය වෙන ගුලකට මීයා රිංගවලා හිඟන පරපුර බෝ කරනවා. ජනගහනය වැඩි වීම, උපත් පාලනය, මන්දපෝෂණය, විරැකියාව, දළ දේශීය නිශ්පාදනය, ජාතික ආදායම, අය වැය, විදෙස් සංචිත, මානව හිමිකම්, ලෝක බලවතුන්, බලශක්ති අර්බුදය, දේශීය ණය, විදෙස් ණය මෙලෝ මඟුලක් මුන්ට අදාල නෑ. 


ඊළඟට ගැබිනි මව්වරුන්ගේ දීමනාවේ ඉඳලා මැරිලා වලලන එක වෙනකන් ආන්ඩුව වග කියන්න ඕන. 


හයක් හතරක් නොතේරන පොඩි බබ්බුයි මුන්ගෙයි අතර එකම වෙනසත් හැමිනෙන එකයි මත්වෙන එකයි විතරමයි. 


මුන්ට උගන්නනෙත් යම් පමණකට උගත් ප්‍රජාවගේ දරුවන්ට උගන්වන විෂය පද්දතියමයි. ඉතින් උන්ට ඒවා ග්‍රීක් වගේ. කලාතුරකින් ගොඩ යන එකාටවත්, අඩු ගානේ කක්කුස්සි යන හැටිවත් උගන්නලා නෑ. ඉතින් උන් පබ්ලික් ටොයිලට් එකකට ගියත්, කෝච්චියේ, ඉස්ටේසමේ ලැට්ටෙකට ගියත්, රෙන්නේ වලට නෙමේ එලියට. හුලිජ්ජා කරන්නෙ බිත්තියට.


ඉතින් උන් ඊට ඉහළ සමාජයට වෛර කරනවා. ඉහළ තැනකට ගියත් එහෙමයි. මේ රටට 56 විප්ලවයෙන් පස්සේ සිඳු වුනේ ඒ දේ.


මම කියන්නේ නෑ උන් හැමදාම එතන ඉන්න ඕනය කියලා. හැබයි උන්ට අකුරු උගන්වන්න කලින්, සිරිත් විරිත්, ගති පැවතුම්, අනෙකාට ගෞරවය කිරීම්, අනෙකාගේ මතය ඉවසීම් කියන දේ කියාදෙන්න ඕන. දියුණු රටවල් වල දියුණු ශිෂ්ඨාචාර හා මිනිස්කම් පිරුණ මිනිස්සු බිහිවෙලා තියෙන්නේ එහෙම. 


56 පංච මහා බලවේගය නිර්මාතෘ රදලයෙක්. එයාගේ පරම්පරාව ගැන නොයෙකුත් කතාබහ තිබුනට බන්ඩාරනායක කියන්නේ හොරගොල්ල වලව්වේ රදල නායකයෙක්. කසාදය කරගන්නෙත් රදල පවුලකින්.


නමුත් රදලයෝ හිටියේ එජාපයත් එක්ක. සුද්දගෙ කාළේ ඔක්ස්ෆර්ඩ් ගිහින් ඉහළ සමාජයට ගිය රේන්ද කාරයන්ගෙ හා වෙළඳ ප්‍රජාවේ දරුවෝ උන්නේ වමේ. ඒ හින්ගල සෙට්ටෙක.


උතුරේ උන්නේ ජී ජී පොන්නම්බලම්ගේ ටැමිල් කොන්ග්‍රස් එක. ඒ ද්‍රවිඩ රදලයෝ. කඳුකරේ වතු කම්කරු ප්‍රජාව. උන්ගේ නායකයෝ උන්ගෙන්ම බිහිවුන උන්. තොන්ඩමාන් පරම්පරාව. උතුරේ පහළම කුලේ එකාවත් කඳුකරේ උන්, උන්ගේ ජාතියේ කියලවත් පිලිගන්න කැමති නෑ.


බලයට පෙරේත කමේ 56 බන්ඩා කරපු වැඩෙන් උනේ රදලයන්ට කෙලවෙලාම යන එක. චන්ද්‍රිකාගෙන් පස්සෙ ඒක යන්නේ ගොයිගම මහින්දට. රටේ හින්ගල අති බහුතරේ ගොයිගම කුලේ. උන්ට "බයියෝ" කියන්නේ අඩු කුලේ පර හැත්ත 😁.


ඒ අඩු කුලේ උන්ට මහ පුටු දීලා ඇරගත්තේ ගොයිගම කුලේ මහින්දමයි. බොරු නම් අලුතෙන් බිහිවෙන්න යන නායකයෝ කව්ද කියලා හොයලා බලන්න.


දැන් කවුරුන් හෝ කියයි මාතලන් මේ නැති කුල බේදයක් ඇදලා ගන්නවය කියලා. ඒ උනාට දැන් ඉන්න මැතිවරණ කොමසාරිස් ලස්සනට කියලා තිබුනා, ආසන බෙදෙන්නේ කුලය අනුවයි කියලා.


ඇත්ත කතාව ආසන නෙමේ, ඇමතිකම් බෙදෙන්නෙත් එහෙමයි. මේ ගැන වික්ටර් අයිවන් බොහොම අපූරුවට ලියලා තියෙනවා. මේ කුල බේදය නැත්තේ පෞද්ගලික අංශයේ විතරයි. අනික් හැම තැනම මේක රජ කරනවා.


මේන් මේකටයි උතුරේ කුලයෙන් උසස් පිරිස බලය ඉල්ලන්නේ. ඔය බලය ඉල්ලන පිරිසේ කුලයෙන් අඩු කුලහීන නායකයෝ එකෙක්වත් නෑ. ඔක්කෝම, රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, ඔස්ක්ෆර්ඩ්, ක්‍රේම්බිජ් ගියපු උන් ඉන්නේ. උන් අඩු කුලේ උන්, පක්ෂයට තියා මිදුලටවත් ගන්නේ නෑ.


