.

.

Sep 23, 2024

අන්‍රයියා වෙත ලියමි....

 


2024 - 09 - 24


අන්‍රයියා වෙත ලියමි

➖➖➖➖➖➖❤️➖


තෙරුවන් සරණයි !


මුලින්ම අන්‍රයියාට ස්තූතීවන්ත වන්නේ.... ඔහේ හා එක්වීමට පැමිණි ඩලස් කොටා, රිලාසිරි හා පාඨලී වැනි දේශපාලනික වශයෙන් අනාත.. වදකහ ගොබ්බයන් පැලවත්ත පැත්ත පලාතේ වැද්දා ගන්නේ නැතිව... තනිවම ගහපු ගේමටය. එය එදා මෙදා තුර ලංකාවේ කිසිම වාමාංශිකයකුට හෝ ලබාගැන්මට නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණයක්මය.


අනික් ඉල්ලාගෙනම කෑ හාල්පාරුවෝ... මේ මූසල කොඩිවින හැත්ත ඔඩොක්කුවේ දාගත්තේ උත්සව තියලා ඇග්‍රීමන්ටුත් ගසලාය. ඒ ඇග්‍රීමන්ට් ගහන්නේ මක්කටෙයි කියා ඔහෙයි මායි දැනගත්තාම හොදටෝම ඇතිය. ඕකුන්ට ඕනා රට ගොඩගැනිම නොව ඕකුන්ගේ බෑන්ක් එකවුන්ට් ගොඩගැනීමය.


ඒ නිසා සංධාන අරදාන මේදාන මළදාන නැති ඒ ජය.... මාවර්ලැස්මය, ඇක්සලන්ට්‍මය, ග්‍රේටස්ට්ය.


ආදරේට අන්‍රයියා කිව්වාට ඔහේ මට වඩා බාලය.. හැම පක්ෂයේ වගේම ජෙප්පෝ අතරේත් මගේ ප්‍රියතමයෝ සිටියේය...  ලාල්, සමන්ත විජ්ජාරතන හා අන්‍රයියා ඒ අතර හෙටත් ඉන්නේය.. ජනපතිවරණය හැර අනෙක් චන්ද වලදි ඔහේලාට චන්දෙත් දී තිබුනාට.... ඔහේලා අපට එපාම කරලා දැම්මේ ඔහේගේ බුකි බලකායය. 


ඔහේට ඔවුන්ගේ Coprophagia රෝගයට පිළියම් කළ හැකියාවක් තිබුනේ වී නම්..... ඔහේගේ චන්ද පෙතිසතේ මීට වඩා වැඩි කර ගන්නටද හැකියාවක් තිබුනේය.


කෙසේ හෝ ඔබ ජනා වේ යැයි කියා මා කිසි දිනක සිතුවේ නැතිය. අවංකවම මා හිතුවේ ලක්ෂ 25 ක උපරිමයක් ලැබේය කියලාය. එහෙත් ඔහේට වගේම අපටද ගණිතය බැරි බව අද ඔප්පු වී අවසානය. වැඩේ හරියටම කළේ යූ ටියුබ් සුදා විතරය. හැමෝම ඌට බැන්නාට මම ඌට මක්කත්ම නොකීවේ එනිසාය. ඌ පෙන්නුවේ මහපොලොවේ පැවති යතාර්තයය.


එහෙත් ඔහේ මේ ඔක්කෝටම වඩා.... මේ රටේ කුහකයන්ගේ සිත් දිනාගැනීමේ රහස දැන හුන්නේය. ඒක අර සත්තු එක්ක කතා කොරනා සාස්තරේ දැන හුන් දොස්තර හොඳ හිතගේ දක්ෂතාවයටත් එහා ගිය දස්කමක් බව මා කිහිප විටක්ම ලියා තැබුවේය.


එය ඔබ තනිව අධ්‍යයනට කොට ලබාගත් හැකියාවක්ද, දේශපාලන බල මණ්ඩලේ හැකියාවක්ද, එසේත් නැතිනම් දේශීය හෝ විදේශීය මනෝ විශ්ලේෂකයින් ඔබට ලබා දුන් දෙයක්ද යන්න මා දන්නේ නැති මුත්, වැඩේ 100% ක්ම සාර්ථක බව ඔප්පු වී අවසානය.


එහෙත්, ලංකාවේ චන්ද දායකයින්ගෙන් 39% ක කුහකයින් පිරිසක් ඔබ වෙත චන්දය දී ඇත්තේ මේ රට ගොඩගැන්මට නොව... තමාට ඉහළින් ඉන්නා තම අසල්වැසියා, හිතවතා, මිත්‍රයා, ඥාතියා, සහෝදරයා, සහෝදරිය තමා සිටිනා තත්වයටත් වඩා පහළට ඇද දැමීමේ.... පරම වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්ම පමණක් බව ඔවුන් ඉතාමත් හොඳින් කියවා ගත් ඔහේත් දන්නවා ඇතිය.


ඒ නිසා ඔබ වඩාත් පරෙස්සම් විය යුත්තේ අප වැනි ඔබගේ පසමිතුරු පාර්ෂවයෙන් නොව... ඔය කුහක හැත්තගෙන් බව ඔබේ යහපතට ලියා තබනවාය.


විරුද්ධ මතධාරීන්ට හා ඔවුන්ගේ අදහස්වලට ඔහේගේ පාලනය තුල ඉඩක් තිබෙනවාය කියා ඔහේ කිව්වාට... බුකියේ නම් එහෙම තත්වයක් ඇති බවක් පෙනෙන්නට නැත්තේ දාන දාන පෝස්ට් එකට කෙලවෙන නිසාය.


කෙසේ හෝ මේකටත් එම ඉරණමම අත්වේදැයි කියා දන්නේ ඔහේගේ මඩ බලකාය හා Coprophagia රෝගීන් පිරිස පමණමය.


ඔහේ පොඩ්ඩක් බය වෙලා වගේ පේනවාය. එහෙම වෙන්නට ඕනේ නැතිය. දැන් ඔහේ මේ රටේ විධායක ජනාධිපතිය. සියල්ලෝ ඔහේට යටත්ය. රනිල් ලොක්කා කළ දේම ඉදිරියටම කරගෙන යන්නේ නම් කිසිඳු අවුලක් වන්නේ නැතිය. ඒවාට ඉතිහාසයේ පාඩම් තියෙනවාය.


ඔහේට සුපැතුම් එක්කල සැටලයිට් නෝනා හොඳම උදාහරණයය. උන්දෑ වමට සිග්නල් දමා දකුණට හරවා ගෙදර ගියේ ඉනින්ග්ස් දෙකම ගහලාය. අනික ඕනාවට වඩා සිම්පල් වෙන්නත් යන්න එපාය. ගෝටා පරිප්පු කෑවේ අහක යන නයි ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලටම ගෙනත් දමාගෙනය. ඒ නිසා තනතුරේ වරප්‍රසාද මෙන්ම ගෞරවයද පාච්චල් නොකළ යුතුමය.


කුහකයන්ගෙන් මිදී.... නිවිසැනසිල්ලේ... මේ රට මේ තත්වයෙන් ඉහළට ඔසවා තැබීමට.... කැම්පස් එකේදී අරවින්දයක් වූ ඔහේට.... රාජ්‍ය පාලනයේදී ඉන්ද්‍රජිත් කෙනෙක් වේවායි ඉත සිතින් පතන්නේ.... 


රාජ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, ධනවාදයට, ලිබරල්වාදයට මෙන්ම... ඔහේටත් කවදත් හිතැති....


මහාචාර්‍ය මාතලන්


.

Aug 15, 2024

ඔබට මතක නැති මට අමතක නැති තඹුත්තේ ගමයාගේ ඩිජිටල් සමිට්

 


ඔබට මතක නැති මට අමතක නැති

තඹුත්තේ ගමයාගේ

ඩිජිටල් සමිට්

➖➖➖➖⭕➖


නොදන්නා මළහත්තිලව් කතා කරන්නට ගොස් නා ගැනීමේ පිකාසෝලා බවට ජෙප්පෝ පත් වී බොහෝ කල් වෙනවාය....


