.

.

Mar 14, 2024

රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා. (සමාජවාදී රනිල් හා නව ලිබරල් අනුර කුමාරයා)


 රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා.

(සමාජවාදී රනිල් හා 

නව ලිබරල් අනුර කුමාරයා)

➖➖➖➖➖➖➖➖➖➖⭕


රනිල් එක්ක මේ රටේ ඉන්න උගත් නූගත් ගොඩක් දෙනෙකුට තියෙන්නේ, දේශපාලන ප්‍රශ්නයක් නොවේය.  "හීනමානය" සමග එන පුද්ගලික ඇරියස් එකක්ය. රනිල් හා..මු.., රනිල් රදලය, ගොඩක් අය කියන්නෙ එහෙමය. රනිල්ට  ලන්වෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවාය. ඒක සාමාන්‍ය ජහමනයාට නොව සමීපතමයින්ටද අදාලය.


රනිල් කියන්නේ... මහින්ද වගේ  කරට අත දා , බඩට ඇන, ළමයෙක් වඩාගෙන ෆොටෝ එකක් ගහල ඉන්න පුළුවන් චරිතයක් නොවේය. (දන් නම් හාමු ජූන්ජක් වෙනස් වී ඇති බවකුත් පේනවාය.)


ඒකට ඉතින් මිනිස්සු කැමතී නැතිය. මේවා ඇවිල්ලා අපේ රටේ මුල් බැහැපු ජනමතය, උදාහරණ ලෙස ළමයි නැත්නම් කොන්ද පන නැතිය., ගමේ මුදලාලි නම්, තක්කඩියෙක් වගේ එකෙකිය, කාටුන් එහෙක මුදලාලි කෙනෙක් ඇන්දත්, ඔහුව අර්ථ දක්වන්නෙ කලු කඩ කාරයෙක් විදිහටය. 


ඒ විදිහට "හාමු" කියන්නෙත් අපේ රටේ මුල් බැහැල තියෙන විදිහට මහ එපාම කරපු චරිතයක්ය. ඉස්සර ෆිල්ම් එහෙක උනත්, ගාමිණී ෆොන්සේකාලාට,විජය කුමාරතුංගලාට ගේම තියෙන්නේ හාමු එක්කය. බලවතා එක්කය. මේ බලවතාගේ චරිතත් කරපු නිසා, ගාමිණිට වැඩියෙන් විජේ ජනප්‍රියය.


එතකොට රනිල් එක්කත් මිනිස්සුන්ට අන්න එහෙම "හාමු" ඇරියස් එකක් තියෙනවාය. සමහර උන්ට රනිල් කරපු වරදක් නෑතිය, හැබැයි උන්ටත්, තරිඳු උඩුවරගෙදර වගේ, අරගලියන්ස්ලා වගේ, රනිල්ව පේන්න බැරිය. අර ෆිල්ම් වල, විජය කුමාරණතුංග, රන්ජන් රාමනායක නිකම්  අපේ එකෙක් වගේ දැනෙනවාය. 


විජේ ෆිල්ම් එකේ වලවුවෙ හාමුට නෙලනව බලන්න ආසාවෙන් ඉන්නව වගේ, මිනිස්සු ආසාවෙන් බලන් ඉන්නේ රනිල්ට කෙලවෙනකම්ය . හැබයි මේ ඔක්කොම යාලුවෝ කියලා කිව්වෙත් රන්ජන් රමණ යකාමය. උන්නැහෙත් කළේ, ශානිලා ලවා, නඩු කාරයෝ ලවා, වළං හෝදාගන්න එකය.


දැන් අනුර සහෝදරයාගේ නමේ, කුමාර කෑල්ලකුත් තිබුනාට, එයා රාජ කුමාරයෙක් නෙමේය. එයා ගමේ කොල්ලෙක්ය. අනුර තඹුත්තේගම ඇලේ,  වැවේ, පැනලා නෙලුම් අලේ කඩන් කෑව කිවුවම, කෝච්ව්යේ රටකජු විකුණුවැයි කීවාම, සිරිසේන කමතෙ මී හරක් පස්සෙ ගොන් පස් ඇල්ලුවයි කිවුවම, ප්‍රේමදාස කෙසෙල් වත්තෙ ලැවරි විකිනුවා කිවුවම, අර රනිල් ගැන එන හැඟීම එන්නේ නැතිය. එතකොට නිකම් උන් අපේ එවුන් කියල අමුතු ෆීලින්ග් එකක් දැනෙනවාය. මිනිස්සු ඒ ෆීලින්ග් එකට, ෆැන්ටසියට මාර ආසය. හැබයි උන් කරන්නෙත් පැජට් පාරේ ගෙවල් දෙකක්ම ප්‍රාණභුක්තියට ලියාන බටරුත් නැතිව ඇරලා යනේකය.


රනිල්ට කවදාවත් ඒ අපේ එකා වෙන්න බැරිය, රනිල් එහෙම කරන්න උත්සාහ කරන්නෙත් නැතිය. මේ රට කරවපු ගොඩක් උන් උත්සාහ කලේ මිනිස්සුන්ට ඒ අපේ එකා ෆීලින්ග් එක දෙන්න යනේකය. මොකද ජන්ද දිනන්න ඒක ඉතා වැදගත්ය. ඇත්තටම බැලුවොත් ඒක රැවටීමක් ඇන්දීමක් කියා ජහමනයාට තේරෙන්නේ නැතිය. කලිසම් කෝට් ගහපු බන්ඩාරනායක ජාතික ඇඳුමට බැහැල දුන්නෙත් ඒ වගේ ආතල් එකක්ය. හැබැයි ඉතින් ජාතික ඇඳුම ඇඳගෙන දුම් පයිප්පෙ කටේ ගහගෙන ඉන්න එක මිනිස්සු එච්චර නෝට් කරේ නෑතිය. නැත්නම් බන්ඩාරනායකට දුම දාන්න වෙන්නෙ හොරෙන්ය. 


තාමත් බොහෝ උන් ජාතික ඇඳුමට රැවටෙන්නේ පරම්පරා උරුමයක් ලෙසය. හැබයි මේ 56 විප්ලවයේ අම්බරුවන් ගැන සත්‍ය කතාව ඊයේ පෙරේදා ලියලා තිබුනේ, එයින් ජාතක වූ මහාචාර්‍ය පුත්‍ර රත්නයක් වූ, නිර්මාල් රංජිත් දේවසිරිය. එයා කිව්වේ මේ රටේ සෑම ක්ෂේශ්ත්‍රයකම තිබූ ගුණාත්මක බව නැති කළේ 56 නිර්ප්‍රභූ උගතුන් ටික කියලාය. 


කොහොම උනත් "අපේ එකෙක්"  නොවුන රනිල්, මේ රටේ නායකයින් වෙච්ච, අපේ එවුන් ජන්ද පරදී කියල ගන්න බය වුන ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණ ගොඩක් අරන් තියෙනවාය. රට බංකොලොත් වුනේ ඕවා කරගන්න බැරි වූ නිසාමය.


ඒව කොයිතරම් මිනිස්සුන්ට අමාරු උනත්, කවුරුන් හෝ ගත යුතුව තිබුන තීන්දූ තීරණය. ආර්ථික විද්‍යාව ගැන හූණු බිජ්ජක දැණුමක් තියෙන ඇත්ත මිනිසුන්, මේ රට දියුණු නොවෙන්න හේතුව හොරකමම විතරක් නෙවෙයි කියල දන්නවාය. හැබැයි තමන්ගෙ දේශපාලන මත නිසා ඒව පිලිගන්න කැමති නෑතිය.


2001 චන්ද්‍රිකා යටතේ, ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රථම වතාවට ඍණ අගයක් වුන වෙලේ රනිල් අගමැති ලෙස බලයට ඇවිත්, IMF ගිහින් මේ තීරණ ගෙන, ආර්ථිකය ධන වෙලා රිකවර් වෙන්න පටන් ගන්න කොටම, ජවිපෙ එකතු වෙලා රනිල්ව එලෙව්වේය  එහෙම එළවල අර පරණ ට්‍රැක් එකේම ගියේය. 