උන්ට අඩු කුලේ උන් ගොඩගන්න ඕනත් නෑ. නමුත් උන්ගේ ගෞරවය රැකගන්න උන්ට නායකත්වය හා බලය අත්‍යාවශ්‍යයි.


විග්නේෂ්වරන් උතුරේ සංවර්ධනයට යවපු මුදල් කිසි දෙයක් නොකර ආපහු භාන්ඩාරගාරයට එව්වා. සුරේෂ් රාඝවන් ආන්ඩුකාරයා කරලා යැව්වට ඌට මෙලෝ දෙයක් කරන්න ඉහළ කුලේ නිළධාරි පැලැන්තිය ඉඩ දුන්නෙ නැ. මොකෝ ඌ අඩු කුලේ නිසා.


විගාලට, සුමන්තිරන්ලට, පල්මානික්කම්ලට ඕන, දකුණේ රථ ගාය තියෙන නායකයෝ වගේ ගාඩ් දාගෙන ඉගිල්ලිලා යන්න මිසක්, උතුරේ ජනතාවට සේවය කරන්න නෙමෙයි. 


එහෙම කරන්න ඕන අවංක චේතනාවක් තිබ්බා නම්, අවුරුදු 75 ක් තිස්සේ කෑලී කඩන් කන්න හදන්නේ නැතිව, ආන්ඩුවකට සෙට් වෙලා, ඇමතිකම් අරගෙන, හකීම්ලා, අෂ්‍රොෆ්ලා, රිෂාඩ්ලා වගේ දෙයක් උන්ගේ ප්‍රජාවටත් කරන්න තිබ්බා.


ඒ නිසා ඔය ෆෙඩරල් ඉල්ලන සෙට් එකට බලේ දීලා, උතුරු නැගෙනහිර ජනතාවට දැනෙන්න දෙන්න ඕන, උන්ට කෙලින්නේ දකුණු මිනිස්සුවත්, දේශපාලුවෝවත් නොව, මෙන්න මුන්‍ය කියලා.


එතකොට ආයේ පිරිභාහරන්ලා, කරුණා අම්මාන්ල, පිල්ලෙයාන්ලා බිහිවෙලා දොරේඅප්පට දීපූ ගේමම මුන්ටත් දෙයි.


මොකෝ මේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්ණයක්වත්, ජාතික ප්‍රශ්ණයක්කත් නෙමේ... දරිද්‍රතාවය හා නොසලකාහැරීම පිලිබඳ ප්‍රශ්ණයක්...


බොරු නම් සියළු විප්ලව හා අඩුවට සාරාන් හා වසන්ත මුදලිගේද හදාරන්න...


ඒ වගත් මෙසේය.....


.

20 comments:

  1. පෙඩරල්

    ReplyDelete
  2. කතාව ඇත්ත තමයි මාතලන්, ජේම්ස් ආර් රදර්ෆර්ඩ් කිව්වේ කාන්තා විමුක්ති සටන් තමාට ගැලපෙන ස්වාමිපුරුෂයා ලැබෙන තුරු පවතින බවත් සමාජවාදීන් බලය අත්පත් කරගෙන තමන් පෞද්ගලික වත්කම් හිමිකර ගන්නා තෙක් සමාජ සාධාරණත්වය පිළිබඳ පොර ටෝක්ස් ඉෂූ කරනවා විතරක් බවත් තමන්ගේ ජාතියේ ආගමේ ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන විමුක්ති කාමී සටන් කරුවන් බලය අත්පත් කරගෙන තමන්ගේ පෞද්ගලික වත්කම් හිමිකරගෙන ධනවත් වනතුරුම පමණක් එම සටන් කරන බවත්. ඒක තමයි ඇත්ත කතාව.

    හැබැයි... පුද්ගලයා මොන වගේ උනත් පොර කියපු කතාවේ හැටියට ලංකාවේ ..උදාහරන- මහින්ද විජේඝේකර 71 මහ නඩුවෙි විත්තිකරැවෙක් වෙලා හිටියා අන්තිමෙිදි දනපතියෙක් වෙලා විතරක් නොවෙයි නිර්දනයාගේ රීරී මාංශ කන ජාවාරම් කාරයෙක් ලොවට බිහි වුණා, මහින්ද රාජපක්ෂ සමාජවාදී සිංහල ජාතිවාදය පිට දාගෙන බලයට ඇවිත් පවුලම එකතු වෙලා රටටම කෙළියා, නන්දන ගුනතිලක ජවිපෙ ජනපති අපේක්ශකයකුත් උනා නැවතුනේ එජාප නාවාතැනේ,-විමල් විරවංශ ජවිපේ පුචාරක ලේකම් නැවතුනේ දනපති ලොවෙි දනපතියෙක් වෙලා. (දැනටමත් ජවිපෙ අැතුලමත් ඉන්න මේ වගේ අය සෑහෙන පිරිසක් ඉන්නවා බිල්ඩිං පිට බිල්ඩිං ගහපු උන් BMW තියං ඉන්න උන්, ජවිපෙ ලොක්කෝ හැමෝම වගේ උන්ගේ දරැවෝ පිටරට යවල විශාල ගණනක් අය කරන පිට රට කැම්පස් වල උගන්න උන් )මෙි ටික දෙනෙක් විතරයි...තව ඔින තරම් උදාහරන තියනවා...ඉතින්, නිර්දන පංතියට මුවා වෙලා හැංගිලා දුප්පත්කම විකුනන ගෝනි බිල්ලෝ තවමත් වෙිදිකාවෙි නිර්දනයා විකුනනවා චෙි ගුවෙිරා වගේ විප්ලව වාදියෝ කවමදාකවත් අපේ රටෙි ඉදලත් නැහැ....ඉන්න එකකුත් නැහැ... 😢😢😢

