.

.

Jun 4, 2022

බුද්ධියක් නැති මාරඹේ හා කෘෂිකර්මයේ පෙලහර පානා සමන්තබද්‍ර

 

ඊයේ ටින්කරින් ධර්මේ නොහොත්, ජංගි චින්තා නොහොත්, චින්තන ධර්මධාසයන් ( Chinthana Dharmadasa )  විසින් අපූරූ ලිපියක් ලියා තිබින. ඒ අපේ උපාධිධාරීන් ගැනය. චින්තා උන් හඳුන්වන්නේ නූගත් උපාධිකාරයෝ කියාය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තමය. 

උපාධි කබාය ඇඳගෙන, සහතිකේ අතේ රෝල් කරගෙන ගන්නා පොටෝ එක, රාමු කරලා එල්ලා ගෙන පැන්සින් එකත් සහිත ආන්ඩුවේ ජොබ් එක ගත්ත ගමන්, උන් හිතන්නේ උන් ඔක්කොම සියල්ල දත් උස්තාද්ලා කියලාය.

ඊට පස්සේ උන් දෙසනා ඕන වඳුරු කුණුහබ්බයක් දොහොත් මුදුන් දී පිලිගැනීමට මාධ්‍යකරණයේ හෝ කිසිඳු විශයයක් ගැන අවබෝධයක් නැති, ගිරව් වගේ කියවන, සිවිල් බලයක් ගොඩ නගාගෙන ඇති, මයික් අතින් ගත් හා කැමරා ඉදිරියේ චන්ඩීන් වී ඇති ජඩමාජ්ජවේදීන් සැදී පැහැදී සිටිනවාය.

මුන්ට කිසිඳු ඇකඩමික් කොලිෆිකේෂන් එකක් නැති නිසා අරුන් උන්ට ආකිමිඩිස්ලාය, ඇරිස්ටෝටල්ලාය, ඇල්බට් අයින්ස්ටයින්ලාය, සර්ව බලධාරි දෙවියන් වහන්සේලාය.

ඉන් පසු, උන්ගේ වාහිනිවලින් පත්තරවලින් හා වෙබ් වලින් ඇද අරිනා අමු කෙප්ප, පරම සත්‍ය සේ පිලිගන්නට පට්ට ගෝත්‍රික ජනතාව සැදි පැහැදි සිටිනවාය.

මුන් දන්නේ, කටපාඩම් කර වනපොත් කර ලබාගත් තියරොටි දැණුම පමණය. එය හරිද වැරදිද කියා සොයන්නට, මුන්ට කොන්දක් හෝ බුද්ධියක් නැත්තේය.ලෝකය, දියුණු තාක්ෂණය, නව නිශ්පාදන, නව ක්‍රමවේද, ආටිෆිසල් ඉන්ටලිජන්සි සමඟ දිනෙන් දින ඉදිරියටම යද්දි, මුන් ඉන්නේ, උන් විස්ස විජ්ජලේ ඉගෙනගත් යුගයේමය.

මුන් දැන් අරගලේ නිසා යලිත් එලියට බැස, පොරවල් වෙන්නට ගොස්, හත්පොලේ ගාගෙන නාලා, අම්බානට නෝන්ඩි වෙලා යනවාය. මේ ලියන්න යන්නේ තවත් එවන් අම්බරුවෙක් හා ඌට සමාන පිරිසක් ගැනය.

පී බී නැමැති අමු 1/4 කන්නියා, රට 70-77 යුගයට ගෙනියන්නේත්, ඉන් පසු ඒ යකා ගෙන ආ කාබනික පිස්සුව වෙත සියල්ලෝම වරද පටවා පොරවල් වෙන්නට යන්නේත් ඒ නිසාමය.

