.

.

Jun 12, 2023

අනන්‍යතාවට හැමනිලාම ගිය.. අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ



අනන්‍යතාවට හැමනිලාම ගිය..

අරගලියෝ හා වීකල්ප ජඩමාජ්ජවේදීයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


ටොක්සික් අරගලියන්ස්ලටයි... විකල්ප ජඩමාජ්ජවේදීන්ටයි ... දිගට හරහට ඔළුව ඔල්මොරොන්දන් වෙන වැඩමයි වෙන්නේ..


දැන් උන් කියන්නේ කරන්නේ මොකක්ද කියලා උන්ම දන්නේ නෑ..


උන්... බුදුන්ට අපහාස කළ නටාෂා ICCPR පනතට එරෙහිව කතා කර කර ඉද්දිම.... බුදුන්ට අපහාස කළ දිලිත් ජයවී‍රව ICCPR පනත යටතේම ඇතුලට දාන්නෙයි කිව්වා...


උන් නෙමේ අනේ.. උසාවියත් කොන්ෆියුස්

😁😁😁😁😁


නැගෙනහිර ආන්ඩුකාරවරිය ලෙස උන්න යහම්පත් නෝනට එරෙහිව කතා කළ සුමන්තිරන් හා පල්මානිකම්ට කඩේ යමින්..


උතුර හා දකුණ වෙන් කරන්න ඕනෙයි කියපූ... ටයිගර්ස්ලට ගොල්ෆේස් එකේ පෙලපාලී ගියපු.. බොරැල්ල කනත්තේ පහන් පත්තුකරපු අරගලියොයි, විකල්ප ජඩමාජ්ජවේදියොයි...


යහම්පත් එක්ක නැගෙනහිර බෞද්ධ රාජ්‍යයක් කරන්න ගොයියෝ එලවලා පන්සල් වලට ඒවා පූජා කරපු... පුරාවිජ්ජා මහ එකා ඉල්ලා අස්වුනාය කියලා පොලොවේ පස් කනවා...


අර පල්මානික්කම්ලට... සුමන්තිරන්ලට... පාදර් ජීවන්තට... ගල්කන්දේ ගල් ආඳාට.. ඕමල්පේ සෝභිතට... කාදිනල්ට... කුරුස අප්පුහාමිට... විදර්ශන කන්නංගරට... මොනවා හිතෙනවා ඇද්ද අප්පා....


ඌ ඉල්ලා අස් වුනාම හරි නම් අඬන්න ඕන... සරත් වීරසේකරලා ... ගොඩහෑවලා... යහම්පත්ලා... ටෝච් ඉල්ලපු ජොස්තර නෝනලා... නානෙලා සහ සිහළ බෞද්ධ බලවේගේ සිකුරිටි ගාඩ්ලා හෙවත්... පෝට්ටු බයියෝ


යකෝ පෝය දවසේ ගෝල්ෆේස් එකේ කොඩිවින කලාම ඒවා ආයේ බැක් ෆයර් වෙනවා...


කට්ටඩි එව්වෙත් මැදමුලනෙන්මද මන්දා අප්පා.. 😁😁😁😁😁

.

6 comments:

  1. හහ් හහ් හා ආතල් ඕයි ඕකුන් නන්දසේනයාට පිස්සු කියලා පහුගිය කාලේ විලාප තියුවානේ

    දැන් බලාගෙන ගියාම ඌ හොඳයිනේ මේ මිහරක් නේ මනෝ විකෘති වෙලා රඟලා තියෙන්නේ ඕකුන් දැනටමත් එක එකා ඇරගන්නවා අර හෙළුවෙන් කුරුසිය කරට අරගෙන ගිය ජේසුගේ කටට ගන්න ඕන කිය කිය පාරේ ගොන් ආතල් දිපු මොකාද මන්ද හිඟන පොන්සියයි ඌ එනකම් නොකා නොබී බලාගෙන හිටිය අර පිස්සු නලුවයි දෙන්නත් එක්ක ඇරගෙන නේද?

