.

.

Jun 28, 2023

හෝටල් වෙනුවට පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ


 හෝටල් වෙනුවට 

පන්සල් ඉල්ලන හතරවරම් අමනයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


කඳු මුදුන් වල පන්සල් පල්ලි ඉල්ලන ඕන එකෙක්  පාට පක්ෂ බේදයකින් තොරව අමන බයියෙක්.  (බයියා සඳහා ඇති අර්ථකථනය කියවා ගන්න).


උන් ගේන තර්කයක් තමා, එහෙනම් සංවේදී පරිසර පද්ධතීන් තුල හෝටල් හා සංනිවේදන කුළුණුත් ඉඳිකිරීමද නවත්තන්න ඕනය කියනෙක. උන්ට අමතක වෙච්චි තව එකක් තමා හයි වෝල්ටේජ් කුළුණු.


මේ හෝටල් හදන වැඩේට විරුද්ධ වෙන උන්ට පෙන්වන්න තියෙන හොඳම උදාහරණය තමයි ජෙෆ්‍රි බාවාගේ විශිෂ්ඨ නිර්මාණයක් වන කණ්ඩලම හෝටලය. 


හෝටලයක් ඉඳිකරන්නේ අනුමත ප්‍රමිතීන් අනුව එකම එක වරයි.. ඉන් එහාට කිසිම අනුමැතියක් ලැබෙන්නේ නෑ. කණ්ඩලම හෝටලය ඉඳිකිරීමට පෙර තිබූ කුඩා අතුරු මාර්ගයක සිට හෝටලයට යන තෙක් මාර්ගයට අද වන තෙක් තාර හෝ කොන්ක්‍රීට් දමා නැහැ. එතකොට අවට මිනිසුන්ට ලැබෙන වක්‍ර හා සෘජු රැකියා ප්‍රමාණය. රජයේ විවිධ ආයතනවලට වාර්ෂිකව හා මාසිකව ලැබෙන විවිධ බදු හා ආදායම්.


අනෙක් ප්‍රධානම කරුණ වන්නේ පරිසර පද්ධතිය නිසි කළමනාකරණයක් තුල අධීක්ෂණය හා නඩත්තු කිරීම. ඒ වගේම හික්මීමක් හා ක්ලාස් එකක් ඇති අයට පමණක් මේවා විවර වීම. මේ පොඩි දරුවෙක්වත් ගහක කොලයකටවත් හානියක් කරන්නේ නෑ. ඒ මිනිස්සු මේ පරිසර පද්දට්ජීන් වලට හදවතින්ම ආදරය කරලා විඳලා යන මිනිස්සු. මේ දේවල් මේවට නොගිය හාල්පරුවන්ට කවදාවත් තේරෙන්නේ නෑ.


එහෙම උන් තමයි වැව ඉවරයි, වැව් තාවුල්ල ඉවරයි, කන්ද ඉවරයි ලන්ද ඉවරයි, ගම විනාශයි, සඟිස්කුරුතිය අවසානයි ගගා නහින්න යන්නේ.


නමුත් පන්සලක් හෝ පූජා භූමියක් ඉඳි කලාම ඔය කිසිවක් සිඳු වන්නේ නෑ. ඕන එකෙක් දන්නවා පන්සල් කියන ඒවා බුද්ධ සාසනේ තියෙන තුරා හදලා ඉවර වෙන්නේ නෑ කියලා...


කිසිවකුට රැකියාවක් ලැබෙන්නේ නෑ. ගමේ හිඟන්නොන්ට තමා ඒකත් රකින්න වෙන්නේ. ඕනම නම් උපාසිකාවෝ කීප දෙනෙක් ගොඩ යයි.


අපි පොඩි කාළේ දුෂ්කර ගමක සුන්දර පන්සල් වගේ තිබුන, රුවන්වැලිසෑය,  කැලණි රජ මහා විහාරය, කොළඹ ගංගාරාමය, බෙල්ලන්විල රජමහා විහාරය, තව දුරටත් සිත නිවන පූජා භූමී නෙමෙයි. ඒ ඔක්කොම සියළු අච්චාරූ පිරි බහුරු කෝළම් මඩු.


ඉස්සර අති සුන්දර පරිසරයක් වෙච්චි දඹුළුගලේ පහළ ප්‍රදේශය ගොඩනැගිලි, පිළිම චෛත්‍ය හදලා විනාශම කරලා දැම්මා...


ඒත් ඒවයේ ඉඳිකිරීම් තව ඉවර නෑ.. තන්හාවේ තෘෂ්නාවේ කෙලවරක් නෑ. ඊට පස්සේ හෙමීට හෙමීට භූමිය ළොකු වෙනවා බෝ ගහ හැර සියළු ගස් නිවන් යනවා. 


පන්සල් කියන්නේ පිරිසිඳුකම රකින්නෙම නැති තැන්. පන්සලක වැසිකිලියකට යනවට වඩා හොඳයි නරකාදියට යන එක. ඒත් ඒකට මැරෙණකන් ඉන්න ඕන නිසා, උපාසක උපාසිකාවෝ රෙන්නේ කැළේ.


