.

.

Jun 30, 2023

ජනතා විශ්වාසය ලැබීම යනු රජයකට ලැබිය හැකි විශාලම ශක්තියයි.


 ජනතා විශ්වාසය ලැබීම යනු

රජයකට ලැබිය හැකි විශාලම ශක්තියයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


වත්මන් රජය මේ රට වැටි තිබූ නරා වලෙන් ගොඩ ගත් බව අප ලියූ විට, එසේ සිඳු වූයේදැයි අසන අමනයන්ගෙන් අපට ඇසීමට ඇත්තේ, තොපි මීට වසරකට පෙර ජීවත් වූයේ වෙනත් ග්‍රහලෝකයකද යන ප්‍රශ්ණයම පමණමය.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමට පෙර, මේ රටේ ඉන්ධන, විදුලිය, ගැස් තිබුනේ නැතිය. ඒ වන විටත් ණය ගෙවීම නවතා දමා රට බංකොලොත් බව ප්‍රකාෂයට පත් කර තිබුනාතර, තෙල් රැගෙන හාබර් එකට ආපූ නැවේ තෙල් ටික බාගන්නවත් සල්ලි තිබුනේත් නැතිය. සල්ලි හොයාගන්නා තෙක් නැව වරාය වටේ කැරකි කැරකි උන්නේය. 


තෙල් පෝලිම් වල මිනිසුන් මිය ගියේය. ප්‍රොපගැන්ඩාවට හෝ ගෑස් පිපුරුනේය. සල්ලි වලට ගෑස් බ්ලාස්ට් කරන්නට ගොස් එක නෝනා කෙනෙක් වැලිගම්පිටිත් ගියේය.


රටේ නීතියක් තිබුනේ නැතිය. නීතිය බව්වාටම ගොස් තිබුනේය. පොලීසියේ පමණක් නොව හමුදාවේද කොඳු නාරටි කඩා දමා උන් නපුංසකයෝ කර තිබුනේය.


නීතිය මෙහෙය වුයේ අධිකරණය විසින් හෝ නීතීපති විසින් නොව, බෝනගේන් හා කොරිඩෝ කළු කෝට් කාරයෝය. උන් නඩු තීන්දූ ගත්තේ උසාවී ඇතුලේ උන්ගේ තග දමලාය. මහ පාරේ නඩු අසා තීන්දුවත් දුන්නේ උන්මය.


දැන් මේවා ගුණමකු කුරවැසියන්ට මතක නැතිය. ඒ තබා, උපන්දා සිට දේශපාලායෙන්ම බඩ කට පුරව ගන්නා අමන දේශපාලුවන්ටත් මතක නැතිය. පට්ටමාතල්ලෙක කියන්නේ, මැයි 9 වෙනිදා සිට මාසයක් දෙකක් යනකන් රෙද්දේම රෙවී, පණ බයේ වෙව්ල වෙව්ලා හැංගිලා උන්න පුපේ චන්ඩි දේශපාලුවන්ටත් දැන් එව්වා මතක නැති වීමය.


සාමාන්‍යයෙන් සිරි ලන්කන් දේශපාලුවන් ප්‍රසිද්ධ බොරුකාරයෝ කියලාය. උන් මේ තාක් දුන් පොරොන්දු ඉටු කරලා තිබුනා නම්, අද මොන්ටිකාලෝ තියෙන්න ඕනා අම්මට සිරි ලංකාවේය.


පාරට තාර දමා දීම, රැකියා දීම, දරුවාට පාසල් ලබා දීම, අරක දීම මේක දීම කියා කියනා කප්පරක් කෙප්පවල නිමක් නැත්තේමය. 


එහෙත් රනිල් හෝ නන්දලාල් වීරසිංහ රජය යටතේ මෙතෙක් ඔවුන් බොරු නොකී බවත්, දුන් පොරොන්දු ඉටු කොට ඇති බවටත් විශ්වාසයක් ඇති වීම, රට වැටි ඇති ආර්ථික අහේනියෙන් ගොඩ ඒමට මහඟු පිටිවහලක් වන්නේමය.


ඔවුන් මෙතෙක් භූමිතෙල් හා විදුලි බිලට දුන් සහණ කනගාටුවෙන් වුවත් ඉවත් කරන බව කීවේය. වට පඩත්තල හූනියන් කාරයෝ හා දේශපාලුවෝ මොන සෙල්ලම් දැම්මත් ජනතාව උන්ට එකතු වූයේ නැතිය. රට වැටී ඇති තත්වය ජනතාව තේරුම් ගත්තේය.


පෞද්ගලීකරණයට එරෙහිව කරනා උද්ඝෝෂණ වලට එම ආයතන වල සේවකයෝ තබා, රැකියාවක් වශයෙන් උද්ඝෝෂණ කරනා 100 ක් වත් හොයාගන්නට අද උන්ට බැරි වී තිබෙනවාය. සෙල්ලම් දාන්න ගිය බෙරේ නාපූ හූනියන් කාරයෝ ගෙදරය.


