.

.

Jul 5, 2016

කාලෝ කතා කරන්නේ, මුඛෙන්ද? පුකෙන්ද...? - Carlo Fonseka, Manhole & Asshole



(වෛද්‍ය වෘත්තීය තම ජීවීකාව තුලින් බබලවනා දෙවිවරු වන් වෛද්‍යවරුන් මෙමගින් සිත් රිදවා ගත යුතු නැත. එවන් වෛද්‍යවරුද මේ අම්මට සිරි ලංකාවේ ඔනෑ තරම් ඇත. වැඩි ඈතක නොව, මෑතක ඇති වූ ගං වතුර අවස්ථාවේ, ස්වාධිනව ඉදිරිපත්ව, දිවා රෑ නොබලා, කිසිම අයකිරීමකින් තොරව, ජනතාව අතරටම විත් තම සේවය ලබා දුන් ඔවුන්ට අපේ ගෞරවය නිබඳවම හිමි වේ.)

සයිටම් ගැනවත්, හොස්ස ලඟින් මැස්සා යන විටත් කෙලින්ම වඩ වර්ජනය කරන ඊනියා දොස්තර යුනියන් එක ගැනවත් කතා කිරීම මාතලන් ගේ අදහස නොවේය. මොකෝ ඒ ගැන කීප වතාවක්ම ලියලා තියෙන හින්දාය. අනික ගස් ලබ්බාගේ පෝස්ටුවේ මේ ගැන කතා උන නිසාය. මගේ අදහසුත් එතන ලියා ඇතිය.

මක්කා උනත්, ගස් ලබ්බා ලියා ඇති අමු කෙප්පයක් ගැන නම් නොලියා සිටිය නොහැකිය. එනම් මැඩිකල් කොලේඩ් එන්නේ බයෝ කරපු හොඳම ඉස්පිරිට් එක හෙවත් ජූස් එක කියාය. ඒ නම් අමු බොරුවක්ය. මන්ද අද කොළඹ දිස්තිරික්කේ A3 ක් ගත්ත උන්ටත් කැම්පස් යන්න බැරි උනත්, සමහර දිස්තිරික්කවල ඉතා අඩු ලකුණු ගත්ත උනුත් මෙඩිකල් කොලේජ් එනවා කියන එකය.

ගස් ලබ්බා සහ අනෙක් උන් මොන බයිලා ගැහුවත්, මෙතන තියෙන්නේ, "අමු කුහක" කමය. තමන්ට සල්ලි නැති කමය. ඔය යුනියන් ඩොකාලාටත් කන පැලෙන්න සල්ලි නැතිය. කන පැලෙන්න සල්ලි තියෙන ඩොකාලා එකෙක්වත් ඕකට විරුද්ධත් නැතිය. මොකෝ මෙහේ ඉන්න පැනඩෝල් ඩොක්ටර්ලා දන්නේ නැති උනාට. සල්ලි ගෙවලා ඩොකාලා වෙන්න බයෝම කරන්න ඕනා නැතෙයි කියනා එකය. කරුමය කියන්නේ ඒවා දන්න උන් කට පුක වහගෙන ඉන්නා එකය.

මේක ලියන්නත් ප්‍රධාන හේතුව ඒකය. මේ බව හොඳටම දන්නා එකෙක් වෛද්‍ය සභාවේ මහ පුටුවේ ඉන්නවාය. උන්නැහෙගේ නාම කාලෝ පොන්සේකාය. ලංකවේ ගොඩක් උන්ට තියෙනා රෝගයක් උන්නැහේටත් තියෙනවාය. ඒ කටෙන් හා පුකෙන් කියන දෙකෙන්ම කතා කොරනා එකය. ඔය වාහේ, මහින්ද ඉන්න කාළේ, කතා කරේ පුකෙන් වෙන්න ඕනාය. මොකෝ එයා එදා කිව්වේ සයිටම් එකේ උපාධිය පිලි ගන්න ඕනා කියලාය. ඒත් අද කියන්නේ උපාධිය දෙන්න වෙන්නේ එයාගේ මළ කඳ උඩින් කියලාය.

මේ පිස්සු හුටංලා එකෙක්වත් කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේ වෛද්‍ය උපාධිය ගැන එදාවත් අදවත් කෙල බිඳක් බිම හෙලන්නේ නැතිය. හේතුව, ඒක මහින්ද රාජපක්ෂලාගේ ප්‍රොජෙක්ට් එකක් නිසාය. අනෙක ඒකේ ලොක්කා ඝෝඨාභය රාජපක්ෂ වන නිසාය. ඝෝඨා වාගේ මිනිස්සු මේ රටේ පාලකයෝ වෙන්න ඕනා කියලා මාතලන් එදත් කියන්නේ ඒ නිසාය. (බලයේ නැතත් බලයේ ඉන්නා මහ උන් පවා උන්නැහේට මහින්ද මහත්තයාටත් වඩා ගූ බයය. උන්නැහේ ටැලිවිසොන් එකෙන් දැක්කත් ඇඳි වතේ මළ පහ වෙනවාය. )

දැන් තියෙන්නේ සයිටම් එකටත් වඩා රාජපක්ෂලාට කෙල වීමය. රාජපක්ෂලා ඉල්ලලා, කාලෝ පොන්සේකා ඇඬුවා කාටත මතක ඇතිය. ඉට්ටැයික් කරන මාෆියාවේ මහ එකාත්, මහින්ද මහත්තයාගේ ගෝලයෙක්ය. ඒ යකා (වෛද්‍යවරයෙක් විය නොහැක) එක වෙලාවක මක්කා හෝ චන්දයකට කොළඹ දිස්තිරික්කෙන් ඉල්ලලා අන්තීමයාටද කොහොදේ ආවේය. ඒ ජනතාවගේ වාසනාවක්ය.

දැන් වැඩේ යන්නේ, යහපාලනේ කොන්දක් නැති හාල්පාරුවන්ට එරෙහිවය. ඩොකාලා විතරක් නොව පෙට්ටි කඩ තියෙන හාල්පාරුවොත් කඩ වහලා පීචං ආන්ඩුවට පුක පෙන්නනවාය. ආයෙත් තුන්ඩු කෑල්ලෙන් කඩ වහනවාය. එයාලා ප්‍රජාචන්ච්‍රවාදය කියා එකක්ද මක්කද එක රකිනවාය. එහෙන් දෙරණේ රීරී යකා අමු අමුවේ ජාති වාදය වපුරනවාය. මෙයාලා ඒවාට ප්‍රතිපත්ති හදනවාය. ඒවා හදන කොට මුන් රට ගිනි තියලා අහවරය.

ප්‍රජාචන්ච්‍රවාදේ දෙන්න ඕනා, මානසිකව හා ආර්ථික වශයෙන් දියුණු මිනිසුන් සිටිනා, සමාජයක් ඉන්නා, රටකටය. ගෝත්‍රිකයන් ඉන්නා රටක් පාලනය කරන්න ඕනා දරුනු නීතී දමලාය. ඩොකාගේ ඉඳන් දෙකයි පනහේ ටෙලි නාට්ටිවලින් ද ජරාව මිනිසුන්ට බෙදනා කාළකන්නි නලු නිලියෝ රකින්නත් ඕනා ආන්ඩුවෙන්ය. ඔක්කෝම ගිඟන්නෝය. හිඟන්නෝ කරේ දාගන්නේ හරක්ය. හිඟන්නෝ තියන්න ඕනා හිඟන්නෝ විදියටය.

හරි ආන්ඩුවක් නම් කළ යුත්තේ වෛද්‍ය විද්‍යාලයන්හී විභාග, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ විභාග දෙපාර්තමේන්තුවෙන් පැවත් වීමය. එතකොට දෙගොල්ලාටම හුළංය. මන්ද ආන්ඩුවේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍යවරයකුගේ සුදුසුකම් මැනිමේ ක්‍රියා පටිපාටියන් සිඳු නොවනා බව ප්‍රසිද්ධ රහසක් නිසාය. එමෙන්ම සයිටම් හා අළුතෙන් පටන් ගන්නා ඕනෑම වෛද්‍ය විද්‍යාලයකින් විශාල මුදලක් වාර්ශිකව ලබා ගෙන, එමගින් ආන්ඩුවේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා පිරිස වැඩි කිරීමය. කරනවා නම් තවත් යෝජනා ඕනා තරම් දෙන්න පුළුවන්ය. එහෙම නැතුව මුදල් තියෙන දරුවන්ගේ ඉඟෙනීමේ අයිතිය කප්පදු කිරීමවත්, යුනියන් කාරයෝ කියනා විදියට රට කරවන එකවත් නෙමේය. 

ආන්ඩුව වෛද්‍ය මාෆියාවට යටත් වන්නේ නම් එම දරුවන්ගේ දෙමාපියන්ට තම මුදල් පොලී සමඟ ගෙවීම ආන්ඩුවේ වගකීමක්ය. කොන්දක් නැති ආන්ඩු නිසා මිනිසුන්ගේ මුදල් වලට හා තවත් දරුවන් පිරිසකගේ ජීවීතයේ වටිනාම කාළය සමඟ පිස්සු කෙලින්න කිසිවකුට අයිතියක් නැතිය. මේත් මේ රටේ දරුවෝය.

සයිටම් එක ගැන කතා කරන හැම එකාම ඉන්ගිරිස් දන්න නිසා කාලෝ පොන්සෙකා එදා පුකෙන් කරපු කතාව ගැන වාර්ථාවක් මෙතන තියෙනවාය. කියවලා තේරුම් ගන්නය.

එයිටාමතරව හිතවත් චානුක වත්තේගමයන් බුකියේ ලියූ හබරල කයියක්, ඔබේ හිත සුව පිනිස පහලින් දානවාය... ඒකට හෙඩිමක් තිබුනේ නැත. හෙඩිම මගෙන්ය.


කාලෝ අයන්තේ...

1. කාලෝ ෆොන්සේකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වෙද්දී (1986 දී පමණ) 
එය අසා සිටියෙමි.

2. කාලයාගේ ඇවෑමෙන් කාලෝ ෆොන්සේකා තමන්ගේ පෙර මතය වැරදිය පිළිගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලද ඔහේ තිබුණාට කමක් නැත කියද්දී (වසර දහයකට පමණ පෙර)
එයද අසා සිටියෙමි.

3. කාලෝ ෆොන්සේකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල කිසිම වරදක් නැත කියද්දී (වසර පහ හයකට පෙර) එයද අසා සිටියෙමි.

4. දැන් කාලෝ ෆොන්සේකා නැවත තමන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිය කියද්දී 
එයද අසා සිටිමි.

-x-

(Saturday, August 11, 2012 - The Sunday Times)

SLMC president indirectly approving SAITM programme

All members of management committee oppose his memo
View(s):

The Management Committee of the Sri Lanka Medical Council (SLMC) last week rejected a memo by its Chairman Prof.Carlo Fonseka to certify the transcript of a purported student of the Malabe private medical faculty.

Prof. Fonseka who is also SLMC President had submitted the memo for the second time last Wednesday, the Sunday Times understands. But the SLMC’s Management Committee had rejected it on the grounds that the committee has not assessed or monitored the degree programme and curriculum of the Malabe private medical faculty. The Management Committee comprises seven members including Chairman Prof. Fonseka.

The 10-point memo (in the possession of the Sunday Times) had earlier been submitted on July 25, while on both occasions Prof. Fonseka had failed to produce the alleged letter of request by the student which would have indicated the year she was at the Malabe private medical faculty, it is learnt.

The memo states: “I take special note of the fact that it is a student of SAITM (South Asia Institute of Technology and Management) who has made the request. She seems to have sensed that the prospects of completing her medical studies at SAITM are very slight and to cut her losses she has now decided to pursue another path……“I happen to know that the political authorities at the highest level are very concerned about the way the proprietors of SAITM have gone about their business. They are now concerned mainly about the fate and welfare of the students at SAITM.”

Following the submission of this memo, many sources were perturbed over the alleged “devious” role being played by Prof.Fonseka.As SLMC President he should be protecting and safeguarding medical education in Sri Lanka, but he seems to be advocating the approval of the medical course of study before the faculty was granted degree-awarding status, a senior in the medical field said.

The Malabe private medical college (part of SAITM) set up in 2009 has been embroiled in a major controversy, with the University Grants Commission granting it “provisional” recognition as a degree-awarding institution only in August last year (2011) on condition that certain requirements would be met in a stipulated time period. A high-level five-member committee of the Health Ministry headed by then Secretary Dr. Ravindra Ruberu also put out a scathing report this year (2012), pinpointing numerous flaws in the setting up of the Malabe private medical faculty.

Another source stressed that Prof.Fonseka should be urging the Malabe private medical faculty to put its house in order even now, without surreptitiously attempting to pressurise the SLMC to give the nod of approval to a course of medical study which to say the least seems to be substandard.

“The Malabe private medical faculty still has no functioning hospital for students to do their clinicals,” this source said, adding that its curriculum had much to be desired. The number of hours earmarked for the study of Russian, Latin and philosophy is overwhelming when compared to the essentials of basic medicine such as anatomy and physiology, he pointed out. Meanwhile, another source pointed out that Prof. Fonseka is attempting to “misuse” the Health Ministry five-member committee’s report to justify the course of study at Malabe which had been started with scant regard for right practices.
Quoting ‘1c’ of the ‘Conclusion’ of the committee dealing with ‘Students enrolled prior to the gazette notification’ which states, “Strictly subject to the SLMC approval and without this leading to any precedent, as a concession to the students who have met the SLMC eligibility criteria for admission to a medical school overseas, to explore the possibility of considering the period/or a part of the period of training in Sri Lanka as a component of the total course to be undertaken in NNSMA (Nizhny Novgorod State Medical Academy in Russia) as in (b) above,” the source said that Prof. Fonseka had conveniently forgotten to refer to ‘1b’.