2015 ආයෙත් බංකොලොත් වෙන්න ගිය රට නැවතත් එවන් තීරණ අරගෙන, ලංකාවේ ප්‍රාථමික අයවැය අවුරුදු හැටකට පස්සෙ ප්‍රථම වතාවට අතිරික්තයක් ඇති කලේය. කිසිඳු සංවර්ධන කටයුත්තක් සිඳු නොවනත්, ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට අවුලක් නොවූයේ, එම ප්‍රතිපත්තිය සංවර්ධිත රටක ප්‍රතිපත්ති හා සම වූ නිසාය. එහෙත් ජයමනයා එකතුව, රනිල්ව එළවා පරණ ට්‍රැක් එකටම ඇවිත්, රට නැත්තටම නැතිකරලාම දැම්මේය 


මේ ප්‍රාථමික අයවැය කියන්නෙ ණය වාරික ගෙවන්න පෙර රජයේ ආදායම සහ වියදමය. අපේ රටේ හැමදාම ආදායමට වඩා වියදම වැඩීය.ගෙදරක උනත් ආදායම ට වඩා වියදම වැඩි නම් අර හිඟය පියව ගන්නෙ ණය අරගෙනය නැති නම් ආධාරයක් ලබා ගෙනය.ඊට පස්සෙ ඒ ණය ගෙවන්න තව ණයක් ගන්නවාය, ඒක ගෙවන්න ආයෙ ණය ගන්නවාය,


ලෝකයේ දියුණුම රටවල තත්වය උනත් ඕකය. ලෝකය දියුණු වෙන්නේත් සංවර්ධනය වෙන්නේත් ඒ නිසාය. ගෝඨා මේ රෝල ගැහිල්ල නවතා දමා දේශීය ආර්ථිකයකින් ගල් යුගයටම ගෙන ගියේය. එහෙම නැතිව සැටලයිට් වගේ පොලොන්නරු ගමයා වගේ නිකන්ම උන්නත්, මෙහෙව් කට්ටක් කන්න වෙන්නේ නැතිය. එවිට ජහමනයා සිතන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියලාය. ඒත් අපි කකා හිටියෙ ණයට කියා තේරුනේ පුපත් බිම ඇනුනායින් පස්සේය.


දැන් IMF එකේ ප්‍රධානම කොන්දේසියක් වන්නේ, නැවත මේ රටේ ප්‍රාථමික  අයවැය අතිරික්තයක් ඇති කර ගත යුතුය කියන එකය. ඒක කරන්න නම්, ඒ ගොල්ලො කියන විදිහට වැඩ කරන්න වෙනවාමය. (අද ලෝක බලවතෙක් වන ඉන්දියාව ගොඩ ආවේ එහෙමය.) ඒ කියන්නෙ රජයේ ආදායමෙන් වියදම් අඩු කරාට පස්සෙ ණය ගෙවන්නත් අතේ කීයක් හරි ඉතුරු කරගන්නෙයි කියන එකය.


රනිල් කරමින් සිටින්නේ, ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකය. එතකොට මෙච්චර කල් අඩුවට තෙල් ගහගෙන, අඩුවට විදුලිය අරන්, බදු නොගෙවා ගත්, ලක්ෂ ගනන් පඩි වලින් ඉහළ වාරික ගෙවනා සැප වාහන අරන්, ඒ සහනාධාර භුක්ති විඳපු උන්ට අමාරුයි තමයිය. . (අධිකාරීවාදි සමාජවාදය ක්‍රියා කරන්නේද මෙයාකාරයෙනි)

ඒ නිසා උන් මේක දාලා ගියේය. හැබයි ගියපු රටවල කක්කුස්සි හෝදලා හොයන තුට්ටු දෙකටත් බදු ගගන බව තේරුන උන් දැන් ආයේ එනවාය.


වැඩේ ඉවර නැතිය. තව කරන්න වැඩ ගොඩාක් තියෙනවාය. අතිරික්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දාන්න, ලාබ ලබන ආයතනත් ප්‍රතිව්‍යූහගත කරන්න වගේ ඒවාය. තව දුරටත් ණය අරන් දීපු සහනාධාර ආර්ථික ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කරන්න බැරිය. අස්වැසුමට ආධාර ලැබෙන්නේ ඒ නිසාය.


ඔය ටික කරහම  කරන එකා ඊලඟ ජන්දය කොහොමත් පරාදයිය. රනිල් නැවත බලයට ගෙන ඒම වැදගත් වෙන්නෙ ඔන්න ඔතනදීය.


 රනිල් මේ කරන්නේ  කාටවත්ම කරන්න බැරි වැඩක් නෙවෙයිය. රනිල් එහෙම සුපිරි පට්ට මොල කාරයෙකුත් නෙවෙයිය. හැබැයි මේකේ බලයට එන්න ඉන්න එකාලට තමන්ගෙ දේශපාලන අනාගතය විනාශ වෙන නිසා ගන්න බය  තීරණ, රනිල්ට ගන්න පුළුවන්ය. ඔහු ඒවා ගත්තේය. 


ඒවා කෙටි කාලීනව ජනතාවට අමාරු වුනාට දිගුකාලීනව මේ රට හරි මගට ගෙනෙනා තීරණය. රනිල් ඕකට ට්‍රයි කරපු දෙපාරෙම රනිල්ව එළවලා අපේ මිනිස්සු තාවකාලික සුවය පතා වෙන උන් ගෙනත් ඉල්ලගෙනම කෑවේය. අනික ඔහුට ඒවා කරන්න විධායක බලයක් තිබ්බේත් නැතිය. රනිල් එලවලා දිනන එකා කළේ තමන්ගෙ දේශපාලන උවමනා වෙනුවෙන්  ආයෙත් අර පරණ ට්‍රැක් එකට රට ගෙනිච්ච එකය. 


රනිල් වික්‍රමසිංහ හැමදාම බලයෙ ඉන්න ඕනෙ නැතිය. එහෙම ඉන්නත් බැරිය. හැබැයි අපි හැමෝගෙම අනාගතය තියෙන්නේ මේ පාර දිනන එකා මතය. ඒ දිනන එකා මේ අරන් තියෙන තීරණ වෙනස් නොකර අනිවාර්යයෙන් අරන් යන්න ඕනෑමය. මොකද අපි දැන් බංකොලොත් රටක්ය. ඉතා කෙටි කාළයක් තුල ගොඩ එමින් සිටින්නේ, අපි IMF වැඩසටහනට ඇතුළත් වුන නිසාය. ණය  දුන් රටවල් හා ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට එකඟ වෙන්නේ අපි IMF ගිය නිසාය. 


මීට කලින් 16 සැරයක් කරා වගේ  IMF වැඩසටහනෙන් මඟදි ඉවත් වී, නැවතත් ගොබ්බ ගෝටා කළා සේ බදු අඩු කර, සහනාධාර දී පිස්සු කෙලලා අර දේශීය ආර්ථිකය ගෙනාවොත් ආයේ නම් සංසාරේ තියා අම්පාරෙන් වත් ගොඩ ඒම සම්මා බොරුමය.


ඒ නිසා.. 2024 මැතිවරණයකින් දිනන ආණ්ඩුව කවුරු වුනත්, 

" මම සිංහයෙක් වගෙ IMF ගිහිල්ලා මගෙ කොන්දේසි වලට ණය ගන්නවා. මම ඉංග්‍රීසියෙන් කතා කරලා නායකයොන්ව කොර කරලා උදව් ගන්නවා " වගෙ අම්බරු  කතා නොකියා... 

පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙ වියදම් කප්පාදු කරලා, හොරකම් වලට දඩුවම් දීලා ඒ සල්ලි අරන්, කැනඩාවේ සහෝදරවරුන් එවන ඩොලර් මිලියනේ ගානෙ එකතු කරලා ප්‍රශ්න විසදනවා වගේ... මොරි මාඩ මිනිස්සු අන්දන ගොමු අන් කතා නොකියා...

ජනතාවට ඇත්ත කියලා ගෙදර යන එක ඊට වඩා හොඳය.

.

.


ඒ වගත් මෙසේය....

.

17 comments:

  1. https://maathalan.blogspot.com/2020/08/blog-post_11.html

    රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව

    රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය.

    එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය.

    රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය.

    අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය.

    ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය.



    ReplyDelete
    Replies
    1. ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය.

      ඉන් පසු මංගල සමරවීර උන්නැහේ "රනිල්ට බෑ" කියා කීවත් අප උන්නේ අර සිහිණයේමය. රනිල්ට මෙන්ම සජිත්ටත් බැරි බව තේරුම් ගත් නිසාවෙන් එතුමානෝ බැස යන සඳ සේ දේශපාලනයෙන් බැස තමාගේ හිතෛශීන් වන NGO කාක්කෝ සමඟ මොකක්දෝ අටවාගෙන තියෙනවාය. ඒ හදාගෙන තියෙන්නේ රට හදන්නට නොව රටට කෙලින්නටය.

      කොටින් සමඟ චන්ද්‍රිකාටත් හොරෙන් ගිවිසුම් ගසා සුප්‍රසිද්ධ මිලේනියම් සිටි පාවාදීම හේතුවෙන් බලයෙන් පහකලද, ඔහු ගැන මවා තිබු ප්‍රොපගැන්ඩාවේ අප මෙන්ම ජනතාවද තව දුරටත් ජීවත් උනේය. ඒ ඔහු රටේ නායකත්වයට පත් වුවහොත්, ජේ ආර් හා රණසිංහ ප්‍රේමදාසටත් වඩා විශාල ආර්ථික ප්‍රගතියක් රටට අත්කර දෙනු ඇතයි යන මුලාවෙනි. එහෙත් 2005 දී රටේ වාසනාවට ජනාධිපති වීම ඔහුගෙන් ගිලිහී යන්නේ, ප්‍රතිවාදියාට වඩා සුළු චන්ද ප්‍රමාණයක් අහිමි වී යාමෙන්ය.