උගත් උනත් බුද්ධියක් නැති මාරබේ ඉගෙනගෙන තියෙන්නේ රසායනික පොහොර හා කෘමිනාශක නැතිනම් සාගත එනවා කියලාය. එහෙත් මේ තර්කයේ කිසිඳු සත්‍යතාවයක් නැත්තේ, මේ වන විට රටේ කිසිඳු අහාර හිඟයක් නොමැති වීම නිසාත්, යල කන්නයේ අස්වැන්නෙන් මාස 9  කට සහල් ලැබුන බව සියල්ලෝම පිලිගත් නිසාය.

කාබනික පිස්සුව වැළදි දැන් වසර දෙකක් වෙනවාය. මේ බක පන්ඩිතයින් කියනාකාරයට, වසර දෙකකින් පසු අස්වැන්න ලැබෙන මොකක් හෝ බෝගයක් නැති වී සාගතයක් එන්නට ඕනෑය.

මුන් මේ ලොක්කෝ වගේ කියවන්නෙ, ලෝක ආහාර වැඩසටහනෙන් දෙන අනතුරු ඇඟවීම වමාරන එකය. සුද්දා කිව්වොත් අපේ වැද්දාට ඉන් එහා දෙයක් නැතිය. චිත්‍රයක් ඇඳලා මේන් ඩෝ කළු කුහරේ කිව්වොත් ආයේ දෙකක් නැතිය. ඒ කළුකුහරේම තමයිය.

ලෝක ආහාර වැඩ සටහන එය පවසන්නේ, යූක්‍රේන යුද්ධය නිසා බවත්, යූක්‍රේනය ලෝක තිරිඟු අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනා රට නිසාත්‍ය. ලෝක ආහාර වැඩ සටහනේ උන් තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් ජීවත් වූවාට, පුනක්කු කන මේ ගොබ්බයන් ලංකාවේ හා ආසියාවේ ප්‍රධාන ආහාරය බත් කියලාවත් නොදන්නේය.

මේ වාගෙම කොරෝනා කාළයේ හොං කොං වල සිටි වයිරස් විජ්ජාග්නයෙන් කියනා ගල් මූසලයෙක්, ලංකාවම කොරෝනා වලින් මැරෙනවා කියා රට බය බිරාන්ත කොට මුලු රටම ලොක් ඩවුන් කර, රටේ ආර්ථිකය කාබාසිනියා කර දැම්මේය. ඒ කාළේ ඌට එහා උගතෙක් විශ්වයේම උන්නේ නැතිය.

මුන්, මුන්ට ලැබෙනා කොමිස් වලට රසායනික පෝර හා කෘෂිරසායන ප්‍රමෝට් කරනවා හැර, රටට කරපු දෙයක් කියන්නෙයි කිව්වොත්, කරපු කිසිම දෙයක් නැතිය. ආන්ඩුවේ ආදර්ශ ගොවිපලක් ලෙස පෙන්නන්නට ඇත්තේ සුද්දා හදලා දමලා ගහලා ගිය ගන්නෝරුව විතරය.

මුන්ට වඩා දෙයක් හමුදාවේ කොල්ලෝ රට පුරාම කරලා තියෙනවාය. නගර සභාවල උන් කරලා තියෙනවාය. උන් කාබනික ගොවිතැනෙන් සාර්ථක අස්වනු ලබාගෙන විකුණලාත් ඉවරය.

තේ, පොල්, රබර්, වී පර්‍යේෂණ ආයතන රටපුරා තිබුනද, ඒවායෙන් ඒ බෝග වර්ග වැඩි දියුණු කිරීමට කරපු මෙලෝ අලබෝලයක් නැතිය.

මුන්ගේ ගෝත්‍රික මානසිකත්වය හා හිඟන උපාධිය තුල මුන්ගේ චින්තනයේ තියෙන්නේ වී වගාව පමණමය. එහෙත් ලංකාවේ වී වගාව කියන්නේ වැහි නැති හෙන ගහනා නාස්තිකාර වගාවක්‍ය. ඒ වෙනුවෙන් විනාශ කරන්නාවූ ජල සම්පතෙහි වටිනාකම මේ වන තෙක් කිසිවකු හෝ ගනනය කර නැත.

