.

.

Dec 13, 2024

රන්වල හොරාටත් එහා කයිතන් පඩත්‍තලයින්ගේ අර්ශස් අමාරුවට ඩොක්ටර් අනුර කුමාර බේත් දෙන ලදි.


 

රන්වල හොරාටත් එහා

කයිතන් පඩත්‍තලයින්ගේ

අර්ශස් අමාරුවට

ඩොක්ටර් අනුර කුමාර බේත් දෙන ලදි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖➖


ආන්ඩුව හොර කතානායකවරයා අස්කරන්නට උන්නේ නැතිය. ඒ බව ජනතාවට හා මාජ්ජවේදින්ට අයියා පාට් දැමු ආන්ඩුවේ වට පඩත්තලයින්ගේ ප්‍රකාෂ වලින් බොහෝ පැහැදිලි විය. 


ආන්ඩුවේ මාජ්ජප්‍රකාෂක උණ රෝගියා කළිඳුට කිව්වේ... අපි ඕවා දනිහෙන් උඩට ගන්නේ නෑ කියලායා. කයිතන් වසන්ත සමරසිංහ තඹුත්තේගම චොප්පේ සඕදරයා කීවේ....එක එකාට සහතික පෙන්නනවාට වඩා අපිට  වැඩ තියේය... පුලුවන්නම් අස්කරලා පෙන්නපන් කියලාය. බුරම්පියාද හීන් හඬින් දම් දෙසුවේ අපිට 159 තියෙන නිසා විශ්වාසභංගයක් ගෙනත් වැඩක් තියේද කියලාය. 


මුන් සියල්ලම ජෙප්පෝය. මුන් කොහොමත් ටෝක් දෙන්නේ අයියා පාට් එකෙන්‍ය. කතානායකට... ගෝ අහෙඩ්.... ගෝ අහෙඩ් කියන්නේ ඒ නිසාය. කතානායක වැඩේ කරන්න ගියේත් සභානායකයාය. කෙසේ හෝ විපක්ෂයේ ඉන්නා එකෙක් දෙන්නෙක්ගේ කටට බයේ උන් ඒ අයියා පාට් හකුලා ගත්තේය. දියවන්නාව කියන්නේ පැලවත්තේ පක්ෂ කාර්‍යාලය නොවේය. තොපේ බලමණ්ඩල පාට් එතන දාගත්තාට අපේ අවුලක් නැතිය. රටම උඹලාට ලියලා දුන්නේ නැතිය.


විපක්ෂ නායකයා නම් ඉන්නේ ශුක්‍රාණු කෑ රිලවා වගේය. රනිල් ඉන්නකන් පාර්ලිමේන්තුවේ දහ අට පාලිය නැටූ පිස්සු හුටං දැන් ඉන්නේ මොන්ටිසෝරී බබෙක් වගේය. මේවා සමහර විට පොලිටිකල් ඩීල් වෙන්නත් ඇතිය.


ජෙප්පෝ මේ ප්‍රශ්ණයේදීද අනුගමනය කරමින් සිටියේ උන්ට සුපුරුදු ක්‍රියාපටිපාටිය හෙවත්.... ප්‍රශ්ණය යට ගසන්නට සයිලන්ස් එකේ ඉන්න එකය. ජනතාවට දවස් දෙක තුනක් යනවිට වැඩේ අමතක වෙන බව උන් ප්‍රායෝගිකවම දන්නවාය. 


එහෙත් රජරට විස්ස විජ්ජාලේ කුමාර කළුආරච්චි සඕදරයා පටන් ගත්ත ගේම.... සමාජ මාජ්ජ තුලින් මෙන්ම ජඩමාජ්ජවේදීන් විසින්ද දිගටම ඇදගෙන ගිය නිසා.... වැඩේ හබක් විය. විපක්ෂයේ ගොබ්බයින් විශ්වාසභංග අත්සන් කරන කොට කම්බ හොරා අස්වෙලා ඉවරය.


මෙහිදි, පාර්ලිමේන්තුවේ ඇක්ස්පීරියන්ස් ඇති යටත් විජිත, බිමල්, ලාල්, හරිනි මෙන්ම ජනාධිපති අනුර සඕදරයාද අනුගමනය කළේ අර මොරි මාඩ අඳබාල චා ගුන්ඩින්ගේ අයියා පාට් ක්‍රමය නොවේ. විශේෂයෙන් ලාල් හා බිමල් සඕදරයින් ජනතාව සමඟින් හා අමාත්‍යංශ තුල වැඩකරනාකාරය ගැන ජයමනයා තුල පැහැදීමක් ඇති බව නොකියා සිටීමට තරම් අප කුහකයෝ නොවිය යුතුය.


ඔවුන් කෙමෙන් කෙමෙන් ජවිපේ මුග්ධ මානසිකත්වයෙන් ඉවත්ව.... මධ්‍යම පාන්තික NPP සාමාජිකයිගේ කල්ට් එකට ඇතුලු වීමට උත්සාහ කරමින් සිටීම... ඔවුන්ගේ මෙන්ම ආන්ඩුවේ පැවැත්මටද හිතකර තත්වයක් බවත් කියා සිටිය යුතුය.


හොර රන්වල ජෙප්පෙකි. ජවිපේ හූනියන් කාරයෙකි. පෙනෙනාකාරයට මේ යකා තමන්ගේ බිරිඳට හා දරුවන්ටද බොරු කියූ එකෙකි. NDT හෝ තිබේදැයි සැක සහිතය. හාල්පාරු ජෙප්පන්ට මෙසේ බොරුකාරයන් වීමට සිඳුවූයේ NPP සමඟ ගොඩනගාගත් සහසම්බන්ධතාවය නිසාය.


NPP යේ සිටින්නේ ජවිපේ මෙන් පිනට කන හිඟන්නන් නොව..... සමාන්‍යයෙන් ඉහළ මැද පන්තියට අයත් උගත් උපාධිධාරී වෘත්තිකයින් පිරිසකි. එය ලාල් ටිල්වින් හා අනුරලාට අවුලක් නොවුනද..... අනෙක් උන්ට අවුලක් වී ඇති බව බොහෝ පැහැදිලිය. 


ජෙප්පෝ නමේ මුලට තානාන්තර එකතුකර ගන්නේත්. බැරි බැරි මරගාතේ ඉන්ගිරිස් කතා කරන්නට යන්නෙත්, කපුගේ පට්ට ගහපු ගස්ලබු කොලේ ඔතලා ගහපු අම්බ ගං කබර හැත්ත හරිනිත් එක්ක හරි හරියට රුපියල් 50,000/= ටිකට් වලට ABBA බලන්න යන්නෙත්.... ඒ ගිය උන් බබා කාළේ ඉඳන් සී ඩී පටයෙන් ඇබා අහපු පොරවල් වෙන්න යන්නේත්.... මේ හීනමාන මානසිකත්වය නිසාම මිස වෙන කිසිවක් නිසා නොවේය. 