      එම වසරේදී ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ නම්, අද අපට අනුරාධපුරයෙන් එහා යන්න වෙන්නේ වීසා අරගෙනය. මේ රට, රටවල් දෙකක් නොව, තුනක් වෙනවා නොඅනුමානය. ඔහු රට ගැන හෝ ජනතාව ගැන කිසිඳු හැඟිමක් තිබූ නායකයකු නොවේ. බටහිර රටවල් මේ රට ගොඩ දමාවීයැයි යන සොඳුරු සිහිණයක් ඔහුගේ සිතේ සැමදා තිබිනි.

      රනිල් කෙසේ හෝ රටේ පාලකයා ලෙස ගෙන ආ යුතු වුවද ඔහුට ජනවරමක් නොමැති බවත් ප්‍රොපගැන්ඩා සෙට්ටෙක ඒ වන විට අවබෝධ කොටගෙන තිබුනේය. පොද්දෙක් හෙවත් පෙන්දෙක් රටේ නායකයා කොට රනිල් හරහා තම අභිප්‍රායන් ඉටු කර ගැනීම බටහිර බලවේගවල හා NGO කාක්කන්ගේ අරමුණ උනේය. ඒ රාජපක්ෂලා හරහා චීනය මේ වන විටත් ලංකාව ආක්‍රමණය කර තිබූ නිසාය.

      බලාපොරොත්තු වූ ලෙසම ජයගත් ඔවුන්, සිරිසේනට ලෝක බලවතුන්ගෙන් මහා පිලිගැනීමක් ලබා දී මුරුංගා අත්තේ තබා, ගොනාට ඇන්දීම සුපිරියටම කරගෙන ගියේය. ඊළඟට වූයේ 19 ව්‍යවස්ථාවෙන් සිරිසේනගේ තටු කපා රනිල් පොර කිරීමයි. වැඩේ සාර්ථක වුවද රනිල් වැඩ්ඩෙක් නොවන බව වටහා ගත් අර බලවේගයන් රනිල් අත් හැර දමන්නේ, පාඨලීගේ ගුලි ගිලිනා රනිල් තම පිරිවරත් සමඟ චීන සංචාරයේ ගිය දා පටන්ය.

      මේ අතරතුරේ මහ බැංකුවට දුන් ගේමේන් මිස්ටර් ක්ලීන් නොම්මර එකේ කම්බා හොරෙක් බව එලියට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබා ගැන්මටත් පෙරය. ඩීව් ගුණසෙකර කෝප් කමිටුවෙන් ගේම අදිනවාත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවන්නේ මෙයින් ගැලවිය හැකියැයි සිතාය. එහෙත් සිරිසේන සියල්ලෝම අධිකරණයටම කැඳවා කලිසම් ගලවා දමන්නේ එතෙක් පොරවාගෙන උන් ටයි කෝට් අස්සේ උන්නේ කම්බා හොර නඩයක් බව මුළු ලෝකයාටම පෙන්වමිනි.

      මෙයින් උදාමයට පත් චීනා රනිල් නියමෙටම ගොනාට අන්දා තමන්ගේ පොට් සිටිය යලිත් ක්‍රියාත්මක කල අතර, රාජපක්ෂලාගෙන් ලබා ගත නොහැකිවූ හම්බන්තොට වරායද තමන් සතුකර ගත්තේය. එහෙත් පෙන්දන් දෙදෙනෙකු විසින් පාලනය කරනා රටක් තුල ආයෝජන කිරීමට අකමැති වූ නිසා, චීනයෙන් හෝ කිසිඳු ආයෝජකයෙක් ආයේ ලංකාවෙ පැත්ත පලාතේ ආවේ නැතිය.

      Delete
    2. පසුව චීනාගෙන් මෙන්ම බටහිර බලවතුන්ගෙන් කිසිඳු පිලිසරණක් නොමැති වීම තුල ඔහු යන්නේ ඇමරිකාව, සිංගප්පූරුව හා ජපානය පසුපසය. සිංගප්පුරුව සමඟ ගැසුවේ ලංකාව සිංගප්පුරුවේ කසළ අංගනය කිරීමේ ගිවිසුමකි. ඊළඟට ඇමරිකාව සමඟ එලඹි MCC ගිවිසුමද පාක්ෂිකයන්ගේ මෙන්ම විරුද්ධ පාක්ෂිකයාගේද විරෝධයට ලක් වීමෙන් යට ගැසුවේය. රනිල්ගේ තවත් මාරම ප්‍රොජෙක්ට් වූයේ එංගලන්තයේ සායනික කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒමය. මේවා සංසාරයේදි අප අසා හෝ දැක තිබූ ප්‍රොජෙක්ට් නම් නොවේය.

      මේවා මේ ආකාරයෙන් යන අතරේ තමන්ට කිසිවක්ම කල නොහැකි බව ලොවටම පෙන්වා තිබියදීත් ගෞරවනීය සමුගැනීමේ අවස්ථාවක් උදාකලේද තම පරම සතුරා වූ සිරිසේන විසින්මය. ඒ කුප්‍රකට ඔක්තෝබර් විප්ලවයයි. එහිදි ඔහුට ඔප්සොන් හෙවත් අගනා විකල්ප දෙකක් හිමි විය.

      1. විප්ලවය පරාජය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාසට නායකත්වය හා අග්‍රාමාත්‍යධූරය පිරිනමා ගෞරවාන්විතව ඉවත් වීම.

      2. මහින්දට හා සිරිසේනට ඔනා දෙයක් කර ගනින් කියා බැක්ෆුට් ක්‍රීඩා කොට, නැවත් ගේමට පැමිණීම.

      එහෙත් බලයෙන් මෝහණයට පත් වූ පසු තිබෙන කුඩා මොළයටත් කෙල වී යන නිසාවෙන් ඔහු ගත්තේ වෙනස් තීරණයකි. මේ අති දරුණු පරාජයට හේතු වූයේ ඒ ආසියාවේ මහා මොළය යනු අමු බොරුවක් බව මොනවාට කියා පාමිනි.

      මෙය රනිල් වික්‍රමසිංහයන්ට ගැලපෙන රටක් නොවනා බවත් ඔහු ගැලපෙන්නේ දියුණු රටකට බවත් කියනා ලිබරල් පොරවල්වලට අපට කියන්න තියෙන්නේ, දියුණු රටක උන්නා නම් රනිල්ට ගෙදර යන්න වෙන්නේ 2005 පරාජයත් එක්කම කියලාය. ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ රටේ ඉතරක් නොව දේශපාලන පක්ශවලත් තියෙනවාය කියා නොදන්නා පුකේ ලිබරල් න්‍යායාචාර්යවරුන් නොදන්නවා උනාට, ඇත්තටම ලෝකය දන්නා උන් නම් ඒ බව දන්නවාය.

      හරක් මස් කඩේ මුදලාලි මලත් ඔහු සත් ගුණවත් උපාසක කියා පාංශුකූලයට එන පන්සලේ නායක හාමුදුරුවෝ දේසනා කරන්නා සේ, අද රනිල් අරවා කෙරූ මේවා කෙරූ මහා පොරක් සේ 2% ඇත්ත අලින් ගයනා ප්‍රශස්ති දැක්කාම අපට හිනා යන්නේ පස්ස පැත්තෙන්ය. මේ එකක්කත් ඔහුගේ කෙරුවාවන් නොව ඇතුලත්මුදලිගේ කොන්සෙප්ට්ය. එහෙම නැත්නම් ප්‍රේමදාසගේ කොන්සෙප්ට්ය. ඒවා සියල්ලම අධීක්ෂණය උනේ ඔවුන් යටතේය.

      ඇත්තටම රනිල් කල එකම දේ සුවිසැරිය ගිලන් රථ සේවය රටට තාග්‍යක් ලෙස ලබාදීම පමණි. එහෙත් අද එයත් මරාලයක්ම බව වරායේ ඇති කචල් වලින් සියල්ලන්ටම අවබෝධ වී අවසානය. රනිල් ගෙන ආ මරාල අද ලිහාගන්න වෙලා තියෙන්නේ අලුතෙන් ආ ආන්ඩුවටය. MCC ගිවිසුමද එයින් එකකි.

      එදා බලයේ උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට (කේවල මැතිවරණ ක්‍රමය අනුව) බස්සා, වර්ල්ඩ් රෙකෝඩ් තියා බලයට ආ පක්ෂයක් සදා කල් බලයේ සිටීමට සමානුපාතික ක්‍රමයක් ගෙන එන්නේ, මතුයම් දිනෙක එජාපයේ එකෙක් හෝ ඒ පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්දන්නදැයි කුකුසක් කෙනෙක් තුල ඇතිවන්නේ නම් එයත් පුදුමයක් නෙමේය.

