.

.

Jan 30, 2024

සනත් නිශාන්තගේ බිරිඳට දේශපාලනය අකැපද

 


සනත් නිශාන්තගේ බිරිඳට

දේශපාලනය අකැපද

➖➖➖➖➖➖➖⭕


සනත් නිශාන්තලගෙ දේශපාලනය කියන්නේ... ඒක වෙනම කල්ට් එකක්...


මම දැක්කා මේක.... Mahesh Hapugoda , Rasika Jayakodi වගේ නියෝ ලිබරල් බුවාලගෙන් වගේම.. ජාතිකවාදී පාඨලි චම්පික රණවක වගේ අයගෙනුත්... ""ලුම්පන්"" දේශපාලනය කියලා ගැරහීමට ලක් වෙනවා...

ඒකට හොඳ උත්තරයක් Eranda E.R. Ginige ලියලා තිබ්බ නිසා මම ආයේ ලියන්නේ නෑ...


මේ තමා 56 බණ්ඩාරනායක ශ්‍රීමතානෝ හෙවත් මහ බයියා... කවි කොල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් ආරම්බ කරපු නිර්ප්‍රභූ දේසපාලනයේ ක්ලයිමැක්ස් එක... අවසානයේ දැන් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය මැරයෝ පාර්ලිමේන්තුවට එනේක...


මැරයෝ හා පාතාලය ලාංකීය දේශපාලනය ආරම්බයේ සිටම.. ඒ කියන්නේ සුද්දගෙ කාළේ ඉඳන් බද්ද වෙලා තිබුන එකක්.. ඒත් දේශපාලුවන්ට කඩේ නොයා උනුත් ජනතා චන්දයෙන්ම පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද රාජපක්ෂ... ඒකට හේතුව කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්...


හැබයි දැන් මේ ක්‍රමය නැති කරන්න එනවය කියන සිස්ටම් චේන්ජ් කරන්න යන අය ක්ලාසි මිනිස්සුද? වැදගත් මිනිස්සුද? ප්‍රභූ පන්තියේද?

කිසි සේත්ම නෑ නේ.. උන් ඇවිල්ලා ග්‍රාමිය ගෝත්‍රික ළිං මැඩි පිරිසක්... කොටින්ම පීඩිත ඇරියස්කාරයෝ සෙට් එකක්...


අනික් විශේෂිතම දේ උන් ජනතාවාදී දේශපාලකයින් නොවීම... ඒ පක්ෂ පවා අධිකාරීවාදී පක්ෂ.. උන්ට ජනතාව එක්ක ගණුදෙණුවක් නෑ... උන්ට තියෙන්නේ බලය පිළිබඳ ගණුදෙණුවක්.. හදිසියේ හෝ බලය ලැබුනොත්... ජනතාවට අධිකාරිවාදී පාලනයක සොඳුරු සුවය දැකගන්න... විඳගන්න.. ලැබේවී.


දැන් මේ පිරිසට සනත් නිශාන්තගෙ බිරිඳ දේශපාලනයට එන එක ප්‍රශ්ණයක් වෙලා...

ඇත්තටම උන් බයවෙලා... 

උන්... ජීවත් වෙච්චි සනත් නිශාන්තට වඩා... ස්වභාවධර්මයෙන් දඬුවම් දුන්න සනත් නිශාන්තට බයයි...


එයාගේ නෝනගෙ පැටිකිරිය හා පවුල් පසුබිම මාතලන් දන්නේ නෑ... හැබයි එයා වෘත්තීයවේදිනියක්... නීතිඥවරියක්... එතකොට අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ... වැන්දඹු කාන්තවන් අගමැතිනියන්... ජනාධිපතිවරියන්... ඇමතිනියන් වෙච්චි රටක... එයාට එන්න බැරි ඇයි?


අනික මේක ප්‍රශ්ණ කරන දේශපාලනය නොදන්න උන්ටයි වහලුන්ටයි නොතේරෙන දෙයක් මේ වෙලාවේ...විශේෂයෙන් කිව යුතුයි...


ඒක උන්ට තෙරෙන්නේ නෑ...

ඒක වෙනම කල්ට් එකක්...


ඔය මිනිස්සු දේශපාලනය කරන්නේ උඹලා අපි වගේ බුකියේයි... හෝල් වලයි... ප්‍රෙස් බ්‍රීෆින්වලයි... යූ ටියුබ් වලයි... ගෝල්ෆේස් ගමෙයි බයිලා ගහලා නෙමේ... 


උන් ඉන්නේ මහ පොලොවේ... බිමේ... බිම් මට්ටමේ.... සාමාන්‍ය ජනතාව එක්ක...


ඉන්නේ... කන්නෙ... බොන්නේ ඒ මිනිස්සු එක්ක..


මරණෙට... මඟුලට... කොටහලු ගෙදරට අනිවාර්යයෙන් යනවා... 


බොහෝ විට නමෙන් දන්නවා... නමෙන් නැත්නම්.. නෑකම් වලින්... ආමන්ත්‍රණය කරන්නේ... 


ඉතින් මේ දේශපාලුවෝ ... උන්ගෙම කෙනෙක් වෙනවා...

මේ පවුලම උන් අඳුනනවා....


සනත් නිශාන්ත මැරෙන්නෙත් වෙඩින් දෙකකට ගිහින් එන ගමන්...

ජෙයරාජ් මැරෙන්නේ අවුරුදු උත්සවේකට ගිහින්...


ඔය වමේ හැත්තගෙ ඉතිහාසයේ ඉඳන් එහෙම පැවැත්මක් නෑ... සහෝදරයා සඕදරී කීවට... උන්ගේ තිබුනේ එජාපයේ වගේම හාමූ දේශපාලනයක්... අධිකාරිවාදී දේශපාලනයක්... හොඳම උදාහරණය වාසූ හා මහින්ද... 


පුලුවන්නම් ඔය දේශපාලුවෙක්ගේ ජීවිතේ ස්ටඩී කරපන්... 

ඒක ඇත්තටම මාර එකක්...

ඇත්තටම ඒක පට්ට කට්ටක්....


අනික මේ එකෙක්වත් පාරම්පරික දේශපාලන ප්‍රාවේනී උරුමක්කාරයෝ නෙමෙයි... ජනතාව අතරින් මතුවුන නියම ජනතා නියෝජිතයො...


සිස්ටම් චේන්ජ් කරන උන්ට පුලුවන්නම් කරන්න තියෙන්නේ... මේ මිනිස්සු නිවන් යවනෙකවත්... දේපල ගිනි තියනෙකවත් නෙමේ...


පුලුවන්නම් චන්දෙන් පාර්ලිමේන්තු එන එක නවත්තපල්ලා..


ඒ වගත් මෙසේය....


.

Jan 27, 2024

වසර 75 ක් තිස්සේ විඳි දුක අවසන් වන වසර විසි හතර

 


වසර 75 ක් තිස්සේ විඳි දුක 

අවසන් වන වසර

විසි හතර

➖➖➖➖➖➖➖➖❤️➖


තව මාස 7 කින් මේ රට පාලනය කරන්න එන Chathuranga Abeysinghe  එතරම් වැදගත් චරිතයක් ලෙස විරුද්ධවාදීන් විසින් නොසලකා  හරිණු  ලැබුවද... මා නම් එතුමා සුළුවෙන් තකන්නේ නැතිය.


ඔහු සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැණීමක් ඇති බුද්ධිමතෙක්ය... විශේෂයෙන් ආර්ථිකය පිළිබඳ ඔහුගේ දැණුමේ පරාසය ඉතා ඉහළ අගයක පවතින බැවින්.. දැන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වාද විවාද සඳහා එවන්නේ චතුරංග අබේසිංහ සහෝදරයාය.


එමෙන්ම විරුද්ධවාදීන් සියල්ල එල්ලා මැරීමටද ඔහු පොරොන්දු වී අවසානය. මෙය ඉතා ධනවාදී චින්තනයක්මය. මන්ද අපද බොහෝ කළෙක සිට ලියන්නේ කියන්නේ... විරුද්ධවාදීන් සමඟ මේ රට ගොඩ දැමිය නොකැකි බවය...


මෙයින් ජවිපේ ඔප්පු කරමින් සිටින්නේ... එතුමා එම පක්ෂයේ ආර්ථික විශේෂඥයින් වූ... හඳුන්නෙත්ති හා නලීන් හේවගේට වඩා ප්‍රාඥයකු වන බවය. ෆුල් සූට් ඇඳ විවාද වලට සහභාගී වන එතුමා, අනුන්ගේ ෂර්ට් අඳිනා... ඉටිකොල කුස්සි වල සිටිනා... හිඟන විශේෂඥයින් මෙන් නොව... උපතින්ම ප්‍රඥාවන්ත පවුලක උපන් වියතකූ බුද්ධිමතෙකු වන්නේය.


එතුමා සඳහන් කරනාකාරයට, ඔවුන් බලයට පැමිණි පසු... සියළු සිල්ලර හා තොග වෙළඳුන් සමඟ සුපර් මාර්කට් සියල්ල ඉබේම අහෝසී වී... සිල්ලර හා තොග වෙළඳාම සම්පාකාර මගින් සිඳු කර... කිසිඳු ලාබ ලැබීමකින් තොරව.. පාරිභෝගික භාණ්ඩ සපයන බවට පොරොන්දු වී අවසානය... 


