.

.

Jun 19, 2023

පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ.. ඔවුන්ගේ හංස ගීතයද?


පෝට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ගයන්නේ..

ඔවුන්ගේ හංස ගීතයද?

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ජනතාවගේ වරමින් බලයට එන දේශපාලුවන් බලය ලැබීමෙන් ඉක්බිති කරන්නේ ජනතාව කැමති දේ නොව, නායකයා හා බිරින්දෑවරු කැමති දේය. බලයට එන්න ඉන්න උන්ගේත් පරම පවිත්‍ර චේතනාවද එයමය. 


එහෙත් ජනතාවට මල පැන්න විට සිඳුවන දෑ මේ රටේ කිහිප විටක්ම සිඳු වී තිබුනද, එහෙම එව්වා සිඳු වුනාදැයි කියා දැන් උන්ට මතක නැත්තේය. කොටින්ම අමරකීර්තී අතුකෝරාල වැලිගම්පිටි යැව්ව එකවත් උන්ට මතක නැතිය. 


පෝට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් චොප්පෙ අයියායේ පාට් එක රඟපාමින්, පුලුවන්නම් දැන් ගහපන් කියා ගේම ඉල්ලන්නේ ඒ නිසාය. 


ගේම ඉල්ලා දවසක් යන්නටත් මත්තෙන් කැළණියේ ප්‍රසන්න රණවීරගේ ගෙදෙට්ට බැස්ටිය දුන්නේ කින්ඩියටත් එක්ක වෙන්නැතිය. කෙසේ හෝ ප්‍රසන්න රණවීර නම් එයින් පුල් හොල්මන් වෙලා ඉන්න බව නම් වොයිස් කට් එකෙන් පෙනුනෝය. වෙනදා  දැමූ අයියා පාට් ඒ අයියාගෙන් නම් අප දැක්කේ නැතිය.


කොහොමත් පාලකයෝ අපි කියන දේ අහන්නේ නැතිය. උන් කරන්නේ උන්ට ඕනෑ දේය. මැතකම සිඳුවීම් උදාහරණ ලෙස ගන්නවා නම්, 


▪️අප උන්ට වාහන ආනයනය නවත්තන්න එපා කීවේය. ඒ රටේ සමස්ත ආර්ථිකය හා ජනජීවිතය හෙවත් ඉකොනමි කල්ට් එක බැඳී තිබුනේ ඒ වටා නිසාය. ආන්ඩුවට ඉන් අති විශාල බදු මුදලක් අහිමි වන බවත් කිව්වේය. උන් ඒවා පයිසෙකට මායිම් නොකළේය. අවසානයේ රට බංකොලොත් විය. වාහන ගෙනාපු උන් ඒවා ඩබල් කර විකුණා කෝටිපතියෝ වී උන්ගේ ඩොලර් ටික හංගා ගත්තේය. ආන්ඩුවට සත පහක් ලැබුනේ නැතිය. වාහන උපංග සියල්ලෙහි මිළ ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව සියල්ලටම කෙලවී උද්ධමනය සිම්බාබ්වේ ගියේය.


▪️අප උන්ට නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නෙයි කිව්වේය. ඒ අප වැඩියෙන් මුදල් හොයන්නේ ඉන්දියාවට කරනා ප්‍රතිඅපනයන්ගෙන් නිසාය. පාලකයෝ එය හූනියන් කාරයන්ට ලියා දී ඉන්දියාව හා ආයෝජකයෝ සියල්ල තරහා කර ගත්තේය. දැන්  හූනියන්කාරයෝ ඒකේ හාබර් බත් එකට කෙළවල්ලෝ බානවාය.


▪️අප උන්ට කොරෝනා නිසා රට වහන්නට එපා යැයි කිව්වේය. මෙරට නොව පිටරට ඉන්නා ලෝකල් බක පන්ඩිතයන්ගේද කීම් අසා, මුන් රට කීප වරක්ම වසා දැමුවා පමණක් නොව, මහා විශාල චීනයේ මෙන් සිතා මේ හූණූ බෙට්ටේ පලාත් අතර සංක්‍රමනයත් නවත්තා දැම්මේය. පට්ටම සීන් එක කියන්නේ... අර උපදෙස් දුන් ගොබ්බ විශේෂඥයින් උන්න රටවල් කිසි දිනෙක වැහුවේ නැති එකය.