ඊයේ පෙරේදා මෙගාෆෝන් එකකුත් එක්ක කරේ දමාගෙන බැරල් එකක් උඩ නැගෙගෙන කම්කරු අයිතීන් වෙනුවෙන් කෑ ගැසූ අරගල ටොක්සික් කාරයෙක්ට, කම්කරුවෝ කොහේදෝ යන පිස්සෙක් කියා හිනා වෙවී ගියේය.


පිටරට ඉන්න මිනිසුන්ට සල්ලි එවන්න එපා යැයි කියූ වට පඩත්තලයින්, දැන් බිස්නස් ක්ලාස් වල යමින්, උන්ගෙන්ම සම්මාදම් එකතු කරගෙන එන්නේ විලි ලැජ්ජාවක් කියා දෙයක් නැති නිසාය.


මොරි මාඩ විපක්ෂ නායකයාද, ඩලස් නම් අමු ගොබ්බ දේශපස්ලුවාද, ට්‍රින්කෝ වලින් රට ගොඩ දානා ආර්ථික විශේෂඥයාද, කප්පම් වසන්තද, මේ ටිකේ පුප ඉරාගෙන දත කෑවේ තැන්පත්කරුවන් කුලප්පු කර බැංකු ටික විනාශ කොට රට විනාශ කර දැමීමටය.


එහෙත් ජනතාව මුන් එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. ඒ තාබා උන්වත් බැංකුවලට ගොස් තම ගිණුම් වසා දමා ආදර්ශයක් නොදුන්නේය.


ඒ වැඩේ හරි නොගිය නිසා, දැන් මේ  හැත්ත කියන්නේ අර්ථසාධකේට හා බැංකු වලට අත තියන්න දෙන්නේ නැතෙයි කියලාය.


ඒවට මක්කාවත් වෙන්නේ නෑ කියා රනිල් වික්‍රමසිංහද, නන්දලාල් වීරසිංහද, ෂෙහාන් සේමසිංහද, රංජිත් සියඹලාපිටියද කියන්නේ දැන් සති ගානක් තිස්සේ සිටය.


ඒ නිසා මුන්ගේ කෙප්ප ජනතාව පිලි නොගන්නවා වාගේම, මේවා ආරක්ෂා කරන්නේත් මුන්ය කියා, ජනතාව පිලිගන්නේත් නැතිය. 


මෙතක් කලක් සිඳුවූයේ, පවතින රජයේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරින් ජනතාවට විහිළු කාරයන් ලෙස පේනා එකය. ඒත් දැන් ජෝකර්ලා වෙලා තියෙන්නේ වගකීම් වගවීම් පැහැර හැරී විපක්ෂයේ අමු ගොබ්බ දේශපාලුවන් හා මොළේ අවුල් ජඩමාජ්ජ හා ජඩමාජ්ජවේදීන්ය.


අමු ගොබ්බ ළිං මැඩි ගෝත්‍රික වහලුන් සුළු පිරිසක් මුන්ගේ දිරච්ච ළණු කෑවද, අති බහුතරය රජයේ දේශපාලුවන්ගේ හා රාජ්‍ය නිළධාරීන්ගේ නිවේදන හා වචනය පිලිගැනීම, දේශපාලන සඟිස්කුරුතිය උඩුයටිකුරු කිරීමක්මය.


එම විශ්වාසය දිඟටම රඳා පවත්වා ගැනීම රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමය.


බොරුවට සැමදා ආයුෂ නොමැත.

සත්‍යය කවදා හෝ ජයග්‍රහණය කරණු ඇත.


ඒ වගත් මෙසේය....

.


14 comments:

  1. පව් ඕයි තමුසේ.😀😀 ගෝටා ට රෙදි නැතිව කඩේ ගියා. ඊට පස්සේ රෙද්දෙ රෙවුනා. දැන් ආයි ලන්සි පැපොල් ට කඩේ යනවා. ආ ඒක නෙවෙයි ජොනිටය කියනවා බදු ටික ගෙවල දාන්න කියලා.

    ReplyDelete
  2. මූ නං පිස්සුම පොරක්!

    ReplyDelete
  3. අද ක්‍රිකට් තරගය පරාජය වුණා නම් ඔය බුකියේ එහෙම සුබ පතන හුගක් වැකි වෙනස් වෙනවා.

    ඒ වගේ තමයි නන්ද ලාල් ෆේල් වුණොත් (ඇත්තටම අයි එම් එෆ් එකට ෆේල් වුණොත්) ලංකාව ගොඩ දාන්න තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි, ඒ වගේම ගොඩ දැම්මොත් රනිල්ට වගේම රාජපක්ෂ පවුලටත් චාන්ස් එකක් තියෙනව ඒක මයි ඇත්ත කතාව

    ලාංකික බහුතරයකගෙ ජීවිත අසාර්ථක වෙන්න ලොකුම හේතුව පරාජය දරා ගැනීමට නොහැකිකමත් ආත්ම විශ්වාසය නැති වීමත්.