මෙය වත්මන් සමාජයේ බොහෝ පිරිසක් නොදන්නා... 1970-77 තුල ඉතා සාර්ථක ලෙස මෙරට ක්‍රියාත්මක වූ මාක්ස්වාදී ආර්ථිකයට දේශීය මුහුණුවරක් දීම... නැවත ස්ථාපිත වීමක්ය....


සේවා සැපයුම් යටතේ... ඔවුන්ගේ රජයක් යටතේ නීත්‍යානූකූලව ලියාපදිංචි කරණු ලබන ගනිකා සේවය... ප්‍රමිතියකින් හා ඉතා අවම මිළක් යටතේ ලබා දීමෙන්... අධික ලාබ උපයන මාෆියා විසින් මෙහෙයවනු ලබන... ස්පා හා බ්‍රොතල් හවුස් සියල්ල වැසී යන බව... ඔවුන්ගේ නියත ජයග්‍රගණය මෙන්ම විශ්වාසය..

 

එමෙන්ම අපේ රටට අපනයනය කරන ස්වභාවික රබර් ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රතිශතයක ඇති බව එතුමා විසින් මෑතක සොයාගත්තේය..


ඔහුගේ නවතම සොයා ගැන්ම වී ඇත්තේ... දේශීය පොල් ගස්වල ඵලදාව ඉතා අඩු බවයි...

පොල් ගසකින් වසරකට කඩන්නේ පොල් ගෙඩි 50 ක් බවත්... ඒවාද දේශීය පරිභෝජනට හා පොල් තෙල් සඳහා යොදා ගන්නා බවත්ය.. ඒ වසරකට පොල් ගෙඩි 100 ක් ලබා දෙන ගස් ලොව පුරා තිබියදීය...


එහෙත් එසේ නොකට... ජනතාව පොල් පරිභෝජනයෙන් වැලකී... පුනක්කු සඳහා හුරු වුවහොත්... ඒවා අපනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 3 ක ආදායමක් ඉපයිය හැකි බව එම පර්‍යේෂනය මඟින් පැමිණි නිගමනයය.


ඒ අනුව ඔවුන්ගේ රජයක් යටතේ... දැනට ඇති කනාටු පොල්ගස් හා රබර් ගස් සියල්ල මුලින්ම ඉවත් කරනාතර ... අලුතෙන් වගා කරණු ලබන තේ පොල් හා රබර් පලදාව නෙලාගැන්ම සඳහා වසර 6 -7 ඉවසීමෙන් බලා සිටිය යුතුව ඇත.


එතෙක් ඔබට අවශ්‍ය පුනක්කු... වෙනත් රටවලින් ඉතා අඩු මුදලකට කිසිඳු ලාබ ලැබීමකින් තොරව ළඟම ඇති සමූපාකාරයෙන් ලබා දෙනු ඇත්තේය.


මෙවන් ප්‍රාඥයින් ලද පුණ්‍යභූමියක වසර 2500 ක් තිස්සේ දුක් විඳිනා අප නියම පව්කාරයෝ නොවෙම්ද?


දුක් විඳින අවසන් වසර

විසි හතර..

.

Jan 19, 2024

සමන්මලී සහෝදරී... ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී..

 


සමන්මලී සහෝදරී...

ජවිපේ ආර්ථික විශේෂඥයින්ට වඩා 

බොහෝ ඉදිරියෙන් සිටී..

➖➖➖➖➖➖➖➖⭕⭕⭕➖➖


ජනතා විමික්තිපෙරමුණේ ඉන්නා හාල්පාරුවන්ට... ඇමතිකම් තබා ප්‍රාදේශිය සභාවක් හෝ කරගැන්මට නොහැකි බවට.... අත්දැකීම් තුලින්ම ලබාගත් අවබෝධය හේතුවෙන්... සිවිල් සමාජයේ යම් කිසි දැණුමක් සහිත පිරිස් එකතු කර ගැන්මට අලුතෙත් ගොඩනගා ගත් සංවිධානය.... ජාතික ජන බලවේගය ලෙස හැදින්වෙනවාය.


ඒ තුලද සම්පාකාර ක්‍රමයෙන් හා ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් ඝාතනය කොට ඔවුන්ගේ මුදල් මංකොල්ලකෑමෙන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට යෝජනා කරනා චතුරංග අබේසිංහ වැනි.... ජවිපේ ආර්ථික විශේෂඥයින්ටම ගැලපෙන වෘත්තිකයින් සිටියද, 


සමාජවාදය හා කියුබාව ගැන මනා හැදෑරීමක් කර ඇති බව පෙනෙනා.... සමන්මලී වැනි අය සිටීම යම් කිසි ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරවන සුළුය. 


එමතුද නොව... ඇය කාන්තාවක් ලෙස ඩයනා ගමගේටත් වඩා රැඩිකල් කාන්තාවක් බව.... ඇයගේ යෝජනාව සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇති ආකාරයෙන්ම පෙනී යන්නේය.


විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් 500 ක් ඉල්ලාගෙන, ත්‍රිකුණාමලයෙන් පමණක් රට ගොඩ දමා, විදෙස් ණය හිමියන් හා මචං ලෙවල් එකෙන් කතා කොට ණය බරින් නිදහස්  වී, මිනිරන් වලින් ග්‍රැෆයිට් නිශ්පාදනය කොට, සම්පාකාරයෙන් රට ගොඩ දමන බවට දිවුරා පොරොන්දු දෙන.... මොන්ටිසෝරී ආතල් විහිළු කාරයන් ඉදිරියේ.... සමන්මලීගේ යෝජනාව ප්‍රායෝගික වන්නේ කෙසේද කියා අප සොයා බලමු...


ඇය මේ ගෙන එනු ලබන්නේ කියුබාවේ ක්‍රියාත්මක වන ආර්ථිකය ගොඩගැන්මේ ක්‍රමයයි. 


රුසියානූ සමූහාන්ඩුවේ සහනාධාර මත ජීවත් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ පාලනය හොම්බෙන් යෑම ආරම්බ වන්නට හේතු වන්නේ... සෝවියට් සමූහාන්ඩුව කඩා වැටී එම සහනාධාර කියුබාවට නොලැබී යාමයි...


එතෙක් නීතී විරෝධීව රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය... රටේ ප්‍රධානම ආදයම් මාර්ගයක් ලෙස වැඩී වර්ධනය වෙන්නේ.... 1990 දශකයේ එහි ආර්තිකය විවෘත වීමත් සමඟිනි.


ඒ සමඟ සංචාරක ව්‍යපාරය සීඝ්‍ර ලෙස වර්ධනය වීමට හෙතූ වූයේ... ආසියාවේ බැංකොක් මෙන්... ධන කුවේර සංචාරකයින්ට පමණක් සීමා වූ කැරීබියානු හෙවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරේ...  කියුබාව... ඉතා අඩු මිළට සංචාරයේ යෙදීමටත්... ඉතාමත් අඩු මුදලකට ලිංගික ශ්‍රමිකයින් (කාන්තා, පුරුෂ දෙපක්ෂයේම) ලබා ගත හැකි රටක් වීමත් නිසාය.


දැන් කියුබාව ඇමරිකාණුවන්ගේ පමණක් නොව... යුරෝපයේ, දකුණු ඇමරිකාවේ හා අප්‍රිකාවේද බැග් පැකර්ස්ලාගේ මෙන්ම කාමාතුරයන්ගේ.... සංචාරක සුරපුරයක් වී අවසානය.


ඇත්තටම ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කියා මහා දේවල් කළ යුතු වන්නේ නැත... ඩයනා ගමගේ කියන්නාක් මෙන් කළ යුත්තේ රාත්‍රී සමාජයක් ඇති කිරීම පමණි... (ලංකාවේ අගනගරයේ "ඩච් හොස්පිටල්" පරිශ්‍රයේ ඉදිරිපසද... හවස 6 න් පසු ඝන අන්ධකාරයෙන් වැසී ඇත... ඒ අවට හෝ ඒකාලෝක කිරීමට.... ක්ෂේත්‍රයේ ව්‍යවසාකයින් හෝ ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි...)


83 ජූලී කලබලවලට පෙර ලංකාවේ සංචාරක කර්මාන්තයේ මෙන්ම කොළඹ සමාජයේද, රාත්‍රී සමාජයක් පැවතියද... එය නැවත ඇති කිරීමට  ප්‍රධානම බාධාවන් වී ඇත්තේ.... සංචාරක පුරවරයන්හි පවා මත්පැන් අලෙවිහල් රාත්‍රී 10 ට වසා දැමීමත්... ගණිකා වෘත්තියෙහි නියැලෙන අය පොලිස් අත් අඩංගුවට පත් වීමත් බව... හරීන් ප්‍රනාන්දු වැනී මොඩර්න් බුවෙකුටත් නොතේරීම රටේම අවාසනාවකි.