ඊට පස්සේ ඕවට වන්දනාවේ එන්නේ මේ හෝටල් හදනවට විරුද්ධ, දම් රැජිණ හයර් එකට අරන් බොංගෝ ගගහා ඇවිත් කහ කුරුල්ලගෙන් ආපු උන්ගෙන් ගේම ඉල්ලන හතරවරම් බයියෝ.


උන්ට කිසි චාරයක් නෑ. හැදියාවක් නෑ.කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ. අවවාදයක් දෙන එකාටත් වටවෙලා කෙලින්නේ. අන්තීමට බොංගෝ පැලුනාම, ගෙදර යනකන් ගහන්න කුණු ටික විසිකරලා පන්සලේ ඩස්ට්බින් එක උස්සගෙන යනවා. ඕකුන් තමා පරිසර ත්‍රස්තවාදීන්.


ඒ පාර ඔය කුණු හතර වටේ වපුරන්නේ මේ උපාසක උපාසිකාවොම නිවන් යවන්න පෙට්ටි වල දාගෙන ගෙනත් පන්සලට පූජා කරපු පූසොයි බල්ලොයි. උන් එක්ක සෙට් වෙනවා බොංගෝ බුවාලගේ නෑයෝ වෙච්චි රිලව් ටික.


එහෙම රිලව් සෙට්ටෙකක් තමා ඔය හෝටල් වලට විරුද්ධව බුකියෙත් නටන්නේ.. ඉතින් එහෙව් උන්ට පොල් බයියෝ කියලා කියනවා හැර වෙන කියන්න නමක් කියහන් මයෙ පුතා...


කන්දෙ විහාරේ සීල සුඝන්දේ

පාවී එන්නේ ඝංඨා නාදේ

දෝත පුරෝලා නෙළුම් නෙලාලා

පන්සල් යමුකෝ චූටී නංගියේ...


.


15 comments:

  1. ඕකේ තව පැත්තක් තියෙනව නේද? මේ මොහොතේ කඳු වල වෙහෙර විහාර හදනවා කියලා අලුත් රැල්ලක් හැදිලා නෙවෙයි සමාජ මාධ්‍ය වල කුප්‍රකට ජඩමාධ්‍ය කාලකණ්ණි ටිකක් එකතුවෙලා එහෙම දෙයක් කෘතීමව හදලා.

    කාලෙන් කාලෙට එන මේ රැලි වල යටිපෙළ කියවා ගැනීම අතිශය වැදගත්.

    එසේ නැත්නම් ඔබත් මේ රැලි ගොඳුරක් විය හැකියි මාතලන්.

    අපි ආපහු 2021 වසරේ මුලට එහෙම නැත්නම් දැනට අවුරුදු දෙකකට විතර කලින් අතීතයට ගියොත් රටේ ලොකු ප්‍රශ්නයක් නැති කාලෙක මේ වගේම පරිසර ආරක්ෂණ බොරු රැල්ලක් ආවා.

    ඒ කාලේ මොරටුවට ලී ලොරියක් ආවත් ෆොටො ගහලා ෆේස්බුක් දැම්මා. ඒකට හෑලි ලියවුනා.

    හුස්ම බෙදන රූස්ස ගස් බුරුතු පිටින් කපා දමා ඉඩෝරයට හේතු හොයනවා....

    මිනිහෙක් තමන්ගේ පුද්ගලික ඉඩමක ගෙයක් හැදුවත් ඒ දිනවල ඒක පරිසර සටනක් වුනා.

    ඒ වෙනුවෙන් අලුත් අලුත් පරිසර ක්‍රියාකාරිකයො හතු පිපෙනවා වගේ බිහි වුනා. මාධ්‍ය වලින් මේ පරිසර ක්‍රියාකාරිකයො හැදුවා, පිම්බුවා.

    මේ කැම්පේන් එකේ පීක් එක තමයි ස්වීඩනයේ ග්‍රේටා තන්බර්ග් ගේ ආකෘතියට අනුව සිරස විසින් ලංකාවේත් පොඩි පරිසරවේදිනියක් හදන්න, ප්ලාන්ට් කරන්න උත්සාහ කරපු එක. අර සිංහරාජ බාගයා ද මොකක්ද හොල්මන් යුවතියක් ගෙනත් ගොන්පාට් එකක් දැම්මේ

    අවසානේ ඒ වැඩේ පට්ට විදියට ෆේල් වුනා.

    ඒ කාලේ පාරක් හදන්න දුන්නෙ නෑ.

    අධිවේගී මාර්ගය පවා පනු කරඳ ගහක් අල්ලන් සටන් කරන්න දේවානි ලා ආවා. දේශපාලනික චීවරධාරියො ඇවිල්ලා පනු කරඳ ගස් මහන කළා.

    මේ ඔක්කොම හුදෙක් ආණ්ඩු විරෝධයක් වෙනුවෙන් කරපු දේශපාලන කැම්පේන් මිසෙක, ඇත්තටම පරිසර ආදරයකට කරපු වැඩ නෙවෙයි.