▪️අප උන්ට කාබනික වැඩේ හොඳ වැඩක් උනත් එක වර කරන්න එපා කිව්වේ... කහ වලට වෙච්චි වැඩේ දැකලාය. අන්තිමට මෙහේ කහ වවලා,ගලවලා, වේලලා, ගිනි කන මිළකට කඩේට එනකන් පාරිභෝගිකයාට පුප කහ කහ ඉන්න වුනේය. කාබනික පෝර ගෙන්වා ඒක ගූ නැවක් කියා හරවා යැව්වේය. උන් කළේ ලෙඩාගේ බෙල්ල කපා බෙහෙත් කිරීමය.


▪️අප උන්ට ණය නොගෙන ඉන්න එපා කියා කීවේය. දේශීය අර්ථිකයකින් කිසිදා ගොඩ යන්න බැරි බව කිව්වේ, මේ රටේ ඇති  ලබ්බක් නැති නිසාමය. උන් කිව්වේ විදෙස් ණය නොගෙන සිරිමා අම්මාගේ ඉකොනොමියෙන් රට ගොඩ දානවා කියලාය. එහෙත් අවසානයේ බංගලාදේශයෙන්ද හිඟා කන්නට වුනේය..


▪️අප උන්ට සීනීයෝරොටි මාන්දම අනුව නාකි මයිනන්ට හා ඇමතිකම් දෙන්න එපා යැයි කිව්වේය. අවසානයේ දීපූ එකාගේ අම්මට හැමිනෙන්නටත් පෙර එවා කොල්ලන්ට දෙන්න සිද්ද වුනේය. මහින්ද මහත්තයාගේ ගෝලයන්ට, වන්දිභට්ටයන්ට හා පාක්ෂිකයින්ට හොම්බෙන් නොව පුපෙන්ම යන්න වැදුනායින් පස්සේ උන්නැහේටත් හැංගෙන්නට වුනේය.


දැන් රනිල් කරන්නට යන්නේත් එවන් පිස්සු කෙලිල්ලක්මය. මේවා ඇත්ත නිව්ස්ද ජඩමාජ්ජවේදීන්ගේ ප්ලාන්ට් නිව්ස්දැයි කියන්න අප දන්නේ නැතිය. 


කෙසේ හෝ මෙය ඇත්තක් නම්, සමහර විට උන්නැහේගේ හිතේ නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ අදහසක් ඇත්තේ නැති වෙන්ට හෝ 2030 වන තෙක් චන්ද නොතියා බලයේ සිටීමේ ප්ලෑනක් තිබෙනවා වෙන්නට පුලුවනිය.


එමෙන්ම පෝට්ටුවේ දිස්තිරික්ක නායකයෝ කළ යුත්තේ ඇමති සූට් ඉස්තිරික්ක කිරීම නොව, බේරෙන් නා ගුටි කා හෙලිවැල්ලෙන් ගොස් නිවාස වාහන දේපල අහිමි කර ගත් පාක්ෂිකයින් පිරිස නැවත සංවිධානය කරගැනීමය. 


හරියට මානවම්ම සජ්ජුරුවෝ කළාක් මෙන් මේ මොහොතේ අඩියක් පස්සට ගෙන මීළඟට එන මැතිවරණයකදි තමන්ගේ ශක්තිට පෙන්වා...අඩෝ මොකෝ ඩෝ දැන් කියන්නේ කියා... කෙලින්ම ගේම ඉල්ලීමය..


එසේ නොකර .. අපි බය නෑ ඩෝ කියනා මයික් ටයිසන්ලා වී ජෝක් වීම හෝ මළ පෙරේතයන් සේ ඇමතිකම්ම ඉල්ලා සිටීම නොවේය. 


සමහරක් විට ඔවුන් එසේ කරන්නේ, අපට වඩා දේශපාලනය දන්න උන්නැහේලාට තමන්ගේ දේශපාලනයඅහවරයි කියා ඔවුන්ට දැනෙනා නිසා වෙන්නටත් හැකිය...


ඒ වගත් මෙසේය......


.

4 comments:

  1. සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් බොනවා මම

    ReplyDelete
  2. රටින් පිට සිටින නිදහස් වෙළද පොළ න්‍යාය හා භාවිතාව පිළිබඳව විස්වාසයක් ඇති කෙනෙක් විදියට ලංකාවේ නිදහස් වෙළද පොළ ක්‍රමය දියුණු free market economy එකක් ලෙස පරිවර්තනය කර රැකගැනීමේ හැකියාව ඇත්තේ රනිල් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එවැනි තවත් පක්ෂවලින් එක් වන අවබෝධයකින් යුත් සන්ධානයකට පමණක් බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා තනි තනි පක්ෂවලට කළ හැකි කැකිරි ගෙඩියක් නැති අතර එක්සත් ජාතික පක්ෂයට නම් කළ හැකි හොඳම දේ හානියක් නොකර සිටින එකයි. එය සමාන කළ හැක්කේ සැරව ගෙඩියක් වැනි දෙයකටයි.