‘1b’ of the Ministry committee’s ‘Conclusions’ states categorically: “To proceed to Nizhny Novgorod and commence training as a new student after ensuring the minimum G.C.E. (A/ Level) requirements prescribed by the SLMC, complete the entire course, pass the MD and return to Sri Lanka and apply to sit for the ERPM (Examination for Registration to Practise Medicine earlier known as the Act 16).”

“This is when there arises a doubt about the role played by Prof. Fonseka,” the source added.He stressed that the memo also seemed to have a veiled threat of the politicisation of the SLMC, when Prof. Fonseka states that “………….every order or decision of the MC (SLMC) shall be subject to appeal to the Minister whose decision shall be final. It is with all these realities in mind that we should consider the request of the student for certification of her transcript.” Is Prof. Fonseka paving the way for the politicisation of the independent SLMC, was the question worrying many senior medical people, who also wondered about the identity of this “student” without a name.

Meanwhile, several telephone calls to Prof. Fonseka’s home (he apparently does not have a mobile) by the Sunday Times to get his views, since Thursday went to a recording machine. Messages which included a phone number, left on the answering machine did not draw a response from Prof. Fonseka.

157 comments:

  1. බටහිර වෛද්‍ය විද්‍යාව දුර්වල වෛද්‍යාවක් පමනක් නොව කාන්තාවන්ගේ ලැජ්ජ බය යන දෙකම නැති කරයි. මෙම මර උගුලට තවත් අසු නොවී මෙවැනි කාලෝ ෆොන්සේකා වැනි බටහිර ගැත්තන් පන්නා දමමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ලැජ්ජා බය නැති කරන අයට කියන්නේ, ඩොක්ටර් තනබාලසිංගම් කියලා

      Delete
  2. සයිටම් ආයතනය ආරම්භ ය හා එහි කටයුතු ගැන අනන්තවත් ප්‍රශ්නය ඇත. ඒ වගේම KDU හා අනෙකුත් රජයේ හා SLMC අනුමත විදේශීය මෙඩිකල් faculty ගැන ද හාරා අවුස්සා බැලුවහොත් ඒවායේ ගුණාත්මක බව ගැන මෙවැනිම ප්‍රශ්න තිබිය හැක . නමුත් ඒ ප්‍රශ්න නිසා සයිටම් ආයතනය ප්‍රශ්න කිරීමකින් තොරව බාරගත යුතු යැයි නොපවසමි. මා සිතන ආකාරයට ලන්කාවේ private medical faculty වලට අවස්ථාව ලබාදීමටර අදාල පාර්ශව එකගනම් රජයට පවරා ගැනීමකින් මෙපිට විසදා ගැනීමට යෝජනා ලෙස
    * සිසුන් බදවා ගැනීමට ඇවම සුදුසු කම් යෝජනා කිරීම හා තෝරා ගැනීම පාරදෘෂ්‍ය ලෙස සිදු කිරීමට රාමුවක් සැකසීම
    * exams අදීක්ශනය රජයේ ආයතනය කට පවරා ගැනීම
    * සායනික පුහුණුව ට රජයේ රෝහල ක් ලබාදී ,එය නඩත්තු කිරීමට/ සන්වර්දනයට / සයිටම් ආයතනයෙන් ගාස්තුවක් ඊට අයකිරිම
    * කිසියම් z අගය මත ugc මගින් තෝරාගත් සිසුන් ප්‍රතිශතය කට10- 20% - ශිෂ්‍යත්ව ලබාදී නොමිලේ අද්‍යාපනය ට ඉඩ සැලසීම
    * ලාබය, අයකරන් ගාස්තු හා පාලනය සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කල හැකිය නමුත් සීමා ඉක්මවා කොන්දේසි(ගුණාත්මක බව සම්බන්දව නොවේ) දමා රජයේ පාලනය වැඩිකල හොත් නැවත එය රජයේ ආයතනයක් බවටම පත්වේ.

    ReplyDelete
    Replies
    1. සයිටම් ආයතනයත් , රජයත් මෙම තත්වය ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිසිවෙලාවට ගෙන නොමැති බව පැහැදිලිය. මෙම ආයතනයට මිලියන ගනනක් වියදම්කර තම දරුවන් යැවුදෙමව්පියන් මෝඩයෝද ? ,මෙම ප්‍රශ්ණය විසදීමට ඔබගේ යොජනා මමද අනුමත කරමි. එහෙත් දැනටමත් මෙහි වෛද්‍ය උපාදිය ලබාගත් අය සඳහාද පිලිගතහැකි වැඩපිලිවෙලක් අවශ්‍යය, කලෝගැන කියා වැඩක් නැත, ඔහු වයසට පිස්සුකෙලින මැන්ටලයකි,

      Delete
    2. ඔබගේ අදහස හා මමත් එකඟයි,
      හැබැයි මේ කියන කාරනා වලි ඇතැම් ඒවා දැනටමත් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ එහෙම විසඳුම් ලැබුනු ප්‍රශ්ණ පවා විසඳී ඇති බව කුහක වෛද්‍ය සභාව පිළිනොගැනීමයි.

      1,සිසුන් බඳවා ගැනීමේ අවම සුදුසුකම්: මේ සඳහා දැනටමත් ප්‍රථිපාදන කොමිසම මැදිහත් වේ. සියළු සිසුන්ගේ ඇතුලත් වීමේ සුදුසුකම් අදීක්ෂ්නයකින් පසු අනුමතවේ.
      2, සායනික පුහුණුවට රාජ්ය රෝහල් ලබා දී ඇත. ඒ සඳහා ගෙවීමක් එක් එක් සිසුවා වෙනුවෙන් රජයට ගෙවනු ලබයි.
      3, Z අගය මත රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයට තේරුනු සිසුන් ට පසුව සිටි සිසුන් 10 දෙනෙකු 2014 වසරේදී ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගන්නා ලදී . එය දිගටම ක්‍රියාත්මක වුනාද නොදනිමු.

      වෛද්‍ය සභාව තර්ක කරන හැටි.
      සයිටම් මිදුලේ විශාල ගසක් ඇත.
      වෛ ස.: මෙම ගස මෙසේ තිබීම වැරදියි.
      සයිටම්: හරි ගස කපා දමන්නම් (ගස කපා දැමේ )
      වෛ ස : එතැන ඒ ගස තිබීම වැරදියි.
      සයිටම්: ඔව් ගස කපා දැම්මා
      වෛ ස: ගස තිබීම වැරදියි ඔවුනුත් එය පිළිගත්තා.
      සයිටම් : අපි ගස කපා දැම්මා
      වෛ ස: ගස තිබීම වැරදි බව ඔවුනුත් පිළිගෙන තිබියදී රජයට පවරා නොගන්නේ ඇයි.
      සයිටම් : ගස කපා දමා ඉවරයි.
      වෛ ස.: ඉදිරියේදී ඔවුන් නැවත ගස සිටුවීමට ඉඩ ඇත වහාම රජයට පවරා ගන්න.

      Delete
    3. //1,සිසුන් බඳවා ගැනීමේ අවම සුදුසුකම්: මේ සඳහා දැනටමත් ප්‍රථිපාදන කොමිසම මැදිහත් වේ. සියළු සිසුන්ගේ ඇතුලත් වීමේ සුදුසුකම් අදීක්ෂ්නයකින් පසු අනුමතවේ.

      මෙහෙම කිව්වාට පරණ කණ්ඩායම් 10ට එය අදාල වෙන්නේ නැත. ප්‍රශ්නය උද්ගතව ඇත්තේ පළමු කණ්ඩායම සමගය.

      //2, සායනික පුහුණුවට රාජ්ය රෝහල් ලබා දී ඇත. ඒ සඳහා ගෙවීමක් එක් එක් සිසුවා වෙනුවෙන් රජයට ගෙවනු ලබයි.

      මේ ගැන පුහුණුව ලබා දෙන වෛද්‍යවරුන්ගෙන් විමසීමක් කර නැත. නෙවිල් ලොක්කා බලනෙන පිනට වැඩේ කර ගැනීම් අටය. සයිටම් සිසුන් පුහුණු කිරීමට අදාල ගාස්තු තීරණය කිරීමේ එකම බලය අයත් වෙන්නේ පුහුණුව ලබා දෙන වෛද්‍යවරුන්ට. මොකද රජයේ වෛ. සිසුන් පුහුණු කරන්නේ ස්වේච්ඡා සේවයක් විදියට.

      3. මේය සීනි බෝල විසඳුමකි. ශිෂ්‍ය ණය ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. නමුත් එසේ කළ විට දේශපාලුවන්ගේ හා මුදලාලිලාගේ මෝඩ පුතුන්ට යන එන මං නැති වෙන නිසා එහෙම කරන්නේ නැත.

      Delete
    4. මිගාර ඔබ කියන ඇතැම් දේ සමග මම එකඟයි,
      1, පළමු කණ්ඩායම් කිහිපයෙහි සිටි ඇතැම් සිසුන් සුදුසුකම් සපුරා නිතිබීම මත ඉවත් කර ඇත. අද ඔවුන්ගේ දෙමා පියන්ද සයිටම් විරෝධී අරගලයට පිටුපස සිට ශක්තිය සපයන බව වාර්තා වේ.

      2,සාධාරණ ගෙවීමක් රජ්ජ්‍ය රොහල් වලට ගෙවිය යුතු බව අවිවාධිතය.
      එහෙත් රජයේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීම ගරු සේවයක් නොව එය වෛද්‍ය වරුන්ගේ ගෙවීම් ලද සේවාවෙහි කොටසකි. ඔවුන්ගේ රාජකාරියකි.
      එමනිසා ගෙවීම තීරනය කිරීම වෛද්‍ය වරුන්ගේ අයිතියක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි වැඩකි.
      බලාගේ වැඩය බල්ලා ඉටු කල යුතුය

      3,අනිවාර්‍යයෙන්ම ශිෂ්‍ය ණය ක්‍රම හඳුන්වා දිය යුතුය. එහෙත් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිබඳ ගැටළු ඇති නිසා මූල්‍ය ආයතන මේ ගැන නිහඬ පිළිවෙතක් දරති.
      පළමුව තිබිය යුත්තේ අනුමැතිය ලද ගෙවන උපාධි පාඨමාලාද නැතහොත් ණය ක්‍රමද?
      පළමුව ආයේ කුකුළාද බිත්තරයද වැනි ප්‍රශ්නයකි.

      ඔබේ ඇතැම් ප්‍රකාශත් අර මා කියා ඇති තර්කන ක්‍රමය හා සමපාත වේ.

      Delete
    5. //එහෙත් රජයේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීම ගරු සේවයක් නොව එය වෛද්‍ය වරුන්ගේ ගෙවීම් ලද සේවාවෙහි කොටසකි. ඔවුන්ගේ රාජකාරියකි.

      නැත. වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි වලට එය අඩංගු නැත. කිසිම රටක එය අඩංගු නොවේ.

      //එමනිසා ගෙවීම තීරනය කිරීම වෛද්‍ය වරුන්ගේ අයිතියක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි වැඩකි. බලාගේ වැඩය බල්ලා ඉටු කල යුතුය

      දැනට එය වෛද්‍යවරුන්ගේ අයිතියකි. වෛද්‍යවරුන්ගේ එම අයිතියටත් ඇඟිලි ගැසීමට උත්සාහ කිරීම ඇමතිට අනතුරුදායක විය හැකිය.

      ශිෂ්‍ය ණය, වෛද්‍ය උපාධි සඳහා පමණක් සීමා නොවේ. දැනටමත්, වෙනත් ගෙව්න පාඨමාලා ඇති නිසා ශිෂ්‍ය ණය හඳුන්වා දීමේ ගැටලුවක් මා නම් දකින්නේ නැත.

      Delete
    6. බොහොම ඉස්තූතියි වටිනා කොමෙන්ටුවට...

      Delete
    7. මිගාර ඔබ වැනි අන්තවාදී ඒක පාර්ශ්වික දැක්මක් ඇති පුද්ගලෙකු යමක් හරවත්ව සාකච්චා කිරීමට සුදුසු පුදගලයෙකු විය නොහැකියි.
      වෛද්‍ය වරුන්ගේ සේවා කොන්දේසි වල සිසුන් පුහුණු කිරීම ඇතුලත්ව නැතිනම් එය කල යුතුය. මන්ද අලුතෙන් වඩු බාස් කෙනෙකු පුහුණු කිරීම ඉන්නා බස් උන්නැහේගේ කාරියකි.
      "දැනට වෛද්‍ය වරුන්ගේ අයිතියක්ව ඇති දෙයට අත තැබීම ඇමතිට අනතුරු දායක වනු ඇත" අන්න ඒක තමයි ඔබේ තර්කයෙහි ඇති වැදගත්ම කොටස.
      තියන්න ඔබේ පිහිය අසරණ රෝගියාගේ බෙල්ලට.
      කරන්න ඇමතිට තර්ජනය. ....
      මේ සටන් කරන්නේ අසරණ ලෙඩුන් වෙනුවෙන්ලු...
      ඔබ සටන් කරන්නේ වෛද්‍ය වරුන්ට අසරණ මිනිසුන් සූරා කෑමේ ඉඩ කඩ පවත්වා ගැනීම පිණිස මිස අන් කරුනක් අරඹයා නොවෙයි.