    ReplyDelete
  3. අම්මට හුඩු, මත්ලන්ට යකා වැහිල, එල එල

    ReplyDelete
  4. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මාලිමාව ලකුණෙන් තරග වදින අපේක්ෂකයෙකුට පිහියෙන් ඇනීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ගල්ගමුව ප‍්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන්ගෙට යමින් සිටියදී සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙලේ ප්‍රබල ආධාරකරුවකුගේ නිවසට ගොස් සජිත් ප්‍රේමදාස යනු මන්ද බුද්ධික පිස්සු පොන්නයෙක් කියා එම පවුලේ අයට තේරුම් කිරීමට යාමේදී බවයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ, එසේ එම පිහි ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිද සඳහන් කරන්නේ අපේක්ෂකයා තම නිවසට පැමිණ සජිත් ජලනි බලවේගයට දැඩි ලෙස අපහාස කළ බවත් තම සැමියා ඊට එරෙහිව කතා කළ විට කුපිත වී තම සැමියාට පහර දීමට තැත් කිරීමේදී සැමියා ආත්මාරක්ෂාව වෙනුවෙන් අසල තිබූ පිහියෙන් ඡන්ද අපේක්ෂකයාට ඇන්න බවයි.

    පේනවා නේද මාලිමාවෙ උන්ගෙ වැඩ? ජවිපෙ දැන්ම ඉඳන්ම පරණ ත්‍රස්තවාදී වැඩ පටන් අරන් වගේ. මුන්ට බලය ගියොත් මුන්ගෙ රස්තියාදුකාරයන්ට ‍යටත් වෙලා මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ. කිසිම වැදගත් මිනිහෙක්ට ඉන්න ලැබෙන්නෙ නෑ පාඩුවේ. ඒ නිසා කිසිම හේතුවක් නිසා මාලිමාවට ඡන්දෙ දෙන්න එපා ඇයි කියලා අහන්න එපා ඡන්දෙ දෙන්න එපා

    ReplyDelete
  5. අවුරුදු 74 ක සාපය අවසන්වීමට
    තව ඇත්තේ
    පැය කීපයක් බව
    ඔබ දන්නවා ද ළමාතන් ?

    ඊට පස්සෙ හැත්ත පස් වසරක සාපේ ආයේ ඊට පස්සේ මාර්තු 9 වෙනකම් නොනගතය
    මාර්තු 10 ඉඳන් අළුත් නිදහස 😁.

    ReplyDelete
  6. උඹ කියන දේ හරි තමයි ඒ උනාට මචං ගං කබරයො සෙට් එකක් බැහැලා ඉන්නවා මාලිමාවෙන්, උනුත් අර කලින් උන් වගේම තමයි කියලයි මට නම් හිතෙන්නෙ


    https://m.facebook.com/story.php?story_fbid=pfbid0Paxgdj2maYcupoWMVEvUhMTfAug54FpkBhSkaon1gNcXev9i2XijniWLDMe1UeiZl&id=100056573216061&mibextid=Nif5oz

    🤔

    ReplyDelete
  7. ලංකාවේ සැබෑ පාලකයන් ව්‍යාජව නිර්මාණය කල බොරු බෙදීම් පහවෙමින් රට දෙපැත්තකට බෙදෙමින් වේගයෙන් සැබෑ ධ්‍රැව දෙකක් සෑදෙමින් ඇත.

    1.ඒ කිසියම්ම හෝ දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන..

    සහ

    2.කිසිදු පක්‍ෂයකට ඡන්දය දීම ප්‍රතික්ෂේප කරන්නන් (කටුගාන්නන්) වශයෙනි..

    මේ අනුව දැනට විවිධ පක්‍ෂ වශයෙන් ලංකාවේ සැබෑ පාලකයන් විසින් කෘත්‍රිමව බෙදා නිර්මාණය කර ඇති ප්‍රතිගාමී ධ්‍රැවයේ “බහුපක්ෂ චිත්‍රය” බොඳවී ෆොන්සේකා, ජවිපෙ, පෙරටුවන්, වසන්ත මුදලිගේ, රණවකලා, රාජපක්ෂ අක්ෂය , රනිල්ලා,ප්‍රේමදාසලා, බිලි බෝයි පූජකයන්, ගොබෙල්ස් මාධ්‍ය ජාලය, සුමන්තිරන්ලා, හකීම්ලා සහ තවත් බොහෝ අය එලිපිටම එකට ලංකෙරෙමින් G7 මූලිකත්වය දරණ ධ්‍රැවය වශයෙන්ද පවතින පක්‍ෂ උගුලට අසු නොවන සහ මේ මොහොතේ ලෝකයේ ගොඩනැගෙමින් ඇති ප්‍රගතිශීලී ප්‍රවනතා සමග අත්වැල් බැඳගෙන නැගිටීමට සූදානම් අයගෙන් ගොඩනැගෙන ධ්‍රැවයද වශයෙන් පැහැදිලි ධ්‍රැව දෙකක් බිහි වෙමින් ඇත

    ReplyDelete
  8. වික්ටර් අයිවන්ගේ තාත්තා දෙමලෙක්
    අම්මා කතෝලික.
    ඌ තරුණකාලේ වාමාංශිකයෙක්.
    එනම් වික්ටර් අයිවන් කියන්නේ මාක්ස්වාදී, කතෝලික, දෙමලෙක්.
    ඔය වැරදි 3න් එකක් තිබ්බත් ඒකා සිංහල ජාතියේ හතුරෙක්.
    ඒ අනුම වික්ටර් අයිවන් කියන්නේ ඝනජ සතුරෙක්.