    ඒ බව තහවුරු වෙන්නේ මේ මොහොතේ සිදුවෙන කුරුන්දි මහා වන සංහාරය නිසා.

    මුලතිව් කුරුන්දි රක්ෂිත වනාන්තය අන්තවාදීන් විසින් එළි කරමින් ඉඩම් අත්පත් කරගනිමින් ඉන්නවා.

    පනු කරඳ ගස් බදා ගත්තු, සිරසෙන් ප්ලාන්ට් කරපු දහසකුත් එකක් පරිසරවේදිනියොන්ට කුරුන්දි වන සංහාරය පේන්නෑ.

    විහාර මහා දේවියට ඇවිල්ලා පරිසරය බේරගන්න කියලා චිත්‍ර ඇඳපු උන්ට කුරුන්දිය පේන්නෑ.

    කුරුන්දි මහා සංහාරය ඉදිරිපිට සමාජයේ තියෙන්නෙ පුදුම නිහැඬියාවක්.

    මොකද මේ හැමදේම දේශපාලනික කාරනා මිසෙක, ඇත්ත පරිසර ආදරයක් නෙවෙයි.

    කුරුන්දිය කපන්නේ බෞද්ධ විරෝධින්. ඒ නිසා අවුලක් නැහැ.

    මේ වෙලාවේ සමාජයේ මවලා පෙන්නන්න හදන කඳු වල වෙහෙර හදන කැම්පේන් එකත් ඒ වගේ දේශපාලනික කාරනයක් මිසක් පරිසර ආදරයක් මත පදනම් වූ එකක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඉතාම පැහැදිලිව මෙතන තියෙන්නෙ හුදු බෞද්ධ විරෝධයක් විතරයි.

      අලුතෙන් පන්සල්, විහාර හැදෙනවට ඇති විරෝධයක් විතරයි.

      කන්දක නෙවෙයි ටවුන් එකක පන්සලක් හැදුවත් මේ පිරිසේ විරෝධය මෙහෙමමයි.

      අනෙක් අතට මේ ආන්දෝලනයට තුඩුදෙන බතලේගල දාගැඹ අලුත් දෙයක් නෙවෙයි.

      බතලේගල රජමහා විහාරය කාලයක් තිස්සේ පවතින විහාරයක්.

      1947 දී එයට රජයෙන් ඔප්පුව හිමිවෙලා තියෙනවා.

      සංචාරක ආකර්ෂනය වැඩි බතලේගල පරිසරය, ඉඩම් හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න ප්‍රධාන හේතුවත් බතලේගල විහාරයයි.

      දඩයම්කරුවන්ගෙන් බතලේගල සත්තු ටික ආරක්ෂා වෙලා තියෙන හේතුවත් මේ පන්සල.

      මේ ඉඩම හෝටල් හිමිකරුවන් කිහිපදෙනෙක් ඇහැ ගහගෙන ඉන්න ඉඩමක්.

      යම්හෙයකින් පන්සල ඉවත් කරලා හෝටලයක් හැදුවොත් විරෝධයක් එල්ල වෙන්නෙ නැහැ, හැබැයි සිදුවෙන පරිසර විනාශය අනන්තයි.

      ඇත්තටම කන්දක වෙහෙරක්, විහාරයක් තිබුනා කියලා පරිසර විනාශයක් සිද්ද වෙන්නෙ නැහැ.

      සිදුවෙන්නේ පරිසරය ආරක්ෂා වීමක් විතරයි.

      එයට හොදම උදාහරණය ශ්‍රී පාදස්ථානය.

      අදටත් ලංකාවේ සංවේදීම පරිසර කලාපයක පිහිටි සමනල කන්ද, අවම පරිසර හානියකින් ආරක්ෂා වෙලා තියෙන්නේ ශ්‍රී පාදස්ථානය නිසා.

      එය නොතිබුනා නම් සමනල කන්ද දිගට හෝටල් හැදෙන්න තිබුනා. හයිකිං එක්ස්පීරියන්ස් එන්න තිබුනා.

      දඩයක්කාරයො පිරෙන්න තිබුනා.

      සත්තු ටිකයි, සංවේදි පරිසර කලාපයයි විරෝධයකින් තොරවම නැති වෙන්න තිබුනා.

      නමුත් ඒ සියල්ලෙන් සමනල කන්ද ආරක්ෂා වෙලා තියෙන්නෙ ශ්‍රීපාදස්ථානය නිසා.

      රජ කාලේ ශ්‍රීපාදස්ථානය ඉදි නොකර, වර්තමානයේ ඉදි කළා නම් මේ බෞද්ධ විරෝධි කල්ලියෙන් පුදුම විවේචන, බලපෑම් එල්ල වෙන්නට තිබුනා.

      අතීතයේ බෞද්ධ විරෝධී NGO කල්ලි නොසිටි නිසා ශ්‍රී පාදස්ථානය අද රටේම උරුමයක් වෙලා.

      පන්සලක් නැතිවුනාට අද ආරුක්කු පාලම අසල පරිසරය බලන්න.

