උද්දච්ඡ කුක්කුච්චලාට
උපදෙස් දෙන්න යන
විපක්ෂයේ ගොබ්බයෝ
➖➖➖➖➖➖➖⭕➖
අනුර කුමාර ජනාධිපතිගේ රාජාසන කතාව තුල මෙන්ම, ජයග්රහණයෙන් පසු කිහිප අවස්ථාවකම පැවසුවේ රට ගොඩ දැමීමට නම්..... පක්ෂ විපක්ෂ සියල්ලෝම එකතුවිය යුතු බවත්... ඔවුන්ගේ සහාය ඒ සඳහා ලබා දේ යැයි අපේක්ෂා කරනා බවකිය...
එහෙත් මේවා කට්ට කපටි කෛරාටික.... කටින් මෙන්ම පුපෙන්ද දොඩනා දෙබිඩි ජෙප්පන්ගේ බොරු සෝබන කතා බවත්.... උන්ගේ ගෝත්‍රික ගං කබරභාවය අතහැරීම පහසු කටයුත්තක් නොවනා බවත්.... වෛරය පතුරුවමින් ලබාගත් ජයග්‍රහණයක්.... එවන් හැසිරීම් තුලින් අභියෝගයට ලක්වන බවත්.... මාතලන් විසින් ලියූ කියූ අතර... අද එය සනාත වෙමින් තිබෙන්නේය.
අද අනුර කුමාර පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.... ආර්ථිකය ගැන ඔබලා ලබා දෙන උපදෙස් මිට පෙර ලබා දුන්නේ නම් රටේ ආර්ථික අර්බුධයක් ඇතිවන්නේ නැති බවය.
මේ ප්‍රකාෂයෙන් ඔවුන්ට උපදෙස් අනවශ්‍ය බවට කල මගේ මතය තහවුරු වනවාක් මෙන්ම.... විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නවකයෙකු වුවත්.... ජෙප්පන් විසින් ඔහු හෝ ඇය සලකනුයේ.... 76 වසරේ සාපයේ සාමාජිකයකු ලෙස බවත්... ඔහු හෝ ඇය කොතරම් උගත් වැදගත් දූෂිත අයකු නොවූවත්, ඔවුන් සමඟ කිසිම ඇයි හොඳයියක් පැවැත්වීමට කිසිඳු කැමැත්තක් නොමැති බවත්.... ඔවුනගේ අවවාද අනුශාසනා හා උපදෙස් ඔවුන් දනිහෙන් උඩට ගන්නේ නැති බවත් විපක්ෂයේ මොරි මාඩයින් දැන්වත් වටහා ගත යුතුය. චාමර සම්පත් උමා ඔහේ හිලාගේ කරේ අත දමා ගන්නට ගොස් පීචං වීම මීට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඔවුන් එවන් සමස්ජශීලී පුද්ගලයින් නොවේ.
පාර්ලිමේන්තුවේ වැදගත් ලෙස හැසිරිය යුතුයැයි දිනපතා විපක්ෂයට උපදෙස් දෙන සභානායක මෙන්ම ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද පක්ෂ බල මණ්ඩලයේ සාමජිකයින් හෙයින්..... පාර්ලිමේන්තුව ගෙනයාමට උත්සාහ කරන්නේ තම පක්ෂයේ වහලුන් මෙහෙයවනවාක් මෙන් තගරියෙන් මර්ධනයෙන් හා බය බිරාන්ත කිරීමෙන් බව මුල් දිනයේ සිටිම ඉතා පැහැදිලිව පෙනුනේය.
විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් නැගී සිටී විට... පොයින්ට් ඔෆ් ඕඩරයේ නොම්මරය අසනා ආන්ඩු පක්ෂයේ සභානායකවරයාට, කතානායකවරයාට මෙන්ම මුල් පුටුවේ ඉඳගන්නා හාල්පාරු ගැත්තන්ට ගැත්තියන්ට....