    අපි දිනනකොට පමණක් හුරේ දාමු.

    ReplyDelete
  4. අපේ පානදුර මහගෙදර අවට “අස්වැසුම” ලබන ලිස්ට් එකේ දෙන්නෙක් ඉන්නවා නුසුදුසු. එකෙක් ත්‍රී වීල් එළවන ජෙප්පෙක්. ඒකා දවසට 2,000 ක අරක්කු බොනවා (මාසෙට 60,000 ක්). උගෙ පුතා ජොබ් එකෙක් කරන්නේ නැහැ, ගෙදරට වෙලා සල්ලි වියදම් කරලා කම්පියුටර් ගේම් ගහන එක කරන්නේ. ගේම් දිනුවේ සල්ලි හොයන්න පුලුවන් ඒත් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා තාම සත පහක දෙයක් හම්බ කරගෙන නෑ

    ගෙදර බල්ලට උදේට කඩෙන් රස කළ කිරි පැකට් එකක් ඕනේ, නැත්නම් කන්නේ නැහැ. ඉතින් මේ වගේ වංචාවෙන් “දුප්පත්” බව පෙන්වන එවුන්ටත්, මහන්සියෙන් සල්ලි හොයන මිනිසුන්ගේ බදු වලින් කන්න දෙන රජයක් ගැන කවර කතාද?

    තව පවුලකටත් ආධාර අනුමතයි. උගේ පුතාලා කුඩ්ඩෝ, එකෙක් කීප වතාවක් හිරේ පවා ගිහින් තියෙනවා. තාත්තා පවා කුඩු විකුණන සුනාමි නිවාස සංකීර්ණයට නිතර යනවා.

    හිතට දුකයි මේවා දැක්කාම. අපි රට හැරලා යනවා ළඟදීම. හොඳ වෙලාවට පිටරට සේවයෙන් උපයගත්ත සල්ලි ලංකාවට නොගෙනාවේ. මේ වගේ හොරු කුඩ්ඩන්ගෙන් පිරුනු රටක මොන අනාගතයක්ද, හැම තැනකම බැලුවොත් බොරුව හොරකම වංචාව දූෂණය. ග්‍රාම සේවකගේ පටන් පගා කාරයෝ. වෙන රටවල් වල වගේ නෙවෙයි, ලංකාවේ රජයේ කාර්යාලයක ගිහින් වැඩක් කරගන්න ගියහම පේනවා සමස්ත මානසිකත්වය. ඉතින් ඔය වගේ රටක් දරුවෙක්ගේ අනාගතයක් ගැන මොන කතාද? පාලකයෝ දූශිත වුණහම, ඒ දූශණය පහලට ගලා ගෙන ඇවිත් ගැඩවිල් පණුවා පවා පස පෝශ්ණය කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ පවා දෙසලා තියෙනවා…

    ReplyDelete
  5. මම අහපු ලස්සනම, ආත්මාර්ථයෙන් තොර වුණු, ආදර කතාව මම ඇහුවෙ අර්යානා රෝස් කියන ගැහැණියගෙන්. මේ තියෙන්නෙ ඒ කතාව.

    " මට ඒ වෙද්දි අවුරුදු 45යි. Jean Michaelට අවුරුදු 29යි. අපි මුණගැහුණෙ ලස්සන ප්‍රංශ ගම්මානයක. මට ඉඳලා තියෙන සහකරුවන් අතරින් එයා වගේවෙන කිසිවෙක් මට මුණගැහිලා නැහැ. ඔහු මහා පුදුමාකාර මනුස්සයෙක්. ඔහු චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, පරිසරයට ආදරය කරන්නෙක්, සංගීතවේදියෙක්. ඒ වගේ තරුණ, දක්ෂ මනුස්සයෙක් තනිකඩයි කියන කාරණාවවත්, එයා මං වගේ වයසක ඉන්න ගැහැණු කෙනෙක් ගැන උනන්දු වෙයි කියලවත් විශ්වාස කරන්න මට අමාරු වුණා.

    එයා සම්බන්ධව ඉතාම පැහැදිළිව කෙනෙක්ට පේන එක කාරණාවක් තිබ්බා. ඒ තමයි පොඩි දරුවෙක් දැක්ක ගමන් එයාගෙ ඇස් දිළිසෙන්න පටන් ගැනීම. මම දවසක් එයාගෙන් ඇහුවා "ඔයාට කවදා හරි දවසක ඔයාගෙම දරුවො ඕනෙද?" කියලා. එයා කිව්වා " ඔව්, අනිවාර්යයෙන්ම" කියලා. ඒක අහපු වෙලාවෙ මගේ හදවත වේදනාවෙන් ගිලුණා. ඒ වෙද්දිත් මට වැඩිමහල් දරුවො දෙන්නෙක් හිටියා. එදා මම ගෙදර ගිහින් හොඳටම ඇඬුවා. පුදුමාකාර තරම් ඇඬුවා.