උන් ත්‍රීකුණාමලෙන්, මිනිරන් ගැෆයිට් කිරීමෙන්, සල්ෆියුරික් අම්ලයෙන් රට ගොඩගන්නවා කියා.... හත්පොලේම ගාගෙන නාගෙන අවසානය. උන්ගේ බයිලා දෙවනි වන්නේ... සියල්ල දෙන බවට පොරොන්දු දෙන සක්කරයාගේ පුතා වයිමා හෙවත් පුතානෝට විතරමය.


අන්තර්ජාලේ හොග් ගාලා ගියොත් ඔක්කොම විනාසයි කියූ... ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් යැයි කියූ ගං කබර හාල්පාරුවෝ... ඊයේ පෙරේදා තාජ් සමුද්‍රා හෝටලයේදී තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයින්ගේ සමුළුවක් පවත්වා.. ඊට පැමිණි වෘතීයවේදියෙක්ගෙන්ම එම සමුළුව පට්ට ෆේල් විකාරයක් බවට අසාගෙන.... හත් පොලේ ගා ගැනිම මේ දිනවල ගෑස් ටැංකියටත් වඩා ජනප්‍රිය මාත්තුරුකාවක් වී අවසානය.


මුලින්ම කිව යුත්තේ.... මේවාට එන බෙල්ලේ පාලුවට ඔළුවක් ඇතු අමු වදකහ ගොබ්වයන්.... මේවාට පැමිණීමට කලින් තම තමන්ගේ ඔළුව හා යටි පතුල් අතගා... කුර හා අං මතු වී ඇද්දැයි සොයා බලන ලෙසටය. උපතින් ලද පර්සනල් ඉෂුස් මේ කබරයන්ගේ මීටිමකට ගියාම අහෝසි වනවාට වඩා වෙන්නේ විනාශ වීම බව දැන් හෝ වටහා ගත යුතු වන්නේය....


අනුර කුමාර නම් හද්ද ළිං මැඩි ගං කබර තඹුත්තේ ගමරාල පාර්ලිමේන්තුව ඩිජිටල්කරණයට පමණක් නොව... රාජ්‍ය අංශයේ.... ආදායම් බදු දෙපාර්තමේන්තුව... රේගුව වැනි ආයතන  ඩිජිටල්කරණයට විරුද්ධව කතාකලා පමණක් නොව... තම වෘත්තීය සමිති ඊට විරුද්ධව මෙහෙයවු සතා බව අනෙක් ඩොන්කියන්ට අමතක වූවාට අපට නම් අමතක වන්නේ නැතිය.


එපමණක් නොව.... එම සමුළුවේ කතා බහට ලක් වූ ඩිජිටල් හැඳුනුම්පතට විරුද්ධ වූයේ... අපේ කුරවැසියන්ගේ ජීව දත්ත සියල්ලම ඉන්දියාව හොරා ගන්නවා යැයි කියාය. එය ඉන්දියාව නොමැතිව කලත්....  වර්ල්ඩ් වයිඩ් වෙබ් යන්නෙහි තේරුම නොදත් මෙවැනි ගං කබරුන්ට බියේ ඒවා අකුලා ගන්නා පාලකයෝද අමු ගවයන්මය.


මේ සමුළුවලට ආර්ථිකය ගැන පෙනී ඉන්න එකා ගේන්න බැරි නිසා.... ගෙනාවේ ජොස්තර නලින්ද ජයතිස්සය.... මෙලෝ අලබෝලයක් නොදන්නා ඒ යකාට කියන්න ඕනා ටික අර බුවා කිව්වේය.... මුන් සමාජයේ පිලිගැන්මක් ඇති වෛද්‍ය වෘත්තියටත් නිගාවකි.


ටැක්ස් ගැන කතා කොරන්න ගියේ.... මෙවැනි සංවාද වලදි හත්පොලේ නොව සර්වාංගයේම ගාගෙන නාගෙන හඬාගෙන පච වී යන චතුරංග අබේසිංහ මහා බුද්ධිමතානෝය. බුවාත් බ්ලා බ්ලා බ්ලැක් ෂීප් කියන්නට ගොස් වෘත්තියවේදියාගෙන් කන පැලෙන්නම අසා ගත්තේය.


මුන් නම් හද්ද ගං කබරු නිසා මේවා ගැන හිත හදාගත්තත්... ලංකාවේ ඔක්කොම පාසල් දරුවන්ට ටැබ් දෙන්න යන කොට විරුද්ධ වුනේ.... රෙන්න යන කොටත් ටැබ් එක අරගෙන යන දැන් දිලිත් එක්ක ඉස්මාර්ට් රටක් හදන්නට යන මංගොනාපිල වියතානෝ බවත් ලියා...


අෂීක්ලන්තේ ඩිජිටල්කරණ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......


.

Aug 12, 2024

කුමාරවරුන්ට මක්කා වේවිද? (පුතානෝ, පියානෝ හා මයිනෝ)

 


කුමාරවරුන්ට මක්කා වේවිද?

(පුතානෝ, පියානෝ හා මයිනෝ)

➖➖➖➖➖➖➖➖➖➖🔵➖


මෙවර ජනාධිපතිවරණය සඳහා කුමාරවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින්නේය.. දෙදෙනෙක් පිය උරුමයෙන් කුමාරවරුන් වනාතර.... අනෙකා දේශබන්දු තෙන්නකෝන් මෙන් "බර්ත් සැටිපිකේට්" කුමාරයෙක්‍ය... ඇත්තටම එයා රාජ කුමාරයෙක් නොව... ගමේ කොල්ලෙක්‍ය... ගම තඹුත්තේමය.... අනෙකා උපතින්ම රජ පරපුරේ වුනත් කුමාරයෙක් නොව බෑනා කෙනෙකි...


අප මේ පල් හෑල්ලේදී සලකා බලන්නේ... කුමාරවරුන් දෙදෙනා වන සජිත් හා නාමල් ගැනය. එනම් පුතානෝ හා පොඩි මයිනා ගැනය.... දෙදෙනාගේම පියානෝලා රටේ මහ රජ්ජුරුවෝ වූ අතර... දෙදෙනාම දක්ෂ හා දරුණු ඝනයේ පාලකයන්ද විය... එකෙක් දකුණේ ත්‍රස්තවාදය විනාශ කල අතර... අනෙකා ඊට වඩා දස දහස් ගුණයකින් බලවත්.... එවකට ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය.


නාමල් දේශපාලනයට එන්නේ පරදින බව දැන දැනත් දේශපාලන අනාගතයක් ගොඩනගා ගැන්මටය යන්න දේශපාලන විස්ලේසොකයින්ගේ මතයය... එහෙත් ඔහුට එය කළ හැකි වේද යන්න අවිස්වාසබල්‍ය.


ඔහුගේ වන්දිභඨ්ඨයන්, කේවට්ටයන් හා සට්ටැම්බිරාළ වරුන් ඔහුට කරන්නේ විනාශයක්ම මිස සුගතියක් නොවේමය.

දේශපාලන විකාරකයින්ට අනුව මේ පෙන්නන්නේ බයිස්කෝප් එකක් නම් ඒක මහා ප්‍රචාරයක් දී පෙන්වූ මයි රෙඩ් කොම්‍රෙඩ් ජාතියේ බංකොලොත් බයිස්කෝප්පෙකක් බව කියන්නේ බොහෝ කනගාටුවෙන්‍ය.


සජිත්ගේ පියාද රටේ ජනාධිපති වූ මුත්... පියානෝ රජ කළ සමයේ ඔහු උන්නේ එංගලන්තයේය. එබැවින් ඔහු රටේ දේශපාලනයට කිසිඳු අයුරකින් සහභාගී නොවුනාක් මෙන්ම... එම නිසාම බලයෙන් මත් වී පිස්සු කෙලින්නට නොගියේය. නිධන් කතා හා ගෑණූ කේස් එකක් දෙකක් ගැන ගොසිපක් ගියද... ඒවා කිසිවක් වැදගත් මාතෘකා වූයේද නැතිය.


එබැවින් රනිල්ගෙන් පසු ලෙහෙසියෙන්ම පක්ෂයේ නායකත්වය ලබා ගැනීමේ හැකියාව ඔහු කොහොමත් ගොඩ නගා ගත්තේ ... පාක්ෂිකයන් අතර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ නිසාත්... නායකත්ව ගුණාංග වඩ වඩාත් ප්‍රකට කළ නිසාත්මය. 