    ලංකාවේ මේ මොහොත වනාහි ඉතා සීරුවෙන් තරණය කළ යුතු දේශපාලනික අවස්ථාවකි. නිදහස් වෙළද පොළ හෙවත් ධනවාදය වෙන අරාජිකවාදයකට පරිවර්තනය වුවහොත් ලංකාවට පැවැත්මක් නැහැ.

    මාලිමා ලකුණ යටතේ ඉදිරිපත් වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය යනු ජවිපෙත් නොදන්නා අමුතුම දෙයකි. එය අරාජිකත්වයක් පමණක් බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම සමගි ජන බලවේගයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යොමුව ඇත්තේත් අරාජිකවාදයක් දෙසටයි.

    ජනාධිපති රනිල් ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වනු ඇතිය යන ප්‍රබන්ධය නිර්මාණය කිරීමට හේතු වී තිබෙන්නේ ඔහුගේ මුග්ධ ගෝලයින්ගෙන් කෙනෙක් වන වජිර අබේවර්ධනගේ කට කැඩිච්ච මෝඩ කතාවකි. ඔහු ඇත්තෙන්ම එවැන්නක් කියන්නේ නැති වුවත්, කරන්නේ අනවශ්‍ය කතාවකි. ජනරජය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීම සඳහා ඔහුගේ කතාව පාවිච්චි කිරීමට අරාජිකවාදී බලවේගවලට හැකියාව ලැබී තිබේ.

    ජනාධිපතිවරණය අභියෝගයක් ලෙස භාරගෙන පුළුල් සන්ධානයක් ඔස්සේ ජවිපෙ යල්පැනගිය මාක්ස්වාදයට හා සජබ/පෙසප අරාජිකවාදයට එරෙහිව පුළුල් පෙරමුණක් නිර්මාණය කරගත යුතුය. එසේ නොකළහොත් ජනරජයේ පැවැත්මම දරුණු අර්බුදයකට ලක්වේ. මැතිවරණ වෙනුවට ජනමත විචාරණ කිසි සේත්ම විකල්පයක් නොවේ. එහෙත්, කොමියුනිස්ට්වාදීන් හා අරාජිකවාදීන් රැවටීමට නම් එවැනි කතා නරකත් නැත.

    මේ මොහොත තුල ලංකාවේ ආර්ථිකය වගේම දේශපාලනික නායකත්වය ද සම්ප්‍රදායික පක්ෂ දේශපාලන රාමුව තුළ සිට කළමනාකරණය කරගත හැකි අවස්ථාවක් නොවන බව ඒ ගැන ඇති කෙටිම විග්‍රහය වේ.

    ReplyDelete
  3. දේශපාලනය සම්බන්ධ කර්මාන්තය තව වැඩි කලක් යන්නට පෙර විනාශ වෙන බව අවබෝධ කරගෙන ගොබ්බ වදන් ඉවත දමමු!!

    මොකද මේ ගැන බොක්සිං පිටියේ ශ්‍රේෂ්ඨයාගෙන් පාඩමක් උගන්වන්න පුලුවන්

    The Greatest මොහොමඩ් අලී එක අවස්ථාවක කියනවා සම්මුඛ සාකච්ඡාවක දී හරි අපූරු කතාවක්. ඔහු ඒකට ආදර්ශයට ගන්නේ Fighter කෙනෙක් නැත්නම් සටන්කරුවෙකු වෙන්න එක ගැන.

    අලී කියනවා, අපි ජීවිතේ මහන්සි වෙලා සටන්කරුවෙකු වෙන්න හිතනවා. ඒ සඳහා දැඩි පුහුණු වීම්වල නිරත වෙනවා. ඒ තැන්වලදී අපි වේදනාවට පත් වෙනවා. අපිට සාර්ථක වෙන්න බෑ කියලා හිතෙන තැන අපි ඒ දේවල් අත අරිනවා.

    හැබැයි අපි අපේ ජීවිතයේ සෑහෙන්න කාලයක් ඒ දේට වැය කරලා ඉවරයි. අපිට ඒ ගෙවී ගිය කාලය ගන්න බැහැ. අපිට වෙනත් වෘත්තියකට හෝ ක්‍රීඩාවකට යොමු වෙන්න බෑ. එතනදී අපේ අර හීනය කඩා වැටුණාට වඩා වේගයෙන් ජීවිතය කඩා වැටෙන්න ගන්නවා. අපිට සමාජය ඇතුළේ ජීවත් වෙන්න බැරි වෙනවා. අපිට අසාර්ථකත්වය කියන ලේබලය වැදෙනවා.