    මම තීරණය කරා මම මේ මනුස්සයගෙන් තමන්ගෙම දරුවෙක් ලැබීමේ අත්දැකීම උදුරගන්නෙ නෑ කියලා. ඊළඟ දවසෙ මම එයා එක්ක තිබුණ සම්බන්ධය නැවැත්තුවා. ඒත් ඊළඟ අවුරුදු තුනාමාරම අපි දෙන්නා විශාල වශයෙන් වේදනා වින්ඳා එකිනෙකාව අත ඇරගන්න බැරුව. කාලය ගෙවී යමින් තිබ්බෙ. මට අවුරුදු 50ක් වෙන්න ආසන්න වෙලා තිබුණෙ. එයා සූදානම් වෙලා හිටියා දරුවො ලබන්න තිබුණ එයාගෙ හීනේ අත අරින්න.
    මම සූදානම් වෙලා තිබුණා ඒ වෙද්දි මගේ නිදහස අත ඇරලා එයා එක්ක දරුවෙක් හදන්න. හැබැයි අපි දෙන්නම දැනන් හිටියා අපි මේ කරන්න හදන දේ නොකළ යුතු යමක් කියලා.

    ඒ නිසා මම මගේ ගැහැණු යාළුවන්ට මගේ නිවසට සහ අපි මුණගැහෙන තැන්වලට ආරාධනා කරන්න පටන් ගත්තා. මට පොඩි බලාපොරොත්තුවක් තිබුණා එයා ඒ කවුරු හරි දිහා බලයි කියලා. කවුරුම හරි දිහා. ඒත් එයා ඒ කිසි කෙනෙක් දිහා බැලුවෙ නැහැ. එක දවසක් මම Toulouseවල අවන්හලක ඉද්දි ඒ තාක් කාලෙකට මම දැකලා තිබුණ ලස්සනම ගැහැණිය, රතු කොණ්ඩයක් සහිත සුරූපි ගැහැණිය ඒ අවන්හලට ආවා. මම ඇය එක්ක කතා කරා. ඇය ළමා පොත් රචිකාවියක්. ඊළඟ සති හතර පුරාම මම ඇය එක්ක මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. ඊටපස්සෙ මම ඇයට ආරාධනා කරා ඇවිත් මගේ මිතුරා මයිකල්ව මුණගැහෙන්න කියලා.

    ඒ හමුවෙදි එයාලගෙ ඇස් මුණගැහුණු වෙලේ මම දැක්කා ඔහු යන්‍තමින් හිනැහෙනවා. මම දැනන් හිටියා යහපත් සංකේතයක් කියලා ඒ හිනාව. මම ඒ වෙද්දිත් මගේ යාළුවෙක්ට කියලා තිබ්බෙ ඒ වෙලාව වෙද්දි " හදිස්සි පණිවිඩයක්" කියලා මට කෝල් කරන්න කියලා. ඒ කෝල් එක ආවම එයාලා දෙන්නව තනි කරලා කලබලෙන්ම මට පිටත් වෙලා යන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒ කෝල් එක ඇවිත් මම එයාව වැළඳගත්ත වෙලේ එයා හෙමින් මට කිව්වා "මාව දාලා යන්නෙපා කරුණාකරලා " කියලා. එයා දැනන් හිටියා මම මේ මොකක්ද කරන්නෙ කියලා.

    මම ඒ වෙලේ එයාට කිව්වා "සතුටෙන් ඉන්න, ඉන්නෙ මා එක්ක නොවුණට සතුටින් ඉන්න" කියලා. එහෙම කියලා මම ගියා. ඉන්පස්සෙ දවස් ගාණක් යනකන් ඒ දෙන්නා උත්සහ කරා මට කතා කරන්න. මම ඒ වෙද්දිත් මගේ දුරකථන අංකය මාරු කරලා, පදිංචියත් වෙනස් කරලා ඉවරයි. මම දැනන් හිටියා මට එහෙම කරන්න වෙන බව.

    අවුරුදු හතරකට පස්සෙ මම එයාට කෝල් කරලා කිව්වා එයාගෙ චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න මම එනවා කියලා. මම ඒ ප්‍රදර්ශන ශාලාවට ඇතුල් වෙද්දි, රතු කැරළි ගැහුණු කොණ්ඩයක් සහ කොළපාට ඇස් තියෙන පුංචි ගෑණු ළමයෙක් මං දිහාවට දුවගෙන ආවා. එයා දුවගෙන ආවේ එයාගෙ මුළු ජීවිත කාලෙම එයා මාව දැනගෙන හිටියා වගේ. එයා මගේ ළඟට දුවගෙන ඇවිත් හරියටම ඇහුවෙ මේ වචන ටික.