    දැන් ඒ නලුබට්ටා රනිල්ට රෙදි නැතුව කඩේ යන එකට අරූට පුකේ ඉත්තෑවෝ දුවන සීන් එකක් වෙලා නේද? හපෝ මහ පිස්සන් කොටුවක් බන් ලංකාව දැන් නම් මොළේ තියෙන හැම එකාම මොනව හරි කරලා රටින් එලියට යන්න උත්සාහ කරන බව පේනවා ඕකේ හිටියොත් ඇපත් නෑ නේද මට නම් දැන් නිවාඩුවකටවත් ලංකාවට යන්න හිතෙන්නේ නෑ නොදකින්

    ReplyDelete
  2. මාතේ ලංකාවේ ඔය අරගලය කාලේ කිසිම කමකට නැති අමුම අමු ගොන් අපතයෝ ටිකක් කයිවාරු සහ අපහාසාත්මක කතාවලින් ක්ෂණිකව රටේ පොරවල් වුණා සමාජ ජාල වල පිහිටෙන්, සහ සිරස වගේ මාධ්‍ය වල නිතරම ප්‍රචාරය කරලා, ඉස්සර නාමල් කුමාර වගේ තමයි.

    අර අන්තරේ වැද්දයි තවත් ඒ වගේම ජෝකර්ලා ටිකකුයි ඔය සත පහකට වැඩක් නැති අමු මැටි කබ්බෝ ගැන පෝස්ට් දාන කාලය අපරාදේ, ඒ වෙනුවට වැඩකට ඇති මිනිසුන් ගැන කතා කරමු, උදාහරණයකට මම දැක්කා වරක් මගේ යාළුවෙක් නිතරම ජිම් එකට යන හැටි, ජිම් එකේ ඉඳන් ෆොටෝ දාන හැටි. ඒවා දැකලා මම motivate වුනා. දැන් මගේ බර කිලෝ 5ක් අඩුයි.වෙනදට වඩා මම දැන් කාර්‍යක්ශමයි.

    තව මම දැක්කා එක යාළුවෙක් එයාගේ ජොබ් එක කරන ගමන් තව පොඩි ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා.අමතර ආදායම් හදාගන්න හැටි පොඩි පොඩි වීඩියෝ කරලා දානවා, මම motivate වුනා. දැන් මටත් ඒවගේ අමතර ආදායමක් තියෙනවා.

    තවත් මිතුරෙක් freelancering කරන්න පටන් ගත්තා.ඔහුගේම ව්‍යාපාර ව්‍යාප්ත කරා. මම motivate වුනා.දැන් අපි කීපදෙනෙකුගේ බිස්නස් ඔන්ලයින් එකත් පුළුල් කරන ගමන්.

    මගේ යාලුවෙක් ලස්සන කාර් එකක් අරන් තිබුනා.Facebook ෆොටෝ දාලා තිබුනා.මමත් motivate වුනා. වෙහෙස මහන්සි වෙලා හරි ඉතිං දැන් මටත් කාර් එකක් තියෙනවා.

    තව එක යාලුවෙක් මාස්ටර්ස් කරන්න දියුනු රටකට ගිහින් ඉන්නවා දැක්කා. නිතරම ඒ රටේ ෆොටෝස් දැම්මා.මටත් රටකට යන්න ආසා හිතුනා.මම motivate වුනා.ඉතිං මමත් දැන් ඒ රටේ ජීවත් වෙනවා.

    සමහරුන්ට සමාජ මාදය වල ජයග්‍රහණ පළ කිරීම්, පුරසාරම් දෙඩීමක් .

    නමුත් සමහරුන්ට ඒක motivation එකක්, පෙළඹවීමක්, අභියෝගයක්.