අවම වශයෙන් පෝට් සිටිය මෙන් මේ සංචාරක පුරයන් තුල පොලීසියේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පිස්සන් පිස්සු කෙලීමෙන් වැලකිය යුතුය... මෙයින් අදහස් වන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාවන් සැපයීමද අත් හිටුවීම නොවේ....


ඇත්තටම කළ යුත්තේ සංචාරක ඇමතිකම ඩයනා ගමගේට ලබා දී.... අමාත්‍යාංශ ලේකම් ලෙස සමන්මලී ගුණසිංහ සහෝදරිය පත් කිරීමය....


ජනාධිපති තුමනි...

ඔබට තවමත් ඒ සඳහා අවස්තාව ඇත.


.


Jan 6, 2024

ගැමි සුවය සොයා යෑම (ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

 


ගැමි සුවය සොයා යෑම

(ලෝකප්‍රකට මැක්සිකානූ ධීවරයාගේ කතාව)

➖➖➖➖➖➖ 🐟🐟🐟🐟 ➖➖➖➖➖▪️


මුලින්ම කියන්න ඕන... ගමේ සොමිය දෙන ව්‍යාපාරයන් කරන... මගේ යාලුවෝ සෙට්ටෙකම... මේකෙන් මා එක්ක තරහා වෙන්න නම් එපා....


ගම තමයි සුන්දර... ගමේ ජීවිතේ තමයි මාර... කියන දේ කියන්නේ ගමේ ජීවත් වෙන උන් නෙමේ... ගමේ ඉඳන් කොළඹ හෝ... වෙන රටක නම් නගරෙට ආපූ උන් කියන කතාවක්... උන් ජීවත් වෙන්නේ නඟරයේ... නොස්ටැල්ජියානූ ගමනක් තමා ගමට යනේක....


මේක හරි පැහැදිලියි විශේෂයෙන් සිංහළ දෙමළ අළුත් අවුරුද්ද කාළෙට සහ දිග නිවාඩුවක් තියෙන කාළෙට... ඒ කාලෙට කොළඹ නෙමේ බෙයිජින් නඟරයත් හිස් වෙනවා...


ඕන්න ඔය වගේ.... ගමේ සොමිය විදින්න ගිය... උගත් ධනවත් මහාචාර්‍ය ව්‍යාපාරික මෝටිවේස අප්පච්චි කෙනෙක්ට වෙච්චි ඇබැද්දියක් තමා.... මේ ප්‍රසිද්ධ මැක්සිකානූ ධීවර කතාව...


විකෙන්ඩ් එකේ ගමේ ගිහින් බීච් එකේ උන්න අර කෝටිපති මහාචාර්‍ය තුමා දකිනවා.... මාළු කාරයෙක් එයාගේ පොඩි බෝට්ටුවෙන් දියඹට ඇඳෙනවා...


වැඩි වෙලාවක් නොගිහින්... ඒ මාළු කාරයම ආයෙම බීච් එකට එනවා දැක්ක කෝටිපතියා, බෝට්ටුව ළඟට ගිහින් බැලුවාම.... අර පොඩි බෝට්ටුවේ විශාල කහ වරල් ටූනා හෙවත් කෙළවල්ලො 10 - 15 ඉන්නවා දකිනවා...


"ෂා මරු කෙලවල්ලෝ ටිකක් අල්ලලා තියෙන්නේ... ඔහේට මේ ටික අල්ලගන්න කොච්චර වෙලා ගියාද?"


"එච්චර වෙලා ගියේ නෑ... මහත්තයත් දකින්නැති නේ.... මම දැක්කා යනකොටත් මහත්තයා අතනට වෙලා පෝන්නෙක ඔබ ඔබ ඉන්නවා...හා නැතෙයි...


"ඉතින් ඇයි ඔයා ගිය පයින් ආයේ එන්නේ...  වැඩි වෙලාවක් මුහුදේ ඉඳලා වැඩිපුර මාළු අල්ලන්නේ නැත්තේ?" 


"ඉතින් ලොක්කා... මටයි අපේ පවුලෙයි වියදමටයි මේ ටික හොඳටම ඇති... ආයේ අල්ලගන්න මාළු ඉන්නත් එපෑයි..."


"ඒත්.... ඒත් ඉතින් ඉතිරි කාළේ ඔහේ මක්කැයි කොරන්නේ... ?" 


 "දැන් මහන්සියට පොඩි වොෂ් එකක් දාලා නිදාගන්නවා...,ඊට පස්සේ මගේ පොඩි උන් එක්ක සෙල්ලම් කරනවා... උන් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා... ගෑණි එක්ක පොඩි සෙල්ලමක් දානවා... කළුවර වැටීගෙන එනකොට හංදියේ දැල්කඩේ පැත්තේ යනවා... එතනදි සෙටමෝල් වෙන් සෙට් එකත් එක්ක හොඳ බයිට් එකක් එක්ක බජව්වක් දාලා ගෙදර එනවා... ඒ අස්සේ කොටුවක් පනින්න පුලුවන් නම් පැනලා... තල්ලුවක් දාලා එනවා... ඒ එනකොට ගෙදරටත් කෑම ගෙනත්... ගෑණිත් එක්ක පොඩි ආතල්ලෙකක් අරගෙන... කන පැලෙන්න නිදා ගන්නවා... ඒවට මට හොඳට වෙලාව තියෙනවා..." .


"හහ් හහ් හා... ,  දැන් බලනවා... මට ඔක්ස්ෆර්ඩ්  MBA උපාධියක් තියෙන කෙනෙක්.....


ඒ කිව්වේ....


මට මේ ව්‍යාපාර පිළුබඳ ගෞරව උපාධියක් තියෙනවා... මම තමුසෙට උදව් කරන්නම්...


අර කොහොමෙයි....?


ඔහේ තව වැඩි වෙලාවක් මුහුදු ගිහින්... වැඩිපුර මාළු අල්ලන්න ඕන... ඊට පස්සෙ තමුසෙට ට්‍රෝලර් එකක් ගතෑකී... ඒකෙන් එන ආදායමෙන් තව ට්‍රෝලර් කීපයක් ගන්නවා... ඊට පස්සේ ඒවට ස්කිපර්ලා දාලා... මාළු තොග වශයෙන් විකුණනවා... ටික කාළෙකින් ටූනා කෑන් කරන ෆැක්ටරියක් දානවා... කොළඹින් එපාර්ට්මන්ට්ස් ගන්නවා... ඔෆීස් එකත් කොළඹ... දැන් තමුසෙගෙ ටුනා කෑන් ලෝකෙම ප්‍රසිද්ධයි... හැබයි ඉතින් මේ වගේ ඉඳලා බෑ... ටිකක් මැරෙන්නම වෙනවා..."


" ඒත් ලොක්කා.. ඔය ඔක්කෝටම කොච්චර කාළයක් යයිද...?"


"ම්..... අවුරුදු 10 - 15 වගේ යයි... බොහෝ වෙලාවට.."


 "ඒත් ඉතින් මක්කටෙයි ලොක්කෝ....?"


" ආන්න ඒකයි... දැන් තමයි නියම කෑල්ල එන්නේ... දැන් තමුසේ ලෝකප්‍රසිද්ධයි ... බිස්නස් එක විකුණලා දාලා ප්‍රකෝටිපතියෙක් වෙන්න පුලුවන් දැන්..."


" ඊට පස්සේ.....?"


මාළු කාරයාගේ ප්‍රතිචාරවලින් ප්‍රමෝධයට පත් මහාචාර්වරයා... 

"දැන් ඔහේ විශ්‍රාමිකයි.... ඔහේ යනවා ධීවර ගම්මානයකට...  ගිහින් ගමන් මහන්සියට පොඩි නැප් එකක් දානවා... දරුවොයි... උන්ගේ දරුවොයි එක්ක සෙල්ලම් කරනවා... ඊට පස්සේ නෝනා එක්කත් සෙල්ලම් කරනවා... හවස් වෙලා යනවා හංදිය පැත්තේ... පරණ යාලුවෝ එක්ක සෙට් වෙලා අඩ්ඩක් ගගලා... පොඩි බජව්වක් දාලා... එන ගමන් ස්පා එකටත් යනවා... දන්නෙ නැද්දතින්... හහ් හහ් හා....  ඩිනර් එකට ආයේ හොටෙල් එකට එනවා..."


" ඉතින් උක්තෝ.... මම දැන් ගෙවන්නෙත් ඒ ජීවිතේ නේ....."


⭕ හුදී ජන පාන් සංවේගය උදෙසා ....  ජනප්‍රිය මැක්සිකානු කතාවක් මගේ එකක් වගේ... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි...


.

Jan 4, 2024

ජවිපේ රජයක් යටතේ බිහිවන හිඟන රාජ්‍ය.....


 

ජවිපේ රජයක් යටතේ බිහිවන

හිඟන රාජ්‍ය.....

(මධ්‍යම පන්තියේ සිහිණ වෙත එල්ල කරනා

දරුණු අනතුරු ඇඟවීමකී)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


⭕ ජවිපේ න්‍යායාචාර්‍ය 

      නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ 

      වෝලයෙන් උපුටා ගන්නා ලදි....