කෙසේ හෝ කෙටිකතා නායකගේ ඉල්ලා අස්වීමට NPP යේ බලපෑම් මෙන්ම ජූලී චාන්ගේ බලපෑම් මෙන්ම ඉන්දීය සංචාරයද හේතු වූවා විය හැකිය. 


මක්කා කළත්... මාතලන් එදත් අදත් හෙටත් කියනුයේ.... මෙය තනිකරම අනුර කුමාර දිසානායක නම් තනි පුද්ගලයාගේ ජයග්‍රහණයක් බවය. 


ඔහුට චන්දය නොදුන් අය අතරේ පවා ඔහුට ‍යම් කිසි ගෞරවයක් මෙන්ම ආදරයක් ඇති බවත් ඔහු අමතක නොකළ යුතුය. හාල්පාරු හිඟන ජෙප්පෝ බය වී උඩු බිරුවාට... ආන්ඩුව එලවීමේ හෝ කඩාවැටී කෙලවීමේ ප්‍රාර්තනයක් මොළය අබ මල් රේණුවක් ඇති එකෙක් තුල හෝ නැත්තේය.


ඊට හේතුව අනුර කුමාර කියන්නාක් මෙන්.... දැන් අරගෙන කරන්න එකෙක් නැති නිසාමය. කෙසේ හෝ වෙළඳ මාෆියාව මට්ටු කිරීමේ විශාල අභියෝගයක් අනුර කුමාර හමුවේ තියෙනවාය.


රටේ හාල් වල හෝ පොල් වල හිඟයක් ඇත්තේ නැතිය. මාස දෙකක් තුල එසේ වීමට කිසිඳු හේතුවක් ඇත්තේත් නැතිය. ඒ වෙනුවට ආන්ඩුව ගත් පියවරද නිවැරදිය.


අපද නිදහස් වෙළඳ ආර්ථිකය පිලිගත්තද, රාජ්‍ය නියාමනයක්ද තිබිය යුතු බවත් ඒ සමඟම පිලිගන්නේය. එබැවින් හාල් වලට බිත්තර වලට පාලන මිළක් දැම්මා සේම.... පොල් වලටද පාලන මිළක් ගෙන ආ යුතුමය. වැඩි මිළට විකුණන එකා කුදලාගෙන ගොස් ‍රිලව් වගේම කූඩූ කළ යුතුමය.


මන්ද මාෆියා කාරයන් 220 - 230 ට විකුණන පොල්..... උන් වතුවලින් ගන්නේ 120 - 130 ත් අතර මිළකට නිසාය.


කෙසේ හෝ ජවිපේ අමු ගොබ්බ චා ගුන්ඩින්ගේ දනිස් අමාරු හා උන රෝගය සුවපත් කළ අනුර කුමාර සඕදරයාට ඒ වෙනුවෙන් අපේ ආචරයද පිලිගන්වන අතර....


අනෙක් උන රෝගී හාල් පාරුවන්ට කීමට ඇත්තේ.... බලය ලැබුන පසු පිස්සු බව්වන් මෙන් හැසිරෙන්නේ නැතිව.... නිහතමානී වූ පරිනත බවක් පෙන්වන... ලාල්... බිමල්... හා නායක සහෝදරයා ආදර්ශයට ගන්නා ලෙසය.


මිනිසුන් ඔබට බලය දුන්නේ.... රාජපක්ෂ පවුලේ පාට් බැලීමට හෝ තව දුරටත් මොකාගේ හෝ අයියා පාට් හා හොරකම දූෂණය නාස්තිය බැලීමට නොව.... සිස්ටම් චේන්ජ් එකක් සඳහා බව අමතක කිරීම අති භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවත්, ඔබට බලය ලබා දුන් අය අතරේම ඔබ අප්‍රසාදයට පත් වී ඇති බවත් අවබෝධ කරගෙන සිටීම කෝකටත් හොඳය...


#lka #ParlimentJokes #කොළඹසන්නිය #මාතලන් 

.

21 comments:

  1. වසන්ත සමරසිංහ වපර වේසිගේ පුතා

    ReplyDelete
  2. මේක මට දැනගන්න ලැබුණේ එතුමා අස් වුනාට පස්සෙ.

    පක්ශයේ කටයුත්තකට රන්වල සහෝදරයා ජපානයට ගිය වෙලාවක පී එච් ඩී උපාදියක ඇති වැදගත්කම ගැන කතාබහක් ගිහින් තියෙනව එතනදි එතන උන්නු ජයසාන්ත අයිය තමන්ගෙ පී එච්ඩිය එවෙලෙම ගලවල රන්වල සහෝදරයට පරිත්‍යාග කරල.

    ඒත් උපාධියේ සහතික පත්‍ර ආදිය තිබ්බෙ ගෙදර නිසා ඒ වෙලාවෙ රන්වල සහෝදරයට ලබා දීලා නෑ. එදා බෙල්ට් එක ගලවල හදුන් සහෝට හෝ ටිල්වින් සහෝට දුන්න වෙලාවෙ ඒකෙ රිසිට් දුන්නෙ නෑනෙ ඉතින්. ඒ වගෙ තමා.

    ඉතින් ජයසාන්ත අයියා අදාල ලියකියවිලි එවනව ළගදීම. හැබැයි කට්ටිය කලබල වෙන්න එපා උපාධිය තියෙන්නෙ එයාගෙ නමට.

    මේ පක්ශය අන්න එහෙම ආදරණීය පක්ශයක්.

    ReplyDelete
  3. //මේ වනවිට ලංකාවේ එළවලු වෙළදපොල තුල එළවළු වර්ග රැසක මිළ ඉතාම සීග්‍රයෙන් යළි ඉහළගොස් ඇතිබව වෙළදුන් පවසයි.

    මාළු මිරිස් කිලෝවක් රුපියල් 1000 මිලකට අලවි විය.

    කරවිල කිලෝ ග්‍රෑම් 01 රුපියල් 800 මිලකට අලවි විය.

    අනෙකුත් එළවළු කිලෝ ග්‍රෑම් එකක මිළ රුපියල් 500 ඉක්මවූ මිලක පවතින බව වෙළදුන් පවසයි.

    – නාගොඩ සුමන උදයන්ත//

    අනේ මේ මාතලන් ඉගූරු දීල මිරිස් ගත්ත ජාතියට වදූරො දීල කොටි ගන්නලූ…මාර පොතේ ගුරා. මීයො දීල පොලොන්ගූ රෙද්ද අස්සට ගන්නලූ. ගමේ කැලෑවෙ නම් මේ මොලේ හරි. කූරුදූවත්තෙ මිරිස්වත්තෙ කොහොමද මිනිස්සූ ජීවත් වෙන්නෙ. කැලෑ අඩූ වෙනව.ගෙවල් වැඩිවෙනවා.මූං බණ කියනව.

