.

.

Mar 22, 2024

IMF නිළධාරීන්ද හොල්මන් කළ ආන්ඩුවේ ජයග්‍රහණය


 

IMF නිළධාරීන්ද හොල්මන් කළ

ආන්ඩුවේ ජයග්‍රහණය

➖➖➖➖➖➖➖⭕


රට ආර්ථික අර්බුධයකට ලක් වූ අවස්ථාවේ.... එයින් පැනගිය ගොබ්බ දේශපාලුවන් වන.... අනුර කුමාර ප්‍රමුඛ ජේවිපී බලකායද....,  සජිත් ප්‍රමුඛ ගොඩහෑවාගේ ලණු කන මැටි මෝල් කණ්ඩායමද..., ජනාධිපති ලේකම් කාර්‍යාල රැස්වීමෙන්ද පැන ගියේ.... හේතු දෙකක් මතය...


පළමු එක....

කිසිඳු වැඩපිලිවලක් නොමැති නිසා නන්න පෝල් වූ බැරි කමය... ඩොලර් එක 600 ට යන බවත්... පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙන බවත් කීවේ ඒ නිසාය...


දෙවැන්න ....

උන් මේ රටට හා ජනතාවට කිසිඳු ඇල්මක් ආදරයක් නොමැති බල පෙරේතයන් පමණක්ම වීමය...


උන්ට ඕනා ජනාධිපති වී ඒ ආතල් ගන්නටය... මැති ඇමති ආතල් ගන්නටය....


සරළවම කියන්නේ නම්....උන්ට ඕනා මේ රට IMF ආධාර හා අධීක්ෂණය යටතේ ඉදිරියට යාම නොව...., රට හා ජනතාවට අම්මට හැමිනිලා කෙලවෙලාම යනේකය. 


රටක් දියුණු කරනවාට වඩා.... ඒකට... අම්මට හැමන්නලාම දමන එක මාර ලේසියි කියා පෙන්නුවේ ගෝටා, පී බී හෙවත් ආර්ථික ඝාතකයා හා උන්ට දිරච්ච ළණු දුන් මහ බැංකුවේ හාල්පාරු වෘත්තියවේදියෝය. ඒ සඳහා උන්ට ගත වූයේ අවුරුදු 3 ක් වැනි ඉතා කෙටි කාළයක්ය.


ලෝකය ගලා යන අර්ථ ක්‍රමයෙන් මිදී.... ගූ පෝර යෙදූ සංවෘත දේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නට ගොස් වෙච්චි සන්තෑසිය... මේ රටේ ගොබ්බයන්ට මෙතරම් ඉක්මනට අමතක වීම... මාර ලොල් සහගතය.


දැන් ඔය මොකා මොන බයිලා ගැහුවත්..., බලයට එන ඕනෑම එකෙක්ට රට පාලනය කරන්න වෙන්නේ IMF එකේ පදයටය. ඊට එකඟ නොවන්නේ නම්.... මේ රට  ආයේ ගල් යුගයටම යනේක නවත්තන්න.... ඒ මොකාටවත් හැකි වන්නේත් නැතිය.


දැන් IMF පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඉතරක් නොව ආර්ථික විශේෂඥයින් පවා හොල්මන් වෙලා ඉන්නේ..... රනිල් හා පිරිස මේ තරම් කෙටි කාළයකින් අම්මට සිරි ලංකාව ගොඩ ගැනීම ගැනය.


IMF නිලධාරීන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ කියා සිටියේ.... 

▪️ උද්ධමනය සීමා කිරීම, 

▪️සංචිත සමුච්චය සහතික කිරීම සහ 

▪️රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්.... ආන්ඩුව "ප්‍රශංසනීය ප්‍රතිඵල" පෙන්වා තියෙනවා කියලාය.


එමෙන්ම ආර්ථිකය ගොඩ ගැන්මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී... තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී “ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගැනීම” සම්බන්ධයෙන්.... ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන් ප්‍රශංසා කිරිමටද අමතක කළේ නැතිය.


ඒ අනුව ආර්ථිකය ගැන අවබෝධයක් ඇති උන් කියන්නේ.... 

