.

.

Jun 26, 2023

ගල් උඩ කඳු උඩ දාගබ් පමණක් නොව ඝාංඨාර කුළුණක්ද ඉඳි කරන්න..

 


ගල් උඩ කඳු උඩ දාගබ් පමණක් නොව 

ඝාංඨාර කුළුණක්ද ඉඳි කරන්න..

➖➖➖➖➖➖➖➖➖➖ 🔔🔔🔔


කඳු මුදුන් වල පරිසරය විනාශ කරමින් දාගබ් ඉඳිකිරීමේ පිස්සු රැල්ලක් වත්මනෙහි ඇති වී ඇති අතර, බලයට එන්නට බලා සිටිනා පිස්සෙක් කියන්නේ, ඒ යකා බලයට ආවොත් දාගබ් 1000 අළුතෙන් ඉඳිකොට බුද්ධ සාසනේ ගොඩදානවා කියලාය.


බුද්ධ සාසනේ ගොඩ දෑම කෙසේ වෙතත් , චීවර පොරවා ගත් බිස්නස් කාරයෝ මේ වන විටත් ජාතියේ දායාදයන් වන වටිනා පරිසර පද්ධතීන්, බුද්ධාගමේ නාමයෙන් උන්ගේ සින්නක්කර දේපල බවට රාජ්‍ය අනුග්‍රහයද සහිතව පවරා ගනිමින් සිටීම, වැහි නැති හෙන ගහනා අපරාධයකි.


හෙළ රජ සමයේ රජුගේ අණින් ආරක්ෂිත ප්‍රදේශ වූ මේ පරිසර පද්දතීන් මුලින්ම විනාශ කර දැම්මේ ඉන්ගිරිසීන් විසිනි. ඒ තේ වගාව සඳහාය. ඉන්පසු මේවා ජනාවාස වූ අතර, අද පිරිසිඳු ජලය නොමැති කමින් වැඩියෙන්ම පීඩා විඳින්නේ මේ නඟරවල මිනිසුන්‍ය.


කඳූ මුඳුන් වල ස්වාභාවික උල්පත් වලින්  ගලනා ජලය සියල්ල ඉතා අපිරිසිඳු හා දූෂිත වී අවසානය. ඊළඟට ජල උල්පත් වලට කෙලියේ කඳුකරයේ ජලාශ ඉඳිකිරීමෙනි. ඉන් උල්පත් සියල්ල සිඳී ගිය අතර, අද, මෝසම් වැසි වැස්සේ නැත්නම්, ජලාශ වලට ඇත්තේ දළදා හාන්දුරුවන්ගේ පිහිටය.


ඉතිරි ඒවා වලද දාගබ් ඉඳිකිරීමෙන් වන්නේ, ඒ අවට ඇති ජල සම්පත හා වන සම්පත විනාශ වීම පමණි. හොඳම උදාහරණය ශ්‍රීපාද සමයේ කරනා අති විශාල පරිසර හානියයි.

 

අපේ උන් මාරම ආගම් භක්තිකයෝ වුවද, උන් සියල්ලෝම පරිසර ත්‍රස්තවාදියෝය. මුන් මේවා ප්ලාස්ටික් වලින් පුරවති. බොන බෝතල් කුඩු කර විසි කරති. හැමනි ඉවතලන කොපුවත් කැළේටමය. ඒ සියල්ල කර, කැළේ රීලාත් එති.


කැළය, පරිසරය, ජල උල්පත්, සතා සීපාවා, සියල්ල විනාශය... මේවා විනාශ වූ පසු බත් ටික බඩට දාගන්නට කුඹුරු කිරිල්ලට වැස්ස වලාහක දෙයියෝ කෝටා එක දෙනකන් ඉන්න වෙනවාය.මන්ද දිය උල්පත් සිඳී යාමෙන් හා අවහිර වීමෙන් කුඩා දිය පහරවල් ඇල දොළ ගංඟා මඩ කඩිති සියල්ල සිඳී යන බැවිනි.