      පරිසරය ගැන සත්‍ය පහක හැඟීමක් නැතුව ගස් කප කප දහස් ගණනින් කොෆි ශොප්, රෙස්ටෝරන්ට්, සුවනියර්ස්, වෙනත් සංචාරක සේවා, පොඩි හෝටල් හැදෙනවා. කාටවත් එවැනි පරිසර විනාශ පේන්නෙ නැහැ.

      කාලයක් තිස්සේ නටඹුන්ව පැවැති බතලේගල විහාරයේ චෛත්‍යය හැදුවට එහෙම පරිසර විනාශයක් වෙන්නෙ නෑ.

      ගස් කැපෙන්නෙ නැහැ, සත්තු මැරෙන්නෙ නැහැ.

      අනෙක් අතට මේ මවාපාන රැල්ල ව්‍යාජයි. මේ දවස්වල මේ කියවෙන කිසිම තැනෙක බෞද්ධ භික්ෂූන් ආධුනික, අලුත් තැන් වල චෛත්‍ය හදලා නැහැ.පැවැති රජමහා විහාර ප්‍රතිසංස්කරණය කරලා විතරයි.

      ඒවා වෙනස්ව පෙන්වීමට මහා බෞද්ධ විරෝධි මාධ්‍ය මෙහෙයුමක් නම් පවතිනවා.

      ඒ නිසා මේ බෞද්ධ විරෝධි, බොරු පරිසර රැලි වලට නොරැවටී සිටීමට බෞද්ධයන් වගබලා ගත යුතුයි.

      සැබෑ පරිසර විනාශ සිදුවන්නේ කුරුන්දියේ, ඇල්ලේ, නුවරඑලියේ මිසෙක බෞද්ධ විහාරස්ථාන වල නෙවෙයි.

      හෝටල් හදන එක රටේ සංචාරක ව්‍යාපාරය සහ විදේශ විනිමය ලැබෙන හොඳම විසඳුමක් ඒ නිසා නිවැරදිව නියාමනයක් සහිතව ඒක කලහල යුතුයි. නිසි නියාමනයක් සහිතව බෞද්ධ වෙහෙර විහාර ආරාම ප්‍රතිසංස්කරණය කරන එකත් වරදක් නෙවෙයි හැබැයි දේශපාලන ගේම් වලට ඉඩ දෙන්න ඕන නෑ ඒ කිසිම දෙයක්.

      Delete
  2. I totally agree with you mathee....

    ReplyDelete
  3. අයිසේ ළමාතන් ඕව නෙවෙයි ලෝක දේශපාලනය තේරුම් ගනින් රුසියාවට එරෙහි වැග්නර් පරගලය ඇත්තටම CIA මෙහෙයුමක්ද, නැතහොත් රුසියාවේම ඩ්‍රාමා එකක්ද, නැතිනම් ඇත්තටම ඇති වුණ කැ‍රැල්ලක්ද කියන්න අපි කවුරුවත් දන්නෙ නෑ. පේන විදියට නම් නාඩගමක් තමයි

    එහිදී පුටින් විසින් වැග්නර් අරගලකරුවන්ට එරෙහිව කරන ලද දැඩි ප්‍රකාශයත්, රුසියානුවන්ගේ දේශප්‍රේමීත්වයත්, කැ‍රැල්ල අවසන් කිරීමෙන් පසුව පුටින් විසින් වැග්නර් හමුදාව සමූලඝාතනය නොකිරීමත් (පසුව එහි ප්‍රධානීන්ට දඬුවම් දිය හැකියි) අගය කළ යුතුයි.

    වැග්නර් කැ‍රැල්ල රුසියාවේම ඩ්‍රාමා එකක් නෙමෙයිනම්, මොස්කව් වලට කිලෝමීටර් 100 ක් ආසන්නයේදී වැග්නර් හමුදාව සමූලඝාතනය කිරීමට නියමිතව තිබූ බවට සමහර මාධ්‍යවල වාර්තා කර තිබුණා. සතුරාට ඉඩ ලබා දී වාසිදායී භූමියට පසු බෑම හෙවත් "tactical retreat" සිදුකර අවසානයේදී රුසියානු හමුදාවට "Point of no return" තත්තවයේදී වැග්නර් ත්‍රස්ත ‍රැළේ අවසානය සිදුවීමට නියමිතව තිබුණා.

    වැග්නර් පරගලය කෙසේ හෝ අවසන් වීම මුළු ලෝකයේම ජයග්‍රහණයක්.