      අනෙකුත් උපාධි පාඨමාලා සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රමුඛ බොහෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ණය ක්‍රම ආරම්බ කර ඇත.
      මිගාර මේ ඔබේ දැන ගැනීම පිණිසයි..!!

      Delete
    8. //වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි වල සිසුන් පුහුණු කිරීම ඇතුලත්ව නැතිනම් එය කල යුතුය. මන්ද අලුතෙන් වඩු බාස් කෙනෙකු පුහුණු කිරීම ඉන්නා බස් උන්නැහේගේ කාරියකි.

      නැත. වඩුබාස්ලා පුහුණු කරන්නේ වෘත්තීය පුහුණු අයතන ව්ල මිස වඩ මඩු වල නොවේ. එමෙන්ම විද්‍යවරුන් පුහුණුව කරන්නේ වෛද්‍ය පීඨ වල ආචාර්යවරුන්ය. අනෙක් වෛද්‍යවරුන් මෙයට දායක වන්නේ විශ්ව විද්‍යාලීය සගයන්ට පහසුවක් වීම සඳහා සහ ඉඩ පහසුකම් මදි කම නිසාය. එනිසා ඔබේ තර්කය බොල් තර්කයකි.

      //තියන්න ඔබේ පිහිය අසරණ රෝගියාගේ බෙල්ලට. කරන්න ඇමතිට තර්ජනය. ....

      එහෙනම් බහින්න රෝගීන් සහ අපි වෙනුවෙන් පාරට. හර්තාල් කරන්න. බැරියර් පෙරළන්න. අපි ලෙඩ්ඩු බලා ගන්නම් එතකම්.

      එහෙම කරන්නේ නෑනේ ඔය මහත්තැන්ලා? එහෙම කරන්න කවදාවත් එකඟ වුනාද? ඒ නිසා අත දරු කතා වලින් වැඩක් නෑ.

      //අනෙකුත් උපාධි පාඨමාලා සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රමුඛ බොහෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ණය ක්‍රම ආරම්බ කර ඇත. මිගාර මේ ඔබේ දැන ගැනීම පිණිසයි..!!

      බොහෝම හොඳයි. එහෙනම් විද්‍ය විද්‍යාල සඳහාත් එය සීමාවකින් තොරව ලබා දෙන්න. ඊට පස්සේ බලමු සයිටම් වගේ ආයතන වලට යන්නේ කොයි වගේ සිසුන්ද කියල.

      Delete
  3. කාලෝ ගැන නම් කතාකරල වැඩ ක් නෑ. එයා හදන්නෙ පොරටෝක් දීලා වීරයෙක් වෙන්න. නැති නම් වුර්තීකයෙක් විදියට ඔය මගෙ මිනිය උඩින් තමා වගේ මැටි කතා කියන්න පුලුවන්ද ? . ඕන්නම් එයාට කියන්න පුලුවන් දැනට තියෙන තත්ත්ව යටතේ සයිටම් එක හා එහි සිසුන් පිලිගන්න බෑ කියලනේ.

    ReplyDelete
    Replies
    1. එයා ඉස්සර අදේව වාදියෙක්... දැන් එයා මහින්ද වාදියෙක්...

      Delete
  4. කාලෝ වගේ කට්ටිය තවම ලොකු පුටුවල වාඩිකරවලා ඔය වගේ ගොන් කතා අහගෙන ඉන්නෙ මොකද කියන ප්‍රශ්නය කාගෙන්ද අහන්නේ?

    රටේ අනාගතය විනාෂ වෙන එක හොදයිද?

    මේවා මාතලන් ලොක්කා පිලිතුරු දියයුතු දේවල් නොවේ

    (People those who appointed Kalo Fonseka to these top post dobt have brains at all)

    Thanks Maathalan lokkaa. ...

    ===Adrian from Toronto===

    ReplyDelete
    Replies
    1. කාලෝ හොඳයි.. මේ ළඟදි ලේඛම් කෙනෙක් එකම ඉන්ටවීව් එක දීලා තිබුනා ආන්ඩු විරෝධී පත්තර දෙකකටම... ආතල් එක කියන්නේ ඌ තාමත් සේවයේ..

      Delete
  5. Aneey Adaala nethinam samaawenna kiwwa. But this, I think, will provide Maathalan a good base for another post for our reading pleasure.

    Do u smell what I smell? the Slsi smoke? (before fire?)

    අපේ නබි තුමනට එරෙහිව එක වචනයක් හෝ කිවුවොත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා ....
    GossipClanka.com

    ReplyDelete
    Replies
    1. ජාතිවාදෙ අවුස්සන්නෙ නැතුව ගිහින් කාල බීල රීල නිදාගනින්.

      Delete
    2. Hari sir. Man onna yanawa kannai bonnai Bangladesh cafe ekata. kaapuwa beepuwa dirawaganna jeewath wunoth rennam.

      Delete
    3. මෙහේ හරක්ට ඕවා කියලා වැඩක් නෑ... අර කිව්වා වගේ පළමු ප්‍රහාරය එනකන් ඔහේ බලාන ඉමූ...

      Delete
  6. මගේ පුද්ගලික මතය නම්අවම වශයෙන් උසස්පෙළ ජිව විද්‍යාවට A සාමාර්තයක් රසායන ව්ද්‍යාවටB සාමාර්තයක් සහ භව්තික ව්ද්‍යාවට C සාමාර්තයක් ඇති අය පමනක් තෝරා ඔව්න් අතරින් වෛද්‍ය වෘත්තියට සුදුසු අය තෝරා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කල යුතු බවයි. අද සමහර වෛද්‍යවරු එම වෘත්තියට ගැලපෙන අය නොවේ.

    ReplyDelete
    Replies
    1. There are students from some districts who have less than above results in the medical college, pl refer UGC entrance booklet Zscores district vice

      Delete
    2. වෛද්‍ය පීඨයට හොරපාරෙන් නමුත් නීත්‍යානුකුලව යන ක්‍රමය තමයි දිස්ත්‍රික් පදනම සහ දුශ්කර පදනම පාවිචිකිරීම. ඔබ දන්නවාද යාපනය දිස්ත්‍රක්කය දුශ්කර පදනම යටතට ගැනෙන බව ?

      Delete
    3. //There are students from some districts who have less than above results in the medical college, pl refer UGC entrance booklet Zscores district vice

      Absolute lie. The lowest marks my batch had (1996 AL) in Colombo Uni was 282. That is at least 2A2B. And we had only 33 4As in the bio stream in 1996.

      Delete
    4. සමහර පලාත් වලින් ඔබ සඳහන් කරන සාධන මට්ටමට බොහෝ අඩු අය එනවා...

      මිගාර හිතාගෙන ඉන්නේ ලංකාවේ මෙඩිකල් කොලේජ් එකට සිසුන් ගන්නේ 1996 ප්‍රතිඵල වලින් විතරයි කියලා...

      Delete
    5. වෙන්න පුළුවන්. හැබැයි මම එක කණ්ඩායමක් ගැන වත් දන්නවා. මාතලන් එකක්වත් ගැන දන්නේ නෑ.

      ඔය මට්ටමට "බොහෝ" අඩු අය එන්නේ නෑ. අපේ සැරෙ සීමාකාරී ලකුණ මුලතිව් වලට 222යි. ඒ කියන්නේ C4 ක්වත්.

      අනික මුලතිව් වලින් C4ක් ගන්න එකා, කොළඹ C4ක් ගන්න එකාට වඩා වැඩකාරයා බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

      Delete
    6. පිස්සු තර්ක. මුලතිව් එකා කොළබ ඇවිල්ලා හොඳ ටියුශන් එකකකට ගිය දෙවනෙි හෝ තුන්වෙනි සැරේ AL කරපු එකෙක් වෙන්ඩ බැරිද ?

      Delete
    7. මිගාරට තිබෙන්නේද කාලෝ ෆොන්සේකාට තිබෙනා ලෙඩේමය.

      සියල්ල දන්නේ ඔවුන්ම පමණි.

      මෙඩිකල් කොලේජ් එකට එන අය ගැන දැනගන්න මෙඩිකල් කොලේජ් යන්නම ඕන නෑ.. එහෙමනම් ඉතින් මේ රටේ එකෙකුටවත් පාර්ලිමේන්තුවේ ඉන්න උන් විවේචනය කරන්නත් බෑ. උන් ගැන කිසිම දෙයක් අනික් උන් දැන ගන්නත් බෑ.

      මිගාරලා වගේ කාළකන්නි දොස්තරලා නිසා තමයි රත්තරන් දොස්තරලාගේ නම කැත වෙන්නේ.

      Delete
    8. //පිස්සු තර්ක. මුලතිව් එකා කොළබ ඇවිල්ලා හොඳ ටියුශන් එකකකට ගිය දෙවනෙි හෝ තුන්වෙනි සැරේ ඇළ් කරපු එකෙක් වෙන්ඩ බැරිද ?

      අපොයි පුළුවන්. හැබැයි කොළඹ එකා එක විෂයයට පන්ති දෙක ගාණේ ටියුෂන් ගිය එකෙක් වෙන්නත් පුළුවන්. කොළඹ එකා කොළඹ ටියුෂන් යාමයි, මුලතිව් එකා කොළඹ ටියුෂන් ඒමයි හරිම සමානයි නෙහ්?

      ඇත්ත කාරණය වෙන්නේ දිස්ත්‍රික් කෝටාව සම්පත් අසම ලෙස බෙදී යාම නිසා අවශ්‍ය වන දෙයක්. මගේ අදහස අනුව දිස්ත්‍රික් කෝටාව යම් වසර ගනනකදී ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් තිබිය යුතුයි. වර්තමානයේ දිස්ත්‍රික් කෝටාව ගම්බද පාසල් වලට අවශ්‍ය දේ නොදීමට දේශපාලකයන් මෙවලමක් කර ගන්නවා සේම, ස්ඩු පහසුකම් නිසා එවන් කෝටාවක් අවශ්‍යත් වෙනවා. මේක විෂම චක්‍රයක්. කෝට ක්‍රියාත්මක එකම රට අප විතරකුත් නොවෙයි. ඉන්දියාවේ කුලහීනයන් සඳහා විශව විද්‍යාල ප්‍රවේශය මෙන්ම රැකියා සඳහාත් කෝටා පවතිනවා.

      Delete
    9. මම හිතන්නේ "සියල්ල දත්" මාතලන් සමග සංවාදයට යාම මාවැනි කිසිවක් නොදත් පුඟුලන් හට ඇකැප සේය. වෛද්‍ය අධ්‍යාපනය ගැන කප් ගසා ඇති, විද්‍ය සිසුන් පරම්පරා ගානැකට උගන්වා ඇති මාතලන් සමග සසඳන විට කාලෝ මොකෙක්ද? කාලෝ එහෙම නම්, මම ගැන කතා කරලාත් වඩක් නැත. "සියල්ල දත්" මාතලන්ලා එක්ක කරන සංවාදය ඒ නිසා හමාර කරමි.

      Delete
    10. ළොකු උදව්වක්... සල් වනයක්... හිත හොඳ වැදගත් වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා..

      Delete
    11. in my opinion best way is give more weigh-age to underprivileged sections of the society like in India than district quota system . it is the rich and privileged people from the provinces who get selected to MC through Z score over underprivileged people from colombo.Colombo has a very large section of down trodden people let lone MC even a degree is out of reach for them. they are eternally cursed.

      Delete
  7. රටේ මිනිස්සුන්ගෙ මිථ්‍යා මත වලට විරුද්ධව කතා කරනකොට උඹලට කාලෝ හොදයි නේද?

    ReplyDelete
  8. කියවලාම බලන්ට ය!

    http://www.island.lk/2009/07/25/opinion1.html

    ReplyDelete
    Replies
    1. ඔහේ ඒ ලියුම කියෙවුවැයි?

      Delete
    2. ඔව් ඔව්.. මේ අපි දන්න කියන එකෙක් නේ ලියලා තියෙන්නේ හිටන්

      Delete
    3. ෂඃ, සා රසගේ ම ලිපියක් නේද? හරි අගෙයි. ඔය දාන කොමෙන්ටු වල හැටියට නම් මං හිතුවේ කාර්ලෝ ගේ අදහස් හිස් මුදුනින් පිළිගනියි කියලා.

      Delete
    4. //ඔය දාන කොමෙන්ටු වල හැටියට නම් මං හිතුවේ කාර්ලෝ ගේ අදහස් හිස් මුදුනින් පිළිගනියි කියලා. //

      පුත දීගායු ලඟ නොබලන්න, දුරම බලන්න කොමෙන්ටුවලින් මිනිසුන් නොමනින්න!

      Delete
    5. ලඟ නොබලා දුර බලන්න ගිහින් මගෙ යාලුවෙක් මලා කියල ඇනෝ කියයි

      Delete
  9. කාලෝ ෆොන්සේකාට කලින් මම ගරු කලෙමි. එහෙත් ඔහු කල එක් ප්‍රකාශයකින් පසු මගේ ගවුරවය අවසන් කලෙමි යාපනයේ පුස්තකාලය ගිනිතිබ්බේ කොටි බව සඳහන් කරමින් පොලිස්කාරයෙක් ලිවූ පොතක් දොරට වැඩීමේ උත්සවයට ගිය කාලෝ පොලිස්කාරයාගේ පොතේ කතාව සත්‍ය බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය.
    තරුණ වයසේ අවංක මිනිසෙකු වූ කාලෝ දැන් අමු අවස්ථාවාදියෙක් වී සිටී.