අන්ඩු පක්ෂයේ උන් ගාල කඩාගෙන වළංකඩේට පනිමින් තප්පුලන කුර හා අං සහිත ජීවීන් සේ හැසිරීම නොපෙනෙන්නේ.... උන් බුකියේ හා සමාජයේ ගැවසීමෙන් මෙන්ම හැසිරීමෙන් ලද ජීවන පලපුරුද්ද එය නිසාමය.
විශේෂයෙන් ජොස්තර නලින්ද දනහිස්ස, කප්පම් වසන්ත, ආචාර්ය කිනිතුල්ලා හා උන්ට පක්ෂපාති යාපනයේ පිස්සු ජොස්තර වැනි උන්ට.... පිස්සු බව්වන් සේ කඩා පැනීමට විශේෂ පාර්ලිමේන්තු වරප්රසාදයන් හිමිව ඇති අතර.... පාර්ලිමේන්තු නිළධාරීන්ද රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනෙමින් කරන්නට යන්නේ ඔවුන්ද බිය ගන්වා ගැන්මටය. මේවා මෙසේ කරනුයේ රාජපක්ෂලා විසින් අගවිනිසුරුවරිය ගෙදර යැවූ ආකාරය අදටත් විවේචනය කරනා උන්ම වීම මාර ලොල් සහගතය.
මේ වෙන්නේ කෙහෙල්මල් සිස්ටම් චේන්ජ් එකක් නොව.... පැවති සිස්ටම් එකේම කොන්ටිනූ එකක්මය. ඒ බව විපක්ෂ හාල්පාරුවෝ හොඳින් වටහා ගත යුතුය. ඔවුන්ගේ නිහඬ බව මොවුන්ගේ ශක්තියය.
මෙය බොරුවෙන් හා වෛරයෙන් ලබාගත් ජයග්‍රහණයක් බවත්... මුන්ගේ උගත්කම්, නම්බු නාම හා සීලාචාර කම් පට්ට කෙබර බවත්.... උන්ගේ නියම හැදියාවන් දැන් ප්‍රදර්ශනය කරමින් ඔරිජිනල් සතා දියවන්නාවේ තප්පුලමින් සිටිනා බවත් ඔප්පු කර අවසානය.
කෙසේ වෙතන් අනුර කුමාර, හරිනි හා ලාල් කාන්ත මේ වදකහ ගොබ්බයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනා බවත්.... විපක්ෂයේ කාර්යභාරය වන්නේ මෙවන් උද්දච්ඡ කුක්කුච්චලාට උපදෙස් දීම හෝ උන් හා හැමිනෙන්න යාම නොව.... තර්ක විතර්ක මතින් තම විරුද්ධවාදියා උස්සා පොලොවේම ගසා දැමීම බවත්....
එවන් චරිත කිහිපයක් හෝ දියවන්නා ගවගාලේ සිටීම ප්රජාතන්ත්රවාදයට ආශීර්වාදයක් බව ඔවුන්ට උපහාරයක් සේ ලියා තැබිය යුතුමය.
ඕල් ඔෆ් අස් ආ හැපී ....
සී ලංකන් පීපල් හා හැපී....
රයිස් ප්‍රයිස් ඉස් ගොයින්ග් ඉස්කයි හයිස්.
නව් වී ඊට් ෆ්‍රයිඩ් රයිස් ඇන්ස් රයිස් ෆ්ලයිස්......
#මාතලන්
.
ඇයි බං උඹ කැට තියලා කිව්වෙ සෑර් 2030 වෙනකං ජනාධිපති කියලා.😀😀😀😀
ReplyDeleteඉන්දියාව කියන්නේ හරකුන්ට දෙයියන්ට වගේ සලකන රටක් ඒ නිසා එච්චරම හිතන්න එපා මාතලන් අනෙක ජෙප්පෝ කියන්නේ අවුරුදු 76ක්ම තිස්සේ ලංකාවේ හීටපු හැම නායකයටම අපහාස උපහාස කරපු මීගවයෝ හැත්තක්...හැබැයි මෙි ටික කාලේ කරන පොඩි පොඩි දේවල් පවා ඒ මීහරකූන්ට උහුලන්ඩ බෑ.....