    1. මෙය සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ජයග්‍රහණයක් වන්නේ මිනීමරු ජනඝාතක ඇමරිකා එක්සත් ජනපද දේශපාලන අධිකාරිය විසින් වෙනත් රටවල් ආක්‍රමණය කිරීමට වැය කරන්නේ සාමාන්‍ය පුරවැසිභාවය සහිත ඇමරිකානුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ඩොලර් බිලියන ගණනක් වූ බදු මුදල් වීමත්, එකම වාසිය මහා පරිමාණ ඇමරිකා ආයුධ නිෂ්පාදනය කරන ඩිමොක්රටික පක්ෂයේ අනුග්‍රාහක භවතුනට ඩොලර් බිලියන ගණනක ආයුධ නිෂ්පාදන වෙළඳාම් කොන්ත්‍රාත්තු ලැබෙන නමුත් ඒ සාමාන්‍ය එක්සත් ජනපද පුරවැසියන්ගේ බදු මුදල් ඩොලර් බිලියන සිය ගණනක හෝ ඩොලර් ට්‍රිදියෙන් පමණ විනාශයක් සමගින් වීමයි. එනමුදු රුසියාව නිසා එලෙස වෙනත් රටවල් ආක්‍රමණය කිරීම වැළකෙන නිසාම එම සාමාන්‍ය පුරවැසියන්ට ඩොලර් බිලියන ගණනක වාසියක් සිදුවනවා, උදාහරණ ලෙස වරක් මිනීමරු ඔබාමා නමැති කාලකන්නි ජනසංහාරකයා විසින් ඉරානය ආකමණය කිරීම වැළකුණේ පුටින්ගේ මැදිහත්වීම නිසයි.

    2. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක් වන්නේ අපගේ පසුගිය ආර්ථික අර්බුදයට යුක්‍රේන යුද්ධය නිසා ඇතිවූ ලෝක ආර්ථික අවපාතය බලපෑමැත්, යම් හෙයකින් රුසියාව යුද පිටියක් වුවහොත් ලෝක ආර්ථිකය තවත් කඩා වැටී එහි බලපෑම අපිට දරුණුවටම දැනීමයි. (බොරතෙල් මිල ඉහළ යාම, තේ අපනය ආදායම අඩු වීම, ගෑස් මිල ඉහළ යාම ආදී).

    3. පොදුවේ සමස්ත ලෝකයේම ජයග්‍රහණයක් වන්නේ, ඇමරිකාව විසින් වෙනත් රටවල් අත් පත් කරගෙන ධනය සූරාකෑමට එරෙහිව නැගී සිටීමට සිටින ශක්තිමත්ම රාජ්‍යය රුසියාව වීමයි.

    එදා ලංකාව පාලනය කල මෝඩ නන්ද සේන බය නැතුව හමුදා නිලධාරීන් මාරුකර ඇමරිකානු රූකඩයක් නොවන නිර්භය හමුදාපතිවරයෙක් පත්කරගෙන සහ උසස් නිලධාරීන්ට ආරක්ෂක අංශ ශක්තිය වැඩිකරගෙන කොන්ද පන ඇතිව සිටියානම් ඇමරිකා එක්සත් ජනපදය විසින් ලංකාව තුල ක්‍රියාත්මක කරන ලද පරගල ත්‍රස්තවාදී නායකයින්ට වෙන්නෙත් එක්කෝ ඇක්සිඩන්ට් වෙන්න. එහෙම නැතිනම් වැග්නර් ප්‍රධානියා වගේ වෙනත් රටවලට පලා යන්න. රනිල් වික්‍රමසිංහ ඇමරිකානු රූකඩයක් නිසා ඔහුට විරුද්ධව එකෙක්වත් පාරට එන්නේ නෑ, ඒකට මුදල් සහ ආරක්‍ෂා ලැබෙන්නේ නෑනේ ගියපාර වගේ.

    ඒක නෙවෙයි මේ දවස්වල ලංකාවේ තත්ත්වය කොහොමද ලංකාවට එන්න හොටෙල් වල ගාස්තු අඩුවෙන ඔෆර් තියෙන ඒවා තියෙනවා නම් කියපන් බන් මාතේ, අගෝස්තු සැප්තැම්බර් එන්න ඕනේ නැත්නම් අඩුවට කලින් බුක් කරලා වින්ටර් එකට ඇවිත් යන්න එන්න ඕනේ, බලමු නේද?

    ReplyDelete
  4. ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න පුලුවන් විදියේ විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥ දැනුම සහ පළපුරුද්ද වගේම කළ පුරුද්දක් ඇති බය නැතුව වැඩ කරන්න පුළුවන් දක්ෂ උගත්තු නෑ, නියමාකාර සිස්ටම් එකක් හදන්න සහ පවත්වාගෙන යන්න., අන්න එතන තමයි අවුල තියෙන්නේ.,
    ලංකාවේ ඉන්න ඔක්කොම උගත්තු 100%න් 98% ක් විතර ඉන්නේ ප්‍රායෝගික නැති මාධ්‍යවල ටක හොල්ලන්න පමණක් දන්නා මිනිස්සු... සමාජ මාධ්‍ය වල වගේම බ්ලොග් වලත් එහෙමයි, අර බ්ලොග් ලියන චන්දිම ගෝමස් ඉකොනොමැට්ටා වගේ ජෝකර්ලා තමයි හොඳම උදාහරණ...