ඔහු දේශපාලන වශයෙන් කෙතරම් බලවත් පුද්ගලයකුද යන්න ඔහු පෙන්නුවේ පක්ෂය කඩාගෙන ගොස් සජබය ගොඩනගා පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීය.


නාමල්ටද එවන් තත්වයක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුනද... රාජපක්ෂලාගේ මෙන්ම නාමල්ගේද උද්දච්ඡ කම හේතුවෙන් එම අනගි අවස්ථාව ඔහු අහිමි කරගත් බව මාතලන්ගේ මතයය.


ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන බව ප්‍රකාෂ කිරීමෙන් ඉනික්බිති මොළ හතක් ඇති උන්නැහේට මෙන්ම හිටපු රජාටද කරන්න තිබුනේ.... අඩි එකක් නොව දහයක්ම පස්සට ගෙන.... කට පුප වසාගෙන මැදමුලනට වී කුරහන් තලපයක් විකාගෙන.... මේ ආතල් එක දිහා බලාගෙන ඉන්නා එකය.


එහෙත් ඒ වෙනුවට රාජපක්ෂලා කළේ.... තම ගෝල බාලයො සියල්ලෝම තරහා කර ගන්නා එකය. 


ඇත්තටම ඔවුන්ට මහින්ද හා බැසිල්ගේ ගෙම්බර් බල බලා මැදමුලන වහලුන් මෙන් ඉන්නට සිඳු වූවත්.. මහින්ද මහත්තයාගේ මනුස්ස කම නිසා ඔවුන් එය ඉවසාගෙන උන්නේය.


එහෙත් බලය ඇති කාළයේ පිස්සු කෙලිමින්... පක්ෂයේ වැඩිහිටි මන්ත්‍රිවරුන්ටද අයියා පාට් දමමින්.... මහින්ද මහත්තයාත් විනාශ කළ නාමල් සමඟ.... පක්ෂය වෙනුවෙන් කට්ට කෑ පමණක් නොව මැයි 9 වනදා තම තමන් හරි හම්බ කරගත් දේපලද අහිමි කරගත් වුන් සිටියේ මලෙන් බවත් ප්‍රසිද්ධ රහසක්මය. ඒ බව කියන්නේ අප නොව රජපක්ෂලා වානා කියූ අයමය....


උනුත් බල බලා උන්නේ.... රාජපක්ෂලාට මෙන්ම විශේෂයෙන් නාමල් හා බැසිල්ට පාඩමක් උගන්වන්න අවස්ථාවක් ලැබෙනා තෙක්‍ය....


සාමාන්‍යයෙන් දේශපාලුවන්ට මොළේ නැතෙයි කියන්නේ බලය ඇති වෙලාවේය. එහෙත්, මහින්ද බැසිල් මෙන්ම නාමල්ද පෙන්නුවේ.... ඔවුන්ට බලය නැති වේලාවේත් මොළේ කළඳක් හෝ නැති බවය.


එම නිසා සජිත් සෙමෙන් සෙමෙන් ආ ගමන.... නාමල්ට පැමිණිය හැකි වේයයි මාතලන් නම් සිතන්නේ නැතිය.... එය, සෑම අතින්ම සජිත්ට වඩා දේශපාලනය හා අනෙකුත් විශයයන් පිළිබඳව පරිචයක් තිබූ තරුණ නායකයකුට කළ අපරාධයක් බවද නොකියා සිටිය නොහැකිය...


ඒ වගත් මෙසේය...

.

Aug 10, 2024

බංගලි අරගලියන්ස් දෙන ආතල්... මරු ඕයි....


 

බංගලි අරගලියන්ස් දෙන ආතල්...

මරු ඕයි....

➖➖😁➖


ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ කියලා ඉස්සර කිව්වට..... දැන් නම් කියන්න වෙන්නේ... "ආතල් තිබෙන්නේ කොයි කොයි දේසේ..... ඒවා තියෙන්නේ බංගලි දේසේ..." කියලාය.


දැන් එහේ රට පාලනය කරන්නේ... රටක බුද්ධිමත්ම ප්‍රජාව වන කැම්පස් ශිෂ්ණ ශිෂ්ණාවෝය. පාලනය ග්‍රාමීන් යූනූස්ට දුන්නාට.... යූනුස් නටන්නේ ඒ ශිෂ්ණ ශිෂ්ණාවන්ගේ පදේට බව සනාත වී අවසානය... උන්දෑ වොයිස් කට් දිදී හොටු පෙරාන අඬනා  විට....ඔහු වටේ හොටු පිහිදාන්නට ඉන්නේත්.... අර රටක බුද්ධිමත්ම කොට්ඨාසයය.


එයාලා දැන් රාජ්‍යයේ පාලනය මෙන්ම, මාර්ගයේ පාලනයද අතට අරගෙන අහවරය. එමෙන්ම මිළ පාලනය කරන්නේද ඔවුන්‍ය. ලාබයක් තබාගෙන බිස්නස් කරන්න බැරිය. ඒවා කඩ කරනා උන්ට නඩු අසා දඬුවම් දෙන්නේද එයාලාය.

එපමණක් නොව කාන්තාවන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක තීරණය කරන්නේ ඒ ප්‍රජාවය.


මේ වැඩෙන් පසු අධිකරණයක් හා මහ බැංකුවක් අම්මගෙ රෙද්දටද කියා ඔවුන්ගේ ශූර බුද්ධියට වැටහෙන්නට වැඩි  කල් නොගියේය. ඒ නිසා පැයක් ඇතුලත අධිකරණයේ මහ එකාටයි මහ බැංකුවේ මහ එකාටයි කීවේ හෙලිවැල්ලෙන් පාලමක එල්ලෙනවාද නැත්නම් තොපි දෙන්නා මාරු වෙනවාද කියාය.


රටේ නීතිය, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකිය භාවය හා බව් බව්මික අන්ඩවාතයට වඩා උන්ගේ උන්ඩුකපුච්ඡය වටිනා බව තේරුම් ගත් උන් කලේ... වහාම ඉල්ලා අස්වී මේ බුද්ධිමත් ප්‍රජාවට ඒ "උක්තේරීතර ආයතනත් බාර දීමය.  


හෙටානිද්දා වෙන විට... එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝල් රූම් එකත් අනිවාර්‍යයෙන් ඔවුන් අතට පත්වනු ඇත්තේය.


පොලීසියට වැඩේ දී අහවර නිසාත්.... පොලීසියේ තිබූ වෙපන් ඔක්කොම ටික උන් ළඟ නිසාත්... මුන් මීළඟට ගේම ඉල්ලන්නේ හමුදාව එක්කය. 


සමහර විට ඔවුන් බුද්ධිමත් කොට්ඨාසය නිසා... කුමන්ත්‍රණය පටන් ගත්තේ අධිකරණය හා හමුදාව බවත් ඔවුන්ට අවබෝධ වන්නට ඇතිය.... ඒ නිසා උන්ටත් ෂොට් එක දුන්නායින් පස්සේ..


සමස්ත බංගලාදේශයම කැම්පස් එකක් කොට...  ගිනස් වාර්ථා පොතේ නම සඳහන් වෙන කොට.... මෙහේ අරගලයේ වුන් බුද්ධිමත්ම කොට්ඨාසයට විලි ලැජ්ජාවක් ඇති වී.... ලාල් සහෝදරයා අදටත් කියන්නේ ඇත්ත නේ ඕයි කියා හිතෙනෙක අනිවාර්‍යය.


ඒ උනාට අනෙක් පිරිසට.... අනේ අපිටත් මෙහෙම ආතල් නෑ නේ ඕයි කියා... ඉච්ඡාභංගත්ව මානසික තත්වයකට වැටී හිත් නරක් කර ගැනීමට අවශ්‍යතාවයක් නැත්තේ....


සැප්තැම්බර් 22 වනදායින් පස්සේ ගව පාලනයටවත් සුදුසු නැති පිරිසක් විසින්..... මේ සෙල්ලම මේ ලෙසම ක්‍රියාත්මක කරනූ බලාගන්නට පුලුවන් වන නිසාත්... ගමේ ත්‍රී වීල් පාක් එකේ නඩු බලවා... තීන්දූ තීරණ දී... දඬුවම් පැමිණවීමෙන් ඉක්බිති... හෙල්මට් බලකාය විසින් ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්‍ය....


