.

.

Jan 28, 2014

සිරිසේනගේ විරිඳු සුරල්...


අපේ සවුක්ක ඇමති තුමා විශ්‍රාම ගියාම විරිඳු කියලා කීයක් හරි හොයාගන්නලු ඉන්නේ.. ඒ කියන්නේ තාම හම්බ කරලා මදි ඇති. හරි පවු.. මාර දුකයි. කොහොමත් ලොක්කා විශ්‍රාම යවන්න ඉස්සෙල්ලා විශ්‍රාම ගියා නම් බම්බුව කෙසේ වෙතත් නම්බුව වත් බේර ගන්න ඇහැක් වෙයි.

එතුමා විශ්‍රාම ගියාම කියන්න පුළුවන් විරිඳු ටිකක් මාත් ලිව්වා..

පළමුව වැඳ ගෙන අවසර, සම්මා සම්බුදු රදුන්ට..
දෙවනුව මං වැන්දා ඕ...න්, දෙකට නැමිලා සද්ධර්මෙට..
අපේ එවුන් එකතු වෙලා.., ඇට මිරිකපු සඝ සරණෙට..
වැද අවසර අරගෙන මම, ගයමි විරිඳු බයිලාවට

ගයමි විරිඳු බයිලාවට //


අපේ අම්මට සැකට්‍රි වැඩ, කෙරුවයි තුන් තිස් පැයකට..

එපින් බලෙන් ඉහලට ආවෙමි අල්ලා, සැටලයිටෙට..
මනාපයෙන් මං එව්වයි, දියවන්නා වෙල මැද්දට..
කියනවා මම විරිඳු සුරල්, පනින්නෙපා තොපි මැද්දට.

පනින්නෙපා තොපි මැද්දට//


පුලතිසිපුරයෙන් ඇවිදින්, මනාපයෙන් මැති සබේට.

කරාපු මගුලක් නම් නෑ, බැරි විය අගමැති වෙන්නට.
දිඹුලාගල කුඩු කරාපු, කරුණට අත දාන් කරට.
විරිඳු නෙමෙයි ගැහුවා බයිලා.., එහේ උන්න තෙක් කාලෙට.

එහේ උන්න තෙක් කාලෙට..//


මහවැලියේ ඇමති වෙලා, මම කරාපු දෙයක් නැතේ.

මලයා නම් වැලි ඇද්දා, අහු උන තැන හතර අතේ.
මොරගහකන්දට මක්කා..., උනාද බන් මතක නැතේ.
වලියක් දාගෙන මගේ නම, කෑවා රත්තරන් පුතේ.

කෑවා රත්තරන් පුතේ //


කවුරුද හිතුවේ ලොක්කා, දිනයි කියා මහ ඡන්දෙන්.

එහෙව් බවක් දන්නව නම්, අදිනවාද කකුල් දෙකෙන්.
බැහැලා වැඩ කරනවානේ, මහින්දලට ෆුල් බොක්කෙන්.
සැටලයිට්ලා නිසානේ මට, කෙල උනේ ඉන් පසු කොක්කෙන්.

කෙල උනේ ඉන් පසු කොක්කෙන් //


ඩෙංගුවෝ එලවන්න බැලුවා, බෙර ගහලා මහ දවල්ට.

බයිලා එක්ක විරිඳු කිව්වා, අළුතෙන් එන දොස්තරලට.
කෙලෙවන්නට හැදුවත් බං.., සවුක්කියේ මාෆියාට.
මාෆියා ඉතරක්ම නෙමෙයි, ඩෙංගුත් විද්දානේ පුකට.

ඩෙංගුත් විද්දානේ පුකට..//


පක්ෂේ මහ ලේඛම් කම්, නමට තිබිනි මහ ලොකුවට.

අර ලිය ගහ මන්දිරයෙන්, ලිස්ට් එක එවනවා හවසට.
ඉතින් කෙහ්ද තෝරන්නේ.., උගතුන් වියතුන් සටනට.
සෙක්සි කෑලි දැම්මා බං.., ලේඛම් කම් බේර ගන්ට.

ලේඛම් කම් බේර ගන්ට..//


තර්ජන ගර්ජන ආවත්, මට කෙතරම් මහ ගෙදරින්.