    ReplyDelete
  4. අයිසේ මාතලන් උඹ වාගේ NPP මෝඩයෝ තමයි රටේ පාලන බලය ඩැහැ ගත්තේ. රිලවුන්ට ලංකාව දීලා අපි පිටරට යමු කීවා නම් ඊට වඩා හොඳයි. ඕස්ට්‍රේලියාවෙත් කරදරයක් කියා ඔටුවො වෙඩි තියලා මැරුවා. ලංකාවෙ වන ගහනයට සමානුපාතිකව සිටිය යුතු වන සතුන් සංඛ්‍යාව ගණනය කර ඉතිරි උන්ට නිසි පිළියමක් යෙදීමත්, වනසත්ව ගහනය පාලනය කිරීමත් පමණයි විසඳුම.

    ReplyDelete
  5. දැන් නලින්ද ජයතිස්ස කැමතිද මාලිමාවේ කතානායක අසෝක රන්වල කරපු තුප්පහි තක්කඩි ප්‍රෝඩාව දණිස්සෙන් උඩට ගන්න ?

    🔴 කතානායකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා මේ වෙද්දි වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ සිද්දිය ගැන පෞද්ගලිකව මට තියෙන්නේ බරපතල විවේචනයක්.

    🔴 මොකද අශෝක රන්වල ඉල්ලා අස්වුණා නෙවෙයි. බරපතල සමාජ විරෝධය හමුවේ උත්තර නැතිව ඉල්ලා අස්වෙන්න සිද්ද වුණා. අනේ නෑ එහෙම නෑ ආණ්ඩුව අපේ වචනේ රැක්කා වගේ වඳුරු කුණුහරුප වැල් බයිලා ගහන්න දෙයක් නෑ. එහෙම අපේ වචනේ රැක්කා නෙවෙයි තක්කඩි වැඩකරලා මාට්ටු වෙලා රටේම ගර්හාවට පත්වෙලා ඒක වහගන්න ගහපු අමු බොරු සේරම එලිවෙලා වහගන්න බැරිවෙලා අකමැත්තෙන් වුණත් අස් කරන්න සිද්ද වුණා.

    🔴 මේ සිදුවීම කරලියට ඇවිත් දින කිහිපයකින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉතාම ගාම්භිරව කියනවා " අපි මේ චෝදනා දණිස්සෙන් වත් උඩට ගන්නේ නෑ කියලා".

    නලින්ද ඒ පෙන්නන්න හැදුවේ මාලිමාවට ලැබිල තියෙන තුනෙන් දෙකේ බලය.

    හැබැයි නලින්ද ප්‍රමුඛ ආණ්ඩුවට මාසයක් යන්න කලින් අමතක වෙලා,

    1. තුනෙන් දෙකේ බලය දුන්නේ ලංකාවේ බහුතර පාවෙන ඡන්ද දායක ජනතාව කියලා.

    2. එහෙම සහයෝගය දුන්න ජනතාව ප්‍රශ්න කරේ අශෝකගේ ආචාර්ය පට්ටම නෙවෙයි අනුර පොරොන්දු වුණ අවංක කම කියලා.

    හාල් මිල, පොල් මිල වගේ 100%ක් ආණ්ඩුවේ පාලනයේ නැති ප්‍රශ්න ආණ්ඩුව බලෙන් ආණ්ඩුවේ ඇඟේ ගහගත්තාට ඇත්තටම ඒවට වැරදි ආණ්ඩුව නෙවෙයි. ඒක වෙළඳපොළ ඇතුලේ විසඳගන්න ඕනේ ප්‍රශ්නයක්. ✅

    ඒවා මේ රටේ මිනිස්සු කෙටි කාලීනව ඉවසයි.

    🔴 හැබැයි හොරු තක්කඩී පාලනයෙන් තුරන් කරමු කියලා බලේට ඇවිල්ලා, රටේ තුන්වෙනි පුරවැසියා විදිහට ඒ වගේ තුට්ටු දෙකේ පීචං පාහර තක්කඩියෙක් පත්කරලා, ඒක මිනිස්සු ප්‍රශ්න කරද්දී,

    අපි ඕවා දණිස්සෙන් උඩට ගන්නේ නෑ කියන්න තරම් මාලිමා ආණ්ඩුවක් වගකීම් විරහිත වෙන්න බෑ. අඩුගානේ පක්ෂේ ඇතුලෙන් මිනිස්සු ගැන හොයලා බලලා මේ පත්කිරීම් කරන්න වගකීම් සහගත වෙන්න ඕනේ.

    🔴 අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එහෙම අපිට දණිස්සෙන් උඩට ගන්නේ නෑ කියලා තග දාන්න තරම් ඔයාලා පොරවල් නෙවෙයි.

    🔴 මොකද ඔයාලට අපි බලය දෙන්නේ ඔයාලා කලින් මාර වැඩ කොටසක් කරපු, රාජ්‍ය පාලන විෂයේ සහ සංවර්ධන විශයේ හෙනට අද්දැකීම් තියන අය හින්දා නෙවෙයි.

    හොරකම, වංචාව සහ දූෂණය සම්බන්ධයෙන් ඔයාලා ඉදිරිපත් කරපු අදහස සහ ඒ පැත්තෙන් ඔයාලට පිරිසිදු Track Record එකක් තියෙන නිසා.

    ඒ හේතු හින්දා අපෙන් බලේ අරන් හොර උපාධියක් තියෙන පොරක් කතානායක කරලා ඒක අපි ප්‍රශ්න කරද්දී, අපි ඕවා දණිස්සෙන් උඩට ගන්නේ නෑ කියලා අපිට තග දාන්න නන් එන්න එපා. 😂

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරමාධිපත්‍ය බලය එහි ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. 🇱🇰

    🔴 ඒක මතක තියාගෙන ඊළඟ පාර ඔයා වගේ ප්‍රශ්නයක් ආවම. අපි ඒ ගැන සොයාබැලීම සඳහා අවධානය යොමු කරනවා වගේ උත්තරයක් දෙන්න. විශේෂයෙන් නලින්ද කියන්නේ මට අනුව අනුරට පස්සේ මේ දේශපාලන කඳවුරට නායකත්වයක් දෙන්න පුළුවන් මට්ටමේ Capacity එකක් තියෙන මනුස්සයෙක්. පෞද්ගලිකව මමත් ඉතාම ප්‍රියකරන චරිතයක්. ඒ වගේ මනුස්සයෙක් රන්වල වගේ තක්කඩියෙක් නිසා Credibility නැතිකරගන්න එක අපරාදේ.

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් මේක මෙතනින් ඉවර වෙන්න බෑ. දේවල් දෙකක් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.

      1. අශෝක ඡන්ද ගත්තේ ආචාර්ය පට්ටම පාවිච්චි කරලා. ඒ නිසා කතානායක ධුරයෙන් විතරක් නෙවෙයි ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් නූත් ඉල්ලා අස්වෙන්න ඕනේ. මේ වගේ වංචාකාරයෝ තව ඉන්නවා නන් ඔවුන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආචාර්ය පට්ටම්, නැති උපාධි පාවිච්චි කලා නන්, ඒ අය ගැනත් යම්කිසි ක්‍රියාමාර්ගයන් ගන්න ඕනේ.