ඒ නිසා වැස්ස ඕනා බව වැසි වලාහක දෙයියන්ට දැණුම් දෙන්නට, හැම දාගබ් වහන්සේලා එක්කම, ඝාංඨාර කුළුණු වහන්සේලාත් ඉඳිකොට පූජාකරන්න වෙනවාය.


එවිට වැස්ස නැති නිසා කුඹුරු කරන්න බැරිව බෙල්ලේ වැළ දමාගෙන නිවන් පුරේ නොයා , අර ඝාංඨාරේ ළණුවේ එල්ලිලා වැනුවාම වැස්ස වලාහක දෙයියෝ අපි ගැන අනුකම්පා කරන්න චෑන්ස් එකක් තියෙනා නිසාය...  


ඒ නිසා ඝාංඨාර කුළුණු වහන්සේ වෙනුවෙන්ද  වැඩි පුර ගඩොල් වහන්සේලා ටිකක් මේ මෝල් වහන්සේලාට පූජා කිරීමෙන් ඔබ පතන්නා වූ සුගතිය එලොව නොව මෙලොවදීම ලබා ගත හැකි වන්නේය....


වස්සානයට අත වනලා

ඉමු මඟ බලන්...

උද්‍යනයක කෙළවරට වී..

උඹ දෑතිත් බදන් හොල්ලපන් රත්තරන්...

ගම දෙවනත් කරන් වැහි වහී...

.

1 comment:

  1. අන්තිම කවිය මරු මාතේ වස්සාන යට අත වනලා ඝණ්ඨාරේ හොල්ලපන් මාතේ මම හිතන්නේ ඉතිහාසය දෙස බලන විට රුසියාව කවදාවත් යුද්ධයකින් පරද්දන්න බැහැ. අවසාන රුසියානුවා දක්වාම ඔවුන් සටන් කරනවා. ඒ ඔවුන්ගේ ජාන සහ බද්ධ වී ඇති සංස්කෘතිය විය යුතුයි.

    ඔවුන් පරාජය කරන්න පුලුවන් ඇමෙරිකානු ක්‍රමයට පමණයි.

    ඇමෙරිකානු ක්‍රමය (බ්‍රිතාන්‍ය ක්‍රමයේම දිගුවක්) තුල කරන්නේ බ්‍රිතාන්‍ය ඩිවයිඩ් ඇන්ඩ් රූල් වගේම සතුරු පාර්ශ්වය තුල අභ්‍යන්තර බෙදීම්, ඇන කොටාගැනීම් සහ අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා බියවද්දා ආක්‍රමණය කිරීම

    මේවා ලෝකයේ හොදටම කරන්න පුලුවන් වෙන්නෙත් ඇමෙරිකා එක්සත් ජනපදයට. මේ ඇමෙරිකා එක්සත් ජනපදය මාස්ටර් කරපු කලාව.

    දකුණු ආසියාවේ කුඩා රටක යුද ජයග්‍රහණයෙන් පස්සෙ හිටපු යුද හමුදාපතිට "ඔයා තමයි වැඩ්ඩා, ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයාට ජනාධිපතිත් වෙන්න පුලුවන්, අපි සම්පූර්ණ උදව් කරන්නම්. ඒ නිසා අපේ කැම්පේන් එකට එන්න ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුලුවන්" කියලා 2010 ගේම ගැහුවා වගේ, තව 2015 ලේකමෙක් සහ පිරිසක්ද අරගෙන ගේම් ගැහුවා වගේ, ආයේ 2021 - 2022 දැවැන්ත මඩ කැම්පේන් සමග උද්ඝෝෂණ ව්‍යාපාර රාශියක් සංවිධානය කර 2022 තවත් පිරිස් පාරට දාලා, සල්ලි පොම්ප කරලා මයිදාන් උද්ඝෝෂණ වගේ අගනුවර බරපතල තත්වයක් ඇතිකර ඒකෙන්ම ගේම් ගැහුවා වගේ,

    ඇමෙරිකා එක්සත් ජනපදයට රුසියාවෙත් ගේමක් ගහලා දිනන්න බැරිද මාතේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න