ඇරියේ නෑ මම ගේමත්, කොහොමෙයි බැහැලා ගෙදරින්.
පරම්පරාවම ගොඩ ගියේ, දියවන්නා දෙයි පිහිටෙන්.
පැන්සොන් එක මදි හින්දයි, විරිඳු කියන්නේ සතුටින්.

විරිඳු කියන්නේ සතුටින්..//


ඉස්පිටිතාලෙන් බැලුවට, බේත් ගන්නේ ෆාමසියෙන්.

රිපෝට් බිපෝට් ඔක්කොම අරගෙන, හනික වරෙල්ලා එලියෙන්.
ඒ ආවම ඔක්කෝම උන්, වර්ජන කරලා සොමියෙන්.
"බම්බු ගහන්නද" මම බන්, මේ නොදන්න කෙන් ගෙඩියෙන්.

මේ නොදන්න කෙන් ගෙඩියෙන්..//


ලේඛම් කම් මං කොරාපු, බල්ලෙකුටත් වැඩක් නැතේ.

කොමිසන් පත් කොරලා නඩු, ඇහුවා නම් මතක ඇතේ.
මර්වියාට ගේම දෙන්න, හැදුවා නම් තමයි පුතේ.
මර්වියා කැළණියේ රඟතේ, මම නම් දැන් ඇත කමතේ.

මම නම් දැන් ඇත කමතේ..//



-x-

ඉස්සරහට වෙන දේවල් බලලා, සමහර විට, තව විරිඳු සුරල් දෙක තුනක් ලියා ගන්න බැරිවෙන එකක් නෑ.. ඔහේලත් පුළුවන්නම්, විරිඳුවක් දෙකක් ලියලා දෙන්න.. පව්නේ.. මේ රටෙන් ඩෙංගු තුරන් කරලා... ඉසිපිරිතාලෙන් ඔක්කෝම බෙහෙත් ටික දුන්න එකම මදෑ.... එහෙම උදව්වක් කොරන්න..

45 comments:

  1. අනේ මේක තාලෙට රබානකුත් ගගහා කියලා රෙකෝඩ් කරලා හඬ පටිය දාන්න බැරිද. මම දැන් මේසෙට ගගහා මේක කියෝනකොට අපේ උන්දැ ඇවිත් අහනවා පිස්සුද කියලා. මම කිව්වා පිස්සු නැත්තේ කාටද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමාම කිව්වා නම් තමා වටින්නේ...

      Delete
    2. විචාරක නම් නියම පොරක්නේ.....මාතාගේ විරුදුවලට හපන් ඒ කතාව.

      Delete
  2. මාතලන් ,කොහොමද බන් ඩොලර් මිලියන 20 වියදම් කරලා නුවරඑළියේ අරලිය හෝටලය ගත්තේ .වැලි ඇදල ම වෙන්න බෑ .

    ReplyDelete
    Replies
    1. ඒ අයියා බං.... එයා හාල් මෝල් කාරයා.. සම හරක් නම් කියන්නේ.. හාල් මාෆියාවේ එකෙක් කියලා...

      Delete
  3. පට්ටම තමයි ඈ....

    ReplyDelete
    Replies
    1. කව්ද.....? ඇමති තුමාද....?

      Delete
  4. මාළු මාළු බලන්න ගොස් මඩකලපුවේ තානායමේ
    මගේ කොල්ලා එක්ක කවුද කෙල ගත්තේ ඒ කාලේ
    බලේ දමා දුන්නයි මම දුවන්න ඒ.ඇස්.පී.ගේ කොලුවට
    දැන් නම් බෑ ඒ වැඩ මට ලොක්කට පින් සිද්ද වෙන්ට
    ලොක්කට පින් සිද්ද වෙන්ට //

    ReplyDelete
    Replies
    1. නිසඳැස් නෙමෙයි බන් ලියන්න කිව්වේ එලිසමය තියෙන විරිඳු ටිකක්..

      කොහොම හරි නියම උත්සාහය... සහ නියම කතාව..

      Delete
  5. ඇමති තුමා ප්‍රසිද්දියේ කියාගන්න බැරුව හිත ඇතුලේ තෙරපාගෙන ඉන්න කවිය කොහොමහරි මාතලන් ට මීටර් වෙලා තියෙනවා. ඔය වගේ කී දෙනෙක් නම් කියනවා ඇද්ද?

    වචන ටික නම් මල් හතයි...