      2. මේ අධ්‍යාපන සුදුසුකම් මිනිස්සුන්ට මැජික් වෙන්නේ අපේ රටේ උසස් අධ්‍යාපන ලබාගන්න එක Privilege එකක් වෙලා නිසා. ඒ නිසා මේවා මැජික් නොවෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්න රජය අවධානය දෙන්නම ඕනේ. ඒකේ වැදගත්කම මේ වගේ දේවල් වලට විතරක් නෙවෙයි.

      ඉස්සරහට ලංකාවට Labour Oriented Industries වලට ලෝක වෙළඳපොළ ඇතුලේ Comparative Advantage අඩුයි. Knowledge Based Industries වලට Fundamental Shift එකක් කරන්න ඕනේ. ඒ වෙනුවෙනුත් මේක වැදගත්.

      🔴 කොහොම වුණත් ඉල්ලා අස්වීම හොඳයි. ඒ මට්ටමට ජනතාවට භය වුණාම ඇති, නමුත් ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳුව විදිහ සහ ඒ වෙනුවෙන් ගත්ත කාලය සහ ඒ ගැන මුලින් අදහස් දක්වපු විදිහ ගැන කිසිසේත්ම මගේ නන් පැහැදීමක් නෑ.

      කතානායක වෙන්න උපාධියක් ඕනේ නෑ. හැබැයි මේ රට ඉස්සරහට අරන් යන්න අවංක දේශපාලන සංස්කෘතියක් ඕනේ.

      එච්චරයි ✅

      Delete
  6. අවුරුදු 76 ක් මේ ර⁣ට කළේ හොරු අපි ඒ සංස්කෘතිය වෙනස් කරණවා කියලා ආපු එවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කළා උනුත් එකයි, අපිත් එකයි කියලා . අනුරට නිකං අපි ඕවා දන්නෑ එහෙම කරණ අයට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා වගේ ගොං ලයින් දාලා ගැලවෙන්න බෑ..අපිට තව ඉස්සරහට බලන්න පුළුවන් මුන් හොරකම් කරන්න ගත්තම ගහන ගැහිලිගවල ප්‍රමාණය. මහා පාරිශුද්ද ආණ්ඩුවක් ජනතාවට පොරොන්දු වෙච්ච උන්ට අඩුම තරමෙ තමන්ගෙ කතානායක විධිහට අවංක මිනිහෙක්ව හොයා ගන්න බැරි වුනානම් අපිට හිතා ගත්තෑකි මුන්ගෙ අවංකකමේ ප්‍රමාණය.

    කුණුහරුප කියාගෙන අපිට තග දාපු ජෙපි වහල්ලු දැන් මොකද දන්නෑ කියන්නෙ. තාමත් ආ කමක් නෑ කියන්න තරම් උන් වහල්ලු කියලනම් අපිට හිතා ගත්තෑකි..

    ReplyDelete
  7. ජාතික ජන බලවේගය කියන නමින් පෙනී හිටින ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන්ම බිහිවෙලා 2025 අවුරුද්ද වෙනකොට අවුරුදු 60යි.

    මේ අවුරුදු 60 ඇතුළත ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දේශපාලනයේ ඉතා ම වැදගත් භූමිකාවක් නිරූපණය කරලා තියෙනවා. තරුණ කැරලි දෙකක් මෙහෙයවලා තියෙනවා. මහා සංහාරයකට මුහුණ දීලා තියෙනවා. පක්ෂ තහනමට ලක් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට ඇවිත් අවුරුදු 30ක් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජනය කරලා තියෙනවා.

    1994 චන්ද්‍රිකා, 2005 මහින්ද රාජපක්ෂ බලයට ගේන්න ජවිපෙ සෘජුව පෙනී ඉඳලා තියෙනවා. 2010 ෆොන්සේකා ජනාධිපති කරන්න වැඩ කරලා තියෙනවා. 2015 සිරිසේන ජනාධිපති කරන්න කෙළින්ම පෙනී නොසිටියත් ඒ වෙලාවේ ජවිපෙ භූමිකාව නිසා වාසි සැළසුණේ සිරිසේනට ම තමයි..

    ReplyDelete
    Replies
    1. මේ මොන දේ වුණත් 2024 දී ලංකාවේ ජනතාව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලක් ම ප්‍රතික්ෂේප කරන අතරේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි දැඩි විශ්වාසයක් තියාගෙන විශාල ජනවරමක් ලබා දුන්නා.

      "අනෙක් උන් සේරම හොරු බවත්, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය හොරු නොවන බවත්" ජනතාව කිව්වා. අනෙක් හැම පක්ෂයක ම ඇත්තේ එකම දූෂිත සංකෘතියක් බවත්, ජවිපෙ හෝ ජාතික ජන බලවේගය තුළ ඇත්තේ ඊට වඩා වෙනස් සංස්කෘතියක් බවත් බොහෝ මිනිසුන් කිව්වා.

      එහෙම කියන්න ඕනෙ තරම් හේතුත් තමන් ගේ භාවිතාව තුළ ඔවුන් සපයලා තිබුණා.

      පක්ෂයේ මොන තරම් ඉහළ තනතුරුවල හිටියත් කිසියම් කෙනෙකුට හොරකම්, වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණොත් ඔවුන් වහාම ඉවත් කරන්න ඔවුන් අතීතයේ කටයුතු කරලා තිබුණා..

      උදාහරණයක් විදියට වංචනිකව මිනිසුන් ජපානයට යැව්වා කියන චෝදනාව ආපු අනුරුද්ධ පොල්ගම්පොල 2005 දී පක්ෂයෙන් ඉවත් කරන කොට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පොල්ගම්පොල ඉවත් කරන විට ඔහු මන්ත්‍රීවරයෙකැයි කියන සාධකය ගැන ජවිපෙ අබමල් රේණුවක තැකීමක් කළේ නැහැ.

      විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් කළේ අභ්‍යන්තර මත ගැටුමක් නිසා වුණත් පක්ෂයෙන් ඉවත් කළාට පස්සේ වීරවංශට දූෂණ, අක්‍රමිකතා චෝදනා රාශියක් එල්ල වුණා. විමල් කියන්නේ 90 දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ "මුහුණ සහ කටහඬයි"..ඒත් සමාජය එය තේරුම් ගත්තේ එවැනි කෙනෙකුට ජවිපෙ වගේ පක්ෂයක තැනක් නැහැ කියන තැනිනුයි.

      "මොනවා වුණත් ජවිපෙ ඉන්නෙ හොරු නෙවෙයි.." කියන ප්‍රතිරූපය ඔවුන්ට ලැබුණේ මේ කාරණය අතීත භාවිතාවෙන් ඔවුන් ඔප්පු කරලා තියෙන නිසයි. ඇත්තට ම අනෙක් සියලු ම සාම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප වුණ වෙලාවේ ඔවුන්ට බලය ලබාගන්න විශාලම හේතුවක් වුණේ මේ ප්‍රතිරූපයයි.

      ඒත් අද කතානායක අශෝක රන්වල නිසා මේ ප්‍රතිරූපය ඉතා ම වේගයෙන් පළුදු වෙලා ඉවරයි.

