.

.

Jun 13, 2023

රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්



 රනිල්ගේ ඉතිහාසය ලැක්චරය අසා 

ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත් ඊලාම්වාදීන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖😁


රනිල් වික්‍රමසිංහ දිරවන්නේ නැති දෙපිරසක් සිටිනවාය.. පළමු පිරිස දේශපාලන වශයෙන් පසමිතුරු පිරිසය.. අනෙක් පිරිස නම් 2015 රනිල් හා මතවාදීව සිට, පසුව අරගලයට එක් වී රනිල්ගේ නිවස ගිනි තැබීමෙන් නොනැවති, රනිල් තෝත් පල කියූ ටොක්සික් අරගලියන්ස් සමඟ එක් වූ ජඩමාධ්‍ය හා ජඩමාජ්ජවේදීන්ය.


රනිල් බලයට පැමිණි දා සිට කරමින් සිටින්නේ රනිල් බලයට පැමිණීමට පෙර සිටි මතයන් ඉදිරියට ගෙනයාමක් වුවද, ඒ සියල්ලටම අර පිරිස විරුද්ධ වන්නේ, රනිල්ට බැක් කරන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවේ අමු බයියන් වීම නිසාය.


අප නම් ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත් වී සිටින්නේ.. ඝෝඨා බලයට ගෙනැවිත් ඉටුකරගැන්මට සිතා සිටී සියල්ල.. ඊටත් වඩා හොඳින් සිඳුවන නිසාමය.


අනුරාධා යහම්පත් යනු දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වලට විරුද්ධව ජිනීවා ගිය තැනැත්තියකි. රාජපක්ෂලා ඇයව නැගෙනහිර පලාතේ ආන්ඩුකාරවරිය ලෙස පත් කරන්නේ නැගෙනහිර පලාත සිහලකරණය කිරීමේ වැඩේටය. සහායට ඩැනී ලෙස පත් කරන්නේ වියත් මගේ ප්‍රභල සාමාජිකයෙක් වූ මහාචාර්ය මනතුංග උන්නැහේය.


උන්ගේ එක වැඩක් වූයේ රජකාළේ සිස්ටම් අනුගමනය කරමින්... ගම් නියම්ගම් සාංඝික කිරීම හෙවත් පන්සල් වලට පූජා කිරීමය. ඉන් කෙළවූයේ පරම්පරා ගනන් කුඹුරු අස්වැද්දූ ගොවීන්ට, තම වගා ඉඩම් අහිමි වීමය. ඒ සියල්ල සිඳු කළේ පුරාවිජ්ජා පනතට මුවා වෙමින්ය. සමහරක් සංඝයෝ ඒ කුඹුරු ගොවීන්ට කුළියට දී හොඳ ගානකුත් කපා ගත්තේය.


දේශපාලන වශයෙන් ඔවුන්ගේ මතය හා එකඟ නොවූවද, සානික්‍ය රාසමානික්කම් පාර්ලිමේන්තුවේ හැමදා ගිරිය යටින් කෑ ගැසුවේ... මේ දෙදෙනාගෙන් ඔහු නියෝජනය කරන ජනතාවට සිඳුවන අසාධාරණයන් ගැනය. එහෙත් මැති ඇමතිවරුන් පවා ඔහුව බයිට් එකට ගත්තා මිස... ජනතාවගේ ප්‍රශ්ණ විසඳුවේ නැතිය.


අවසානයේ ඔවුන්ගේ නායකයින් හා එක්ව ජනාධිපති වෙත මෙම ජනතා ප්‍රශ්ණ රැගෙන යන්නේය. නැගෙනහිර ආන්ඩුකාරිවරියට බඩු බනිස් වන්නේ ඒ හේතුවෙන්‍ය. 


වැල් පාලමේ යමින් සිටිනා ගෲෂා ලෙස රඟමින් සිටින රනිල් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අසඩක්ගේ චරිතයට පණ පොවන්නේ මේ අතරේය. හුණුවටයේ කතාවේ දරුවා වන්නේ අසාධාරණයට ලක් වූ ද්‍රවිඩ ජනතාවය.


රනිල් වික්‍රමසිංහ හිස්ටරි ලැක්චර් එකක් සමඟ පුකෝගේ රෙදි ගලවා දමන්නේ සියල්ලන් ඉදිරියේය. පුකෝගේ කරුමය වූයේ පුකෝ හිතන්නට ඇත්තේ රනිලුත් රාජපක්ෂලා වාගේ හාල්පාරුවෝ ලෙස අන්දන්නට හැකියැයි කියලාය. රෙද්දේම රෙවුනු ඔහු හැම ඉදිරියේ පොරොන්දු වන්නේ ... අලුතෙන් සිට වූ මායිම් ගල් ගලවා දමනා බවය.


එසේ කියූ ඔහු එලියට විත් ඉල්ලා අස්වූයේ තව දුරටත් කලසන් කෝට් ඇඳගෙන ඒ පුටුවේ ඉඳගන්නට බැරි නිසාය. ඒ හෙතුවෙන් පුපේ ඉත්තෑවන් දිවිය යුත්තේ අමු ජාතිවාදී බයියන්ගේ වූවද...


ඉන් මල පැන ඇත්තේ.. එදා රනිල්, මංගල, චන්ද්‍රිකාලා ගෙනා ICCPR ... ජිනීවා කොන්වෙන්සොන්, හියුමන් රයිට්ස්, ප්‍රෙස් ෆ්‍රඩොම්, ෆ්‍රී එක්ස්ප්‍රෙසොන්.. මයිනොරොටි රයිට්ස්.. වලට හුරේ දැමූ ලිබ්බන්ටය...


දැන් උන් ඉන්නේ කාගේ පැත්තේද කියා උන් දන්නේත් නැතිය. ගෝල්ෆේස් කූඩාරම් අස්සේ එක එකා එක්ක නිදි වැදිලා උන් දැන්නේ ඉන්නේ සංක්‍රාන්ති ලිංගිකයින් වෙලාය. 


දෙවියනි ඔවුන් කෙරේ අනුකම්පා කළ මැනව...

අපි ඔවුන් වෙනුවෙන් යාඤා කරමූ...


ආ... මේන්...!


.

19 comments:

  1. ලිබ්බො සහ ෆෙඩරල් ක්‍රමයට කඩේ ගිය උන් වගේම අරගලය කාලේ ටෝක්ස් දීල ආපු ගොඩක්ම හාල්පාරුවන් ගැන කියපු කතාව සම්පූර්ණ ඇත්ත බන්, ඇයි මාලිමාවේ උනුත් දැන් ආතක් පාතක් නැතුව බයිල ගහනවා නේද?