    ඕකා කියන වචනෙකින් වුනත් කරන්න හදන්නේ සිංහල ජාතියට පාඩුවක්. ඒ නිසා ඕකා සිංහලයන් තුල නැති කුල භේදයක් මවලා පෙන්වනවා. රැවටෙන්න එපා

    ReplyDelete
  9. @ මාතලන් සහ ජගත් පතිරණ,

    අද වන විට ලංකාවෙ ආර්ථිකය අමාරුවෙන් හරි කවුරුන් විසින් පාලනේ කලත් ඔවුන් කරන දේවල් වලට අද උපදින දරුවා වග කියන්න ඕන නෑ තව අවුරුදු 50 කට පස්සෙ ඔහු මොන පක්ෂෙන් ඡන්දෙ ඉල්ලුවත්. ඔය නිදහසෙන් පස්සෙ අවුරුදු 75 කාලෙන් 1990 වගේ වෙනකන් වැඩි කලක් රට පාලනේ කලේ 1800 ගණන් වල හෝ 1925 ට කලින් ඉපදුනු අය. ඉතින් ඒ අය කරපු දේවල් වලට දැන් ඉන්න දේශපාලකයන්ට බැනලා වැඩක් නෑ ඔවුන් අද මොන පක්ෂය නියෝජනය කලත්

    අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ජේෂ්ඨ අය දැනට අවුරුදු 30කට කලින් පාර්ලිමේන්තුවේ හිටියත් ඒ කාලේ රජයන්ගේ තීරණ වෙනස් කරන්න තරම් ඔවුන් බලවත් ඇමතිලා නෙමෙයි ඒ කාලෙ. එතකොට ඊටත් කලින් කාලෙ රජයන් වල තීරණ වෙනස් කරන්න ඔවුන්ට කොහොමත් බෑ අපිට වගේම

    අනික ප්‍රධාන පක්ෂ දෙකක් විතරක් නෙමෙයි පක්ෂ 25ක විතර අය මැති ඇමතිකම් දරලා තිබෙනවා ඔය කියන අවුරුදු 75 ඇතුලත. සෑහෙන්න අය පක්ෂ මාරු කරලත් තියෙනවා. ඔය අය අතරේ හොඳ දේශපාලකයො, දූෂිතයො , රටට ඇත්තටම ආදරේ අය වගේම එහෙම නැති අයත් ඉඳලා තිබෙනවා හැම දේශපාලන පක්ෂෙකම වගේ . ඒ නිසා ඔය අවුරුදු 75 පක්ෂ දෙකක් රට විනාශ කලා කියන කතාව විපක්ෂයේ වැඩිම කලක් හිටපු දේශපාලන පක්ෂයක් විසින් තමන්ගේ වාසියට හදපු කතාවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. කතා ගොතති සමහරු, වාසිත් ලබමින්
      සමහරු පිළිගනිති ඒවා නොවිමසමින්
      පුරවැසි හැම සබුද්ධික නැත වියතුන් මෙන්
      දැපනෙ වැටෙති උහු; ඇති තතු නොදැනීමෙන්!

      Delete
  10. 13 නොදී බැහැ. IMF ණය ගන්න , නය ප්‍රතිව්‍යුහගත කරන්න පොරොන්දු වුන ඉන්දියාවට ඒක ඕනේ. ජවිපෙ ඒක දෙනවා. නොදී බැහැ. ඇමෙරිකාව දැන් ජවිපෙ බලයට එනවට විරුද්ධ නැත්තෙත් ඒකයි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ දන්නවා ද ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කෙනෙක් දේශනයට අවධානය යොමු නොකරපු වෛද්‍ය ශිෂ්‍යාවක් ගෙන් ඇහුවලු එස් ඊ එක්ස් කරන්න කීදෙනෙක් ඕනැ ද කියලා. ශිෂ්‍යාව අන්දුන්කුන්දුන් වෙලා ඉන්නකොට ළඟ හිටිය ශිෂ්‍යයෙක් ඇයට කිව්වාලු තුනයි කියන්න. ඇය නැගිටලා තුනයි කිව්වාලු. ප්‍රොෆෙසර් කිව්වා ලු "වැරදි නැහැ, තුන්වැනියාට ලාම්පුව අල්ලන්න පුළුවන්" කියලා. ඔන්න ලංකාවේ මැඩිකල් ප්රොෆාලාගේ දැනුමේ වපසරිය?

      Delete
    2. අජිත් ධර්මකීර්තිට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාවක්.
      ඒ නිසා ඔහුට ජාතිකත්වය වහකදුරු වගේ.
      ඒ නිසා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගැන එතුමා බිහිසුනු අනාවැකි පලකලා.
      ඒවා ඔක්කොම බොරුවුනා.
      දැන් දාපු කොමෙන්ටුවත් ඒ වගේ එකක්.

      Delete
    3. @ Ajit Drama, Anonymous, Jagat Pat,

      NPP is yet another subcontractor of current RW & MR Joint Venture partnership government. Therefore you cannot expect much deviation from them regarding the economic policies. ඒක නෙවෙයි අජිත් ඔබ සමාජවාදී අදහස් ඇති කෙනෙක් විදියට ලංකාවේ ආණ්ඩුවට අයි එම් එෆ් එකෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අණ කර සිටින අයි එම් එෆ් එකේ ඔස්ටෙරිටි මෙෂර්ස් අනුව ග්‍රීසියේ කළා වගේම රජයේ පාසැල් 50% කින් විශාල කොටසක් වසාදැමීමටත් ඉතිරි කොටස පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්ට විකුණන ලෙසට උපදෙස් ලැබෙන බව පේනවා. ඒ අනුව එකල අකිලලා රුපියල් බිලියන ගණනක් වියදම් කරලා ක්‍රියාත්මක කරපු ළඟම පාසැල වැහෙන පාසැල වෙයිද ?

      ඒ වගේම තමයි මේ දවස් වල ලංකාවේ තමන්ගේ රුපියල් ලක්ෂ ගණනක් වන වැටුප් වලින් බදු කැපීමට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් මාරාන්තික උපවාස හා සම දැඩි ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර දිගටම පවත්වාගෙන යන රජයේ මුදලින් නොමිලේම ඉගෙනගත් ලංකාවේ රජයේ ආයතන වල වගේම පෞද්ගලික අංශයේත් වැඩ කරන වෘත්තිකයන් මෙවැනි පාසැල් වසාදැමීමකට කුමන ප්‍රතිචාරයක් දක්වයි කියා ඔබ සිතනවාද?

      @ ජගත්, පුද්ගලයෙක් සහ රජයක් අතර ඇති නෛතික සබඳතාවයි ජාතිකත්වය කියලා කියන්නේ Nationality normally confers some protection of the person by the state, and some obligations on the person towards the state. What these rights and duties are vary from country to country.