එකම කනගාටුවට කරුණ නම්.... බංගලිදේසේ මෙන් රටේ බුද්ධිමත්ම ප්‍රජාවට ඒ ක්‍රෙඩිට් එක හිමි නොවීමත් උන්ටද වින්දිතයින් වීමට සිඳුවීමත්‍ය.


මේ බව තේරුම් ගත් මාතලන් කළේ.... ෆුල් ෆේස් හෙල්මට් එකක් වහ වහාම මිළ දී ගත්තෙකය... ඒ ඇයි කියා සැප්තැම්බර් මස 22 වනදා ඔබට අවබෝධ වනු ඇත්තේය...


ඒ වගත් මෙසේය...

.

Aug 7, 2024

රට තවත් බංගලාදේශයක් වුවහොත්, සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

 


රට තවත් බංගලාදේශයක් වුවහොත්,

සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


අප දේශපාලන මතවාදමය වශයෙන් කුමන මතයක් දැරූවද... මහපොලොවේ යතාර්ථය හා රියැලටිය ලියා තැබීම පුරවැසියකු වශයෙන් මාතලන්ගේ යුතුකමක් වන්නේය. 

එය දේශපාලුවන්ට පච දෙසමින් ආතල් දෙනවාට වඩා....කටුක හා අප්‍රසන්න දෙයක් වුවද... මාතලන් අදහන පරිදි, එය සත්‍යවාදී පුරවැසියකුගේ යුතුකම වන්නේය.


ජවිපේ සමඟ අපේ කිසිඳු ආරෝවක් නැති මුත්... ඔවුන්ට මේ රට තබා තිස්ස ප්‍රාදේශීයවත් පාලනය කිරීමට නොහැකි පිරිසක් මෙන්ම... කිසිඳු විශයයක් ගැන ප්‍රාමාණික දැණීමක් හෝ කියවීමක් තබා.... සාමාන්‍ය දැණීමක් හෝ නොමැති තවත් ජනප්‍රියවාදි දේශපාලුවන් පිරිසක් පමණක්ම බව ඔවුන් විසින්ම ඔප්පු කොට අවසානය.. 


එහෙත්.... යම් හෙයකින් ජවිපේ පාලනයක් පැමිණියහොත්.... එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මාතලන් කිහිප වරක්ම ලියා ඇති අතර, ජවිපේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම බුකිවාසීන්ගේ ප්‍රකාෂ තුලින්ද ප්‍රත්‍යක්ෂ වී අවසානය. 


ඔවුන් බලයට පැමිණි විගසම.... බංගලාදේශයේ මේ මොහොතේ සිඳුවෙමින් පවතින මිලේච්ඡ කෘරත්වය.... මෙරට දේශපාලන විරුද්ධවාදීන්ටද අත්වන බවට සහතික කොට අවසානය. 


එය කිසිසේත් සුළුවෙන් සැලකිය යුතු නැති අතර, සිඳුවීමට නියමිත එම ක්‍රියාදාමයම බව ඔවුන් විසින් මැයි 9 වනදා කළ පෙරහුරුව මගින්ද ප්‍රත්‍යක්ෂ කොටද අවසානය.


කරුමය නම්.... දක්ෂිනාංශික දේශපාලන පක්ෂවල නායකයන්ට මෙන්ම... ජවිපෙට සහාය දක්වන මානව හිතවාදී සිවිල් ක්‍රියාකාරීන්ට හා සංවිධානවලට... මෙය තේරුම් ගැනීමට නොහැකිවීමය . එය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවාසනාවක උරුමයය.


මොකා මොන බයිලා ගැහුවත්... කුමන කැම්පේන් කලත්.... අනුර කුමාර දිසානායක හා ජවිපේ වටා ඇති වූ ජනරැල්ල... බිඳුවකින් හෝ අඬු වී නැති බව... සාමාන්‍ය ජනතාව අතරේ ජීවත් වන ගෝනා ඔනෙකුට වුවත් තේරුම් ගත හැකි කාරණයක්‍ය.... අහන අහනෙකා කියන්නේ උන් දෙන්නේ ජවිපෙට බවය... මෙහි වඩාත්ම අනතුරුදායක තත්වය නම්... හමුදාවේ හා පොලීසියේ මතයද මෙයම වීමය. ඒ ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ හා සංවිධානයේ ශක්තිය හා දක්ෂතාවයය. මා දන්නා පරිදි රාජ්‍ය බුද්ධි අංශ විසින්ද මේ පිළිබඳව අදාල අංශ දැණුම්වත් කොට අවසානය.


එම ජනතාවට.... රට අස්තාවර වූ මොහොතේ  අනුර හෝ සජිත් හෝ රටේ හා අර්ථිකයේ වගකීම බාර නොගෙන මාරුවී පලා යාම්  මෙන්ම.... එදිනෙදා ජන ජීවිතයේ පැවති දුෂ්කරතා හෙවත්, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ලයිට් කැපීම්, කොවිඩ් හා අධි උද්ධමනය ගැන.... දැන් වගේ වගක් ඇත්තේ නැතිය.


ඒ.... එම  ගැටළු සියල්ලටම... රනිල් වික්‍රමසිංහ හා ඇමති මණ්ඩලය විසින් මේ මොහොත වන විට විසඳුම් දී අවසන් නිසාය. ජහ මනයා හිතන්නේ දැන් තව දුරටත් ඒවා දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ නොවේ කියාය. ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ 2019 තිබුන ගානට කොත්තු කෑමේ දොලදුකක් පමණක්මය.


ජෙප්පන්ට තබා සක්කරයාටවත් ඒ ගානට කොත්තු දිය නොහැකි වුවත් උන් හිතන්නේ අනුර කුමාර සහෝදරයා ආවාම තව්තිසාව ඉබේ පහල වේ යැයි කියලාය. මේ තත්වය නම් උන්නැහේලාටත් අනතුරුදායක මුත් බලය රඳවා ගන්නේ මර්ධනය තුලින් බවද ඔවුන් ප්‍රකාෂ කොට අවසානය.


උන් හිතන්නේ රනිල් ඒවා විසඳුවේ ජනතාවටම බදු ගසා එකතු කරගත් මුදලින් සහ ඩොලර් බිලියන 80 ක්ව පැවති ණය කන්දරාව... ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩි කිරීමෙන් කියලාය. ජවිපේ විසින් පැතිරූ මේ බොරු දැන් පයිත්තියම් වී අවසානය.


ඊට හේතුව මේවාට උත්තර දීමට ආන්ඩුවේ ප්‍රචාරණ අංශයට කිසිඳු වැඩපිලිවලක් නොමැති වීමත්... ඒ සඳහා එවන් විශ්වාසවන්ත පිරිසක් නොමැති වීමත්‍ය. 


මෙතෙක් සජිත් හා රනිල් අතරේ බෙදුන ජවිපේ විරෝධී දක්ෂිණාංශික චන්ද ගොඩ... නාමල්ගේ පැමිණීමත් සමඟ දැන් තිදෙනෙකු අතරේ බෙදියාමද අනුර කුමාරගේ ජයග්‍රහණය තවත් තහවුරු කරනා සාධකයක් බව තේරුම් ගත හැකි එකෙකුට තේරුම් ගැනීම සඳහා ලියා තැබිය යුතුමය. මන්ද යත් මොවුන්ට චන්දය ප්‍රකාෂ කරනා උන්ගේ දෙවන මනාපයද ජවිපේ නිසාය.


එම නිසා.... දක්ෂිණාංශික දේශපාලුවන්ට තම ජීවිත හා දේපල බේරාගැනීමට අවශ්‍ය නම්... මේ මොහොතේ කළයුතු වඩාත්ම නිවැරදි දේ නම්... සියළු වාද බේද පසෙක තබා මේ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීම මිස... එකිනෙකාගේ රෙදි ගලවා ගනිමින්.... තම තමන්ගේ පෞද්ගලික ඇරියස් කවර් කර ගනිමින්.... ජනතාවට හා මයික් වලට අන් ගෝතල් දෙමින්.... වාමවාදි කඳවුරේ චන්ද ප්‍රතිශතය තව තවත් වැඩි කොට අමරකීර්ති අතුකෝරාල ගිය මඟ යෑම නොවේය...