පොඩි වතුර බෝතලයක් රුපියල් 50/= නම් කුඹුරු අක්කරයකට අස්වැන්න ලබා ගන්නා තෙක් වියදම් කරනා ජල සම්පත කොච්චරක්ද කියා ගණිතය හා ගොවිතැන දන්නා එකෙක් රටට කියනවා නම් බොහෝම හොඳය.

එවිට රටේ කුඹුරු අක්කර 1,750,000 කට වැය කරනා ජල සම්පතේ වටිනාකමත් එක් කල විට හාල් කිලෝවක් කොපමණ වේදැයි කියා ඕනෑම 🐄 කුට වටහා ගත හැකිය.

අනික මුන් කියනා විදියට රසායනික පොහොර භාවිතයෙන් මාර අස්වනු අරගෙන තිබුනා නම්, මේ රටේ ඉන්නට ඕනා ඇමරිකාවේ, ජර්මනියේ හා ජපානයේ ගොයියෝ වගේ ගොයියන් පිරිසක්‍ය.

එහෙත් අපට ඉන්නේ, හැමදාම ආන්ඩුවෙන් සියල්ල නොමිලේ ලබාගෙන, හරියට වවන්නේත් නැතිව, ඒවාට ආන්ඩුවෙන් වන්දිත් ඉල්ලන, අමු හිඟන පන් ගොයියෝ පිරිසක්‍ය.

වාසනාවකට, රටේ ඩොලර් නැති නිසා දැන් රසායනික පෝර ඇත්තේත් නැතිය. ඒ නිසා අර පන් ගොයියෝ නාමල් කරුණාරත්න එක්ක හංදියක් හංදියක් ගානේ එක එක ඒවා ඉල්ලා මර ලතෝනී දෙද්දී, පිරිසක් රසායනික පෝර නැතිව වී ගොවිතැනින් ඉවත්ව, වෙනත් භෝග වගාවලටද යොමුවී තිබෙනවාය.

උන් ඒ බෝගවලට අමතරව තමන්ගෙ පරිභෝජනයට පොඩි කුඹුරු කෑල්ලකුත් කරනවාය. දැන් අපට අවශ්‍ය, උගත් නමුත් බුද්ධියක් නැති මාරඹේලා වාගේ අඬෝවැඩියා හාල්පාරුවෝ නොව, ලෝකයටම ආදර්ශයක් දෙමින් සුපිරි පන්නයේ ගොවිපලක් පවත්වා ගෙන යන සමන්තබද්‍රලා වාගේ මුණිවරුය.

දැන් මෙය කියවන 🐄 සම්පත හා රෝන්ග් ජැනරේසොන් එක, සමන්තභද්‍ර පෙලහර පාන්නේ ආමි එකේ උන් නිසා නේ ඩෝ ගාගෙන මාතලන්ගේ සායම් අරින්නට එන්න ඉඩ ඇති නිසා , මාතලන්ට කියන්න තියෙන්නේ, 

ඕකුන්ට පුලුවන් නම් ගොවිපලක් දමා, මාරඹේ ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා කප්පරක් වූ 🐄 සම්පත යොදවාගෙන අඩු ගානේ අඹේවල වගේ ෆාම් එකක්වත් කරලා පෙන්නපන් කියලාය.....

පට්ට ආතල් එක කියන්නේ මෙහෙව් පඬියාද දැන් කියන්නේ ජනාධිපති කියපු එකමය. 

ඇත්තටම වැරද්දක් උනා කිව්වාට, වැරද්දක් වෙලා නැතිය. 

දැන් මාරඹේ කියන පඬියාත්, කාබනික පෝරෙන් ගෙවතු වගා කරන්නෙයි කියා ජනතාවට උපදෙස් දෙනවාය.

සමහර විට එයලා දාන ගොමවලින් කාබනික පෝර සාදා, ටැලිවිසනෙන් ජනතාව ඉදිරියට විත්, අපේ පෝර ඔය ජනාධිපතිගේ මාළු පෝරවලට වඩා හොඳයි, හරි සුවඳයි කියා කියන්නත් ඉඩ තිබෙනවාය.