    ReplyDelete
  5. ඔය වගේ තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා මාතලන් උදාහරණයක් විදියට ජවිපෙ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දවස්වල අස්වැසුම ගැන දැඩි ලෙස විවේචනය කරනවනේ සහනාධාර මදි බවත් හැමෝටම තව තවත් උපරිම වශයෙන් සහනාධාර ලෙස මුදල් ලබා දෙන්න කියලා. තව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රාම්දාස් යටිගිරියෙන් කෑ ගහනවා සහන දෙන්න ඕන සහන දීපිය තව කියලා ඒ කියන්නේ ඔහුගේ පියාගේ කාලේ වගේ සහනාධාර ලෙස ජනසවිය නිල ඇඳුම් නොමිලේ ආහාර මුද්දර නොමිලේ කෑම බීම ගෙවල් දොරවල් සේරම දෙන්න ඕන කියලනේ, ඉතින් මේ දක්වා ඔයිට කලින් සමෘද්ධිය, ජනසවිය වගේ එකේක නම් දාලා කරෙත් මිනිස්සුන්ට ඔහොම සල්ලි බෙදපු එක.

    ලංකාවේ නම් ඇති එකා නැති එකා කියලා නෑ හැමෝම දැන් ඒක ගන්න පොරකනවා. මොකද නිකං දෙනවානං ලංකාවේ උන්ටත් ඕන බලු බෙට්ටක්. අනික ඕක හම්බෙන්නෙම අඳුරන එකාට ඡන්දෙ දෙන එකාට මිසක් ඇත්තටම ලැබිය යුතු කෙනාට නෙවෙයි.

    අවුරුදු ගානක් පිනට කාලා රටම බංකොලොත් වෙලා තිබ්බත් පිනට කන්න තියෙන ආසාව, හැමදේම නිකං ලැබෙන්න ඕන කියන මානසිකත්වය නං තවමත් එහෙමමයි කිසිම විදියකින් වෙනස් වෙලා නෑ.

    මිනිස්සු හිතනවා ආන්ඩුවේ වගකීම යනු තමන්ට හැමදේම පිනට දෙන්න ඕන කියන එක සහ සල්ලිවලට ගන්න ඒවායෙන් මිල පානය කර ඉතාම අඩුමිලකට දෙන්න ඕන කියන එක මේක තමයි මේ දවස්වල ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය සහ මාලිමාවේ ජවිපෙ දේශපාලන කණ්ඩායම නියෝජනය කරන ප්‍රධාන සටන්පාඨ වලින් අංක
    එක.

    ඒ මදිවට ලංකාවේ රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයවන ලංකාණ්ඩුවේ හිතනවා කොහෙන්හරි හිඟාකාලා දහ අතේ ඩොලර් බිලියන ගණනක ගෙවා ගන්න බැරි තරමටම ණය ණය ණය ගොඩ ගහගෙන ඔය මේ දවස්වල අමාරුවෙන් ගන්න සොච්චම පවා පිනට දුන්නම සේරම හරි කියලා.

    ඕක ඔතනින් ඉවරත් නෑ. මේක හැමදාම හැමතැනම තියෙන අවුලක්. හැමෝම හිතනවා අනික් උන් තමන්ට හැමදේම කරලා දෙන්න ඕන කියලා. බංකොලොත්ම වෙලා සෙන්න පුපේ ඝූ නැතත් අනික් උන් තමන්ට අනිවාර්යයෙන්ම සේරම නොමිලේ කළයුතුයි කියලා හිතන උන්ගෙන්නං අඩුවක් නෑ. ආන්ඩුත් තියෙන සොච්චමෙන් හරි මිනිස්සුන්ට ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න ව්‍යොදාගත්තේ තැනක් ලැබෙන ඒ හරහා රටතුල ඇරඹෙන අලුත් ව්‍යාපාර වල රස්සා හම්බෙන දෙයක් කරන එක නොකර ඔහේ නිකමුන්ට අඬබෙර ගහලා නිකං බෙදන්නෙ එහෙම පිනට කන සෙට් එකක් ඉන්න එකත් උන්ටම වාසි හන්දා.

    එහෙම ජාතියක් ගොඩ යන එකනං ඉතිං "ඈස්" චර්යයක්ම තමා 🥴

    ඕනෙම සමාජයක දෙයක් කරගන්න අමාරු මොන හේතුවකට හරි සමාජ ස්ථරයේ පහලටම වැටිච්ච කොටසක් ඉන්නවා. අන්න ඒ කොටසේ සුබසාධනය සෑදීම රජයක අනිවාර්ය වගකීමක්. හැබැයි ලංකාවේ වෙන්නෙ ඒක නෙවෙයි. එහෙම සාමජ කොටස් අඳුරගන්න සහ නඩත්තු කරන්න නිසි ක්‍රමවේදයකක් (social safety net) නෑ. තිබ්බත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 8.09

      සබජේ මාලු ලෑලි පාර්ශවය VS සබජේ වෙන්ඩ පොශ් බටහිර ගැති පාර්ශ්වය. සජ්ජා විශ්වාස කරන්නේ මාලු ලෑලි පාර්ශ්වයනේ

      Delete
  6. මාතලන්, පුරාණ ග්‍රීක සමූහාණ්ඩුව තුල එවකට පැවැති පාලන ක්‍රමය එනම් දූෂිත සමුහාණ්ඩු ක්‍රමය තුල අධිපාරිභෝගික වාදි අධිපරිභෝජන කාමසුඛල්ලිකානු බඩජාරි පුරවැසියන් ගේ හිරිකිත චර්ය්‍යාව ,හිස් පුස් වචන හරඹ තර්ක ක්‍රම ,සොක්‍රටීස් පිලිකුලෙන් හෙලාදැක තම ශිෂ්‍ය ප්‍රජාව සත්ගුණය පදනම් කරගත් දැනුම උසස්ය යන ප්‍රස්තුතය Virtue is knowledge එවකට ඇතන්ස් සමාජයේ පුරවැසියන් අතර ආත්තොපදේශයක්ව පැතිර ගියේය.