▪️වසර හයක් දක්වා ණය ගෙවීම් අත්හිටුවීමක් සහ 

▪️ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාත අඩු කර ගැන්මක්.... බොහෝ විට ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇති බවය.


එවන් තත්වයක් අත්කර ගත් ජනාධිපතිවරයකු හා තරුණ කණ්ඩායමක් සිටියදී.... ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා.... සුබසාධනවාදී ස්වදේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නවා යැයි කියන දර ලිපේ උයන ගල් වැද්දන් හා වමේ හිඟන්නන් රජ කරන්නට යන උන් ගැන.... ලියන්නට වදන් ඇත්තේ නැතිය.

.

.

ඒ වගත් මෙසේය.....

.

6 comments:

  1. අනුරගෙ ඇටේ එල්ලිලා දිවියලෝකේ යන්න සුදානම් 3% හැර අනෙකුත් පින්වතුනි, ඔබට අවස්ය තෙල් මල් හදුන්කූරූ අපෙන් පහසු මිලට නිවසටම.

    -සිරිකොත පූජා බඩු

    ReplyDelete
  2. මොකද මේ මාතලං බුකියෙන් බ්ලොග් එකට බැහැලා තියෙන්නේ?

    ReplyDelete
  3. පෙර කතාව
    නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.

    නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.

    ඉන් සැලුනේ තරුණයා නොවේ.

    "මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"

    ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.

    "මේ, හලෝ, අපි ඕව තියා ගන්නේ නෑ තමා, මාසෙකට පාරක් හෝදල අරිනව. බොරු නං ගිහිං අහපං උඹලෑ අම්මගෙන්!"

    තරුණිය නොදැන සිටි කාරණය නම්, මේ තරුණයාද එසේ මෙසේ පොරක් නොවන බවයි.

    "මේ, නංගී, මේකත් අහගන්න. ඔහෙලා මාසෙකට පාරක් හෝදලා අරිනවා තමයි. ඒත් අපිට පුලුවන් ඒක මාස නමේකට නවත්තලා දාන්න. බොරු නං ගිහිං අහපං උඹලෑ තාත්තාගෙන්!"

    අදට නියමිත කතන්දරය
    මං මිහිර පත්තරේ බලන්න පටන් ගත්තේ දෙකේ පන්තියේදී විතර. පස්සේ තුනේ පන්තියේදී කවියක් ලියලා හොරෙන්ම පත්තරේට දාලා ඒක පලවුණාම, එදා ඉඳලා මහා ලේඛකයෙක් වෙන්න සිහින දැක්කා.

    සිහින දැකීම හොඳ දෙයක්. ඒත් ඒ ඩ්රීම් ස්ටාර් ප්ලෑන් කෙසේ වෙතත් මට මේ දක්වාම පුළුවන් වී ඇත්තේ පඩ කතා, චු කතා, කක්ක කතා දෙක තුනක් ලියන්න විතරයි.

    තුනේ පන්තියේ දී ම මං පටන් ගත්තා සිළුමිණ වගේ පත්තර බලන්න. මුලින්ම ළමා පිටුව, බන්දුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍ර කතාව හෙම.

    ටිකක් කල් යන කොට වෙන වෙන ලිපි පවා කියවන්න ගට්ස් ආවා. "කියවන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?" වගේ මහා සංඛීර්ණ දේවල් පවා තේරුනේ නැති වුණත් තේරුණා වාගේ කියවාගන්න පුළුවන්කම ලැබුණා.

    ඒ දවස්වල තිබුණා, රිවිරුස කියලාත් පත්තරයක්.

    අපේ තාත්තා ඒ දවස්වල ඉරිදාට ටවුමට ගිහින් පත්තර හතරක් ගේනවා. සිළුමිණ, ලංකාදීප, රිවිරැස සහ සන්ඩේ ඔබ්සෝවර්.

    හැම ඉරිදා පත්තරේම වගේ රිවිරුස පත්තරේත් තිබුනා ඔය දැන් කාලේ "ලහි පිට" ද "ලුහු පිට" ද කොහෙද කියන ලුහුඬු දැන්වීම් පිටුවක්.