නගරයෙන් ගමට පසු බසිමු! 

පිරිමින් වෙනුවට ස්ත්‍රීන් බලසතු කරමු!! ලොකුවට සිතීම නතර කොට පොඩියට සිතමු!!!

===============================


⬇️ ලංකාවට අද අවශ්‍ය ලොකුවට හිතන විකල්පයක් නෙවෙයි. පොඩියට හිතන විකල්පයක්. 


⬇️ නාගරීකත්වය මත පදනම් වූ විකල්පයක් නොවෙයි. ග්‍රාමීයත්වය මත පදනම් වූ විකල්පයක්. 


⬇️ ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන විකල්පයක් නෙවෙයි. වියදම් අඩු කරගන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ වැඩියෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක් නෙවෙයි. අඩුවෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ හැමෝටම කාර් එකක්, ත්‍රී වීල් එකක්, හෝ අඩුම තරමින් මෝටර් සයිකලයක්වත් ගන්න එක ගැන හිතන විකල්පයක් නෙවෙයි, ප්‍රධාන ප්‍රවාහන මාධයය කෝච්චිය, බස්එක, බයිසිකලය කියල හිතල වැඩ කරන විකල්පයක්. 


⬇️ පිරිමින්ට නොව ස්ත්‍රීන්ට වැඩියෙන් ආකර්ශනීය විකල්පයක්.


⬇️ මෙවැනි විකල්පයක් පැත්තට ආණ්ඩුකරණය තල්ලු කළ හැකි විභවයක් හෝ තියෙන්නේ ජාතික ජන බලවේගය සතුව විතරයි. 


⬇️ ඒ ඒ අය මොනව හිතුවත් ජාතික ජනබලවේගය කියන්නේ ගැමියන්ගේ ව්‍යාපාරයක් නිසා. ලොකුවට හිතන්න බැරි පොඩියට හිතන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා. නගරයේ ජීවත් වෙන හැටි නොදන්න ව්‍යාපාරයක් නිසා.


😭 ලංකාවට අබ සරණයි !!!!


.

Jan 1, 2024

රනිල් ජනප්‍රිය වීමට ගන්නා... ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

 



රනිල් ජනප්‍රිය වීමට ගන්නා...

 ජනප්‍රිය නොවන හා අසීරූ තීන්දූ...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ගන්නා තීන්දූ තීරණ හරි හෝ වැරදි හෝ වේවා... නායකයකු ලෙස ඔහු ක්‍රියාකරනාකාරය ගැන මාතලන්ගේ අවුලක් නැතිය. නායකයකු ක්‍රියා කළ යුත්තේද එසේමය. ඒවා කොතරම් දුරට ජනතාව විසින් පිලිගත්නේද නොගන්නේද යන්න බලාගන්නට වෙන්නේ... චන්දයකදීය.


එහෙත් මේ තීන්දූ තීරණ ගන්නේ .... මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ හාල්පාරුවන්ගේ උපදෙස් මත නම්... අපට කීමට ඇත්තේ රනිල් මෙන්ම ආන්ඩුවටද වෙරි සොරි ඩොට් කොම් කියලාය... මන්ද මේ රට බංකොලොත් රටක් කිරීමට ඝෝඨාභය නම් පීචං ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේද ඕකුන්ම නිසාය...


ඊයේ අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින්.... රනිල් උන්නැහේ කිව්වේ වැට් බද්ද වැඩී කිරීම අසීරූ මෙන්ම ජනප්‍රිය තීන්දුවක් නොවනා බවත්... එය එසේ කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බවත්‍ය... අනිවාර්‍යයෙන් මේ නම්... රනිල්ට කවුරුන් හෝ දුන් දිරච්ච ලණුවක් බව නම් 100% විශ්වාසය...


මෙසේ බදු වැඩි කළේ ඇයි? සරළම හේතුව ආන්ඩුවේ වියදම් පියවා ගැනීමටයි... එයිනුත් වැඩිම වියදමක් යන්නේ... රට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ.... පාඩූ ලබන රාජ්‍ය ආයතන  නඩත්තුවට හා ඒවායේ ඉන්නා උන්ගේ පඩිනඩි හා දීමනා ගෙවීමටය. තත්වය එසේ තිබියදි.... ඒ මූසලයින්ගේ මනදොල පිනවන්නට උන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළේය...


මෙය ඉල්ලාගෙනම කෑමක් බවත්... මේකෙන් වෙන්නේ... රටේම ජනතාව ඉන්නා තැනටත් වඩා පහළට වැටි... බඩු මිළ හා උද්ධමනය තවත් වැඩි වෙන බව අප ඒ මොහොතේම ලියා තැබුවේය... මේ අනවශ්‍ය පඩි වැඩි කිරීම නොකලා කියා.... පරිප්පු කන්නේ... රටේ ජනතාවගෙන් 10% කි....


ඒ 10% අතරේ ජනප්‍රිය වෙන්නට ගොස්... දැන් රටේ 100% ජනතාවට පරිප්පු කන්නට වෙලා අවසානය.. දැන් පඩි වැඩි උන් අතරේ නොව මුලු රටේම උන්ගේ වෛරයට පාත්‍රවී අවසානය...


වෙළඳ ඇමති හා මුදල් රාජ්‍ය ඇමතිවරු හතරවරම් බයිලා කොච්චර ගැහුවත්... සියල්ලේ මිළ ඉහළ යන එක.... කාදිනල්ට තියා දෙවියන්වහන්සේටවත් නවත්තන්නට දැන්  බැරිය....


ගිය වසරේ 60% වැඩි වූ විදුලි බිලට අමතරව දැන් ගෑස් හා ඉන්ධන මිළද ඉහළ දමා ඇත... මේවා ඉහළ ගිය පසු... සියළුම භාණ්ඩ හා සේවා වල මිළ.... ඔය ඇමතිවරු හා ආර්ථික උස්තාද්ලා නොදන්නවා වුනාට.... සාමාන්‍ය ජනතාව නම්... බන් ගොන්ධුලටත් වඩා හොඳින් දන්නවාය....


රාජ්‍ය සේවය ප්‍රතිව්‍යූහගතකිරීමට කොතරම් උත්සාහ කළත්... මේ මූසල රාජ්‍ය සේවකයින් හා නිලධාරින් සමඟ ඒවා නොමිළේ දුන්නත් කිසිඳු ආයෝජකයෙක් තබා.... දේශීය ව්‍යවසායකයෙක් හෝ එන්නේ නැතිය... ඊට ප්‍රධානම හේතුව ආන්ඩුව අස්තාවර නිසාය...


මේ වසරේ චන්ද තියනවා කියා ආන්ඩුවම කියද්දි... එන්න ඉන්නට එකෙක්වත් එන්නේ නැතිය... එකම පිහිට වන්නේ... බජට් පැක් එකට එන සුද්දෝ ටික හා විදේශයන්හී කඹුරන උන් එවනා තුට්ටු දෙක පමණය....


පක්ෂ විපක්ෂ සියල්ලෝම රට ගොඩගැනීම පැත්තක තබා... චන්දවලට සැරසෙති... එහෙන් මෙහෙට මෙහෙට පනිති... සාමාන්‍ය ජනතාව හොම්බෙන්ම යති...


මේ පිළිබඳව රනිල්ට හෝ ආන්ඩුවටත් කිසිඳු දොසක් කිව නොහැක්කේ.... ආන්ඩුවේ උන්ට පඩි වැඩි කරන්නෙයි කියා සියල්ලෝම ඉල්ලා සිටී නිසාමය...


එහෙත් ඕකුන්ට පඩි වැඩි කළොත් රට තවත් බංකොලොත් වී... ජනතාව පුපෙන් යන බවට අනාවැකි කී අපට... ආන්ඩුව මෙන්ම අර ගොබ්බ හාල්පාරුවෝද විවේචනය කිරීමේ පරම අයිතිය තිබෙනවාය...


මේ රටේ පාලකයෝ හා සියළු දේශපාලුවෝ.... රාජ්‍ය පාලනය තබා බුලත් විට විකුණන එකෙක් වීල් කාරයෙක් දන්නා.... සරළ ආර්ථික තියරිවත් නොදන්නා අමු හාල්පාරුවෝ බව අද ඔප්පු වී හමාරය...


විපක්ෂයේ ඉන්නා උන් කියන තියරි නිකන්ම නිකන් සුරංගනා කතා පමණි....එකම පිහිටත් මුන්නැහේම පමණි....


පඩි වැඩි නොකලා නම් මේ පරිප්පුව ආන්ඩුවටත් ජනතාවටත් කන්න වෙන්නේ නැති බව නැවතත් ලියා තබමි...


ඒ වගත් මෙසේය......

.

Dec 30, 2023

කහවත්ත ඝාතනය, පොලීසිය හා ජඩමාධ්‍ය

 



කහවත්ත ඝාතනය,

පොලීසිය හා ජඩමාධ්‍ය

➖➖➖➖➖➖➖💀➖


කහවත්ත ඝාතන සිද්දිය ගැන ලියන බොහෝ දෙනෙක්.... පොලීසියටත් දොස් කියනවා මම දැක්කා... ඔවුන්ටත් වරදක් කියන්න බැරි ලංකාවේ පොලීසියට අපරාධ විසඳීම ගැන තියෙන්නේ... එතරම් හොඳ වාර්තාවක් නොවන නිසා....