    "toi la fée? toi la fée?" ඔයා නේද සුරංගනාවි?

    ReplyDelete
  6. //පිටරට ඉන්න මිනිසුන්ට සල්ලි එවන්න එපා යැයි කියූ වට පඩත්තලයින්, දැන් බිස්නස් ක්ලාස් වල යමින්, උන්ගෙන්ම සම්මාදම් එකතු කරගෙන එන්නේ විලි ලැජ්ජාවක් කියා දෙයක් නැති නිසාය.//

    JVP එකේ 'VP" තියෙන්නේ 'වට පඩත්තලයින්' කියන එක වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. @ anonymous

      ජඩම'ජඩ වට පඩත්තර හැත්තක් කියන එක වෙන්නත් පුළුවනි නේද?

      Delete
  7. අනේ මන්දා මාතලන් ලංකාවේ ඉස්සර යුද්ධයක් තිබුණ කියන එක ගොඩ දෙනෙක්ට මතක නෑ. මැයි දහ අට විශේෂත්වය මොකද කියල අවුරුදු හතලිහ පැනපු අයටත් මතක නෑ.

    ඒ වගේම මේ අවුරුද්දේ අප්රේල් 21 මොකද වුණේ කියල අවුරුදු තුනකට පස්ස කාටවත්ම මතක නෑ කාදිනල් ගොවියන් ඒක වවාගෙන කන බේසිකයෙක් විතරයි ඌත් තවත් එක ලෝක හොරෙක් බව දැන් පැහැදිලියි.

    මැයි නමය සහ ජූලි දහතුනත් දැන් කොළොප්පමක් කරගෙන බුකියේ ඉන්න බේසික පුතාලා,

    ඒ විතරක් නෙවෙයි අර පැනල ගිය විරුවා කියන එකාව එල්වන්න අපි ජීවිත පරිත්‍යාගයෙන් කොළඹට බඩ ගෑවා පොලීසියෙන් ගේම ඉල්ලලා උගුරු ලේ රහ වෙනකම්ම කෑ ගහලා සෑහෙන මහන්සියක් දැරුවා...

    ඒත් අරගලයක් කියල එකක් රටේ තිබුනද හරියට මතක නෑනෙ දැන් ඉන්න ගොඩක්ම බූරුවන්ට, මතක් කරාම උන් අපිට කුණුහරුප කියල බනිනවා "ඉතින් #@^**%#₹* basic පුතා අපි එෆ්බී එකේ තොපිට උපරිම සහය දුන්නා පෝස්ට් ශෙයා කලා ඒත් තොපි අරගලය කොරල කොරල අන්තිමට අපට මොකද ලැබුණේ රනිල් රටටම උඩ පැන පැන පුපේ අඳිනවා එහෙමනම් වූවත් එලවපන්කෝ මෙතන අපට පකේ ටෝක් නොදී" කියලා... ඕන්න ඕකයි අපට අන්තිමට අහගන්න වුණේ

    එක්කො කොහොමත් ඒව අමතක වෙන එක හොදයි 🙄🙄 නොදකින් මහ කාලකන්නි අමන හැත්තක් ඉන්න රටක් මේක...

    ReplyDelete
  8. මාතේ, මේ ප්‍රවෘත්තිය අද ලංකාවේ නිව්ස් චැනල් වල ප්‍රධානම පුවතක්, මේක ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

    //*IMF එක ඉතාම සහන පොළියට යුක්රේනයට ඩොලර් බිලියන 14ක් දුන්නා… අපට එහෙම බැරිවුනේ අපේ රටේ පාලකයන් වන ආණ්ඩුවේ නොහැකියාවෙන්…*

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි ද මීට අමතරව යුරෝපීය සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදයත් විශාල වශයෙන් ආධාර මුදල් උපකාර දී ඇති බවත් ලංකාවට එබඳු ආධාර උපකාර නොලැබීම පිළිබඳව තමා දැඩි විමතියට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතා සඳහන් කරයි.