      එහෙත් එවන් සුපිරි පක්ෂය, රනිල් වික්‍රමසිංහ නම් තම බෑනා විසින්ම එවැනි ඉරණමකට ඇද දමාවී යැයි සිතුනේ නම්, ජේ ආර් උන්නැහේ තම බෑනා කිසි දිනෙක දෙශපාලනයට ගෙන එන්නේ නැති බව, ඉන්නා ලෝකයක සිට JR උන්නැහේ සිතනා එක නම්, රනිල් පක්ෂයට කෙලියා වාගේම විශ්වාසය.

      ඒ වගත් මෙසේය......

      Delete
  2. https://maathalan.blogspot.com/2020/08/blog-post_20.html

    ගමනක අවසානය – එජාපය

    2015 දී සිඳු වූ දේශපාලන පෙරලිය රටට ජනතාවට මෙන්ම දේශපාලන පක්ෂවලටද හතේ හත වැදුනු විශේෂ සංධිස්ථානයක් බව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලියවෙනු නොඅනුමානය.

    ඒ ලංකාවේ පැරණිම පක්ෂය වන 1946 සැප්තම්බර මාසයේ 6 වනදා ආරම්බ වූ එජාපයේත්, 1951 සැප්තැම්බර 2 වනදා බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, 1965 මැයි 14 වනදා බිහිවූ ජනතා විමුක්ති පෙරමුණේත් අවසානයට මුල පිරූ වකවානුව ලෙසයි.

    ඒ ලංකාවේ මෙතෙක් පැවති ප්‍රධානම පක්ෂ තුනයි. මාතලන් නම් මෙය දකින්නේ ධනාත්මකවය. අද ලෝකයේ තිබෙන්නේ ඔය පක්ෂ බිහි වූ කාළයේ තිබු සමාජයක් නොවේ. ඇද ඇත්තේ ආර්ථික, දේශපාලන මෙන්ම සමාජීය වශයෙන් විශාල පරිවර්ථනයක් සහිත ලෝකයකි. ලෝකය වේගයෙන් වෙනස් වූවද, මේ පක්ෂවල දැක්මන්, ප්‍රතිපත්ති මෙන්ම නායකයින්ද ඊට අනුගතව වෙනස් නොවීම මෙන්ම අවංක නොවීම අපේ රට මේ තත්වයෙන් පැවතීමට ප්‍රධානම හේතුවයි.

    පරිසරය අනුව වෙනස් විය නොහැකි ජීවීන්ට පැවැත්මක් ඇත්තේ නැති බව මේ පක්ෂවලට අත් වූ ඉරණම අපට මොනවාට පසක් කරමින් සිටී. මොන හෙනේ ගැහුවත් තමන්ගේ පැවත්ම තහවුරු කර ගත් තනි තනි පුද්ගලයන් පිරිසක්ද මේ පක්ෂවල සිටිනා බව වෙනම කතාවක් වුවද, නැවත පක්ෂ වශයෙන් ඔවුන්ට කිසිම පැවත්මක් නම් ඇත්තේ නැතිය. එහිදි අසරණ වන්නේ වහල් පාක්ෂිකයින්ය. කොටින්ම වෙනස් විය නොහැකි ළිං මැඩි වහලුන්ය.

    එජාපයේ මෙවන් විශාල පිරිසක් උන් බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඒ එජාපයේ දෙදරායාම තුල කලකිරීමට පත් දේශපාලන වහලුන් පිරිසයි. ඇත්තටම වෙනස තේරුම් ගෙන ඔවුන් චන්ද පොලට ගියේ නම්, සමගි ජන බලවේගයේ මෙන්ම එජාපයේද ප්‍රතිඵලය මීට වඩා හොඳ ප්‍රතිඵලයක් වනවා නොඅනුමානය.

    1993 රණසිංහ ප්‍රේමදාසගේ හදිසි අභාවය හේතුවෙන් නිතරගයෙන් එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ නවීන ලෝකයට ගැලපෙන නායකයෙක් වනු ඇතයි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියල්ලන්ම එල්බගෙන උන් මතයකි. එහෙත් මංගල සමරවීර පුද්ගලික අපහාසයක් ලෙස එල්ල කලද, මඩ ගැසීමට කට කහනවාට කියූවද, ඔහු කිසිවක්ම බැරි නායකයකු බව අද වන විට ඔප්පු කර අවසානය. ඒ ජාතික ලැයිස්තුවෙන් පත් වූ එකා හෝ පාරලිමේන්තුවට යවන්න බැරි නායකයකු ලෙසිනි. එජාපය නැවත ගොඩ ගත හැකි යැයි කෙනෙකු සිතන්නේ නම්, එයාලාට අත්වනු ඇත්තේද රනිල්ට වූ දෙයම මිස වෙන කිසිවක්ම නොවේ. සමගි ජන බලවේගයේ අනාගතය ගැන අප වෙනම කතා කල යුතුය.
    .

    ReplyDelete
  3. මාතලන් මෙතන කියන කතාවේ 50% ක් ඇත්ත ඒත් ඇත්තටම අයි එම් එෆ් එක කියන විදියටම කරලත් ගොඩ යන්න බෑ ඊට වඩා රිස්ක් එකක් අරගෙන රටේ විදේශ විනිමය උපයන කර්මාන්ත වගේම ලෝකල් SME දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්න ඕනේ, ඒක රනිල් වික්‍රමසිංහ කරන්නේ නෑ, ඒ මදිවට විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාසගේ සජබ කල්ලියට හෝ අනුර කුමාර ගේ මාලිමා බහුබූතයන්ට ඒ ගැන කිසිම ආකාරයක අවබෝධයක් නෑ නිකම්ම ජනප්‍රිය වාදී වැල් බයිලා ගහනවා විතරයි. ඒකට සුදුසු නායකත්වයක් අවශ්‍යයි ලංකාවට මෙතනින් ඉස්සරහට යන්න. නමුත් මිනිස්සුන්ට බහුතරයකට දැන් සජබය ගැනත් ජවිපෙ මාලිමාව ගැනත් ඇත්ත තත්ත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා උන් දෙගොල්ලන්ම කරන්නේ තනිකර බොරුව බවත් උන්ට කළහැකි මෙලෝ වැඩක් නැති බවත් බහුතර පාවෙන ඡන්ද දායකයන්ට හැමෝටම දැන් තේරිලා තියෙන බව පේනවා නේද?

    ReplyDelete
  4. ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ලොකුම අඩු පාඩුව තමයි..... ළමයි එක විෂය ධාරාවකට සීමා කිරීම සහ ඔවුන්ගේ තෝරාගැනීම සීමා කිරීම.. අද විශව විද්‍යාලයක උනත් ළමයින්ට දෙන්නෙ theory විතරයි... Practicals නෑ... ලංකාවේ හැමදාම කරේ අනිත් අයට ඕනී විෂයක් ළමයින්ට උගන්වපු එක.. ඒත් ඔවුන් තුළ ඇති සැබෑ හැකියාවන් වලට කවදාවත් වටිනාකමක් හැදුනේ නෑ... ඉතිම් ඔන්න ඕක නිසා තමයි ලංකාවේ රැකියා විරහිත තරුණ පිරිස් වැඩි... දරිද්‍රතාවය ඉහළ .... ඉතිම් කවදා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වේවිද... අපි ඉපදුනෙත් සංවර්ධනය වෙමින් පවතිද්දී... මැරෙන්න වෙන්නෙත් සංවර්ධනය වෙමින් පවතිද්දී.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. 👆

    ReplyDelete
  5. මාතලන් කියන කතාවේ ඇත්තක් නැත්තෙම නැතත් මේකේදී රනිල් 2010 සහ 2015 පොනී සහ සිරා දමලා ගහපු ගේම් වගේම 2019 මෝඩ සජ්ජාව හාවා කරලා බේරුණා මතකනේ, පොරගේ වෙලාව ආවම ගානට ගේම ගහලා එක්සත් ජනපදය හා ඉන්දියාව විසින් ඡන්ද රහිතව ගේම් එකකින් පත්කරන නියෝජිතයා ලෙස බලයට පත්වුණා

    ඇත්තටම ලංකාවේ ජනාධිපති නන්දේ පැරදුන එක ගැන ඕනතරම් කතා කරල තියෙන නිසා අපි ඇත්තටම දැනට දෙවෙනි බලවේගය විදියට ඉන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුර කූමාරට පැරදුනේ ඇයි කියල සාකච්ඡ කරමූ