    ඔන්න එක දවසක් මං පත්තරේ නැව් පෙරලිලා ද කියලා බල, බල ඉන්න කොට දැක්කා අමුතුම දැන්වීමක්. මේක ඒ ගොඩේ තිබුණු අනෙකුත් පොඩි, පොඩි දැන්වීම්වලින් කැපිලා පෙණුනු බවයි මට මතක.

    ඔසප්! ඔසප්!! ඔසප්!!!

    කාන්තාවන් ගේ ඔසප් රෝග
    ඔබේ ඔසප් වීම මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි.

    හරිගිය පසු ගාස්තුව ගෙවන්න.

    ප්‍රතිකාර කිරීම අහවල් ස්ථානයේ පමණයි.
    වෙනත් ශාඛා නොමැත.

    විමසන්න.

    පාරම්පරික වෛද්‍යාචාර්ය බ්‍රම්පි සිඤ්ඤෝ මයා
    ගොඩපොර ගස් හන්දිය
    තෝන්තුවාව

    බොහොම අමාරුවෙන් කියවා ගත්තේ. අමාරු වචන ගොඩයි නේ.

    හැබැයි මං අම්මගෙන්වත් තාත්තාගෙන් වත් ඒ අමාරු වචනවල තේරුම අහන්න නං ගියේ නෑ. හොඳ වෙලාවට.

    තුනේ පන්තියේ ළමයි ඉරිදා පත්තර කියවන්න හොඳ නැති බව මට තේරුම් ගියේ හතේ පන්තියේ දී විතර එක්කෝ "ඒ.වී. සුරවීර ගේ හෙය්යංමාරුව" පොත හරි "ගුණදාස ලියනගේ ගේ දෝන කමලාවතී" පොත හරි කියවන වෙලේ ඔය "ඔසප් ප්‍රමාද වුනාම නවත්තනවාය කියන කතාවේ නියම තේරුම" මීටර් වුණාමයි.

    මේ දැන්වීමේ තියෙන විදියට ඔසප් වීම් නැවතුනොත් කරන දේවල් ගැන නං මගෙන් අහන්න එපා. ඔසප් වීම නවත්තන විදිය නං මං දන්නවා. දෙපාරක්ම කරලා ඇක්ස්පීරියන්ස් එකත් තියෙනවා.

    ඒවා නවත්තලා ටික කාලෙකින් මෙන්න මේවා ඕනෑ වෙන බව මතක තබා ගන්න.

    ReplyDelete
  4. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙලා පචකෙලින සියලුදෙනා ගෙදර යැවිය යුතුය....එයට සිරිසේනගේ පක්ෂය පමණක් නොච.. මාතලන් යටින් දරදිය අදින කොලපාට පක්ෂයත් ... ඒකේ ලොකුහාමුට හීලෑවුණ උඩින් හතුරු යටින් මිතුරු මාලිමාවේ රතුපැටවුනුත් අනිත් ලොකු අයියලාටත් රාජපක්ෂ පවුලටත් එකසේ අදාල විය යුතුය....ඒක මේ පෝස්ටුව ලියපු මාතලන්ටත් අදාල විය යුතුය....මොකද අරගලයෙන් මතුවු අරගල ලොන්තයින්ගේ සහ පොලවෙන් මතුවු සිරිසේනගේත් පෝස්ට් ලියන මාතලන්ගේත් පොත දාන නන්දසේනගේත් කාගෙවත් මහලොකු වෙනසක් මට නං පේන්න නැත....

    ReplyDelete
  5. මාතා පෘථිවියේ ජනගහනය ආසන්න වශයෙන් බිලියන 7.8 කි. බොහෝ මිනිසුන් සඳහා, එය විශාල සංඛ්යාවක්, එපමණයි.

    කෙසේ වෙතත්, ඔබ ලෝකයේ බිලියන 7.8 ක ජනතාව 100% මිනිසුන් ලෙස ගණන් කළහොත්, මෙම ප්‍රතිශත වඩාත් පැහැදිලි වේ.