මොවුන්ට එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නොමැති හෙයින්... ඔවුන් වටා එක් වී ඇති බලවේග හා සංවිධාන විසින් හෝ මේ බව ඔවුන්ට අවබෝධ කර දීම... මේ මොහොතේ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන්ද කළ හැකි මහඟු යුතුකම වන්නේය....


ඒ වගත් මෙසේය.....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ 


.

Aug 5, 2024

බංගලි පරිප්පූ


 

බංගලි පරිප්පු

➖➖➖➖🔴


ඉල්ලයි චන්දෙ ජෝකර් සහ    මනප්පු

පස්සෙන් යනෝ ගව රැල වී    කුලප්පූ

කන්නම ඕන නම් බංගලි         පරිප්පු

දීලා පව් ගෙවමු විඳගෙන         වලිප්පූ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි


.

Jul 31, 2024

ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා, මහින්ද චින්තනය සහ සිහල බෞද්ධ බලවේගය


 ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා,

මහින්ද චින්තනය සහ

සිහල බෞද්ධ බලවේගය 

➖➖➖➖➖➖➖⭕➖


යුධ ජයග්‍රහණයෙන් පස්සේ රටේ දළ දේශීය නිශ්පාදනය 100% වැඩි කරපු මහින්ද මහත්තයා තමයි අද ඔය කොළඹ ඇස් දෙකට පේන මහා සංවර්ධනය ඇති කළේ. ඒවා අමතක වෙන්න නම් දේශපාලන කුහකයෝ වෙන්න ඕන.


හැබයි ඔය නෙළුම් කුළුණ තියෙන ඩී ආර් විජේවර්ධන පාර කැසිනෝ පුරවරයක් කරන්න, කැසිනෝ රජෙක් වෙච්චි ඔට්ටේලියාවේ ජේම්ස් පැකර් මෙහේ ආයෝජනය කරන්න ලෑස්ති වෙන කොටම.... මහා සංඝයාගෙන් ආපූ විරෝධතාවය හමුවේ ලොක්කා වැඩේ අකුලා ගත්තා. 


ඒ සූදූ කාරයොන්ට මෙහේ එන්න දෙන්න බැරියෙයි කියලා සි බෞ බලවේගයට බයේ.


එහෙම කලා නම් මේ ආර්ථික අර්බුධ ඇති වෙන්නේ නෑ කීයටවත්. දැන් ඔය ජෙප්පොත් කළු සල්ලි සුදු කරන්න ලෑස්ති වෙන්නේ.


හැබයි ඉතින් ධම්මිකටම වැඩේ ගෙඩිය පිටින් කර ගන්න දීලා... ලොක්කම ඒ වැඩේ කලාද කියන්නත් බැරි.. ලොක්කා එහෙමට බුවා නිසා... ලොක්කටත් වඩා බැසිල් අයියා එහෙම බුවා නිසා...


මේ රටේ ආර්ථිකය මේ බව සසරෙදි ගොඩ දාන්න නොදෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා.


1. සිහල බෞද්ධ බලවේගය -

මේකට අති ගෞරවනීය මහා සංඝ රත්නය, විමල් වීරවංශ, මංගොනාපිල වගේ බුවාලා මෙන්ම දිලිත් ජයවීර හා මෑතක ඉඳන් නාමල් රාජපක්ෂත් අයිතියි. එයාලා "ජාතික සම්පත්" කියලා පාඩු ලබන බංකොලොත් ආයතන විකුණගෙන කන්න එපා කියන්නේ ඒවට තියෙන ආදරයකට නෙමෙයි... එයාලගෙ අයව ඒවට දාගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන කන්න පුලුවන් නිසා.


2. ජවිපේ

එයාලා හැම එකටම විරුද්ධයි... හැබයි ඒකම එයාලා කලාට කිසි අවුලක් නෑ....


කෙසේ හෝ අර මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි උන්නැහේ වගේම... කාදිනල් ඕමල්පේ සෝභිත උන්නාන්සේ කියනවා වගේ... සිහල බෞද්ධ බලවේගය දැන් නැතිය, සිහල බෞද්ධ බලවේගය කියන්නේ සෙලවෙන මනසය වගේ හැඟීමක් පොහොට්ටුවේ දේශපාලන බල මණ්ඩලය වෙන.... රාජපක්ෂ පවුලටත් අවබෝධ වෙලා වගේ.


නැත්නම් සූදූ කෙලින කැසිනෝ රජා වෙච්චි ධම්මික පෙරේරා.... එයාලගෙ ජනාධිපති අපේක්ෂකයා කරයිද අප්පා....


අන්‌තෝ ජටා බහි ජටා 

ජටාය ජටිතා පජා

තං තං ගෝතම පුච්‌ඡාමි 

කෝ ඉමං විජටයේ ජටන්‌ති 


“පෝට්ටුව ඇතුළෙ තියෙන්නෙ අවුලක්. 

පිට තියෙන්නෙත් අවුලක්. 

මේ සත්ව ප්‍රජාව, අවුලෙන් අවුල් වෙලයි ඉන්නෙ. 

පින්වත් ගෞතමයන් වහන්ස, 

මං ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි, ඇත්තෙන්ම මේ අවුල ලිහාගන්නෙ කවුද?”


.

Jul 29, 2024

බේකින් නිව්ස්... මහින්ද හරි පව්...

 

බේකින් නිව්ස්...

මහින්ද හරි පව්...

➖➖➖➖➖😭➖


🔹මාතලන් තවමත් සිතන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැතෙයි කියලාය. ඒ සඳහා අවශ්‍යවන අඩුම කුඩුම රාශියක් මේ මොහොතේ ක්‍රියාත්මකය.


🔹මහින්දගේ රැස් වලල්ල දැන් පත්තු වෙන්නේ නැති බව ඊයේ පැහැදිලි විය... මහින්ද මහත්තයා දැන් යන්නේ නෙවිල්ගේ ජැනරේටර් බලයෙන් බව මා කලින් ලීවේය. බැහැපු බැස්ටි කෑලි දෙක ශිරන්ති මැඩම් ළඟය.


🔹පොහොට්ටුව දිව්වේ මහින්ද මහත්තයාගේ ආනුභාවයෙන් මිස...ශිරන්ති, නාමල්, බැසිල් හෝ පවුලේ අනෙක් අයගේ පවර් වලින් නෙමේය. හැබයි එයාලා කරන තරමක් පිස්සු කෙලියේද ඒ ආනුභාවයෙන්මය.


🔹ඔවුන් මහින්ද මහත්තයාට කෙලියේ ඊයේ නොව, මැයි 9 වනදාය. බහුතරයක් බයියෝ මහින්ද හැර ගියේ එදාය. ඒ වැඩේ කළේ මහින්ද නොව ශිරන්ති යෝශිත හා බැසිල් ප්‍රමුඛ කණ්ඩායමය.


🔹ඒ බව දැනගෙන සිටී ගෝටා කළේ තොපි ඉල්ලගෙන පරිප්පු කන්න ආවා නම් හොදිත් එක්කම කාපියව් කියා... ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න කියා... ඇඳිරි නීතියවත් පනවන්නේ නැතිව බයියන්ගේ ගෙවල් ගිනි තියන ඒවා බල බලා හිකෙන් පුනා වෙන එකය. ඇත්තටම ගෝටාටත් අවශ්‍ය වුනේ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් අතු ගා දමන්ටය. ගෝටා කෑවේ සුපිරිම ළණුවක් කියනා එක වෙනම කතාන්දරයක්‍ය. 


🔹ඊයේ දිනයේදී පොහොට්ටුවේ "දේශපාලන බල මණ්ඩලේ" කියා "රාජපක්ෂ පවුල" සහ ඔවුන්ගේ සට්ටම්බිරාළලා විජේරාම පාරට රැස්වුනේ, ශ්‍රී ලංකා දේශපාලන කතාවේ, රාජපක්ෂ පරිච්ඡේදයේ, අවසන් පිටු කිහිපය ලියන්නටය.