    රාසමානික්කම් ගැනත් කියන්න තියෙන්නේ ඌ ගෙනාවේ රාජපක්ෂ කල්ලියෙන් දැන් ඌ ඉන්නේ ටී එන් ඒ එකේ ඌ ගොඩක්ම වෙලාවට රාජපක්ෂලා සහ රනිල්ලා අර පැත්තට යවපු ට්‍රෝජන් අස්සයෙක් වෙන්න ඉඩ තියෙනව සෑහෙන්න දුරට ඔහොම ගිහින් ඌ ටී එන් ඒ එකේ ලොක්ක වෙයි කියල හිතන්න පුළුවන්. එහෙම නේද?

    ReplyDelete
  2. ඔය ටොක්සික් අරගලියන්ස් සහ අනිත් ජඩමාධ්‍ය ජඩයින් කියන ගොන් මීහරක්ට සාකච්ඡාවට භාජනය කරන්නට සුදුසු මාතෘකා මොනවත් නෑනේ ඒකයි ඔය සේරටම හේතුව ඔය යක්කු ගහපු බයිලා 2015 දී කිව්වා රාජපක්ෂලාට ලැම්බෝගිනි තියෙනවා කිව්වා. අම්මපා කියලා දිවුරලා බොනිකර තරු කෙබර කුමාර වරායට ලැම්බෝඛිනි 19ක් ගොඩ බෑවා කිවුවා. අන්තිමට සිරසට ඇවිත්
    පස්සෙ ඒ කතාව කියපු කෙනාම (කයියනායක) කියනවා ලැම්බෝගිනි ගැන එයා කිවුවෙ නෑ කියලා. වීඩියෝ දර්ශන තියෙනවා ඔය දෙකේම ඊළඟට පුටින්ට ගහපු මඩක් ලංකාවට පරිවර්තනය කරලා මෙහෙත් රත්තරන් අශ්වයෝ ඉන්නවා කිවුවා. ලංකාවේ බියගම නෝට්ටු මුද්‍රණය කරන විදේශීය Thomas De L Rue සමාගම උගන්ඩාවේ රජයේ කොන්ත්‍රාත්තුවකට අනුව එරට මුදල් ඒකකයෙන් උගන්ඩා ෂිලිං මුද්‍රණය කර නෝට්ටු තොගයක් එහෙට යවපුවාම රාජපක්ෂ හොරාකාපු සල්ලි ඔන්න උගන්ඩාවට පටවලා කියලා හොරාකාපු සල්ලි ගැන අමුතුම පද හදල කිවුවා.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා අර අරගලය වෙලාවෙ ඔය ගණන් බැරි ගොන් යක්කු අහිංසක තරුණ තරුණියෝ අතට බෝඩ් එකක් ඩිජිටල් තාක්‍ෂණයෙන් ප්‍රින්ට් කරලා දීල රාජපක්ෂලා හොරකම් කරපු ප්‍රමාණය කියලා බැනර් එකක් අල්ලන් ඉන්නවා අම්මෝ ඒකෙ තිබ්බ බින්දු ගොඩ 🤣🤣🤣 මම ගණන් හදලා බැලුවා ඒකෙ තියෙන විදියට මුළු ලෝකෙම සල්ලි වලට අරන් අගහරු ලෝකෙනුත් ඉඩම් ගන්න පුළුවන්. කාටද මේ බොරුව කරන්නෙ.

      ඇත්තටම රාජපක්ෂ පවුල හොරකම් කරපු ගාන හරියට හොයලා ඒක නැවත ලංකාවට අයකරගෙන කටයුතු කී යුතුයි, අපි හැමදාම කියනවා ඔය රත්තරන් අශ්වයෝ උගන්ඩාවෙ සල්ලි ලැම්බෝගිනි බයිල වෙනුවට සාක්ෂි සහිතව හොරකම් කලා කියන ඒවා නිවැරදිව විමර්ශන කරලා ඒවා
      ඔප්පු කරන්න නිකන් වේදිකාවල සමාජ මාධ්‍යවල බොරුවට කෑ ගහලා වැඩක් නෑ. ඒ නිසා ඔය චෝදනා හරිය්ද්ටම ඔප්පු කරන්න. ඊට පස්සේ උන්ට මොන මගුල කලත් කමක් නෑ, අනික මෙහෙම අභියෝග කලාම කිසිම තේරුමක් නැති පුස් වචන කියලා හෙමින් ලිස්සලා යනවා.හැබැයි චෝදනා ඔප්පු කරන්නෙ නෑ.නිකාන් හොරු කිය කිය ඉන්නවා විතරයි. ඇති වැඩේ මොකද්ද කාටවත්ම වැඩක් නෑ කාල නාස්තියක් ඊට පස්සේ චෝදනාව බොරු කියන්න පුළුවන්, එතකොට ඇත්ත හොරකමුත් බොරු ප්‍රචාර කියලා උන්ට බේරෙන්න පුළුවන් එච්චරයි.

      Delete
  3. මම මගේ ෆෙස්බුක් එකේ කිසිම දේශපාලනයක් ගැන කතා කරන්නේ නෑ. පොදුවේ දේශපාලුවන්ට බැන්නොත් මිසක් කිසිම පක්ෂයක් හා පුද්ගලයෙක් ගැන අදහස් දක්වන්නේ නෑ. මාව කිසිම දේශපාලන පොස්ට් වලට ටැග් කරන්නත් එපා කියලා කියනවා. මගේ දේශපාලනය මගේ හිතේ පමණක් තියාගෙන ඡන්දයකදි පමණක් යොදාගන්නවා.

    ReplyDelete
  4. ඇමරිකන් ධනවාදය මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී. ඇමරිකන් ධනවාදී සමාගම් කිහිපයකගේ උවමනාව මත අන්ත දුෂිත මැතිවරණ ක්‍රමයක් පවත්වාගෙන යන ඇමරිකන් ධනවාදය පරදවමු.

    රිපබ්ලිකන්වරුන්ගේ විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ කොන්දේසි විරහිත සහය ලබා දෙමු. හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් ඇමරිකාවේ සමාජවාදය ගොඩනගමු.

    ReplyDelete
  5. මාතේ යමෙකු ලියන, අඳින, නිමවන දේ අයිතිය ඇත්තේ ඒ අයටයි. අර කියන අපතයන් පිරිස පරස්පර අදහස් කියා ඔබ කියන්නේ විචාරය සම්බන්ධයෙන් පමණයි නේද?

    හැබැයි නිර්මාණයත් ශ්‍රමයේ ඵලයක්. එයට වටිනාකමක් තිබිය යුතුයි. කැමති නම් නොමිලේ දීම වෙනම කතාවක්.