ReplyDeleteමාතා නලින්දගේ කෙප්ප ගැන ලියන්න අදහසක් නැද්ද? නලින්ද ජඩතිස්ස කියනවා දේශිය වයිද්ය ක්‍රමයෙන් සංචාරක ව්‍යාපරයෙන් ඩොලර් මිලියන 8500ක් ගේන්න යනවලු.....🤭🤭
ReplyDelete2024 අවුරුද්දටම මුලු සංචාරක ව්යාපරයෙන්ම යන්තං ඩොලර් මිලියන 3000ක් හොයාගන්න ඇති..
ඉතිං හිතාගනින්කෝ දෙශීය වයිද්ය ක්‍රමය පවිච්චි කරලා සංචාරක් ව්යාපරෙන් ඩොලර් මිලියන 8500 ක් ගෙන්න වෙන්නේ 2025 නෙමෙයි 2125 වගේ තමයි..🤭🤭
එක්කො දැන දැනම කෙප්ප කෙලිනවා, නැත්නම් ඉතිං එයත් රංවල කැම්පස්ද දන්නේ නෑ...🤣🤣
අද සජියගෙනුත් කෑවා නේත ඇඩ්ඩ්‍රස් නැති වෙන්ඩ බොරු කියලා....😁😁
අයිසේ මාතලන් ඔය බොලාගේ ලප වානර මොංගල් ACගෙ FUTA කියන ගොං http කියන පඩ රිලවා මුළු ඉනීදියාවම හිනස්සලා ලංකාවට තිබූණ පුංචිම ගෞරවයත් කාලා දැම්මා නේද? යකෝ ආපහු ඕකව ලංකාවට ආවම සක්විති රණසිංහ ලගටවත් ඉංග්‍රීසි පංති දාපන් මූලිකම Spoken English 1 Months course එකකටවත් අඩුම ගානේ ඔය එකසිය ගානට නොරට්ටු හිනස්සන එක ටිකක් හරි අඩුකරගන්න පුළුවන්ද කියල බලන්න 🙏🙏🤔🤔
ReplyDeleteඑක පුලියේ සද එලියේ දිමුතු ලතාවයි 😂
ReplyDeleteලංකාවෙ ඉන්න අමන දේශපාලු හැතිකරේ මොකා ආවත් කරන්නෙ රටේ ජනතාව රවට්ටන එක. දැන් මහා ලොකුවට රට හදන්න ආපු ජෙපි වල් හැතිකරේට මේ රටේ තියන ලොකුම ප්‍රශ්ණය පට්ටම්. උන් වරු ගනන් විනාශ කර කර ගොං තර්ක විතර්ක වටිනා පාර්ලිමේන්තු කාලය තුලදි කරන්නෙ මේ රටේ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්ණය මේ රටේ ඉන්න මීගවයන් 226හේ පට්ටම් කියලා හිතන්ද?
ReplyDeleteජවිපය විපක්ෂය ලෙස සිටියදී සමාජගත කරන ලද " දාර බොරු " බලය ලැබීම සමග ජනතාවට ඔප්පු කරන්න කියලා අභියෝග එල්ල වන තැනදී ඔවුන් අසරණ වන්නේය.
ReplyDeleteඒ අනුව තමන්ගේ,ඇමතිවරු මන්ත්‍රී වරු බොරු ආචාර්ය උපාධි අදියෙන් නිරුවත්වෙනවිට එයට ප්‍රති උත්තර ලෙස
නාමල්ගේ නීතිඋපාධිය ලබා ගැනීම වැරදි බව
සජිත්,ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් බොරු,කියන්න යෑම තුලදී නාමල්ලා සහ සජිත්ලා දුන්න උත්තර සමග
පාර්ලිමේන්තුව ඇතුලේ ජනතවෙට මාළිමා රජයේ ප්‍රතිරෑපය බිද වැටෙන විට තව තවත් පීචං වෙන්නේ මේ ආන්ඩුවමයි. ඇත්තටම මාළිමා රජය තවමත් හැසිරෙන්නේ විපක්ෂයේ භූමිකාවෙන් බව බැලු බැලිමට පාර්ලිමේන්තුවේ දකින්නට ඇත.