ඒ හැරෙන්න බලවතුන්ගේ අපරාධ ඉදිරියේ පොලීසියේ හැසිරීම.... මෙයාලට තාම චන්ද්‍රා ෂාෆ්ටර්ගේ මිය යාම... ඝාතනයක්ද සියදිවි නසාගැනීමක්ද කියලා තහවුරු කරගන්න බැරි වුනා....


කෙසේ වෙතත්.... මෙහෙම අපරාධයක් සිඳු වුනාම පොලීසියට ඒ හා සම්බන්ධ සියල්ලන්ම සැකයි... අපේ කාර්‍යාලයක සිද්දියකදි වුනත් එහෙම නේ.. වැඩිම නොටෝරියස් කැරක්ටර් එක තමා වැඩිම සැක....


මම නම්.... මේ ලංකාවෙදි.... මිනීමැරුමක් ගැන කරණ පාපෝච්චාරණයක් වත් පිලිගන්නෙ නැති පුද්ගලයෙක්... ඒක ඉතා හොඳින් පැහැදිලි වුනේ සේයා දැරියගේ සිද්දියේදී.... DNA වලින් තහවුරු වෙලා අනෙකුත් පරවේනී සාක්ෂි හා සහ සම්බන්ධයක් තිබුනොත් යම්තාක් දුරකට පිලිගත්තත්... ඒත් 100% නෙමෙයි... 


මොකෝ ලංකාවේ කිසිඳු ආයතනයක් ගැන මට විශ්වාසයක් නැති වීම... ඒ මම රාජ්‍ය අංශයේ ඉතා සුළු කාළයක් සේවය කිරීමෙන් ලද අත්දැකීම්... රාජ්‍ය නිලධාරින් කියන්නේ... සතයකට විශ්වාස කරන්න බැරි පිරිසක්... ඒක තනිකර මාෆියාවක්... පෞද්ගලික අංශයේ කියලත් කිසි වෙනසක් නෑ... කප්පරක් අත්දැකීම් එතනත් තියෙනවා..


කෙසේ හෝ මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියූ දේ මොකක්ද කියලා මම දන්නේ නෑ.... මම හිතන්නේ නෑ දියණිය සැකපිට අත් අඩංගුවට ගත් බවක් මිස ඇය මෙම ඝාතණය සිඳුකල  බවට ප්‍රකාෂයක් ඔහු කලාය කියලා...


එහෙම කළා නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි...


මොකද පොලීසිය සම්බන්ධ මාධ්‍ය ප්‍රකාෂ ලබා දිය හැක්කේ ඔහුට පමණක් නිසාවෙන්... කහවත්තේ පොලීසිය ජඩමාජ්ජවේදීන්ට තොරතුරු දුන්නා නම්... ඒක නීතී විරෝධි දෙයක්....


මේක වවාගෙන කෑවේ.... අපේ ප්‍රධාන පෙලේ තිරිසන් ජඩමාජ්ජවේදීන්, ජඩමාධ්‍ය ආයතන හා කුජීතම සමාජ මාධ්‍යවේදියෝ.... උන් නම් කිසිඳු වගකීමක් චාරයක් නැති අමු අපතයින් රැලක් වුනත්.... ලයිසන් ජඩමාජ්ජවේදීන්ට මෙයින් ගැලවෙන්න බෑ...


උන් ඇයගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු වුවත්... එයත් එසේ වන්නේ නෑ... මොකද එහෙම අවශ්‍යතාවයක් මේ මිලේච්ඡ සමාජයට නොමැති නිසා....


ඒ වගත් මෙසේමය.....

.

Dec 25, 2023

මහරගම අපේක්ෂා රෝහල වසා දැමීමට රජය තීරණය කරයි




 මහරගම අපේක්ෂා රෝහල

වසා දැමීමට රජය තීරණය කරයි

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


විවෘත ආර්ථිකය ගැන මහා ඉහළින් කතා කරන Krishna Thilak Ramanayaka මහරගම දෙලුම් ජූස් කඩේ ගැන... ඒකාධිකාරී වෙළඳ මාෆියාවක් නිර්මාණය කර දීමේ පත හෑල්ලක් ලියලා...


මරු වැඩේ කියන්නේ... පොර සමූපාකාර ක්‍රමයට වගේම... සහල් හා බිත්තර මාෆියාවටත් විරුද්ධයි... මේ තමයි පොරගේ නිදහස් වෙළඳ පොළ න්‍යායය...


එයා... එයාගේ ජූස් කඩේට කෙලවෙයිද කියලා හොඳටම බය වෙලා... ඔය කඩේට කෙළවෙන්නේ නෑ... කෙළවෙන්නේ පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහලට...


වෙන්නේ මොකක්ද දන්නවද...? දැන් ඔතන ප්ලාස්ටික් බඩු විකුණන එකා හිටන්... හෙට අනිද්දට දෙළුම් ජූස් කඩ දානවා... 


සැපයුම වැඩි උනාම.... මිළ අඩු වෙනවා කියන ආර්ථික තියරිය ලියපු එකා ලංකාවේ එකෙක් නම් වෙන්න බෑ... ඌ ලංකවේ මිනිස්සු නෙමේ.... සිලෝන් ටී ගැනවත් නාහපු පිස්සෙක්... බුත්තලම් පූරුවෙක්... අඩු ගානේ 1996 ක්‍රිකට් වර්ල්ඩ් චෑම්ප්ස්ලා ගැනවත් නාහපු අමු කබ්බෙක්....


ඔක්කොම දෙළුම් ජූස් කඩ දැම්මාම... අර කතරගම පළතුරු පූජා වට්ටි කඩ වගේ වෙනවා... තමන්ගේ කඩේට එන එකාගේ වාහනේ ෆ්‍රී හෝදනවා... ලෙඩාට ෆ්‍රී මසාජ් එකක් දෙනවා... ෆ්‍රී ගෙස්ට් හවුස් එකක් දෙනවා... දෙළුම් වලින් ලෙඩ්ඩු සනීප වෙන බව දැනගෙන... පිටරටින් පවා මහරගමට ලෙඩ්ඩු එනවා... ඒ අවට හෝටල් ගෙස්ට් හවුස් ඉස්පා හැදෙනවා... 


කාළෙකින් ඉස්පිරිතාලේ වැහෙනවා.... අවට පෞද්ගලික රෝහල් ඉඳිවෙනවා... ඒවයේ තියෙන්නේ දෙළුම් ට්‍රීට්මන්ට්ස් විතරයි...  


පිටරටින් එන බාල දෙළුම් ජූස් වලට හැමිනිලාම යනවා... මුළු ලෝකෙටම දෙලුම් ජූස් ආනයනය කරන ප්‍රධාන රට බවට ලංකාව පත් වෙනවා... 


ජාතික කොඩියේ සිංහයා හැලිලා දෙළුම් ගෙඩිය රිප්ලේස් වෙනවා... කින්ග්ස්ලී පීරිස්ගේ දෙළුම් මලක් වී පෙම්බර ගීතය... ජාතික ගීය වෙනවා... ජාතික පුශ්පය දෙළුම් මල වෙනවා... මහරගම ලංකාවේ වෙළඳ අඟනුවර වෙනවා...


වැහුන මහරගම රෝහල විශේෂ රෝහලක් බවට පත් වෙනවා... 


ඒ.... කාන්තාවන්ගේ මෑ ඇටේ ඉවත් කරලා ඒ වෙනුවට දෙළුම් ඇටයක් ප්ලාන්ට් කරන ශල්‍යකර්මය සඳහාත්... පුරුෂයන්ගේ @ට දෙක වෙනුවට දෙළුම් ඇට දෙකක් ප්ලාන්ට් කරන ඔපරේෂන් එක කරන... ලොව විශාලතම රෝහල බවට පත්වෙමින්...


වසර 2026 දී රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය මහාචාර්‍ය මාතලන්ට හිමිවෙනවා... ඒ මේ ඇට ප්ලාන්ට් කිරීම සොයාගෙන ලොවට හඳුන්වා දීම වෙනුවෙන්.

.

Dec 14, 2023

පෝට්ටු බයියන්ගේ අනාගතය

 



පෝට්ටු බයියන්ගේ අනාගතය

➖➖➖➖➖➖➖➖➖➖⭕




පෝට්ටුවේ දන්නා කියන බයිසන්ලාට මේ වැඩේ කරන්නෙයි කියා මා කිව්වේ බොහෝ කළකට පෙරය... ඒ කියන්නේ දිවයිනම කවර් වෙන කැම්පේන් එකකිය. දැන් වැඩේ පත්තු වෙලාය. ෂෝ එක තියෙන්නේ කොළඹ උනාට ලොව වටේම ඉන්නා පක්ෂ විපක්ෂ සියල්ලෝම ඉන්නේ කොරවෙලාය.


