.

.

Jun 15, 2023

ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට... රනිල් බැසිල් සහසම්බධතාවය ... අත්‍යාවශ්‍යම සාධකයකි.



ආන්ඩුවේ හා පෝට්ටුවේ පැවැත්මට...

රනිල් බැසිල් සහසම්බධතාවය ...

අත්‍යාවශ්‍යම සාධකයකි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🟥➖


රනිල්ගේ දේශපාලන අරමුණ වී ඇත්තේ,ක් 2024 නැවත ජනාධිපති වෙන එකය. ඒ සඳහා සියුම් වැඩපිලිවලක් රනිල් හා එජාප හිතවාදීන් විසින් ගෙන යන බවත්, ආන්ඩුවේ මැති ඇමතිකම් දරණ පිරිස සමඟ පෝට්ටුවේ 40 පමණ පිරිසක් දැනටමත් රනිල් හා එකතු වී ඇති බවත් තව දුරටත් රහසක් වන්නේත් නැතිය.

ඉතිරි පිරිසෙන් කොටසක්ද බා ගැනීමට රනිල් දැරූ උත්සාහයට කෙලවූයේ, පෝට්ටුවේ සීනියොරොටි පොරවල් එය වර්ජනය කළ නිසාමය. එය බැසිල්ගේ ගේමක් බව සනාත වූයේ, පෝට්ටූ ලේකම් සාගර කාරියවසම් උන්නැහේ රනිල්ගේ මූණටම දුන් ටෝක්ස් එක නිසාය.

බොහෝ අය හිතුවේ ඒ අය ආවේ නැත්තේ එයාලට ඇමතිකම් නොදීපූ නිසාය කියලාය. ඔවුන්ට ඇමතිකම් ඉල්ලා බැසිල් උන්නැහේත් කීප වරක්ම ලිස්ට් ඇරියත් කැබිනට් රීෂෆල් එකක් වුනේත් නැතිය.

2024 ජනාධිපති වෙන්න පෙරුම්පුරනා මානවම්ම රජ්ජුරුවන්ට ... මේ දූෂණ චෝදනා එල්ලවූ පොරවල් වලට ඇමතිකන් දී හත්පොලේම ගා ගැනිමේ පිස්සුවක් ඇත්තේ නැතිය. අනික මෙයාලාගේ ඇමතිකන් වලට කෙලියේ මානවම්ම සජ්ජුරුවෝ නොව.... හිටපු කිං කැකිල්ලේය (ඝෝඨා). උන්දලාට ඉතරක් නොව යුද්ධය දිණූ යුව සජ්ජුරුවන්ගෙත් (මහින්දගේ) පුපට පයින් ගහලා එලෙව්වේත් ඒ කැකිල්ලේමය.  ඒ අරගලයේ හුජ්ජා කොල්ලන්ට බයේය. 

එහෙම එලවලා මදි නිසා, මැයි 9 වෙනිදා පොරට ගේම දෙන්න ආපු පෝට්ටු බයියන්ට, අරගල වීරයන් ලවා..  බේරෙන් නාවා .. හෙලිවැල්ලෙන් යවා ... කීපදෙනෙක් වැලිගම්පිටිද යවා.. පෝට්ටු මදාවියන්ගේ මාලිගා පමණක් නොව... තමුන්ගේ අම්මා අප්පාගේ සොහොනටත් කෙලියේ ඒ කිං කැකිල්ලේමය.

විරුවෙක් කියා ගෙන ආවේ දිරච්ච කරුවක් බව පෝට්ටු බයියෝ අත්දැකීමෙන්ම තේරුම් ගත්තේ එදාය.

අනෙක් අතින් බැසිල් උන්නැහේ ඔය ලිස්ට් මානවම්ම සජ්ජුරුවන්ට යැව්වාට, සීනියොරොටි පොරවලට තබා... පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටුවේ හාල්පාරුවෙකුටවත් තව මැති ඇමතිකම් දෙනවාට කිසිසේත්ම කැමති නැතිය. රජ වෙන්ට පෙරුම් පුරනා නාමල් කුමාරයාද කිසිසේත්ම ඒ වැඩේට කැමති නැතිය. ඒ මානවම්ම විසින් උන්ව අනිවාර්යයෙන් නවනා නිසාමය.

එහෙත් රාජපක්ෂලාගේ මෙන්ම පෝට්ටු බයියන්ගේ ජීවිත මෙන්ම... දේපල හා හරකා බානේ සුරක්ෂිතතාවය රැදී තියෙන්නේ මානවම්ම සජ්ජුරුවන්ගේ අතේය. 