🔹හැබයි පොහොට්ටුවේ 90% උන්නේ රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේය. එයාලා කාගේ වත්තෙ මල් කඩන්නේ... කියා කලින්ම තීරණය කර තිබිනි. මල් තියෙන්නේ මල් පාරේ බවත්... නැට්ට තියෙන්නෙ නාමල් ළඟ බවත් දිළුම් අමුණුගම කීවේ ඒ නිසාය.


🔹සාගර කාරියවසම්, ටුවෙන්ටි පර්සන්ට් බන්ඩාර හා මොළ හතානෝට දැන් වෙන්නේ විනය තකා ගන්නටය. මොකෝ මනුස්ස කමට "දේශපාලන බල මණ්ඩල" රැස්සිමටත් ගිය ඇස් බීන් මහතා, සවස් වරුවේ මල් පාරේ මල් නෙලන්නට පැමිණ උන්නේය. ඒ රනිල්ගේ වැඩය.


🔹කොහොමත් අනෙක් පක්ෂ වල සහාය අවශ්‍ය නම්... ඒ පක්ෂ වල මහ උන් මුල සිටම රනිල්ට කිව්වේ... රාජපක්ෂ හොරු ටික හලලා එන්නටෙයි කියලාය. රනිල් උන්නේ මුන් ටික හලාගන්නේ කෙසේද කියලාය. ඒ නිසා බැසිල්ගේ හා නාමල්ගේ ඩිමාන්ඩ්ස් උන්නැයේ පඩේකට මායිම් කළේ නැතිය.


🔹76% වන ජනතාවද කියා ඇත්තේ, රනිල් හොරු රැක්කොත් එයාලාගේ චන්දය රනිල්ට දෙන්න බැරියෙයි කියලාය. සමීක්ෂණ ප්‍රතිපලය, අද ඩේලිමිරර් පත්‍තරේ තිබුනාට... කලින් සිටම මධ්‍යස්‍ත චන්ද දායකයින් පිරිස උන්නේ එම මතයේය.

🔹 පොහොට්ටුවේ උන්නේ ජනතාව සමඟ ඉතා සමීපව දේශපාලනය කරනා ජනතා නියෝජිතයින්‍ය. දැන් උන් සියල්ලෝම ඉන්නේ රනිල් සමඟය. සජිත් එක්ක ගියේ එහෙව් ජනපදනමක් නැති වියත් මඟ දිගේ ආ හාල්පාරුවෝය. උන් මුලින්ම ට්‍රයි කලේ ජේවීපී රැල්ලේ පීනන්නටය. හැබයි ජෙප්පෝ උන්ට පුප පෙන්නුවේය.


🔹ඇත්තටම මේ එකෙක්වත් අගමැති රනිල් දැකලා තිබ්බාට, විධායක ජනාධිපති රනිල් දැකලා තිබ්බේ නැතිය....


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය....


කපුටු කක්... කාක් කාක්...

ගොරක දේන්... දේන් දේන්...


.

Jul 23, 2024

ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය පොහොට්ටුව නොව, මහින්ද රාජපක්ෂය.

 


ජනාධිපතිවරණයේ 

තීරණාත්මක සාධකය

පොහොට්ටුව නොව, 

මහින්ද රාජපක්ෂය.

➖➖➖➖➖⭕➖


අරගලකාරයෝ මැයි 9 වනදා මහින්ද මහත්තයා හෙව්වේ... බදාගෙන උම්මා දෙන්න නෙමේය. හැබයි බැසිල්ලා නාමල්ලා හා එයාලාගේ පස්සෙන් යන මැක්කෝ ටික හිතාගෙන ඉන්නේ එදා තිරිකුණාමලේ මුහුද පිරෙන්න බෝට්ටූ බස්සා මහින්ද මහත්තයා හෙව්වේත්.... එයාර්පෝට් පාරේ ගාඩ් දාගෙන මහින්ද මහත්තයා හෙව්වේත්.. අමරකීර්තී අතුකෝරාල යැව්ව දිහා යවන්නට නොව, බදාගෙන උම්මා දෙන්නෙයි කියලාය.


එහෙව් රාජපක්ෂලා අද ජීවත් වෙන්නේ රනිල් වික්‍රමසිංහට පින් අත්වන්නටය. එහෙත් ප්‍රසන්න රණතුංග වටා එක්වූ බයි කඳවුර හැර සෙසු බයියන්ට දැන් ඒවා අමතකය.


ඒ අපේ ජාතියේ හැටිය. මේ තරම් ගුණමකු ජාතියක් තා ඉන්නවා නම් ඉන්නවා ඇත්තේ... බංගලාදේශයේ... ලිබියාවේ හා ඉරාකයේ වෙන්නැතිය. ඒකට... පාට පක්ෂ කුල මල ජාති ආගම් බේද කිසිවක් අදාල වෙන්නේත් නැතිය. 


දකුණේ ත්‍රස්තවාදය නිමාකොට රටට විශාල ආර්ථික වර්ධනයක් ගෙන ආ රණසිංහ ප්‍රේමදාස... ආමර් වීදියෙන් නිවන් ගිය දවසේ... පාර පුරා රතිඤ්ඤා දමා කිරිබත් කෑවේ අපේ ඒ ශ්‍රේෂ්ඨ ජාතියය.


ලෝකයේ එතෙක් මෙතෙක් පැවති මහා ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ, එදා රණවිරුවන් වූ හමුදාව අද වාතයක් වෙලා තියෙන්නේ එහෙව් ජාතියකටය. 


ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වියදම් කරන්නේ ඇයි කියා අසන්නේ ජහමනයාම නොව, උන්ගේ නායකයන් යැයි කියා ගන්නා... රටේ බලය ඉල්ලන පාර්ලිමේන්තුවේ ඉන්නා මී ගවයෝය. මහින්ද මහත්තයා කලේ මොනවාද කියා අසන්නෙත් ඒ වගේම නරුමයෝය.


තත්ත්වය එසේ වුවත්, ඔවුන්ටද ආදරය කරන පිරිසක්ද සිටිනා බවත් කිසිසේත් අමතක කළ යුතු නැතිය. අද සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටින්නේ... එදා රණසිංහ ප්‍රේමදාසට ආදරය කළ පොඩි මිනිසාය. ආන් ඒ වාගේ...  මහින්ද මහත්තයාටත් ආදරය කරන බයියෝ සැට්ටෙකක් තවමත් සිටිනවාය. මහින්ද මහත්තයා නිසා උන් අනාගතයේදී නාමල්ටත් ආදරය කරන්නට ඉඩ තියෙනවාය.


එහෙත්... ගුණමකු රාජපක්ෂ බයියෝ.. ජෙප්පෝ හා එක් උනේය. උන්ටත් වරදක් හෝ දොසක් කියන්නට බැරි හේතුවත් රාජපක්ෂලාමය. 


මැයි නම වන දා රාජපක්ෂලා  හිතුවේ එයාලගේ ජීවිත ගැන විතරය. බංගලාදේශයේ මෙන් රට පුරාඇඳිරි නීතිය දමා බංගලාදේශයේ මෙන් සිද්ධාලේප අසමෝදගම් දී බයියෝ ටික බේරා ගත්තා නම්, අදටත් මේ රටේ සුපර්මෑන්ලා වන්නේ රාජපක්ෂ බ්‍රදර්ලාය. එහෙනම් එක බයියෙක්වත් ගෙම්බෙක් වී ජෙප්පෙක් නොවනාතර ජෙප්පෝ මෙච්චර චන්ඩි වෙන්නේත් නැතිය.


බයියෝ ජෙප්පෝ හා එකතු වෙලා ඉන්නේ පාක්ෂිකයින් වශයෙන් තමන් අන්ත අසරණව ඇති නිසාත්... තම ජීවිතවලට හා දේපළවලට ඇති ආදරය නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේය. තවමත් ඒ මර බිය පහව ගොස් නැත්තේය.


ප්‍රේමදාස මහත්තයා කළ කී දෑ මතක, ඔහුට ඉතා ආදරය කළ පුංචි මිනිසුන්ගේ සිතේ කොනක ඇති ආදරය අද භුක්ති විඳින්නේ, සජිත් ප්‍රේමදාස උන්නැහේය.. කලින් කීවාක් මෙන් නාමල් බේබිටද අනාගතයේදී එසේ ලැබිය හැකිය.