    ReplyDelete
    Replies
    1. සම හරක්ට ඒ දේවල් තෙරුම් ගන්න අමාරුයි.. (සැඟවුන කතන්දර.)

      Delete
  6. ඉඳා මහත්තයෝ මගෙනුත් සුපියල් දෙකක්

    ReplyDelete
    Replies
    1. නමක් නැති එකෙක් ඇවිදින් දුන්නයි සුපියල්ම දෙකක්
      එපින් බලෙන් දෙවියෝ රැක දේවා ඌ ඕන පුකක්

      Delete
  7. උඹ කැමති සුදුපාට ඩොල්ෆින් එකක ද නැත්තං පොඩි ලයිට් ඒස් වගේ එකක යන්නද ???

    ReplyDelete
    Replies
    1. ඔය ආල් කෑලි වලට මොකුත් කිව්වට වෑන් වල යන්න වෙන්නෙ නැහැ පත්තරේ...
      අර කට්ටිය ගැන කිව්වොත්/ලිව්වොත් තමා යන්න වෙන්නෙ.
      මාතලනුත් ලොක්ක ගැන ගුණ වයන්නෙ ඒකනේ..

      Delete
    2. ඒකනම් ඇත්ත කෙන්ජි@Japan , සොරි කෙන්ජි@Malasiya. මාතලන්ගෙ මේ පෝස්ටුව සමහරවිට දිනමිනෙත් වැටෙයි.
      මාතලන් උඹට තේරෙනවනෙ මේ හැම හෙනේකටම හේතුව මහ එකාගෙ චින්තනය කියල. පුලුවන්නම් රජ පවුල ගැන ලියපන් එක විරිදුවක්.
      අකමැතිනම් මේ කොමෙන්ටුව දමන්නත් එපා.

      Delete
    3. කෙන්ජි මාමෙ
      එහෙනං මෙහෙම නෙමෙයි කුනුහබ්බෙන් බනිමු !!
      ඕකගෙ $%*"@$-~^`?;:"!@- !!!!

      Delete
    4. වෑන් වලට වඩා මම ආස බෙන්ස්, බී ඇම්, ප්‍රාඩෝ වගේ ඒවල ගාඩ් එකත් දාගෙන යන්න..

      Delete
  8. දැන් එන උන් නිසා බයිලා ගහපු ඇමතිලාට විරිදු කිවුවත් මදි වෙයි ..
    කොම වුනත් විරිදුව එල

    ReplyDelete
    Replies
    1. උන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් මට නම් පේන්නේ නෑ..

      Delete
  9. පාන්දර තාලෙටම කියල බැලුවා..

    අපූරුයි..!!

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ නිදි මැරුවේ නැත්ද පාන්දරින්ම නැගිට්ටේ? නෝනට පැණි අනනලාද?

      Delete
    2. පානදරම ලේ පිරිසිඳු වෙන එක කෝකටත් හොඳා.. පාරෙත් මල අතේ අරන් යන එකානේ..

      Delete
  10. //ඩෙංගුත් විද්දානෙ පුකට//

    පට්ට පට පට ආ මාතලන් අයියෙ. උන්දැට ඒ පල දුන්නෙ බෝ පැලයක් වගේ ඉදන් ඩෙංගු තුරන් කරන්න ගිය මැරවින් ආතාට කෙළින්න ගිය පව

    ReplyDelete
    Replies
    1. මර්වියා මෙයාට වැඩිය වැඩක් කරනවා ඇත්තටම..

      Delete
    2. ඒක නම් මාත් පිලිගන්නවා මාතලන් අයියෙ.

      Delete
  11. පට්ට! කියන්න දෙයක් නෑ මචෝ.
    නමුත් ඔය මෛත්‍රියට නං කියන්න ඇහැක් විරිදුවක් නෑ. මම දැක්ක මේ ලඟදිත් විරිදු කියන්න ගිහිං අනාගන්නව. මූ විරිදු කියන්න ආවොත් හිඟන්නො ගහල එලවයි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ පොලිටික්ස් වලට කෙසේ වෙතත්, විරිඳු වලට ගැලපෙන නියම තෙල් බේත් කට හඬක් නම් තියෙනවා නියමෙටම.

      Delete
  12. පැන්ෂෝන් යනකම් නොයිද දැන්මම ඔය රාජකාරියට ගියානම් මක් වෙනවාද...?