    මගේ බ්ලොග් අඩවිය වන sudukukula.blogspot.com සඳහා කාලොගේ වර්ණවත් අතීතය ගැන සහ වර්තමානයේ කුණු ගඳ ගහන කුණු ගොඩක දපමින් සිටීම ගැන ඉදිරි දිනක ලිපියක් ලිවීමට මා සිතා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ලියන්න... අපි කියවනවා...

      Delete
  10. ඇති හැකි එකාත් නැති බැරි එකාත් දැන් මොන දේ කරලා හරි ටියුශන් යනවාය. A/L වලට ඕනම එකෙකුට තමන්ට කැමති විශය දාරාවක් තෝරා ගත හැක. O/L වල මැත වහ කදුරු එකා A/L වල මැත තෝරා ගන්නේ නැත. ඒ වගේම A/L වලින් පසුද ඕනම එකෙකුට තමන්ට කැමති field එකකින් ඉස්සරහට යන්න දෙන්න ඕනය. A/L වල ටියුශන් වලට වියදම් කලා වගේ ඒ මිනිස්සුන්ට දරා ගන්න පුලුවන් ගානකට එම field එකේ උගන්න්න ඕනය. නැතිව සයිටමේ වගේ පුලුවන් එකාගේ කොල්ලට විතරක් ඉගන ගන්න නෙවේය. අන්තිමට පොදුවේ පිලිගත් විබාග කිඉපයක් තියලා ඕන නම් practical එහෙමත් කරලා ඒ අයට අදාල field එකේ තනතුරු දෙන්න පුලුවන්ය.

    ReplyDelete
    Replies
    1. වටිනා දේවල් නොමිලේ මෙන්ම අඩු මිලට දෙන්න නරකයි... නොමිලේ දීපු එක තමයි කරුමය වෙලා තියෙන්නේ..

      Delete
  11. ගරු ජනාධිපති තුමනි, කාලෝත් ඇමතිකමක් /තානාපතිකමක් වගේ එකක් ඉල්ලනව වගේ, චන්ද්‍රිකාගෙනුත් අහල සුදුසු විදිහක් කරල දාන්න හිටං.

    ReplyDelete
    Replies
    1. අවමංගල අධ්‍යක්ෂක කමක් උනත් අවුලක් නෑ...

      Delete
  12. මාතයියෙ ගස්ලබ්බගෙ පෝස්ට් එකේ මං දැක්ක හොඳම විග්‍රහය සජ්ජගේ.. ඌ ලියපු දේට එකඟ වෙන්න පුලුවන්..අපිට කියන්න ඕන දේ ඌ එකෙන්ම ලියලා.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් විග්‍රහයකට එකඟවෙලා මලා

      Delete
    2. පුකෙන්ද ?

      Delete
    3. සජ්ජා කියන්නේ පොලොවෙ පය ගහලා ඉන්න එකෙක් නේ... ඒකයි හේතුව.. වෙන දෙයක් නෙමෙයි...

      Delete
  13. වයසට යනකොට මොලේ කචල් වෙනව මුං ඔක්කොගෙම. එකෙක් සරත් නන්ද සිල්ව, එකෙක් සෝමවංශ ගොයිය ඌ නං මළා, තව එකෙක් තමා ගුණදාස අමරසේකර, ඇයි නලින් ද සිල්වා, දැන් මුන්දැ...

    ReplyDelete
    Replies
    1. හරි වයසෙදි පෙන්ෂන් යවන්නේ නැති එකේ වැරද්ද.

      Delete
  14. මහාචාර්ය වරු ඔක්කොටම වගේ මේ දවස් වල අමුතු ලෙඩක් හැදීගෙන එන්නේ. කියන්නේ කරන්නේ සිහි කල්පනාවක් නැති මිනිස්සු ගානට.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය වෙනවා කියන්නෙම ලෙඩක් නේ... සියල්ල දත් කියලා නේ හිතන්නේ... අපේ මහාචාරයවරු පිටරට ඩිග්‍රි කාරයෙක් ගාව හිඟන්නෝ...

      Delete
  15. Daruwan wenuwen mulal nayata gena ho , idam keallak ganna eka wagemai mudal aayojanaya kara pudgalaka viswa vidyalekata ho yawaa dostharek karana eka. Ehema beluwoth KARLO la kiyana vidiyata mudal gewaa ledakata beheth geniemath awakal kriyaawaki. Kal ikuth woo minisun vitin vita pissu kelina eka swabhaavikaya. !

    ReplyDelete
    Replies
    1. එයාට ළොකු එයාගේ පෝස්ට් එක...

      Delete
  16. උබල ඔක්කොම එක වට්ටියේ පලා වගේ තමයි ...
    කතා කරන්නේ කටක් නොවන කට වගේම පුකෙන් තමයි .....

    ReplyDelete
  17. ලංකාවට ප්‍රජාචන්ච්‍රවාදෙ ගැලපෙන්නෙ නෑ තමා. ඒ ලංකාව ගෝත්‍රික රටක් හින්ද නෙමේ මේක බෞද්ධ රටක් හින්ද. ප්‍රජාචන්ච්‍රවාදය සමාජවාදය බුදු දහමත් එක්ක එකග නෑ නිරාගමික පොෂ් බෞද්ධයින්ට නොතේරුනාට. බුදු දහමේ නිසි තැන ලබා දීමක් මිසක් සම තැන ලබා දීමක්ද නොමැත.

    ReplyDelete
    Replies
    1. එතකොට ලෝකයේ අනිත් ගෝත්‍රික රටවලත් තියෙන්නේ බුද්ධාගමද...?

      Delete
    2. දැනගන්නත් එක්ක කියන්න බලන්න ඔය කියන ගෝත්‍රික රටවල් මොනවද කියල ?

      Delete
    3. ලෝකෙ කිසිම රටක බුද්දාගම නෑ දැන්. බුද්දාගම දශමයක් හරි තියනවනම් ඒ ලංකාවෙ විතරයි. බුද්දාගම නැතිවෙන්නෙ අනාගමිකයො හින්ද නෙමේ නිරාගමිකයො හින්ද. මොකද නිරාගමිකයො තමා බුද්දාගම ගැන පඩිවරු වගේ පොර ටෝක් දෙන්නෙ. ඒත් උන් ඔක්කොම කියන්නෙ හිතලු. උදාහරණයක් චින්තන ධර්මදාස.

      Delete
  18. මම වරක් පෞද්ගලිකව ඔහු සමඟ කථා කර තිබෙනවා. මගේ අදහස ඔහු හීන ලෝකෙක ජීවත් වෙන කෙනෙක් බවයි. ඔහු කියන දේ හරි යැයි හැමෝම පිළිගත යුතුයි යැයි සිතන කෙනෙක් බවයි මට හිතුණේ. ඔහු ගේ ශිෂ්‍යයන් ඔහු සමඟ ඊට වඩා ලඟින් කටයුතු කර ඇති නිසා මගේ අදහස හරිද වැරදිද යන්න ඔවුන්ට ඊට වඩා හොඳ නිගමනයකට එන්න පුළුවන් ඇති.

    ReplyDelete
    Replies
    1. ඕක කාලෝ පොන්සේකාට නෙමෙයි ලංකාවේ බහුතරයකට තියෙන ලෙඩක්..

      Delete
  19. රජයේ විශ්වවිද්‍යාලවල උසස්පෙල සමතුන්ට මුදල් ගෙවා ඉගනීමට සැලසිය යුතුයි. කොයිතරම් කිව්වත් තාර්කික නොවන නිදහස් අධ්‍යාපන මන්තරයක් මතුරමින් සිටින අය පිලිගන්නේ නෑ. ඉතා පොහොසත් අයටත් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලු විය හැකිවුනොත් නොමිලේ අධ්‍යාපනය. ලකුණු දෙක තුනක් අඩු වුන දුප්පත් කෙනෙකුට යන්න තැනක් නෑ. එහෙම නැත්නම් ඉඩම් විකුණල සල්ලි නේපාලෙට, චීනෙට, ඉන්දියාවට දීල උගන්නන වෙනව. පොහොසත් අයගෙන් සල්ලි අරගෙන ඒ සල්ලිවලින් දුප්පත් අයට ශිෂ්‍යත්ව දීල සරසවි ඉන්ටේක් වැඩිකරන එකට කැමති නෑ ශුද්ධවූ නිදහස් අධ්යාපනය විනාස වෙනවලු. මුදල් ගෙවන සිසුන් හා දෙමාපියන්ගේ ආදායම අනුව පූර්ණ, අර්ධ, කොටස් වශයෙන් ශිෂ්‍යත්ව ක්‍රමයකට සිසුන් ගන්නවනම් සරසවි ප්‍රවේශ ලකුණු තව අඩු කරන්න පුලුවන්. ඉතා අධික ලකුණු ගන්න ජීනියස් මට්ටමේ අයට හා ක්‍රීඩා විශිෂ්ඨයින්ට ඒ සඳහා ශිෂ්යත්ව දෙන්න පුලුවන්. ඒත් අපේ වගේ රටක ඒ සඳහා මුලින්ම බලන්න ඕනෙ ආදායම් මට්ටම. ආදායම් මට්ටම් අනුව නොමිලේ සිට පූර්ණ ගාස්තු දක්වා ස්ට්‍රක්චර් එකක් ඕනෙ. මේක ගැන යල් පැන ගිය හැඟීම් හා කපටි/ඊරිසියාකාර/වයිරී /
    මෝඩ විප්ලවකාරී/දේශපාලනික විදිහට බලනකන් හරි යන්නෙ නෑ. මේ රටේ විතරයි මේ පිස්සුව.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන උන් සයිටම් යන්න බැරිනම් පිටරට ගිහින් හරි ඉගෙන ගන්නවා.අධ්‍යාපනය රජය යටතේම තියෙන්න ඕන කියන අය ඒ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් නොවීමත් පුදුමයක්.

      Delete
    2. ඇත්තෙන්ම වෙන්න ඕන එහෙම තමයි (ආදායම් මට්ටම අනුව අය කිරීම), එත් ආදායම් සහතිකේ ගන්නත් සල්ලි ඕන රටක්නේ මේක.

      Delete
    3. මේ රටේ ගැටළු වලට ප්‍රධානම හේතුවක් තමයි නිදහස් අජ්ජාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය. ඒකෙන් ලැබිලා තියෙන්නේ අමු හිඟන මානසිකත්වයක් සහිත ජනතාවක්.

      Delete
    4. අද නම් මැණික් මුදලාලිගෙ පුතත් ස්වයං රැකියා කියලා ග්‍රාමසේවා සහතික අරන් මහපොල ගන්න අතරෙ ක්ලාක් කට්ටන්ගෙ ළමයි(රජයේ සේවකයින්ගේ ළමයින්ට පොල නැත.) අරුන්ගෙ පිඟානෙ අඩුවක් කාල ලෙක්චර්ස් යන සීන් එකක් නෙ තියෙන්නෙ.
      සිසු ණය ක්‍රමයක් දාල පාට් ටයිම් ජොබ් කල්චර් එකත් උස්සලා ගත්ත නම් හඳ පායයි.
      ජයවේවා..!!

      Delete
  20. මෙච්චර කාලෙකට මොනම මාධ්‍යයකවත් බ්ලොග් අවකාසෙවත් ජීවිත පරදුවට තබා නිදහස් අධ්‍යාපනය රැක ගන්න දඟලන උන් වත් කොතලාවල ඩිපෙන්ස් ඇකඩමි එකේ වෛද්‍ය උපාධිය ලබාදීම ගැන වචනයක් වත් කතාකර තිබුණේ නැත.ඒක පැහැදිලිවම අමු කුහක කමය.ඒ ගැන උඹ ලියන්න ආරම්භ කිරීම ගැන මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. කොතලාවල එහෙම එකක් තියනවා කියල දන්නෙත් මේකෙන් පස්සෙනේ හැලපේ.

      Delete
    2. කොතලාවල එකේ ඔය කියන අවුල් නැත. ඒකට යන්න ක්‍රම 3ක් තියෙනවා.

      1. මිලිටරියට බැඳී සිටින අය
      2. මිලිටරියට "ස්වේච්ඡා සේවා" යටතේ බැඳීමෙන්
      3. විදෙස් ගමන් බලපත්‍රයක් හිමි වීම

      උසස් පෙළ ලකුණු වගේම, මනෝ විශ්ලේෂණයකටත් ඔවුන් මුහුණ දෙනවා. ඒවායෙන් තෝර ගන්න අය තමයි බැඳෙන්නේ.

      1 හා 2 කණ්ඩායම් වලට ඔවුන්ගේ බොන්ඩ් එක ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. බොන්ඩ් එක අවුරුදු 12ක් වෙනවා. ආසන්නව ලක්ෂ 60-70 අතර. 1 කණ්ඩායමට මුදල් නෑ. ඔවුන් හමුදාවේම සේවයේ යෙදිලා උසස් වීම ගන්නවා. 2 කණ්ඩායම මුදල් තියෙන නිසා බොන්ඩ් එක ගෙවලා ඉවත් වෙනවා. 3 කට්ටියට ලංකාවේ රාජ්‍ය සේවයට බැඳෙන්න බෑ (ශ්‍රී ලාංකික විය යුතුයි කියන නියමය තියෙනවා). ඔය කොයි කණ්ඩායමත් අවුරුදු 6ක් හමුදා විනය යටතේ සිටිය යුතුයි. 3 කණ්ඩායම අතර ද්විත්ව පුරවැසි භාවය පසුව ලබා ගන්න අය ඉන්න පුළුවන්. නමුත් විදෙස් ගමන් බලපත්‍රයක් තියෙද්දී මෙහේ පඩියට ඔවුන් රස්සා කරාවීය යන්න හිතන්න අමාරුයි.