ඒ කෙසේ වෙතත්... මේ මොහොතේ රනිල් නැවත බලයට පැමිණිය යුතු නම් එහි තීරණාත්මක සාධකය වන්නේ පොහොටුවේ ඉතිරි වී ඇති චන්ද ගොඩය. ඒ චන්ද ගොඩ මේ මොහොතේ ඇත්තේ බැසිල්වත් නාමල්වත් ළඟ නොව මහින්ද මහත්තයා ළඟය.


එමෙන්ම මේ මොහොතේ රාජපක්ෂ පවුලේ අනාගතය රැඳී ඇත්තේද රනිල්ගේ බලය යටතේය. ඉඳින් ඔහුට නැවත බලය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න දේශපාලන බුද්ධියක් ඇති මහින්ද මහතාගේ තීරකයක්‍ය.


එසේ නොවුනහොත් රාජපක්ෂලාට සිඳුවන්නේ නැවත නැව් නැගීමටය. මන්ද සිර ගෙවල් තුල හෝ නිවනේ හැර... නැවත වරක් හමුදා කඳවුරු වල හෝ මේ රටේ කිසිම තැනක ඔවුනට තව දුරටත් රැකවරණයක් හෝ ආරක්ෂාවක් නොමැති නිසාය. ඔවුනට පමණක් නොව තවමත් ඔවුන් පස්සේම යන මැක්කන්ටද අත්වන්නේ ඒ ඉරණමමය.


කරුමය නම් ප්‍රසන්නලාට මහින්දානන්දලාට මේක තේරුම් ගතහැකි වුවත් බැසිල්ට හා නමල්ට මේ සරළ සත්‍යයය තේරුම් ගැනීමට නොහැකි වීමය.


ඒ වගත් මෙසේය......

.

Jul 22, 2024

ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

 


ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

➖➖➖➖➖➖➖🔴➖


හාමිනේ:

කොහේද ඔහේ යන්න ලෑස්ති වෙන්නේ?


මිනිහා:

අද ෆයිනල් මැච්චෙක බලන්න


හාමිනේ: 

ඇයි තමුසෙට මාත් එක්ක ගෙදර ඉඳන් බලන්න බැරි? හැමදාම බොරු කිය කිය මාරු වෙන්නේ?


මිනිහා:

යාලුවෝ සෙට් එකත් එක්ක බලද්දි ආතල්


හාමිනේ: 

ඒ කියන්නේ තමුසෙට මං එක්ක බැලුවම ආතල් නෑ?


මිනිහා:

හරි... හරි... එහෙනම් දෙන්නා එක්ක බලමුකො... මළ වදේ....


හාමිනේ: 

ඇයි අර දෙන්නෙක් නිකන් ඉන්නේ


මිනිහා:

 ඒ දෙන්නා ප්‍රොටෙස්ට් එකක් වගේ


හාමිනේ: 

තමුසෙ බොරු නේ කියන්නේ... කොහොමද මේ එනවුන්ස් කරන අය ඔක්කොගෙම නම් දන්නේ?


මිනිහා:

නැත්නම් උන්ට රස්සාව නැති වෙනවා..

ඇයි ඕයි පේන්නේ නැද්ද...

අර ටී ෂේට් එකේ හංවඩු ගහලා තියෙන්නේ...


අම්මට හුඩු .... හයයි ..

පට්ට හුක් එක.


හාමිනේ: 

මොකක්ද හුක් එක කියන්නේ... ඊයා... තමුසෙ කුණුහබ්බයක් නේ කිව්වේ?


මිනිහා:

නෑ...  නෑ....  හුක් එකක් නෙමේ... හයක්... හයක්...


හාමිනේ: 

හරි... මොකක්ද එතකොට හුක් එකක් කිව්වේ...?


මිනිහා:

නෑ... ඒ වැරදිලා... ඒක ෂොට් එකක්...


හාමිනේ: 

මොකක්... ෂොට් එකක්... උන් ග්‍රවුන්ඩ් එකේ බොනවද?


මිනිහා:

නෑ.... නෑ..... පිස්සුද අනේ...?


හාමිනේ: 

බොරු කියන්න එපා...

එහෙනම් දැන් ටිකකට කලින් උන් බිව්වේ... ඕකුන් සිගරට් බීලත් මාට්ටු වුනා නේ... තමුසෙත් උන් වගේම පච කෙලිනවා නේ...?


මිනිහා:

නෑ නෑ.... එහෙම බොන්න බෑ ප්ලේ කරද්දි... ඒ ඉවර වෙලා රෑට බොන්නේ...


හාමිනේ: 

කෝ එතකොට ෂේන් වෝන්....

අර ලස්සන කොල්ලා..


මිනිහා:

උගේ මොන ලස්සනක්ද? පෙට්ටියක් වගේ... ඌ මලා..... මට පේන්න බෑ ඕකව....


හාමිනේ: 

මොකක්... ඌ මලා... අනේ ඒ මොනවා වෙලාද?


මිනිහා:

ඌ උගේ වයිෆ් එක්ක මේ වගේම මැච් එකක් බල බල ඉඳල...


ඉතින් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි.... එහෙමයි වලිය පටන් ගත්තේ... දැන් ෆයිනල් ඉවරවෙලා සතියක් ඉතර වෙනවා... වලිය තාම  යනවා.... දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් වගේ...


ඔබ සැමට සුභ රාත්‍රියක්....


🔹ෆුට්බෝල් ගැන සුද්දන් ලියූ එකක් මගේ එකක් වගේ.... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්‍ය මාතලන් වන මා විසිනි...

.

යකි නාරං



 යකි නාරං

➖🔹➖


නස්, ජම, හීන්, යකි නාරං ලෙසින්...... නෙක

නාරං බොහෝ විය අද නැති නිසයි......... දුක

දෝවා පැණින් තිසරුන් රන් රුවින්........ සක

ඇඹුලක් දැනෝදෝ කෑවොත් කැවුම්.... දෙක


- කාව්ව සිරෝමනී මාතලන් -


#කුප්පකවි 

.

Jul 21, 2024

පිස්සු කෙලින අධිකරණ

 


පිස්සු කෙලින අධිකරණ
➖➖➖➖➖➖➖➖⭕

ලෝකයේ බොහෝ අධිකරණ පිස්සුමයි කෙලින්නේ...
ඒකට හේතුව... දේශපාලකයින් හා අධිකරණය අතර තියෙන අධිකාරීමය බලය... මොකාද උත්තරීතර කියන බලය... වාසනාවකට අපේ රටේ එහෙම එකක් නැත්තේ... අපේ රටේදී උත්තරීතර වෙන්නේ පාර්ලිමේන්තුව කියලා අනුර බණ්ඩාරනායක කතානායක තුමා විසින් තීන්දුවක් දුන් නිසා. ඒ අනුව ලංකාවේ පිරමිඩ් එක තියෙන්නේ, විධායකය, ව්‍යවස්ථාදායකය, ඊට පස්සේ අධිකරණය...
ඒත් ජනාධිපති ධූරය ව්‍යවස්ථාදායකයේ අනුමැතියට යටත්....

දැන් බලන්න බංගලාදේශයේ අධිකරණය කරපු දේ.. රටක පාලන බලය ඉල්ලපු... ක්ලබ් වසන්ත වගේ වෙඩි තිබ්බම වදින්නේ නැතෙයි කියලා හිතපු.... රෝන්ග් ජැනරේසොන් දුසින් 10 ක් ඉතර සාරන්ලා ගාවට යැව්වා...

රට ගිනිජාලවක් කරලා විනාශ කරලා ඉවරවෙලා..... දැන් ඒ උක්තරීතර අධිකරණයෙන් දීපූ තීන්දුව අකුලගෙන තියෙනවා.... වාසනාවකට වගේ මෙහේ උන් උගත් පාඩම් නිසාද මන්දා... දැන් මොකා පික්ෂු කෙලියත්... ඒක මහපාරේ විසඳගන්නේ නැතිව... ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගැන්මට තරම් පරිනත වෙලා තියෙනවා....