    ReplyDelete
    Replies
    1. පැන්ෂන් නොගියත් ගියා වගේ තමයි..

      Delete
  13. මයිත්තිරි අය්ය මේක දැක්කොත් මාතලං අය්යව ගන්නව පෙධාන විරිදු උපදේශක විදියට බුදු සුවර් ඈ...
    අපිට විරිදු බෑනෙ ආයිබං ඉල්ලීම කාරුණිකව පෙතිස්සේප කොරනව ඈ

    ReplyDelete
    Replies
    1. හපොයි මුන් ගාව රස්සාවට යනවට වඩා හොඳා.. මමම විරිඳු කියලා කීයක් හරි හොයා ගන්න එක..

      Delete
  14. දැනුයි මේක දැක්කේ.. තාම පරණ පෝස්ට් එක ගැන හිත හිත හිටියේ.... බෙර පද ටිකකුත් අතර මැදින් වචනයෙන් ලියන්න තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. කරේ තියන් ආපු කෑල්ල ගඟ ලගින් තියලා මම බොහෝ දුරක් ගියා මචෝ..

      Delete
  15. ඇමතිතුමා දැක්කොත් හෙම අනිවා විරිදු කියනව මාතලන් ලොක්කො..බම්බුව කෙසේ වෙතත් දැන් මුන්ගෙ නම්බුවනම් නැති වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. දේශපාලුවන්ට කොහෙද බන් නම්බුවක්.. බම්බුවම තමයි..

      Delete
  16. මයිත්තිරිය මං කොරන්නේ සකල ලෝක සත්වයාට
    ඒත් ඉතිං ලොක්කා කිව්වොත් කරනව තවත් අයට
    සමුර්දියේ නියාමකයා තියලා ගහට දාලාගැට
    එකනේ මං හුරේ දැම්මේ දුටුගැමුණුගෙ රඟපෑමට

    ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

    අම්මප මට නෑනේ කෙරුවේ ඉන්වයිටින් පාටි එකට
    මලපනිනව කරපු දේට හෙන ගහනව සාරුවාට
    හෙන ගහන්නේ නෑ යකුනේ හාරසීය කඩපු එකට
    එහෙම වෙන්නේ මේච්චර කල මට පාටිය නොකීවාට

    ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

    චන්ද්‍ර පුෂ්ප මල්ලි බබෝ මම නෑ උඹේ ආරෝවට
    උඹට ගෙදර යන්න වෙන්නේ ජිනීවා අවසාන රෑට
    ජනතාවගේ අයි කිව් එක මං මනින්නේ චන්දෙ දාට
    නොමිනේෂන් මම දුන්නට චන්දෙ දුන්නේ ඇයි නිලියට

    ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

    ලේකම් කම උන් කරනව මම කණ අත්සන ගහනව
    ඔක්කොම මට හිනාවෙනව මම සිගරට් පෙට්ටි කනව
    අගමැති කම ගන්න කියලා මාත් සූට් මහන් යනවා
    බැරිම වුනොත් සරම කඩලා මූණ වහන් ගෙදර යනව

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බෑ බං.. එකක් ලියලා දෙන්නෙයි කිව්වම, සැට් එකක්ම ලියලා තියෙන්නේ. මගේ ජොබ් එකට කෙලින්නෙයි..

      මගේ ඒවා මක්කද බං... මල් මසුරන් විරිඳු ටික..

      Delete
    2. මාතෙගෙ සුපිරි විරිදුවලට දෙවෙනි නැ ඉවන්ගෙ ටික.

      Delete
    3. පට්ටෙන් පට්ටයි ඈ මේ ටිකත්.

      Delete
  17. නරකද මාතලන් අයියත් බොග ලිවිල්ල පැත්තකින් තියල විරිදුවක් කියාගෙන හිටියනම් එහෙම :D

    ReplyDelete
  18. ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි....ලොක්කා දෙන්නේ මට ටින්කිරි
    අනේ මචෝ මගේ පින්සිරි.... බේරගනින් සේනව සිරි
    බේරගනින් සේනව සිරි//

    මහත උකුල් ලංසි කකුල්..රෝස දෙතොල් රතු කම්මුල්.....
    ඡන්දෙන් හෙම පැරදුනොතින්... කන්නවෙන්නේ නාකි කකුල්
    කන්නවෙන්නේ නාකි කකුල්//

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න