ඒ නිසා රනිල් හා එක්ව 2030 තෙක් මේ ගමන යනවා විනා... සනත් නිශාන්ත වැනි ඇඟ පුරා මොලේ ඇති අමනයන් ඉදිරියට දමා රඹ ටෝක් දී වැඩේ අල කරගෙන... රනිල්ට කෙලවී.... සජිත් බලයට පැමිණයහොත්... නැවතත් සනත් නිශාන්තලාට ඉතරක් නොව පෝට්ටු බයියන්ටත් ඉස්ම බේරෙන්නම කන්න වෙන බව නම් අනිවාර්‍ය්යි කියා ලියා තබා... මේ පල් හෑල්ල නවතා දමනවාය.


ඒ වගත් මෙසේය....

15 comments:

  1. Saumyata diwa dala juice bonna aasayi.

    ReplyDelete
  2. ඔබ පැය 4 ක් ජීවත් වීමට පැය 8 ක් වැඩ කරයි.

    ඔබ දිනක් භුක්ති විඳීමට දින 6 ක් වැඩ කරයි.

    ඔබ විනාඩි 15 කින් කෑම අවසන් කිරීමට පැය 8 ක් වැඩ කරයි.

    ඔබ පැය 8 ක් වැඩ කර නිදාගෙන පැය 5ක් නිදාගනී..

    ඔබ සතියක් හෝ දෙකක් නිවාඩුවක් ගත කිරීම සඳහා අවුරුද්ද පුරා වැඩ කරයි.

    මහලු වියේදී විශ්‍රාම ගැනීමට ඔබ ඔබේ මුළු ජීවිත කාලයම වැඩ කරයි...

    ඔබේ අවසන් හුස්ම හෙලීම ගැන මෙනෙහි කරන්න. ජීවිතය යනු අන් කිසිවක් නොවන බව අවසානයේ ඔබට වැටහෙන්නේය..

    ජීවිතය කෙටි ගමනක්, එහි සෑම මොහොතක්ම අත් නොහැර ජීවත් වන්න. පුලුවන් කාලයේදී විඳින්න...!!

    ReplyDelete
  3. මාත සජිත් ප්‍රේමදාස මැරයෙක් බවත් ගිය අවුරුද්දේ මැයි නමවෙනිදා ජෙප්පෝ එක්කම පෝට්ටු බයි හැත්තට මාලිගාවත්ත කොටහේන ආමර් වීදිය මරදාන පැත්තේ නානලාගේ පල්ලි පාතාලේ සහ දමිල පාතාලය වගේම කතෝලික පල්ලියේ මැරයනුත් දාගෙන ඉස්ම යන්න නෙලුවේ සජබයි මැරයො බවත් ඇත්ත තමයි ඒක ඇත්ත

    ඒත් උන් ඒ වෙලාවේ රටේ ජනතාව ගොඩක්ම රාජපක්ෂ හොර පවුලට විරුද්ධව දැඩි ප්‍රචණ්ඩ මතයක හිටපු මොහොතක ඒ දේ කළේ, දැන් මහජන මතය ගොඩක්ම වෙනස් වෙලා ලංකාවේ, රාජපක්ෂ පවුලට විරුද්ධව අවුරුදු එකහමාරක පමණ කාලයක සිටම 2020 අග ඉඳලාම සමාජ ජාල වල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඔවුන්ට එරෙහිව දැඩි මතයක් ගොඩ නැගීමට එක්සත් ජනපද බයිඩන් පරිපාලනයේ දකුණු ආසියාතික අක්ෂයේ ලංකාව භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුලු පිරිස සමග ඉන්දියාව සහ යුරෝපීය සංගමයේ පිරිස ක්‍රියාත්මක වී කටයුතු කළ අතර සජිත් ප්‍රේමදාස සජබයියන්, ජවිපෙ ජාතික ජන බලවේගය වගේම පෙරටුගාමීන්ටත් අරගලය වෙලාවේම කරන්ට්රැක්ට්ස් ලැබුණා කළ යුතු දෙය පිළිබඳව ඒ වගේම අවශ්‍ය තරමට වඩා ඕන තරම් මුදල් ලැබුණා

    ඒත් සජිත්ට ආණ්ඩුව ගන්න තරම් බලයක් ලැබෙන්නේ නෑ ඒක ඉතාම සරල ලෙස පැහැදිලිව පෙනෙන අතර පොහොට්ටුව සහ ජවිපෙට සැලකිය යුතු ඡන්ද බලයක් ලැබෙනවා