      සයිටම් මෙන් නොව KDU වල පුහුණුව ලබා දෙන්නේ රජයේ රෝහල් වල. KDU ට මාලබේ රෝහලක් ඉදියෙනවා. රටේ හමුදාවේ 300,000 සිටි නිසා ඔවුන්ගේ පවුල් වල අය සමග මිලියන 1.5ක ජනතාවට එමගින් සේවය ලබා දෙනු ඇති බවටයි විශ්වාසය.

      KDU සිසුන්ට උගන්වා ඇති කෙනෙක් විදියට ඔවුන්ගේ හැකියාවන් ඉතා ඉහළ බව නම් කියන්න ඕන.

      Delete
    3. කොතලාවල වෛද්‍ය පීඨයට ගෙවීම් පදනම මත ලාංකික සිසුන් බඳවා නොගැනේ.
      ආරක්ෂ සේවා සිසුන් හට එහි අවස්ථාවලැබෙන අතර, විදේශික සිසුන් සීමිත සංඛ්‍යාවකට ගෙවීම් පදනමින් අවස්ථාව ලැබේ.
      එහෙත් එම විදේශීය සිසුන් ලංකාවේ වෛද්‍ය සේවයෙහි නිරත නොවනා නිසා ගැටළුවක් පැන නොනැගේ.
      ඇතැම් විදේශගත ශ්‍රී ලාංකික පවුල් වල දරුවන් විදේශීය සිසුන් ලෙස මෙහි අධ්‍යාපනය ලබයි.

      Delete
    4. කොතලාවල එකේ නෙමෙයි ඊටත් වඩා අනුරාධපුරේ අඩු පාඩු.. ලෙක්චරස්ලවත් නෑ...

      ඒවට නෝ කතා..

      Delete
    5. අනුරාධපුරේ සායනික පුහුණුව තියෙනවා. ඒක තමයි මුළු පුහුණුවෙන් 60%ක්ම. 60%ක් සයිටම් එකට නැති වුණාම ආයේ මොනව කියනන්ද?

      Delete
    6. ඇඩෝ අපුරේ ගැන කතා බෑ, එහේ තමයි ඉන්නේ සිංහල ආගම ජාතිය බේරගන්නම උපන්න වන් අැන්ඩ් ඔන්ලි මෙඩිකල් ප්‍රොෆා.

      Delete
    7. අපෝ ඔය සායනික පුහුණුව අපි දැකලා තියෙනවනේ... මාර පුහුණුවක් ඒක...

      Delete
    8. //අපෝ ඔය සායනික පුහුණුව අපි දැකලා තියෙනවනේ... මාර පුහුණුවක් ඒක...

      ෆුක නෑ මේ කතා අහලා.

      Delete
    9. රජරට ආරම්භක අවදියේ විශාල වශයෙන් ගැටලු තිබූූ බව සියලුදෙනා දන්නා ඇත්තක් . එහි සායනික පුහුණුව තිබිය හැක .නමුත් එහි ගුණාත්මක බව ගැන ඔබට සහතික විය හැක ද . ආරම්භ යේදී clinical සදහා prof units තිබුනේ ද නැත . Kdu අමතක කලත් රජයේ අනෙක් medical faculty වල පවා ගුණාත්මක බව පිලිබඳ කාලයේ න් කාලයට ඇගයීම් නොකර අපි ඒවා standard ලෙස පූර්ව නිගමනයක සිටි .

      Delete
  21. කාර්ල් මාක්ස්,
    කාර්ලෝ මාර්කෝ,
    කාර්ලෝස් මාකෝස්

    ReplyDelete
  22. ජනමත විචාරණයක් තිබ්බොත් මොකෝ වෙන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයන්න..මම කිව්වේ සයිටම් එකේ ලමයින්ගේ අනාගතේ විසඳීම ගැන...
    කාලෝ ගැන නං කිවයුත්තේ ..කාලෝ අයන්තේ...කියලම තමයි...!

    ReplyDelete
    Replies
    1. අති බහුතරයක් හරක් ඉන්න. දොස්තරලා දෙවිවරුය කියලා හිතන අමු ගෝත්‍රික රටක.. ඕකේ තීරණය දැන ගන්න, ජනමත විචාරනයක් තියන්න ඕනද...?

      Delete
    2. ඡන්දයක් ලඟපාතක නැතිනිසා මෙයා කිව්වේ...!

      Delete
  23. මාතා,

    මේක දැකපුවහම මට කතා දෙකක් මතක් උනා.
    මගේ අම්ම ඖෂධවේදීයක් ලෙස සේවය කලේ කළුබෝවිල රෝහලේ දිනක් අපේ ගමේ දිලිදු කාන්තාවක් දියවැඩියාව වැඩිවී මෙම රෝහලට ඇතුලත් කර තිබුන, මගේ මව කෑම පැයේ මේ කාන්තාව බැලීමට ගියවිට දැනගන්න ලැබුනේ මේ කාන්තාව කකුලක් කපාදැමීමට සුදානම් කර ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ මගේ මව සිදුකලේ මේ කාන්තාවගේ දියණිය ගෙන්වාගෙන ඉක්මනින් ටිකට් කපා ගෙන ජාතික රෝහලට ඇතුලත් කිරීමයි. මේ කාන්තාව ඊට වසර 15කට පමණ පසු වයසට ගොස් මියයන විටත් කකුල් දෙකම තිබුන බව කියන්න ඕනේ.

    දෙවැනි කතාව මගේ ඔස්ට්‍රිලියානු හිතවතුන් පිරිසකට සිදුවූ දෙයක්. මාකියන මේ පවුල පසුගිය වෙසක් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ තම වයසක මව දැකබලාගෙන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටයි. පසුගිය වෙසක් දිනයේ හිටපු ගුරුවරියක් වූ අදාළ පවුලේ කාන්තාව වැටීමකින් අතට හානි කරගන්නවා, මෙහිදී මොවුන් යොමුවන්නේ පුද්ගලික රෝහලකටයි, අදාළ විශේස්හන්ය වෛද්‍ය වරයා අත සකසන අතර සති කීපයකින් පැමිණෙන ලෙස සදහන් කරනවා, මොවුන් ඉනපසු ශ්‍රී ලංකාවේ අගනගරයේ ප්‍රසිද්ධ ගෙවන රෝහලක තවත් විශේසන්ය වෛද්‍ය වරයකුට පෙන්නන්නේ වඩා හොද තීරණයක් ලබාගැනීමටයි අදාළ දෙවැනි වෛද්‍යවරයා සදහන් කරන්නේ අත තවවම නිසි ලෙස සකස් වී නැති බවත් පෙර ඔවුන් යොමුවූ වෛද්‍ය වරයා මේ වෛද්‍යවරයාගේ මිත්‍රයකු බවත් පෙර වෛද්‍ය වරයා ඉතා දක්ෂ කෙනෙක් බවත්, අවසාන ලෙස මෙහි වරද සම්පුර්ණයෙන් දැරිය යුත්තේ රෝගියා නිසිලෙස පරිස්සම් නොවීම නිසා බවත්, ලෙස කරුණු දක්වනවා.

    අවසානයේ සිදුවන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට ගොස් අදාළ ශල්‍ය කර්මය කිරීමයි. පහත දැක්වෙන්නේ අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මට ස්කයිප් මගින් එවනලද පනිවිඩයකුයි.

    Me : Uncle How is Aunty now?
    Husband of this lady : Aunty will go for the operation on Friday
    Husband of this lady : The Doctors were very disappointed with kurunegala doctor
    Husband of this lady : They were shocked
    Husband of this lady : Said how can any medical man mess up such a small thing


    මෙහිදී මතක තබාගන්න ඕනේ සරල දෙයක් තියනවා අප රටේ මෙතක් එකම වෛද්‍ය වරයකු වත් වෛද්‍ය සබාව මගින් වරදකරු කලබවක් ඔබට අහන්න ලැබිල තියනවද ? මෙහිදී සිදුවන්නේ වෛද්‍ය මාෆියාව එක වෛද්‍ය වරයකු තව වෛද්‍ය වරයකුට විරුද්දව චෝදනාවක් කලයුතු නම් එය කලයුතු වන්නේ දිවුරුම් ප්‍රකාශයක් මගිනුයි, මෙනිසා මේ වුර්තියේ සිදුවන විශාල වැරදි ලෝකයට ප්‍රසිද්ධ වීමෙන් වලකිනවා.

    මෙනිසා සිදුවන්නේ වෛද්‍ය විද්‍යාව ගැන විශාල විශ්වාසයක් ඇතිවීමයි. බැරිවෙලාවත් ම්කේ සිදුවෙන සිදුවීම් ලෝකයට අනාවරණය වෙනවනම් ඔබට අද දකින ලෝකයට වඩා වෙනස් ලෝකයක් දැකියහැකි වනු ඇති.

    වැඩිම සවුක්ය පහසුකම් ඇති ප්‍රදේශ වලයි වැඩිම රෝගීන් සිටින්නේ, පොඩ්ඩක් ලෝකය දිහා කල්පනාවෙන් බලන්න

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. මට වුනු සිද්ධියකදී නඩු යන්න හිතා හිටියත් හිතවත් වෛද්‍ය මහතුන් කීවේ එසේ කර පලක් නැති බවයි. ලොකු කන්සල්ටන්න්ට් වර්ගයේ වෛද්‍ය වරුන්ට විරුද්ධව කවුරුත් සාක්කි දෙන්නේ නැති බවයි.

      Delete
    2. ලොකුම ප්‍රශ්නය. - අපාට් එසේ කල කන්සල්ටන්ට් එහෙම දේ කරන්නේ ඔහුගේ පුතෙක් පෞද්ගලිකව පිටරට වෙදකම ඉගෙන ගන්නා නිසා ඒ වියදම් පියවන්න බවයි.

      Delete
    3. මට පුද්ගලිකව මෙවැනි දෙයකට මුහුණ දෙන්න උනා පසුව මම විස්තර පෙන්වන්නම්.

      Delete
    4. මම නම් උසාවී යන්නේ නෑ මගේ එකෙක් මැරුවත්... ඩොකාලා හොඳයි උසාවියේ ඉන්න උන්ට වඩා...

      Delete
    5. දියවැඩියාව රෝගියා ගේ කකුල කැපීම සම්බන්ද වයි .ව්‍යිද්‍යවරයෙක් ගෙන් ව්‍යිද්‍යවරයෙක් ට සමහර තීරණ ගැනීමේදී අවධානය යොමු කරන කරුණුවල ප්‍රමුඛතාව වෙනස් විය හැක . ඇය ජිවත් වූ ඉතිරි කාලයේ ඇය ජීවත් වූයේ තුවාලය සහිතව වද යන්න කියා නැත . සමහරවිට කකුලකැපුවා නම් තුවාල රහිතව බොරු කකුල කින් ඇවි ද යාමට හැකිවීම කකුල නොක පා තුවාල යක් සහිතව ඇද කට සීමා වීමට වඩා හොඳ විය හැක .

      Delete
    6. ඇයි අනේ ඔයා ප්‍රා එක්ක ඔච්ච්චරම අවුල්...?

      Delete
    7. undiyaraalaJuly 6, 2016 at 10:53 AM,

      ඇගේ තුවාලය සුවවුනා පමණක් නෙමෙයි, ජාතික රෝහලේ ව්‍යිද්‍යවරුන්ටත් මගේ මවටත් ඔවුන් අනෙක වාරයක් ස්තුති කළා.
      මේ සිදුවීමේ කෙනෙකුට කියන්න පුළුවන් කළුබෝවිල රෝහලේ ව්‍යිද්‍යවරගේ අදක්ෂ කම සහ ජාතික රෝහලේ ව්‍යිද්‍යවරුන්ගේ දක්ෂ කම කියල
      නමුත් ඔබ ටිකක් සොයල බලන්න හොරිවිල වැනි දේශීය වෙදකම කරන ස්ථාන වලට ගොස් මෙවැනි රෝගීන් කොපමණ සුවය ලබනවද කියල.

      මම දන්නවා කෙනෙකුගේ දනිස්ස ඉවත් කිරීමට උපදෙස් දුන්න ව්‍යිද්‍ය උපදෙස් නොතකා සිංහල බෙහෙත් කර පසුව බයිසිකල් පවා පැදපු පුද්ගලයෙක් ගැන.