.


ඒ වගත් මෙසේය.......


.



10 comments:

  1. කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ඔය මාරඹේ කියන මී හරකා ඇත්තටම කරත්තෙට බඳින්න හොඳ අමු ගවයෙක් ඔය කාලකන්නි දන්න මගුලක් නෑ.

    මහලොකු කෘෂි උපාධි නැති දේ විජේවර්ධන ලොක්කා ලංකාවේ ට්‍රැක්ටර් හදන්න ට්‍රයි කරලා පර්යේෂණ කරපු කාලේ මිනිහා හොයාගෙන තියෙනවා වී වගාව යටතේ වී එක ටොන් එකක් හදන්න වාරි ජලය විතරක් ටොන් විස්සක් විතර නාස්ති කරන බව. මෑන් ඒ නිසා ලංකාවේ දී වගාවට වඩා සංයුක්ත වගා කිරීම ගැන ක්‍රමවේදයක් යෝජනා කළා මෑන් කියන විදියට වී වලට වඩා ලංකාවේ විශේෂයෙන් තෙත් කලාපයේ කොස් වගාව වාණිජ මට්ටමේ කරලා කොස් පිටි සහ කොස් ඇට පිටි වලින් පාස්තා රොටී සහ පාන් හා සමාන මට්ටමේ කෑම වර්ග කොස් කොත්තු හදන එක සහ ලංකාවේ තෙත් හා වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන වගුරු බිම් වල විශාල වශයෙන් මහා පරිමාණයෙන් වැඩි දියුණු කරපු කොහිල වර්ග වාණිජමය අරමුණු වෙනුවෙන් වලලා ඒවායින් කොහිල කොත්තු වගේ කෑම එතකොට මයියොක්කා බතල අලු කෙසෙල් ආදිය ඇසුරින් පිටි වර්ග නිෂ්පාදනය කරලා ඒවායින් පාස්තා නූඩ්ල්ස් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්න පුළුවන් නම් ලංකාවේ කෘෂි ආර්ථිකය දියුණු කරන්න වගේම ජනයාට ඇති බෝ නොවන රෝග විශාල වශයෙන් වැලැක්විය හැකි බව මේක ඇත්ත ද?

    YouTube වල එහෙම sweet potatoes, cassava, plantain flour වගේ දේවල් වලින් ලෝකය පුරාම විවිධාකාර කෑම වර්ග වාණිජමය වශයෙන් හදන හැටි ගැනත් දැනගන්න පුළුවන්.

    ඒ වගේම තමයි කොළඹ වාණිජ අධිකරණය නිකුත් කල නියෝග මත මෑතක රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් A330 වර්ගයේ ගුවන් යානාව මගීන් 191 දෙනෙකුද සමගින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීම ඔය රටේ වගකීම් විරහිත පාලකයන්ට සහ පරිපාලකයන්ට නොපෙණුනද, මෙම රුසියානු ගුවන් යානය රඳවා ගැනීම දෙරට අතර හැටපස් වසරක රාජ්‍ය තාන්ත්‍රික මිතුදම පලුඳු කිරීමට විශාල වශයෙන් හේතුවක් වනු ඇති බවට මා තරයේ විශ්වාස කරමි.

    විශේෂයෙන්ම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ලියනගේ පවසන පරිදී අදාළ ගුවන් යානය විශේෂ රැඳවුම් නියෝගයකින් ගුවන්තොටුපොළේ රඳවාගත් මුල් පැය කිහිප‍ය ඇතුලත, එරට විදේශ අමාත්‍යාංශයෙන් ඇයව කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර ඇති බවට ආරංචියි.