    අනික සජිත් ප්‍රේමදාස වැරදිලා හරි බලයට ආවොත් ඌ නන්දෙට හපන් අමුම අමු ගොන් වැඩ කරන මන්දමානසික රිලවෙක් බව පේනව හැමෝටම එතකොට මහජන සහාය විපක්ෂයට ලැබෙන නිසා උගේ ගොන් මැරයින්ටත් මැයි නමය බයි මැරයන්ට හපන් ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක පැහැදිලිව පේනවා

    ඔය සේරම වඩා 2024 බයිඩන් කියන දාර ගොන් බයියට ඇපත් නැතිවම රිපබ්ලිකන් පක්ෂයට පරදින්න වෙනවා ඒක ඉතාම පැහැදිලිව පෙනෙන අතර රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වූ පසුව නන්දසේන සහ කපුටා නැවත බලය ලැබෙන නිසාම ගේම අනිත් පැත්තට හරවන්න පුළුවන්කම ලැබෙයි එතකොට රනිල්ටත් ආපහු ගෙදර යන්න වෙනව, ඊට පසුව ටී එන් ඒ එකට කැමලා ඩී හැරිස්, සමැන්ටා පවර්ල හරහා ලැබුණ බලය අහිමි වීමත් සමගම සජබයියන්ටයි පෙරටුගාමී සහ ජවිපෙ බයියන්ටයි කට පුක වහගෙන ඉන්න වෙනවා, මම හිතන්නේ එතකොට මයින පැටියට චාන්ස් එක වදින්න ඉඩ තිබෙන බව සෑහෙන්න දුරට, නන්දෙටත් හොඳ ප්ලේස් එකක් ලැබෙයි ආපහු. නාකිමයිනා වලකජු ගහන සීන් එකට එන්ටර් වෙයිනේ ඒ වෙනකොට එහෙම නේද?

    ReplyDelete
  4. කතාව මෙහෙමයි, ජනාධිපතිවරණ හෝ වෙන මැතිවරණ නොතියා රනිල් දිගටම තියාගන්න වර්තමාන ඇමරිකන් රජයට ඕනේ, මොකද රනිල්ට 90%කට වඩා මිනිස්සු අකමැති පට්ට පිළිකුල් ගෝත චරිතයක් නිසා ඡන්ද ලැබෙන්නේ නෑනේ, ඒ නිසා ඒ වෙනුවට ජනමත විමසුමක් හරි මොකක් හරි ලාම්පු කළගෙඩි වගේ ප්‍රෝඩාවක් ආයි කරලා රනිල්ව තියාගෙන උන්ගේ ඇජෙන්ඩා එක දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බව සිතිය හැකියි. රාජපක්ෂ කල්ලිය නම් දැනට රනිල්ට උපරිම ලෙස සහාය දෙන බවට දිවුරලා ඇමරිකන් ආණ්ඩුවට වැඳගෙන පණ බේරගෙන ඉන්න බව පේනවා, නමුත් ලබන අවුරුද්ද අන්තිමට වගේ ට්‍රම්ප්ලගේ පක්ෂය බලයට පත්වන තත්ත්වයක් තියෙන නිසා බොස්ටන් ටී පාටි රාජපක්ෂලට සපෝට් එකක් තියෙයි හැබැයි චීන ගැති භාවය පාලනය කරගත යුතුයි, රුසියාවෙනුත් අර න්‍යෂ්ටික බලාගාර වගේ තාක්ෂණය සහ නව ආයෝජන ලංකාවට ලැබෙන බව සිතිය හැකියි ට්‍රම්ප්ලගේ පක්ෂය බලයට ආවොත්, අනෙක යුක්රේන ප්‍රශ්නය සෑහෙන්න දුරට විසඳී රුසියාව මැදිහත් වී චීනයත් බැලන්ස් කරාවි.

    ඔය සේරටම වඩා අපි ඒ කාලේ ඕපන් සෝස් උබන්ටු ගැන හදාරද්දී එහි ඉතිහාසය දෙස බලන කොට ඉගෙනගත්ත උබුන්ටු ගැන කෙටියෙන්ම සඳහන් කරමින් කමෙන්ටුව ඉවර කරන්නම්, කලකට පෙර අප්‍රිකාව එක්ස්ප්ලෝර් කිරීමට අප්‍රිකානු කුඩා ගම්මාන වල සංචාරයක යෙදෙන විදේශිකයෙක් දිනක් අප්‍රිකානු ගෝත්‍රයක දරුවන්ට ක්‍රීඩාවක් යෝජනා කරල තියෙනව.