      Delete
    8. lankika sithuwili
      මට කවුරු ත් විශේෂයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැත . නමුත් ව්‍ය්ද්‍යවරුන් යනු තුන්කල් දකිනා ඉසිවරුන් නොවේ. සාමාන්‍ය ව්‍ය්ද්‍යවරුන් practice කරන්නේ evidence based medicine වන අතර මෙවැනි තීරණ ගැනීමේ දී ඔහුගේ පූර්ව අත්දැකීම් මෙන්ම රෝගියා ගේ එම අවස්ථාව වේ පැවති සායනික තත්වය තීරණාත්මක ලෙස බලපායි. එවිට සමහරවිට කකුලේ තුවාලය ජීවිත අවදානමකට පත් වන මොහොත ක් වුව හොත් අපි හිතමු කකුල නොකපා සොටියහොත් ජීවිත අනතුර 80%පමන වූ විටෙක එක් අයෙක් රෝගියා ගේ අනුමැතිය ඇතුව ඒ අවදානම දරා කකුල නොකපා පසුව තුවාලය සුවකර ගත හැක . තව අයෙක් ඊට විරුද්ධ ව රෝගියා ගේ අනුමැතිය ඇතුව කකුල කපා ජීවත අනතුරෙන් මුදවා ගැනීමට සිතයි. ඉතින් ආපසු හැරී බලා කකුල නොකැපූ ව්‍යිද්‍යවරයා හොඳ යැයි කීමට පුලුවන. නමුත් රොගියා ගේ ජීවිතය නැතිවිමේ 80%අවදානමකට ඔහු ලක්කර ද ඇත. ඒ හරියට නුවර සිට කොලබ ඒමට පැයට 120km වේගයෙන් වාහනය පදවා ආරක්ෂිත ව කොලබ ආවොත් කෝ මට මොකුත්ම වුනේ නෑනේ ඇයි අනෙක් අය හෙමින් යන්නෙ යැයි ඇසීම වැනිය. නමුත් ඔබ ජීවිතය විශාල අනතුර කට හෙලූ බව අමතක කරයි. කෙසේවෙතත් කුමන ප්‍රතිකාරය ටත් රෝගියා ගේ අනුමැතිය මූලික වේ.

      Delete
  24. දොස්තර වැරදිකායා වුන එකම අවස්තාව රියන්සි අර්සකුලරත්නගේ දුවගේ සිද්දිය විතරයි.එතනදි ප්‍රියානි සොයිසා වැරදිකරු වුනා උසාවියෙන්.

    ReplyDelete
    Replies
    1. kumara,
      එකටත් හේතුව රියන්සි අර්සකුලරත්න කියන්නේ ප්‍රකට නිතිඥයෙක් නමුත් මේ නඩුවේ වත් වෛද්‍ය සබාව මහාචර්ය ප්‍රියානිට විරුද්ධව පරීක්ෂණයක් තිව්වේ නෑ .
      අපි දියුණු ඇමරිකාව ගැන බැලුවහම http://articles.mercola.com/sites/articles/archive/2000/07/30/doctors-death-part-one.aspx
      මෙන්න මේකයි තත්වය මෙය ඇමරිකානු මෙඩිකල් ජර්නලයේ පළවූ දෙයක් ඔවුන් පිලිගන්නවා වැරදි ප්‍රතිකාර නිසා වාර්ෂිකව රෝගීන් 225000 වසරකට මියයන බව නමුත් ලංකාවේ එකම රෝගියෙක් වත් මියගිය බවට මේ රටේ වෛද්‍ය සබාව පිළිගන නෑ

      Delete
    2. අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. දොස්තරලගේ වැරදි වලින් මැරෙන ලෙඩ්ඩු ගාණ, නඩුකාර උන්නන්සේලා වරද්දලා දෙන තීන්දු ගාණ, ඒ නිසා මිනිස්සු වැඩිපුර මහ උළු ගෙදර ලැගපු දවස් ගාණ, පත්තර කාරයෝ කරන ව්‍රදි ගාණ, ගුරුවරු නිසා නොමග ගිය ළමයි ගාණ . . .

      ඔය වගේ නොම්මර ගොඩක් ගැන කතා කරන්න පුලුවන්. අවාසනාවට මේ ලංකාව. අනිඋක්වා එහෙමම තියෙද්දී සෞඛ්‍ය සේවය විතරක් හැදෙයි කියන කුහක සිතිවිල්ලෙන් එළියට එන්න. මොකද දනැටත් සෞඛ්‍ය තියෙන්නේ අනිත් අංශ වලට සාපෙක්ෂව සෑහෙන්න ඉදිරියෙන්.

      Delete
    3. මිගාරJuly 6, 2016 at 3:29 AM,

      //අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. දොස්තරලගේ වැරදි වලින් මැරෙන ලෙඩ්ඩු ගාණ, නඩුකාර උන්නන්සේලා වරද්දලා දෙන තීන්දු ගාණ, ඒ නිසා මිනිස්සු වැඩිපුර මහ උළු ගෙදර ලැගපු දවස් ගාණ, පත්තර කාරයෝ කරන ව්‍රදි ගාණ, ගුරුවරු නිසා නොමග ගිය ළමයි ගාණ . . .//

      මෙහෙම ක්‍රමයක් නැත්නම් ඔබ කොහොමද කියන්නේ "නැටත් සෞඛ්‍ය තියෙන්නේ අනිත් අංශ වලට සාපෙක්ෂව සෑහෙන්න ඉදිරියෙන්." කියල

      මේ ඉදිරියෙන් ද පිටුපසින්ද කියන එක ගැන තීරණය ගන්න ඕනේ සැලකියයුතු ප්‍රමාණයක් සිදුවන වැරදි ගැන දැනුමක් ඇති කරගන, දැනට ඇති වාතාවරණය මත සෞඛ්‍ය සේවයේ කිසිම වරදක් ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධ වීම වැලක්වීමට ක්‍රමයක් ලංකාවේ තියන විට අනෙක් ඒවාට වඩා සාපක්ෂව බලන්නේ කොහොමද ? ඔය අනෙක් ඒවායේ වැරදි සෞඛ්‍ය වෙවයට වඩා වැඩියෙන් ලෝකයේ ප්‍රසිද්ද වෙනවා.

      අපගේ මනස මේ නවීන යයි කියන ඕනෑම කුණුගොඩක් පිළිගැනීමට පුරුදු කරන ලද මනසක් තියනවා.

      විවුර්ත මනසින් මෙය බලන්න පුරුදුවන්න!

      Delete
    4. //මෙහෙම ක්‍රමයක් නැත්නම් ඔබ කොහොමද කියන්නේ "නැටත් සෞඛ්‍ය තියෙන්නේ අනිත් අංශ වලට සාපෙක්ෂව සෑහෙන්න ඉදිරියෙන්." කියල

      ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එක්කහු කරන දත්ත තියෙනවා. මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය, උපතේදී ආයු කාලය වගේ ඒවා. ඒවා අතින් අපි සෑහෙන්න ඉදිරියෙන්.

      ඊලඟට ලෝකයේ සෞඛ්‍ය සේවා අතින් 78 වගේ තැනක තමයි අපි ඉන්නේ. හැබැයි එක පුද්ගලයකුට වැය කරන මුදල අතින් 110-115 අතර ඉන්නේ.

      මේ සුළු කරුණවත් නොදැන විවෘත මනසින් බැලීමට කතා කිරීම ඇත්තෙන්ම හාස්‍යජනකයි.

      Delete
    5. ලංකාවේ සෞඛ්‍ය සේවය බොහෝ ආසියාතික රටවල ටිබෙනවට වඩා ඉදිරියෙන් කියන එක ඇත්ත . එයට වෛද්‍යවරු හෙදියන් මෙන්ම රටේ පිළිවෙත අ බල පනවා කියනන් පුළුවන්. UN ආධාර යටතේ හෙම වුන ව්‍යපෘති සාර්ථකයි. නමුත් එහෙම වුණා කියල රටේ අනිත් අය වගේම තමන්ට විතරක් අමුතු සැලකිලි ඉල්ලීම සාධාරණය කරන්න බහ. දේශපාලකයෝ හා අනිත් උන් ගැනත් එහ්ච්ච්රයි.

      Delete
    6. සයිටම් ප්‍රශ්ණේදී අමුතු සැලකිළි ඉල්ලනේ නෙවිල් ප්‍රන්නදු. වෛද්‍ය සභාවෙන් දීපු නිර්දේශ ක්‍රියාත්මක කලා නම් අද වෙනකොට ලියාපදිංචිය ලැබිලා. සල්ලි සහ බලය නිසා තගෙන්, මර්සියෙන් කරන්න ගිය නිසා තමයි හොට බිම ඇනුණේ.

      Delete
    7. මිගාරJuly 6, 2016 at 4:10 AM
      //
      ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එක්කහු කරන දත්ත තියෙනවා. මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය, උපතේදී ආයු කාලය වගේ ඒවා. ඒවා අතින් අපි සෑහෙන්න ඉදිරියෙන්.//

      මිට බලපාන කාරණා බොහොමයක් තියෙනවා උදාහරණ මිනිසුන්ගේ සාක්ෂරතාවය (ලියන්න කියවන්න පුළුවන් හැකියාව ) ශ්‍රී ලංකාවේ 92%
      ජනතාව දැනුවත් විෂබීජ ගැන පුද්ගලික සවුක්ය ගැන මෙය බලපානවා ඔය සදහන් කල දර්ශක ඉහල යාමට.

      ඔබ බැලුවොත් ලෝකයේ වැඩිම බෙහෙත් පාවිස්චි කරන රටක් තමයි ඇමරිකාව නමුත් ලෝකයේ http://www.nejm.org/doi/full/10.1056/NEJMp0910064#t=article

      ඔවුන් ලෝකයේ 37 වැනි ස්ථානයේ සිටින්නේ.

      වැඩිම වැක්සින් ප්‍රමාණයක් පරිබෝජනය කරන මේ රටේ මේ තත්වයට පත්වුණේ ඇයි ?

      අද සොවුක්ය සේවය තියෙන්නේ මිනිසුන්ගේ ලෙඩ සුව කිරීමට නෙමෙයි, ලෙඩ අතිකර පවත්වා ගැනීම මගින් මුදල් උපයන්නයි.
      යම් විදියකින් ලෙඩ සුව කිරීම මුලික පරමාර්ථය උනානම් මේ ආයතන සිදුකරන්නේ තමා විසින්ම බංකොලොත් බාවය අතිකර ගැනීමයි

      යමක් හිතන්න පුළුවන් කෙනෙකුට මේ ප්‍රවුර්තියත් ඇති https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      මේ තියෙන්නේ ඇමරිකාවේ අදිකරණ දෙපර්තමේන්තුව ලෝක ප්‍රසිද්ද GlaxoSmithKline නමැති ඔවුෂද කොම්පැනියට නියමකරන දඩයකුයි.
      ඩොලර් බිලියන 3ක් නියම කරන්නේ වන්ෂා සහගත ලෙස පර්යේෂණ සිදුකර ඔවුෂධ නිකුත් කිරීම නිසයි.

      අද ලෝකය දිහා බලපුවහම විශාල ලෙස රෝහල් ඉදිවන අතර ලෙඩුන්ගේ වර්දනයත් එමට්ටමටම සිදුවෙයි.
      යම්විදියකින් ඔය කියන දියුණුව මේ ඔවුෂධ වල ඇත්තනම් ලෙඩුන් අවම වීමත් දෝස්තර වරුන්ට රැකියා නැතිවීමත් විය යුතුයි නමුත් මෙය සිදු නුවන බව ඔබ දන්නවා ඇති.

      මෙය තමයි ලෝකයේ ඉල්ලුම වැඩිවන විට සැපයුම වැඩිවන වියාපාරය (ආර්ථික විද්‍යාවට පටහැනි මෙය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ මනස් සෝදා දැමීම මගින් )

      Delete
    8. දොස්තරලා නෙමෙයි බං පත්තරකාරයොත් අහිංසකයෝ මිනීමරුවෝ කරන්නේ... අර තෙවරප්පෙරුම ඉස්කෝලේට දාපු දරුවෝ 9 දෙනාගේ අම්මලා හිරේ යවලා තියෙන්නේ නඩු කාරයෙක්..

      මේ රටේ හරක් ඔක්කෝම කරන්නේ රැකියාවක් කියලා තේරුම් ගන්නකන්.. අපේ එක තමයි හොඳම එක කියන උන්ටත් කියන්න තියෙන්නේ හරක් කියලම තමයි...

      Delete
  25. /පෙට්ටි කඩ තියෙන හාල්පාරුවොත්/ මේකට එකඟ නෑ,
    අනිත් එක A/L කියන්නෙ දක්ෂතම බුද්ධිමත්ම කෙනා තෝරන විභාගයක් කියල මං පිලිගන්නෙ නෑ. ගොඩක් වෙලාවට කොළඹින් A3 අරං එන උන්ට වඩා පිට පලාත් වලින් C3 අරං එන උන් උඩට එනව :)

    ReplyDelete
    Replies
    1. ඔය පහේ ශිෂ්‍යත්වේ පාස් වෙන උන් ගොඩක් උසස් පෙල ෆේල්...

      Delete
  26. ලංකාවේ දොස්තරලා වෙන්න සුදුසුකම් ලබන්නේ ඉතාමත් ඉහලම බුද්දියක් තියන අය.මොකද සෙල්ලම් කරන්නේ ජීවිතත එක්ක.ඒ අයට කවදාවත් වරදින්නේ නෑ.මෙහෙම කියන්නේ මෙඩිකල් ස්‍ටුඩන්ට්ලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කවදාවත්ම වැරදිලා නෑ... මාර පොරවල්.. ළෝකයේ ඉන්න ළොකුම උගත්තු... මෙයාලා මාර වැඩකාරයෝ නිසා නේ ෆාමසි කෝස් කරපු උන් ඩොකාලගෙ ජොබ් එක කරන්නේ හොර බෝඩ් ගහගෙන..

      මේ ළඟදිත් මාතර ඉස්පිටිතාලේ එකෙක් ඉඳලා අල්ල ගත්තා...

      Delete
  27. //හරි ආන්ඩුවක් නම් කළ යුත්තේ වෛද්‍ය විද්‍යාලයන්හී විභාග, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ විභාග දෙපාර්තමේන්තුවෙන් පැවත් වීමය.