    ReplyDelete
  6. _Forwarded many times_

    *දොස්තරගේ හිසට පිස්තෝලය එල්ලකොට ශල්‍යකර්ම සිදුකරවන පාලකයෙක්..........*

    පසුගිය අප්‍රේල් 20 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍යාංශ තුනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කැඳවා තිබුණි . උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණුවලට අදාල න්‍යාය පත්‍රයේ එක් අංගයක් වූයේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවයි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් පිළිතුරු පත්‍ර පරීක්ෂණ කටයුතු වලින් ඉවත් වී මේ දිනවල සිය රැකියාවට අදාල දේශන කටයුතු වල පමණක් නිරත වෙති. උසස් පෙළ හෝ වෙනත් භාහිර විභාග උත්තර පත්‍ර පරීක්ෂාව ඔවුන්ගේ රැකියාවේ කොටසක් නොවෙයි. මෙතෙක් කාලයක් ඔවුන් ඒ කටයුතු වල නිරත වූයේ එය ඔවුන්ගේ සමාජ වගකීමේ කොටසක් හැටියට මිස කාගේවත් බල කිරීමක් මත නොවෙයි.

    *ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තර්ජනය*

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග අමතා ඉංග්‍රීසි භාෂාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශයේ සරල සිංහල තේරුම මෙසේය.

    "ගිය වර්ෂයේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරික්ෂා කල විශ්වවිද්‍යාල පරීක්ෂක/ආචාර්ය වරුන් මේ වර්ෂයේ ද උත්තර පත්‍ර පරීක්ෂාවට පැමිණීම අනිවාර්යයි. එසේ නාවොත් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර, නොඑන ආචාර්ය වරුන්ට විරුද්ධව නඩු දමා හිරේ දැමීමට අමතරව දේපළ රාජසන්තක කිරීමටත් කටයුතු කරනවා (I will prosecute them all and take their property, also.)"

    ප්‍රතිත්‍රස්ත පනත ඒමට පෙර ජනාධිපති මෙසේ හැසිරෙයි නම් එය සම්මත වීමෙන් පසු කොහොමට හැසිරෙයිද? එම රැස්වීමේ සිටි සමහරුන් ජනාධිපතිගේ එම ප්‍රකාශය අනුමත කරන බවක්ද පේන්නට තිබුණි. ලංකාවේ රාජ්‍ය නිළධාරීන්ගේ ස්වභාවය එයයි. මන්ද ඔවුන් කිසි විටෙක ඔවුන්ට ඉහළින් සිටින කිසිවෙක් ප්‍රකාශ කරන යමක වැරැද්ද පෙන්වා දීමට ඉදිරිපත් නොවෙති .

    ReplyDelete
    Replies


    1. *කම්කරු නීති කතා කිරීම තහනම්*

      එම සාකච්ඡාවේ සිටි එක් නිළධාරීයෙක් පමණක් කම්කරු නීතිය ගැන යමක් ප්‍රකාශ කරණු ඇසිණි. එයට ජනාධිපති වරයා දුන් පිළිතුර යූයේ " මොන කම්කරු නීතියක් ද? ඒවා අදාළ නැහැ . ඒවා එන්නේ පස්සේ. මෙතන ඒවා කියන්න එපා" කියාය. මට කනගාටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ගැනය . ජනාධිපති කියන්නාවූ සියළු දේට ඔලුව වනමින් ඒවා අනුමත කරමින් සිටියේ හරියට පන්සලේ ඇබිත්ත කොළුවා ලොකු හාමුදුරුවන් ඉදිරියේ හැසිරෙන ආකාරයටය. දේශපාලන පත්වීම් ලැබූ විට එසේ හැසිරීම හැර වෙන මොනවා කරන්නද? ඔහුගේ වගකීම වූයේ එසේ බලහත්කාරයෙන් මෙම කටයුත්ත කල නොහැකි බව ජනාධිපතිට පැහැදිලි කර දීම නොවේද? ඔවුන්ට එසේ කිරීමට තරම් ආත්ම ශක්තියක් හෝ කොන්දක් නැත.

      *පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිතුරු පත්‍ර පරීක්ෂාවට*

      උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පාර්ලිමේන්තුවේ සිටින සනත් නිශාන්ත, චාමර සම්පත් දසනායක , රෝහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අළුත්ගමගේ , ලන්සා, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සාගර කාරියවසම් , වැනි මන්ත්‍රීවරුන්ට උවද කල හැකි බව මුහුණු පොතේ යමෙක් ප්‍රකාශ කොට තිබෙනවා දුටිමි. එය කුමන අරමුණක් ඇතිව පල කලේද යන්න මම නොදනිමි . සත්‍ය ලෙසම එය එසේ සිදු වුවත් පුදුම නොවිය යුතුය. ලංකාවේ හැටි එහෙමය. යමක් කමක් තේරෙනවා ඇතැයි සිතෙන පුද්ගලයන් පවා සමාජ මාධ්‍යයේ ප්‍රකාශ කරන්නේ " විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැරි නම් පුළුවන් එකෙකුට දී ඒවා බලවා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරපල්ලා" කියාය. මෙසේ කියන මෝඩ පිරිස් වලට අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද?

      *වෛද්‍යවරයාගේ හිසට පිස්තෝලය තබා ශල්‍යකර්මය කරවීම*

      ශල්‍යකර්මයක් සිදු කිරීමේදී කැපිය යුතු නහරය කුමක්ද යන්න දන්නේ වෛද්‍ය වරයා මිස වෛද්‍ය වරයාගේ හිසට පිස්තෝලය එල්ලකරගෙන සිටින වෙඩික්කරු නොවේ. වෛද්‍ය වරයාට අවශ්‍ය නම් ප්‍රධාන ලේ නහරයක් වුවද කපා දැමි‍ය හැකිය. ලේ ගොස් රෝගියා මිය යෑමට වුවද ඉඩ ඉඩ හැරිය හැක. නැති නම් සදාකාලික අබ්බගාතයකු වුවද කල හැක. ශිල්පය දන්නේ වෛද්‍ය වරයා ය.

      විභාග උත්තර පත්‍ර පරීක්ෂාවත් ඒ හා සමානය. එය සංකීර්ණ ක්‍රියාවලියකි. උත්තර පත්‍ර පරීක්ෂාව කෙතරම් සුපරීක්ෂාවක් යටතේ කල යුතු ද යන්න දන්නේ එවැනි අත්දැකීම් තිබෙන පුද්ගලයන් මිස පිනට බලයට ආ දේශපාලකයින් හෝ ඔවුන් කියනා දේ අසා ප්‍රමෝදයට පත් වන ගැලරියේ පිරිස් නොවන බව කිව යුතු ය. පරීක්ෂකවරයාගේ ඔලුවට පිස්තෝලය තබා උත්තර පත්‍රය පරීක්ෂා කරනු කීවද, නිවැරැදි පිළිතුර කුමක්ද යන්න පිස්තෝල කරු නොදනී. එම නිසා ජනාධිපතිගේ ත්‍රාඩ වචන ගැලරිය පිනවීමට සුදුසුය. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට එය පයිසයකට වත් වැදගත් වන්නේ නැත.