      මෙය තාක්‍ෂණිකව සහ නෛතිකව පුරවැසිභාවයට වඩා වෙනස් නමුත් බොහෝ නවීන ගෝලීය පිළිගැනීම අනූව බොහෝ රටවල සියළු ජාතිකත්වය ඇති සියළුදෙනාම පුරවැසියන් ලෙසද පුරවැසියන් සියළුදෙනාම එකම ජාතිකත්වයක් ලෙසද සැලකේ. නමුත් කිසියම් ජන කොටසක ඉපදීම නිසා උසස් පහත් බව සලකමින් පහත්යයි පිළිගැනුනු ජන කොටස්වලට මානව අයිතිවාසිකම් අහිමි කිරීම ජාතිවාදය ලෙස සැළකෙයි. උපත පදනම් කොට ගෙන බිහි කර ගැනුණු ජාතිවාදය වාර්ගිකත්වයක් කරා යොමු වීම අනිවාර්ය ප‍්‍රතිඵලයකි. ඒ ඒ ජන වර්ගයට ආවෙණික වූ ආගම භාෂාව සංස්කෘතිය වැනි කරුණුවලින් එක් එක් ජන වර්ගයක අනන්‍යතාවක් ද ගොඩනැගෙයි. මෙම අනන්‍යතාව ඒ ඒ ජන වර්ගයේ අභිමානය වර්ධනය කිරීමට හේතු වෙයි.
      ජාතිවාදයට අතිරේකව ජාතිකත්ව වාදය නමින් එන තවත් වර්ගවාදයක් නූතන සමාජයෙහි කරලියට පැමිණ තිබේ. නැෂනලිසම් (Nationalism) යන ඉංගී‍්‍රසි පදයෙහි අරුතින් තනාගෙන ඇති ජාතිකත්ව සංකල්පයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ රටක සමස්ත සමාජයෙහි අනන්‍යතාව පදනම් කොට ගෙන මුළු රට පිළිබඳවම අභිමානය ගොඩ නගා ගැනීමකි. ඒ තුළින් ජාතික ධජය ජාතික ගීතය වැනි රට තුළ සිටින මුළු ජනතාව නියෝජනය කරන අනන්‍යතා සංකේතයක් වටා ජනතා සහභාගිත්වය හෝ සහයෝගිත්වය ගොඩ නැගීම අපේක්‍ෂා කෙරෙයි. මෙම ජාතිකත්ව වාදය වූ කලි රටක සංවර්ධනය සඳහා ඉතා මැනවින් සහ තදින් උපයෝගී වන රටක ජනවර්ග රාශියක් පැවතිය හැකියි.

      රටක වෙසෙන වෙනස් ජනවර්ග එකිනෙකා කා කොටා ගන්නා විට, ජීවිත හා දේපල හානි සිදු කර ගන්නා විට ඒ රට කිසිවිටෙක නගා සිටුවිය නොහැකි බවත් රට නමැති දේහය සුවපත්ව පෝෂණය කර ගැනීමට නම් ඒ ඒ ජනවර්ගය සතු වෙනස් කම් හා අනන්‍යතා ලක්‍ෂණ එසේ ම තිබියදී සැමට පොදු ලක්‍ෂණ උපයෝගී කොට ගෙන මුළු රට පොදුවේ නියෝජනය කරන ජාතික අනන්‍යතාවක් ගොඩ නැගිය යුතු බවත් ජාතිය ආරක්‍ෂා වන්නේත් එකිනෙකා සතු අනන්‍යතාවන් ආරක්‍ෂා වන්නේත් එවිට බවත් එක් වර්ගයක් පරයා අනෙක් වර්ගයක් නැගී සිටින්නට උත්සාහ දැරෙයි නම් දෙවර්ගයේ ම පරිහානිය මිස දියුණුවක් නම් බලාපොරොත්තු විය නොහැකි බවත් මගේ වැටහීම.

      @ Anonymous ඔය කියන මහාචාර්ය යෝදයා ත්‍රී සම්, ඩී පී වගේ දේවල් ගැන අහල වත් නැති යල්පැනගිය පොතේ ගුරෙක් සීන් එකක් වගේ පේනව මට නම්

      Delete
  11. මාතේ ගෝලීය ආර්ථිකය 2023 වසර තුල තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් කරා යමින් පවතින බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා ලංකාවේ අපනයන වලට එහෙම ඊළඟ අවුරුද්දේ මැද විතර වෙනකම් අමාරු කාලයක් වේවි. දකුණු ආසියාතික රටවල් වලින් පකිස්ථානය මෙන්ම බංගලිදේශෙ ආර්ථිකයත් මේ වෙද්දී (2023) කඩා වැටිලා තියෙන්නෙ. ඉන්දියාවේ ප්‍රාන්ත වලින් පහළවක් විතර දැඩි ආර්ථික අර්බුදයක නමුත් තොරතුරු තාක්ෂණ අංශයේ අපනයන ආදායම් වැඩි වෙලා ඉන්දියාවේ විදේශ සංචිත වැඩිවීම නිසා යම් තරමකින් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා

    ලෝකෙ සමහර සංවර්ධිත දියුණු යැයි සම්මත සියලු රටවල් පාහේ එකින් එක ගත්තොත් අරන් තිබෙන ණය ප්‍රමාණය ලංකාවෙ ණය ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුව ලංකාවේ තිබෙන system එකේ වැරද්ද මිස දේශපාලකයන්ගේ පමණක් වරද නෙමෙයි. සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂණ සහ විදේශීය ණය මුදල් මත යැපුණු ආර්ථිකය කොවිඩ් වසංගතය සමග ඒ දේවල් කඩා බිඳ වැටීම සමග බිඳ වැටී ගිය අතර ඊට පෙර සිට පැවති රජයන්ගේ දුර්වලතා නිසා ඒ වගේම ඇතිවූ උතුරේ යුද්ධයත්, දකුණේ ඇති වුනු කැරලි දෙකත් අපේ ආර්ථිකයට විශාල හානියක් කලා.