රැල්ලේ පීනපූ ජෙප්පන්ට රෙද්දේ පහවෙලාය... දැන් උන්ගේ රැල්ලේ වලිය... ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනැම නැත කියන්නේ ඒකය... මැතිවරණයක් පැත්ත පලාතේ නැතිව රටපුරා රැළි තිබ්බේ පිස්සුවක් වගේය...


ඒත් රනිල්ගේ ආන්ඩුව උන්ගේ රැළි  පයිසෙකට මායිම් කළේ නැතිය. උන් විරුද්ධ වන සියළුම දේ ආන්ඩුව කරමින් සිටිනාතර.. ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදි කිව්වේ... මොකා විරුද්ධ වුනත්... ආන්ඩුව කල යුතුයි කියා සිතෙන සියල්ල කරනා බවය.. ඒ හැර විකල්පයක් සජියාට මෙන්ම ජෙප්පන්ටද නැතිය. අනුර කුමාර පාර්ලිමේන්තුවේ කුජීතම වෙලා ගියේය.  සජිත්ගේ  රෙදි ඉල්ලේය.


බය  බිරාන්ත වූ ජෙප්පන්ට වැඩ ගොඩ ගැහිලාය... සම්මේලනයට එන උන්ට... උන්ගේ ප්‍රධාන ආහාරය වන තණකොල මිටි බැඳලා පාර අද්දර තබා මාරු වෙලාය... දවසක් කුසගින්නේ සිට... අනුන් වෙනුවෙන් කරනා ඒ පරිත්‍යාගය ඉස්තරන්‍ය...


ඇත්තටම ඒවා කන්න වෙන්නේ අම්බරුවන් වෙන උන්ටමය. මන්ද... රාජපක්ෂලා කියන්නේ ජේවීපී බයියො වගේ හිඟන්නෝ නෙමේය... හොඳට කන බොන මිනිස්සුය... අද එන උන්ට බුරියානී හා අරක්කු අනිවාර්‍යයෙන් ලැබෙනවාය... ඕවර්ඩෝස් ගියපු උන් පාරේ වැටී ඉන්නටත් ඉඩ තියෙනවාය.... ලයිට් කණු දිගේ බඩගාන්නත් ඉඩ තියෙනවාය.... ඒ රාජපක්ෂ බයියන්ගේ ට්‍රේඩ් මාක් එකය...


කන්න දෙනවා නම්... බොන්න දෙනවා නම්... මොනවද තව ඕනෑ කියන්නේ කියා.... දේශපාලනය කරන හැම එකාම හොඳින් සිහි තබා ගත යුතුය..


මන්ද.... දේශපාලුවෝ වගේම ජහමනයාත් ආදරේ රටට නොව බඩටම පමණක් නිසාය... බංකොලොත් වෙලා බික පුම ඇනුන රටකින් 20,000/= කින් පඩි වැඩිකරන්නෙයි කියන්නේ ඒ නිසාය....


වෘත්තිකයින් යැයි කියා ගන්නා උපන්ගෙයි හිඟන්නෝ... ටැක්ස් ගහන්න එපා යැයි කියා වැඩ වර්ජන උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය.....


මේකට බැකප් එක දෙන එක... රනිල් රාජපක්ෂගේ හා අලි පාටියේ උන්ගේ අනාගතයටත් හොඳය... මන්ද උන්නැහේලාගේ ඉරණම රැඳී තිබෙන්නෙත් පෝට්ටු චන්ද බේස් එක මත නිසාමය.... මොකා මක්කා කීවත් වැඩිම චන්ද ප්‍රතිශතය තාමත් තියෙන්නේ එතනය...


ස්වස්ථි සිද්ධම් !!!


.

Dec 6, 2023

මුගලන් කතෝලික විය හැක.




 මුගලන් කතෝලික විය හැක.

➖➖➖➖➖➖➖➖➖➖⭕


ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නේ නටඹුන් හා සෙල්ලිපි අනුව එක එකාට හිතෙන දේවල් ලියලා උගන්වන විශයයක් නිසා නේ ඒවත් නිතරම අප්ඩේට් වෙන්නේ... 


මුගලන් කිව්වේ සැරියුත් මුගලන් දෙන්නගෙ මුගලන් නෙමේ... කාෂ්‍යපට ගේම දීපූ කාෂපගෙ මල්ලි මුගලන්...


කාෂ්‍යප කියන්නේ පිය රජු ධාතුසේනට ගේම දීලා ... අනුරාධපුර රාජධානිය අත්ගැරලා... සීගිරිය ආලකමන්දාවක් කරපු රජ්ජුරුවෝ...


එයාගේ තාත්තා කින්ග් ධාතුසේන රජ්ජුරුවෝ වුනාට... අම්මා පහත් කුළේක කියලා මහාවංශය කියන්නේ... සමහර විට මේකත් මහාවංශය ලියපු එකාගේ නිර්මාණයක් වෙන්නැති... මොකෝ බුවා තාප්පයෙක් නිසා... හිර ගෙදර තාත්තා වැලිගම්පිටි යවලා එන උන්ට කියන්නේ තාප්පයා කියලා.. 


කොහොම වුනත් කාෂ්‍යප සියදිවි නසාගන්නේ.... පොරගෙම සහෝදරයා වෙච්චි මුගලන් හා.. තමන්ගේ යුධහමුදාපති මිගාර තමන් පාවා දී මුගලන්ට එකතු වෙච්චි නිසා...


මුගලන් එයාගේ සෙට් එක එක්ක කාෂ්‍යපට ෂොට්ටෙක දෙන්න එන්නේ ඉන්දියාවේ ඉඳලය කියලා නේ කියන්නේ... ඒ ඇවිල්ලා පොර රිටිගල තමයි කඳවුරු බඳින්නේ...


මේ දේවල් සිද්ද වෙන්නේ 5 වන හා 6 වන සියවස් වල නේ... එතකොට මුගලන් මෙහෙන් පැනලා ඉන්දියාවට ගියා කියන්නේ මෙහෙන් යන්න පුලුවන් ළඟම රට ඉන්දියාව නිසා නේ... 


හැබයි කව්ද දන්නේ පොර ගියේ යුරෝපයට හෝ අරාබියටද කියලා... මේ කාළේ තමා ක්‍රිස්තියානි දහම ඔය ප්‍රදේශවල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ...


ඉතින් රාජ්‍යයක් උරුම කුමාරයෙක් එහෙම දහමක ෆලෝවර් කෙනෙක් වුනාම... පොරට එන සප් එක වැඩියි... 


දැන් බලන්න ජූලී චන්ගේ ප්ලෑන් එක හරි ගියා නම්... තා ටිකෙන් බෝනගේන් සාලිය පීරිස් ජනාධිපති වෙන්න සූට් හිටන් මහගෙන නේ ඉඳලා තියෙන්නෙ.. ස්වල්ප සල්ලියක්ද බෝනගේන් කාරයෝ අරගලේට වියදම් කළේ... 


අර මිගාරයා ගත්තා වගේ... සරත් ෆොන්සේකා... ශවේන්ද්‍ර විතරක් නෙමේ කමල් ගුණරත්නත් බෝනගේන් එකෙන් බාගෙන නේ උන්නේ... 


ඒක හරි ගියා නම් ඉතින් සිංහළ බෞද්ධ බලවේගය හා සඟිස්කෘතියට කෙලවෙලා ඕමල්පේ සෝභිත.. ගල්කන්දේ ධම්මානන්ලගෙ බෝනගේන් බුඩිසම් කල්ට් එකක් නේ එතන ඉඳලා හැදෙන්නේ...


දැන් එයා අනුර කුමාරයා මහ රජානෝ කරවන්න පැලවත්තට බඩගාන්නෙත් අපිට ආදරේට නෙමෙයි...එහෙම තමා ඉන්ටර්නැෂනල් ගේම් සහ ඇජෙන්ඩා ක්‍රියාත්මක වෙන්නේ... අතීතයේ වර්තමානයේ කියලා කිසි වෙනසක් නෑ... එදා අද කියලා වෙනසක් නෑ...


ඒවා කොහොම වෙතත් බුවා ආයේත් රාජධානිය අනුරාධපුරයට ගෙනියනවා විතරක් නෙමේ... එහේ මහා විහාරයට අනුබද්ධිත කැම්පස් දෙකක්ම දානවා... එකක් භික්ෂුනීන්ට වීමත් විශේෂයක්...


ඔය අනුරාධපුරයේ පුරා විද්‍යා කැණීම් එක තැනකින් නවත්තලා දාලා... මහාවංශයම කබල් ගාන්නේ... මේ වගේ සත්‍යයන් එලියට ආවොත් ඔක්කෝටම වඩා සාසනේටයි ජාතියටයි කෙලවෙලා යන නිසා...