    ඒ අනුව ඔහු ගසක් අසල චොකලට් කූඩයක් තබා දරුවන්ට කීවේ එහි මුලින්ම ගිය අයට කිසිදා රස විඳ නැති තරමේ රස චොකලට් දිනා ගත හැකි බවයි..

    ඊටපසුව ඔහු ඔවුන්ට හා දැන් දුවන්න යැයි පැවසූ විට ඔවුන් සියල්ලෝම එකිනෙකාගේ දෑත් අල්ලාගෙන එකට දිව ගිය අතර ගස් ළඟට ආ පසුව ඔවුන් එකට වාඩි වී චොකලට් බෙදා හදා ගනිමින් සංග්‍රහ භුක්ති විඳිනු දකින්නට ලැබිණි.

    මේ යුරෝපීය දේශගවේශකයා කිසිසේත්ම එවැනි හැසිරීමක් මේ ගෝත්‍රික දරුවන්ගෙන් කිසිදාක අපේක්ෂා කලේ නැත. එම නිසා ඔහු ඔවුන්ගෙන් විමසා සිටියේ
    එක එකාට තනිවම ගන්න තරම් චොකලට් නොතිබුන බව දැන දැනත් හැමෝම එකට දුවන් ගියෙ ඇයි යන්නයි..

    ඔවුන්ගෙ එකම පිලිතුර වුනේ 'උබුන්ටු, (Ubuntu) අපේ එකෙක් දුකෙන් හිටියොත් අපි ඔක්කොම කොහොමද සතුටින් ඉන්නෙ' කියලායි..

    උන්ගේ ශිෂ්ටාචාරයේ උබුන්ටු කියන්නේ: 'මම ඉන්නෙ අපි හැමෝම නිසා' යන්නයි. (I am what I am because of who we all are).. අදටත් අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර ඔවුන් රකින සහ ඔවුන් පිලිපදින වටිනාම ධර්මය එයයි..

    https://en.m.wikipedia.org/wiki/Ubuntu_philosophy

    තමන් දියුණු සමාජයක් ලෙස සලකන තමගෙ එකාවම අභිබවා යන්න පොර කන සෑම සමාජයකම නැතිවී ගිය සතුටේ රහස ඒ ගෝත්‍රිකයෝ දනී..

    ඔවුන්ට පවතින්න ඔවුන් පවත්වා ගෙන යා යුතු වටිනාම සාරධර්මය ඔවුන් හදුනා ගෙන ඇත.. අපත් එය හඳුනාගත යුතුව ඇති බව පමණක්ම පවසමි.

    ReplyDelete
  5. වැඩිය ඉඩක් නැත කවියක් ගොතන්නට
    ලිපියත්, කමෙන්ට්ටුත් සේරම කියෙව්වට
    උබන්ටු වගේ දේවල් කියන්නට
    දැනුමැත්තෝ තව එත්වා කියවන්ට!

    ReplyDelete
  6. මාතලන් ඇත්තටම සජිත්ට මෙලෝ වැඩක් බැරි වුනත් සජිත්ගෙ කණ්ඩායමේ පෞද්ගලික දේපල අයිතිය පිළිබඳව අවබෝධයක් තරමකට හරි තියෙන ටිකක් හරි ඇමති ධුර ලබාගෙන රට පාලනය කර ඇති යම් පමණකට හෝ උගත් ඉතාම ටික දෙනෙක් හරි ඉන්නවා. නමුත් සජිත්ට අමු තිත්ත කුණුහරුප වලින් සමාජ ජාල වල නිතරම බනින අපහාස කරන අපත මුග්ධ තකතීරූ අදහස් තියෙන මාලිමාවේ හොල්මන් දේවත්වයට පත් කරලා අදහගෙන ඉන්න ඔය මාලිමා නායකයෝ කියන ඒකේ ඉහළ තනතුරුවල ඉන්න සියලුදෙනාම පාහේ ඉන්නේ ජීවිතේ කිසිඳු දිනයක හරි යමන් රැකියාවක් වත් නොකරපු පක්ෂ අරමුදලින් යැපෙන කටින් විතරක් බතල හිටවන ප්‍රායෝගික ලෝකෙ බුලත් විට කඩයක් වත් කරලා අත්දැකීමක් නැති රජයෙන් හැමදේම කරපියව් කියලා දියව් දියව් උද්ඝෝෂණ විතරක්ම කරපු නිකම්මු පිරිසක්. ඒ නිසා මාලිමාව බලයට ආවොත් අපේ රටත් සමාජවාදී ප්‍රතිපත්ති තිබෙන කියුබාව වගේ මිනිස්සු දහ දුක් විඳින රටක් බවට පත් වෙනවා ඒ ගැනත් පෝස්ට් එකට එකතු කරන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ 7.45,

      මම දකින එක පැත්තක් කියන්නම්...