    මේක විශ්ව විද්‍යාල වල වෙන සාමාන්‍ය ක්‍රමය නෙවෙයි. එහෙනම් ඔක්කොම විශ්ව විද්‍යාල විභාග මේ විදියට තියන්න වෙයි. දැනට මේවා නියාමනය වෙන්නේ UGC එකෙන්. වෛද්‍ය පීඨ වල නම් SLMC එකත් හවුල් වෙනවා.

    //මන්ද ආන්ඩුවේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍යවරයකුගේ සුදුසුකම් මැනිමේ ක්‍රියා පටිපාටියන් සිඳු නොවනා බව ප්‍රසිද්ධ රහසක් නිසාය.

    ඒක මාතලන්ගේ අධෝ මුඛයෙන් පිටවෙච්ච ප්‍රකාශයක් වෙන්න පුලුව. විභාග තියලා මනින්නේ විද්‍යවරයෙක් වෙන්න සුදුසු කම් මිස වෙන මොනවද?

    //එමෙන්ම සයිටම් හා අළුතෙන් පටන් ගන්නා ඕනෑම වෛද්‍ය විද්‍යාලයකින් විශාල මුදලක් වාර්ශිකව ලබා ගෙන, එමගින් ආන්ඩුවේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා පිරිස වැඩි කිරීමය.

    නරකද ආණ්ඩුවේ ඒවට ගන්න ගාණ වැඩ් කරලා ඒක ගෙවීමේ පදනමට කළාම?

    හාපෝ බෑනෙ, එතකොට කොහොමද දේශපාලුවන්ගේ, මුදලාලිලාගේ මෝඩ පුත්තු පාස් වෙන්නේ නේද?

    //ආන්ඩුව වෛද්‍ය මාෆියාවට යටත් වන්නේ නම් එම දරුවන්ගේ දෙමාපියන්ට තම මුදල් පොලී සමඟ ගෙවීම ආන්ඩුවේ වගකීමක්ය.

    ඒක ගෙවීම නෙවිල් ගේ වගකීමය. ආන්ඩුවේ නොවේ. සක්විතිට රැවටුනාම සල්ලි ගෙවන්න ඕන සක්විති මිසක් ආණ්ඩුව නෙවී.

    //මේත් මේ රටේ දරුවෝය.

    හැබැයි කොන් දොස්තරලාගෙන් බෙහෙත් ගන්නට යන වන්නි හත් පත්තුවේ දරුවෝ, දරුවෝ නොවේ. මේවා රට විහිළු.

    //චානුක වත්තේගමයන් බුකියේ ලියූ හබරල කයියක්

    චානුක වත්තේගම 1980 ගනන වල විදුසරට ලියන ඒවා අපි කියෙව්වෙමු. දැන් දැනුම් තේරුම් ඇති නිසා වත්තේගමගේ හිස් පොර ටෝක් අපි අසන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. // චානුක වත්තේගම 1980 ගනන වල විදුසරට ලියන ඒවා අපි කියෙව්වෙමු. දැන් දැනුම් තේරුම් ඇති නිසා වත්තේගමගේ හිස් පොර ටෝක් අපි අසන්නේ නැත. //

      Well said man!

      Delete
    2. මිගාරලා පමණක් රෙන්නේත් මුඛයෙන්මය.. අපි මේ එක ඩොකෙක් කියන ඔක්කෝම පිලිගන්න ඕන..

      ඔයා විතරක් නෙමෙයි අපි දන්න දොස්තරලා ඉන්නේ. අපිත් දන්න දොස්තරලා හැම තැනම ඉන්නවා.. හැබයි එයාලා දොස්තරලා මිසක් කුහකයෝ නෙමෙයි..

      සයිටම් එකත් වහලා ප්‍රයිවට් හොස්පිටල් ටිකත් වහලා දැම්මාම ඔක්කෝම ඉවරයි... මොකෝ ගොඩ ඉස්පිරිතාල වගේම චැනලින් සෙන්ටර් අයිති මෝඩ මුදලාලිලාට නේ...

      Delete
    3. එතකොට ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ගැන කියන එකද පිළෛගන්න ඕන. පිස්සු කොර ඕයි මේවට.

      Delete
    4. එතකොට පෙනඩෝල් ඩොකෙක් දන්නවා ලංකාවේ සියළුම වෛද්‍ය පීටයන් ගැන. අඩු ගානේ රෝගවලට දෙන අළුත් බෙහෙත් වත් දන්නවද මෙයාලා.. ඒකට යන්න ඕන ඉස්පැසොලිස්ට්ලා ගාවට.. ඔයාලා දෙන බේත් අපි ෆාමසියෙන් ගන්නවා.. බෙහෙත් වල ගාන විතරක් ගෙවලා..

      ලෙඩා ඉඳගන්නත් කලින් බෙහෙත් ලියන ඩොකාලා නේ මේ.. ඔයාලා දෙන බේත් මාත් දෙනවා හිතවත් අයට..

      Delete
    5. //ඔයාලා දෙන බේත් මාත් දෙනවා හිතවත් අයට..

      ටුවරිස්ට් ගයිඩ්ලා දොස්තරලාගේ දැනුම ගැන කොමෙන්ට් කරන අරුම පුදුම රට. දන්න ලබ්බකුත් නැත, කතාව නම් දෝලාවෙන්ය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනයේ කෙළ පැමිණි ටුවරිස්ට් ගයිඩ් උපාධියෙන් පිදුම් ලත් මාතලන් මහතාට වෛද්‍ය අධ්‍යාපනය ගැණ තීරණ භාර දිය යුතු බවට මම කාලෝට යෝජනා කරනවා.

      Delete
    6. කැම්පස් යන්න ලකුණු දෙක තුනක් අඩු උනාම අනෙක් උන් ඔක්කෝම හරක්. මේ අය තමයි සියල්ලම දන්න මහා ප්‍රාඥ්ඥයෝ... අනේ හුකේ නන්නානේ... ඩොකයි මායි හඳපානේ...

      Delete
    7. මම දන්නවා ඉංජිනේරුපීටයට යන්න ලකුණු කිපයක් මදිවුන ලමයෙක් ආයේ විභාගේ කරන්න කියල වෙන කෝස් එකකකට වත් දාන්නැතුව හිටියා. දැන් ටුවරිස් ගයිඩ් වැඩක් කරනවාලු .

      Delete
  28. කාලෝ ට බනින්නට දිව නමා ගැනීම ටිකක් අපහසුය. හේතුව ඔහුගේ දේශනා වලට ඒ කාලයේ කැමැත්තෙන් ගිය බැවිනි. කොවුර් සමග මිත්‍යා මත වලට පහර දුන් ඔහු එකල මගේ වීරයෙක් විය. මම ද්නිදහස් අධ්‍යාපනයට අදත් සහය දෙමි. එහෙත් අර ඉයන් කියන නසරාණි බ්ලොග් කරුගේ මෙන්ම ටහ්වත් බ්ලොග්කරුවන්ගේ ලිපිද කියවීමෙන් පසු මගේ අදහස් මදක් වෙනස් කරගෙන සිටිමි. නිදහස් අධ්‍යාපනය සමග අපොස උසස්පෙළ සමත් එහෙත් විශ්ව විද්‍යාලයේ ඉඩ නැති සිසුන් පෞද්ගලිකව ඉගෙන ගැනීමේ වරදක් නොදකිමි. ඉංජිනේරු ශිෂ්‍යන් SLIT වැනි ආයතන වල ඉගෙන ගන්නේ නම් වෛද්‍ය සිසුන්ට ඇති අමුතු අමාරුව තේරුම් ගන්නට අපහසුය.
    සයිටම් එකේ ප්‍රමිතියක් නැති බව ප්‍රධාන චෝදනාවකි. එහි ප්‍රමිතිය සෙවීම වෛද්‍ය සභාවේ හා රජයේ යුතුකමක් යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. // එහි ප්‍රමිතිය සෙවීම වෛද්‍ය සභාවේ හා රජයේ යුතුකමක් යයි සිතමි.

      ප්‍රමිතිය සොයා වාර්තාව දී අවුරුදු 5කි. කළ යුතු දේශ නිර්දේශ කර ඇත. නෙවිල් අහන්නේ නැත. හදන්නේ තගෙන් වැඩේ කර ගන්නටය. වහනවා ඇරෙන්න වෙන විකල්ප මොනවාද?

      Migara

      Delete
    2. http://www.island.lk/2009/07/27/opinion3.html


      Patriotic Expatriates
      Dear Mr. Editor, as I indicated in a previous communication to you, I have better ways of spending time than arguing with assorted patriotic expatriates unabashed or not. These patriots seem to love their motherland so much that, having extracted all they could from her, they abandon her. This must be because "absence makes the heart grow fonder".
      Unabashed Expatriate

      Claiming to have perceived from America that I attacked Malinda Seneviratne, the unabashed patriotic expatriate gratuitously rushed to his defense with a show of biological erudition. But dear MS who lives round the corner and is quite capable of defending himself if attacked, has not turned a hair. This is the kind of farce that some expatriates enact! As if that were not enough, the expatriate now gratuitously tries to instruct me about the genesis and appropriate treatment of diabetes mellitus. Beyond a joke, may I humbly say that I can do without her instruction.

      Anti U-Turn Guy

      The patriotic expatriate in Australia has talked through his hat about the North Colombo Medical College (NCMC) issue. Concerned people resident in Sri Lanka have heard me say for the umpteenth time that the only reason why I opposed the NCMC was that in 1981 it attempted to highjack the MBBS Degree of the Colombo Medical School founded in 1870. Once it decided to grant its own degree, MBBS (NCMC), my opposition ended. Most NCMC students know that I was never against them personally. I have taught many of them (at first unofficially and later officially). Some of them are amongst the best and most lovable and loyal of my former students. If the expatriate in Australia doubts me, when he comes home for a holiday next time, he can see for himself how closely I work with some of them. The expatriate in Australia is blissfully ignorant of the fact that when I went to the NCMC campus in 1991, I went there not as an employee of the NCMC, but as the founder dean of the Faculty of Medicine of the University of Kelaniya. So there was no U-turn. Regarding U turns, however, I am quite capable of taking them if fresh evidence impels me to do so. In this context, I remember a remark attributed to the great Cambridge Economist John Maynard Keynes: "When facts change, I change my mind. What do you do Sir?" Taking appropriate U-turns could be part of intelligent adaptive behavior.

      Carlo Fonseka

      Delete
    3. http://www.island.lk/2009/07/28/opinion2.html

      More on U turns….

      I thank Professor Fonseka for accepting that he objected to the NCMC once, changed his mind later and proceeded to teach the NCMC students both "officially" and "unofficially".

      Professor Fonseka quotes John Maynard Keynes: "When facts change, I change my mind. What do you do sir?" and adds, "Taking appropriate U-turns could be part of intelligent adaptive behavior".

      I agree with Professor Fonseka on the subject of "changes" and "adaptative behaviour". The very same is true of the 13th amendment too. The 13th Amendment was drafted many decades ago, when the ethnic and geopolitical landscape was totally different from today. Key players of the 13th amendment drama, Rajiv Gandhi, JR Jayewardene, A. Amirthalingam and V. Prabakaran are all dead. Only JR Jayewardene was lucky enough to have a natural death. Big brother India has changed into a more diplomatic and responsible neighbour since then.

      Facts have changed Professor! These new developments necessitate new solutions, not the antiquated 13th amendment! We have to change, adapt and adopt new solutions.

      Moreover, good Professor Fonseka tells us that he went to the NCMC as the Founder Dean of the Faculty of Medicine, University of Kelaniya. Good for you Professor, we are happy for your achievement! I am sure that it was NOT an ad-hoc political appointment. The University Grants Commission of Sri Lanka would have called for applications, conducted proper interviews and selected the best person, in this case Prof Fonseka, for the job.

      However, one wonders how an academic becomes a Professor and is selected for a higher post such as a Deanship of a Medical Faculty? Obviously, it has to be based on academic work and scientific publications. In that context, I ask Prof. Fonseka to be a sport and enlighten us with the details of his scientific papers published in peer reviewed academic journals (with an IMPACT FACTOR of 0.1 or above), that would have justified his appointment.

      Please do not include the Obituaries, Appreciations, Economics and World Bank bashing letters. We are interested only in Physiology or Biomedical sciences related articles.

      Dr Kumara Kaluarachchi

      Delete
    4. සයිටම් එකේ නෙමෙයි බං ප්‍රමිතියක් නැත්තේ...වෛද්‍ය සංගමයේ ඉන්න උන්ගේ...

      Delete
    5. මාතලන් ගේ ඒ කථාවට මමත් එකඟයි

      Delete
  29. කාලෝ ගොයියා SAITM ප්‍රශ්නය ගැන නීතිපතිට මරාගෙන මැරෙන තර්ජනයක් කරන කොට මට හිතුන මෑන් දැන් 'කල් ඉකුත් වූ' මැන්ටලයක් කියල.

    මේ යකා මහින්දයගෙ අසුචි වලේ බැහැල ඉන්න කාලෙ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය වෙනුවෙන් ට්‍රුම්පට් ගහපු එකෙක්. දැන් ඔය කණපිට ගහගෙන ඉන්නේ මේ 'ලිච්චවි' ද මොකක්දෝ බ්‍රෑන්ඩ් එකකින් දුවන 'යහ පාලනයට' ට කෙලවන්න වෙන්න ඇති.