පොලොන්නරුවෙත් බෞද්ධ කල්ට් එක හා සමානවම හින්දු කල්ට් එකක් තියෙනවා... ලංකාවේ විශාලතම දාගබ විය හැකි දෙමළ මහා සෑයට අත තියන්නේ නෑ.... ඒවා ගැන හාම් හූම් නෑ... හැම තැනම නම ගහගත්තු නිශ්ශංකමල්ලත්.... ටැමිල් පොරක්


ඔය පොලොන්නරුවේ නටඹුන් අතරේ හින්දු සංස්කෘතියේ ලක්ෂණයන් අනන්තත් තියෙනවා විතරක් නෙමේ දෙමළ සෙල්ලිපියලුත් තියෙනවා... පොළොන්නරුවට එන කොට හින්දූන්ගේන් වන්දනාමානයට ලක්වන ගවයා සඳකඩපහනෙන් ගැලවෙනවා...


ඉතින් ඔය් කියනවා වගේ කුරුස සංකේත සෙල්ලිපිවල තියෙනවා මාතලන් යකා ත් අනන්ත දැකලා තියෙනවා...


බොහෝ විට ඔය දිඹුලාගල ආරන්‍ය සේනාසනය පැත්තේ කැළේක තිබිලා සොයාගත්ත අති පැරණි සෙල්ලිපියත්... ආයෙත් කැළේටම යන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩියි.... 


ඒ වගත් මෙසේය....

.

උඹේ ගමන උඹ පලයන් පුතේ (අමුක දුමක අමල් දුමල්)

 



උඹේ ගමන උඹ පලයන් පුතේ

➖➖➖➖➖➖➖➖➖❤️▪️


අලුත් දෙයක් දරා ගන්න බැරි අමු බන් ගොයියො ඉන්න මේ රටේ...

ඉරිසියාකාර කුහක හැත්ත.... දාහක් ඒවා උඹට කියයි...

ඒවයෙන් සැලෙන්න එපා... 

යොහානිට සින්දු කියන්න බෑ කිව්වා වගේ උඹට නටන්න බෑලූ...


ටී වී චැනල් හැම එකෙන්ම... ඩාන්සින් රියැලටි තියලා.... ඩාන්සින් ස්ටාර්ලා කප්පරක් බිහි කලාට... ඒ එකෙකුටවත් ගන්න බැරි වුන ජනප්‍රියතාවයක්... උඹ එක රැයෙන් ගත්තා...


ඒ උඹේ ඩාන්ස් එක ඔරිජිනල් එකක් නිසා...


එන්ටර්ටේන්මන්ට් කියන්නේ... අද කෝටී ගනන් හොයන්න පුලුවන් බිස්නස් එකක්...

ඩාන්සින් කියන්නෙත් ඒ වගේමයි...


ලෝකේ වටේ යන්න... ෆේමස් පොරක් වෙන්න තියෙන අවස්ථාව... දැන් උඹට ඇවිත් තියෙන්නේ...


ඔය සින්දුවලටම ආපු ඩාන්ස් නිසා... ලම්බාඩා.. මකරිනා... අම් අ බබි ගර්ල්... ගන්ගම් ස්ටයිල්... YMCA... වගේ සින්දු ලෝකෙම ජනප්‍රිය වුනා...


ඒ වගේම ඩාන්සින්ග් නිසා... මයිකල් ජැක්සන්, බොනි ඇම්, ඇබා, බ්‍රිට්නි ස්පියර්ස්, ජෙන්ෆර් ලෝපෙස්, ජෝන් ට්‍රැවෝල්ටා, ස්පයිස් ගර්ල්ස්, එමිනෙම් වගේ රැපර්ස්ලා මෙන්ම... වෙන්ගාබෝයිස් වගේ කැරක්ටර්ස් සහ ගෲප් මුලු ලෝකෙම ජනප්‍රිය වුනා...


අනික ඩාන්සින් වලින් මුලු ලෝකෙම හොල්ලපු එකෙක් තමා අල්ලපු රටේ ප්‍රභූ දේවා...


ඉතින් කොල්ලො ගේම තියෙන්නේ උඹේ අතේ..


එකම දේ ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලෝකෝත්තරයන්ට අහු නොවී...

තව අලුත් ඩාන්ස් කෑලී දෙක තුනක් ඇඩ්  කරගෙන...

ලෝකෙම හොල්ලපන්...


ටික්ටොක් කියන්නේ.... ප්‍රකෝටිපතියෝ බිහිකරපු තැනක් කියලා... අපේ ගං කබර ගෝත්‍රික හැත්ත දන්නේ නෑ...

උන්ව පයිසෙකට මායිම් කරන්නත් එපා...


උඹ මේ රටට සම්පතක්...


ජයම වේවා...!!!

.

Dec 1, 2023

විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

 


විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀💀➖


ඕන ගේමක් ගහන්න එන්නට ඕනෑ.... ගේම දැනගෙනය... ගේම නොදැන ගේම් ගහන්න එන ඕනෑම එකෙක්... ඒ ගේම තුලම චොර වෙලා යන්නේ ඇස්පනාපිටමය. අපේ ක්‍රිකට් වලට මෙන්ම රටටද කෙලවූයේ ඒ නිසාමය. උන් ඒ ගේම් ගොඩ දානා හැටි නොදැන උන්නාට... උන් ගොඩ යන ගේම නම් හොඳටම ප්ලේ කළේය.


සජියා ජනපති සිහිණය වෙත යන්න ගහන ගේම හරියටම ගහගෙන යන අතර... ඒ ගේම නොදන්නා රාජ යෝගයන්  සහිත දේශපාලන  පිස්සෝත්තලා... පාදිලියලා... ශානිලා... බුවා දෙන ළණු කා... ඒවා දිරවා ගැන්මට නොහැකිව... පුප නැතිවෙන්නම කාලා... චප්ප චොරොස් වී... කුල්ල කුජීත වී... පට්ට පජාත වී... කාඩ් කුඩුවෙලා... විසිවෙලා යන්නේ ඒ නිසාය...


එදා අලි පාටියේ සිටියදී... පොර පාස් කරගෙන... රනිල්ගෙන් පසු සිරිකොතේ නායකයා වෙන්නට ගිය... කරූ ජයසූරියට... දයාසිරිට... බනානා සුජීට මෙන්ම... පාඨලී උන්නැහේටද අත් වූයේ එම ඉරණමය... ඒ ඉතරක් නොව... පොරට වඩා බැබලෙන්නට ගිය රෝසී සේනානායක... හිරුනිකා ප්‍රේමචන්ද්‍ර... ඉතරක් නොව මැද කොළඹ මුජිබර් නානාගේ පාර්ලිමන්ට් සීට් එකටත් කෙලියේ එලෙසමය...


මේ බව තේරුම් ගත් හර්ෂලා... එරාන්ලා මෙන්ම... ෆොන්සේකා උන්නැහේත්... දැන් ඉන්නේ එලොවටත් නැතිව... මෙලොවටත් නැතිව... අඤ්ඤකොරොස් වෙලාය... පොරත් එක්ක ගේම ඉල්ලන ඕනෑම එකෙක්ට කුඩු වෙන්නම ගහන එක පොර පරම්පරාවෙන් ලද උරුමයමය... රණසිංහ ප්‍රේමදාස ගැන දන්නා උන් ඒ බව හොදින්ම දන්නේය...


මෑතකදි පොරගේ ළණු කාලා ඇමතිකමටත් තට්ටු කර ගත්තේ... වෙන්ට ජනපති අතිගරු පුලතිසිපුර රාජයෝගලාගේ රොෂාන් රණසිංහ මැතිතුමාය... පොර කෑවේ විනාශ ප්‍රේමදාසගේ ලණු විතරක්ම නෙමේය.. අර්ජුන රණතුංග අඹරා දෙන ගුලිද කෑවේය.. ඔය අර්ජුණලා ෆොන්සේකලා... පාඨලීලා විමල්ලා... කියන්නේ දේශපාලන සාපයන්‍මය... උන් ළඟට ගිය හැමෝටම අත් වූයේද... සජිත් ප්‍රේමදසගේ ළඟට ගිය උන්ගේ ඉරණමමය.


එදා.. ෂම්මි සිල්වාට එදිරිව රොෂාන් රණසිංහ සමඟ අපද සිට ගත්තත්.... ෂම්මි වෙනුවට රිප්ලේස්මන්ට් එක අර්ජුණ නොවනා බව අපි පුන පුනා කීවේය.. එමෙන්ම අධික වේගය මරු කැඳවන බවත් අපි කීවේය.. ගේම නොදැන ක්‍රිකට් ගහන්නට ගිය රොෂාන්ට ක්‍රිකට් මෙන්ම පොලිටික්ස්ද නැති වෙලා ගියේ ඒ නිසාය. රනිල්ලා මහින්දලා මෙන්... හීන් නූලෙන් ගහනා ගේම් රොෂාන් රණසිංහලා මෙන්ම රන්ජන් රාමනායකලා ටච් කරලාවත් නැතිය.


අද රොෂාන් වෙනුවෙන් කතා කරන්න සජිත් තියා අර්ජුණවත් එන්නේ නැතිය. වෙන්ට ජනපති සිහිණයට කුඩු වෙන්නම ගැහුවේ ඇමතිකමට කෙල වූ දාට පසු දීනම හර්ෂණ රාජකරුනා ලවා සජබේ ජනපති අපේක්ෂකයා එක එක හාල්පාරුවන් නොව සජිත් බව මාධ්‍ය හමුවක් තබා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරලාය.