      ජ වි පෙ පටන්ගන්නකොට එහි සාමාජිකයන් වුනේ පීඩාවත් පත් වෙච්චි නිර්දනපන්තියේ සමාජ අසාදාරනකම් වලට ලක් වූ ජනකොටස් නියෝජනය කරන තරුන තරුනියන්. කුල ධූරාවලියේ යටින් ඉන්නා කන්ඩායම්.

      අද කුල ධූරාවලියේ ඉහලින් ඉන්න කන්ඩායම් මාලිමාව විදියට රීබ්රෑන්ඩ් කරපු ජ වි පෙ බලය අල්ලාගෙන ... දිසානායකලා, හේරත් ලා සහ රත්නායකලා කලුවාදේවගේ ලාල් කාන්තලා පාගාගෙන (රාජපක්ෂ සහ) වික්‍රමසින්හලා සමග ඩීල් දමනවා.... ඒ වගේම හෙන්රි අමරසූරිය පරපුරේ හරිනිලා පක්ෂය වෙනත් දිශාවකට ගෙන යන බව පේනවා...

      මේ එක පැත්තක් විතරයි..... පැහැදිලිද?

      Delete
  7. ලංකාව ගැන සරල කතාව මේකයි මැගිලින් නැන්දගෙ දුව දවසක් අම්මාට රහසක් කීවා. අම්මාගේ ඇස් උඩ ගියා. කන් දෙක ඉස්සුනා.

    ”කොච්චර කල් ද?”

    ”මාස දෙකක් ...”

    මැගිලින් නැන්දා දුව වෛද්‍යවරියකට පෙන්නුවා.

    ”අම්මා අත්තම්මා කෙනෙක් වෙන්න යි යන්නේ.”

    මැගිලින් නැන්දට උන්දැගෙ දත-කට පූට්ටු වුණා වගේ දැනුණා. කෙල්ලත් එක්කරගෙන ගෙදර ආවා.

    ”හපොයි දෙයියනේ. උඹ මොකක්ද මේ කරගත්ත වින්නැහිය. ටියුසොං ගිහින් පරක්කු වෙලා ඇවිදිං මට එක එක බේගල් අතෑරියා. දැන් මට කියාපං විස්තර ඔක්කොම.”

    දුව දුරකථනයෙන් කථා කළා. පැයක් යන්න ඉස්සෙල්ලා පොල් අතු සෙවිලි කළ ගේ ඉස්සරහා ප‍්‍රාඩෝ රථයක් නතර කළා.

    වාහනයෙන් බැහැලා ආවේ කෙස් පැහිච්ච මිනිහෙක්. එ්ත් ඔහු ජැන්ඩියට ඇඳ පැළඳ සිටියා. ආරාධනාවක් නැතුව ම ඔහු සාලයේ ලී පුටුවක ඉඳගත්තා.

    ”මං කෙළින් ම කථා කරන්නම් කෝ. යම් දෙයක් වෙච්ච බව ඇත්ත. එ්ත් මට මේ ගෑනු ළමයා කසාද බඳින්න විදියක් නෑ. මගේ ළමයින්ටත් ළමයි ඉන්නවා. දැන් තේරෙනවනෙ තත්ත්වය. එ්ත් මං මේ ළමයාට වැරැද්දක් වෙන්න ඉඩ තියන්නේ නෑ. ජීවිතේ තියෙනකම් හොඳට කාලා, බීලා, සුවසේ ඉන්න වැඩ පිළිවෙළක් සකස් කර දෙනවා. හෙට ම මෙයාගේ නමට බැංකු ගිණුමක් ආරම්භ කරලා කෝටි පහක ස්ථිර තැන්පතුවක් දානවා.”

    ”එහෙම කිව්වට හරියන්නෙ නෑ නෙ.” මැගිලින් නැන්දා සැර දැම්මා. ”උපදින ළමයගෙ අනාගතයට මොකද වෙන්නෙ?”