      හෝදන්න දෙයක් නැති තරමට මේ වන විට රන්වල ගේ ප්‍රශ්නය ආණ්ඩුව හත්පොළේ ගාගෙන හමාරයි.. රන්වල තමන්ට තියෙනවා යැයි කියන ආචාර්‍ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු තහවුරු කරන්න කිසිම ආකාරයක සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කරලා නැහැ. ඔහු එහෙම අධ්‍යයනය කටයුත්තක් කළා කියලා සඳහනක් කිසිම මූලාශ්‍රයක නැහැ. පැහැදිලිවම පෙනෙන්නෙ රන්වල මේ ආචාර්‍ය උපාධිය ගැන විශාල බොරුවක් කරලා තියෙන බවයි.. ඔහු සහ හොර දොස්තර කෙනෙකු ගේ භූමිකාව අතර කිසිම වෙනසක් නැහැ. මං හිතන්නේ මේක අන් සියලුම අයට වඩා මාලිමාවේ සිටින ඇත්තට ම ආචාර්‍ය උපාධි තියෙන අය දන්නවා. මේක මොන තරම් විශාල ප්‍රෝඩාවක් ද කියලා කාට නැතත් ඔවුන්ට තේරෙනවා.

      මෙහෙම තමන්ට නැති ආචාර්‍ය පට්ටමක් තියෙන බව පෙන්වමින් ඔහු රටේ තුන්වැනි පුරවැසියා බවට පත්වුණා. ජනාධිපති, අගමැති ළඟට ලංකාවේ ප්‍රධාන ම පුරවැසියා කථානායකයි. මේක මහා විශාල අවුලක්. අතීතයේ ජවිපෙ භාවිතාව අනුව නම් ඔවුන් දෙවරක් නොසිතා කථානායකවරයාට එරෙහිව පියවරක් ගත යුතුයි. එතැනදී රන්වල ගේ තනතුර හෝ ඔහු පක්ෂය වෙනුවෙන් කරලා තියෙන දේවල්වල කිසිම අදාළත්වයක් නැහැ. කතානායක තනතුරෙන් ඉල්ලා අස්වී පමණක්ම මදි ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි.

      ඒත් ඒ වෙනුවට මේ වෙනවිට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කරමින් ඉන්නේ රන්වල ආරක්ෂා කිරීමයි. ඔහු සුද්ද කිරීමයි. මේ නිසා ඉතා ම වේගයෙන් ඔවුන්ට සහය දුන් අය පවා ඔවුන් විවේචනය කරන තැනකට තල්ලු වී සිටිනවා. මේ ආරක්ෂා කිරීම හරියට රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කළාට සමානයි. අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කළාට සමානයි. මහින්ද රාජපක්ෂ දූෂණ, වංචා චෝදනා එල්ල වුණු තම ගෝලබාලයන් ආරක්ෂා කළාට සමානයි. ලංකාවේ සාම්ප්‍රදායික පක්ෂ විවිධාකාරයේ විෂමාචාර චෝදනා එල්ල වුණු තම හිතවතුන් ආරක්ෂා කළාට සමානයි.

      රන්වල ආරක්ෂා කිරීම තුළින් මාලිමා ආණ්ඩුව තමන්ට ලැබුණු ඒ මහා ජනවරම පාවාදෙමින් සිටිනවා. ඒ වරදට ඔවුන් කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබූ ජනතාවගෙන් සමාවක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.. ඒ වගේ ම රන්වල ආරක්ෂා කිරීම තුළින් ජනතා විමුක්ති පෙරමුණ තමන් ගේ ම අතීත භාවිතාවත් පාවාදෙමින් සිටිනවා. විශාලම ඛේදවාචකය තියෙන්නේ එතනයි.. රන්වල සම්බන්ධයෙන් පියවර ගන්න පමාවෙන හැම තත්ත්පරයක ම ආණ්ඩුවේ වගේ ම පක්ෂයේ ප්‍රතිරූපයටත් ආපහු හැරවිය නොහැකි තරමේ හානියක් සිද්ධ වෙනවා.

      ඒත් මේ වෙලාවේ මට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් වන්නේ සමස්ත ආණ්ඩුවක විශ්වාසනීයත්වය සහ ඓතිහාසික ජනවරමක් අනතුරේ හෙළමින් තනි පුද්ගලයෙකු රකින්න මේ තරම් මහන්සි වෙන එකේ පදනම කුමක්ද කියන එකයි.

      ඒ වගේ ම ජවිපෙ වගේ දැවැන්ත පක්ෂයක අතීත භාවිතාවට වෙනස්ව යමින් සහ පක්ෂයේ සමස්ත ප්‍රතිරූපයම පළුදු කරමින් මේ පුද්ගලයා රකින තැනකට ඔවුන් තල්ලු වුණේ කොහොමද?

      බලයත් එක්ක එන උද්දච්චකමේ තියන ලොකුම අනතුර ඕකයි.

      Delete
  8. හොර උපාධිකාරයන්ට පාර්ලිමේන්තු එන්න ගෙදර හිටපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්ත උපාධිකාරයා..

    සත්‍ය කතාවක්..❤

    මේක නොකියවන උන් ඇත්තටම ෆේස් බුක් ඇවිල්ලා වැඩක් නෑ...🐂.

    මේ දිසානායක වගේ වෙයන්...!!!
    දිසානායක හය දෙනෙකුගෙන් යුක්ත පවුලක හතර වෙනිය. පිරිමි ළමයි හතරයි. ගෑණු ළමයි දෙන්නයි. දිසානායකගෙ තාත්තට හරිහමන් රස්සාවක් තිබුන් නෑ. තමන් විතරක් දන්න හේතුවකට දිසානායකගෙ තාත්ත ගෑණිවයි දරුවන්වයි තනි කරල වහන්වෙලා යනකොට දිසානායකට අවුරුදු දොළහයි. තාත්ත ඉන්දැද්දි දිසානායකට ඉස්කෝලෙ අඳින්න තිබ්බෙ එක කලිසමයි කමිසයයි. තාත්ත තමන්ව දාල ගියාම ඒ කලිසමයි කමිසයයි ⁣දෙන එකත් අම්මට ලොකු අභියෝගයක් වුනු බව දිසානායකගෙ පුංචි හිතට තේරුණ. මළපොතේ අකුරක් නොදන්න අම්ම දිසානායකට පාසල් යන්න එපා කීවෙ නෑ. යන්න කියන්න හත්තියක් උන්දැට තිබුණෙත් නෑ. අෑ කුලී වැඩ කරා. ආප්ප ඉඳිආප්ප හදල කඩේට දැම්ම. මේ ඔක්කොම කරලත් වේලක් ඇර වේලක් ළමයින්ට කන්⁣ට දෙන එකත් අමාරු වුණා. දිසානායකගෙ ජීවිතය කියන්නෙත් දුක කියන්නෙත් එකක් වුණා.