    මෙලෙස කොළඹ වාණිජ අධිකරණය මඟින් හුදෙක් වාණිජ ගැටලුවක් ලෙස සැලකූ සිද්ධිය මේ වන විටත් ඉතා ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්වී තිබේ. ලංකාව වර්ථමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බූදයෙන් යාන්තමින් හෝ ගොඩ එන්නට අත්‍යවශ්‍යම සාධකයක් වන සංචාරක ව්‍යාපාරයට යාන්තමින් හෝ සහනයක් වී තිබුණේ රුසියාවෙන් පැමිණි සංචාරකයන්, විශේෂයෙන්ම 2022 වසර මුල සංචාරක සෘතුවේදී මාගේ ලංකාවේ සංචාරයේදී මම හිටපු හෝටල් බොහෝමයක් පවා පිරී ඉතිරී ගියේ රුසියානු ජාතිකයන්ගෙන්.

    විශේෂයෙන්ම මේ වන විට තෙල් අර්බූධයට විසඳුමක් ලෙස රුසියාවෙන් බොර තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් පවා සාකච්ඡා ආරම්භ වී ඇති කාලවකවානුවක ඇතිවූ මේ සිදුවීම අතිශයින්ම කණගාටුදායකයි. එසේම රුසියාවට ලංකා තේ අපනයනය තුළින් 2021 වසරේ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආදායමක් ප්‍රේෂණය වූ බවද එකී ඔලමොට්ටලයන්ට අමතක වී ඇත.

    විශේෂයෙන්ම මින් පෙර ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාවට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල වූ විට ඒවාට එරෙහි වූ නිශේධ බලය හිමි චීනය සමගින් අනෙක් එකම රට වූ රුසියාවද අපෙන් ඈත්ව ගියහොත් අපට නිතැතින්ම ඉතිරි වන්නේ චීන කඳවුර පමණයි මෑතකදී ඇතිවූ පොහොර නැව සම්බන්ධ ගැටලුවේදී පවා එම රාජතාන්ත්‍රික සබඳතා පලුඳු වූ විට වත්මන් පාලකයන් හෝ නිළධාරීන් මුණිවත රැක්කේ අබරා සිල් ගත්තා මෙන්.

    විශේෂයෙන්ම වසර 2500 ක ඉතිහාසයක් ගැන පම්පෝරි දොඩවන සංස්කෘතික වහලුන් තවමත් කුසගින්නේ නොසිටින්නේ ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන් ලබා ගත් ණය සහ ආධාර නිසා බව ඔවුන්ට අමතකව ඇත.

    මේ වන විටත් මෙම සිදුවීම පාදක කොටගෙන රුසියාවේ Aeroflot ගුවන් සේවයෙන් ලංකාවට වාණිජ ගුවන් ගමන් සියල්ලම තාවකාලිකව අත්හිටුවා ඇත. විශේෂයෙන්ම අනෙක් රටවල් විසින් ලංකාව වෙත සංචාරය නොකරන්නැයි අනතුරු අඟවා තිබූ පසුබිමකදී පවා සෑම සතියකම සංචාරකයන් රැගෙන මොස්කව් සිට කොළඹට පියාසර කළ ගුවන් කිරිල්ලිය යළිත් අප රට බලා පැමිණින්නේ නැත. අපේ රට නැට්ටටම එරී තිබූ සෑම කාලයකම බෙහෙත් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුරවාගනිමින් අප රටට පැමිණි Aeroflot ගුවන් යානය නැවත අප වෙත දකින්නට නොලබෙනු ඇත. මාතලන් වැනි මේ ගැන හොඳින් දන්නා කෙනෙක් විදියට තවමත් මේ සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්ද?