දැං වසන්ත සමරසිංහට නීති විද්‍යාලයේ විභාග කමිටුවේ නිළධාරීන් ලවා නාමල් වෙනම A C කාමරයක පරඝනකයක් සහ තවත් පෙරකදෝරැවන්, දෙදෙනෙක්ගේ සහායෙන් විභාගය ලීවාද ඔප්පු කරන්නට පුළුවන.
සජිත්,ප්‍රේමදාසගේ විදේශ සහ මෙරට අධ්‍යාපන සුදුසුකම් බොරු බව ඔප්පු,කරන්න පුළුවන.
එක අතකට සමහර බොරු චෝදනා වලට නිහඩව සිටීම මහින්ද ගෝඨාභය වැනි රාජපක්ෂලා කරන ලද වැරැද්ද නාමල් නොකර ඉදිරිපත් කරන චෝදනා වලට සෘජුව උත්තර දීම බොරු සමාජගතවීම අඩු කරගන්න පුළුවන.
දැං වසන්ත සමරසිංහලාට ලේසියෙන් නාමල් වැරදි විදිහට නීති,උපාධිය ලියු බව ඔප්පු කර ඔහුගේ,පාර්ලිමේන්තු ධුරය නතර කරන්නද පුළුවන.
මේ වසර පහ ඇතුලේ එය කරන්න හැකිනම් ඇත්තෙන්ම එය පරණ ජවිපය තවම තියනවා කියන්න පුළුවන් අවස්ථාවකි.
දැන් රටේ ප්‍රශ්න විසඳන්න තියන කාලය වැයකරන්නෙ එක එක්කෙනාගෙ විභාග ප්‍රතිපල යලිත් සලකා බලන්න.. නෝන්ඩි වෙන එකෙත් සීමාවක් තියනව.. අන්තිමට හොරු අල්ලන්න වෙලාවක් නැතිව අවුරුදු පහම ගෙවිල යයි..
ReplyDeleteමාතා මට නිකන් ආපු ප්‍රශ්නයක්.
ReplyDeleteඔය රංවල තුමා ගේ අබග්ගයෙන් පස්සේ එතුමාගේ මිත්‍ර පාර්ශ්වික හමුදාව ගොඩක් ශෝකාලාප කියනවා දැක්ක එතුමා කොම්පෝස්ට් සීන්, බයෝ තාක්ෂණික සීන්, පොහොර සීන්, කාබනික කෘෂිකර්ම සීන්, එප්පාවල පොහොර සීන්, රසායනික සීන් යනාදී විවිධ සීන් වල කෙල පැමිණියෙක්, එතුමාගේ වටින කම PhD ඉල්ලපු උන්ට නොතේරුනාට කියල.
ඉතින් යකෝ එහෙව් ජාතික වස්තුවක් කොම්පෝස්ට් බයෝ තාක්ෂණික කාබනික රසායනික සීන්වල කිසිම අවශ්‍යතාවයක් නැති පාපිස්සක් ඔළුවට දාන් අයිස් ගහන කතානායක පුටුවක වාඩි කරවල නාස්ති කරන්නෙ හරිම අපරාදයක් නේ කොහොමත්.
මේ ආණ්ඩුවෙන් නරකද එතුමාට ඔය දේවල් වල එතුමාගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කෘෂිකර්ම අමාත්යාන්ශයෙ, විද්‍යා සහ තාක්ෂණ කටයුතු අමාත්‍යංශයේ වගේ එකක ඇමති කමක් වගේ තනතුරක් දුන්නොත්?
සුදුස්සාට සුදුසු තැන දෙනවා කියන්නේ එහෙම එකකටනෙ නේද?