ඒත් බංගලාදේශයේ මරිමෝඩ රෝන්ග් ජෙනරේෂන් හැත්ත අධිකරණයත් එක්ක විසඳගන්න ඕන ප්‍රශ්ණය විසඳගන ගියේ ෂේක් හසිනා එක්ක...

එයා අර එකෝමත් එක රටක උන්න... අනුන්ගේ ළණු කාලා රටින් පැනලා ගිය වදකහ ගොබ්බයා වගේ නෙමේ... එයා මේවට මුහුණ දෙන්නේ එයාගේ තාත්තගෙ කාළේ ඉඳලා... නොදන්න එකෙක් ඉන්නවා නම්, එයාව හදාරන්න... එයා දවසක් දෙකක් පෙනඩෝල් දීලා වැඩේ හරියන්නේම නැති නිසා...
දුන්නා සිද්ධාලේප අසමෝදගම්...
ලෙඩේ කොහේ ගියාද දන්නේ නෑ....

එයා බේත් දුන්නේ මොළේ උනෙන් පෙළෙන රෝන්ග් ජෙනරේෂන් එකට ඉතරක් නෙමේ... එයාව එලවගන්න මීගව තීන්දු තීරණ දෙන අධිකරණයටත් අසමෝදගම් ඉන්ජැක්සොන් එක පුප හරහාම දුන්නා...

මේ ගොබ්බ තීන්දු එන්නේ අදාල රටේ ආයතන පද්දතීන් වලින් එකක් වන අධිකරණයෙන්මත් නෙවෙයි... නොයෙක් විදේශ බලවේග හරහා ලැබෙන වරප්‍රසාද හා පඬුරු පාක්කූඩම් හමුවේ.... බලවත් රාජ්‍යයන් ගොඩ එන්න වලිකන පොඩි උන්ට ෂොට් එක දෙන්නේ එහෙමයි...

ඒවයෙන් කරන්නේ රට ගොඩදාන එකාට එරෙහිව අභ්‍යන්තර කැරලි නිර්මාණය කරන එක... මෑතක ඇති වෙච්චි කොවිඩ් අර්බුදේ එක්ක නිර්මාණය වෙච්චි... අර්ථික අවපාතයන් හා අධි උද්ධමනයන් යටතේ ජනතාවට අත් වෙලා තියෙන අපහසුතාවයන් තමා උන් ප්‍රයෝජනයට ගන්නේ.

බංගලාදේශය නෙමේ ලෝක ආර්ථික විශේෂඥයින් කියනාකාරයට රටවල් 191 කින් 70 ගනනක්ම මේ අර්බුධයට මේ වන විට මුහුණ දෙමින් සිටිනවා... ඔවුන් එය ආර්ථික අවපාතයේ 4 වන රැල්ල ලෙසත් හඳුන්වනවා...

ඒ නිසා මෙවන් අර්බුද ඉදිරියේදී තව තවත් ඇති වෙයි... ඊශ්‍රායල හා යූක්‍රේන ගැටුම් විසඳුනේ නැත්නම්... මේක ගෝලිය අර්බුදයක් දක්වා වර්ධනය වේවී.

එහෙම තත්වයක් පැය 24 නිවන්න පුලුවන් කියන ඩොනල්ඩ් ට්‍රම්ප්ට... FBI එකෙන්ම ෂොට් එක දෙන්නේ... අනෙක් රටවල ගැටුම් වලින් උන්ට ගොඩ යන්න බැරි වෙන නිසා...

බංගලාදේශ අධිකරණය අමු ගොබ්බ කැම්පස් කෝටා තීන්දුවක් දෙන්නේ... අර එකෝමත් එක රටේ වගේම විස්ස විජ්ජාල සිස්ස සිස්‍යාවන් ආන්ඩුවේ ජොබ්ම ඉල්ලන නිසා..  ඒ ඉල්ලීම් ප්‍රයෝජනයට අරගෙන... ෂොට් එක දෙන්නේ එතනට....

ඒවට පහසු විසඳුම් නෑ....
බේත් බොහොම තිත්ත වේවී...
හැබයි ඒ බෙහෙත් හෝ දෙන්න නම්..
ෂේක් හසීනා... මහතීර් මොහොමඩ්... ලී කුවාන් යූ... මෝදී වගේ ඉස්පැසොලිස් කෙනෙක් ඉන්නම වෙනවා....

ඒ වගත් මෙසේය....




Jul 19, 2024

අපාය සහායක ගොබ්බ පෝස්ට්


 අපාය සහායක

ගොබ්බ පෝස්ට්

➖➖➖➖🔹🔹


භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ආර්ථික විජ්ජාව තියා , දේශපාලන විජ්ජාවත් නොදන්න ජවිපේ ගොබ්බ වහල්ලු වගේම... උන් එක්ක සෙට් වෙච්චි ගොබ්බ රාජපක්ෂ බයියෝ උස්සන් දුවන පෝස්ට් එකක් ඔය පින්තූරේ තියෙන්නේ....


🔴 ලෝක ආර්ථිකයම කඩාගෙන වැටුන වෙලාවක් තම 2008 වසර කියන්නේ... ඒ වෙලාවේ වැටුනට... ඊට පිලියම් හොයාගෙන.... ඒ රටවල් සියල්ලම නැවත ගොඩගත්තෙත් උන්න පාලකයෝ මිසක්..... දර ලිපේ උයමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 මෑතක් වන තෙක් ලෝකයේ අංක එක දෙක ස්ථාන වල ආර්ථික වෙච්චි....ඇමරිකාව ජපානය කියන රටවල ආර්ථිකය ගොඩගත්තෙත් තිබ්බ පක්ෂ දෙකක නායකයෝ මිසක්ක....

සීනී නැතිව තේ බොමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 ඉන්දියාව නැට්ටටම වැටිලා IMF ලෝන් එකක් අරගෙන...  IMF උපදෙස් ක්‍රියාත්මක කරලා... හෙට අනිද්දා ලෝක බලවතා වෙන්න යන්නේ.... බලයේ උන්න පක්ෂ එක්කම මිස.... 

රට ඉන්න උන්ට තව ඩොලර් 500 ක් වැඩිපුර එවන්න කියලා ගත්ත ලෝන් පස්සේ ගෙවන්නම් මචං කියන ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ එක්ක නෙමේ...


🔴 මැලේසියාව ගොඩ දැම්මේ ඒ වැඩේ කරගෙන යන කොට ඒ යකා කම්බා හොරෙක් කියපු මහතීර් මොහොමඩ්ම මිසක්.... ග්‍රැෆයිට් වලින් මිනිරන් හදලා... මූදූ වතුරෙන් සල්ෆියුරික් හදලා රට ගොඩගන්නවා කියපු පිළිකා විශේෂඥ කොමියුනිස්ට් කාර ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ නෙමේ....


💀 මේ හීනමාන.... ගං කබර.... මෙලෝ හසරක් නොදන්න.... වෛරක්කාර.... කඩාකප්පල්කාරී.... කෲර.... සාහසික.... මිලේච්ඡ.... කොමියුනිස්ට් කාරයෝ ආපූ හැම රටකම සිද්ද් වුනේ....

මහා මිනිස් ඝාතන, කෲර වද හිංසා, දේපල ගිනි තැබීම් සහ පාලකයින් පමණක් මහා ධනවතුන් වී... රට හා මහජනතාව අන්ත අසරණ පීඩාවට පත් හිඟන්නන් වීම පමණමයි.....


🔵 ළිඳේ වැටිච්චි එකා ළිං කටෙන්ම ගොඩ ඒම මිස.... ළිං පතුලේ ඉඳන් හාරන වෙනත් උමං ඔස්සේ ගොස්.... 

විප්ලව හා සිස්ටම් චේන්ජ් කොරන්න ගිය.... කියුබාව.... රුසියාව.... උතුරු කොරියාව.... යූක්‍රේනය.... ලෙබනනය.... ලිබියාව.... ඉරාකය.... ආර්ජන්ටිනාව.... වැනිසියුලාව.... වැටුන නිරයට වැටෙන්න එපා...


🔸ඒවයෙන් ගොඩ එන්න..... චීනයට රුසියාවට වගේ පරම්පරා ගානක් ගත වෙයි...


🙏ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ ..!!!

.