    ලංකාවේ වගේ නිදහස් සෞඛ්ය සේවයක් , නිදහස් අධ්යාපනයක් නෑ ගොඩක් ලෝකයේ සංවර්ධනය වී ඇති දියුණු රට වල වත්. ඒවා වෙනුවෙන් යම් මුදලක් නැත්නම් වැටුප් වලින් අධික ලෙස ඍජුව බදු හෝ වැට් වගේ අධික බදු අය කරනවා සංවර්ධනය වී ඇති දියුණු රටවල රජයන් විසින්.

    ලංකාවේ ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් වැය වෙනවා රාජ්ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. සියයට අනූවක් පමණ. එහෙම තියෙද්දි කොවිඩ් නිසා රටේ ආර්ථිකය බිංදුවටම වැටිල තියෙද්දිත් සමහර වෘත්තීය සමිති හා විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ මුල් වෙලා කොවිඩ් අස්සේත් උද්ඝෝෂණ කරනවා රාජ්ය සේවක වැටුප් තව වැඩි කරන්න කියලා.

    තමන්ට මෙච්චර කල් රජයෙන් නිකන් දීල තිබ්බ පොඩි දෙයක් හරි නැති කරනවා නම් වෘත්තීය සමිති කියලා අය ටිකක් පාරට බහිනවා. ඔය වගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අදහස් වලින් පිරුණු සහ තමන්ගේ පක්ෂයේම දේශපාලන උවමනාවන් මතම නැටවෙන වෘත්තීය සමිති දියුණු රටවල් කිසිවක නෑ.

    ReplyDelete
  12. අජිත් ධර්මකිර්ති කිව්වා බ්‍රෙක්සිට් නිසා ඉතා උසස් යුරෝපීය ලිංගුස් වර්ගයක මිල ඉහල යනවා කියලා.
    නමුත් ඉංග්‍රීසි දේශප්‍රේමියෝ ලිංගුස් කරලකට තම ලිංගය පාවාදුන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ නම බ්‍රට්වර්ස්ට්. නියමයිනේ හොඳ මතකයක් තියෙනවනේ ඔබ තුමාට. ඉංග්‍රීසි දේශප්‍රේමින් ට ලෙසටම කෙල වෙලා තියෙන්නේ ගෑස් ගණන්, පෙට්‍රල් ගණන්, කෑම ගණන් , යුරෝපේ හිටියනම් ඒ ටිකවත් ලාභෙට ලැබෙනවා. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ඉවරයි කියල ගොන් හැත්තට තේරිලා තිබුනේ නැහැ, දැන් අඬනවා. හෙට අනිද්දට ආපහු .ලංකාවට ඉන්දියාව එක්ක එකතු වුනහම ඉවරයි මූල්‍ය වශයෙන්. ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියලට බද්ධ කරලා

      Delete
    2. අජිත් අයියේ, ලංකාවේ ආර්ථිකය ගැන කියනවා නම් මම හිතන්නේ ආණ්ඩුව කියන විදියට අයි එම් එෆ් එකෙන් මුදලක් (එස් ඩී ආර් විදියට) ලැබෙන එකක් නැහැ වගේ බොහෝ දුරට ලංකාවේ ආණ්ඩුවට තමාගේම ක්‍රමයක් හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට සිදු වේවි, එහි ප්‍රතිඵල ඉතාමත් අමිහිරි වේවි නේද? ලංකාවේ ඉන්න අයට ඉතාම දුෂ්කර කාලයක් වේවි. තව වසර තුන හතරක් විතර අමාරුවෙන් යන්න වෙයි බොහෝ දුරට එහෙම නේද?

      අයි එම් එෆ් එකෙන් එකෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලැබුණත්, නොලැබුණත් ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කරගෙන යන්න වෙන්නේ එකම ක්‍රමයට. එම ක්‍රමය කොහොමටත් අමාරු ක්‍රමයක්. IMF මුදල් නොලැබුණොත් එය තවත් අමාරු වෙන එක පමණයි වෙනස.

      ලංකාවේ රෙජීම චේන්ජ් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තමන්ට අවශ්‍ය පරිදි ලංකාවේ ආණ්ඩුව මාරු කරපු එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, යුරෝපීය සංගම සහ ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඔවුන් විසින් පත්කරපු ඡන්ද 135 ක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඩීල් වලට අනුව තනතුරු අතහැර රනිල්ව ජනාධිපති කරවා තමන්ගේ පවුලේ පක්ෂය වූ පොහොට්ටුව නැවත බලය ස්ථාවර කරගන්නකොට රට පුරාම ප්‍රබල හඬක් නැගුනා මහ මැතිවරණයක් ඉල්ලලා.

      මහ මැතිවරණයක් නොදී ජාම බේරගන්න බලබලා හිටපු රනිල් සහ බැසිල් එම විදේශ උපදෙස් ද සහිතව තම සුවච කීකරු ජවිපෙ ජාතික ජන බලවේගය උසී ගැන්වුවා මහ මැතිවරණය ඉල්ලන එක පැත්තකට දාලා පලාත් පාලන මැතිවරණය තියන්න උද්ඝෝෂණ කරන්න.

      එතකොට තුරුම්පුව ගානට වැඩකලා.

      ආණ්ඩුව එලවන්න සමත් මහ මැතිවරණය වෙනුවට රටම පලාත් පාලන මැතිවරණ ගුලිය ගිල්ලා. එහෙම ජනමතය වෙනස් කිරීම පිළිබඳ ඒ ගැන ප්‍රධාන ගෞරවය අනුර කුමාරට සහ මාලිමා බලවේගය නමින් පෙනී සිටින ජවිපෙට හිමිවිය යුතු අතර එම ගෞරවයෙන් කොටසක් මෝඩ සජියටද කලවැද්දාටද යායුතුය.