    ජීවිතයේ ජයග්‍රහණ පළකිරීම වරදක් නෙවෙයි.ඒවා බෙදා
    හදාගන්න එකත් වරදක් නෙවෙයි.

    හරි හෝ වැරද්ද ඒක දිහා බලන කෙනාගේ දෘෂ්ටිකෝණය අනුවයි තීරණය වෙන්නේ.

    එක්කෝ ඔබට ඊර්ෂ්‍යාව ලැබේවී, නැත්නම් motivation එකක් ලැබේවී.

    අන් අයගේ ජයග්‍රහණ වලදී සතුටු වෙන්න, motivate වෙන්න.තමන්ගේ ජයග්‍රහණ බෙදාගන්න.

    දවසක තව කෙනෙක් motivate කරන්න.

    තේරීම නිතරම තියෙන්නේ ඔයාගේ අතේ. ඔය වගේ මෙලෝ රහක් නැති චාටර් කබ්බෝ ගැන කියලා රන් හා සමාන වටිනා කාලය නාස්ති නොකර ඒ වෙනුවට අර වගේ ධනාත්මක අයගෙන් අපි මෝටිවේට් වෙමුද මාතේ?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි කරන්න ඕන. ඒත් මිනිස්සුන්ගෙ අවශ්‍යතාවෙනස්.

      Delete
  3. "සිද්ධ්‍යන්තු බෝධිසත්වානාං ජගදර්ථ මනෝරථාඃ
    යච්චින්තයන්ති තෙ නාථාස්තත් සත්වානං සමෘද්ධ්‍යතු"

    ලෝවැඩ සඳහාවූ බෝසත් වරුන් ගේ ප්‍රාර්ථනාවෝ සිදුවෙත්වා.සත්වයන් පිළිබඳ ඒ උතුමෝ යමක් සිතත් ද ඒ ඒ අදහස් සමෘර්ධ වෙත්වා!!!

    ReplyDelete
  4. ඕව ඔහොම තමයි බං, අරගලයට ව්‍යවස්ථාව පමණක් නොව සංස්කෘතිකයද සම්මතය ද කොටින්ම ඕනෑම රෙද්දක් ඕනෑම පශ්චාත් භාගය ක් උල්ලංඝනය කළ හැකි පමනක් නොව ඕනෑම පශ්#ත් භාගයක් සමග ක්‍රීඩා ද කලහැක.

    - මීට අරගලයේ ජනාධීපති රනිල් වික්‍රමසිංහ

    ReplyDelete
  5. ඕක ලංකාවේ දේශපාලනයේ ස්වභාවය..., අපි ඒකටත් විරුද්ධයි ආයේ මේකටත් විරුද්ධයි කියන කතාව සාමාන්‍යයෙන් ඕකේ ඔස්තාර්ලා ජවිපෙ ජාතික ජන බලවේගය තමයි... නමුත් එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණත් ඒ වගේම තමයි ඇතැම්විට...

    යුද්ධය පැවති කාලේ එක්සත් ජාතික පක්ෂය සමග ඔය හාල්පාරුවෝ හමුදාවටයි මිලිටරි එකටයී කැම්පේන් වලටයි දරුණුම ලෙස අපහාස කලා..., යුද්දෙන් පස්සේ නන්දෙලා ආමි කාරයෝ නිකම්ම තියානොගෙන වෙන ප්‍රයෝජනවත් වැඩවලට යොදාගන්නට පටන් ගත්තාම උනාම එකපාරටම අමුතු කරුණාවක් පහලවෙලා රණවිරුවෝ කානු හෝදනවා එලෝලු විකුණනවා වගේ වැල් බයිලා ගහලා රට්ටු හිනස්සන ගොන් කතා කියපු එකේ ඕවා මහා ලොකු දේවල් නෙවේ ඔය 1/4කම්නි හැත්තට..., ඒ වගේම තමයි.