      *අනියම් කම්කරුවාගේ ආදායම සහ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක අතර වෙනස*

      උත්තර පත්‍ර පරීක්ෂාවේදි, ප්‍රශ්න පත්‍රය සකස් කල ජ්‍යෙෂ්ඨ ආචාර්ය/මහාචාර්යවරුන් පාලක පරීක්ෂක වරුන් හැටියටත් අනෙකුත් සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් යනාදි වශයෙන් කටයුතු කරන්නේ ප්‍රශ්න පත්‍රය සැකසීමට මැදිහත් වූ අනෙකුත් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්‍ සහ විභාග කටයුතු පිළිබඳ වර්ෂ කිහිපයක පලපුරුද්ද තිබෙන ආචාර්ය වරුන් බව බොහෝ අය නොදනී. පාසැල් ගුරුවරුන් වැඩි පිරිසක් සම්බන්ධ වන්නේ උත්තර පත්‍ර ලකුණු කිරීම සහ තවත් පරිපාලන කටයුතු සඳහා ය.

      විභාග කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස එකහමාරක් වැනි කාලයක් ගත වේ. දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයකදී පිළිතුරු පත්‍ර පරීක්ෂාව සිදුවේ. බොහෝ පරීක්ෂකවරුන් සැතැපුම් සිය ගණනක් දුර සිට උදේ සවස කෝච්චියේ හෝ බස් රථයේ පැමිණ රාජකාරිය කරන අවස්ථා අනන්තවත් අප දැක ඇත . පෞද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වියදමක් දැරීමට අද කාලයේ නොහැකි අතර පරීක්ෂක වරයෙකුට ලැබෙන්නේ ඔය සම්පූර්ණ කාලයටම රුපියල් 35000-50000 අතර මුදලකි. කම්කරුවෙක් දිනකට රුපියල් 3000/- උපයද්දී දවස් 45-60 පමණ කාලයක් ගමන් වියදම් සහ අනෙකුත් වියදම් සියල්ල දරාගෙන පැමිණෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට ලැබෙන්නේ රුපියල් 50000/- ක් නම් ඔබට හැඟෙන්නේ කුමක් ද? රටේ බොහෝ අය මේවා පිළිබඳ නොදන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ඔවුන්ට ලැබෙන සොච්චම් දීමනාව ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීම නිසාය.

      *විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාව සමාජ වගකීමකි*

      විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් මෙය ඉටු කරන්නේ මුදල් ඉපැයීමට නොවන අතර හුදෙක්ම එය ඔවුන්ගේ සමාජ වගකීමක් හැටියට සලකා චිරාත් කාලයක් තිස්සේ කරගෙන ආ කටයුත්තක් නිසාය. ඊට අමතරව , ඔවුන් මේවා හරහා රටේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපන තත්ත්වය , පවතින විශමතා, දත්ත , තොරතුරු රාශියක් එකතු කරගැනීමට මෙය අවස්ථාවක් කර ගනී. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ඒවා ඔවුන්ට ප්‍රයෝජනවත් වේ. එහෙත් දේශපාලකයින් සහ ඔවුන් කියනා ඕනෑම පල් හෑලි විශ්වාස කරන සමහරුන් හිතන්නේ මෙය ඕන Tom, Dick or Harry කෙනෙකුට කල හැකි රාජකාරියක් බවයි.

      Delete


    2. *ජනාධිපති වික්‍රමසිංහ තීරණ ගන්නේ මරියකඩේ චොප්පේ වගෙයි*

      රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා රටේ විභාග කටයුතු පිළිබඳ තීරණ ගන්නේ මරියකඩේ චොප්පේ ලෙසය. සමහර විට එයට හේතුවක් ඇත. චොප්පේගේ පුතා අද රනිල් වික්‍රමසිංහගේ මැර වැඩ කොන්ත්‍රාත් කරන්නා බව කොළඹ නගරයේ බොහෝ අය ඉතා හොඳින් දනී. ජනාධිපති වික්‍රමසිංහ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පිළිබඳ මලපොතේ අකුරක් නොදන්නා බව මෙම සාකච්ඡාවේදී පැහැදිලි විය. විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරයාද කසාය බිවූ ගොළුවන් සේ සිටින බවක් නිරීක්ෂණය විය.

      ජනාධිපති ලේකම් සමන් ඒකනායක පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීයෙකි. ඔහු නිළධාරීයෙක් හැටියට අන් අයට සාපේක්ෂව තම ගෞරවය ආරක්ෂා කරගත් නිළධාරියෙකු බවද කිව යුතුය. ඔහු පරිපාලන සේවයට පැමිණි කාලයේ සිට මා ඉතා හොඳින් දන්නා මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෙකි.

      සාගල රත්නායක යනු පරාජිත දකුණු පළාත් මන්ත්‍රී වරයෙක්‍ ය. ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ සමීපතමයෙකු වීම නිසාත් , ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාද වී ප්‍රධාන ගනන් තැබීමේ නිළධාරියා වන ජනාධිපති ලේකම් සමන් ඒකනායක දෙවෙනි පුටුවට තල්ලු කර සිටිනු දකින්නට තිබුණි.
      පාලකයා වටේ එකතු වී සිටින ගිජු ලිහිණියන් කරන්නාවූ දූෂණ , වංචා , කොමිස් ගනු දෙනු කවදා හෝ විමර්ශනයට ලක්වීමේදී, සමන් ඒකනායක ලේකම් වරයාටත් විත්ති කූඩුවට නැගීමට සිදුවුවහොත් එය දෛවයේ සරදමක් වනු ඇත.

      *උත්තර පත්‍ර පරීක්ෂාව අත්‍යාවශ්‍ය රාජකාරියක් කල හැකිද?*

      උත්තර පත්‍ර පරීක්ෂාව අත්‍යාවශ්‍ය රාජකාරියක් කිරීමට විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පත්වීම් ලිපියේ හෝ රැකියාවට අදාළ වගකීම් පත්‍රිකාවේ (Job Description ) සඳහන් වගකීමක් නොවන බව ජනාධිපති නොදනී. මෙම කාර්ය සඳහා පත්වීමේ ලිපියක් එවන්නේ විභාග කොමසාරිස් ජනරාල් වන අතර , අදාළ රාජකාරිය භාර ගන්නවාද නොගන්නවාද තීරණය කිරීම අදාළ පරීක්ෂක වරයාගේ ස්ව කැමැත්ත මත තීරණය වේ. පරීක්ෂකවරයාට කිසියම් බැඳියවක් ඇත්නම් , උදාහරණයක් හැටියට දරුවකු, ඥාතියකු හෝ ඔහුට සමීප යමෙක් විභාගය ලියා ඇත්නම් අනිවාර්යයෙන්ම උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ප්‍රතිකේෂ්ප කල යුතුය. එය ජනාධිපති දන්නා බවක් නොපෙණිනි. රනිල් වික්‍රමසිංහ නොදන්නා ප්‍රධානම කරුණ නම් විශ්වවිද්‍යාල රජයේ ආයතන නොවන බවයි. ඒවා ස්වාධීන ආයතන (Autonomous Bodies ) වන අතර උප කුලපති වරයාට උවද ආචාර්ය වරයෙකුට අනවශ්‍ය බලපෑම් කල නොහැක.