    ඒ හින්දමදො පුංචි දිසානායක හයේ පන්තියෙන් පස්සෙ හතේ පන්තියට පාස් වුනාට ආයෙ ඉස්කෝලෙ ගියේ නෑ. අම්ම එක්ක කුලී වැඩට ගියා. අම්ම දුකෙන් හිටියා පොඩි එකාගෙ ඉස්කෝලෙ ගමන නැවතුණු හන්ද. පුංචි දිසානායක සතුටෙන් හිටිය අම්මගෙ බර හෑල්ලු වෙන නිසා.

    දිසානායක පොත් කියෙව්ව. රුසියානු පොත්වල පිටු අස්සෙ හමපු ස්ටෙප්ස් තණබිම්වල සුළඟ දිසානායකගෙ මූණට වැදුණ. සයිබීරියානු දුම්රියෙ නලා හඬින් දිසානායකගෙ කන් පිරිල තිබුණ. ගෝර්කිගෙ අම්මා කියවන දිසානායකට තමන්ගෙ අම්මා මතක් වුණා. ඉස්කෝලෙ නොගියට දිසානායක බහුසෘතයෙක් වුනා. ඔය අතරෙ දිසානායක ගෙදරින් පැනල ගියා. කුරුණෑගල තේ කඩේක වැඩ කරා. නොවිඳිනා දුක් වින්ද. මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුව. ඇණුම් පද ඇහුව. උපහාසයට ලක් වුණා.

    හැබැයි දිසානායක පොත් කියෙව්ව !

    ලොකු මිනිස්සු එක්ක ලොකු දේවල් ගැන ලොකුවට වාද කළා. මේක අහගෙන හිටපු ගෑණු කෙනෙක් "උඹ විශ්ව විද්‍යාලෙ යන්ට ඕන" කිව්ව. මුලින් මේ වචනෙ ගණන් නොගත්ත දිසානායකට පස්සෙ හිතුණ " බොලේ මට බැරි වෙයිද?" කියල. මහා සයිබීරියන් දුම්රියේ නලා හඬට දිසානායකගෙ කන් බීරි වෙලා තිබුණෙ නැති නිසා ඒ පණිවිඩය දිසානායකගෙ මොළේට ගියා. දිසානායක තැපෑලෙන් උගන්නනන පාඨමාලාවක ලියාපදිංචි වුනා. මාස තුනක් ඉගෙන ගත්ත. සාමාන්‍ය පෙළ ලිව්ව. ප්‍රතිපල ආව; හත වසරෙන් පස්සෙ ඉස්කෝලෙක පස් නොපාගපු දිසානායකට වැඩ හයයි සම්මාන පහයි. ඒත් ගණිතය පේල්. දිසානායක අත ඇරියෙ නෑ. දිසානායකට නියත විවරණ දුන්නු "අම්ම" දිසානායකට ගණන් උගන්නන්න පටන් ගත්ත. ඊළඟ පාර දිසානායක ගණන් පාස්. නිකම්ම නෙවි, සම්මානයක් එක්ක.

    දිසානායකට හිතුණ උසස් පෙළත් කරන්න ඔය ගැම්මටම. මේ වෙනකොට දිසානායක හිඟුරාණ සීනි කම්හලෙ සේවකයෙක්. උදේ ඉඳන් රෑ වෙනකන් උක්ගස් කපනව. උක්ගස්වලට ඇඟිලි හීරිල කැපිල ගලපු දිසානායකලගෙ ලේ හිඟුරාණ සීනිවල රහ වෙනස් කරේ නෑ. මිනිස්සු ඒ සීනි දාල තේ බීව. සීනි දාල තේ බොන්න සල්ලි නොතිබිච්ච දිසානායක උදේට උක් ගස් කෑල්ලක් කෑව. "උක්ගහත් රහයි" පොත දිහා බලාගෙන පාඩම් කරන දිසානායකට හිතුණ. හවසට කරත්තයක් දක්කගෙන ගෙදර යනකොට දිසානායක තෙමෙනව ඉඳහිට වහින මහ වැස්සට. තැඹිලි පාට හිඟුරාණ පොලොව මඩ පාට වුණා. ඒ වැස්සට දිසානායකගෙ ඇඟේ මඩ පාට හේදිල කලු පාට මතුවුණ. දිසානායක සතුටෙන් ගෙදර ගියා බුලත් විටක් හප හප.

    උසස් පෙළ ප්‍රතිපල ආව. "ඒ දෙකයි සී දෙකයි".

    වැස්සටත් හිඟුරාණෙ උක්ගස් කපපු දිසානායක කොළඹ විශ්ව විද්‍යාලයට තේරිල. හයෙන් පස්සෙ ඉස්කෝලෙ නොගිය දිසානායක කොළඹ යුනිවසිටියට යන්න යනව. අකුරක් කියවන්න ⁣ලියන්න බැරි වෙච්ච දිසානායකගෙ අම්මගෙ ඇහෙන් කඳුලක් වැටුණ. ජීවිතේ පළමු වතාවට ඈ සතුටට අඬනව. දිසානායකට තමන් දෙයක් කළ මිනිහෙක් බව තේරෙනව.

    සති දෙකකින් ලියුමක් එනව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. "පහුගිය වසර පහක කාලය තුළ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකළ නිසා දිසානායකව විශ්ව විද්‍යාලයට ඇතුල් කිරීමට ප්‍රතිපාදන නැති බව" දන්වල. දිසානායක තරහ ගත්තෙ නෑ. පුල්ස්කැප් කොළ හතරක ලියුමක් ලියනව යූජීසියට. ඒකාලෙ යූජීසියෙ සභාපති මහා ගාම්භීර මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ. එතුම හිඟුරානෙ දිසානායකගෙ ලියුම කියවල විශේෂ මහ සබාවක් කැඳවනව. ඒ අවුරුද්දට අර වගන්තිය අත්හිටුවල දිසානායකව විශ්ව විද්‍යාලයට ගන්නව.

    දිසානායක කොළඹ එනව. ජ්‍යෙෂ්ඨයො රැග් කරල දිසානායකට දුක උගන්නන්න එනව. සමානාත්මතාව උගන්නන්න එනව.

    "තෝ දණ ගහපිය" ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් කියනව.

    "බෑ"

    "කුණු ෆ්‍රෙෂා දණ ගහපිය"

    "බෑ"

    දෙසීයක් තුන්සීයක් වටවෙලා දිසානායකව මරන් කන්න හැදුවත් දිසානායක දණ ගැහුවෙ නෑ.

    "මං වගේ අනන්ත දුක්විඳපු එකෙක්ට තවත් වද දීලද උඹල සමානාත්මතාවය උගන්නන්න යන්නෙ?" දිසානායකගෙ සාධාරණ ප්‍රශ්නෙට සින්නොන්ට උත්තර තිබුන් නෑ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ අවුරුද්දෙ සින්නෙක් වුන දිසානායක ජුන්නන්ට රැග් කරන්න ගියෙත් නෑ. සමාජයෙ පොඩිම තැනින් ඇවිල්ලත් දුකින් මිරිකිච්ච ජීවිතයක් ගත කරලත් දිසානායකට ඒ සමාජය එක්ක ඇරියස් තිබුන් නැහැ. ඔහු බුලත් විටක් හප හප සන්තෝසෙන් හිටිය.