    මම ඔයිට වඩා වෙනස්ව වැදගත් කතාවක් කියන්නම් සංවාදයකට සුදුසු, මේ කතාවේ හීරෝ ලස්සන පුංචි දැරියක්... එයාගෙ නම ගිලියන්.. අවුරුදු හතක පොඩි එකියක්...එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාශාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නෙ.

    මේ ගිලියන් තමංගෙ පංතියේදීත් විනාඩි හතරෙන් පහෙන්
    නැගිටිනව.. ඇඹරෙනව ..එහාට මෙහාට යනව ..පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ.

    ඔහොම යනකොට මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනව. ගුරුවරු හැමදාම අවවාද කරනව.. පහදල දෙනව.. දඬුවම් දෙනව... පංතියෙන් එලියට දානව.. දණ ගහල තියෙනව ඒත් ඒ කිසි දෙයක් හරි යන්නෙ නැහැ.

    සමහර ගුරුවරු..කරුණාවන්ත වෙනව වැඩි වැඩියෙන්.. තෑගි..චොකලට් වගේ දේවල් දෙනව.. ඒත් කිසි දෙයක් හරි යන්නෙ නෑ.
    විදුහල්පති ලඟට එක්කන් යනව .. ගෙදර අම්ම තාත්ත එක්ක කතා භහ කරනව. ඒත් විසඳුමක් නෑ.
    ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විදිනව ..චාරයක් නෑ.. එක තැනක ඉන්න බෑ කියල.
    දවසක් පංතිභාර ගුරුතුමිය ගිලියන්ගෙ අම්මව කැඳවනව ඉස්කෝලෙට.බොහොම කරුණාවෙන් අත අල්ලගෙන කතා කරනව.

    ඒ තරම් හොඳ ආරංචියක් නෙමේ තියෙන්නෙ.. කියන්න කණගාටුයි.
    අපි හිතන්නෙ ගිලියන්ට තියෙන්නෙ මානසික රෝගයක්. එයා අධි ක්‍රියාකාරීයි.. ඒ වගේම මානසික ආතතිය හා මානසික ව්‍යාකූල තාවයෙන් (Mentally disorder)පෙලෙනව.

    මේක සංකීර්ණ තත්වයක්. අනිවාර්‍යෙන්ම මානසික රෝහලකට යොමු කල යුතුයි ප්‍රථිකාර සඳහා.

    ගිලියන්ගෙ අම්මගෙ ඇස් කඳුලින් පිරෙනව.

    ඇය ඉස්කෝලෙන් පිටවෙලා යන්න සූදානම් වෙද්දි ඇයව දන්න වියපත් ගුරුවරියක් හමු වෙනව.
    මේ ගුරුවරිය අහනව අඬන්න හේතුව.

    ගිලියන්ගෙ අම්ම විස්තර කියනව.
    මං ගිලියන්ව දැක්ක කීප සැරයක්. අපි තව එක දෙයක් උත්සාහ කරල බලමු.. මට පොඩි සැකයක් තියනව.
    මේ දෙන්න යනව විදුහල්පති හමුවෙන්න.
    ගුරුවරිය විදුහල් පතිගෙන් ඉල්ලනව පොඩි පරීක්ශණයකට ඉඩ දෙන්න කියල.

    ඉඩ ලැබෙනව වාසනාවකට.
    මේ ගුරුවරිය ගිලියන්ව එක්කන් යනව සංගීත කාමරේට. විවිධ සංගීත භාන්ඩ වගේම තැටි රෙකෝඩරයකුත් තියනව.

    ඇය ගිලියන්ට කියනව විනාඩි දහයක් වාඩි වෙලා ඉන්න මං අම්මත් එක්ක ඉක්මනින් එන්නම් කියල.

    ඇය පිට වෙලා ගියාට ..ගිලියන්ගෙ අම්මටයි.. විදුහල්පති හා ගුරුවරු කීප දෙනෙක්ටයි දකින්න පුළුවන් අපේ පුංචි ගිලියන්ව වීදුරු ජනේලය හරහා.