      Delete


    3. *විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ඉල්ලීම*

      විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ඉල්ලන්නේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ දැමීමක් හෝ වෙනත් අමතර දීමනාවක් නොවෙයි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ උපයන විට ගෙවීමේ බදු (PAYE) ප්‍රතිශතය සාධාරණ ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරන ලෙස පමණයි. රටේ මිලියන බිලියන ගණනින් ආදායම් උපයන ව්‍යාපාරිකයන් හට ඔවුන්ගේ ලාභය මත 30% බද්දක් ගසන විට විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකුට 36% ක බද්දක් ගෙවීමට සිදුවීම සාධාරණ නොවන බව කිව යුතුය. බදු, ණය වාරික, වාහන ලීසිං යනාදිය කැපී යාමෙන් පසු ඔවුනට ලැබෙන වැටුපෙන් සිය දරු පවුල නඩත්තු කල නොහැකි බව ඔවුන්ගේ දුක් ගැනවිල්ලයි. එහෙත් පාලකයා ඒ ගැන කතා නොකොට පිස්තෝලය ඔලුවට එල්ල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දැනට ඉතිරි වී සිටින විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ද රට හැර යන තැනට පත්කිරීමට මග පෑදීම ද?

      *වර්ජන කරන්නන් අතුරුදන් කිරීමේ ලංකාවේ ඉතිහාසය*

      රටේ ආණ්ඩු කරන දේශපාලකයින් සහ සමහර ජනයා කියන්නේ උත්තර පත්‍ර පරීක්ෂක වරුන් කුදලං ආ යුතු බවකි. ඒ ඔවුන්ගේ අවබෝධයේ තරමයි. මන්ද ලංකාවේ එවැනි අත්දැකීම් ඕනෑ තරම් ඇත. මාගේ මතකයේ හැටියට ජනාධිපති ආර් ප්‍රේමදාස මේ සඳහා වාර්තා තබා ඇත. 1989 මැයි මාසයේ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති විජය සමරවීර අතුරුදන් විය . අදටත් ඔහුට මරණ සහතිකයක් නැත . ඒ වගේම පී. මහේස්වරන්, ප්‍රධාන ලේකම් ලංකා වෙළෙඳ සහ පොදු සේවක සංගමය . ඔහු අතුරුදන් කලේ 1989 ජුනි මාසයේ ය. ඒ වගේම ඒ. එම් පද්මසිරි , ප්‍රධාන ලේකම් කම්කරු වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ 1989 සැම්තැම්බර් සේවයට ගිය පසු අද දක්වා නිවසට පැමිණ නැත. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් කේ. ගනේෂලිංගම් 1989 සැප්තැම්බර් සිට ආගිය අතක් නැත. ලංකා බැංකු සංගමයේ ප්‍රධාන ලේකම් ආර්. එම්. ජයවර්ධන 1990 බැංකුවට ගිය ගමන් අද වෙනකන් නිවසට පැමිණ නැත. එම රජයේ කර්මාන්ත ඇමැති රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති ලද අත්දැකීම් ක්‍රියාවට නැගීමට සූදානම් වන්නේ ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කරගෙන නීත්‍යානුකූලවම සේවකයින් අවුරුදු 20ක් හිරේට දමා දේපළ ද අත්පත් කරගැනීමට ය.

      මෙවැනි පාලකයන්ගේ විහිළු බැලීමට ලංකාවේ ඉපදීමද එක්තරා ආකාරයක දෛවයේ සරදමකි. ජනයාට පාට් දාන පාලකයන් හිතන්නේ හමුදාව පොලීසිය යොදා සියළු දේ කල හැකිය කියාය. එසේ හිතූ පාලකයන්ට මහජන බලය ඉදිරියේ පන බේරා ගැනීමට සැඟවීමට සිද්වුනේ මහ මුහුදේ නාවික හමුදා නැවක බව අමතක නොකළ යුතුය. එය නැවත නැවතත් සිදුවිය හැක. එතෙක් සීරුවෙන් හා ඉවසීමෙන් කටයුතු කරමු.

      *ශාන්ත ජයරත්න*
      ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

      Delete
    4. ව්‍යාපාරිකයා මුහුණ දෙන්නේ ව්‍යාපාරික අවදානමකට. ඒ වගේ දේකට ආචාර් ය වරයා මුහුණ දෙන්නෙ නෑනේ. ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරය මුළු කාලෙම කරන්න ඕන. ඒත් ආචාර් ය වරයා තමන්ගේ කාල සටහනට වැඩ කරන්නේ (කරනවා නම්). ඒ අතර පුද්ගලික සරසවිවල, තමන්ගේ ආයතනයේම M.Sc,වල උගන්වලා ලැබෙන සල්ලි,ප්‍රශ්න පත්‍ර බලලා ලැබෙන සල්ලි, research supervise කරලා ලැබෙන සල්ලි.grants ඕවා ව්‍යාපාරිකයට නෑ. කී දෙනෙක් තමන්ගේ time table එකේ lecture වත් තමන්ම කරනවද? ඒවා demo,tutor ලව්වා කර වන්නෙ නැද්ද? තමන්ගේ හරි කාල සටහනට lecture කරන්නෙ නැතිව semester ඉවර වෙන්න ළං කරලා එක දිගට කරන්නෙ නැද්ද? සරලවම කිව්වොත් ව්‍යාපාරිකයාට තමන්ගේ ව්‍යාපාරය ගැන තියෙන කැක්කුම මෙයාලට ආයතනය ගැන තියෙනවද?
      අනික කම්කරුවා ඒ ගාණ හම්බ කරන්නෙ මාසෙම ඒ වැඩේ කරලා. ඒත් ප්‍රශ්න පත්‍ර බලන එක ඒ වැඩේ විතරයි. අවුරුද්ද පුරාම ඒක විතරක් කර කර මාසෙට පඩියක් දෙන එකක් නෙවෙයිනේ.