    ReplyDelete
  2. අයිසේ ළමා තන් මේ වීඩියෝ එක බලපන් බලල ඒ ගැන හිතන්නේ මොකද කියලා කියාපන්

    https://www.facebook.com/100044148789418/posts/pfbid0kBh5EJPtAboNUg4RFNaj1nGpfJhiKAjgPKUgaivurGRzB7Y9bHVsseKhcWcDad63l/

    ReplyDelete
  3. 1948 නිදහස ලබා අවුරුදු 74ක් දේශීයව පුරවැසියන් විසින්ම තෝරා පත්කර ගත් ලෝකල් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් විවිධාකාර බොරු පොරොන්දු දෙමින් රට විනාශ කිරීමත් සමඟින් දේශපාලන ක්‍රමය සම්බන්ධව විශ්වාසයක් නොමැති වීමෙන් රටේ පොදු ජනතාව විසින් නිර්මාණය කරන ලද සැබෑ නිර්පාක්ෂික අරගලයේ ප්‍රතිඵල ලබා ගැනීමට රට තුල සිදුකල යුතු පාලන ක්‍රමයේ වෙනස (System Change) නිවැරදිව සිදු කර ගැනීමට අප විසින් පහත යෝජනා ඉදිරිපත් කරන අතර මෙම Victory Sri Lanka - දිනවමු Sri ලංකා මගින් ශ්‍රී ලංකාවට ආදරය කරන ඔබ සැමගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමෙන් රට නිවැරදි මගට ගෙනයාමට සහ රට දිනන අරගලය ජයග්‍රහණයට බලාපොරොත්තු වෙමු.

    වර්තමාන පාලකයන් විසින් මාස 6ක කාලයක් යාමට පෙර රට දියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධව විශ්වාසයක් ගොඩනගා ගැනිමට පහත කරුණු ක්‍රියාත්මක කරවීම අපගේ බලාපොරොත්තුවයි.

    1). සියලුම දේශපාලනඥයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් විගණනය සහ විමර්ශනය කලයුතුයි.

    2). වසර 10ක් සඳහා රටට සංවර්ධන වැඩපිළිවෙලක් සකස් කල යුතුයි.

    3). සියලුම පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කර ස්වෙච්ඡාවෙන් රට වෙනුවෙන් සේවය කල යුතුයි. (බැරි එකෙක් ඉන්නවා නම් අයින් වෙලා ගෙදර පලයව්)

    With 74 years of political parties and individuals driving the country to destruction with their undeliverable promises, we propose the following changes to the “systemic change” that must take place in the country to achieve the results of the genuine non-political struggle created by the people of the country based on their lack of confidence towards the political system. We hope to lead the country in the right direction and to win the struggle with the ideas from true patriotic Sri Lankans through this group-Victory Sri Lanka - Win Sri Lanka.

    Amendments to be made in the Constitution before the elections to be held 6 months later are as follows and it is our hope that these measures will enable the present rulers to build confidence in the promises made to the people for the betterment of the country within six months.

    1). All politicians including public officials should be audited and investigated.

    2). A development program should be prepared for the country for 10 years.

    3). All parliamentary privileges should be abolished, and volunteers should serve the country. (Otherwise leave politics and find another career path)

    ReplyDelete
  4. https://namiyageweediya.blogspot.com/2022/05/blog-post_26.html

    ReplyDelete
  5. ලංකාවේ ආර්ථික අර්බුදය තනිකර කුමන්ත්‍රණයකි.
    පොහොර නැවක් හරවා යැවීම නිසා චීනය අප සමඟ අමනාප විය.
    ගුවන්යානා ප්‍රශ්ණය නිසා රුසියාව අප සමඟ අමනාප විය.

    මේ සියල්ල යොමුවී ඇත්තේ ලංකාව ඉන්දියානු පලාතක් බවට පත්කරගැනිවේ වැඩපිලිවෙල දෙසට නොවේද?

    ReplyDelete
  6. ජගත්

    ඔයිට වැඩිය ලොකු දෙයක් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රිය යූටියුබර් කෙනෙක් මාසෙට මිලියන දෙකක්, තුනක් විතර උපයනවා.

    ඒ වීඩියො එකට ලැබෙන අනුග්‍රාහකයන්ගේ මුදල් සහ ඇඩ්සෙන්ස් ආදායමෙන්. ලංකාවේ හොදම යූටියුබර්ස්ලා කොමර්ෂල් වීඩියෝ එකක් කරන්න පටන් ගන්න ආරම්භක මුදලම රුපියල් ලක්ෂ පහලොවක්.