    100% මිනිසුන්ගෙන්:

    11% යුරෝපයේ
    5% උතුරු ඇමරිකාවේ
    9% - දකුණු ඇමරිකාවේ
    15% - අප්‍රිකාවේ
    60% ක් ආසියාවේ

    49% ක් ජීවත් වන්නේ ගම්වල.
    51% - නගරවල

    12% චීන භාෂාව කතා කරයි
    ස්පාඤ්ඤ භාෂාවෙන් 5%
    ඉංග්‍රීසියෙන් 5%
    3% අරාබි භාෂාව කතා කරයි
    හින්දි භාෂාවෙන් 3%
    බෙංගාලි භාෂාවෙන් 3%
    පෘතුගීසි භාෂාවෙන් 3%
    රුසියානු භාෂාවෙන් 2%
    ජපන් භාෂාවෙන් 2%
    62% ඔවුන්ගේම භාෂාවෙන්

    77%කට නිවාස තිබේ
    23% කට ජීවත් වීමට තැනක් නැත.

    මිනිසුන්ගෙන් 21% ක් වැඩිපුර ආහාරයට ගනී
    63%කට ඕන තරම් කන්න පුළුවන්
    මිනිසුන්ගෙන් 15% මන්දපෝෂණයෙන් පෙළෙනවා
    මිනිසුන්ගෙන් 48%කගේ දෛනික ජීවන වියදම ඩොලර් 2කට වඩා අඩුය.

    මිනිසුන්ගෙන් 87% ක් පිරිසිදු පානීය ජලය ඇත
    13%කට පිරිසිදු පානීය ජලය හෝ දූෂිත ජල මූලාශ්‍රවලට ප්‍රවේශය නැත.

    ජංගම දුරකථන වල 75%
    25% nu.
    30%කට අන්තර්ජාල පහසුකම් ඇත
    70% කට අන්තර්ජාල පහසුකම් නොමැත

    ලොව 7% උසස් අධ්‍යාපනය ලබා ඇත
    මිනිසුන්ගෙන් 93% ක් කිසි විටෙකත් විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයට ගොස් නැත.
    83% කට කියවිය හැකිය
    මිනිසුන්ගෙන් 17% ක් නූගත් ය.

    33% ක් කිතුනුවන් ය
    22%ක් මුස්ලිම්.
    14% හින්දු
    7%ක් බෞද්ධයෝ
    12% - වෙනත් ආගම්
    12%කට ආගමික විශ්වාස නැත.

    26%ක් අවුරුදු 14කට අඩු කාලයක් ජීවත් වෙති
    66% ක් වයස අවුරුදු 15 ත් 64 ත් අතර මිය ගොස් ඇත.
    වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ගෙන් 8% කි.
    ඔබට ඉන්නට තැනක් ඇත්නම්, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම සහ පිරිසිදු ජලය පානය කිරීම, ජංගම දුරකථනයක් තිබේ නම්,
    ඔබට අන්තර්ජාලය හරහා ගමන් කළ හැකි අතර ඔබ විද්‍යාලයකින් හෝ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ඇත, ඔබ කුඩා වරප්‍රසාද ලත් කණ්ඩායමක සිටී.(7% ට අඩු කාණ්ඩයේ)

    ලෝක ජනගහනයෙන් 100% න් අවුරුදු 65 ක් දක්වා ජීවත් විය හැක්කේ 8% කට පමණි.

    මාතලන්ගේ වයස අවුරුදු 65 ට වැඩි නම්, තෘප්තිමත් හා කෘතඥ වන්න. ජීවිතය අල්ලා ගන්න, මොහොත අල්ලා ගන්න. 92% ක් සෞඛ්‍ය තත්වය නිසා මිය ගිය මිනිසුන් මෙන් ඔබ 65 ට පෙර මෙලොව හැර ගියේ නැත. ඔබට ඉතිරිව ඇති සෑම මොහොතක්ම අගය කරන්න!

    ReplyDelete
  6. Your blog has become a trusted companion in my journey of continuous learning. Discover fan theories and discussions about Aviator on our blog.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න