    එනම් අපි මොකක්ද කරන්න ඕන?

    අලී ඒකට දෙන උත්තරය තමා අධ්‍යාපනය ලබන එක නැත්නම් දෙයක් ඉගෙන ගන්න එක කවදාවත්ම නවත්තන්න එපා කියන එකයි. පුළුවන් තරම් ඉගෙන ගන්න, වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු හෝ තමන්ගේ ජීවිතය ස්ථාවර කළ හැකි තත්ත්වයක් වෙනකන් ඉගෙන ගන්න..

    එතකොට සටන්කරුවෙකු වෙන්න එපාද? කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    නැහැ, අලී කියනවා අධ්‍යාපනය ලබනවා වගේම සටන්කරුවෙකු වෙන්නත් මහන්සි වෙන්න කියලා. ඔයාගේ ජීවිතයේ ඔයාට සටන්කරුවෙකු වෙන්න බැරි වුණොත්, ඔබට තවත් අවස්ථාවක් තියෙනවා අර අධ්‍යාපනය ලැබීම ඇතුළේ සමහර විට ඔබ වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක් හෝ නීතිඥයෙකු වෙලා ඉන්නත් පුළුවන්. නැත්නම් ව්‍යාපාරිකයෙකු වෙලා ඉන්නත් පුළුවන්.

    දෙකක් එකට කරන්නේ කොහොමද? ඊළඟට එන්නේ එකම ප්‍රශ්නය.

    ජීවිතයේ කවදාවත් Easy Way නැත්නම් පහසු ක්‍රමවලින් ඉස්සරහට යන්න පාරවල් හොයන්න බැහැ. හැම වෙලාවෙම Hard Work නැත්නම් අමාරු වැඩ කරන්න වෙනවා. බර දරන්න වෙනවා, පීඩනය දරාගන්න වෙනවා. ඒ දේ ඔලුව තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන..

    උදාහරණයක් කියන්නම්, ඔයා මැරීගෙන මහන්සි වෙලා Photoshop Master කෙනෙක් වෙනවා. හැබැයි කාලයක් යද්දී ලෝකය ඇතුළේ Animeted කියන දේ වැඩි දියුණු වෙනවා. ඉස්සර Graphic වලින් හදපු Ads එහෙම Animeted වලට මාරු වෙනවා. එතකොට Photoshop විතරක් Master කරපු ඔයාට ඒ දේ ඇතු⁣ළේ රැකෙන්න පුළුවන් වෙයිද? උත්තරය අනිවාර්යයෙන්ම බැහැ.

    අලී කියන්නේ ඒකයි, ජීවිතේ එකම දෙයක් වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න එපා, තවත් දේවල් ගැන හිතලා වැඩ කරන්න කියන එක. එක තැනකදී ඔබ අසාර්ථක වුණොත් තවත් අවස්ථාවක් ඔබට නිකන්ම හැදෙනවා..

    අලීට තිබුණා කියන්න මහන්සි වෙන්න මං වගේ Fighter කෙනෙක් වෙන්න පුළුවන් කියන්න. හැබැයි අලී එහෙම කියන්නේ නැහැ, මොකද තව කෙනෙකුගේ ජීවිතයේ කටුක බව, ඒක දිහා බලාගෙන කරන්න හදන කෙනෙකුට අනිවාර්යයෙන්ම දරන්න බැහැ.. ඒ නිසා තමා අලී කියන්නේ ජීවිතයේ හැම වෙලාවෙම දෙවනි අවස්ථාවක් තියාගන්න කියලා..

    ඒ නිසා මෝටිවේසන් අප්පච්චිලා අම්මණ්ඩිලාගේ කතා ඇත්ත කියලා හිතන්නේ නැතුව

    ඒ නිසා ඉගෙන ගනිල්ලා බං...!!

    ReplyDelete
  4. ඇඳුම් අහිමි වී, ගුටි කෑවේ නෑ කෙඳිරි ගෑවේ බොරුවට රඟලා
    වගේ කතන්දර කියන්න ඇහැකිද කෙනෙකුට ඇත්තට- කට ඇරලා
    අධෝ මුඛේකින් එවැනි කතන්දර කියන එවුන් හා එකතු වෙලා
    දුර යන්නට හැකි කාලෙ ගෙවී ඇත - පෙනේවි වැඩි කල් නොගිහිල්ලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න