    මොකද ඇත්තටම මේ කතාවේ ලොකුම පරාජිතයා වීමට නියමිතව ඇත්තේ ආර්. ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස. මේ මොහොත වන විට ප්‍රේමදාසට වඩා දිසානායක ජනප්‍රිය වී ලූලා නැති වලට කණයා පණ්ඩිතයා මෙන් පොහොට්ටුව නැති වලේ මේ මොහොතේ දේශපාලන බලය පහසුවෙන් තමන් අතට ගැනීමට සජිත්ට තිබුණු හැකියාව ඔහු නැති කරගත්තේ කෙසේද කියන කාරණය වැදගත්

    ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන දේ තමයි එයට ප්‍රධාන හේතුව සජිත් ප්‍රේමදාසගේ මෝඩ-අහංකාරකම බව. ගෝඨාභය ගෙදර යවා ලංකාවේ ප්‍රධානම ප්‍රජාතාන්ත්‍රික බලවේගය නිහඬ කළ පසු සජිත් හිතුවේ ජනපතිකම ඔහුට ස්වයංක්‍රීයව ලැබිලා කියලා. පසුගිය කාලයේ සජිත් හැසිරුණේ මහ උද්දච්ච ස්වභාවයෙන්. හරියට තමන් දැනටමත් ජනාධිපති වගේ. පාර්ලිමේන්තුවේ කතා කළේ සහ මන්ත්‍රීවරුන්ට පවා කතා කළේ දෙකේ කොළයට දමලා. සජිත්ගේ පරාජයට මූලික හේතුව මෙම අධිමාන අධිතක්සේරු මන්දමානසික මෝඩ-අහංකාරකම තමයි.

    දෙවනුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස හිටියත් විපක්ෂයේ කාර්යභාරය නිසියාකාරව කිරීමට විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම අපොහොසත් වීමත් උදෙන්ම පැය ගණන් කාලය නාස්ති කරමින් කිසිම වැඩකට නැති බහුබූත කතා කියමින් හාස්‍යජනක චණ්ඩි පාට් දමමින් විකාර ඉංග්‍රීසි වචන දොඩවමින් ජෝකර් කෙනෙකු වී විපක්ෂනායක තනතුරම හැල්ලුවට ලක් කිරීමෙන් සිදු වූයේ නිල නොලත් විපක්ෂය බවට ආසන තුනක් ඇති ජවිපෙ නිරායාසයෙන් පත් වීමයි. කොටින්ම දැන් මිනිස්සු සැබෑ විපක්ෂ නායක ලෙස දකින්නේ අනුර කුමාරයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ සජිත්ට ලක්ෂ 55 ක් ලැබුණත්, 2020 මහ මැතිවරණයෙන් සජබට ලැබුණේ ඡන්ද ලක්ෂ 27 ක් පමණයි. එනම් බාගෙට බාගයක් ඉන්නේ දෙමළ, මුස්ලිම්, සහ කතෝලික ඡන්ද ටික සහ පාවෙන ඡන්දත් ඉතාම ටිකක් විතරයි. මෙවර ජනාධිපතිවරණය තිබ්බොත් සජිත්ට දිනන්න ඡන්ද ලක්ෂ 70 ක් ගත යුතු නමුත් අර ලක්ෂ 55 එහෙමම ඉන්නවා කියා උපකල්පනය කළත් ඉතුරු ලක්ෂ 15 ගන්නට සජිත් කර ඇත්තේ මොනවාද? කිසිවක් කර නැත. අඩුම තරමින් සංවිධානාත්මකව දිවයින පුරා රැස්වීම් මාලාවක්වත් කළේ නැත. කළේ අර පසුගියදා කොළඹට සෙනග ටිකක් ගෙන්වා පාගමන් විරෝධයක් කිරීමය. සෙනග දාහක්වත් නොපැමිණි එය අන්ත අසාර්ථක විය. මරික්කාර්ගේ මෝඩ කතා අහගෙන පැමිණි නූගත් පිරිස රනිල්ගේ බේරේවැවේ ගඳගහන ජරා කුණු වතුර නාගෙන ගෙදර ගියා විතරයි.

      තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන්න ගත් තැනම තමන් පරාජයට පත් වෙනවා. පොහොට්ටුවට වුණෙත් එයයි. 69 ලක්ෂයකින් ජනාධිපතිකම සහ 2/3ක ආණ්ඩු බලය ගැනීමෙන් සිදු වූයේ තමන් අජෙය්‍ය කියා සිතීමයි. නායක කාරකාදීන් පමණක් නොව රාජ්‍ය ආයතනවල තනතුරු ගත් නෝනා මහත්තුරු සහ සාමාන්‍ය පාක්ෂිකයා පවා හිතුවේ ඔවුන්ව හොල්ලනට බැරිය කියායි. එවිට යථාර්ථය නොපෙනේ. පොහොට්ටුව ඒ වේදනාකාරී පාඩම දැන් හොඳට උගෙන දැන් ඔවුන් මුල සිට නැවත හැදෙන්න ඕනේ. මේ වන විට දිවයින පුරා රැස්වීම් වට තුනක් පවත්වා තිබේ. පාක්ෂිකයන්ගේ ප්‍රශ්නවලට අවංකව සවන් දෙමින් ඒවාට විසඳුම් දිය යුතූයි. දීර්ඝකාලීන සැලසුමක් මත ක්‍රියාත්මක විය යුතුයි.

      නමුත් සජිත් තවමත් පරණ තැනමයි. යථාර්ථය නම් ඔහු හිටිය තැනින් තවත් පහතට වැටී තිබීමයි. දෙමළ මුස්ලිම් ඡන්ද දැන් වැට උඩය. ඒ ඡන්ද අනුර කුමාරට දිනා ගැනීමට නොහැකි හේතුවක් නැත. ඉන්දියානු ව්‍යප්තවාදයට එරෙහිව සටන් කර මියගිය තම සහෝදරයන්ගේ මළමිනී මතින් පැන ඉන්දියාවට ගොස් ඉන්දියානු ධනපතියන්ගේ බටර් ගාගෙන ඔවුන් ඉදිරියේ නටන වඳුරෙකු මෙන් බයිසිකල් පැද පෙන්වීමට පවා අනුරට හැකි නම්, ලංකාවේ දෙමළ මුස්ලිම් ඡන්ද ටික වෙනුවෙන් තම දෙඅස්ථි හෝ පාවා දීම ඔවුන්ට මහ කජ්ජක් නොවේ.

      මෙහි ලස්සනම දෙය නම් දැන් දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට සතුරෙකු නොමැති වීමයි. මෙතුවක් කල් ඔවුන්ගේ ජීවමාන සදාකාලික සාතන් බඳුවූ මහා සතුරා වූයේ රාජපක්ෂලා වුණත් රාජපක්ෂලා නොඉල්ලන වරණයක ඔවුන්ට නිශ්චිත සතුරෙකු නැත. එබැවින් ඔවුන්ට සජිත් හෝ අනුර හෝ කියා වෙනසක් නැත. සැබැවින්ම අනුර සහ සජිත් අතරින් දෙමළ මුස්ලිම් ජාතිවාදීන් වඩාත් සහාය දිය හැක්කේ අනුරටයි. මන්ද යත් සජිත් යම් තරමකට හෝ සිංහල බෞද්ධ වීම නිසාත්, අනුර මුළුමනින්ම සිංහල බෞද්ධ විරෝධී වීම නිසාත්ය. මා හිතන්නේ මේ ආකාරයට මහපොළොවේ දේශපාලනය කියවා ගැනීමට හැකි මිනිසුන් සජිත්ට නැති බවයි. සජිත් හැසිරෙන්නේ තමන් සියල්ල දත් මහා ගොන් බකපඬියකු ආකාරයෙනි. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සජිත්ට තවමත් කාලය ඇති නමුත් ඒ සඳහා ඔහුට තිබිය යුතු උසස් අධ්‍යාපනය සහ පරිණතභාවය තිබේද යන්න සැක සහිතයි.

      දිස් ඉස් පොලිටික්ස්... !

      Delete
  6. වර්ෂ 2022 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ 8, 10 හා 12 ශ්‍රේණිවල සිසුන් භාවිතා කරනු ලැබු මත්ද්‍රව්‍ය ප්‍රතිශතයන් මෙහි දැක්වෙනවා. ලංකාවේ මේ වෙනකොට වෙන්නේ මේ විනාශයම තමයි. ඇමෙරිකාවේනම් ඒ අයට සල්ලි තියෙනවා. හැබැයි ලංකාවේ පොඩි එවුන්ට මොනවාද තියෙන්නේ? තව තව ගංජා නිත්‍යානුකූළ කරන්න කියා ඉල්ලමු.

    https://tinyurl.com/2mz5wp4k

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගොඩේ ඉස්කෝල වල ලමයි වගේ නෙවෙයි ඇමරිකාවෙ ලමයි ඩ්‍රග්ස් අරගෙන, ඉස්කෝල වල වෙඩි තියාගෙන එහෙම ජීවිතේ විදින ලමයි

      Delete
  7. කොස් ඇටයක් වැනි සුරංගි අක්කේ
    විජය ධජය ලක් දෙරණේ නංවන්න. මොනවා ඕනෑද එය ඉටුකරගන්න.