 රොෂාන් වැඩ්ඩෙක් නම්... ගේමට බහින්න තිබුනේ රනිල් එක්කය. Whether he is right or wrong... Boss is always right... යන සිම්පල් තියරිය නොදන්නා ඕන එකෙක්ට... අවසානයේ අත් වෙන්නේ මේ ඉරණමය. කලු ගල් වල ඔලුව ගහගන්නේ පාර්ල්මේන්තුවේ ඉන්නට ඕනෑ උන් නොව මුල්ලේරියාව රෝහලේ ඉන්නට ඕනෑ පිස්සෝය. 


අඩු ගානේ නාමල්ගේ කීම අසා හෝ නයාට පොල්ලෙන් නොගසා ඉන්නට තිබුනේය. දැන් ඉන්නේ පෙනේ පුපේ ගසාගෙන සිටී ඝෝටා කියන පීචං නයා නොව... පැන පැන දෂ්ඨ කරනා එකෙක් බව.. කවුරු කවුරුත් දැන ගන්නා එක බොහෝ හොඳය.


එමෙන්ම 🐅 සංවිධානයේ ළණු කා... සජිත්ගේ සප් එක ඇතිව... බුද්ධි අංශයේ කීර්තිමත්ම නිලධාරියකු වන සලේට කෙලින්න ගිය වළං ශානිට මෙන්ම... ඊයේ ව්‍යවස්ථා සභාවෙන් දේශබන්දු තෙන්නකෝන්ට කෙලින්නට ගිය කාදිනල් පොලිෂ්පතිටද අත් වූයේ... එම ඉරණමය.


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට විරුද්ධව 🐅 න්ගේ නියෝජිතයෙක් ලෙස පැහැදිලිවම පෙනී යන කාදිනල් එලියේ ගේම ඉල්ලද්දී... ඊට සහයෝගයක් ලෙස පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන් විනාශ ප්‍රේමදාස... ඊයේ පැවති ව්‍යවස්ථාදායක සභාවේ චන්දය විමසන අවස්ථාවේ එයින් පැන ගියේ... කාදිනල් පොලිෂ්ට වඩා... දේශබන්දු තෙන්නකෝන් පොලිස් ගේම හරියට ගහන්න දන්නා බව උන්නැහෙත් දැනගෙන උන් නිසාය...


 ඇත්තටම 🐅 න්ගේ පදේට නටන හාල්පාරුවෙක්ට වඩා... තම නායකයා වන විධායකය හා ව්‍යවස්ථාදායකය.... හෙල්මට් පාරවල් කාගෙන හෝ රකිනා... රියල් පොලිස්කාරයෙක් පොලිස්පති වීම තමන්ගේ අනාගතයටත් හොඳ බව ගේම දැනගෙන ප්ලේ කරනා සජිත් දන්නවාය.


ඒ වගත් මෙසේය......


.

Nov 25, 2023

දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI හැකියාව, වාසනාව හා නාඩිය...

 


දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI

හැකියාව, වාසනාව හා නාඩිය...

➖➖➖➖➖➖➖➖➖➖➖❤️


හැකියාව කියන්නේ එකක්.. වාසනාව කියන්නේ තව එකක්.. ස්ටාර් කොලිටීස් කියන්නේ තව එකක්...

ඒ ඔක්කෝටම වඩා නාඩිය කියන්නේ තා එකක්...


නුවන්ධිකා ෆැලන් අංජලී අපූර්වා විදූෂා කියන පස් දෙනාටම මම කැමතියි... 

හැබයි.. 

ගායනයට තියෙන හැකියාව අනුව ගත්තොත්...


ෆැලන්ට වඩා ඉදිරියෙන් නුවන්ධිකා උන්නා... නුවන්ධිකා ගයපු මහමායා ගීතයම ඇති.. එයාගේ දක්ෂතාවය මැනගන්න...

ඒ වගේම අංජලීට වඩා බොහෝ ඉදිරියෙන් විදූෂයි.. අපූර්වයි දෙන්නම උන්නා...


ඒත්... ෆැලනුයි... අංජලියි දෙන්නා නාඩිය දැනගෙන උන්නා... එයාලා දෙන්නම රිස්ක් එකක් ගන්න බය වුනේ නෑ... අනික දෙන්නම කිව්වේ මිනිස්සු හෙවත් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය සරළ ගීත...


ෆැලන් ඉස්සරහට එන්නේ... සුමිහිරි පානේ.. ඔබගේ රුව වාගේමයි... වගේ අතිශයින් ජනප්‍රිය ගීත හරහා... අංජලී ඊයේ බය නැතිව අමු සිංදුව ෆයිනල් එකේ කියනවා.. එයා ඒක කලින් වටවලදි කියපු සින්දුවක්වත් නෙමෙයි...


විදූෂා සයිලන්ස්... එයාට කියන්නේ කුවේණි කියලා... මම නම් කියන්නේ යකා කියලා... ඒ වොයිස්... පිචින්... කෝඩ්ස් ගායනා... මම හිතන්නේ ක්ෂේත්‍රයේ ඉන්න එකෙක්ටවත් ගායනා කරන්න තියා හිතන්නවත් බෑ... හැබයි... ඒ වොයිස් එක අපේ උන්ට දරාගන්න බෑ.... ඒ අපේ උන් වෙස්ටර්න් මියුසික් අහන්නේ නැති නිසා.. රොක් මියුසික් ... ඔපෙරා කියන දේවල් දන්නෙවත් නැති නිසා...


අපූර්වට සෙක්සි වොයිස් එකක් තිබ්බත් ඒක හැම ශානරයටම (ජොන්‍රා) එකට ගැලපෙන්නේ නෑ... එයාගේ වොයිස් එකට ගැලපෙන සෝන්ග්ස් එයාගේ චොයිස් එකේ තිබුනෙත් නෑ... අනික එයා තරඟය සැහැල්ලුවට ගත්තා වැඩියි.. 


අංජලිගේ හස්කි වොයිස් එක බේස් පාරකුත් එක්ක එන වෙනම මියුසික් එකක්.. එයාගේ ස්ටාර් කොලිටිය හා ඇපියරන්ස් ඉහළින්ම... අංජලිත් ගේමට ආවේ මැද හරියෙදි ගයපු නන්දා මාලනිගේ ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයෙන්... එයා එතන ඉඳලා වැඩේ අල්ල ගත්තා... ජන මනස හා එයාට ඉන්න ක්‍රවුඩ් එක තේරුම් ගත්තා... මම හිතන්නේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක රැදිලා තියෙන්නේ කොළඹ තියෙන කොන්සර්ට් වල නෙමෙයි... බහුතරේ ඉන්න ගමේ ඉස්ටේජ් ගහලා තියන "සංගීතවල" 


අනික දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකත් විශ්වයා ඇවිත් ඒ කල්ට් එකට ගෙනිහින් තියෙන්නේ... ඒකයි ඌ ස්ටේජ් එකේ මොර දෙන්නේ... 😁.. ඌත් දන්නවා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ කොහේද කියලා... ඔය ගම්වල පොඩි කෙල්ලෝ හදාගත්ත මියුසිකල් ගෲප් දැන් පිටරට ෂෝ පවා ගහන්නේ ඒ නිසා...


අනික ඉතින් යුද්ධය විකුණගෙන කෑම අහවරෙයි කිව්වට අංජලී ඒ වැඩෙත් ලස්සනටම කළා... මයික් එක ලැබුන ගමං එයා ගැන නැතිව... ඕඩියන්ස් එක ගැන කතා කලා...  එයාගේ ගමේ කරපු වීඩියෝවත් පට්ට... 


ඊයෙත් ... නන්දා මාලනී සහ මාලනී බුලත්සිංහල අස්සේ අමු සින්දුවත් බය නැතිව ඇදලා ඇරියා.... දැන් කල්ට් එක ඒක... ඒකට කියන්නේ නාඩිය කියලා..


නාඩිය නොදැන මූඩිය කොච්චර හොඳට තද කලත් වැඩේ දෙල් වෙලා ත්‍රෙඩ්ස් කැඩිලා මූඩිය එක තැන කැරකෙන්නත් පුලුවන්... ලූස් උනොත් ලීක් වෙන්නත් පුලුවන්... මූඩිය වැහිල්ලත් කලාවක්... අනික මොන සෙල්ලම් දැම්මත් ලක් එක හෙවත් වාසනාව කියන දේ...


ෆැලන් වගේම අංජලීටත් ස්ටාර් කොලිටිය.. ටැලන්ට් එක.. වාසනාව වගේම... ජන විඥානය ගැනත් හොඳ අවබෝධයක් තිබුනා... ආන්න ඒකට තමා නාඩිය කියන්නේ...


අනික ඉතින් පළමුවත් රට... දෙවනුවත් රට... තෙවනුවත් රටමය කියලා... යුද්ධය විකුණගෙන කාලා ඉවරයි කිව්වට... අවසන් තරඟයෙත් මූනිස්සම් සුවඳ ගලාගෙන ගිය බවකුත් පැහැදිලිව පේන්න තිබුනා....

.