    වියපත් මිනිසා ගණනකට ගත්තේ නෑ. ඔහු සැහැල්ලුවෙන් පිළිතුරු බැන්දා.

    ”ගෑනු ළමයෙක් ඉපදුනොත්, මං එයාගේ නමට කෝටි දහයක් තැන්පත් කරනවා. ඇඟලුුම් කර්මාන්තශාලා දෙකක අයිතිය පවරනවා. පිරිමි ළමයෙක් ඉපදුනොත්, එයාගේ නමට කෝටි පහළොවක්. කර්මාන්තශාලා හතරක්. එහෙම හොඳ ද?”

    ”කරුණු කාරණා එ් විදියට ම වෙනවා නම් හොඳා.” මැගිලින් නැන්දාගේ සැර අඩු වුණා.
    ”එ්ත්, අපි හිතමු, මොකක්හරි හේතුවක් නිසා දරු ගැබට හානියක් වුණා කියලා. එතකොට ළමයෙක් වෙනුවෙන් පහසුකම් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.” මහල්ලා කිව්වා.
    මැගිලින් නැන්දා ටිකක් කල්පනා කරමින් සිටියා.



    ”ආපහු සැරයක් උත්සාහ කරලා බැලුවාට දොසක් නෑ නෙව.” ඇය උත්තර දුන්නා.........

    ReplyDelete
  8. මාතලන් ලංකාවේ ආර්ථිකය ගැන කතා කරනවා නම් මේකත් හුඟ දෙනෙක් පටලවා ගත් තැනක්.

    ලංකාවේ ආර්ථිකය තුල අපනයනය ප්‍රධාන කොටස් දෙකයි.භාන්ඩ හා සේවා.

    මෙයින් ⁣ඇඟලුම්,තේ හා වැවිලි බෝග,කුලුබඩු,පොල්,රබර්, වෙනත් භාන්ඩ ආදී දේ "භාන්ඩ" අපනයනයන්.

    ඊළගට සංචාරක සේවා,විදේශ ශ්‍රමික සේවා,පරිගණක සේවා ඇතුලු සේවා කියන්නේ "සේවා" අපනයනයන්.

    ලංකාවේ 2019 පාස්කු කේස් එක සමග සංචාරක ව්‍යාපාරය කඩා බිඳ වැටීම නිසා ත් ඊට පෙර 2017 සිට රනිල් සහ මංගල ඇතුළු පිරිස අධික ලෙස බදු අය කිරීම නිසා අපනයන ඇතුළු කර්මාන්ත බිඳ වැටීම සමග ඉතාමත් බරපතල විදිහට ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටීම දකින්න පුළුවන්

    2020 වසර මුල සිට Covid-19 අර්බුදය හමුවේ ලෝකය වැසුනු පසු සීග්‍ර ලෙස අඩු වුනේ සේවා අපනයන ආදායම.(පරිගණක සේවා ආදායම් නම් එම තාක්ෂණ දියුණුව නිසා ඒ කාලෙත් ලැබුනා)


    ඊළගට විදේශ විනිමය අර්බුධයේ ක්ෂණිකව මතු වුනු ගැටලුවත් මෙය තමයි.

    මේක අර්බුධයට පෙර දල වශයෙන් ඩො;මි; 800 ක් පමණ වූ සංචාරක,ශ්‍රමික (මාසික)ආදායම එක්වරම සීග්‍ර ලෙස අහිමිවීම, ඇත්තටම මෙය දේශපාලන කණ්ඩායම් මේ අවස්ථාව තම වාසියට යොදා ගත් නිසා ඇත්ත චිත්‍රය වැහුනා. මේ අවස්ථාව තමයි ලංකාවේ ආර්ථිකයට සිදු වී ඇති සැබෑ සිදුවීම තේරුම් ගැන්මට හොඳම අවස්ථාව.

    ReplyDelete
  9. අප ඇමෙරිකා එක්සත් ජනපද දේශපාලකයො වෙන රටවල දේවල් වලට ඇඟිලි නොගහ ගොල්ෆ් ගැහුවනන් අද ලිබියාව, ඉරාකය, ඊජිප්තුව සිරියාව වගේ රටවල අද තියෙන ඝාතන අසමගිය වගේ ප්‍රශ්ණ නැහැ