      Delete
  7. මෙතැනදී මාතලන් ට එකඟයි. මට මගේම යාලුවෝ ලියන ඒවා අදහගන්න බැරිව ඉන්නේ. 😀

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ ලංකාවේ දේශපාලනය ගැන කියන අය සමාජ ජාල වල ලියන අය බහුතරයකට තියෙන එකම ප්‍රතිපත්තිය තමයි කිසිම ප්‍රතිපත්තියක් නැති එක.. තමන් කඩේ යන කට්ටිය කරන හැමදේම හොඳම දේවල් කියලා අනුමත කරන ගමන් තමන් වෛර කරන උන් කරන හැමදේම සම්පූර්ණයෙන්ම වැරදියි. උදාහරණ විදිහට පහුගිය කාලේ එම් සී සී එක යූඑන්පී එකේ රජයක් යටතේ කරොත් 100% හොඳම විසඳුමක් ඒත් රාජපක්ෂ රජය කලොත් රට බෙදෙන අතර රට විනාශයට පත්කරන බව කියනවා, ඕකේ විරුද්ධාර්ථයත් ඔහොම තමයි, ජෙප්පෝ කියන්නේ ලොකුම වහල්ලු, උන්ගේ ලොක්කන්ගේ සහ පක්ෂය සමග ඉන්න බව කියන උන්ගේ රෙදි සෝදන එක ලොකුවටම කරන්නේ මාලිමා වහල්ලු, රාජපක්ෂ වහල්ලුත් ඒ වගේම මැදමුලන රෙදි හෝදනවා, හැබැයි බැලුවම පේනවා රාජපක්ෂලාට චෝදනා කරන්නේ එකම සෙට් එකක්, හැබැයි ඒ චෝදනා බොරු නම් රාජපක්ෂලාට පුලුවන් නීතිය මගින් ක්‍රියා කරන්න
      එහෙම කරන්න ඔවුන්ට උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ.

      ඒ වගේම චෝදනා ඔප්පු කරන්නත් චෝදනා කරන එවුන්ට බෑ.

      ඒ වගේම රාජපක්ෂලා ගෙ හොඳ තියන්නෙත්
      එකම සෙට් එකක්.උන් හැමදාම ඔවුන්ට කඩේ යනවා.
      අන්තිමට බැලුවම මුං ඔක්කොම අපිව අන්දනව. 🤔

      Delete
  8. මගේ මහත්තයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා.එයා ගෙදරින් ගියා.අපි ඉන්නේ කොළඹ.අපිට මාස 5,අවුරුදු 2 යන බබාලා දෙන්නෙක් ඉන්නවා.මට ගෙයක් හිමියි.මම උසස් පෙළ දක්වා කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබුවා.උසස් පෙළ සමත් වුවත් විවාහා වූ නිසා උසස් අධ්‍යාපනය නවතා දැමුවා.අපි එක වේලයි කන්නේ.ලොකු දරුවා පවා රෑට පමණයි කන්නේ.හැමදාම රෑට බත් ටිකක් ඉතිරි කරගෙන ඊළඟ දවසෙම කන්න දෙනවා.මාගේ නිවසෙහි ඔප්පුව අපි ළග නැහැ,ඔප්පුව උකස් තිබ්බා.ඔප්පුව ඔක්තෝම්බර්වල සින්න වෙනවා.මට ඒක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද තව කල් ඉල්ලලා.?මෙහෙන් එලියට දැම්මොත් පාරේ තමයි ඉන්න වෙන්නේ.මට ඔප්පුවේ පොලී මුදල ගෙවා ගෙන යාමට සහ දරුවන්ට කන්න දෙන්න ස්වයං රැකියාවක් තිබේනම් කියන්න. තවද දරුවන් දෙදෙනා හදා ගන්න දෙන්න ඕන පිලිවෙළ කියා දෙන්න.දැනට මට සියදිවි හානි කර ගැනීමට පවා සිතෙනවා. කරුණාකර උදව් කරන්න

    ReplyDelete
  9. දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජයමංගල හඬ දේ..
    කුරුප්පු..කුරුප්පු
    කුරුප්පු ..කුරුප්පු
    කුරුප්පු..කුරුප්පු
    කුරුප්පු ..කුරුප්පු !

    Cow ද කුරුප්පු?

    ReplyDelete
  10. අද LPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වූ ආකාරය ගැන මාතලන් විවේචනයක් ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි?

    මොකද මෙවර මේ LPL තරගාවලිය ඉන්දියාවේ IPL තරගාවලියේ ආකෘතියට අනුගත කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළාට පස්සේ පැවැත්වෙන පළමු ක්‍රීඩක වෙන්දේසිය. ඒ නිසා ම තරගාවලි සංවිධායකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන අභියෝගයත් සුළුපටු නැහැ.

    මේපාර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 500ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අතරින් වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයන් 156ක් සහ දේශීය ක්‍රීඩකයන් 254ක් ඉදිරිපත් කරන්න නියමිතයි.

    ඒ වගෙම මින් පෙර පැවති තරගාවලිවලට සාපේක්ෂව ක්‍රීඩකයන්ට ගෙවන මුදල් වැඩි කිරීමටත් තරග සංවිධායකයන් තීරණය කරලා.

    හැබැයි එකදු පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකුට පවා ඩොලර් 5000ක මූලික වටිනාකමක් (Base price) දීලා තියෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් රුපියල් ලක්ෂ 15ක් පමණ වන මුදලක්.

    තව ඩොමෙස්ටික් තරග 25කට වඩා වැඩියෙන් ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙකුට ඩොලර් 10,000ක මූලික වටිනාකමක් ලැබෙනවා. ඩොමෙස්ටික් තරග 50කට වඩා ක්‍රීඩා කරලා, ජාතික කණ්ඩායමේ වරම් නොලැබු ක්‍රීඩකයන්ට ඩොලර් 20,000ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි විය හැකියි.

    මෙය මෙතෙක් කාලයක් ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කරලා, ජාතික කණ්ඩායමට අවස්තාවක් නොලැබුණු ක්‍රීඩකයන්ට මෙවැනි වටිනාකමක් ලබා දීම ඉතාම හොඳ ඒ වගේ ම නිර්භීත තීරණයක්. සිය ජීවිතය ක්‍රිකට් ක්‍රීඩාවට ම වැය කළත් ජාතික කණ්ඩායම හෝ විදෙස් ලීගවල අවස්ථා හිමි නොවන මෙරට පළමු පෙළ ක්‍රීඩකයන්ට මෙවැනි අවස්ථාවක් හිමි වීම වටිනවා.