    මෙතරම්ම විශාල සහනාධාර මුදල් යුක්රේනයට ලැබෙද්දී ඊට වඩා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි ඉතා කුඩා මුදලක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳින් ගැඹුරු ලෙස සාකච්ඡාවක් කර ඩොලර් බිලියන 20ක 30ක පමණ විශාල ආධාර මුදලක් ලේසියෙන්ම ලබාගැනීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශ ණය වලට පමණක්ම බලපාන පරිදි සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු දැඩිලෙස ප්‍රශ්න කළේය. මෙය වත්මන් ජනපති ඇතුලු රජයේ නොසැලකිල්ල සහ අසමත්කම මනාව පැහැදිලිවන කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් අධික බදු, සහනාධාර කප්පාදු, රජයේ වියදම් කප්පාදුව ආදී අනවශ්‍ය කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.//

    මේකත් බලන්න, මේ වීඩියෝ ක්ලිප් එකේ සජිත් ප්‍රේමදාස අවධාරණය කරන පරිදි අයි එම් එෆ් එකට යායුතු ආකාරය ලංකාවේ රජය පැහැර හැර තිබෙන බව හිතෙනවා නේද? මීට වඩා හොඳට සූදානම්ව ගියා නම් වැඩි මුදලක්ද ලබාගත හැකිව තිබෙන බව සිතිය හැකියි නේද?

    https://m.youtube.com/watch?v=jF9x18Mcp5s&t=4s&pp=ygUs4LeD4Lai4LeS4Lat4LeKIOC2tOC3iuC2u-C3muC2uOC2r-C3j-C3gyBpbWY%3D

    ඇත්තටම අප අයි එම් එෆ් එකෙන් මේ සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට සහන ලබාගැනීමට රජය අමතක කරල තියෙනව වගේ නේද පේන්නේ? මේ පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 7.23

      සජිත් ප්‍රේමදාස වගේ මොළයක් නැති මන්දමානසික රෝහලක සිටිය යුතු අමුම අමු ගොබ්බ පොල් බූරුවෙක් කියන රටගොන් කතා ගැන කතා කරන කාලය අපරාදේ. නමුත් ඔය ප්‍රශ්නය අහපු නිසා කෙටියෙන් විස්තර කරන්න පුලුවන්.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමේ නිර්ණායකය වන්නේ එක් එක් රාජ්‍යයේ SDR මට්ටමයි.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි SDR (Special Drawing Rights) යනු විශේෂ ණය හිමිකම් යන්නයි. එය සාමාජික රටවල නිල සංචිතවලට අතිරේකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර සංචිත වත්කමකි.

      SDR හෙවත් විශේෂ ණය හිමිකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙනත් සාමාජික රාජ්‍යයන් සමග විනිමය ලෙස හුවමාරු කරගත හැකිය.

      SDR කෝටාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය සහ පාලන ව්‍යුහයේ වැදගත් කොටසකි. එය රාජ්‍යයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ඇති ඡන්ද බලය සහ මූල්‍ය ආධාර සඳහා ප්‍රවේශය තීරණය කරයි.

      SDR කෝටාව ගණනය කරනු ලබන්නේ සාමාජික රාජ්‍යයේ පහත දැක්වෙන සාධක සැලකිල්ලට ගෙනයි.

      දළ දේශීය නිෂ්පාදිතය
      ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
      අපනයන පරිමාව
      ආනයන පරිමාව
      ජාත්යන්තර සංචිත
      විදේශ ණය
      මූල්ය අංශයේ සංවර්ධනය

      කෝටාව සෑම වසර පහකට වරක් සමාලෝචනය කෙරෙන අතර රටක ආර්ථික හා මූල්‍ය තත්ත්වයෙහි වෙනස්කම් මත පදනම්ව යළි සැකසිය හැකිය.

      යුක්රේනයේ SDR කෝටාව 1,928.2 කි.

      ශ්‍රී ලංකාවේ SDR කෝටාව මිලියන 578.8 කි.

      (කොටින්ම යුක්රේනයේ ජනගහනය මිලියන් 37 යි. GDP ලංකාවේ වගේ දෙගුණයයි. රටේ ප්‍රමාණය ලංකාව වගේ 10 ගුණයයි. නිෂ්පාදන හැකියාව සහ සම්පත් අසීමිතයි. ඒ සේරටම වඩා IMF එක මෙහෙයවන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට අවශ්‍ය ආකාරයට යුක්රේනය රුසියාවට එරෙහිව යුද්ධ කරන එක නිසා ලේසියෙන්ම IMF ආධාර අනුමත කර ගන්නත් පුළුවන්. රුසියා යුද්ධය ඉවර උන ගමන් උන් දියුණු වෙනවා. මේ මෝඩයා හිතන්නේ වැඩියෙන් ණය ගත්තොත් රට ගොඩ කියාද? ඒ නිසාම කරුණාකර ඔය ගොන් රිලවා ඡන්දය දීලා ලොව අංක 1 මරිමෝඩ ගොන්ම ගොන් තකතිරු මන්දබුද්ධික පාලකයා ලංකාවේ පහළ කරන්න එපා.)

      ඔය ඉහත විස්තර කරපු ආකාරයට ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියි. එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (SDR කෝටාවෙන්) 145%කි.

      ඒ අනුව ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබාගන්නා ලදි. එහිදී අවුරුදු තුනක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලැබී ඇත.