    මෙය එම දූෂිත පාලකයින්ට බරපතල අභියෝගයක් විය.තරුණ පරපුර නොමඟ යවන අලුත් මත පල කරන්නේ යැයි සොක්‍රටීස්ට එරෙහිව නඩු අසා එකල පැවති මරණ දඬුවම් ක්‍රමයට අනුව වහ කෝප්පයක් බොන්නට දී මරා දමන්නට නියෝග කෙරුනේ ඇතන්ස් සෙනෙට් සභාව විසිනි.මෙහිදි සොක්‍රටීස්ගේ දඬුවම යුක්තියුක්ත කිරිම සඳහා එවක පුරවැසියන් නම්මා ගැනීමට ඔවුන් ඇදහු ආගම විවේචනය කල බවට බොරු චෝදනා ඉදිරිපත් කලා මිස හෙතෙම කිසිවිටෙක ආගම ගැන කිසිදු මතයක් නොදැක්විය. Virtue is knowledge ..සොක්‍රටීස්ගේ දර්ශනයේ සංක්ෂෙපය යි.මිනිසා තුලම සිටින දෙවියා සත්ගුණයයි.එය තමයි දාර්ශනික සොක්‍රටීස්ගේ පිලිගත් සහ දෙසූ ලෝක ධර්මය.. එනිසා හරියට හදාරලා ලියන්න ඔය වගේ කාරණා වල ඓතිහාසික පසුබීම එහෙම...

    ReplyDelete
  7. කාණ්ඩයක් එකතු වෙලා අර මට වාඩිවෙලා බෝතලයක් හිස් කරනවා මොනවද ලබාගන්නේ

    ReplyDelete
  8. සොයමු පුළුන් රොදක් ඉතිං
    යකඩත් අළුව ගිය නිවසෙන්
    ඔක්කොමලා බබා හුකුම්
    රඟති අනුන් රවටන මෙන්

    ReplyDelete
  9. ඕක දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රශ්න වලට සම්බන්ධ කරුණක් මොකද South Aisan රටවල 5'9ක් / 5'10ක් උනත් උසයි උසයි කිය කිය උඩ පැන්නට European Countries වල Average Male Height එක 5'10යි 5'11යි Netherlands වල Male Height එක 184.8 cm අඩි වලින් බැලුවොත් 6'1ට කිට්ටුයි. එහෙ Average Female Height එකත් 5'7ක්.

    ReplyDelete
  10. පට්ට වේසි ඕකිට හොද වැඩක් කරන්න ඕනි. පාරේ බැහැලා යන්න බැරි වෙන්න

    ReplyDelete
  11. samurdhi ඉල්ලනවා කියලා කියන්නේ වැරදි දෙයක් නෙවෙයි. අද උනත් අපිට samurdhi දෙනවනං අපි ගන්නවා. තමුන්ට යමක් ලැබෙන්නේ තමුන් පෙර කරලා තියෙන පින් පව් දානමාන කුසල් අනුව කුසලය පල දෙන්ඩ ගියාම විකාර කතා කළ යුතු නෑ දුන්නා නං ගත්තා. 🍄 සමෘද්ධිය කියලා කියන්නෙත් මහපොළ වගේ දෙයක් තමයි. 🍄 ලොකු ලොක්කෝ මහා පරිමාණයෙන් හොරකන් කරන ගමන් පොඩි එවුන්ට පොඩි කටු කෑල්ලක් විසිකරනවා. 🍄

    ReplyDelete
  12. සමෘද්ධිය, ජනසවිය , පිංපඩි , ශොෂල් සෙකුරිටි. මොන නමින් ආවත් එකම දෙයයි. සමාජ ආරක්ෂන දැලක් ඔනම රටකට අවශ්‍යයයි.

    අපි ඔවා නොගත්තෙ බඩගිනිනම් කන්න ගෙදරක් තිබුන නිසානෙ

    ක්‍රියාත්මක කිරීමෙ අඩුපාඩු නිසා සමාජ ආරක්ෂනය වැරදියි කියන්න බැහැ

    උදාහරනයක් හැටියට පොල් කඩන මනුස්‍යයෙක් ඔත්පල වුනොත් මොකද කරන්නෙ

    ලංකාවෙ බදු ක්‍රමයෙ පහත මූලික සිද්ධාන්ත තුනම හරහැටි නැති නිසා තමයි අපිට ශොෂල් සෙකියුරිටි ක්‍රමයක් පවත්වාගන යන්න බැරි

    1තිරස් සමානත්මතාව vertical equity
    2 සිරස් සමානත්මතාව horizontal

    මුදල් උපයන සෑම අයෙක්ටම බදු ගෙව්වත් නැතත් අංකයකුත්
    රැකියාවක හැර මුදල් උපයන සෑම කෙනෙකුටම SBN sri lanka business number එකකුත් අවශ්‍යයි.