    - ඩොනල්ඩ් ට්‍රම්ප්

    ReplyDelete
  10. මිනිසුන්ගේ සිත් තුල ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ගන්නා තීරණයට මනෝවිද්‍යාත්මක සාධක බලපායි.. චිත්තවේගයන්, සාරධර්ම සහ මතයන් බලමුලු ගැන්වීමේදී මුහුණු පොත සහ රූපවාහිනිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. එහෙත්, මනෝවිද්‍යාත්මක සාධක පුද්ගල දේශපාලන හැසිරීම් සඳහා පමණක් නොව විරෝධතා සිදුවීම් වැනි සාමූහික ප්‍රතිඵල සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
    මෑතදී ලංකාවේ සිදුවූ සමාජ චලනයන් සහ සාමූහික ක්‍රියාවන්ට සම්බන්ධ වීම සඳහා කෝපය හෝ කලකිරීමේ චිත්තවේගයන් විසින් ඉටු කල කාර්යභාරය අති මහත්ය. එහෙත් එය බලමුලු ගැන්වීමේ කවුරුන්දැයි හරියටම නොදන්නා නමුත් නළුවන් බඳවා ගැනීමේ කාර්යයද අමතක නොකල යුතුය. දේශපාලනිකව ක්‍රියාකාරී වීමට මිනිසුන් පොලඹවන්නේ කුමක් ද යන්න පිළිබඳ අධ්‍යයනය කරන විට අපේ වැඩවසම් ජානමය නැඹුරුතාවන් සහ දේශපාලන ක්‍රියාවන් අතර සම්බන්ධයත් තවදුරටත් අධ්‍යයනය කල යුතුය. ඒ සදහා පහත විචල්‍යයන් ද එක්විය හැකිය

    1. තමන්ගේ සහභාගීත්වය සමාජගත කර කැපී පෙනීමට ඇති ආශාව.

    2. ජීවිතයේ බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවුන හිඩැස පිරවීමට.

    3. චිත්තවේගයන් වන කෝපය, බිය සහ දුක්ගැනවිලි එළිදැක්වීමට අවස්ථාවක් ලබා ගැනීමට.

    4. තමන්ට කියා අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ඇති ආශාව සපුරාලීමට.

    5. පක්‍ෂයේ තනතුරක් හෝ පළාත් පාලන මැතිවරණයේදී අපේක්‍ෂකත්වයක් බලාපොරොත්තු වීම.

    ReplyDelete
  11. මාතො හැම රජේ නිලධාරියාටම එකම විදියට වැටුප ගනනය නොකර ඉටුකරන රාජකාරි වල ප්‍රමාණය හා ගුණාත්මක බව අනුව වැටඅප ගනනය කරන ක්‍රමවේදයක් සැකසුනොත් නිලධාරියත් තෘප්තිමත් සේවාලාභිනුත් තෘප්තිමත් නිකන් ඉඳලා පඩිගන්නවා කියන විවේචනයත් කිසි කෙනෙකුට කරන්නත් බැ.

    ReplyDelete
  12. අනුර සහෝදරයා පවු නැද්ද බන් මාතේ ඔය ඉංග්‍රීසි බැරුව නෙවෙයි
    මේගොල්ලන්ට ඉංග්‍රීසි ඉගෙන ඉගෙනගන්න ඕන කමක් නෑ
    විශ්වවිද්‍යාලය අවුරුදු හතරක් ගත වෙන කාලය තුළදී කම්මැලි නොවී මාස තුනක් හරියට මහන්සි වුනා නම්
    විශ්වවිද්‍යාලයේ දී ම ඉංග්‍රීසි ඉගෙන ගෙන එලියට එන්න පුලුවන් කොහෙද
    ඒවා කරන්න වෙලාවක් නෑනේ
    note පොත සාක්කුවෙපිටිපස්සේ දාගෙන එක්කෝ කරත්ත දක්කන්නයි ගස් sign-in ලියන්නයි තමයි පුළුවන්
    එහෙම නැත්තං පාර පුරා පෙළපාලි යමින් මේක දියව් අරක දිය වූ අපිට මේක නෑ මේක නෑ කියා ඉන්න එක තමයි තියෙන්නේ

    ඊට පස්සේ දෙයියනේ කියලා කියල කාටහරි දේශපාලකයකුට වැඳලා වැඩ වැඩකරලා රස්සාවක් හැටියට ගුරුකමක් අරගෙන අපේ ළමයි ටිකක් අනාථ කරනවා එහෙම නැතිනම් රජයේ කාර්යාලයකට ගිහිල්ලා මෙලෝ වැඩකට නැතිව කාලය කන ගමන් රටේම ජනතාවගේ කාලේ විනාස කරනවා

    ReplyDelete
  13. රනිල් කොරයි ලබ්බක්, ගෝටා වගේ ආකල්ප තියෙන නායකයෙක් ආයි ලංකාවට ලැබෙන්නෙ නැහැ. මිනිහගෙ තිබ්බ හොද ආකල්ප වල තමයි system change එක සැබෑවටම තිබිබෙ.