      හිත හොඳ ඡන්දදායකයා හැමදාම බඩින්. අනිත් පැත්තෙන් මුන් අයින් කරලා පත් කිරීමට වෙන හරිහමන් එකෙක් වත් නෑ නේද ලංකාවේ දේශපාලන කරළිය ඇතුළේ? ඒ නිසා තාමත් ලංකාවේ ඉන්න කට්ටියට කරන්න තියෙන හොඳම දේ ෂේප් එකේ රටින් පිට රටකට මාරු වෙන එකයි මේ දවස් වල. අඩුම තරමින් මිඩ්ල් ඊස්ට් රටකට හරි සයිප්රස් මැලේසියා සිංගා තායි වගේ රටකට මාරු වෙලා අවුරුදු කීපයකින් පස්සේ ආයෙමත් එන්න හරි නැත්නම් මේ ගෝලීය ආර්ථික අර්බුදය හරියද්දී හොඳ රටක් බලලා මෛග්රේට් වෙන්න හරි ප්ලෑන් එකක් ගහගන්න කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන් තරුණ අයට

      මොකද මේ දවස් වල මාලිමාව (අනුර රාජපක්ෂ) දිනවමු, නැත්නම් ටැලිපෝන් කල්ලිය (සජිත් රාජපක්ෂ) දිනවමු, එහෙම කරලා රනිල් රාජපක්ෂ දූෂිත හොර රෙජීමය ගෙදර යවමු කියල ඔය බුකියේ විලාප තිය තිය කෑ ගැහුවට නිකමට හිතපන්කො, ඔය දැන් මාලිමාව කරේ තියාගෙන උඩපනින තැරිදාර පුන්නක්කු මීහරක් වහල් බයියො හැත්ත ෂේප් එකේ ඡන්දේ දවසෙත් අපි නම් මාලිමාවට විතරමයි අම්මපා කියලා දහ අතේ දිවුරලා ටෝක්ස් දීල සද්ද නැතුව ගිහින් ආපහු පොහොට්ටුවට කතිරෙ ගහලා ඇවිත් තිබ්බොත් එහෙම 🤔🤔🤔 එහෙව් බඩු නේ.. ලකේ පංකාවේ සීන් කෝන් වල හැටි ආයෙ ඉතින් yacca muule nisinnowa 😪😪😪


      https://www.facebook.com/headlinenewslk/videos/859117425322413/?app=fbl

      🤔

      Delete
  13. ජගත්, මම හිතන්නේ එය පොදුවේ සමස්ත සමාජවාදීන් තුල දැකිය හැකි "කුහක" භාවය ප්‍රත්‍යකොට උපාදානය වන යම් කිසි චර්යාවක් (behavioural disorder) විය හැකි බවයි.

    ඔබට තවත් උදාහරණයක් පවසතොත් අප මිතුරු අජිත් ධර්මකීර්ති සහෝදරයා බඳු වූ අදහස් වලින් පිරුණු කෙනෙක් වන මේ දිනවල ලංකාවේ සමාජ ජාල වල දැඩි ලෙස විවේචනයට සහ විහිළුවක් වී ඇති චිත්‍රාල් සෝමපාල නොහොත් අත්තම්මා හෙවත් songපාල/ සොමිපාල නමැති ගායන ශිල්පියා දරණ මෙබඳු පටු අදහස් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්, ඔබ දකින්න ඇති ස්වර්ණවාහිනී ප්‍රෝග්රෑම් එකක ඉන්දියාව ජාත්‍යන්තරය නොවේ යැයි ඔහු කියන්නේ බොරු හීනමාන කතාවක්

    ඉන්දියාව අපේ අසල්වැසියා නිසාත්, ඉන්දියානුවන්ට සුදු හමක් නැති නිසාත්, සුදු හම වන්දනමාන කරන, ජාත්‍යන්තරය නම් සුදු හම යැයි සිතා සිටිනා ලෝකය ගැන හරියට නොදැන බයිලා ගහන සෝමපාලලා වගේ ලංකාවේ ගොබ්බ උන් ඉන්දියාව ජාත්‍යන්තරය නෙවෙයි කියලා කියනවා.

    හැබැයි ඉන්දියාව තමයි අද ජාත්‍යන්තරය.

    * යුරෝපය, ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාවේ වැඩිම විදෙස් ප්‍රජාවක් ඉන්නේ ඉන්දියානුවන්.

    * ගෝලිය ආර්ථිකයේ සැලකිය යුතු පංගුවක් හසුරවන්නේ අදානි, අම්බානි, ටාටා, මහේන්ද්‍රා බජාජ් ඇතුලු මෙකී නොකී දස දහස් ගණනක් වන සමාගම් හිමි ඉන්දියානුවන්.

    * මයික්‍රොසොෆ්ට්, ගූගල්, ඇඩොබී, ඉන්ටෙල්, ඒඑම්ඩී ඉදන් ටාටා කන්සල්ටන්සි ඉන්ෆොසිස් දක්වා ලෝකයේ තාක්ෂණය පාලනය කරන්නේ ඉන්දියානුවන්.

    * අද මුලු ලෝකෙටම කෝඩිං, ටෙක්නොලිජි ඇඩ්වාන්ස් අයි ටී වගේ දේවල් යූටියුබ් එකෙන් උගන්නන්නේ ඉන්දියානුවන්.

    * බොලිවුඩ් කියන්නේ අද ලෝකයේ ජනප්‍රියම සිනමාවක්. දැනටමත් ලොව පුරාමජනප්‍රිය වූ බොලිවුඩ් චිත්‍රපට ඉන්දියාවට වඩා ඉන්දියාවෙන් පිට සල්ලි හම්බ කරනවා.

    එච්චර දෙයක් ඕන නෑ.

    * බටහිර මහා සංස්කෘතික දේශය වූ අප හිතවත් ධර්මකීර්ති සහෝදරයා වාසය කරන මහා බිත්‍රාන්‍ය පාලනය කරන්නේ හින්දු ආගම අදහන ඉන්දියානු සම්භවයක් ඇත්තෙක්.