      දිසානායක දේශපාලනේ කරා. ඒ ඔහුගෙ පසුබිමේ එකෙක්ට තාර්කික නවාතැන වෙච්ච ජේවීපිී දේශපාලනය නෙවෙයි.ඔහු කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය. ඒ කාලෙ රට ගිණි ගන්න ඔන්න මෙන්න. අත්අඩංගුවට ඇරන් රඳවගෙන හිටපු සගයො හතර දෙනෙක් බේරගන්න දිසානායක හටන්කරා. මතවාදීව සටන් කරා. තමන්ව විශ්ව විද්‍යාලෙට ඇතුල් කරගත්ත මහචාර්ය ස්ටැන්ලි කල්පගේ හම්බ වෙන්න ගිය දිසානායක අර ළමයි නිදහස් කරන්න කියල ඉල්ලුවා. "මම ආරක්ෂක ලේකම් නෙවෙයි දිසානායක" කල්පගේ මහචාර්යතුමා කීව. දිසානායකගෙ මූණ වෙනස් වුනා. ඒක දැකපු ආරක්ෂක ලේකම් ජෙනරල් ආටිගලට දුරකතන ඇමතුමක් ගත්ත කල්පගේ මහත්තය දිසානායකව එතුමාට සම්බන්ධ කරා. "මේක කරන්න පුලුවන් ජනාධිපති උතුමාණන්ට විතරයි. මට දිසානායකව ජනාධිපති තුමා ලඟට ගෙනියන්න පුලුවන්. තීරණයක් ඇරන් ඉක්මණට කියන්න."

      දිසානායක ආපහු යුනිවසිටියට ආව. අන්තරේ සහෝදරයොත් එක්ක වාද කරා. "අපි සාකච්ඡා කරමු" දිසානායක කීව. "ධනපති ආණ්ඩු එක මොන සාකච්ඡා ද?" සහෝදරවරු කීව. "තෝ පාවාදෙන්නෙක්" සමහරු එහෙමත් කීව. "සහෝදරවරුනි තුවක්කු යුද්ධ ටැංකි වැඩිපුර තියෙන පැත්ත මේ යුද්ධෙ දිනනවා. රටත් විනාශ කරල උඹලත් විනාශ වෙනව මේ වැඩෙන්" මහපාරෙ, කම්හලේ, තේකඩේ ජීවිතේ ඉගෙන ගත්ත රුසියානු පොත්වල විප්ලවය කියවපු දිසානායක කීව. ඒ්ත් පුංචි දිසානායක ඒ සටනෙදි තනිවුණා. දවස් දෙකකින් ලංකාවෙම විශ්ව විද්‍යාල වැහුව. ඉතිරිය ඉතිහාසය...පිළිස්සෙන මළමිණී ගඳ ගහන ඉතිහාසය...ලේ වැකුණු කාලකණ්ණි මිනීමරු ඉතිහාසය...

      අවුරුදු තුනකට පස්සෙ විශ්ව විද්‍යාලය අරිනව. දිසානායක උපාධිය ගන්නව. සනාතන මණ්ඩලයෙ විශේෂ නිර්දේශයකට අනුව දිසානායකට රුපියල් දහසක තෑගි මුදලක් එක්ක සුවිශේෂී සම්මානයක් හිමිවෙනව. ඒ "විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රජාතාන්ත්‍රවාදය ප්‍රචලිත කිරීම වෙනුවෙන් කළ සටන ඇගයීමක් ලෙස"...

      ප්‍රාදේශිය සභාවෙන් පලාත් සභාවට ගිය ඒ දිසානායක අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. අදත් විට හපනව. ඉන්නෙ හිඟුරාණ සීනි කම්හලේ නිල නිවාසයක. දරුවන් දෙදෙන ලංකාවෙ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්...

      "මේ අත් දෙකෙන් සත පහක් හොරකමි කරල නෑ. මදුරුවෙක්වත් මරල නෑ"

      තුන් පාරක් පාර්ලිමේන්තු ආපු දිසානායක අත් දෙකේම අල්ල පෙන්නල කියනව....

      හැබැයි මේක කියවන සියයට අනූවක් මේ දිසානායකව දන්නෙ නෑ.
      තව දිසානායකල වෙච්ච "එස්. බී ව", "දුමින්දව" "නවීන්ව" දන්න උඹල මේ දිසානායකව දන්නෙ නෑ.
      මේ දිසානායකට දෙන්නෙ වනසම්පත්, කැලෑ වැවීම වගෙ ඇමතිකමක්. ඇයි ඉතින් හිඟුරාණෙන් ඇවිල්ල විට කන එකානෙ...

      ඒ තමයි යතාර්ථය...

      ආදරණීය මිත්‍රවරුනි,

      මගෙ ආණ්ඩුවක අධ්‍යාපන ඇමති මේ දිසානායක...
      හිඟුරාණෙ "විමලවීර දිසානායක"

      ඒ කොටස සිහිනයක් විතරයි...

      ඒ සිහිනය ඇතුළෙ යතාර්ථය කොටසෙ විමලවීරගෙ කතාව මගෙ දරුවන්ට මම කියල දෙනව. දේශපාලකයෙක් වෙච්ච "විමලවීර දිසානායක" වගෙ වෙයන් කියල විශේෂඥ වෛද්‍යවරයෙක් වෙච්ච මම උන්⁣ට කියල දෙනවා.

      -විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර

      Delete
  9. අජිත් ධර්ම තට්ටයා අසෝක රන්වල හොරාගේ බෙට්ට උරණව

    ReplyDelete
  10. පුතාට කතාවක් ‼️

    ඔන්ම එකොමත් එක දවසක ගමරාළ කෙනෙක්ගේ කොටුවෙන් ලොකු පුහුල් ගෙඩියක් හොරකම් කලා ලූ.

    හොරා ගැන ආරංචියක් නැතිව කඩමණ්ඩියට ගිහින් ගමේ සෙනඟ ඉස්සරහා ගමරාළ "පිහුල් හොරා කරෙන් දැනේ " කියල කීවලු.

    ඒ කීවේ අර ලොකු පුහුළ කරතියන් ගියාම ඒකේ අලු කරේ ගෑවන නිසා නේ..

    ඒ කීව ගමන් මෙතන උන්න හොරා ටක් ගාලා කර පිහදන්න පටන් ගත්තලු.

    හදිස්සියේ කර පිහිදන එකාව දැක්ක ගමරාළ හොරා අතටම අල්ල ගත්තලු.

    හැබැයි මෙතන උන්න හොරාගේ අම්මයි, ඌට කුලියට කහින ගමේ එවුන් ටික දෙනකුයි ...