උබල වගේ හ6ක් ඉන්නකන් ඔය අමුගොන් කෙබර කුමාර පිස්සා වගේ ඕන චිම්පන්සියෙක්ට ආන්ඩු පිහිටුවන්න පුලුවන්
ReplyDeleteගොබෙල්ස් න්‍යාය ලෙස හැඳින්වෙන්නේ ඕනෑම බොරුවක් වැඩි වාර සංඛ්‍යාවක් නැවත නැවත කී පසු එය ජනතාව සත්‍ය වශයෙන් පිළිගන්නා බවයි. කෙසේ නමුත් ගොබෙල්ස් මෙවැන්නක් කියා ඇති බවට සාක්ෂි නැත.
ReplyDeleteනමුත්, මේ කියන ගොබෙල්ස් න්‍යාය ලෝකයේ වඩාත්ම සාර්ථ්කවූ රට ශ්‍රී ලංකාවයි.
ඇත්තටම ලෝක දේශපාලන ඉතිහාසය හදාරන විදෙස් රටවලට මේ සම්බන්ධයෙන් ලංකාව අනාගතයේදී හොඳ "කේස් ස්ටඩි" එකක් වෙයි.
අජිත් ධර්මා පොන්න තට්ටයා
ReplyDeleteමාතා මොකද හිතනනේ Chat-GPT ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ සුචිර් බලාජීගේ අභීරහස් මරණය ගැන? එක්සත් ජනපද ආරක්ෂක අංශ කියන විදියට ඒ සුචීර් සියදිවි නසාගෙන, ඒත් ඇත්තටම අවුරුදු 26ක ඉතාම පැහැදිලි පැහැබර අනාගතයක් තියෙන ඒ අයි ක්ෂේත්රයේ විශේෂඥ දැනුමක් තියෙන සුචීර් වගේ තරුණයෙක් සහ එක්සත් ජනපද ඕපන්AI සමාගමේ අභිරහස් ගැන හොඳටම දන්නා ඒකට විරුද්ධව නඩු දාල තියෙන කණ්ඩායමේ ප්‍රධාන සාක්ෂිකරු වන හීටපු ඕපන්AI එකේ විශේෂඥ ඉංජිනේරුවෙක් විදියට මිනිහට කිසිම ආකාරයක හේතුවක් පේන්න නෑ නේද සියදිවි හානිකර ගැනීමට?
ReplyDeleteඇත්තටම ඔය වගේම Facebook එකේ වෙන අකටයුතුකම් ගැන, මිනිස්සුන්ව පාලනය කරන හැටි ගැන එලියට කියපු ලංකාවේ Team Member ( චමත් ) කෙනෙක් ඉන්නවා, එයාගේ කතාව අල්ලලා හදපු Documentary එකක් තියෙනවා, Social Dilemma කියලා, ඒකත් බැලුවනම් Social Media අපේ ජිවිත කොයිතරම් දුරට වෙනස් කරනවද කියලා බලාගන්න පුළුවන්.
මාතලන් මොකද හිතන්නේ ලංකාවේ බහුතර ජනතාව අතර ජනප්‍රිය වන ගොබෙල්ස් පන්නයේ බොරු මඩ ප්‍රහාර ගැන? පාර්ලිමේන්තුවේදී වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ නාමල් නීති උපාධිය ලීවේ හොරට බවයි. ඊට අමතරව එය තහවුරු කිරීමට ඔහු ප්‍රකාශ කළේ එය "රටම දන්න සත්‍යයක්" බවයි. මෙය වැදගත් ප්‍රකාශයකි. මෙවන් "රටම දන්න සත්‍ය" විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇත. ලංකාවෙ මිනිස්සු 99% ක් පක්ෂ භේදයකින් තොරව විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ කරුණු, විශ්වාස කරන්නේ අවම මට්ටමේ වග විභාගයකින්වත් තොරවයි. මෙය ලංකාවට පමණක් සුවිශේෂ තත්වයක්ද යන්න විමසා බැලිය යුතුය. ලංකාව ලෝකයේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක වූ රටවල් අතරින් හොඳම රට බවට පත් වී ඇත්තේ මේ නිසයි.