    ග්‍රාමසෙවකගෙන් අමතරව ආදායම ඇසෙස් කල හැකිවන්නෙ ඉහත ක්‍රම මගින් සෑම දෙනෙක්ම වාර්තා කරනවානම් පමනි

    ReplyDelete
  13. මාතේ ඇත්තටම සජබයට නායක සජිත් ප්‍රේමදාස කියන්නෙ ලංකාවෙ ජන මනස හැසිරෙන අත ගැන මෙලෝ අල බෝලයක් වැටහෙන් නැති මකබාවෙක් කියලා නැවත වතාවක් අති සාර්ථක ලෙස ඔප්පු කලේ වලවාහැංගුන වැව හොරගණ තක්කලියගෙ ලයිට් බිල ගෙවලා 😂😂

    තකතිරු පොල් බූරුවෙක් වෙන සජිත් හිතුවා බෞද්ධ ප්‍රජාවගෙ හදවතට තට්ටු කරන ඉතා සංවේදී තනි ඇහැට කදුළු එන සිදුවීමක් වෙයි කියලා මිහින්තලේ හොරගණයගේ ආවාසේ ලක්ශ හතලිස් ගානක ලයිට් බිල ගෙවීම..😬😬

    පප තමයි.. 😁😁 ලංකාවේ මේ දවස්වල ඉන්න ජනතාවගෙන් අති බහුතරයක් හරි කැමති ඔය තැන් වල ලයිට් කපලම දානවා නම්.. විශේෂයෙන්ම තරුණ පරපුර... ඔය කාලකන්නි ප්‍රකෝටිපති හොර ගනිම් නාන්සේලාගෙ තරම සජිත් කියන මන්ද මානසික තකතීරූ මෝඩපැටියා නොදන්වට ඇට්ලීස්ට් රටෙන් බාගයක්ම දන්නවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව 80% ක් විතර සීන් එක හොඳටම දන්නවා

    මෙච්චර කාලෙකට මිහින්තලේ ලයිට් බිල ගෙවලම නෑල්ලු..😂😂.

    හැබයි මිහින්තලේ ආධාර එකතු කරන හැම ටිකට් එහෙකම ගහලා තියෙනවා අධික ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නත් එක්කයි මේ ආධාර එකතු කරන්නෙ කියලා. ප්‍රධානම අරමුණ බිල් ගෙවන එක කියලයි කියන්නේ ඒ හොර ගණ බේසික තට්ට http

    ඒ වගේම පූජනීය ස්ථාන වල පින්කැට වලට කෝටි සංඛ්‍යාත ගණනක සැලකිය යුතු ගානක් කොහොමත් වැටෙනවා. මිහින්තලෙ වගෙ තැන් වල නම් ඒ එක දවසක ලැබෙන ගාන උනත් මාස කීනයක ලයිට් බිලක් ගෙවන්න තරම් ප්‍රමාණවත් නොවන්න කිසිසේත්ම විදියක් නෑ.

    ජනතාව හරිම ආතල් එකෙන් බලා ඉන්න සිදුවීම් මැද්දට උපතින්ම මන්ද බුද්ධික තකතිරූ
    සජිත් ප්‍රේමදාස කියන අමුම අමු ගොන් මැටි බෝලේ පැනලා ආතල් කුඩු කරලා ලොකු පොර වෙන්න ගොනා වගේ දැඟලුවා. 😂 අන්තිමෙ තියෙන ලකුණු ටිකත් ලෙෆ්ට්!!

    ඇත්තටම සජී පින්ගොනාට කියන්න තියෙන්නේ උපතින්ම වගේ අමුමැටි කේප්ප මී හරකෙක් තව කාලේකට තියා කවමදාවත් ලංකාවේ ජනාධිපති වෙන්න තියා මන්ත්‍රී ධූරයකටවත් සූටබල් නෑ. මොකද ඒ රට හරකට තියෙන්නෙ ජන විඥ්ඥානය වත් ( හරියට ටයිප් කරන්න කම්මැලී😂) හරිහැටි කැප්චර් කරගන්න බැරි තරමේ ඉතාම ප්‍රාථමික නූගත්ම ග්‍රාම්ය මන්දබුද්ධික ගොබ්බම ගොබ්බ හද්ද ගොන් මනසක්!!

    ඒ නිසා ඒ නිදන්හොර ගොන්දාසට සෙට්වෙන්නෙ පන්සලක දායක සභාවෙ ඇබිත්තයා වගෙ ගොබ්බම ගොබ්බ පෝස්ට්ටෙකක්!😬

    වලවාහැංගුන වැවේ හොරගණ තක්කඩි කාලකන්නි වලහටත් ඉතින් මන්දබුද්ධික රටබූරු සජියා වගෙ ගූම ගූ මැටි බාල්දි ඉන්නකල් මල් හතයි!😂

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න