    ඔය ක්‍රීඩකයන් මිල දී ගැනීම වෙනුවෙන් කණ්ඩායමකට ඩොලර් මිලියනයක මුදලක් වැය කළ හැකියි. එයින් ඩොලර් ලක්ෂ පහක් වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් හතරදෙනෙකු සමග ගිවිසුම් ගත වීමටත්, ඩොලර් ලක්ෂ පහක් වෙන්දේසියේ දීත් භාවිතා කළ හැකියි.

    මෙහිදී දැනටමත් කොළඹ කණ්ඩායම බාබර් අසාම්, නසීම් ෂා, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සමඟත්,දඹුල්ල කණ්ඩායම මැතිව් වේඩ්, ලුන්ගි න්ගිඩි, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සමඟත්,
    ජැෆ්නා කණ්ඩායම ඩේවිඩ් මිලර්, රාහ්මනුල්ලා ගුර්බාස්, තිසර පෙරේරා සහ මහීෂ් තීක්ෂණ සමඟත්,
    කැන්ඩි කණ්ඩායම මූජීබුර් රහුමාන්, ෆැකර් සමාම්, ඇන්ජලො මැතිව්ස්, වනිඳු හසරංග සමඟත්,
    ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ශකීබ් අල් හසන්, තබ්‍රේස් ශම්සි, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක සමග ගිවිසුම්ගත වී සිටිනවා.

    කෙසේ හෝ මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසියක් පැවැත්වීම කණ්ඩායම් හිමිකරුවන්ගේ තරගාවලිය උදෙසා පවතින උනන්දුව සහ කැපවීම මැනගන්න හොඳ අවස්තාවක් වේවි.

    තව මින් පෙර පැවැති තරගාවලිවල ක්‍රීඩකයන් ලියාපදිංචියේ දී ඇතැම් කණ්ඩායම් අඩු මුදලක් වැය කළ බව කිය වුණා. ප්‍රසිද්ධ වෙන්දේසියක් පැවැත්වීමෙන් ඒ සියල්ල රසිකයන් ඉදිරියේ හෙළිදරව් වේවි. එමෙන්ම තරගාවලිය අරම්භ වීමට පෙර සිට ම අවදානය දිනා ගැනීමටත් මේ වෙන්දේසිය වැදගත් වේවි.

    ඒ,කොහොම වුණත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාගත් නිර්භීත පියවරක්. මෙවැනි වෙන්දේසියක් සිදු කිරීම පහසු නැහැ. එය ඉතාම අවදානම් සහගත ක්‍රියාවක්. එම නිසා ඔවුන්ට මේ වෙන්දේසිය සාර්ථක කර ගැනීමට පැවරී ඇති වගකීමත් සුළුපටු නැහැ.

    එමෙන් ම කණ්ඩායම් හිමිකරුවන් වසරක් පාසා වෙනස්වීම, තරගාවලිය කණ්ඩායම් පහකට පමනක් සීමා වීම වැනි සාධකත් තරගාවලියේ දියුණුවට බාධාවක්. LPL තරගාවලිය ඊළඟ පියවර නොතබන්න ප්‍රධාන හේතුවත් මේ අඩුපාඩු.

    තරගාවලිය පුරාවට ම එකම පරිපාලනයක්, එකම නමක් යටතේ ස්ථාවරව පැවතියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කෝන්ත්‍රාත්තුවත් අහෝසි කරලා.

    කණ්ඩායම් සඳහා ස්ථාවර හිමිකරුවන් හය දෙනෙකු හොයාගෙන, කණ්ඩායම් හයක් දක්වා තරගාවලිය පුලුල් කළහොත් LPL තරගාවලියට ලෝකයේ හොඳම ලීගයක් වීම අපහසු වෙන එකක් නැහැ. මේ ගැන මාතලන්ගේ අදහස් මොනවද කියල ලියන්න බලන්න.

    ReplyDelete
  11. මාතා බුදුන්ගේ දහම තුල සඳහන් අභිධර්මයේ ප්‍රබලම කොටස් බටහිරයො ෆිල්ම් හදන්න (exp:- metrix, lucy.etc..) පවා යූස් කරද්දී, අධිස්වාභාවික වෙනමම ෆ්ලැට්ෆෝර්ම් ඒ මත පේන්න තියෙද්දි අපි තාම නූගත් උන් වගේ බෞද්ධ සාහිත්‍යයේ කිසිම තේරැමකට නැති කරැනු විවේචනය කරනව. කමක් නැ අපි නූතන උගත් සමාජයේ රැඩිකල් පොරවල් වෙන්න ඕක යූස් කරමූ.❤️👌 ඕකට හරිම වචන ටික කියල අපි උපදින්නටත් කලින් ගුණදාස කපුගේ අංකල්.

    "පිහිටක් නැති සරණක් නැති,
    සතුටක් ඇති මුහුනක් නැති..
    හබලක් නැති ඔරැවක් ඇති,
    මිනිසුන් වෙති වෙරලක් නැති..

    මේ සසර දනව්වේ..
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...

    බුදු හාමුදුරැවනේ..😔"

    ReplyDelete
  12. එක්තරා බිලියනපතියෙක්, තමන්ගේ දේපල වත්කම් සියල්ල විකුණා දමා එයින් කොටසක් තමන්ගේ දරුවන් වෙත පවරා, තමන්ට සහ බිරිදට ජීවත් වීමට අවශ්‍ය තරම් මුදල් රදවා තබාගෙන තමන් උපන් ගමේ කුඩා කල තමන් වාසය කළ නිවසට පදිංචිය සදහා පැමි⁣ණෙනවා,

    එය ඉතාම කුඩා නිවසක්, සහ එයට අයත් කුඩා ගොවිපලක් සහිත එකක්, එම නිවස තමන්ට සහ බිරිදට වාසය කිරීමට සුදුසු මට්ටමට හොදින පිළිසකර කර ගන්නා මෙම බිලියනපතියා ගොවිපලද නැවත සක්‍රීය ගොවි බිමක් බවට පත් කරනවා ....

    යුරෝපයේ ප්‍රභලම රටක අගනුවරක් කේන්ද්‍ර කර ගනිමින් තමන්ගේ ව්‍යාපාර ජාලයක් මෙහෙයවපු මෙම දැවැන්ත බිලියනපති පුද්ගලයා , ඒ සියල්ලම හැරදමා මෙවැනි සරල ජීවිතයක් ගත කිරීම අසල්වැසියන් හැමෝටම පුදුමය දනවන කරුණක් උනා...

    එම නිසා එක අසල්වැසියකු ඔහුගෙන් මෙසේ විමසනවා..