    ReplyDelete
  8. මීට කලින් මහින්දට කලාකරුවන් කොතරම් පිරිසක් කඩේ ගියාද? මම හිතන්නේ නමසිය ගණනකට වැඩියි, දාහකට කිට්ටුයි ඒත් 2015 න් පසු කිසිම දේශපාලන වේදිකාවකට නොසිටිය නමුත් ජැක්සන්ට එලව එලවා පහර දුන්නේත්, මැශින් ගලවා ඝාතනය කිරීමට යම් කණ්ඩායමක් අරගල කලේත් ජැක්සන්ගේ මෙම බෞද්ධ හිතවාදී මතවාදය නිසායි. ඔහු නැවත සුවය ලැබුවේ නම් බෞද්ධ දර්ශනය සමාජගත කිරීම තවදුරටත් සිදු වන්නේ බෞද්ධ සමහර නායක ස්වාමීන් වහන්සේලාටත් වැඩියෙන් ජැක්සන් බෞද්ධ දර්ශනයට සේවාවක් කරනු ඇති බැවිනි.

    ආගම් හා දර්ශනයන් එකක් වත් නොදන්නා... ඒ එකක්වත් හරියාකාරව හදාරා නොමැති පුද්ගලයන් තමයි... වැඩිපුරම විවේචන ඉදිරිපත් කරන්නෙ...

    බෞද්ධ විරෝධී නිරාගමික දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ගේ අනුගාමිකයින් ජැක්සන් මැරෙණතුරු එලව එලවා පහර ගැසුවේ මන්දැයි මධ්‍යස්ථ මතධාරීන්ට තේරුම් ගත හැක.

    ReplyDelete
  9. ලංකාවට තරම් විදුලිය කපන තෙල් නැති පරණ වාහන දුවන ලංකාවට වැඩිය කුජීත පහසුව නැති රටක් වෙන කියුබාවටත් ලංකාවට වැඩිය සංචාරකයෝ යනවා, ඒත් ලංකාවට ගිය වසරේ මිලියන දෙකයි, ඇත්තටම ලංකාවට හරි හමං tourists ල එන්නැති ලොකුම හේතුවක් කිසි කොලිටියක්, සැප පහසුවක්, කාල කළමනාකරණයක් නැති පොදු ප්‍රවාහනය නේද මාතලන්

    දැන් ලංකාවට වැඩිපුර එන්නේ කුණු කොල්ලෙට බස් කෝච්චිවල යන්න පුළුවන් හන්දා කට්ට කාගෙන ලාභ ප්‍රවාහනේ වාසිය ගන්න යන අඩු ආර්ථික මට්ටම්වල අය, ඔලු ගෙඩි ගාන විතරයි!

    2023 සංචාරකයෝ 2 million ඒම නටන්න දෙයක් නෑ, 2018 ත් 2.5 ආව. අනික ආසියාතික රටවල් පවා ගිය අවුරුද්දේ පට්ට ග්‍රෝත් එකක් ගත්තා. පුංචි සිංගප්පූරුවත් 13 million කළා.

    දැන් කියනවා හෝටල් කාමර මදිලු, අනේ මන්දා කොහෙන්ද දන්නෑ මේ දත්ත ගත්තේ. 2018 ත් ලෝං වීක් එන්ඩ් නෙමෙයි නං ලංකාවේ අපිටත් කාමරයක් ගන්න ලේසියෙන් පුළුවන්කම තිබුණා 2.5 M ඇවිල්ලත්. ලංකාවේ තිබ්බ හෝටල් වහලා ගොඩක් උන් රට ගිහින්, ඊලඟට ලංකාවට මදි වෙන්නේ කොලිටි සේවකයෝ. උං රට ගියපු නිසා. අලුතෙන් එන උන්ටත් හරි පුහුණුවක් දෙන්නෙත් නැති නිසා ඒක වර්ධනය වෙන්නේ නෑනේ.

    ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදලා ඒ යටතේ පොදු ප්‍රවාහනය හැදීම රටේ ආර්ථිකයත් ගොඩදායි! බඩ වඩා ගන්න ගේන අර LRT වගේ ඩොලර් බිලියන ගණනක සුදු අලි බහුබූත වැඩකට නැති ප්‍රොජෙක්ට් නම් යෝජනා කරන්න එපා.

    ReplyDelete
  10. අයිසේ මාතලන් ලංකාවේ බහුතරය අධික ලෙස බත් පාන් කෑමේ වැරැද්ද ගැන ලංකාවේ ආර්ථික සැලසුම්වලට බලපෑම ඒ කියන්නේ ආර්ථිකමය බලපෑම ගැන පෝස්ට් එකක් දාපන් ඔය බහුබූත දේශපාලන ව්‍යාපාර වල ඉන්න සත පහකට වැඩකට නැති කෝලම් නටන නාඩගම්කාරයෝ ගැන කාලය නාස්ති නොකර. පෝෂණ වේදය නිරෝගීව සිටීමට සහ දොස්තර ජානක වන්නකුගේ Wannaku මෙතඩ් එකේදී එහෙම කියවෙන සෞඛ්‍ය හේතු වෙනයි.

    නමුත් ලංකාවේ බත් ප්‍රධාන ආහාරය විදියට විශාල ප්‍රමාණයක් කෑමට ගැනීමට ජනතාව පුරුදුවීම, එක්සත් ජාතික පක්ෂය 1948 ඉඳන් රට
    සහලින් ස්වයංපෝෂණය කිරීම වගේ මිථ්‍යාවන් රටට බෝ කිරීම මත පක්ෂ විපක්ෂ සේරම එකතු වෙලා අධික ලෙස වී වගාවට රටේ භූමිය නාස්ති කරල, විදුලිය නිපදවන්න තියෙන වාරි වතුර ඒකට අරගෙන, රටේ සීමිත විදේශ විනිමය ඉන්ධන වලට පෝරවලට නාස්ති කරල ලාංකිකයන්ව කම්මැලි පිරිසක් කළා වී වගාව, ඊට අමතරව ආනයනික පාන් සහනාධාර වැඩපිළිවෙල යටතේ ලාබෙට කෑමේ කැත පුරුද්ද

    රටේ ආර්ථිකය කාබාසිනියා කරන දේවල් වුණු මේවයින් රටේම මිනිසුන්ගේ ජීවන තත්ත්ව අවුල් කරලා හදපු ගොවි ජනපද ව්‍යාපාරයේවත් වගාවෙන් ගොඩ ගිය කිසිම ගොවියෙක් නෑ, ගොඩ ගියේ හාල්මෝල් ව්‍යාපාරිකයෝ විතරයි!

    අන්තිමට කලේ මස් මාළු බිත්තර කන්න බැරි ගානට මිනිසුන්ව දුප්පත් කරපු එක විතරයි.