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023 මාර්තු මාසයේදී අවුරුදු හතරක කාලයක් සඳහා යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 15.6 ක ණයක් EFF ලෙස අනුමත කරන ලදි. මෙයට යුක්රේනයේ ආර්ථික ශක්තිය සහ පරිමාව වගේම රුසියාවට එරෙහිව යුද්ධ කරන එකත් සැලකිල්ලට ගෙන තියෙනවා. ලංකාවට රුසියාව සමග යුද්ධ කරන්න පුලුවන් නම් තව ටිකක් ගාන වැඩි කරගන්න පුලුවන් වෙයි, සජිත් ගොන් බූරු මීහරක් වහන්සේ නම් ඒකත් කරන්න ගිහින් රටම විනාශ කරයි ඒ වගේ අමුම අමු හරකෙක්නේ ඔය ගොන් රිලවා...

      Delete
  9. මාතලන් ළෝකය වෙනස් වෙනවා ඒ නිසා ලෝක දේශපාලනය හා සම්බන්ධ කරලා ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි, ඒ වගේම ලංකාවේ අරගලය කරවා ආණ්ඩුව වෙනස් කරපු ඩිමොක්රටික පක්ෂයටත් එක්සත් ජනපදය තුළ දැනට කෙළවීගෙන යනවා, යුරෝපීය රටවල තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන්නට පටන් අරගෙන දැන් ස්වීඩනයේත් කචල්, තුර්කිය නේටෝව ඇතුලේ ලෙඩ දානවා, මැදපෙරදිග රටවලුත් යුරෝපීය සංගමය සමග අමනාප වෙලා, ඒ වගේම ප්‍රංසයේ අරගල සමග ආ කලබල තව තවත් දිග්ගැසෙනවා, බරපතල ආර්ථික අර්බුදය සමග ජර්මනිය අමාරුවෙන් ඇදගෙන ගියත් එංගලන්තයත් සෑහෙන්න ඍණාත්මක වී ඇති ආර්ථිකයකින් බරපතල විදිහට පීඩාවට පත්ව තිබෙන බව පේනවා

    ම හිතන්නේ යුක්රේන අර්බුදය ගැන කොච්චර පුවත් වාරණය කර බොරු ප්‍රචාර කළත් දැන් යුරෝපීය රටවලට සහ එක්සත් ජනපදයට තමරටවල ජනතාව රැවටීම කළ නොහැකි තැනට පත්ව තිබෙනවා, එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු විපක්ෂය මේ දවස්වල ඉතා ප්‍රබල ලෙස ජෝ බයිඩන්ගේ මෝඩ වැඩ විවේචනය කරන අතර මහජන සහායද රිපබ්ලිකන් පක්ෂය වෙත ලැබෙන බව පේනවා, බයිඩන් දැන් අසූ එක් වියැති සිහි කල්පනාව නැති නාකියෙක් නිසා මෑතදී ධවල මන්දිර සාකච්ඡා වලදී හොඳම එකෙන් නාගත්තා (යුක්රේනය ගැන අහන කොට ඉරාකය ගැන කුණුහරුප කියන කතාව ඇතුලු මෝඩ කතා) එතකොට ස්ටේජ් එකේ ඇදගෙන වැටිලා නෝන්ඩි වුණාම ට්‍රම්ප් පරිස්සමට පය තබන ලෙස කියලා මැරෙන්න හිනාවෙලා කිණ්ඩිය දැම්මා, ඒ නිසාම එක්සත් ජනපදය ඩොලර් බිලියන විස්සකට අධික ආයුධ දීලා යුක්රේනයට කොච්චර සපෝට් කළත් සේරම වතුරේ ගිය වෙලාවක ජනතාව පීඩාවට පත්ව සිටින අතර තව දුරටත් බදු සල්ලි බිලියන ගණනක් නාස්ති කරන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඉතාම ඉක්මනට එක්සත් ජනපදයට අඩිය පස්සට තියලා රුසියාව සමග සාම සාකච්ඡාවලට යන්න උත්සාහ කරන්න වෙයි කියල හිතන්න පුළුවන්. එහෙම නේද?

    ReplyDelete
  10. ගැහැණු vs පිරිමි මොළය..

    මීට අවුරුදු 3කට කලින් මං සහභාගී උණ Coaching, Mentoring and Counselling ඒ කියන්නෙ උපදේශන සම්බන්ධ ට්‍රේනිං එකකදි මේ ගැන වීඩියෝ එකක් මුලින්ම දැක්කට පස්සෙ කාලෙකදි මගේ ජීවිතේ හුඟක් අවස්ථා බැලන්ස් කරගන්න මට උපකාරී උණ තියරි එකක් මේක..

    මේ කතාව කියන්නෙ මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්..

    ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක්.. වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.. ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.. මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.. ඒකට අදාල රාජකාරිය කරනවා.. ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.. ඔය නිසා තමයි අපි ගෙවල් වල වෙන ඔය පුංචි පුංචි රංඩු සරුවල් වැඩි හරියක් වෙන්නෙ.. "බිරිඳ : ඇයි ඔයා ඔෆිස් ගියාම මට කෝල් කරන්නෙ නැත්තෙ..? " ඉතිං හත්දෙවියනේ සාධාරණයිනෙ.. මිනිහ රැකියා පෙට්ටිය ඕපන් කරගෙන ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නෑනෙ.. ඒක තමයි හැටි..

    අනිත් වැදගත්ම කාරණය.. ඔය පෙට්ටි අතරෙ මෑන්ස්ට තියෙන ලොකුම හොඳම සහ වඩා කැමතිම පෙට්ටිය තමයී... ඔයා.. 😂 අපෝ නෑ..
    එයාලට තියෙනව මුකුත්ම නැති හිස් පෙට්ටියක්. Nothing box.. ඒක තමයි එයාලගෙ ෆේවරිට්.. TV එක දාගෙන remote control එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමකින් තොරව channel මාරු කර කර ඒ දිහා බලං ඉන්න හස්බන්ඩ් ල දැකල ඇති නේද.. ආන්න ඒකයි කතන්දරේ.. ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් හිතනව නෙමෙයි.. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න.. අඩුම ගානෙඅපිට හිතන්නවත් පුළුවන්ද මුකුත්ම දෙයක් නොහිතා ඉන්න එක තප්පර 30 ක් ගැන? ඔට්ටුයි බෑ 😂 ඒ මේන්න මේ නිසා..

    ගැහැණු මොළේ කියන්නෙ හරියට ලොකූ පැටලුනු නූල් බෝලයක් වගේ.. හැමදේම හැමදේටම සම්බන්ධයි.. අම්ම, තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාලුවො, අධයාපනික වැඩ වගේ ඔක්කෝම එකකට එකක් connected.. හැමවෙලාවම එකක් උඩින් එකක් මොනවමහරි සිතුවිල්ලක් වැඩ කරනව.. වැඩ කර කර ඉන්න වෙලාවට ගෙදර දේවල් වගේ.. ඔෆිස් ගියාට පස්සෙ ළමයි ක්ලාස් එකෙන් ගන්න ඕන කියල අම්මට මතක් වෙන්නෙත් තාත්තට මතක් නොවෙන්නෙත් ඕකයි.. ප්‍රධානම දේ තමයි ගැහැණු මොළය වැඩ කරන energy source එක එහෙම නැත්තම් බලශක්ති මූලය වෙන්නෙ emotions ඒ කියන්නෙ හැඟීම්.. ආන්න ඒකයි ගැහැණු අපිට හැමදේම මතක හිටින්නෙ..

    කතාවනම් දිගයි තමා.. හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා.. අදාළ වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් බලන අයට.. මනෝවිද්‍යාව ගැන වැඩිදුර හදාරන අයට බොහෝ උපකාරි ‍වෙයි!

    ReplyDelete
  11. මගේ ෆේස්බුක් එක හැක් කරන්න ආපු ඔක්කොම අල්ලාගෙන දැඩි දඩුවම් ලබා දෙන බව පවසන්න කැමතියි.

    ReplyDelete
  12. ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන ගිය ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වී මේවනවිට දින 10 ක් පමණ ගතවී තිබෙනවා.

    අත්ලන්තිල් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවට මදක් ආසන්නයේදී පුපුරා ගිය එම සබ්මැරීනයේ සුන්බුන් ගොඩගැනුනේ ද ඊයේ දිනයේදීයි.

    ඒ සමග මිනිස් සිරුරුවල අවශේෂ කොටස් ද හමුවී ඇති බවයි අමෙරිකාවේ වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ.

    එවන් පසුබිමක් තුල ටයිටන් සබ්මැරීනය මෙහෙයවූ OceanGate සමාගම තවමත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිස් රැගෙන යන සංචාර සිය වෙබ් අඩවියේ ප්‍රචාරණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

    එම වාර්තා පවසන්නේ එම සමාගම ලබන වසරේ ජුනි 12 සිට ජූනි 20 දක්වා සහ ජුනි 21 සිට ජුනි 29 දක්වා ඩොලර් 250,000 ක මිලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත සංචාර දෙකක් සැලසුම් කර ඇති බවයි.

    එම සංචාරයේදී කිමිදුම්, පුද්ගලික නවාතැන්, අවශ්‍ය සියලුම පුහුණු කිරීම්, ගවේෂණ උපකරණ සහ යාත්‍රාවේ සිටින විට සියලුම ආහාරපාන සඳහා වැයවන පිරිවැය ආවරණය වන පරිදි සංචාරය සඳහා දැරිය යුතු වියදම ද ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

    ඒ අනුව සංචාරකයෙකු විසින් ඒ සඳහා දැරිය යුතු පිරිවැය අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 50,000 ක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න