    රොබට් ඔබ ඉතාම ධනවතෙක් ඔබේ ⁣ධවනත්කම කොපමණද කියනවා නම් ඔබට දෙයක් කිරීමට සිතෙන්න පමණයි අවශ්‍ය , එය කිරීමට ඕන කරන සියලුම දේවල් ඔබ සතු වනවා,,

    ලෝකයේම සුප්‍රසිද්ධ අති නවීන පහසුකම් සුවපහසුකම් වලින් සමන්විත අග නගරයක ඔබට කැමැති ඔබ ආසා කරන විදියේ සුපිරම ජීවිතයක් ඒ සදහා මේ ලෝකේ දැනට පවතින බිහි වෙලා තියන සියලුම පහසුකම් උපරිම යොදාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න හැකියාව තිබිලත් , ඇයි ඔබ මෙවැනි අති දුෂ්කර ගම්මානයක කුඩා නිවසක ගොවිපලක් පවත්වාගෙන යමින් ජීවිතයේ අවසාන කාලය ගත කරන්න තීරණය කරේ..

    එවිට මෙම බිලියනපතියා හරිම සැහැල්ලුවෙන් ඉතාම කදිම පිළිතුරක් ⁣තම අසල්වැසියාට ලබ දෙනවා..

    මිත්‍රයා.. මම අති විශාල ධනයක් බලයක් රැස් කර ගත්ත කෙනෙක්,,, මම ධනය තුළින් බලය තුළින් ගත කරන්න පුලුවන් මොන වගේ සුපිරි ජීවිතයක්ද කියලා හොදට දන්නවා , එවැනි ජිවිතයක් මම පසුගිය කාලය පුරාවටම හොදින් ගත කළා,, නමුත් මම හොයන මම ආසම කරන මට ඕන සුපිරිතම ජීවිතය තියෙන්නේ ඒ ධනය බලය මත ගත කරන ජීවිතය තුළ නෙවෙයි,,

    මේ ගොවිපල මේ කුඩා නිවස තුළ ගත කරන්න ජීවිතය තුළ ,,

    මම නගරයට ගිය පසු ටික කාලයකින් නිතර නිතර මේ ගරා වැටෙමින් තිබුණ මම කුඩා කල ජීවත් වූ නිවස වෙත බොහෝ අවස්ථාවල පැමිණිලා ටික වෙලාවක් ගත කරලා ගිහිල්ලා තියනවා,,

    හරිම පුදුමයක් මෙම තැනට ආවාට පසු මම නිවෙන තරම් සැහැල්ලුවට පත් වෙන තරම්, මම මේ ලෝකේ කිසිම තැනකදී පත් වෙලා නැහැ ,,,

    මිත්‍රයා මම ලෝකයේ බොහෝ හොද යයි හදුන්වන තැන් වල ස්ථාවනවල දින ගණන් ගත කරපු කෙනෙක්..

    නමුත් මේ කුඩා නිවෙස , මේ කුඩා ගොවිපල තුළ ගත කරන හෝරාව දෙක තුන තරම් මාව නිවපු සනසපු බිමක් මේ ලෝකේ කොහේවත් තැනකදී මට හමු වෙලා නැහැ,,

    දැවැන්ත ව්‍යාපාර ජාලයක් මෙහෙයවන ඒ නිසාම අධික වෙහෙසට ආතතියට පත් වෙලා ගොඩාක්ම අමාරුවෙන් ඉන්න බොහෝ අවස්ථාවලදී මම මෙතනට ඇවිල්ලා ඉදලා ගිහිල්ල තියනවා,, ඒ හැම අවස්ථාවකදීම මාව නිවපු බිමක් මේක..

    මේ හරිම බලගතු බලසම්පන්න භූමියක්...

    මෙතනට ආවාම මට මගේ කුඩා කල සිහිපත් වෙනවා, අපි කුඩා කල කල කී දේවල් මතක් වෙනවා, ඒක කොතරම්ද සුන්දරයිද,, ඒ මතකයන් මේ බිම තුළ ඉදගෙන මතක් කිරීමම කියන්නේ මට දිව්‍යමය ඖෂධයක් තරම්...

    ඒ සරල සැහැල්ලු ජීවිතය කියන්නේ ජීවත් වෙන්න හොදම විදිය කියලා අර මහා දැවැන්ත ධනය හම්බ කරාට පස්සෙත් මට තේරුම් ගියානම් ඒ ධනය බලය පාවිච්චි කරලා ගත කරන්න පුලුවන් ගොඩාක්ම ජීවිත ගත කරාට පස්සෙත් මට තේරුම් ගියානම්,,

    මම යළිත් මේ භූමියට ඇවිල්ලා ජීවත් වෙන එක නොවෙයිද මිත්‍රයා කරන්න ඕන ...??

    අසල්වැසියා නිරුත්තර විය,,

    තමන් එවැනි ධනවත් බලවත් ජීවියක් හීනයක් කර ⁣ගනිද්දී

    එම හීනය සැබෑ කරගත්ත තම අසල්වැසියා එය අත් හැරීම මොන තරම් පුදුමාකරයක්ද..

    ඔව් ඇත්තටම වෙන අයට මොන දේවල් වටිනවා උනත්, එය තමන්ට වටින්නෙ නැත්නම් එය අල්ලා ගෙන සිටිය යුතු නැහැ,,

    තමන්ට හොද තැන තමන් නතර වෙන්න ඕන ..

    තමන්ට හොද තැන තමයි තමන් ජීවත් වෙන්න ඕන ...

    ReplyDelete
  13. ළමා තැන් ඔය සේරටම වඩා ප්‍රධාන හේතුව රට ඉතා දියුණුව රටේ සම්පත් කිසිවක් නොවිකනපු විදේශ කර්මාන්ත ස්තාපිත කරල දේශීය කර්මාන්ත නගාසිටුවල රට ප්‍රගතිශීලී මාවතක යනවිට ඇමරිකන් බලල්අතක් වූ විජේවිර 71 කරපු විනාසය තමයි.ඒකෙන් රට වැටුන ජනතාවට ජීවන පීඩා ඇතිවුනා.. ඒ තම දේශපාලන රජකමට හරවගත්ත ජේ ආර්.. 71 ඒ ද්‍රෝහී ක්‍රියාව නොකලානම් කවදාවත් ජේ ආර්ට 6/5 බලයක් ලැබෙන්නෙ නෑ.එහෙම උනානම් මේ කාලකන්නි ව්‍යවස්ථාව හැදෙන්නෙ නෑ.. එහෙනං ඒකෙ පිහිටෙන් ජේ වි පි කාරයො දෙතුන්දෙනා පාර්ලිමේන්තු එන්නෙ නෑ. පලාත්සභා ප්‍රා. සභාවලට තේරෙන්නෙ නෑ. එහෙම උනානං මේ වැඩවර්ජන අරගල කඩාකප්පල් වැඩනෑ.. රට සමාජවාද් ප්‍රගතිශීලී රුසියානු හිතවාදීව පවතිනව. මේව කියනකොට රිදෙයි නමුත් ඇත්ත ඕකයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න