    ReplyDelete
  11. ලංකාවේ කුරුඳු කර්මාන්තයේ හෙට දවස ගැන කියන කොට ලෝක කුරුඳු වෙළඳපොළ පරිමාණය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 760 කි. එයින් 35% ක ප්‍රමාණයක් සපිරෙන්නේ "සැබෑ කුරුඳු -True Cinnamon" නොහොත් "ලංකා කුරුඳු -Ceylon cinnamon" ලෙසින් ලොව ජනප්‍රියව පවත්නා ලාංකීය කුරුඳු නිෂ්පාදනයෙනි. ඉතිරි 65% සපිරෙන්නේ මූලික වශයෙන්ම ඉන්දුනීසියානු Korintje, චීනය ප්‍රමුඛ නිෂ්පාදනයක් වන Cassia සහ Sigon කුරුඳු වලිනි.
    ලංකා කුරුඳු එහි පවතින සුවිශේෂී සුමුදු ගුණය නිසාම ඇත්තෙන්ම වසර සිය ගණනක් කිසිදු තරගකරුවකු නොමැති වෙලඳපොලක් අත්කරගත් නිෂ්පාදනයකි. අප වැනි රටකට තරගකාරී වෙළඳපොළ සමග ගැටීම ලෝක මට්ටමේදී ඉතා අපහසු කාර්යයකි. මූලික වශයෙන්ම ශ්‍රම වියදම අධික වීම, මහා පරිමාණ නිෂ්පාදනයන්ට යොමුවීම හරහා ලාභ ලැබීමට ඇති හැකියාවේ අවමකම ආදිය ඊට හේතු වේ. ශ්‍රම වියදම අධික වන්නේ රටේ මූලික අවශ්‍යතා තෘප්ත කරගැනීම උදෙසා වන වියදම අධික නිසා මිස ලංකාවේ කම්කරුවන් වැඩි පඩි ගෙන සුඛිත මුදිත ජීවිත ගෙවන නිසා නොවේ. එහෙයින් අපට ඒකාධිකාරය රඳවාගතහැකි නිෂ්පාදන කෙරෙහි අපේ සුවිශේෂී අවධානය යොමු විය යුතුය.
    අපේ ප්‍රමුඛම කුරුඳු ගැනුම්කරුවන් වන්නේ මෙක්සිකෝව සහ උතුරු අමෙරිකාවයි. ඊට අමතරව තුර්කිය, මැදපෙරදිග සහ යුරෝපීය රටවල් කිහිපයක්ද True cinnamon පාරිභෝගිකයෝ වෙති. ඔවුන් අපෙන් මිලදීගන්නේ සල්ෆර් ප්‍රතිකාරය කළ සහ නොකළ කුරුදු පොතු වශයෙනි. අපෙන් අගය එකතු කළ නිශ්පාදන මිළදීගන්නට ඔවුන් එතරම් රුචියක් නොදක්වන්නේ අප පිළිබඳ විශ්වාසය හීන වී ඇති බැවිනි. ආහාර, ඖෂධ, විලවුන්, ශරීර ශීතහාරක නිශ්පාදන ආදී විශාල පරාසයක අගය එකතුකල නිෂ්පාදන රැසක් සඳහා ඔවුහු කුරුඳු යොදාගනිති.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව වසර 2025 දක්වා සිදුකර ඇති ලෝක වෙළඳපොළ බහිර්නිවේශනයන් අනුව අපේ කුරුඳු සැපයුම ප්‍රමාණාත්මකව නොවෙනස් වුවද ඉන්දුනීසියානු සහ චීන කුරුඳු ක්‍රම ක්‍රමයෙන් අපේ වෙළඳපොළ ඩැහැගනිමින් සිටී. එයිනුත් Cassia කුරුඳු මේ වනවිට සීඝ්‍ර වෙළඳපොළ වර්ධනයක් පෙන්නුම් කරයි. ඔවුනට සමස්ත වෙළඳපොළ ආක්‍රමණය සඳහා ඇති එකම බාධාව වන්නේ අක්මාව ආශ්‍රිත පිළිකා සහ තවත් සංකූලතා තත්වයන් ඇතිකිරීමෙහි සමත් Coumarin සංඝටකය Cassia ප්‍රමුඛ අනෙකුත් කුරුඳු ප්‍රභේදයන්හි අධිකව අන්තර්ගතවනමුත් ලංකා කුරුඳුවල එය අවම මට්ටමකින් පවතින බව වෛද්‍යවිද්‍යානුකූලව තහවුරු වීමයි. එහෙයින් මේ වනතෙක් අපට ලෝක වෙලඳපොළෙහි ඒකාධිකාරයක් හිමිව පවතී. එවන් අවස්ථාවක් වෙනත් කිසිවකුටත් මෙතෙක් කල් හිමිව තුබුණේ නැත.
      එහෙත් අලුත් තත්වය වෙනස් ය. මැඩගස්කරය, සීෂෙල්ස් දූපත් ඇතුළු තවත් රටවල් කිහිපයක් මේ වනවිට "සැබෑ කුරුඳු" නිෂ්පාදනයට අවතීර්ණවීමට උත්සාහ කරමින් සිටිති. ලංකා කුරුඳු ඇටවලින් ඉපැද්දවූ වගාවන්ගෙන් "සැබෑ කුරුඳු" නිෂ්පාදනය සඳහා ලංකාවෙන්ම කුරුඳු තලන්නන් රැගෙන ගොස් පරීක්ෂණ පැවැත්වීමට ඔවුහු සමත්ව සිටිති. ඉදිරියට අපේ ඒකාධිකාරය ගිලිහෙන්නට ඇත්තේ ඉතා විශාල ඉඩකඩකි. උපායමාර්ගිකව කල්පනා කරන, ශක්තිමත් රජයන් අපට තුබුණානම් මේ මොහොතේ ඒ රටවල කුරුදු නිෂ්පාදනයන් වෙනුවෙන් අපේ ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කරන්නට අපට හැකියාව ලැබෙන හොඳම අවස්ථාව මේකය. එහෙත් අපි උඩ බලාගෙන සිටිමු.

      එපමණක් නොව, එබදු තත්වයකදී වෙළඳපොළෙහි බිංදුවටම ඇදවැටීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් අපි මේ වනවිට සපුරාගෙන ඇත්තෙමු. කුරුඳු තැලීම මේවනවිට මාෆියා කර්මාන්තයක් තත්වයට වැටී ඇත. තත්වයෙන් උසස් කුරුඳු සැපයීම වෙනුවට කුඩා ලාභය උදෙසා පාරිභෝගිකයින් රැවටීමේ අජූත මානසිකත්වය එහි ඔඩු දුවා ඇත. නිල් පට්ටා එකතු කිරීම, යකඩ ඇණ ආදිය යොදා බර වැඩිකිරීමට උත්සාහ කිරීම ආදිය මූලික ක්‍රියාවලියේදී සිදුකිරීම නිසා කුරුඳුවල තත්වය පහල වැටේ. ද්විතීයික සහ පැසුරුම් ක්‍රියාවලියේදී මේවා හසු නොවුණහොත් පාරිභෝගිකයාගේ ප්‍රතික්ෂේපකිරීමට අනිවාර්යයෙන්ම ලක්වේ. කුරුඳු වගාකරුවා පසුගිය කාලයේ ආණ්ඩු නැටූ පොහොර විගඩම් මැද අන්ත අසරණ තත්වයකට පත්වූ අතර කුරුඳු තැලීමේ මාෆියාවටද මුහුණදෙන්නට ඔහුට සිදුවේ. කුරුඳු තැලීමේ ක්‍රියාවලිය මේ වනතෙක් කිසිදු කාර්යක්ෂමතා සංවර්ධනයකට ලක් වී නැත. සාම්ප්‍රදායික අත් උපකරණ කිහිපයට අමතරව මීට වසර දෙක තුනකට පෙර කිසිවෙකු විසින් හදුන්වාදුන් පොතු බුරුල්කරන කුඩා යන්ත්‍රය හැරෙන්නට එය තවමත් සියවස් ගණනක් පුරා අලුත් නොවූ ක්‍රියාදාමයකි. මේ ක්‍රියාදාමය නිසා අපේ කුරුඳු අනවශ්‍ය තරම් අධික මිලකින් යුතුවීම අපේ කුරුඳු වෙළඳපොළ ප්‍රසාරණය නොවීමට එක් මූලික හේතුවකි. Alba වැනි මිලාධික කුරුඳු නිපදවීම වෙනුවෙන් මේ ක්‍රියාවලිය රැකගන්නා අතර විශාල විභවයක් සහිත මධ්‍ය මිල කාණ්ඩයේ නව කුරුඳු වෙළඳපොළ අවස්ථාව වෙනුවෙන් නව කාර්යක්ෂම ක්‍රියාමාර්ගයන් සොයාගැනීම අත්‍යවශ්‍යය.
      කුරුඳු අපනයනයත් මේ වනවිට සීමිත අපනයන කරුවන් පිරිසක් අත පවතින මාෆියාවකි. එහි භයානකම තත්වය වන්නේ මුදල් විශුද්ධිකරණයේ අයථා මාර්ගයක් ලෙසට මෙම ව්‍යාපාරය යොදාගන්නා බවටද සාක්ෂි පැවතීමයි. එයින් අපේ කුරුඳු ලෝක වෙළඳපොළේ ප්‍රතික්ෂෙප වීමත්, මිල අඩුවීම නිසා දේශීය නිශ්පාදකයා සහ අපනයනකරුවා කඩාවැටීමත් යන දෙකම එකවර සිදුවේ.
      නිසි නියාමනයත්, ආයෝජන අවස්ථා පුළුල් කිරීමත්, කර්මාන්තය පර්යේෂණ හරහා රටේ සුදුසු ප්‍රදේශ හදුනාගෙන ව්‍යාප්ත කිරීමත් යන රජයේ මූලික වගකීම් කුරුඳු කර්මාන්තයේදී කිසිසේත්ම ඉටුවන්නේ නැත. මේ තත්වය ඉදිරි වසර කිහිපය තුලත් මෙපරිද්දෙන්ම පැවතියහොත් ලංකාවේ කුරුඳු මියගිය කර්මාන්තයක් ලෙස සලකන්නට සිදුවන කාලය වැඩි ඈතක නොවේ. අපට අහිමිකල තවත් බොහෝ දේ මෙන්ම කුරුඳු ද අතීත ශ්‍රී විභූතියක් පමණක් බවට ඉතාමත් මෑත කාලයකදී පත්වනු ඇත.

      මේවා හෙණ ගහන අපරාධ ය.

      Delete
  12. බිග්මැච් සතුට ඔය කියන තරම් අහිංසක ද?