    ලංකාවේ රාජ්‍ය සේවයේ දුර්වලකම් හදුනාගෙන ඒවට නිසි පිලියම් දෙන්න තැත්කලා. රජයේ ආයතන ලොක්කො ඔක්කොම ගත්තෙ වෘතීමය හා අධ්‍යපන සුදුසු කම් මත. අපනයනය වැඩි කරන්න , ආදේශ බාන්ඩ අානයනය සීමා කරලා කර්මාන්ත වලට ඉඩ විවර කර පසුව ඒවා නැවත විවෘත කරන්න කල්පනා කරලා වැඩ කලා. කුඩු මාෆියාව බන්ධනාගාරෙ ඉදන්ම ආක්‍රමනය කලා,

    මේ කාලකන්නි Covid ආවෙනැත්නම් රට හොදට යනවා, සංචාරක කර්මාන්තය කඩා වැටීම හා විදේස රැකියාවල හිටිය ශ්‍රී ලංකිකයන් එවන මුදල් නොලැබීම් වලින්. කාබනික පොහොරයි, ටැක්ස් අඩුකරපු එකය් තමා කරපු එකම වැරදි දෙක. පී. බී ජයසුන්දර හිටපු තැන වෙන බුද්ධිමතෙක් හිටියනම් මේමුකුත් වෙන්නෙ නැහැ.
    නමුත් ගෝටා වැන් නායකයෙක් එලවාගන්න ඕන වුනේ කාටද කියලා සැමට පැහැදිලියි.කුඩු මුදලාලිලයි, කොටි ඩයස්පෝරාවයි එකතු වෙලා ස්ටාලින්, පෙරටුගාමි පරයෝ තමයි රටම ඇන්දුවේ.

    දැන් මොන system change ද? හරියට බලන්න. අවු. 70 දේසපාලනය මයි දැනුත්... නැද්ද කියපන්?

    ReplyDelete
  14. සමහර වෙලාවට මන් මන්ගැනම ගොඩක් පුදුම වෙනවා.!!

    මගේ වයසේ වෙන ළමයි එයාලගේ birthday වලට පොටෝශූට්ස් කරනවා birthday එක ගොඩක් ඉහලින් සමරනවා.

    මට birthday කියන්නේ තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. පෝන් එකට එන සුබපැතුම් වලට ස්තූතී කියලා අම්මා හදන දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්නවා.

    මගේ වයසේ ගොඩක් ළමයි මේ කාලේ ඇවිදලා, එයාලාගේ boy friend / girl friend එහෙම නැත්නන් එයාලගේ යාලුවෝ එක්ක ජීවීතේ පුලුවන් විදිහට විඳිනවා. ගොඩාක්‍ යාලුවෝ ඉන්නවා.

    මන් ජීවීතේ විදින්නේ එක්කෝ මගේ small circle එකේ ඉන්න මිනිස්සු ටිකත් එක්ක. එහෙම බැලුවාම මන් ආශ්‍රය කරන්නේ හරිම ටික පිරිසක්. උපරිම යාලුවෝ 5 දෙනයි. මගේ කාමරේ ඇතුලේ හොද රසවත් පොතක්, නැත්නන් හොද ෆිල්ම් එකක්, හිතවත්ම මිනිස්සු ටිකත් එක්ක පොඩි ට්‍රිප් එකක්, මේ ටිකෙන් තමයි මන් මගේ ජීවීතේ විඳින්නේ.

    හැමෝම තමන්ට ආවේණික උන ගතිලක්ෂණ අරගෙන තමා මේ ලෝකෙට එන්නේ. මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක්ට එයාලාගෙ සිතුම් පැතුම්, ඇදුම් පැළඳුම් , හිතන විදිහ, හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුලුවන්.

    හැම කෙනෙක්ගෙම ඒ වෙනසට ගරු කරන්න පුරුදු වෙන්න. හැම මනුස්සයෙක්ගෙම vibe එක, එයා ජීවීතේ දකින විදිහට වෙනස් කියලා හිතන්න. එතකොට අපිට අපේ හිත් රිදවගන්නේ නැතුව ජීවත් වෙන්න ලේසි වෙයි.🌻✨️

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න