ReplyDeleteකලකට පෙර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල පළ වූ පුවත් වල යම් කිසි විශ්වසනීයත්වයක් ජනතාවට තිබිණි. අද ජනතාව ඒ විශ්වාසය සමාජ මාධ්‍ය දක්වා දිගු කර ගෙන ඇත.
"කොහොමද දන්නෙ? "
"අර එෆ්.බී. එකේ තිබ්බෙ".
ෆේස්බුක් එකටත් වඩා භයානක මාධ්‍යය යූටියුබයයි. යූටියුබයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මට්ටමේ බොරුවක් කීමට අවකාශ ඇති අතර එය ප්‍රධාන මාධ්‍යයක පළ වන දෙයක් මෙන් විශ්වසනීයත්වයෙන් යුතුව භාර ගැනීමට පෙළ ගැසී සිටින ප්‍රේක්ෂක ජනතාවක්ද ඇත.
නාමල් රාජපක්ෂ නීති විභාගය ලීවේ හොරට බව කියන්නේ තුෂාර ජයරත්න නම් පුද්ගලයෙකි. ඔහු නාමල් ගේ සිද්ධිය එළිදරව් කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ මරණ තර්ජන එල්ල වූ බව පවසා ස්විස්ටර්ල්තයේ සරණාගත වීසා ලබා ගත් අයෙකි. ඔහුට මනෝ ලිංගික ව්‍යාධියක් ඇති බව ඔහුගේ යූටියුබ් චැනලය පරීක්ෂා කරන ඕනෑම අයෙකුට වැටහෙයි. තුෂාර ජයරත්න නීති විදුහලට ඇතුළත් වූයේ කවදාද යන්නත් සොයා බැලිය යුතු දෙයකි.
නාමල් රාජපක්ෂ නීති විභාගය ලීවේ හොරට බව කියන්නේ මේ පුද්ගලයා ය. අනෙක් සියළු දෙනා පදනම් වන්නේ ඔහුගේ මේ ඊනියා සාක්ෂිය මතයි.
නාමල් රාජපක්ෂ නීති විභාගයේ පළමු සහ දෙවන වසර විභාග සඳහා 2009 වසරේත් අවසන් විභාගය 2010 දීත් සහභාගී වූ බව නීතීඥ චානක අබේවික්‍රම පවසයි. ඒ අවස්ථාවල ඔහු විභාගය ලීවේ තනියම ඒසී කාමරයක නොවන බවත් තවත් අයත් සමඟ බවත් ඔහු පවසයි. මේ කාරණා ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවට පක්ෂපාතී යූටියුබ් චැනලයකයි. මේ අවස්ථාවේ චැනලය මෙහෙයවන්නා තුෂාර ජයරත්නට දුරකථන ඇමතුමක් ලබා දෙන අතර එහිදී ඔහු පවසන්නේ "වෙනත් අය සිටි බවට තමන්ට මතක නැති" බවයි.
නීතීඥ චානක අබේවික්‍රම පවසන්නේ නාමල් රාජපක්ෂ ට නීති විභාගයේදී වංචාවක් කිරීමට ඇත්තටම අවශ්‍ය වූයේ නම්, මේ ආකාරයේ ඒසී කාමරවල රිංගාගෙන අඩව් නැටිමට අවශ්‍ය නැත. පරීක්ෂකවරයාට බලපෑම් කර විභාගය සමත් කරවීම (ප්‍රශ්න පත්තරයට මොනවා ලිව්වත්) ඊට වඩා පහසු දෙයකි.
අවසන් වශයෙන් කිව යුත්තේ රාජපක්ෂ නීති විභාගයේදී වංචාවක් නොකළ බවට මේ මඟින් තහවුරු නොවේ. නමුත් ඔහු වංචාවක් කළ බව පවසන්නේ මේ මානසික රෝගියකුගේ හුදු සාක්ෂිය මත පමණක් නම් එය පදනමක් නැති කතාවකි. අද රටම දන්නා සත්‍ය බවට පත් වී ඇතේ මේ බොරුයි.