    ඒ තරම් මුදලක් උපයන යූටියුබර්ස්ලාගෙන් කිහිපදෙනෙම් මාස දෙකක් තිස්සේ ඒ වැඩ නවත්තලා අරගලයක් කියලා.

    ගෝල්ෆේස් අසල සංචාරක හොටෙල් වල නැවතිලා ඉන්න ඔවුන් දවසට එක පාරක් ගෝල්ෆේස් ඉදන් ලයිව් ආවා.

    දැන් එතනින් එහා ගිහින් ඒ යූටියුබර්ස්ලා අරගලය අරගෙන රට වටේ යනවා කියලා කියනවා.

    එයාලගෙම ලයිව් වීඩියෝ වල කියන විදියට ඔවුන් අරගලය ගැන මිනිස්සු දැනුවත් කරන්න ගමෙන් ගමට යනවාලු.

    අද මාතර, හෙට කුරුනෑගල, අනිද්දා හම්බන්තොට වගේ දිවයින පුරා ආවරණය කරමින් ඔවුන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යනවාලු.

    හේතුව අරගලය ගම් මට්ටමට ගෙනියන්න ඕනලු.

    මගේ ප්‍රශ්නය ගෝල්ෆේස් එකෙනුත් එහාට ගිහින් පූර්ණකාලීන දේශපාලනික බලවේගයක් වගේ මේ යූටියුබර්ස්ලා එක්වරම මෙහෙම කටයුතු කරන්නේ ඇයි ?

    රටට ආදරය නිසාද ? එහෙම නැතිනම් ඔවුන්ට මේ ක්‍රියාකාරකම් වලින් වාසියක් ලැබෙනවද ?

    මෙහෙම රට වටේ යන්න ඔවුන්ට වියදම් දරන්නේ කවුද ?

    මේ රටවටේ යන වැඩ සංවිධානය කරන්නේ කවුද ? තිරය පිටිපස්සේ ඉන්න මහමොළකරු කවුද ?

    ඇත්තටම මේ යුටියුබර්ස්ලට ෆන්ඩ් කරන්නේ, ඔවුන් මෙහෙයවන්නේ කවුද ?

    එහෙම නැතිනම් තෙල් පුච්චගෙන, තමන්ම සංවිධානය කරගෙන, අතින් වියදම් කරගෙන මේ යූටියුබර්ස්ලා රට වටේගිහින් උද්ඝෝෂණ සංවිධානය කරනවද ?

    මේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තොත් අරගලයක නාමයෙන් සිදුවෙන මහා දේශපාලනික ගේම් එකක ඇත්තම ස්වරූපය රටේ මිනිස්සුන්ට දැනගන්න පුලුවන් වේවි. ජගත් අයි ටී කාරයා නිසා මේ ගැන ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  7. දැන් අපට අවශ්‍ය, උගත් නමුත් බුද්ධියක් නැති මාරඹේලා වාගේ අඬෝවැඩියා හාල්පාරුවෝ නොව, ලෝකයටම ආදර්ශයක් දෙමින් සුපිරි පන්නයේ ගොවිපලක් පවත්වා ගෙන යන සමන්තබද්‍රලා වාගේ මුණිවරුය.++++++++++++++++++++++

    ReplyDelete
  8. හොඳ වැදගත් පෝස්ට් එකක් බන් ලමාතන් රහට ලියලා තියෙනවා ඒක නෙවෙයි මේ වීඩියෝ එක බලලා ෂෙයාර් කරපිය පුළුවන් නම්

    https://fb.watch/dssHIj463K/

    ReplyDelete
  9. මේක ගැන මොකද හිතන්නේ මාතලන්?

    https://www.ft.lk/shippingaviation/CICT-ranked-among-Top-15-container-terminals-worldwide-by-Container-Port-Performance-Index-2021/21-735779

    ReplyDelete
  10. saumyage huththta diwa dala juice bonna thibba nam. mm.. rasa athi. okkoma urala bonawa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න