    * වර්තමාන බලවත් බටහිර රාජ්‍ය ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක්.

    * ෆුට්බෝල් ලෝක කුසලානයේ ඉදන් ලෝකේ ඕනම ඉවෙන්ට් එකක සමාරම්භයට ඉන්දියානුවෙක් අනිවාර්යයි.

    * මේ දවස් වල අලුතින් එන ජනප්‍රියතම වූ හොලිවුඩ් ෆිල්ම් වල, ටීවි සීරිස් වල ඉන්දියානු චරිතයක් අනිවාර්යෙන්ම වගේ තියෙනවා.

    * ගෝලීය දේශපාලනයේ ලොකුම පංගුවක් ඉන්දියාවට හිමියි.

    ඉතින් ඉන්දියාව ජය ගත්තා කියන්නේ හොදම එකෙන් ජාත්‍යන්තරයට ගියා වගේ තමයි.

    ඒක නිකන් ජර්මනියේ කුඩා හිපි සංගීත කණ්ඩායමක මෙම්බර් කෙනෙක් වෙලා යූරො 100ක ගාස්තුවක සිකුරාදා රෑට පොඩි පබ් එකක ගිටාර් ගහනවා වගේ නෙවෙයි.

    යමෙක් අමීර් ඛාන්ලා, සල්මන් ඛාන්ලා, අමිතාබ් ලා, ජැකලීන් ලා, ප්‍රියංකා චොප්රා ලා එක්ක එක ටේබල් එකක "සෙලිබ්‍රිටි" ලෙවෙල් එකෙන් වාඩි වෙනවා කියන්නේ ඇය ඉහළින්ම ජාත්‍යන්තරය දිනාගෙන අවසන්.

    ඒ සිංදු බ්‍රිතාන්‍යයෙ වෙස්ට් මිනිස්ටර් හවුස් එකේ ඉදලා ගූගල් හෙඩ් ක්වාර්ටස් දක්වාම ප්ලේ වෙනවා.

    අනිත් අතට තාක්ෂණය දියුණු අද කාලේ ඇත්තටම ජාත්‍යන්තරයට ගියේ කවුරුන්දැයි සෙවීමට තර්ක කිරීමට අවශ්‍ය නැහැ

    ඒ සඳහා ගූගල් වෙබ් අඩවියේ ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා සොයා බැලීමක් සිදු කළා.

    ඒ අනුව "Yohani" / සහ "Chithral Somapala" නම් ගූගල් අඩවියේ සර්ච් කර තිබෙන ආකාරය සොයා බැලුවා.

    මේ පහත ලින්ක් එක බලන්න

    නිල් පාටින් දැක්වෙන්නේ "යොහානි" නම ගූගල් හරහා සර්ච් කර තිබෙන රටවල් සහ ප්‍රමාණයන් ය. යුරෝපය, ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක යොහානි සර්ච් කර තිබේ.

    රතු පාටින් දැක්වෙන්නේ "චිත්‍රාල් සෝමපාල" නම ගූගල් හරහා සර්ච් කර තිබෙන රටවල් සහ සර්ච් වී තිබෙනා ප්‍රමාණයන් ය. සර්ච් කර තිබෙනා රටවල් ඔබටම පෙනේ.

    ReplyDelete
  14. ඔහොම තමයි මාතලන් කාලෙන් කාලෙට එක එක රැළි එනවා

    - එක කාලෙක අපි පොඩිම කාලේ ආව චන්ද්‍රිකා රැල්ල නූතන විහාරමහා දේවිය කියලා විහිළු කතා ගොඩක් එක්ක

    - ඊට පස්සෙ අපි ඉස්කෝලෙ යන කාලේ මහින්ද රැල්ල, ගෞරවනීය සාමයක් උදෙසා මහින්ද චින්තනේ කියලා විගඩමක් එක්ක

    - ඒ කාලෙම වගේ හෙළ උරුම (හක්ගෙඩි) රැල්ලක් ආව. අම්බෝ හක් ගෙඩියට චන්දෙ දෙන්නෙ නැත්තං ගුටි කන ලෙවල් එකක් තිබ්බෙ (හරියට දැං මාලිමාවට වගේ).

    - බොදු බල සේනා රැල්ලකුත් ආව. ඒකෙම බ්‍රාන්ච් එකක් සිංහ-ලේ රැල්ල

    - ඊට පස්සෙ යහපාලන රැල්ල. මෛත්‍රී යුගයක් කරා රටකට ඕනේ අපමණ අගයක් ඒකට ඕනේ මෛත්‍රී යුගයක්

    - ආපහු පොහොට්ටු රැල්ල පහුගිය පළාත් පාලන මැතිවරණය කාලේ වැරැද්ද හරිගස්සන්න ඕනේ කියලා

    - ඊට පස්සෙ ගෝඨා රැල්ල. වැඩ කරන අපේ විරුවා, එක රටක් එක නීතියක් කියලා බයිලාවක් එක්ක

    - ඒක ඇතුලෙ ආව කො-ව්-ඩ් රැල්ල (ඒකෙ බ්‍රාන්ච් විදියට ලොක්-ඩවුන් රැල්ල, ටෙස්ට් රැල්ල, එන්-නත් රැල්ල)

    - කාබනික රැල්ලකුත් ආව නන්දසේන පීබී පාදෙනිය හොර හවුල පොහොර තහනම් කිරීම සමගම

    - පුනර්ජනන බලශක්ති රැල්ලකුත් ආව (තාම යනව)

    - ඊට පස්සෙ අරගල රැල්ල නන්දසේන එලවලා රනිල් පත්කරන්න පොඩි උන්ව කඩේ යවාගන්න ගෝ හෝම් කෑකෝ පප්පලාගේ කයිවාරු රැල්ල

    - දැං මාලිමා රැල්ල (මේක පිටිපස්සෙ ඉන්නේත් රනිල් සහ බැසිල් බවයි ගොඩක් කට්ටිය හිතන්නේ)

    ඉස්සරහටත් තව තව රැළි එයි. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින් නේද මචන්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න