    එයා වාඩි වෙලා ඉන්නවද..
    නෑ.. නැගිටිනව.. එහාට මෙහාට ඇඹරෙනව. තැටි රෙකෝඩරයේ සද්දෙ වැඩි කරනව. හරි ලස්සන පියානෝ වාදනයක් තැටි රෙකෝඩරය හරහා ඇහෙන්නෙ.

    ගිලියන් පටන් ගන්නව අත පය විහිදල මේ සංගීතෙට අනුව නටන්න.
    එලියෙ ඉන්න ඛාන්ඩෙ පුදුම වෙනව මේ පොඩි කෙල්ල නටන ලස්සන දැක්කම.

    හරියට මේ සංගීතය එයාටම හදපු එකක් වගේ. මුලු හදවතම ..අවධානයම නැටුමට යොදවපු ගිලියන් කාමරේ හතර අතට පා වෙනව.

    අර වියපත් ගුරුවරිය කියනව.. බලපල්ලා මේ පුංචි එකී මානසික ලෙඩෙක්ද.. ?

    එයා උපතින්ම නැට්ටුවෙක්....

    පහුවදා ඉඳල පන්තියේ මුළු දවසම ඉඳන් ඉන්නව වෙනුවට ගිලියන් නැටුම් අංශයට යොමු කරනව. එදා ගෙදර ආපු ගිලියන්ගෙ මූණ හිනාවෙන් පිරිල.

    අම්මේ ඒ පංතියේ අය මට වඩා ලොකු උනාට ඒ අය ඔක්කොම මං වගේ .. හැම තිස්සෙම නටනව.

    මේ නම් හරිම ලස්සන ලෝකයක්. එයාගෙ අම්මට උත්තර නෑ.

    මේ තමා එංගලන්තයේ බිහිවුනු විශිෂ්ඨතම බැලේ රංගන ශිල්පිනිය.
    ඊට අමතරව නම් දරාපු රූපවාහිනී නැටුම් අධ්‍යක්ශකවරියක්.. නිළියක්.
    ඒ තමයි රාජකීය පවුලකින් නොආව පලමු පුද්ගලයා ලන්ඩනයේ රංග ශාලාවකට නම දීපු.

    ගිලියන් බාබරා ලින්.. 1926 - 2018.

    පොඩ්ඩකට හිතුවොත් ශිෂ්‍යත්ව විභාගෙ අසමත් වෙච්ච පොඩි එකීට කොයි තරම් දුක හිතෙන්න ඇද්ද.. ගස් උඩ නගින.. කොල්ලෙක් වගේ දුවන පුංචි එකීට කොයි තරම් සැර දාන්න ඇතිද..
    ඉගෙනීමට වේගෙ මදි කියල තමංගෙ පොඩි උං රේස් දුවවන අම්මලාට පොඩ්ඩක් හිතන්න පුලුවන් උනොත්....
    කවුද දන්නෙ.. ඒ ගිලියන්ද.. සුසන්තිකාද.. බාබරා ස්ට්‍රයිසන්ද කියල.? කාටද කියන්න පුළුවන්.. කවුරු දන්නවද.

    වාසනාවකට මේ පුංචි එකීගේ ගමන මානසික රෝහලකින් අවසන් නොවුනේ.

    තව දවසක කතා කරමු මේ ලෝකයේ බිහිවුනු විශිෂ්ඨතම බුද්ධිමතෙක් ..මේ ලෝකයේ ගමන වෙනස් කරපු තරුණයෙක් ..හැබැයි මානසික රෝහලකදී අකාලයේ ජීවිතය අවසන් කරගත්තු. ඒ වගේ කතාවක් අහන්න මේ බ්ලොගය බලන පාඨකයෝ සූදානම් කියල දැනුනු දවසට එයා ගැන ලියන්නම්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න