    බිග් මැච් කියන්නෙ අවුරුද්දකට සැරයක්... දවස් දෙක තුනක්... පරණ ඉස්කෝලෙ යාලුවො සෙට් වෙලා ඉස්කෝලෙ නමින් බොන්න දාගත්තු දවසක්... ග්‍රවුන්ඩ් එකක් බුක් කරගෙන කට්ටිය බොනවා...ඒ බොන කට්ටිය මැද්දෙ තව කට්ටියක් ක්‍රිකට් මැච් එකක් ගහනවා(බොන්නත් නිමිත්තක් තියෙන්න එපැයි) ...දැනටත් ඉස්කෝලෙ යන පොඩි එවුන් අපිත් කවදකහරි ලොකු උනාම මෙන්න මෙහෙම කරටි කැඩෙන්න ගහනවා කියලා එදාට අධිෂ්ඨාන කරගන්නවා ...මග නොමග පෙන්නන ගුත්තිලයෝ ටිකත් සිප්කිරි පෙවු මූසිලයෝ එක්ක සෙට් වෙලා ...හැමදාම මෙහෙම නෑනෙ කියලා ..කරට අතදාගෙන ලෙසටම ගහනවා... ඔය අතරේ ඉතිං පරණ වලි ඇදෙනවා...එවෙලෙ වලි හටගන්නවා...ඇඟෙ හැප්පුනත් කොක්කක් වැටෙන්න හේතු හැදෙනවා...මෙහෙම බලා ඉද්දි යායට සීයක් විතර එකෙක්ට පෙරලි පෙරලි ගහනවා.... ඔය වගේ ඒවත් වෙනවා...ඒක නිකං පාසල් මාතාවගෙ නමින් සෙට් වෙලා පාසැල් මාතාවටවත් කොන්ට්‍රෝල් නැති හැසිරීමක් පෙන්නන දරුවො ටිකකගෙ හමුවක් වගේ...මේ ඔක්කොම ඉතින් ආතල්...බොන එක ආතල්... නටන එක ආතල්... පරණ යාලුවෝ හම්බ වෙලා බදා වැළඳ ගන්න එක ආතල්..(වලි දාගන්න එක නම් ආතල් නෑ )....හැබැයි මේ බිග් මැච් විනෝදය යටින් තියන තව කතාවක් තියෙනවා ...
    බිග්මැච් බොහෝවිට ගහන්නෙ රටේ ලොකුම පිරිමි ඉස්කෝල...ඒවායේ බලය තියෙන්නෙ ඒ ඉස්කෝලවල ආදි ශිෂ්‍යයන්ට ...ඒ කියන්නෙ ලංකාවෙ ලොකුම පුටුවල ඉන්න වැඩිහිටි පිරිමි....රටේ හොඳට හෝ නරකට වැඩිම දායකත්වයක් දක්වපු පිරිස්... මේ රට බංකොලොත් නම් ඒ බංකොලොත් කමට වැඩියෙන්ම වගකියන්න ඕනෙ අය... මේ රට මාෆියා එකක් නම් ඒක රන් කරන අය...තව විදියකින් කිව්වොත් රටේ ලොකුම කෙරුම්කාරයෝ....රටේ උද්දච්චම පිරිස...එවැනි පිරිස් බිග්මැච් එකට සෙට් වෙන්නෙ අඩියක් ගහලා ආතල් එකක් ගන්න විතරක්ම නෙවෙයි ...රටේ ජනතාවගෙන් ගුටි කාපු පොලිස්පති එයාගෙ ඉස්කෝලෙ බිග්මැච් පැරඩ් එකේ ඉස්සරහින්ම යනවා...තාම එලියට බහින්න බැරි මහජන්තාවගෙන් හූ සංග්‍රහ ලබන ජනාධිපති එයාගෙ ඉස්කෝලෙ බිග්මැච් එකට ඇවිත් සින්දුත් කියනවා... රටේ ජනතාව ඉදිරියේ අනාරක්ෂිත එයාලා...එයාලගෙ ඉස්කෝල ඇතුළෙ ඇවිත් හැංගිලා ආරක්ශා වෙනවා...රටක් ඉස්සරහ ප්‍රතික්ශේප වන අය තමන්ගෙ ඉස්කෝලවලින් ඉහළින් පිළිගනු ලබනවා...ජනාධිපතිවරයා තමන්ගෙ බිග්මැච් එකට විතරක් නෙවෙයි අනුන්ගෙ බිග්මැච් අස්සටත් රිංගලා අතවනනවා...ඒ ඇයි?...හැම රටේ ඉස්කෝලයක්ම එයාට එයාගෙ වගේ දැනෙන හින්දා ද?.. එහෙනං අඬගහන්නකො ඔය පොඩි ඉස්කෝලෙක ස්පෝට්මීට් එකකට එයිද බලන්න...නෑ එයා එන්නෙ එයාගෙ බලය ගොඩනගන්න...ඉංග්‍රීසි ක්‍රිස්තියානි බලය වගේම සිංහල බෞද්ධ බලයත් ඕනෙ එයාට ...එයා ඉන්නෙ මින් පෙර කවදාවත් නොහිටපු දේශපාලන පිහිටුමක...මං දැක්කා ජුලියා චං පවා එක බිග්මැච් එකකට රිංගලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක නට නටා ඉන්නවා....ඇයි ඒ?... රාජ්‍ය උත්සවයක් ද ඒක.... පිටරටවල ඉඳන් ෆ්ලයිට් බුක්කරං පාසල් කොඩිදාගෙන එයා බස් ස්කූල් බස් කරගෙන එන්නෙ...හුදු පාසල් මාතාවට තියන ආදරය ගෞරවය හින්දා ම ද?....නැහැ..."අපි මෙහෙවු ඩයල්" කියලා ලෝකෙට පෙන්නන්න... බංකොලොත් රටක ඉඳන් ලොකු කම් පෙන්නන එක තරම් විහිලුවක් තව කොහෙද ?...
    ඔය බිග්මැච් උන්මාදයෙන් බාලිකා පැසල්වලට පනින එක තියෙනවා නේද ...මං දැක්කා සමහරු ඒවා "විනෝදෙට කරන කොලු වැඩ" කියලා සාධාරණිකරනය කරලා තිබ්බා...ඒ බාලිකා පාසල්වල ඉගෙන ගත්තු අයත් "අපිත් ආසයි ඒකට නම්" කියලා තිබ්බා...ඒක පැහැදිලියි ...ඒ වයසෙ කොල්ලො කෙල්ලො ඔය වගේ විසේකාර වැඩවලට කැමතියි ...නමුත් ඒක යට නැද්ද?....හුදු කොලු විසේකාරකමට එහා ගිය බලපුළුවන්කාරකමක් පෙන්වීමක්....ඕනම ඉස්කෝලෙක දරුවෙක්ට පුළුවන් ද එහෙම පනින්න?...ඇයි එතකොට බාලිකා පාසැල්වල කෙල්ලො ඒ විදියට පිරිමි ඉස්කෝලවලට පනින්නෙ නැත්තේ....?...
    බිග්මැච්වල ඒ ඒ පිරිමි පාසැල්වල වර්ණයෙන් සැරසුනු ගෑනු...ඕන තරම් දකින්න පුළුවන්.. ඒ එම ආදි ශිෂ්‍යන්ගෙ බිරින්දෑවරු, පෙම්වතියො, සහොදරියෝ, මිතුරියෝ, වෙන්න පුළුවන් ... සමහරවිට මුදල්ගෙවා ගෙන්වා ගත් නිරූපිකාවෝ වෙන්නත් පුළුවන් ...ඒත් මං දැකලා නෑ බාලිකා පාසල්වල උත්සවවල...එම බාලිකා පාසල් වර්ණයෙන් සැරසුනු පිරිමි ඉන්නවා ....රටේ කාන්තා ක්‍රිකටුත් හොඳට තියන එකේ බාලිකා පාසලුත් ගහන්නකො බිග් මැච්...නටවන්නකො පිරිමින්ව ගෙනත් ...ඇයි එහෙම නොකෙරෙන්නෙ?...
    නන්දා මාලිනි "පන්දුකෙලින කලට ඉහළ පසැල්වල අමනයන්" කියන්නෙ...මේ ප්‍රභූ බලපුළුවන්කාරකමට එල්ලවන විරෝධයක් හැටියට ...නමුත් මං ඒ හැඳින්වීමට කැමති නෑ...කෙනෙක් ඉහළ පාසලකට ගිය පලියට ක්‍රිකට් ගහපු පලියට ඒක අමනකමක් වෙන්නෙ නෑ...රට ගිනිගෙන නෙවෙයි ගිලා බැහැලා තිබ්බත් ...
    අනික නන්දා එතන අවංකත් නෑ කියලා මට හිතෙනවා... මම නන්දා ගැන දන්නෙ නෑ...එයාගෙ පරපුරේ අනිත් අය නම් හැමෝම වගේ තමන්ගෙ ළමයින්ව දාගන්න ට්‍රයි කරේ ඔය කියන ඉහළ පාසැල්වලට...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න