    දැන් ඔය ගෝතයව SLMC ('ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස්' එකේ නෙවෙයි, අනිත් එකේ) චෙයාමන් කමින් අයින් කරලා ඒ වෙනුවට,

    මිනී ගෙනියනකොට බානි රේමන්ඩ්ලගෙ හර්ස් එක ඉස්සරහින් යන, ටයි කෝට් දාපු කඳ, බඩ තියෙන ජෙන්ටල්මෑන්ගෙ පෝස්ට් එක වගේ, ප්‍රසිද්ධ පොරවල් මැරුණම (හැමදාම කරනවා වගෙ) විශේෂ කතාව පවත්වන පෝස්ට් එක 'සන්නසකින්' පැවරුව නම්, අපිට මේ වාගේ කොමෙන්ටු ලියන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ගොබ්බ ආන්ඩුවක් කියලා මම කියන්නේ ඒක නේ...

      Delete
  30. කුඹුරෙ ගොයම මුවන් කෑවාම ගෙදර මුවහමට තළනවලු..

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි.... සාපෙක්ෂයි... ඕන පැත්තකට ගන්න පුළුවන්..

      Delete
    2. That's what I wanted...these problems cannot be discuss or find sotuluons in one side or one point....maathalan. there are so many holes to fill in our country.

      Delete
  31. දැන් මෙතන් කට්ටිය කාලෝව විවේචනය කරන්නේ එයා තනියම ගත්ත තීරණයක් කියල හිතන්ද?

    වෛද්‍ය සභාවේ ඉන්නවා වෛද්‍ය පීඨ 7 පීඨාධිපතිවරු. ඒයට අමතරව සභාපති, භාණ්ඩාගාරික සහ ලේකඛාධිකාරී. වෛද්‍ය නිළධාරී සංගමය නියෝජනය කරන හතර දෙනෙක් ඉන්නවා. පුද්ගලික රෝහල් නියෝජනය කරන හතර දෙනෙක් ඉන්නවා. ඇමති පත් කරන තුන් දෙනෙක් ඉන්නවා. ඔය තීරණ ඔය මණ්ඩලයේ තීරණයෙන් ගන්න ඒවා. කාලෝට විතරක් බැනල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අනික් උන්ගේ අම්මලත් මතක කොලා කියලා කියන්න...

      Delete
  32. පට්ට! දොස්තරල කියන්නෙ දෙවිවරු කියන මතය දැන් මුල් බැහැගෙන තියෙන්නෙ. හැබැයි ඒක ඇත්ත නෙමේ.එයාල සමාජයේ ප්‍රගමනයට යම් කාර්යයක් කරන වෘත්තිකයන් කොටහක් විතරයි. ( මතකද ටැබූ ගෙ "සොල්දාදුවෝ බැහැපිය කරෙන් බිමට" ලිපිය. එන්න ඒකෙ කරුණු ඩොකාලටත් අදාලයි.) නැද්ද?

    ReplyDelete
  33. අලුත් බල්ලගෙ අන්තිම කෑල්ල කෝ?

    ReplyDelete
    Replies
    1. එනවා එනවා... ළඟදීම ළඟම සිනමා ශාලවට එනවා...

      Delete
  34. ඔබ දන්නවාද බම්බලපිටිය කොස්මැටික් සර්ජරි එක පවත්වාගෙන යන්නේ කොළබ වෛද්‍ය පීඨයෙන් උපාධිය ගත්ත ඩයල් එකක් බව. මෙයා අතින් වෛද්‍යවරියක් මියගියා එක්ස්පයර්වෙච්ච බේත්දීල. එයාට නඩුත් නෑ. වෛද්‍ය සභාවත් නිදි !

    ReplyDelete
    Replies
    1. ඌ ආයෙත් එතන වැඩ... ඒවා ගැන මිගාරලා මොනවද දන්නේ නෑ කියන්නේ...

      Delete
    2. ඌට විරුද්ධව නඩුවක් තියෙනවා. චෝදනාව පහසුකම් නැති තැනක ප්‍රතිකාර කිරීම. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මිනිහ වැරද්දක් කරල නෑ. කරල තියෙන්නේ අපරාධ යටතේ ගැනෙන වරද. ඒවට විසඳුම් දීම ඇධිකරණයට බාරයි. අධිකරණය වරදකරු කළොත්, ලියාපදිංචිය අහෝසි වෙනවා ඉබේම.

      Delete
    3. දැන් තැන වෙනස් කරල. ලොකු පොලිටික්කෙක්ගේ කකුලක්නෙ.

      Delete
    4. මිගාර වෛද්‍ය උපාදිය ගත්තේ මොන කඩෙන්ද ? expire වෙච්ච බේත්දෙන එක " වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වරදක් නොවේ ? #@" ! හැක්

      Delete
    5. //expire වෙච්ච බේත්දෙන එක " වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වරදක් නොවේ ? #@"

      That is upgraded to a criminal offence, from a negligence offence. Once that happens SLMC will wait for the verdict of the courts.

      Delete
  35. Maathalan oba london a/l lamai gena katha karala nethi eka aduwak

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් ඕ ලෙවල් අපේ කොල්ලෝ පාස් උනේ 9 පන්තියේ ඉන්දැද්දී...

      Delete
  36. Mage putha ananda vidyalaye giya a/l ABC first time moratuwata select wuna awurudu 20 wayasa digree eka awurudu 4 eth pita wenakota wayasa 25 lecturers lage strike eka nisa 4 ta 5 k campus eka athule aparade lamayage wayasa duwa lyceum demma london a/l AAA bio saitm demma nikam ho mudal gewa ho me rate monawada me wenne

    ReplyDelete
    Replies
    1. කොන්දක් නැති, කෙලින් තීරණ ගන්න බැරි නපුංසකයින් පාලකයන් උන රටක ඔහොම තමයි.. පුළුවන්නම් තව කීයක් හරි වියදම කරලා රට යවන්න.. කවදාවත් මේ රට දිහා බලන්නවත් එපා කියන්න. මේකේ ඉන්නේ අමු කුහකයෝ... ඒකයි මේ රට හැමදාම එක තැන තියෙන්නේ.

      Delete
  37. Mage duwa saitm igena ganna nisa godak wisthara dannawa ethana course fee eka laksha 94 adu sudusu kawruthnetha 2 nd batch eke idala thiyenawa eyala e dawas walama gihin den nee.ee langata 5thbatch idan ganne ugc ekata lamaige file yawala select karala newatha 2nd interview ekkuth krala api giye ehemai anduwe medical faculty aduma sudusu kama SSS namuth saitm CCS wagakeemen kiyanne den adu sudusu lamai ne denata apita nawaloka asiri oasis rajagiriya ent hospital saha nfth eke sayanika puhunuwa denawa awisswella base hos eka saha kaduwela moh eketh community med ha forensic wada private ganna beride laba denawa kaduwela saha awissawella appointment 3 wenuwen eka lamayekuta 150000 campus eken gewanawa

    ReplyDelete
  38. Keemata godak de atha full scol deepu lamai innawa (duppath eheth anduwe med fac.points keepayak madi wuna) ewagema seeyata 10 , 15 , 20 oya wage adu kireem labapu lamai innawa rajithage leli gemunuge duwa wage witharak neme api danna anduwe raksha karana aya godakage lamai bank loan walin igena gannawa malabe lanka bankuwen ahanna me lamai saitm thibune nethnam depala wikuna ho naya aran ho rata yavi ithuru vana videsha winimaya wagema kuda lamai thaniyama rata yawala keeyak lamai winasha wenawada anika mama dekka article ekaka tibuna anduwe med student kenekuta awuruddata laksha15 yanawa kiyala awita 15x5

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ මුදල් හා දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමට එරෙහිව ආන්ඩුවට එරෙහිව විශාල වන්දිය ඉල්ලලා නඩු දාන්න... මේවට සම්පූර්ණයෙන් වග කියන්න ඕනා ආන්ඩුව...

      Delete
    2. ඔච්චරම ශුවර් නම්, ඉන්න ඔප්ක්කොගෙම ප්‍රතිඵල ලේඛණයක් දාන්න කියන්න. ඕක හංගං ඉන්නේ ඇයි?

      කොටින්ම නෙවිල් කියන සක්විති දොස්තර ඔබලට ඇරියා. තවම මිනිහට්‍ර ව්‍යාපාර තියෙනවා. සල්ලි සහ වන්දි නෙවිල්ගෙන් ඉල්ලල්ලා නඩු දාන. ආණ්ඩුවෙන් ඉල්ලුවට ලොවෙත් හම්බ වෙන්නේ නෑ.

      Delete
    3. නාඩු දාන්න වෙන එකක් නෑ... මේ සැරේ ඔය මාෆියා එකේ උන්ට ජරාව දීලා ඕක නීතිගත කරනවා.. එතකොට මිගාරලාට අර්‍ශ්ෂ් රෝගයට බෙහෙත් ගන්න වෙයි... ඩොකාලා නෙමෙයි හැම එකාම දඟලන්නේ ජරාවට...

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. හප්පට සිරි..
    හිට්ස් ටික දැකලා මඤ්ඤං වෙලා බලනකොට මාතයියා මෙහෙ ලිංක් එක දාලනෙ.
    තැංකූ වේවා අදහසට තැනක් දුන්නට.

    ගස්ලබ්බගෙ පෝස්ට් එකේ කියපු කරුණක් දෙකක් නොපිටට තේරුම් අරන් වගේ පේනවා..ක්‍රීම් කතාව / කුහක කතාව එහෙම.එතනත් කතා කරානෙ එව්ව ගැන.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මත ගැටුම් සමාජයේ තියෙන්න ඕන... වැදගත් විදියට.. ඒත් මිගාරලා වගේ නගන තර්කවලට උත්තර දීගන්න බැරි උනාම පෞද්ගලික දේ ඇදගෙන නෙමෙයි..

      Delete
  41. Obituary Notice.

    Karlos has died due do an overdose of amnesia.

    May he burn at the satake

    ReplyDelete
  42. මාතලන්ගේ සමස්ථ ලිපියට මිගාර හොඳ වටිනාකමක් එකතු කලා.
    මිගාර මැදට පැනලා වෛද්‍ය වරුන් අතර ඉන්න කුහකයන්ගේ භූමිකාව රඟපාපු නිසා අපිට මෙතැන සාකච්චාවක් ගොඩ නැගුනා.

    අපේ වෛද්‍ය සභාව කියන විදියට ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකින් උපාධි නොගත් උන් කොන්දොස්තරලා. හැබැයි අපි විදෙස් රටකට ගියාම උන්ගේ රෝහල් වල ඉන්න වෛද්‍ය වරුන්ගෙන් අපූරුවට ප්‍රථිකාර ගන්නවා.

    මගේ ලඟම මිත්‍රයෙක් ඉන්නවා වෛද්‍ය සහාය මහාචාර්යවරයෙක්. එතුමා මූලික වෛද්‍ය උපාධිය ලැබුවේ බල්ගේරියාවේ වෛද්‍ය විද්‍යාලයකින්.
    පාසැල් වියේ ඉඳලම වෛද්‍ය වරයෙකු වීමේ සිහිනයක් තිබුනු ඒ වෙනුවෙන් කැපවුනු කෙනෙක්. ලකුණු කිහිපයක් නිසා ලංකාවේ වෛද්‍ය උපාධියට නුසුදුසු වුනු එතුමා පසුව කලක් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කතිකාචාර්‍ය වරයෙක් විදියටත් සේවය කලා.
    එතුමාම ඒ ගැන උපහාසයෙන් මා හා වරක් කීවා.
    දැනට ඔහු කැනඩාවේ සහය මහාචාර්‍ය වරයෙක්.
    මේ අර මිගාරලා කියන කොන්දොස්තර කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මොගාර කියන්නේ කොන්දොස්තරලාටත් අපහාසයක්... මීට කලිනුත් ඔහු මාතෘකාවෙන් පිට පැන ඔහුගේ නොදැනුවත්කම අපූරුවට මෙතන ප්‍රදර්ශණය කලා.. ඔහු තනතුරෙන් බැබලෙන්න දඟලන කෙනෙක් මිසක්.. තනතුරු බබලවන්නෙක් නොවෙයි...

      Delete
  43. He is above the low. SLMC should give recommendation based on 10 member committee, rather than giving a judgement. He seeams not fit for the job.
    Such a chair person must be fair for all.He has misinterpreted the report misleading the public and harming the innocent saitm students.

    ReplyDelete
  44. 2006 වසරේ පිලියන්දල පිහිටුවීමට ගිය පෟද්ගලික වෙද්‍ය විදෘලයේ උපදේශක සහ Honorary Acadamic Director වූයේ කාලො ෆොන්සේකා මහතාය .
    පිලියන්දල හා ගත් කල SAITM ගව්‍ ගනනක් ඉදිරියෙනි. අද එතුමා ???????
    ඔහුගේ මතය කැතය . මජරය.පිලිකුල්ය.

    පහත ලින්කුව බලන්න.
    http://www.sundaytimes.lk/061112/News/nws2.9.html

    ReplyDelete
  45. මෙතන තියන ගැටලුව තමන්ගේ ඒකාධිකාර තියාගන්න බැ GMO එකට .. ඉල්ලුමට වඩා වැඩියෙන් දොස්තරලා පිට උනොත්. ( රජයේ හෝ පෞද්ගලික උපධි ආයතන වලින් ) ඔවුනුත් දැන් රටේ තියෙන සාමාන්‍ය උපාධි දරින්ගේ තත්වයට පත්වෙනවා. නො ජොබ් .... :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න