    "අන්න දැක්කද අලුත් දේශපාලන සංස්කෘතිය, කර පිහිදලා පිළිඅරන් ඉල්ලා අස් වුනා රෙස්පෙක්ට් කිය කිය කෑ ගහන්න ගහන්න ගත්තලු.😆

    ඒ කෑ ගැහිල්ල අතර තුර ඒ හොර හවුලේ අනිත් අය කරත් පිහිදාලා හොර සුදුසුකම් පෙන්නපු තැන් වලින් ප්‍රොෆය්ල් වලින් එක දෙක පිහිදාගත්තලු.. තව එකෙක් අනේ මම නොවෙයි කැඩුවෙ මගෙන් අහන්නෙ නැතිව අරගොල්ලො තමයි මගේ කරේ තිබ්බේ මම නොවෙයි ලීෆ්ලට් ගැහුවේ කීවලු.
    තව එකෙක් අනේ මේ ඩේටා එන්ට්‍රීගෙ වරද මගෙ නොවෙයි කීවලු..

    හැබැයි උන්ගේ වහල්ලු.....
    තාම රෙස්පෙක්ට් ගානවලු.😆🤌‼️
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න විපතක්නේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  11. හරියටම ආන්ඩුව පත් වි මාසයක් වත් නැති කාලයක හාල්,පොල්, ප්‍රශ්න නිසා පච වී කුජිත වි තියන ආන්ඩුව කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තියන ප්‍රශ්නයේදි අනුර කුමාර තමන්ගේ දේශපාලන සුචරිත බව වෙනුවෙන් ගත්තෙ නරියෙක්ගේ තීන්දුවක්…හැබැයි අනුරට තාම බැරි උනා තමන් බලයට ගේනාව ජනතාව වෙනුවෙන් ආපුදා පටන් තියන හාල් ප්‍රශ්නයට නරි තීන්දුවක් ගන්න…වෙලදපලේ පාලන මිලට හාල් නැ ආනයනික හාල් වලට තිබුන ටැක්ස් ඒකත් අඩු කරලා නැ…..

    ReplyDelete

  12. අඩේ මාතලන් ඔය රංවලතුමාට ගෙමේ කම්මලක් තියනවලු ඒකේ වැඩකරපු නිසා ආචරියා තමයි ඉතිං ඒක හරි
    (ආචාරියා රවටා කැත්ත සෑදෙව්වා වාගේ.
    ආචාරියා කියන්නේ කුල ප්‍රභේදයක් ..කම්මල් කර්මාන්තය කරන කුලය අචාර්ය කුලය ලෙස හැදින්වූවා...
    කම්මල්කරුවා නිවරදියි ..)

    ReplyDelete
  13. අඩේ මාතලන්, කොහොමද සැප සනීප? ජොන්ස්ටන් සනීපෙන් ද? අභීත එදිරිසිංහ ට කොහොමද? මේ දවස්වල කවුද ගෙවීම් කරන්නේ? බැරි වෙයීද අපිටත් මොනව හරි ලයින් කර ගන්න?

    ReplyDelete
  14. මුළු ගමම මාලිමාවට...



    බනිනවා යකෝ....!

    හාල් නෑ පොල් නෑ කේක් හදන්න බිත්තර නෑ කොහොමද පකෝ අපි නත්තල් උත්සවය සමරන්නේ? මේවට කාදිනල් උන්නාන්සේත් වගකියන්න ඕන මේ අපතයෝ හැත්තට ඡන්දය දෙන්න අපිට කිව්වාට...!!!

    ReplyDelete
  15. ඔක්කොම හොරු .කොයි එකා ආවත්අන්තිමට උන් කරන්නේ උන් පෝෂණය වෙන එක

    ReplyDelete
  16. @ Maathalan,

    What do you think about this?

    https://www.facebook.com/share/r/1CLZCpioqT/

    Is this true?

    ReplyDelete
  17. කතානායක ඉල්ලා අස් වුණා නෙවෙයි බං අපි ඌ වගේ තක්කඩි පල් හොරෙක් පන්නලා දැම්මා ... දැන් ඔය දඹදිව ගිහින් ඉන්න මන්දබුද්ධික රිලා මොටාටත් තව ටික දවසකින් එච්චරම තමයි, යකෝ ඉතිහාසය හරියට ලියපන්, මීට කලින් ලංකාවෙ ඉඳල නෑ වගෙයි නැත්නම් කතානායක හිතලා එලවන්න වැදුනු ප්‍රහාරයෙන් ඒකේ සැරටම උඹේ මතකෙ නැතිවුනාවත්ද?

    ඔන්න එහෙනම් ආයේ මතක් කර ගනින් අවුරුදු දහයකට විතර ඉස්සර අපිම ඡන්දය දීලා ගෙනාපු අර යහපාලන ආන්ඩු කාලෙ රවි කරුනානායක කියල මුදල් ඇමතිකෙනෙක් හිටියා, ඌට ලෝකයේ හොඳම මුදල් ඇමති කියලා යුරෝපීය පත්තරේකින් අගය කිරීමකුත් ලැබුණා ඒත් ඌට අර බැංකු බැඳුම්කර කේස් එකේ ඇලෝසියස්ගෙන් ගෙයක් හම්බුවුනු සිද්ධියක් මතුවුනා, ඡන්දේ දීපු නිදහස් මතධාරී අපි එකතුවෙලා රටේ ලොකු විරෝධයක් ඇතිකිරීම සමග මෑන් ඉල්ලා අස්වුනා .(ඒකත් විශිෂ්ට ක්‍රියාවක්ද එතකොට.)

    තව ඒ ආන්ඩුවෙම තිල්ස්ක් මාරපන කියල ඇමතිකෙනෙක් හිටියා ඌට විරුද්ධවත් ඔය වගේ චෝදනාවක් ආවාම මෑනුත් ඇමතිකමෙන් ඉල්ලා අස්වුනා (ඒකත් විශිෂ්ට වැඩක්ද ?)

    මට පේන හැටියට අමු සක්කිලි වැරදි වැඩක් කරල අහුවුනහම ඒක සුද්ද කරන්න උපරිම උත්සාහය දරලා දරලා දණිහෙන් ඉහළට ගන්නෙත් නෑ කියලා පච ගහලා කෙලවිලා ගියාම ආයෙත් උත්සාහ කරල බැරිවුනහම බැරිම තැන අස්වෙන එක විශිෂ්ට වෙන්නෙ නැහැ. ඒක මහ අශිෂ්ට කමක්.

    යකෝ බලුවැඩ කරල අස්වීමෙන් විශිෂ්ටවෙන්න බැරි බව වත් තේරුම් ගනිල්ලා මොට්ට මන්දබුද්ධික මීහරක් හැත්ත.

    ReplyDelete
  18. මාලිමා මී හරක් යන්නේ කොහොද මල්ල්ලේ පොල්
    රන්වලගෙන් සහතිකය ඉල්ලුවේ වෙන එකෙක් සහතිකය ගෙනල්ලා තියෙන්නේ.
    පාසල් නිළඅැදුම් රෙදි එව්වේ චීනෙන්
    ස්තූති කරන්නේ තායිවානයට.
    සීයා කජු කාපු ගානේ වැය ශීර්ෂයම සහෝදරයත් පාවිච්චි කරනවා 😀😀

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න